Saturday, April 21, 2012

ස්ත්‍රී මායමට හසුවුණු බෝසත් රන් මොණරා, ගෑණු මායමේ තරම :D


සමහරු උදේ ගෙදරින් පිටවෙන්න කලින් ආරක්ෂක ගාථාවක් විදිහට භාවිතා කරන, ඒ වගේම මේ වෙද්දිත් බෞද්ධ පූජනීය ස්ථානයකින් ආරක්ෂක ගාථාවක් විදිහට ඔයාලටත් හම්බවෙලා තියෙන

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


ගාථාව හැදුණු හැටි දන්නවද ? ඒකේ ආරම්භයත් දැනකියාගෙන ඉන්න එක වටින නිසයි මේ ගාථාවේ නිදාන කතාව කියන්න සූදානම.

මුලින්ම මේ ගාථාව තියෙන තැන කියන්නම්කෝ. මේ ගාථාව තිබෙන මෝර පිරිත පිරුවානා පොත් වහන්සේ තුළ 13 වන පිරිත ලෙස අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ දැන් මම කියන්න යන කතා පුවත පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ 158 වැනි ජාතක කතාව වන ස්වර්ණ මයුර ජාතකය තුළ අන්තර්ගත වෙනවා.

මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ.


බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මෙන්න මේ ගාථාව කියලා සූර්යයාට නමස්කාර කරනවා.

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු.

ඊළඟට මෙන්න මේ ගාථාවෙන් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට බෝසත් රන් මොණරා නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


මේ ගාථාවේ තේරුම තමයි

යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා.

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා ආහාර සොයා යනවා. [මෝර පිරිතේ ඒ කොටස දක්වන්නේ මේ විදිහට "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා"]

සුවසේ දිවා කාලය ගත කරන බෝසත් රණ මොණරා සවසට හිරු බැස යද්දී පළමුවෙන් හිරු දෙවියන්ට නමස්කාර කරනවා.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං


මේ ගාථාව පොඩ්ඩක් වෙනස්. මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.

ඊට පස්සේ නැවත වරක් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා නින්දට යනවා. [මෝර පිරිතේ අවසාන වාක්‍ය වෙන්නේ "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති". ඒකේ තේරුම තමයි ඒ මොණරා පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේය]



මේ විදිහට ඒ ගාථා සජ්ඣායනය නිසා බෝසත් රන් මොණරා කිසිම බයක් නැතිව ආරක්ෂාකාරීව කටයුතු කරනවා.

දවසක් හිමාල වනයට ආපු බරණැස් නුවර ආසන්නයේ හිටපු වැද්දෙක් මේ රන් මොණරාව දැකලා ඇවිත් පස්සේ කාලෙක තමන් මැරෙන්න ආසන්න වුණු වෙලාවේ තමන්ගේ පුතාට කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා, ඒක දැනගෙන ඉන්න කියලා.

මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු ඛේමා බිසව හීනෙන් රන් මොණරෙක්ගෙන් බණ අහනවා දැක්ක නිසා හීනේ සැබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඒ විදිහේ රන් මොණරු ඉන්නවා කියලා වේදයෙන් දැනගන්න බරණැස රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලූම වැද්දෝ ගෙන්නලා අහනවා කැළෑවේදී රන් මොණරෙක් දැකලා තියෙනවද කියලා.

හැමෝගෙම උත්තරේ වෙන්නේ නැහැ කියන එක. ඒත් හිමාලෙදී බෝසත් රන් මොණරාව දැක්ක වැද්දගේ පුතා කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා කියලා තාත්තගෙන් දැනගන්න ලැබුණා කියලා.

ඉතින් ඊට පස්සේ රජතුමා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ අර වැද්දටම පංගාර්තු කරනවා.

වැද්දත් හිමාල වනයට ගිහින් දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සහ කළත් කලින් දක්වපු ගාථාවල ආනුභාවයෙන් බෝසත් රන් මොණරාව උගුල්වලට අසුවෙන්නේ නැහැ. අද අල්ල ගන්නම් හෙට අල්ලගන්නම් කියලා අවුරුදු හතක්ම උත්සහ කළත් වැද්ද අසමත් වෙනවා. හිස් අතින් ආපසු ගියොත් රජ්ජුරුවන්ගෙන් මැරුම් කන්න වෙන නිසා වැද්දා කැළේදීම මැරෙනවා.

තමන්ගේ දොළ දුක සංසිදුනේ නැති නිසා ඒ දුකෙන් බිසවත් මියයනවා. බිසව මියගිය දුක නිසා රජතුමා බෝසත් රන් මොණරා එක්ක කේන්ති අරගෙන "හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ඉන්න රන් මොණරගේ මස් කෑවොත් අමරණීය වෙනවා" කියලා රන් පතක ලියලා තියලා මියයනවා.

ඊට පස්සේ පරම්පරා හයකම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන ආසාවෙන් හිමාලයට වැද්දෝ යැව්වත් ඒ වැද්දෝ අසාර්ථක වෙලා හිමාලයේදීම මියයනවා, රජවරුත් දුකෙන් මියයනවා.

ඒත් හත්වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්න වැද්දෙක්ව තමයි වැඩේට යවන්නේ. උදේ හවස බෝසත් රන් මොණරා ගාථා ගායනා කරන නිසා උගුල්වල අසුවෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තු වැද්දා උපායෙන් බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරනවා.

බෝසත් රන් මොණරව කාමයෙන් මත් කරලා ගාථාව කියල එක වළක්වලා උගුලක අසුකරගන්න හිතපු වැද්දා උගුලක් ගාව උදේම සෙබඩක් බැදලා නාද කරවනවා.

උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මත්වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට පියාඹගෙන එද්දී උගුලේ අහුවෙනවා. පේනවා නේද ගෑණු මායමේ තරම :))

පස්සේ වැද්දා බෝසත් රන් මොණරාව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාරදෙනවා. හුඟාක් සතුටු වෙන රජතුමා බෝසත් රන් මොණරව තමන්ගේ සිංහාසනයේ වාඩි කරවනවා.

බෝසත් රන් මොණරා සහ බරණැස රජතුමා අතර ඇතිවුණු සංවාදය මෙහෙමයි


බෝසත් රන් මොණරා : රජතුමනි, මෙච්චර මහන්සිවෙලා මාව අල්ලගත්තේ ඇයි ?

බරණැස රජතුමා : රන් මොණර මස් කාපුවාම අමරණීය වෙනවා කියලා කියන නිසා අමරණීය වෙන්න මස් කන්න හිතාගෙනයි අල්ලගත්තේ

බෝසත් රන් මොණරා : මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය ඉන්නවද ?

බරණැස රජතුමා : ලෝකේ රන් මොණරෙකුට ඉන්නේ ඔබ විතරයි, ඒක නිසා මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය නැහැ

බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමාගේ කතාව පරස්පර විරෝධීනේ. මීට කලින් රන් මොණරෙක් හිටියෙත් නැත්නම් එහෙම අමරණීය වුණු කෙනෙකුත් නැත්නම් දැන් මගේ මස් කාපුවාම අමරණීය වෙයි කියලා කොහොමද හිතන්නේ ?

බරණැස රජතුමා : ඔබේ ශරීරය රන්වන් පාට නිසා රන් මොණරෙක්ගේ මස් කාපුවාම අමරණීය වෙනව කියලා අහලා තියෙනවා
බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමා මගේ මස් කන්නේ මරලද මරන්නේ නැතුවද ?

බරණැස රජතුමා : ඔබේ මස් කන්නේ ඔබව මරලා

බෝසත් රන් මොණරා : රජතුමනි ඔබේ ඒ කතාවත් පරස්පර විරෝධීනේ. මාව මරලා නම් මස් කන්නේ මමත් මියයනවා නම් මගේ මස් කන අය මිය යන්නේ නැතුව අමරණීය වෙන්නේ කොහොමද ? මහානුභාව සම්පන්න දෙවියෝ, බ්‍රහ්මයෝ වගේම ලෝකය බබුළුවන සූර්යයා හා චන්ද්‍රයාත් දවසක අන්තර්ධාන වෙනවා නම් මේ ලෝකේ සදාකාලික තියෙන්න පුලූවන් වස්තුවක් තියෙන්න පුලූවන්ද ?

මේ විදිහට බෝසත් රන් මොණරා රජතුමාට කරුණු කාරණා පහදලා දෙනවා.

පස්සේ රජතුමාට ගැටළුවක් ඇතිවෙනවා මේ විදිහට රන්වන් පැහැයක් මේ මොණරාට ලැබුණේ කොහොමද කියලා. ජාතිස්මරණ ඤාණය (පෙර ආත්ම භාව සිහි කිරීමේ නුවණ) තියෙන බෝසත් රන් මොණරා කියනවා තමන් මීට පෙර මේ නුවර සක්විති රජවෙලා හිටි බවත් ඒ කාලයේදී තමන් වගේම තමන්ගේ රටවාසීනුත් පංච සීලය ආරක්ෂා කරන්න පෙළඹුවා කියලා.

තමන් මියගියාට පස්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම දිව්‍ය සම්පත් විඳලා මිය ගිහින් කරපු කිසියම් අකුසලයක් නිසා තිරිසනෙක් වෙලා උපන්නත් පන්සිල් ආරක්ෂා කරපු ආනුභාවයෙන් රන්වන් රූපයක් ලැබුණා කියලා.

ඒ වගේම රජතුමාගේ මඟුල් පොකුණ හිස් කරවලා ඒකේ නිධන් කරවලා තිබුණු වස්තුවත් පෙන්වලා තමන්ගේ කතාවේ සත්‍යතාව තහවුරු කරවනවා.

මේ කතාවෙන් පස්සේ රජතුම හුඟාක් සතුටුවෙලා බරණැස් රාජ්‍යයම බෝසත් රන් මොණරාට පූජා කරනවා. ඒත් බෝසත් රන් මොණරා රාජ්‍ය රජතුමාටම පවරලා පන්සිල් රකින එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියාදීලා එයාලව පංච සීලයේ පිහිටවලා ආයි හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කරලා මිය යනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාලට පන්සිල් රකින එකේ ආනිශංස වැටහෙන්න ඇති. ඒ වගේමයි ඒ බෝසත් රන් මොණරා ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරපු ගාථා ඔයාලටත් ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරන්න පුලූවන්. තේරුමත් දැනගෙන මේ ගාථා භාවිතා කළොත් ඒ කාර්යය තවත් අර්ථවත් වේවි.

මේ කතාව බුදුසරණ පත්තරෙත් තිබුණා. ඒක බලන්න මෙන්න පාර

මෝර පිරිත ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් මේ සබැඳියෙන් මහමෙව්නා අසපුවේ අඩවියට පිවිසෙන්න පුලුවන්. ඒ වෙබ් පිටුවේ පහළට වන්නට තිබෙන පිරිත් දේශනා කොටසේ 7 වෙනි පිරිත ලෙස මෝර පිරිත තිබෙනවා

මේ කතාව මම උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් විසින් රචනා කරපු "පූජාවලිය" කියන මාහැඟි ග්‍රන්ථයෙන්. මේ ග්‍රන්ථය මට කියවන්න ලබාදුන්නු පූජ්‍ය කරගස් ආරේ අරියධම්ම හිමියන්ටත් මම කරපු මේ කාර්යයෙන් කිසියම් කුසලයක් ඇත්නම් කොටසක් අත්වේවා..........
ප.ලි.: මීට කලින් මම ලියපු "පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය මනුස්සයෙක්" කතාවේත් අන්තිමට ඉහළින් තියෙන විදිහටම මම පුණ්‍යානුමෝදනාවක් කරලා තිබුණා.

ඒකට අපේ කතන්දර කියලා තිබුණා "මට මතක්වුනේ ඉස්සෙල්ලා හිඟන්නෙකුට රුපියල් පහක් දීලා විනාඩියකට පස්සේ ඒ පිනෙන් ඇදෙන්න කියලා ප්‍රාර්ථනය කරමින් රුපියල් විස්සකට ශනිදාවක් ගන්න අයවයි. පිණ කරලා තීන්ත වේලෙන්නත් කලින් රිටන් එක ගන්න සෙට් වෙලා ඉවරයි!" කියලා.

ඒකට පිළිතුරක් විදිහට කියන්න කැමතියි හිඟන්නන්ට සල්ලි දීලා ඒ පිනෙන් ටිකට් ගන්න අරන් ඒක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම කියන්නේ "ස්වාර්ථ සාධනයක්". එතන තමන්ගේ පුද්ගලික ලාභය ගැන විතරයි සළකලා තියෙන්නේ.

ඒත් මම ඉදිරිපත් කරපු කතාව තුළින් ධර්ම දානයක් කරන්නයි උත්සහ කළේ. ධර්ම දානය කුසලයක් බව අමුතුවෙන් කාටවත් පහදලා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒකට දායක වුණු පුද්ගලයෙක්ව සිහිපත් කරන්න ඒ අවස්ථාව මම යොදා ගත්තේ. ඒක හිඟන්නට සල්ලි දීලා ටිකට් ඇදෙන්න කියලා හිතන මිනිස්සුන්ගේ කතාවට සමාන කරන්න එපා කියන එක මතක් කරන්න කැමතියි.

ඒ වගේමයි තීන්ත වේලෙනකම් හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ වගේ, පින් කියන ජාතිය ලැබෙන්න හොඳ කාර්යයක් කරලා හුඟාක් වෙලා බලන් ඉන්න ඕනේ නැති බව කියන්න කැමතියි :) චේතනාව හොඳ නම් වැඩේ හරි

40 comments:

  1. +++ අපුරුයි ..මල්ලිගේ දැනුම ළඟ මන් කුරුමිට්ටෙක් වගේ . මේ කතාව අහලම තිබුනේ නැහැ . .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත - සහතික ඇත්ත - මගෙ දැනුමත් එසේමැයි බින්දි මේ මල්ලිගේ දැනුම ලඟ

      මල්ලිට බොහොම පින්!

      Delete
    2. @ Bindi

      එහෙම කියන්න එපා අක්කේ මට ලැජ්ජත් හිතෙනවා. අක්කත් කොච්චර දේවල් නම් දන්නවාද ?

      Delete
    3. @ තිස්ස දොඩන්ගොඩ

      අයියා කියන ඒවටත් ඉතින් මට ලැජ්ජ හිතෙනවා. අයියත් නිදහස් වෙලාවට පරණ සාහිත්‍ය පොත් ටිකක් කියෙව්වා නම් අපූරු කතා ටිකක් දැනගන්න පුලුවන් වෙයි

      Delete
    4. ආ ඒ මොකෝ ලැජ්ජ :-)

      මම ගෙදර අයටත් මේ ලින්ක් එක යැව්වා...

      ලොකු පුතා මේක ටික ටික කියව කියව තේරුම් ගන්න උත්සාහ කරනවලු

      ජයවේවා මල්ලී

      Delete
    5. @ තිස්ස දොඩන්ගොඩ

      බොහොම වටින කාර්යයක් අයියා දරුවන්ටත් පොඩි කාලේ ඉදන්ම ධර්මයේ පිහිටන්න උදව් කරන එක.

      සබ්බ දානං ධම්ම දානං ජිනාති නේ

      Delete
  2. //දහමෙහි හැසිරෙන්නා දහම විසින්ම ආරක්ෂා කරනු ලබයි..//
    ස්තුතියි කතාව බෙදාගත්තට..
    ඒත් උදේ හවස තේරුම දැනෙගෙන හරි නොදැන හරි ගාථා පිරිත් කවි කියනවට වඩා ප්‍රතිපත්ති පූජාවක් කරන එක හොඳයි කියලයි මම කියන්නෙ...

    ප/ලි: අර පොරොන්දු වුනු කතා ටික තාම නෑනෙ? විභාගෙ ඉවර වුනාම හම්බවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අනිවාර්යයෙන්ම අක්කේ. තමන්ගේ ජීවිතේ අයහපත් විදිහට ගත කරන ගමන් මේ ගාථා උදේ හවස කීවත් ප්‍රයෝජනයක් නැහැ.

      ධර්මානුකූල ජීවත්වෙන ගමන් උතුම් පුද්ගලයන්ට නමස්කාර කිරීම [එක අතකට මේ කරන්නේ පූජා ච පූජනීයානං "පිදිය යුත්තන් පිදීමක්] කළාට ප්‍රශ්නයක් නැහැ

      ඔන්න පොරොන්දුවේ ටිකක් ඉෂ්ඨ කරලා තියෙන්නේ :D

      Delete
  3. ස්තුතියි!

    මෝර කියලා නම දාලා තියෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. @ හරී

      මොණරෙක් ගැන කතාවක් නේ මේක. මොණරාට කියන්නේ පාලි භාෂාවෙන් "මෝර" කියලා

      Delete
  4. අනර්ඝයි....විශිෂ්ඨයි..
    සාදු සාදු!!!

    ReplyDelete
  5. කතාව විශිෂ්ඨයි.... ස්තූතියි බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. @ Dilshan

      ඔබටත් පින්. ඉදිරියටත් මෙවන් කතා බලාපොරොත්තු වෙන්න

      Delete
  6. ලස්සන කතාවක්. ජාතක කතාව ඔයාගේ වචනවලින් ලිව්වාම අමුතු ලස්සනක් තියෙනවා.
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෝර පිරිත බුද්ධ දේශනාවක්ද? ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      ජාතක කතා ඒ කාලේ ලියවුණේ ඒ කාලේ තිබුණු පසුබිම වගේම ශ්‍රවණ මාධ්‍යයට උචිත විදිහටලුනේ. ජාතක කතාවක වේවා ඓතිහාසික කතාවක් වේවා අද කාලෙට ගැලපෙන විදිහට ඒ වගේම මූලික හරයට හානිවෙන්නේ නැතුව අදාළ සීමාවන් යටතේ කියනවා නම් තමා ඒක ජනතාව අතරට ගෙනියන්න පුලුවන්

      "මෝර පිරිත බුද්ධ දේශනාවක්ද? ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවාද?"

      මේක රන් මොණරානේ මුලින්ම කියන්නේ. ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝම බෝසත් අවදියේ.

      ඒ වගේම එහෙම එකක් වුණා කියලා අපි දන්නේ නැහැනේ. ඒක දේශනා කරන්නේ බුදු හාමුදුරුවෝ නේ. ඒක නිසා මේක බුද්ධ භාෂිතයක්.

      ඒ වගේම මේ ජාතක කතාව ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ "ජාතක කතා පාළියේ" අන්තර්ගත වෙලා තියෙන නිසා මෝර පිරිත ත්‍රිපිටකයටත් ඇතුළු වෙනවා

      Delete
  7. ගෑනුන්ට වසග උනොත් ලේසි නැත.

    ReplyDelete
    Replies
    1. @ දූපත් වැසියා

      අනිවාර්යයෙන්ම. බමුණොත් ඕවා කට කහනවටද කිව්වේ :D

      දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
      සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී

      "ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි .ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි."

      Delete
  8. පින් අනුමෝදන් කරද්දි කොටසක් අනුමෝදන් කරන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      තව කොටස්වලට අයිතිකාරයෝ ඉන්නවානේ :D

      Delete
  9. කථාව අහලා තිබ්බා බොහොම කෙටියෙන්. ඒත් හරියටම දැන ගත්තෙ මල්ලිට පිං සිද්ධවෙන්න තමා. විභාගෙ ඉවරද? මේකත් කලින් සැළසුම් කරපු එකක්ද? එහෙනම් මේ පිනෙන් විභාගෙ ලේසිම වෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. @ හරී - පිණිපළස

      කතාව සම්පූර්ණව අක්කා දැනගත්තු එක ගැන සතුටුයි. මේකත් කලින් සෙට් කරලා තිබුණු එකක් තමා. අක්කාගේ ප්‍රාර්ථනාව නිසාම වෙන්න ඕනේ විභාගේ නම් ලේසියි.

      ප්‍රතිඵල එද්දී තමා බලාගන්න වෙන්නේ කොච්චර ලේසි වුණාද කියලා :D

      Delete
  10. බුදුවරුන්ට නමස්කාර කරන්න කලින් සූර්යයාට නමස්කාර කරන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. @ Chanaka Aruna Munasinghe

      ලෝකය පවතින්නේ සූර්යයා නිසා වෙන්න ඕනේ. ඒ වගේමයි ඒ කාලේ බුදුවරුන් වැඩ සිටියේ නැහැ වගේම බුද්ධ ශාසනයක් නොතිබුණු නිසාත් වෙන්න ඕනේ

      Delete
  11. නියමයි මලයා.. මලයා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශේ ඉන්න එක සතුටක්..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ස්තුති ස්තුති. මම අර මුලින් කිව්වා වගේ ලැජ්ජා හිතෙනවා අප්පා :D

      Delete
  12. කවදාවත් අහලා නොතිබුනු කතාවක්. ඇත්තටම අපි දන්නේ කොච්චර පොඩ්ඩක්ද?

    රන් මොණරාත්, එහෙම නම් සෙබඩකගේ නාදෙට රැවටුනානේ. ගෑනු මායම් ම නේන්නම්...:D.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      හරි හරී. අපි පොඩ්ඩ පොඩ්ඩ දැනගමු පොඩ්ඩි :D

      ගෑණු මායම් ගැන පිරිමි අපිටත් වඩා ඔයාලා හොඳට දන්නවා නොවැ

      Delete
  13. අහම්බෙන් හරි යමක්‌ ඉගෙන ගන්න පුළුවන් බ්ලොග් එකකට ගොඩ උනා කියල සතුටක් ඇති උනා . අහලා නොතිබුන කතාවක් .
    කතාව විශිෂ්ඨයි. බොහොම ස්තුතියි දැනුම බෙදාගත්තට .

    ReplyDelete
    Replies
    1. @ Gimhani

      සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. බිස්කට් එකක් කාලම තේ එකක් බොමුද :D

      Delete
  14. මෝර පිරිත කියවලා තිබුණට මම මේ කතාව අහලා තිබුණෙ නැහැ. පංචශීලය රකින ලෙසට මිනිසුන් පොළඹවන්නට ලියවුණු කතාවක් වගෙයි. බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. @ නලිනි චන්දිමා

      ඔව් ඒක ඇත්ත. මේ වගේ කතාවල සත්‍ය අසත්‍යතාව විමසනවාටත් වඩා වටින්නේ ලබාදෙන්න උත්සහ කරන ආදර්ශය තේරුම් ගන්න එක

      Delete
  15. හුගක් වැදගත් සහෝ..... මේ කථාව කලින් අහල තිබ්බ... ඒත් මෙච්චර විස්තරාත්මකව නෙවෙයි.... මේ විස්තර කියවන්න සැලැස්සුවට හුගක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ mee godaya

      සතුටුයි යමක් දැනගන්න සැලැස්සුවාට

      Delete
  16. කවදාවත් අහල නැති කතා ටිකක් මේ බ්ලොග් එකේ තියෙනවා.ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      අදින් පටන් ගත්තු ඉතිහාසයේ අප්‍රකට කතාවලත් තියෙන්නේ ඒ වගේම එච්චර අහන්න ලැබෙන කතා නෙමෙයි

      Delete
  17. ම්ොෝ

    Moora piritha ahuwa udwma TV eken. Eeta passe google kalama me post eka dakke,

    Isthuthie lokka

    ReplyDelete
  18. ස්තූතියි යාලුවා

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................