Tuesday, September 28, 2010

සේයා රූ කියන කතාව - ඔබාමා වත 3

ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව - ඔබාමා වත, සේයා රූ කියන කතාව - ඔබාමා වත 2 " මීට කලින් පළවුණා. මෙන්න අන්තිම කොටහ.

ඔයාට ඉතින් දැන් මොකක්ද ඕනේ ? ඇමතිකමක්ද ? තානාපතිකමක්ද ? මණ්ඩල සභාපතිකමක්ද ?




අපි ඈතට ඈතට පා නගනා, ඝණ වනන්තරේ.............




ඉතින් පුතා මම මෙච්චර දවසක් අර පුටුවේ වැඩ ටික බොහෝම අමාරුවෙන් කළා. ඊළඟට ඉතින් ඔයාට තමා ඕක වැඩ ටික කරන්න තියෙන්නේ.........




ආ නංගිලා කොහොමද ?




අනේ දෙවියනේ මට වුණු වියෝයා..........




හරි හරි ඔයා දැන් කතා කළා ඇති හිමින් සැරේ බැහැලා යනවාද ? මගේ කතාව ඊළඟට




හරි හරි නංගි ඔයා ඔහෙන් වාඩි වෙලා ඉන්නකෝ අපි පස්සේ කතා කරමුකෝ..




මං ලස්සනයිද ?




පස් දෙනාම වැඩකාරයෝ




එන්න නංගි, එන්න මල්ලී, ගී ගයාලා ප්‍රීති වීලා සොමියේ නටලා..........




දැන් අපි හත් වාසි ද බලන්නේ නැත්නම් තව කෙනෙක් සෙට් කරගෙන ඕමියක්ම ගහනවාද ?




මොකක්ද අප්පා මේ කරදරේ ටිකක් ඉන්න දෙනවාකෝ නිස්කලංකේ.........




ඌයියා වෙයිද අනේ........




මල්ලී කතිර දාන්න, මම බෝල දාන්නම්




ඉස්සර අපේ තාත්තාට ලොකූ...... බඩක් තිබුණා




මෙයාට කවුරුත් කිව්වේ ඔබාමා, අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ....




දාන්නකෝ "ඔබේ" පහක්




හජිමේමෂිතේ. වතෂිවා නම එවා ඔබාමා දෙස්





හැංගිමුත්තෝ හැංගියෝ නොපෙන තැනක හැංගියෝ මං එනකොට දුවපියෝ




ජනාධිපති රස්සාව ගහලා ගිය දාට මේකක්වත් කරන්න පුරුදු වෙන්න එපායැ




මේ බලන්න මේක කොහොමද මෙයා ?





මල්ලි මේ ඔයා මගේ හොඳ යාළුවෙක් හන්දයි මම මේක ඔයාට හොරෙන්ම කියන්න හිතුවේ............





මල්ලි මට උළුදු වඩේ දෙකයි සීනි අඩුවෙන් දාපු ප්ලේන් ටී එකකුයි එවන්න





කොහොමද වැඩ





Sunday, September 26, 2010

අපේ සීයාගේ කවි

මේ ඉන්නේ අපේ සීයයි මමයි අයියයි. සීයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ මම තමා

අපේ සීයා ගැන මම දවසක් පොඩි කතාවක් කිව්වා කට්ටියට සමහර විට මතක ඇති "කට්ටියට එක එක කාඩ් වැටුණු හැටි, දාගත්ත හැටි ගැන කියපු කතාවක්" එක්ක. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන සහෘදයන්ගේ සීයලා ගැන posts කීපෙකුත් මෑත කාලයේ කියවන්න ලැබුණානේ. විශේෂයෙන් අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර සීයා ගැන කියපු කතාව කට්ටියට මතක ඇති.

අපේ සීයා ගැන කිව්වොත් මගේ කතන්දර කියන skill එක මට ආවේ අපේ සීයාගෙන්. කතන්දර, කවි, තේරවිලි වගේ ගොඩාක් දේවල් සීයා මට කියලා දුන්නා. ඒ වගේම සීයා හුඟාක් ආගම දහමට ලැදි කෙනෙක්. මාවත් පොඩි කාලේ ඉදන්ම පන්සල් එක්ක ගෙන ගිහින් මාවත් ආගම දහමට ලැදි මනුස්සයෙක් කලේ සීයා. අයියයි මායි දෙන්නව පොඩි කාලේ ඉදන්ම සිල් ගන්න එක්ක යන එක සීයා කළා. තාමත් හැන්දෑවට බුදුන් වැදලා පිරිත් කියන කාර්යය මට හුරු කළේ සීයා.

අපේ සීයා ගිහි පිරිත් කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් සීයා පිරිතකට ගියාම සීයා එනකම් මම බලාගෙන ඉන්නේ. මොකද සීයා අනිවාර්යයෙන් මටයි අයියටයි සූකිරි ගේනවා.

ඇත්තටම මම පොඩි කාලේදී අම්මා තාත්තා එක්ක ඉන්නවටත් වැඩියෙන් ඉන්න ආසා වුණේ සීයත් එක්ක. ඒ දවස්වල පාරේ යන කොල්ලෝ මාව අවුස්සන්න මට ඇහෙන්න කෑ ගහනවා "සීයා අපේ" කියලා. එතකොට මම උන්ට මදි නොකියන්න බනිනවා "සීයා මගේ" කියලා.

ඉතින් අපේ සීයා කියන්නේ අපේ තාත්තාගේ තාත්තා අවුරුදු 94 ක් ආයු වළඳලා තමා අපෙන් වෙන් වුණේ. සීයගේ 93 වෙනි උපන් දිනේ වෙලාවෙත් අපි මුණුබුරු සෙට් එක කිව්වේ සීයේ 100 ක් කොහොම හරි බැට් කරන්න ඕනේ කියලා. ඒත් 2005 අවුරුද්දේ මැයි මාසේ මුල් සතියේ ආච්චී (තාත්තාගේ අම්මා) අපෙන් වෙන්වුණා. ආච්චී අපෙන් වෙන්වෙලා සති 2 ක් යන්න කලින් සීයත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.

මට මුලින් කියන්න බැරි වුණානේ අපේ සීයාගේ නම ගුණසීල. නමේ හැටියටම තමන්ගේ ජීවිතේ ගත කරපු කෙනෙක් තමා අපේ සීයා.

ඉතින් මට සීයා ගැන මතකය ආයි අළුත් වුණේ දවසක් නිකම් කල්පනා කර කර ඉන්න වෙලාවක සීයා කියාදීපු කවි වගයක් මතක් වුණු නිසා.........


කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
නින්දේ සිටින විට කපලා හරි අවුල

පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා

මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා

ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
කොළපත් මූණ බැඳගෙන යනවා රෑට

මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ

අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල

ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ

කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
අත පත ගගා උන්නා මල්ලී දිනෙක

වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්

එදා පටන් වෙද මාමා අපේ ගෙට
ආවොත් අතේමයි බෑගය සෑමවිට


මේ කවිවල සමහර පේළි අඩුයි. ඒවා මට දැන් මතක නැහැ. ඒ වගේම මේ කවි කවුරු හදපුවාද, තියෙන්නේ මොන පොතේද කියලා මම තාම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.

ප.ලි.: සීයාගේ නම ගුණසීල ඒ වගේම සීයා හිටියා කියලා මම කිව්වනේ. ඒ වගේමයි සීයාගේ මුණුබුරාත් නම හසිත. නමේ හැටියට ඒ කොළුවා ඉන්නේම හිනාවෙලා සන්තොසෙන් :))

Saturday, September 25, 2010

ආගිය කතාව


Campus එකේ exam ඉවර වුණේ පෙරේදා. අන්තිම paper එකත් ලියලා hall එකෙන් එළියට බැස්ස වෙලේ පුදුම සැහැල්ලුවක් දැනුණේ. "ඒකත් එහෙමනම් ඉවරනේ" කියලා. Campus ඇවිල්ලත් අවුරුද්දක් ගෙවිලා ගියා කොහොමින් කොහොම හරි. ඉතින් ලබන මාසේ ඉදන් අපි 2nd Year කස්ටිය.

ඒ වෙලේ මට හිතුණු සිතුවිල්ලක් තමා මේ

විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
සුපුරුදු පරිදි ආයි
සරන්නට කාලයයි

පෙරේදා හැන්දෑවේ ගියා කියවන්න හොඳ පොත් ටිකක් ගන්න. 2 ට විතර එකට පොත් අරගෙන එළියට බහිද්දී 7 විතර වුණා. මම ගත්ත පොත් ටික තමා මේ......

චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය
මහගමසේකරගේ තුංමංහන්දිය
කුලසේන ෆොන්සේකාගේ ගිනි බිඳුම
ඛුෂ්වන්ත් සිංගේ අන්තිම දුම්රිය (කුලසේන ෆොන්සේකාගේ පරිවර්තනයක්)
භද්‍රජි මහින්ද ජයතිලකගේ ගෙත්සෙමෙනි සන්ධ්‍යාව
ෂ්‍යාම සෙල්වදොරේගේ අමුතු ඉලන්දාරියා (සුගතපාල ද සිල්වාගේ පරිවර්තනයක්)
උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ
නන්දසේන සූරියාරච්චිගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම්

ඉතින් මේ පොත් ටිකත් කියවන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස් ටිකේ මොකුත්ම බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ. ආගිය කතා ගොඩා......ක් තියෙනවා ලියන්න.

විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමා මේ දවස් ටිකේ මගේ ජීවිතේ මම හිතන විදිහට තිබුණු හොඳම දවස් ටික තමයි ගෙවෙන්නේ. ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න තමා උපරිම try එක.


ඉස්සරහට එන්න තියෙන සහ කරන්න තියෙන ඒවා බලද්දී ජීවිතේටම බලපාන තීන්දු තීරණ කීපෙකුත් ගන්න තියෙනවා. එකක් දෙකක් ගැන කිව්වොත් Campus එකේ 2nd Year එක පටන් ගත්තාම අපි තීරණේ කරන්න ඕනේ Special Degree එකක්ද General Degree එකක්ද අපි කරන්නේ කියලා.

Special Degree එක කරන අය තව අවුරුදු 3 ක් ඒ Special Degree එක කරන subject එක හදාරනවා. General Degree එක කරන අය තමන් 1st Year එකේ කරපු Subjects 3 හෝ 2 තවත් අවුරුදු 2 ක් හදාරනවා.......

අනිත් ජීවිතේටම බලපාන තීරණේ තවමත් ගනිමින් වගේම අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නේ. බලමුකෝ ඒක කොයි විදිහට වෙයිද කියලා....

අන්තිමට එක දෙයක් කියන්න තියෙනවා මගේ exam එකට සුභ පැතුම් එක් කරමින් හයියක් වුණු සිංහල බ්ලොග් අවකාශේ වගේම මුහුණු පොතේ යාළු මිත්‍රාදීන්ට ස්තුතියි. මෙවන් මිතුරෝ මට වාසනාවන්

එහෙමනම් හොඳ හොඳ ආගිය කතා පොදියකුත් එක්ක හමුවෙමු

Wednesday, September 1, 2010

විභාගේ පටන් ගන්නයි යන්නේ..........


මේ දවස්වල මට වැඩ ගොඩ වෙමින් තමා පවතින්නේ. Campus ගිහින් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ළඟයි. 1st Year එක ඉවර වුනේ අගෝස්තු 27 වෙනිදා. මේ දවස්වල Study Leave . Campus එකේ exam පටන් ගන්නේ සැප්තැම්බර් 14 වෙනිදා. ඊට කලින් IT paper එක තියෙනවා සැප්තැම්බර් 06. Exam පටන් ගන්න දවසේම හා හා පුරා කියලා මට පුරාවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ 21 ඉතිහාසය. 23 සමාජ විද්‍යාව. ඉංග්‍රීසි paper එකකුත් ඔක්තෝබර් 08 වෙනිදා තියෙනවා.

ඉතින් දැන් exam එකත් ළඟ නිසා පාඩම් කටයුතු උත්සවාකාරයෙන් පටන් ගන්න කියලා තමා හිතුවේ මේ සිකුරාදාට. වැඩ කටයුතු නිසා ඉස්සරහට බ්ලොග් කෙරුවාවට එන්න බැරිවෙයි.

සැප්තැම්බර් 23 ඉවර වුනාට පස්සේ මේ දවස්වලටත් හරියන්න ලියන්න තමා ඉන්නේ. කොටින්ම මේ දවස් ටිකට ආගිය කතා හුඟක් හොයා ගෙන තියෙන්නේ. ඒත් ලියන්න වෙලාවක් නැති එකයි තියෙන ගැටළුව. එහෙම නම් සැප්තැම්බර් 23 වෙනිදායින් පස්සේ නැවත හමුවෙමු.

හැමෝටම ජයවේවා !!!