අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.
කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයිති දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේත්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේත් ආදි කර්තෲවරයා වගේම පළමු මහානායක හිමියන් වුණෙත් උන්වහන්සේ නිසා. දැන් තව ගැටලුවක් ඇති කොහොමද නිකාය දෙකක මහානායක ධූරය එක හාමුදුරු නමක් දැරුවේ කියලා. ඒ ගැනත් කියන්නම්කෝ.
ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ.
ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ.
1758 මාතර කපුගම දිනෙස් ද සිල්වා සහ ජයසිංහ කළුහාමි දෙපළට දාව ඉපදුණු නන්දෝරිස් නම් පුත්‍රයා කුඩා කාලයේ ඉදන්ම බුදු දහම ඇල්මක් දක්වනවා වගේම ගාථා පිරිත් ආදිය කියන්නත් සුවිශේෂී දක්ෂකමක් දක්වනවා. ඒ කාලයේ මහබද්දේ මුදලි ධූරය දරපු දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමා දවසක් ඒ ප්‍රදේශයෙන් ගමන් කරද්දී නන්දෝරිස් දරුවාගේ මේ දක්ෂකම් දැකලා පැවිදි කරන්න සුදුසු දරුවෙක් කියලා තේරුම් ගන්නවා.
ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.
ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.
උපසම්පදාවට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගැනීමෙන් පස්සේ දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොටගමුව විජයබාහු පිරිවෙනේ සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයේදී කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ වගේම තවත් සාමණේර හිමිවරුන් කීප නමක්ම උපසම්පදාව ලබාගන්නවා.
ඒත් ටික කලකින් ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳ ගැටලු ඇතිවුණු නිසා නැවත වතාවක් ඉන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1798 දී තංගල්ලේ දී සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයකදී නැවත වතාවක් කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ උපසම්පදාව ලබා ගන්නවා.
ඊට පස්සේ කොග්ගල ඔයේ සහ රත්ගම ප්‍රදේශයේ පිහිටා තිබුණු උදකුක්ඛේප සීමාවන්වලදී කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම කුලයකටම අයිති සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදෙන්න කටයුතු සිද්ධ වෙනවා. මේ කාලයේදී ධම්මක්ඛන්ධ හිමියන්ට දඩල්ලේ වාළුකාරාමයේ විහාරාධිපති ධූරය වගේම 1804 දී සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරය හොබවපු මිදිගම ධම්මානන්ද මහානායක හිමියන්ගේ කැමැත්ත මත සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරයත් හිමිවෙනවා.
මේ කාලවකවානුවේදී ගොවිගම කුලයේ සාමණේරවරුන්ට පමණක් උපසම්පදාව ලබාදෙමින් සියම් නිකාය ගෙනගිය වැඩපිළිවෙල වගේම උඩරට පහතරට භේදයක් පවා ඇති කරමින් සඟ සසුනේ ඇතිවුණු මතභේද හේතු කරගෙන තමන්ට අහිමි වුණු උපසම්පදාව බුරුමයෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වැලිතර ඤාණවිමලතිස්ස හිමියන් ඇතුළු භික්ෂු කණ්ඩායමක් බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරලා එහි වැඩ වාසය කරපු සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන ලංකාවට වැඩම කරවලා 1803 මැයි 15 බලපිටියේ මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා මංගල්‍යයක් පවත්වලා ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කරනවා. මේ නිසා උන්වහන්සේට බුරුමයෙන් මහාධම්ම රාජාධිරාජගුරු ගෞරව නාමය හිමිවෙනවා වගේම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෲ වශයෙන් පිළිගැනෙන්නේත් උන්වහන්සේ.
මේ උපසම්පදා මංගල්‍යය ගැන ආරංචි වීමත් එක්ක බුරුමයට වැඩම කරලා පිරිසිදු උපසම්පදාව ලබාගැනීමේ ආශාව ධම්මක්ඛන්ධ නාහිමියටත් ඇතිවෙනවා. මේ නිසා ධම්මක්ඛන්ධ නාහිමියෝ දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිගේ සහයෝගය ලබාගෙන තවත් හය දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ 1808 දී ගාල්ලෙන් පිටත් වෙලා බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරනවා. උන්වහන්සේ ඇතුළු කණ්ඩාම ශ්වේතහස්ති ස්වාමි වූ පණ්ඩිත මහාධම්මරාජාධිරාජයා විසින් ගෞරවයෙන් පිළි අරගෙන අශෝකාරාම මහා විහාරයේ වැඩ වාසය කළ ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් සමීපයට වැඩම කරවනවා.
ලාංකීය භික්ෂු පිරිස උපසම්පදාවේ පිහිටවන්න කියලා රජතුමා කරපු ආරාධනය පිළිගත්තු සංඝරාජ හිමියෝ 1809 දී ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රධාන භික්ෂු පිරිසට උපසම්පදාව ලබාදෙනවා. ඒ වගේමයි කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ට සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු ගෞරව නාමයත් සංඝනායක පදවියකුත් ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් පිරිනමනවා. 1810 දී ආපසු මේ ලාංකීය භික්ෂු පිරිස ලංකාවට වැඩම කරවනවා.
1811 දී ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් එවනු ලැබූ සංදේශයකින් ධම්මක්ඛන්ධ හිමියන්ට සංඝරාජ පදවියකුත් පිරිනැමෙනවා. මේ පිළිබඳව කන්ද උඩරට රාජ්‍ය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දන්වන්න නොහැකි වුණු නිසා මේ සංදේශය ඉංග්‍රිසී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත් එක්ක කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ව අමරපුර නිකායේ ප්‍රථම මහානායක හිමිපාණන් වශයෙන් 1814 ජනවාරි 4 වෙනිදා පත් කෙරෙනවා.
1812 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ දඩල්ලේ වාළුකාරාමයේ මහා මංගල ඛණ්ඩ සීමාව නමින් සීමාවක් සම්මත කරපු ධම්මක්ඛන්ධ මාහිමියෝ අමරපුරයෙන් රැගෙන ආපු උපසම්පදාව තවදුරටත් පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. මේ වෙද්දී වැලිතර ඤාණවිමලතිස්ස මහානායක හිමියන් විසින් ලංකා අමරපුර නිකාය ආරම්භ කරලා තිබුණු නිසා ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇතිවුණු භික්ෂු පිරිස දඩල්ල විහාරය මුල් කොටගෙන කටයුතු කිරීම නිසා දඩලු පාර්ශවය එහෙමත් නැත්නම් දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය නමින් හඳුන්වනවා.
දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය මේ විදිහට වර්ධනය වෙමින් පවතිද්දී 1845 වුණු සිදුවීමක් පාදක කොටගෙන තමා නිකාය භේදයක් හටගන්නේ. බලපිටියේ මාදු ගඟේ ඉදි කරපු උදකුක්ඛේප සීමා මාලකයේදී තමා මේ නිකායේ උපසම්පදා ඇතුළු විනය කර්ම සිදු කරලා තියෙන්නේ.
ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි.
ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි.
1851 දී මේ ගැන අදහස් දක්වපු ලංකාගොඩ ධීරානන්ද හිමියන් ප්‍රකාශ කරනවා සීමා මාලකය වටා ජලය වීසි කරද්දී ඒවා ලී පාලමේ වැදුණු නිසා සීමා මාලකය ගොඩබිමත් එක්ක සම්බන්ධ වීම හේතුවෙන් 1845 සිදු කෙරුණු උපසම්පදා නිවැරදි නැහැ කියලා. මේ නිසා 1845 උපසම්පදා වූ අය නැවත උපසම්පදා කළයුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ නිසා උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ තත්වයේ හිටිය අය කණිෂ්ඨ වුණා විතරක් නෙමේ එතෙක් ඒ හිමිවරුන්ට වන්දනා කරපු කණිෂ්ඨ උපසම්පදා හිමිවරුන් මේ තත්වය යටතේ ජ්‍යෙෂ්ඨ වෙන නිසා ඔවුන්ට වන්දනා කරන්නටත් බල කෙරුණා.
සීමා සංකරවාදය නමින් මේ පිළිබඳව නොයෙක් වාද විවාද වසර ගණනාවක් පැවතුණා. අවසානයේදී ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ අදහස් පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනම පාර්ශවයක් වශයෙන් දඩලු පාර්ශවයෙන් බෙදී ගියා. ඒ පාර්ශවයේ අභිනව මහානායක හිමියන් විදිහට සිරි සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාගුරු ගණාචරිය කියන ගෞරව නාමය
සහිතව ලංකාගොඩ ධීරානන්ද හිමියන්ව 1865 දී පත් කරගනු ලැබුවා.
ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.
ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මාදු ගඟේ පිහිටි ශ්වේජින් සීමා මාලකය
නැවතත් පළමු කතාවට ආවොත් විශාල ශාසනික සේවාවක් සිදු කරන්න පුරෝගාමී වුණු සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ පසු කාලයේදී උපැවිදි වුණු බව තමා කියවෙන්නේ. මේකට හේතු වුණු කාරණා සම්බන්ධව සළකලා බැලුවොත් ඒ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි වෙස්ලියන් නිකායේ පූජකවරුන්ගේ බලපෑම තමා මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ.
ධම්මක්ඛන්ධ හිමියන් සමඟ දිගු කාලයක පටන් වෙස්ලියන් නිකායේ පූජකයෙක් වුණු කාටර් පියතුමා සමීප ඇසුරක් පවත්වලා තියෙනවා. ඒ නිසා එවකට යටත් විජිතය තුළ ප්‍රධාන දේවගැතියා වශයෙන් කටයුතු කරපු ජෝර්ජ් බිසෙට් පියතුමා සමඟත් සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා.
මේ සබඳතාත් එක්ක ධම්මක්ඛන්ධ හිමියන් සහ පූජකවරු දෙපළ අතර ආගම සම්බන්ධ වාද විවාද ඇතිවුණු බව කියවෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන් උපැවිදි වීම සහ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීම. මේ අවස්ථාවේදී තමන්ට හීරළුවා කියන නම භාවිතා වෙයි කියන බය උන්වහන්සේට ඇතිවුණු බව කියවෙනවා. මේ නිසා වෙස්ලියන් පූජකවරුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබාදෙන්නත් අවශ්‍ය කටයුතු සලසනවා. [මේ ජෝර්ජ් බිසෙට් පියතුමාගේ මස්සිනා කෙනෙක් තමා එවකට ඉංග්‍රීසී ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්] ඒ අනුව උන්වහන්සේ උපැවිදි වීමෙන් නන්දෝරිස් යන පෙර නමම භාවිතයට ගන්නවා.
1816 ජූනි 16 වෙනිදා කොළඹ කොටුවේ පිහිටි වෙස්ලියන් දේවස්ථානයේ පැවති නන්දෝරිස්ගේ බෞතිස්මයට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, අග විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වෙනවා. නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව ක්‍රිස්තියානි කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා මූලිකව කටයුතු කරපු නිසා. ඉංග්‍රීසි ආණ්ඩුවේ වැලිසර සහ මෝදර ප්‍රදේශවල මුදලි තනතුර නන්දෝරිස්ට හිමිවීමත් සමඟ ඔහුව කොළඹ ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේ නමින් හඳුන්වපු බවත් කියවෙනවා.
1818 කැරැල්ල වකවානුවේදී ඔහු කුරුණෑගල රජයේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරනවා වගේම කැරැල්ල මැඩපවත්වන්නත් සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. එහිදී කැරැල්ල අසාර්ථක වීමත් එක්ක සැඟවිලා හිටිය පිළිමතලව්වේ [කණිෂ්ඨ] නිළමේව අල්ලා ගන්නත් දායකත්වයක් දුන් බව සඳහන් වෙනවා.
ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේගේ අවසානය පිළිබඳව තොරතුරු නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසාම මේ සම්බන්ධව තව දුරටත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මේ ගැන තවත් දන්න කියන අය ඉන්නවා නම් ඒ වැඩේ පහසු වේව්.
කරුණු සොයාගන්න පාදක කරගත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු බුද්ධවංසය සාසනවංසය අමරපුරවංසය කෘතියත්, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය රචනා කළ දෙවුන්දර ඉතිහාසය කෘතිය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාවේ XXVIII කලාපය සඳහා කේ.ඩී. පරණවිතානයන් ලියපු Scholar Monks of the Nineteenth Centuary and the Tragic Transformation of the High Priest Ven. Kapugama DhammankkandA Thero ලිපිය සහ අන්තර්ජාලයේ කරුණු කීපයක්.
අවසානයට දක්වපු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපිය හොයලා දීපු ශානක ඉරෝෂන පීරිස් අයියාට විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි :)
ප.ලි. : මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ :D
.jpg)


