Tuesday, May 31, 2011

මහින්දා මාමා අපේ මාමා

අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් දවසක කිව්වා. මතක නැති අය ගිහින් බලලා එන්නකෝ

ඒත් මට නම් මහින්ද මාමාව මතක් වුණේ දහම් පාසලේදී. කතාව මෙහෙමයි. මේ ලඟකදී අපේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. මේකෙදී ස්තුති කතාවක් හරි මොකක් හරි කතාවක් කරන්න අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක මල්ලිටත් පැවරිලා තිබුණා. අපරාදේ කියන්න බැහැ හොඳ කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක්.

ත්‍යාග ප්‍රදානෝත්සවයට hall එක හදලා තිබුණු හැටි

මෑනුත් කතාව හොඳට කරන්න ඕනේ නිසා පොඩි හාමුදුරුවන්ගෙත් උදව් අරගෙන හොඳ කතාවක් එහෙම හදාගෙන කරලා එහෙම තමා ඇවිත් තිබුණේ. කතාව ඉතින් පටන් ගත්තා කියමුකෝ.

කතාවේ මැද හරියක තිබුණා ප්‍රසිද්ධ කවියක්. මට මතක විදිහට කවිය තියෙන්නේ අලගියවැන්න මුකවෙටිතුමා ලියපු සුභාෂිතය කියන පොතේ. කවිය තමා

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු

මලයා කවියේ මුල පටන් ගත්තත් හරි දෙවෙනි පදය මෑන්ට මතක් වෙන්නේ නැහැ. පොර නිකම් පරණ ග්‍රැමෆෝන් එකක තැටිය එක තැන කැරකෙනවා වගේ ඊළඟ පදේ මතක් කරන්න ට්‍රයි එක. අන්තිමට පිටිපස්සේ හිටිය කෙනෙක්ද කොහෙදෝ කවියේ මිස් වුනු කෑල්ල මතක් කරලා දුන්නු නිසා වැඩේ ගොඩ දා ගත්තා.

ඉතින් මට මේ වෙලේ මතක් වුණේ දවසක් මහින්ද මාමාටත් මේ වගේ අකරතැබ්බක් වෙලා මාමා ඒකෙන් ගොඩගිය හැටි.

මේකේ වුණේ 2007 අවුරුද්දේ. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ සමරපු උත්සවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරේදී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපරාදේ කියන්න බැහැ හොඳ කන්න බොන්න නම් තිබුණා. ජනාධිපතිතුමා ගමේ මනුස්සයානේ ආගන්තුක සත්කාර හොඳට දන්නවා. හරි කතාවට එමුකෝ.

මහින්ද මාමා තමන්ගේ කතාවේදී කිව්වා ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන්ගේ කවියක් මෙන්න මෙහෙම.


බාලදක්ෂයිනි, මේ අවස්ථාවේ මට මතක් වෙනවා කවියක් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් රචනා කරපු............

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
නුඹයි මගේ පුතා උතුම්

ඉතින් කොහොම හරි මාමාට එක පදයක් මිස් වුණා. කතාව උවමනාවෙන් අහගෙන හිටපු නැති අයට නම් මීටර් වුණාද දන්නෙත් නැහැ. කොහොම හරි පදයක් මිස් වුණා.

ජනාධිපතිතුමා ග්‍රැමෆෝන් තැටි වාදනය කරන්න ගියෙත් නැහැ මොකුත් අනම් මනම් නැහැ. මතක් වුණු ටික කියලා දැම්මා. කොහොම හරි දැන් කවියේ පදයක් මිස් වුණානේ. ඒක හැදුවේ මෙන්න මෙහෙම

එහෙමනම් බාලදක්ෂයිනි මගේ කතාව අවසන් කරන්න කලින් කලින් මම සඳහන් කරපු කවිය නැවතත් සඳහන් කරන්නම්

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම් [ මේ පදේ ජනාධිපතිතුමා හොඳට බර දාලා ඇඳලා කිව්වේ :))]
නුඹයි මගේ පුතා උතුම්

කියලා කතාව ඉවර කළා. ඔන්න ඕවයි සාර්ථක කථිකයන් ගාව තියෙන ජිල්මාට් වැඩ කියලා මට හිතුණා.

කොහොම වුණත් කතාවක් කරද්දී මොකක් හරි අමතක වුණා කියලා එතනම ඉන්නේ නැතිව ඉස්සරහට යන එක සාර්ථකයි මාත් හිතන විදිහට. විභාගෙක වුණත් ප්‍රශ්නෙකට උත්තරයක් දන්නේ නැත්නම් ඒ ප්‍රශ්නේ ගැන හිත හිත ඉන්නේ නැතිව අනිත් ඒවාට යන්න ඕනේ

හැම මනුස්සයෙක්ගේම චරිතෙන් උකහාගන්න දෙයක් තියෙනවා නම් ඒක උකහා ගන්න එක හැදෙන මනුස්සයෙක් ගති ලක්ෂණයක්

36 comments:

  1. සුදු වෑන් එකක් එන්න ඇවිත් ආපහු ගියා යන්තම්..

    ReplyDelete
  2. මහින්ද මාමා වැඩ කාරයා. යුද්දෙත් නවත්තලා දුන්නනේ. ඒ වගේම මග නැගුම ගම නැගුම එහෙමත් කරනවනේ.

    ReplyDelete
  3. ජීවිතෙත් එහෙමයි ..පුංචි වැරදීම් ලොකුවට නොහිතා මොනවා හරි කරණමක් ගහන එකයි හපන්කම.

    ReplyDelete
  4. True. A person we can learn a lot from. A guy well suited for his role.

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම කතාවක් කරද්දී ගීතයක් ගායනා කරද්දී එරුනොත් කිසිවෙලාවක ආපහු කරකවන්නේ නැතුව කියලා දැම්මම ඉවරයි...හැබැයි මේකට අත්දැකීම් ඕනෙ වෙනවා...ඒකයි සීන් එක...ආධුනිකයෙකුට එකපාර මේ වැ‍‍‍ඩේ කරන්න බෑ....

    ReplyDelete
  6. ඉවසන්නට පුලුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    ReplyDelete
  7. ලොකු ලොකු ඇත්තොන්ටත් වරදිනවා එතකොට නේද..?

    ReplyDelete
  8. කාගෙ කාගෙන් හරි හොද දෙයක් අපේ ජීවිතේට එකතු කරගන්න පුලුවන් නම් ඒකයි වෙන්න ඕනෙ.

    ReplyDelete
  9. ලොක්ක දස්සය.. ඒ වගේම කට්ටය..

    ReplyDelete
  10. ඉතින් මල්ලි දෙවනියට කියපු කවිය හරි නේද?

    ReplyDelete
  11. මිනිස්සුන්ටනෙ මල්ලි වරදින්නේ , දෙවෙනි පාර හරියට කිව්වනෙ , ඉතින් මොකෝ මල්ලි

    ReplyDelete
  12. @පිණිබිඳු...

    ඒක තමා පිණිබිඳුට තමා ඒක තේරුණේ :))

    ReplyDelete
  13. @මධුරංග

    වැඩකාරයා වගේම හුඟාක් දේවල් තමන්ට අවශ්‍ය විදිහට හසුරුවාගන්න දක්ෂයෙක්

    ReplyDelete
  14. @Bindi

    ඒත් හැම වැරැද්දම මේ විදිහට හදන්න බැරි එකයි ගැටළුව අක්කේ :(

    ReplyDelete
  15. @ශාන්.....

    ආධුනික කථිකයෙක්ට මේක නම් බැහැ කියන්නම අමාරුයි නේද ? ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකටයි කියලයි මට හිතෙන්නේ.

    කොහොමත් ආධුනික කෙනෙක් පළපුරුදු මට්ටමට එද්දී මේ වගේ දේවල් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා

    ReplyDelete
  16. @Anonymous 2

    ඉවසනවා කියලා ඕනෑවට වඩා ඉවසන එකත් ගැටළු ඇතිවෙන්න පුලුවන්. ඒක නිසා වෙන්න ඇති "වැදි කොල්ලෝ නාග රාජයාව දර මිටි බඳින්න ගත්තා වගේම වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා වගේ කතා හැදෙන්න ඇත්තේ........

    ReplyDelete
  17. @prasanna86k

    ගුරුන්ටත් අකුරු වරදී කිව්වා වගේ ලොකු ලොකු අයටත් වරදිනවා. සමහරු ඒක නොදැනෙන්න හදාගන්නවා. තවත් සමහරු ඒක හදාගන්න ගිහින් තව අනාගන්නවා. තවත් සමහරුන්ට වැරැද්දක් වුණාද කියලාවත් තේරෙන්නේ නැහැ......

    ReplyDelete
  18. @නදී

    ඒක ඇත්ත හැම මනුස්සයාගේම චරිතයෙන් අපේ ජීවිතේට මොකක් හරි පාඩමක් ඉගෙන ගන්න පුලුවන් කියන අදහසේ තමයි මාත් ඉන්නේ.......

    ReplyDelete
  19. @මාතලන්

    දකුණේ මිනිස්සු නොවැ. හරිය :))

    ReplyDelete
  20. @manju

    ඔව් අක්කේ. කලින් කියන්න බැරිවුණු තුන්වෙනි පදෙත් එක්ක අන්තිමට හරියට කවිය කිව්වනේ

    ReplyDelete
  21. @බුද්ධික කසුන්

    මම මේ කතාවෙන් කියන්න හදපු එක ඔයාට හරියට තේරිලා නැහැ වගේ අයියා. මම කියන්න හැදුවේ සාර්ථක කථිකයෙක්ගේ ලක්ෂණයක් ගැන අනිත් අයට කියන්න.

    මේකෙන් වැරැද්දක් පෙන්නන්න හැදුවා නම් අන්තිමට හරියට කිව්ව කියන එක මට නොකියා ඉන්නත් තිබුණානේ

    ReplyDelete
  22. වැරදුනාට පස්සේ තව තව බොරු ගොතන්න ගියොත් එතනම වැඩේ අල වෙලා යනවා . ඔයා කියලා තියන විදිහට මහින්ද මාමා අහගෙන ඉන්න කෙනාට දැනෙන්නේ නැතිවෙන්න වෙච්ච වරද හදලා තියනවා .
    මම හිතන විදිහට මාමා දීර්ඝකාලක් තිස්සේ කතා පවත්වන කෙනෙක් නිසා ඕනම දේශනයකදී රැස්වීමකදී අනාගන්නේ නැතිව කතා කරන්න පුලුවන්

    ReplyDelete
  23. @හිස් අහස

    ඒක තමා ඒ දවස්වල රූප පෙට්ටියෙන් අපි දන්න කියන හුඟාක් අය කිව්වේ සංවේදී පළපුරුදු නායකයෙක්ව පත් කරන්න කියලා :)

    ReplyDelete
  24. එතුමා ස්ථානොචිතව අවස්ථානුකූලව කථා කරන්න බොහොම දක්ෂයි. =D>
    නමුත්.... වාක්‍යය කෙට්යෙන් ඉවරකරන්නෙ නැතිව එකිනෙක දිගට joint කර කර ගිහිල්ලා අල කරගන්නවා නේද..... X_X

    ReplyDelete
  25. මටත් ඔය අමතක වෙන වැඩේ හරියට වෙනව... සමහර වෙලාවට ප්‍රසන්ටේෂන් කරද්දි ස්ලයිඩ් පිටින් ස්කිප් කරපු වෙලාවල් තියන්ව..බලන් ඉන්න කෙනාට තෙරෙන්නේ නැතුව...

    ReplyDelete
  26. @Turcy

    ඒක ඇත්ත තමා. සාම්පූර් අල්ල ගත්ත වෙලේ ජනාධිපතිතුමා මොකක් හරි රැස්වීමක හිටියේ ඒක කියාගන්න වචන ජොයින්ට් කර කර හෙණම සෙල්ලම්ක් දැම්මා තමයි :))

    ReplyDelete
  27. @නදුන් උයන

    ෂාහ් මෙයාටත් ඒ දස්කම තියෙනවා වගේ. දේශපාලනේ කරන්න එහෙම අයිඩියා එකක් නැද්ද :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................