පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය කට්ටිය එහෙමත් නැත්නම් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම දිව්‍ය ලෝකේ ගිය කට්ටිය ගැන අහලා තියෙනවද කියලා ඇහුවොත් උත්තරේ සමහර වෙලාවට ඔව් වෙන්න පුලූවන් සමහර විට නැහැ වෙන්නත් පුලූවන්.
ඔව් කියලා උත්තරේ දෙන අයට ගුත්තිල ජාතකයේ කියවෙන ගුත්තිල පඬිතුමාව මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න. ඒ හැරෙන්න නන්ද හාමුදුරුවන්ව බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට එක්ක ගෙන ගිහින් දිව්‍යාංගනාවෝ පෙන්නපු කතාවත් අහලා ඇතිනේ.
මේ ඔක්කොමත් එක්කම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා වරින් වර දිව්‍ය ලෝකවලට වගේම බ්‍රහ්ම ලෝකවලටත් වැඩිය බවට ත්‍රිපිටකය වගේම අනෙක් බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයවලින් අපිට විස්තර හමුවෙනවා.
මේ පිරිස් වගේම තවත් පණ පිටින්ම දිව්‍ය ලෝකේ ගිය පුද්ගලයෙක් ගැන විස්තරයක් හමුවෙනවා ගම්පොල යුගයේදී දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ චූලගල්ල වග්ගයේ පළමු කතාව වෙන චූලගල්ල වස්තුවේ. ඒ පුද්ගලයා තමයි සුළුගලු උපාසක. හුදී පහන් ජන සංවේගය උදෙසා බක් පොහොය නිමිති කොටගෙන ඒ කතා වස්තුව කියන්නයි මේ සූදානම.
ලංකාවේ දැදුරු ඔය ආසන්නයේ තියෙන ගමක් වුණු සුළුගලු ගමේ ඒ ගමේ නමින්ම විශාල විහාරයක් තිබුණා. ඒ විහාරයේ වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේලාට නිරතුරුවම ගම් වැසියන් සිව්පසයෙන්ම පුද පූජා කළා. එක
දවසක් මේ විහාරයේ වැඩ වාසය කරපු මලියදේව මහ රහතන් වහන්සේට ( මේ මලියදේව මහ රහතන් වහන්සේ සම්බන්ධවත් කතා රැසක් තිබෙනවා. ලංකාවේ වැඩ සිටි අවසන් රහතන් වහන්සේ උන් වහන්සේ කියලයි විශ්වාස කරන්නේ) රාත්‍රියේදී බඩේ අමාරුවක් හට ගන්නවා.
ඒ බඩේ අමාරුව මීට පෙරත් හැදුණු අවස්ථාවක ඖෂධ වර්ග එකොළහක් දාලා හදන එකාදසයාගු කියන බෙහෙත් කැඳ වැළඳුවාම සනීප වුණු නිසා උන්වහන්සේ මේ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කොහෙන්ද කියලා දිවැසින් බලද්දී පෙනෙන්නේ සුළුගලු උපාසකගේ නිවසට වැඩම කළොත් ඒ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කියලා.
උදෑසන කරන බෝ මළු ඇමදීම් වගේ වත් නිමා කරපු උන්වහන්සේ සුළුගලු උපාසකගේ නිවෙසට පිඬු සිඟා වඩිනවා. විහාරස්ථානයේ ඉදන් සුළුගලු ගමට අහසින් වැඩිය ආකාරය වගේම ගමනේ වේගය උපමා තුනකින් දක්වනවා
නිල් නෙලුමක් තුඩින් අරගෙන අහසට නැඟුණු ගරුඬරාජයෙක් වගේ දික් කරපු අතක් නමා ගන්නා වෙලාවටත් කලින් සක්විති රජතුමාගේ අතට ගමන් කරන සිතුමිණි මැණික වගේ අහසින් සුළුගලු ගමට වැඩම කළා කියලා
පිළිවෙලින් පිඬු සිඟා වැඩිය මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසක දන්දීමටම හදලා තිබුණු ආසන ශාලාවට වැඩම කරලා අසුන් ගන්නවා. සුළුගලු උපාසක මලියදේව මහ රහතන් වහන්සේව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කතා බස් කරද්දී උන්වහන්සේට ශරීරාබාධයක් තිබෙන බව පෙනිලා ඒ බව ප්‍රශ්න කරනවා . උන්වහන්සේ තමන් වහන්සේට බඩේ අමාරුවක් තිබෙන බව හඟවනවා
එතකොට සුළුගලු උපාසක උන්වහන්සේට එකාදසයාගු කියන බෙහෙත් කැඳ තනන තෙක් වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. මේ උපාසක අනාගතයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදින නිසා ඒකට අනුග්‍රහයක් විදිහට බෙහෙත් කැඳ පිසින තෙක් තව්තිසා දිව්‍ය ලෝකයට ගිහින් සිළුමිණි සෑය ( සිළුමිණි සෑය කියන්නේ සිදුහත් කුමාරයා තවුස් දම් පුරන්න ආරම්භ කරද්දී හිසකෙස් කපලා අහසට විසිකළ අවස්ථාවේ ඒ කේශ ධාතු තැන්පත් කරලා ශක්‍ර දේවේන්ද්‍රයා තනපු දාගැබ. පසුකාලීනව බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කරපු සර්වඥ ධාතු බෙදීමේදී ලබා ගනිපු දන්ත ධාතුවකුත් මේ තුළ තැන්පත් කර තිඛෙනවා ) වන්දනා කරලා එමු කියලා මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකට කියනවා.
සිළුමිණි සෑය වදින්න කැමති වුණත් අහසින් යන්නේ කොහොමද කියලා සුළුගලු උපාසක අහද්දී තමන්වහන්සේගේ ආනුභාවයෙන් කැඳවා ගෙන යන්නම් කියලා තමන් වහන්සේ වැඩ හිඳින සම්කඩේ වාඩි කරවලා අහසින් ගිහින් සිළුමිණි සෑයේ සත්රුවනින් කරපු සත්වෙනි දොරටුව ගාවට වැඩම කරනවා.
බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි
ඒ අවස්ථාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු දිව්‍ය සේනාව පූජා භාණ්ඩත් අරගෙන පෙරහැරින් තුසිත පුරයේ ඉදන් සිළුමිණි සෑයට වන්දනා කරන්න වඩිනවා. ඒ දිව්‍ය පිරිසේ ඉදිරියෙන්ම වඩින දේවතාවෝ පස් දෙනෙක් මහ ආශ්චර්යකින් යුක්ත වෙනවා.අලංකාර දිව්‍ය වස්ත්‍ර, දිව්‍යාභරණ, ශරීරාලෝකය, අලංකාර දිව්‍ය රථ යුක්තව ධජ පතාක දිව්‍ය සංගීත භාණ්ඩ ගත්ත දිව්‍ය පුත්‍රයෝ වගේම දිව්‍යාංගනාවන් පිරිවරා ගෙන තමයි මේ දේවතාවෝ පස් දෙනාම වඩින්නේ. අන් දෙවිවරුන්ට වඩා විශාල ආශ්චර්යක් මේ දේවතාවන්ට හිමිවුණේ ඇයි කියලා සුළුගලු උපාසක කරුණු විමසද්දී මලියදේව මහ රහතන් වහන්සේ ඒ දේවතාවන් පෙර අත් භවයේ කරපු පින්කම් දක්වනවා.
පෙර අත් භවයේ ලංකාවේ ඉපිදී සිටි මේ දේවතාවන්ගෙන් අවසාන දේවතාව හැර අනෙක් සිව් දෙනාම විවිධ ගම්මානවල සිටපු ගොපලූ දරුවෝ. මුල් ගොපලූ දරුවා හරකුන්ට තණ කවලා ආපසු එද්දී මල් දැකලා ඒවා කඩාගෙන පැළැඳගෙන එද්දී තුඹසක් දැකලා තමන් පැළැඳගෙන හිටි මල් සියල්ල බුදුන්ට පූජා වේවා කියලා හිතලා තුඹසට පූජා කරලා ඒ මල්වලට වතුරත් ඉසිනවා.
දෙවෙනි ගොපලූ දරුවා දැදුරු ගං ඉවුරේ වැල්ලෙන් දාගැබක් හදලා ඒකට මල් පූජා කරලා ඒ මල්වලට වතුර ඉසලා කොළ මඩුවක් හදලා සෙවණත් සපයනවා. තෙවැනි සහ සිව්වෙනි ගොපලූ දරුවන් කරන්නේ පෙර දක්වපු ක්‍රියාවමයි.
අවසන් දිව්‍ය පුත්‍රයා උපාසකයෙක්ව ඉදලා සංඝයාට ආසන ශාලාවක් කරවලා දන් දුන්නා වගේම ඒ වගේ ශාලා ඉදිකරන්නන්ට උදව් කරනවා. ඒ හැරෙන්න පොකුණු තනන්න වගේම බෝධි ප්‍රාකාර තනන්න උදව් කරනවා. බණ අසන්න මිනිසුන්ට ධර්මඝෝෂා කරනවා ඒ පිනෙන් මිහිර කට හඬ වගේම වගේම පන්සිල් ආරක්ෂා කරනවා ඒ පිනෙන් දිව්‍ය පිරිස්ද උතුරු සළුවක් ධර්මයට පූජා කළ පිනෙන් කප්රුක් පහල වුණු බවයි. මේ කරපු පින්කම් නිසා මේ ආකාරයේ දිව්‍ය සම්පත් ඒ දේවතාවෝ ලැබුවා කියලා මලියදේව මහ රහතන් වහන්සේ දක්වනවා.
අවසානයටම මහ පිරිස් සමඟ මහත් දිව්‍යානුභාවයෙන් වැඩම කරන්නේ මෛත්‍රී බෝසතාණෝ. උන්වහන්සේව මලියදේව මහ රහතන් වහන්සේ විසින් සුළුගලු උපාසකට හඳුන්වා දෙනවා. පස්සේ මෛත්‍රී බෝසතාණන් සමඟ සිළුමිණි සෑය වන්දනා කරන මලියදේව මහ රහතන් වහන්සේ සහ සුළුගලු උපාසක ආපසු පිටත් වෙන්න යද්දී තව තවත් පින්කම් කරන්නැයි සුළුගලු උපාසකට අවවාද කරන මෛත්‍රී බෝසතාණෝ දිව්‍ය වස්ත්‍ර යුගළයක් පිරිනමනවා.
අවසානයේ නැවතත් මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකගේ ගෙදරට දෙදෙනාම පැමිණිලා බෙහෙත් කැඳ වළඳලා නැවතත් විහාරයට වැඩම කරනවා.
මේ දිව්‍ය වස්ත්‍ර දකින ගම්වාසීන් විස්තර අහද්දී සුළුගලු උපාසක ඒවා ලැබුණු ආකාරය වගේම මෛත්‍රී බෝසතාණෝ සම්බන්ධව විස්තර කියලා සත් දවසක් ගම්වාසීන් සමඟ එක්වෙලා පින්කම් කරනවා. අවසානයේ අටවෙනි දිනයේ මියයන සුළුගලු උපාසක තුසිත දෙව් පුරයේ මෛත්‍රී බෝසතාණෝ සමීපයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදිනවා.
ඉතින් මේ ආකාරයේ සුලු පින්කම් කරලා ලබාගත්තු දිව්‍ය සම්පත්ති ගැන සිතලා බලලා ඔබත් හැකිතාක් පින්කම් කරන්න. ඒ හැමවිටම පැහැදුණු සිතින් ඒවා සිදු කරලා යහපතක් ඉටු කරගන්න.
අවසානයේ නිර්වාණාවබෝධය පිණිස මේ කුසල සම්භාරයන් හේතුවේවා !!!
සද්ධර්මාලංකාරය කියවන්න කැමති නම් මෙන්න ඒකට පාර
ලංකාවේ තියෙන සිළුමිණි සෑය ගැන විස්තර මෙතනින්
මේ කළ සත් කාර්යයෙන් කිසියම් කුසලයක් මට වේ නම් මට සද්ධර්මාලංකාරය කියවන්න ලබාදුන් තිස්ස ලියනාරච්චි සොයුරාටත් එයින් කොටසක් අත්වේවා !!!
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියවෙමින් පවතී
සිව්පසය කියන්නේ මොකක්ද කියලා නම් දන්නේ නෑ.. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? රහතන් වහන්සේලාට ගුවනින් යන්න පුලුවන් කියලා නම් අහලා තිබ්බා..
ReplyDeleteඇයි දැන් කාලෙ එවැනි රහතන් වහන්සේලා නැත්තෙ..
විස්තරයට ස්තුතියි!
සිව්පසය කියන්නේ අහාර,චීවර,ආරණ්‍ය,බෙහෙත්හේත්..
Deleteසාමාන්‍යයයෙන් බෞද්ධ උපාසකයෙක් පැවිදි උතුමන්ට සංග්‍රහ කරන්න ඕන මේවයින්..
නිකමට බැලුවත් පෙනෙයි මේවා මූලික මිනිස් අවශ්‍යතා කියලා..
දෙයියනේ රහතන් වහන්සෙ කෙනෙක් කියන උත්තමයව දන්නෙ නැති අයත් ඉන්නවද?මම හිතන්නේ ඔබ තුමා බෞද්ධ වෙන්න බෑ.
Deleteමම බෞද්ධ නෙමෙයි
Delete@ හරී
Deleteරූ අක්කාත් කියලා තියෙන විදිහට සිව්පසය කියන්නේ භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා 4. ඒවා තමයි චීවර [සිවුරු], පිණ්ඩපාත [ආහාර], සේනාසන [වාසය කරන්න ස්ථානය], ගිලානප්‍රත්‍යය [පාන වර්ග වගේම අසනීපයක්දී භාවිතා කරන්න ඖෂධ]
රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද කියන එකට ඔයාටත් තේරෙන විදිහට සරලම උත්තරයක් දුන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූල තුන සම්පූර්ණයෙන්ම බැහැර කරපු උතුමෙක් තමා රහතන් වහන්සේ කියන්නේ.
බුද්ධ දේශනාවේ හැටියට බෞද්ධයාගේ අවසන් අරමුණ වෙන නිවන් අවබෝධ කරගන්න පත්විය යුතු තත්ව 3 ක් ඒක හඳුන්වන්නේ තුන්තරා බෝධිය කියලා. ඒවා තමයි බුදු, පසේ බුදු, මහ රහත්.
බුදු එහෙමත් නැත්නම් ලොවුතුරා බුදු වශයෙන් හඳුන්වන්නේ තමන්ගේ නුවණින්ම සත්‍ය අවබෝධ කරගන්නා උතුමන් වහන්සේලාට. ඒ උතුමන් වහන්සේලා ලොවුතුරා බුද්ධ වන්නේ තමන් අවබෝධ කරගත් දහම අන් අයටත් දේශනා කරමින් නිවන් මාර්ගය ඒ අයටත් පෙන්වන නිසා.
පසේ බුදුවරුනුත් තම නුවණින් සත්‍ය අවබෝධ කරගත්තත් අන් අයට එය දේශනා කොට පැහැදිලි කරදී ඒ මාර්ගය යාමට ඔවුන්ට උපදෙස් දෙන්න උන් වහන්සේලා අසමත්.
රහතන් වහන්සේ නමක් කියන්නේ ලොවුතුරා බුදුවරයෙක්ගේ සාසනය තුළ බුදුන් වහන්සේ වදාළ ධර්මය ගමන් කරලා නිවන් අවබෝධ කරගන්න පුද්ගලයාට
මේ ටික අපැහැදිලි නම් කියන්න අයියා. තව පැහැදිලි කරන්නම්. ඒ වගේමයි මේ ටික පැහැදිලි නම් රහතන් වහන්සේ ගැන තව දැනගන්න ඔයා කැමති නම් තව ඉදිරියට පැහැදිලි කිරීම් කරන්න පුලුවන් :)
@ කස්ස
Deleteහරි කියන්නේ හොඳ කතෝලිකයෙක්. මේ තියෙන්නේ එයාගේ බ්ලොග් එක. කතෝලික දහම ගැන අපි නොදන්න හුඟක් කරුණු කාරණා සරලව මේ බ්ලොග් එකේ කතා කරලා තියෙනවා
dreamsofharee.blogspot.com
@ රූ........
Deleteස්තුති රූ අක්කා හරී අයියාට කරුණු කියා දුන්නාට. මාත් ඒකට ටිකක් එකතු කළා :)
@ හරී
Deleteප්‍රශ්නේ ඉතුරු කොටහට උත්තර බදින්න අමතක වුණා නොවැ. මෙන්න ඉතුරු ටික.
රහතන් වහන්සේලාට සෘද්ධි බලයෙන් අහසින් වැඩම කරන්න පුලුවන්. ඒත් හැම රහතන් වහන්සේටම ඒ හැකියාව නැහැ. ඒ තමන් පෙර ආත්ම භාවවල කරන ලද කුසල් මත වගේම තමන් වඩන ලද දක්ෂතා අනුව වෙනස් වෙනවා.
කොහොම නමුත් බහුතරයක් රහතන් වහන්සේලාට ඒ හැකියාව තිබුණු බවයි බෞද්ධ සාහිත්‍ය පිරික්සද්දී පැහැදිලි වෙන්නේ. ඒ කොහොම නමුත් සෘද්ධි බලය අනවශ්‍ය විදිහට භාවිතා කිරීම බුදුන් වහන්සේ සීමා කරලා තිබුණේ.
අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා විදිහට සඳහන් වෙන්නේ අන් ශ්‍රාවක රහතන් වහන්සේලාට වඩා විවිධ අංශවලින් උපරිම මට්ටමේ දක්ෂතා තිබුණු රහතන් වහන්සේලා 80 නමක්.
ඒ ශ්‍රාවකයන් අතරින් මුගලන් මහ රහතන් වහන්සේට තමා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවුණේ
ලාංකීය බෞද්ධ සාහිත්‍ය අනුව ලංකාවේ සිටි අවසන් රහතන් වහන්සේ විදිහට සැලකෙන්නේ මලියදේව රහතන් වහන්සේ. ඊට පසුවත් රහතන් වහන්සේලා වැඩ සිටියද කියන ප්‍රශ්නෙට මට හරියටම පිළිතුරක් දෙන්න අමාරුයි.
ලංකාවේ වැඩ සිටිය වගේම වර්තමානේ වැඩ සිටින විවිධ භික්ෂූන් වහන්සේලා රහත්ව ඇතිබව සමහරු කියනවා. කොහොම නමුත් රහතන් වහන්සේ නමක් හඳුනාගන්න පුලුවන් තවත් රහතන් වහන්සේ නමකටම කියලා සංකල්පයකුත් තිබෙනවා.
බොහොම ස්තුතියි!
Deleteසිව්පසයත් බුදු, පසේ බුදු, රහතන් වහන්සේලාගෙ වෙනසත් පැහැදිලි වුනා..
හාමුදුරුවරු ධර්මදේශනාවලදී තුන්තරා බෝධිය කියන්නෙ කුමක්දැයි තේරුනේ දැන්.. බෝධි පූජා තියන්නේ බෝධියට නිසා මට ඒක ගැටළුවක් වෙලායි තිබුනෙ..
එතකොට යම් ප්‍රාණියෙක් නිවන් සුව ලබන්න නම් යම් ආත්මයකදී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත් වෙන්නම ඕනෙද?
තව එකක්..
Deleteනිවන් සුව කියන්නෙ අපි කොහෙවත් නොඉපදී සංසාරෙන් නැතිවී යාමද?
හරි = නිවන් දකිනවා කියන්නේ ඒ දේ තමයි.අයෙත් නොඉපදීම.
Delete@ හරී
Deleteඔව් අයියා. නිවන් සුව ලබන්න නම් තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණෙන්න ඕනේ.
නිවන් සුව කියන්නේ සරලව ඉපදීම නැතිකිරීම කියලා දක්වන්න පුලුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් පහන් දැල්ලක් නිමා දැමුමා හා සමානයි. ඒ පහන් දැල්ලේ නැවත පහළවීමක් නැහැනේ
ඒ වගේම පිළිතුරු දෙන්න ප්‍රමාද වීම ගැන කණගාටුයි අයියා.
@ අසරණයා
Deleteඔබටත් පිං කරුණු පහදන්න එකතු වුණාට :)
වැදගත් විස්තරයක්.. සිවිපසය මොකක්ද කියලා මටත් දැන් මතක නෑ..
ReplyDelete@Dinesh
Deleteසිව්පසය කියන්නේ භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා 4. ඒවා තමයි චීවර [සිවුරු], පිණ්ඩපාත [ආහාර], සේනාසන [වාසය කරන්න ස්ථානය], ගිලානප්‍රත්‍යය [පාන වර්ග වගේම අසනීපයක්දී භාවිතා කරන්න ඖෂධ]
ස්තුතියි නෑ නෑ බොහොම පින්..ලස්සන කතාවක් බෙදාගත්තට..
ReplyDeleteසද්ධර්මාලංකාරය කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය ජනයාට ලියැවුනු පොතක්..බොහො කතන්දර එකවාගෙ දැනුනත් මේ කතන්දරේ ලස්සනට කියැවෙනවා මල් පහන් වලට වඩා අනිත් පූජාවන් උසස් කියලා..
ප/ලි කෑල්ල දැම්ම නිසා හොඳයි..අපි මග බලාගෙන ඉන්නවා..
@ රූ....
Deleteසාදු සාදු පින් අනුමෝදන් වේවා. සද්ධර්මාලංකාරය වගේමයි අක්කේ පූජාවලියත්. මේ දවස්වල මම කියවන්නේ පූජාවලිය. ඒකෙනුත් කතා ඉස්සරහට කියන්නම්කෝ.
හොද වැදගත් ලිපියක්...ඇත්තටම මේ වගේ දේවල් කියවන්න ලැබෙද්දි හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩි වෙනවා.....දිගටම ලියන්න....තෙරුවන් සරණයි....
ReplyDelete@Dilshan
Deleteඔබේ ප්‍රශංසාව ගැන ඇත්තටම සතුටුයි. අමූලික ශ්‍රද්ධාව වෙනුවට අකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගෙන ක්‍රමයෙන් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්න හැකියාව ලැබේවා
තෙරුවන් සරණයි
ඇත්තටම නොදන්න කමට අහන්නේ. මාතෘ දිව්‍ය රාජයා කියන්නෙත් පිරිමි කෙනෙක්ද?
ReplyDeleteඔව් යාළුවා.බුදු කෙනෙකුගෙ මවක් දින හතකින් මරණයට පත්වී පිරිමි කෙනෙක් වී(දිව්‍යරාජයෙක්)තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපදෙනවා.
Delete@ Anonymous
Deleteබුද්ධත්වයට පත්වන භවයේ බෝසතාණන් වහන්සේගේ මව බෝසත් උපතින් දින 7 කට පසුව මරණයට පත්ව තව්තිසා ලෝකයේ උපත ලැබීම ධර්මතාවයක්.
ඒකට හේතුව බෝසතුන් බිහි වූ කුසයේ තවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු නොවන නිසා.
බෝසතුන්ගේ මෑණියන් තව්තිසා දිව්‍ය ලෝකයේ උපත ලබන්නේ පුරුෂ දෙවි කෙනෙක් හැටියට වුණත් මව් සෙනෙහස නොඅඩුව එයා සතුව තිබෙනවා.
බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ සමයේ ක්ලාන්ත වැටී හිටපු අවස්ථාවක එතනට එන මාතෲ දිව්‍ය රාජයා තමන් ආදරයෙන් බෝසතුන්ව මෙලොවට බිහිකළ හැටි කියමින් අඬන අවස්ථාවක් බුදු සිරිතෙන් හමුවෙනවා
@ Ranul Hashika
Deleteස්තුතියි රනුල් :)
සාදු. සාදු.. සාදු...
ReplyDelete@ Chanaka Aruna Munasinghe
Deleteහොඳ පින්වත් බෞද්ධ මකරෙක් :D
සුලුගල උපාසකට මලියදේව රහතන්වහන්සේ දේශනා කළ අරගොපලු කොලුවන්ගේ කතාව අහලා තිබුනට, සුලුගල උපාකසගේ කතාව සවිස්තරව ඇහැව්වෙ අද! ස්තුතයි හසිත.
ReplyDelete@බුද්ධි
Deleteආහ් දැන් කතාව සම්පූර්ණයිනේ අයියා. ඒ වගේමයි දිවා ගුහාව වඳින් ගිය සුලුගලු උපාසකගේ කතාවකුත් තියෙනවා. ඒක අහලා තියෙනවාද ?
නෑ. ඒකත් කියන්නකෝ.....:)
Delete@ බුද්ධි
Deleteශ්‍රී පාද අඩවියේ තියෙන දිවා ගුහාව හොයාගන්න බැරි තැනක් කියලානේ කියන්නේ. දැන් නම් දිවා ගුහාව කියලා තැනක් හොයාගෙන තිබුණට නියම දිවා ගුහාව ඒක නෙමෙයිලු.
ශ්‍රද්ධාවන්තයන්ට විතරලු එතනට යන්න පුලුවන්. ඒ ගියත් ආපහු ඒ තැනට යන්න පාර හොයාගන්න ඒ අයට බැහැලු.
කොහොම නමුත් මලියදේව හාමුදුරුවොත් එක්ක සිළුමිණිසෑය වඳින්න ගියා වගේම දිවා ගුහාව වඳින්නත් සුළුගලු උපාසක ගිහින් තියෙනවාලු.
දිවා ගුහාවේ බුදුන් වහන්සේ පරිහරණය කරපු භාණ්ඩ සියල්ලම ඒ වෙද්දිත් සුරක්ෂිතව තිබුණලු. ඒ ඔක්කොම රත්තරන් වටිනා කියන මැණික්වලින්ලු නිර්මාණය කරලා තිබුණේ.
පස්සේ ආපහු පාරක් සුළුගලු උපාසක දිවා ගුහාවට යන්න ගියත් පාර හොයාගන්න බැරි වුණාලු
මෛත්‍රී හාමුදුරුවෝ ලියපු පොතක තිබුනා දිවා ගුහාවෙ දැන් භාවනායෝගීව ඉන්නෙ කතරගම දෙවියන්ලු. ඒ ගැන වැඩි විස්තර දැන් මතක නෑ.
Delete@ බුද්ධි
Deleteමෛත්‍රී හාමුදුරුවෝ කිව්වේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝද ?
මලියදෙව රහතන් වහන්සේ ගැන දැන හිටියට ඔය කතා අහලා තිබුනේ නෑ. හොඳ විස්තරයක්.
ReplyDeleteගොඩාක් ස්තූතියි හසිතට.
@Podi Kumarihami
Deleteමලියදේව මහ රහතන් වහන්සේ ගැන කතා ගොඩක් තියෙනවා නොවැ. ඉස්සරහත් පුලු පුලුවන් වෙලාවට ඒ කතා කියන්නම්. ඔබතුමීත් පුලු පුලුවන් වෙලාවට ඇවිත් ඒ කතා කියවලා යන්නකෝ
විමසිල්ලෙන් බැලුවොත් ගොඩක් ලංකාවේ බණ කතාවල (ලංකාවේ විසූ උදවිය පසුබිම් කරගෙන ලියැවුණු) ඒවා ලියපු හිමිවරු වර්ණනා කරලා තියෙන්නෙ සංඝයා වහන්සේලාට දුන් දානමය පින්කම් වල අනුහස් තමයි. දන්න කතා කිහිපයක් මතක් කරලා බලන්න.
ReplyDeleteසුළුගල උපාසක වස්තුව මම අදයි දැන ගත්තේ. ස්තූතියි!
See this comment from Buwa:
Deletehttp://kathandara.blogspot.com/2011/04/blog-post_06.html?showComment=1302051335219#c5814391858279530923
@ විසිතුරු
Deleteඅනිවාර්යයෙන්ම සද්ධර්මාලංකාරය පුරාම තියෙන්නේ ඒ වගේ කතා. කොහොම නමුත් ඒ කතාවල සත්‍ය අසත්‍යතාව විමසනවාටත් වඩා ඒවායින් මතු කරන්න උත්සහ කරන දේ ගැන හිතලා බලන එක වටිනවා
බොහෝම වටින ලිපියක් මචන්.උබට පිං.හැබැයි මම අහල තියනව අපේ රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවො සියලු කෙළෙස් නසපු උත්තමයෙක් බව(හරියමට දන්නෙ නෑ හැබැයි උන්වහන්සෙගෙ පොත පත කියවනකොට නම් ඒක පැහැදිලි වෙනව.)
ReplyDelete@කස්ස
Deleteරේරුකානේ හාමුදුරුවෝ බුදු දහම සම්බන්ධව පොත්පත් රැසක් ලියලා ලොකු සේවයක් කළා කියන එක අවිවාදිතයි. උන් වහන්සේත් රහතන් වහන්සේ නමක් විදිහට මිනිස්සු පිළිගත්තත් උන් වහන්සේ ඒ වගක් කියපු අවස්ථාවක් හරි පිළිගනිපු අවස්ථාවක් හරි මම දන්න විදිහට නම් නැහැ
මම මේ කතාව ඇහුවමයි.. ඔබත් බොහොම පින් මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව.
ReplyDeleteවර්තමානයේ එක රහතන් වහන්සේ කෙනෙක් ගැනවත් හෝඬුවාවක් නැද්ද ?
( බ්ලොග් එකේ පසුබිම් වර්ණය වෙනස් කළොත් නරකද ? කියවන්ඩ හරිම අමාරුයි )
@ Senna
Deleteනොදන්නා දෙයක් දැනගන්න ලැබුණා නම් ඒ ගැන සතුටුයි.
වර්තමානේ විවිධ හාමුදුරුවරු රහත් වෙලා කියලා මිනිස්සු කියනවා වගේම, සමන්තභද්‍ර වගේ භික්ෂූන් වහන්සේලාම තමන් වහන්සේ සකෘදාගාමී වෙලා කියලා ප්‍රකාශ කරනවා.
සමහර විටෙක අනවශ්‍ය ප්‍රචාරයයක් ලැබෙන නිසා රහත් වුණු භික්ෂූන් වහන්සේලා පවා ඒ ගැන ප්‍රකාශ නොකරනවා වෙන්න පුලුවන්.
තවත් විටෙක රහත් වුණු බව නොදැන උන් වහන්සේලා ඉන්නවා වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ආනන්ද හාමුදුරුවෝ රහත් වූ සැණින් ඒ බව වටහා ගත්තේ නැහැ නොවැ.
තමන් සතු නැති ගුණයක් ප්‍රකාශ කිරීම පාරාජිකාවක් නිසා හරියට වටහා ගන්නකම් උන්වහන්සේලා නිහඬව පසුවෙනවා වෙන්න පුලුවන්
බ්ලොග් එකේ පාට ගැන කලිනුත් ඔයාම කිව්වා වගේ මතකයි. මගේ කම්මැලිකම නොවැ :) ඉන්නකෝ ඉක්මණටම මොනවා හරි කරන්න
මඛා දේව සූත්‍රයේ එන නිමි රජ තුමාත් දෙව් ලොවට ගිය කෙනෙක්
ReplyDelete@ t s p
Deleteඔව්ම නොවැ. මාත් ඒක නම් දැනගෙන හිටියේ නැහැ. බොහොම පින් දැනුවත් කළාට.
මෙන්න අනිත් අයටත් ඒ කතාව දැනගන්න පාර
http://www.lakehouse.lk/budusarana/2012/01/08/tmp.asp?ID=vision06
මේ විස්තරය ඇහුවේ අදමයි...පිං අතේ වැඩක් කරලා තියෙන්නේ දහම් පනිවිඩයක් එක්ක...ජය !!!!
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteඅද අද එයි මරු පින් කරගන්නේ :)
දෙව්ලොව සැප මොනවාද දැනගන්න නං එහේ යන්නම ඕනෑ.
ReplyDeletehttp://kathandara.blogspot.com.au/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html
සොඳ ලෙස වායු සමනිත මහ මැදුරු තුල
අමරස මධු විතෙන් සැතපෙති දේව කැල
සුසිනිඳු සළු පැළඳි සුරඹුන් දකින කල
සිහිවුනි පෑ විකුම් නව දැලි හේන් වල
දෙව් ලොව සැප කියන එම යෙදුමෙහි අරුත
නිසැකව පසක් විය දෙව්පති දුටු මොහොත
සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත
!!!
මං හිතන්නේ ඔය දෙව්ලොව සැප විඳින්න යන්න පිං කරනවා කියන එකත් මහා රාගාධික, වස්තු කාමය ඇති කරන එකක්.
Deleteකොහෙමාටත් දෙව්ලොව යෑමෙන් නිවන දුර වෙනවා. මොකද මෙලොව සියක් අවුරුදු එහි එක දවස නේ.
මේ කවි නියමයිනෙ..
Delete@ කතන්දර Kathandara
Deleteදිව්‍ය ලෝකය තිබීමෙන් වෙන්නේ මිනිසුන් ඒ සම්පත් බලාපොරොත්තුවෙන් හරි යහපත් දේ සිදුකරන්න පෙළඹීම. මතකනේ නන්ද හාමුදුරුවන්ට දිව්‍යාංගනාවක් දෙන්න පොරොන්දු වෙලා බුදු හාමුදුරුවෝ කරපු කාර්යය
කොහොම නමුත් නිර්වාණ මාර්ගයට අවතීර්ණ වුණු පුද්ගලයා ක්‍රමයෙන් කාම තණ්හා සහ විභව තණ්හා දුරු කරන නිසා දිව්‍ය ලෝකයට ගිහින් සැප විඳීමක් ඒ පුද්ගලයාට අවශ්‍ය වෙන්නේ නැහැ
මාත් ඉස්ඉස්සෙල්ලාම තායිලන්තේ මහා සුවිශාල සාප්පු සංඛීර්ණයකට ගියාම මට දැනුනේ නිකං දිව්‍ය ලොකේ ගියා වගේ තමයි.
ReplyDeleteඅම්මෝ! දිව්‍ය අංගනාවෝත් පිරිලා හිටියා.
එතනින් ගත්තු ටී-ෂර්ට් එකක් තාම තියෙනවා.
@ කතන්දර Kathandara
Deleteඒක නිසා වෙන්න ඇති සමහරු කියන්නේ දිව්‍ය ලෝකයයි අපායයි තියෙන්නෙත් මේ ලෝකෙම තමා කියලා
// මේ කළ සත් කාර්යයෙන් කිසියම් කුසලයක් මට වේ නම් මට සද්ධර්මාලංකාරය කියවන්න ලබාදුන් තිස්ස ලියනාරච්චි සොයුරාටත් එයින් කොටසක් අත්වේවා !!! //
ReplyDeleteඒ කෑල්ල දැක්කාම මට මතක්වුනේ ඉස්සෙල්ලා හිඟන්නෙකුට රුපියල් පහක් දීලා විනාඩියකට පස්සේ ඒ පිනෙන් ඇදෙන්න කියලා ප්‍රාර්ථනය කරමින් රුපියල් විස්සකට ශනිදාවක් ගන්න අයවයි.
පිණ කරලා තීන්ත වේලෙන්නත් කලින් රිටන් එක ගන්න සෙට් වෙලා ඉවරයි!
ඒ වගේමයි පින් කියන ජාතිය කරලා තීන්ත වේලෙනකම් ඉන්න ඕනේ වගේ හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ දෙයක් බවත් කියන්න කැමතියි :)???????????????? මක් කිව්වා....
Delete@ බුද්ධි
Deleteහුටා :)
කෑල්ලක් අඩුවෙලා නොවැ. ස්තුතියි අයියා මතක් කළාට. හරියටම කිව්වොත් මෙන්න මේ විදිහටයි ඒක සංශෝධනය වෙන්න ඕනේ
"ඒ වගේමයි තීන්ත වේලෙනකම් හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ වගේ, පින් කියන ජාතිය ලැබෙන්න හොඳ කාර්යයක් කරලා හුඟාක් වෙලා බලන් ඉන්න ඕනේ නැති බව කියන්න කැමතියි :) චේතනාව හොඳ නම් වැඩේ හරි"
@ කතන්දර Kathandara
Deleteහිඟන්නන්ට සල්ලි දීලා ඒ පිනෙන් ටිකට් ගන්න අරන් ඒක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම කියන්නේ "ස්වාර්ථ සාධනයක්". එතන තමන්ගේ පුද්ගලික ලාභය ගැන විතරයි සළකලා තියෙන්නේ.
ඒත් මම ඉදිරිපත් කරපු කතාව තුළින් ධර්ම දානයක් කරන්නයි උත්සහ කළේ. ධර්ම දානය කුසලයක් බව අමුතුවෙන් කාටවත් පහදලා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ.
ඒකට දායක වුණු පුද්ගලයෙක්ව සිහිපත් කරන්න ඒ අවස්ථාව මම යොදා ගත්තේ. ඒක හිඟන්නට සල්ලි දීලා ටිකට් ඇදෙන්න කියලා හිතන මිනිස්සුන්ගේ කතාවට සමාන කරන්න එපා කියන එක මතක් කරන්න කැමතියි.
ඒ වගේමයි තීන්ත වේලෙනකම් හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ වගේ, පින් කියන ජාතිය ලැබෙන්න හොඳ කාර්යයක් කරලා හුඟාක් වෙලා බලන් ඉන්න ඕනේ නැති බව කියන්න කැමතියි :) චේතනාව හොඳ නම් වැඩේ හරි
කතන්දර කියන ඒ කතාව නෙවෙයි මෙතන අදහස් වෙන්නේ .මේ ලිපියට තොරතුරු දුන්නු සහෝදරයාටත් පිං අයිති වේවා කියන දේ අදහස් කරලා තියෙන්නේ.
Delete@ අසරණයා..
Deleteවෙන්න පුළුවන්. ඒත් කකා ගේ මේ භාෂා විලාසය බොහෝ දෙනාට නොතේරෙන බව කියන්නත් ඕනේ. ඒක හරියට අර මහාචාර්යවරයෙක් මොන්ටිසෝරියට උගන්නනවා වගේ..
ඕක කෙලින්ම කීවා නම් කොයිතරම් සුගමද?
ස්තුතියි සහෝ මේ විස්තරයට ! මේ වගේ කථා වලින් මතුවන ඉතිහාස කාරණා වලට තමා මම නම් කැමති ! සමහර අයට මේ වගේ බණ කථා ඇහුවම විහිළුවක් වගේ ඇති. ඒත් මේවායින් කියවෙන අර්ථය ගැඹුරුයි. අනෙක අපේ බෞද්ධ හර පද්ධතියට මේ බණ කථා සාහිත්‍යයෙන් වෙලා තියෙන්නේ ලොකු බලපෑමක්... පිනක ආනිසංස පෙන්නලා මිනිස්සුන්ව යහපත් ක්‍රියාවන්ට යොමු කරවීම විහිළුවක්ද කියලා මම දන්නෑ. ඒත් සමහර අයට ඒක විහිළුවක් !!!
ReplyDelete@ Chathuranga Perera
Deleteඅනිවාර්යයෙන්ම මේ කතාවල සත්‍ය අසත්‍යතාව විමසනවාටත් වඩා ඒ කතාවෙන් මතුකරන්න යන කරුණු ගැන අවබෝධය යොමු කරන එක තමා වටින්නේ.
ඒ වගේමයි මේ වගේ කතා තුළින් ඓතිහාසික කරුණුත් මතු කරගන්න පුලුවන්. මම මේ දවස්වල ලියමින් ඉන්න දක්ඛිණ ථූපය ගැන ලිපියකට සද්ධර්මාලංකාරයේ කතා කීපයකින්ම විස්තර ගන්න පුලුවන් වුණා
බුදු හාමුදුරුවෝ බණ දෙසුවෙත් එක එක පුද්ගලයාගේ බුද්ධි මට්ටම තේරුම් අරගෙන . බුදුදහමේ දාර්ශනික පැත්ත වටහාගන්න අපහසු හුදී ජනයාට මේ වගේ අලංකරණ අවශ්‍යයි . අන් ආගම් වලත් එහෙමයි . මේ කතන්දර අපි පොඩි කාලේ කොයිතරම් රස වින්දද . මේවා සමච්චලේට ලක් කිරීමත් බුද්ධියට තරම් නොවෙනවා කියලයි මට හිතෙන්නේ . අනික මේ අපේ සාහිත්‍ය . අනික කාටවත් හානියකුත් නැහැනේ පින් කරන්න කීම . වියට්නාමයේ මහායාන අදහන කට්ටිය මෙතේ බුදු හිමි සහ මව් දෙවඟන ප්‍රාතිහාර්ය පාන දෙවිවරු ලෙසයි සලකන්නේ . හැබැයි ආශ්‍රම වල බාවනා කරන මනස දියුණු කල හිමිවරුන් බුදුදහමේ මුලික හරයන් තේරුම් ගන්නයි උත්සාහය
ReplyDelete@ Bindi
Deleteතිත්ත බෙහෙත් බොන්න අමාරුයිනේ අක්කේ. ටිකක් පැණි රහ කරලා දෙද්දී බොන්න ප්‍රියයිනේ. ඒ වගේමයි ගැඹුරු බුදු දහමත් කියාදීම සරලව ආරම්භ කරන්න ඕනේ.
ඒ ක්‍රමයමයි ලංකාවේ බුදුදහම පිහිටුවන්න වැඩම කරපු මිහිඳු හාමුදුරුවෝ චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් කරන්නේ.
ඒ වගේමයි කසී භාරද්වාජ සූත්‍රයේ එන විදිහට ශ්‍රද්ධාව කියන කෙතේ තමයි බුදු හාමුදුරුවෝ තමන්ගේ වගාව කරන්නේ.
බුදු දහම තුළ ශ්‍රද්ධාව වගේම ප්‍රඥාව සම සමව තිබිය යුතුයි නොවැ. මේ කතාවලින් ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාවට යොමුවෙන්නයි මග පෙන්වන්නේ
අක්කා කිව්වා වගේම ශ්‍රද්ධාව තියෙන අයට ඊළඟ ගැඹුරු දහම සොයා යන්න පහසුයි
කියල වැඩක් නැත . බොහොම අගේට ලියා ඇත
ReplyDeleteබොහොම පින් ඔබට ...
@ Tiraj Adikari
Deleteස්තුති අගය කිරීමට. මේ ආකාරයේම තවත් කතාවක් ලියලා තියෙන්නේ
ලොකු විස්තර ටිකක් දැනගත්තා.හැම දෙයක්ම හොඳින් විස්තර කරලා තියෙනවා.ලංකාවේ හිටපු අවසාන රහතාණන් වහන්සේ ගැන මේ වගේ විස්තරයක් දැනගත්තේ අදයි.
ReplyDeleteඔබට ගොඩාක් පිං..
@අසරණයා
Deleteමලියදේව හාමුදුරුවෝ ගැන වගේම තවත් බෞද්ධ කතා කීපයක් කියන්නයි බලාපොරොත්තුව.
ඔබටත් පුලුවන්කමක් තියෙනවා නම් පූජාවලිය, සද්ධර්මාලංකාරය වගේ පරණ පොත් පත් ටිකක් හොයාගන්න බලන්න. රසවත් කතා ගොඩක් තියෙනවා
bohoma pin apiva danuwath karata.
ReplyDeleteමාර්ගපල ලබපු අය, සෝවාන් සකදාගාමී අයට පුළුවන් ලු බුදු වෙන්න....බුදු වෙන එක විශ් කරන්න....මේක ඇත්තද.... බුදු වෙන්න ඉතාම ආසන්න අවස්තාවෙදියි ඒ බෝධිසත්වයෝ සෝවාන් හෝ සකදාගාමී හෝ වෙන්නේ....සෝවාන් කෙනෙක් එහෙම වෙන්නේ බුදු වෙන්න ආත්ම හතකට පෙර සොඅවන් වෙනවලු.....සකදාගාමේ කෙනෙක් එහෙම වෙන්නේ බුදු වෙන්න ආත්ම දෙකකට පෙරළු.....මොකද මේ ගැන හිතන්නේ....
Delete@ Dulan Fernando
Deleteසාදු සාදු අනුමෝදන් වෙමි
@ Anonymous
Deleteඔබේ ප්‍රශ්නයට පිළිතුරු පූජාවලියේම තිබෙනවා. පූජාවලියේ 11 පරිච්ඡේදය බෝධි මණ්ඩල පූජා කතාවේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු ආකාරය විස්තර කරන්නේ මෙහෙමයි
"මෙසේ දස දහසක් සක්වල එක පැහැර ගර්ජනා කරවා අනුක්‍රමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ, සෝවාන් ඵලයට පැමිණ, ශකෘදාගාමි මාර්ගයට පැමිණ, ශකෘදාගාමී ඵලයට පැමිණ, අනාගාමී මාර්ගයට පැමිණ, අනාගාමී ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, අර්හත් ඵලයට පැමිණ, ඉක්බිත්තෙන් මෙසේ අරුණු නැඟෙන වේලෙහි සවාසන කෙලෙසුන් නසා ලොවුතුරා බුදු ව...........
බුදුවන අවස්ථාවේ අනුක්‍රමයෙන් මාර්ගයන්ට සහ ඵලයන්ට එළඹෙන බවයි මේකෙන් කියන්නේ. ඊට පෙර භවයක එහෙම දෙයක් සිදුවූ බව දක්වලා නැහැ....
තව දෙයක් කිව්වොත් මේ එක් එක් මාර්ග ඵලවලදී දස සංයෝජනයන් ක්‍රමයෙන් නිෂේධනය වෙනවානේ. බුදු කෙනෙකුන් තුළත් දස සංයෝජන නොමැති නිසා ක්‍රමයෙන් මේ මාර්ග ඵලවලට පත්වෙලා අවසානයේ බුද්ධත්වයට පත් වෙනවා විය හැකියි...
මා දන්නා තරමින් තමා පිළිතුරු සැපයූවේ. කොයිකටත් තව දුරටත් සොයා බලන්න
Thank you hasith...thanks a lot....helpful a lot...
ReplyDeletecan someone write me about the story about the jothipala and the Kashyapa lord...
ReplyDeleteපහත දක්වා තියෙන සබැඳියෙන් ගොස් ඝටීකාර සූත්‍රය කියවා බලන්න. කාශ්‍යප බුදුරදුන් සහ ජෝතිපාල මානවක කතා පුවත සවිස්තරාත්මකව ඒකේ තියෙනවා
Deletehttp://thripitakaya.com/2010/09/%E0%B6%9D%E0%B6%A7%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/
හැම බුදු කෙනෙක්ම මේ විදිහටමද බුදු වෙන්නේ....අන්තිම රෑ ද මාර්ග පල ලබන්නේ....මේක දර්ම නියාමයක් වගේ යන දෙයක්ද.....ඒ කියන්නේ, මාර්ග පල පෙර ආත්ම වලදී නොලබා, නමුත් බුදුවන අවස්ථාවේ අනුක්‍රමයෙන් මාර්ගයන්ට සහ ඵලයන්ට එළඹෙන බව ද ....
ReplyDeleteමම අහන්නේ හැම බුදු කෙනෙක්ම මේ විදිහටද බුදු වෙන්නේ කියල හසිත්....
ReplyDelete@ Anonymous
Deleteබුදුවරුන්ගේ බුද්ධ කෘත්‍යයන් එක් එක් බුදුවරුන්ට ආවේණික ඒවා නොවෙයි. ඒවා සෑම බුදුවරයෙක්ටම පොදු වූ කරුණු කාරණා.
උදාහරණ විදිහට මව කලුරිය කිරීම, ගිහිගෙය හැරයාම, දුෂ්කර ක්‍රියාව, බුදුවන්නට පළමු දානය, මාර පරාජය, සත් සතිය, තමන් උපන් බිමට වැඩම කිරීම ආදි කරුණු කාරනා සෑම බුදුවරෙය්ක් අතින්ම සිදුවන්නේ එකම ආකාරයකට. වෙනස තිබෙන්නේ ඒ ඒ කාල සීමාවල පමණයි.
මට මතක විදිහට බුද්ධ කාරක ධර්ම වශයෙනුයි ඒවා හඳුන්වන්නේ.
ඒක නිසා බුද්ධත්වය ලබන ආකාරය වුවත් සෑම බුදුවරයෙක්ගේම එක හා සමානයි. ඒක වෙනස් වන්න විදිහක් නැහැ මම හිතන විදිහට
තවත් දෙයක් එකතු කරන්නම් බෝසත්වරු බුද්ධත්වය ලබන අවස්ථාවේදී අනුක්‍රමයෙන් මාර්ග ඵලවලට පත්වුණත් පළමු වරට නියත විවරණ් ලැබීමේ ඉදන්ම ධ්‍යාන හා මාර්ග ඵල ලබන්න හේතු වාසනාවක් තිබෙන පුද්ගලයින්.
බුද්ධත්වය පතන බෝසත්වරු නියත විවරණය ලබන ජාතියේ තිබිය යුතු ධර්මතා 8 යටතේ ඒක විස්තර කෙරෙනවා
මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජා ගුණ සම්පත්ති
අධිකාරො ච ඡන්දතා
අට්ඨධම්ම සමෝධානා
අභීනීහාරො සමිජ්ඣති
ඒ ධර්මතා 8 තමා
මනුෂ්‍යයෙක්ව ඉපදීම
පිරිමියෙක් වීම
ඒ ජාතියේදීම ධ්‍යාන හා මාර්ග ඵල ලබන්න හේතු වාසනා තිබීම
ජීවමාන බුදු කෙනෙකුන් දැකීම
බුදු සස්නේ හෝ තවුස් පැවිද්දක සිටීම
ධ්‍යාන අභිඥා උපදවා සිටීම
බුදුබව සසරේ පතාගෙන ඒම
ජීවීතය බුදුන්ට පූජා කොට බුදු බව පැතීමට ඇති කැමැත්ත
http://www.buddharashmi.co.cc/2012/05/blog-post.html
Delete@ Thilina Sampath Wickramasinghe
Deleteඔබට පිං
බුද්ධ විෂය අචින්ත්‍යයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කල නෙව.. ඒ නිසා ගොඩක් ඒ ගැන නොසොයා අඩු ගැනේ සෝතාපන්න වත් වෙන්න උත්සහ කරමු. හෙට අනිත්ද වෙනකොට ධර්මය සොයා ගන්න තවත් අමාරු වෙන පාටක් නේ තියෙන්නේ
Delete@ Anonymous August 12, 2012 4:36 PM
Deleteබුද්ධ ධර්මයත් අනිත්‍ය ධර්මතාවයට ලක්වෙනවා නොවැ...
බොහොම හොඳ ලිපියක් සහෝ...
ReplyDeleteමලියදේව හිමියන් හා කුරුණෑගල ප්‍රදේශය අතර ඇති සම්බන්ධය මොකක්ද?
කුරුණෑගල බොහෝ දෑ නම් කර තිබෙනවා මලියදේව හිමි නමින්.
Links වලට බොහොම පින්...
@ Dushyantha Akash
Deleteමලියදේව හිමියෝ කුරුණෑගල ප්‍රදේශයේ වැඩි කාලයක් වැඩ වාසය කළා කියලා තමා කියවෙන්නේ. කුරුණෑගල ප්‍රදේශයේ කෙනෙක්ගෙන් තව අහලා බලන්න වෙනවා....
සුළුගුළු උපාසකට සම්බන්ධ බව කියන ලෙන් විහාරයක් කුරුණෑගල ට සැතැප්ම හයක් එහා පේද්දව ගමේ තියෙනවා, චූලක ලෙන් විහාරය නමින්. ඒකෙ නායක හාමුදුරුවො කියපු විදිහට ‘උපාසකය මට බේත් දෙව‘ කියා මලියදේව රහතන් වහන්සේ කියපු ‘බේත් දෙව‘ වචනෙන් තමයි ලු ගමට පේද්දව කියන නම වැටුණේ.
ReplyDeleteමා නොදන්නා බොහෝ දේ දැනගත් නිසා.. ඒ සියල්ල දැනගැනීමට උපකාර කල ඔබ සියලු දෙනාටම ධර්ම දානමය පින හදවතින්ම අනුමෝදන් කරමි... සාදු සාදු සාදු.. !!!
ReplyDelete