මම ඉගෙන ගන්න දේත් එක්කම මම කැමතිම අංශයක් ගැන තොරතුරු බෙදාගන්න එක අරමුණු මුල් කරගෙන මම පටන් ගත්තු බ්ලොග් එක තමා e-අටුවාව කියන්නේ. ඒකෙන් උත්සාහ කරන්නේ විශේෂයෙන් ලංකාවේ පිහිටලා තියෙන ඒත් එතරම් මහජන අවධානයකට ලක්වෙලා නැති ඒත් අපේ උරුමයත් එක්ක බැඳිලා තියෙන ඓතිහාසික ස්ථානවල තොරතුරු කට්ටියත් එක්ක බෙදා ගන්න.
එච්චර ලිපි ප්‍රමාණයක් මේකේ ලියවිලා නැත්තේ ඒකට ආවට ගියාට ලියන්නේ නැතිව කරුණු කාරණා හොයලා බලලා ලියන්න ඕනේ නිසා. මොන බාධක තිබුණත් ලිපි කීපයක් ලියාගන්න පුලුවන් වුණා :))
මේ වෙනකොට අටුවාවේ ලියවිලා තියෙන ලිපි තමා මෙන්න මේවා
සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.
- ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
පොතුවිල් මුහුදු මහා විහාරය
ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.
ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටලා තියෙන ඉපැරණි පූජනීය ස්ථානයක් විදිහට මැද්දේගම රජ මහා විහාරය හඳුන්වන්න පුලුවන්. කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයෙන් කිරිඳිවැල මාර්ගයෙන්, ඒ වගේම කොළඹ - රත්නපුර මාර්ගයේ හංවැල්ල නගරයෙන් කිරිඳිවැල මාර්ගයේ ඇවිත් මැද්දේගම අමිතිරිගල මාර්ගයේ පැමිණීමෙන් මැද්දේගම රජ මහා විහාරයට පැමිණෙන්න පුලුවන්.
අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.
ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.
නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.
ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.
නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.
කැම්පස් එකේ වැඩ කටයුතු ටිකක් වැඩි වුණු නිසා වගේම විභාග කටයුතුත් තිබුණු නිසා මාස ගාණක් අලුතෙන් මොකවත් ලියන්න වුණේ නැහැ. ඉතින් දැන් විභාගෙත් ඉවර නිසා කාලයක් තිස්සේ ඉදන් ලියන්න ඕනේ කියලා හිතේ තිබුණු අනුරාධපුර දක්ඛිණ ථූපය ගැන ලිව්වා.
අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.
මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.
මේ ස්ථූපයේ තියෙන විශේෂත්වය තමා දුටුගැමුණු රජතුමා ආදාහනය කරපු ස්ථානයේ මේ ස්ථූපය ඉදි කරලා තියෙන එක. ඒ වගේම 1950 දශකයේ මේ ස්ථානයේ කරපු කැණීම්වලින් දුටුගැමුණු රජතුමාගේ කියලා නිගමනය කරන භෂ්මාවශේෂ හොයාගන්න පුලුවන් වුණු එක.
මේ භෂ්මාවශේෂ ඒ සොයාගත් අවුරුද්දේදී ප්‍රදර්ශනය කළා කියලා පත්තරේක තිබුණත් ඊට පස්සේ ඒවාට මොකද වුණේ කියලා පත්තරේ තිබ්බද කියලා මතක් කරන්න හැදුවට මතක් වුණේ නැහැ.
මේ ලිපිය blog එකේ පළ කරලා ටික දවසකට පස්සේ කැම්පස් එකේදී අපේ History Department එකේ Senior batch එකක අක්කා කෙනෙක් කිව්වා මේ දවස්වල ජාතික කෞතුකාගාරයේ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කරනවා.
ඉතින් මට සතුටුයි ඒ ගැන එහෙම ප්‍රදර්ශනයක් ගැන දන්නේ නැතිව වුණත් ලියපු එක ගැන. සඳුදා දිහාට ඒ පැත්තේ යන්නත් කියලා හිතාගෙන ඉන්නේ භෂ්මාවශේෂ දැකබලා ගෙන එන්න. 31 වෙනකම් ඒ ප්‍රදර්ශනේ කරනවා කියලා තමා ආරංචි.
ඔන්න මේක තමා e-අටුවාවේ advertisment එක :))
ඉතින් පුලුවන්කමක්, වෙලාවක් තියෙනවා නම් e- අටුවාව පැත්තෙත් ගොඩවෙලා අදහසක් දක්වලා යන්න.
e-අටුවාවේ නවතම ලිපි ගැන දැනුවත් වෙන්න එකතු වෙන්න e-අටුවාව මුහුණු පොතේ සමූහයට
හුගදවසකින් අටුවා ටිකක් බලන්න බැරි උනා. ඉස්සරහට දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. කලින් ලිපි ඔක්කොම වගේ කියවලා තියෙනවා.
ReplyDeleteකැළනියේ උපාධිය කරලා පස්සේ ඇඩ්වටයිසින්වල වැඩ කරන්න ගිය පොරක් ඔය වගේ තැන් ගැන පොත් දෙක තුනක්ම ලියලා තියනවා.
ReplyDeleteඑකක් මට මතට විදියට ටැම් විහාර ගැන.
කතෘ ගේ නම දැන් මතකයට එන්නේ නෑ, සෑහෙන කලකින් මුණ ගැසිලා නැති නිසා. හරි ආවා, කුසුම්සිරි.
කොච්චර කාලෙකින්ද මේක අප්ඩේට් වෙන්නේ අප්පා....මෙහෙම සද්ද නැතුව තියන්න එපා අයියේ මේක...අපරාධයක්...
ReplyDeleteකොලුවෝ මේක දිගටම කරගෙන පලයන්.. උඹ ලියන ක්‍රමේට් මමනම් කැමතියි. මේ වගේ බොග් වලට කොමෙන්ට් වැටෙනව අඩුයි.. නමුත් මමනම් බලාපොරොත්තු වෙන්නෙත් වැඩියෙන්ම කියවන්නෙත් මේ වගේ බොග්. ඉතිහාසෙට මම කොයි තරම් ආදරේද කියල උඹට මගේ බොගේ පටන් ගන්න තැනින්ම පේනවනේ.. අපි දන්නෙ නැති උනාට ප්‍රසිද්ධ තැන් වලත් සැඟවිච්ච තොරතුරු කොච්චරද...
ReplyDeleteමේක ලියන ගමන්ම පුලුවන්නම් ජනවහරේ එන කටකතා ගැනත් වෙනම එකක් දාපන්...
ජයවේවා....!!!!!
දිගටම ලියන්න.
ReplyDeleteමල්ලි ලියන e-අටුවාවට මම හරි කැමතියි. ලංකාවෙ හිටිය නම් මමත් යනව 31ට කලින් කෞතුකාගාරෙ පැත්තෙ. :'(
ReplyDeleteදිගටම ලියන්න මල්ලී. අපිටත් තොරතුරු ලැබුණොත් විශේෂ තැනක් ගැන, අපිත් එවන්නම් e-අටුවාවට.ඔබට ජයෙන් ජය!
ReplyDeleteපැය භාගයකින් වන්දනාවේ ගියා වගේ...දිගටම ලියන්න...අපි නොදැක්ක..අපි නොදන්න කොයි තරම් වැදගත් තැන් ඇද්ද මේ පුංචි රට ඇතුලෙ
ReplyDeleteදුහුවිලි පිහලා ආයෙමත් ඊ අටුවාව පුවරලා ගන්න .. හසිත සහෝදරයා දැන් ටිකක් ලියන්න කම්මැලියි වගේ නේද ? කැම්පස් එකේ වැඩ අධික හින්දද මන්දා ?
ReplyDeleteඔන්න ඔයාගේ අර නෑදෑයා විපුල් දැන් ඔයාගේ බ්ලොග් එක කියවන්න පටන් අරං ..දැන් පොර උදේ ඉඳන් බ්ලොග් කියවනවා .. පොරටත් පේන්න මොනාහරි දිගටම ලියන්න ..
ලංකාවේ මේ තියන සමහර තැන් මම කවදාකවත් දැකලා නෑ ඉතින් ඒ වගේ තැන් මේ විදිහට හරි අපිට බලන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද ..
අනර්ඝ වැඩක්. දිගටම කරගෙන යන්න, මම දන්න තොරතුරු ටිකකුත් තීනව රුවන්වැලි සෑයෙ කැනීම් සහ දක්කිණ තූපය සොයා ගැනීම ගැන. ඉඩ තීන වෙලාවක ලියල එවන්නං.
ReplyDeleteApe loka urumaye sangaunu than Hasitha malli Apuruwata Pinthurath ekkala Ediripath karala thibenawa.
ReplyDeleteAgaya karamu Me sevawa.
hamotama Ekase Vadagath wenawa.
Ape loka urumaye sangaunu than Hasitha malli Apuruwata Pinthurath ekkala Ediripath karala thibenawa.
ReplyDeleteAgaya karamu Me sevawa.
hamotama Ekase Vadagath wenawa.
Bandula Wijesiri
හරිම වටිනා වැඩක් මල්ලි . මොන හේතුවකට හරි මට අටුවාව මග ඇරිලා. හිමින් කියවල අදහස් ලියන්නම්කො.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහොඳ වැඩක්!
ReplyDeleteඅයියා දිගටම ලියන්න, අපි අනිවා ඒ පැත්තෙ එනවා.......
බොහොම ස්තුතියි සවියක් වුණු හැමෝටම :)
ReplyDelete