මුල්ලේරියා සටන
කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම
මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.
සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම
ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා.
මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර
මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා.
මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා
පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.
රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.
සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.
රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.
සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන
රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.
හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]
ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.

ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන
සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා
කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක.
මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.
රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.
ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.
අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.
මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.
ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.

දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.
කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.
පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.
ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.
පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.

සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.
පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.
අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.
නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.

දොන් ජෝන් කුමරු Dom Joao de Candia
මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.
ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.
ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.
ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.
තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ
අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට
පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන
එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්.
කුමාරවරුන්ට
වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන
බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු
පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා.
III පිලිප්
මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.
කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය
ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින්
හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා
කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින්
1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.
නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.
නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.
ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.
සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.
සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.
මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.
සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.
මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්