වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.
මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ඒ එක් කෙනෙක් තමා "ලෙව්කේ" දිසාව.
දවසක් දා දිසාව හිතා ගත්තා හාමුදුරුවන්ට හොඳ වැඩක් කරන්නම් කියලා සාංඝික දානයකට කටයුතු සූදානම් කරලා කුංකුණාවේ හාමුදුරුවන්ටත් ඒකට ආරාධනා කළා.
ඉතින් මේ දානයට කුංකුණාවේ හාමුදුරුවොත් වැඩම කළා. දානේ වෙලාවෙදී කුංකුණාවේ හාමුදුරුවන්ව අපහසුතාවයට පත් කරන්න හිතා ගත්තු ලෙව්කේ දිසාව කෑලිවලට කපන්නේ නැතුව කන්න අපහසු වෙන ලොකු මස් කුට්ටියක් කුංකුණාවේ හාමුදුරුවන්ට පිළිගැන්නුවා
මේ විශාල මස් කුට්ටිය වළඳන්න බැරුව හාමුදුරුවන් අපහසුතාවයකට මූණ දෙන්න වෙයි කියලා ලෙව්කේ දිසාව බලන් ඉද්දී එයා දැක්කා කුංකුණාවේ හාමුදුරුවෝ මස් කුට්ටිය අතින් අල්ලාගෙන අත පුරා මූණ පුරා ගාගෙන දත්වලින් ඉරාගෙන වළදන්න පටන් ගන්නවා.
මේ වෙලාවේ සමච්චල් හිනාවක් දාපු ලෙව්කේ දිසාව මහ හයියෙන් හැමෝටම ඇහෙන්න කිව්වා "මොකද හාමුදුරුවනේ මේ සුනඛ සෙයියාවෙන් දන් වළදන්නේ" කියලා.
ඒකට උත්තර විදිහට කුංකුණාවේ හාමුදුරුවෝ ක්ෂණිකව කිව්වා " සුනඛයන් දුන් දානේ සුනඛ සෙයියාවෙන් වළදන්න එපැයි දිසාවේ" කියලා :))
තවත් දවසක් දා තවත් හාමුදුරුවරු කණ්ඩායම එක්ක කුංකුණාවේ හාමුදුරුවොත් රජ මාළිගාවේ දානෙකට වැඩම කළා. සග මහලු පිළිවෙලට හාමුදුරුවරු අසුන් ගනිද්දී උපසම්පදාවෙන් වැඩි වස් ගණනාවක් නොතිබුණු කුංකුණාවේ හාමුදුරුවෝ තමා අන්තිමයාට වාඩි වෙලා හිටියේ.
මෙදා දානෙට බිත්තර තම්බලා එහෙමත් තිබුණාලු. රජතුමා මුලින්ම නායක හාමුදුරුවන්ට බිත්තරයක් බෙදන්න ගියත් උන් වහන්සේ පාත්‍රය අතින් ආවරණය කළා. ඔයාලත් දන්නවනේ හාමුදුරුවෝ ඒ විදිහට පාත්‍රය අතින් ආවරණය කරන්නේ ඒ ආහාරය අවශ්‍ය නැහැ හරි ලැබුණු ප්‍රමාණය ප්‍රමාණවත් කියන්න හරිනේ
මේක නම් ප්‍රධාන කතාව මැද්දේ යන පොඩි කුණු කතාවක්. අපේ එකෙක් දානෙකට ගිහින් හාමුදුරුවන්ට දානේ බෙදද්දී හාමුදුරුවෝ ඇතියි කියන්න පාත්‍රය අතින් ආවරණය කළාලු. මූ හාමුදුරුවන්ගේ අත අයින් කරලා තව හොඳි ටිකක් පාත්‍රයට බෙදුවලු.
පස්සේ මූ කියනවලු " බලපන් බන් හාමුදුරුවෝ කරන කෝලම් වැඩ. හොඳි බෙදද්දී පාත්තරේට අත අල්ලලා අතත් පුච්ච ගත්තා ඇඟ පුරා හොඳිත් හලා ගත්තා" කියලා :))
ආයි ප්‍රධාන කතාවට ආවොත් නායක හාමුදුරුවෝ ඒ විදිහට බිත්තර ප්‍රතික්ෂේප කරපු නිසා අනිත් හාමුදුරුවරුත් බිත්තර පිළිගත්තේ නැහැ. රජ්ජුරුවෝ අන්තිමට හිටිය කුංකුණාවේ හාමුදුරුවන්ට බිත්තරයක් පිළිගන්වන්න යද්දී උන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. අතින් පාත්‍රය ආවරණය කරපු නැති නිසාත් රජතුමා තව තව බිත්තර බෙදුවා.
අන්තිමට එක බිත්තරයි ඉතුරුයි. ඒක බෙදන්න යද්දී කුංකුණාවේ හාමුදුරුවෝ පාත්‍රය ආවරණය කළා. එතකොට රජතුමා කියනවලු " හාමුදුරුවනේ මේ අන්තිම බිත්තරේත් වළදන්න කියලා.
ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))
ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))
වැලිවිට සරණංකර සංඝරාජ හිමි
මේ කාලේ වරින්වර කන්ද උඩරටට ලන්දේසි ආක්‍රමණ දියත් වුණු කාලයක්. එක පාරක් ලන්දේසි ආක්‍රමණයක් උඩරට එල්ල වෙද්දී ඔක්කොම වගේ ආරක්ෂාව හොයාගෙන කන්ද උඩරටින් පැනලා ගියා. ඒත් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ අසනීපෙන් සහ වයස්ගතව හිටිය නිසා ආරක්ෂිත ස්ථානයකට යන්න පුලුවන්කමක් තිබුණේ නැහැ.
මේ වෙලාවේ එතනට වැඩම කරන කුංකුණාවේ හාමුදුරුවන්ට සඟරජ හාමුදුරුවෝ තමන්ගේ දුක කියන්නේ මේ විදිහට
ඉතින් පිහිට දැන් මට නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගේ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
දෙන්ඩ ගන්ඩ දෙයකුත් නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී
කටු පහුණේ මම කොහොමද යන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ
සංඝරාජ හාමුදුරුවෝ පත්වෙලා හිටිය දුක්මුසු තත්වයේ නිසා කම්පවට පත්වෙන කුංකුණාවේ හාමුදුරුවෝ සංඝරාජ හාමුදුරුවන්ට පයින් වැඩම කරන්න බැරි නිසා කරේ තියාගෙන සූරියගොඩ කැලෑවෙන් මැණික්දිවෙල පන්සලට අරගෙන ආවා.
කුංකුණාවේ හාමුදුරුවෝ කරපු උපකාරයට කෙළෙහි ගුණ දැක්වීමක් විදිහට සංඝරාජ හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට වැල්ලාගල පන්සල පවරා දෙනවා.
ඒකට අද මම දෙමි වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල
මේ විදිහට කුංකුණාවේ හාමුදුරුවන්ට උරුම වුණු වැල්ලාගල පන්සල තමා මොරතොර හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට අහිමි කරන්නේ. ඒක ගැන එදා කිව්වනේ
එහෙම නම් කතා අවසානයි :)
ප.ලි.: මීළඟ ඉතිහාසයේ අප්‍රකට කතාව කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමෙක් ගැනයි.........
මරු
ReplyDelete@ Anonymous 1
Deleteඑළ :D
අනික ඉක්මනටම දාන්න.
ReplyDelete@ Anonymous 2
Deleteඅනිවාර්යයෙන්ම. ඒ කතාව මේ සෙනසුරාදාට බලාපොරොත්තු වෙන්න.
නියමයි.. අනිත් කතාව එන තුරු නොඉවසිල්ලෙන්
ReplyDelete@ mee godaya
Deleteස්තුතියි. බලන් ඉන්න වෙන්නේ සෙනසුරාදා වෙනකම් විතරයි
ම්..ස්තුතියි හසිත මේ කතාවටත්..
ReplyDeleteඅර බිත්තර කතාවට නම් මටත් හිනා ගියා..
ඉතිරි කතාත් එනතුරු මඟ බලා හිඳිමි..
@ රූ....
Deleteමග බලාගෙන ඉන්න කට්ටියක් ඉන්න බව දැනගැනීමත් සතුටක් අක්කේ :)
බිත්තර ගැන කියපු කතාව නම් මම අහුවේ දැනුයි.. බලාගෙන යද්දි උන්වහන්සේ හරි..
ReplyDelete@ Dinesh
Deleteකතාවේ විදිහට උන්වහන්සේ හරි වුනාට ඇත්තටම උන්වහන්සේ හරිද කියන එක ගැටළුවක්
අඩේ නියමය්නේ :D
ReplyDelete@ ..ChAnDiKa..
Deleteතැන්කු තැන්කු :D
ඉදිරියටම යමු ...
ReplyDelete@ ශෂී
Deleteමානිවත්ත අභික්ඛම
“මානිවත්ත අභික්ඛම“ දැක්කම මතක්වුණේ. මේක මම කොහේදි හරි කියවපු සිද්ධියක්. තැන නම් මතක නෑ. කතා සාරාංශය මෙහෙමයි.
Deleteමේ සිද්ධිය වුණ ඉස්කෝලෙ ආදර්ශ පාඨය “මානිවත්ත අභික්ඛම“. ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ වේදිකාවට උඩින් තියන බාල්කෙ මේක ලොකු අකුරින් ලියල තියනවළු තීන්තෙන්. මේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ ජනප්‍රිය නාමය “පිනා“ (මට මතක හැටියට වෙන නමක් තිබුණෙ. ඒක මට මතක නෑ. අපි හිතමු පිනා කියල) ඔය බාහිර වැඩට හවස නැවතුන කොල්ලො කීප දෙනෙක් හුණු කෑල්ලකින් අර වාක්‍යයට යටින් තව එකක් ලියල. උදේ ඉස්කෝලෙට ආපු ළමයිට පේන්නෙ මෙහෙමළු,
“මානිවත්ත අභික්ඛම“
පිනාගේ බිබික්කම
@ DDT
Deleteමානිවත්ත අභික්ඛම කියන්නේ "නොනැවතී ඉදිරියට" කියන එක.
දවසක් දා මානෙල්වත්ත පන්සලේ දානෙකට වැඩම කරපු පොඩි හාමුදුරුවන්ට හම්බුණු පිරිකරක් ගැන අහපු වෙලෙත් හාමුදුරුවෝ කිව්වේ
"මානිවත්ත අභික්ඛම - මානෙල්වත්තේ බිබික්කම" කියලා :D
haamuduruwaru mas saha biththara waladana bawa mama denan hitiye nehe... mama hithuwe unwahansela nirmanshikai kiyala ...
ReplyDeleteභික්ෂුන් වහන්සේලාට වළඳන්නට අවසර ඇත්තේ ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශ පමණයි... වැඩි විස්තර හසිතගෙන් ලැබේවි... මමත් මීට වැඩි දෙයක් දන්නෙ නෑ...
Delete@ Anonymous 3
Deleteබෞද්ධ භික්ෂූන් වහන්සේලා නිර්මාංශික විය යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා නැහැ.
උදාහරණයක් විදිහට දෙව්දත් තෙරුන්ගේ පංචවර ආයාචනයක් වුණු "භික්ෂුව ජීවිතාන්තය තෙක් මත්ස්‍ය මාංශයෙන් තොර විය යුතුයි" යන ඉල්ලීම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ කැමති අයට එය පිළිපැදිය හැකි බවත් අකමැති අයට නොපිළිපැදිය හැකි බවත් දක්වමින්.
ඒ කෙසේ වෙතත් මත්ස්‍ය මාංශ අනුභවය සම්බන්ධව බුදුන් වහන්සේ ශික්ෂා පද කීපයක් පනවලා තිබෙනවා.
ඉහත ප්‍රතිචාරයෙන් චතුරංගත් දක්වලා තියෙන්නේ ඒ කරුණක් ගැන. බුදුන් වහන්සේ දේශනා කරනවා "මහණෙනි, දැන උදෙසා කළ මාංශය නොවැළඳිය යුතුයි. යමෙක් වැළඳුවේ නම් දුකුලා ඇවැත් වේ. මහණෙනි, භික්ෂූන් උදෙසා මරනු නොදුටු, භික්ෂූන් උදෙසා මරන ලදැයි නොඇසූ, භික්ෂූන් උදෙසා මැරුවේයැයි සැකයක් නැත්තා වූ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුදනිමි කියලා.
ඒ වුණත් බුදුන් වහන්සේ කිසිම ආකාරයකින් නොවැළඳිය යුතු මාංශ වර්ග 10 ක් දක්වනවා.
ඒවා නම් මිනී මස්, අලි මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස්, හරක් මස්
කොහොම නමුත් මගේ පුද්ගලික අදහස මත්ස්‍ය මාංශයෙන් තොර වීම භික්ෂූන් වහන්සේලාට පමණක් නෙමෙයි ගිහි අපිට වුණත් වැඩදායකයි කියන එක
@ Chathuranga Perera
Deleteස්තුතියි ඔබට හොඳ ප්‍රවේශයක් ගත්තාට
දොන් ජුවන් ධර්මපාල ගැනද කියන්න යන්නේ?
ReplyDelete@ විසිතුරු
Deleteනැහැ. ධර්මපාල රජතුමා කතෝලිකයෙක්ව මිය ගියා පමණයිනේ. ඔහු කතෝලික පූජකයෙක් වුණේ නැහැ වගේම උඩරට රජතුමා වෙලා හිටියෙත් නැහැනේ.
සෙනසුරාදාටම කියවන්නකෝ
Niyama kathawa,mita kalin ohoma hamudu namak gana ahala tibun na...
ReplyDeleteAra athara madin dala tibunu hamuduruwange atha ain karala hodi dapu seen ekata nam niyametama hina giya...
Hamuduruwo ara eka bittarayak pili nogath wela kiyala tiyana katawa niyamai,balan yaddi hamuduruwo attane kiyala tiyenne,
Me wage athitha siddi tawa godak tiyanawa wage me blogaye...
Niwadu paduwe ewat kiyawannamko...
Ilaga katawat ikmanatama danna...
@ Damith Sriyantha
Deleteස්තුති ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට. ඒවගේමයි සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට...
හාමුදුරුවන්ගේ අත අයින් කරලා හොඳ දාපු එක නම් කුණු කතාවක්.... :D
කුංකුණාවේ හාමුදුරුවන්ගේ බිත්තර කතාව හරියට තර්ක ශාස්ත්‍රයේ එන සත්‍ය හා සප්‍රමාණ කියන සංකල්ප දෙක වගේ. හාමුදුරුවන්ගේ කතාව තර්කයට අනුව හරි ඒ කියන්නේ සප්‍රමාණයි. ඒත් බුද්ධ නීතියට අනුව නම් අසත්‍යයි......
මේ කතා අහන්න මම ගොඩාක් කැමති.හැම දෙනෙක්ම එන්නේ ඉතිහාස කතා අහන්න නේ නේ.ඉතුරු ටිකක් ඉක්මනින් දාන්න.
ReplyDelete@ අසරණයා
Deleteඅනිවාර්යයෙන්ම. ඉතිහාස කතා අහන්න කට්ටියගේ ලොකු කැමැත්තක් තියෙන බව පේනවා. ඒක සපුරා ගන්න මගේ උපරිම සහයෝගය
මරු කතා කෑලිටික ඈ...
ReplyDelete@ amila chathuranga
Deleteමරුද කියලත් අහනවා
බිත්තර කතාව හොඳයි තමයි. වස් කවි කෙසේ වෙතත්, තැනට සුදුසු නුවණ තිබුනු හාමුදුරු කෙනෙක් වගේ පේනවා.:)
ReplyDelete@ Podi Kumarihami
Deleteමේවගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරපු නූතන කාලේ හාමුදුරුවරුන්ගේ කතා රැසක් තියෙනවා සඟ රස බස් කෘතියේ.
ඒක කතා කීපයක් මම කලින් ලියලත් ඇති. පුලුවන්කමක් තියෙනවා නමේ පොත හොයාගෙන කියවන්න
ස්තුතියි හසිත ඉතිහාස පෙට්ටගම අවුස්සලා මේ කථා මතුකරනවාට ??? ඉගෙන ගන්න දෙයින් හොඳටම වැඩ ගන්න කෙනෙක් බව කියන්න පුළුවන් මෙන්න මේ වගේ ලිපි හින්දා... ඇත්තටම ආසාවෙන් කියවනවා... ඉක්මනට ඊගාව ලිපියත් දාන්න...ජයවේවා !!!
ReplyDelete@ Chathuranga Perera
Deleteමේකේ මූලික ගෞරවය හිමිවෙන්න ඕනේ අපිට මහනුවර යුගය ගැන දේශන සඳහා සම්බන්ධ වුණු මහාචාර්ය එම්.යූ සිල්වා ඇඳුරුතුමාට. මේ වගේ කාර්යයක් කරන්න ආශාවක් ඇති කළේ එතුමාගේ දේශන වගේම එතුමා ලබාදීපු අවවාද
හරිම ලස්සන පෝස්ට් එකක්
ReplyDelete@ Bindi
Deleteතැන්කු තැන්කු අක්කේ
මමත් මේ හාමුදුරුවෝ ගැන ගොඩක් කතා අහලා තියෙනවා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ස්තූතියි ඔයාට..
ReplyDelete@ පුංචි කුමාරිහාමි
Deleteස්තුතියි. හෙට කතාව බලන්නකෝ. හෙට කතාව තමා නියම කතාව...........
මේවා හොද වැඩ. අගය කරනවා.ඔබට තෙරැවන් සරණයි.
ReplyDeleteඒ ආක්‍රමණය එල්ල වුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ නම් රජතුමා සංඝරාජ ස්වාමින් වහන්සේ දාලා ගියා කියන එක පුදුමයි.
ReplyDelete