Wednesday, March 31, 2010

නන්දිමිත්‍ර ද ගෝඨයිම්බර ද ???


දැන් කියන්න යන්නේ නම් පටලැවිල්ලක් ගැන කතාවක්. මම මේක කියෙව්වේ නවයුගය කියන සඟරාවෙන්

ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ලේඛකයෙක් තමා ඇරැව්වල නන්දිමිත්‍ර කියන්නේ. ඉතින් නන්දිමිත්‍රයන් එයාගේ පොතක මුද්‍රණ කටයුත්තකට ප්‍රසිද්ධ මුද්‍රණාලයකට ගිහින් ඉද්දී තවත් පුද්ගලයෙක් ආවා මුද්‍රණාලයේ අධිපතිතුමාව හම්බෙන්න.

ඉතින් එයාලගේ කතාව ඉවර වුණාම ඇරැව්වල නන්දිමිත්‍ර මහත්තයත් ඒ ළඟට ආපු නිසා මුද්‍රණාලයේ අධිපතිතුමා අර පුද්ගලයාගෙන් ඇහුවා
" දන්නවාද මේ කවුද ? "
අර මනුස්සයා කිව්වා " මේ ගෝඨයිම්බර මහත්තයානේ. මම මේ මහත්තයාගේ පොත් එහෙම කියෝලා තියෙනවා " කියලා.

මුද්‍රණාලයේ අධිපතිතුමායි ඇරැව්වල නන්දිමිත්‍රයි දෙන්නම හිතුවේ මේක විහිළුවක් කියලා. ඒත් පස්සේ තමා දැනගෙන තියෙන්නේ එයාට ඇත්තටම වැරදිලා කියලා.

එයාගේ ඔළුවේ තිබිලා තියෙන්නේ මේ පොත් ලියන ලේඛකයාට තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක්ගේ නමක් කියලා. හදිස්සියට එයාට මතක් වුණේ ගෝඨයිම්බරව

මේ ජාතියේම කතන්දරයක් අපේ කතන්දර ශූරීනුත් කියලා තිබ්බා. මෙතනින් ඒක බලන්න.
http://kathandara.blogspot.com/2009/10/blog-post_20.html

6 comments:

  1. milan ට
    බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට මිත්‍රයා. ඒක ලොකු හයියක් මට :)

    ReplyDelete
  2. "ලංකාවේ හිටිය ප්‍රසිද්ධ ලේඛකයෙක්" කියල ලිවුවෙ ඇයි?
    ඇරැව්වල නන්දිමිත්‍ර තාමත් ලංකාවෙ තමයි ඉන්නෙ
    :)

    ReplyDelete
  3. @akiladj

    මම හිතුවේ ඇරැව්වල නන්දිමිත්‍රයන් මිය ගිහිල්ලා කියලා. හරි ඔන්න ඒක නිවැරැදි කළා.

    ස්තුතියි ඒ ගැන දැනුවත් කළාට............

    ReplyDelete
  4. @බිඟූ...!

    අම්මෝ හුඟා........ක් පරණ කතාවකටනේ අයියා හිනාවුණේ. හොඳයි හොඳයි :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................