හවස කැම්පස් එක ගාවින් මම අපේ පාරේ බස් එකකට නැග්ගේ ඉක්මණට ගෙදර යන්න හිතාගෙන. තව සති 2 කින් කැම්පස් එකේ 1st semester exam පටන් ගන්නවා, ඒ මදිවට අලුත් අවුරුද්දකුත් එනවා. එක වැඩක් කියලද වැඩ ගොඩක්. හොඳ වෙලාවට seat එකකුත් හම්බුණා. ඒක නිසා හොඳට වාඩිවෙලා ඒවා මේවා කල්පනා කර කර යන්නත් පුලුවන් වුණා.
බස් එක කිරිබත්ගොඩ bus stand එකට ආපුවාම සාමාන්‍යයෙන් ලස්සන ගෑණු ළමයෙක් බස් එකට ඉස්සරහ දොරෙන් නැගලා මම වාඩිවෙලා හිටිය හරියට ආවා. අතේ ඇඳුම් bag එකකුත් තියෙනවා. අවුරුදු කාලෙනේ shopping යන්න ඇති කියලා මට හිතුණා.
බස් එක කිරිබත්ගොඩ bus stand එකට ආපුවාම සාමාන්‍යයෙන් ලස්සන ගෑණු ළමයෙක් බස් එකට ඉස්සරහ දොරෙන් නැගලා මම වාඩිවෙලා හිටිය හරියට ආවා. අතේ ඇඳුම් bag එකකුත් තියෙනවා. අවුරුදු කාලෙනේ shopping යන්න ඇති කියලා මට හිතුණා.
මාත් ඉතින් ආයි පාරක් මගේ කල්පනා ලෝකෙට ගියා ඔහේ පාඩම් කරපුවා එහෙම කල්පනා කර කර ඉද්දියි දැක්කේ අර ගෑණු ළමයට call එකක් ඇවිත් අතෙත් මල්ලක් එල්ලගෙන ඉන්න හින්දා අමාරුයි නේද කියලා. දැන් කාලේ ඔය ගෑණු අයගෙන් බෑග් එහෙම ගද්දී හරියට පරිස්සම් වෙන්න ඕනේ නේ.
මාත් ඉතින් ඕන එකක් කියලා උදව්වක් විදිහට බෑග් එකත් ඉල්ලගෙන ඔඩොක්කුවෙන් තියාගෙන ආයි පාරක් කල්පනා ලෝකෙට වැටුණා. තව පැය භාගයක් විතර බස් එකේ යන්නත් ඕනේ. හයියෙන් යන බස් එකකුත් නෙමෙයි හොඳ කොටන බස් එකක් නිසා
ටික වෙලාවකින් කවුද මගේ උරහිසට තට්ටු කරලා අහනවා "ඔයා චාමිකර නේද ? " කියලා.
බැලින් නම් අර ගෑණු ළමයා. මාත් ඉතින් කරකවලා අත ඇරියා වගේ. මොකද සාමාන්‍යයෙන් මට කට්ටිය කියන්නේ එක්කෝ හසිත නැත්නම් ගුණසිංහ කැම්පස් එකේදි නම් කැම්පස් කාඩ් එක. මගේ නම් මැද කොටහ වෙන චාමිකර කියන කෑල්ල පාවිච්චි වෙනවා හරී....... අඩුයි.
ඉතින් හිතලා බලන්න එක පාරට අඳුරන්නේ නැති කෙනෙක් එහෙම එච්චරම පාවිච්චි වෙන්නේ නැති නමකින් කතා කරද්දී කොහොමද කියලා.
මම ටිකක් කල්පනා කළා මේ කවුද කියලා. පස්සේ තමා මට ලාවට වගේ මතක් වුණේ මේ නෙළුම් නේද ? කියලා. එයාගේ සම්පූර්ණ නම් නෙළුම් යශෝධරා. මම ශිෂ්‍යත්ව විභාගේ පාස්වෙලා රාජකීය විද්‍යාලයට එහෙමත් නැත්නම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්න කලින් ගියපු අපේ ගමේ ඉස්කෝලේ දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී මාත් එක්ක හිටිය යාළුවෙක්.
මම ශිෂ්‍යත්ව විභාගේ ලිව්වේ 1999. ඊට පස්සේ 2000 ඉදන් රාජකීය විද්‍යාලෙටනේ ගියේ. ඉතින් 1999 දෙසැම්බර් මාසෙදී දරණාගම ප්‍රාථමික විද්‍යාලෙදී හම්බුණු නෙළුම්ව ආයි පාරක් හම්බුණේ එදා 2011 අප්‍රේල් මාසෙදී අපේ පාරේ බස් එකේදී අවුරුදු 11 කට පස්සේ. මට ඒ වෙලේ පුදුමත් හිතුණා අවුරුදු 11 ක් කියන්නේ සුළු පටු කාලයක්ද කියලත්.
ඉස්සර නෙළුම්ට දිග කොණ්ඩයක් තිබ්බා. ඉස්කෝලේ හිටිය ගෑණු ළමයින්ගෙන් දිගම කොණ්ඩේ තිබ්බේ එයාට මට මතක විදිහට. මගේ මුල්ම ප්‍රශ්නේ වුණෙත් ඒක තමා. මොකද මේ දිගට තිබ්බ කොණ්ඩෙට වුනේ කියලා.
බැලින් නම් එයා දැන් dancing team එකක වැඩ කරනවාලු. ඒ ගමන් modeling එහෙමත් කරනවාලු. ඒ ඔක්කොම නිසා දිගට තිබ්බ කොණ්ඩේ කපලා දාලා. ළමයා හුඟාක් කෙට්ටුත් dancing n modeling වැඩ නිසා කියලා තමා කිව්වේ නම්.
ඒ වගේම නෙළුම් කිව්වා "මම බතල ගෙඩියෙක් වෙලා" කියලා :)) මම කල්පනා කළේ මම එහෙම මහත් වෙලාද කියලා. ඔන්න ඔයාලම කියන්න මේ එක බලලා මම ඉස්සරට වඩා දැන් මහතද කියලා
නෙළුම්ගේ විස්තර කතා කරද්දී දැනගත්තේ A/L Arts වලින් කරලා කැම්පස් යන්න results මදි. ඒක නිසා ඉතින් කලාව පැත්තට බර වුණා කියලා. කොහොමත් ඒ කාලේ ඉදන්ම ඒ ළමයා ඔය dancing වැඩවලට එහෙම හිටියා මතකයි.
අපි තුන වසරේ වගේ ඉද්දී තිබ්බ concert එකකදී "සුදු පාට මල් මට තාම මතකයි" සිංදුවට හරි "මල් සුගන්ධේ දම් සුගන්ධේ" සිංදුවට හරි එයයි තව කට්ටියකුයි dance කරපු හැටි අපි දෙන්නාටම මතක් වුණා. ඒ විදිහට පොඩි කාලේ මතක ගොඩක් අපි මතක් කර කර ගියේ.
ඒත් dancing එහෙම කරපු අපේ වයසෙම ගෑණු ළමයෙක් මේ වෙද්දී ගෙදර කට්ටියගේ අකමැත්තෙන් කසාද බැඳල මේ වෙද්දී අම්මා කෙනෙකුත් වෙලා කියලා නෙළුම් කිව්වා. මට මතක් වුණේ කොහොමත් ඒ කාලේ ඉදන්ම ඒ ළමයට හෙණ විසයක් තිබ්බනේ කියලා. ඒ ගමන් අපි තාම අකේලේ හම් තමා කියලා :))
ඒ වගේම තව අපේ යාළුවෙක් මේ පාර ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලුවා. මිනිහා ගැනත් අපි කතා කළා. ඒ වගේම තව ගෑණු ළමයෙක් හිටියා ඒ දවස්වල ඒ ළමයා රැස්වීමක සිංදුවක් කිව්වොත් කියන්නෙම "ලඹ සවන් රන් පටින්" කියන සිංදුව. රැස්වීමෙදී වාසනා - ගීතයක් කියපුවාම කොල්ලෝ කෑ ගහනවා "ලඹ සවන් රන් පටින්, ලඹ සවන් රන් පටින්" කියලා :))
ඒ වගේ පොඩි කාලේ කතා ගොඩක් අපි දෙන්නා මතක් කර කර ගියේ. ඇත්තටම ඒ දවස්වල අපිට එච්චර හිතන්න දෙයක් තිබුණෙත් නැහැ. ලොකු ලොකු දේවල් තිබුණෙත් නැහැ. ශිෂ්‍යත්වෙට පංති යන්න කියලා එහෙම ලොකු කරදර තිබ්බෙත් නැහැ. බොහොම නිදහසේ හිටිය ළමා කාලයක් තිබ්බනේ කියලා හිතුණා දැන් කාලේ ළමයි එක්ක බලද්දී.
හොඳම කාලේ ළමා කාලේ කියලා කියනවානේ. ශ්‍රී නේරුතුමාගේ කියමනක් තියෙනවා එයාගේ ළමා කාලේ ආපහු දෙන්න පුලුවන් නම් එයා ඕනෙම කැපකිරීමක් කරන්න කැමතියි කියලා. නේරුතුමාත් පොඩි ළමයින්ට හරියට ආදරේ කරපු කෙනෙක්ලු. ඒක නිසා ඉන්දියාවේ ළමා දිනය සමරනවා කියන්නේ නේරුතුමාගේ උපන් දිනේ දවසටලු.
එයා බහින්න ඕනේ halt එකට ආපුවාම නෙළුම් බැහැලා ගියා. මට හිතුණේ මේ විදිහටම මාත් එක්ක කලින් ඉස්කෝලේ හිටිය යාළුවෝ ගොඩක් ඉන්නවා 1999 ඒ ඉස්කෝලෙන් ගියාට පස්සේ හම්බුනේ නැති එයාලව හම්බෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. ඒ විදිහට තමයි මම අතීතෙට ගියේ.............
කොහොම වුණත් පොඩ්ඩක් හිතලා බලන්න අපේ ළමා කාලෙට අපි හුඟාක් කැමතියි නේද ???
පරන යාලුවො එහෙම හම්බුවෙනකොට ඒ අත්දැකීම් නම් හරිම සුන්දරයි
ReplyDeleteඅනිවා... අතීතෙට යන්න.. ඒ කිවුවේ පාසල් කාලෙට එක දවසක් හරි ගිහින් එන්න කියෙනවනම්.. :(
ReplyDeleteපට්ට.....
ReplyDeleteකොල්ලටත් මේ ලඟදි හම්බු උනා යාලුවෙක්ව අවුරුදු 15කට වගේ පස්සෙ. හම්බු උනේනම් ඔන් ලයින් උනත් එතකොට දැනෙන හැඟීම විස්තර කරන්ඩ බැහැ ඇත්තමයි.........
පරණ යාලුවෙක් හම්බ වෙනවා කියන්නේ මාරම සතුටක්. පරණ දේවල් මතක් ගැන කතා කරන්නත් පුලුවන් නේ.
ReplyDeleteමල්ලි දරණාගම සෙන්ට්‍රල් එකේද ? අපේ නැන්දත් ගියේ ඔය ඉස්කෝලේ.
අහම්බෙන් පරණම යාලුවො හම්බෙන එකත් මාරයි. මටත් ශිෂ්‍යත්වෙන් වෙන් වෙච්ච පරණම යාලුවෙක් කැම්පස් ආවට පස්සෙ හම්බුනා අවුරුදු දොලහකට පස්සෙ. එයාටත් මටත් එකපාරටම අපි දෙන්නව අඳුර ගන්න පුලුවන් උනා.
ReplyDeleteදෙන්නා දහම් පාසල් යන කාලේ හරි ඇටිකිච්චන් නේ අනේ..මායි මංජුයිත් ඔය වගේ තමා එනට ගියේ..ඒක දැකලා මටත් අතීත කථාවක් මතක් වුණා ලියන්න..අර සිංදුව සුදු පාට මල් මට තාම මතකයි නෙවෙයි මල්ලි..රතු පාට මල් මට තාම මතකයි..
ReplyDeleteදිවුලගනේ කිව්වට අතීතය සිහිනයක් පමණයි..සැබෑ සුවදක් නෑ කියලා..අතීතයට යාම තරම් මිහිරි දෙයක් තවත් නෑ කියලායි මගේ හැගීම..ගතින් වයසට ගියත් සිතින් තරුණ වෙන්න නම් අතීතය මිහිරි වෙන්න ඕන අනිවාර්යයෙන්ම..
පොඩි කාලේ යාලුවෝ හමුවෙන එක කොච්චර ෂෝක් දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උඔට තාමත් ඒ ගැන හිතෙන එක ගැන මට සතුටුයි.
ReplyDeleteහ්ම් ඉන්නවා නේන්නම්...
ReplyDeleteමටත් මේ ලගදි ඉස්කෝලෙ යාලුවෙක් හම්බුනා අවුරුදු9කට පස්සෙ.ගොඩක් සන්තෝස හිතුනා.
ReplyDeleteමගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට මටනම් එපා වෙනවා .මමනම් ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ . තවම අස්වීමේ සහතිකය ගන්නවත් මම ඉකෝලේ හතරමායිමට යන්නවත් මම දැන් අකමැතියි ...පරන සිදුවීමක් නිසා .
ReplyDeleteමගේ ඒ කාලේ යාලූවො ඉඳලා හිටලා හම්බ වෙනවා . සමහරෙකුගේනම් මම දන්නේ නම් විතරයි මුහුනුවර පවා අමතක වෙලා ගිහිං ....අනේ කාලේ !
මන් තාමත් පරණ ඉස්කෝල යාළුවො,වැඩ කරපු තැන් වල යාළුවො හොයාගෙන ගිහිල්ල හමු වෙනව.එක යාලුවෙක් ඉන්නව,රක්වානටත් එහා මහපන්නිල කියල සිංහරාජ අඩවියේ තියෙන ගමක.ලයිට්,ටෙලිෆෝන් තියා,ලියුම් බෙදිල්ල වත් නැහැ එහාට.ටවුමට ආපු කෙනෙක් ගමේම ලියුම් ටික අරන් යනවා බෙදල දාන්න.
ReplyDeleteKawruth Kemathiy lama kalayata. Etharam rasawath kalayak.
ReplyDeleteSulage Lelena.
Mal se daga pa
Hashtha Mallitath Hoda Lama Kalayak Thibila thiyenawa kathawa Diha Baluwahama.
Lassanai kathawa.
ඇත්ත . මම මේ බ්ලොග් එක බලන කොටත් අතීතයට යනවා. දළුගම, කිරිබත්ගොඩ , සියඹලාපේ....ඔය ප්‍රදේශ මගේ අතීත මතක. 234 බස් එක තම කොටනවද?පුදුමයක් නෑ 234 ට නැග්ගම අවුරුදු 100 ක අතීතයකට උනත් යන්න පුළුවන්., 234/ 230 හෙමින් යන්න කප් ගහපු බස් නේ .
ReplyDeleteFB එකෙත් අපි හොයන්නේ පරණ යාලුවෝ. අතීතය තරම් ලස්සන දෙයක් වෙන කොයින්ද .
.
Chamila
@තීර්ථ යාත්‍රිකයා
ReplyDeleteඒක ඇත්ත අයියා. ඒ කාලේ මතක් කරලා වගේම මේ කාලේ අපි ඉන්න විදිහ මතක් කරලා සතුටු වෙන්න පුලුවන් හුඟාක්
@..ChAnDiKa..
ReplyDeleteඒ කාලේ වටිනාකමක් තේරුණේ නැහැ. දැන් තමයි ඒකේ තියෙන වටිනාකම් දැනෙන්නේ. එතකොට අපි පරක්කුයි :(
@අළුත් කොල්ලා
ReplyDeleteඔන්ලයින් හම්බෙලා එච්චර සතුටු නම් ඇත්තට හම්බුණා නම් කොච්චර සතුටුද නේද අයියා ???
@මධුරංග
ReplyDeleteඔයාගේ කතාව ඇත්ත අයියා...
දරණගම සෙන්ට්‍රල් එකක් නැහැ අයියා මහා විද්‍යාලයක් තියෙන්නේ. මහා විද්‍යාලේ 6-13 වෙනකම් පංති තියෙනවා. ප්‍රාථමික විද්‍යාලේ 1-5 වෙනකම් පංති තියෙනවා. මම ගියේ ප්‍රාථමිකෙට විතරයි
@පිණිබිඳු...
ReplyDeleteහොඳම යාළුවන්ට කාලයක් ගියත් අඳුරගන්න පුලුවන් මට හිතෙන ව්දිහට.
ඉතින් අවුරුදු 12 කට පස්සේ හම්බුණාම කොහොම සතුටක් තියෙන්න ඇද්ද ???
@සුජානි.......
ReplyDeleteඅතීතය මිහිරි හරි අමිහිරි හරි වෙන්නේ අපි අතීත සිදුවීම් භාරගන්න විදිහ අනුව නේද අක්කේ?? සමහර අයට ඒක නිසා අතීතය මිහිරි වෙන්නත් පුලුවන් සමහර අයට අමිහිරි වෙන්න පුලුවන්...................
කොහොම වුණත් වර්තමානේ අපි ජීවත් වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.........
@බුද්ධි
ReplyDeleteතැන්කු වේවා අයියා :)
එදා සයිබර් අවුරුදු උත්සවේදී කිව්වා වගේ පොඩි කාලේ ඔයා හිටිය දිහාස්වලට ගිහින් ඒවායේ විස්තර ටිකක් අපිත් එක්ක බෙදා ගත්තා නම් මරේ මරු
@prasanna86k
ReplyDeleteතේරුණේ නැහැ ලොක්කා.............
@නදී...
ReplyDeleteඒකනේ කියන්නේ.... කොච්චර සතුටුද එහෙම යාළුවෝ හම්බෙන එක :)
@හිස් අහස
ReplyDeleteඔයාගේ කතාව ඇත්ත තමා. ඔයාගේ ඉස්කෝලේ කාලේ කතා මම කියවලා තියෙනවා.
එහෙම දේවල් වෙද්දී ඉස්කෝලේ ගැන වගේම යාළුවෝ ගැනත් මළ පනින එක සාධාරණයි........
@Observer
ReplyDeleteඇත්තටම ඒ වගේ ගමක ඉන්න එකත් හරි සුන්දරයි නොවැ. ඒ වගේම එහෙම ගමක ඉන්න යාළුවෙක් ඉන්න එකත් හරිම සුන්දරයි නොවැ :)
ජීවිතේ හරි සරලයි
@Bandula
ReplyDeleteස්තුතියි අයියා අදහසට. අපේ හොඳ ළමා කාලේ ගැන මතක ඇත්තටම සුන්දරයි :)
@Chamila Akka
ReplyDelete234 බස් එක එමමයි එසේමයි තාම කොටනවා. ඒකේ යද්දී ඉතින් අතීත මතක් කර කර යන එකත් කරන්න පුලුවන් වැඩක්.....
අතීතේ මිහිරි හරි සුන්දර හරි කරගන්නේ අපි ඒක භාරගන්න විදිහට අනුව
හරියටම හරි බං...මේක තමායි සීන් එක. :) මං 5 ශිෂ්‍යත්වෙ කරන කොට හිටපු ගෑණු ළමයෙක් තමයි හම්බුනේ ඊයේ බම්බලපිටියෙදි... අහම්බෙන් හම්බුනාට මොකද වැඩිවෙලා කතා කරන්නබැරිවුනා. මට කෝච්චිය අල්ල ගන්න එපැයි.. හැබැයි වසර 10කට විතර පස්සෙ දැකලත් එයාට මාව මතක්වුනා...හිහ් මට නං ටියුබ්ලයිට් වුනා හරියට උඹට වගේ :)
ReplyDelete@Prabhath Darshana
ReplyDeleteකෙල්ලන්ගේ හිත්වල ඇඳුණු පිරිමින්ගේ රූප ලේසියට අමතක වෙලා යන්නේ නැහැ කියනවනේ :))