Thursday, May 19, 2011

දිලුම් හෙවත් ඉලංදාරියා


ඉලංදාරියාගේ නිහඬ ලොව බිඳින්න සිව් දෙසින් ඇදෙන සයිබරයේ මිතුරු රළ පෙළට ඔබත් එක්වන්න.

කියන මේ බැනරය කාලයක් ඒ වගේම තාමත් අපේ බ්ලොග්වල ඉහළින්ම තියෙන එකක්. ඒ සිංහල බ්ලොග් අවකාශදී ගොඩනැඟුණු සහෝදරකමක් වෙනුවෙන්, ඔක්කෝටම වඩා මනුස්සකම වෙනුවෙන් අපි හැමෝම කරපු දෙයක්.

මේ අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා දිලුම් එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න ඉලංදාරියා නිහඬ ලොව බිඳින්න post එකෙන් එයාගේ ප්‍රශ්නේ ගැන සයිබර අවකාශෙටම කිව්වට පස්සේ හැමෝම දිලුම්ට උදව් කරන්න එකා වගේ පෙළ ගැහුණා.

මම දන්න විදිහට ticket එකක් මුද්‍රණය වුණා, ඒ වගේම මැද පෙරදිග ඉන්න බ්ලොග් සහෘදයන් පැදුරු සාජ්ජ්යක් පැවැත්වුවා, ඒ ඔක්කොමත් එක්කම මටත් සහභාගි වෙන්න ලැබුණු සයිබරයේ සිහින බක් මහ උළෙලේ ආදායමත් සම්පූර්ණයෙන්ම වෙන කළේ ඉලංදාරියාගේ සැත්කම වෙනුවෙන්.


සයිබරයේ සිහින බක් මහ උළෙලේදී ඉලංදාරියා [ඡායාරූප ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරාගෙන්]

සිහින බක් මහ උළෙලෙදී කවුරුදෝ පෙන්නුවා වගේ මතකයි "අර ඉන්නේ දිලුම්, ඉලංදාරියා බ්ලොග් එක ලියන" කියලා. ඒත් ඉලංදාරියා එක්ක මට කතා කරන්න නම් වුණේ නැහැ.

ඊට පස්සේ සැත්කමට කරන්න දිලුම් රෝහල ගතවෙන්න ඉන්න බව අප්‍රේල් 4 වෙනිදා දිලුම් ලියපු තවත් එක කඩ ඉමක් කියන post එකෙන් දැනගන්න හම්බුණා. ඊට පස්සේ පහුගිය දවසක සිංහල යුනිකෝඩ් සමූහයේ ලිපියකින් දිලුම් තාමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියන එක දැනගන්න හම්බුණා.

අද උදේ facebook එකට log වුණාම දැනගන්න ලැබුණේ දිලුම් අපි අතරින් සමුගත්තා කියලා. ඒ ගමන් මට මතක් වුණේ පහුගිය අවුරුද්දේ ජූලි 25 වෙනිදා මේ විදිහට අපෙන් සමුගත්තු සහෘද බ්ලොග්කරුවෙක් වුණු තම තම නැණ පමණින් බ්ලොග් එක ලියූ කුමුදු ලාල් පින්තු මහත්මයාව.

කුමුදු ලාල් පින්තු මහතා

ඒ ගමන් මතක් වුනා ශ්‍රීමත් හෙන්රි රයිඩර් හැගාඩ් ලියපු ඇලන් ක්වාටර්මේන්ගේ කතා එකතුවෙන් අවසන් කෘතියේ ඇලන් කවාටර්මෙන් තමන්ගේ අවසන් මොහොතේදී තමන් එක්ක ගවේෂණ චාරිකාවල යෙදුණු මිතුරන් වුණු ශ්‍රීමත් හෙන්රි කර්ටිස්ගෙන් හා කපිතාන් ජෝන් ගුඩ්ගෙන් සමුගත්තු හැටි.

ඇලන් කවාටර්මෙන් ඒ මොහොතෙදී තමන්ගේ මිතුරන්ට කියනවා.

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.


ඉතින්
සයිබර් අවකාශයේ අපිත් එක්ක එකට ගමන් කරපු, කතාබහ කරපු, හිතවත් වුණු දිළුම් ගැනත් මට හිතු
ණේ එහෙමමයි. ඔයාවත් අපිට මතක තියේවි......................
ඔබට ප්‍රීතිමත් චාරිකාවක් ඉලංදාරියා........

ප.ලි.: මේ ගීතය කොහොම ගැළපෙයිද මන්දා. ඒත් අහලා බලන්න. Asoka එකේ තියෙන හුඟාක් හැඟීම්බර සංගීතයක්......................


22 comments:

  1. දරාගන්න බැරි වෙන්වීමක්...

    ReplyDelete
  2. අනේ මල්ලි මේ කතාව ඇත්තක්ද? හොඳටම විශ්වාසද? සමහර අය මේ ගැන මහ කැත කථා දාල තියෙනවා මම දැක්කා. ඇත්තටම එහෙම එකකින් තමයි මම මේ කතාව දැනගත්තේ! :(

    ReplyDelete
  3. නොදැක ඇති වූ මිතුරුදමක් උනත් වෙන් වීම දරා ගන්න බැරි තරම් දුකයි

    ReplyDelete
  4. @ලකී වික්‍රමසිංහ
    මේක ඇත්තක් අයියේ මෝඩයෝ මේ මැරුණ කෙනාටත් අපහාස කරනවා සික් ලැජ්ජයි මෙහෙම මිනිස්සුද ඉන්නේ කියලා ලංකාවේ

    ReplyDelete
  5. එදා බක්මහ උලෙලෙදි හම්බුන ඉලන්දාරිය බොහෝම ශක්තිමත් තරුණයෙක්. ඔහු අද අපෙන් වෙන්වී ඇති බව විශ්වාස කරන්නවත් බැරිතරම්...
    එහෙත් ඔහු අද අපෙන් අකාලයෙ සමුගෙන...
    ඔබට නිවන්සුව ඉලන්දාරියා........

    ReplyDelete
  6. දිලුම් සොයුර ඔබට නිවන් සුව

    මේ සංගීත කණ්ඩය ඉතාම හොඳින් ගැලපෙනව

    ReplyDelete
  7. කියන්න වචන ගැලපෙන්නේ නෑ...

    අමාරුවෙන් වුනත් ගැලපුන එකම වචන පෙල....

    සහෝ උඹට අමා මහ නිවන් සුව...!!!

    ReplyDelete
  8. ඔබට නිවන් සුව .යහපත් අයමයි හැමදා නැති වන්නේ.

    ReplyDelete
  9. හැමදාම ඉන්නව වාගෙ පෙනුනට
    කිසිදාක ඒක එහෙම නොවන බව මේ වෙසක් දිනවල ඔබ අපිට පෙන්වූවා...

    ReplyDelete
  10. දැන් ඔබලා සියලු දෙනාම එකතු වී ඔහු වෙනුවෙන් කුමක් හෝ පින්කමක් සංවිධානය කලොත් ඒ දේ ගොඩක් වටිනවා නේද???

    ReplyDelete
  11. මට නම්..හිතා ගන්නම බර්රි තවත් වෙන්වීමක්.
    ඒත් ඇලන් ක්වාටමන්ගේ වදන.. හිතට සැනසීමක්.

    ReplyDelete
  12. ලොවේ අනියත ජීවිතෙන්
    දිනක පිටවිය යුතු බව දනින්
    එහෙත් ගල් තව ගල් වෙමින්
    කිම්ද මල් පමණක් ඉතින්?

    ReplyDelete
  13. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  14. ආදරනීය දිලුම් සොහොයුරාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  15. දිලුම් සොහොයුරාට නිවන් සුව පතමි!

    ReplyDelete
  16. සමන් මලක් පර වුනාට ඒ මලේ සුවද කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ වගේ ඔයා අපි අතරින් වෙන් වෙලා ගියාට ඔයාගේ ඒ මිත්‍රත්වයේ සුවද කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ...
    අනේ මටත් ඔයාගෙ යාලුවෙක් වෙන්න තිබ්බනම්...
    ඔයාට ඉන්න යාලුවෝ ගැන මට හරි ආඩම්බරයි මිත්‍රයා...
    ඒ අහිoසක ආඩම්බරය ඔයාගෙත් හිතෙත් තියෙන්න ඇති...
    ඔයා සදා අමරණීයයි මගේ මිත්‍රයා...ඔබට නිවන් සුව අත්වේවා..!

    ReplyDelete
  17. obata niwan suwa labewa!!!!!!!!!!!!!!!

    ReplyDelete
  18. "සියලු සංකාරයෝ නැසෙන සුළුයි"
    බුද්ධ දේශනාවට අනුව ඉතිරි වෙලා තියෙන්නේ ඉලංදාරියාට පිං අනුමෝදන් කරන එක විතරයි.
    කිවිවා වගේම "ඉලංදා‍රියෝ ඔබට නිවන් සුව"

    ReplyDelete
  19. දිලුම් සොයුරාට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!!!

    ReplyDelete
  20. දිළුම් සොයුරාව සිහිපත් කරලා තවත් ඒ වගේම රෝගී තත්වයෙන් පෙළෙන් ළමුන්ට උදව් කිරීමේ වැඩටහනක් දියත් කරන්නයි දුකා අයියා, දුමී අයීයා ඇතුළු පිරිස සූදානම් වෙන්නේ.

    ඒ සත් කාර්යයෙන් ජනිත වෙන පින්වලිනුත් දිළුම් සහෝදරයාට යහපතක් වෙන්න කීයලා අපි ප්‍රාර්ථනා කරමු..........

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................