එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්‍රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.
කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්‍රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්.
දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්‍රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ :)
කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්‍රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්.
දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්‍රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ :)
මේ කුංකුණාවේ හාමුදුරුවෝ කිව්ව ප්‍රසිද්ධ වස් කවි කීපයක් නිධාන කතාත් එක්කම......
කුංකුණාවේ හාමුදුරුවන්ට හිතවත් උපාසිකාවක් පූජා කරපු පැදුරක් පැදුරු ආනේ දාලා තිබුණේ. දවසක් හාමුදුරුවෝ පැදුර අරන් බලද්දී ඒ පැදුර මීයෝ කාලා. ඒකේ කේන්තියටත් එක්ක හාමුදුරුවෝ මෙන්න මේ වස් කවිය කිව්වලු
මදමත් රූසිරු අඟනක් දුන්නා
පැදුර ගෙනත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදේ දෝ මට නොදැනෙයි
මීයා පැදුරට කළ මානේ
තෙදලත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කීවෙමි මේ මානේ
අදවත් මීයගේ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පූනේ
මේ කවිය කියලා අවසන් වෙනවාත් එක්කම පූසෙක් පැනලා ඒ මීයාව අල්ලා ගත්තලු
තව දවසක් හාමුදුරුවන්ගේ පන්සලේ පොල් ගස්වල කුරුම්බැට්ටි මීයෙක් කකා බිම දාන නිසා පොල් ගෙඩි හැදෙන්නේ නැති එක වළක්වන්න හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු
මේකා මොකාදෝ මට නොදැනෙයි මේකා
කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා
විකා ඇට නහර මස් ලේ උරා කකා
යකා මහ සොහොන් උගේ දිවි හරින් මකා
කවිය අවසන් වෙනවාත් එක්කම පොල් ගහේ හිටිය මීයා මැරී වැටුණලු
ආයි දවසක හාමුදුරුවන්ගේ පන්සලේ වගාව විනාශ කරන ඌරෙක්ට මේ කවිය කිව්වලු
රටල ගෝනල කඩල කටුවල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල
අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල
අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල
පහුවෙනිදා උදේ බලද්දී පන්සල් වැට මායිමේ ඌරා මැරිලා හිටියලු
රජතුමාගේ බිසෝවරු හිටිය මාළිගාව එහෙමත් නැත්නම් පල්ලේ වාහල ඉස්සරහින් තියෙන පාරේ ගමන් කරන එක රාජාධි රාජසිංහ රජතුමා තහනම් කරලා තිබුණේ. ගියොත් සබ්බුව.
එක දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මේ පාරේ වඩිනවා දැකපු රාජ පුරුෂයෝ ඒ ගැන රජතුමාට කියපු නිසා රාජාධි රාජසිංහ රජතුමා එතනට ඇවිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා " කවුද ඔබ වහන්සේට මේ පාරේ වඩින්න අවසර දුන්නේ ?" කියල
" මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු
" මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු
මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
කවිය අවසන් වෙනවාත් එක්කම කොස් ගහ හතරට පැළුණලු. "තමුන්ගේ මහ බඩ පලන්නෙත් ඔය විදිහට තමා" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ "මොකද කියන්නේ මම හතර පදයක් ගළපන්නද ?" කියලා අහපු ගමන් රාජාධි රාජසිංහ රජතුමා හොඳටම බයවෙලා හාමුදුරුවන්ගෙන් වැඳලා සමාව ගත්තලු :))
මේ කාලෙම තමා මහනුවර නාථ දේවාලේ වහළ උඩට බෝ අත්තක් පාත්වෙලා වහළේ අබලන් තත්වෙට පත්වෙන්න ගත්තේ. බෝ අත්ත කපන්නත් බැහැ වස් වදී කියලා ඒ වගේමයි අත්ත තියන විදිහටත් කැපුවොත් වහළෙටමයි කඩන් වැටෙන්නේ. අන්තිමට බෝ අත්ත අයින් කරන වැඩේට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු
රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩියා
කවිය අවසන් වෙනවාත් එක්කම ආපු චණ්ඩ මාරුතයකින් නාථ දේවාලේ වහළට පාත්වෙලා තිබුණු බෝ අත්ත කැඩිල ගිහින් උඩවත්ත කැළේට වැටුණලු
දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු
පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා
පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර
පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා
සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා
කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්‍රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු
මේ කාලේ කුංකුණාගේ හාමුදුරුවන්ගේ විරුද්ධකාරයක් වුණේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා " කුණා කුණාමයි" කියලා මොරතොට හාමුදුරුවෝ කියපු ගමන් කුංකුණාවේ හාමුදුරුවෝ අනිත් පැත්තට " තොට තොටියා" කිව්වා.
මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්‍රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා.
මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්‍රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා.
මේ නිසා කුංකුණාගේ හාමුදුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට තමන්ට වුණු කරදරය කියන්නේ මෙන්න මෙහෙම
සෙනේ නැතිව කොහොමද අර ගත්තේ
මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ
අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ
පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ
ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ
බඩට නොවෙද රස මුසු බත් කන්නේ
දුකට නොවෙද කවි පද තෙපලන්නේ
වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ
මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ
අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ
පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ
ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ
බඩට නොවෙද රස මුසු බත් කන්නේ
දුකට නොවෙද කවි පද තෙපලන්නේ
වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ
පහටක් කුසල් නොකළෙමි සිත දරා ගෙනේ
ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ
කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ
පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ
පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා
ඉහරක් නැතිව මැත කම් දොඩවනවා
අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා
වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා
ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ
කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ
පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ
පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා
ඉහරක් නැතිව මැත කම් දොඩවනවා
අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා
වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා
මේ නිසා රජතුමා කුංකුණාවේ හාමුදුරුවන්ට අන්නම්පට්ටුව කියන පන්සල පූජ කරනවා. ඒකෙනුත් හාමුදුරුවන්ව පන්නන්න ගියත් රජතුමා ඒක වළක්වනවා. ඒ ගැන කවියෙන් කිව්වේ මෙහෙම
අන්නම්පට්ටුව කියා ලබාපූ
එය මය කීවට නැතැයි කියාපූ
වර්ගවෙලා මා අහකට කරපූ
ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ
එය මය කීවට නැතැයි කියාපූ
වර්ගවෙලා මා අහකට කරපූ
ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ
මෙහෙම වස් කවි වගේ ඒවාට කුංකුණාවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණත් ඒවා විතරක් නෙමෙයි හාමුදුරුවෝ ධර්ම ග්‍රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. ධම්ම චේතිය සූත්‍ර සන්නය, වෙහෙර විත්ති, රාම සංදේශය ඒවායින් කීපයක්
ඔන්න ඕවායි ඉතින් වස් කවි කිව්වලු :))
ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර 49 ක වළඳපු හැටි, කුංකුණාවේ හාමුදුරුවෝ ලෙව්කේ දිසාව මට්ටු කළ හැටි අහලා තියෙනවද ?
ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර 49 ක වළඳපු හැටි, කුංකුණාවේ හාමුදුරුවෝ ලෙව්කේ දිසාව මට්ටු කළ හැටි අහලා තියෙනවද ?
අපොයි මේ හාමුදුරුවෝ අද කාලේ හිටියා නම් කියලා හිතෙනවා. මිනිස්සු බයේ වැරදි නොකර ඉඳී. යටි කතාවෙන් පෙනෙන දෙයක් තමයි ඒ කාලෙත් හාමුදුරුවරු අතර අද වගේම භේද බින්න තිබුනු බව.
ReplyDeleteහාමුදුරුවන්ට මෙහෙම වස් කවි කියන්ට හොඳද?
හසිත ඔයාගේ පෝස්ට් එකේ අකුරු ටික වෙලාවක් යනකල් පෙනුනෙම නෑ. ඊමේලක් දාන්ට හදනකොට පේන්ට පටන් ගත්තා. ඒක පොඩ්ඩක් බලනවද? නැත්නම් වස් කවියක් කියන්ටද? හී හී ...විහිලුවට හොඳේ. :D:D:D
අපෝ එහෙනම් මේ වගේ හාමුදුරුවරු ගොඩක් ඕන වෙයි.
Delete@ Podi Kumarihami
Deletepost එකේ මොකක් හරි හුටපටයක් තිබුණා තමා. ඒක සැණින් තේරුණු නිසා හදලා දැම්මා :D
අද කාලෙටත් මෙහෙම හාමුදුරුවරු හිටියොත් නම් හොඳයි. දණ්ඩ භය කියලා එකක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දඬුවමට බයෙන් මිනිස්සු පව් වැඩ නොකර ඉන්නවා කියලා.
හාමුදුරුවරුන්ගේ භේද භින්න ගත්තොත් නිකාය වශයෙන් භේද තියෙනවා වගේම ගුරු ගෝල ප්‍රශ්න, ශිෂ්‍යයන් අතර විහාරාරාමවලට භේද වශයෙන් නොයෙක් ඒවා තිබෙනවා. පෘථග්ජනයෝ නොවැ. කොහොම නමුත් ඒවා මග හරවා ගන්න උත්සහ කරන්න ඕනේ
හාමුදුරුවරුන්ට විශේෂයෙන්ම උපසම්පදා භික්ෂූන්ට වස් කවි ආදිය කීම වගේ දේවල් කැප නැහැ. ජීවිත හානියක් වෙනවානේ ඒකෙන්. ප්‍රාණඝාතය කියන්නේ පාරාජිකාවක් විදිහටයි බුදු හාමුදුරුවෝ දක්වන්නේ.
සතර පාරාජිකාවන් සිදුවීමෙන් උපසම්පදා ශීලය නැතිව ගොස් සාමණේර වන බවත් නැවත උපසම්පදාව නොපිහිටන බවත් තමා උන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ
@ මධුරංග
Deleteඑක පළාතකට එක හාමුදුරු නම බැගින් හිටියා නම් මොකක් හරි හොඳක් වෙයි
මේ කතා ටික දැනගන්න ලැබුනෙත් අදමයි. ගොඩක් ස්තුතියි මල්ලි අපි නොදන්න දේවල් කියලා දුන්නට.
ReplyDelete@ මධුරංග
Deleteස්තුතියි. මේ වගේ කතා කීපයක්ම තව ඉස්සරට කියනවා අයියා
Namin ahala thibunata me wage wada karuwek kiyala ahala thibune naha.Ada hitiyanam dan inne "Tempale Trees" wala.
ReplyDelete@ Kenji
Deleteහැබැයි Temple Treesවල ඉදියිද එහෙමත් නැත්නම් එහේ ඉන්න එක්කෙනාවත් රජ්ජුරුවන්ට කිව්ව වගේ කවියක් කියලා බය කරයිද දන්නේ නැහැ :D
මමත් කතා කීපයක් අහලා තියෙනවා. ඒත් මෙච්චර දුරට අහලා නෑ....
ReplyDelete@ prasanna86k
Deleteමේ කතා ටික පොත් කීපයකින් එකතු කර ගත්තේ.....
රටේ පාලනය ගැන කලකිරුනූ වෙලාවක කුඹි රැලක් දැකල උන් වහන්සේ කියපු කවියක් තියෙනව නේද,"""අනේ කූඹින්නේ..තොපටත් රජෙක් ඉන්නේ....කියල
Deleteකතා කීපයක් උදිත බ්ලොග් එකේ ලියලා තිබිලා කියෙව්වා.ඒත් සමහර ඒවානම් අහලා නෑ.
ReplyDeleteස්තූතියි මල්ලි. ඉතුරු ටිකත් ලියමු....
@ නිසුපා
Deleteමමත් ඒක කියෙව්වා අක්කේ. මෙතන කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඔක්කොම වගේ කතා තියෙනවා අර ප.ලියේ දාපු ටික ඇරෙන්න.
තව කතාවක් තියෙනවා කුංකුණාවේ හාමුදුරුවෝ සරණංකර සංඝරාජ හාමුදුරුවරුන්ගේ ජීවිතේ බේරගත්තු හැටි කියන. ඒකත් ඊළඟ පාර කියන්නම්
අද කාලේ ඉන්න තිබ්බේ කුංකුණාවේ හාමුදුරුවෝ...
ReplyDeleteප.ලි කෑල්ල දැක්කම හොද කතා කිපයක් ඉදිරියේ එන බව විශ්වාසයි...
@ Dinesh
Deleteඅනිවාර්යයෙන්ම. ප.ලියේ කතා දෙකට තව කතාවක් එකතු කරන්න ඉන්නේ. ඒ කුංකුණාවේ හාමුදුරුවෝ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ ජීවිතේ බේරගත්තු හැටි ගැන කියන කතාව
අපූරු කථාටික... මාත් අදමයි ඇහුවේ
ReplyDeleteමදමත් රුසිරු කවිය අපේ සිංහල පොතේ තිබුණා පහේ පන්තියේ.
ReplyDeleteකුංකුණාවේ නිකං හාමුදුරුනමක් නෙමේ exterminator කෙනෙක් සහ tree-surgeon වගෙයි මට නං පේන්නේ.
පන් සලේ වෙසෙන අප මහා සමින්දා
Deleteතුන් පලේ තබා ගත්තා මේ ඇබින්දා
තුන් හෙලේ සිටිනා තෙදබල දෙවින්දා
කන් පලේ හෙලන් මේ නර කනදරා
KAVI ANO...
@ කතන්දර Kathandara
Deleteසිංහල පොතෙත් මේ කවි තිබුණාද ?
කසූ හාමුදුරුවෝ ගැන කිව්ව දේ නම් හරි වගේ. හොඳින් නැත්නම් නරකින් තමන්ගේ වැඩේ කරගන්න හාමුදුරුවෝ කෙනෙක්. හරියට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ වගේ
@ KAVI ANO...
Deleteමේත් අර හාමුදුරුවන්ට පුස් පාට් එක දාපු ඇබිත්තයාට කියපු කවියේ වෙන version එකක්ද ?
නෑ නෑ.. මේක මගේ කවියක්. අග පදේ හරියට ගලපුවා නම් අර කතන්දරකාරයට කනේ පාරක් වදිවී. ගරු කරන්න ඕනේ කෙනෙක්ට ගරු කරන්නවත් දන්නේ නෑ. කුංකුනාවේ කියන්නෙ ඇයි කතන්දර මහණ වෙලා උපසම්පදාවෙන් කුංකුනාවේ හිමියන්ට වැඩුමාල්ද?
DeleteKAVI ANO.
@ KAVI ANO
Deleteඒ කතාවත් ඇත්ත තමා. හැමෝටම ගෞරව කරන්න වගේම ඒ ඒ පුද්ගලයා සමාජයේ උසුලන තත්වය අනුව ගෞරවයක් එන විදිහට ආමන්ත්‍රණය කරන එක සිංහලයන්ගේ අතීතයේ ඉදන්ම එන සිරිතක්
බිත්තර කතාව නං දන්නව. තමා වෙනුනෙන් තියන බිත්තරේ හැර අනිත් ඔක්කොම වැලදූ හැටි නේද?
ReplyDelete@ රාජ්
Deleteබිත්තර කතාව ඒක තමා :D
රජතුමාගෙ බඩ ගැන කියන්න හදපු කතාව විතරයි කලින් අහලා තිබුනේ. :)
ReplyDelete@ විසිතුරු
Deleteඑහෙම නම් ප.ලියේ තිබුණු අනිත් කතා ටිකත් ඊළඟ post එකෙන් කියවමු
එහෙන් මෙහෙන් කතා අහලා තිවුනට අද තමා ඔක්කොම ඇහුවේ..ප/ලි කෑල්ලෙ තියන කතා අහලා නැති නිසා ඒ ටිකත් ඊළඟට දාන්න මලේ..
ReplyDeleteඅපේ රටේ හාමුදුරුවරු කුංෆු දන්නැති නිසා වෙන්නනැති ආත්මාරක්ෂාවට වස් කවි කියන්න පුරුදු වුනේ..:)
@ රූ....
Deleteප.ලියේ කතාවලට තව කතාවක් එකතු කරලා තියෙන්නේ.... ඊළඟ post එකෙන් කියවන්නකෝ.
කතාවක් විදිහට මේ කතාව රසවත් වුණත් බුද්ධ දේශනාව එක්ක බලද්දී නම් මේ ගැන ගැටළු තියෙනවා. බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාගේ ආරක්ෂාව උදෙසා දේශනා කළ වදාළ ධජග්ග, කරණීයමෙත්ත සූත්‍රය වගේ දේශනා තුළින් සංඝයා වහන්සේලාගේ ආරක්ෂාව සලසා ගත යුතු ආකාරය දක්වා තිබෙනවා.
කුංකුණාවේ හාමුදුරුවෝ වැඩ සිටිය කාලේ තිබුණු ශාසනික තත්වය දන්නවනේ අක්කේ. එහෙම බලද්දී ඉතින් ඒ කාලෙත් එක්ක ඒ වගේ දේවල් සාමාන්‍යයි :D
රසවත් ඉතිහාස කතාවක්!
ReplyDelete@ dawkinssdodo
Deleteස්තුතියි. මේ කතාවල ඉතුරු ටික කියන ඊළඟ post එකත් කියවන්න
ටික ටික අහල තිබුනට අද තමයි හොඳටම දැන ගත්තේ . කුන්කුනාවේ හාමුදුරුවෝ හරි වැඩනේ කරලා තියෙන්නේ
ReplyDelete@ Bindi
Deleteඒ ගැන නම් වාදයක් නැහැ අක්කේ
අමාරුවෙනි අපි කොමෙන්ට් කොටන්නේ
ReplyDeleteපිළිතුරු නිතැතින් බලා හිඳින්නේ
පිළිතුරු දෙන්නට නුඹ නෑ එන්නේ
හසිත මොනවාද මෙයට කියන්නේ?
KAVI ANO.
@ KAVI ANO.
Deleteසමාවෙන්න මාගෙන් වූ දෝෂයට
හනික විසඳුමක් මා දුන්නා එයට
මෙවන් දෙයක් මින් මත්තට නොවන්නට
අදිටන් කර කීමි එය මාගේ සිතට
පුදනෙමි තුති මුලින් මා මෙහි පැමිණි කොට
Deleteදෙන්නෙමි මල් මිටක් සේවය අගය කොට
දන්නෙමි වෙලාවත් අඩු බව මෙහි එන්ට
කියනෙමි එහෙත් ඔබේ යුතුකම කරලන්ට
KAVI ANO.
@ KAVI ANO.
Deleteප්‍රජාතන්ත්‍රවාදය මෙහි රජයන්නේ
ඔබගේ කියුම මා මේ දැන් පිළිගත්තේ
යුතුකම් කරලීම මා නිරතුරු කළ යුත්තේ
එවිටයි වැඩේ එළටම නැගලා යන්නේ
තුති
වටින ලස්සන වැඩක් අපිට නොදන්න දේ දැනගන්න පුළුවන්.
ReplyDelete@ අටර්‍මපහුර
Deleteඅනිවාර්යයෙන්ම අයියා. ඒ කාර්යය ඉටුවෙනවා නම් වෙනත් සතුටක් වෙන කොයින්ද :)
මම මේ බ්ලොග් එකට මාර ආසයි.ඉඳල හිටලා කමෙන්ට් දැම්මත් හැමදාම වගේ බලනවා. අදත් හොදාක් ලස්සන විස්තරයක් කියවන්න ලැබුනා.
ReplyDeleteස්තුතියි.
@ අසරණයා
Deleteස්තුති හැමදාම වගේම අදත් දුන් හයියට
අදමයි මා මෙ පැත්තෙ අාවෙ
ReplyDeleteහොද ලිපියකි පලසුව මා බැලුවෙ
මෙවැනි වැඩකරුවන් මෙහි විසුවෙ
නැත අනෙ වැඩකරුවන් තව දුටුවෙ
@ ඉන්ද්‍රජිත්
Deleteසමහර විටෙක වැඩකරුවන් තව ඇත්තේ
එනමුදු ඔවුන් නැහැ අප හමුවට එන්නේ
සොයමින් එවන් වැඩකරුවන් විමසිල්ලෙන්
හිමි තැන දිය යුතුය ඔවුනට ලංකාවෙන්
නියමයි මල්ලි. අදමයි මේ ගොඩාක් කවි දැනගත්තෙ
ReplyDelete@ සිඳු
Deleteකෝකටත් පාඩම් කරලා තියාගන්න අක්කේ. හදිසියකට වුණත් පාවිච්චි කරන්න පුලුවන්නේ :D
අපේ ගෙවත්තේ තියන පොල්ගස් දෙකතුනේ ගොබළු ගෙඩිටික කාලා විනාස කරන දඬු ලේන්නුන්ටත් වස් කවියක් දෙකක් කියලා බලන්න ඕනෑ.
ReplyDelete@ විචාරක Wicharaka
Deleteහරියට වැඩ කරයිද දන්නේ නැහැ. මොකද වස් කවි කියන් ඒවා පරම්පරාවෙන් එද්දී නියම වස් කවියේ අකුරක් දෙකක් එහාට මෙහාට කරලා තමයි ඒවා පැවතෙන්නේ කියලා මම අහලා තියෙනවා.
ඒ වගේමයි වස් කවියක් කියන්න ඕනේ නියමිත ගායනා විලාශයකුත් තියෙනවා නොවැ
කතා ටික ලස්සනට ලියලා තියෙනවා... සුබ පැතුම්!
ReplyDelete@ ලහිරු
Deleteස්තුතියි. ඉතුරු කතා ටිකත් ලියලා තියෙන්නේ
නියමයි
ReplyDelete@ කෝරලේ මහත්තය
Deleteස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුණාට :)
මේවා හොද වැඩ. අගය කරනවා.ඔබට තෙරැවන් සරණයි.
ReplyDeleteThank u 🖤
ReplyDelete