මුලින්ම මම කතා කරන්න යන්නේ මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ කියලා. මොකද මට කීප දෙනෙක්වම හම්බුණා සම්බුද්ධ ජයන්තියයි සම්බුද්ධත්ව ජයන්තියයි දෙකම එකක් කියලා හිතන.
මුලින්ම සම්බුද්ධ ජයන්තිය ගැන කතා කළොත් මේ 2555 වෙනි සම්බුද්ධ ජයන්තිය එහෙමත් නැත්නම් ශ්‍රී බුද්ධ වර්ෂ 2555. මේ 2555 ගණන් ගැනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ ඉදන්. ඒ කියන්නේ තවත් තේරෙන විදිහට කිව්වොත් මේ වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2555 වෙනවා.
එතකොට මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ. මේ වසරේ සමරන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය. මේ 2600 ගණන් ගැනෙන්නේ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉදන්. මේ වෙද්දී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600 ක් වෙනවා.
එතකොට මේ වෙන්නේ සංඛ්‍යා ගුණාකාරයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේව සිහිපත් කිරීමක්. ඒත් මේ කාර්යය කොච්චර ඵලදායකද වැඩදායකද කියන එක මට ලොකු ගැටළුවක්. විශේෂයෙන්ම බෞද්ධයෝ විදිහට අපි හුඟාක් වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නේ, ඒ වගේම කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරවලට වඩා හාත්පසින්ම වෙනස් විදිවලට. ඒ කරුණු එකින් එක විමසලා බලමු.
බුදුරජාණන් වහන්සේ කියන්නේ නිශ්ශබ්දතාවය අතිශයින්ම අගය කරපු උත්තරීතර ශාස්තෲවරයෙක්. ඒ වගේම උන් වහන්සේගේ මග අනුගමනය කළ ඒ කාලේ වැඩ සිටිය ශ්‍රාවකයන් වහන්සේලා නිහඬතාවය අගය කරපු හැටි ඒ අනුව කටයුතු කරපු හැටි ගැන ඕන තරම් උදාහරණ තියෙනවා.
උදාහරණයක් විදිහට බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක විදිහට කටයුතු කරපු ආනන්ද තෙරණුවන් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ක දේවකටසොබ්භ ස්ථානයට වැඩම කරපු වෙලාවේ එතැන සිටිය සන්දක කියන පිරිවැජියා තමන්ගේ පිරිසට මෙහෙම කිව්වාලු
"කෑ ගහන්න එපා, ශබ්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයකු වූ ආනන්ද තෙරණුවන් එනවා. ඒ තෙරවරු නිහඬ බව, ශාන්ත බව ප්‍රිය කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම නිශ්ශබ්දව ශාන්තව සිටිය යුතුයි" කියලා.
ඒ වගේම බුදුරදුන් ඇතුළු මහා සංඝ රත්නයේ උපශාන්තව බව, ඉඳුරන් දමනය ගැන පැහැදුණු ඛෙණිය කියන ප්‍රසිද්ධ ජටිලයා බුදුපාමොක් මහ සඟනට දන් පිරි නැමුවා කියලා සුත්ත සේල නිපාත සූත්‍රයේ දැක්වෙනවා.
ඉතින් ඒ විදිහට නිශ්ශබ්දතාවය ප්‍රිය කරපු ශාස්තෲවරයාව සිහිපත් කරලා අපි කරන වෙසක් සැමරීම්වලදී අපි කරන්නේ විශාල ඝෝෂාවක්. දන්සලක් හරි පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් එතන තියෙන්නේම මහා ඝෝෂාවක් නේද ????
ඒ වගේම බුදු හාමුදුරුවෝ තරම් පරිසර හිතකාමී විදිහට කටයුතු කරපු වෙන ශාස්තෲවරයෙක් නැතුව ඇති. බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් වෙන ඉපදීම, බුදුවීම, මංගල දම් දෙසුම පැවැත්වීම, පිරිනිවන් පෑම වගේ සිදුවීම් සිදුවුණේ උයන්වල එහෙමත් නැතිනම් ගස් කොළන් පිරිලා තිබුණු වටපිටාවක.
ඒ වගේම උන් වහන්සේ වාසය කළෙත් වේළුවනාරාමය, ජේතවනාරාමය වගේ උයන්වල පිහිටවලා තිබුණු ආරාමවල. තම්න්ගේ දේශනාවල උපමාවලටත් උන් වහන්සේ පරිසරය හුඟාක් වෙලාවට යොදා ගත්තා.
ඒත් වර්තමානයේ උන් වහන්සේ සිහිපත් කරලා කරන යම් යම් කටයුතුවලින් වෙන පාරිසරික විනාශය ගැන ඇත්තටම මට කණගාටුයි. තොරණ් ඉදිකරන්නම කොච්චර නම් පුවක් ගස් කපලා දානවා ඇද්ද ??? වෙසක් කාලයක් ඉවර වුණාට පස්සේ කොච්චර නම් කුණු කසළ ගොඩක් පරිසරයට එක් වෙනවද ???
දන්සල් හරි තොරණ් හරි පහන් කූඩුවක් තියෙන තැනක් හරි ගත්තොත් හුඟාක් වෙලාවට වෙන්නේ මහා විශාල ඝෝෂාවක් එතන ඇති කරන එක. ඒ වගේම අන්තිමට හොඳ මත්පැන් ජාතියකින් සප්පායම් වෙන එක. දන්සල් වගේ ඒවායේ නම් ගැටුම් ඇතිවෙන්නත් ඒක මුල් වෙනවා.
දන්සල්වල වෙන තව දෙයක් තමා දන්සල කරලා ඉවර වෙලා හොඳ බයිලා සිංදු ටික දාගෙන පැත්තම දෙවනත් වෙන්න dance කරන එක. එහෙම බලද්දී දන්සලෙන් වෙලා තියෙන්නේ හුඟාක්ම ආතල් ගැනිල්ලක් තමා.
ඒ වගේම පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් ඒකෙන් ජාතක කථාවක් හරි බුදුරදුන් සම්බන්ධ වෙනත් කතාවක් ගැන කියවුණත් හුඟාක් දෙනා ඒවා බලනවාට වඩා අහනවාට වඩා වෙන අරමුණුවලට තමා මේවාට එන්නේ. තේරෙන්නම කිව්වොත් තොරණ කතා වස්තුව බලනවාට වඩා තොරණ බලන්න එන වස්තු බලන්න තමා හුඟාක් අය යන්නේ......
මේ වගේ අවස්ථාවලදී තවත් පිරිසක් කරන්නේ සිල් සමාදන් වෙන එක. වෙසක්, පොසොන් වගේ විශේෂ පෝයක් හරි සම්බුද්ධත්ව ජයන්තිය වගේ එකක් මුල් කරගෙන මෙහෙම සිල් ගත්තත් ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබෙනවාද කියන එක සැකයි.
එක් දිනයකට විතරක් මේ විදිහට සිල් සමාදන් වෙලා අනිත් දවස්වල සුපුරුදු විදිහට කටයුතු කරනවා කියන්නේ අවුරුද්දේ එක දවසක් විතරක් නාලා අනිත් දවස් ටිකේ මඩේ ඉන්නවා වගේ වැඩක් ඒක තව පැත්තකින් අගය කිරීමක් කරන්නේ එක දවසකට හරි එහෙම කරන්න පුලුවන් වුණානේ කීයලා. අනේ මන්දා ඒක නම්................
පන්සලේ ධර්ම ශාලාවේ බොහෝ දෙනෙක් එක්ක හිරවෙලා පොඩිවෙලා සමාදන් වෙන ආරක්ෂා කරන අෂ්ඨාංග සීලයක් ගැනත් හිතන්න නම් අමාරුයි.
මේ වගේ ඒවා දැක්කම මට හිතෙන්නේ සිල් ගන්න එකත් දැන් trend එකක් එහෙමත් නැත්නම් විලාසිතාවක් වෙලාදෝ කියලා
හුඟාක් පන්සල්වලින් වුණත් සිද්ධ වෙන්නේ මිනිස් සිත් නිවාලන වැඩ නෙමෙයි. අනිත් පන්සලට වඩා හොඳ තමන්ගේ පන්සලේ වෙසක් පින්කම් කරන්න ඕනේ. වැඩි වැඩියෙන් පන්සල අලංකාර කරන්න ඕනේ, වැඩි වැඩියෙන් කොඩි දාන්න ඕනේ, මිනිස්සු වැඩියෙන් පන්සලට ගෙන්න ගන්න ඕනේ වගේ වැඩ.
වෙළෙන්දෝ වුණත් වෙසක් පොසොන් කියන්නේ තමන්ගේ ආදායම් මාර්ග තර කරගන්න හොඳ ඉල්ලමක් කියලා හිතලා වෙසක් කූඩු, වෙසක් කාඩ්, ආදිය විකුණලා හොඳ ගාණක් හම්බ කරගන්නවා. රූපවාහිනි, රේඩියෝ ආයතනවල අයත් වෙළෙඳ දැන්වීම් ආදියෙන් උත්සාහ කරන්නෙත් ගාණක් උපයගන්න. ඒක නිසයි මට හිතුණේ වෙසක් පෝයත් වාණිජකරණය වෙලා කියලා.
මේ විදිහට කටයුතු කරලා වෙසක් පොහොය එහෙමත් නැත්නම් මේ වසරේ තියෙන 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉවර වුණාට පස්සේ අපි ඇත්තටම මොකද කළේ කියලා හිතලා බලන්න වෙනවා.
2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියන වාක්‍යයේ පිළිවෙතින් කියන කොටස ඇරෙන්න අනික් ටික වෙලා තියෙනවා කියලා හිතේවි. පහන් කූඩු හදන්න, තොරණ් හදන්න, දන්සල් දෙන්න පෙළ ගැසිලා හිටියත් පිළිවෙතින් පෙළ ගැසීමක් වුනාද කියන එක තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න.
කලින් දක්වපු විදිහට කරන ආමිෂ පූජා බුදු හාමුදුරුවෝ බැහැර කළේ නැහැ. ඒත් උන් වහන්සේ වැඩියෙන්ම අගය කළේ ප්‍රතිපත්ති පූජාව. ඒ කොහොම වුණත් ආමිෂ පූජාවකින් වුණත් අපේක්ෂා කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුනුරුවනේ ගුණ සිහිපත් කරලා කටයුතු කරන එක.
ඒත් මේ දවස්වල වෙන පහන් කූඩු, තොරණ්, දන්සල් වගේ කටයුතු වෙන්නේ ඒ ගුණයන්ට උපහාර විදිහට ඒත් නැත්නම් වෙන අරමුණුවලටද කියන එක විමසලා බලන්න ඕන දෙයක්
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා උපවත්තන සල් උයනේ සකස් කරපු යහනක සැතපිලා ඉදිද්දී බොහෝ දෙනා මල් සුවඳ දුම් ආදියෙන් උන් වහන්සේට පූජා පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ධම්මාරාම කියන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් රහත්වීමේ අපේක්ෂාවෙන් භාවනා කරන්න පටන්න ගත්තා.
ඒ බව බුදුරදුන්ට දැනුම් දුන්නාම උන් වහන්සේ වදාළේ නොයෙක් නොයෙක් ආමිෂ පූජාවන්වලින් තමන් වහන්සේ පුදනවාට වඩා ධම්මාරාම භික්ෂුව සිදු කරන ප්‍රතිපත්ති පූජාවෙන් තමා පිදීම වඩා උතුම් කියලා.
බුදුරදුන් වදාළ තවත් ප්‍රසිද්ධ කරුණක් වෙන්නේ "යෝ ධම්ම පස්සති - වො මං පස්සති....." ආදී ලෙස දක්වපු ධර්මය දකින්නා බුදුන් දකී, බුදුන් දකින්නා ධර්මය දකී ප්‍රකාශය තවත් සැළකිල්ලට ගත යුත්තක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අනුව කටයුතු කරන එක තමා පිළිවෙතින් පෙළ ගැසීමට අදාළ වෙන්නේ.
අවම වශයෙන් මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගන්නවා නම් පිළිවෙතින් පෙළ ගැසීමක් විදිහට ගන්න පුලුවන්.
බුදු දහම කියන එක පරම්පරාවෙන් එන වටිනා මැණිකක් පෙට්ටගමක දාලා ආරක්ෂා කරන විදිහටයි හුඟාක් අය පරිස්සම් කරන්නේ එහෙමත් නැත්නම් උප්පැන්න සහතිකේ ආගම බුද්ධාගම කියන එකට විතරයි හුඟාක් අය සීමාවෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් උත්සාහ කරමු.
බුදුරජාණන් වහන්සේව සිහිපත් කරලා උන්වහන්සේට කරන හොඳම ගෞරවය එහෙමත් නැත්නම් පූජාව වෙන්නේ ඒක. ඒක කරන්න තව කල් දාන එක මෝඩකමක්. ලෝ වැඩ සඟරාවේ 28 වෙනි කවිය ඒකට උදාහරණයක්.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මේ ඔක්කොම මේ දවස් ටිකේ වටපිටාවේ වෙන දේවල් එක්කම මට හිතුණු දේවල්. කොහොම වුණත් ඔයාලත් හිතලා බලන්න. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ ඉදන්වත් මේ ගැන ටිකක් හිතලා බලන්න.
කොහොම වුණත් මේ විදිහට කටයුතු කරන්න සම්බුද්ධත්ව ජයන්තියක්වත් වෙසක් පොහොයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ වෙන්නේ අපි ඒ මොහොතේ ඉදන් හරි ක්‍රියාත්මක වීම.
කාලෝ අයං තේ..........
කියවන්න තවත් අපේ බ්ලොග් සහෘදයෙක් ලියපු බුද්ධ ජයන්තිය හා tc bs පරපුර post එක, W3 Lanka blog එකෙත් මේ ගැන හොඳ post එකක් තිබුණා. කියවන්න ඒකත් ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි.
බුදු දහම ගැන මම මීට කලින් ලියපු posts කියවන්න කැමති නම්............
2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ගැන තව විස්තර :
http://sambuddhatvajayanthi.com/
http://www.buddhistcc.net/building_complex.asp
බුදු දහම ගැන මම මීට කලින් ලියපු posts කියවන්න කැමති නම්............
2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ගැන තව විස්තර :
http://sambuddhatvajayanthi.com/
http://www.buddhistcc.net/building_complex.asp
හ්ම් ඒක ඇත්ත... අපිට බුදු දහම වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න විශේෂ දවසක්ම එනකං ඉන්න ඕනේ නෑ... හැම දවසක්ම විශේෂ කරගන්න අපිටම පුළුවන් කරන වැඩ අනුව.
ReplyDeleteහැමදාම යහපත් සිතුවිලි එක්ක ජීවත්වෙන්න උත්සහ කරන එකයි වෙන්න ඕනෙ.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත කොලුවෝ.. මේව දැකල හිත කලකිරව ගන්නව එහෙම නෙමේ ඕං......
ReplyDeleteඇත්තටම 1000% එකඟයි.... මම හිතුවේ මෙහෙම හිතන අය නෑ කියලා...ඇත්තටම මෙවාදැකලා කල කලකිරෙනවා... තව දෙයක්.. හාමුදුරුවොත් සල්ලි, බලය පස්සෙ යන එක හින්දා....මිනිස්සුන්ට හරි පාරට ගන්න කවුරුවත් නැතිවෙලා තියෙන්නේ.... අනික තමා මුලදර්ම වාදි බුදුදහමක් ප්‍රසිද්ද කරන්න හදන කිරිබත්ගොඩ හාමුදුරුවෝ....අසපු හදාගෙන කරන විකාර දැක්කහම හිනා යනවා...ඒ අසපුවක හාමුදුරු නමක් ඉන්නවා මගේ class mate එයා ගොඩක් වෙලාවට FB එකේ.... අනේ ඉතින් කාට කියන්නද?? තව ඔය වගේ ගොඩක් තියනවා....
ReplyDeleteමාරක ලිඳයි සැන්ඩෝයි . මැරිගෝ රවුමයි , කතුරු ඔන්චිල්ලාවයි . අපේ පැත්තේ පොඩි එවුන් වෙසක් කීවාම කතාවෙන්නේ ඔන්න ඕවා ගැන . වෙසක් එකට මේවා තියන්න දෙන එක තමා වරද .. වෙසක් දවස සැනකෙලි දවසක් වෙන්න දෙන්නේ කොහොමද ? දැනටම මෙහෙමනම් තව කාලෙකින් .
ReplyDeleteඔයා හරි වෙසක් දැන් මාර්කට් වෙලා ..හැබැයි අපි හැමෝම වග කියන්න ඕන ඒකට
ධර්මයේ හැසිරෙන්න වෙසක් දවසම ඕනෙද ?
ReplyDeleteවෙසක් දවසට වත් කී දෙනෙක් ධර්මයේ හැසිරෙනවා ද ?
වැඩි පුරම ඉන්නේ ධර්මයේ (හැසි)රෙන අය නේද ?
ලස්සන පින්තුර ටික මල්ලි කොහෙන්ද හොයා ගත්තේ....?
ReplyDeleteසිරා කතාව මචං ...ඒකේ ආයේ දෙකක් නැහැ....දැන් වෙසක් market වෙලා තමයි.....ඒත් මචං ඔතන අපි සතුටු වෙන්න ඕන පැත්තකුත් තියෙනවා බං.....මොකද මචං තොරණක් ගහන්න පුවක් ගස් සැහෙන්න තොගයකට කෙලවෙනව තමයි...ඒක ඇත්ත ....ඒ වුනාට උබ අවංකවම හිතපන් ඔයවගේ තොරණක් ගහන්න කොච්චර මහන්සියක් වෙන්න ඔනෙද කියලා...මචං බලපන් ඔය වැඩ වලදි සමහර උන් දවස් ගාණක් නිදාගෙන නැහැ...ඒ බං උන්ට තියෙන කැහිල්ල නිසා නෙවේ නෙද මචං....අපි හැමතිස්සෙම කතා කරන්නේ දැන්කාලේ උන් කරන වැරදි විතරයි.....මම දැන් උන් කරන ඒවා සාධාරණිකරනය කරන්නෙ නැහැ...දන්සල් වලදි වුනත් එහෙමයි.....දැන්කලේ කොල්ලො දන්සලක් දෙනකොට අනිවා මහහයියෙන් සිංදුවක් දාලා අතල් එකක් ගන්නවා...අපිට පෙනේන්නේ ඔය ටික එ වුනාට උන් ඕක දෙන්න වුන මහන්සිය අපිට පෙනෙන්නේ නැහැ....මේක මචං කාලේ අවුල....මුන් මේවා ඔහොමවත් කරන එක ලොකු දෙයක් බන් මේ කාලේ හැටියට.....මොකද තව කලෙකින් ඔය දන්සැල්,තොරණ් වගේ එවත් අපි අතරින් නැති වෙලා යන්න පුලුවන්.......
ReplyDeleteඋබේ බ්ලොග් එක කියෙව්වට අද තමයි පලමු වතාවට කමෙන්ට් කලේ.....හොද ලිපියයක් මචන්.... දිගටම ලියපන්......
මචං උඩ මම දාපු comment එකේ කැල්ලයි වැටුනේ පුලුවන්නම් ඒක අයින් කරල දාපන්
ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ReplyDeleteඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.
ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.
W3 Lanka blog එකෙත් මේ ගැන හොඳ post එකක් තිබුණා. කියවන්න ඒකත් ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි.
ReplyDeletehttp://w3lanka.blogspot.com/2011/05/blog-post_18.html
ReplyDeleteDilshan සහෝදරයගෙ කතාවට මාත් එකගයි..
ReplyDeleteමොකද අපිට මේ හැම දෙයකම වැරදි හොයන එක ලේසියි...
ඒත් මේවගෙ වෙලාවකට හරි රටම එක අරමුනකට එන එකවත් මදෑ සතුටු වන්න..
නැතුව මේ උඩ කියන දේවල් වෙයි කියල මේ වගේ කලෙක බලාපොරොත්තු වෙන එක නිකම්ම නිකන් දවල් හීනයක් විතරයි..
@prasanna86k
ReplyDeleteඒක ඇත්ත අද අදම තමන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ
@නදී...
ReplyDeleteහිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන්නේ ඒකනේ :)
@මාතලන්
ReplyDeleteහිත කළකිරව ගන්නේ නැහැ. ලෝක සොබාවය මේකයි කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා
@Ranga Kausahala weerasinghe
ReplyDeleteඒක නිසා බුදු හාමුදුරුවෝ දේශනා කරපු විදිහට සිහි නුවණින් හිතලා බලලා තමන්ගේ විමුක්තිය උදා කරගන්න කටයුතු කරගන්න ඕනේ.
අපිට හැමෝමව හදන්න බැහැ වගේම මේ කතාව බලෙන් තේරුම් කරවන්නත් බැහැ. කොහොම නමුත් මම කියන්න හදපු දේ තේරුම් ගත්ත තවත් අය ඉන්න එක ගැන මටත් සතුටුයි
@හිස් අහස
ReplyDeleteඅපි හැමෝම සුළු සුළුවෙන් හරි වගකියන්න ඕනේ කියන එක මාත් පිළිගන්නවා. ඒත් ඒ වැරැද්ද හදාගන්න පුලුවන් මට්ටමකද තියෙන්නේ කියන එක සැක සහිතයි.
කොහොම නමුත් බුදු හාමුදුරුවෝ ලෝකෝත්තර සුවය ලබාගත්තු වෙසක් දිනය අද කාලේ හුඟාක් අයට ලෞකික සුවයක් ලබාදෙන දිනයක් බවට පත්වෙලා හමාරයි
@චතුරංග පෙරේරා | chathuranga Perera
ReplyDeleteබුදු දහම තමන්ගේ පුද්ගලික අදහස් එක්ක එකතු කරගෙන කතා කරන් අය ඉන්නවා තමා. එයාලා තමා ඔයා කියන විදිහට ධර්මයේ (හැසී) රෙන අය.
ධර්මයේ හැසිරෙන්න අමුතු දවසක් ඕනේ නැහැ. ඒකට අද මේ මොහොත වුණත් සුදුසුයි..............
වෙසක් පෝය දවසේදීවත් එහෙම වෙනවා නම් හොඳයි. ඒත් වෙලා තියෙන්නේ වෙසක් පෝයත් වාණිජකරණයට ලක් කරලා විලාසිතාවක් විදිහට කටයුතු කරනවා ඇරෙන්න පිළිවෙතින් පෙළ ගැසීමක් දැකගන්න ලැබෙන එක දුර්ලභ කරුනක් වෙලා තියෙන එක.
@manjula uggalla
ReplyDeleteපින්තූර ඔක්කෝම ටික අන්තර් ජංජාලෙන් හොයාගත්තු ඒවා තමා අක්කේ. මොකද හදිසියේම එහෙම එකක් හිතුනේ ??
@Dilshan
ReplyDelete"ඔයවගේ තොරණක් ගහන්න කොච්චර මහන්සියක් වෙන්න ඔනෙද කියලා...මචං බලපන් ඔය වැඩ වලදි සමහර උන් දවස් ගාණක් නිදාගෙන නැහැ...ඒ බං උන්ට තියෙන කැහිල්ල නිසා නෙවේ නෙද මචං..."
කැහිල්ල නිසා නොවන බව ඇත්ත නිදි මරාගේන් තොරණ් ගහන්නේ සමහරු මුදලට, නැතිනම් බෝතලයට.
ඇත්තටම උවමනාවෙන් තොරණ ගහන කෙනෙක් හිටියා කියමු. ඒ තොරණේ කතා කරන කතා වස්තුවෙන් තමන්ගේ ජීවිතයට යමක් අරගෙන ජීවිතය සාර්ථක කරගත්තු අය කීයෙන් කී දෙනාද ඉන්නේ???
"දැන්කලේ කොල්ලො දන්සලක් දෙනකොට අනිවා මහහයියෙන් සිංදුවක් දාලා අතල් එකක් ගන්නවා...අපිට පෙනේන්නේ ඔය ටික එ වුනාට උන් ඕක දෙන්න වුන මහන්සිය අපිට පෙනෙන්නේ නැහැ...."
මහන්සි වෙලා කළත් කොහොම කළත් ඒ වැඩේ කරන්න ඕනේ විදිහක් තියෙනවා. අවබෝධයක් අරමුණක් නැතිව වැඩ කරන එක හරි අවදානම්.
එහෙම බලද්දී තොරණ් ගහන එක, දන්සල් දෙන එක කාලයක් තිස්සේ කරගෙන ආපු නිසා කරන්නන් වාලේ කරන එකක් ඇරෙන්නේ අවබෝධයකින් කරන අය කීයෙන් කී කීදෙනාද ???
බුදු දහමේ මූලික සංකල්පයක් වෙන සිහිය එහෙමත් නැතිනම් සතිය කියන් එක මේ වැඩවල ගැවිලාවත් නැහැ වගේනේ.
මම කතා කරන දේවල් පරමාදර්ශී වෙන්න පුලුවන්. ඒත් මම හිතන විදිහට නිවැරදි බෞද්ධයෙක් අතින් වෙන්න ඕනේ විදිහ මේක නෙමෙයි.
කාලේ හැටි මේක වුණාට කාලයත් එක්ක ඔහේ ගලා යන එකෙනෙ වැඩක් වෙනවද කියන එකත් මට ගැටළුවක්
@Kathandara
ReplyDeleteවටිනා කියන කතාවක් කුඩා කවියකට සීමා කරලා. ස්තුතියි කසූ බෙදා හදා ගත්තාට
@Kasun Tharanga
ReplyDeleteමේක වැරදි හෙවීමක් නෙමෙයි බෞද්ධයෝ විදිහට අපි කරන්නේ මොනවද කියලා හිතලා බැලීමක් විතරයි. වැරදිද හරිද කීයන එක තීරණ කරන තීරකයා වෙන්න ඕනේ තමන්.
රටම එක අරමුණකට ආවත් කරන වැඩේ නිවැරදිව වෙන්නේ නැත්නම් වැඩක් නැහැ නොවැ.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කීයලා කියනවා නම් පිළිවෙත අයින් කරලා පෙළ ගැසුණොත් ඒ වැඩේ පලක් තියෙනවාද ??
උඩ තියෙන ඒවා සමහර විට දවල් හීන එහෙමත් නැත්නම් පරමාදර්ශී වෙන්න පුලුවන්. ඒත් එහෙම හිතන එකම කෙනා මම නොවන බව මේ දවස් ටිකට මට තේරුම් ගන්න පුලුවන් වුණා.
දිල්ෂාන් සහෝදරයාගේ අදහස ගැන මගේ අදහස කියවලා බලන්න ඒකෙනුත් ඔයා මතු කරන දේවල්වලට පිළිතුරු ඇති
Mata wenda athi hondama wesak. Palathema Light giya.. Thoran hinda wenna athi.. Mulu palaathema sadda badda nathi una. Puduma niskalanka bawak.. Teledrama balanna bari unata samahara ayata nam hithata honda nae wage. eth mata nam api inne anda kaare kiyana dee bohoma thadin hithata danuna... Ekawath mathak wenawana deyak wenawanam...
ReplyDelete@Anonymous
ReplyDeleteඔබ හරි. ඇත්තටම මෝහෙන් වැහුණු ගන අන්ධකාරෙක අපි ඉන්නේ. ඒකෙන් මිදෙන්න හරි අමාරු වෙන එක තමා ගැටළුව