මෙන්න චුට්ටි "හලාල්" කතාවක්...
කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක්
"ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න.
කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන...
අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට යවා අපේ ලක් මෑණියන් මුසල්මානුවන්ගෙන් බේරා ගනිමු."
ඕන් ඕකයි මැසේජ් එක, මම රිප්ලයි කළා මේන් මෙහෙම
"මේ ආර්ථිකේ හැටියට ගමේ පොළට ගිහින් සරමක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක නෙමෙයි පැට්‍රල්, ඩීසල් ගන්න හොඳද ?? ඒවාත් එන්නේ මුස්ලිම් රටවල්වලින්නේ"
ඒකට එයාට මෙහෙම රිප්ලයි කළා
"ඒක නම් ඇත්ත තමා. මට ආපු මැසේජ් එක ෆෝවඩ් කළේ. පැට්‍රල්, ඩීසල් ගැන කතා කරන්න තව ටික කාලයක් යයි"
මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්
"මුස්ලිම් කඩවලින් බඩු ගත්තාම උන්ට යන ලාබෙට වඩා ලොකු ලාභයක් මේ විදිහට මුස්ලිම් රටවල්වලින් තෙල් ගත්තාම තම්බින්ට යනවානේ"
එයා අන්තිමට මෙහෙම මැසේජ් කරනවා.
"ඒක ගැනත් දන්න හැමෝටම අපි මැසේජ් කරමු..."
ඕන් ඔහොමලු කතාව :D

-------------------------------------------------------------------------------------------------------------
මෙන්න "හලාල්" කතා අංක 02
අපේ යෞවන සමාජයෙන් මේ පාර ගමේ අලුත් අවුරුදු උත්සවය ලොකුවටම කරන්න තමා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ හවසට කට්ටිය පන්සලට එකතු වෙලා වැඩ කටයුතු ගැන කතා කරලා සල්ලිකාරයන්ගෙන් "දත්"ගලවන්න යනවා :D
පහුගිය ගිය දවසක කට්ටිය පන්සලට එකතු වුණු වෙලාවේ පොඩි හාමුදුරුවන්ගෙන් යෝගට් සංග්‍රහයක් අපි කට්ටියට ලැබුණා. නිව්ඩේල්, අඹේවෙල, හයිලන්ඩ් කියන ජාති තුනෙන්ම යෝගට් මෙතන තිබුණා.
අපි ඉක්මණට යෝගට් එක්ක අරගෙන කන්න පටන් ගත්තාම තව එකෙක් [මෙයා අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ සභාපතීත්වයෙන් ගමේ පිහිටුවලා තියෙන හලාල් විරෝධය සඳහා වෙන සංවිධානයේ බල කණුවක්] හලාල් මාක් එක නැති යෝගට් එකක් තෝරන්න පටන් ගත්තා.
ඒ වෙලාවේ තව එකෙක් [මිනිහත් අර සංවිධානේ බල කණුවක්] කිව්වා මෙහෙම.
"මොකටද හලෝ ඕකේ හලාල් තියෙනවද නැද්ද කියලා බලන්නේ. දැන් ඕකේ හලාල් තිබ්බා නැතා කියලා වෙනසක් තියෙනවද. යෝගට් සල්ලිවලට ගත්තු මනුස්සයා දැන් හලාල්වලට ගෙවලා තියෙන්නේ. දැන් අපි ඕකේ හලාල් තියෙනවා කියලා නොකා හිටියේ අපේ බඩටයි පාඩුව"
පස්සේ එයා තවත් මේ කතාව විස්තර කළා...
"හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒත් මොකෙක් හරි හලාල් මාක් එක තියෙන කෑමක් සල්ලි දීලා අරගෙන මටත් දුන්නොත් ඒක මම නොකා ඉන්නවා කියන්නේ මගේ ගොන්කම"
ඒ මොනවා වුණත් අපේ යාලුවා යෝගට් මල්ල තෝරලා අඹේවෙල යෝගට් එකක් අතට අරගෙන කිව්වා.
"මගේ ප්‍රතිපත්තිය හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නෙත් නැහැ, නිකම් දුන්නත් කන්නේ නැහැ"
එහෙම කියලා මිනිහා හලාල් නැති අඹේවෙල යෝගට් එක කන්න පටන් ගත්තා....
ඕන් එහෙමලු ඒ කතාව :D
---------------------------------------------------------------------------------------------------------------

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 3
අර විදිහට හලාල් නැති යෝගට් හොයන්නයි, සල්ලි දීලා ගත්තේ නැත්නම් හලාල් කෑමට අවුලක් නැහැ කියන එකටයි අපි කට්ටිය දාන ශාලාවට වෙලා යෝගට් කන ගමන්ම හෙණ වාදේ. කෙස් පැලෙන තර්ක ගොඩායි.
මේ වෙලාවේ එතැනට වැඩිය අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වා
"කොල්ලනේ උඹලා හලාල් බැරි යකඩ හරි කාපල්ලා. හැබැයි කෑ ගහන්න එපා උඩහ බෝධි පූජාව. මිනිස්සු ගාථා කියනවා"
මේක අහපු ගමන් හලාල් නැති යෝගට් එක හොයපු එකාව බයිටට අල්ල ගත්තු අනික් එවුන් කියන්න පටන් ගත්තා
"මොකක්ද බන් මේකේ තේරුම. උඹලාගේ සංවිධානේ සභාපතිම කියනවා හලාල් බැරි නම් යකඩ හරි කාපන් කෑ නොගහ කියලා. මොකක්ද බන් මේකේ තේරුම" :D
හැබැයි ඉතින් මේක නම් නායක හාමුදුරුවෝත් කිව්වේ විහිළුවට, අපිත් අරූට කිව්වේ විහිළුවට. හරිද ???
------------------------------------------------------------------------------------------------------------=
මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4
ගමේ තියෙන හලාල් විරෝධී සංවිධානේ තව බල කණුවකුයි [කලින් දෙන්නා නෙමේ, වෙන කෙනෙක්] තව එකෙකුයි තව වාදයක්. ඒ සංවාදය කියවීමේ පහසුවට චරිත දෙක මෙහෙම කෙටි කරන්නම්. හ.වි.සං.බ සහ අනෙකා කියලා
හ.වි.සං.බ : අපි මේ විදිහට හලාල් විරෝධය දියත් කරලා මුස්ලිම් ව්‍යාප්තිවාදය වළක්වන්න යන්නේ. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න යන්නේ
අනෙකා : එහෙම කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලානේ තියෙන්නේ "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී" කියලා. එතකොට හරියට ධර්මයේ හැසිරෙන කෙනාව දහමෙන්ම ආරක්ෂා කරනවා. ඒක ඔයාලා පිළිගන්නේ නැහැ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයටත් ඔයාලා අභියෝග කළා කියන එකනේ
අනෙක මේ වගේ ව්‍යසන බෞද්ධයන්ට වෙනවා කියන එක බුදු හාමුදුරුවෝ අනාගතය දකිනා නුවණින් දැක්කේ නැති ගාණටනේ ඔයාලා කතා කරන්නේ. මට පේන විදිහට ඔයාලා බුදු හාමුදුරුවන්ගේ තුන් කල් දකින ඥානයටත් අභියෝග කරන පාටයි
තව දෙයක් හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?
හ.වි.සං.බ : ඔව්, අපි ඒක නිසා තමා අපේ සංවිධානේ ඉන්න තරුණ අයව හැම පෝයට පන්සලට එකතු කරන්නේ. පන්සලේ ආගමික වැඩවලට සම්බන්ධ වෙන්නේ
අනෙකා : විහිළුනේ බන් ඕවා. මට කියපන් ඔය එකතු වෙන එවුන්ගෙන් හරියට පන්සිල් රකින පස් දෙනෙක්ව. උඹම ගනින් උඹ මස්, මාලු කනවා නේද ? ඔතැන ඉන්න කී දෙනෙක් සිගරට්, අරක්කු බොන එවුන්ද ??
අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්.
හ.වි.සං.බ : යකෝ මේවා වැරදි නම් මේකට හාමුදුරුවරුම මූලිකත්වය ගනීද ??
අනෙකා : ඔන්න ඔන්න වරද්ද ගත්තු අනිත් තැන. උඹ බුදු හාමුදූවෝ දේශනා කරපු කාලාම සූත්‍රය කියවලා නැද්ද ?? ඒකේ මොකක්ද කියන්නේ ? බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා ඒකේ තියෙන්නේ. තමන්ගේ සිහි නුවණින් හිතලා බලලායි පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ. එතකොට හාමුදුරුවෝ මුල් වුණා කියලා වැඩේ හරියි කියන එක හරි බොළඳයි
හ.වි.සං.බ : උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි
අනෙකා : අනේ බන් උඹ ෆේස්බුක් නැද්ද? ඒකෙත් ඔය සැරට වාද ගිහින් කියාගන්න දෙයක් නැති වුණාම ප්ලේ කරන තැටිය තමා ඕක
ඒ සංවාදයත් නිමායි :D