අපිත් එක්ක St. John Ambulance එකේ වැඩ කරපු පොරක් ගියා Navy එකට. Navy කිව්වට Navy පොලිසියට තමා ගියේ. පූනෑවේ තමා training එක තිබුණේ. මැදවච්චිය හරියෙලු ඕක තියෙන්නේ.
ඉතින් training ගිහින් මාස 6 කට පස්සේ man නිවාඩු ආවා. එද්දී කට්ට කලුවෙලා ඒ මදිවට බට පතුර වගේ. එහෙ කාෂ්ඨක අවුවලු. ඒ මදිවට training එක කරන විදිහට හරියට කන්න බොන්නවත් වෙන්නේ නැහැලු.
දවසකට වතුර ලීටර් 5 [මට මතක විදිහට] හම්බෙනවාලු. දවස පිරි මහගන්න ඕනේ ඒකෙන්ලු. කොටින්ම ශරීර කෘත්‍යය, මුහුණ කට සේදීම වගේ ඔක්කෝටම. සමහර වෙලාවට එකෙක්ට වතුර මදි වුණොත් අනිත් එවුන්ගේ වතුර හොරෙන් උස්සනවාලු :))
උදේ 4 ඉදින් රෑ 10 වෙනකම් වැඩලු. ඊට පස්සේ රෑ 10 ට lights නිව්වට පස්සේ මුන් ඇඳන් හදනවාලු. බූට් පොලිෂ් කරනවාලු එකී මෙකී නොකී වැඩලු. නිදා ගද්දී අඩුම ගාණේ පාන්දර දෙකවත් වෙනවලු.
ආයි පාන්දර 4 ට ඉදන් වැඩලු. උදේ හරියට කන්න ගියොත් drill යන්න වෙන්නේ නෑලු. දවල් විතරලු නිස්කලංකේ කන්න තියෙන්නේ. රෑට කන්නේ හවස 6 ටලු. ඊට පස්සෙත් වැඩලු... ඕන් training එකේ හැටි.
තව තව කතා කිව්වා ඒවා නම් අදාළ නැහැ. මිනිහා මට කිව්ව කතාවලින් සිරාම කතාව මේකයි.
දවල්ට පාඩම් කියා දෙද්දී හොඳට අහන් ඉන්න ඕනෙලු මොකද පහුවෙනිදාට ඒවායින් ප්‍රශ්න අහනවාලු. බැරි වෙලාවත් උත්තර දෙන්න බැරිවුනොත් හරි පාඩම වෙලාවට නින්ද ගියොත් හරි පාඩම් කියාදෙන තැන තියෙන ගහේ කකුල් දෙකෙන් එල්ලලා තියෙනවාලු දවල් වෙනකම්.
කොහොමද එල්ලිලා ඉද්දී පැය දෙක තුනක් කකුල් දෙකෙන් :))
මොකෙක් හරි ඒකට හිනා වුණොත් ඌවත් එල්ලනවාලු. ඒ වගේමයි ගෑණු පිරිමි භේදයක් නැහැලු. කෙල්ලන්ව වුණත් එල්ලනවලු. [දැන් කැත විදිහට හිතන්න එපා. කෙල්ලොත් බොටම් ඇඳලලු ඉන්නේ]
දවසක් අපේ එකාට පන්තියේදී නින්ද ගිහින් ඒකට punishment එක විදිහට ගහේ එල්ලලා තියෙද්දිත් නින්ද ගියාලු :))
අන්තිමට පහුගිය මාසෙක මෑන්ගේ passing out එක තිබිලා man ගෙදර ආවා. man ගෙදර එන්න කලින් පාඩම් කියාදීපු සර් ගාවට ගිහින් කියලා ආවලු
"සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus ගිහින්"
[මේ විදිහට කිව්වේ ගස්වල එල්ලලා ඉගැන්නුව විදිහට]
ප.ලි.: අපේ බුවා නම් කිව්වේ එහෙම training එකක් නැතුව කොහොමද සතුරාට මුහුණ දෙන්න ඝට හදන්නේ කියලා. ඇත්ත තමා ඉතින් යුද්දේ කියලා සෙල්ලමක් නෙමෙයිනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ජීවිතේ ඉවරයිනේ
ඒ වගේමයි A/L කරන අපේ නංගිලා මල්ලිලා උත්සහයෙන් වැඩ ටික කරගන්න මතක තියාගන්න ඕනේ. බොහොම ටික දවසයි නොවැ විභාගෙට තියෙන්නේ
අනිවා මචං...
ReplyDeleteකැපවීම තියනවා නම් ජීවිතේ ගොඩක් සාර්ථකයි.
විභාග පාස් කරලා කැම්පස් එන්න විතරක් නෙවෙයි. හැමදේකටම.
Delete@ නෝටි | Naughty
Deleteදැන් කාලේ හුඟක් එවුන්ට නැත්තෙත් ඕක තමා. අතටම ලැබෙනකම් බලාගෙන ඉන්නවා
කතාව ඇත්ත.ඒත් මහන්සි වෙලා විභාගේ කරත්, හොඳින් පාස් වුනත් ඒකට කෙලවන්න වෘෂභරත්නලා ටිකකුත් ඉන්නවා නේ.
ReplyDeleteමේක සමහර විට දකින්න ඇති. ලන්කාප්දීපෙන් ගත්ත කමෙන්ටුවක්. A3 කට්ටිය කැම්පස් සිලෙක්ට් නොවෙද්දී ඊට අඩු රිසල්ට් තියෙන අයගේ රෑන්ක් ඉහලට ඇවිත් තියෙන හැටි බලන්න.
----------------------------------------------------------
යන්න www.doenets.lk වෙත.
මේ අංකයට ප්‍රතිඵල බලන්න. 1483161
කලා අංශයෙන් A 2, C 1 ලබා ගත් දැරියකගේ දිස්ත්‍රික් කුසලතාව 1 ත් සමස්ත ලංකා කුසලතාව 25ත් වන අපුරුව.
----------------------------------------------------------
First no idea about this, But what's wrong with that results? really i don't understand.
Delete-Prasaa
තනි කෙනෙක් හැටියට ගත්තහම එයාගේ ප්‍රතිඵල හොඳයි. ඒත් පොඩ්ඩක් හිතන්න කලා අංශයෙන් එයාට වඩා හොඳ ප්‍රතිපල තියෙන කෙනෙක් ඒ දිස්ත්‍රික්කයේ හිටියෙම නැද්ද කියන ගැටලුව තියෙනවා. මෙතැන දිස්ත්‍රික් රෑන්ක් ඒක 1 නේ. එහෙම වෙන කොට 3A , 2A1B සමත් අයගේ රෑන්ක් එක 1ට වඩා වැඩි වෙන්න ඕනිනේ..
DeleteMachan, just expressing what i feel, this totally depends on the particular district, ie, let say that child got 98, 97 & 64 (hope max for C is 65) so the total is 259, and then the worst case for 3As is 225 (75*3).
DeleteSo it can be happen but we can confirm it when the marks are released. And of course I am 100% agreed with you if the child sit for the exam at some high rank districts such as Colombo, Kurunagala, Kandy and etc.
Just what I feel :)
-Prasaa
one more adding machan, why I so keen on this is, if we are wrong, and this results are correct then imagine how far are we mentally abusing that child by posing this, I've seen this allover the FB. And the fact is if this is wrong, then it's not her fault but of SB and other m.. f....
Delete-Prasaa
I agree with you on that point, re: context of that student. I ll continue to talk on same as I ve already posted it here as an example.
DeleteAnd your other point is clear. There can be 3Aers having marks lesser than 2A1C student.
But here the 2A1C student is 1st in that district. It is very probable to have results better than 2A1C , i mean with marks. We cant says "ALL 3A students in that district have marks less than this 2A1C student".
Even from what we hear from news, students who did exam as 3rd attempt have scored lesser Z-score while having better results.
Anyway all of these would be clear when marks are issued.
@ රාමා
Deleteවැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව....
ස්තුතියි කරුණු රැසක් පැහැදිලි කරමින් සංවාදයක් ඇති කළාට
@ -Prasaa
Deleteරාමා ඔබේ ගැටලුවලට මැනවින් පිළිතුරු ලබාදීලානේ. ඔබටත් ස්තුතියි මේ පැත්තට ආවාට වගේම අදහස් මතු කළාට
හප්පා මම හිතුවේ මේ සරුත් අපි හරියට ඉතිහාස පාඩම ඉගෙන නොගත්තොත් එල්ලන්ට හදනවා කියලා ....:D:D:D
ReplyDeleteඑයා පැරණි සිංහල වධ ක්‍රම ප්‍රායෝගිකව කරන්න ඉඩ තියෙනවා.
Deleteඉතිහාසය දන්නෑ කියන්නේ අමුතුවෙන් එල්ලන්න දෙයක් නෑ.අපිම එල්ලිලා කියන එක. එහෙම බැලුවාම නම් ලාංකික අපි බහුතරයක් ඉන්නේ එල්ලිලා...
Deleteනෝටි වුනත් නයිස්. ++++
Delete@ Podi Kumarihami
Deleteනෝටි කියනවාත් වගේ තමන්ගේ රටේ ඉතිහාසය හරියට දන්නේ නැත්නම් තමන්ම එල්ලෙන්න තමා තියෙන්නේ :D
@ රාමා
Deleteමේ ළඟදී මට පුරාණ රජ කාලයේ ක්‍රියාත්මක වුණු දෙතිස් වධ ගැන ලිපියක් හම්බවුණා. අයියා ඒක මතක් කරපු එක හොඳා. දවසක ඒ ටිකත් සටහනක් විදිහට දාන්නම්. සමහර ඒවා කියවද්දීත් ඇඟ හිරිවැටෙනවා.
@ නෝටි | Naughty
Deleteඅනිවාර්යයෙන්ම :)
නියම උපදෙසක් හසිත! ජීවිතේ නියමාකාරයෙන් ජය ගන්න තියන කෙටිම වගේම පහසුම පාර තමයි හොඳට ඉගෙනගෙන හරියට විභාග ටික ගොඩදාගන්න එක. ඒ පාර වැරදුනොත් අනිත් හැම පාරක්ම දුරයි දුෂ්කරයි, දුක් විදින්න වෙනවා. ඒ නිසා කම්මැලි නැතිව මේ ටිකේ හොඳට පාඩම් කරන්න. කම්මැලි හිතෙන කොට හසිත කිව්වා වගේ කට්ට කන්න වෙන හැටි මතක් කර ගන්න කම්මැලිකම නැති වේවි. කාලෙට ගැලපෙන වටිනා ලිපියක්!
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඉගෙනීම කටු අත්තක්. එහි ප්‍රතිඵලය මල් ඉත්තක් කියන්නේ ඒකනේ :)
මේක කියෙවුවම මට මතක් උනේ අපි ඒ ලෙවල් කල හැටි.. අපිට කොමස් උගන්නපු ගුරුවරයා අපිත් එක්කම ඒ ලෙවල් කරලා කොමස් ෆේල්.. ගණකාධිකරණය කල මනුස්සයා හැමදාම කලේ එකතැන ඇවිදීම.. හැබැයි පුස්තකාලෙට පින්සිද්දවෙන්න අපි කැම්පස් ගියා..
ReplyDeleteඅපිට කොමස් උගන්නපු ගුරුවරයා අපිත් එක්කම ඒ ලෙවල් කරලා කොමස් ෆේල්.
Deleteමෙහෙම වෙන්නේ කොහොමද?
හරී, කී දෙනෙක් ක්‍රෑම දාලා විහාගෙ ගොඩ දාගන්නවද, හරි අවබෝධයකින් තොරව ගිරා න්‍යාය පාවිච්චි කරලා. අපේ ග්‍රැමර් එක්ස්පර්ට්ල ඉන්නවා ඉංග්‍රීසි කතාකරන්න බය හෝ බැරි. මේක කිව්වාම නම් කී දෙනෙකුට මල පනීද දන්නෙ නෑ, නමුත් ඉංග්‍රීසි ගුරුවරු කොච්චර ඉන්නවද ඉංග්‍රීසි කතා කරගන්න බැරි!
Deleteඑතකොට ජනමාධ්‍යවේදී උපාධියක් තියෙන එකෙකුට සරළ රාජකාරි ලිපියක් ලියාගන්න බැරුව මට කියලා ලියාගත්තෙ. කයිවාරුවට කියනවා නෙවෙයි. මම තීසිස් ගනනාවක්ම ලියලා දීලා තියෙනවා උපාධි අපේක්ෂකයන්ට. ඒ වෙලාවට අවශ්‍ය කරුණු ටික ගලපාගන්න විඳින දුක දැක්කම හිතෙනවා මුං මේ අවුරුදු ගානක් මොනවද ඉගෙනගත්තෙ කියලා. අන්තිමට උපාධියත් ගන්නවා. ඉතිං මොකටද බං ඒ උපාධිය?
ඉතින් වෙන මොනවද?
henryblogwalker the Dude
ඒ මනුස්සයා පුහුණු ගුරුවරයෙක්.. ඉතින් වෙනත් සෙන්ටර් එකකින් විභාගෙට ලිවුවා.. අපිට උගන්නන්න කවුරුත් නැතිකමට තමයි එයාව දාන්න ඇත්තේ..
Delete@ Dude,
Deleteපිටරට කැම්පස් හොඳද නරකද මම දන්නෙ නෑ ඒත් ලංකාවෙ කැම්පස් වල නම් තියෙන්නෙ තනිකර බොරුව. උඩ ඉඳන් පහළටම බොරුව. ලෙක්චර්ස්ලත් ඔහොම කරද්දි අනික් වුන් කොහොමද? බොරු මවාපෑමක් විතරයි කරන්නෙ. අපේ ගොඩක් අයට ලෝකයේ නිසි පිළිගැනීමක් නැත්තෙත් ඒකයි. තීසිසුත් බොරුනෙ. එකම බොරුව රෝල් කර කර හතරැස් කරලා ප්‍රින් අවුට් ගන්න කඩේ එකාව පෝසත් කරනවා. ප්‍රොජෙක්ට් කියලා කරන්නෙත් අනුන්ගෙ එකක් කොපි කරන එකනෙ. එහෙම කොපි කරලා කරපු එකා ගොඩ යනවා. අලුතෙන්ම දෙයක් කරන්න ගිහින් ඇනුනොත් කෙලවලාම දානවා.
මගේ කැම්පස් ජීවිතයේ නියම විදිහට ඇගට ජීර්ණය වෙන්න උගන්නපු එක එකාට දීලා පේපර්ස් නොබලපු විශය කරුණු දැනසිටි හා නොදන්නා කරුණු නොදන්නා බව පිළිගැනීමටත් අපෙන් යමක් ඉගැනීමට පවා නිහතමානී වුනු එකම එක ගුරුවරයයි හමුවුනේ.
@ සරත් ලංකාප්‍රිය,
Deleteආ..ඉස්කෝලෙද? මම හිතුවා ටියුෂන් පන්තිවත් ගියාද කියලා එහෙම කෙනෙක් ළඟට. ඉස්සර ශිෂ්‍යගුරු කියලා ක්‍රමයක් තිබුනද? මම යන්තම් අහලා තියෙනවා.
@ හරි,
Deleteමං පිටරට ලෝක ප්‍රසිද්ද කැම්පස් තුනක ඉගෙන ගෙන තියෙනවා. සංසන්දනාත්මකව බලමු.
ලංකාවේ ළමයි පිස්සු කෙලිනවා , මේවගේ කොල්ලෝ කෙල්ලොත් 80 % මේ ලෝකේ නැති පිස්සු කෙලිනවා විබාග දවස එනකම්. ලංකාවේ ගුරුවරු දන්නා දේ උගන්වන්න තැත් කරනවා. ඔවුන් ගේ දැනුම ලෝකයත් සමග බලනකොට පෞරාණික උනාට.... මෙහෙ ලේක්චේර්ස් ල කියවන්න ඕන පොත් ලැයිස්තුව දීල පවර් පොඉන්ට් ස්ලයිඩ්ස් ටිකක් පෙන්නලා යනවා. සියල්ල තමන්ම ස්වෝත්සාහයෙන් ඉගන ගන්න ඕනේ. පහසුකම් වලත් පොත් පත් ලබා ගැනීමේත් , දැනුම ලබගනිමේත් මාර්ගවලත් වැඩි වෙනසක් නැහැ කොහෙත් .
නමුත් ...එහෙනම් වෙනස කොහෙද තියෙන්නේ ?
වෙනස තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල... ආකල්ප වල. ලංකාවේ මිනිස්සු ඉගෙන ගන්නේ දැනුම ලබා ගැනීමේ ඕනෑකමින් , ඒ දැනුමෙන් රටට ,ලෝකෙට , තමන්ට වැඩක් කර ගැනීමට නෙමෙයි. සහතිකේට... සමාජේ ලොකු රස්සාවක් කරලා මුදුන වෙන්න , කැපිල පේන්න. සමාජ ආකල්පය තමයි හැම දෙනාම කැම්පස් යන්න ඕනේ කියන එක. මේසන් වැඩ වලට දක්ෂ එකත් කොහොම හරි ආට් කරන්න හරි කැම්පස් යන්න බලන්නේ. ඉතින් ඌට දෙකම හරියට කරන්න බැරි වෙන එක අහන්න දෙයක්ද ? දියුණු රටවල (ඒ රටවල් දියුණු වෙන්න බලපෑවේ මිනිසුන්ගේ ආකල්ප වල දියුණුව... අපි නොදියුණුව ඉන්නේ ඉතින් අපේ ආකල්ප වල ..... ) බොහොමයක් මිනිස්සු ඉගෙන ගන්නේ තමන් කැමති විෂය... ඉතින් උන් ඒ විෂයන් ආසාවෙන් ඉගෙන ගෙන නිර්මාණශීලි වැඩ කරනවා. අපේ උන් ලිප්ටන් වට රවුමේ බෝඩ් උස්සන් ඉන්නවා.
තව මේ ගැන ලියන්න තියෙනවා .. කම්මැලියි ... LOL
කතාවට සම්පූර්ණයෙන් එකඟයි..
Delete"ඒ රටවල් දියුණු වෙන්න බලපෑවේ මිනිසුන්ගේ ආකල්ප වල දියුණුව... අපි නොදියුණුව ඉන්නේ ඉතින් අපේ ආකල්ප වල ....." මේක මම ඉර හඳ වගේ විශ්වාස කරන දෙයක්.. අපේ රටේ මිනිසුන්ගෙ ආකල්ප වෙනස් වෙනකන් කවුරුආවත් මේක හදන්න බෑ. අපේ මිනිස්සු බලන් ඉන්නෙ තමුන් අතරින් ඉහලට යන එකාව ඇදලා බිම දාන්නනෙ. එහෙම බැරිනම් වෙන මොකක් හෝ දෙයකින් ඔහුට රිද්දන්නයි බලන්නෙ.. අනිත් කැම්පස්වල කෙසේවෙතත් නිර්මාණශීලී තියා හුස්ම ගන්නවත් ඉඩක් නොතිබෙන්න වැඩ තිබුනා.. අන්තිමට ඔක්කොම ගියේ ගිරා සිස්ටම් වලට..
අනික ආසාව හැකියාව තියෙන දේ පැත්තක දමා UGC එක යවන තැනකට යන්න වීමත් එක්තරා අභාග්‍යයක් නේද? මම දන්න තරමින් තම හැකියාවට හා ආසාවට අනුව විශයන් තෝරාගැනීමට තරම් ශිෂ්‍යප්‍රජාව දැනුවත් නෑ. අනික දෙමව්පියො ඒ පාරවල්වල යන්න දෙන්නෙත් නෑ..
ඔක්කොම පැත්තකින් තිබ්බත් මගෙ කැම්පස් ජීවිතය තුළ අත්දැකි පෞද්ගලික හිත්වත්කම් මත ලකුණු වෙනස් කිරීම් විවිධ පහසුකම් සැලසීම්, පේපර් නොබලා ලකුණු දීම, කොපමණ කමකට නැති ව්‍යාපෘතියක් වුවත් ලොකු ලොක්කෙක් සුපවයිස් කළ පමණින් ගොඩයාම්, ලිංගභේදය නිසා ලැබෙන සැලකිලි, බාහිරව ඇතිවූ මතභේදයකින් ලැබෙන අඩු ලකුණු මෙවන් කාරණා කෙරෙහි ඇතිවෙන්නෙ කළකිරීමක්.මේවා අලුත් දේවලුත් නෙමෙයි. මෙවැනි දෑ හැමතැනම වනවා යැයි සිතමි.
ආකල්ප වෙනසක් අවශ්‍ය බව ඉහළින්ම පිළිගනිමි.
තව එකක්, ඉන්දියාවෙ උන් AL පාස් කරපුවම උන්ට හම්බෙන්නෙ ඩිග්‍රි එකක්.. එතකොට ජාත්‍යන්තර මාකට් එකේදි අපි වගේ AL කාරයන්ට ගේම තියෙන්නෙ ඉන්දියාවෙ ඩිග්‍රි කාරයො එක්ක.. මොකද උන්ට හරි ලාබෙට ඩිග්‍රි හම්බෙනවනෙ.. අපේ ඩිග්‍රි කාරයෙකුයි උන්ගෙ ඩිග්‍රි කාරයෙකුයි ගත්තම දැණුමේ වෙනස හොඳටම පේනවා.. ඒත් ආයතන වලට ඒවා වැඩක් නෑ.. උන්ට ඕනා ඩිග්‍රිය විතරයි.. එතනදි අපිට පාඩුයි..
Deleteමගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න එකාට තියනවා ජත්‍යන්තර වෙළදාම ගැන විශේෂ උපාධියක්.. අනේ උගේ ජාත්‍යන්තර දැනුම.. ලෝකෙ තියන සමහර ප්‍රසිද්ධ රටවල් කොහෙද තියෙන්නෙ කියලවත් ඌ දන්නේ නෑ.. ඔන්න තත්ත්වෙ..!
1. යම් දෙයකට ඔබ දක්ෂ වුවත් ඔබ එයට ආසා නැත්නම් එය පසුපස යන්න එපා. ඔබේ ජීවිතය අතෘප්තිකර වේවි.
Delete2. යම් දෙයකට ඔබ අදක්ෂ නම් එයට මහන්සි වෙන්නත් එපා. ඒ ඔබේ ක්ෂේස්ත්‍රය නොවේ.
3. ඔබ කැමති, ඔබ දක්ෂ දෙය ඔබේ අනාගතය කරගන්න. එවිට ඔබ කිසිවෙකුටවත් දෙවැනි නොවේ.
@ සෙන්නා: අපි අත් විඳින්නෙත් ඔය අත්දැකීමමයි. අපි වටේට ඉන්න ඉන්දීය උපාධි, පස්චාත් උපාධිධාරීන් සමහරු ලංකාව පුංචි දූපත් සමූහයක්ද කියලා අහනවා, ලංකාවට හිම වැටෙනවද කියලා අහනවා, රුසියාව, ඕස්ට්‍රේලියාව, කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නෑ. දවසම කියාගෙන යන්න පුලුවන් නමුත් මොකටද?
Deletehenryblogwalker the Dude
@හරි
Delete/* මගෙ කැම්පස් ජීවිතය තුළ අත්දැකි පෞද්ගලික හිත්වත්කම් මත ලකුණු වෙනස් කිරීම් විවිධ පහසුකම් සැලසීම්, පේපර් නොබලා ලකුණු දීම, කොපමණ කමකට නැති ව්‍යාපෘතියක් වුවත් ලොකු ලොක්කෙක් සුපවයිස් කළ පමණින් ගොඩයාම්, ලිංගභේදය නිසා ලැබෙන සැලකිලි, බාහිරව ඇතිවූ මතභේදයකින් ලැබෙන අඩු ලකුණු මෙවන් කාරණා කෙරෙහි ඇතිවෙන්නෙ කළකිරීමක් */
මං ආකල්ප වල දියුණුව කියල අදහස් කරේ මේකම තමයි. ආකල්ප වල නොදියුණු බව හින්ද තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම සිදුවෙන්නේ. සුදුස්සාට සුදුසු තැන ලැබෙනකොට , තමන්ගේ මහන්සියට පිළිගැනීම ලැබෙනකොට මිනිසුන් ධෙර්යයට පත් වෙලා ඉදිරියට යනවා. මට ලංකාවේ ආයෝජනය කරන්න ඕන උනත් මුදල් තිබුනත් මං ඒක කරන්නේ නැහැ. මොකද පොඩ්ඩක් ව්‍යාපාරය සාර්ථක උන හැටියේම කප්පම් කාරයෝ ඉව අල්ලන්න පටන් ගන්න හින්ද. ටෙන්ඩර් පාස් වෙන්නේ කොලිටි බඩු වලට නොව දැන හැඳුනුම් කම , පගාව මත නිසා ... අන්තිමේ කවුරු හරි ඉරිසියකාරයෙක්ගේ කොන්ත්‍රාත් එකකට මහා පාරේ වෙඩි කාල මැරෙන්න වෙන නිසා...
මං ඉගෙන ගන්න කාලෙත් අප්‍රමාණව වැඩ තිබ්බා. අවුරුද්දක් පමණ දවසකට නිදා ගත්තේ පැය 2-3. නමුත් කැමති විෂයන් නිසා ආසාවෙන් වෙහෙස නොබලා කරා. වැඩ වැඩි වීමත් , නිර්මාණශීලි භාවය නැති වීමත් කියන්නේ දෙකක්. කෙනෙකුගේ විෂය පරාසයේ නිර්මාණශීලි වීම සඳහා වැඩ වැඩිවීම බල නොපායි. ඒ ඔහු එයට සහජ දක්ෂයෙකු නිසාය.
@ ඩුඩ්
/* අපි වටේට ඉන්න ඉන්දීය උපාධි, පස්චාත් උපාධිධාරීන් සමහරු ලංකාව පුංචි දූපත් සමූහයක්ද කියලා අහනවා, ලංකාවට හිම වැටෙනවද කියලා අහනවා, රුසියාව, ඕස්ට්‍රේලියාව, කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නෑ. */
ලංකාවේ මිනිසුන්ගේ ඇති පසු ගාමී චින්තන රටාව පෙන්වන්න මේක හොඳ උදාහරණයක්. (තරහ වෙන්න එපා ඩුඩ්). ලංකාවේ අය කෙනෙකුගේ දැනීම , හැකියාව මනින්නේ මේවගේ කරුණු වලින්. කෙනෙක් ලංකාව තියෙන්නේ කොහෙද කියල දන්නේ නැත්නම් ඒක ඔටුවා. මතක තියා ගන්න මේවා ඔක්කොම සාමාන්‍ය දැනීම ප්‍රශ්න. ඒවා දැන ගැනීම හෝ නොදනිම ජිවිතක් දියුණු වීමට බල පාන්නේ නැහැ. තමන්ගේ විෂය තුල දියුණුවට බල පාන්නේ නැහැ.
කොටින්ම මං දන්නෙත් නැහැ මැලේසියාව තියෙන්නේ කොහෙද , ගලොපගස් තියෙන්නේ කොහෙද කියල. මට ඕන නම් ඒක තත්පර 10 ඇතුලත ගූගල් කරලා දැනගන්න පුළුවන්. නමුත් මට එකට ඕන කමක් නැහැ. මොකද ඒක දැනගන්න මට උනන්දුවක් නැති හින්ද. නමුත් මගේ විෂය පරාසයේ කරුණු සම්බන්ධව ඔබ ඕන කරුණක් අහන්න .. A -Z ඕන එකක් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. වඩා වැදගත් වෙන්නේ ඒකයි. සියල්ල දැන ගැනීම ඒක පුද්ගලයෙකුට කල නොහැකියි. ඒ වගේම අනවශ්‍යයි. මගේ විෂය කේෂ්ත්‍රය තුල ඉහලට යාමට මැලේසියාව හරියටම කොහෙද තියෙන්නේ කියන එක අවශ්‍ය වෙන්නේම නැහැ. ලංකාවේ මිනිස්සු ඕව දන්නවා ඇති .. නමුත් වඩා වැදගත් වෙන දේ නොදන්නා නිසා හැමදාම බින්දුවේ. .....
AnonymousJuly 26, 2012 4:44 PM....
Deleteඔබ සමග 100% ක්ම එකඟයි..මෙහෙ රටවල දෙමව්පියො ලමයින්ට බල කරන්නෙ නැහැ..ලමයි ආශ කරන දක්ශ දේ ඉගෙන ගන්න සම්පූර්ණ සහයෝගය දෙනවා..අපි ස්කෝලෙ හැමෝම ඉගෙන ගත්තෙ හරිම සතුටකින්,අශාවකින්,තෘප්තියෙන්.....(කියන්න දේවල් ගොඩයි ඔබ කීව වගේ කම්මැලියි ලියන්න.)
ඇනෝ, පළමුකොට ම මම ස්තුතිවන්ත වෙනවා මේ දීර්ඝ කමෙන්ට් එකට. ඇත්ත. ඔබ කියනදේට 90% එකඟයි. ඒත් සාමාන්‍ය දැනීමක් නැතුව මොන උගත්කම තිබ්බත් මටනං ඒ කෙනාගේ කිසිම වටිනාකමක් නෑ. හැමදේම දැනගන්න කියනවා නෙවෙයි, අඩුමගානේ තමන් ඉන්න දිහා ගැනවත් දන්නේ නැතිනම් මොකද්ද ඒ උගත්කමේ වැදගත්කම?
Deleteනමින්ම එන්නම්කෝ... උඩ ඇනෝ දැම්මෙත් මම.
Delete@dude
/*මම තීසිස් ගනනාවක්ම ලියලා දීලා තියෙනවා උපාධි අපේක්ෂකයන්ට. ඒ වෙලාවට අවශ්‍ය කරුණු ටික ගලපාගන්න විඳින දුක දැක්කම හිතෙනවා මුං මේ අවුරුදු ගානක් මොනවද ඉගෙනගත්තෙ කියලා. අන්තිමට උපාධියත් ගන්නවා. ඉතිං මොකටද බං ඒ උපාධිය? */
ඔබ, පවතින ක්‍රමයට , පුද්ගලික දැන ඇඳුනුම් මත වංචා කරන්න හවුල් වෙලා ඉන් පස්සේ ඒ ක්‍රමයේ තියෙන අසාර්ථකත්වය ගැන මැසිවිලි නගනවා. උපාදි නොලැබිය යුතු පේල් විය යුත් අයට උපාදි ලබාගන්න උදව් කොට "මොකටද බං ඒ උපාධිය" කියල අහනවා !!! ..
How ironic and hilarious is that ?
ඔබ දේශනා කරන කාර්යක්ෂම තාවය , සුදුස්සාට සුදුසු තැන ලැබීම , සමාජ සාධාරණත්වය ඔබගේ ක්‍රියාව තුල නැහැ නේද ? ඔබ එහෙම කරාම ඇත්තටම දක්ෂ , තමන්ම අමාරුවෙන් තිසිස් එක ලස්සනට ලියුව කෙනාත් , ඔබ උදව් කල කෙනාත් පවතින ක්‍රමය තුල ඉන්නේ එකම මට්ටමේ නේද ? ???
ස්තුතියි ... ක්සැන්ඩර් | Xander ,
Deleteනමුත් මතක තියා ගන්න , සාමාන්‍ය දැනීම කියන්නෙත් සාපේක්ෂ දෙයක්. ඔබට සාමාන්‍ය දැනීම වෙන දේ වෙන කෙනෙක්ට සුවිශේෂ දෙයක්. තවත් කෙනෙක්ට කිසිසේත්ම වැදගැම්මකට නැති දෙයක්. එම නිසා සාමාන්‍ය දැනීම මගින් පුද්ගලයෙකුගේ දක්ෂතාවය , ස්වභාවය , සාර්ථකත්වය මැනිය නොහැකි බවයි මම කියුවේ.
බිල් ගේට්ස් ලංකාවේ ජනාධිපති කවුද කියන්න දන්නේ නැතුව ඇති. නමුත් ඔහුට එයින් පාඩුවක් නැහැ නේ ....
@මහසොහොන් පිල්ලිය. ස්තුතියි අවම වශයෙන් ශිෂ්ඨ භාෂාවෙන් කරුණු දැක්වීම ගැන. ඔබේ තර්ක වලට එක් එක් ක්ෂේත්‍රවල විශේෂඥයින් තම ක්ෂේත්‍රයට අදාල, අපට සාමාන්‍ය දැනුම වන කරුණු වලදී පවා පිළිතුරු නොමැතිව හිරවෙන අවස්ථා ගණනාවක්ම ආධාර කරගෙන ඔබට නිසි පිළිතුරු සැපයිය හැකි වුවත්, ඒවා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති නිසා මෙයින් නිහඬවෙනවා. ක්සැන්ඩර් පැහැදිලිවම මෙයට පිළිතුරත් දී තිබෙනවා.
Deleteනමුත් ඔබට මා ආරාධනා කරනවා මෙන්න මේ සබඳියට ගොස්
http://liyanna-liyanna.blogspot.com/2012/07/blog-post_26.html?showComment=1343361307223#c7519534450198282322සරත් ලංකාප්‍රිය සහ අටම්පහුර, විශේෂඥයන්ගේ වැඩ ගැන ලියා ඇති ප්‍රතිචාර කියවන ලෙස.
මගේ කතාව සහ තර්කකිරීම මෙයින් අවසානයි, අසා සිටි ඔබසැමට ස්තුතියි. :)
henryblogwalker the Dude
ගනං ගන්න එපා බන්. ෆිට් එකට මෙහෙම දාන්නේ. කවුරුත් ඔවු ඔවු කියල ඔලුව වනල පිළිගන්න කරුණු සම්බන්ධයෙන් තවත් පැති වලින් බලන්න පුළුවන් කියන එක පෙන්නන්න තමයි මෙහෙම දාන්නේ.
Deleteහිත රිදුන නම් සමා වෙයන්. ඕන් එහෙනම් මාත් චුත උනා මගේ භවනට. හසිත මලයට වාතයක් වෙන්න කලින්.
.... දේවසුරප් ප්‍රලකාම ගිනි ඔට්ටු හිර ත්‍රින්චි ගිනි ඔට්ටු ස්වාහා ....
හයියෝ කිසිඅවුලක් නෑ M S පිල්ලිය. හසිත මලයගෙ කමෙන්ට් ශීට් එකෙන් දික් අඩි හයක් නැත්නං අටක් යන්න ඇති ඔන්නං. :D
Deleteඑහෙනං ආවඩායිබෝ ආයිබෝ ඒස්වාහ් පූහ් (මගෙ යක් බාසාව නං එච්චර හොඳනෑ, සමාවෙයං)
henryblogwalker the Dude
@....හරී ,මහසොහොන්පිල්ලිය(ඇනෝ විදියට) ..,කෙලින්ම ඇත්ත තත්වය කියන්න ධෛර්්‍යයක් තිබීම පිලිබඳ ස්තුතියි..සමහරුන්ට මේව කිව්වම රෙදිකරේ තියන් එන්නෙ.
Deleteමේ වගේ වැදගත් විදිහට සංවාද ගෙනියන්න බ්ලොග් ලියන අනිත් උනුත් උනන්දුවෙනවා නම් එක් එක් කෙනාගේ පුද්ගලික අත්දැකීම්/ අදහස් වලින් කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද අපිට!
Delete@ සරත් ලංකාප්‍රිය, හරී, Dude, මහසොහොන් පිල්ලිය, සෙන්නා, වින්චැට් කිරිල්ලි, ක්සැන්ඩර් | Xander, වීපොකුර, Sabith
Deleteබොහෝ දෙනා බොහෝ දේ කියා ඇති නිසා මම කිසිවක් නොකියමි :D
මහත්මා ආකාරයෙන් හරවත් සංවාදයක් සිදුකළ ඔබ සියලු දෙනාට මගේ ප්‍රණාමය
St. John Ambulance ගැන පොඩි විස්තරයක් කියමුකො. මම පෞද්ගලිකව අහන්න හිටියෙ. ඔන්න පෝස්ට් එකේම කියපු හින්දා දැන් පොදුවෙම ඇහුවා..
ReplyDelete"සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus ගිහින්" ඌට දැන් උනත් පුලුවන්නෙ. තුන්පාරක් කරලා නැත්නම් ආයෙ කරන්න කියපන්. වයස ප්‍රශ්නයක් නෑනෙ. අපේ කැම්පස් එකේ පොරක් හිටියා වයස 32ක. මුලින් ඒ/එල් කරලා අවු. 12කින් 2න්ඩ් ශයි කරලා තියෙන්නෙ.
@ හරී
Deleteශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව ගැන පොඩි විස්තරයක් කිව්වොත් කුරුස යුද්ධ පැවතුණු කාලේ තුවාල ලබපු සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරපු ශාන්ත ජෝන් නිකායේ පූජකතුමන්ලා තමා මේ ව්‍යාපාරයේ පුරෝගාමියෝ.
ඒත් විධිමත්ව ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ආරම්භ කරන්නේ 1877 ශාන්ත ජෝන් නිකායේ රෝහල්වලට පුනර්ජීවයක් ලබාදෙන්න. 1888 දී වික්ටෝරියා රැජිණගේ රාජකීය සන්නසක් මඟින් රාජ්‍ය පිළිගැනීමකුත් මේ ව්‍යාපාරයට ලැබුණා.
ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් ගිලන් සේවය ආරම්භ කරන්නේ 1906 දී. ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රථමාධාර පුහුණුව ලබාදීමේ අරමුණෙන්. ඊට පස්සේ සාමාන්‍ය ජනතාවටත් මේ සඳහා එකතු වෙන්න පුලුවන් වෙනවා.
එතකොට මේ වෙද්දී ශාන්ත ජෝන් ගිලන් සේවය ප්‍රධාන අණදෙන නිළධාරියෙක් සහ ප්‍රධාන කොමසාරිවරයෙකුගේ මූලිකත්වයෙන් සහකාර කොමසාරිස්වරු, පළාත් කොමසාරිස්වරු, දිස්ත්‍රික් කොමසාරිස්වරු, සේනාංකාධිකාරීවරු, කොට්ඨාශ භාර අධිකාරීවරු සහ කොට්ඨාශ භාර නිලධාරීවරු මාර්ගයෙන් පරිපාලනය වෙනවා.
පාසල්වල ක්‍රියාත්මක වෙන ශාන්ත ජෝන් ගිලන් සේවා ඒකක සාමාජිකයන් "කැඩෙට්වරුන්" විදිහට හැඳින්වෙනවා. ඊට පස්සේ වැඩිහිටි සාමාජිකයන් විදිහට "විවෘත" කොට්ඨාශයකින් මේ සඳහා එකතු වෙන්න පුලුවන්.
වාර්ෂිකව ජාතික කඳවුරකුත් ජාතික මූලස්ථානයෙන් පවත්වනවා ලංකාවේ ශාන්ත ජෝන් ගිලන් සේවය පැතිරුණු සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් කැඩෙට් සහ වැඩිහිටි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන්.
අපේ අරමුණ 2015 වෙද්දී ලංකාවේ අංක එකේ නොනිල සහ ස්වේච්ඡා හමුදාව වෙන එක
තව විස්තර ඕනේ නම් කියන්න අයියේ....
යාලුවා දැන් නේවි එකේ වැඩ නිසා ඌට විභාග කරන්න වෙලාවක් නැහැලු. ඒත් කියලා බලන්නම්කෝ
හ්ම්ම්..හුඟක් දේ දැනගත්තා.. මම හිතන් හිටියෙ ගිලන් රථ හයර් එකට දෙන තැනක් කියලා..
Deleteස්තුතියි!
මේකෙ වැඩ කරන අය වැඩ කරන්නෙ ස්වෙච්ඡාවෙන්ද?
@ හරී
Deleteගිලන් රථ හයර් එකට ලබාදීමත් කරනවා. ඒ වගේම ප්‍රථමාධාර පංති සඳහා සුලු මුදලක් අය කරනවා. ඒ වගේ දේවල්වලින් තමා ව්‍යාපාරය පවත්වාගන්න මුදල් උපයා ගැනීම් කරන්නේ.
ශාන්ත ජෝන් ගිලන් හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරීතුමා ඇතුළු සියලු හමුදා නිලධාරීන් වගේම සාමාජික සාමාජිකාවන් ස්වේච්ඡා සේවකයින්. ඒත් ජාතික මූලස්ථානයේ කාර්යාල කටයුතුවලට සම්බන්ධ නිලධාරීන්ට පමණක් ගෙවීම් කරනවා. ඒ වගේමයි ප්‍රථමාධාර පංති පවත්වන දේශකවරුන්ටත් ගෙවීම් සිදු කරනවා....
මට නං හිතෙන්නේ AL ඔහොම උගන්නල හරියන්නේ නෑ කියල..
ReplyDeleteඔහොම උගන්නන්න ගියොත් සර් අමාරුවේ..
අනික තමන් දැන ගන්න ඕන නේහ් තමන්ගේ වැඩ ටික හරියට කර ගන්න AL වලදි..
@ චතුරංග කසුන්
Deleteඋපෙට නම් මේක එතරම්ම ප්‍රායෝගික නැහැ තමා. ඒත් කරන්න බැරිකමකුත් නැහැ වගේ මට පේන විදිහට නම්.
ඉගන ගන්න අය ගොඩක් බ්ලොග් ලියන නිසා හොද පෝස්ට් එකක් වෙයි...කැපවීම ජයග්‍රහනයේ මාවතයි....
ReplyDelete@ සිත්තමී
Deleteඅපේ අයත් ගොඩ ගියොත් අපිටත් සතුටුයි නොවැ :)
මාර කට්ටක්නෙ කාලා තියෙන්නෙ.ඔහොම පාඩම් කරවනවානම් ඕනෙ විභාගයක් සිම්පල් කේස් එකක් වෙයි.
ReplyDelete@ නිසුපා
Deleteමේ යාලුවගේ කතාවේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි. ගෙඹි සුප්, අලුත් යුනිෆෝම් ඇදගෙන මඩ පිට්ටනියේ පෙරලෙන එක වගේ කතා ගොඩක් මම කිව්වේ නැහැ
ජයග්‍රහණයට කෙටි මං නෑනේ..
ReplyDeleteවිභාගෙ ලියන නංගිලා මල්ලිලාට වටිනා ආදර්ශක් දුන් හසිත සර්ටත් ස්තුතියි..
@ රූ....
Deleteකලිනුත් කිව්වා වගේ අක්කේ අපේ එවුනුත් ගොඩ ගියොත් අපිට සතුටුයිනේ.... මොකද පස්සේ පසුතැවෙන එකේ ප්‍රයෝජනයක් නැහැ. එහෙම මනුස්සයෙක්ගේ කතාවක් මම ලබන සතියේ කියන්න ඉන්නේ...
අපිව නම් ගස්වල එල්ලන්න ඕනෙ නෑ. ඉතිහාසෙ නම් ආසාවෙන් දැන් ඉගෙන ගන්නවා.
ReplyDelete@ පිණිබිඳු...
Deleteහා හා බයවුනා නේද :D
මොනා වුනත් හසිත සර්ගේ ඉතිහාස පාඩම් නම් එහෙම උගන්නන්න ඕනි නෑ :))
ReplyDelete@ Pramudi
Deleteනෝටි කිව්වා වගේ අපේ ඉතිහාසේ හරියට දන්නේ නැත්නම් අමුතුවෙන් එල්ලන්න ඕනේ නැහැ තමන්ම තමා එල්ලෙන්න ඕනේ :D
නියම කතාව සර්ට කියල තියෙන්නෙ.
ReplyDelete@ රාජ්
Deleteඅනිවාර්යයෙන්ම
හොඳ ආදර්ශයක්....
ReplyDelete@ prasanna86k
Deleteඒක සැබැයි සැබැයි සැබැයි :)
අනිවා කැපවෙන්න ඕන...නැති නම් මේක කරන්න බෑ
ReplyDelete@ රත්ගමයා
Deleteඒකනේ කියන්නේ ලොක්කා :D
කාලය කෙටි උනත්,කැපවීම තියනවනම් තව මොකුත් ඕන නැහැ..
ReplyDelete@ හිරුහිමාවී
Deleteනොහැක්කක් නොමැත
එහෙම ට්‍රේනින් එකක් තියන්න ඕනනේ යුද්ධ කරන්න. අර එල්ලිලා ඉන්න නිදා ගත්තම හීන එහෙමත් පෙනුන කිව්වද ? හි හි
ReplyDelete@ Chandana D M
Deleteඑහෙම එකක් නම් ඌ කිව්වේ නැහැ. මේවා ක්ෂණික නිදාගැනීම්නේ :D
මගෙත් නාවික හමුදාවෙ යාලුවෙක් ඔය කෑම්ප් එකේ ඉන්නවා...ආරක්ෂක අංශ වලට අවශ්‍ය ආකාරයේ සෙබලෙක් හදන්න නම් ඔය වගේ පුහුණු ක්‍රමවේදයක් තමා භාවිතා කරන්න වෙන්නෙ... මගේ යාලුවත් හයිටි මෙහෙයුම් වලට යන්න උපරිම කට්ට කාලා ට්‍රේනිං වුනේ... දැන් අවුලක් නෑ.. ඒ සල්ලි වලින් වාහනයක් එහෙම අරගෙන හොදින් ඉන්නවා... කට්ට නොබලා කැප උනොත් තමා පස්සෙ දවසක ප්‍රතිඵල විදින්න පුලුවන්.
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteඅපේ එකාටත් මේ වෙද්දී හොඳ ගාණක පඩියක් අතට හම්බෙනවා. මුල් ටිකේ කට්ට කාගෙන හිටියොත් තව පහු පහු වෙද්දී හොඳ හොඳ වේවි
සුන්දර මතකයක්.ආතීතය යනු වර්ථමානය ජිවත් කරවන පෝෂණ ගුණයකි.
ReplyDelete@ Gayani Wedage
Deleteඇත්ත. මේ කතාවෙන් මටත් ලාවට වගේ අපේ රැග් සීසන් එකේ කට්ට මතක් වුනා :)
ඒක නම් මරු කතාව. එහෙම ඉගෙන ගත්තා නම් ....
ReplyDeleteඇත්තටම මේ කතාවේ ගන්ඩ ලොකු ආදර්ශයක් තියෙනවා
@ මධුරංග
Deleteකොහොම හරි කාගෙන උපෙ වගේම අනිත් දේවල් වුණත් ගොඩ දාගන්න ඕනේ තමා අයියා
ඉගෙනගෙන ඇතිද පලක්
ReplyDeleteප්‍රථිපලේ වේ නම් අවුලක්
උන්ට නැත අවුලක්
ලක්ෂ හැට පහ නෑනෙ ගාණක්
@ දිනුක
Deleteනඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :(
හම්මප මටත් හිතෙනවා ගිහින් ඔය කියන ට්‍රේනින් එක අරන් එන්න ෆයිනල් එක්සෑම් එකත් අත ලඟම එන එකේ. හොඳ පොස්ටුව
ReplyDelete@ කෝරලේ මහත්තය
Deleteගෙදරම පුලු පුලුවන් විදිහට කරගන්න කෝරලේ මහත්තයෝ. ප්‍රභාකරනුත් මුලින්ම මේ වගේ දැඩි පුහුණුවක් තමන් විසින්ම තමන්ගේ ගෙදරදීලු කරගත්තා කියලා තමා කියන්නේ
ගොඩක් අයට පිස්ස ුනටපුවායි රඟ තේරෙන්නෙ පස්සෙ කාලෙක...
ReplyDelete@ amila chathuranga
Deleteඒ රඟ තේරුණු යාලුවෙක් මට කියපු කතාවක් ලබන සතියේ කියන්න ඉන්නේ. ඒකත් බලන්න එන්නෝ :)
අඩේ අපිටත් ගස් වල එල්ලලා ඉගැන්නුවනම්........
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteඉස්සරහට තියෙන විභාගවලටවත් ගස්වල එල්ලුණා නම් හරි වගේ :D
අඩේ මට යන්න බැරි උනානේ හමුදාවට...
ReplyDeleteසැහ්..
@ තරියා අබේ
Deleteතවම ප්‍රමාද නම් නැහැ මලයා :)
කැඩෙටින් කරත් ඇති අප්පා, ඒ දවස්වල කාපු කට්ටක්....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteඒකත් ඇත්ත තමා. අපේ අයියා මට හොඳ හොඳ කතා කියලා තියෙනවා කැඩෙටින් කාලේ කාපු කටු ගැන
මට නම් අවුරුදු 2ක් තව තියෙනවා ඒත් දන් ඉදං මහන්සි වෙන්න වෙයි...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteඅනිවාර්යයෙන්ම මලයා. මොකක් හරි දේකට මහන්සි වෙනවා නම් තමා ඒකට කටක් ඇරලා "වැඩක්" කියලා කියන්න පුලුවන් කියලයි මම විශ්වාස කරන්නේ....
අම්මෝ... ට්‍රේනින් එක නම් සැර වැඩිද මන්දා.. ඒත් ඉතින් හොඳ හමුදා නිළධාරියෙක් හදන්න ඔයවගේ පුහුණුවක් නැතිව බෑ තමා...
ReplyDelete@ තොටියා
Deleteමම නිසූපා අක්කාටත් කිව්වා වගේ ගෙඹි සුප්, අලුත් යුන්ෆෝම් ඇඳන් මඩ පිට්ටනියේ පෙරලිලි වගේ තව හොඳ කටු මම කිව්වේ නැහැ
ඇත්ත හසිත ඔය කතාව අපේ මලයත් කීව....(ඌත්..පූනෑවෙ තමයි ට්‍රේනිං උනේ)විභාගයට දීපු උපදෙස නම් අගෙය්...ඕං..!!!
ReplyDelete@ වීපොකුර
Deleteආහ් එහෙම නම් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔයාලගේ මලයා තව හොඳ හොඳ කතා කියන්න ඇතිනේ :)
ආරක්ෂක සේවයේ ඔහොම ට්‍රේනිං දුන්නාම උන් ජීවිතේටම හැදෙනවා. වෙලාවට කලාවට වැඩක් කරන්න පුරුදු වෙනවා. මම හිත්නේ එහෙම ට්‍රේනිං දෙන්නේ ශක්තිමත් මනසක් හදන්න.
ReplyDeleteඒත් ඉතිං මුල් කාලෙ කට්ට කන්න වෙනවා
@ දයානන්ද රත්නායක
Deleteඒකේ අනිත් පැත්ත තමා සමහරු හමුදාවෙන් පැනලා ඇවිත් වගේම සේවයේ ඉදිද්දීත් කරන දාමරික ක්‍රියා. ඒවාටත් පිළියමක් මේ පුහුණු තුළින්ම දෙන්න ඕනේ...
හම්මෝ මට මතක් උනා අපි කැඩෙට් කොරපු කාලෙ :S
ReplyDelete@ ශශී
Deleteකාපු කටු මතක් වෙන්නේ ඇඟ හිරි වැටෙනවා වගේ ඇති :D
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මම අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි. (ප්‍රකාශ කරන්නට තරම් අදහසක් ද නැත.)
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteඒක ගැන නම් ඇත්තටම අදහස් ප්‍රකාශ කරන්න කාටවත් බැහැ අයියේ මේ වෙන ජාතිවල හැටියට. ඒක අච්චාරුවක් කරලා තියෙන්නේ
දැන් හසිත මලයා ඉතිහාස පාඩමට පස්සෙ ප්‍රශ්ණ අහලා අපිටත් මේ වගේ දඬුවම් දෙනවයි.. :)
ReplyDelete@ Dinesh
Deleteනැතෙයි නැතෙයි අයියණ්ඩි. බිය නොවන්න :D
සිරාම කතාව . ඇත්තටම අපි හැමෝටම හමුදා පුහුණුවක් ලැබුන නම් හොඳයි තමා . මාත් කෙඩෙට් කරන්න ගියා එකම දවසයි ..පාන්දර යන්න බැරි නිසා නිකන් හිටිය .
ReplyDelete@ Bindi
Deleteවිචාරක මහත්තයාත් මේ ළඟදී කියලා තිබුණා ලංකාවේ අපිට හමුදා පුහුණුවක් තිබුණා නම් හොඳයි කියලා. ඇත්ත තමා මාත් ඒකට එකඟයි. විනය කියන එක එතකොටවත් හැදෙන්නේ නැතෑ. රටේ ඉහළම තැනේ ඉදන් පහළටම යනකම් විනයක් නැති එකනේ හෙණේ....
පාසල් අධ්‍යාපනය හමාර වූ ගැහැණු පිරිමි සියලු දෙනාටම අනිවාර්යය හමුදා පුහුණුවක් (ආත්මාරක්ෂක සටන් ක්‍රම , නායකත්ව පුහුණුව , විනය , etc) ලබා දෙනවාට මාත් සියට දෙසීයක් මනාපය.... ලංකාව හරි මාවතේ තැබීමට වෙන නම් ක්‍රමයක් සිත ගත නොහැක.... :)
Delete@ Tiraj Adikari
Deleteඅපිට ඉස්කෝලේ උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගෙන්නුවේ පාසලේ ශිෂ්‍ය භට ඒකකය භාරව හිටිය කපිතාන් වානගුරු. සර් ඒ දවස්වල කිව්ව විදිහට 9 හෝ 10 වසරේදී අනිවාර්ය ශිෂ්‍ය භට පුහුණුවකට පාසල් ළමයින් යොමු කරන්න තීරණයක් අරගෙන තිබුණා වගේම ඒ සඳහා අවශ්‍ය කරන විෂය නිර්දේශයක් සකසන කාර්යයට සර් සම්බන්ධ වෙලාත් හිටියා.
ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒක ක්‍රියාත්මක වුනේ නැහැ.
හ්ම් උත්සහයයි කැපවීමයි අවශ්‍යතාවයයි තියනම් කල නොහැක්කක් නොමැත...
ReplyDelete@ තරුවා
Deleteකමාන්ඩෝ භටයන්ගේ ආදර්ශ පාඨයත් ඒකමනේ "නොහැක්කක් නොමැත..."
කැපවීම තියෙනවනම් ගොඩ
ReplyDelete@ චමී4යූ~chami4u
Deleteඑකෙන්ම :D
ලිව්වේ එක පුද්ගලයෙක් ගැන උනාට අපූරු සංවාදයක් නොවැ ගොඩ නැගිලා තියෙන්නේ. අපූරුයි මලේ, කනගාටුවට කරුණ තමයි මගේ ප්‍රමාදය. අවුලක් නෑ මම කොමෙන්ට් සේරමත් කියවුවා.ඔයා දීපු පණිවිඩය වැදගත් වේවි හැමෝටම. ජය..!
ReplyDelete@ Sarath Chandrasiri
Deleteඑච්චරම ප්‍රමාදයක් නැහැ නොවැ අයියා. ලොකු සංවාදයක් කියවන්න ලැබුණානේ :)
හ්ම්ම්ම්ම්ම් ඇත්ත තමා
ReplyDelete@ කසුන්
Deleteඒක තමා මලේ :)
අපිට උගන්වන්න වගේම පොවන්නත් උත්සහ කළා. ඒත් ඉගන ගන්නනම් සැබෑ ආසාවක් තියෙන්න ඕනේ. අර විදියට ඉගැන්නුවේ ටිකක් බරපතල රැකියාවක් නිසා නේද?
ReplyDelete@ අසරණයා
Deleteඒකත් ඇත්ත තමා අයියා. ඉස්කෝලෙදී කරන්නේ අශ්වයාව වතුර ගාවට ගෙනත් අශ්වයාට ඕනේ නම් බොන්න දෙන එකනේ. ඒත් හමුදා පුහුණුව කියන්නේ අශ්වයා කැමැත්තෙන්ම වතු බොන්න ඇවිත් තියෙන්නේ. ඒත් ඌ වතුර ගාවට වෙලා නොබී ඉන්නවා නම් ඌට බලහත්කාරයෙන් වතුර පොවන්න වෙනවා :D
ඇත්තටම ඒ විදියට් ඉගෙන්නුවනම් මමත් කැම්පස් ..
ReplyDelete@ රොබින්
Deleteහප්පච්චියේ මේ කතාව හුඟක් අයගේ කතාව වගේ :D
විනය කියන දේ සෑහෙන්න වැදගත් කොහෙටත්!
ReplyDelete@ Sabith
Deleteඅනිවාර්යයෙන්ම. "විද්‍යා දදාති විනයං" ඉගෙනීමෙන් හික්මීව ලැබේ. "විනයෝ නාම සාසනස්ස ආයු" බුදු සසුනේ ආයුෂ තීරණය කරන්නේ විනයයි" කියලා තමා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙන්නේ....
හෙහ් හෙහ් අළුත් අධ්‍යාපන ක්‍රමයක් නොවැ... තව ටිකක් වර්ධනය කරලා ගත්තනම් මරු!
ReplyDelete@ ලහිරු
Deleteඔව් අයියා. මේකට තව ටිකක් කෑලි එකතු කරලා "උපෙ සමත් කරවීමේ විශේෂ පාඨමාලාවක්" පටන් ගත්තා නම් හරි :D
බන්ඩා මාමාගෙ මොනවට අකමැති උනත් හැමෝටම මිලිටරි අධ්‍යාපනය දෙන එක නම් හූන්ද වැඩක් වගේ...
ReplyDelete@ Skyman125
Deleteසිවිල් වැසියන්ට සාපේක්ෂව හමුදා සාමාජිකයන්ගේ විනය හොඳයි කියලා විශ්වාසයක් තියෙනවානේ [හැමවිටම නෙමේ] ඒකත් එක්ක විනය ඇති කරන්න නම් මිලිටරි අධ්‍යාපනය අවශ්‍ය බව දැන් හුඟක් දෙනා පිළිගන්නවා
මුලින්ම කියන්න තියෙන්නේ ඔය නැවියා හෙට අනිද්දා වෙනකොට බට පතුරු 60 ක් තරම් මහත්වන බවය. එසේ කියන්නේ දීර්ඝ කාලයක් ඒ සංසිද්ධිය අත්විඳ ඇති නිසාය. පාසල් වල ඉගැන්වීම මිලිටරි කරණය නොකර, ස්වාධීන පරීක්ෂක මණ්ඩල මගින් (දේශපාලන හෙන්චයියන් නොවේ. සුදුසුකම් ලත් අධ්යාපනඥයන්) ඉගැන්වීමේ සහ ඉගෙනීමේ තත්ත්ව ඇගයීමක් කල හැකියි. (දේශපාලු වල් බල්ලන්ට මෙය තේරුම්කර දීම සඳහා මිලිටරි රජයක් තිබුනානම් හොඳයි උපරිම වශයෙන් අවුරුදු 5කට) ඒ අනුව ඒ ඒ ගුරුවරයාම අමතර පන්ති කලයුතු බව අනිවාර්ය කල යුතුයි. පිස්සු කෙලින කොලු කෙල්ලන් පාසලෙන් ඉවත් කර කාර්මික අධ්‍යාපනය වෙත යොමු කිරීමෙන් ඔවුන්ගේ සහජ කුසලතා හඳුනාගෙන ඔ ලෙවල් ඒ ලෙවල් මොන ලෙවල්වත් නැතුව ඉදිරියට යන ක්‍රමයක් හැදිය යුතුයි. (ඉක්මනින් රැකියා ලබන. හැබැයි විධායක මට්ටමේ නෙවේ අදායම් උපයන) හොඳම ඇම්ඩන්ලා ත්‍රිවිධ හමුදාවට යැවිය හැකියි. මේ තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යුහමය වෙනසේ සැකිල්ල.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteඔබේ කතාවට එකඟයි. හොඳම ඇම්ඩන්ලා ත්‍රිවිධ හමුදාවට යවන කතාව නම් හොඳටම හොඳයි. අපිත් එක්ක ඉස්කෝලේ හිටිය හොඳම ඇම්ඩන්ලා දෙතුන් දෙනෙක්ම මේ වෙද්දී ඉන්නේ හමුදාවේ..... එහෙම ඇම්ඩන් කෙනෙක්ගේ කතාවක් හෙට උදේට පළවේවි. ඒකත් කියවලා බලන්න......
ඇම්ඩන් කතාවක් මමත් අද පල කරනවා. හැබැයි ඔබේ කතාවට අදාළ නොවෙන විදිහට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteමම එන්නම්කෝ කියවලා බලන්න :)