Showing posts with label Campus කතා. Show all posts
Showing posts with label Campus කතා. Show all posts

Sunday, February 17, 2013

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි


exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. 

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set  වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා. 

ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර  අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.

මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.

පංච මහා බලවතුන්

පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ. 

ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.

මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා 

මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි

ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා 

මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]

මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ

ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි

මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට 

ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා

මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්

ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා

මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා 

මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු

ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ

මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි
[චූ කතා රැල්ලක් නොවේ :D]

ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා

එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2

මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම

ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය 

මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා

ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි

මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු

ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී
[කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී

මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට

ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි

මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ

ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ

මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්

ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්

ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා

මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි

ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?

මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න

ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P

ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]

ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....

Sunday, April 15, 2012

හොරු අරන් ගිය අපේ අලුත් අවුරුද්ද. දුක තමා හසිත :(


ලංකාවේ ඉන්න සිංහල, දෙමළ හැමෝම අලුත් අවුරුද්ද සමරනවා. පිටරට ඉන්න සිංහල, දෙමළ අයත් අලුත් අවුරුද්ද සමරනවා. දුප්පත් වේවා පොහොසත් වේවා හැමෝම තමන්ට පුලු පුලුවන් හැටියට අලුත් අවුරුද්ද සමරනවා.

ඒත්...... අහිංසක අපිට මේ පාර අලුත් අවුරුද්දක් සමරනවා තියා කොටින්ම අලුත් අවුරුද්දක් නැති තරම්.....

කවුද මේ අපි කියන්නේ ? අපි කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න අහිංසක අපි.

ඇයි අපිට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ කාට හරි මතුවෙන්න පුලුවන්. ඔන්න ඒකටත් උත්තරයක් දෙන්නම්.

කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන වාර්ෂිකයේ විභාග කටයුතු තියෙන්නේ අප්‍රේල් 19 ඉදන්.


අප්‍රේල් 19 ඉදන් මැයි 16 විතර වෙනකම් විභාගේ තියෙනවා කියලා තමා ආරංචිය. ඉතිහාසය විශේෂවේදී කරන අපිටත් "පුදපි ගමන් කාපි යකා" කියලා අප්‍රේල් 20 ඉදන්ම විභාගේ තියෙනවා.

කොහොම නමුත් හැම නරක දේකම හොඳක් තියෙනවා වගේ අපිට විභාගේ තියෙන්නේ අප්‍රේල් 20, 24, 27. ඊට පස්සේ විභාගේ ඉවරයි. ආරංචි විදිහට නම් දෙවන අධ්‍යයන වාර්ෂිකය පටන් ගන්නේ මැයි 28. එහෙම් පිටින්ම මාසයක හොඳ නිවාඩුවක් තියෙනවා. කියන්න බැහැ ඒකටත් මොනවා වෙයිද කියලා.

ඉතින් ඔන්න ඔහොමයි අපේ අලුත් අවුරුද්ද කාබාසිනියා වුණේ :(

ඒ මොනවා වුණත් උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී, ලෝකවාසී සිංහල සහ හින්දු අයට සුභ අලුත් අවුරුද්දක් වේවා.... සාමය සතුට සෞභාග්‍යය දසත පැතිරේවා, කිරි පැණි ඉතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....

ප.ලි.: ඔය ඉතිරෙන කිරි පැණි ඉතුරු වුණොත් ටිකක් මටත් දෙන්න අරන් තියාගන්න :))

ප.ප.ලි.: දැන් කාට හරි හිතෙනවා නම් "මුට විභාගේ 20. ඒත් මූ ෆේස්බුක් අස්සෙයි, බ්ලොග් එක අස්සෙයි කැරකී කැරකී ඉන්නවා පාඩම් කරන්නේ නැතුව" කියලා. ඒකට උත්තරේ තමා මේක මම type කරලා publish වෙන්න දාලා තිබ්බ එකක්. මේක type කළේ අප්‍රේල් 8 ඉරිදා :))

ඒ වගේමයි ලබන සතියේ සෙනසුරාදාටත් ඒ කියන්නේ අප්‍රේල් 21 ටත් publish වෙන්න post එකක් set කරලයි තියෙන්නේ

Saturday, March 24, 2012

The Reader තුළින් හෙලිවන නිර්සාක්ෂරතාවයේ අන්දරය


1922 ඔක්තෝබර් 21 දී ජර්මනියේ හර්මන්ස්ටඩ්වල උපත ලබපු හනා ස්මිට්ස් සීමන්ස් කම්හලේ රැකියාවකට යනවා. ෆෝමන්වරියක් විදිහට උසස්වීමක් ලැබුණත් හනා සීමන්ස් කම්හලෙන් ඉවත්වෙලා හිට්ලර්ගේ එස් එස් හමුදාවේ සිරකරුවන් භාරව සිටින ගාඩ්වරියක් විදිහට සේවයට එක් වෙනවා. හිට්ලර්ගේ තුන්වෙනි අධිරාජ්‍ය සිහිනය බිඳ වැටීමත් සමඟම සිරකරුවන් එක්කම බටහිරට යන හනා බටහිර ජර්මනියේ වාසය කරන්න පටන් ගන්නවා.

එහි වාසය කරද්දී මයිකල් බර්ග් කියන අවුරුදු 15 තරුණයාව හනාට හමුවෙන්නේ මයිකල්ව රතු උණෙන් අසනීප වෙලා ගෙදර එනකොට. අවසානයේදී අවුරුදු 15 මයිකල් සමඟ අවුරුදු 30 කට ආසන්න හනා අතර ලිංගික ඇසුරක් ඇතිවෙනවා.

දිනපතා වගේ හනාගෙන් ලිංගික සතුටක් ලබන්න මයිකල් පුරුදු වෙනවා. ටික දිනකින් මයිකල්ගේ අධ්‍යාපන කටයුතු ගැන හනා විමසන නිසා ඒ ඇසුරෙන් තමන්ට ඇහෙන්න මයිකල් ලවා කතන්දර පොත් කියවගන්න හනාට පුලුවන් වෙනවා.


හනා මේ වෙද්දී ට්‍රෑම් රථ කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරනවා. හනාට ට්‍රෑම් රථ කාර්යාලයට උසස්වීමක් ලැබීමත් එක්කම හනා එක්වරම අතුරුදහන් වෙනවා. මයිකල් තමන්ගේ පෙම්වතිය නැතිවීම ගැන හුඟාක් කම්පාවට පත්වෙනවා.

අවසානයේදී මයිකල්ට නැවත හනාව හමුවෙන්නේ ඊට වසර ගණනාවකට පස්සේ නාසි වධකාගාරයන් තුළ වුණු අපරාධවලට සම්බන්ධ වුණු අයට දඬුවම් පැමිණවීමට තිබුණු නඩු විභාගයකදී. නීති සිසුවෙක් ලෙස මෙතනට එන මයිකල්ට හනාව හමුවෙන අතරම නඩු විභාගයේදී හෙළිවෙන්නේ හනා අවුස්විට්ස් වධකාගාරයේදී දුර්වල, සුකුමාල ගැහැණු ළමයින්ට වැඩි සැලකිල්ලක් දැක්වූවා වගේම ඔවුන් ලවා පොත් කියවා ගත් බව.

අවසානයේදී හනාට පමණක් වැඩි දඬුවමක් හිමිවෙන්නේ අනිත් විත්තිකාරියන් හනා ඔවුන්ගේ නායිකාව බව කීමත් ඒ වගේම සිරකරුවන් රැසක් මියගිය සිදුවීමක් සම්බන්ධ වාර්තාවක් හනා ලිවූ බව කීමෙනුත්.තමා එම වාර්තාව ලිවූ බව හනා පිළිගැනීමත් එක්කම තමා මේ තත්වය ගොඩ නැගෙන්නේ. ඉතින් හනාට ලැබෙන දඬුවම තමයි ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියමවීම.

මේ විදිහට කෙටියෙන් මම කිව්වේ ජර්මන් ජාතික බර්නාඩ් ස්ලින්ක් ලියූ Der Vorlesser කෘතියේ අවසානය අත් ඇරලා මුල් කොටස් ටික. පසුව 2008 වර්ෂයේදී මේ කෘතියෙන් ස්ටෙෆන් ඩැල්ඩ්‍රයි The Reader කියන චිත්‍රපටිය නිර්මාණය කරනවා



ඉතින් ඉහත දක්වපු කතාවේ සෑම ප්‍රධාන සිද්ධියක් ඇතුළෙම තියෙන සැඟවුණු කතාව තමයි හනාගේ නිර්සාක්ෂරතාව. තවත් විදිහකින් කිව්වොත් හනාට කියවීමට හෝ ලිවීමට හෝ තිබුණු නොහැකියාව.

සීමන්ස් ආයතනයෙන් ලැබුණු උසස්වීම ඇය ප්‍රතික්ෂේප කරන්නේත් අවුස්විට්ස් වධකාගාරයේදී ගැහැණු ළමුන් ලවා පොත් කියවා ගන්නේත් බටහිර ජර්මනියේදී මයිකල් බර්ග් ලවා පොත් කියවා ගන්නේත් ට්‍රෑම් රථ කාර්යාලයට ලද උසස්වීම ප්‍රතික්ෂේප කරන්නේත් අවසාන වශයෙන් ඇයට වැඩි වරදක් පැටවෙන වාර්තාව ලියපු බවට අසත්‍ය ප්‍රකාශයක් කරන්නේත් ඇයට නිර්සාක්ෂරතාවක් තිබුණ නිසා.

ඒත් කිසිම අවස්ථාවක ඇය ඒක හෙළිකරන්නේ නැත්තේ ජර්මන් ජාතිකයෙක් විදිහටත් එස් එස් සෙබළියක් විදිහට ඇය තුළ ගොඩනැඟී තිබුණු ආත්මාභිමානය නිසා....

මේ කතාවත් එක්කම හනාට සාක්ෂරතාවක් තිබුණා නම් කියන ප්‍රශ්නය රසිකයන්ට කතුවරයා මතු කරන අතරේම මේ කතාව තවත් ආකාරයකට ගොඩනගන්න රසිකයන්ට පාරක් විවර කරනවා. ඒ තමා හනාට සාක්ෂරතාවක් තිබිලා සීමන්ස් කම්හලේ උසස්වීම බාරගත්තා නම් කියන එක............

ඒ වගේමයි හනාට දඬුවම් ලැබෙන්න විශේෂයෙන් හේතු වෙන්නේ බටහිරට අරගෙන ගිය සිරකරුවන් රැසක් පල්ලියක සිර කරලා තියෙද්දී ඒ පල්ලියට එල්ලවන බෝම්බ ප්‍රහාරයකදී සිරකරුවන්ට පල්ලියෙන් එළියට එන්න ඉඩනොදීම නිසා ඔවුන් මරණයට පත්වීම නිසා. ඒ සිදුවීමෙන් ගැලවෙන මවක් සහ දුවෙක් තමා මේ කතාව පොතක් රචනා කිරීම මඟින් ලොවට හෙළිකරන්නේ

ඒ සිදුවීම වගේම වධකාගාරයේ හිටපු රෝගී සිරකරුවන් මරණයට ගිනි උදුනට යැවීම සම්බන්ධයෙනුත් හනා දෙන පිළිතුරු අවදානයට ලක් කරන්නම ඕනේ.

විනිසුරුවරයා : "රෝගී සිරකරුවන් ගිනි උදුන වෙත යැව්වේ ඔවුන් ඝාතනය කර දැමීමට කියලා ඔබ දැනගෙන සිටියේ නැත්ද ?"

හනා : "ඔව් අපි දැනගෙන සිටියා. නමුත් අලුතෙන් වධකාගාරය වෙත ගෙන එන සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා අපිට ඒක කරන්න සිදුවුණා"

විනිසුරුවරයා : "ඔබ කියන්නේ අලුතෙන් ගෙනෙන ලද සිරකරුවන්ට ඉඩකඩ සලසා දීම සඳහා පෙර සිටි සිරකරුවන් ඝාතනය කර දැමීම සඳහා යැව්වා කියලද ?"

හනා : "එදා ඔබ මා සිටි තත්වයේ සිටියා නම් කුමක්ද කරන්නේ?"

විනිසුරුවරයා : "මේ ජීවිතේදී අපට මුහුණු දෙන්නට සිදුවන සමහර දේවල්වලින් අපගේ ජීවිතයට අනතුරක් සිදුවන්නේ නම් ඒවායින් අපි ඈත් වී සිටිය යුතුයි"

හනා : "ඒ කියන්නේ මම සීමන්ස් කර්මාන්ත ශාලාවේ රැකියාවට ගිය එක වැරදිද?"

මේ තමා පල්ලියේ වූ සිදුවීම ගැන හනාගේ පිළිතුරු

විනිසුරුවරයා : "ඇයි ඔබ පල්ලියේ දොරවල් විවෘත නොකළේ?"

හනා : "අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

විනිසුරුවරයා : "ඔබට වෙන විකල්පයක් තිබුණේ නැහැ"

හනා : "ඒ වෙනකොට අප අතර සිටි සමහර දෙනා මියැදිලා. ඉතිරිව සිටිය නිලධාරීන් තුවාලකරුවන් අරගෙන රෝහලට ගියා. එනවා කියලා තමයි ගියේ. ඒත් ඒ අය ආපහු නො එන්න තීරණය කරලයි ගියේ"

විනිසුරුවරයා : " ඉතින් ඔබ මොකද කළේ?"

හනා : "ඇත්තෙන්ම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තත්වයක අපි හිටියේ.......... අපි කොහොමද මේ තරම් සිරකාරියන් ප්‍රමාණයක් රැකබලා ගන්නේ. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරියා නම් ඔවුන් කඩාගෙන බිඳගෙන එළියට එනවා"

විනිසුරුවරයා : "සිරකාරියන් ඔබලාට අතවරයක් කරයි කියලා බියක් දැනුණද?"

හනා : "ඇත්තෙන්ම එහෙම වෙන්නට ඉඩ තිබුණා. අපි ඒ වෙලාවේ පල්ලියේ දොරවල් ඇරිය නම් විශාල කලබැගෑනියක් වෙන්නට තිබුණා. ඔවුන් පැනලා යන්නට උත්සහ කරන්නට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපිට ඒ තත්වය පාලනය කරගන්නට බැරිව යනවා."

විනිසුරුවරයා : "සිරකාරියන් පැනලා යයි කියලා ඔබට බයක් දැනුණද? මොකද එහෙම වුණා නම් නාසි ඔබව වරදකාරියක් කරලා ඝාතනය කර දමන්නට ඉඩ තිබුණු නිසා"

හනා : " එවැනි තත්වයක් උද්ගත වුණත් සිරකාරියන්ට පැනලා යන්න දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔවුන් බලා ගැනීම අපිට පැවරිලා තිබුණු වගකීමක්. පසුගිය කාලය තුළත් මේ දක්වා පයින් ආ ගමෙන්ත් අපි ඔවුන්ව බලා ගත්තා. ඔවුන්ට පැනලා යන්න දීලා බලාගෙන ඉන්න එක නෙමේ, ඔවුන්ට පැනලා යන්න නොදී ආරක්ෂා කර ගැනීමයි අපට පැවරිලා තිබුණු වගකීම.

ඒ අවස්ථාවට ඔබ මුහුණ දුන්නා නම් ඔබ කරන්නේ කුමක්ද ?
"

මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ හනා තමන්ගේ වගකීම එසේත් නැතිනම් තමන්ගේ රැකියාවේ කාර්යය භාරය ඉටුකර ඇති ආකාරයයි.

එහෙම නම් තමන්ගේ රාජකාරිය මැනවින් ඉටුකිරීමද හනා කළ වරද ? එසේත් නැතිනම් පිළිගත් සදාචාරයට එරෙහිව තම රාජකාරිය ඉටුකිරීමද හනා කළ වරද ? මේ ආකාරයෙන් හනා වරදකාරියක්ද නැත්ද යන ගැටළුවට රසිකයා හසුකිරීමට කතුවරයා සමත්ව තිබෙනවා.


මෙහිදී හනා මයිකල් සමඟ සබඳතාව පැවති සමයේ මයිකල් කරපු ක්‍රියාවක් නිසා මයිකල් සමාව ඉල්ලුවත් හනා එයට පිළිතුරු බඳින්නේ

"සමාව ඉල්ලන්න එපා. කිසිම කෙනෙක් සමාව ඉල්ලිය යුතු නැහැ"

මේ පිළිතුරෙන් ගම්‍ය කරන්නේ මේ ප්‍රකාශය කියලයි මට හිතෙන්නේ

කිසිම පුද්ගලයෙක් වැරදි නැත. සෑම පුද්ගලයාම ක්‍රියා කරන්නේ ඒ අවස්ථාවේදී ඔහුට ක්‍රියාකළ හැකි ආකාරයෙන්ය. ඒ අනුව බැලීමේදී කිසිවෙක් වැරදි නැත.

කතාවේ ඉතුරු කොටස ගැන කිව්වොත් මයිකල් ඒ කාලයේදීම විවාහ වෙනවා. හනා ගැන කිසිම දෙයක් තමගේ බිරිඳට මයිකල් නොකිව්වත් හනා සමඟ තමන්ගේ බිරිඳ නිතරම සංසන්දනය කරන්නට මයිකල් උත්සහ කරන නිසා සිදුවෙන්නේ බිරිඳ කරන හැම දේකම වැරැද්දක් මයිකල්ට පෙනෙන එක

ඒ නිසා මයිකල් ඇයගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවා. මේ තත්වය සාමාන්‍ය මනෝ භාවයක්. කලක් සමීපව සිටි අයෙක් එහෙමත් නැත්නම් හදවතේ සමීපව සිටිය අයෙක් වෙනුවට වෙනත් අයෙක් ඒ ස්ථානයට ආවොත් ඒ වගේම අනික් හුඟාක් අවස්ථාවලත් කලින් හිටි එක්කෙනාගේ කටයුතුත් එක්ක අලුතින් ආපු කෙනාගේ කටයුතු සංසන්දනය කරන එක මිනිසාගේ හැටි.

ඒ වගේමයි මයිකල්ගේ හිතේ හනා ගැන ලොකු ආදරයක් තිබුණත් ඒක අතීතයට එකතු වුණු දෙයක් විදිහටත් ඒකේ මිහිර විඳිනවා විනා ඒක ආයි සමීප කරගන්න මයිකල් උත්සහ කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒක පෙනෙන්නේ සිරගත වෙලා ඉන්න හනාව බලන්න එක දවසක්වත් මයිකල් යන්නේ නැහැ.

ඒත් දවසක් තමන් ඉස්සර හනාට කියවපු "ඔඩිසි" පොත දකින මයිකල් ඒ පොත කියවමින් ඒක පටිගත කරලා හනාට යවනවා. තමන්ගේ අතීතයේ මිහිර නැවතත් මයිකල් එහෙම විඳගත්තත් කිසිම ලියුමක් මයිකල් හනාට යවන්නේ නැහැ. ඒ විදිහට මයිකල් පොත් කීපයක්ම හනාට යවනවා. දවසක් මයිකල් බලාපොරොත්තු නොවුණු විදිහට හනාගෙන් ලිපියක් ලැබෙනවා

හනාගෙන් ලැබුණු ලිපියේ බොහොම කෙටි දෙයක් තියෙන්නේ.

ළමයෝ අර අන්තිමට එවලා තිබුණු කතාව නම් ඇත්තෙන්ම ලස්සනයි. ස්තුතියි

හනා

හනා කියවන්න ලියන්න පුරුදුවෙලා. මයිකල්ට ලොකු සතුටක් දැනෙනවා. මයිකල් එවන ටේප් පටිවලට අදාළ පොත් හොයාගන්න හනා ඒ අනුව එක එක වචනය ලියන විදිහ හඳුනගන්න දක්ෂ වෙනවා වගේම තමන්ගේ කියවීමේ හා ලිවීමේ හැකියාව ක්‍රමයෙන් දියුණු කරගන්නවා.

හනාගේ යහපත් හැසිරීම නිසා එයාව නිදහස් කරන්න තීරණය වෙන නිසා බන්ධනාගාරයෙන් කතා කරන්නේ හනා එක්ක සම්බන්ධ වෙලා හිටපු මයිකල්ට. හනා වසර 20 ක් සිරගත වෙලා හිටපු නිසා සමාජයට හුරු කිරීම, ඉන්න තැනක් සහ රැකියාවක් සොයා දීම මයිකල්ට බාරවෙනවා.


ඒවා හොයාගත්තු මයිකල් හනාව මුණගැහෙන්න බන්ධනාගාරයට යනවා. වයස්ගත වුණු හනාව දැකීමෙන් මයිකල් පුදුමෙට පත්වෙනවා. ඒ වගේමයි මයිකල්ගේ හැසිරීමෙන් හනා තේරුම් ගන්න දෙයක් තිබෙනවා. හනා අපේක්ෂා කළේ අතීතයේ තිබුණු ප්‍රේමනීය තත්වය මයිකල් සහ තමන් අතර ඇතිවෙයි කියලා.

ඒත් මයිකල්ගේ තත්වය ගැන නැවතත් ප්‍රශ්නයකට රසිකයාව යොමුකරන්න කතුවරයා සමත් වෙනවා. මයිකල් තමන්ගේ අතීතය මතක් කරන්න කැමතියි. ඒත් වර්තමානයේ ඒ තුළ ජීවත් වෙන්න අකමැතියි කියන එක බොහෝ වෙලාවට පෙනුණත් එහෙම නම් මයිකල් හනාට කතා ටේප් කරලා යවන්නේ ඇයි කියන ගැටළුවත් ඒත් එක්කම පැන නගිනවා.

කොහොම නමුත් කලින් හිටිය මයිකල් නෙමෙයි වෙනස් කෙනෙක් දැන් ඉන්න බව හනාත් තේරුම් ගන්නවා. චිත්‍රපටිය තුළ මේ සිදුවීම පෙන්වන්න උපයෝගී කරගන්නේ මයිකල්ට අල්ලා ගන්න හනා සුරත දිගු කිරීමත් ටික වෙලාවකින් මයිකල් ඒ අත අල්ලා ගෙන නැවත අත හැරීමෙන්

මයිකල් තමන් හනාට රැකියාවක්, ඉන්න තැනක් සොයාගත්තු බවත් කියලා ඇයව එක්කගෙන යන්න හිතාගෙන ඊළඟ සතියේ එද්දී දැනගන්න ලැබෙන්නේ හනා සියදිවි නසාගෙන තිබෙන බවයි. මයිකල් බන්ධනාගාර පාලකවරිය එක්ක කතා කරන සිදුවීම පෙළ අපූරුවට ගලාගෙන යනවා.

හනා නැවතිලා හිටපු කාමරය මයිකල් බලනවා වගේම තමන් උසස් පෙළ සමත්වුණු වෙලාවේ විදුහල්පතිතුමා සහතික ප්‍රදානය කරන ඡායාරූපය තිබුණු පත්තරේ හනා බිත්තියේ අලවා තිබීමත් මයිකල්ව කම්පා කරවනවා. ඒ වගේමයි හනා සිරගෙදර හිටපු අවුරුදු 20 තුළම මයිකල් එවපු ටේප්වලට අමතරව මයිකල්ගෙන් ලියුමක් හනා බලාපොරොත්තු වුණු බවත් මයිකල් දැනගෙන්නවා


හනා තමන්ගේ අවසන් කැමැත්තෙන් තමන් සතුවුණු මුදල් නාසි සමයේ පල්ලියේ ඛේදවාචකයෙන් දිවි ගලවාගන්න දරුවාට ලබාදෙන්න කියලා. ඒ වගේමයි මයිකල්ව ආදරයෙන් මතක් කරන බවත් ඇගේ ලිපියේ තිබෙනවා. මයිකල් හනාගේ කැමැත්තට ඒ මුදල් අදාළ කාන්තාවට භාරදෙන්න ගියත් ඇය ඒක බාර නොගන්නේ ඒක බාර ගන්න එකෙන් හනාට සමාවක් ලැබෙනවා කියලා ඇ‍යට හිතෙන නිසා,

හනාගේ සාක්ෂරතාව නොමැති බව බොහෝ දේවල්වලට හේතුවුණු බව මයිකල් ඇයට පහදලා දෙනවා. හනා මුදල් දාලා තිබෙන තේ කොළ ටින් එක විතරක් ඇය ගන්නේ කුඩා කළ ඇයටත් එවැන්නක් තිබුණු නිසා.

මයිකල් හනාගේ මුදල් හනාගේ නමින්ම නිර්සාක්ෂරතාව දුරුකරන්න තිබෙන සංවිධානයකට පරිත්‍යාග කරන්නේ හනාව සිහිපත් කරමින්. කතාව අවසාන වන්නේ මයිකල් බර්ග් මුල්ම සහ අවසන් වතාවට හනාගේ දේහය තැන්පත් කරලා තිබුණු සොහොන් බිමට යන සිදුවීමෙන්.

චිත්‍රපටියේ ඊට වඩා සාර්ථක අවසානයක් දීලා තිබෙනවා කියලා මට හිතෙන්නේ ඒකෙදී මයිකල් තමන්ගේ තරුණ දියණියත් සමඟ හනාගේ සුසානයට ගිහින් තමන්ගේ පුදුම සහගත මෙතෙක් කාටවත් නොකියපු කතාව තමන්ගේ දියණියට කියන්න ආරම්භ කරන එකෙන්.

ඉතින් මේ කතාව තුළින් බොහෝ මාතෘකා කතා කරන වග ඔබටත් තේරෙන්න ඇති. පුලුවන් නම් මුලින්ම පොත කියවන්න රංජිත් කුරුප්පු "ගිම්හාන ගීතය" නමින් මේ කෘතිය සිංහලය නගලා තිබෙනවා.

ඊට පස්සේ චිත්‍රපටිය නරඹන්න. මේ සබැඳියෙන් ඒ සඳහා ටොරන්ට් එක ලබාගන්න පුලුවන්. චිත්‍රපටිය සම්මාන රැසක් දිනා ගනිපු චිත්‍රපටියක්. ඒ වගේමයි පොතත්.

කාලෙකට පස්සේ බලපු හොඳ චිත්‍රපටියක් කියන එකත් අවසානයට මතක් කරන්න ඕනේ :)

ප.ලි.: අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් download කරලත් බලන්නේ නැතුව මගේ computer එකේ තිබුණු film එක බලන්න හිතුණේ මගේ සරසවි මිතුරියක් වුණු ශම්මි විජේසුන්දර බදාදා මට දුන්නු film එකට පාදක වුණු ජර්මන් කෘතියේ සිංහල පරිවර්තනය වුණු "ගිම්හාන ගීතය" කියෙව්වාට පස්සේ.

ස්තුතියි ශම්මි :)

Wednesday, March 21, 2012

කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුල


ඊයේ මූණුපොතේ කරක් ගහද්දී දැක්කා හසිත කියලා කැලණි විස්සවිජ්ජාලේ ඉන්දාරියෙක් විස්සවිජ්ජාලේ නූතන බාසා අංසෙන් කොරන ආහාර මඟුලක් ගැන මොකක්දෝ විස්තරයක් දාලා තිබුණා. මාත් ඉතින් හරිබරි ගැහිලා උදේම විස්සවිජ්ජාලෙට ගෑටුවා ආහාර මඟුලට.

මම මේ ගොඩයා නිසා ආහාර මඟුල කිව්වාට ඒකේ තැන් තැන්වල ගහලා තිබුණේ නම් "International Food Festival - 2012" කියලා ඕන්. මම යද්දී තමා විස්සවිජ්ජාලේ VC සීයයි අනික් ලොකු ලොකු ඇත්තෝ ටිකයි මේකට සම්ප්‍රාප්ත වුණේ.

තෝරු මෝරු අස්සේ මොකට හාල් මැස්සෝ රිංගනවද කියලා හිතපු මම විස්සවිජ්ජාලේ කැන්ටිමට හොයාගෙන ගොහින් කහට කෝප්පයක් බීවා ගල් බනිස් ගෙඩියකුත් හපන ගමන් :)

පස්සේ මම ආහාර මඟුල තිබුණු තැනට සේන්දු වෙද්දී 11 ටත් කිට්ටුයි නොවැ. ඒ වෙලාවේම දැකලා පුරුදු රූප කායක් මට පෙනුණා. බැලින්නම් ඒ හසිත කොලුවයි හසිත කොලුවත් එක්ක ඉතිහාස විසය හදාරන අනිත් ඉලන්දාරි ටිකයි. මාත් ඒ කාණ්ඩෙටම එකතු වුණා නොදන්න තැනකට යද්දී දන්න කියන ඇත්තෙක් එක්ක යන එක හොඳ නිසා.

මුලින්ම අපි ගොඩවැදුණේ ජපන් කට්ටිය කොරන කුටියට.මාර වැඩේ කියන්න අයියෝ අපි යද්දී කෑම අහවරයි කියන්නේ. ඉර මුදුන් වෙන්නත් තව හෝරාවක් විතර තියෙද්දීත් මේ කෑම මඟුල පටන් අරන් හෝරාවෙන් කෑම අහවරයි.

කකෙගොරි හදන ළමිස්සියෝ

ඉතින් හසිත කොලුවත් ටිකක් ගෝරනාඩු කරන්න පටන් ගත්තාම ඒ කොලුවගේ යාලුවෙක් වුණු සුගම කොලුවා අපේ නඩේට "කකෙගොරි" කියලා මොකක්ද බීමක් හදලා දුන්නා.

බොමු බොමුද කකෙගොරි

මේ ඇත්තන්ට කියන්න මට ඔය නම මතකේ හිටියේ විස්සවිජ්ජාලේ හැම තාප්පෙකම ගහලා තිබුණා නොවැ "බොමු බොමුද කකෙගොරි" කියලා. ආන් ඒක හන්දා

ජපන් කුටියට අල්ලපු වැටේ තිබුණේ චීන කුටිය. චීනොයි චීනියොයි එහෙමත් මේ කුටියේ හිටියා කියන්නකෝ. මේ කුටියෙත් හුඟාක් ජාති අහවර වෙලා තිබුණු නිසා නූඩ්ල්ස් කියන ජාතිය තමා ඉලන්දාරි නඩේ ගත්තේ. පස්සේ මේ ඉලන්දාරින්ට උවමනා වුණා චීන විදිහටමට නූඩ්ල්ස් කන්න පස්සේ මේ ගැටව් ටික බැරිමරගාතෙම "හෂි" කියන කූරු දෙකෙන් නූඩ්ල්ස් ටිකත් කොටාබෑවා.

හෂි කූරුවලින් අමාරුවෙන් කොටාබාන නූඩ්ල්ස්

මේ අස්සේ හසිත කොලුවගේ යාලු දැරිවියක් ඇවිත් අහනවා "මේ නූඩ්ල්ස් චීන රහද?" කියලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. චීන රහ කියලා එකකුත් තියෙනවැයි :)) හැබැයි හොඳ හැටි ගම්මිරිස් නම් පතබාලා තිබුණා ඕන්

හසිත කොලුවාට කියූ සාස්තරය

චීන බාසාව කරන ළමිස්සියෝ ටික සාස්තරත් කියනවා. හසිත කොලුවත් සාස්තරයක් අහන්න ගියා රුපියල් 10 කට උපන් දිනයට, ලග්නයට, අත බලලා සාස්තර තුනක් කිව්වා නොවැ. හසිත කොලුවා පණ ඇරගෙන අහගෙන හිටියා අනාගතේ ගැන කියපු ඒවා ටික.

අනිත් ස්වීටා කියන කොලුවත් හොර රහසේම වගේ සාස්තරේ අහලා කෑ ගහනවා "මට ළමයි දෙන්නෙක් ඉන්නවා" කියලා :))

නෝබට් කොලුවා කරපු ටීක් බෝල සෙල්ලම

පස්සේ ඉතින් අපි ගෑටුවා ස්පාඤ්ඤ කුටියට. ඒකෙත් ජාති අහවර වෙලා . ඒත් ඒකේ හිටපු නෝනා කෙනෙක් අමුතු බැල්මක් දාපු නිසා හසිත කොලුවා photo කෑල්ලක් ගත්තා.

අමුතු බැල්මක් දාපු ස්පාඤ්ඤ එක්කෙනා

ඊට පස්සේ කොරියන් කුටියට තමා ගෑටුවේ. කිව්වට හොරයක් බොරුවක් නැහැ ආයිබොවන් ඒකේ කෑම නම් දැක්කා ගමන් මට අප්පිරියා වුණා. අපේ කොල්ලෝ ටිකත් ඒකෙන් මොකුත් කොටාබෑවා නැහැ. ඒත් ඉතින් ඒකේ හිටපු සීදේවි ළමයි ටිකේ photo එකක් නම් ගත්තා

පස්සේ ඒ දිසාවේ තිබුණු අන්තිම කුටිය වුණු පුරන්ස [French] කුටියට අපි ගොඩ වැදුණා. ඒකේ ජාතිත් අහවර වෙලා. ගමේ වෙල් අස්සේ බඩුවලට වඩා සුපර් ජාති වගයක් බෝතල්වල දාලා තිබුණත් ඒවා තිබුණේ විකුණන්න නෙමෙයිලු ආයිබොවන් :)

පුරන්සෙන් දුන්නු ක්‍රිස්කෝ විස්කෝතු

පස්සේ අපේ ලංකාවේ තියෙන ක්‍රිස්කෝ විස්කෝතුවලට මොනවදෝ මන්දා දාල තිබුණු කෑමක් අපි කොටාබාලා ගියේ අල්ලපු පැත්තේ තිබුණු රුසියන් කුටියට.

ඒකෙත් කෑම අහවරයි. ඒත් සා පිපාසාව උහුලන්න බැරි නිසා අපි එතනින් පැණි බීම වගයක් බිව්වා. පුදුමේ කියන්නේ රුසියාවේ ඇත්තෝ බොන්නෙත් අපේ රටේ කෝඩියල් වගේ.

අල්ලපු වැටේ තිබුණු ජර්මන් කුටියෙත් අමුතු බෝල හැඩේ කෑමක් බඩට දා ගත්තු අපේ නඩේ කොල්ලෝ ටික අයිස්ක්‍රීම් කන්නත් පොරේ. මගේ ගාණ මම අයිස්ක්‍රීම් උන්ට අරන් දුන්නා. පුදුමේ කියන්නේ ජර්මනියේ ඇත්තොත් කොටා බාන්නේ අපේ "අලියගේ ගෙදර අයිස්ක්‍රීම්" [Elephant House]නොවැ :))

ජර්මනියේ විකුණන අලියා ගෙදර අයිස්ක්‍රීම්

ඕන් ඔය විදිහටයි කැලණි ආහාර මඟුලේ චාරිකාව මං නිමා කොලේ. මේ photos කෑලි ඉස්සුවේ හසිත කොලුවගෙන්. ඔක්කොම photos ටික බලන්න මේ ඇත්තෝ කැමති නම් මෙතන කොටන්න.

හසිත කොලුවයි යාලුවෝ කාණ්ඩෙයි අසමෝදගම් කඩයක් කොරන්න හිතාගෙන හිටියත් ඒක සංවිධානය කොරගන්න බැරිවෙලා කරලා නැහැ :)) ඒත් මේ වගේ තැනකට අසමෝදගම් කඩේකින් තියෙන්නේ සුවල්ප ප්‍රයෝජනයක්ද ??

සූ ගාන්න ඇවිත් හිටිය සෙනඟ කන්දරාව

හෙට හවසට ඒ කියන්නේ මාර්තු 21 වෙනිදා ධර්මාලෝක සාලවේ මේ නූතන බාසා කොරන ඉලන්දාරින්ගෙන්යි ළමිස්සියන්ගෙන් සංදර්සනයක් තියෙනවා කියලත් කිව්වා. මොන ජවුසම් නටයිද දන්නේ නැහැ. පුලුවන්කමක් තිබ්බොත් ඒ පැත්තෙත් ගාටන්න තමයි හිතාගත්තේ.

ඔය උන්දැලත් පුලුවන්කමක් තියේ නම් මාර්තු 21 හවස 4.30 ට කැලණි විස්සවිජ්ජාලේ ධරුමාලෝක සාලාවට ගොහින් බාසා සංදර්සනේ බලන්න......

ප.ලි.: අප විශ්විද්‍යාලයේ පැවති International Food Festival සඳහා සහභාගි වුණු ග්‍රාමීය අයෙක් ලියූ මේ සටහන යම් යම් සංශෝධන සහිතව මා විසින් පළකරන්නට යෙදුණු අතර මෙහි අදහස් පිළිබඳ වගකීම ඒ නාඳුනන පුද්ගලයා සතුය.

කෙසේ නමුත් මා විසින් International Food Festival පිළිබඳ ලියන්නට ගිය සටහන මෙනිසා වැළකුණු බවද කණගාටුවෙන් දන්වා සිටිමි :(

එසේම අද හවස මාර්තු 21 නූතන භාෂා අධ්‍යයනාංශය මඟින් පවත්වන සංස්කෘතික සංදර්ශනය සවස 4.30 සිට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙන බැවින් ඒ සඳහා ඔබ සැමට ආරාධනා කර සිටිමි :)

Sunday, March 18, 2012

අකාලයේ මිලින වුණු තවත් සරසවි කුසුමක්


Science faculty එකේ Dean ආරම්භක සංඥාව දීපු ගමන් campus එකේ මැරතන් ශූරයා එකම තියාගෙන Road race එකට start එක ගත්තා. මිනිහා කොච්චර දක්ෂයාද කියනවා නම් එදා අඟහරුවාදා තිබුණු fitenss test එකේදී අපි පිට්ටනිය වටේ භාගයක් දුවද්දී මිනිහා එක වටයක් complete කරලා ඊළඟ වටයෙන් ටිකක් දුර දුවලත් ඉවරයි.

Science faculty එකේ තියෙන post office එක ගාවින් ඇරඹුණු campus එකේ Sports Centre එකෙන් වාර්ෂිකව කරන Road Race එකට මේ පාරත් sports කරන අය වගේම දුවන්න කැමති අයත් ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇවිත් හිටියා.

Road race එකේ route එක තමයි science faculty එකේ post office එක ගාවින් පටන් අරන් තෙල් බැම්ම පහු කරන් පහළට ගිහින් Staff කැන්ටිම ගාවින් සයිබේ ground එකට ගිහින් එතනින් ආයි science faculty එකට ඇවිත් DH එක වටෙන් ආයි post office එක ගාවට. මේ විදිහට වට 5 ක් පිරිමි ළමයින්ටත් වට 2 ක් ගෑණු ළමයින්ටත් දුවන්න වුණා road race එක complete කරන්න.

Road Race එක පටන් අරගෙන මුල්ම වංගුව ගත්ත ගමන් ගෑණු ළමයෙක් මහී කාන්තාව සිප ගත්තා. මම ඉතින් මනුස්සකමට එයාව නැගිට්ටවන්න ගියාම එයා පටස් ගාද්දී නැගිටලා ආයි දුවන්න ගත්තා :) මම වටපිට බැලුවා මාත් එක්ක හිටපු නෝබයි ස්වීටයි කෝ කියලා. මුන් දෙන්නා පණ කඩාගෙන දුවනවා.

පස්සේ මට අමිලයාව සෙට් වුණා. ඉස්කෝලේ ෆිට් එකටත් එක්ක අපි දෙන්නා එකටම දුවගෙන ගියා. හති වැටෙන කොට ඉතින් අපි ඇවිදගෙන ගියා. හති නම් ඉතින් දුවන්න බැරි නම් මැරෙන්නද ?

සයිබේ හරියට වෙලා rugger කරන එවුන් සෙට් එක කියව කියවත් හිටියා දුවන්නේ නැතුව. උන්ගේ duty එක වුණේ දුවන එවුන්ට අනම් මනම් කිය කිය හිටපු එක :))

ඔය විදිහට ඉතින් මායි අමිලයයි වට 4 ක් විතර දුවද්දී මම නිකමට වගේ ඇහුවා check point එකක හිටිය ගෑණු ළමයෙක්ගෙන් "මම rounds කීයක් දිව්වද" කියලා.

එයා කියනවා "මේ ඔයාගේ අන්තිම round එක" කීයලා.

පස්සේ මම කිව්වා "ඔයා බොරු කියන්න එපා මේ 4 වෙනි එක. මට ටිකක් ෂුවර් මදි නිසා ඇහුවේ. ඔයා බොරු කියලා මාව නොමග අරින්න නේද යන්නේ" කියලා :))

5 වෙනි round එක එහෙම නැත්නම් අන්තිම එක දුවද්දී අපේ Wrestling team එකේ captain එහෙමත් අපිට සෙට්වුණා. මේ අල්ල පනල්ලේම අමිලයාට කික් එකක් ඇවිත් දකින දකින කෙල්ලට " I Love You" කිය කිය කෑ ගගහා යනවා :))

මූ DH එක ගාව තිබුණු tap එක ගාවින් රිංගන්නත් ගිහින් මව්බිම සිපගත්තා. මම නැගිට්ටවන්න යද්දී මූම නැගිටලා කඩාගෙන බිඳගෙන ආයි දුවනවා. බැලින්නම් අමිලගේ හාමිනේ ඉස්සරහට එනවා. :))

මේ අස්සේ මගේT-Shirt එකේ ගහලා තිබුණු අංකේ වැටිලා. බඩු බනිස් නේ ඉතින්. මම හිමින් සැරේ බිම බලාගෙන යද්දී තෙල් බැම්ම හරියේ අංකයක් වැටිලා තිබුණා 221. ඒක මගේ අංකේ. මට ෆුල් හැපි :)

ඒකත් අතේ තියාගෙන check pointsවලට පෙන්න පෙන්න අන්තිමටම ground එකට ඇවිත් race එක ඉවර කරපුවාම Sports එකේ සර් ඉන්නවා ඉස්සරහ අංක check කර කර.

සර් ඇහුවා "කෝ අංකේ" කියලා. මම ඉතින් අංකේ පෙන්නුවා.

සර් ඇහුවා "මේක ඔයාගේම අංකෙද" කියලා.

මම කිව්වා "ඔව් සර් 221 මගේ අංකේ තමා" කියලා.

පස්සේ සර් කියනවා "වෙන්න බැහැනේ" කියලා.

මම දෙලොව රත් වුණා. ඇයි දෙයියනේ අමාරුවෙන් වට 5 ක් දුවලා ආපුවාම අංකේ මගේ නෙමෙයි කියද්දී රත් වෙන්නේ නැද්ද

පස්සේ සර් කියනවා "අපි කහ කාඩ්වල නිල් පාටින් ලිව්වේ girlsලගේඅංක. boysලගේ අංක ලිව්වේ රතු පාටින්නේ" කියලා.

මගේ අතේ තියෙන කාඩ් එකේ 221 ලියලා තියෙන්නේ නිල් පාටින්. පස්සේ ඉතින් මම සර්ට කිව්වා අංකේ වැටුණා. හොයාගෙන යද්දී 221 හම්බුණා කියලා. පස්සේ සර් හිනාවෙලා රතු පාටින් 221 ලියලා දුන්නා box එකට දාන්න. ඒකෙත් වෙලාව කියන්නේ මට 221 ම හමුවුණු හැටිනේ :)

අන්තිමට ඉතින් wash room එකට ගියාම wash එකක් දාගන්න එතන පෝලිම පිරෙන්න. අපි ඉතින් හිමින් සැරේ wash එකකුත් දාගෙන lecture එකට ගියා.

දවල් කන්න ගිය වෙලාවේ news එකක් ආවා road race එකට ආපු 2nd year නංගි කෙනෙක් අන්ත්‍රා වෙලා කියලා. පස්සේ හොයලා බලද්දියි news එක හරියටම දැන්ගත්තේ Commerce එකේ 2nd year මල්ලී කෙනෙකුයි නැතිවෙලා තියෙන්නේ කියලා.


campus එකේ බේස්බෝල් team එකේ සාමාජිකයෙක් වුණු කඩ්ඩා මල්ලී වට 5 ත් complete කරලා බෝඩිමට ගිහින් ඒ වෙලාවේම නාලා තියෙනවා. ඊට පස්සේ පපුව රිදෙනවා කියපු නිසා යාළුවෝ සිද්ධාලේප එහෙමත් ගාලා තියෙනවා. මෙයාට වමනේ යන්න ගත්තු නිසා කිරිබත්ගොඩ hospital එකට අරගෙන ගියාට පස්සේ තමා නැතිවෙලා තියෙන්නේ.

මරණ පරීක්ෂණයේදී කියලා තියෙන්නේ හදවතේ නාලයක තියෙන හීනිබව මේකට හේතුවක් කියලා. ඉතින් සරසවි ජීවිතයක් අකාලයේ මිලින වුණේ එහෙමයි.

සමහර විට race එකේ ඉද්දිත් අමාරුවක් තියෙන්න ඇති. ඒත් යාලුවෝ සෙට් එකම දුවද්දී, කෙල්ලොත් දුවද්දී අමාරුවක් තිබුණත් නවත්තන්න හිතෙන්නේ නැහැනේ.

ඒ වගේමයි මහන්සි වෙලා ආපු ගමන් නාලා එහෙමත් තියෙනවානේ. කොහොමින් කොහොම හරි අද තමා ගෙදරට body එක ගෙනාවේ. අපිත් ගියා අද හවස මළ ගෙදර.

ජීවිතේ තමා ජීවිතේ. අද කඩ්ඩා මල්ලිගේ දවස, හෙට අපේ දවස වෙන්න පුලුවන්.....

ජීවන ගමනේදී campus එකට ආපු
උදේ හවස campus කන්ද නැග්ග
කඩ්ඩා මල්ලී,
campus එකේ road race එක
වේගයෙන් දුවන්න ගිහින්
ජීවිතයෙන් ඉක්මනින් සමුගත්තත්
අපි ආයේ ඉක්මනින් මේ සංසාරේදී හමුවෙයි

එතෙක් සුභ රාත්‍රියක් සුභ ගමන් මල්ලියේ...................

ප.ලි.: කෙටියෙන් හරි Road Race එකේ විස්තරේකුත් එක්ක මේ වියෝව ගැනත් සටහන් කළේ ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්න වගේම මේ මරණය දඩමීමා කරගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න දරන පුද්ගලයන්ගෙන් "කඩ්ඩා මල්ලිව" ගලවාගන්න..........

Saturday, March 10, 2012

චිත‍්‍රයක් කියන්නේ වචන 1000+ Vista Painting Exhibition


"කීයක් වෙනවද මේ චිත‍්‍රය?" මටත් නිකම් ඉන්න බැරුවට කට කහනවා වගේ නිසා ඇහුවා.

අඩි එකහමාරක් විතර දිග පළල තියෙන පරණ වගේ ලී කෑල්ලක නුවර යුගයේ චිත‍්‍රවල තියෙන විදිහට බුදු රුවක් ඇදලා තිබුණා.

"ඒක රුපියල් 2000 සර්" මම නිකම් හොල්මන් වුණා වගේ

ඊට එහා පැත්තෙන් අඩි 7 ක් විතර දිග අඩි 5 ක් විතර පළල චිත‍්‍රයක් තිබුණා ඇත්ගොව්වෙක් එක්ක අලි රංචුවක් ඉන්න. ඒකේ ගාණත් අහන්න මුලින් හිතාගෙන හිටියත් මේ උත්තරෙන් පස්සේ ආයි පාරක් ඇණ ගන්නේ මොකද කියලා හිතලා මම කට පියාගෙන හිටියා :)

මේ සිද්ධිය වුණේ ගිය අවුරුද්දේ තිබුණු කලා පොළට ගිය වෙලාවේ. ලංකාවේ ඉන්න කලාකාරයෝ හුඟක් තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒක මිළ කරලා කිසියම් මුදලක් උපයා ගන්න කලා පොළට ඇවිත් තිබුණේ.

චිත‍්‍රවල ගාණ වැඩියි කියලා මුලින් තිබුණු කතාවෙන් හිතෙන්නත් පුලූවන්. ඒත් නීතීඥයා නඩුවක් කතා කරලා දිනනවා වගේ වෛද්‍යවරයා බෙහෙත් කරලා ලෙඩෙක් සනීප කරනවා වගේ කලාකරුවා එහෙමත් නැත්නම් මේ කතාවේ හැටියට චිත‍්‍ර ශිල්පීන් තමන්ගේ හැකියාවෙන් මිනිස් සිත් සුවපත් කරන්න මෙහෙයක් කරනවා. එතකොට තමන්ගේ මහන්සියට, නිර්මාණයේ තියෙන තත්වයට එහෙම ගණන් කියන එකේ වරදකුත් නැහැ.

මිනිසාගේ ආරම්භයත් එක්කම මිනිසාට මුල්කාලීනව භාෂාවක් කියලා එකක් තිබුණේ නැතත් තමන්ට එදිනෙදා මුහුණ පාන්න සිද්ධවුණු සිදුවීම් තමන්ගේ සගයන්ට විස්තර කරන්න අවශ්‍ය වුණා. තවත් විදිහකින් කිව්වොත් "මං පොර ජාතකයේ මුල්ම අවධිය" ඒක වෙන්නත් පුලූවන් :)


කොහොම නමුත් ආදි මානවයා රෑට ගිනිමැලේ වටේට වෙලා ඉද්දී අංග චලනයෙන් කටින් නොයෙක් ශබ්ද දමමින් තමන්ගේ මේ එදා කතාව කියන්න උත්සහ කරලා තියෙනවා. නාට්‍යය කියන එකත් ආරම්භ වුණා කියන්නේ ඒකෙන් කියලා තමා කියන්නේ.

ඒ වගේමයි ආදි මානවයා කටින් එක එක ආකාරයේ සද්ද බද්ද දැම්මා වගේම එක එක ජාතිවලට තට්ටු බට්ටු දාලා සද්ද නිපදවලා තියෙනවා. සංගීතය කියන විෂයත් ඒ විදිහට ආරම්භ වුණාලූ.

ඒ වගේමයි කලින් කිව්ව එක එක ජාතියේ සද්දවලට ආදි මානවයා ගිනිමැලේ වටේ කරන දැඟලිලිවලින් නර්තනයත් ඇතිවුණාලූ.

අන්තිම එක තමයි චිත‍්‍ර කියන එකත්. තමන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වුණු සිද්ධි එක එක මාධ්‍ය පාවිච්චි කරලා අඳින්න, කැටයම් කරන්න ආදි මානවයා සමත් වුණා.


අද මාතෘකාව මෙන්න මේ චිත‍්‍ර ගැන.

ඒ විදිහට ආරම්භ වුණු චිත‍්‍ර කලාව එක එක අංශවලින් ඉදිරියට ආවා. ඒ වගේමයි එක එක රටවල්වලට, සංස්කෘතීන්ට, ආගම්ලවලට අනුවත් චිත‍්‍ර කලාව කියන එක විවිධාකාර වුණා.

ලංකාව ගැන කතා කළොත් ප‍්‍රාග් මානවයාගේ චිත‍්‍රවල ඉදන් සීගිරිය, දිඹුලාගල වගේම ගල්විහාරේ තියෙන මූල ශිෂ්ටාචාරවල චිත‍්‍ර වගේම ඊටත් පසුකාලීනව අද දක්වාම හොඳින් සුරක්ෂිත වෙලා තියෙන මහනුවර යුගයේ චිත‍්‍රත් අපිට දැකගන්න පුලූවන්.

ඊටත් පස්සේ නූතන යුගයේ චිත‍්‍ර විදිහට සෝලියස් මැන්දිස්, ජෝර්ජ් කිට් වගේම මංජු ශී‍්‍ර වගේ ප‍්‍රවීණයන්ගේ චිත‍්‍ර අපිට අමතක කරන්න බැහැ. ඒ පරම්පරාවල නූතන උරුමක්කාරයන්ගේ පරපුරේ වැඩක් ගැන කියන්න තමයි මේ සූදානම.


කැලණිය විශ්වවිද්‍යාලයේ එහෙමත් නැත්නම් අපේ Campus එකේ ලලිතකලා අධ්‍යයනාංශයේ දෘශ්‍ය කලා, සැලසුම්කරණ හා ප්‍රසාංගික කලා අධ්‍යයන ඒකකයේ [DMAT Unit එකේ] විශේෂවේදී දෙවන වසර අපේ යාලු මිත්‍රාදීන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන්න මේ වසරෙත් විස්ටා චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 12 සිට 14 වෙනකම් Campus එකේ සේනක බණ්ඩාරනායක ශාලාවේදී එහෙමත් නැත්නම් කැම්පස් ව්‍යවහාරෙට අනුව "ක්‍රිස්ටෝ" එකේදී පැවැත්වෙනවා.

ඉතින් චිත්‍ර කලාවට හිතැති, කැමති හැමෝටම වගේ අපේ DMAT යාලුවෝ වෙනුවෙන් ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනය බලන්න එන්න අපේ අයට හයියක් වෙන්න.....

ඒ වගේමයි මතක් කරන්න ඕනේ විස්ටා ප්‍රදර්ශනය කියන්නේ සාම්ප්‍රදායික විදිහට කැන්වසය මතට විතරක් සීමාවුණු නිර්මාණ ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක් නම් නෙමේ කියන එක. පහළින් තියෙන සිංහ මූර්තිය ඒකට පොඩි උදාහරණයක් විතරයි...


ඉතින් ඒක නිසා එන්නම ඕනේ :)

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ප.ලි.: මේත් තවත් ආරාධනාවක්. අපේ Campus එකේ සිංහල අධ්‍යයනාංශයේ සිංහල සංගමය සංවිධානය කරන "කවි මඩුවක් වගේම කවි සංවාදයක්" කවීන්ද්‍ර ජී.එම්. අජිත් ප්‍රමුඛ ජනප්‍රිය කවියන්ගෙන් හා කිවිඳියන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වෙනිදා අඟහරුවාද හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී [DH එකේදී] පැවැත්වෙනවා.

හෙළ කව් අඹරේ සිරි අසිරිය විඳින්නට
කවියට පෙම් බඳින හිතවත් ඔබ සැමට
ඇරයුම් කරමු 13 කුජ දින දෙකට
එනු මැන රසවතුනි ධර්මාලෝකයට

කවියට හිතැති, කවියට ආදරය කරන ඔබටයි ඒ ආරාධනාව.........

ඉතින් ඔබේ පැමිණීම මේ සබැඳියෙන් ගිහින් තහවුරු කළා නම් තවත් හොඳයි

ඕනේ නම් වන් රොක් ටූ බර්ඩ්ස් කියලා උදේ වරුවේ විස්ටා ප්‍රදර්ශනේ බලලා හවස් වරුවේ කවි මඩුවටත් ගොඩවෙලා යන්න එන්න පුලුවන් :))

දවස් ටික මතක තියාගන්න මාර්තු 12, 13, 14 තමා මේ වැඩ ටික ඔක්කෝම වෙන්නේ

ප.ප.ලි: මාධ්‍ය ඒජන්ත වුණාම ඒ වැඩත් අතරින් පතර කරන්න වෙනවානේ. ඒක නිසා කරගල ගාන්න ගිය රජතුමාගේ කතාව ඊළඟට බලාපොරොත්තු වන්න :)

Sunday, February 5, 2012

ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය


මමයි ඩොමායි campus එක පහළ ඉදන් ඩොමාගේ අලූත් කතා පොතේ proof කියවලා ඒකේ තිබුණු අක්ෂර දෝෂ ටික හදලා campus එකට එමින් ගමන්.

මම ඩොමාට කිව්වා "මචං අර චීන්නු කිව්වා වගේ දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ පුතෙක් හදන්න විතරයිනේ. උඹ දැන් පොතකුත් ලියලා තියෙනවා, ගසුත් හිටවලා ඇතිනේ" කියලා.

එතකොට ඩොමා කිව්වා "නැහැ බන් පුතා හදන වැඩේ විතරක් ඉතුරුවෙලා දැන් හුඟක් කල්. මොකද බන් මම ඉස්කෝලේ යන කාලේ තමයි මුල්ම පොත ලිව්වේ" කියලා.

මගේ විශ්වවිද්‍යාල සගයෙක් වෙන ඩොමිනික් චන්ද්‍රසාලි එහෙමත් නැත්නම් ඩොමා ගැන අද කතා කරන්නේ ඩොමාගේ පළවෙනි කවි පොත ලබන සතියේ දොරට වඩින නිසා. ඉතින් ඒකමයි අද post එකේ මාතෘකාව "ඩොමිනික් චන්ද්‍රසාලිගේ දුතියාගමනයේ ප‍්‍රථමාගමනය" වුණේ.

ඩොමා ගැන මම මුලින්ම දැනගත්තේ ස්වීටාගෙන්. මොකක් හරි කතාවකදී ස්වීටා කිව්වා "ඩොමා කියලා සිරා කොල්ලෙක් ඉන්නවා බන්. චිත‍්‍ර වැඩ වගේ ඒවට සුපිරි වැඩ්ඩෙක්. ඒත් මූ lectures යන්නේ නැහැ බන් එක එක වැඩ ඌට. අපරාදේ බන්" කියලා.

ඊට පස්සේ මට ඩොමාව මුලින්ම හම්බුණේ exam එකට admission එක ගන්න පෝලිමේ යද්දී. ඩොමා අපිට කලින් admission එක අරගෙන ඒක කියවන ගමන් හිනාවෙවී කියනවා "බලපල්ලකෝ බන් මේකේ කොරියන් paper එකකුයි හින්දි paper එකකුයි තියෙනවානේ බන්. දැන් කොහොමද මේවට ලියන්නේ" කියලා. කාරණය පැහැදිලියිනේ ඩොමා එච්චර lectures යන්නේ නැහැනේ :)

ඉතින් කොහොම හරි ඩොමා ස්වීටගේ යාලූවෙක් නිසා මාවත් අඳුරගත්තා. ඒ වගේම අපේ තවත් යාලූවෙක්ගේ තාත්තා කෙනෙක්ට Operation එකකට ලේ උවමනා වෙලා ඩොමා මට ඒක කියලා අපි ලේ හෙව්වා. ඒක මම "ලේ වෙනුවෙන්......" කියලා ඒ කාලේ blog එකටත් ලිව්වා.

හිත හොඳ මනුස්සයෙක් වුණු ඩොමා පාරේදී හම්බුණත් හිනාවෙලා විතරක් නොයා විස්තර කතා කරනවා වගේම පත්තරවල පළවුණු තමන්ගේ කවි එහෙම තිබ්බොත් අපිටත් කියවන්න දෙනවා. ඒ වගේමයි Pothpath.com web site එකේ කවි පිටුව කරන්න ඩොමා set වුණාට පස්සේ ඒකේ ඩොමාගේ කවියක් එහෙම තිබුණත් ඩොමා අපිටත් sms එවනවා ඒවා කියවලා බලන්න කියලා.

ඒ වගේමයි pothpath.com web site එක කරන උපුල් අයියව මට මුණගැස්සුවෙත් ඩොමා තමයි. එදා හෙණට වහින දවසක්. මම Gym Canteen එකේ ඉද්දී ඩොමා කතා කළා කොළඹට ගිහින් එමුද කියලා. පස්සේ ඉතින් අපි දෙන්නා මහ වැස්සේ කොළඹ ගිහින් උපුල් අයියගේ office එකට ගිහින් එයාව හම්බුණා. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩක් කරන එයාව හඳුනාගත්තු එක හරියට වටින දෙයක්.

පස්සේ ඉතින් අර කලින් කිව්වා වගේම ඩොමාගේ කවි පොතේ වැඩේට අපි set වුණා. අන්තිමටම මේ ගිය සතියේ දවසක උදේ මට ඩොමාව හම්බුණා.


"මම උඹව හම්බෙන්න හිටියේ" කියලා කියපු ඩොමා bag එකට අත දාලා "පබාවතීට කවක්" කියන කවි පොත අරන් මට දුන්නා.

දීලා කිව්වා "මේ මගේ කවි පොත බන්. මුල්ම එක දුන්නේ රත්න ශ්‍රීට. ඊළඟ එක මම දෙන්නේ උඹට. මේක ගැන facebook එකේ පොඩ්ඩක් දාපන්" කියලා.

මට තිබුණු වැඩත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් අතපසු වුණත් මේ සතියේ ඩොමාගේ කවි පොත ගැන මම facebook එකේ හොඳ campaign එකක් කළා.........

මේ තියෙන්නේ ඒ කවි පොතේ කවියක්.

ඩොමාගේ කවි ගැන අමුතුවෙන් මට කියන්න දෙයක් නැහැ. ඩොමා කාලයක් පත්තරවලට ලියලා පන්නරය ලබපු කවියෙක්. ඒක එයා නිල වශයෙන් පොතකින් එළිදැකීමක් විතරයි මේ සිද්ධ කරන්නේ. මොකද නූතන කාව්‍යකරණයේ යෙදෙන හුඟාක් ඔයා ඩොමාට අඳුනන නිසා, ඩොමාගේ කවි දන්න නිසා අමුතුවෙන් ඩොමාට හඳුන්වාදීමක් අවශ්‍ය නැහැ.

ඉතින් ඔයාලටත් ඩොමා වෙනුවෙන් මම ආරාධනා කරනවා මේ මාසේ 9 වෙනිදා බ‍්‍රහස්පතින්දා හවස 2 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවට [DH එකට] එන්න කියලා ඩොමාගේ පබාවතීට කවක් දොරට වඩින උත්සවයට.

කවියට හිතැති අතදෙන ඔයාලගේ පැමිණීම ඩොමාට හයියක් වෙයි. මේ link එකෙන් ගිහින් ඔයාලගේ පැමිණීම තහවුරු කරන්න.

ඩොමාගේ හිත හොඳකම ගැන මේ කවිය ලිව්වේ තවත් තරුණ කවියෙක් වෙන මහින්ද ප‍්‍රසාද්.

ඩොමා කාව්‍යකරණයේ දිගු ගමනකට උඹට මගේ සුභ පැතුම්..............

ඩොමාට සුභ පතන්න ඔයාලත් කැමති නම් මෙන්න ඉඩ

ප.ලි. මට ඉන්න මේ වගේ දක්ෂ යාලූවෝ ගැන මම මීට කලිනුත් ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතනින් යන්න. මේ වගේ යාලූවෝ ඉන්න එක ගැන මම සතුටුයි වගේම ආඩම්බරයි :)

Wednesday, December 14, 2011

පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........


ගෙදර ඉන්න බැරිකමකට නෙමෙයි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයන කටයුතුවලට තියෙන පරම උද්‍යෝගය නිසාම අපි තුන්දෙනා මම, ස්වීටා, මැදයා එදා කැම්පස් ගියා :) අපි මේ semester එකට දාලා තිබුණු සංස්කෘත auxilary unit එකේ lectures වගයක් exams ඉවර වුණාට පස්සෙත් තිබුණා.

ඉතින් එදා තමයි campus එකට අලුත් නැව එන දවසක. කැලණියේ harbour එකක් හැදුවේ නැහැ :)) සරසවි භාෂාවෙන් නවක සිසුන් campus එකට එන එක හඳුන්වන්නේ එහෙම තමා. අලුත් situationවල හැටියට seniorsලාට campus එකේ ඉන්නත් තහනම් කරලා තිබුණා.

ඒත් උදේ වරුවේ නම් එච්චර ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අලුත් කොල්ලන්ට කෙල්ලන්ට අපේ පහළ batch එක කිරිබත් කවන්න ඇවිත් තිබුණා. අපිත් ඉතින් උදේ lectures ගිහින් ඒක ඉවර වෙලා ගෙදර යන්න පහළට ආවා.

වෙලාව දවල් 1 ට විතර ඇති. ඇඟ කිලිපොලා යන සිද්ධිය ආරම්භ වෙන්නේ දැන් තමා. තෙල් බැම්ම ගාව pavementඑකේ පොලිසියේ set එකක් හිටියා.

"ඔය තුන්දෙනා මෙහෙට එනවා"
එතන හිටිය SI අපිට කතා කළා.

මේ වෙලාව වෙද්දී කැම්පස් එක අපිට තහනම් ප්‍රදේශයක් වෙලා තියෙන්නේ. අනික ලංකාවේ පොලිසියනේ :( මොන කෙලියක්ද වෙයිද මන්දා. ලංකාවේ පොලිසියේ එක ගුටි බැට දීලා ඊට පස්සෙනේ ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි දෙගිඩියාවෙන් ගාවට ගියා.

"තමුසෙලා කාලද ඉන්නේ ?" ඊළඟට SI ඇහුවා.

මට හිතුණා හොඳ කෑමක් සෙට් වෙන්න තමා යන්නේ කියලා. මොකද ඉතින් ලංකාවේ පොලිසිය ඔය කෑම් බීමවලට හරි ප්‍රසිද්ධයිනේ :))

ඕ.පු වෙච්චාවේ කියලා මම කිව්වා "ඔව් සර් කාලා ඉන්නේ" කියලා.

ඇත්තටම ඒ වෙද්දී අපි මැදයා ගාව තිබ්බ බත් එක කාලා තිබුණේ. ඊළඟට SI එතන තිබුණු ත්‍රීවිල් එක ගාවට ගිහින් පෙට්ටියකින් කෑම පාර්සල් 3 ක් අරන් අපිට දුන්නා.


"ආ මල්ලිලා කෑම 3 ක්" කියලා

අපිට නිකම් මොකක්ද මොකක්ද වගේ පොලිසියෙන් කන එක.

"සර් අපිට කෑම එපා අපි කාලා ඉන්නේ"
කියලා මම ආයි කිව්වා.

"මොකක්ද ඕයි මේ හොඳට කන බොන කාලෙනේ. කනවා කනවා කාලා බීලා හැදෙනවා" SI කිව්වා.

පස්සේ man ත්‍රීවිල් එකේ තව පෙට්ටියකට අත දාලා කිරි පැකට් 3 කුත් දීලා කියනවා

"ආහ් මේකත් බොනවා. අපි ගාව තව කෑම තියෙනවා. තව යාළුවෝ ඉන්නවා නම් එන්න කියන්න" කියලා.

අපිත් ඉතින් "Thank you සර්" කියලා bench එකකට ගිහින් ඒක කාලා තමා ගෙදර ගියේ. ඕක තමා කතාව.

පොලිස් SI ට අපිට කෑම නොදී පොලිසියට අරන් යන්නත් තිබුණා එතන එවුන්ට හරි කන්න දෙන්න. කොහොම හරි manට හිතිලා අපිට දුන්නනේ. ඉතින් ලංකාවේ පොලීසියේ හොඳ පොරවලුත් ඉන්නවා කියලයි මට නම් හිතුණේ.

කොහොම නමුත් පොඩි හරි මනුස්සකමක් තිබුණු ඒ පොලිස් නිලධාරියාටයි මේ මල් මිට. මොකද ඇත්තටම බත් එකක් කාලා හිටියත් අපි තුන්දෙනා සුපිරි බඩගින්නක හිටියේ.

අපිට අහන්න ලැබෙන්නේම පොලිස් නිලධාරීන්ගේ කචල් බචල් නේ හොඳ එකකුත් තිබුණොත් ඉතින් කියන්න එපැයි ඒකයි මේ කතාව කිව්වේ.

ප.ලි.:
අපේ බැචෙක් වෙන රශ්මිකගේ තාත්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න වැඩ බලන පොලිස්පති විදිහට පත් කරලා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැනත් මගේ ප්‍රීතිය :)

ප.ප.ලි.: ඉරාජ් අයියා කියන ලංකාවේ පොලිසිය ගැන තියෙන සිංදුව අහලා තියෙනවාද ?? මෙන්න ඒක visual එකත් එක්කම බලන්න :))



Saturday, December 10, 2011

තිළිණයක්ම වූ තිළිණි


මම ආඩම්බරකාර මනුස්සයෙක්. ජනාධිපතිතුමා තමන් ආඩම්බරකාර තාත්තා කියනවා වගේ ඔව් මමත් ආඩම්බරකාර යාළුවෙක් :) මට Campus එකේ, ඉස්කෝලේ, බාලදක්ෂ කණ්ඩායමේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ, Logic Class එකේ, දහම් පාසලේ, ගමේ, මුහුණු පොතේ, සිංහල බ්ලොග් අවකාශේ යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවෝ ගොඩක් ඉන්න නිසාම නෙමෙයි මම ආඩම්බරකාර යාළුවෙක් වෙන්නේ. මගේ යාළුවෝ ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන් නිසයි මම ආඩම්බර වෙන්නේ.

ප්‍රත්‍ය ශතකයේ මෙහෙම කියලා තියෙනවා යාළුවෝ ඉන්න එකේ වටිනාකම ගැන.

අලසස්‍ය කුතඃ ශිල්පමශිල්පස්‍ය කුතො ධනම්
අධනස්‍ය කුතො මිත්‍රමමිත්‍රස්‍ය කුතඃ සුඛම්

ඒ කියන්නේ අලසයාට කවර නම් ශිල්පයක්ද? ශිල්ප නැත්තා හට කවර නම් ධනයක්ද ? ධනය නැත්තා හට කවර නම් යාළුවෙක්ද ? යාළුවන් නැත්තා හට කවර නම් සැපයක්ද ? කියලා.

ඉතින් අද කතාව මට ආඩම්බර වෙන්න පුළුවන් මගේ යාළුවෙක් ගැන. නමින් ඇය තිළිණි චාමිකා සිල්වා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තුන්වන වසරේ දෘශ්‍ය කලා, ප්‍රතිබිම්බ කලා සහ පරිගණක අධ්‍යයනය හදාරන විද්‍යාර්ථියෙක්. ප්‍රථම වසරේ ඉදන්ම මගේ හොඳ යාළුවෙක්.

යාළුවෙක් වුණු විදිහ නම් මට මතකයක් නැහැ. කොහොම නමුත් මම හොඳ යාළුවෙක් කියලා නම් කළේ සැපේදී වගේම දුකේදීත් ළඟින් හිටිය කෙනෙක් නිසා වගේම හොඳ යාළුවෙක් විදිහට අනිත් යාළුවාගේ වැඩ කටයුතු ගැනත් හොයලා බලලා දියුණුව වෙනුවෙන් උදව් කරන යාළුවෙක් නිසා. ඒක මට විතරක් නෙමෙයි එයාගේ යාළු මිත්‍ර සමාගමේ හැමෝටම තිළිණි හොඳ යාළුවෙක් කියන එක හැමෝම දන්නවා.

තිළිණි කියන්නේ මට ආඩම්බර වෙන්න පුළුවන් යාළුවෙක් කියලා විශේෂයෙන් අද කතා කරන්න හිතුවේ තිළිණි මේ ළඟදී දවසක වෙබ් අඩවියක් දියත් කරපු නිසා. තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. එයාගේ චිත්‍ර ඇතුළත් කරලා තමා මේ වෙබ් අඩවිය සකස් කරලා තියෙන්නේ.

ඉතින් තිළිණි මේ ගැන මට කියපු දවසේ මම කිව්වා "මම හිතන විදිහට මගේ යාළු මිත්‍රයන්ගෙන් වෙබ් අඩවියක් ඉස්සෙල්ලාම කළේ තිළිණි තමා" කියලා.

අපි බ්ලොග් ලියනවා තමා ඒවත් වෙබ් අඩවි වුණාට තිළිණි ඊටත් වඩා ඉස්සරහට ගිය වැඩක් කළා කියලයි මගේ හැඟීම. ඒ වගේම තව යාළුවන්ට වෙබ් අඩවි තිබුණත් ඒවා ව්‍යාපාරික අරමුණුවලට සකස් කරපුවා. තමන්ගේ කලා හැකියාව ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් දියත් කරපු එක ඊට වඩා වටිනවා කියලයි මට හිතෙන්නේ.

අනික් විශේෂ දේ තමා Naturub කියන ලෝකය පුරා ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් කරන Company එක ලබන අවුරුද්දට නිකුත් කරන කැලැන්ඩරයට චිත්‍ර අඳින්න තිළිණිව තෝරා ගත්තු එක. ඒකෙන් තිළිණි ජාත්‍යන්තරයටත් ගිය චිත්‍ර ශිල්පිනියක් වෙනවා

තිළිණි දක්ෂ චිත්‍ර ශිල්පිනියක්ද කියලා ඔයාලටත් හිතලා බලන්න පුළුවන් මේ චිත්‍ර ටික බලලා.







ඉතින් එහෙම නම් මෙන්න තිළිණිගේ අළුත් වෙබ් අඩවියට යන පාර http://thilinichamika.com/

මෙන්න තිළිණිගේ Facebook Account එක

මේ තිළිණිගේ Facebook Page එක

දෙවරගම්පොළ සිල්වත් තැන, සෝලියස් මැන්දිස්, මංජු ශ්‍රී පරපුරට එක්වෙන්න යන මේ අංකුර චිත්‍ර ශිල්පිනියට අපිත් සුභ පැතුම් එක් කරමු.

සොබා රූ තෙලි තුඩින්
කැන්වසය මත අඳින
වර්ණ ගල්වා එයට

ජීවයක් කවන ඇය
නමින් තිළිණි වුවද
සැබැවින්ම තිළිණයකි
සිත්තරුන්ගේ ලොවට.........


ප.ලි.: තවත් ආඩම්බර වෙන්න පුලුවන් මගේ යාළුවෙක් ගැන මම මීට කලින් ලිව්වා "පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය" කියලා.

දැක්කනේ මගේ ආඩම්බරකාර යාළු සමාගම :)

Thursday, November 10, 2011

වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන්

අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක සෙට් වෙන්න, වළ බහින්න එන්නේ නැහැ. Lectures එනවා, Lectures ඉවර වුණාම library යනවා පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් අනිත් අපි හතර දෙනා ඉතින් එකටම තමයි.

මේකෙන් සිරාම බුවා නෝබා. නෝබා කියන්නේ card එක. ඇත්තම card එක නෝබට්. කෙටි කරලා තමයි නෝබා කියන්නේ.

-------------------------------------------------------------------------------------------------

අපිත් එක්ක ඉන්න Stat Special කරන පොරක් ඉන්නවා මහේෂ් කියලා. පොරගේ card එක මැකා. මේ අවුරුද්ද පටන් ගත්ත මුලම වගේ මැකා කැම්පස් ආවේ කොණ්ඩේ වවාගෙන. කෙල්ලෝ නම් ඌට කිව්වේ werewolf කියලා :)

දවසක් අපේ History set එක bench එකක වාඩිවෙලා ඉද්දී මැකා පාරේ යනවා.

නෝබා : ඒයි වලස් තොප්පියා (මේ හයියෙන් කෑ ගහන්නේ මැකාට )

මැකා : වලස්සු තොප්පි දාන්නේ නැහැනේ නෝබා ( ඊටත් වඩා හයියෙන් හිනාවෙවී ) :))

-------------------------------------------------------------------------------------------------

මේක වුණේ අපි campus ආපු මුල්ම කාලේ වගේ...........

එකෙක් : මචං උඹේ card එක මොකක්ද ?

නෝබා : නෝබට්

තව එකෙක් : ඇයි බන් උඹට නෝබට් කියන්නේ ?

නෝබා : ඒක තමයි බන්. මට මේ card එක දාපු එකාව අල්ලගන්න තමයි මාත් ඉන්නේ බන් ඌට දෙකක් අනින්න :))

-------------------------------------------------------------------------------------------------


අපේ campus එකේ රාගම තියෙන Medical facultyයෙන් Medical Exhibition එකක් කළානේ. ඒකට යන්න ලොකු උවමනාවක් තිබූණා නෝබට.

නෝබා : මචංලා මොකද කියන්නේ අපි කවද්ද Medical Exhibition එක බලන්න යන්නේ ? සෙනසුරාදා තමයි අන්තිම දවස

ස්වීටා : මට නම් එන්න බැහැ බන්. මට ඕවා තේරෙන්නේ නැහැ

නෝබා : ඔව් ඉතින් උඹට ඕවා තේරෙනවා නම් උඹ මෙතන ඉන්න විදිහක් නැහැනේ. එහෙමනම් උඹත් ඉන්න ඕනේ Medical faculty එකේ Medical student කෙනෙක් විදිහටනේ :))

-------------------------------------------------------------------------------------------------


දවසක් අපිට කලින් batch එකක අක්කා කෙනෙක්ගෙන් past papers වගයක් ලැබුණා. ඒකේ එකක් අතින් ලියපු එකක්. ඒකේ ඊශ්‍රායලය කියන එක ලියලා තිබුණේ ඊස්රායලය කියලා.

නෝබා : ඊශ්‍රායලය කියලා ලියන්න දන්නේ නැහැනේ බන් මුන්. චාටර් ආහ්. ඊශ්‍රායලේ කියලා ලියන්න බැරි නම් පලස්තීනේ කියලා ලියපන්. අල්ලපු රටනේ.

ඒ විදිහටම ස්පාඤ්ඤේ කියලා ලියන්න බැරි නම් පෘතුගාලේ කියලා ලියන්න පුලුවන්නේ :)

නෝබා මෙහෙම කියලා ටික දවසකින් මට ලියාගන්න බැරිවුණු note එකක් ලියාගන්න මම නෝබාගෙන් පොත ඉල්ලා ගත්තා.

නෝබා note එකේ පෘතුගාලේ කියන එක ලියලා තියෙන්නේ මේ විදිහට "පුරුතුගාලය" කියලා :))

-------------------------------------------------------------------------------------------------


History Department එකෙන් Fund Raising Project එකක් විදිහට මේ ළඟදී දවසක කඩයක් කළා. මේ කඩේ බෙලි මල්, අයිස්ක්‍රීම්, අච්චාරු එහෙම තිබුණා.

ඉතින් තම්බපු බෙලිමල් වතුර මුට්ටියෙන් ගන්න හැන්දක් ඕනෙනේ. මේ ගැන ප්‍රශ්න ගොඩක් ආවා කට්ටියට. ප්ලාස්ටික් හැඳිවලට රස්නේ ඔරොත්තු දෙයිද ආදි වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න.

පස්සේ මැදයා කිව්වා "ඕකට ටින් එකක් හයියක් පොල්ලක් ගැට ගහලා හැන්දක් හදාගමු. ඒක තමයි සාර්ථක. කෝකටත් පොල්ලට කෝපි ලී තමයි හොඳ" කියලා.

ඊට පස්සේ තව එකෙක් අහනවා "මේ හදිස්සියේ කෝපි ලී හොයන්නේ කොහොමද ? " කියලා.

අපේ නෝබා කියනවා "කෝපි ලී නැත්නම් බෲස් ලී හරි ජෙට් ලී හරි දාපන්. හරි හයියයි" කියලා :))

Wednesday, November 2, 2011

Exam කාලේ වැඩ කෙරුව තාලේ


Exam කාලේ කියන්නේ නිකම් පිස්සු හැදුණා වගේ කාලයක්. මේ දවසට මේ paper එක අර දවසට අර paper එක කියලා මතක් වෙලා මෙච්චර, අච්චර පාඩම් කරන්න ඕනේ කියලා මතක් වෙද්දී නිකම් මොළෙන් පටන් අරගෙන මුළු ඇඟම හිරි වැටෙනවා වගේ.

කොහොම වුණත් මම මුලින්ම වැඩ කටයුතු පටන් ගත්තේ facebook එකට තිතක් තියලා. ඒත් පස්සේ ඒකට කොමාවක් වැටුණා :))

කොහොම නමුත් exam ලං වෙන්න ලං වෙන්න අනම් මනම් වැඩි වැඩියෙන් හිතෙද්දී ලියවුණු එකක් තමයි මේ.......

මගේ කාමරේ
පොත් ගොඩක් පෙරළා ගෙන
විභාගෙත් අත ළඟ
ඒත් සිංදුවක් අහගෙනම
මොනවද මේ කරන්නේ මම
පිස්සු වගේද මට
හිතා ගන්න බැරි වෙද්දී
මෙහෙම එකකුත් ලියවුණා........

මගේ යාළු හිත මිත්‍රාදීන් කීප දෙනෙක්ටම මේ හෑල්ල sms කළා. උනුත් ඉන්නේ මගේ බෝට්ටුවෙමයි කියලා තමයි පිළිතුරු සමාසවල තිබුණේ. අනිච්චේ දුක්ඛේ. ගහට ගහක් එකතු වෙනවා වගේ, එක වල්ලේ පොල් කියනවා වගේ හරිම සෙට් එකක් තමා :)

මේ දවස්වලම තමා මම facebook එකෙත් දාලා තිබුණු ගද්‍ය පාඨ ඔළුවට ආවේ. ලංකා ඉතිහාසය පාඩම් කරද්දී මේ semester එකේ අපිට තියෙන්නේ දඹදෙණි රාජධානි සමයේ ඉදන් කෝට්ටේ රාජධානි සමය වෙනකම්.

ඔයාලගේ මතකය හොඳ නම් මතක ඇති දඹදෙණි රාජධානිය පටන් ගන්නේ කාලිංග මාඝ කියන දරුණු ආක්‍රමණිකයා නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් එක්ක කියලා. එතකොට ලංකාවේ වංස කතා විශේෂයෙන් මහාවංසය මේ මාඝ කරපූ විනාශය දක්වලා තිබුණු පාඨ ටික අපිට මේ දවස්වල වෙලා තියෙන විනාසෙට convert කළා....

"........... ඉන් පසු ඉතිහාස විෂය හදාරන ශිෂ්‍යයෝ අපි ඉතිහාසය විශේෂවේදි ශිෂ්‍යයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් පාඩම් කළහ. ෂෝට් නෝට් ගැසූහ. බොහොමයක් පුස්තකාලවලට වැදුණහ. පොත් පත් තමන් සතු කරගත්හ. නෝට් සතු ජ්‍යෙෂ්ඨ ජනයාගෙන් සියලු නෝට් ලබාගෙන ඔවුන් දිළින්දන් කළහ.

නිවෙස් හැරදා නේවාසිකාගාරවල පදිංචි වූහ. කරදර කරන්නවුන්ට පහර දුන්හ. මනසට තැලූහ. බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් කාමරවල තන්හි තන්හි විසිරූහ. උගතුන්ගේ කිත් සිරුරු බඳු පුස්තකාල ආදියේ ජීවය බඳු වූ බොහෝ පොත් අතුරුදහන් කළහ.............
"

මේවාට අදාල ඇත්ත ඒවා ටිකත් කියන්නම්කෝ................

"............ ඉන් පසු ඔහුගේ ලෝ වැසියන් පෙළන කුරිරු මහා යෝධයෝ අපි කේරළ යෝධයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් මිනිසුන්ගේ සළු පළඳනා කොල්ලකෑහ. අත් පා සිඳ ලූහ. ඔවුන්ගේ ගෙවල් බොහොමයක් බිඳ ලූහ. ගව මහිෂාදීන් තමන් සතු කොට බැඳ ගත්හ. මහ ධනවත් වස්තු හිමි ජනයා බැඳ වධ දී සියලු ධනය පැහැර ගෙන ඔවුන් දිළින්දන් කළහ........

විහාරවල පදිංචි වූහ. උපාසකයන්ට පහර දුන්හ. දරුවන්ට තැලූහ.......... බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් ලණුවෙන් මුදා තන්හි තන්හි විසිරූහ. ශ්‍රද්ධාවන්ත පෙර දරුවන්ගේ කිත් සිරුරු බඳු වූ රත්නාවලී ආදී ශෝභාසම්පන්න සුවිශාල චෛත්‍ය බිඳ හෙළා සුන් කොටැ ඒ චෛත්‍යවල ජීවය බඳු වූ බොහෝ ශාරීරික ධාතු අතුරුදහන් කළහ........"



දවසක් රෑ වෙනකම් පාඩම් කරද්දී ආහ් ඔය රෑ කිව්වේ 11 ට විතර වගේ පට්ට නිදිමත time එකනේ. ඒත් කවියක් වගේ එකක් කෙටුණා. කෙටුණා කියලා කිව්වේ මේවා කොළවල ලිය ලිය ඉන්නේ නැහැ. එතකොට කපන්න කොටන්න ඕනෙනේ. ඒක නිසා phone එකෙන් type කරලාම දාපුවාම වැඩේ ඉවරනේ. වන් රොක් ටූ බර්ඩ්ස්නේ :))

රාත්‍රිය සුන්දරයි
දෙනෙත් මගේ නිදිබරයි
මගේ ඇඳ මට පෙනෙයි
පාඩම්ද කළ යුතුයි
නමුදු
නිදියන්න කාලයයි

අන්තිමටම exam එකට හොඳටම ලං වෙද්දී ලියුවුණු කවියක් වගේ එකක් තමා මේ

නිදි මැරුවා නම් දෑසින් පෙනේවි
බත් කෑවා නම් කුසයෙන් දැනේවි

වෙහෙස මහන්සි නම් ගත පෙන්නාවි

පාඩම් කළා නම් results එනවිට පෙනේවි


අන්තිමට වගේ ලියුවුණු කවිය ටිකක් ලස්සනට rhyme වෙලා ආපු නිසා හිතුණා ඒකත් facebook එකට දාන්න. ඒකෙන් තමා හරි වැඩේ වුණේ.

පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

මේක wall එකේ ලිව්වත් හරි සුභාෂිණී අක්කා කින්ඩියට වගේ අහලා තිබ්බා මම නොවැම්බර් 1 වෙනකම් facebook එන්නේ නැහැ කියලා ඇයි මේ ආවේ කියලා. ඊටත් වඩා හොඳම දේ තමා එයත් මේ කවියට return කවියක් ලියලා තිබුණා.

පාඩමට නැත සිත
ෆේස්බුක්මයි බැළුව හැමවිට

වැදි බණ කියවමින

ඉන්න අය කොහේ යයිද ඇත්තට

කොහොමද ඒක......................

කොහොමින් කොහොම හරි යහතින් විභාගේ ලියා ගත්තා. Resluts එනකොට හැංගෙන්න බිත්තර කට්ටක් කෝකටත් හොයා ගන්න ඕනේ. කොහොමත් results එන්න ටිකක් කල් යයි. නොවැම්බර් 15 අපේ 3rd year එකත් පටන් ගන්නවාලු. මේ නිවාඩු පාඩු දවස් ටිකෙත් වැඩ එමට.

මේ හෑලි කියවලා මහන්සිත් ඇති. මේ අන්තිම චුට්ට කියන්න යන්නේ. පහුගිය දවස් ටිකෙත් හොඳ හොඳ කතා ටිකක් එකතු වුණා. ඒ වගේම පරණ ලියපු කතා ටිකකුත් ඇති. ඒ ඔක්කොමත් එක්ක එනවා එනවාමයි. අම්මපා, ඇස් දෙකපා, දෙයියම්පා :))

-----------------------------------------------------------------------------------------------

අතුරුපස කතාව

Exam කාලෙට ඉතින් දෙයියො බුදුන් මතක් වෙනවානේ. කොහොම නමුත් මගේ අතේ පිරිත් නූල් ගොඩක් තියෙනවා exam කාලෙට. පේෂ කර්ම සංස්ථාවෙන් මාව අල්ල ගනී කියලා ඒ කාලෙට මම හැංගිලා ඉන්නේ :))


කොහොම හරි මගේ මේ අතේ තියෙන පිරිත් නූල් ටික දැක්කාම අපේ campus එකේ කෙල්ලෙක් කියනවා

"හසිතගේ අතේ මහ පිරිතයි, අනිත් පිරිත් ටිකයි විතරක් නෙමෙයි 84,000 ක් ධර්මස්කන්ධෙම තියෙනවානේ" කියලා.

බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි :))

මම මීට අවුරුද්දකට කලිනුත් මෙහෙම අතුරුපස කතාවක් කිව්වා. කැමති නම් ඒකත් බලන්නකෝ

ප.ලි.: අද ලියලා තියෙන්නේ මම exam එකට කලින් ලියපු කවිනේ. මේ තියෙන්නේ exam එක වෙලාවේ මම ලියපු කවි. කොහොමද ඒක :))