Monday, May 2, 2011

ලේ වෙනුවෙන්........



"මචං A negative ලේ හොයාගන්න ඕනේ වෙලා තියෙනවා. පුලුවන් උදව්වක් කරපන්."

කියලා ඩොමාගෙන් sms එකක් ඇවිත් තිබුණා පහුගිය සතියේ දවසක හවස. මගේ ලේ B positive ජාතිය. ඉතින් මම දන්න කියන කීප දෙනෙක් බැලුවත් A negative ලේ තියෙන කෙනෙක් හිටිය නැති නිසා මම ඩොමාට කතා කළා මොකක්ද මේ සීන් එක කියලා දැනගන්න.

"සිත්තරාගේ තාත්තට බයිපාස් operation එකක් කරනවා, ඒකට A negative ලේ තියෙන 4 දෙනෙක්ගේ ලේ ඕනේ කරලා තියෙනවා" කියලා ඩොමා කිව්වා.

දැන් මේ කතාවේ ඉන්නා ඩොමා ඒ වගේම සිත්තරා කියන චරිත දෙකම අපේ කැම්පස් එකේ අපේ batch එකේ කොල්ලෝ දෙන්නෙක්. ඉතින් පහුවෙනිදා උදේ වෙද්දී ලේ හොයාගන්න ඕනේ වුණු නිසා මාත් වැඩේට බැස්සා.

මේ වැඩේට උදව්වක් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙන හැම එකාටම විස්තරේ කියලා message එකක් දැම්මා. ඒ ගමන් facebook එකේ status එකක් විදිහටත් මම ඉන්න හුඟාක් groups වලත් මේක ගැන ලිව්වේ එහෙම හරි උදව්වක් ගන්න හිතාගෙන.

හුඟාක් අය පුලු පුලුවන් විදිහට සප් එක දීලා තිබ්බා. මේ වෙලේ රනිල් අල්ගම අයියා quiz එකක් විදිහට කට්ටියගේ ලේ වර්ගය හොයලා තිබ්බ නිසා ඒකෙනුත් A negative ලේ තියෙන කීප දෙනෙක් හොයා ගන්න පුලුවන් වුණා. එයාලටත් විස්තරේ කියලා messages දැම්මා.


කොහොම හරි ඊට පහුවෙනිදා හවස ඩොමා message එකක් එවලා තිබුණා "හරි මචං කට්ටිය හොයාගත්තා. තැන්ක්ස්" කියලා. ඒ වගේම සිත්තරාත් රෑ වෙලා message එකක් එවලා තිබුණා "තෑන්ක්ස් මචං මහන්සි වුණාට. අද ලේ හොයාගත්තා. හෙට එක කරනවා. කරපු උදව්ව පින්" කියලා.

තාත්තගේ operation එක කරපු දවසේ හවස මම සිත්තරාට කතා කරලා විස්තර ඇහුවා "ඒ වෙද්දී operation එක හොඳට කරලා තාත්තා ICU එකේ ඉන්නවා. හෙට උදේට තමා සිහිය එන්නේ" කියලා සිත්තරා කිව්වා. ඒ වගේම සිත්තරා කියපු ඒවයින් මගේ හිතට හුඟාක් වැදුනේ "අපි පාරේ තොටේදී කතා කළාට එච්චරම ෆිට් නැහැනේ. මම හිතුවේ නැහැ උඹ මෙච්චර උදව්වක් කරන්න එයි කියලා. තැන්ක්ස් මචං" කියන එක.

මම කිව්වා "අපි වෙනුවෙන් අපි. ඕනේ උදව්වක් කියපන්. පුලුවන් විදිහට කරලා දෙන්නම්" කියලා. ඇත්තටම ලොකු සතුටක් ආවා යාලුවෙක් වෙනුවෙන් යුතුකමක් කලානේ කියලා.


සැපේදීත් දුකේදීත් යාලුවොත් එක්ක ඉන්න. තමන්ට කරන්න පුලුවන් උපරිමෙන් උදව් කරන්න. දිවංගත S.W.R.D. බණ්ඩාරනායක අගමැතිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "මිනිසාගේ පරම යුතුකම වන්නේ මිනිසාට සේවය කිරීමයි" කියලා. අපි පුලු පුලුවන් හැම වෙලේම පුලුවන් උදව්වක් අනිත් අයට කරමු. නිරාමිස සතුටක් ලබන්න අපිටත් හැකිවේවි.

ලේ දන්දීම ගැන කතා කළොත් ඒක ලොකු පුණ්‍ය කර්මයක් විදිහට තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පවා බෝසත් කාලේ ලේ දන්දීම් කරපු බවයි කියවෙන්නේ.

සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමංස මදාසි දානං
මෙරුප්පාණ වධිඤ්ච සමෝලි සීසං
ඛෙනාරකාධි කතරං නයනං අදාසී

මේ ගාථාවේ තේරුම තමයි බෝසතාණන් වහන්සේ මහා සාගරයේ ජලයටත් වඩා රුධිරයත්, මහා පොළොවටත් ශරීර මාංශත්, මහාමේරු පර්වතයටත් වඩා ඔටුණු සහිත් හිස් මෙන්ම අහසේ තරුවලටත් වඩා ඇස් දන්දුන්නා කියන එක.

ඉතින් 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය තියෙන මේ වර්ෂයේ ලේ දන්දීමේ පිංකමක් සංවිධානය කරන්න. ඒ වගේම ලේ දන්දීමේ සුදුකම් සපුරලා තියෙන කෙනෙක් නම් මාස 4 කට වරක් ලේ දන්දෙන්න ඔයාලටත් පුලුවන්.

අඛණ්ඩ රුධිර දායකයා ජාතියට සම්පතක් කියලා තමයි ජාතික ලේ බැංකුව නම් කියන්නේ...........

ප.ලි. : සිත්තරාගේ තාත්තාට මේ වෙද්දී සනීපයි කියලා තමයි මම පෙරේදා සිත්තරාට කතා කරපු වෙලේ දැනගන්න හම්බුණේ. ඒ වගේම ලේ දන්දීම ගැන හොඳ post එකක් අපේ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන එකේ වාට්ටුව ලියන ඉන්දික අයියා දාලා තිබුණා. ඒකත් කියවලා බලන්න

28 comments:

  1. මගේ ලේ වර්ගයත් බී+.මම්ත් ලේ දීල තියනව.හිතට ලොකු සතුටක් දැනෙනව ඒ ගැන මතක් වෙද්දිත්.ආයෙත් ලේ දෙන්න ආසාවෙන් ඉන්නෙ.

    ReplyDelete
  2. මුකුත් හිතන්න එපා ඕං. මාක් අවුරුද්දකට දෙකකට කලිං ලේ දෙන්න ගිහිං නෝන්ඩි වුනා බර මදි කියලා... ඊට පස්සේ නම් තාම යන්න බැරිවුනා... මාත් හෙන ආසාවෙන් ඉන්නේ ලේ ටිකක් දෙන්න....

    ReplyDelete
  3. මමත් හරි ආසයි ලේ දෙන්න එත් මගෙන් ගන්න ලේ ටිකට ටව පයින්ට් දෙකක් විතර එකතු කරලා ආයේ මටම දෙන්න වෙයි... ගෝල්ඩ් ෆිෂ් වගේ නොන්ඩි වෙන්න මම යන්නේ නෑ ඉතින්.. එත් කවදා හරි මම ලේ දන් දෙනවා............

    ReplyDelete
  4. කොල්ලාද නිත්‍ය රුධිර දායකයෙකි. රුධිර වර්ගය ඕ නෙගටිව්ය

    ReplyDelete
  5. මගෙත් ලේ ජාතිය B+.. මම හිතන්නෙ මම කරන කරන වැඩේ කෙලවෙන නිසා සැලෙන්ඩ එපා කියල දෙයියො ලේ වලම ලියල එවලා.. B positive :(

    ReplyDelete
  6. මටත් බර මදි සීන් එකම තමා. ඒත් මමත් කවද හරි දෙනවා.

    කෙනෙකෙ සතුටකදි ලබන සතුටට වඩා සතුටක් ලබන්න පුලුවන් දුකකදි හදවතින්ම පිහිට වෙලා. ඒ සතුට තමා ප්‍රභල මට හිතෙන විදියට. මම කැමතිත් ඒ දේට.

    ReplyDelete
  7. මමත් තවම එක වතාවක්වත් ලේ දන්දීලා නෑ .. ඊලඟ වතාවේ නම් අනිවා මාත් එකතුවෙන්න ඕන . අවස්ථාවන් ඕන තරම් තිබුනා ඒත් මම ලේ දන්දෙන්න වැඩිය උනන්දුවක් දැක්වුවේ නෑ . ගිය මාසේ මගේ සීයට අසනීප උනාම තමයි වැඩේ තේරුනේ ....

    ReplyDelete
  8. අනේ මම මේ කතාව කලින් දැක්කෙ නෑනෙ..
    හරිම සතුටුයි යාලුවගේ තාත්තට සනීප වුන එකට

    ReplyDelete
  9. හරිම සන්තෝශය් කල වැඩේ ගැන. ෆේස් බුක් එකේ ඉල්ලීම දැකල මම පිළිතුරක් එව්වා, මන් ඉන්න දිහාවේ හැටියට උදව්වක් කරන්න බැරි එක ගැන කනගාටුව ප්‍රකාශ කරලා. මමත් 4 හෝ 5 වතාවක් ලේ දන් දීල තියෙනව.

    ReplyDelete
  10. ඇත්තටම ලේ දන් දෙන එක මහා පුණ්‍ය කර්මයක්.නමුත් අවාසනාවකට වගේ මට ඒ දේ කරන්න බෑ.මගේ ශරීර ප්‍රමාණයේ හැටියට මං ලේ පයින්ටි එකක් දුන්නොත් මට දෙකක් හම්බුවෙනවා.ශුවර්....
    මමත් උඹ එවලා තිබ්බ පණිවිඩේ කීපදෙනෙකුට දුන්නා.උන් මොනා කලාද දන්නෑ.කොහොමවුනත් තාත්තට සනීපයි නම් එච්චරයි.

    ReplyDelete
  11. මම AB+. ඒත් කවදාවත් ලේ දීල නෑ. අපි පිටරට පදිංචි කාරයො නිසා ලංකාවෙදි ලේ ගන්නෙ නෑනෙ!

    ReplyDelete
  12. මගේ A+ ඕන වෙලාවක උදව් කරන්න ලෑස්තියි, ඕන කෙනෙක්ට, 5 වතාවක් විතර දීලා තියෙනවා.

    ReplyDelete
  13. හොඳ පොස්ට් 1ක්..මගෙත් O-..උදව්වක් ඔනේ නම් කියන්න...

    ReplyDelete
  14. @නදී...

    තමන්ගේ ලේ ඇඟෙන් එළියට බටේ දිගේ යද්දී එන හැඟීම දැනගන්න නම් ලේ දීලාම බලන්න ඕනේ තමා. කොහොමත් එක පාරක් ලේ දීපු කෙනෙක් තව පාරක් ලේ දෙන්න වෙන පෙළඹවීම හුඟාක් වැඩියි :)

    ReplyDelete
  15. @prasanna86k

    අවුරුදු 2 ක් කියන්නේ ගොඩ කාලයක් නේ. මේ වෙද්දී 50 kg වලට වඩා බර වැඩි ඇති මට හිතෙන විදිහට. බලන්නකෝ ලේ දෙන්න පුලුවන්ද කියලා.......

    ReplyDelete
  16. @හසී

    රන්ජන් රාමනායකටත් කොල්ල කාලේ ලේ දෙන්න ගිහින් ගත්ත පයින්ට් එකට අනිත් පැත්තට පයින්ට් 2 ක් දෙන්න වෙලා තියෙනවාලු :))

    හොඳ බලාපොරොත්තුවක් අක්කේ. ඉක්මණට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  17. @අළුත් කොල්ලා

    එළ එළකිරිය. කොල්ලා වගේ අය ජාතියට සම්පතකි

    ReplyDelete
  18. @රත්නේ

    ලංකාවේ වැඩියෙන් ඉන්නේ B+ කාරයෝ වගේ. ම්ම්ම් සැලෙන්න එපා ලොක්කා. මාත් සැලෙන්නේ නැහැ B+ නිසා

    ReplyDelete
  19. @තාරක Dilsh@n

    ඒක ඇත්ත අයියා. කාට හරි දුකකදී තමා පිහිටවෙන්න ඕනේ. ඒක තමා වටින්නේ..... ඔයාටත් ඔයාගේ යහපත් බලාපොරොත්තුව ඉක්මණට ඉටුකරගන්න ලැබෙන්න කියලා පතනවා.

    හොඳ හොඳ ජාති කාලා ඇඟ හදාගන්න............ :))

    ReplyDelete
  20. @හිස් අහස

    ඒක ඇත්ත අඛණ්ඩ රුධිර දායකයා සම්පතක්ලුනේ. වැඩේ අතාරින්න එපා දිගටම ලේ දෙන්න

    ReplyDelete
  21. @Observer

    ඒකත් ඇත්තටම වටිනවා තමන්ට ඒකට සම්බන්ධ වෙන්න පුලුවන්ද බැහැද කියන එකත්.

    ඒ විදිහට හරි මේ ගැන අවධානය යොමු කරපු එක ගැන ස්තුතියි :)

    ReplyDelete
  22. @මකුළුවා......

    මෙයත් රන්ජන් රාමනායකගේ වගේ පොරක්නේ. හොඳට කාලා ඇඟ හදාගත්තා නම් හරි :))

    කොහොම වුණත් මේ වැඩේට දායක වුණු එක ගැන ස්තුතියි සහෝ :)

    ReplyDelete
  23. @ඉන්දික උපශාන්ත

    ඒකත් එහෙමද අයියා... ඒ රටේදී ලේ දන්දීමේ ව්‍යාපාර වගේ ඒවා කරන්නේ නැද්ද ????

    ReplyDelete
  24. @uwiniran

    අනිවාර්යයෙන්ම සහෝ. උදව්වක් ඕනේ වුණොත් මම මතක් කරන්නම්

    ReplyDelete
  25. මම අයියනම් වෙන්න බෑ. මේ තාම පොඩි එකා... :D

    ReplyDelete
  26. oona welawaka kiyanda O+
    0783871678

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................