ගුරු ගෝබින්ද් සිං
සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා.
මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???
ගුරු අංගද් දේව්
ගුරු තනතුර පරම්පරාවට යයි
අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි
තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි
මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.
කුඩා කාලයේ ඉදන්ම ඔහු යුධ ශිල්පය මැනවින් හැදෑරුවා වගේම ගුරු මුඛී, හින්දි, සංස්කෘත, පර්සියන් භාෂාවල ප්‍රවීණයෙක් වුණා. මුල් කාලීනව ගුරු ගෝබින්ද් රායි මුස්ලිම් නායකයන් කීප දෙනෙක් සමඟ සිදු කරපු යුද්ධ කීපයක්ම සාර්ථක වුණා. මෙවැන් තත්වයක් එක්ක ගුරු ගෝබින්ද් රායිගේ ක්‍රියාකාරකම් තමන්ට තර්ජනයක් බව විශ්වාස කරපු මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් පිටත් කරපු සේනා කීපයක් විනාශ කරන්නත් ගුරු ගෝබින්ද් රායි සමත් වෙනවා.
1699 දී තමන්ගේ අනුගාමිකයන්ට "හුක්මානමස්" හෙවත් අධිකාරී ලියුමක් පිටත් කරන ගුරු ගෝබින්ද් රායි 1699 අප්‍රේල් 13 ආනන්ද්පූර්හි පැවැත්වෙන සමුළුව සඳහා පැමිණෙන්න අණ කරනවා.
කෙස්ගාර්හ් සහීබ්
ආනන්ද්පූර්හි තිබුණු කුඩා කඳු ගැටයක තනපු කූඩාරමක ඉදන් ගුරු ගෝබින්ද් රායි තමන්ගේ පිරිස අමතනවා. [මේ කඳු ගැටය දැන් හඳුන්වන්නේ "කෙස්ගාර්හ් සහීබ්" නමින්] ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියලා ඔහු කියනවා.
තුන් වරක්ම ඒ ප්‍රකාශය කරද්දී දයා රාම් කියන අනුගාමිකයා ඉදිරියට එනවා. එයාව තමන් හිටිය කූඩාරමට කැඳවාගෙන යන ගුරු ගෝබින්ද් ටික වෙලාවකින් ලේ තැවරුණු කඩුව අතේ තියාගෙන ඇවිත් නැවතත් ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියනවා. ඒ අවස්ථාවේත් එක් අයෙක් ඉදිරිපත් වෙනවා. ඔහුවත් ගුරු ගෝබින්ද් කූඩාරමට කැඳවාගෙන යනවා.
මේ සිදුවීම තවත් තුන් පාරක්ම වෙනවා.අවසානයේදී ඒ පස් දෙනාම කිසිම හානියක් නැතිව අලුත් ඇඳුම් ඇඳගෙන කූඩාරමෙන් එළියට එනවා.

ඛල්සා චාරිත්‍රය ඉටු කරන ගුරු ගෝබින්ද්
පස්සේ ගලා ගෙන එන වතුර යකඩ බඳුනකට එකතු කරපු ගුරු ගෝබින්ද් ඒ වතුරට "පටශස්" හෙවත් පංජාබයේ තිබෙන රස ගන්වන දේවල් දමලා ආදි ග්‍රන්ථ්හි තිබෙන ගීත ගායනා කරමින් ඔහුගේ කඩුවෙන් කලතනවා.
රස ගැන්වූ වතුර සහ යකඩ ඇතුලත් මේ දියරය "අම්රිත්" හෙවත් අමෘතය විදිහට ගුරු ගෝබින්ද් හඳුන්වනවා. ඒ අම්රිත් ජලය තමන්ගේ අසිපතෙන් ගුරු වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණු ගෝලයන් පස් දෙනාට ඉසලා ඔවුන්ව බෞතිස්ම කරනවා. ඔවුන්ව "පාන්ච් පියාරා" හෙවත් ආදරණීය පස් දෙනා යනුවෙන් ගුරු ගෝබින්ද් හඳුන්වනවා.
ඛල්සාව සහ ජයග්‍රහණය දෙවියන්ට හිමියි කියලා ප්‍රකාශ කරන ගුරු ගෝබින්ද් බෞතිස්ම වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා "ඛල්සා" හෙවත් පාරිශුද්ධ අය විදිහට හඳුන්වනවා. ඔවුන්ගේ නමේ අගට "සිං" හෙවත් සිංහයා කියන යෙදුමත් ඛල්සාවට ඇතුළත් කෙරුණු කාන්තාවන් සඳහා "කවුර්" හෙවත් කුමාරි කියන කොටස නමේ අගට යොදන්න කියලා උපදෙස් දෙනවා.
පාන්ච් පියාරා සඳහා ඇතුළත් වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා වුණේ බායි දයා සිං, බායි ධරම් සිං, බායි හිම්මත් සිං, බායි මොහ්කම් සිං සහ බායි සහීබ් සිං.

ගුරු ගෝබින්ද් ඛල්සාවට ඇතුළත් වීම
මීළඟට ප්‍රධාන ගෝලයන් පස් දෙනා ඉදිරියේ දණ ගහපු ගුරු ගෝබින්ද් තමන්වත් ඛල්සාවට ඇතුළත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහුවත් අම් රිත්වලින් බෞතිස්ම කළාට පස්සේ ඔහුත් ඛල්සාවට ඇතුළත් වෙනවා වගේම එතැන් පටන් ඔහුව "ගුරු ගෝබින්ද් සිං" නමින් හඳුන්වනවා. මේ ඛල්සා සහෝදරත්වයේ පියා විදිහට සීක්වරුන් හඳුන්වන්නේ ගුරු ගෝබින්ද් සිංව.
සභාව අමතන ගුරු ගෝබින්ද් සිං ප්‍රකාශ කරනවා මෙතැන් පටන් සියලු දෙනාම ජාති, කුල භේද නැති බවත් හින්දි හෝ මුස්ලිම් නමින් භේදයක් නැති බවත්, එකම සර්වබලධාරී දෙවියන් කෙරෙහි විශ්වාස තැබිය යුතු බවත්, සියලු දෙනාම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බවත්. ඒ වගේම "ක" 5 ක් නම් කරලා හැමවිටම ඒවා පළඳින්න, පවත්වාගන්න කියලා නියම කරනවා.
කංග, කර, ක්‍රිපන්
කචෙරා
"ක" පත තමා මේවා. කේශ් - නොකපන ලද හිස කෙස්, කංග - ලී පනාව, කර - ලෝහ වළල්ල, කචෙරා - දිග යට ඇඳුම, ක්‍රිපන් - තියුණු වකුටු වුණු කඩුව
මේ හැරෙන්න කුරෙහ්ට් 4 ක් හෙවත් නොකළ යුතු දේවල් හඳුන්වා දෙනවා. ඒවා වන්නේ හිස කෙස් කැපීම, කුතා [තහනම් කළ] මාංශ අනුභව කිරීම, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය, පරදාර සේවනයයි.
මේ හැරෙන්න නොකපන ලද දිගු හිසකෙස් "දාස්තාර්" යනුවෙන් හැඳින්වෙන ජටාවෙන් ආවරණය කිරීමටත්, ප්‍රතිමා වන්දනාව නොකිරීමටත්, තමන්ගේ භක්තිය හා ආත්ම ගෞරවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සටන් කරන්න සූදානමින් ඉන්න කියලාත් උපදෙස් දෙනවා.
මේ ආකාරයෙන් සීක්වරුන්ගේ අනාගතය වෙනුවෙන් පදනම දමපු මේ සමුළුව හඳුන්වන්නේ "වයිසාඛි අම්රිත් සංස්කාර්" යන නමින්.
සීක්වරුන්ව ශක්තිමත් කරමින් ගුරු ගෝබින්ද් සිංගේ නැගී ඒම හිමාල කඳුවැටියේ සිවාලික් ප්‍රදේශයේ හිටිය මහාරාජාවරුන්ට ප්‍රිය වුණේ නැහැ. ඒක නිසා කිහිප වතාවක් අහඹු ලෙස සීක්වරුන්ට පහර දුන්නත් ගුරු ගෝබින්ද් සිංගේ දක්ෂතාවය නිසා ඒවා ව්‍යර්ථ කරන්න පුලුවන් වෙනවා.
මේක නිසා මෝගල් ආධාර ලබාගෙන ගුරු ගෝබින්ද් සිංව පරාජය කරන්න කඳුකර මහාරාජාවරුන් සැලසුම් කළත් 1701 සිදුවුනු පළමු ආනන්ද්පූර් සටනෙන් මේ ඒකාබද්ධ හමුදාව පරාජය කරන්න සීක්වරුන්ට හැකිවෙනවා.

යුධ වදින ගුරු ගෝබින්ද් සිං
නැවත වරක් ඒකාබද්ධ පෙරමුණක් හදාගත්තු කඳුකර මහාරාජාවරු ගුරු ගෝබින්ද් සමඟ සටනට එළඹියා. එහිදී ගුරුට ලිපියක් යවමින් ඔවුන් දන්වන්නේ ගුරු වෙසෙන ආනන්ද්පූර් ප්‍රදේශය කඳුකර මහාරාජා කෙනෙක් වුණු අජ්මර් චාන්ද්ට අයත් බවත් ඒ වෙනුවෙන් මෙතෙක් නොගෙවපු බදු මුදල් ගෙවලා ආනන්ද්පූර් ප්‍රදේශය නැවත බාර දෙන්න කියලා.
ඒත් ගුරු ගෝබින්ද් සිං පිළිතුරු දෙමින් කියන්නේ තමන්ගේ පියා වුණු ගුරු තේඝ් බහදූර් මේ ප්‍රදේශය සම්පූර්ණ මිළ ගෙවලා මිළට ගත්තා කියන එක. ඊට පස්සේ සිදුවුණු දෙවෙනි ආනන්ද්පූර් සටනිනුත් කඳුකර මහාරාජාවරුන්ට සිද්ධ වෙන්නේ සුපුරුදු පරිදි පසු බසින්න.

මේ නිසා ගුරු ගෝබින්ද් සිං සමඟ සමඟි ගිවිසුමකට එළඹෙන කඳුකර මහාරාජාවරු ඒ අනුව ගුරුට ආනන්ද්පූර්වලින් ඉවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පිළිගත්තු ගුරු ගෝබින්ද් සිං නිර්මොහ් ගම බලා පිටත් වෙනවා.
එතරම් සුරක්ෂිත නොවුණු මේ ගමේ ඉන්න ගුරුට පහර දෙන්න කඳුකර මහාරාජාවරු දෙන්නෙ කටයුතු කළත් ගුරුව පරදවන්න ඔවුන්ට හැකිවෙන්නේ නැහැ. මේ අතරවාරයේ තවත් කඳුකර මහාරාජාවරයෙක් සිර්හින්ද්වල හිටිය මෝගල් විසුරේවරයාගෙන් ආධාර ලබාගෙන ගුරුට පහර දෙනවා. මේ නිසා බසෝලි ගමට පසුබසින්න ගුරු ගෝබින්ද් සිංට සිදු වෙනවා.

ටික දවසකට පස්සේ ගුරු ගෝබින්ද් සිං නැවත ආනන්ද්පූර් බලා යාමත් එක්ක ප්‍රාදේශීය මහාරාජාවරු කීප දෙනෙක්ම ගුරු සමඟ සමඟියෙන් ඉන්න තීරණය කරනවා. ඒ කොහොම වුණත් 1703-1704 කාලයේ නැවත වරක් කඳුකර මහාරාජාවරුන්ගේ මෙහෙයවීමෙන් වුණු තුන්වෙනි ආනන්ද්පූර් සටනිනුත් ජයගන්න ගුරු ගෝබින්ද් සිං සමත් වෙනවා.
මේ පරාජයන් කිසිවකින් පසුබට නොවුණු කඳුකර මහාරාජාවරුන් නැවත වරක් මෝගල් අධිරාජයාගේ ආධාර ඇතිව ආනන්ද්පූර්වලට පහර දීමක් දියත් කරනවා. ඒ කාල සීමාවේදී සීක්වරුන් අස්වනු නෙළීමේ කටයුතුවල යෙදී හිටිය නිසා මේ ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න අපහසු වෙනවා. ඒක නිසා ගුරු ගෝබින්ද් සිං තීරණය කරනවා ආනන්ද්පූර් අතහැර පසු බසින්න.
ආනන්ද්පූර්වලට කඩා වැදුණු සතුරු හමුදාව නගරය කොල්ල කාලා නැවත වරක් සිර්හින්දි බලා යද්දී පුදුම සහගත පහර දීමක් සිදු කරලා කොල්ල කාපු දේවල් නැවත ලබාගන්න ගුරුගේ හමුදාව සමත් වෙනවා. මේ නිසා නැවත වරක් ආනන්ද්පූර් වෙත ගුරු ගෝබින්ද් සිං පිටත් වෙනවා.

කොහොම නමුත් මේ පිරිස නැවත වරක් සාර්ථකව ප්‍රහාරයක් දියත් කරලා ආනන්ද්පූර් වටලාගන්න සමත් වෙනවා. ගුරු ගෝබින්ද් මේ අවස්ථාවේදී සිරවෙලා හිටියේ. ඒ තත්වයත් එක්ක ආනන්ද්පූර් අතහැර යෑමේ අවස්ථාවක් කඳුකර මහාරාජාවරුන් ගුරුට ලබාදෙනවා. අනුගාමිකයන්ගේ ඉල්ලීමෙන් ඒක පිළිගත්තු ගුරු මුලින් හිස් ගැල් කීපයක් පිටත් කරනවා.
ඒවාට සතුරු ප්‍රහාර එල්ලවීමත් එක්ක ආනන්ද්පූර් අත්හැර යෑම ගුරු ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඊට පසුව කුරාණයේ නාමයෙන් කිසිදු හිරිහැරයකින් තොරව ගුරු ඇතුලු පිරිසට ආනන්ද්පූර් අතහැර යාමට ඉඩ දෙනවා කියලා මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවීමෙන් නැවත වරක් ගුරු ආනන්ද්පූර් අත හැර යන්න තීරණය කරනවා.
ආනන්ද්පූර් අතහැර යන ගුරු ගෝබින්ද් සිං ඇතුළු පිරිසට නැවත වරක් ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ගුරුගේ පිරිස විසිරෙනවා. ඒ අතරවාරයේ සිර්සා ගඟ තරණය කරන්න ගුරුගේ පිරිසට සිදු වෙනවා.
මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.
මේ ආකාරයෙන් ගුරුගේ බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.
මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.
සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.
ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.
මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.
ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.
ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.
මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.
1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.
එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.
මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.
ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.
මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.
සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.
ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.
කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.
මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.
ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.
දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.
ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.
ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.
ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.
18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.
පසුව සීක් අධිරාජ්‍යයක් පිහිටවලා එහි අධිරාජයා බවට පත්වන්නත් රංජිත් සිං සමත් වෙනවා. නමුත් ඉංග්‍රීසීන්ගේ උපායශීලී ක්‍රියාකාරකම් නිසා රංජිත් සිංගේ ඇවෑමෙන් සීක් ප්‍රදේශත් ක්‍රමයෙන් ඉංග්‍රීසි ආදිපත්‍යයට ලක් වෙනවා.
එහෙම නම් දවස් ගාණක් තිස්සේ කියපු සීක්වරුන්ගේ කතන්දරේ නිමා වෙනවා. රැඳී සිටි, ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තුතියි
මේ සටහන ලියන්න පාදක කරගත්තේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ප.ලි.: ඊළඟට කියන්න හිතාගෙන ඉන්නේ අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටහ

ගුරු ගෝබින්ද් සිං සිර්සා ගඟ තරණය කිරීම
මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.
ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර
මේ ආකාරයෙන් ගුරුගේ බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.
මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.
චම්කවූර් සටනේ සිටින ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා
සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.
බාබා සංගත් සිං ගුරු ලෙසට පෙනි සිටීම
ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.
මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.
ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.
ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.
මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.
බහදූර් ෂා සහ ගුරු ගෝබින්ද් සිං අතර වුණු හමුව
1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.
එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.
මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.
ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා ලෙසට පත් කිරීම
ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.
මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.
සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.
ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.
ගුරු ගෝබින්ද් සිං විසින් ආදි ග්‍රන්ථ් මීළඟ ගුරු බවට පත් කිරීම
කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.
ගුරු ගෝබින්ද් සිං සහ පුතුන් සිව් දෙනා
මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.
ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.
තක්ත් ශ්‍රී හසූර් සහීබ්
දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.
බන්දා සිං විසින් වසීර් ඛාන්ව මරා දැමීම
ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.
බහදූර් ෂා
ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.
ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.
18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.
රංජිත් සිං

.jpg)