Wednesday, March 31, 2010

නන්දිමිත්‍ර ද ගෝඨයිම්බර ද ???


දැන් කියන්න යන්නේ නම් පටලැවිල්ලක් ගැන කතාවක්. මම මේක කියෙව්වේ නවයුගය කියන සඟරාවෙන්

ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ලේඛකයෙක් තමා ඇරැව්වල නන්දිමිත්‍ර කියන්නේ. ඉතින් නන්දිමිත්‍රයන් එයාගේ පොතක මුද්‍රණ කටයුත්තකට ප්‍රසිද්ධ මුද්‍රණාලයකට ගිහින් ඉද්දී තවත් පුද්ගලයෙක් ආවා මුද්‍රණාලයේ අධිපතිතුමාව හම්බෙන්න.

ඉතින් එයාලගේ කතාව ඉවර වුණාම ඇරැව්වල නන්දිමිත්‍ර මහත්තයත් ඒ ළඟට ආපු නිසා මුද්‍රණාලයේ අධිපතිතුමා අර පුද්ගලයාගෙන් ඇහුවා
" දන්නවාද මේ කවුද ? "
අර මනුස්සයා කිව්වා " මේ ගෝඨයිම්බර මහත්තයානේ. මම මේ මහත්තයාගේ පොත් එහෙම කියෝලා තියෙනවා " කියලා.

මුද්‍රණාලයේ අධිපතිතුමායි ඇරැව්වල නන්දිමිත්‍රයි දෙන්නම හිතුවේ මේක විහිළුවක් කියලා. ඒත් පස්සේ තමා දැනගෙන තියෙන්නේ එයාට ඇත්තටම වැරදිලා කියලා.

එයාගේ ඔළුවේ තිබිලා තියෙන්නේ මේ පොත් ලියන ලේඛකයාට තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක්ගේ නමක් කියලා. හදිස්සියට එයාට මතක් වුණේ ගෝඨයිම්බරව

මේ ජාතියේම කතන්දරයක් අපේ කතන්දර ශූරීනුත් කියලා තිබ්බා. මෙතනින් ඒක බලන්න.
http://kathandara.blogspot.com/2009/10/blog-post_20.html

මහප්‍රාණ අල්ප ප්‍රාණ


අද දවසට දාපුවා ඇතියි කියලා තමා හිතන් හිටියේ. ඒත් කීප දෙනෙක්ම comments දාලා තිබුණ නිසා හිතුනා තව කතාවක් ලියන්න. මේකත් ඉස්කෝල කතාවක්.

ඉස්කෝලෙක පොඩි පංතියකට එදා කියලා දීල තියෙන්නේ සිංහල හෝඩියේ තියෙන මහප්‍රාණ අකුරු ගැන. ඉතින් ඔය පංතියේ හිටපු ළමයෙක් එදා හැන්දෑවේ ගෙදර ගිහින් එයාගේ බාප්පාට ලියුමක් ලිව්වාලු. ලියුම තිබ්බේ මෙහෙමලු.

භාඵ්ඵේ භාඵ්ඵේ,
භාඵ්ඵාඝේ භල්ලා භථුථ් ඛාලා ලිභ්භොඛ්ඛේ භුධි.

මීඨ,
භාල ඵුථා.

කොහොමද මහප්‍රාණවල වැඩ.............

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ


මේ කතාවෙන් මම කියන්න යන්නේ කතරගම ගිය ගමනක් ගැන නෙමෙයි.
මොකක් හරි වැඩක් අපි කරනවා නම් අපි ඒක කරන්න ඕනේ අපි කරන්නේ මොකක්ද කියලා අවබෝධයකින් යුක්තව කියන එක පැහැදිලි කරන කතාවක්.

අපේ ගුරුතුමී කෙනෙක්ගේ ගෙදර පහුගිය දවසක "සබ්බ පාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා" කියන ගාථාව 1080 වරක් සජ්ඣායනය කිරීමක් සිදුවුණා. මේ කාර්යයේ අරමුණ වුණේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමයින්ට සෙත් පැතීම වැනි කරුණු. ඉතින් මේ ගාථාව 540 වරක් සජ්ඣායනය කරලා කට්ටිය පොඩි විවේකයක් ගත්තා.

ඒ වෙලාවේ එක ළමයෙක් අහනවා "අපි මෙච්චර වෙලා කියපු ගාථාවේ තේරුම මොකක්ද? " කියලා. පස්සේ තවත් ළමයෙක් එයාට පැහැදිලි කරලා දුන්නා මේ ගාථාවේ තේරුම.

ඉතින් අර ළමයා එච්චර වෙලා ගාථාව සජ්ඣායනය කරලා තිබුණේ තමන් කියන්නේ මොකක්ද කියලවත් අවබෝධයක් නැතිව.

ඉතින් මම මේ කතාවෙන් කියන්න උත්සහ කළේ අපිත් අපේ ජීවිතේදී කොච්චර වැඩ කරනවා ඇද්ද කරන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැතිව. පොඩ්ඩක් ඒක ගැන හිතන්න. මේක ගැන ඔයාලා මොකද හිතන්නේ.

මෙන්න සංවාදයට ඉඩ

පබ්ලිකුටි නම් කරන්න එපා..........


මේ කතාව මගේ ගාව තියෙන කතා set එකෙන් ටිකක් hit කතාවක්. මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා මේ කතාව බ්ලොග් එකට දාලා පබ්ලිකුටි කරන්න කියලා. දැන් කට්ටිය බලනවාද දන්නේ නෑ මොකක්ද මේ පබ්ලිකුටි කියන්නේ කියලා. කතාවත් තියෙන්නේ ඒ ගැනම තමා.

මේක ඉස්කෝලෙකින් පටන් ගන්න කතාවක්.
එක පංතියක ළමයෙක් ඉන්නවාලු දක්ෂ. ඉංග්‍රීසිවලටත් මේ ළමයා හරි දක්ෂයිලු.
ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ළමයා City කියන වචනේ කියන්නේ කුටි කියලා. ඉතින් ටීචර් මේක හරිගස්සන්න try කලත් හරි නොගිය නිසා හිතුවා මේ ළමයාගේ තාත්තව ගෙන්නලා මේක ගැන දැනුවත් කරන්න.

ඉතින් ළමයා තාත්තව එක්කගෙන ආපුවාම ටීචර් තාත්තට කියනවාලු.
" බලන්න. Mister ගුණසේකර ඔයාගේ පුතා දක්ෂ ළමයෙක්. ඒත් මේ ළමය City කියන වචනේ කියන්නේම කුටි කියලානේ. ඔයාලා මේක ගැන දෙමව්පියන් හැටියට සැලකිලිමත් වෙන්න ඕනේ නේ" කියලා.
එතකොට තාත්තා කියනවාලු" ඒක තමයි ටීචර් අපි මේක ගැන හුඟක් සැලකිලිමත් වුණා. ඒත් ටීචර් මේක මේ ළමයාගේ කැපාකුටි [For Capacity] යේ ප්‍රශ්නයක් කියලා

ටීචර්ට දැන් හරිම upset ලු. ඉතින් ටීචර් හිතුවාලු මේ ළමයාගේ සීයාත් එක්ක මේ ගැටළුව ගැන කතා කරන්න.
ඉතින් ටීචර් දවසක් ළමයාගේ සීයා හම්බවෙලා කිව්වලු
" බලන්න Mister ගුණසේකර ඔයාගේ මුණුපුරා හරිම දක්ෂ ළමයෙක් ඒත් මේ ළමයා City කියන වචනේ කියන්නේම කුටි කියලා. පස්සේ මම ඒක ගැන ඔයාගේ පුතාව දැනුවත් කලා. එයා කියනවා Capacity කියන වචනේ කැපාකුටි කියලා. ඉතින් මේවා ඔයාලගේ වැරැදි. පොඩි කාලේදීම මේවා හදාගන්න තිබ්බානේ" කියලා.

අන්තිමට සීයා කියනවාලු " ටීචර්ගේ කතාව සහතික ඇත්ත. හැබැයි ටීචර් මේක පබ්ලිකුටි [For Publicity]නම් කරන්න එපා අපිට ගමේ ඉන්නවත් බැරිවෙයි" කියලා...

Sunday, March 28, 2010

පුටු වරක් චක්කරේ


ආගිය කතාවලට කියන්න පුළුවන් නියම කතාවක් අද උදේ පාන්දරම මතක් වුණා. කතාව නම් කැම්පස් කතාවක්. වැල් වටාරම් ඕනේ නෑ නේ මම කතාව පටන් ගන්නම්.

චක්කරේ තියෙන්නේ......... මට මතක විදිහට හරි සිංහලෙන් ඕකට කියන්නේ ගුණන වගුව කියලා. ඉතින් අපි උදාහරණයක් ගත්තොත්

2 X 1 = 2
2 X 2 = 4

මේක කියද්දී කියන්නේ දෙවරක් එක දෙකයි. දෙවරක් දෙක දෙකයි කියලා එහෙමනේ.
ඉතින් 2 ඉදන් මට මතක් විදිහට අභ්‍යාස පොත්වල 13 වරක් චක්කරේ වෙනකම් තියෙනවා.

කවුද දන්නේ පුටු වරක් චක්කරේ ??? කැම්පස්වල රැග් කාපු අය නම් දන්නවා ඇති. කෙසේ වෙතත් "බහුජන හිතාය, බහුජන සුඛාය" කියලා කියන්නම්කෝ.

පුටු වරක් එක පුටු
පුටු වරක් දෙක පුටු පුටු
පුටු වරක් තුන පුටු පුටු පුටු
පුටු වරක් හතර පුටු පුටු පුටු පුටු

ඕන් ඕක තමා පුටු වරක් චක්කරේ.

ඉතින් කතාව තමා කැම්පස් එකේ රැග් කාලෙදී මායි තව මගේ යාළුවෙකුයි. උදේ පාන්දරම අක්කලා කට්ටියකට මාට්ටු වුණා. ආගිය තොරතුරු කතා කරලා එක අක්කා කෙනෙක් මගේ යාළුවට කිව්වා. " මල්ලී, උඹ පුටු වරක් චක්කරේ කියපන් " කියලා.
අපේ බුවා පටන් ගත්තා.

පුටු වරක් එක පුටු එකයි.
පුටු වරක් දෙක පුටු දෙකයි.
පුටු වරක් තුන පුටු තුනයි.
පුටු වරක් හතර පුටු හතරයි.

මේ අතර වාරේදී අක්කලා බුවා චක්කරේ කියන එක නැවත්තෙව්වා. "කවුද උඹට ඕක කියාදුන්නේ" කියලා අක්කා කෙනෙක් ඇහුවා. බැලින්නම් අපේ බුවා ඕක ඌම හිතලා තමා එහෙම කියලා තියෙන්නේ. පස්සේ ඉතින් අක්කලා පුටු වරක් චක්කරේ හරියට කියාදීලා අපිව පිටත් කෙරෙව්වා.

මමත් එදා තමයි ඕක මුලින්ම ඇහුවේ. ඇහුව ගමන් මාත් හිතුවේ පුටු [වාඩිවෙන එව්වා] කියලා. අපේ යාළුව හෙණම creative පොරක් නේද ???

Saturday, March 27, 2010

Rain Clouds in The Sky








Rain Clouds in the sky, I don't know why
They make me blue, when I'm thinking of you

Maybe they want to cry, As I walk on by
Hiding my tears, in a world of good byes

Love during summer rain, Causes no pain
Cause I'm looking back, at you once again

Memories crowding my mind, You're one of a kind
Life without love, I'm helpless I'm dying
Rain drops and dance, strange kind of romance
I don't know why whether to cry out loud, But I'm feeling fine
Watch the rhythm of the rain falling down

Rain drops and dance, strange kind of romance
I don't know why whether to cry out loud, But I'm feeling fine
Watch the rhythm of the rain falling down

Rain falling around, It’s just the sound
I like to here, when my hearts feeling down

Try to smile once again, As they slash in my window pain
I quiet like that, I don't mind
I've got no complaint

Rain drops and dance, strange kind of romance
I don't know why whether to cry out loud, But I'm feeling fine
Watch the rhythm of the rain falling down

මේ පහුගිය දවසක වැස්ස පටන් ගන්න කලින් ආකාසේ වලාකුළු තිබුණු හැටි. මම මුලින් හිතුවේ නිකම්ම මේ පින්තූර ටික upload කරන්න. ඒත් ඊට පස්සේ මට Colonial Cousins කියන මේ සිංදුව මතක් වුණා. පස්සේ ඒකත් එක්කම මේ පින්තූර ටික upload කළා.

නමෝ විත්තියෙන් වැඩ ඇල්ලීම


කැම්පස් එකේ විභාගෙත් ඉවර වුණා. මේ දවස් ටිකට හුගක් blogs එහෙමත් කියවලා බැළුවා. ඉතින් මටත් හිතුණා මගේම කියලා blog එකක් පටන් ගන්න. මේ ඒකට තමා සැරසෙන්නේ. ඉතින් අනාගතය දිහා සුභවාදීව බලමු.