Thursday, April 1, 2010

අප්‍රේල් 1 වැනිදා


හැමෝටම සුභ උදෑසනක් වේවා. අද දවසේ උදේ පාන්දරම මට ආපු message එකක් නිසා තමයි උදේ පාන්දරම post එකක් දාන්න හිතුණේ. අපේ නංගි කෙනෙක් අද අප්‍රේල් 1 මෝඩයාගේ දිනය නිසා මට wish කරලා තිබුණා. මේක තමා ඒ ළමයා මට එවලා තිබුණු message එක.

You can fool some of the people all of the time,
All of the people some of the time...................
But you can't fool all of the people all of the time.

Now it it time to wish you.......
Many Happy Returns of the day and Happy Foolish Day !!!!

පස්සේ මම reply එකක් යැව්වා. මම යවපු message එකේ තිබ්බේ මෙන්න මෙහෙම දෙයක්

"වසරේ දින 365 න් තවත් එක් දවසක් මෝඩයාගේ දවස විදිහට අරන් මිනිස්සු ප්‍රීති වෙනවා කාව හරි මෝඩයෙක් කරලා. ඒත් සසරේ තවමත් සැරිසරන අපි එක් දිනක් පමණක් නොව සෑම දිනකම මෝහයෙන් වෙලිලා මෝඩයන් විදිහට කටයුතු කරන බව තේරුම් ගන්න නංගී."

තාම නම් මට reply එකක් ආවේ නැහැ. කෙල්ල හිතනවා ද දන්නේ නැහැ මට message එකක් එවලා කර ගත්ත මෝඩ වැඩක් කියලා :)

මේ අප්‍රේල් 1 මෝඩයාගේ දවස විදිහට සළකන්න පටන් අරන් තියෙන්නේ මට මතක විදිහට එංගලන්තේ හිටපු රජ කෙනෙක් කැලැන්ඩරය අප්‍රේල් මාසයෙන් පටන් ගත්ත ක්‍රමය වෙනස් කරලා ජනවාරි මාසයෙන් පටන් ගන්න විදිහට සකස් කරපු එකෙන්.

ඒක නිසා අවුරුද්දේ මුල්ම දවස වන ජනවාරි 1 වැනිදා උත්සව පවත්වන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා.

නමුත් ඒ ක්‍රමයට විරුද්ධ වුණු මිනිස්සු පරණ විදිහටම අප්‍රේල් 1 නව අවුරුද්ද සමරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අප්‍රේල් 1 නව වසර සමරපු අයට අනිත් මිනිස්සු අප්‍රේල් මෝඩයෝ විදිහට විහිළු කරලා අප්‍රේල් 1 මෝඩයාගේ දවස විදිහට නම් කරලා තියෙනවා.

ඉතින් අප්‍රේල් 1 මෝඩයාගේ දවස වුණු හැටි ගැන, අප්‍රේල් 1 වුණු වැඩ ගැන තියනවා නම් කියන්න. ඒ වගේම අර නංගිට මම යවපු message එක ගැන ඔබේ අදහස් කියන්න.

මෙන්න සංවාදයට ඉඩ

21 comments:

  1. නියම පිළිතුර තමයි දීලා තියෙන්නෙ. මුළු ජීවිතේම මෝඩ කමක් කියලා තේරුම් ගන්නෙ නැතුව අවුරුද්දකට එක දවසක් විතරක් කාව‍හරි මෝඩයට අන්දන එක තමයි ලොකුම මෝඩ කම.

    ReplyDelete
  2. ස්තුතියි චතුරංග. තාම මට ඒ නංගිගෙන් reply එකක් ආවේ නැහැ ආපු ගමන් ඒක ගැනත් කියන්නම් බලාපොරොත්තුවෙන් ඉන්න.

    ReplyDelete
  3. අනේ පව්.....
    නංගට ඔයා දීපු පිළිතුර සැර වැඩිනැද්ද යළුවා????

    ReplyDelete
  4. සැරත් ටිකක් වැඩි වගේ නේද ? හා පැටික්කි කියන කතාවෙත් ඇත්තක් තියනවා. අනිත් එක එයාගේ message එකේ මුල් ටිකේ ඇත්ත කතාවක්නේ තියෙන්නේ.

    ඔබට පුද්ගලයන් කීප දෙනෙක් සෑම විටම හෝ සෑම පුද්ගලයෙක්ම කීප වරක් මෝඩයන් කළ හැකිවුවත් සෑම විටම සෑම පුද්ගලයෙක්ම මෝඩයන් කළ නොහැක.

    තාම කිසිම reply එකක් ආවේ නැහැනේ. බලමුකෝ ඒ වෙලාවට එයා මොකක්ද කියන්නේ කියලා......

    ReplyDelete
  5. කෙල්ලට නිකන් මොංගල් උනා වගේද දන්නෑ :p

    ReplyDelete
  6. හා පැටික්කි comment කරලා තිබ්බ එකට මම කරපු comment එක නිසා මට තව ලස්සන කතාවක් මතක් වුණා. ඕන් කතාව.

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete
  7. ඒක තමයි ඉෂාන් මාත් බැළුවේ. තාම මට reply එකක්වත් ආවේ නැහැනේ.

    ReplyDelete
  8. දීල තියන උත්තරේ නම් මරු.............
    එපා වෙන්න ඇති..... හික් හික්
    මොනව වුනත් ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඔන නෑ කියනවනේ....

    ReplyDelete
  9. සන්දීපගෙ කතාව නම් ඇත්ත......ඒත් අරය පව් නෙ

    ReplyDelete
  10. අපි කියවනවට වඩා වේගෙන් ඔයා පෝස්ට් දානවනේ....

    නංග මොනව එවන්නද...... උදේම අනුන්ට සුභ පතන්න ගිහින් ඇදගෙන නෑව කියල හිතනව ඇති.....

    ReplyDelete
  11. මම නම් කියන්නෙ රිප්ලයි එක හොඳයි කියල. මමනම් අනෙක් අයව අන්දන්න යන්නෙ නෑ මේ දවසට. මොකද මමත් මෝඩ බව මම දන්න නිසා. ඒත් මේ මැසේජ් එකට වඩා මිනිස්සු අපහසුතාවයට පත්වන ලණු අ‍ප්‍රේල් පළවැනිදට සමහරු දෙනව. ඒ අතින් ඔයා වාසනාවන්තයි මැසේජ් එකක් විතරනෙ.

    ReplyDelete
  12. සංදීප, හසිත, හා පැටික්කි, Outsider ඔයාලා ඔක්කොම කියන කතා හරි. මට මතක් වුනු ඒ ජාතියේ කතාවක් මම දැම්මා ඔයාලත් ඒක කියවලා බලන්න.

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post.html

    මට ආවේ message එකක් විතරයි. ඊට වඩා දරුණු ලණු කොච්චර අද මිනිස්සුන්ට දෙනවා ඇත්ද ?

    කොහොම වුණත් ඔයාලත් කියන විදිහට ඒ ළමයට මාත් එක්ක ඌරු ජුවල් ද දන්නේ නැහැ. තාම reply එකක් ආවෙත් නැහැ නේ. කෝකටත් මම හැන්දෑ වෙලා call එකක් දීලා බලලා ඔයාලටත් කියන්නම්කෝ නංගි මොනවාද කිව්වේ කියලා.

    ඉතින් ඔයාලටත් මේ වගේ වැඩ අද වුණේ නැද්ද ?

    ReplyDelete
  13. මේ හා පැටික්කි මම ඉක්මනට comments දානවද ?

    ReplyDelete
  14. ඔයා අද දවසටම post කීයක් දෑවද බලන්න....???
    කැම්පස් එකේ වැඩ නැද්ද හැබෑටම...????
    සාමාන්ය දවසටත් ඔහොම post දාන එකේ ඔයා හොඳයි බ්ලොග් මැරතන් එකේ දුවන්න.... ඔයා කතා ටිකක් එකතු කරන් එදාට දුවන්න.....

    ReplyDelete
  15. හා පැටික්කිගේ අදහසත් කදිමයි. එදාට try කරලා බලන්න ඕනේ.

    මේ දවස්වල campus එකේ 1 sem එකේ exam තියලා නිවාඩු දීලා තියෙන්නේ. ආයි පටන් ගන්නේ අප්‍රේල් 26. එතකම් කරන වැඩවලින් එකක් තමා මේක.

    ReplyDelete
  16. නියම කතාවක් තියනවා. post එකක් ලියන්න තරම් නම් මදි. ඒකයි මෙහෙම කියන්නේ.

    අපේ යාළුවෙක් ඉන්නවා. එයාගේ උපන් දිනේ අද.

    ඉතින් අපි man ට wish කරලා party එක කවද්ද කියලා ඇහුවම man කියනවා. ඒක ඊයේ දුන්නා කියලා.

    පස්සේ ඒක අහලා අපේ යාළුවෙක් කිව්වා. අප්‍රේල් 1 උපන් එවුණුත් එදාට ඒක celebrate කරන්නේ නැතිව ඒක පස්සේ දවසක තමා celebrate කරන්නේ. ඒත් මේ මෝඩ වහන්සේ ඊට පහුවදා ඉපදිලත් ඒක අප්‍රේල් 1 celebrate කලේ අනිවා මූ නම් නියම මෝඩයෙක් කියලා........

    ඔහොම පොරවලුත් සමාජයේ ඉන්න ඕනෙනේ. එතකොටනේ fun එකක්වත් තියෙන්නේ කියලයි මට නම් හිතුණේ.

    ReplyDelete
  17. හිහි...ඕකට වඩා හොඳ ආතල් එකක් ඊයෙ දිවයින පත්තරෙන් දීල තිබ්බ...

    මෙන්න ඒ නිව්ස් එක : http://www.divaina.com/2010/04/01/news06.html

    මෙන්න එක බොරු කියල අද පත්තරේ තිබ්බ නිවැරදි කිරීම : http://www.divaina.com/2010/04/02/news08.html

    ReplyDelete
  18. එව්වත් එක්ක බලද්දී මෙව්වත් වැඩ ද කියලා හිතෙනවා :) :) :)

    ReplyDelete
  19. නියමයි සහෝදරයා,
    මම ඔක්කොම කියෙව්ව.
    මගේ සුභ පැතුම්......සනත් ඒකනායක

    ReplyDelete
  20. @SANATH

    ස්තුතියි අයියා කරපු දිරිමත් කිරීමට. මේ දවස් ටිකේ එක්සෑම් නිසා මොකුත් ලිව්වේ නැහැ. හෙට ඉදන් ආයි වැඩ පටන් ගන්න ඉන්නේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................