Saturday, February 25, 2012

පමා වූ වැලන්ටයින් පණිවුඩය


වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වෙනිදා මහ ඉහළින් සමරන්නේ ආදරවන්තයින්ටත් වෙළෙන්දෝ කණ්ඩායම. වෙසක්, පොසොන්, නත්තල් වගේ ආගමික උත්සව බදු ගත්තු වෙළෙන්දන්ට ආදරවන්තයින්ගේ දිනය බදු ගන්න පුලුවන් වෙන එක අහන්නත් දෙයක්ද ?

හුඟක් දේවල්වලට ජාතිකවත් ජාත්‍යන්තරවත් දින වෙන්කරලා තියෙනවනේ. ඉතින් ඒ දිනයට විතරද ඒවා මතක් කරන්න ඕනේ. ඒවා අනිත් දවස්වල මතක් කරන්නවත් ඕනේ නැද්ද ? එහෙමත් තර්කයක් තියෙනවා.

ඒකට ඉතින් දෙන්න පුලුවන් හොඳම උත්තරේ තමා පුලුවන් හැමවෙලේම ඔය එක එක දිනවලින් කියන දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ඒ ගමන්ම අවුරුද්දකට පාරක් ඒ වෙනුවෙන් තියෙන දිනයේදි ඒ ගැන වැඩියෙන් සැළකිලිමත් වෙන්න.

අද ලොකු දෙයක් කියන්න නැහැ. මේකයි කතාව.

ආදරවන්තයින්ගේ දිනය මට නම් විශේෂ දිනයක් නෙමෙයි.

ඉතින් එදා උදෙත් campus යන්න ඇඳුම් මදින ගමන් එකෙක් කතා කරලා අහනවා "අද මොකද මචං කරන්නේ?" කියලා.

මම කිව්වා "අමුතු දෙයක් නැහැ බන් මම මේ campus යන්න ඇඳුම් මදිනවා" කියලා.

පස්සේ මිනිහා කියනවා "අද වැලන්ටයින්නේ බන්. උඹ මොකුත් කරන්නේ නැද්ද? " කියලා.

මම කිව්වා "මොන වැලන්ටයින්ද බන් මට. උඹ කිව්වහමයි මතක් වුණේ අද වැලන්ටයින්" කියලා

පස්සේ ඉතින් උදේ කැම්පස් එන ගමන් බස් එකේදී තමා මේ කවි සිතුවිල්ල වගේ එක ආවේ.
ඇත මල් මා සතුවත්
ඒත් දෙන්නට නැහැ කවුරුත්
පුදමි මල් බුදු හිමිටවත්
හැකිය යන්නට ඒ මාර්ගෙත්
20 ක් විතර ඒකට "like" වෙලා තිබුණා. ඒකට කීප දෙනෙක්ම උත්තර දීලත් තිබුණා. මේ තියෙන්නේ ඒ උත්තර ටික

Chamila Sujani Uthpalawarna : මල් කොල්ලෙක් මම්....මල් දෙන්නම් මම්...ද?

Hasitha Chamikara Gunasinghe : නොදෙමි මල් කිසිවෙකුට, පුදමි බුදු සමිඳුන්ට

Chamila Sujani Uthpalawarna : උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට ..මා පිපුනේ නැත ..මේ දෙරණේ....

Sojani Wathsala Mallawaarachchi : නුඹටත් කෙනෙක් ඉදිවී, දවසක හොයාගෙන ඒවී

Inoka Rathnayake : කවුරු හිටියත් දෙන්න නම් එපා මල්...... හොඳේ. බුදු හාමුදුරුවන්ට විතරක් පූජා කරන්න....

ඕන් ඔහොමලු වුණේ :))

Sunday, February 12, 2012

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා..... අහලා තියෙනවාද ?


දැන් කාලේ ලංකාවේ music කොච්චර ජනප්‍රියද කියනවා නම් අහවස ලියන සිංදුවට රෑ music දාලා පහුවෙනිදා උදේට FM වල, TV Channels වල යන තරමටම ලංකාවේ music දියුණුයි :) Musical show එකක් කිව්වොත් කොල්ලෝ කුරුට්ටෝ පිරෙන හැටි හැමෝම දැකලා ඇතිනේ.

ජනප්‍රිය සංගීතයේ ඉල්ලුම වගේම ශාස්ත්‍රීය සංගීතයේ වුණත් ඉල්ලුමක් නැහැ කියන්න බැහැ. වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ, නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය වගේ ප්‍රසංගවලට කොච්චර නම් මිනිස්සු යනවද ?

ජනප්‍රිය සංගීතයේ සිංදුවලට වෙන දෙයක් තමයි ඒ සිංදු FM වල, TV Channels වල පෙන්නකම් දානකම් ජනප්‍රියයි, මිනිස්සුන්ගේ කටේ තියෙන්නේම ඒ සිංදුව, එකක් වුණත් ඇහෙන්නේ ඒ සිංදුව. හැබැයි ඊට පස්සේ එහෙම සිංදුවක් තිබ්බද කියලාවත් මතක නැහැ. එහෙම වුණු සිංදු ගැන උදාහරණ මටත් වඩා හොඳට ඔයාලා දන්නවා ඇති.

ඉතින් අද ආගිය කතාවෙන් කතා කරන්නේ කාලෙකට ඉස්සර කරළියට ආපු සිංදු 2 ක් ගැන මම හිතන විදිහට නම් හුඟක් අය මේ සිංදු දෙක අහලා නැතුව ඇති. ඇහුවත් තේරුමක් දන්නේ නැතුවයි අහලා තියෙන්නේ. ඒක නිසා මේ සිංදු දෙකෙන් කියන්නේ මොකක්ද කියන එකත් එක්ක මේ සිංදු අහලා බලමු.

මුල්ම සිංදුවේ ගායකයා රනිඳු ලංකාගේ.


රනිඳු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු A/L Commerce වලින් ලංකාවෙන් 4 වෙනියා වුණු කොල්ලෙක්. ලංකාවේ hip pop සංගීතයේ පෙර ගමන්කරුවෙක් වුණු රනිඳුගේ මුල්ම ඇල්බමය වුණු 2004 නිකුත් කරපු දිවිය පුරා ඇල්බමයේ තමා මේ සිංදුව තියෙන්නේ. සිංදුව තමයි සංසාරයේ......

මෙන්න සිංදුව.......



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගේ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ

උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන් කිරේ
නාදයයි මගේ ජීවිතේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජිවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජිවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

කැඩපතයි හද මංසලේ
රිය සකයි ඔබ ආ මඟේ
බෑවුමයි ගිරි දුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ

මහ මෙරයි මුදිතා ගුණේ
සළකුණයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජීවිතේ ///

කවුරු ගැනද මේ රනිඳු කියන්නේ ? අපේ කුළුදුල් ප්‍රේමය අපි පිදුව, කරුණා ගුණයේ උල්පත වුණු, මහ මෙරක් තරම් මුදිතා ගුණයක් තිබුණු අම්මා ගැන තමයි මේ සිංදුවෙන් කියන්නේ...

මේ සිංදුව කලින් අහලා තිබුණා නම් මේක හිතුණද ? ඉතින් රනිඳුත් අම්මා ගැන කියවෙන සිංදුවක් කරලා තියෙනවා. හැබැයි සිංදුවේ කොතනකවත් අම්මා කියන එක භාවිතා කරන්නේ නැතුව ඒත් අම්මලා ගාව තියෙන සියලුම ගුණාංග කතා කරමින්.

සිංදුවේ පද රචකයා නම් දන්නේ නැහැ. ඒත් සංගීතය රනිඳුගෙන්මයි. රනිඳු දක්ෂ පියානෝ සහ වාදකයෙක් කියන එකත් මතක් කරන්න ඕනේ.

රනිඳුගේ අලුත් වැඩ ගැන මේකට ගිහින් බලන්න.

http://raniduonline.com/

මීළඟ සිංදුව ගායනා කරන්නේ විශාරද සමිතා මුදුන්කොටුව.


ශාස්ත්‍රීය සංගීතය හොඳින් හදාරලා තියෙන සමිතා මුදුන්කොටුව මුල් කාලේ සරල ගීත ගායනා කළත් මෑත කාලේ තාරුණ්‍යයේ හද බැඳ ගත් සිංදු කීපයක්ම ගායනා කරලා තියෙනවා.

මේ සිංදුවත් මම හිතන විදිහට 2004, 2005 කාලයේදී තමා නිකුත් කෙරුණේ. සිංදුව තමයි සීත රෑක මධුසමේ. මේ සිංදුව නම් කට්ටියට මතක ඇති. පහුගිය කාලේ ස්වර්ණවාහිනියෙන් කරපු Dance Star Dance වැඩසටහනේ උදාරි වර්ණකුලසූරිය එක පාරක් මේ සිංදුවට dance කළා.

මෙන්න සිංදුව..............



මේ තියෙන්නේ සිංදුවේ පද මාලාව

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා
ප්‍රේමණීය කල්පනා මා ලයේ මවා

රෑ දඟ වැඩියි තිසරුන් සැලී
නොලැබූ සුවේ යදිනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

සීතල ගෙනා පවනේ වෙලී
සේලේ පියාසලනවා //

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා....

මා බඳ වටා එතෙනා ඔබේ
පහසේ නුරා නිවෙනවා //

කොහොමද සිංදුව මධුසමය එහෙමත් නැත්නම් එකේදී වෙන හුඟක් දේවල් ලස්සනට කතා කරලා තියෙනවා නේද ? මේ සිංදුව කලින් අහද්දී මේවා ටික තේරුණාද :)

මේ සිංදුවෙත් පද රචකයා දන්නේ නැති වුණත් දක්ෂ විදිහට මධුසමේ සිදුවීම් ගීතයට නගන්න එයා සමත්වෙලා තියෙනවා.

ඒ වගේමයි ගී තනු නිර්මාණය කරපු පුද්ගලයා. මම හිතන විදිහට නම් මේ සිංදුවේ කරලා තියෙන්නේ එක්කෝ නදීක ගුරුගේ එහෙමත් නැත්නම් කසුන් කල්හාර. ගිටාරය, බටනලාව වගේ භාණ්ඩ මැනවින් භාවිතා කරලා පද මාලාවේ කියවෙන දේට සාධාරණයක් කරන්න සංගීත නිර්මාණය කරපු කෙනත් සමත් වෙලා තියෙනවා. සමිතාගේ කට හඬ වුණත් ගීතයේ පද මාලාවට ගැළපෙන විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ.

ඉතින් අද කතාව ඉවරයි. මීට කලින් ඔයාලා සිංදුවක් අහද්දී ඔහේ ඇහුවා නම් අද ඉදන්වත් පොඩ්ඩක් විමසිල්ලෙන් අහලා බලන්න මේ මනුස්සයා මොනවද කියන්නේ කියලා.

ඒ වගේමයි අද කාලේ visual එකක් තිබුණේ නැත්නම් සිංදුව ජනප්‍රිය වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් visuals තියෙන සිංදු පස්සේම යන්නේ නැතුව අනිත් සිංදු ගැනත් පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. ලස්සන සිංදු ගොඩක් හම්බවෙයි :)

Sunday, February 5, 2012

ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය


මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.

මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.

එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් මම ඉස්කෝලේ යන කාලේ තමයි මුල්ම පොත ලිව්වේ" කියලා.

මගේ විශ්වවිද්‍යාල සගයෙක් වෙන ඩොමිනික් චන්ද්‍රසාලි එහෙමත් නැත්නම් ඩොමා ගැන අද කතා කරන්නේ ඩොමාගේ පළවෙනි කවි පොත ලබන සතියේ දොරට වඩින නිසා. ඉතින් ඒකමයි අද post එකේ මාතෘකාව "ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය" වුණේ.

ඩොමා ගැන මම මුලින්ම දැනගත්තේ ස්වීටාගෙන්. මොකක් හරි කතාවකදී ස්වීටා කිව්වා "ඩොමා කියලා සිරා කොල්ලෙක් ඉන්නවා බන්. චිත‍්‍ර වැඩ වගේ ඒවට සුපිරි වැඩ්ඩෙක්. ඒත් මූ lectures යන්නේ නැහැ බන් එක එක වැඩ ඌට. අපරාදේ බන්" කියලා.

ඊට පස්සේ මට ඩොමාව මුලින්ම හම්බුණේ exam එකට admission එක ගන්න පෝලිමේ යද්දී. ඩොමා අපිට කලින් admission එක අරගෙන ඒක කියවන ගමන් හිනාවෙවී කියනවා "බලපල්ලකෝ බන් මේකේ කොරියන් paper එකකුයි හින්දි paper එකකුයි තියෙනවානේ බන්. දැන් කොහොමද මේවට ලියන්නේ" කියලා. කාරණය පැහැදිලියිනේ ඩොමා එච්චර lectures යන්නේ නැහැනේ :)

ඉතින් කොහොම හරි ඩොමා ස්වීටගේ යාලූවෙක් නිසා මාවත් අඳුරගත්තා. ඒ වගේම අපේ තවත් යාලූවෙක්ගේ තාත්තා කෙනෙක්ට Operation එකකට ලේ උවමනා වෙලා ඩොමා මට ඒක කියලා අපි ලේ හෙව්වා. ඒක මම "ලේ වෙනුවෙන්......" කියලා ඒ කාලේ blog එකටත් ලිව්වා.

හිත හොඳ මනුස්සයෙක් වුණු ඩොමා පාරේදී හම්බුණත් හිනාවෙලා විතරක් නොයා විස්තර කතා කරනවා වගේම පත්තරවල පළවුණු තමන්ගේ කවි එහෙම තිබ්බොත් අපිටත් කියවන්න දෙනවා. ඒ වගේමයි Pothpath.com web site එකේ කවි පිටුව කරන්න ඩොමා set වුණාට පස්සේ ඒකේ ඩොමාගේ කවියක් එහෙම තිබුණත් ඩොමා අපිටත් sms එවනවා ඒවා කියවලා බලන්න කියලා.

ඒ වගේමයි pothpath.com web site එක කරන උපුල් අයියව මට මුණගැස්සුවෙත් ඩොමා තමයි. එදා හෙණට වහින දවසක්. මම Gym Canteen එකේ ඉද්දී ඩොමා කතා කළා කොළඹට ගිහින් එමුද කියලා. පස්සේ ඉතින් අපි දෙන්නා මහ වැස්සේ කොළඹ ගිහින් උපුල් අයියගේ office එකට ගිහින් එයාව හම්බුණා. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩක් කරන එයාව හඳුනාගත්තු එක හරියට වටින දෙයක්.

පස්සේ ඉතින් අර කලින් කිව්වා වගේම ඩොමාගේ කවි පොතේ වැඩේට අපි set වුණා. අන්තිමටම මේ ගිය සතියේ දවසක උදේ මට ඩොමාව හම්බුණා.


"මම උඹව හම්බෙන්න හිටියේ" කියලා කියපු ඩොමා bag එකට අත දාලා "පබාවතීට කවක්" කියන කවි පොත අරන් මට දුන්නා.

දීලා කිව්වා "මේ මගේ කවි පොත බන්. මුල්ම එක දුන්නේ රත්න ශ්‍රීට. ඊළඟ එක මම දෙන්නේ උඹට. මේක ගැන facebook එකේ පොඩ්ඩක් දාපන්" කියලා.

මට තිබුණු වැඩත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් අතපසු වුණත් මේ සතියේ ඩොමාගේ කවි පොත ගැන මම facebook එකේ හොඳ campaign එකක් කළා.........

මේ තියෙන්නේ ඒ කවි පොතේ කවියක්.

ඩොමාගේ කවි ගැන අමුතුවෙන් මට කියන්න දෙයක් නැහැ. ඩොමා කාලයක් පත්තරවලට ලියලා පන්නරය ලබපු කවියෙක්. ඒක එයා නිල වශයෙන් පොතකින් එළිදැකීමක් විතරයි මේ සිද්ධ කරන්නේ. මොකද නූතන කාව්‍යකරණයේ යෙදෙන හුඟාක් ඔයා ඩොමාට අඳුනන නිසා, ඩොමාගේ කවි දන්න නිසා අමුතුවෙන් ඩොමාට හඳුන්වාදීමක් අවශ්‍ය නැහැ.

ඉතින් ඔයාලටත් ඩොමා වෙනුවෙන් මම ආරාධනා කරනවා මේ මාසේ 9 වෙනිදා බ‍්‍රහස්පතින්දා හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවට [DH එකට] එන්න කියලා ඩොමාගේ පබාවතීට කවක් දොරට වඩින උත්සවයට.

කවියට හිතැති අතදෙන ඔයාලගේ පැමිණීම ඩොමාට හයියක් වෙයි. මේ link එකෙන් ගිහින් ඔයාලගේ පැමිණීම තහවුරු කරන්න.

ඩොමාගේ හිත හොඳකම ගැන මේ කවිය ලිව්වේ තවත් තරුණ කවියෙක් වෙන මහින්ද ප‍්‍රසාද්.

ඩොමා කාව්‍යකරණයේ දිගු ගමනකට උඹට මගේ සුභ පැතුම්..............

ඩොමාට සුභ පතන්න ඔයාලත් කැමති නම් මෙන්න ඉඩ

ප.ලි. මට ඉන්න මේ වගේ දක්ෂ යාලූවෝ ගැන මම මීට කලිනුත් ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ වගේ යාලූවෝ ඉන්න එක ගැන මම සතුටුයි වගේම ආඩම්බරයි :)