ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා දෙක කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවි
ලංකාවේ රාජාවලියේ අන්තිම රජතුමා එහෙමත් නැත්නම් කන්ද උඩරට තිබුණු ලංකාවේ අන්තිම රාජධානියේ අන්තිම රජතුමා වුණේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. රජතුමාගේ පසුබිම සම්බන්ධව කෙටියෙන් කතා කළොත් රජතුමාගේ මුල් නම වුණේ කන්නසාමි. මේ කුමාරයාගේ මව රාජාධිරාජසිංහ රජතුමාගේ නායක්කර් බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලු. පියා වුණේ රජ වාසළ දූතයෙක් විදිහට සේවයේ නියැලුණු වෙන්කඩ පෙරුමාල් ස්වාමි.
ලංකාවේ රාජාවලියේ අන්තිම රජතුමා එහෙමත් නැත්නම් කන්ද උඩරට තිබුණු ලංකාවේ අන්තිම රාජධානියේ අන්තිම රජතුමා වුණේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. රජතුමාගේ පසුබිම සම්බන්ධව කෙටියෙන් කතා කළොත් රජතුමාගේ මුල් නම වුණේ කන්නසාමි. මේ කුමාරයාගේ මව රාජාධිරාජසිංහ රජතුමාගේ නායක්කර් බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලු. පියා වුණේ රජ වාසළ දූතයෙක් විදිහට සේවයේ නියැලුණු වෙන්කඩ පෙරුමාල් ස්වාමි.
කෙසේ නමුත් තමන්ගේ ස්වාමියා මිය ගියාට පස්සේ කන්නසාමිගේ මව රාජාධි රාජසිංහ රජු සමඟත් ඒ වගේම රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් හෙවත් පළමුවෙනි අදිකාරම්වරයා වුණු පිළිමතලාවේ සමඟත් අනියම් සබඳතාවක් පැවැත්වූ බවයි කියවෙන්නේ. මේ සම්බන්ධයෙන් උපන් දරුවා වුණේ කන්නසාමි.
පිළිමතලාවේ අදිකාරම්
රාජාධිරාජසිංහ රජතුමා මේ දරුවා තමන්ගේ බව සිතුවත් සැබවින්ම මේ දරුවාගේ පියා වුණේ පිළිමතලාවේ අදිකාරම් බවයි කියවෙන්නේ. කෙසේ නමුත් පසුව සිදුවුනු කුමන්ත්‍රණයක් මත රාජාධිරාජසිංහ රජතුමා මියයන අතරම පිළිමතලාවේ අදිකාරම්වරයා උපායශීලීව ඒ වනවිට රාජ්‍යත්වයට උරුමකම් කීමට සිටි අග බිසවගේ සහ තවත් බිසෝවරුන් දෙදෙනෙකුගේම සොයුරා වුණු මුත්තුසාමි පලවා හැර කන්නසාමිට රජකම ලබාදීමට සමත් වෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18 ක් වුණු කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 1798 දී රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ කතාව සවිස්තරව කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ලහිරු ලියපු ඒ කතාව.
කෙසේ නමුත් වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමය තුළ රජතුමාගේ කෲරත්වය ඉස්මතු වෙන ක්‍රියාකාරකම් කීපයක්ම සිදුවුණා. ඒ අතරින් සුවිශේෂී සිද්ධිය වෙන්නේ ඇහැළේපොළ මහ නිළමේතුමාගේ පවුලේ අයව ඝාතනය කළ සිදුවීම.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්
ඒ සිදුවීම් හැරුනාම වරින් වර එල්ල වුණු ඉංග්‍රීසි ආක්‍රමණයන් කීපයකුත් මේ කාලේ සිද්ධ වුණා. එක් අවස්ථාවක ඉංග්‍රීසින්ගේ උදව් ලබාගත්තු මුත්තුසාමි කුමාරයා 1803 මාර්තු මාසයේ සෙංකඩගල අල්ලාගෙන සිහසුනට පත් වුණත් ටික කලකින් නැවත වරක් පසු බසින්න සිද්ධ වුණා. මේ විදිහට ගෙවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය අවසන් වෙන්නේ 1814 දී ඉංග්‍රීසින් දියත් කළ උඩරට ඇල්ලීමේ සංග්‍රාමය හරහා
මීට පෙර උඩරට ඇල්ලීමට ගිය පෘතුගීසි, ලන්දේසි වගේම ඉංග්‍රීසි සේනාවන්ට නොතිබුණු වාසි සහගත තත්ව රැසක්ම මෙවර හිමිවෙලා තිබුණා. විශේෂයෙන්ම උඩරට රජතුමා කෙරෙහි තිබුණු රදළ සහ මහජන පක්ෂපාතීත්වය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් ගිලිහිලා තිබුනේ. රජතුමාගේ අදිකාරම්වරු දෙදෙනෙක් වුණු ඇහැළේපොළ සහ මොල්ලිගොඩ අදිකාරම්වරු මේ යුධ ප්‍රයාණයට සම්බන්ධ වුනා වගේම සියලුම යුධ රහස් ඉංග්‍රීසින්ට ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ.
මෙවන් වූ තත්වයක් හමුවේ ලේ වැගිරීම් හැකිතාක් අඩුවෙන් සිදු කරමින් 1815 පෙබරවාරි මාසය වෙද්දී ඉංග්‍රීසින් සෙංකඩගල ආසන්නයටම පැමිණිලා හිටියේ. පෙබරවාරි 11 රජතුමා සෙංකඩගල අතහැර පලා ගියා කියන ආරංචිය ඉංග්‍රීසීන්ට ලැබීමත් එක්කම තමන්ගේ කටයුතු ඔවුන් ඉක්මන් කරනවා. ඒ අනුව 1815 පෙබරවාරි 14 වෙනිදා මේජර් මොෆට් යටතේ පැමිණි ඉංග්‍රීසීන්ගේ දෙවෙනි බල ඇණිය වැසියන් අත් හැර දමා ගොස් පාළු වී තිබුණු කන්ද උඩරට රාජධානියේ අගනුවර වුනු සෙංකඩගල නගරය අල්ලා ගන්න සමත් වෙනවා.
සෙංකඩගල රජ මාළිගය
කෙසේ නමුත් රජතුමාව අල්ලා ගන්නා තෙක් සටන අවසන් නොවන නිසා ඉංග්‍රීසින් ඒ ගැන අවදානය යොමු කරනවා. ඒ යටතේ රජතුමා ඌවට පලායෑම වළක්වන්න කටයුතු යොදන ගමන්ම රජතුමා ඉන්නවා කියලා සැක කරපු දුම්බර ප්‍රදේශයට ජෝන් ඩොයිලි සහ ඇහැළේපොල මහ නිළමේගේ මූලිකත්වයෙන් භට කණ්ඩායම් පෙබරවාරි 16 වෙනිදා පිටත් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා.
ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණය ආරංචී වීමත් එක්කම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ කකුධ භාණ්ඩ, සිංහාසනය ඇතුළු වටිනා භාණ්ඩ දුම්බර පොද්දල්ගොඩ කඩතුරා ලෙනේ වගේම තවත් ආරක්ෂිත ස්ථානවලට පිටත් කරනවා.
ඊට පස්සේ බිසෝවරුන් සහ හිතවත් සේවකයන් පිරිසක් එක්ක උඩු දුම්බර තිබෙන ආපදා අවස්ථාවලදී රජවරුන් භාවිතා කරන ගල් ලෙනකට පිටත් වෙනවා. මේ ලෙන අද හුන්නස්ගිරි නගරාසන්නයේ තියෙන ගලේ නුවර කන්දේ තිබෙනවා කියලයි කියන්නේ.
කොහොම නමුත් මේ අවස්ථාවේ රජතුමා ගල් ගුහාව අසළට ගිහින් තල් අත්ත ඇල්ලුවත් පලක් වෙන්නේ නැහැ. රජතුමා ඇහැලේපොළ පවුල ඝාතනය කිරීම නිසා දේව කෝපයෙන් වතුර පහර සැර වැඩිවුනු බවයි කියවෙන්නේ. ඒ නිසා රජතුමා තීරණය කරනවා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න. ඒත් රෑ බෝවීම වගේම වර්ෂාවක් ඇතිවීම නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා.
රජතුමා ඇතුළු පිරිසව ගෞරවයෙන් පිළිගන්න උඩුපිටියේ ආරච්චිල රජතුමා ඇතුළු පිරිසට හැකි පමණින් සත්කාර කරනවා. පසුවදා උදෑසන රජතුමා ගල උඩ බලකොටුවට යන්න සූදානම් වුණත් ඉංග්‍රීසින් මේ ප්‍රදේශයට පැමිණි ආරංචිය දැනගත්තු උඩුපිටියේ ආරච්චිල රජතුමාව ඒ බව දැනුම් දීමත් එක්ක රජතුමා ඒ දවසෙත් බෝමුරේ නතර වෙන්න තීරණය කරනවා.
රජතුමා සොයාගෙන බෝමුරේට ආපු එක්නැලිගොඩ නිළමේ ඇතුළු පිරිසට දකින්න හම්බවෙන්නේ පාලුවට ගිය බෝමුරේ ගම. ගමේ මිනිස්සු ආරක්ෂාවට කැළෑ හැංගිලා ඉන්නේ. මේ වෙලාවේ කැළෑවේ හැංගෙන්න යමින් හිටිය කොලු ගැටයෙක් මේ පිරිස දැකලා පැනලා දුවද්දී අල්ලා ගන්න එක්නැලිගොඩගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ කොලු ගැටයා බයට පත් වෙලා කියනවා
"අනේ හාමුදුරුවනේ, මා මරන්න එපා, දෙවියන් වහන්සේ සැඟවී සිටින ස්ථානය මම පෙන්වන්නම්" කියලා
"අනේ හාමුදුරුවනේ, මා මරන්න එපා, දෙවියන් වහන්සේ සැඟවී සිටින ස්ථානය මම පෙන්වන්නම්" කියලා
තමන් ආපු කාර්යය සාර්ථකයි කියලා වටහා ගත්තු එක්නැලිගොඩ සතුටට පත්වෙලා ලණුවකින් කොලු ගැටයාගේ ඉණ බැඳලා අරගෙන යනවා "හා ඉතින් දෙවියන් වහනසේ ඉන්නා තැන පෙන්නාපිය" කියලා
කොලුවා උඩුපිටියේ ආරච්චිලගේ ගේ ගාවට ඇවිත් "මෙන්න මේ ගෙයි ඇතුළේ දෙවියන් වහන්සේ ඉන්නවාය" කියලා කියනවා.
කොලුවාට යන්න හරින එක්නැලිගොඩ ගේ වටේට රැකවල් දාලා ගේ ගාවට යද්දී දකිනවා උඩුපිටියේ ආරච්චිල හෙල්ලක් අතේ තියන් දොර අබියස මුර කරනවා.
එක්නැලිගොඩ දැක්ක උඩුපිටියේ ආරච්චිල උපහසාත්මකව අහනවා "එක්නැලිගොඩ නිළමේ කාලෙකින් මේ පැත්තේ මොකදැ" කියලා.
"ඔහේලාගේ සැප දුක් බලාගෙන යන්න ආවා නොවැ" කියලා උපහාසාත්මකව පිළිතුරු දීපු එක්නැලිගොඩ තවත් ඉස්සරහට යද්දී රාජපාක්ෂික භාවය නිසා උඩුපිටියේ රජතුමාව ගලවා ගන්නා අදහසින් එක්නැලිගොඩට හෙල්ලෙන් අනිනවා.
ඒත් එක්නැලිගොඩ පස්සට ගිහින් බේරෙනවා. අවසානයේදී හේවායෙක්ගේ කඩු පහරින් උඩුපිටියේ ආරච්චිල රජතුමා වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා.
තවත් තැනක සඳහන් වෙන්නේ දොරටුව අබියස සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් සිටිය බවත් එයා එක්නැලිගොඩට හෙල්ලෙන් ඇන්නත් ඒක අසාර්ථක වෙන නිසා ඊට පස්සේ ඒ අප්පුහාමිව අල්ලා ගන්නවා කියලා. මේ සැතපෙන ගෙයි අප්පුහාමිලා ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවානේ.
පස්සේ දොර අරින්න කියලා එක්නැලිගොඩ නියම කළත් දොර රජතුමා අරින්නේ නැහැ. ඒත් රජතුමා ජනේලයකින් රිදී ආලේපිත තුවක්කු තුනකුත්, කිණිසි දෙකකුත් පිටතට දානවා. ඒත් රාජ්‍ය සංකේතය වුණු රන් කඩුව දෙන්නේ නැහැ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කඩු කස්ථාන
ඒක නිසා එක්නැලිගොඩගේ නියමයෙන් වංගෙඩියක් ආධාරයෙන් දොර කඩා දැම්ම මේ පිරිස ගේ ඇතුලට කඩා පනිනවා. ඇතුළේ ස්වර්ණාභරයෙන් සැරසුණු රජතුමා, අග බිසව සහ තවත් එක් බිසවක් ඉන්නවා.
තමන් අල්ලන්න එන පිරිස දැක්කාම රජතුමා රාජ තේජසින් කියනවා "තොපගේ රජ්ජුරුවන්ගේ ඇඟට අත නොතබවු" කියලා
රාජකීය සිරිත් විරිත් අනුව රජතුමාගේ ඇඟට අත තියෙන්න හැමෝටම පුලුවන්කමක් නැහැ. දියවඩන නිළමේ සහ සළුවඩන නිළමේ, රාජකීය වෛද්‍යවරයා වගේ කීප දෙනෙක්ට විතරයි රජතුමාගේ ඇඟට අත තියන්න පුලුවන්. දැන් අහන්න එපා අග බිසවටයි අනෙක් බිසෝවරුන්ටයිත් රජතුමාගේ ඇඟට අත තියන්න බැරිද කියලා :)
රජතුමාගේ අවසරයක් නැතුව රජතුමාගේ ඇඟට අත තැබීම වරදක් විදිහට සැලකුණා වගේම සමහර වෙලාවට ඒ නිසා මරණීය දණ්ඩනය පවා හිමිවුණු මිනිස්සු ඉන්නවා. අහලා ඇතිනේ II රාජසිංහ රජතුමා ගැන කතාව
ආයි කතාවට ආවොත් රජතුමාගේ මේ කතාවෙන් භය වුණු පිරිස පස්සට ගියත් පස්සේ එක්නැලිගොඩගේ අණින් මේ පිරිස ඉස්සරහට යනවා. පළමුවෙන්ම ගිය වැලි අංගා කියන මනුස්සයාගේ කතාව මම කලින් කතාවෙන් කිව්වනේ.
රජතුමා ඇතුළු පිරිසගේ ඇඳුම් ඉරා දමලා ස්වර්ණාභරණ ගලවාගන්න මේ පිරිස කටයුතු
කරනවා. මේ විදිහට වස්ත්‍රාභරණ ගලවා ගනිද්දී රජතුමාගේ සහ අග බිසව වුණු
වෙන්කත
රංගම්මාල් බිසවගේ ලේ තැවරුනු වස්ත්‍ර ගන්න කිරිපෝරුවේ මොහොට්ටාල ඒවා තමන්ගේ
නිවසේ පෙට්ටගමක ප්‍රවේශමට තබනවා. පසු කාලීනව ඒ පරපුරේ සාමාජිකයන් ඒවා 1941
දී කොළඹ ජාතික කෞතුකාගාරයට භාර දෙන්න කටයුතු කරනවා.
දැනට කොළඹ සහ මහනුවර ජාතික කෞතුකාගාරවල තබා ඇති රජතුමාගේ වස්ත්‍ර කීපයක්
රජතුමා සහ පිරිස පත්වෙලා හිටිය තත්වය විස්තර කරන ඉංග්‍රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා වුණු දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක මුදලි කියන්නේ තමන් ගෙයි ඇතුළේ හිටිය බිසෝවරුන්ට "අම්මාවරුන්" ලෙස ගෞරවයෙන් කතා කරලා පිටතට කැඳවා ගත්තා කියලා.
ඇඳුම් ඉරා දමලා කන් පෙති ඉරලා කර්ණාභරණ ගලවා ගත්තු නිසා කන් පෙතිවලින් ලේ ගලමින් හිටිය බිසෝවරුන් "අනේ අප බේරගන්න" කියමින් එළියට ඇවිත් තියෙනවා. ඔවුන් හිටිය ආකාරය ඩයස් මුදලි දක්වන්නේ "හරියට ගෙල කඩා දමන ලද කිකිළියන් වගේ" කියලා.
මේ තුවාලවලට ඖෂධ කොළ වර්ගයක් තියලා ඉඹුලන්වල ආරච්චි ලවා ප්‍රතිකාර කරන්න ඩයස් මුදලි කටයුතු කරනවා. වස්ත්‍රාභරණ කොල්ල කාපු පිරිස රජතුමා ඇතුළු පිරිසට විලි වසාගන්න වියතක් පමණ වුණු රෙදි කැබලි දීලා තිබුණේ
ඇඳුම් ඉරා දමලා කන් පෙති ඉරලා කර්ණාභරණ ගලවා ගත්තු නිසා කන් පෙතිවලින් ලේ ගලමින් හිටිය බිසෝවරුන් "අනේ අප බේරගන්න" කියමින් එළියට ඇවිත් තියෙනවා. ඔවුන් හිටිය ආකාරය ඩයස් මුදලි දක්වන්නේ "හරියට ගෙල කඩා දමන ලද කිකිළියන් වගේ" කියලා.
මේ තුවාලවලට ඖෂධ කොළ වර්ගයක් තියලා ඉඹුලන්වල ආරච්චි ලවා ප්‍රතිකාර කරන්න ඩයස් මුදලි කටයුතු කරනවා. වස්ත්‍රාභරණ කොල්ල කාපු පිරිස රජතුමා ඇතුළු පිරිසට විලි වසාගන්න වියතක් පමණ වුණු රෙදි කැබලි දීලා තිබුණේ
රජතුමා බිම පෙරළා ගෙන හිටිය සිංහල සෙබළු රජතුමාට පහර දෙමින් කෙළ ගසමින් අපහාස කරමින් සිටියා කියල තමා කියවෙන්නේ. මේ අවස්ථාවේදී එක්නැලිගොඩ තමන්ගේ මිනිස්සුන්ට අණ කරනවා "වැල් පටක් කඩාගෙන ඇවිත් මේ ඌරා බැඳ ඇඳ ගෙනයව්" කියලා.
ඒ වගේම නොයෙක් විදිහට රජතුමාට අපහාස කරන්න ඔහු පටන් ගන්නවා.
මේ තත්වය ඉවසා ගත නොහැකි වුණු ඩයස් මුදලි කියනවා "අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියෙකුට මෙන්, දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරවයක් පෙන්වූයේ නැහැ"
කියලා තමන්ගේ විරෝධය දක්වලා ඊට පස්සේ කියනවා
"දැන් රජතුමා අත් අඩංගුවට අරගෙන තිබෙන නිසා අවශ්‍ය වෙන්නේ ඔහුට අපහාස කිරීම නෙවෙයි, ආරක්ෂා සහිතව රැගෙන යාමයි. ඇයි මේ වැල් පටින් බැඳ රජුට අවමාන කරන්නේ" කියලා
පස්සේ රජතුමාට විළි වසාගන්න තමන්ගේ සළුව ඩයස් මුදලි විසින් ලබාදෙනවා. ඒත් එක්නැලිගොඩ ඩයස්ටත් කෝපයෙන් බැණ වැදිලා කියන්නේ තමන්ට කාගේවත් උපදෙස් අනවශ්‍ය බවයි. පස්සේ එක්නැලිගොඩගේ අණින් රජතුමාව වැල් පටින් බැඳ දාලා රජතුමාට ඇවිදගෙන යන්න අපහසු වුණු නිසා බිම දිගේ ඇදගෙන යනවා.
රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය
මේ ශෝචනීය තත්වය ඉවසාගන්න බැරිවුණු ඩයස් මුදලි ජෝන් ඩොයිලිට හදිසි පණිඩියක් යවමින් දෝළාවක් සහ ඇඳුම් පැළඳුම් අරගෙන වහාම එන්න කියලා ඉල්ලා සිටිනවා. පැයකුත් විනාඩි 20 ක් ඇතුළත හමුදා භටයන් පිරිසක් මේජර් හාඩි සහ හූක්ගේ නායකත්වයෙන් පැමිණෙනවා.
හිස්වැසුම් ගලවලා රජතුමාට ආචාර කරන මේජර්වරුන් දෙදෙනාගේ නියෝගයෙන් ඉංග්‍රීසි සොල්දාදුවන් රජතුමාව බැඳලා තිබුණු බැමිවලින් නිදහස් කරනවා වගේම රජතුමාට පහර දෙන්න ආපු සබරගමුවේ ජනතාව කස පාවිච්චි කරමින් හසුරුවන්නත් කටයුතු කරනවා.
ඩයස් මුදලි කියන විදිහට අඩි 6 ක් පමණ උස දර්ශනීය රූප සොබාවයක් තිබුණු රජතුමාගේ දේහය හැම තැනම තුවාල වෙලා ලේ ගලමින් තිබුණු අතර රජතුමා ඒ අවස්ථාවේ අහනවා "රජෙකුට සැලකිය යුත්තේ මෙසේද?" කියලා.
රජතුමාට ඒ අවස්ථාවේ පිපාසයක් තිබුණු නිසා මිදි යුෂ සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා. බිසෝවරුන්ට රතු වයින් සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා.
පසුව දෝලාකරුවන් පැමිණිය නිසා හදිසියේ එකතු කරගත්තු සුදු ඇඳුම්වලින් රජතුමා ඇතුළු පිරිස සරසවලා සෙංකඩගලට පිටත් කරනවා. රජතුමා දෝලාවට නඟින්න කලින් ඩයස් මුදලිට කියනවා "පුතා, සුද්දන් විසින් නිසැකවම මට මරණීය දණ්ඩනය දෙනු ඇත. එහෙත් බිසෝවරුන්ට අභය දානය දෙනු ඇත. මා නුඹෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට රැකවරණයත්, ආරක්ෂාවත් ලබාදෙනු ලෙසයි" කියලා.
ඒ වෙද්දි හංවැල්ලේ හිටිය රජතුමාගේ මව සහ තවත් බිසෝවරුන් දෙන්නෙක් දෝලා යවලා රජතුමා සිටිය තෙල්දෙණියට කැඳවා ගන්නත් ඉංග්‍රීසින් කටයුතු කරනවා.
මේ ආකාරයෙන් උඩරට අවසන් රජතුමා 1815 පෙබරවාරි 18 වෙනිදා ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වෙනවා.
විශේෂ කරුණක් තමා රජතුමා අල්ලා ගත් පසුව ඒ සඳහා මුල්ම පියවර තියපු ඇහැළේපොළ මහ නිළමේ රජතුමාව කිසිම අවස්ථාවක මුණගැසීමට නොපැමිණීම. ඒත් තමන්ගේ පවුලට ඉමහත් හානියක් කරපු රජතුමා වෙනුවෙන් පුදුමාකාර වූ ආත්ම දමනයක් සහ මනුෂ්‍යත්වය පෙන්වපු ඇහැළේපොළ නිළමේ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටින්නේ රජතුමාගේ ජීවිතයට හානියක් කරන්න එපා කියලා.
නමුත් තවත් කතාවක් තමා ඇහැළේපොළ තමා හමුවන්න එන්නේ සිනාසීමට නිසා තමා සමීපයට එන්න ඔහුට ඉඩ දෙන්න එපා කියලා රජතුමා ඉංග්‍රීසීන්ගෙන් ඉල්ලා සිටියා කියන එක
ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්
රඹුක්වැල්ලේදී රජතුමා හමුවෙන ඩොයිලි රජතුමා සහ පිරිසට ආහාර පාන සහ නවාතැන් පහසුකම් සළසනවා. ඒ වගේම රජතුමා අල්ලා ගත් පුවත ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට දැනුම් දෙනවා. පෙබරවාරි 19 වෙනිදා රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේදී මේ ආරංචිය ලැබීමත් එක්කම අතිශය ප්‍රීතියට පත්වෙන බ්‍රවුන් රිග් සතුටු කඳුළු වගුරවමින් තමන් එක්ක හිටිය පිරිසට අත දෙමින් දෙමින් යුරෝපා ජාතීන් තුනක් වසර 300 ක් පමණ වෑයම් කළ කාර්යය ජයගන්න හැකිවීම ගැන හැමෝටම ස්තුති කරනවා.
කොහොම නමුත් මුලින් රජතුමාව සෙංකඩගලට යවන්න හිටියත් තමන්ගේම අගනුවරදී පරාජිතයෙක් විදිහට ඉන්න සිදුවීමෙන් රජතුමා වෙන අපහසුතාව තේරුම් ගත්තු බ්‍රවුන්රිග් රජතුමාව කොළඹට පිටත් කරන්න නියම කරනවා.
රජතුමා කොළඹට පිටත් කරන අතරතුරේදී ඒ කණ්ඩායමට රජතුමාගේ ඥාති සහෝදරයෙක් වෙන වෙන්ගඩ සාමි සහ නායක්කර් කුමාරවරු තුන් දෙනෙකුත් ඊටත් පසුව ගම්පොළ දෙවියෝ සහ දෙගල් දෙවියෝ කියලා හඳුන්වපු රජතුමාගේ මාමණ්ඩිලා දෙන්නෙක් සහ බෑණාවරු තුන් දෙනෙකුත් එකතු වෙනවා.
අවසානයේදී කොළඹ බලා පිටත් කෙරුණු රජතුමාගේ කණ්ඩායමට රජතුමාගේ විශාල ඥාති පිරිසක් එකතු වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් තරම් දෝලා නොතිබුණු නිසා පයින් ගමන් කරන්නත් වෙනවා. කෙසේ නමුත් රජතුමා ගමන් කරන්නේ ඩොයිලි ලබාදුන්නු දෝලාවේ. අන්තිමට බ්‍රවුන්රිග් දෝලා තුනක් මේ කණ්ඩායමට ලබාදෙනවා.
රජතුමා ගමන් ගත්තු දෝලාව දෙපසින් ප්‍රධාන නිලධාරීන් දෙන්නෙක් අසු පිටින් ගමන් ගන්නවා වගේම දෝලාව ඉදිරියෙන් හා පසුපසින් අශ්වාරෝහක භටයන් වගේම පාබල සෙබළ පිරිසකුත් ගමන් ගන්නවා. ඒ පිරිසත් එක්කම ඩයස් මුදලි සහ තම්බි මුදලි ලෙස හැඳින්වුණු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි ගමන් කරනවා.
ජෝන් ඩොයිලි
රජතුමා සඟවා තබා තිබෙන රාජකීය වස්තුව ඇති ස්ථාන ගැන ඩොයිලිව දැනුවත් කරනවා. ඒවා ඇහැලේපොළ අතට පත්වනු වැළැක්වීමයි රජතුමාගේ මූලික අරමුණ වෙන්නේ.
රජතුමා ඒ අවස්ථාවේ ඩොයිලිට දෙන අවවාදය තමා
"ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත. ඔහුගේ ආත්මය අකෘතඥතාවයෙන් සහ බල ලෝභයෙන් පිරී ඇත. රටේ නීතිය අනුව දෙවතාවක් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීමට තිබුණද මාගේ අනුග්‍රහය යටතේ ඔහුට ජීවිත දානය ලබාදුන්නෙමි"
"ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත. ඔහුගේ ආත්මය අකෘතඥතාවයෙන් සහ බල ලෝභයෙන් පිරී ඇත. රටේ නීතිය අනුව දෙවතාවක් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීමට තිබුණද මාගේ අනුග්‍රහය යටතේ ඔහුට ජීවිත දානය ලබාදුන්නෙමි"
ඒවගේම රජතුමා තමන්ගේ මව සහ බිසෝවරුන් හතර දෙනාගේ අත් ඩොයිලිගේ අත මත තබා භාරදීලා ආරක්ෂාව සලසන්න කියලා ඉල්ලා සිටියත් රජතුමාගේ ජීවිතයට වගේම බිසෝවරුන්ගේ ජීවිතයට ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඩොයිලි සහතික වෙනවා.
මාර්තු 6 වෙනිදා කොළඹට ළඟා වෙන රජතුමා ඇතුළු පිරිසව පිළිගන්නේ කොළඹ නගරාරක්ෂක බල ඇණියේ නායක ජෙනරාල් කර් විසින්. රජතුමාට වාසය කරන්න ගාලු මුවදොර ආසන්නයේ සකස් කරලා තිබුණු විශාල නිවසට පසුව රජතුමා රැගෙන ගියාම රජතුමා "මට රජෙකු වීමට අවසර නැති හෙයින් මට දක්වන ලද කරුණාවන්තභාවය ගැන ස්තුතිවන්ත වෙමි" කියලා කියනවා.
රජතුමා භාරව කොළඹ දක්වා පැමිණි මේජර් හූක්ට රජතුමා ස්තුතිවන්ත වෙන අතරම රජතුමා ඔහුට රන් මුද්දක් පිරිනමනවා. ඒ මුද්ද මේ වනවිට මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙන බවයි කියන්නේ.
1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව
මේ වනවිට මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී කියෙව්ව උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු
"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ
දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට
ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න
යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින්
හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල
වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින්
එලිදරවු කරනුයැ ..............."
හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.
1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කරපු රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.
ආදී වශයෙන් තිබෙන කවි පෙළ රජතුමා කියන්නේ මේ විදිහට කොළඹින් පිටත් වෙන අවස්ථාවේ කියලයි කියන්නේ. ඒත් ඒ කවි රජතුමා ගායනා කරපුවා නොව අඥාත කවියෙක් විසින් රචනා කරපු එකක් කියලත් කියනවා.
ඒ නිවසේ තිබුණු විශේෂත්වය තමා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා 1799 දී මියගිය මයිසූරයේ සුල්තාන් වුණු ටිපු සුල්තාන්ගේ පවුලේ අයව රඳවලා තිබුනේත් මේ නිවසේ වීමයි. ඒ කාලයේදී මේ නිවස "හයිදර් මහල්/ ටිපු මහල්" කියලා හැඳින්වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස පැමිණීමත් එක්ක "කැන්ඩි මහල්" නමින් හඳුන්වලා තියෙනවා.
ඒ වගේම වෙල්ලෝර් කොටුව මුලින්ම 1533 දී නායක්කර් වංශිකයන් වුණු චින්න බොම්බි නායක් සහ තිම්මා රෙඩ්ඩි නායක් වීම තවත් සුවිශේෂී කරුණක්
අත් අඩංගුවේ පසුවෙන රජතුමා හමුවුණු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වුණු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වුණු Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English ට ඇතුලත් කරන ලද රජතුමා ගැන කරන විස්තරයක් තමා මේ.
රජතුමාගේ රූ සොබාවය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි.
"මහනුවර සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහල් අඟල් 9 ක් 10 ක් පමණ උසය. මඳක් ස්ථූලය. ශක්තිමත්ය. මනාව වැඩුණු මාංශ පේශින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුළක් ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණි. ඔහුගේ දේහය පෞරුෂය විදහා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහුගේ බුද්ධි හීන පුද්ගලයෙක් යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහ කර හිරභාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍යයෙන් ප්‍රියවාදී හා සොම්නස් සහගත විය"
මේ මාර්ෂල් සහ රජතුමා අතර ඇතිවුණු සංවාද කීපයක්.
රජතුමා : මගේ වැසියෝ නිසි ලෙස හැසිරුණාහු නම් මම පිරිමියෙක්ද ගැහැණියක්ද යන වග ඔබට පෙන්වන්ට තිබිණි. මගේ රාජ්‍ය කාලයේදී ඔබ දෙවරක් මහනුවර නගරය අල්ලාගත්ත්තාහුය. එහෙත් ඒ දෙවතාවේම බොහෝ සතුටින් ඔබ මහනුවර හැර ගියාහුය.
මාර්ෂල් : ඔබේ වැසියන් මහනුවර කරා වැටී තිබුණු සමහර මාර්ගවලදී අපට බලවත් විරෝධයක් නොපෑ බව ඇත්තයි. එහෙත් තුන් කෝරළේ සහ සතර කෝරළයේ සෙනඟ සෑහෙන තරම් හොඳින් ක්‍රියා කළහ.
රජතුමා : ආහාර අනුභව කිරීමෙන් පසු එහි රස ගැන කතා කිරීම නිෂ්ඵලය
රජතුමාගේ කෲර දඬුවම් ගැන විමසපු අවස්ථාවක රජතුමා පිළිතුරු දෙන්නේ "මේ නීතීය මා නිර්මාණය කළ එකක් නොවේ. මම මගේ රාජ්‍ය රාජ ධර්මවලට අනුකූලව පාලනය කළෙමි" කියලා
රජතුමාට ඉංග්‍රීසි රජයෙන් කිසියම් දීමනාවක් හිමිවුණු අතර රජතුමා සුපුරුදු පරිදි අභිමානයෙන් ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමා 1830 දි වෙල්ලෝරයේ සංචාරයකට පැමිණි මදුරාසි ආණ්ඩුකාර ලුෂින්ටන්ව හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරපු එක.
මේ විදිහට ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවේ රාජකීය සිරකාරයෙක් විදිහට අවුරුදු 16 ක් ගත කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. මියයන කොට රජතුමාට වයස අවුරුදු 52ක් වෙනවා.
1832 ජනවාරි මාසයේ මුල ඉදන්ම රජතුමාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රීඩ් රජතුමාව පරීක්ෂා කරපු අවස්ථාව රජතුමාට උදරාබාධයක් පෙළෙන බව දකිනවා. මුලින් රජතුමා බටහිර බෙහෙත් ලබාගත්තත් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹෙනවා.
පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත රජතුමාගේ ආදාහනයට යුද්ධාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් පිරිමි ඥාතීනුත් එකතු වෙනවා. රජතුමාගේ දේහය ආදාහනය කරන්නේ වෙල්ලෝරයේ පිහිටි පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.
පසුව රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. රජතුමාගේ බිසෝවරුන්ගේ භෂ්මාවශේෂත් පසුකාලීනව තැන්පත් කරන්නේ ඒ ස්ථානයේමයි. ඒ ස්ථානය හැඳින්වෙන්නේ මුතු මණ්ඩපම් නමින්.
මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ. පසුව 1990 දී තමිල්නාඩු මහ ඇමති කරුණානිධි විසින් මුතු මණ්ඩපම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරවලා විවෘත කරනු ලබනවා
මියගිය රජතුමාට දාව අග බිසව වුණු වෙන්කත රංගම්මාල්ට වෙල්ලෝර් කොටුවේදී උපන් පුත්‍රයෙක් සිටියත් වයස අවුරුදු 11 ක් වෙද්දී ඒ කුමාරයා 1843 දී මියයනවා. ඒ හැරෙන්නට රජතුමාට දාව මුතුකම්මමා බිසවට දූවරුන් දෙදෙනෙක් ලැබෙනවා.මේ එක දුවෙක්ගේ පුත්‍රයාට ඉංග්‍රීසි රජය "අලගිය මනවල සිංහල රජු" කියන විරුද නාමය දුන්නු බව මහාවංසය දක්වනවා.
මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක්
අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ චරිත සොබාවය සම්බන්ධව. බොහෝ දෙනා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර පාලකයෙක් කියලා. ඒත් මේ කරුණු කාරණා ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු.
මුල් කාලීනව රජතුමා වෙනුවට පාලන කටයුතු රැසක්ම සිදු කළේ පිළිමතලාවේ මහාදිකාරම. ඒ යටතේ රජතුමා නොදැනුවත්ව ඝාතන කීපයක්ම කරන්න පවා පිළිමතලාවේ කටයුතු කරනවා. 1803 බ්‍රිතාන්‍ය භටයින් සාහසිකව ඝාතනය කිරීම වගේම ඇරැව්වල දෙවෙනි අදිකාරම් සහ දඹගමුවේ දිසාව ඝාතනය දක්වන්න පුලුවන්.
නමුත් ඒවාත් හුඟක් වෙලාවට රජු කරවූ දේවල් විදිහටයි මහජනතාව අතරට ගියේ. ඒ වගේමයි බාහිරින් එන පැමිණිලි රජු වෙතට ගෙන ඒමට බාධා පැමිණවීමේ හැකියාවත් මහාදිකාරමට තිබුණා.
රජතුමා ඉන්දියාවට රැගෙන යන අතරවාරයේදී විලියම් ග්‍රැන්විල් 1803 වුණු ඉංග්‍රීසි භටයන් සමූල ඝාතනය ගැන රජතුමාගෙන් ඇහුවාම රජතුමාගේ පිළිතුර වුණේ මේක.
"එම සිද්ධියට මාගේ සම්බන්ධයක් නැත. එම වරද පිළිමතලව්වේ භාරග ගත යුතුය. මාගේ පළමු අදිකාරමගේ වැඩකටයුතුවලට අතර මැදිවීමට මා ළාබාල වැඩිවිය. [ඒ වෙද්දී රජතුමාගේ වයස අවුරුදු 23 ක් පමණ වුණා] මට ඒ සිද්ධිය දැනගන්නට ලැබෙන විට සියලු දෙයම සිදුවි හමාරය. මා මේජර් ඩේවිගේ ජීවිතය ගලවා ගත්තා. ඔහුගේ කණ්ඩායම අදිකාරම් භාරයේ සිට විනාශ වුණා. මේජර් ඩේවිට මාගෙන් ලැබිය යුතු සියලුම උදව් ලැබුණා. මා ඔහුට උදව් දුන්නා. එමෙන්ම ඔහුට අවැසි පමණට කෑම දුන්නා. ඔහුට බිරියන් තබා ගැනීමට අවසර දුන්නා. එයට වැඩියමක් දීමට නීතියෙන් ඉඩක් නැහැ. මෙම නීති හැදුවේ මමද ? "
රජතුමාගේ කාරුණික බවට තවත් උදාහරණයක් විදිහට පිළිමතලාවේ සිද්ධිය දක්වන්න පුලුවන්.
රජතුමාව පත් කරන්න මුල්වුණු පිළිමතලාවේ මහාදිකාරමම පස්සේ රජතුමාව මරන්න කුමන්ත්‍රණ කලානේ. ආසන කියන මැලේ මුහන්දිරම් ලවා රජතුමා ඝාතනය කරවන්න ගිය කුමන්ත්‍රණය හෙළිවීමත් එක්ක 1812 දී රජතුමා පිළිමතලාවේව හිස ගසා මරා දමනවා.
ඒ අවස්ථාවේ එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] රාජ සේවයෙන් පහ කරන්න රජතුමා නියම කරනවා. එහෙම පහ කළත් කිසියම් ඉල්ලීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කියලා කියපු අවස්ථාවේ පිළිමතලාවේ [කණිෂ්ඨ] රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට දළදා හාමුදුරුවන්ට වන්දනා කරන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා.
පස්සේ රජතුමා ඒකට අවස්ථාවක් ලබාදෙනවා විතරක් නෙමෙයි පිළිමතලාවේ [කණිෂ්ඨ] දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදිහට පත් කරලා සෑම දිනකම දළදාවට වන්දනා කිරීමේ පුද සත්කාර කිරීමේ වගකීම පවරනවා.
ඇහැළේපොළ හබය ගැන කතා කළොත් ඒක ගැටුමක් දක්වා වර්ධනය කරන්නේ රාජ සභාවේ සිටිය ඇහැළේපොළගේ ප්‍රතිවාදියා වුණු මොල්ලිගොඩ. ඔහු ඇහැළේපොළ රජුට එව්ව ලියුම් විකෘති කරමින් රජු හා ඇහැළේපොළ කෙටවීමේ වැඩපිළිවෙලක් ගෙන ගියා. අවසානයේ සිදුවූ දේ අපි හැමෝම දන්නවානේ.
ඇහැලේපොළ දරුවන් මැරීම නමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොතේ දක්වන්නේ ඒ ගැන කියන්නේ මෙහෙම.
"........රාජද්‍රෝහීකම් කොට පැන ගිය වුන්ට සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්‍රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."
මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව. රජතුමා මාෂල්ට දීපු උත්තරෙනුත් ඒ බව පැහැදිලියිනේ. රජ කාලේ තිබුණු දෙතිස් වධ ක්‍රම ගැන හොයලා බැලුවොත් අතිශය අමානුෂික දඬුවම් සිංහලයන් සතුව තිබුණු බවත් පැහැදිලියි.
ඒ වගේමයි මෙහි අනිත් කතාව වෙන්නේ රජතුමා කෲර පාලකයෙක් බව පෙන්නන්න ඉංග්‍රීසින් මේ කතාවට තාර බරක් දැම්මා කියන එක. සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන් මේ සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙන එකෙන් මේ සිදුවීම ගැන නිවැරදිව කරුණු ඉංග්‍රීසින් අතට ලැබුණාද කියන එක සැක සහිතයි.
මේ කරුණුවලින් මම කියන්නේ නැහැ ඇහැලේපොළ දරුවන්ගේ හිස ගසාදාලා කුමාරිහාමිව දියේ ගිල්ලලා මැරුවේ නැහැ කියලා. නමුත් දරුවන්ගේ හිස් වංගෙඩියේ දා කෙටවීම වගේ කරුණු අතිශයෝක්තියෙන් රජුව ජනතාවට කළකරවීමට ගොතපු බවයි පෙනෙන්නේ.
රජතුමා හොඳ කලාකාමියෙක් බව පෙනෙන්නේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, කිරි මුහුද වගේ නිර්මාණ කරවමින් නගර අලංකාරයට කටයුතු කරවපු එකෙන්. ඒ වගේම සංගීතය, කාව්‍යකරණයටත් රජතුමා ඇල්මක් වගේම හැකියාවක් දක්වපු බවයි කියවෙන්නේ.
රජතුමාගේ ආගමික අංශයට කළ දායකත්වය ගැනත් සඳහනක් කරන්නම්.
පිළිමතලාවේ මහාදිකාරම් අස්ගිරිය විජයසුන්දරාරාමයේ නව විහාර ගෙයක් ඉදි කරනවා. ඒකේ තිබුණු විශේෂත්වය තමා තනි කලු ගලෙන් නෙළපු වඩු රියන් 12 ක් දිග සැතපෙන බුදු පිළිමයක් එහි තිබීම. ඒ විහාරයේ විවෘත කිරීමට ආපු රජතුමා උඩ අස්ගිරිය සහ කහවත්ත ගම් විහාරයට පූජා කරනවා.
ඊට පස්සේ සැතපෙන බුදු පිළිමය අසළ ගලේ තවත් ඉඩ තිබුණු නිසා ඒ ප්‍රදානය ඒ ස්ථානයේ සටහන් කරන්න කියලා ගල් වඩුවන්ට නියම කරනවා. මාස දෙකකට පස්සේ එතනට නැවතත් ආපු රජතුමා ගල් වඩුවන් රාජ නියෝගය ඉටු කරලා තියෙනවා දැකලා සතුටු වෙලා ඔවුන්ට මහ අරමුදලෙන් ගෙවීම් කරලා තියෙනවා
කලින් දක්වපු විදිහට ඉහළ පෙළේ රදළයන් රජතුමාට එරෙහිව සිටියත් විශේෂම කරුණ වෙන්නේ මධ්‍යම හා පහළ පංතිවල නිලධාරීන් රජුට දැඩි පක්ෂපාතීතවයක් දැක්වීමයි. ඒකට හේතුව වුණේ රජතුමා ඉහළ රදළයන් කරපු දූෂණ හා අසාධාරණකම්වල විරුද්ධ වෙමින් රදළ බලය බිඳ දමන්න කටයුතු කිරිම.
උදාහරණයක් විදිහට රජතුමා 1805 දී තමන්ගේ යටත් වැසියන්ව දැඩි පීඩාවකට ලක් කරලා අධිකව පොලී අනුපාත අය කරමින් මුදල් දුන්නු දිසාවේවරු තුන් දෙනෙක්ට දැඩි දඬුවම් දීලා තනතුරෙන් පහ කරලා ඔවුන්ගේ ඉඩම් යටත් වැසියන්ට පවරා දුන් බව කියවෙන සීට්ටුවක් හමුවෙලා තියෙනවා.
රදළයන් හැකිතාක් උත්සහ කළේ රජතුමා රූකඩයක් ලෙස ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන අයෙක් විදිහට තබාගන්න. උඩරට රාජ සභාව තුළ රදළයන් සතු වුණු බලය මීට කලින් "රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව" කියන සටහනෙන් අපි කතා කළානේ
අවසානයේ සිද්ධ වුනේ රජතුමාට වඩා ඉහළ රදළයන් බලවත් වීම නිසා රජතුමාට සිහසුන අහිමිවීම.
බෝමුරේ උඩුපිටියේ ආරච්චිල රජු වෙනුවෙන් දිවි පිදීම වගේම රජතුමා කොළඹට කැඳවාගෙන යන අවස්ථාවේදී එතනට පැමිණි පුවක්ගොල්ලේ මැණික් රාළ හා පුංචිරාළ කියන මොහොට්ටාලවරු රජතුමාගේ දෙපා සිඹිමින් හැඬූ බව දැක්වෙන සඳහනෙන් පහළ නිලධාරීන් තුළ වුණු රාජපාක්ෂිකභාවය තේරුම් ගන්න පුලුවන්
ඒ කොහොම වුණත් රජතුමාව මත්පැන්වලට ගිජු කරවන්න ඉංග්‍රීසින් සමත් වීමත් එක්ක සිහිමඳ තත්වයකින් රජතුමා අවසන් කාලයේ දී ගත කරලා තිබෙනවා. 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලියි රජතුමාගේ තිබුණු බේබදුකම.
ඉහත දක්වපු ඇහැලේපොළ ඛේදවාචකයට මුල්වුණු තීන්දුවට රජතුමාට අත්සන් කරන්නේ බීමතින් සිටිය අවස්ථාවක කියලත් කියවෙනවා.
ඒ වගේමයි මේ රජතුමා සහ රදළයන් අතරත් ඒ වගේම රදළයන් රදළයන් අතරත් වුණු ගැටුම් අවුලන්න කටයුතු කරපු, ඒ වගේම රජතුමා අපහසුතාවයට පත් කරන්න කට කතා ගොතපු මහ මොළකාරයා වුණේ ඒ කාලේ ඉංග්‍රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලි. එයා ගැනත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්නයි බලාපොරොත්තුව.
මේ කරුණු කීපයත් මීලඟට ලියවෙන ජොන් ඩොයිලි ගැන ලිපියත් කියවලා බලලාම ඔයාල තීරණය කරන්න රජතුමා කෲර කෙනෙක්ද කියලා.
ලබන සතිය වෙනකම් ඉන්න වෙන නිසා මෙන්න පොඩි තෑග්ගක්. මේ 1906 දී ජෝන් ද සිල්වා මහතා නිෂ්පාදනය කරපු "ශ්‍රී වික්‍රම" නූර්තියේ එන ගීතයක්. මේකේ විදිහට නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුඟක් හොඳ පාලකයෙක්
මේ ලිපිය ලියන්න පාදක කරගත්තු පොත් තමා
උඩරට මහ කැරැල්ල - තුන්වෙනි කාණ්ඩය : ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද
මඟ දිගට ජනකතා : ඩී.පී වික්‍රමසිංහ
ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ : මහාචාර්ය අනුර මනතුංග
එදා උඩරට : කරුණාරත්න දසනායක
ත්‍රි සිංහලය : පෝල් ඊ. පීරිස්
උඩරට විත්ති : පී.එම්.පී. අභයසිංහ
සිංහලේ : ඇල්ලේපොල එච්.එම්. සෝමරත්න
සරණඞකර සඞඝරාජ සමය : කොටගම වාචිස්සර හිමි
සහ අන්තර්ජාලයෙන් කියෝපු ලිපි කීපයක්ම. ඡායාරූපත් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ලබාගත්තු ඒවා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ ඔක්කොම පින්තූරෙ බලන්න මෙතනින් යන්න පුලුවන්
ප.ලි.: මේ ලිපියෙන් කතාව ඉවර කරන්න හිතුවත් ජෝන් ඩොයිලි ගැනත් ලියන්න කියලා ඉල්ලීම කීපයක් ආවා. එයාත් මේ කතාවේ ලොකු කොටස්කාරයෙක් නිසා එයා ගැනත් කියවන එක හොඳයි මේ කතාව තව හොඳින් තේරුම් ගන්න
රජතුමා කොළඹ රඳවා සිටි ස්ථානයේ සකස් කර ඇති ස්මාරකය
[මේක තියෙන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සෙලින්කෝ ගොඩනැගිල්ල අසළ]
1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කරපු රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.
විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු
උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු
ආදී වශයෙන් තිබෙන කවි පෙළ රජතුමා කියන්නේ මේ විදිහට කොළඹින් පිටත් වෙන අවස්ථාවේ කියලයි කියන්නේ. ඒත් ඒ කවි රජතුමා ගායනා කරපුවා නොව අඥාත කවියෙක් විසින් රචනා කරපු එකක් කියලත් කියනවා.
නෞකාවේ ගමන් කරන රජතුමාගේ භාරකාරීත්වය පැවරිලා තිබුණේ ඉංග්‍රීසි ජාතික සිවිල් සේවක විලියම් ග්‍රැන්විල්ය. එක් අවස්ථාවක නැවේ සිටිය නිලධාරීන්ට රජතුමා විසින් පවත්වපු භෝජන සංග්‍රහයට අවශ්‍ය සමහර ආහාර පාන රජතුමා සියතින්ම සකස් කරලා තියෙනවා.
ඉන්දියාවේ මදුරාසියට පැමිණි මේ රාජකීය සිරකරුවන්ව පසුව වෙල්ලෝරයට පිටත් කර හරිනවා. වෙල්ලෝර් කොටුව තුළ පිහිටලා තිබුණු විශාල නිවාසයක් තමා ඉංග්‍රීසින් විසින් රජතුමා සහ රජ පවුලට ලබා දෙන්නේ.
ටිපු සුල්තාන්
ඒ නිවසේ තිබුණු විශේෂත්වය තමා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා 1799 දී මියගිය මයිසූරයේ සුල්තාන් වුණු ටිපු සුල්තාන්ගේ පවුලේ අයව රඳවලා තිබුනේත් මේ නිවසේ වීමයි. ඒ කාලයේදී මේ නිවස "හයිදර් මහල්/ ටිපු මහල්" කියලා හැඳින්වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස පැමිණීමත් එක්ක "කැන්ඩි මහල්" නමින් හඳුන්වලා තියෙනවා.
රජතුමා වාසය කළ කැන්ඩි මහල් සඳහා මග පෙන්වන පුවරුව
වෙල්ලෝර් කොටුව
ඒ වගේම වෙල්ලෝර් කොටුව මුලින්ම 1533 දී නායක්කර් වංශිකයන් වුණු චින්න බොම්බි නායක් සහ තිම්මා රෙඩ්ඩි නායක් වීම තවත් සුවිශේෂී කරුණක්
අත් අඩංගුවේ පසුවෙන රජතුමා හමුවුණු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වුණු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වුණු Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English ට ඇතුලත් කරන ලද රජතුමා ගැන කරන විස්තරයක් තමා මේ.
රජතුමාගේ රූ සොබාවය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි.
"මහනුවර සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහල් අඟල් 9 ක් 10 ක් පමණ උසය. මඳක් ස්ථූලය. ශක්තිමත්ය. මනාව වැඩුණු මාංශ පේශින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුළක් ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණි. ඔහුගේ දේහය පෞරුෂය විදහා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහුගේ බුද්ධි හීන පුද්ගලයෙක් යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහ කර හිරභාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍යයෙන් ප්‍රියවාදී හා සොම්නස් සහගත විය"
මේ මාර්ෂල් සහ රජතුමා අතර ඇතිවුණු සංවාද කීපයක්.
රජතුමා : මගේ වැසියෝ නිසි ලෙස හැසිරුණාහු නම් මම පිරිමියෙක්ද ගැහැණියක්ද යන වග ඔබට පෙන්වන්ට තිබිණි. මගේ රාජ්‍ය කාලයේදී ඔබ දෙවරක් මහනුවර නගරය අල්ලාගත්ත්තාහුය. එහෙත් ඒ දෙවතාවේම බොහෝ සතුටින් ඔබ මහනුවර හැර ගියාහුය.
මාර්ෂල් : ඔබේ වැසියන් මහනුවර කරා වැටී තිබුණු සමහර මාර්ගවලදී අපට බලවත් විරෝධයක් නොපෑ බව ඇත්තයි. එහෙත් තුන් කෝරළේ සහ සතර කෝරළයේ සෙනඟ සෑහෙන තරම් හොඳින් ක්‍රියා කළහ.
රජතුමා : ආහාර අනුභව කිරීමෙන් පසු එහි රස ගැන කතා කිරීම නිෂ්ඵලය
රජතුමාගේ කෲර දඬුවම් ගැන විමසපු අවස්ථාවක රජතුමා පිළිතුරු දෙන්නේ "මේ නීතීය මා නිර්මාණය කළ එකක් නොවේ. මම මගේ රාජ්‍ය රාජ ධර්මවලට අනුකූලව පාලනය කළෙමි" කියලා
රජතුමාගේ අත්සන
රජතුමාට ඉංග්‍රීසි රජයෙන් කිසියම් දීමනාවක් හිමිවුණු අතර රජතුමා සුපුරුදු පරිදි අභිමානයෙන් ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමා 1830 දි වෙල්ලෝරයේ සංචාරයකට පැමිණි මදුරාසි ආණ්ඩුකාර ලුෂින්ටන්ව හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරපු එක.
මේ විදිහට ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවේ රාජකීය සිරකාරයෙක් විදිහට අවුරුදු 16 ක් ගත කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. මියයන කොට රජතුමාට වයස අවුරුදු 52ක් වෙනවා.
1832 ජනවාරි මාසයේ මුල ඉදන්ම රජතුමාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රීඩ් රජතුමාව පරීක්ෂා කරපු අවස්ථාව රජතුමාට උදරාබාධයක් පෙළෙන බව දකිනවා. මුලින් රජතුමා බටහිර බෙහෙත් ලබාගත්තත් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹෙනවා.
පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත රජතුමාගේ ආදාහනයට යුද්ධාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් පිරිමි ඥාතීනුත් එකතු වෙනවා. රජතුමාගේ දේහය ආදාහනය කරන්නේ වෙල්ලෝරයේ පිහිටි පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.
පලාර් නදිය
පසුව රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. රජතුමාගේ බිසෝවරුන්ගේ භෂ්මාවශේෂත් පසුකාලීනව තැන්පත් කරන්නේ ඒ ස්ථානයේමයි. ඒ ස්ථානය හැඳින්වෙන්නේ මුතු මණ්ඩපම් නමින්.
මුතු මණ්ඩපම් ස්මාරකය
මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ. පසුව 1990 දී තමිල්නාඩු මහ ඇමති කරුණානිධි විසින් මුතු මණ්ඩපම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරවලා විවෘත කරනු ලබනවා
මුතු මණ්ඩපම් වර්තමානයේ දිස්වෙන අයුරු
මියගිය රජතුමාට දාව අග බිසව වුණු වෙන්කත රංගම්මාල්ට වෙල්ලෝර් කොටුවේදී උපන් පුත්‍රයෙක් සිටියත් වයස අවුරුදු 11 ක් වෙද්දී ඒ කුමාරයා 1843 දී මියයනවා. ඒ හැරෙන්නට රජතුමාට දාව මුතුකම්මමා බිසවට දූවරුන් දෙදෙනෙක් ලැබෙනවා.මේ එක දුවෙක්ගේ පුත්‍රයාට ඉංග්‍රීසි රජය "අලගිය මනවල සිංහල රජු" කියන විරුද නාමය දුන්නු බව මහාවංසය දක්වනවා.
වෙන්කත රංගම්මාල් අග බිසව
මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක්
අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ චරිත සොබාවය සම්බන්ධව. බොහෝ දෙනා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර පාලකයෙක් කියලා. ඒත් මේ කරුණු කාරණා ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු.
මුල් කාලීනව රජතුමා වෙනුවට පාලන කටයුතු රැසක්ම සිදු කළේ පිළිමතලාවේ මහාදිකාරම. ඒ යටතේ රජතුමා නොදැනුවත්ව ඝාතන කීපයක්ම කරන්න පවා පිළිමතලාවේ කටයුතු කරනවා. 1803 බ්‍රිතාන්‍ය භටයින් සාහසිකව ඝාතනය කිරීම වගේම ඇරැව්වල දෙවෙනි අදිකාරම් සහ දඹගමුවේ දිසාව ඝාතනය දක්වන්න පුලුවන්.
නමුත් ඒවාත් හුඟක් වෙලාවට රජු කරවූ දේවල් විදිහටයි මහජනතාව අතරට ගියේ. ඒ වගේමයි බාහිරින් එන පැමිණිලි රජු වෙතට ගෙන ඒමට බාධා පැමිණවීමේ හැකියාවත් මහාදිකාරමට තිබුණා.
රජතුමා ඉන්දියාවට රැගෙන යන අතරවාරයේදී විලියම් ග්‍රැන්විල් 1803 වුණු ඉංග්‍රීසි භටයන් සමූල ඝාතනය ගැන රජතුමාගෙන් ඇහුවාම රජතුමාගේ පිළිතුර වුණේ මේක.
"එම සිද්ධියට මාගේ සම්බන්ධයක් නැත. එම වරද පිළිමතලව්වේ භාරග ගත යුතුය. මාගේ පළමු අදිකාරමගේ වැඩකටයුතුවලට අතර මැදිවීමට මා ළාබාල වැඩිවිය. [ඒ වෙද්දී රජතුමාගේ වයස අවුරුදු 23 ක් පමණ වුණා] මට ඒ සිද්ධිය දැනගන්නට ලැබෙන විට සියලු දෙයම සිදුවි හමාරය. මා මේජර් ඩේවිගේ ජීවිතය ගලවා ගත්තා. ඔහුගේ කණ්ඩායම අදිකාරම් භාරයේ සිට විනාශ වුණා. මේජර් ඩේවිට මාගෙන් ලැබිය යුතු සියලුම උදව් ලැබුණා. මා ඔහුට උදව් දුන්නා. එමෙන්ම ඔහුට අවැසි පමණට කෑම දුන්නා. ඔහුට බිරියන් තබා ගැනීමට අවසර දුන්නා. එයට වැඩියමක් දීමට නීතියෙන් ඉඩක් නැහැ. මෙම නීති හැදුවේ මමද ? "
රජතුමාගේ කාරුණික බවට තවත් උදාහරණයක් විදිහට පිළිමතලාවේ සිද්ධිය දක්වන්න පුලුවන්.
රජතුමාව පත් කරන්න මුල්වුණු පිළිමතලාවේ මහාදිකාරමම පස්සේ රජතුමාව මරන්න කුමන්ත්‍රණ කලානේ. ආසන කියන මැලේ මුහන්දිරම් ලවා රජතුමා ඝාතනය කරවන්න ගිය කුමන්ත්‍රණය හෙළිවීමත් එක්ක 1812 දී රජතුමා පිළිමතලාවේව හිස ගසා මරා දමනවා.
ඒ අවස්ථාවේ එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] රාජ සේවයෙන් පහ කරන්න රජතුමා නියම කරනවා. එහෙම පහ කළත් කිසියම් ඉල්ලීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කියලා කියපු අවස්ථාවේ පිළිමතලාවේ [කණිෂ්ඨ] රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට දළදා හාමුදුරුවන්ට වන්දනා කරන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා.
පස්සේ රජතුමා ඒකට අවස්ථාවක් ලබාදෙනවා විතරක් නෙමෙයි පිළිමතලාවේ [කණිෂ්ඨ] දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදිහට පත් කරලා සෑම දිනකම දළදාවට වන්දනා කිරීමේ පුද සත්කාර කිරීමේ වගකීම පවරනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රාජ සභාව
ඇහැළේපොළ හබය ගැන කතා කළොත් ඒක ගැටුමක් දක්වා වර්ධනය කරන්නේ රාජ සභාවේ සිටිය ඇහැළේපොළගේ ප්‍රතිවාදියා වුණු මොල්ලිගොඩ. ඔහු ඇහැළේපොළ රජුට එව්ව ලියුම් විකෘති කරමින් රජු හා ඇහැළේපොළ කෙටවීමේ වැඩපිළිවෙලක් ගෙන ගියා. අවසානයේ සිදුවූ දේ අපි හැමෝම දන්නවානේ.
ඇහැලේපොළ දරුවන් මැරීම නමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොතේ දක්වන්නේ ඒ ගැන කියන්නේ මෙහෙම.
"........රාජද්‍රෝහීකම් කොට පැන ගිය වුන්ට සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්‍රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."
මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව. රජතුමා මාෂල්ට දීපු උත්තරෙනුත් ඒ බව පැහැදිලියිනේ. රජ කාලේ තිබුණු දෙතිස් වධ ක්‍රම ගැන හොයලා බැලුවොත් අතිශය අමානුෂික දඬුවම් සිංහලයන් සතුව තිබුණු බවත් පැහැදිලියි.
ඒ වගේමයි මෙහි අනිත් කතාව වෙන්නේ රජතුමා කෲර පාලකයෙක් බව පෙන්නන්න ඉංග්‍රීසින් මේ කතාවට තාර බරක් දැම්මා කියන එක. සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන් මේ සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙන එකෙන් මේ සිදුවීම ගැන නිවැරදිව කරුණු ඉංග්‍රීසින් අතට ලැබුණාද කියන එක සැක සහිතයි.
මේ කරුණුවලින් මම කියන්නේ නැහැ ඇහැලේපොළ දරුවන්ගේ හිස ගසාදාලා කුමාරිහාමිව දියේ ගිල්ලලා මැරුවේ නැහැ කියලා. නමුත් දරුවන්ගේ හිස් වංගෙඩියේ දා කෙටවීම වගේ කරුණු අතිශයෝක්තියෙන් රජුව ජනතාවට කළකරවීමට ගොතපු බවයි පෙනෙන්නේ.
රජතුමා හොඳ කලාකාමියෙක් බව පෙනෙන්නේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, කිරි මුහුද වගේ නිර්මාණ කරවමින් නගර අලංකාරයට කටයුතු කරවපු එකෙන්. ඒ වගේම සංගීතය, කාව්‍යකරණයටත් රජතුමා ඇල්මක් වගේම හැකියාවක් දක්වපු බවයි කියවෙන්නේ.
රජතුමාගේ ආගමික අංශයට කළ දායකත්වය ගැනත් සඳහනක් කරන්නම්.
පිළිමතලාවේ මහාදිකාරම් අස්ගිරිය විජයසුන්දරාරාමයේ නව විහාර ගෙයක් ඉදි කරනවා. ඒකේ තිබුණු විශේෂත්වය තමා තනි කලු ගලෙන් නෙළපු වඩු රියන් 12 ක් දිග සැතපෙන බුදු පිළිමයක් එහි තිබීම. ඒ විහාරයේ විවෘත කිරීමට ආපු රජතුමා උඩ අස්ගිරිය සහ කහවත්ත ගම් විහාරයට පූජා කරනවා.
ඊට පස්සේ සැතපෙන බුදු පිළිමය අසළ ගලේ තවත් ඉඩ තිබුණු නිසා ඒ ප්‍රදානය ඒ ස්ථානයේ සටහන් කරන්න කියලා ගල් වඩුවන්ට නියම කරනවා. මාස දෙකකට පස්සේ එතනට නැවතත් ආපු රජතුමා ගල් වඩුවන් රාජ නියෝගය ඉටු කරලා තියෙනවා දැකලා සතුටු වෙලා ඔවුන්ට මහ අරමුදලෙන් ගෙවීම් කරලා තියෙනවා
කලින් දක්වපු විදිහට ඉහළ පෙළේ රදළයන් රජතුමාට එරෙහිව සිටියත් විශේෂම කරුණ වෙන්නේ මධ්‍යම හා පහළ පංතිවල නිලධාරීන් රජුට දැඩි පක්ෂපාතීතවයක් දැක්වීමයි. ඒකට හේතුව වුණේ රජතුමා ඉහළ රදළයන් කරපු දූෂණ හා අසාධාරණකම්වල විරුද්ධ වෙමින් රදළ බලය බිඳ දමන්න කටයුතු කිරිම.
උදාහරණයක් විදිහට රජතුමා 1805 දී තමන්ගේ යටත් වැසියන්ව දැඩි පීඩාවකට ලක් කරලා අධිකව පොලී අනුපාත අය කරමින් මුදල් දුන්නු දිසාවේවරු තුන් දෙනෙක්ට දැඩි දඬුවම් දීලා තනතුරෙන් පහ කරලා ඔවුන්ගේ ඉඩම් යටත් වැසියන්ට පවරා දුන් බව කියවෙන සීට්ටුවක් හමුවෙලා තියෙනවා.
රදළයන් හැකිතාක් උත්සහ කළේ රජතුමා රූකඩයක් ලෙස ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන අයෙක් විදිහට තබාගන්න. උඩරට රාජ සභාව තුළ රදළයන් සතු වුණු බලය මීට කලින් "රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව" කියන සටහනෙන් අපි කතා කළානේ
අවසානයේ සිද්ධ වුනේ රජතුමාට වඩා ඉහළ රදළයන් බලවත් වීම නිසා රජතුමාට සිහසුන අහිමිවීම.
බෝමුරේ උඩුපිටියේ ආරච්චිල රජු වෙනුවෙන් දිවි පිදීම වගේම රජතුමා කොළඹට කැඳවාගෙන යන අවස්ථාවේදී එතනට පැමිණි පුවක්ගොල්ලේ මැණික් රාළ හා පුංචිරාළ කියන මොහොට්ටාලවරු රජතුමාගේ දෙපා සිඹිමින් හැඬූ බව දැක්වෙන සඳහනෙන් පහළ නිලධාරීන් තුළ වුණු රාජපාක්ෂිකභාවය තේරුම් ගන්න පුලුවන්
ඒ කොහොම වුණත් රජතුමාව මත්පැන්වලට ගිජු කරවන්න ඉංග්‍රීසින් සමත් වීමත් එක්ක සිහිමඳ තත්වයකින් රජතුමා අවසන් කාලයේ දී ගත කරලා තිබෙනවා. 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලියි රජතුමාගේ තිබුණු බේබදුකම.
ඉහත දක්වපු ඇහැලේපොළ ඛේදවාචකයට මුල්වුණු තීන්දුවට රජතුමාට අත්සන් කරන්නේ බීමතින් සිටිය අවස්ථාවක කියලත් කියවෙනවා.
ඒ වගේමයි මේ රජතුමා සහ රදළයන් අතරත් ඒ වගේම රදළයන් රදළයන් අතරත් වුණු ගැටුම් අවුලන්න කටයුතු කරපු, ඒ වගේම රජතුමා අපහසුතාවයට පත් කරන්න කට කතා ගොතපු මහ මොළකාරයා වුණේ ඒ කාලේ ඉංග්‍රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලි. එයා ගැනත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්නයි බලාපොරොත්තුව.
මේ කරුණු කීපයත් මීලඟට ලියවෙන ජොන් ඩොයිලි ගැන ලිපියත් කියවලා බලලාම ඔයාල තීරණය කරන්න රජතුමා කෲර කෙනෙක්ද කියලා.
ලබන සතිය වෙනකම් ඉන්න වෙන නිසා මෙන්න පොඩි තෑග්ගක්. මේ 1906 දී ජෝන් ද සිල්වා මහතා නිෂ්පාදනය කරපු "ශ්‍රී වික්‍රම" නූර්තියේ එන ගීතයක්. මේකේ විදිහට නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුඟක් හොඳ පාලකයෙක්
මේ ලිපිය ලියන්න පාදක කරගත්තු පොත් තමා
උඩරට මහ කැරැල්ල - තුන්වෙනි කාණ්ඩය : ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද
මඟ දිගට ජනකතා : ඩී.පී වික්‍රමසිංහ
ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ : මහාචාර්ය අනුර මනතුංග
එදා උඩරට : කරුණාරත්න දසනායක
ත්‍රි සිංහලය : පෝල් ඊ. පීරිස්
උඩරට විත්ති : පී.එම්.පී. අභයසිංහ
සිංහලේ : ඇල්ලේපොල එච්.එම්. සෝමරත්න
සරණඞකර සඞඝරාජ සමය : කොටගම වාචිස්සර හිමි
සහ අන්තර්ජාලයෙන් කියෝපු ලිපි කීපයක්ම. ඡායාරූපත් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ලබාගත්තු ඒවා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ ඔක්කොම පින්තූරෙ බලන්න මෙතනින් යන්න පුලුවන්
ප.ලි.: මේ ලිපියෙන් කතාව ඉවර කරන්න හිතුවත් ජෝන් ඩොයිලි ගැනත් ලියන්න කියලා ඉල්ලීම කීපයක් ආවා. එයාත් මේ කතාවේ ලොකු කොටස්කාරයෙක් නිසා එයා ගැනත් කියවන එක හොඳයි මේ කතාව තව හොඳින් තේරුම් ගන්න
ගොඩක් වටිනා ලිපියක් .......... ලිපිය දිග වෙඩි හින්ද කොටස් දෙකකට දානවනම් හොදයී වගේ
ReplyDelete@ සචිත්
Deleteදිග නම් වැඩියි තමා. ඒත් ලිපි කොටස් කරලා පළකරන්න මම සාමාන්‍යයෙන් අකමැතියි. එක කොටසක් කියවලා අනික කියවද්දී මුල් කොටස මතක නැහැ හුඟක් වෙලාවට. මේ වගේ ලිපියක් කොටස් කරන එකෙන් ලිපියේ වටිනාකම හානියක් වෙනවා කියලා හිතුණු නිසයි මෙහෙම කළේ.
ස්තුතියි ඔබේ අදහසට :)
දෙයියනේ කොටස් කරන්න නම් එපා. මේ විදිය බොහොම හොඳයි. දිග වැඩි නම් කෑල්ලක් කියවල ඉතිරි කෑල්ල පස්සේ බලන්න බැරිය. නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා. ස්තුතියි හසිත :)
Deleteමාත් කැමතියි කොටස් නොකෙරනවට .
Delete@ Tiraj Adikari
Delete"දිග වැඩි නම් කෑල්ලක් කියවල ඉතිරි කෑල්ල පස්සේ බලන්න බැරිය" නියමම අදහස අයියා :)
@ Bindi
Deleteකොටස් නොකළ යුතුයි යන පාඨක අභිමතයට ගරු කරමි :)
මේ වගේ කතාවක් තනි කොටසට දාන එක තමා ගොඩාක් හොඳ?
Delete@ අසරණයා
Deleteතැන්කු :)
මාරයි බං.... පෝස්ට් එක කොච්චර දිග උනත් කියෝගෙන කියෝගෙන ගියා...
ReplyDeleteමේ ඉතිහාස කතා කියවන්න මං මාර ආසයි.. ඉස්සර සමාජ අධ්‍යනය පොත් වල ඉතිහාසය පාට් එක කට පාඩම්... :)
ඒත් රජා පව් නේ... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න ආයෙත් බයවෙලා.. :D :D
Delete@ අඩවි රජ
Deleteරජවරු වුණාම කොහොමත් ඉතින් ඉතිහාසෙට කැමති වෙන්න එපායැ...
රජතුමා අපේ අනුකම්පාවට ලක්විය යුතුයි කියන අදහසේ තමා මාත් ඉන්නේ රජෝ :)
@ ක්සැන්ඩර් | Xander
Deleteඊජිප්තුවේ අන්තිම රජතුමා වුණු ෆාරුක් රජතුමා කිව්වලුනේ ලෝකේ අන්තිමට ඉතුරු වෙන්නේ කාඩ් කුට්ටම රජවරු 4 දෙනයි බ්‍රිතාන්‍යයේ රජ්ජුරුවොයි විතරයි කියලා. ඉතින් අපේ රජා බය නොවී ඉදීද :D
බොරු රජෙක්....!
Delete@ වීපොකුර
Deleteඅපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ :D
🙏 ජය 🇱🇰
Deleteස්තූතියි මල්ලි සබැඳියට. මත්පැන් නිසා උඩරට රාජධානිය විනාශ වුණා කිව්වොත් නිවැරදියි කියලා මට හිතෙනවා. මේක ඇවිල්ලා ඉංග්‍රීසීන් ගේ තවත් කූඨ යුධ උපක්‍රමයක්. අල්ලගන්න අමාරු වෙනත් රටවලදි පවා යුරෝපීයයන් මේ ක්‍රමය සාර්ථක විදියට පාවිච්චි කරලා තියෙනවා. කන්නසාමි කුමාරයා අඩු වයසින් ම රජකමට පත් වීමත් රදලයන් ගේ බලය වැඩිවෙන්න හේතු වුණා නේද? මේ රදළයෝ අතර හිටිය මොල්ලිගොඩ උඩරට රාජධානිය බිඳ දමන්න කැපී පෙනෙන මෙහෙවරක් කළා තිරය පිටුපස ඉඳන්. හැමදාමත් වගේ කියවන්න ආස සටහනක්... ජය!
ReplyDelete@ ලහිරු
Deleteඉංග්‍රීසින්ගේ මත්පැන් උපාය ගැන රොබින් දවසක් ලිපියක් ලියලා තිබුණා සුද්දෝ ඕස්ට්‍රේලියාවේ ස්වදේශියන්ව බේබද්දෝ කළේ කොහොමද කියලා.
රදළයනගේ බල වර්ධනය ඇරඹෙන්නේ දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේ ඉදන්. යුධ බිමට ගිහින් යුද්ධ කරපු අවසන් රජතුමා වුනේ එතුමා නිසා ඒ කාලයේ රාජ්‍ය පාලනය වුනේ බොහෝ දුරට රාජ්‍ය නිලධාරීන් හරහා. ඒ වගේමයි රජතුමා අවසාන කාලේ අබිංවලට වගේ ඇබ්බැහිවෙලා මාළිගාවේම හිටිය නිසාත් රාජ්‍ය පාලනය අතේ තිබුණු රදළයන්ට. අනික් කාරණය තමා එතෙක් කල් තිබුණු එක් අදිකාරම් ධූරය අදිකාරම් ධූර දෙකක් බවට පත් කරන්නේත් ඒ රජතුමා. මේ වගේ කරුණුත් එක්ක රදළයන්ගේ බලවත් වීම ආරම්භ වුනා. ඊට පස්සේ හිටිය දෙවන විමලධර්මසූරිය සහ නරේන්ද්‍රසිංඅ රජවරු සාමකාමී, විනෝදයට බර පාලකයෝ වුණු නිසා තත්වය තවත් දුරදිග ගියා. අන්තිමට නායක්කර්වරු බලයට පත්වෙද්දී රදළ බලය ඉහළම මට්ටමකට ඇවිත් තිබුනේ.
කලින් කතාවේ මම කිව්වා වගේ රජු පහ කරන්න පවා රදළයන්ගෙන් සමන්විත වුණු රාජ සභාවට පුලුවන් වුනා. ඒ වගේ තත්වයක් තියෙද්දී ලාබාල කුමාරයෙක් රාජ්‍යත්වයට පත්වුණාම වෙන දේ හිතාගන්න පුලුවන්නේ.
මොල්ලිගොඩ ගැන කිව්වොත් ඇහැලේපොළ හා රජු අතර ගැටුම හැදුවේ මොල්ලිගොඩ. රජතුමාට ඇහැලේපොළ එව්ව ලියුම් රජතුමාට අපහාස වෙන විදිහට මොල්ලිගොඩ වෙනස් කළා වගේම ඇහැලේපොළ ගැන දූෂමාන ආරංචිත් රජතුමාගේ කණේ තිබ්බේ මොල්ලිගොඩ. රජතුමා මත්පැන් පුරුදු කිරීමේ ව්‍යාපෘතියේ මූලිකයෙක් වුනෙත් මොල්ලිගොඩම තමා. අන්තිමට ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරද්දී ඔවුන්ට බොරුවට පහරදීමක් කරලා මොල්ලිගොඩ සුද්දන්ටම එකතු වුණා.
ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයින් බොහොමයක් බේබද්දන් වෙලා අහල පහල අයට කරදරයක් බව තමයි ඔබා මාමත් කිව්වේ . සුදු අයට වෙලා තියෙන්නේ අපේ අරක්කු අපිටම ගහනවා කියන්න තමයි
Delete@ Bindi
Deleteඇමරිකාවට ගිය සුද්දෝ රතු ඉන්දියානුවන්ටත් කළේ ඔය ටිකම වෙන්න ඕනේ :(
මරුනේ...ඇත්තටම දැනගෙන ඉදියේ රාජසිංහ රජ්ජුරුවෝ අල්ලගත්තු තැනට වෙනකල් විතරයි..මහාවංශේ කියෙව්ව වගේ නෙමේ තේරෙන්න මෙහෙම කියවගෙන යනකොට
ReplyDelete@ රත්ගමයා
Deleteමහාවංසයේ සිංහල තේරුම් ගන්නත් අමාරු තමා. ඒ වගේම පොත් කීපයක්ම පාදක කරගෙන මේ ලිපිය ලියපු නිසා මහාවංසෙටත් වඩා වැඩි විස්තරයක් මෙතැන තියෙනවා
විශිෂ්ඨ ලිපියක් හසිත. කියවල ඉවර වෙනකල් වෙලාව ගත වෙනවාවත් දැනුනෙ නෑ. ගොඩක් කල් ඉදන් තිබුන සැක සහිත තැන් ගැටළු ගොඩක් නිරවුල් වුනා. මම ඔබේ මේ ලිපිය හා බ්ලොග් අඩවිය ගැන මූණූ පොතේ සඳහනක් දානවා. මේ ලාංකිකයන් හැටියට සියලු දෙනා දැන සිටිය යුතු කරුණු. අපූරුයි! ගොඩාක් ස්තූතියි මේ කරුණු දැන ගන්න සැලැස්සුවාට!
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteගැටළු සහිත තැන් නිරවුල් වුණා නම් ගොඩක් සතුටුයි. මේ ලිපි පෙළ ලියන එකේ එක අරමුණක් තමා ඒක. ඒ වගේමයි ස්තුතියි මේ කරුණු තවත් පිරිසක් අතරේ බෙදාහරින්න කටයුතු කරනවාට
රජතුමා කඩවසම් පුද්ගලයෙකුව සිටිබව ජායාරූපවලින් පෙනෙනවා. ඔහුගේ පියා කවුරුන්ද යන්න හොයාගන්ට තිබුනා පිළිමතලාවේ සහ අනිකුත් අයගේ ජායාරූපත් තිබුනානම්.:)
ReplyDelete//"ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත.//
රජතුමා ඇහෙලේපොල පවුලට ආපහු සැලකුවේ පියෙකු ලෙසින්ද? පියෙකු තමාගේ පුත්‍රයාගේ අහිංසක බිරිඳට හා ඇගේ දරුවන්ට එසේ සලකයිද? ඔහු මත්පැනට ගිජුව අවසන් කාලයේ සිටිබවත්, ඇහෙලේපොල කුමාරිහාමිගේ විලාපය ඔහුට නෑසුනු බවත්, ඇය පපුවට අත් ගසාගමින්, ඉහලට අත් ඔසවමින් විලාප දෙනවිට එය ඔහුට තර්ජනය කිරීමක් ලෙස අසල සිටි මිසදිටුවෙකු කීබවත්, ඔහු එය විශ්වාසකලබවත්, ඉතිහාසයේ සඳහන් වෙනවා නේද? ඔහුත් රූකඩයක් ලෙස අනිකුත් අය අතින් පාලනය උනු තවත් එක් බලයට ලෝභීවූ පාලකයෙක් ලෙස තමා මගේ හිතේ නම් රැඳී තිබෙන්නේ. ඔහුට වැදුනේ ඇහෙලේපොල කුමාරිහාමිගේ ශාපය කියා සිතන්ට මා වඩාත් කැමතී.
//"........රාජද්‍රෝහීකම් කොට පැන ගිය වුන්ට සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්‍රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."
මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව.//
රජ අණ හැම අණකටම වඩා ලොකු යැයි සම්මත උනු ඒ කාලයේ රජතුමාට ඇහෙලේපොලගේ පවුලේ උදවියට අනිවාර්යයෙන් සමාව දෙන්ට තිබුනා. …
ඔහු අත් අඩංගුවට ගත් අවස්තාවේ සලකපු ආකාරය ගැන නම් සුදුසු නෑ. මිනිසුන් ඒ විදියට හැසිරුනේ ඔහු ගැන තිබූ කළකිරීම හන්දා වෙන්ටැති. ඒ සිද්ධිය කියවන විට මෑතකදී ලංකාවේ සිදුවු සිවිල් යුද්ධය අවසානයේ දුටු පින්තූරද මතක් වෙනවා. මීට හේතුව ජනයාගේ කෝපය කියන එක හිතට එන්නේ ඒ හන්දයි.
අන්තිමට කියන්ට තියෙන්නේ ආයුධයක් ගන්න කෙනාගේ ජීවිත්යේ කොහොමත් ඔය වගේ දේකින් අවසාන වෙනවා දැකීම පුදුමයක් නොවන බවයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, රූබර ඇහෙලේපොල කුමාරිහාමිගේ ආදරය පතා ගියබවත්, ඈ ඔහු ප්‍රතික්ෂේප කිරීම, ඇගෙන් හා ඇගේ දරුවන්ගෙන් පලිගැනීමට හේතුවක් බවට කතා තිබෙන බවත් හසිත කියලා නෑ. ඒක අප්‍රකට කරුණක් නෙමේ කියලා හිතෙනවද? :D
මෙතුමියට තද වෙලාද මන්දා?
Deleteසුවර් එකටම හසිත මලයා කෙල්ලෙක්ට බනින්න ඇති මහිතේ....
Delete@ Podi Kumarihami
Deleteපිළිමතලාවේ අදිකාරම්ගේ නම් තියෙන ඡායාරූපය අපැහැදිලියි. රාජාධිරාජසිංහ රජතුමාගේ රූපයක් නම් මම දන්න තරමින් හොයාගන්න නැහැ. හැබැයි කෞතුකාගාරේ තියෙන රජතුමාගේ ඇඳුම්වල ලේ පැල්ලම් තියෙන නිසා ඒවායින් DNA අරගෙන රජතුමාගේ ලේ වඩාත් ලාංකීය පැත්තටද ඉන්දියානු පැත්තටද කියලා උපකල්පනයක් ගොඩනගන්න නම් පුලුවන් වේවි
ඇහැලේපොල පවුලේ සංහාරය වන අවස්ථාවේ රජතුමා සිනාසෙමින් ඒ දිහා බලාගෙන හිටියා කියන කතාව තියෙනවා වගේම රජතුමා බීමතින් හිටිය අවස්ථාවක ඒ නියෝගය අත්සන් කරපු නිසා ප්‍රකෘති තත්වයට එන්න කලින් දඬුවම ක්‍රියාත්මක කරපු බවත් රජතුමා ප්‍රකෘති තත්වයට ආපු වෙලාවේ මේ ගැන කම්පා වුනා කියලත් කතාවක් තියෙනවා. මේ වගේ කතා දෙකක් තියෙන නිසාත් ඉංග්‍රීසින් රජතුමාගේ චරිත ඝාතන සැලැස්මක් ගෙනගිය නිසාත් මම පුද්ගලිකව හිතන්නේ මේ පළවෙනි කතාව අසත්‍යයක් කියලා.
රජතුමා පියෙක් ලෙස සැලකීම රාජ සංකල්පයක්. අසෝක රජතුමා තමන්ගේ සෙල්ලිපිවල "සවෙ මිනිසා පජා මම" හෙවත් සියලු රටවැසියන් මාගේ දරුවෝය කියලා දක්වලා තියෙන්නේත් ඒ නිසා තමා. මෙතන පියෙක් ලෙස ක්‍රියාකලා කියන එකෙන් රජතුමා අදහස් කරලා තියෙන්නේ අවස්ථා දෙකකදීම රජතුමා ඇහැලේපොළ මරණයෙන් ගලවා ගැනීමේ කරුණත් එක්ක පියෙක් තමන්ගේ දරුවන් පරිස්සම් කරනවා වගේ තමනුත් ඇහැලේපොළව පරිස්සම් කලා කියන එක වෙන්න ඕනේ.
අනික් කතාව තමා රජ අණ උතුම් නිසා සමාව දෙන්න පුලුවන් කියන කාරණය. මම කලින් දක්වපු රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව" කතාවෙනුත් මම දක්වන්න උත්සහ කළේ උඩරට රජතුමා ආඥාදායකයෙක් නොවුණු බව වගේම චාරිත්‍ර වාරිත්‍ර කියන ඒවායිනුත් රජතුමාගේ බලය සීමා කරලා තියෙනා කියන එකයි. රාජද්‍රෝහීන්ට අද කාලේ සමාව දීලා ඇමතිකම් දුන්නට ඒ කාලේ එහෙම කරන්න බැහැ. එහෙම සමාවක් දුන්නා නම් රාජ නීතිය හෑල්ලුවට ලක්වෙනවා. ඒ වගේමයි ඇහැලේපොළ කුමාරිහාමි සහ රජතුමා අතර පෙම් පලහිලව්වක් ඇත්තට වුනා හෝ නැතා හෝ සමාවක් දීම හරවා ඒ කතාව සත්‍ය බවට පිළිගන්න පසුබිම සැකසෙනවා.
ඒ නිසා රාජද්‍රෝහීන්ට මරණය අනිවාර්ය නිසා රජතුමා අනිවාර්යයෙන් ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙහෙම දෙයක් නිසා සරණංකර සංඝරාජ හාමුදුරුවොත් මරණ දඬුවමෙන් ගැලවෙන්නේ අනූ නමයෙන්.
අනික තමා මේ සිදුවීම දිහා අපි බලන්නේ මනුෂ්‍යත්වය කියන කෝණයෙන්. ඒක නිසා අපිට ඒ ගැන කණගාටුව වගේම රජතුමා ගැන කෝපයක් ඇතිවෙන එක සාධාරණයි. ඒත් රාජ්‍ය පාලනය කියන පැත්තෙන් බලද්දී රජතුමා සිවු උපායෙන්ම රාජ්‍ය පාලනය කරන්න ඕනේ. ඒවා තමා සාම [මිත්‍රත්වය/සුහදත්වය], දාන [ත්‍යාග/දීමනා], භේද [තමන්ගේ වාසිය තකා භේද කරවීම] සහ දණ්ඩ [දඬුවම ක්‍රියාත්මක කිරිම] දඬුවම ක්‍රියාත්මක නොකර පාලනය ගෙනියන්න අමාරුයි. වෝහාරතිස්ස රජතුමාව කෙටි කලකින්ම ඝාතනය වුණෙත් ඒ නිසා. ඒ වගේම තමන්ගේ පුතාව පවා වැරැද්දට මරා දාන්න කටයුතු කරපු එළාර වගේ රජවරුත් කලේ ඒ රාජ්‍ය පාලන මූලධර්ම අනුගමනය කිරීම
රජතුමා අත් අඩංගුවට ගන්න ගිය එක්නැලිගොඩ ඇහැලේපොලගේ සමීප හිතවතෙක්. ඒනිසා ඔහුගේ ඒ හැසිරීම තමන්ගේ මිත්‍රයාගේ පවුලට කළ අපරාධයට කෝපය පිටකිරීමක් විදිහට ගන්න පුලුවන්.
අන්තිම ප්‍රශ්නය ගැන කිව්වොත් ඒකත් අප්‍රකට කතාවක් තමා. ඒත් ඇහැලේපොල හබය ගැන වගේම අනෙක් කුඩා කතාවලටත් එතරම් බරක් නොදී ප්‍රධාන කතාව කීම අරමුණ වුණු නිසා ඒ වගේ කතා කීපයක්ම මග හැරලා තියෙන්නේ. විශේෂයෙන් ඇහැලේපොල හබයේ මේ කතාවට අතිශය සම්බන්ධ වෙන කොටස් කතා කරලා තියෙනවා පමණයි. මොකද ඇහැලේපොළ හබය ගැන කියෙනවා නම් ඇහැලේපොළ රජ බිසවක් සමඟ කරපු අනියම් සබඳතාවය, ඇහැලේපොළ සහ රජු අතට ලියුම් හුටපට, ඇහැලේපොළ රාජාභරණ තැනවීම, රජතුමාගේ විවාහ මංගල්‍යය වගේ මාතෘකා ගොඩක් එක්ක ඒක කතා කරන්න ඕනේ
@ කතන්දර Kathandara, මධුරංග
Deleteතද වෙන්නේ නැද්ද ඉතින් මෙතුමියත් කුමාරිහාමි කෙනෙක්නේ :D
මට නම් මේ ලිපියේ එන කරුණු අතර වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ ප්‍රකාශයේ තද අකුරෙන් ඇති කොටස.
ReplyDelete/* "අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියෙකුට මෙන්, දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරවයක් පෙන්වූයේ නැහැ" */
@ කතන්දර Kathandara
Deleteඋඩරට ගිවිසුමෙන් මේ කතාව හොඳටම පැහැදිලියි. ඔබේ මිනිසුන් කියලා මෙතන අදහස් කරන්නේ කන්ද උඩරට රාජධානියේ වැසියන්ව. ඒ කියන්නේ සිංහලයන් ප්‍රමුඛ අනික් ජන කොටස්. උඩරට ගිවිසුමේ මේ රාජ්‍යය හඳුන්වන්නේ සිංහලේ/ සිංහලේ රටවල් කියලා. අපේ වර්ගයා කියලා එතනත් සිංහලයන් ගැනම කතා කළත් ඔවුන්ව පාලනය කෙරුනේ මහා බ්‍රිතාන්‍යයෙන් නොවැ.
සහෝදරයා,
ReplyDeleteමේක ඉතාමත් වටින වැඩක්....!
ජය
@ සිහින සාප්පුව
Deleteස්තුතියි අයියණ්ඩි :)
මාරයි බං... මලයා ලියන ඉට්ටයිල් එක නිසයි මේව කියවදිදි දිගයි නේද කියල නොහිතෙන්නෙ.
ReplyDeleteමේක කියවද්දි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන දැණෙන්නෙ දුකක්. අඩු වයසෙන් රාජ්‍යත්වයට පත් වුණ නිසා තිබුණ අඩු අත්දැකීම් නිසා එතුමට රදල බලය මත රැඳෙන්න සිද්ධවුණා වෙන්න ඇති. ඔහුව රජකමට පත්කරවීම ම රදලයන්ගෙ පැලෑනක් වෙන්න ඇති කියල හිතෙනව.
ඉස්සර මේ කතාව ගැන හැදුන එක එක වැඩසටහන් බලද්දි රජුව බොහොම තද පරුෂ තලතුනා පුද්ගලයෙක් විධියටයි නිරූපනය වෙලා තිබුණෙ. ඒ වුණාට එතුමා තරුණ පහේ පුද්ගලයෙක්නෙ. ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන් කියන්නෙ මේකට තමයි.
දැන් මේ බ්ලොග් එක අප්ඩේට් වෙනකල් බලන් ඉන්න එකක් වෙලා :-)
කසූ කියපු එක නිසා ආයෙත් ලියන්න හිතුණා. බලාගෙන යද්දි සුද්ද තමන්ගෙ හතුරටත් මනුස්සයෙක්ට වගේ සලකල තියෙනව නේද?
Deleteඔබ වැරදියි, සුද්ද නෙමේ ඒ කියන්නේ බණ්ඩාරනායක!
Deleteමම කිව්වෙ සමස්ථ සිද්ධියෙදිම සුද්දො රජතුමාට සලකපු විධිය ගැන. බණ්ඩාරණායක කියන මේ "අපේ වර්ගයා" කවුද?
Delete@ hare :-)
Deleteඑකඟයි අයියා. රජතුමා ගැන මටති තියෙන්නේ කණගාටුවක්. අඩු වයසින් රජවුනු නිසා රජතුමාට රදළයෝ මත විශේෂයෙන් පිළිමතලාවේ මත රැඳෙන්න වුනා. ඔයා කිව්වත් වගේම රජකම ලැබුණෙත් රදලයන්ගේ ප්ලෑනක් නිසා තමා. ප්ලෑන ගහන්නේ පිළිමතලාවේ. ඒ කතවා ලහිරු එයාගේ blog එකේ ලිව්ව නිසා මම අමුතුවෙන් කතාව ලියන්න ගියේ නැහැ. ඒකත් ලිව්ව නම් මේක පට්ටෙටම දිග වෙනවා.
පිළිමතලාවේගේ ඩබල් ගේම් නිසා රජතුමා එයාව මරා දැම්මට පස්සේ රජතුමාට විශ්වාස කරන්න පුලුවන් කිසිම රදළයෙක් හිටියේ නැහැ. තමන්ගේ නෑයන් පවා එතරම් විශ්වාසෙකට ගත්තු බවකුත් පේන්නේ නැහැ. ඒ වගේමයි කාලයක් තිස්සේ රදළයෝ කරපු දුෂිත වැඩවලට වැට බඳින්න රදළ බලය බිඳින්න රජතුමා පටන් ගත්තා. අන්තිමට වුණේ සුද්දා නිසා රදළයෝ බලවත් නිසා රජතුමාගේ බලය බිඳ වැටුණු එක.
බ්ලොග් එකේ අප්ඩේට් එකක් ගැන කියවුණු නිසා මේක මතක් වුනේ ඊළඟය කියන්නේ ඔයාගේ ඉල්ලීමට ලියවුණු කන්ද උඩරට අල්ලන මිෂන් කේ මාස්ටර් ප්ලෑන්කාරයා වුනු ජෝන් ඩොයිලිගේ කතාව
@ hare :-)
Deleteසුද්දගේ බලුකම් තිබුණත් යම් යම් අවස්ථාවල මහත්මා ගතිගුණ නොතිබුනා නොවෙයි. ඒකනේ අපිත් සමහර වෙලාවට මහත්මා ගතිගුණ ගැන කතා කරද්දී "සුද්දාව" උදාහරණයට ගන්නේ :)
කසූ උපුටා දක්වපු ප්‍රකාශයේදී බණ්ඩාරනායක මුදලි අපේ වර්ගයා කියලා අදහස් කරන්නේත් සිංහලයාම තමා. හැබැයි පහතරට ඉංග්‍රීසි පාලන ප්‍රදේශයේ ඉන්න බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් රජතුමා තමන්ගේ රජතුමා විදිහට පිළිගන්න උදවිය. ඔබේ මිනිසුන් කියලා කියන්නේත් සිංහලයන්ටමයි. ඒ කන්ද උඩරට හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ගේ රජතුමා විදිහට පිළිගත්තු උදවිය.
/* මේ 1906 දී ජෝන් ද සිල්වා මහතා නිෂ්පාදනය කරපු "ශ්‍රී වික්‍රම" නූර්තියේ එන ගීතයක්. මේකේ විදිහට නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුඟක් හොඳ පාලකයෙක්
ReplyDelete*/
නාට්‍යයේ ඔය ගීතය ගායනා කරන්නේ වන්දි බට්ටයෝ නේද?
කොයි රජාත් හොඳයි වන්දිබට්ටන්ට නං!
@ කතන්දර Kathandara
Deleteකසූ මේක කිව්ව එක හොඳා. මේ නාට්‍යයේ කතාව මොකක්ද කියලා අපේ මියුසික් කරන එවුන් දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවත් එකෙක්වත් හරියට ඒක දැනගෙන උන්නේ නැහැ... මේ සිංදුව කියන්නේ වන්දිභට්ටයෝ නම් ආයේ අහන්න දෙයක් නැහැ තාර බර නම් සෑහෙන්න ඇරලා ගනන් වෙනවා :D
මේ දේට මූලිකම හේතුව තමා සියවස් 3නක 4රක විතර ඉදන් ලංකාවේ රජ පෙලපත්වල අයත් ඉහල ප්‍රභු පන්තිවල අයත් තමන්ගේ බලයත් ධනයත් වඩවා ගැනීමට කරපු උත්සාහය තමා ටිකින් ටික දළුදාල ඇවිදින් ඔය කියන තත්වයට ආවේ. බොහෝ දෙනෙක් අනාගතය ගැන නිසි දැක්මක් නැතිව කරපු අත්තනෝමතික ක්‍රියාවත් නිසා. ඒකට පරම්පරා ගනනාවක් වන‍්දි ගෙවපැ අපි තවමත් වන්දි ගෙවනවා. අපි කරපු මොඩකම් වලින් පරසුද්දො ගොඩක් ප්‍රයොජන ගත්තා. උන්ට ඒවා හරියට ඉස්තීර තැම්පතුවක් වගේ තවත් පොලිය ලබනවා.
ReplyDeleteරජවරැ(නායකයෝ) ගොඩක් පරිස්ම් වෙන්න ඔන වන්දි බට්ටන්ගෙන් උන්තමා පිටට පිහියෙන් අනින්නේ.ඉතිහාසයෙම එක තමා වෙලාතියෙන්නේ
මේ ගැන කියන‍්න තියෙන්නේ ඉතිහාසය කන්නද අහපු අයත් දැනටත් ඉතිහාසයට නිසිතැනක් නොදෙන අයත් ඔය අන්තිම සියවස් 5,6 හරියට අධ්‍යනය කරන්න කියන එකයි මොකද අද තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර එතන තියෙනවා. ඉතිහාසයට මීට වඩා තැනක් පාසල් වලදි ලැබිය යුතුයි.
පාර්ලිමේන්තුවට යන උන්දලාට නම් ඉතිහාසය කටපාඩම් කෙරෙවුවත් කමක්නෑ
ගොඩාක් හොද වැඩක් ඉදිරියත් ජය
@ සම්පත්
Deleteඉඟුරු දීලා මිරිස් අරගෙනත් අත්දැකීම් තිබුණු අපේ අයට මේ අවස්ථාවේ දූර්දර්ශීව කටයුතු කරන්න බැරීවුණු එක ගැන කණගාටුයි. කිව්වත් වගේ ඒ මෝඩකම් අපේ ස්ථීර තැනපත් වෙලා වගේ තමා.
පාර්ලිමේන්තු යන ගොඩක් උන්දැලා කරන්නේ තමන්ගේ නම ඉස්සරහින් ගොන්කම් ගොඩක් ඉතිහාසෙට එක්කරන්න වෙර දරන එක විතරයි.
ස්තුති ඔබේ අදහස්වලට වගේම සුභ පැතුමටත්
mata udarata uncle kenek kiyala thiyanawa udarata minissu ingresinta udau karanna heethu godak thiyanawalu ee thamai rajasinghe rajuta hariyata kireetayata uruma kam thibbe naa kiyala hithapu nisa anith eka thamai rajuge samahara kruura paalanaya sinhala radalayin samagiyen inna kota udarata akramanaya karanna indreesi anduwata bari una upakrama sheeliwa radalayange balaya bidinna ingreesinta haki una kohomath thaamath udarata minissu anith palaathwala ayata salakanne unge sewakayo gaanata oya podi maniketa thada wenna aththeth eekai :D good work malli
ReplyDelete@ Sashimal Gunawardhana
Deleteතමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඉංග්‍රීසීන්ගෙන් උදව් ගත්තා කියනවාටත් වඩා මම කැමති තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර උඩරට තනියෙන් ක්‍රියාත්මක කරන්න බැරි නිසා ඉංග්‍රීසින්ගෙන් සහය ගත්තු බව කියන්නත් ගෙදර ප්‍රශ්න ගෙදර ඇතුළේ විසඳගන්නේ නැතුව "ගෙදර ගිනි පිටට දෙන්න" ගිහින් වුණු විනාශයක් විදිහටත් තමා.
උඩරට මිනිස්සුන්ගේ ආඩම්බරකමට හේතුවක් වෙන්නැත් එයාලගේ තියෙන අමිශ්‍රබව. පහතරට අය දිහා ටිකක් අඩුවෙන් බලනවා ඇත්තේ පහත රට අයගේ තියෙන මිශ්‍රබව නිසා වෙන්න ඇති.
එහෙම වෙන්නේ උඩරට ගොඩක් අයට රාජකීය ලේ මිශ්‍ර වෙලා තියෙන නිසා
Delete@ Anonymous 2
Deleteගොවියා මඩ සෝදා ගත් කළ රජකමටත් සුදුසුයි කියලා රොබට් නොක්ස් කියන්නේත් මේ නිසා තමා
පරක්කු වුනා. ඔය කිරි මුහුද ගැන කියනවා නම් ඒ වැව පසු කාලීනව වෙනස් වුනා කියනවා නේද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ ඇහැලේපොල කුමාරිහාමි මරා දානකොට එයාව ගිල්ලුවේ දැනට බෝගම්බර බන්ධනාගාරය තියන එහායින් වෙන්නට තියන බෝගම්බර පිට්ටනියේ කොටසකට වෙන්නට ලු. එතකොට වැව විශාලව සොරොව්ව බෝගම්බර පිට්ටනියේ අද දකුණු පසින් වන ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ සොරොව්ව පිහිටන විදියට පිහිටියා ලු. ඒ කතාව ගැන තව විදියකින් කියවෙන්නේ ඇහැලේපොල කුමාරිහාමි ගේ හොල්මන ඔය බෝගම්බර පිට්ටනිය අසල යන පාරේ ඉඳං වර්තමාන නුවර වැවේ සොරොව්ව දක්වා වන කොටසේ අවිදගිය බවට තියන කතාවලින්.
ReplyDeleteශ්‍රී වික්‍රම රාජසිංහ රජුට වුනේ බීමත් කම එක්කම රදළ කුමන්ත්‍රණ වලට පැටලීම. රජ්ජුරුවෝ රදලයෝ මර්ධනය කරන්න හැදුවාම රදළයෝ කලේ ඒ ගැන කෝප වෙලා රජු සමගින් ජනතාව කෙටවීම්.
ජෝන් ඩොයිලි නුවර හොල්මන් කළා ලු නේ. මම අහල තියනවා ඒ කතා. අපේ ලොකුඅත්තා නුවර දිසාපති වෙලා හිටිය කාලේ ඔය කතාව ඒ අවතාරේ හැබැහින් දැක්කා ය සලකන කෙනෙක් එයාට කියලා තියනවා. ලොකුඅත්තා පසුකාලීනව ඒ කතාව අපේ අප්පච්චිටත් අප්පචිචිගෙන් මටත් කියන පිලිවලට දැනගන්න ලැබුනා.
@ ක්සැන්ඩර් | Xander
Deleteඔව් අයියේ කිරි මුහුදේ කොටසක් ගොඩ කරලා බෝගම්බර බන්ධනාගාරේ හදපු කතාව නම් මාත් කොහෙන් හරි ඇහුවා. විශාල වෙල්යායක් යට කරලා හදපු කිරි මුහුද ක්‍රමයෙන් ඉංග්‍රීසි පාලනයත් එක්ක පොඩිවෙලා වගෙයි පේන්නේ.
රජතුමා ලාබාල වීම, රදළයන් රජු පාලනය කරන්න යාම, රජතුමා මරන්න කුමන්ත්‍රන, රජතුමාට රදළයන් විශ්වාස නැතිවීම, රදළ බල වර්ධනය හරහා දූෂණ වංචා සිදුවීම, රජතුමා දූෂණ වළකා රදළ බලය බිඳින්න යාම, රදළයන් රදළයන් අතර හා රදළයන් රජු අතර ගැටුම්, ඉංග්‍රීසීන් මේ අවස්ථාවේ උපරිම ඵල නෙලා ගැනීම අන්තිමට රජතුමා යටත් කරගැනීම ඔන්න ඕක තමා අන්තිමට වුනේ :(
ඩොයිලිගේ හොල්මනයි ඇහැලේපොළ කුමාරිහාමිගෙයි හොල්මන්වල කතාවත් මගදිගට ජනකතාවේ තිබුණා. කුමාරිහාමිගේ හොල්මන කිරි මුහුදට පනින හැටි දැක්ක අයත් හිටියලු. ඩොයිලි මහත්තයා නම් අස්සයා පිටේලු එන්නේ :)
ලොකු අත්තා කොයි කාලේ වගේද නුවර දිසාපති වෙලා හිටියේ ?
This comment has been removed by the author.
Deleteඔව්. ඩොයිලි එන්නේ සුදු අශ්වයෙක් පිටින් ලු. ජෝන් ඩොයිලිගේ ප්‍රතිමාව අද තියෙන්නේ මහනුවර සිංහ රෙජිමේන්තු කඳවුරේ ඉදිරිපස. කලින් ඩොයිලි ගේ ප්‍රතිමාව තිබිලා තියෙන්නේ මාලිගාව අසලම ලු. (මට මතක විදියට දළදා වීදියේ ක්වීන්ස් හෝටලය කෙළවර වන ස්ථානයේ හැටන් නැෂනල් බැංකුව අසල මාර්ගය මැද.)
Deleteමම සමහර පැරැන්නන්ගෙන් අහලා තියනවා මේ පිළිමය ඉවත් කලේ හොල්මන නිසා කියලා. ඒත් විශ්වාසයට ගන්න පුළුවන් කාරණය වන්නේ මාර්ගය පළල කිරීමට කියන කරුණයි.
ජෝන් ඩොයිලි ගේ අවතාරය සම්පුර්ණ එංගලන්ත යුධ හමුදා උත්සව ඇඳුමින් සැරසිලා සුදු අශ්වයෙක් පිටින් හිස රහිතව වර්තමාන ඔරලෝසු කණුව දෙස සිට උඩවත්ත කැලේ දෙසට මාලිගාව අසලින් පිය මනිනවා යයි මට අහන්න ලැබුනේ.
ලොකුඅත්තා 1970 දශකයේ හෝ 1960 දශකයේ අග භාගයේදී තමයි නුවර රාජකාරි කරලා තියෙන්නේ.
@ ක්සැන්ඩර් | Xander
Deleteජෝන් ඩොයිලිගේ ප්‍රතිමාවේ පින්තූරෙකුත් මෙතනට එකතු වුණා නම් හොඳයි වගේ. මොකද ජෝන් ඩොයිලිගේ කියලා හඳුනගන්න පුලුවන් එකම එක රූපයක් විතරයි දැනට තියෙන්නේ.
මහනුවර තියෙන තැන් කීපයක් බලන්න යන්න හිතේ අදහසක් තියෙනවා. මහනුවර රජ මාළිගාව, ගැරිසන් සුසාන භූමිය වගේ තැන් ටිකක්. ඒකට මේ ඩොයිලිගේ ප්‍රතිමාව බලන්න යන එකත් එකතු කරගත්තා. ස්තුති අයියේ විස්තරේ කිව්වට
හොඳ ලිපියක්. වැරදි කරුවන් කවුද කියල නං දන්නෙ නෑ. කොහොම උනත් "නීතිය රජා" වෙච්ච පාලනයක් තියන තැනකින් සාධාරණය බලාපොරොත්තු වෙන්න බෑ.
ReplyDelete@ රාජ්
Deleteනීතිය රජා වුණාද කියලා මම මේ ලිපියෙන් කතා කළා..... පොඩ්ඩක් ඒක කියවලා බලමු අයියා
රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
http://aagiyakatha.blogspot.com/2012/06/08.html
රාජ් නොදන්නා මගුල් කියන්න ගොස් සුපුරුදු පරිදි අනාගෙන ඇත ..... නොදන්නා මගුල් වලට කට නොදෑමට මේ මෝඩයා ඉගෙන ගන්නේ කවදා ද ?
Deleteඅල්ලාගෙන වද දෙන හැටි කියවද්දී ගඩාපිව මතක් වුණා... මේවා නැවත නැවත වෙන එකයි වැඩේ...
ReplyDelete@ Beetle
Deleteඅනිවාර්යයෙන්ම ඉතිහාසය නැවත නැවත වෙනවා. සමහර විට ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. සදාම් හුසේන්ටත් වුනේ ඔය සන්තෑසියමනේ. එතන නම් මේ කතාවේ වගේම සුද්දා මැදිහත් වුණු නිසා නඩුවකින් පස්සේ මරණ දඬුවම හම්බුනා. නැත්නම් ගඩාෆිට වුණු දේම තමා.
අපේ උන්දැලාටත් මේවා තේරෙනවා නම් හොඳා.
වැටුණු අලියාගේ ඇඟට බල්ලොත් නගිනවාලු :D
දෙකම එකනෙ . නඩු අහල එල්ලුවත් එකයි . එල්ලලා නඩුව ඇහුවත් එකයි
Delete@ Bindi
Deleteමේ දවස්වල ඉරිදා ලංකාදීපේ ලිපියක් යනවා මරු සිරාව මරලාද එල්ලුවේ එල්ලලාද මැරුනේ කියලා
මේ දේවල් බෙදා ගන්නවාට බෙහෙවින්ම ස්තුතියි/
ReplyDeleteප්‍රචලිත ඉතිහාසයෙන් සැබෑ ඉතිහාසය මතු කර ගැනීම (මේ කථාවට පමණක් නොව, සමස්තයට අදාලව.) ඉතාම වටිනවා.
@ රාමා
Deleteමේ දක්වන ඉතිහාසය වුනත් තව තවත් ගවේෂණවලට ලක්විය යුතුමයි.
ස්තුතියි අගය කිරීමට මිත්‍රයා.
comment damme nathuwata hamadama oyage blog 1 balanawa.......matanam rajasingha rajathuma gana duka hithuna.kiyawagena yaddi as dekata kadulu awa.....
ReplyDelete@ manju akka
Deleteකමෙන්ට් දැම්මා නැතා ඔයයි අනුරාධ අයියයි blog එක කියෝනවා කියලා දන්නවා අක්කේ. ස්තුතියි ඒකට :)
හුඟක් අයගේ හිත්වල රජතුමා ගැන මෙච්චර දවසක් තිබුණු හැඟීම ටිකක් හරි වෙනස් වෙලා තියෙන බව පේනවා
ආයෙමත් කියන්නම්..මේ වගේ ලිපි වලින් මම ගොඩාක් අපේ ඉතිහාසය ගැන දැනගන්නව ඉතාම ආශාවෙන්...විශේෂයෙන් හසිතගෙ මේ රජකාලෙ කතාවලට මම හරිම කැමතී..පුංචිකාලෙ ආත්තම්ම කියල දුන්න රජ කතා ඇහුවට පස්සෙ ලංකා ඉතිහාසය ගැන කිසිම දෙයක් දැන ගන්න ඉගෙන ගන්න බැරි උනා...ස්තූතියි හසිත..:)
ReplyDelete@ වින්චැට් කිරිල්ලි.
Deleteආත්තම්මලා සීයලා කියපු කතා අපේ පටන්ගැන්ම. එයාලා කියපු කතා ගැන හොයන්න ගිය එකෙන් තමා mea දක්වා දුරක් අපි ඇවිලා තියෙන්නේ. ඒක නිසා එයාලට තමා අපේ ප්‍රණාමය මුලින්ම හිමිවෙන්නේ.
තවත් කතා කීපයක්ම ඉස්සරහට එන්න තියෙනවා ඒවාත් කියවන්න එන්නකෝ :)
මේ ලිපිය ඉතාමත් දීර්ඝ වුණාට ඉතාමත් වැදගත්, ඓතිහාසික සටහනක්. කොයිතරම් වැදගත් ද කියනවා නම් උඩරට ගිවිසුම තරමටම වැදගත් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වීමත්, එතැනින් පසු සිදු වූ සියල්ල අසා තිබුණේ පුංචි කතා ටිකක් හැටියට මේ රජතුමා ගැන A to Z දක්වා හරියටම නිවැරදි විස්තරය දැනගත්තේ මේ ලිපියෙන්.
මේ ලිපිය අනුව පැහැදිළි වුණ එක දෙයක් නම් ඉංග්‍රීසින් එදා ඉඳන්ම යටත්වැසියාට බොහොම ගෞරවාන්විතව සේවය කරල තියෙන වග. මොකද ඔවුන්ට අවශ්‍ය වුණේ රටවල් අල්ලාගෙන සිය ආධිපථ්‍ය පැතිරවිම මිස ඒ රටවල ජනතාව පීඩාවට පත්කර හිංසා පැමිණවීම නොවන බව පැහැදිලි වෙනවා.
@ දයානන්ද රත්නායක
Deleteරජතුමාගේ කතාව මුල සිට අගටම කියාදෙන්න ලැබුණු එක ගැන සතුටුයි අයියා. අපි කාට කාටත් ඒ කතාව දැනගෙන ඉන්න එක වටිනවා.
ඉංග්‍රීසීන් යටත් වැසියන්ට බොහොම ගෞරවයෙන් සැලකුවාද කියන එක නම් ගැටලුවක්. මේ කතාවේ එන රජතුමා අල්ලාගැනීම වගේ විශේෂ අවස්ථා කීපයකදී ඇරෙන්න අනික් බොහෝ වෙලාවට ඉංග්‍රීසීන් තමන්ගේ සට කපටකම් හරහා අපිව පාලනය කළා. ඉංග්‍රීසීන්ගේ කුරිරුකම්වලට හොඳ උදාහරණ තමා 1818 සහ 1818 කැරලි දෙක. ඒවා මර්දනයට ඔවුන් ගත්තු ක්‍රියාමාර්ග අද කාලේ ත්‍රස්තවාදීන් ගන්න ක්‍රියාමාර්ගවලට හුඟක් දුරට සමානයි
මන් නම් විරුද්ධයි දයානන්දගේ මතයට මෙතනදී . මේ වගේ තනි සිද්ධි කීපයක් තිබුනත් සුද්දගේ ක්‍රියාකලාපය ඔය වගේ සරලව කියන්න බැහැ. යටත් කරගෙන මොනවද කලේ . එයාලගේ සපත්තුව ලෙවකාගෙන උන්න අයට නම් හොඳ වෙන්න ඇති . අනෙක් මිනිස්සුන්ට කොයිතරම් අසාධාරණ වුනාද . කොතනත් හොඳ මිනිස්සු ඉන්නවා . සමහර ආණ්ඩු කාරවරු ටිකක් සාධාරණ වුනාට බොහොමයක් වුනේ අසාධාරනකම් . ඔය දේ මෙහෙම කියන්න පුළුවන් . සාපේක්ෂව ඉන්දියාවේ කෑල්ලක් වෙනවට වඩා සුද්ද අල්ල ගත්ත එක හොඳයි . ප්‍රංශ කොලනියක් වුනාට වඩා බ්‍රිතාන්‍ය කොලනියක් වුන එක හොඳයි .
Deleteමේ ආපු හදිස්සියේ මේක කියවන්න බෑ.. නිවී හැනහිල්ලේ කියවලාම කමෙන්ට්බ් එකක් දාන්නම්
ReplyDelete@ තොටියා
Deleteඅනිවාර්යයෙන්ම අයියා. පෝස්ට් එක දිග වැඩි නිසා වගේම කරුණු ගොඩක් තියෙන නිසා නිවී හැනගිල්ලේම කියවලා බලන්න
වටින ලිපියක්....
ReplyDelete@ prasanna86k
Deleteස්තුති අයියණ්ඩි :)
කාළකට පස්සෙ කියවපු සර්ව සම්පූර්ණ ලිපියක් හසිත. නොදත් කරුණු ඉතා විශාල ප්‍රමාණයක් දැනගත්ත.
ReplyDeleteඇත්තමයි ලැජ්ජ හිතෙනව මහ ලොකුවට ලාOකිකයො කියාගෙන අපි හිටියට අපි අපේ ඉතිහාසයෙනුත් දන්නෙ කොච්චර සොච්චමක්ද කියල තේරෙනකොට.
දන්න නොදන්න හැමෝටම එකට ඉගෙනගන්න, මතක් කරගන්න, සාකච්චා කරන්න හොඳ තෝතැන්නක් හදල තියෙනව හසිත මේ ආ ගිය කතා තුලින්.
සතුටු වෙන්න හසිත. ඔබ රටට මහ මෙහෙයක් කළ පුතෙක්.
බොහෝම පින් මේ කරන කාර්යයට!
@ සඳ
Deleteමේ කතාව ලියන්න ගොඩක්ම හේතු වුනේ රජතුමාගේ කඩන් වැටීමේ ඉදන් ඉංග්‍රීසීන්ට අහුවුණ තැන වෙනකම් කතාව අපි හොඳටම දන්න නිසා වගේම ඊට පස්සේ රජතුමාට වුණු දේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා.
බොහොම ස්තුතියි අගය කළාට. රට වෙනුවෙන් ඉතිහාසය වෙනුවෙන් මෙහෙවර තව දුරටත් :)
මේ වෙද්දී සෙලින්කෝ අසල තියන ස්මාරකය ගොඩක් ලස්සනට තියනවා නේද,,කාලෙකට ඉස්සල්ලා මම ඔතන දකිද්දී තියනවට වඩා ලස්සනයි වගේ අද..
ReplyDeleteරජ්ජුරුවන්ට විතරක් හරි රදලයන්ට විතරක් හරි එක පැත්තකට වරදක් කියන්න බෑ වගේ,,ඒත් මට හිතෙනවා රාජසිංහ රජතුමා අසාර්ථක පාලකයෙක් කියලා.
ස්තූතී හසිත මේ ලිපියට නොදන්න දේ ගොඩක් ඉගෙන ගත්තා
@ ItalyDilan
Deleteඇත්තම කතාව කිව්වොත් කොළඹට අරන් ආපු රජතුමාට නවාතැන් දෙන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක. ඒකට හේතුව රජතුමාගේ නඩේ හෙණ ගොඩක් කට්ටිය හිටියානේ. ඒ නිවෙස තියෙන්න ඇති කියලා විශ්වාස කරන්නේ දැනට ශ්‍රී ලංකා මහ බැංකුව තියෙන තැන. පස්සේ මුලින්ම මේ ස්මාරකය පිහිටලා තිබුණාය කියන්නේත් එතනමලු.
පස්සේ ආරක්ෂක හේතුන් මත මේ ස්මාරකය ඒ ගාව තියෙන සෙලින්කෝ ගොඩනැගිල්ල ගාවට ගෙනත් තියෙනවා. දවසක් මම ඔතැනට ගියා හැබැයි මහ රෑ. ඒක නිසා එතන තිබුණු විවෘත කිරීමේ ඵලකයවත් කියෝගන්න වුණේ නැහැ. පුලුවන් වුණු වෙලාවක එතැනට ගිහින් විස්තර බලන් ඇවිත් වැඩි විස්තර කියන්නම්
මෙහෙම ප්‍රශ්න අහන එක ගොඩක් හොඳයි. මොකද එතකොට පොඩි පොඩි කෑලි හොඳට විස්තර කරන්න පුලුවන්. නැත්තම් වෙන්නේ ඒ ඔක්කොම පෝස්ට් එකට ඔබන්න ගියාම ඒක මාගලක් විතර දික් වෙන එක.
රජතුමාටම වැරැද්ද කියන්න බැහැ කියන එක දක්වන්න තමා මාත් උත්සහ කලේ. ඒ කාලේ වුණු හැමදේකම වගකීම රජ්ජුරුවන්ගේ ගිණුමට බැරකලාට ඒකට උඩරට රදළයනුත් වගකියන්න ඕනේ
ඔය ඵලකයේ තියෙන්නේ රජතුමා තාවකාලිකව රඳවා හිටි කුටිය කියලා නේද? මේ විස්තරය අනුව ඵලකය බොහොම වැරදියි.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteමේ ස්මාරකය ගැන පත්තරේක තිබුණු ලිපියකත් තිබුණේ මේ රජතුමාව හිරකරලා තිබුණු හිර කුටිය කියලා. ඒත් රජතුමාගේ ශරීර ප්‍රමාණය වගේම බිසෝවරු 4 කුත් රජතුමා එක්ක හිටි නිසත් තවත් විශාලා ඥාති පිරිසකුත් රජතුමා සමඟ කොළඹ ආපු නිසා ඒ කරුණ පිළිගන්න අමාරුයි.
"මාර්තු 6 වෙනිදා කොළඹට ළඟා වෙන රජතුමා ඇතුළු පිරිසව පිළිගන්නේ කොළඹ නගරාරක්ෂක බල ඇණියේ නායක ජෙනරාල් කර් විසින්. රජතුමාට වාසය කරන්න ගාලු මුවදොර ආසන්නයේ සකස් කරලා තිබුණු විශාල නිවසට පසුව රජතුමා රැගෙන ගියාම රජතුමා "මට රජෙකු වීමට අවසර නැති හෙයින් මට දක්වන ලද කරුණාවන්තභාවය ගැන ස්තුතිවන්ත වෙමි" කියලා කියනවා"
අනික මේ විස්තරයත් ඒ කතාව පටහැනියි. ඒක නිසා මේක ස්මාරකය විදිහට ගොඩනැගුණු එකක් වෙන්න ඕනේ. මේ ස්මාරකයත් එක්ක තියෙන ඵලකයත් කියවන්න අද හෙටම යන්න ඉන්නේ. හරියටම විස්තරේ එතකොට කියන්නම් අයියා
අද ලිපිය ටිකක් දිග වැඩි නිස කොටස් දෙකකට කියෙව්වේ. වටින කියන කරුණු ගොඩක් ඉගෙන ගත්තා.
ReplyDeleteඅර වෙල්ලෝරයට අරගෙන ගිය කතාව නම් මම් දැනගෙන උන්නා. ඒ ඇරෙන්න අනිත් දේවල් නම් දන්නේ නෑ.
ස්තුතියි ලිපියට !!
@ මධුරංග
Deleteවෙල්ලෝර් කතාව මේ කතාව පටන් ගද්දිම අයියා කිව්වනේ. දැන් මේ වෙල්ලෝර් මුතු මණ්ඩපම් ස්මාරකවලට ආරක්ෂාවට කෙනෙක් පත් කරලා ඉන්නවා වගේම ගේට්ටු එහෙම දාලා ලොක් කරලා එහෙමලු තියෙන්නේ. පුරාවිද්‍යා ස්ථානයක් විදිහට වගේම සංචාරක ස්ථානයක් විදිහට ප්‍රාන්ත රජය පිළි අරගෙන තියෙන්නේ.
මේ ගැනම විස්තර හොයද්දී හම්බුණේ රජතුමා හිටිය කැන්ඩි මහල් කියන නිවාසයත් ප්‍රතිසංස්කරණය කරලා මිනිස්සුන්ට නරඹන්න අවශ්‍ය කටයුතු මේ වෙද්දී ප්‍රාන්ත රජය සූදානම් කරනවා කියලා.
බිසෝවරුන්ගේ ආභරණ පැහැරගත්ත හැටි කියවනකොට ඇඟ හිරිවටෙනවා.
ReplyDeleteපව් :(
@ Pramudi
Deleteඒ අවස්ථාව විස්තර කරන බණ්ඩාරනායක මුදලි බිසෝවරු හිටියේ බෙල්ල කඩපු කිකිළියන් වගේ කියන්නේ ලංකාවේ මිනිස්සු කිකිළියෝ මරපුවාම උන් ඉන්න විදිහට සමාන නිසා.
ඒ කාලේ ලංකාවේ මිනිස්සු කිකිළියෝ මැරුවා කියන්නේ ඇඟිලි දෙකකින් ක්ෂණිකව බෙල්ල හිර කරලා හිස කොටස කැඩිලා යන විදිහට අල්ලලා. ඊට පස්සේ හිස නැති කඳ ටික වෙලාවක් ලේ ගලන ගමන්ම ඒ මේ අත දුවලා අන්තිමට බිමට වැටිලා ගැස්සි ගැස්සී ඉදලා මැරෙනවාලු
අයියෝ..:(
Deleteමේ ලිපිය කියවන් යනකොට මට හිතුන දෙයක් තමා අපේ මිනිස්සුන්ට වඩා සුද්දෝ හොඳයි කියලා..
@ Pramudi
Deleteහොඳ මිනිස්සුත් නැහැ නරක මිනිස්සුත් නැහැ ඉන්නේ මධ්‍යස්ථ අය. ඒ අවස්ථාවේ හැටියට සුද්දෝ හොඳයි. ඒත් 1818, 1818 කැරලි මර්දනය කරපු හැටි ගැන හොයලා බැලුවොත් පේන්නේ ඉංග්‍රීසින් කොච්චර දරුණුද කියලා
ඒ කාලයේත් කුකුල් මස් කෑවද.
Delete@ Bindi
Deleteපහත රට මිනිස්සු කුකුල් මස් කාලා තියෙන බව බණ්ඩාරනායක මුදලිගේ මේ කතාවෙන් පැහැදිලියි. නොක්ස් කියන විදිහට නම් උඩරට මිනිස්සුත් කුකුල්ලු ඇති කරලා තියෙනවා. හැබැයි ඒ සත්තු මස් පිණිස විදේශිකයන්ට විකුණපු බව තමා කියන්නේ. කොහොම නමුත් රාජ නිලධාරීන් අඩු මුදලට හරි මුදල් නොදී හරි රජුට කියලා ඒ කුකුල්ලුත් අරන් යන නිසා ඒකත් සුලබව සිද්ධ වෙලා නැහැ.
හුඟක් වෙලාවට උඩරට මිනිස්සු මසක් ලැබුණොත් විදේශිකයන්ට වික්ක බව තමා කියන්නේ. අතරින් පතර මස් වර්ග කාපු අයත් ඉන්න ඇති.
ශ්‍රී විකුම් රජතුමා හොඳද නැද්ද කියලා අපි දැන් විග්‍රහ කරන එක හරිම විවාදාත්මකයි..අද අපි හොඳයි කියලා දකින පාලකයෙක් තව ටික දවසකින් නරක් වෙන්න පුළුවන්. අවුරුදු 180කට විතර පස්සෙ අපි ඔහු හොඳයිද කියලා බලන්නෙ අදට සාපේක්ෂව.
ReplyDeleteඅනිත් අතට ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙනවා කියන එකට හොඳම උදාහණ ටික හසිත මේ පොස්ටුවෙන් පෙන්නවා..
ස්තුතියි හැමදාම වගේ..
@ රූ....
Deleteරජතුමා හොඳ නරකද කියනවාට වඩා මේ සටහනෙන් මට කියන්න ඕන වුණේ රජතුමා හොඳමමත් නැහැ නරකමමත් නැහැ මධ්‍යස්ථ අයෙක්. ඒ කාලේ වුණු දේවල් ගැන වගකීම රජතුමාගේ ගිණුමට විතරක් බැර කරන එක වැරදියි ඒවායේ වගකීම රදළයන්ටත් තියෙනවා කියන එක අක්කේ.
ඔයා කියපු සාපේක්ෂ කතාව ඇත්ත තමා අක්කේ :)
මේ දේවල් විතරක් නෙවෙයි තව ගොඩක් කරුනු නිස මට හිතෙන්නෙ අපි ඉතිහසය කියල ඉගෙනගන්නෙ ඉංග්‍රීසීන් විසින් ප්‍රතිනිර්මනය හා විකුර්ති කරපු විශ්යක් බවයි ...ඒ වගේම සමහර ජනප්‍රවදත් එහෙම ඒත්තු ගන්වපු දේ වෙන්නත් පුලුවං ...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteඉතිහාසය විවිධ අය විවිධ විදිහට පක්ෂපාතී විදිහට ලියනවා. සමහර විට පක්ෂපාතී වෙන්න අදහසක් නොතිබුණත් හිතේ තිබුණු රුචි අරුචිකම් නිසා වුනත් යම් පැත්තකට අසාධාරණයක් වෙන්න ලියවෙන්න පුලුවන්. ඒක නිසා හොඳටම හොයලා බලන්න වෙනවා.
මේ කතාව මම දක්වන සටහන්වලටත් අදාළයි :)
ගොඩක් වටින ලිපියක්.... මමත් "පොඩි කුමාරි හාමියි, රාජ්" ගෙයි අදහස් වලට 100%ක්ම එකඟයි...
ReplyDelete@ Kushi
Deleteපොඩි කුමාරිහාමිගෙයි රාජ්ගෙයි අදහස්වලට දුන්නු පිළිතුරු බලන්න. ඔයාටත් වටිනා යමක් තියේවි
ස්තුති අගය කිරීමට :)
ඇත්තම කිව්වොත් හසිත, මම මේ රජවරුන්ට ප්‍රිය කරන්නෙ නෑ. මට අපේ මිනිස්සු රජවරුන් ඉස්සරහ වැඳ වැටෙන හැටි දැක්කම ලැජ්ජ හිතෙනවාට අමතරව අප්පිරිය හිතෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
@ Dude
Deleteරජවරු ගාව වැඳ වැටෙන එක කිව්වාම මතක් වුනේ ඉස්සර රජතුමා ගාව හිටගෙන ඉන්න කාටවත් බැහැලු ඉන්න හැමෝම දණ ගහගෙනලු ඉන්නේ. රජතුමාට සිංහාසනාරූඪ වෙද්දී, ඉවත් වෙද්දී වගේම රජතුමාත් එක්ක කතා කරද්දී තුන් පාරක් රජතුමා ඉදිරියේ බිම දිගාවෙලා වඳින්න ඕනේලු. බාල මහලු භේදයක් නැතුව හැමෝම ඒක කරන්න ඕනේලු. විදෙස් නියෝජිතයන්ට පවා ඒ කාරණය පොදුවෙලා තියෙනවා.
දේවයන් වහන්සේ, දෙවියෝ කියන යෙදුම් රජතුමාට භාවිතා වුණේ රජතුමාත් ජීවමාන දෙවියෙක් විදිහට මිනිසුන්ගේ ගෞරවයට ලක්වුණු නිසා
ගොඩක් වටිනා පොස්ට් එකක්..... ආසාවෙන් කියෙව්වා..... නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා..... ලඟදි ඉඳන් තමා මේ බ්ලොග් එකට එන්නේ.... මම අහල තියෙනවා ඉංග්‍රීසින් උඩරට අල්ලගත්තට පස්සේ ඇතිවුන කැරලි වලට නායකත්වය දුන්න සිංහල රදලයෝ මුලින් ඉංග්‍රීසින් ගෙන් තනතුරු බලාපොරොත්තු වෙලා නොලැබුණු අය කියල... පුළුවන් නම් ඒ ගැනත් පෝස්ට් එකක් දාන්න....
ReplyDelete@ Anonymous
Deleteසාදරයෙන් පිළිගන්නවා හාහා පුරා කියලා මේ පැත්තේ ආපු ඔයාවත්. උඩරට ඇතිවුණු මුල්ම කැරැල්ලට නායකත්වය දුන්නේ උසස් රදළයන් තමා. ඒත් එයාලා එහෙම කළේ නම් ඉංග්‍රීසින්ගෙන් බලාපොරොත්තු වුණු තනතුරු නොලැබුනු නිසා නම් නෙමේ.
කැරැල්ලේ මූලිකයන් වුණු කැප්පෙටිපොල නිළමේ ඌවේ දිසාවේ විදිහටත් මඩුගල්ලේ නිළමේ උඩ ගබඩා නිළමේ විදිහටත් පිළිමතලාවේ නිළමේ සත් කෝරලේ දිසාවේ විදිහටත් තමා හිටියේ. ඒවා සිංහල රජ කාලේ වගේම ඉංග්‍රීසින්ගේ පාලන කාලයේත් තිබුණු හොඳ තනතුරු කීපයක්. ඒක නිසා ඒ කතාව නම් පිළිගන්න අමාරුයි.
එහෙම බලාපොරොත්තු වුණු තනතුර නොලැබුනේ ඇහැලේපොළට විතරයි. එයා මුලින් රජකමත්, ඊළඟට උඩරට ඉංග්‍රීසි නියෝජිතකමත්, ඊට පස්සේ උඩරට ඉංග්‍රීසි නියෝජිතවරයාට පමණක් දෙවෙනි වෙන තනතුරක් අවසාන වශයෙන් ඉංග්‍රීසි රජයේ මිත්‍රයා වගේ තනතුරු බලාපොරොත්තු වුනත් එහෙම එකක්වත් ලැබුනේ නැහැ. අන්තිමට වුනේ මුරුසි දිවයිනට පිටුවහල් වෙලා මියයන්න.
කොහොම නමුත් ඔයාගේ කියපු දේවල් ගැන සවිස්තරාත්මකව කතා කෙරෙන පෝස්ට් එකක් මේ වෙද්දිත් ලියලා තියෙන්නේ. ඉස්සරහට ඒක පළවෙයි කියවන්න එන්නකෝ....
කැප්පිටිපොල නිලමේ සුද්ද සැබෑ වීරයෙක්ද නැත්නම් ඇහැලේපොල වගේ තාන්න මාන්න බලාපොරොත්තු වුන කෙනෙක් ද?
Delete@ අසරණයා
Deleteකැප්පෙටිපොල දිසාව සහ විල්බාවේ ව්‍යාජ රජතුමා ගැනත් ඉතිහාසයේ අප්‍රකට කතා යටතේ ලිපියක් පළවෙන්න සකස් කරලා ඉවරයි අයියේ. ඉදිරි සතියකදී ඒක පලවෙයි. ඒක නිසා වැඩි විස්තරයක් මෙතන කතා කරනවාට වඩා අපි එතනදී කතා කරමු.
කැප්පෙටිපොළ මහ දිසාව ඒ අවස්ථාවේදී ලංකාවේ ස්වාධීනත්වය උදෙසා තමන්ගෙන් ඉටුවිය යුත්ත ඉටුකළ අයෙක් බවයි මගේ හැඟීම. ඉංග්‍රීසින්ගේ පාලනය යටතේ සුවසේ ඉන්න තිබුණු ඔහු ඒවා අත්හැරලයි විල්බාවේ සමඟ එකතු වුනේ
ඇහැලේපොළ ගැන කිව්වොත් එයා රජතුමා පලවා හරින්න කටයුතු කළේ ඇයි කියන එක ගැන එයා කියලා තියෙන්නේ මෙහෙමයි
"කොයි ජම්මකාරයා අතර නමුත් ඔවුන්ට නියම වූ රජ්ජුරුවරු ලොවට නරක කරහොත් ඒ නරක අය අහක දමා හොඳ අය තබා ගැනීම ලෝක සිරිතාවක් නිසා මිස තක්කඩිකමක් හෝ කුපාඩිකමක් ලෙස නොවේය"
Another interesting post. Looking forward to reading about D'Oyly too. But how can you end the story there? What about Keppetipola? Would also like to hear about the mysterious Vilbawe.
ReplyDelete@ ශම්මි
Deleteඔයාට පේන කියන්නවත් පුලුවන්ද :D මොකද මම ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න පෝස්ට් එකක් හරියටම ඔයා කියලානේ. මීලඟට පළවෙන්න තියෙන පෝස්ට් තමා
1. ජෝන් ඩොයිලිගේ කතාව
2. කැප්පෙටිපොළ සහ විල්බාවේ ව්‍යාජ රජතුමාගේ කතාව
3. නායක්කර්වරුන්ට උඩරට බලය ලැබුණු හැටි
4. මිනීමරුවෙක් වුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
5. නරේන්ද්‍රසිංහ රජතුමා ඝාතන උත්සහය
මේ ටික තමා මේ වෙද්දී ඔළුවේ තියෙන්නේ තව එකතු වෙයි කතා තව ඉස්සරහට :)
Feminine intuition, obviously :P
DeleteGlad to hear about the continuing series :)
@ shammi
Delete:D
බලපුවම රජ තුමා නායක්කාර් වංශිකයෙක් නෙමේනෙ !
ReplyDeleteගොඩක් ස්තූතියි හසිත.. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.. එහෙන් මෙහෙන් යන්තම් තමා ඔය විස්තරේ කලින් දැනගන හිටියේ..
දැන් ඔය දළදා මාලිගාව නෙමේද ඉස්සර රජ තුමාගෙ මාලිගාව ? සෙංකඩගල රජ මාලිගය කියලා හසිත දාලා තියන එකනම් වෙන මාලිගාවක පින්තූරයක් වගේ. එහෙම එකක් අදටත් තියනවද ?
රජ තුමා හොඳද නැද්ද කියන එක දැන්නම් වැඩක් නෑ... එතුමට දුර පෙනුනෙ නෑ.. (ඕක ඉතින් එතුමට විතරක් තිබුන ලෙඩක් නෙමේ.. අදටත් එහෙමනෙ.. ) ඒකයි ලංකාව සුද්දන්ට යටත් වුනේ.. නැත්තම් අපේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්ඩ තිබුනා...
@ සෙන්නා
Deleteරජතුමා නායක්කර්ද කියන එක ප්‍රශ්නයක්. අම්මා නායක්කර් බව විශ්වාසයි. අම්මාගේ ස්වාමියා කන්නසාමිගේත් තාත්තා නම් කන්නසාමි නායක්කර්. ඒ වගේම කන්නසාමි රාජාධිරාජසිංහගේ අනියම් පුතෙක් නම් ඒත් කන්නසාමි නායක්කර්. ඒත් කන්නසාමිගේ තාත්තා පිළිමතලාවේ අදිකාරම් නම් කන්නසාමි සිංහල නායක්කර් මිශ්‍ර අයෙක්.
දළදා මාළිගාව කියන්නේ රජතුමාගේ මාළිගාව නෙමේ අයියේ. මඟුල් මඬුව පහු කරලා රාජා ඇතාගේ කෞතුකාගාරේ තියෙන පැත්තට යද්දී වැටකින් වෙන් කරලා තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා නේද ? ඒක තමා රජ මාළිගාව.
ඒකට යන්න තියෙන්නේ විෂ්ණු දේවාලය ගාවින් තියෙන පාරකින්. ඇත්ත මාළිගාවෙන් බොහොම පොඩි කොටසක් තමා අද ඉතුරු වෙලා තියෙන්නේ. ඒකේ මේ මේ වෙද්දී කෞතුකාගාරයක් පවත්වා ගෙන යනවා.
රජතුමාට දුර පෙනුණේ නැහැ වගේම ඉඟුරු දීලා මිරිස් අරගෙන අත්දැකීම් තියෙන රදළයන්ටත් දුර පෙනුනේ නැහැ..... :(
ලිපියේ වටිනාකම අමුතුවෙන් කියන්න ඕන්නෑ...
ReplyDeleteජයවේවා!!!!!
@ තරියා අබේ
Deleteස්තුති මලයණ්ඩි. ලිපියේ වටිනාකම තවත් වැඩිවෙනවා මේ කතාව ඔයා තවත් අයට කිව්වාම :)
කියවන් යනකොට අපේ ඉතිහාසය ගැන කනගාටුවක් ඇතිඋනා...!
ReplyDelete@ වීපොකුර
Deleteඅපේ ඉතිහාසයේ සතුටු වෙන්න පුලුවන් වගේම දුක් වෙන්න පුලුවන් අවස්ථා බහුලයි. මෙතන සිද්ධිය ගත්තොත් ඉඟුරු දීලා මිරිස් අරගෙනත් අත්දැකීම තියෙන අපේ අය නොදැනම ගිහින් ඉංග්‍රීසීන්ගේ උගුලේ අහුවුණු එක :(
නොදන්නා වටිනා ඉතිහාස කරුණු ගොඩක් ඉගෙනගත්තා. ස්තුතියි හසිත!
ReplyDelete@ Pisakkaatuwa
Deleteනොදන්නා යමක් කියාදෙන්න ලැබුණු එක ගැන හුඟක්ම සතුටුයි. මේකත් එක්ක සම්බන්ධ වෙන ඉතුරු කතා ටිකත් කියවන්න එන්න.
watina lipyak....jaya..
ReplyDelete@ Indika Dissanayake
Deleteස්තුතියි ඔබට :)
මේක දිගයිද? දැනුනෙවත් නෑ කමෙන්ට් බලනකම්..
ReplyDeleteනියමයි හසිත මලයා.. වටින කියන තොරතුරු ගොඩක් දැන ගත්තා..
විශේෂයි : අර නැති උන කඩු නේද? :)
@ Dinesh
Deleteශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කඩුවත් ඒ හොරු අරන් ගියාද කියලා නම් මට මතක නැහැ අයියා. හැබැයි කෞතුකාගාරේ තිබුණු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කඩුව අරන් ගියාද දන්නේ නැහැ
ස්තුතියි හසිත . මමත් සැහෙන්න කැමතියි රජතුමා දුෂ්ට රජෙක් කියල කාවද්දපු මානසිකත්වයෙන් එලියට ගිහින් ඔබ මේ ලිවූ විදිහට . අපිට වැරදුන තැන බොහොමයි . ඉතිහාසය නොකියවන්නා අතින් ඒ වැරදි නැවත සිදුවේ කියල තියෙනවනේ .
ReplyDelete@ Bindi
Delete"ඉතිහාසය නොකියවන්නා අතින් ඒ වැරදි නැවත සිදුවේ කියල තියෙනවනේ"
++++
//රජතම සව උපයනම රජ පලනය කරනන ඕන. ඒව තම සම [තතවය/සහදතවය], දන [තග/ຬමන], භද [තමනග වසය තක භද කරම] සහ දණඩ [දඬවම කයතමක කම]//
ReplyDeleteබලන් හියහම දැන් ඉන්න අය කරන ඒවත් වැරදිම නෑ...
@ Anonymous 3
Deleteරාජ්‍ය පාලන න්‍යායන් එක්ක බලද්දී තමන්ගේ බලය රැකගන්න පාලකයන්ට ඒවා කරන්න සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ වදාල දස රාජ සංකල්පය තුළ වුණත් පාලකයා මෘදු වෙන්න ඕනේ වගේම සෘජු වෙන්නත් ඕනේ.
ගොඩක් වටිනවා හසිත අයියේ ඔයාගේ ලිපි.ඔයාගේ අනාගත බලාපොරොත්තුව නම් මම දන්නෙ නැහැ.ඒත් කවදාහරි දවසක ඉතිහාසය ඉගන ගන්න කෙනෙක්ට ඔයාගේ බ්ලොග් එක ගොඩක් වැදගත් වෙයි! අනිවාරෙන්ම ඔයා ගුරුවරයෙක් එහෙම උනොත් බ්ලොග් ලින්ක් එක මතක ඇතුව ඔයාගෙන් ඉගෙනගන්න අයටත් දෙන්න!සුභ පතනවා ඔයාගේ වැඩවලට!
ReplyDelete@ හිරුහිමාවී
Deleteඅනාගතයේ මමත් බොහෝ දුරට ඉතිහාසය උගන්වන කෙනෙක් වේවි නඟා. කොහොමත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට පාසල් ශිෂ්‍යයන්ට මීටත් වඩා හොඳ පහසුකම් යටතේ අපේ දේවල් ඉගෙන ගන්න වාසනාව ලැබේවි.
ඒ වගේමයි ස්තුතියි ඔයාගේ සුභාශිංසනයටත් :)
හොඳ සමබර විග්‍රහයක්.. ඉතිහාසය හැමදාම ලිවුව්වේ ජයග්රාහීන් මිස පරාජිතයින් නොවන නිසා ඇත්ත සොයාගැනීම අපහසු කාර්යයක්..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Delete"ඉතිහාසය හැමදාම ලිවුව්වේ ජයග්රාහීන් මිස පරාජිතයින් නොවන නිසා ඇත්ත සොයාගැනීම අපහසු කාර්යයක්."
++++
නියම ලිපියක් හසිත...
ReplyDeleteමටනම් පුදුමයි ඔබ මේවා කෙලෙස ගොනු කරනවාදැයි කියා.. මෙවන් ලිපියක් පෙළගැස්වීමටනම් අනිවාර්යයෙන්ම උපරිම කැපවීමක් තිබිය යුතුයි..
මම මේ ලිපි පරෙස්සම් කරගන්නවා කවදාහරි මගේ දරුවන්ට කතාන්දරයක් කියා දෙනවා වගේ කියලා දෙන්න මට පුලුවන් වේවි.. ජයෙන් ජය ඔබට !!!
@ Sammani
Deleteඋපරිම කැපවීමත් එක්කම මේ වැඩේට මගේ ලොකු ආසාවක් තියෙනවා. ඒක නිසා මේ වැඩේ සාර්ථක වුණා කියලා හිතනවා. ඔයාලගේ ප්‍රතිචාර නිසා ඒක තහවුරු වුණා :)
අනිවාර්යයෙන්ම අපේ දරු පරම්පරාවට මේවා උරුම කරලා දෙන්න ඕනේ. ඉතිහාස පොත් කියවීම දුලබ වෙන නිසාමයි මේවා සයිබර් අවකාශයට මේ විදිහට හරි එකතු කරන්නේ අනාගතයේදී තවත් අයට කියවන්න පහසු වෙන්න.
ස්තුති ප්‍රතිචාරයට වගේම සුභ පැතුමට :)
සෑහෙන්න මහන්සිවෙලානෙ... බොහොම ස්තුතියි!
ReplyDeleteලිපිය නම් දිග වැඩී.. අමාරුවෙන් තමා ඉවරවෙන්නම කියෙව්වෙ.. කමෙන්ට් ටික හිමීට බලඤ්ඤං..
@ හරී
Deleteහෙමිහිට අමාරුවෙන් හරි කියවා ගත්තා නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ අයියේ :)
අදත් පරක්කුයි. අවුලක් නෑ.
ReplyDeleteරජ තුමා අහුවුනු වෙලාව කියවද්දි මට මතක් උනේ ගඩාෆිව. ඒ මොහොත වන විටත් ගඩාෆිට ආදරය කරන මිනිස්සු වගේම වෛර කරන අයත් හිටියා.
ඉංග්‍රිසි කාරයොත් තාමත් ඒ කාලේ ක්‍රමයයි ක්‍රියාත්මක කරන්නෙ නේද? ඇතුලෙ ප්‍රශ්ණ අවුලලා හීන් නූලෙන් වැඩේ දෙන එක.
ඇත්තටම මේ මොහොත දක්වාත් මට තිබුනේ රජතුමා ගැන හොද ආකල්පයක් නොවේ. හැබැයි රටේ ප්‍රස්ණ පිට උන්ට කී ඇහැලේපොලලා වගේ අය තුප්පහියො කියන එකත් කියන්න ඕනේ. (ඒ මතේ මම ඉන්නෙත් මම දන්න කරුණු නිසා. තව කරුණු දන්නවානම් කියන්න ඒ මතේ වෙනස් කර ගන්න) දැන් මේ ලිපිය කියෙව්වට පස්සෙ රජතුමාට වෙලා තියෙන දේ හිතාගත්තැකි.
@ බුද්ධි
Deleteතමන් කරපු කාර්යය ගැන ඇහැලේපොල නිළමේ මෙහෙම කියලා තියෙනවා
"කොයි ජම්මකාරයා අතර නමුත් ඔවුන්ට නියම වූ රජ්ජුරුවරු ලොවට නරක කරහොත් ඒ නරක අය අහක දමා හොඳ අය තබා ගැනීම ලෝක සිරිතාවක් නිසා මිස තක්කඩිකමක් හෝ කුපාඩිකමක් ලෙස නොවේය"
ඇහැලේපොල ගැනත් සටහනක් ලියන්න වෙයිද මන්දා :D
මුලින්ම හසිත උඹට පිං මේ කරන සේවයට.
ReplyDeleteමම දැනගෙන හිටියේ කොච්චර පොඩි විස්තරයක්ද. රටේ නිතිය අකුරටම පිළිපැද්ද නිසා ඒ රජතුමා දුෂ්ඨ පාලකයෙක් වුනා. දැන් ඉන්න පාලකයෝ දුෂ්ඨ නැහැ එහෙනම්. අපි පොඩි කාලේ අපේ නිදහස් සටනේ වීරයෝ,ජාතික වීරයෝ කියල ඉගන ගත්තු හැම දෙනාම නිසා අපේ රට සුද්දට යටත් වෙලා අපේ වටිනා කියන දේවල් හැම දෙයක්ම නැති උනා.
මෙහෙම කියන මමත් සුද්දෙකුට අයිති ආයතනයක වැඩ කරන්නේ.
@ අසරණයා
Deleteරජතුමා හොඳයි කියලා මම කියනවා නෙමෙයි ඒ වගේම රජතුමා නරකයි කියලාත් කියනවා නෙමෙයි. රජතුමා අතිනුත් වැරදි වුනා. ඒත් මේ සියලු වැරදිවලට එකම හේතුව රජතුමාම නෙමේ. රදළයනුත් එහි සම කොටස්කාරයෝ. ඔවුන්ගේ බලලෝභී ක්‍රියාකාරකම් තමා මේ ප්‍රශ්නවලට විශාල වශයෙන්ම බලපෑවේ කියලා කියන්නයි මට උවමනා කළේ.
ඉතාම වැදගත් ලිපියක්...දෙපාරක්ම හොදට කියවලා හිතට ගත්තා...
ReplyDeleteමේවා හොද පාඩම් වර්තමාන පාලකයන්ටත්....
කාගෙවත් කීමක් අහලා මර්ධනය කරන්න යන එකේ වැරැද්ද....
@ දම්මි
Deleteරජෙක් වුණාම හොඳින් ඇහුම්කන් දෙන්න ඕනෙලු. ඒක නිසා ඈත අතීතයේදී රජතුමාව සිතුවමට නගද්දී පාදවලත් කන් දෙකක් සිතුවම් කරලා තියෙනවාලු. මේ ඉතිහාස පාඩම් වර්තමානයේදීත් නැවත නැවතත් වෙන නිසා වත්මන් පාලකයන් මේවායින් පාඩම් ඉගෙන ගතයුතුයි. ඒත් නොවන්නේත් ඒකමයි :(
කාලෙක ඉදන් බ්ලොග් එක කියෙව්වත් මගේ පළවෙනි කමෙන්ට් එක.
ReplyDeleteබිලොග් එක ගැන කියනවනම් ඉතා විශිෂ්ඨයි!!!
1965න් පස්සෙ පරම්පරාව ගැන ආරන්චියක් නැද්ද්??
ශ්‍රී වික්‍රම පරම්පරාවේ මී මුණුපුරෙක් ලේක් හවුසියේ වැඩ කරලා තියෙනවා ඉන්දියාවෙන් ඇවිත්. ඒ වෙනකොට එංගලන්තයෙන් ගෙවූ පැන්ෂොන් ලංකාංඩුවෙන් නවත්තලා.
Deleteපොර පසු කාලෙක ආපහු ඉන්දියාවටම ගිහින්. මං මේක කියෙනව්වේ පරන පුවත්පත් කලාවේදියෙකුගේ මතක සටහන් පොතක. කාරියකාරවන ගේ ද කොහෙද?
@ udanajeewantha
Deleteස්තුතියි අගය කිරීමට. මම දන්නා තරමින් 1965 න් පසුව ඒ පරපුර ගැන තොරතුරක් නැහැ.
@ කතන්දර Kathandara
Deleteස්තුති කතන්දර ඒ තොරතුර කිව්වාට. අපේ යාලුවෙක්ගේ සීයා කෙනෙක් තමා ඩී.එෆ්. කාරියකරවන මහත්තයා. මේ වෙද්දීත් මගේ යාලුවාට කියලා ඒ ගැන කාරියකරවන මහත්තයාගෙන් තොරතුරු ලබාගන්නයි හදන්නේ
සුනේත්‍රා රාජකරුනානයකගේ 'මතක පොත ' කියන පොතේ, අන්තිම රජ පරම්පරවේ පුරුකක් ඉන්දියවෙදි හමුවෙන්න ගිය කරුනු අතුලත් කරලා තියනවා.
Deleteඉතාම වැදගත් කරුනු අතුලත්,ඔවුන් තමයි ලන්කා අන්ඩුවෙන් ගෙවිම් ලබගෙන තියෙන්නෙත්.
එම පවුලේ ගෘහ මුලිකයා, තමන් රාජසින්හ පරම්පවේ විම ගැන ඉතා සතුටු වන බවත්,ඔවුන්ට ජනතාව වයිර කල බව නොදන්නා බවත් සන්දහන්.
@ boo pale
Deleteකතන්දර දීපු ඔත්තුව එක්කම ඒ කරුණු හෙව්වා වගේම හරියටම විස්තරේ දැනගන්න මම ලේක් හවුස් එකටත් ගියා. රාජසිංහ රජතුමාගේ මී මුණුබුරු මිණිබිරියන් ගැන විස්තර ගොඩක් එතනින් හොයාගන්න පුලුවන් වුනා. ඒ ගැනත් සවිස්තරාත්මකව ලිපියක් ලියන්නයි හිතාගෙන ඉන්නේ.
ස්තුති ඔබේ තොරතුරටත්. ඒ පොතත් මම කියවලා බලන්නම් :)
මෙන්න වන්නියේ සිටි අන්තිම රජු ගැන ලිපියක්.
ReplyDeletehttp://danielprasanna.hubpages.com/hub/thelastkingofvanni
!!!
@ කතන්දර Kathandara
Deleteස්තුති කතන්දර මම ඒක කියවලා බලන්නම්. ඒත් වන්නියේ සැබවින්ම රාජ්‍යයක් සහ රජෙක් හිටියද කියන එක ප්‍රශ්නයක්. වන්නියේ හිටියේ බොහෝ වෙලාවට එක්කෝ සිංහල රජතුමාට හරි නැත්නම් යාපනයේ ආර්ය චක්‍රවර්තිට පක්ෂපාතී වෙන වන්නිවරු පිරිසක්. කොහොම නමුත් මේ සම්බන්ධවත් හොයලා බලන්නම්
හසිත මෙන්න මේ අය ගැනත් ලිපි ලියන්න.
ReplyDelete1. සෙම්බුකුට්ටි පෙරුමාල්
2. වෛතිය පන්ඩාර්
3. අලගක්කෝනාර
කන්නසාමි වගේම ඒ අයත් කෙලින්ම ඉන්දියාවේ අය.
@ කතන්දර Kathandara
Deleteඔබ මුලින් සඳහන් කරපු දෙන්නා ගැන නම් අවබෝධයක් නැහැ. සෙම්බුකුට්ටි පෙරුමාල් කියලා ඔබ අදහස් කළේ "සෙම්බගප් පෙරුමාල්" එහෙමත් නැත්නම් සපුමල් කුමාරයා ගැනද ? වෛතිය පන්ඩාර් කියලා කිව්වේ ඔබ කලින් දීපු ලින්ක් එකේ තිබුණු වන්නියේ හිටපු අන්තිම රජතුමාද ???
අලගක්කෝනාර ගැන නම් ලිපියක් ලියන්න අදහසක් තියෙනවා සේනාලංකාධිකාරවත් ඒකටම එකතු කරලා
Today 19 july 2012.
ReplyDeleteObata godaak Sthuthee, Thank you very much,
I am reading this letter at Riyadh, in Saudi Arabia.
and giving copies to others to learn about our history.
tahnking you again.
Seruvila Senarath.
@ Seruvila S
Deleteඇත්තටම සන්තෝෂයි ඔබ කරපු කාර්යය සම්බන්ධව. මේ ලිපි ලියන එකෙන් මම අපේක්ෂා කලෙත් පුලුවන් තරම් කට්ටියව මේ ගැන දැනුවත් කරන එක.
ඔබ කරපු කාර්යය ගැන මගේ ප්‍රණාමය :)
හොද ලිපි පෙළක් සහෝදරයා
ReplyDelete@ ruwan ranasinhe
Deleteස්තුතියි ඔබේ දිරිමත් කිරීමට :)
පට්ටයි අයියේ... :D ඕලෙවල් වලින් පස්සෙ ඉතිහාසය පාඩමට ගියා ඕං... :)
ReplyDelete@ සුළඟිල්ල | pinkie
Deleteමෙයා පට්ට නාකියි වගේනේ :ඪ් සන්තෝෂයි යමක් ඉගෙන ගත්තා නම්
ගොඩක් දුරට අපිට කියවන්න වෙන ඉතිහාසය මවපු එකක් හරි අතින් දාල ලියපු එකක් හරි. හරි දේවල් අහුවෙන්නේ හරි අඩුවෙන්.
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteමේකත් හැකිතාක් මූලාශ්‍රයවලින් සකස් කරපු ලිපියක් සමහර විට මේකටත් වඩා වෙනස් දෙයක් සිදුවුණා වෙන්න පුලුවන්
ReplyDeleteහරිම ලස්සනයි... බොහෝම වැදගත් ලිපියක්,, අද කාලෙ ළමයි ඉතිහාසෙ ගැන උනන්දු වෙනව බොහෝම අඩුයි.,, ඔබට ස්තූතියි.
@ chathuranga
Deleteමේ වෑයම ඉතිහාසයට ඇති උනන්දුව වැඩි කරන්නත් එක්කම තමා :) ස්තුතියි අදහසට
Mata singala kiyawanda puluwan liyanna ba kaalakin ungak vatinnaa lipayak.arisathutui. ape anthima rajathuma thaniyen theeranaya ganna beri sidhiya bohoma lassanata kiyaathiyanawa patu jaathiwathaya awusa rata kaapu hinthathamai api dheng dhukvidhinne.singala dhemala okkoma ekamuthuwa jeewathwann puluwannang kochchara dheyakkadha. obata sthuthiy.
ReplyDeleteRavinthiran
@ Ravinthiran
Deleteඅතිශය සතුටුයි දමිළ සහෝදරයෙක් මේ ලිපිය කියවලා අදහස් එකතු කිරීම සම්බන්ධව. පළමුවෙන්ම බොහොමත් ස්තුතියි ඒ සම්බන්ධව.
පටු ජාතිවාදය ප්‍රතිඵල නිදහසෙන් පසුව ඉදන් අපි භුක්ති විඳිනවා. මේක තමයි කාලය මීට වඩා බුද්ධිමත් ආකාරයෙන් මේ ගැන හිතා බලන්න.
An extreme patriotic work, Everybody should appreciate your attempt. Once a president, J.R Jayawardhana asked "For what is history? Is it to be eaten?" The country needs only people like you.....
ReplyDelete@ Anura Upali Hettiarachchi
Deleteබොහොම ස්තුතියි ඔබතුමාගේ අගය කිරීමට :)
Great article.Thank you for your time and effort.Do you think modern day Nanayakkara s have any connection with Kandy Nayak Royals?Sorry I cant type in sinhala.
ReplyDelete@ Anonymous Friday, March 28, 2014 at 9:31:00 AM GMT+5:30
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට. මා දන්නා තරමින් නානායක්කාර පෙළපත් දරන්නන් සහ නායක්කර් රාජකීයයන් අතර කිසිඳු සබඳතාවක් නැහැ
thank you.your artcle ....mh..mh ...grateful
Deleteමරු අයියා....මාත් ඉතිහාසය කරන්නෙ කැම්පස් එකේ...ඒත් නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා . තව තවත් මේ වගේ වැදගත් ලිපි දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteThank you sir...Valuable write up...
ReplyDelete//රාජාධිරාජසිංහ රජතුමා මේ දරුවා තමන්ගේ බව සිතුවත් සැබවින්ම මේ දරුවාගේ පියා වුණේ පිළිමතලාවේ අදිකාරම් බවයි කියවෙන්නේ.//
ReplyDeleteමේක අදයි දැනගත්තේ. එහෙම බැලුවොත් අන්තිම රජ්ජුරුවො නායක්කර් වංශිකයෙක් නෙවේනෙ.
උඩරට උදාර රජවරු සිටයේ නැහැ කෘර නිවට දුෂ්ට රජවරු සිටියේ අපේඋදාර රජවරු සිටියේ අනුරාධපුර හැ පොලුන්නරුව යුගයේදී
ReplyDelete