මම අන්තිමට ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" post එකේ අන්තිමට තිබුණු සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුලුවන් කියන එකත් එක්ක හුඟක් අය ඒ ගැන ප්‍රශ්න කළා වගේම තවත් සමහරු ඇහුවා blog එක වහන්නද යන්නේ කියලා.
ඒත් පත්තු වෙලා තිබුණු ගින්දරත් එක්ක ඒකකටවත් උත්තරයක් දෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අද මේ සූදානම එහෙම එකක් කිව්වේ ඇයි කියලා කියන්න.
වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් නොවේවා කියලා මුලින්ම පටන් ගන්නම්. මාතෘකාව දැක්කාම නිකම් බොරු බොරු වගේ කියලා හිතුණත් මේ නම් ඇත්තම ඇත්ත.
ගිය සතියේ බ්‍රහස්පතින්දා අපේ අක්කා කෙනෙක්ගේ wedding එකකට මම ගිහින් ඉද්දී phone එකේ save කරලා තිබුණු නැති Mobitel number එකකින් [ We care always නේ :)) ] call එකක් ආවා.
මෙන්න මෙහෙමයි ඒ දෙබස් ටික
මේ ගුණසිංහ මහත්තයාද ?
ඔව් එයා තමා. කවුද මේ ?
අපි මේ CID එකෙන් කතා කරන්නේ. කොළඹ ජාතික කෞතුකාගාරයේ සිද්ධ වුණු සොරකම ගැන ඔයාගෙන් statement එකක් අපිට ගන්න උවමනා වෙලා තියෙනවා. අපි දැන් ........... පාරේ ඉන්නේ. කොහොමද ඔයාලගේ ගෙදර එන්නේ ???
....... පාරේ ටික දුරක් එද්දී පාරේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ............ මාවත. ඒකේ පළවෙනි ගෙදර.
ආහ් හරි. ඔයා දැන් ගෙදර ඉන්නවාද ?
මම දැන් නම් ගෙදර නෙමේ ඉන්නේ. Wedding එකකට ඇවිත් ඉන්නේ. මොකද කරන්නේ එතකොට ?
අපි දැන් ගේ ගාව ඉන්න. ........... පාට ගාලා තියෙන ගෙදර නේද ??
ඔව් ඔව්.
Statement එක ගන්න අපිට ආයි එන්න බැහැ. හෙට උදේට CID එකට එන්න පුලුවන්ද ?
හෙට නම් බැහැ හෙට මට තව wedding එකක් තියෙනවා.
අනිද්දා ?
අනිද්දා අද wedding එකේ home coming එක තියෙනවා.
ඉරිදා ?
ඉරිදාට සිකුරාදට තියෙන wedding එකේ home coming එක
සඳුදා ?
සඳුදා මට campus යන්න තියෙනවා
මහත්තයා ඔයා නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපිට මේ වැඩේ ඉක්මණට කරන්න ඕනේ.
අඟහරුවාදා කොහොමද ?
අඟහරුවාදා මම එන්නම් එහෙමනම්. කොතනද CID එක තියෙන්නේ ?
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානේ පහු කරලා කොටුව පැත්තට එද්දී හම්බෙන Cargills එක හරියෙන් අහන්නකෝ. එතකොට තැන ඕන කෙනෙක් පෙන්නයි
ඔයාලගේ ගෙදර මිදුලේ කවුද ඉන්නවා ?
ආහ් තාත්තා වෙන්න ඇති.
අපි එයාටත් විස්තරේ කියලා යන්නම්
ආහ් හරි
-------------------------------------------
මෙහෙමයි කතාව.
මම සිරාවටම හිතුණේ අපේ ගොන් ජොකියෙක් කරන විහිළුවක් කියලාමයි. අලුත් number එකකට මාරු වුණු ගමන් හුඟක් එවුන් ඔහොම කරනවානේ. ඒක නිසයි එක දිගට මඟුලුයි home coming කතායි කිව්වෙත්.
කෝකටත් කියලා මුන් ඇත්ත CID ද කියලා බලන්නත් එක්ක තමා CID එක තියෙන තැනත් ඇහුවේ. පස්සේ ඉතින් තාත්තටත් කියන්නම් කිව්වනේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා මම හිටියා.
තාත්තා මඟුල් ගෙදරට ආපු ගමන් මම ඇහුවා විස්තරේ. ඇත්ත තමා ඇත්තම CID එකෙන් තමා ඇවිත් තියෙන්නේ. පස්සේ ගෙදර යන ගමන් අම්මාට මේක කිව්වාම අම්මත් කෑ ගහනවා "මොන එහෙකටද CID එකෙන් එන්නේ" කියලා.
තාත්තා කිව්වා "ආපු CID එකේ අය කිව්වා මෙයා කෞතුකාගාර පුස්තකාලෙට ඇවිත් තියෙනවා. ඒකයි කට උත්තරයක් ගන්න ඕනේ" කියලා.
පස්සේ මම කිව්වා මට හිතෙන විදිහට විස්තරේ. අපේ Histroy Department එකෙන් කරන magazine එක තමා ඓතිහාසික ලේඛන සංග්‍රහය. ඒකට මම ලියන්න හිතාගෙන ඉන්නේ දක්ඛිණ ථූපය ගැන. ඒක ගැන මම කලින් e-අටුවාවටත් ලිව්ව post එක කරලා තව සංස්කරණය කරලා තමා ලියන්න ඉන්නේ
ඒකට දක්ඛිණ ථූපයේ සෙල්ලිපියක් තියෙන පොතක් හොයාගන්න ඕනේ වුණා. පොත තමා Inscription of Ceylon Volume 2 Part. Campus library එකේ හෙව්වාට ඒකේ ඒ පොත තිබුණේ නැහැ.
පස්සේ Archy කරන රිටා කිව්වා ජාතික කෞතුකාගාර පුස්තකාලේ ඇති. ඒකේ නැති පොතක් නැහැ කියලා. කෞතුකාගාර පුස්තකාලේ වාර්ෂික සාමාජිකත්වය ගන්න ඕනේ රුපියල් 300 ගාණක්. මට හැමදාම වැඩ නැහැනේ. එක දවසකට යන්නත් පුලුවන්ලු රුපියල් 10 ලු.
ඉතින් දවසක් මම හවස් වරුවක කෞතුකාගාර පුස්තකාලේ ගියා. ඕනේ කරන පොතේ විස්තර කොළේක ලියලා ඒකෙම අපේ නම, ලිපිනය, එහෙමත් ලියන්න ඕනේ නිසා ඒවත් ලියලා සල්ලිත් බැදලා මම පොත ගේනකම් හිටියා.
පස්සේ ඒ පොත මේ පුස්තකාලෙත් නැහැ. මම ඉතින් එන්නම් කියලා ආවා. එළියට ඇවිත් රිටාට ඕක කිව්වාම ඌ කිව්වා "පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලේ නම් ඇති" කියලා. පස්සේ මට ඒ සෙල්ලිපිය internet එකෙන් හොයාගන්න පුලුවන් වුණා
ඒක නිසා ජාතික කෞතුකාගාරයට ගිය එකෙන් කාලෙත් අපරාදේ සල්ලිත් අපරාදේ... අන්තිමට වුණේ ඇඬෙනවා තනි ඇහැට කියලා CID යන්න :(
කිව්වට හොරයක් බොරුවක් නැහැ. හිතේ පොඩි බයක් නම් තිබුණා. වැරැද්දක් කරලා නම් නැහැ තමා. ඒත් මේ ශ්‍රී ලංකාවනේ...
අන්තිමට අඟරුවාද උදේ මමයි තාත්තයි CID එකට ගිහින් ඇතුළට යන්න කලින් එදා ආපු Inspector ගේ number එකට call කරලා කිව්වා "අපි ඇවිත් ඉන්නේ. කොතනටද එන්න ඕනේ" කියලා
එතකොට එයා කියනවා "ආහ් සර් එන්න ඕනේ නැහැ. අපි එදා ආපහු ඇවිත් අපේ chief ට විස්තරේ කිව්වා. එයා කිව්වා මෙයා campus එකේ ළමයෙක්නේ. තාත්තා හමුදාවේනේ. ඒක නිසා statement එකක් ගන්න අවශ්‍ය නැහැ. උවමනා වුණොත් ඉදිරියේදී ගන්න කියලා"
ඕන් කතාව. මට හොඳ ඒවා මතක් වුණා. එහෙම එකක් කිව්වා නම් එදාම කියපිය. මගේ බොක්කේ පත්තු වෙලා තිබුණු ගින්දර
ඕන් කතාව. මට හොඳ ඒවා මතක් වුණා. එහෙම එකක් කිව්වා නම් එදාම කියපිය. මගේ බොක්කේ පත්තු වෙලා තිබුණු ගින්දර
මේ කුණු කතා
පස්සේ තාත්තයි මායි St. John Ambulance Headquartes එකට ගියා තාත්තගේ වැඩකට. මම office එකේ වාඩිවෙලා ඉද්දී එතනට ආපු චන්දික සර් [සර් කිව්වට අවුරුදු 30 ක් විතර. අපිට කතා කරන්නේම මචං කියලා]
ඒ හසිතයා. අපි යාළුවොනේ බන්. මට පොඩි මැණික් කෑල්ලක්වත් දියන් බන් කියලා හිනාවෙවී කියනවා :))
ඒ හසිතයා. අපි යාළුවොනේ බන්. මට පොඩි මැණික් කෑල්ලක්වත් දියන් බන් කියලා හිනාවෙවී කියනවා :))
මම කිව්වා "අම්මෝ චන්දික සර් බණ කතා කරන්න එපා. මම පත්තු වෙලා හිටිය පත්තුවිල්ල" කියලා
මේ හැමෝටමයි කියන්නේ කවුරුත් කාටවත් බොරුවට ඔය CID, පොලිසියෙන් කියලා කරලා විහිළු කරනවා එහෙම නෙමෙයි. අන්තිමට ඇත්තටම කතා කරපු දවසට වෙන්නේ " අර හැමදාම කොටියා ආවා කොටියා ආවා කියලා බොරු කියපු කොල්ලට ඇත්තටම කොටි ඇවිත් සිද්ධ වුණු දේ වගේ " දෙයක්
ඉතින් මම නැවතත් සුපුරුදු පරිදි වැඩවලට............
මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක
ඉතින් මම නැවතත් සුපුරුදු පරිදි වැඩවලට............
මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
- රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
- 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
- රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය





