Sunday, February 27, 2011

අවුරුද්දකුත් වුණා එහෙමනම් - 1st Anniversary


ආගිය කතාවට
අදට අවුරුද්දයි

හයිය දුන් ඔබ සැමට
මගේ ස්තුතිය


ප.ලි. : ආගිය කතාවේ අවුරුද්දක ගමන් මග ඇතුළේ වුණු හොඳ හොඳ කතා 100 වැනි post එකත් එක්ක බලාපොරොත්තු වෙන්න

Sunday, February 20, 2011

හෙලෝ........... තාත්තාගේ කතා


අපේ තාත්තාගේ කතා දෙක තුනක් මම කලිනුත් කියලා ඇති.මොකද අපේ තාත්තා ගාවත් හොඳ හොඳ කතා තියෙනවා. මේක තමා අලුත්ම කතාව.

මේක වෙලාත් පැය දෙක තුනකට වැඩිය නැහැ. තාත්තාගේ hand phone එකට call එකක් ආවා. ඒකට තාත්තා උත්තර දෙනවාත් ඇහුණා. පස්සේ තාත්තා කතාව අපිත් එක්ක කිව්වා. මේක තමා තාත්තයි තාත්තට call එක ගත්තු කෙනයි අතර ඇතිවුණු කතා බව

තාත්තා : හෙලෝ

අනිත් කෙනා : මේ කොහෙන්ද කතා කරන්නේ ?

තාත්තා : මේ කටින් කතා කරන්නේ :))

අනිත් කෙනා : හරි හරි ඔයා කොහෙද ? [හිනාවකුත් එක්ක]

තාත්තා : බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාපේ උතුර ග්‍රාම සේවා වසමෙන්

අනිත් කෙනා : ඔයා කවුද ?

තාත්තා : මම ගාමිණි ගුණසිංහ

අනිත් කෙනා : ආහ් Sorry, wrong number එකක්


අවවාදයයි : ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැතිව call එක ගන්න මනුස්සය තමන් කවුද කියලා කතා කරලා විස්තරේ කිව්වා නම් ඉවරයිනේ කියලයි මට හිතුණේ. එතකොට මේ වගේ චාටර් සීන් වෙන්නේ නැහැනේ.

අපේ මහප්පා නම් එහෙමයි. එයාගෙන් call එකක් ආවොත් මෙහෙම තමා එයා කතා කරන්නේ.

"සුභ උදෑසනක්. මම චන්ද්‍රසේන අම්පාරෙන්. මල්ලී ඉන්නවාද ? "

දැක්කනේ කිසිම කචල් එකක් නැහැනේ


ප.ලි. : මම ලිව්ව පොඩිම කතාව මේකද කොහෙදෝ :))

Friday, February 4, 2011

මේ ඔබ අමතන්නේ..........


පන්සලේ photos ටිකක් අරන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ මට කෝන්ත්‍රාත් එකක් බාර දුන්නා. ඉතින් ඊයේ හැන්දෑවේ ඒ ගත්තු photos ටික CD එකකට දාගෙන පන්සලට ගියා හාමුදුරුවන්ට ඒක බාරදීලා එන්න. ඒ වෙලේ පන්සලේ දායක සභාවේ ලේකම් මහත්තයායි තව කට්ටියකුයි බර කතාවක්.

මම හාමුදුරුවන්ට CD එක දීලා ගෙදර එන්න යද්දී ලේකම් මහත්තයා මාව අල්ල ගත්තා. "මෙයා තමා දැන් ඉතින් වැඩේට දාන්න වෙන්නේ" කියලා.

මම බැලුවා මදැයි වදින්න ගිය පන්සල [දේවාලේ නෙමෙයි :)] ඉහේ කඩාවැටුණාවත්ද කියලා.

බැලින්නම් කතාව මේකයි. දායක සභාවේ මහා සභා රැස්වීම හෙට [ ඒ කියන්නේ අද ] ඉතින් ඒක ගැන දායකයන්ට මතක් කරන්න ගම වටේ ගිහින් announcement එකක් දෙන්නේ තමා මෙයාලා ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ වැඩ ටික ඔක්කොම හරි. ඒත් අවුල announcement එක දෙන්න පොරක් නැති එක. ඒක බාර ගත්තු පොර මඟුල් ගේක ගිහින්. දැන් කට්ටිය මේක මගේ ඇඟේ ගහන්න යන්නේ.

මම මාරු වෙන්න හිතලා කිව්වා "අයියෝ ලේකම් මහත්තයා මට නම් බැහැ ඕක. වෙන කවුරුත්ම නැද්ද ඕකට" කියලා.

පස්සේ ලේකම් මහත්තයා මට බටර් ගාන්න ගත්තා. " ඔයා තරුණ ළමයෙක් නේද ? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නේද ? අපෙන් පස්සේ මේ දායක සභාව ඔයාලා නේද කරන්න ඕනේ" කියලා.

පස්සේ ඉතින් හරියන්නේම නැති තැන මම වැඩේ බාර ගත්තා. Voice එක හදාගන්නත් එක්ක කියලා පන්සලෙන් හොඳ tea එකකුත් බීලා තව කොල්ලෙකුත් අල්ලගෙන speakers එහෙම බැඳලා වැඩේට set කරලා තිබුණු ත්‍රීවීල් එකේ අපි පිටත් වුණා.

මුලින්ම announcement එක කියන්න යද්දී මටත් අර කලින් දවසක කිව්ව The King's Speech film එකේ රජ්ජුරුවන්ට වුණු වැඩේ වෙයිද කියලා පොඩි බයක් නොතිබුණාම නෙමෙයි. මොකද මම මේ වගේ කොන්ත්‍රාත් එකකට ආවමයි.

ඒත් අවුලක් වුණේ නැහැ හොඳ වෙලාවට. මම ඉතින් " කරුණාවෙන් සවන් දෙන්න. මේ ඔබ අමතන්නේ සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථ දායක සභාවේ ප්‍රචාරක අංශයයි...... බ්ලා බ්ලා බ්ලා................ කියලා නිවේදනේ කියෙව්වා.

පොඩි පොඩි විදිලි කිපෙකුත් වුණා :) එකම announcement එක 15 පාරක් විතර කියවලා මහන්සියෙන් ඉද්දී මාත් එක්ක ත්‍රීවිල් එකේ යන්න ආපු මල්ලිට මම කිව්වා " මල්ලී මට ඔය ගේකින් වතුර ටිකක් බොන්න ගේනවකෝ. හරි තිබහයි" කියලා.

පස්සෙයි මට මතක් වුණේ ඒ වෙලේ මයික් එක off කරන්න අමතක වුණා නේද කියලා :))


තව මම ගමේ announcement එක දීගෙන යද්දී අපේ එකෙක් මගේ phone එකට එක දිගට ring cut දෙනවා. Announcement එක කියවද්දී මට හිනා යන්නත් යනවා. පස්සේ මම යැව්වා message එකක් " disturb කරන්න එපා බන්, මම උඹේ නමත් ගමට ඇහෙන්න කියනවා" කියලා.

පොර එවනවා reply එක "අපි බයවෙයි ඕවාට" කියලා :))

හොඳම හරිය තමා announcement එක දෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ බෞද්ධ ගීත කරන play එකනේ. ඒවා මොකක්වත් නැතිව play කළේ මගේ phone එකේ තිබ්බ දීපිකා ප්‍රියදර්ශනීගේ කවිය ඔබ, කරුණාරත්න දිවුල්ගනේගේ අතීතය සිහිනයක් පමණයි වගේ සිංදු set එකක්.

මගේ phone එකේ අමරදේව මාස්ටර්ගේ එක සිංදුවක්වත් තිබ්බේ නෑනේ බේතකටවත් :)) අද දායක සභාවේ රැස්වීමේදී කට්ටිය ඕක නායක හාමුදුරුවන්ට කියයිද දන්නේ නැහැ :)

අන්තිමට ඉති අපි වැඩේ ඉවරවෙලා පන්සලට වාර්තා කරද්දී 9 ට විතර ඇති. හිටිය හැමෝම හොඳ කිව්වා.

ලේකම් මහත්තයා කිව්වා " වැඩේ නියමයි පුතා. ලබන පාර ඔය පුතා මීට වඩා හොඳට ඕක කරයි කියලා මට විශ්වාසයි" කියලා [ ලබන පාරකුත් කොන්ත්‍රාත් එක මට දෙන්න තමා එයාගේ idea එක :)) ]

කොහොම නමුත් මටත් බැහැයි කියලා හිතිලා තිබුණු වැඩක් සාර්ථකව කරගන්න මට පුලුවන් වුණා. ඒ ගැන සතුටුයි.


ඔයාලත් ඒ විදිහටම මට බැහැ ඕවා, මට පුලුවන්ද ඕක කරන්න කියලා හිතන වැඩ ඇති. වැඩ කිව්වේ හොඳ වැඩ හරිද :) ඒවා බැහැයි කියලා හිතන්නේ නැතිව try කරලා බලන්න. හිතනවාටත් වඩා හොඳට ඒ වැඩේ ඔයාලට කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.