වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.
මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ඒ එක් කෙනෙක් තමා "ලෙව්කේ" දිසාව.
දවසක් දා දිසාව හිතා ගත්තා හාමුදුරුවන්ට හොඳ වැඩක් කරන්නම් කියලා සාංඝික දානයකට කටයුතු සූදානම් කරලා කුංකුණාවේ හාමුදුරුවන්ටත් ඒකට ආරාධනා කළා.
ඉතින් මේ දානයට කුංකුණාවේ හාමුදුරුවොත් වැඩම කළා. දානේ වෙලාවෙදී කුංකුණාවේ හාමුදුරුවන්ව අපහසුතාවයට පත් කරන්න හිතා ගත්තු ලෙව්කේ දිසාව කෑලිවලට කපන්නේ නැතුව කන්න අපහසු වෙන ලොකු මස් කුට්ටියක් කුංකුණාවේ හාමුදුරුවන්ට පිළිගැන්නුවා
මේ විශාල මස් කුට්ටිය වළඳන්න බැරුව හාමුදුරුවන් අපහසුතාවයකට මූණ දෙන්න වෙයි කියලා ලෙව්කේ දිසාව බලන් ඉද්දී එයා දැක්කා කුංකුණාවේ හාමුදුරුවෝ මස් කුට්ටිය අතින් අල්ලාගෙන අත පුරා මූණ පුරා ගාගෙන දත්වලින් ඉරාගෙන වළදන්න පටන් ගන්නවා.
මේ වෙලාවේ සමච්චල් හිනාවක් දාපු ලෙව්කේ දිසාව මහ හයියෙන් හැමෝටම ඇහෙන්න කිව්වා "මොකද හාමුදුරුවනේ මේ සුනඛ සෙයියාවෙන් දන් වළදන්නේ" කියලා.
ඒකට උත්තර විදිහට කුංකුණාවේ හාමුදුරුවෝ ක්ෂණිකව කිව්වා " සුනඛයන් දුන් දානේ සුනඛ සෙයියාවෙන් වළදන්න එපැයි දිසාවේ" කියලා :))
තවත් දවසක් දා තවත් හාමුදුරුවරු කණ්ඩායම එක්ක කුංකුණාවේ හාමුදුරුවොත් රජ මාළිගාවේ දානෙකට වැඩම කළා. සග මහලු පිළිවෙලට හාමුදුරුවරු අසුන් ගනිද්දී උපසම්පදාවෙන් වැඩි වස් ගණනාවක් නොතිබුණු කුංකුණාවේ හාමුදුරුවෝ තමා අන්තිමයාට වාඩි වෙලා හිටියේ.
මෙදා දානෙට බිත්තර තම්බලා එහෙමත් තිබුණාලු. රජතුමා මුලින්ම නායක හාමුදුරුවන්ට බිත්තරයක් බෙදන්න ගියත් උන් වහන්සේ පාත්‍රය අතින් ආවරණය කළා. ඔයාලත් දන්නවනේ හාමුදුරුවෝ ඒ විදිහට පාත්‍රය අතින් ආවරණය කරන්නේ ඒ ආහාරය අවශ්‍ය නැහැ හරි ලැබුණු ප්‍රමාණය ප්‍රමාණවත් කියන්න හරිනේ
මේක නම් ප්‍රධාන කතාව මැද්දේ යන පොඩි කුණු කතාවක්. අපේ එකෙක් දානෙකට ගිහින් හාමුදුරුවන්ට දානේ බෙදද්දී හාමුදුරුවෝ ඇතියි කියන්න පාත්‍රය අතින් ආවරණය කළාලු. මූ හාමුදුරුවන්ගේ අත අයින් කරලා තව හොඳි ටිකක් පාත්‍රයට බෙදුවලු.
පස්සේ මූ කියනවලු " බලපන් බන් හාමුදුරුවෝ කරන කෝලම් වැඩ. හොඳි බෙදද්දී පාත්තරේට අත අල්ලලා අතත් පුච්ච ගත්තා ඇඟ පුරා හොඳිත් හලා ගත්තා" කියලා :))
ආයි ප්‍රධාන කතාවට ආවොත් නායක හාමුදුරුවෝ ඒ විදිහට බිත්තර ප්‍රතික්ෂේප කරපු නිසා අනිත් හාමුදුරුවරුත් බිත්තර පිළිගත්තේ නැහැ. රජ්ජුරුවෝ අන්තිමට හිටිය කුංකුණාවේ හාමුදුරුවන්ට බිත්තරයක් පිළිගන්වන්න යද්දී උන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. අතින් පාත්‍රය ආවරණය කරපු නැති නිසාත් රජතුමා තව තව බිත්තර බෙදුවා.
අන්තිමට එක බිත්තරයි ඉතුරුයි. ඒක බෙදන්න යද්දී කුංකුණාවේ හාමුදුරුවෝ පාත්‍රය ආවරණය කළා. එතකොට රජතුමා කියනවලු " හාමුදුරුවනේ මේ අන්තිම බිත්තරේත් වළදන්න කියලා.
ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))
ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))
වැලිවිට සරණංකර සංඝරාජ හිමි
මේ කාලේ වරින්වර කන්ද උඩරටට ලන්දේසි ආක්‍රමණ දියත් වුණු කාලයක්. එක පාරක් ලන්දේසි ආක්‍රමණයක් උඩරට එල්ල වෙද්දී ඔක්කොම වගේ ආරක්ෂාව හොයාගෙන කන්ද උඩරටින් පැනලා ගියා. ඒත් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ අසනීපෙන් සහ වයස්ගතව හිටිය නිසා ආරක්ෂිත ස්ථානයකට යන්න පුලුවන්කමක් තිබුණේ නැහැ.
මේ වෙලාවේ එතනට වැඩම කරන කුංකුණාවේ හාමුදුරුවන්ට සඟරජ හාමුදුරුවෝ තමන්ගේ දුක කියන්නේ මේ විදිහට
ඉතින් පිහිට දැන් මට නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගේ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
දෙන්ඩ ගන්ඩ දෙයකුත් නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
කටු පහුණේ මම කොහොමද යන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ
සංඝරාජ හාමුදුරුවෝ පත්වෙලා හිටිය දුක්මුසු තත්වයේ නිසා කම්පවට පත්වෙන කුංකුණාවේ හාමුදුරුවෝ සංඝරාජ හාමුදුරුවන්ට පයින් වැඩම කරන්න බැරි නිසා කරේ තියාගෙන සූරියගොඩ කැලෑවෙන් මැණික්දිවෙල පන්සලට අරගෙන ආවා.
කුංකුණාවේ හාමුදුරුවෝ කරපු උපකාරයට කෙළෙහි ගුණ දැක්වීමක් විදිහට සංඝරාජ හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට වැල්ලාගල පන්සල පවරා දෙනවා.
ඒකට අද මම දෙමි වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල
මේ විදිහට කුංකුණාවේ හාමුදුරුවන්ට උරුම වුණු වැල්ලාගල පන්සල තමා මොරතොර හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට අහිමි කරන්නේ. ඒක ගැන එදා කිව්වනේ
එහෙම නම් කතා අවසානයි :)
ප.ලි.: මීළඟ ඉතිහාසයේ අප්‍රකට කතාව කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමෙක් ගැනයි.........



