II රාජසිංහ රජතුමා
කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා.
ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප‍්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී අවසාන පෘතුගීසි බලකොටුව වුණු යාපනය අල්ලා ගැනීමත් එක්ක ලංකාවේ පෘතුගීසී ආදිපත්‍යය නිමා වෙනවා.
ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප‍්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී අවසාන පෘතුගීසි බලකොටුව වුණු යාපනය අල්ලා ගැනීමත් එක්ක ලංකාවේ පෘතුගීසී ආදිපත්‍යය නිමා වෙනවා.
ඒත් අවසානයේදී 1638 ගිවිසුම උපායශීලීව භාවිතා කරමින් පෘතුගීසී ප‍්‍රදේශවල ලන්දේසි බලය තහවුරුවීමත් එක්ක රජතුමාට තම ප‍්‍රදේශ ලබා ගන්න ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න සිදුවුණු නිසා මිනිස්සු මේක හැඳින්වූවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා.
මේ සිදුවීමෙන් රජතුමාට වුණු අපකීර්තිය නිසාත් 1664 දී වාර්ෂිකව පවත්වා ගෙන ආපු මහනුවර ඇසළ පෙරහැර රජතුමා නැවැත්වීම වගේ හේතු මතත් රජතුමාට විරුද්ධව කැරැල්ලක රාවයක් ඒ අවුරුද්දේ ඇතිවෙමින් තිබුණේ.
ඒ වගේම 1664දෙසැම්බර් මාසේ වෙද්දී ලංකාවට ඉහළ අහසේ වල්ගා තරුවක් පෑයීමත් එක්ක කිසියම් අසුභ දෙයක් සිදුවෙන බවට රාවයක් උඩරට ඇතිවෙමින් තිබුණේ. අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන් ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව කියන රදළ නායකයන්ගේ සහභාගීත්වය රජතුමාට විරුද්ධව කැරැල්ලක් මේ තත්වයත් එක්කම දෙසැම්බර් 21 ආරම්භ වෙනවා. මේ පිරිසගේ සැලැස්ම වෙන්නේ නිල්ලඹේ නුවර මාළිගාවේ හිටපු II වන රාජසිංහ රජතුමාව මරලා දාලා රජතුමාගේ පුත් කුමාරයාව රජ කරවන එක.
මේ දවස වෙද්දී පායලා තිබුණු වල්ගා තරුවේ වල්ගා කොණ කැරැල්ල පටන් ගත්තු බටහිර ප‍්‍රදේශයට යොමුවෙලා තිබුණයි කියලා මේ කාලේ ලංකාවේ හිරකාරයෙක් වෙලා හිටිය ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් කියනවා.
කැරලිකාරයෝ දෙසැම්බර් 21 රාත්‍රියේ නිල්ලඹේ මාළිගාවට කඩා පැනපු අවස්ථාවේදී හුඟක් රාජපුරුෂයොත් තමන්ගේ ජීවිතේ බේරගන්න කැරලිකාරයින්ට එකතු වෙනවා. විරුද්ධ වුණු අයව කැරලිකාරයෝ මරලා දානවා. කොහොම නමුත් කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා පනින්නේ නැතුව උදේ වෙනකම් බලාගෙන ඉන්නවා.
මේ වෙලේ කැරැල්ල ගැන රජතුමාට ආරංචි වීමත් එක්ක කැරලිකරුවන් රවට්ටන උපායක් විදිහට රජතුමා සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට නිදාගෙන ඉන්න රජතුමගේ දුක්ගන්නා රාළ කෙනෙක් විදිහට සේවය කරපු අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි ඉදිරිපත් වෙනවා. ආරක්ෂිතව රජතුමාට පලා යන්න ඉඩකඩ සලසන්නයි ඒ කාර්යය කරන්න ඔහු ඉදිරිපත් වෙන්නේ.
අලුවිහාරේ මුදලි රූපෙන් රජතුමාට සමාන වෙන නිසා ඒ කාර්යය තවත් පහසු වෙනවා. රාජාභරණවලින් සැරසිලා මුණින් අතට සිරි යහනේ අලුවිහාරේ මුදලි නිදා ගනිද්දී රජතුමා 50 ක පමණ පිරිසක් එක්ක මාළිගාව අසළ තිබුණු කන්දට පැනලා ගිහින් ගල උඩ කන්දට පළා ගිහින් ජීවිතය බේරගන්නවා.
කැරලිකාරයෝ උදේ රජතුමාගේ සිරි යහන් ගබඩාවට කඩා පැනලා රජතුමා වගේ නිදාගෙන හිටපු අලුවිහාරේ මුදලිව මරා දාලා රජතුමාව මැරුවා කියලා සතුටු වෙද්දී ඇරැව්වාවල දිසාවට සිහිපත් වෙනවා රජතුමා හා සමාන රූපයක් තියෙන අලුවිහාරේ වනිගසේකර මුදලි මාළිගාව ඇතුළේ හිටියේ නැහැ නේද කියලා.
රජතුමාගෙයි අලුවිහාරේ මුදලිගෙයි අතර වෙනස වෙන්නේ රජතුමාගේ කටේ දත් තියෙන එක විතරයි. මේ නිසා කුරුවිට රාළ මළ සිරුරේ කටට අත දාළ බලද්දී කටේ දත් නැති නිසා මේ මිය ගිහින් තියෙන්නේ අලුවිහාරේ මුදලි බවත් රජතුමා ජීවතුන් අතර කියලත් දැනගෙන කැරලි නායකයෝ ටික හුඟක් බය වෙනවා.
මේ නිසා ඉක්මණටම තමන්ගේ සැලැස්මේ ඊළඟ කොටසට යන්න හිතුව කැරලිකාරයෝ කන්දේ නුවරට ගිහින් එහේ හිටිය රාජ කුමාරයාගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍යය භාරගන්න කියලා. ඒත් කුමාරයා මේ ගැන මොකුත් නොකියා නිහඬව ඉදලා රජතුමාගේ සහෝදරියත් එක්ක රජතුමා ගාවට පලා යනවා.
සියලු වැඩ වැරදුණු බව දැනගත්තු කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව මින්ස්සු අතර බෙදාදීලා හැංගෙනවා. ඒ වගේ ආරක්ෂාව හේතු කොටගෙන ඔවුනොවුන් අතරත් ගැටුම් වගේම මිනීමැරීම් සිද්ධ වෙනවා. මේ කාලය තුළ රජතුමා වෙනුවෙන් තවත් රදළ නායකයෙක් තමන්ගේ පිරිසත් එක්ක කැරළිකාරයන් මරා දමමින් මහනුවරට එනවා.
සියලු වැඩ වැරදුණු බව දැනගත්තු කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව මින්ස්සු අතර බෙදාදීලා හැංගෙනවා. ඒ වගේ ආරක්ෂාව හේතු කොටගෙන ඔවුනොවුන් අතරත් ගැටුම් වගේම මිනීමැරීම් සිද්ධ වෙනවා. මේ කාලය තුළ රජතුමා වෙනුවෙන් තවත් රදළ නායකයෙක් තමන්ගේ පිරිසත් එක්ක කැරළිකාරයන් මරා දමමින් මහනුවරට එනවා.
රජු සහ රදළ නායකයින්
රජතුමා ගල උඩ කන්දේ ඉද්දිම සියලුම කලබල සංසිඳෙනවා.රදළ නායකයෝ තමන්ගේ විරුද්ධවාදීන් පවා කැරලිකාරයෝ කියලා මරන්න ගත්තු නිසා රජතුමා නියම කරනවා කැරලිකාරයෝ කියලා සැක කරන හැම දෙනාම අත් අඩංගුවට ගන්න මරා දැමීම නවත්තන්න කියලා.
අවසානයේ ඒ ගැන තිබුණු මහ නඩුවෙන් කැරැල්ලට සම්බන්ධයි කියලා ඔප්පු වුණු හැමෝම හිස ගසා මරා දානවා වගේම දේපළ රාජ සන්තක කරනවා. කැරැල්ලේ නායකයා වුණු අඹන්වෙල රාළ දඬුවම් කරන්න සිංහල දඬුවම් ක්‍රම ප්‍රමාණවත් නැහැ කියලා රජතුමා තීරණය කරලා අඹන්වෙල රාළට දඬුවම් දෙන්න කියලා දම්වැල්වලින් බැඳලා ලන්දේසීන්ට යැව්වත් ලන්දේසීන් එයාව නිදහස් කරලා උඩරට රහස් ලබාගන්න ඔහුව තියාගන්නවා.
මේ සිදුවීමත් එක්ක තමන්ගේ පුත් කුමාරයා තමන්ගේ බලයට බාධාවක් කියලා හිතලා රජතුමා පුතාට වස දීලා මරා දැමුවා කියලා කතාවක් පවතින්නේ. ඒකේ ඇත්ත කතාව මොකක්ද කියලා පස්සේ දවසක කියන්නම් :)
තමන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු අලුවිහාරේ මහළු මුදලිගේ මළ සිරුර දැක්ක රජතුමා ශෝකයෙන් හැඬුවා කියලත් ජන කවි කීපයක් තියෙනවා.
සැන්දෑවේ දොරකඩ ළඟ සිටපු සැටී
රාජ පණිවිඩෙන් වාසල සිටපු සැටී
කුරුවිටියට මද නුවණක් දීපු හැටී
යහන් ඇඳේ වැටිලා පණ දීපු හැටී
රාජ පණිවිඩෙන් වාසල සිටපු සැටී
කුරුවිටියට මද නුවණක් දීපු හැටී
යහන් ඇඳේ වැටිලා පණ දීපු හැටී
රන් රන් දලේ රත් රන් දල රිදී දලේ
ඉන්දලේ තුලේ ඉන්තුල පෙති අතුලේ
රන් කඳ මැදර රන් හවඩිය රනින් කළේ
රන් කඳ වනිසේකර මුදලි මාතලේ
ඉන්දලේ තුලේ ඉන්තුල පෙති අතුලේ
රන් කඳ මැදර රන් හවඩිය රනින් කළේ
රන් කඳ වනිසේකර මුදලි මාතලේ
පස්සේ රජතුමා අලුවිහාරේ මුදලිගේ දේහය රාජ ගෞරව සහිතව ආදාහනය කරලා හඟුරන්කෙත ගෙඩි ගෙයක් කෙරෙව්වා කියලා තමයි කියවෙන්නේ.
ඒ වගේම අලුවිහාරේ මුදලි තම ජීවිත පරිත්‍යාගයෙන් රජතුමාව ආරක්ෂා කරපු නිසා ඒකට සතුටු වුණු රජතුමා අලුවිහාරේ සන්නස මඟින් අලුවිහාරේ වනිගසේකර මුදලිගේ පුතාට මුදලි මැරී සිටිය රජතුමාගේ ඇඳ සහ එහි සලු පිළි වගේම ඉඩ කඩම්, ආභරණ, සේවක සේවිකාවන් ප්‍රදානය කරනවා. මෙන්න මෙහෙමයි ඒක අලුවිහාරේ සන්නසේ තියෙන්නේ.
ඒ වගේම අලුවිහාරේ මුදලි තම ජීවිත පරිත්‍යාගයෙන් රජතුමාව ආරක්ෂා කරපු නිසා ඒකට සතුටු වුණු රජතුමා අලුවිහාරේ සන්නස මඟින් අලුවිහාරේ වනිගසේකර මුදලිගේ පුතාට මුදලි මැරී සිටිය රජතුමාගේ ඇඳ සහ එහි සලු පිළි වගේම ඉඩ කඩම්, ආභරණ, සේවක සේවිකාවන් ප්‍රදානය කරනවා. මෙන්න මෙහෙමයි ඒක අලුවිහාරේ සන්නසේ තියෙන්නේ.
"ශ්‍රී ස්වස්ති ශ්‍රී ඝණ ප්‍රශස්ත ශාසනාම්බරාඩම්බර ප්‍රවරෙනු බිම්බ ගම්භීර ඝර්මාංශු වංශ මණි මන්දිර ප්‍රදීපායමාන වූ උතුම් රාජසිංහ දේවස්වාමිදරුවාණන් වහන්සේ සිරිලක රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තවැ ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් දසරාජ ධර්ම ප්‍රථානුවර්තීව වැඩ හිඳ වදාරණ සමයෙහි ශක වර්ෂ එක්වා දහස් පන්සිය අනුහයට පැමිණි වර්ෂයෙහි
ඒදඬුවාවත් පැල්ලන්පිටියත් උඩුබද්දාවත් මෙම තුන්දෙනා ප්‍රධානව මෙම දෙවිමහාරාජෝත්තමයාණන් වහන්සේට නිල්ලඹේ හදි පෙරලි සම්ප්‍රාප්ත වූ කල්හි අලුවිහාරේ වනිසේකර මහලු මුදලියා ඇතුළු මාළිගාවේ යහං ඇඳේ අප්‍රසිද්ධවැ ඉන්ට සැලැස්සූ විට ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේම යයි සිතා සතුරන් විසින් ඒ මුදලියාට ඇන මැරූ කල්හි රාජපක්ෂ වාධිකමිං ආඪ්‍ය නිසා තමාගේ ජීවිත කාලය ඇර ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේ නිසා ජීවිතක්ෂයට පැමිණි කල්හි ඒ මුදලියා ආදාහනය කරවා
ඉක්බිති ඒ මහලු මුදලියාගේ පුත් හට එම වනිසේකර පටබඳවා ඉක්බිති ඒ මුදලියා හෙව මල යහන් ඇඳ එහි අතුල රත්පලසය රත්‍රං පෙස කොට්ට සලුවයි රිදී වැස නිම කළ ලංස දෙකයි කස්තාන දෙකයි තුවක්කු පහයි ඇත්දත් කාරකයයි රත්‍රං මාලයයි පේරස් මුද්දයි හැට්ට තොප්පි සහිත රාජ පලඳනාවයි මහ ගබඩාවෙන් ගෑණු හිර පස්දෙනයි පිරිමි පස්දෙනයි මාතලේ අලුවිහාරේ ගමේ ඒ මළ මහලු මුදලියාගේ ප්‍රවේනි වූ වැල්ලේකුඹුරේ බිජු පහමුණද වලකුඹුරේ බිජු දෑ මුණද ඊට අඩුක්කුවූ ගොඩමඩ හැටපස් අමුණේ ගං පංගුද මෙම සියල්ලටම
මිං ඉදිරි අහස පොළව ඉරහඳ පවතිනාතුරු දියතලා කන්ද පැලහිරි ගල නිල්ලඹේ ගල පවතිනා තුරු රජදරු කෙනෙකුන් විසින් වත් අවුලක් උධරණයක් නැතිව සුදස් සින්නක්කර සහද ප්‍රවේණි සැලැස්මට ගෝත්‍ර පරම්පරාව දක්වා භුක්ති විඳිනා ලෙසට අලුවිහාරේ ගමේ වනිසේකර මුදලියාට ජගද ඛිල ශිරො මාණිඛ්‍ය වූ උතුම් දීප චක්‍රවර්ති දේවස්වාමි දරුවාණන් වහන්සේගෙන් දියතිලක නුවරදී ලැබී වදාළ පනතයි..."
ඒදඬුවාවත් පැල්ලන්පිටියත් උඩුබද්දාවත් මෙම තුන්දෙනා ප්‍රධානව මෙම දෙවිමහාරාජෝත්තමයාණන් වහන්සේට නිල්ලඹේ හදි පෙරලි සම්ප්‍රාප්ත වූ කල්හි අලුවිහාරේ වනිසේකර මහලු මුදලියා ඇතුළු මාළිගාවේ යහං ඇඳේ අප්‍රසිද්ධවැ ඉන්ට සැලැස්සූ විට ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේම යයි සිතා සතුරන් විසින් ඒ මුදලියාට ඇන මැරූ කල්හි රාජපක්ෂ වාධිකමිං ආඪ්‍ය නිසා තමාගේ ජීවිත කාලය ඇර ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේ නිසා ජීවිතක්ෂයට පැමිණි කල්හි ඒ මුදලියා ආදාහනය කරවා
ඉක්බිති ඒ මහලු මුදලියාගේ පුත් හට එම වනිසේකර පටබඳවා ඉක්බිති ඒ මුදලියා හෙව මල යහන් ඇඳ එහි අතුල රත්පලසය රත්‍රං පෙස කොට්ට සලුවයි රිදී වැස නිම කළ ලංස දෙකයි කස්තාන දෙකයි තුවක්කු පහයි ඇත්දත් කාරකයයි රත්‍රං මාලයයි පේරස් මුද්දයි හැට්ට තොප්පි සහිත රාජ පලඳනාවයි මහ ගබඩාවෙන් ගෑණු හිර පස්දෙනයි පිරිමි පස්දෙනයි මාතලේ අලුවිහාරේ ගමේ ඒ මළ මහලු මුදලියාගේ ප්‍රවේනි වූ වැල්ලේකුඹුරේ බිජු පහමුණද වලකුඹුරේ බිජු දෑ මුණද ඊට අඩුක්කුවූ ගොඩමඩ හැටපස් අමුණේ ගං පංගුද මෙම සියල්ලටම
මිං ඉදිරි අහස පොළව ඉරහඳ පවතිනාතුරු දියතලා කන්ද පැලහිරි ගල නිල්ලඹේ ගල පවතිනා තුරු රජදරු කෙනෙකුන් විසින් වත් අවුලක් උධරණයක් නැතිව සුදස් සින්නක්කර සහද ප්‍රවේණි සැලැස්මට ගෝත්‍ර පරම්පරාව දක්වා භුක්ති විඳිනා ලෙසට අලුවිහාරේ ගමේ වනිසේකර මුදලියාට ජගද ඛිල ශිරො මාණිඛ්‍ය වූ උතුම් දීප චක්‍රවර්ති දේවස්වාමි දරුවාණන් වහන්සේගෙන් දියතිලක නුවරදී ලැබී වදාළ පනතයි..."
ඔන්න ඕකයි වන රාජසිංහ රජතුමාට රූපෙන් සමාන වුණු අලුවිහාරේ මුදලිගේ කතන්දරය.
අලුවිහාරේ පරපුර ලාංකීය රජවරුන්ට සේවය කළා වගේම ඊට පස්සේ ඉංග්‍රීසීන් යටතෙත් රාජ්‍ය සේවය මැනවින් ඉටුකළා. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වෙන්නෙත් අලුවිහාරේ පරපුරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ.
ඒ වගේමයි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු අලුවිහාරේවරු ඉන්නවා. ඒ යටතේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ඇලික් අලුවිහාරේ දක්වන්න පුලුවන්.
අලුවිහාරේ පරපුර ලාංකීය රජවරුන්ට සේවය කළා වගේම ඊට පස්සේ ඉංග්‍රීසීන් යටතෙත් රාජ්‍ය සේවය මැනවින් ඉටුකළා. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වෙන්නෙත් අලුවිහාරේ පරපුරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ.
ඒ වගේමයි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු අලුවිහාරේවරු ඉන්නවා. ඒ යටතේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ඇලික් අලුවිහාරේ දක්වන්න පුලුවන්.
අලුවිහාරේවරුන්ගේ පවුල් සටහන මෙතනින් ගිහින් බලන්න පුලුවන්
සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය - මහාචාර්ය රැල්ෆ් පීරිස්. පරිවර්තනය : කේ.ඒ.ඩී. පෙරේරා
සරණඞකර සඞඝරාජ සමය - පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
ඓතිහාසික මාතලේ අලුවිහාරය - පූජ්‍ය අලුවිහාරේ සරණංකර හිමි
එදා හෙළදිව - රොබට් නොක්ස්. පරිවර්තනය : ඩේවිඩ් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
උඩරට විත්ති - පී.එම්.පී. අභයසිංහ
පොඩි කුමාරිහාමිත් අහලා තිබුණු නිසා මේවා ගැන කොහොමද දන්නේ කියලා. විස්තර හොයාගත්තු පොත්පත් ගැනත් කියන්නයි කියලා හිතුවේ. මෙන්න විස්තර ටික
සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය - මහාචාර්ය රැල්ෆ් පීරිස්. පරිවර්තනය : කේ.ඒ.ඩී. පෙරේරා
සරණඞකර සඞඝරාජ සමය - පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
ඓතිහාසික මාතලේ අලුවිහාරය - පූජ්‍ය අලුවිහාරේ සරණංකර හිමි
එදා හෙළදිව - රොබට් නොක්ස්. පරිවර්තනය : ඩේවිඩ් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
උඩරට විත්ති - පී.එම්.පී. අභයසිංහ
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්න වුණු පොරොන්දුව ඉෂ්ට කරන්න ඔන්න පටන් ගත්තා. ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්නේ නැද්ද කියලා හොයලා බලපු රූ අක්කාට ස්තුතියි :)
පොරොන්දු වුණු විදිහට ඉතුරු කතා වගේම තවත් අප්‍රකට කතා රැසක් ගැන ඉදියේදී ලියවේවි.
1.රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
පොරොන්දු වුණු විදිහට ඉතුරු කතා වගේම තවත් අප්‍රකට කතා රැසක් ගැන ඉදියේදී ලියවේවි.
1.රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
2. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
3. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
4. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
5. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
6. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා
ඉතිහාසෙ දැන ගන්නා එක අපේ ජීවිත වලට හරිම වැදගත්. මේ පොත් ටිකත් කියවල බල්ලන්න වෙලාවක් හම්බ උනම.
ReplyDeletehttp://lokkaiyaa.blogspot.com/2012/04/books.html
@ Lokkaiyaa
Deleteමේ පොත් එකක්වත් නම් කියවලා නැහැ. දැනුවත් කළාට ස්තුතියි. මේ පොත් හොයාගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ?
මේ පොත්වල ප්‍රකාශකයෝ කවුද කියලා ?
නොදන්න කරුනු දැනගත්ත වටින ලිපියක්.....
ReplyDelete@ රොබින්
Deleteස්තුතියි. ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව එක්ක ඉදිරියටත් රැඳී ඉන්න
සුභ සහ යස තියරිය දැම්මොත් එක්කෝ, අලුවිහාරේ වනිගසේකර මහළු මුදලිට ඔය සිරි යහන් ගබඩාව අමුතු තැනක් නොවෙන්න ඇති.
ReplyDeleteනැත්නං, රජතුමාගේ සීයා මාතලේ පසල් දනව්වල සැරිසරන්න ඇති,
නැත්තං මාතලේ පොරවල් සීයලාගේ කාලෙත් රජවාසලේ සේවය කරන්න ඇති!
මේ කතාවේ කොටසක් තියෙනවා නේද ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නි දාහය චිත්තරපටියේ?
මේ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්..අළුවිහාරෙ කියන්නෙ නුවරට ගොඩක් දුර පලාතක් නෙවිනෙ..
Deleteඅළුවිහාරේ පන්සලේ තියන පුස්කොල පොත්වලින් මේ ගැන අදහසක් ගන්න බැරිවෙන එකක් නෑ ඕන කමක් තියනවා නම්..
@ කතන්දර Kathandara
Deleteරජ්ජුරුවොයි අලුවිහාරේ මුදලියි රූපෙන් සමානයි කිව්වම ඔය කතාව ඇදිලා ඇයි කියලා හිතුවා :D
අලුවිහාරේ වනිගසේකර මුදලි රජවාසළ කරපු කාර්යයත් එක්ක ඔයා කියන කතාව ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කසූ.
අලුවිහාරේ මුදලි රජවාසළ හිටිය "දුග්ගන්නා රාළ කෙනෙක්" රජ වාසළ අංශ තුනක දුග්ගනා රාළලා සේවය කරනවා.
ඒ මහ සැතපෙන ගෙයි [රජතුමාගේ සිරි යහන් ගබඩාව]
අතපත්තු මඩුව [රජුගේ පණිවිඩ ගෙන යාම හා පුද්ගලික ආරක්ෂකයන්]
රන් ආවුද මණ්ඩපය [රජතුමාගේ අවි ආයුධ තබ ස්ථානය]
ඉතින් රජවාසළ ඇතුළේ නිරන්තරයෙන්ම ගැවසෙන මේ දුග්ගන්නා රාළලා ජීවිත පරිත්‍යාගයෙන් රජතුමා වෙනුවෙන් සේවය කරන අය.
එතකොට රජතුමාගේ සීයා මාතලේ පැත්තේ ගිය කතාව ගැන බැලුවොත් රජ්ජුරුවන්ට සීයලා දෙන්නෙක් ඉන්නවනේ.
අම්මගේ තාත්තයි, තාත්තාගේ තාත්තයි.
රජ්ජුරුවන්ගේ අම්මා කුසුමාසන දේවි. එයාගේ තාත්තා කරලියැද්දේ බණ්ඩාර. එයා මාතලේ පැත්තේ ගියාද දන්නේ නැහැ.
රජ්ජුරුවන්ගේ තාත්තා සෙනරත්. සෙනරත් රජතුමාගේ තාත්තා නම් කවුද කියලා පොත පතේ සඳහන් වෙන්නේ නැහැ [මම දන්න විදිහට නම්]
සමහර විට සෙනරත් රජතුමා මාතලේ පැත්තේ ගියාද කියලා නම් ෂුවර් නැහැ :D
මාතලේ පොරවල් රජවාසළ සේවය කරපු එකෙන් එන්න යන නිගමනේට නම් එන්න අමාරුයි
අග්නිදාහය හුඟ කාලෙකට කලින් නොවැ ආවේ. මට ඒකේ කතාව මතක නැහැනේ. පොඩ්ඩක් කතාව කියමු බලන්න
@ රූ....
Deleteකසූට දීපු උත්තරේ අක්කා කියන කතාවටත් අදාළ වෙන විදිහට තියෙන්නේ.
මේ ගැන පුස්කොළ පොත්වල තියෙනවාද කියන එක නම් විශ්වාස නැහැ අක්කේ. රජවරුන්ගේ හුඟාක් අප්‍රකට සිද්ධි ජනප්‍රවාදත් එක්ක එනවා ඇරෙන්න ලේඛනගත වෙලා තියෙන අවස්ථා හරිම අඩුයි.
මේ වගේ දෙයක් ගැන ලියලා අහුවුණොත් ඒ කාලේ සුදු අශ්වයෝ බැඳලා තියෙන සුදු අශ්ව කරත්ත එවන්න හරි සුදු දෝලා එවන්න හරි රජවරු කටයුතු කරලා තියෙනවාලු :D
නොදැන හිටි කතාවක් දැනගත්තා.. කැරලිනායකයාට දඬුවම් කරන්න ලන්දේසීන්ට යවපු එක ඉඟුරු දීලා මිරිස් ගත්තු එකේ අනික..
ReplyDeleteබොහොම ස්තුතියි! ඔය එක වගේ දෙන්නා සීන් ගොඩක් තියෙනවා නේද ඉතිහාසයේ..
@ හරී
Deleteකැරැල්ල වෙලාවේ ඒක මැඩ පවත්වන්න රජතුමා ලන්දේසීන්ගේ උදව් ඉල්ලුවා කියලත් කියනවා. කොහොම නමුත් රජතුමා වැඩිපුර හිතන්නේ නැතුව තමා ලන්දේසි ගාවට අඹන්වෙල රාළව යවන්නේ.
ඒ වුණත් ලන්දේසීන්ට උඩරට අල්ල ගන්නේ වුණේ නැහැනේ.
එක වගේ දෙන්නා ගැන හුඟාක් ප්‍රසිද්ධ කතාව තමා අනුරාධපුර යුගයේ හිටපු "යසලාලක තිස්ස" රජතුමා සහ දොරටු පාලක "සුභ" ගේ කතාව.....
ඇඟිලි ගැන ගැන හිටපු එක පාඩුවක් වෙලා නෑ වගේ..ගොඩක් ස්තුතියි..ඊළඟ කතාවත් එනකම් බලාන ඉන්නවා..
ReplyDeleteඅළුවිහාරේ පරම්පරාවේ බොහෝ අය තාමත් ඒ ගමේ ඉන්නවා..ඒ පැත්තෙ ඉන්න අය තාමත් එකිනෙකාට සම්බන්ධයි..ඒත් වලව්වක් තියනවා කියලා නම් පේන්න නෑ..
පාර්ලිමේන්තුවේදි මාතලේ කොට්ඨාශය තාමත් නියෝජනය කරන්නේ අළුවිහාරේලා..
@ රූ....
Deleteස්තුතියි අක්කේ. මෙහෙම බලන් ඉන්නවා කියලා දන්නවා නම් අනිත් ටිකත් ඉක්මණට ලියනවා :D
ඇලික් අලුවිහාරේ ඇමතිතුමා එහෙම ඉන්න ගෙදරට කියන්නේ අලුවිහාරේ වලව්ව කියලා නේද ? මට නම් දැනගන්න ලැබුණේ ඒ විදිහට.
ඒ වගේමයි තාමත් එයාලා ගාව රජ්ජුරුවන්ගෙන් හම්බුණු අලුවිහාරේ සන්නස තියෙනවා කියලයි දැනගන්න ලැබුනේ....
ඇලික් අලුවිහාරේ මහත්තයාගෙන් පස්සේ පුතා හරි ඥාතී පුතෙක් හරි වෙන වසන්ත අලුවිහාරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරනවා කියලා නම් දන්නවා.
ඇලික් අළුවිහාරේ ඇමතිතුමාගේ ගෙදර තියෙන්නෙ විහාරෙට මීටර් 250ක් විතර දුරින්...ඒත් ඒක වලව් පන්නයේ ගෙදරක් නෙවි..සමහරවිට පරණ එක කඩලා හැදුවද දන්නෑ..ඒත් ඒකට කවුරුත් වලව්වක් කියලා කියන්නෑ..ඒත් අළුවිහාරේලා ගොඩක් ඒ ගමේ ඉන්න නිසා වෙන වලව්වක් තියෙන්නත් ඇති...
Deleteවසන්ත අළුවිහාරෙ කියන්නෙ ඇලික් අළුවිහාරේ ඇමතිතුමාගෙ දෙවනි පුතා..පළවෙනි පුතා රංජිත් අළුවිහාර් ඉස්සර දඹුල්ල නගරාධිපති..
@ රූ....
Deleteඔය තියෙන්නේ විස්තරේ එළකිරි වගේ.
අලුවිහාරේ පවුලේ සටහන් බලද්දී හුඟාක් සංකීර්ණ පාටකුත් පේනවා අක්කා කිව්ව විදිහට.
කොහොම නමුත් අර කලින් දක්වපු "අලුවිහාරේ සන්නස" අන්තිමට තිබිලා තියෙන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ ගාව. එයාටත් දුවලා දෙන්නෙක් හිටිය නිසා එතනින් ඒ පරපුර ඉවර වෙනවනේ
අලුවිහාරේ වලව්ව තවම තියෙනවා.මේ වලව්ව මාතලේ තියෙන වලව් ගොඩක්ට නැදෑකම් කියනවා.කොහොමහරි අලුවිහාරේ වලව්ව තියෙන්නේ ඇතුල් පාරක.මම මේ ගමේ කෙනෙක්.ඒත් දවුලගල මැද වලව්වට නෑකම් කියන කෙනෙක්.දවුලගල මැද වලව්වට පවා අලුවිහාරෙලා නෑයෝ වෙනවා.එහෙම එකේ තර්කේ ගොඩාක් දුරට හරි
DeleteThis comment has been removed by the author.
Delete" අලුවිහාරේ වලව්ව තියෙන්නේ ඇතුල් පාරක. ... " ඒක ට යන පාරෙ විස්තර කියන්න පුළුවන් ද කරුණාකර ?
Deleteනියමයි හසිත, ඉතුරු කතන්දර එනකම් බලා සිටිමු.
ReplyDeleteමග දිගට ජනකතා පොතේත් තියෙනවා ඔය වගේම අප්‍රකට රසවත් ජනකතා.
@ විසිතුරු
Deleteස්තුති දෙන හයියට.
මා ගාව තියෙන මග දිගට ජනකතා 1 සහ 2 පොත් දෙක කියවද්දී තමා මුලින්ම මේ වගේ අප්‍රකට කතා ගැන ඒ පොත් දෙකේ තියෙන කතාව වගේම තවත් මූලාශ්‍රත් අදාළ කරගෙන ලියන්න ඕනේ කියලා හිතුණේ.
ඉස්සරහට ඒ කතාත් ලියවේවි
ඉතා ම වටිනවා මේ ලිවිල්ල; බොහොම ස්තුතියි!
Delete@මේ කතාවේ කොටසක් තියෙනවා නේද ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නි දාහය චිත්තරපටියේ?
ReplyDeleteඔව්,අග්නිදාහය චිත්‍රපටයේ එකිනෙකට සමාන්තරව දිවෙන කතන්දර දෙකෙන් එකක් තමයි මේක.ඒ විතරක් නෙවෙයි 16 වන සියවසේ ඉතිහාසය ජයන්ත හුඟක් නිර්මාණ වලට පසුබිම්කරගන්නවා.උදා:අකාල සන්ධ්‍යා වලට තේමා වෙන්නේ සෙනරත් රජු සමය.
@ජයශ්‍රී
Deleteඅකාල සන්ධ්‍යා කතාව නම් මතකයි. ඒත් අග්නි දාහයේ කතාව නම් මතක නැහැ. පොඩ්ඩක් අග්නි දාහයේ කතාව කියන්න
මෙතන දාපු කතාවම තමයි.අබන්වල නිළමේ(සනත් ගුණතිලක) කැරලි ගහන්නේ පුංචිරාළ ගුරුන්නාසේ(ජැක්සන්) ගේ උපදෙස් අරගෙන.හැබැයි චිත්‍රපටයේ චරිත වල අඹන්වල නිළමේ හැර ඊට ඉහල ඉන්න රාජතාන්ත්‍රකයෝ ඇතුලත් නෑ.කැරැල්ලේ විස්තර කටින් දෙබස් මගින් කියනවා.චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ පුංචිරාළ,එයාගේ ගොලයා(කමල්),හේරත් හාමි(බුද්ධදාස),කිරිමැණිකේ(යශෝධා) වගේ චරිත.ඒ චරිත අතර ගැටුම මූලික කතාව වෙන අතර කැරැල්ල, කැරැල්ල පැරදීම, පැරදීම නිසා පුංචිරාළ රාජද්‍රෝහීයෙකු වීම වගේ සිද්ධි අර කතාවට සමාන්තරව දිවෙනවා.
Deleteප.ලි. මගේ ප්‍රියතම සිනමා නිර්මාණයක්
@ ජයශ්‍රී
Deleteයශෝධා කමල් පෙම් හුටපටයකුත් අග්නිදාහය කතාවේ අන්තිම හරියේ වගේ තිබුණා මතකයි.
ස්තුතියි කතාව මතක් කළාට :)
අන්තර්ජාලයේ අග්නිදාහය චිත්‍රපටිය තියෙනවාද ?
නොදන්නා ඉතිහාස කතාවක් දැන ගත්තා.. ස්තූතියි හසිත.
ReplyDeleteඅයියෝ කවද්ද මේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරන්නෙ. මත මේක කියවලා පැය කාලක් විතර යනකම් ඇස්නිලන්කාර වෙලා තියනවා..
@ Senna
Deleteසමාවෙන්න ඕනේ වැඩේ කල් දානවට. විභාගය තිබුණු නිසා නිස්කලන්කයක් තිබුණේම නැහැ. දැන් මාසයක් විතර නිවාඩු. අනිවා මේ ප්‍රශ්නේ විසඳනවා විසඳනවාමයි :D
පෝස් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න
ReplyDelete@ යසිරු
Deleteඅනිවාර්යයෙන්ම එන්නම් මල්ලී. තේ හදන්න නම් මහන්සි වෙන්න එපා. කේක් නම් ඕනෙත් නැහැ :D
ලස්සන ඉතිහාස කතාවක්. කොහොමත් පොඩ්ඩිලාගේ පැත්තේ එකක් හන්දා ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteඊට වඩා වෙන මොනවත් නම් බ්ලොග් එකක කියන්ට අමාරුයි.:D
හැබෑට මේ අනෙක් අය නොදන්න කතා හසිත හොයාගන්නේ කොහොමද?:)))
@ Podi Kumarihami
Deleteපොඩ්ඩිත් ඒ පැත්තේ නම් අලුවිහාරේලා නෑයෝ වෙනවත් ඇතිනේ :D
අනෙක් අය නොදන්න කතා කිව්වට දැනගෙන ඉන්න දෙතුන් දෙනා ඒවා පොත්වල ලියලා තියෙනවානේ. ඒ පොත්වලින් තමා මාත් හොයාගන්නේ....
පොඩි කුමාරිහාමිත් අහලා තිබුණු නිසා මේවා ගැන කොහොමද දන්නේ කියලා. විස්තර හොයාගත්තු පොත්පත් ගැනත් කියන්නයි කියලා හිතුවේ. මෙන්න විස්තර ටික
ReplyDeleteසිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය - මහාචාර්ය රැල්ෆ් පීරිස්. පරිවර්තනය : කේ.ඒ.ඩී. පෙරේරා
සරණඞකර සඞඝරාජ සමය - පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
ඓතිහාසික මාතලේ අලුවිහාරය - පූජ්‍ය අලුවිහාරේ සරණංකර හිමි
එදා හෙළදිව - රොබට් නොක්ස්. පරිවර්තනය : ඩේවිඩ් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
උඩරට විත්ති - පී.එම්.පී. අභයසිංහ
හසිතට ගොඩාක් ස්තූතියි විස්තර දුන්නට. ආසයි මේ පොත් ටික කියවලා බලන්ට. හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. ඒ උනාට කොහොම හරි හොයාගෙන කියවන්ට බලන්නම්.
Delete@ Podi Kumarihami
Deleteපොඩි කුමාරිහාමි දුරු රටකද ඉන්නේ කියලයි මම අහලා තියෙන්නේ :D
පුලුවන්කමක් තියෙනවා නම් මෙහෙම ට්‍රයි කරලා බලන්න
සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය
සරණඞකර සඞඝරාජ සමය -
මේ පොත් දෙකම විසිදුනු ප්‍රකාශකයන්ගේ. මෙන්න e-mail address එක
visidunu@eureka.lk
එදා හෙළදිව
එම්.ඩී ගුණසේන සහ සමාගම
මේ ආයතන සම්බන්ධ කරගෙන බලන්න
නියමයි නියමයි.. වටිනා කියන විස්තර ටිකක්.. අර සන්නසේ තොරතුරු නම් මම දැනුයි හරියටම දැන ගත්තේ.. අනිත් වත් කල් නොගෙන ලියමු..
ReplyDelete@ Dinesh
Deleteඅනිවාර්යයෙන්ම ශ්‍රාවක ජනතාවගේ ඉල්ලීම් වැඩි නිසා අනිත් ඒවාත් ඉක්මණට ලියනවා ලියනවාමයි :D
අපුරුයි . නොදන්නා දේත් අමතක වෙච්ච ඉතිහාසෙත් දැන ගත්තා ..අළු විහාරේලා පසු කලෙක ලන්දේසින් සමග මිශ්‍ර වෙච්ච බව නම් දන්නවා විවාහ සම්බන්ධ වලින්. ස්තුතියි හසිත මේ ඉතිහාස කතා වලට
ReplyDelete@ Bindi
Deleteඅලුවිහාරේලා ලන්දේසීන් එක්ක විවාහ සබඳතාවලින් මිශ්‍ර වුණු හැටි දන්නේ නැහැනේ අක්කේ. කියන්නකෝ ඒ ගැන විස්තරේ
මල්ලි ඔබේ සිංහල ලිපිය ඉතා අගෙයි, මම අතුරු ප්‍රශ්නයක් අහන්නම්. අපේ සින්හල රජවරුන්ගේ මුහුණු මෙහෙමයි කියන්න ඇති සාධක මොනවද?. කවුරුත් හිතාගෙන ඉන්නෙ රුපියල් 10ට බස් එකෙ විකුණන "රජවරු " පින්තූර කොලේ ඉන්න පින්තූර හරි කියල නේද?
ReplyDelete@ Scout
Deleteබොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
ඔබ අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුරක් දුන්නොත් මහනුවර රාජධානියේ සිටි රජවරුන් අතරින් I විමලධර්මසූරිය, II රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරුන්ගේ රූප විදිහට රූප කොළවලට දාන රූප සැබෑ රූපම කියලා නිගමනය කරන්න පුලුවන්
මොකද ඒ කාලයේ හිටිය රජතුමාව සැබවින්ම දැකපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වගේම හෙළ කලාකරුවොත් ඒ රජවරුන් චිත්‍රයට නගලා තියෙන නිසා.
කෝට්ටේ යුගය සම්බන්ධවත් අනුමාන වශයෙන් විදෙස් ලේඛනත් එක්ක සළකලා අනුමානයකට එන්න පුලුවන්
ඒත් විජය, වසභ, වළගම්බා, මහා විජයබාහු වැනි රජවරුන්ගේ රූප අනුමාන විතරයි.
දුටුගැමුණු රජුව රුවන්මැලි සෑයේ තිබෙන පිළිමයෙනුත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුව කියා අනුමාන කරන පිළිමයෙනුත් ඇඳ තිබෙන නිසා ඒවායේ සත්‍යතාව ඉහළ මට්ටමක තිබෙනවා
තවත් සවිස්තරාත්මක අවශ්‍ය නම් කියන්න විස්තර දක්වන්න පුලුවන්
මේ දේට මූලිකම හේතුව තමා සියවස් 3නක 4රක විතර ඉදන් ලංකාවේ රජ පෙලපත්වල අයත් ඉහල ප්‍රභු පන්තිවල අයත් තමන්ගේ බලයත් ධනයත් වඩවා ගැනීමට කරපු උත්සාහය තමා ටිකින් ටික දළුදාල ඇවිදින් ඔය කියන තත්වයට ආවේ. බොහෝ දෙනෙක් අනාගතය ගැන නිසි දැක්මක් නැතිව කරපු අත්තනෝමතික ක්‍රියාවත් නිසා. ඒකට පරම්පරා ගනනාවක් වන‍්දි ගෙවපැ අපි තවමත් වන්දි ගෙවනවා. අපි කරපු මොඩකම් වලින් පරසුද්දො ගොඩක් ප්‍රයොජන ගත්තා. උන්ට ඒවා හරියට ඉස්තීර තැම්පතුවක් වගේ තවත් පොලිය ලබනවා.
ReplyDeleteරජවරැ(නායකයෝ) ගොඩක් පරිස්ම් වෙන්න ඔන වන්දි බට්ටන්ගෙන් උන්තමා පිටට පිහියෙන් අනින්නේ.ඉතිහාසයෙම එක තමා වෙලාතියෙන්නේ
පොදුවේ තමා වරද බෙදෙන්නේ ගොඩාක් අය අතරේ වරද බෙදිලා යනවා
ඒත් අදටත් ඔය ටිකම නැවත නැවතත් වෙන එක තමා දුක අපිටන් කතිරෙකින් හරි ඔකටම දායක වෙන්න වෙනවා
මේ ගැන කියන‍්න තියෙන්නේ ඉතිහාසය කන්නද අහපු අයත් දැනටත් ඉතිහාසයට නිසිතැනක් නොදෙන අයත් ඔය අන්තිම සියවස් 5,6 හරියට අධ්‍යනය කරන්න කියන එකයි මොකද අද තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර එතන තියෙනවා. ඉතිහාසයට මීට වඩා තැනක් පාසල් වලදි ලැබිය යුතුයි.
පාර්ලිමේන්තුවට යන උන්දලාට නම් ඉතිහාසය කටපාඩම් කෙරෙවුවත් කමක්නෑ
@ සම්පත්
Deleteඉඟුරු දීලා මිරිස් අරගෙනත් අත්දැකීම් තිබුණු අපේ අයට මේ අවස්ථාවේ දූර්දර්ශීව කටයුතු කරන්න බැරීවුණු එක ගැන කණගාටුයි. කිව්වත් වගේ ඒ මෝඩකම් අපේ ස්ථීර තැනපත් වෙලා වගේ තමා.
…
…පාර්ලිමේන්තු යන ගොඩක් උන්දැලා කරන්නේ තමන්ගේ නම ඉස්සරහින් ගොන්කම් ගොඩක් ඉතිහාසෙට එක්කරන්න වෙර දරන එක විතරයි.
…
…ස්තුති ඔබේ අදහස්වලට වගේම සුභ පැතුමටත්