වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වෙනිදා මහ ඉහළින් සමරන්නේ ආදරවන්තයින්ටත් වෙළෙන්දෝ කණ්ඩායම. වෙසක්, පොසොන්, නත්තල් වගේ ආගමික උත්සව බදු ගත්තු වෙළෙන්දන්ට ආදරවන්තයින්ගේ දිනය බදු ගන්න පුලුවන් වෙන එක අහන්නත් දෙයක්ද ?
හුඟක් දේවල්වලට ජාතිකවත් ජාත්‍යන්තරවත් දින වෙන්කරලා තියෙනවනේ. ඉතින් ඒ දිනයට විතරද ඒවා මතක් කරන්න ඕනේ. ඒවා අනිත් දවස්වල මතක් කරන්නවත් ඕනේ නැද්ද ? එහෙමත් තර්කයක් තියෙනවා.
ඒකට ඉතින් දෙන්න පුලුවන් හොඳම උත්තරේ තමා පුලුවන් හැමවෙලේම ඔය එක එක දිනවලින් කියන දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ඒ ගමන්ම අවුරුද්දකට පාරක් ඒ වෙනුවෙන් තියෙන දිනයේදි ඒ ගැන වැඩියෙන් සැළකිලිමත් වෙන්න.
අද ලොකු දෙයක් කියන්න නැහැ. මේකයි කතාව.
ආදරවන්තයින්ගේ දිනය මට නම් විශේෂ දිනයක් නෙමෙයි.
ඉතින් එදා උදෙත් campus යන්න ඇඳුම් මදින ගමන් එකෙක් කතා කරලා අහනවා "අද මොකද මචං කරන්නේ?" කියලා.
මම කිව්වා "අමුතු දෙයක් නැහැ බන් මම මේ campus යන්න ඇඳුම් මදිනවා" කියලා.
පස්සේ මිනිහා කියනවා "අද වැලන්ටයින්නේ බන්. උඹ මොකුත් කරන්නේ නැද්ද? " කියලා.
මම කිව්වා "මොන වැලන්ටයින්ද බන් මට. උඹ කිව්වහමයි මතක් වුණේ අද වැලන්ටයින්" කියලා
පස්සේ ඉතින් උදේ කැම්පස් එන ගමන් බස් එකේදී තමා මේ කවි සිතුවිල්ල වගේ එක ආවේ.
20 ක් විතර ඒකට "like" වෙලා තිබුණා. ඒකට කීප දෙනෙක්ම උත්තර දීලත් තිබුණා. මේ තියෙන්නේ ඒ උත්තර ටික
Chamila Sujani Uthpalawarna : මල් කොල්ලෙක් මම්....මල් දෙන්නම් මම්...ද?
Hasitha Chamikara Gunasinghe : නොදෙමි මල් කිසිවෙකුට, පුදමි බුදු සමිඳුන්ට
Chamila Sujani Uthpalawarna : උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට ..මා පිපුනේ නැත ..මේ දෙරණේ....
Sojani Wathsala Mallawaarachchi : නුඹටත් කෙනෙක් ඉදිවී, දවසක හොයාගෙන ඒවී
Inoka Rathnayake : කවුරු හිටියත් දෙන්න නම් එපා මල්...... හොඳේ. බුදු හාමුදුරුවන්ට විතරක් පූජා කරන්න....
ඕන් ඔහොමලු වුණේ :))
Chamila Sujani Uthpalawarna : මල් කොල්ලෙක් මම්....මල් දෙන්නම් මම්...ද?
Hasitha Chamikara Gunasinghe : නොදෙමි මල් කිසිවෙකුට, පුදමි බුදු සමිඳුන්ට
Chamila Sujani Uthpalawarna : උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට ..මා පිපුනේ නැත ..මේ දෙරණේ....
Sojani Wathsala Mallawaarachchi : නුඹටත් කෙනෙක් ඉදිවී, දවසක හොයාගෙන ඒවී
Inoka Rathnayake : කවුරු හිටියත් දෙන්න නම් එපා මල්...... හොඳේ. බුදු හාමුදුරුවන්ට විතරක් පූජා කරන්න....
ඕන් ඔහොමලු වුණේ :))
කාට දුන්නත් පූජා කලත් ගහකිං මලක් ගලවන එක හෙන අප්සට් වැඩක්! ;-)
ReplyDeletehare :-)
Deleteඒකත් ඇත්ත තමා. ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් එකකත් මෙහෙම කතාවක් තිබුණා වගේ මතකයි
මමත් ජේසුට මල් ටික දුන්නා :)
ReplyDeleteවර්ණා
Deleteආදර මගේ ජේසුනි, කලකින් ඔබ අමතමි කියලා රූකාන්ත කියන සිංදුව මට මැවිලා පෙනුනා
මල් තියෙනවනං එක එකාට දෙන්න යන්න එපා..හීන්සීරුවේ ඇදලා දානැකයි තියෙන්නේ....
ReplyDeleteඔබ නොදුටු ලොවක්
Deleteනානා ප්‍රකාරයේ මල් තියෙන වග අමතක වුණා නොවැ :))
අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නව, ඌට ඔය දවසෙ උන හැදෙනව.මොකද ඉන්න කෙල්ලො ගානට එකෙක් එක්ක ගියොත් අනික් උන්ට මාට්ටුවෙන හින්ද...
ReplyDeleteඉන්දික උපශාන්ත
Deleteසැමදා මිනිසුන් ගොඩක් සැමවිටම රැවටිය නොහැක :)
ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.
ReplyDeleteSasroo
Deleteස්තුතියි දැනුවත් කිරීමට :)
අප්පේ ඉතින් අපේ පලාතේ බුලත් විට වික්ක ආච්චම්මලා පවා වැලන්ටයින් දවසට කලින් දවසේ ඉඳන් තමන්ගේ සුපුරුදු වෙළඳාමෙන් ඉවත් වෙලා රෝසමල් සහ වලස්සු බිස්නස් කරන්න පටන්ගන්නවා . කියලා වැඩක් නෑ මාර ලස්සනයි ..
ReplyDeleteහිස් අහස
Deleteගෝලීයකරණය, නාගරීකරණය කියන බර වචනවල ආනුභාවය තමයි ඔය පේන්නේ :))
අනේ පන්සලකට මලක් පුජ කරාම පින හරි තියෙනවා බන්...
ReplyDeleteChammA
Deleteසාදු සාදු මෙන්න තවත් පින්වත් දරුවෙක් :)
සැම දේම තම කැමැත්තේ හැටියට . දෙන්න හිතන පතන විදියට . අපේ පොඩි එකී I LOVE MY FAMILY කියල කාඩ් එකක් හදන් ආව එදා . එයාල හිතන්නේ එදා අම්මල තාත්තලට පවුලට වෙන් වෙච්ච දවසක් කියල .
ReplyDelete@ සඳරු
කාලේ තාලෙට . අන්න මොලේ ඇති බිස්නස් කාරියෝ
Bindi
Deleteඒකත් ඇත්ත. ආදරය කියන එක සීමා කරලා ඉරි ගහලා එක කොට්ඨාශයකට විතරක් අයිතියි කියලා බෙදන්න බැහැ තමා අක්කේ
වැලන්ටයින් අද හිටියනම් වහ කනවා ශුවර්....අපේ මැටි මෝල්ලුන්ගේ ගොන් පාර්ට් දැකලා......
ReplyDeleteමකුළුවා.....
Deleteවැලන්ටයින් විතරක් නෙමෙයි බොහෝ ශාස්තෲවරුන් වගේම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් පුදුම වෙයි එයාලව දැන් කාලේ විකුණාගෙන කන හැටි දැක්කාම වගේම එයාලගේ නමින් කරන ගොන් වැඩ දැක්කාම
මල් කියන්නේ කාට කාට..ළමයින්ටයි පාට පාට...
ReplyDeleteපෙළක් ළමෝ හරි සුවඳයි...පෙළක් ළමෝ????????
සුජානි.......
Deleteමල් ගැන තවත් කතාවක්. ඒකනේ අක්කේ මම කලින්ම කිව්වේ මල් කිව්වාම නානා විදිහට අර්ථ දක්වන්න පුලුවන් කියලා :)
හෙ හෙ.. දැන් නෙ බොලේ මේක දැක්කෙ. මාත් දුන්නා මල් ටික ජේසුට.. :) :)
ReplyDeleteනිදහසේ නවාතැන
Deleteමට පේන විදිහට නම් ජේසුතුමාට හුඟාක් අය ආදරේට මල් දීලනේ
මල් දුන්නේ නැතිවට හම්බ වෙලා වගේ, අද හෙන ෆන් එකේ වගේ නේ ඉන්නේ ?
ReplyDeleteඑහෙමත් නැතිනම් විභාග විමුක්ති සැපතද ?
:)
@ රාමා
Deleteඅදින් exam එක ඉවර වුණාම සතුටු නැද්ද අප්පා :D
මලේ... මටත් හිතයි කරන්න ආදරේ ....
ReplyDelete@ සු දී ක
Deleteමලේ හැන්දෑවේ වහින වෙලාවේ :D
මෙදා පාරවත් දුන්නද?
ReplyDelete@ හරී
Deleteපෙර කතාවම තමයි තින් :D