මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.
ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.
එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක
මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා.
සම්බුද්ධ පරිනිර්වාණය
මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා.
අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.
අජාසත් රජතුමා
ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා.
පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.
කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.
අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා.
පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා.
කුක්කුට සම්පාත පර්වත
අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා.
එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.
මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්
"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය"
ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.
එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා
කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.
ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ.
කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු
වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා.
කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය
සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා.
බෙන්තර ගලපාත විහාර ස්ථූපය
දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.
මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා
ධූතාංගධාරී භික්ෂූන්ගෙන්???
ReplyDeleteසීලය වඩාත් තීව්‍ර වෙන විදියට සමාදන් වීමට කැමැත්තක් තියෙන අය තමයි ධූතාOග සමාදන් වෙන්නෙ. වෙන විදියකට කීවොත් අල්පෙච්චතාවය තමයි ඒකෙන් දියුණුවෙන්නෙ. මහාකාෂ්‍යප මහ රහතන්වහන්සේට අල්පෙච්ච භික්ශූන් අතර අග්‍රස්තානය දුන්නයි කියන්නෙ ඒකනෙ.
Deleteමන් අහල තියෙන විදියට ධූතාOග 13ක් තියෙනව. එයින් ගිහියෙකුට සමාදන් වෙන්න පුලුවන්නෙ ධූතාOග 2ක් පමණයි.
ඒ තමයි ඒකාසනිකංගය(දිනකට එක්වරක් පමණක් ආහාර ගැනීමමේ ධුතංගය ) සහ පත්තපිණ්ඩිකාංගය(එක පතක පමණක් වැලඳීමේ ධුතංගය)
@ හරී
Deleteධූතාංග කියන්නේ මොනවාද කියන එක සරලවම ගත්තොත් භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේ විසින් ආරක්ෂා කරන්න ඕනේ විනය කරුණු අනුගමනය කරන ගමන්ම විනය නීතිවලටත් අනුකූල බුදුන් වහන්සේත් වදාළ යම් යම් ප්‍රතිපත්ති කියලා ගන්න පුලුවන්.
සඳ කිව්වා වගේම ඒකෙන් අල්පේච්ඡතාවය තමා වර්ධනය වෙන්නේ. ඒ වගේමයි සිල්වතුන් මේ විදිහට අල්පේච්ඡතාවය වර්ධනය කරන ධූතාංග අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධයට ඒක හේතුවක් වෙනාවත් කියලා බුදුන් වහන්සේ දක්වනවා.
බුදුන් වහන්සේ ධූතාංග 13 ක් දක්වනවා. ඒවා සරලව සිංහලෙන් කිව්වොත්
පාංශුකූලික සිවුරු දැරීම
තුන් සිවුරෙන් සෑහීමකට පත්වීම
පිණ්ඩපාතයෙන් යැපීම
ගෙවල් මගහැර නොයමින් පිළිවෙලින් පිණ්ඩපාතයේ වැඩීම
එක් අසුනක හිඳ වැලඳීම
එකම පාත්‍රයේ වැළඳීම
නැවත නැවත අතිරේක භෝජන නොගැනීම
ආරණ්‍යයේම විසීම
වෘක්ෂමූලයේම විසීම
අහස සෙවණ කරගෙන සිටීම
සුසානයේ විසීම
එක් සේනාසනයකම සිටීම
සයනය කිරීම අත්හැර හිඳගෙනම සිටීම
මහා කාශ්‍යප හාමුදුරුවොත් මේ ධූතාංග උපරිම අයුරින් උන්වහන්සේ පිරිනිවන් පාන තෙක්ම ආරක්ෂා කරලා තියෙනවා.
උදාහරණයක් විදිහට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාන තෙක්ම සයනයක නිදාගෙන නැහැ.
@ සඳ
Deleteබොහොම ස්තුතියි එකතු කරපු පැහැදිලි කිරීමට.
ඒකාසනිකංගය කියන ධූතාංගය හරියටම විස්තර කළොත් ඒකෙදී එක් අසුනක හිඳීම කියන අදහස හරියටම ගත්තොත් එක්වර හිඳ ගැනීම කියන අදහසයි එන්නේ. මේ ධූතාංගය සමාදන් වුණු කෙනාට එතකොට වරින්වර ආහාර ගන්න බැහැ. එකවර වාඩිවෙද්දී මුළු දවසටම හරියන් ආහාර වලඳන්න ඕනේ.
@ සඳ
Delete\*මන් අහල තියෙන විදියට ධූතාOග 13ක් තියෙනව. එයින් ගිහියෙකුට සමාදන් වෙන්න පුලුවන්නෙ ධූතාOග 2ක් පමණයි.
ඒ තමයි ඒකාසනිකංගය(දිනකට එක්වරක් පමණක් ආහාර ගැනීමමේ ධුතංගය ) සහ පත්තපිණ්ඩිකාංගය(එක පතක පමණක් වැලඳීමේ ධුතංගය)*/
දවසකට හරි දෘතංග ආරක්ෂා කරන්න ආසාවක් තියනවා. මේ ගැන කියවෙන බුද්ධ දේශනාවක් හරි මේ සිල්පද සමාදන් වෙන ආකාරය හරි ගැන කියන්න පුලුවන්ද? මේ දෘතංග රකින්න පුළුවන් උපොසත දවසේ විතරද?
@ vajira
Deleteධූතාංග සමාදන්වන ආකාරය ගැන අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන් ලියපු "බෞද්ධයාගේ අත්පොත" කියන පොතේ විස්තරයක් තියෙනවා. උන් වහන්සේ දක්වන විදිහට පොහොය දිනවලදී උපෝසථ ශීලය සමාදන් වෙලා ඒකාසනිකාංග සහ පත්තපිණිඩිකාංගය කියන ධූතාංග දෙකම හරි එකක් හරි සමාදන් වෙන්න පුලුවන්.
උදෑසන ආහාර වළදන්න කලින් සිල් සමාදන් වෙලා පස්සේ "නානාසන භෝජනං පටික්ඛිපාමි, එකාසනිකංගං සමාදියාමි" කියලා එකාසනිකංගය සමාදන් වෙන්න පුලුවන්.
ඒ වගේමං "දුතියක භාජනං පටික්ඛිපාමි, පත්තපිණ්ඩිකංගං සමාදියාමි" කියලා පත්තපිණ්ඩිකාංගය සමාදන් වෙන්න පුලුවන්.
මම හිතන විදිහට උපෝසථ දිනයේ පමණක් නෙමේ අනික් දවස්වලත් මේ ධූතාංග රකින්න පුලුවන්. හැබැයි පංච සීලයත් සමාදන් වෙලා මේ ධූතාංග රකිනවාට වඩා අටසිල් ඊට වඩා වැඩි සීලයක් සමාදන් වෙලා මේ ධූතාංග රකින එකයි ප්‍රයෝජනවත්
අනර්ඝයි. මේ කාරණා අප සමඟ බෙදා ගැනීම ගැන ස්තූතියි. වර්ගපූර්ණිකාවේ පළවන ලිපි තරමටම අර්ථවත් ලිපියකි.
ReplyDelete@ Anonymous 1
Deleteබොහොම ස්තුතියි. ලිපියෙන් අර්ථවත් යමක් ලබාගත්තා නම් ඒ ගැන සතුටුයි :)
අද නම් ඇඟ හිරි වැටෙන විදියේ කතාවක්. මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ දේහය ඒ විදියට අර ගල්කුලු එකතු වෙලා වැහිලා තියෙනවා නම්, දේහය ආදාහනය නොකර අර දළදාව ලැබුනේ කොහොමද?
ReplyDeleteඒ කතාව ඇහුවට පස්සේ ඔය කියන කුක්කුට පර්වතය බලන්ට යන්ට ආසා හිතුනා. ඉන්දියාවේ සිද්දස්ථාන බලන්ට යන්ට හසිත ප්‍රමුඛ කන්ඩායමක් එකතු කරගත්තොත් හොඳයි වගේ.:)
අන්න ඒ ප්‍රශ්නෙම මටත් ආවා
Deleteධාතුන් වහන්සේලා ලබා දෙන්න පිරිනිවන් පා ආදාහනය කල යුතුම නැ, හොඳම උදාහරණය තපස්සු බල්ලුක වෙළෙන්දන්ට දුන්න කේශ ධාතු, නමුත් මෙහි සඳහන් වෙන්නේ දළදා ධාතුවක්, සමහර විට කාශ්‍යප රහතන් වහන්සේ අදිෂ්ටන කල වෙන් පුළුවන් යම් කිසි ධාතුන් කොටසක් ශරීරයෙන් වෙන්ව යන්න පිරිනිවන් පෑමෙන් පසු, බුදුන්ගේ අදහන චිතකයේත් බුදුන්ගේ අධිෂ්ටනය අනුව ධාතුන් වෙන්ව පැවතුන එකතු කිරීමට හැකි වන සේ. මෙහිදීත් ශරීරය පැවතුනත් යම් කිසි ධාතුන් කොටසක් වන්දනා මාන කිරීම සඳහා ශරීරයෙන් ඉවත්ව වැඩම කල වෙන්න පුළුවන්
Delete- කෙසේ වෙතත් අද තියෙන බ්ලොග් ලිපි බැලුවම මෙය ඉතාම වටිනා ලිපියක්, බ්ලොග් එකකින් විය යුතු දේ ඉටු වූ ලිපියක්, හතර වටේට බැන බැන හරි අනුන්ගේ අද කුදක් හරි ලියනවට වැඩ කොච්චර වැදගත් ලිපියක්ද, බොහොම සතුටුයි
@x = ස්තුතියි මේ ගැන විස්තර කලාට
Delete@ Podi Kumarihami
Deleteඅයියෝ අයියෝ ඇඟ හිරි වට්ටගන්න හොල්මන් කතාවක් කිව්වේ නැහැනේ :)
මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දළදාව උන්වහන්සේ ජීවමාන කාලයේම මුඛයෙන් වැටුණු එකක්. අනුරාධපුර යුගයේදී ඒක ලංකාවට වැඩම කරවලා දුටුගැමුණු රාජ සමයේදී හිටපු රහතන් වහන්සේ නමක් ඒ දළදාව තැන්පත් කරවලා බෙන්තර ගලපාත විහාරයේ ස්ථූපයක් කරවපු බවයි කියවෙන්නේ.
දඹදිව වන්දනා ගමන ගැන බලමු. මටත් අවස්ථා කීපයක් ආවත් යන්න වුණේ නැහැ. බුදු හාමුදුරුවෝ දක්වපු සැදැහැවත් කුල පුත්‍රයන් විසින් දැක වැද සංවේග උපදවා ගන්න ඕනේ ස්ථාන හතරවත් වන්දනා කරගන්න තිබුණොත් හොඳටෝම ඇති :)
@ පිණිබිඳු...
Deleteප්‍රශ්නෙට සවිස්තර පිළිතුරක් ලැබෙන්න ඇති කියලා හිතනවා
@ Mr. X
Deleteබොහොම ස්තුතියි ඔබ කරපු පැහැදිලි කිරීමවලට වගේම කරපු අගය කීරීම්වලට. මහා කාශ්‍යප හිමියන්ගේ දළදාව ලැබුණු හැටි ඉහළින් තියෙන ප්‍රතිචාරයේ මම කියලා තියෙන්නේ.
බුදුන් වහන්සේ ජීවමාන සමයේදී ලැබුණු ධාතූන් වහන්සේලා අතරින් බොහෝ දෙනා දන්නේ කේශ ධාතූන් වහන්සේලා පමණයි.
ඒත් මුතියංගණ චෛත්‍යයේ තැන්පත්ව ඇති පූජනීය වස්තුව පිළිබඳ විස්තරයේදී කියන්නේ "මුතියංගණ ප්‍රදේශයට වැඩම කරපු බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් දහඩිය ගැලුව බවත් ඒ ප්‍රදේශයට අධිපති දෙවියන් ඒවා දෝතින් පිළිගත්තාම ඒවා මුතු බවට පත්වුණා.මුතියංගණයේ තැනපත්ව තිබෙන්නේ ඒ මුතු ඇට" කියලා.
ගොඩාක් ලොකු සිද්දියක් මම අදමයි දැනගත්තේ..
ReplyDeleteකාශ්‍යප රජතුමා කියන්නෙත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටමද?
නැහැ නංගි.
Delete@ වර්ණා
Deleteලංකාවේ කාශ්‍යප නමින් සිටිය රජවරුන් පස් දෙනෙක් ඉදලා තිබෙනවා. මේ අයගෙන් වඩා ප්‍රසිද්ධ සීගිරි කාශ්‍යප රජතුමා හෙවත් පළවෙනි කාශ්‍යප රජතුමා. ඔහු ජීවත් වෙලා තියෙන්නේ ක්‍රි.ව 479 දී පමණ.
මේ කතාවේ කියවෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ බුද්ධ කාලයේ වැඩ සිටිය හාමුදුරු කෙනෙක්. ඒ ක්‍රි.පූ 6 වෙනි සියවසේ
@ නිසුපා
Deleteස්තුති අක්කේ :)
අනේ මෙච්චර ලිපියක් කියවල මේ ඇත්තිට අහන්න හිතුන ප්‍රශ්නේ. මට ඉස්සරවෙලා හිතුනේ ඉස්කෝලේ යන්නෙත් නැති පොඩි ළමයෙක් මේ බ්ලොග් වල මොනවා කරනවද කියල.
Deleteඅර පහල කමෙන්ට් වල තියෙනවා නේ බුද්ධියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් කියල, ඒ වගේම IT+English තිබුනට විචාර බුද්ධිය දැන් කාලේ හිඟයි.
@වර්ණා
Delete> කාශ්‍යප රජතුමා කියන්නෙත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටමද?
මෝඩි ! කම්පියුටර් අතපත ගාන්න කලින් ඉස්කෝලෙ උගන්නන දේ හරියට ඉගෙන ගෙන හිටපන්. 7-8 වසර ඉඳන් 'ඉතිහාසය' කියල එකක් උගන්නන්නෙ ? අඩුම ගානේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගත්ත උන් වුණත් 'රජතුමා = රටක් පාලනය කරන කෙනෙක්' 'රහතන් වහන්සේ = සිත වැඩි දියුණු කර කෙළෙස් නැසූ හාමුදුරු කෙනෙක්' කියලවත් හරියට දන්නව.
මේ ප්‍රශ්නේ තියෙන අලංකාරය නිසා මම මෙයාගේ profile එක බැලුව. ඒක දැක්කම දෙකොනෙන්ම හිනා ගියා. තමන් ඉපදිච්ච, ජීවත් වෙන රටේ ඉතිහාසය, සංස්කෘතිය ගැන අබ ඇටයක දැනීමක් නැති මේ වගේ අය Investment Bankers ල කරන්නේ සල්ලි එපාවෙච්ච බැංකුවක් වෙන්න ඕනි.
Deleteබුද්ධාගමට නිගා දෙන මේ වගේ මෝඩ චූන් තවත් ඕන තරං තියෙනව. පිරිණිවන් මංචකයෙදි උන් වහන්සෙ කරපු ප්‍රාර්ථනා තිබ්බෙ උන් වහන්සෙගෙ හිතේනෙ බොල! ඒක රෙකෝඩ් කරල බ්ලොග් එකට දාන්ට තියං උන්නෙ තොගෙ මීමුත්ත ද?
ReplyDeleteඇනෝ, ඔහෙත් අපේ දේශීය දේවල් වලට ගරහන බටහිර පඬියෙක්ද?
Deleteමෙ ගොන් අලියට බෞද්ද සාහිත්යය කියන්නෙ මොකක්ද කියල තෙරෙන්නෙ නැති හැටි හැබෑට
Delete@ 1st Anonymous
Deleteරහතන් වහන්සේලගෙ අවබෝධය සහ හැකියාවන් ගැන නොදන්න කමටමයි මේ වගේ කතා කියන්නෙ. ඒ සියල්ල විද්‍යාත්මක තර්ක වලින් විශ්ලේශනය කරන්න ගියොතින් ඇත්ත දකින්න වෙන්නෙ නෑ කොහොමත්. කොහොමත් නූතන විද්‍යාව තවම ඒ සඳහා ළාමක වැඩියි.
ඒ දේවල් රෙකොර්ඩ් කරල තියන්න ඕන නෑ. සිතින් සිත බලන්න, කාලය තරණය කරන්න වගේ දේවල් කරන්න පුලුවන් තරම් සිත දියුණු කළ අය අදත් ඉන්නව. ඒ අයගෙ මාර්ගයෙන් ඒව දැනගන්න පුලුවන්.
"සඳ" කියන කතාව සම්පූර්ණ ඇත්ත. සිත දියුණු කර ගත්තු කෙනෙකුට අනුන්ගේ සිත් පෙනෙනවා. මාත් දැන් ටිකකට කලින් පුරුද්දක් විදියට භාවනා කරන්න පටන් ගත්තු කාලෙ මටත් ඒ වගේ අනුන්ගේ සිත් පෙනෙන්න පටන් ගත්තා. හරියට චිත්‍රපටයක් බලනවා වගේ. මුලින්ම පෙනුණේ තමන්ට කිට්ටුම අයගෙ සිත්. නමුත් ඒ සිත් මොන තරම් දූෂ්‍යවෙලාද කියලා දැකලා මගේ ඥාතීන් හා මිතුරන් කෙරෙහි ඇති වෙච්චි පිළිකුළ මකා ගන්න මා ඒ උත්සාහය අතහැරියා.
Deleteමෙතැනදී වෙනත් රහතන් වහන්සේ නමක් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිත දැක්කා විය හැකියි. අනෙක රහතන් වහන්සේලාගේ සිත් පෘතග්ජන පුද්ගලයින්ගේ වගේ දූෂ්‍ය වෙලා නෑ. ඒ නිසා ඒවාට පිවිසීම සුන්දර අත්දැකීමක්. මේ නිසා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිතට පිවිසී නිරාමිස ප්‍රීතියක් විඳපු අය ඕනැතරම් ඉන්න ඇති ඒ කාලෙ.
මේවා තේරුම් ගන්න තරම් බටහිර විද්‍යාව දියුණු වෙලා නෑ.
අනෝ මහත්තයෝ තමන්ගේ බුද්ධිය හැම තැනම පෙන්නන්න යන්නෙපා, එක පරිස්සම් කරලා තියාගන්න. මේ ලිපියෙන්ම උදාහරණයක් ගත්තොත්
Delete"දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා. "
එතකොට අනුරුද්ධ මහා රහතන් වහන්සේ කාශ්‍යප රහතන් වහන්සේ කලින් කරලා තිබ්බ ප්‍රාර්ථනය ගැන දන ගත්තෙත් FB එකේ පොස්ට් එකකින්ද නැත්නම් SMS එකකින් ද
ඒ හින්ද තමුන්ට නොතේරෙන හැම දේටම ගරහන්න එපා, අනිත් එක මතක තියාගන්න බුද්දියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් ප්‍රඥාව ලබා ගන්න අමාරුයි ඒවගේම පළමු පියවර. වන්නේ ශ්‍රද්ධාව, ඔබතුමන්ට නැත්තෙත් එක
Mr. X සමඟ එකඟයි. සිත දියුණු කරගත් මිනිසකුට කළ හැකි දේවල් ගැන මෙහි කමෙන්ට් කරන ඇනෝලාට ඇති අවබෝධය ඉතා අඩුයි.
Deleteමා භාවනා කිරීමෙන් සිත දියුණු කරගෙන අනුන්ගේ සිත් කියැවීම බලයක් ලබා ගත්තු හැටියි කලින් කිව්වේ. (අවාසනාවකට ඒ බලය දැන් නෑ. නිතර භාවනා නොකිරීම නිසා ඒක අහෝසි වෙලා.) මේ වගේම අනෙක් අයත් මගේ හිත කියවනව කියල මට තේරුණා. අනෙක් අය කිව්වෙ මනුෂ්‍යයින් විතරක් නෙවෙයි. මට තේරුණු හැටියට දෙවියන් පවා මගේ හිත කියවලා තියෙනවා.
දැන් යාළුවනේ ඔය ගොල්ල අහයි දෙවියන් සිත කියවන්නේ සිත දියුණු කරගත් අයගේ පමණක්මද කියලා. එහෙම දෙයක් නෑ. ඒ ගොල්ල හැමෝගෙම හිත් කියවනවා. (ඒක තමයි බුදු හාමුදුරුවෝ සිතින් වත් පව් නොකරන්න කිව්වේ. මොකද එහෙම කළොත් සිත කියෙව්වාම දෙවියන්ට ඒ ගැන දැන ගන්න ලැබෙනවා.) නමුත් සිත දියුණු කරගත් කෙනෙකුට වෙනත් කෙනකු තමන්ගේ සිත කියවනවා දැනෙනවා.
මට හොඳින්ම මතක ඇති සිද්ධියක් කියන්නම්. දවසක් මා රාත්‍රියේ භාවනා කොට සියළු සතුන්ට මෙත් වඩා නින්දට ගිය අවස්ථාවක රෑ දෙකට විතර අවදි වුණා. ඒ අවස්ථාවේ මගේ හිතට දැනුනා අමුතුම ආකාරයේ ප්‍රසන්න හැඟීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. හරියට ශරීරය හොඳට කිළුටු වෙලා තියෙද්දි නානකොට දැනෙන පහසුව කෙතරම්ද? අන්න ඒ වගේ පහසුවක් තමයි මගේ සිතට දැනුනේ. එතකොට මට වැටහුණා කවුරුන් හෝ මගේ සිත පිරිසිදු කරනවා. මට තේරුණා කවුරුන් හෝ මගේ මනස තුළ සිටිනවා කියලා. මං ඇහුවා ඔබ මේ මොකද්ද කරන්නේ කියලා.
ඒ අවස්ථාවේ මගේ සිතේ ක්ලේශයන් ඉවත් කරමින් සිටියේ සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. (යාළුවනේ වරදවා තේරුම් ගන්න එපා. හැම ක්ලේශයක්ම මෙහෙම ඉවත් කරන්න බැහැ. අපේ ක්ලේශයන් උත්සාහයෙන් නැතිකළ යුතේ අපමයි. වෙන කෙනෙකුට එහෙම කරන්න බැහැ. නමුත් අප ඒ සඳහා උත්සාහ දරණ බව දුටුවාම සම්‍යක් දෘෂ්ටික දේවතාවන් මේ වගේ පොඩි තල්ලුවක් දෙනවා, සුළු ක්ලේශයන් ටිකක් ඉවත් කරලා.) මේ දේවතාවා පෙර අත්භවයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත ගමක වැඩ සිටි ඉතාම සිල්වත් හිමිනමක්. උන්වහන්සේගේ සමන් දෙවියන් ගැන වූ භක්තිය නිසාම අපවත්වීමෙන් පසු සමන් දෙවියන්ගේ අතවැස්සකු ලෙස ප්‍රතිසන්ධිය ලැබිලා. දැන් සිත දියුණු කරගැනීම උත්සාහ දරණ අයට උදව් කරනවා.
යාළුවනේ මේ කියන්නේ බොරු කියලා හිතනවා නම් අද රෑට සැදැහැ සිතින් පන්සිල් අරගෙන මෙත් වඩලා හොඳින් නිදා ගන්න. උදෑසන ඔයගොල්ලන්ට අමුතුම ප්‍රබෝධයක් දැනේවි. ඒ ඇයි? නින්දේදීම සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඔබේ සිතට පිවිස එහි ක්ලේශය්න් යම් පමණක් ඉවත් කළ නිසා. ඉතින් උදේ පාන්දර ඔබේ සිත එක්තරා පමණකට ක්ලේශයන්ගෙන් නිදහස්. නමුත් සැබෑ ප්‍රසන්න හැඟීමක් විඳින්නට නම් ඔබ සිත දියුණු කර ගත යුතුයි.
"අනෝ ඇනෝ, ඔහෙත් අපේ දේශීය දේවල් වලට ගරහන බටහිර පඬියෙක්ද?"
Deleteමොකක් දේශීය .....??? කොහෙ දේශීයද බුද්ධාගම ආවෙ ඉන්දියාවෙන්නෙ.... 100% විදේශීයයි...
@ඹMr. X "..බුද්දියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක් ප්‍රඥාව ලබා ගන්න අමාරුයි ඒවගේම පළමු පියවර. වන්නේ ශ්‍රද්ධාව, ඔබතුමන්ට නැත්තෙත් එක"
බුද්දියයි ප්‍රඥාවයි ඔක්කොම ලබ්ධියට යටයි. ශ්‍රද්ධාව, ලබ්දිය බුද්දියයි ප්‍රඥාවයි දෙකම මොටකරනව...ඒක මේ බොහෝ කොමෙන්ට් වලින් පේනවා....
බුදුසරනයි..!!!!!!
X-Porter
@ අන්තිම Anonymous ( X-Porter )
Delete//ශ්‍රද්ධාව, ලබ්දිය බුද්දියයි ප්‍රඥාවයි දෙකම මොටකරනව...//
එහෙම වෙන්නෙ අමූලිකා ශ්‍රද්ධාවෙන් පමණයි සහෝ. ආකාරවතී ශ්‍රද්ධාව තියේනම් ඔය හැම එකක්ම යටපත් කරගෙන අවසානයේ සියල්ලට වඩා උතුම් ප්‍රඥාව සාක්ශාත් කරනව
@ Anonymous 2
Deleteමේ වගේ කතාවලින් බුදු දහමට නිගා දෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේ කතා නිවැරදිව වටගා ගන්නා බෞද්ධයන් බුදුන් දවස වැඩ සිටිය මහා සඟරුවන් පිළිබඳව ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කරගන්න බවයි මගේ විශ්වාසය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීම වැරැද්දක් නෙමෙයිනේ :)
මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රාර්ථනා දැනගත්තේ කොහොමද කියන කරුණට පිළිතුරක් දුන්නොත් "පංච අභිඥා" සහිත මහ රහතන් වහන්සේලා වැඩ සිටිය බවට කියවෙනවා. පංච අභිඥා වෙන්නේ
සෘධි විධි ඥානය [සෘද්ධි ප්‍රාතිහාර්යය]
පරචිත්ත විජානන ඥානය [අනුන්ගේ සිත් දැකීම]
දිබ්බ චක්ඛු ඥානය [දිවැස්]
දිබ්බ ස්‍රොත ඥානය [දිව කන්]
පුබ්බේ නිවාසයානුස්සති ඥානය [පෙර විසූ කඳ පිළිවෙල දැකීම]
මෙවන් හැකියාවක් තිබුණු රහතන් වහන්සේලාට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේදී සිතේ තිබෙන ප්‍රාර්ථනාව දැනගන්න බැරි නම් ඒක පුදුමයක් නොවැ :)
ඒ වගේමයි දිවැස් ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ පාඅ ඒ වෙද්දී වැඩ වාසය කළා විය හැකියි. උන් වහන්සේ පරමායුෂ ලෙස වසර 150 ක් වැඩ වාසය කළ බවයි පෙනෙන්නේ.
අවසාන වශයෙන් ඔබ බෞද්ධයෙක් වුවා නැතා කිව යුත්තේ බුදුන් වහන්සේ දේශනා කළ "සම්මා වාචා" එනම් යහපත් වචන භාවිතය හුරු කරගැනීම යහපත් බවයි :)
@ Anonymous 3 & Anonymous 4
Deleteඅපි යහපත් විදිහට කතා කරලා ප්‍රශ්න විසඳාගමු යාළුවනේ :)
@ සඳ, Anonymous 5 & Mr. X
Deleteබොහොම ස්තුතියි යහපත් විදිහට ඔබේ අදහස් එකතු කරලා කරපු සංවාදයට :)
@ Anonymous 5
Deleteඔබේ වටිනා අත්දැකීම කිපයක් එකතු කිරීම ගැන ස්තුතියි. මෛත්‍රී කිරීමේ ආනිශංස විදිහට දක්වන "දේවතා රක්ඛන්ති" පිළිබඳ ඔබට සජීවී අත්දැකීම් ලැබිලා වගේ. ප්‍රායෝගිකව දහම පිළිපදින අය සිටීම ගැන සතුටුයි. සාසනයේ පැවැත්මක් තිබෙන්නේ එවිටයි
සාදු සාදු සාදු
@ X-Porter
Delete"මොකක් දේශීය .....??? කොහෙ දේශීයද බුද්ධාගම ආවෙ ඉන්දියාවෙන්නෙ.... 100% විදේශීයයි..."
බුදු හාමුදුරුවෝ ලංකාවේ වැඩ වාසය කළා කියන අදහස දක්වන අය මේ ප්‍රකාශය දැක්කොත් මොනවා කියයිද මන්දා :D
බුදු දහම විදේශයකින් ආවත් ඒක දේශීය සංස්ථාවක් බවට පත් කරපු එක අමතක වුණාද ?
මිහිඳු හාමුදුරුවෝ දක්වපු විදිහට ලංකාවේ බුදු සසුන මුල්බැස ගැනීමට නම් සීමා මාලකයක විනය කර්ම කිරීම හා ලංකාවේ දෙමාපියන්ට දාව ලංකාවේ උපන් අයෙක් ලංකාවේ පැවිදිව විනය හදාරා විනය සංගායනා කිරීම සිදුකළ යුතු වුණා.
ඒ අනුව අරිට්ඨ හාමුදුරුවෝ ථූපාරාමයේදී කරපු විනය සංගායනාවේදී උන්වහන්සේ මිහිඳු හිමියන් සමඟ සම අසුන් ගෙන තමා විනය උගන්වන්නේ. ඒ සිදුවීමත් එක්ක බුදු දහම දේශීය සංස්ථාවක් බවට පත්වීමේ මුල් පියවර තැබෙනවා.
ඒ ගැනත් ටිකක් හිතලා බලන්න
බුදු දහම තුල ප්‍රඥාවට වගේම තැනක් ශ්‍රද්ධාවටත් හිමිවෙනවා. සඳ කිව්වත් වගේ ආකාරවතී ශ්‍රද්ධාවට. ආකරවතී ශ්‍රද්ධාව තුළින් මේ කරුණු වටගා ගැනීම ප්‍රඥාවට ප්‍රවේශයක්
බෞද්ධ සාහිත්‍යයේ රසගැන්වීම් සහ අතිශයෝක්තියෙන් ගහන කතාවක් උනත් සත්‍යයක් පිටිපසින් තියෙනවා. අර පොඩි කිවුව වගේ සිරුර සම්පුර්ණයෙන් තැන්පත් වෙච්ච එකේ කොහෙන්ද දන්ත ධාතුන් ආවේ ? අනිත් එක රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ තමන්ගේ සිරුර වත් හැකියාවල් වත් ගැන කිසි ලවුකික ආසාවල් නැති කෙනෙක්. අර වගේ ප්‍රාර්ථනාවක් පතයිද කියල හිතන්නකෝ.. මේ වගේ කතා පස්සෙන් තියෙන්නේ ජන ප්‍රවාද.. කොහොම උනත් මම ආසාවෙන් කියවලා රස වින්දා. ඇනෝ මහත්තයා සාහිත්යයෙයි බුද්ධ දර්ශනයෙයි වෙනස වටහා ගත්තානම් අර වගේ නරක වචන කියල බනින එකක් නැහැ.. එහෙම කතක් කියවලා ක්‍රෝධයෙන් පරිභව කරන්නේ කොහොමද බෞද්ධයෙක් ?
ReplyDeleteඔබ තුමා හරි, එත් ඔබ තුමාට හිතෙන විදයට ඒ කරලා තියෙන්නේ ලෞකික ආසාවක් නිසා හට ගත් ප්‍රාර්තනයක්ද
Delete@ සරත් ලංකාප්‍රිය
Deleteඅනිවාර්යයෙන්ම අතිශයෝක්ති කොටස් වටහා ගන්න තරම් විමසුම් නුවණක් තියෙන්න ඕනේ. මහා කාශ්‍යප දළදාව ලැබුනේ උන් වහන්සේ ජීවමාන සමයේදීමයි. ඒ ගැණ සවිස්තර පොඩ්ඩිට දීපු පිළිතුරේ ඇති.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව මම දකින්නේ දෙව් මිනිසුන්ට ධූතාංගධාරීත්වයට ඇල්මක් ඇතිකරවන ඒ වගේම බුද්ධ පුත්‍රයන්ගේ ආනුභාවය දක්වමින් බුදු සමයට පිරිස් නැඹුරු කරවන ප්‍රකාශයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්නකෝ අග්‍රස්ථානවලට පත්වුණු රහතන් වහන්සේලාට ඒ සම්බන්ධව ඇල්ම ඇතිවෙන්නේ පෙර බුදුවරුන් අභියස රහතන් වහන්සේලාට ඒ තනතුරු පිරිනමන හැටි දැකලා.
ධූතාංගධාරීන්ගෙන් අග තැන්පත් වුණු මහා කාශ්‍යප හිමියන්ව මේ ආකාරයෙන් මෛත්‍රී බුදුරජුන් වර්ණනා කිරීමෙන් ධූතාංගවල වටිනාකම භික්ෂු සංඝයා යම් කිසි විදිහකට වැටහෙනවා වගේම අර කලින් කිව්වා වගේම මේ වගේ සිදුවීම් හරහා ආකාරවතී ශ්‍රද්ධාවක් ඇතිවෙනවා නම් තෙරුවන් සරණ යන්න ඒක හොඳ ප්‍රවේශයක්
ක්‍රෝධයෙන් පරිභව කරපු කෙනාට මම "සම්මා වාචා" ගැන කියලා දුන්නා :)
@ Mr. X
Deleteමහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව ලෞකිකත්වය එහාට ගිය එකක් බවට මට හිතෙන ආකාරය මම ඉහළ උත්තරෙන් කිව්වා. ඔබේ අදහසත් එකතු කරන්න.
මට තේරෙන විදියට මේගොල්ලෝ මේ වගේ ප්‍රශ්ණයක් මතුකරන්නෙ මූලිකම කාරණාව ගැන අවබෝධයක් නැතිකමටයි.
Delete//රහතන්වහන්සේ කෙනෙකු විසින් මෙහෙම ප්‍රාර්ථනාවක් කලා කියලා හිතන්න අමාරුයි. එහෙම තමන්ගේ දිරායන කය පරිස්සම් කර තැබීමෙන් ලැබිය හැකි දෙයක් තිබෙනවද? //
රහතන් වහන්සේ කෙනෙක් රහත් බව ලබනකොටම ඔය "තමන්ගෙ" කියන අදහස ශුන්‍යකරලයි නිවනය සාක්ශාත් කරන්නෙ. උන්වහන්සේ එහෙම ප්‍රාර්තනා කරන්නෙ ඒ කුණු ශරීරය දිහා බලල ලෝකයට උතුම් වූ ගුනයක් අවබෝධ කරගැනීමට අවස්තාව උදාවේව කියලයි.
මේ විදියට තර්ක ගෙනෙන අය තමන්ගෙ මමත්ව දුරු කරල නැති නිසා(අපිත් ඇතුලුව), තමන්ට "තමන්ගෙ" කියන වචනෙත් එක්ක දැනෙන හැන්ගීම හිතේ තියාන කතා කරනව. නමුත් රහතන් වහන්සේ කෙනෙක් ඒ විදියට සම්මුතියක් විදියට තමන්ගෙ කියල සලකන කුනු ශරීරය ගැන කතා කරන්නෙ එහි පරමර්තය වෙච්චි ශුන්‍යතාවය ගැන දැනගෙනමඉ. එහෙම කතා නොකලොත් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නෙ නැහනෙ මෙ මොකක් ගැනද කියන්නෙ කියල.
රහතන් වහන්සේ ඒ විදියට අවබෝධයෙන්ම, මුලාවට පත් නොවී, යතාර්තය දැකල, ඒ කුණු ශරීරය ගැනම තමයි ඒ අදිශ්ඨානය කරන්නෙ. නැතුව මමත්වයක් හිතේ තියගෙන නෙවේ. උන්වහන්සේ ඒ ශරීරය අත් හැරල තමන්ට අයත් නොවන අර කුනු ශරීරය සුරැකී තියෙන්න අධිශ්ඨාන කිරීමක් විතරයි කරන්නෙ. හරියට බුදුන් වහන්සේ සමහරක් ශ්‍රී ධාතූන් වහන්සේල නොදැවී ඉතිරි වෙන්න අධිශ්ඨාන කලා වගේ.
@ සඳ
Deleteස්තුති මිත්‍රයා තවත් කරුණු පැහැදිලි කරන්න එකතු වුනාට
මේ වගේ අපි නොදන්න කරුණු ලියනවට උඹට පින් මචන් හසිත....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
++++ මේ මමත් එකතු වෙනවා පිං පතන්න.
Delete@ අඩවි රජ, වීපොකුර
Deleteපින් අනුමෝදන් කර ගනිමි. වැඩි ගෞරවය හිමිවෙන්න ඕනේ ගයාන් විදානපතිරණ මහත්මයාට. මේ පොත ලිව්වට :)
ඔන්‍න එකතු වෙනවා මාත් මෙයාලටම යාළු හ්ම්ම් :)
Delete@ හිරුහිමාවී
Deleteයහපති යහපති :)
මන් හිතන හැටියට දලදාව කියන්නෙ දන්ත ධාතුවට.. ඉතින් දන්ත ධාතුවක් ලබා ගන්න පිරිනිවන් පානකන්ම ඉන්න ඔනෙ නෑනෙ..
ReplyDelete@ Anonymous 6
Deleteඔව් මහා කාශ්‍යප දළදාව උන් වහන්සේ ජීවමාන කාලයේදීම මුඛයෙන් වැටුණු එකක්. වැඩි විස්තර පොඩි කුමාරිහාමිට දීපු පිළිතුරේ තිබෙනවා.
බොහෝම පින්!
ReplyDelete@ හෙලයෙකුගෙන් ලොවට
Deleteපින් අනුමෝදන් කර ගනිමි :)
මේ කතාව අසා ඇතත් මෙතරම් විස්තර සහිතව ඇසුවේ අදයි. අනික මේකෙ රෙෆරන්ස් දුන්නු එකට නම් බොහොම පිං. බෞද්ධ සාහිත්‍යය කියන්නේ එකක්. බෞද්ධ ධර්මය කියන්නේ තව දෙයක්. මේ සාහිත්‍යය ඉතාම වැදගත්. ඔබ මේ කළ පිනෙන් ඔබගේ සියළු කටයුතු තව තවත් දියුණු වේවා!!
ReplyDeleteමහ වෙදනාතුමනි, පැහැදිළි මදි. කරුණාකර බෞද්ධ ධර්මය හා බෞද්ධ සාහිත්‍යය අතර වෙනස පැහැදිළි කරනවාද? ඔබ කියන හැටියට බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නෙ ප්‍රබන්ධද?
Delete@ වෙද ගෙදර මහ වෙදනා
Deleteඔබේ ප්‍රාර්ථනයට බොහෝම පින්. ඔබටත් එසේම වේවා.
බෞද්ධ සාහිත්‍යයේ විමසුම් නුවණින් තේරුම් ගනිමු
@ Anonymous 7
Deleteබෞද්ධ ධර්මය කියලා හඳුන්වන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු. උදාහරණ විදිහට ගත්තොත් චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ ධර්ම කොටස්
බෞද්ධ සාහිත්‍යය කියන්නේ බුදු සිරිත, මේ වගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කතා ආදිය. බෞද්ධ සාහිත්‍යයේ අතිශයෝක්ති නැතුවාම නොවේ. ඒ නිසා ඒවා විමසුම් නුවණින් වටහා ගැනීමයි කළ යුත්තේ
මේ පිරිණිවන්පෑම ගැනනම් මම අහල තිබුනෙ නෑ. අදයි දැනගත්තෙ. බොහෝම ස්තූතියි. ඒ ගැන තව හොයන්න ඕනෙ.
ReplyDelete@ සඳ
Deleteගවේෂකයෙක්ට ගවේෂණයකට පාර කියන්න ලැබුණු එක ගැන සතුටුයි. තව කරුණු හොයා ගත්තාම අපිටත් කියන්න ඕනේ :)
මහා කාශ්‍යප රහතන් වහනේස් හැන මෙතරම් පුළුල් විස්තරයක් දැනගත්තේ අද... හසිතට හුගක් ස්තුතියි...
ReplyDelete@ Mee Godayaa
Deleteසතුටුයි සතුටුයි ඉතිහාස පාඩම කරන ගමන් බුද්ධ ධර්මය පාඩමත් කරලා සයිබර් අවකාශේ දහම් පාසලක් කරන්න ලැබුණු එක ගැන :)
අම්බෝ මම නම් මේ සමහර විස්තර ඇහුවෙත් අදමයි !!!
ReplyDeleteඒ හින්දා ලිපිය හොදයි කියලා කියනවා ඇරෙන්ඩ වෙන කියන්න දෙයක් නෑ. !
@ මධුරංග
Deleteකට්ටිය කියන සමහර කතාත් එක්ක බය හිතෙනවාද අයියා :D
ස්තුති හැමදාම වගේ දෙන හයියට :)
අතිශයින් වටිනා ලිපියක්. මෙවන් කාරණා ගැන අපව දැනුවත් කරන හසිත සොහොයුරාට ගොඩාක් ස්තූතියි වගේම පින් සිදු වේවා!
ReplyDelete@ Anonymous 8
Deleteපින් අනුමෝදන් කරගනිමි. ඉදිරියේදී මේ වගේ ලිපි ලියන්නයි බලාපොරොත්තුව
වටිනා ලිපියක් මල්ලි. ස්තූතියි...
ReplyDelete@ නිසුපා
Deleteබොහොම ස්තුතියි අක්කේ :)
ලිපිය වගේම කමෙන්ට්ස් ටිකත් වටිනවා... ගොඩක් නොදන්න කරුණු දැන ගත්තා... බොදු දහමෙ විතරක් නෙවෙයි.. ඕනෑම ආගමක ගොඩ නැගුණු සාහිත්යදයක් තියෙනවා... දහමේ හරය, ශාස්තෘවරුන්ගේ ජීවිතය සම්බන්ධ කර ගෙන මිනිසුන්ගෙ අසීමිත භක්තිය, ආදරය, ගෞරවය නිසා මේ ආගමික සාහිත්ය.ය ගොඩ නැගුණා කියලයි මට හිතෙන්නේ....
ReplyDeleteකිතු දහමටත් සම්බන්ධව නොදිරන සිරුරු පවතිනවා.. ඒ ඉතාම යහපත් විදියට ජීවත්වෙලා මිය ගිය, පසුකාලයක ශාන්තුවරයින් ලෙස සභාව නම් කළ අයගෙ සිරුරු... මේ ගැන වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ශිරාන් මෛත්රීක මහත්මයගෙ '' සාන්තුවර වීරාවලියේ නොදිරන සිරුරු'' කියන පොත බලන්න පුළුවන්....
ආගමික විශ්වාස සහ ඇදහිලි ගැන වාද විවාද කරන එක නම් යහපත් දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ... දහමක් ගොඩ නැගෙන්නේ මිනිස්සුන්ගෙ ජීවිතයත් එක්කනෙ... ඒ අයගෙ අත්දැකීම්, දැනීම්, සිතුවිලි අනුව තමයි දහම ඉදිරියට යන්නෙ.... ඒක අපේ බුද්ධියට ගෝචර නොවෙන්න පුළුවන්...
විමලරත්න කුමාරගම කවියා '' මා නොකෙරුවත් නොකළෙමි එය ගැරහීම '' කියල කවියෙන් කිව්වෙත් මේ කතාවම තමයි...
මාත් ආසයි දඹදිව යන්න නම්... හසිත මල්ලිගෙ කණ්ඩායමට මාවත් එක්කර ගන්න පුළුවන්ද දන්නෙ නැහැ...
+1
Delete@ තරුරසී
Deleteඅක්කගේ අදහස්වලට බොහොමත්ව ස්තුතියි. මේ වගේ ආගමික කරුණක් ගැන කතා කරද්දී අනික් ආගම්වලත් කරුණු එකතු කරගන්න පුලුවන් නම් හරි වටින නිසායි අක්කාට ඒ ස්තුතිය.
කිතුණු ආගමට අදාල නොදිරන සාන්තුවරුන්ගේ සිරුරු කීපයක් ගැන මම අන්තර්ජාලයෙන් නම් කියෙව්වා. අක්කා කිව්ව පොත ගන්න විදිහක් තියෙනවා නම් කියන්න.
"ආගමික විශ්වාස සහ ඇදහිලි ගැන වාද විවාද කරන එක නම් යහපත් දෙයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.."
අනිවාර්යයෙන්ම අක්කේ. ලෝකේ සියලු ආගම්වල ශාස්තෲවරුන් එකට එක්වුණොත් ඒ ස්ථානයේ පවතින්නේ නිශ්ශබ්දතාවයක් කියන කතාව අහලා ඇතිනේ.
සිංහල බ්ලොග්කරුවන්ගේ ව්‍යාපාර ලැයිස්තුවට මගේ දඹදිව වන්දනා ව්‍යාපාරයත් දාගන්න වෙයි වගේ :D
ව්‍යාපාරය කෙසේ වුවත් ඒ සේවාවක් බව මගේ අදහසයි. ඒ කොහොම වුනත් දැනට රැඩිකල් අදහසක් විදියට තියන බුදුන් වහන්සේ මාධ්‍ය ඉන්දියාවේ පහල වුනාය කියන කොටස පිළිගන්නා අය අතුරින් කෙනෙක් තමයි මමත්. නේපාලයේ බුදුන් උපන්නා ය කියන ස්ථාන අතරේ වන දුර ප්‍රධානකොට ගොඩ නගන ලද තර්ක වල යම්යම් සිතට සත්‍යය ලෙස දැනෙන කොටස් ද නැතුවා නොවේ. ඒ නිසා මම මගේ හිතට ඒ නිවැරදි ලෙස පෙනී පිළිගන්නෙමි. නමුදු තව දුරටත් ඒ දේ ගවේෂණය කල යුතුය.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteඒ සේවාව ගැන නම් බලමු අයියා. ඉදිරියේදී ලැබෙන ඉඩකඩ අවස්ථාවන් අනුව තමා ඒක තීරණය කරන්න වෙන්නේ.
බුදුන් උපන් ස්ථානය ගැන ඔබේ අදහස ගත්තොත් අනිවාර්යයෙන්ම හිතට සැකයක් එනවා නම් ගවේෂණය කරන්න. අන්තිමට පිළිගන්න පුලුවන් විසඳුමක් ඔයාටම හම්බවෙයි. සිදුහත් බෝසතාණන් පවා බුද්ධත්වය ලබා ගත්තේ ඒ විදිහට ගවේෂණයෙන් නොවැ
මම මේ කතාවේ මුල් කොටස එනම් බදුන් වහන්සේ පිරිවනට වඩම කොට උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි අනුළුවන මොහොත දක්වා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන ගැනත් ඉන් පසු ශ්‍රී ධාතු බෙදා දුන් කොටසත් පළමු ධර්ම සංගායනාවත් ගැන දැනගෙන හිටියා
ReplyDeleteකාශයප මහරහතන් වහන්සේගේ පිරිනිවනට වැඩම වීම නම් දැන හිටියේ නැහැ ඒටිකත් අද දැනගත්තා. රහත්න් වහන්සේලා අතර අග්‍ර ස්ථානයට උන්වහන්සේ පතුවුනේ ඔ ශක්තිය නිසාම තමයි.
හොඳම සිංහල සාහිත්‍යය කියවන්න ලැබෙන්නෙ බෞද්ධ සාහිත්‍යතුලින්
@ දයානන්ද රත්නායක
Deleteනොදන්නා යමක් දැනගත්තා නම් සතුටුයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දූර්දර්ශී ක්‍රියාමාර්ග නිසා තමා ශාසන සුරක්ෂිතතාවය මුල් අවස්ථාවේ තහවුරු වුනේ....
ඒ වගේමයි බෞද්ධ සාහිත්‍යය ගැන ඔබේ අදහසට එකඟයි. ඒක කියවන්න ඕනේ විමසුම් නුවණින්
හසිත මිතුර, මෙවන් වටිනා පුවතක් පළ කිරීම ගැන තුති.
ReplyDelete@ මීවනපලානේ ජයරත්න
Deleteස්තුතියි ඔබට :)
කුක්කුට සම්පාත පර්වතයේ තිබෙනවා යයි කියන කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය ගැන නම් දැනගත්තේ අද තමා.. ඒ වගේම මහා මහා කාශ්‍යප දළදාව ගැනත් කලින් දැනගෙන හිටියේ නෑ.. බොහෝම වටින ලිපියක්
ReplyDelete@ තොටියා
Deleteනොදන්නා දෙයක් දැනගත්තා නම් හොඳයි නොවැ, පුලුවන් වෙලාවක බෙන්තර ගලපාත විහාරයටත් යන්න බලන්න. පුලුවන් කාලෙක දඹදිවත් යන්න බලන්න
අපෙ අප්පේ... මෙයා දන්න දේවල්... ඇත්තටම ඔය පිරිනිවන් පාන හරියෙ කියල තිබ්බ කතා ටික නම් දන්නෙම නෑ පොඩ්ඩක්වත්... මුල් ටික නම් අහලා තියෙනවා... දඹදිව වඳින්න ගිය කාලේ මෙහෙම විස්තරයක් දැනගෙන හිටියා නම් ලඟට හරි ගිහින් එන්න තිබුණා... විස්තරය හරිම රසවත්.. !!!
ReplyDelete@ අනූ
Deleteදඹදිව යන්න ඕනේ හොඳට බෞද්ධ සාහිත්‍ය කියවලා. එතකොට ඒ තැන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන්.
දැන් කරන්න දෙයක් නැහැ මගේ නඩෙත් එක්ක ආයි පාරක් දඹදිව යමුද :D
ප්‍රශ්න කීපයක් ආවත් ඉහලින් ඒවා විමසා තිබුන නිසා නැවතනො අසමි...!
ReplyDelete@ වීපොකුර
Deleteප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති කියලා හිතනවා :)
ඕක ඇතුලෙ නිධන් හේම නැතුව ඇති කියලා බොලාට හොඳටම ශුවර් නේද ?
ReplyDelete@ Anonymous 9
Deleteනිධන් නම් නැතුව ඇති. තිබුණත් අපේ උන්දැලාට ඉන්දියාවට ගිහින් මෙහේ කරන කෙළි නම් කරන්න බැරි වෙයි මයේ හිතේ :D
වැදගත් විස්තරයක් මලයා.. ටිකක් විතර මම මේක අහලා තිබ්බා.. අද තමා සම්පූර්ණ දේවල් දැන ගත්තේ..
ReplyDelete@ Dinesh
Deleteඅඩුපාඩු ටික සම්පූණ වුනා නම් සතුටුයි. අනිත් අයටත් මේ කතාව කියන්න. එයාලගෙත් අඩුපාඩු තැන් පිරවෙයි එතකොට
සරත් මහත්තයගෙ ප්‍රස්ණෙ මටත් ආවා. ඒ වුණාට මේව එහෙම තමයිනේ...
ReplyDeleteක්ලාක් මහත්තයගෙ සැඟවුණු ලෝකය වැඩසටහනේදි දැනටත් බලාගන්න පුළුවන් විධියට ආරක්ෂා වෙලා තියෙන රහතන් වහන්සේ කෙනෙක්ගෙ සිරුරක් ගැන (මතක විධියට ලංකාවෙම) වාර්තා අංගයක් ගියා වගේ මතකයි. හසිත දන්නවද ඒ ගැන වැඩිදුර?
ඒ ගෝවේ නේද හරි?
Delete@ hare :-)
Deleteසරත් මහත්තයාගේ ප්‍රශ්නෙට මට හිතුණේ මෙහෙමයි
"මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව මම දකින්නේ දෙව් මිනිසුන්ට ධූතාංගධාරීත්වයට ඇල්මක් ඇතිකරවන ඒ වගේම බුද්ධ පුත්‍රයන්ගේ ආනුභාවය දක්වමින් බුදු සමයට පිරිස් නැඹුරු කරවන ප්‍රකාශයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්නකෝ අග්‍රස්ථානවලට පත්වුණු රහතන් වහන්සේලාට ඒ සම්බන්ධව ඇල්ම ඇතිවෙන්නේ පෙර බුදුවරුන් අභියස රහතන් වහන්සේලාට ඒ තනතුරු පිරිනමන හැටි දැකලා.
ධූතාංගධාරීන්ගෙන් අග තැන්පත් වුණු මහා කාශ්‍යප හිමියන්ව මේ ආකාරයෙන් මෛත්‍රී බුදුරජුන් වර්ණනා කිරීමෙන් ධූතාංගවල වටිනාකම භික්ෂු සංඝයා යම් කිසි විදිහකට වැටහෙනවා වගේම අර කලින් කිව්වා වගේම මේ වගේ සිදුවීම් හරහා ආකාරවතී ශ්‍රද්ධාවක් ඇතිවෙනවා නම් තෙරුවන් සරණ යන්න ඒක හොඳ ප්‍රවේශයක් "
ඔයා කියන වැඩටහන ගැන නම් දන්නේ නැහැ අයියේ. කොයි කාලේ වගේද ඒක ගියේ ???
එහෙම විස්තරයක් ගැන නම් මම දන්නේ නැහැ අයියේ
@ ක්සැන්ඩර් | Xander
Deleteගෝවේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය නොවැ. රාහුල හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ
@ හසිත: ඔව්. ඒ වැඩසටහනේ ගියේ එහෙම දෙයක් නෙවෙයි. ගෝවේ රාහුල හිමි ගැන මට මතක විදියට නම්.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteමේකත් මම ෆේස්බුක් එකෙන් දැක්ක එකක්. ගෝවේ තිබෙන රාහුල හිමියන්ගේ කියලා අපි විශ්වාස කරන දේහය උන් වහන්සේගේ නෙමෙයි කියන එක ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඇතුළු විද්වත් කණ්ඩායමක් පිළිගත්තා කියලා ඒ ෆොටෝ එකට කමෙන්ට් එකක් විදිහට දාලා තිබුණා. ඒ ගැන වැඩි විස්තරයක් එයාගෙන් නම් දැණගන්න වුනේ නැහැ.
ඒ සම්බන්ධවත් ටිකක් හොයලා බලමු ayiyaa.
මට එක ගැන නිවැරදි මතකයක් නෑ. තේරුම්ගන්න බැරි තරමට අපිත් පොඩියිනෙ ඒ කාලෙ. ඔය කියන රාහුල හාමුදුරුවන්ගෙය කියල විශ්වාස කරන ශරීරය ගැන වෙන්න ඇති ඒකෙ කියවෙන්න ඇත්තේ... ඒකත් අර ශ්‍රී පාදය වගේ එක එක ආගම්වල අය තමන්ට උරුම දෙයක් විධියට සලකන එකක්ද කොහෙද :-)
Delete@ hare :-)
Deleteගෝවේ Basilica of Bom Jesus හි 1553 ඉදන් තැන්පත් කරලා තිබෙන දේහය ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විශ්වාසය පරිදි පෙරදිග ප්‍රදේශවල කිතු දහම පතුරවපු ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ගේ. නමුත් බෞද්ධයන්ගේ විශ්වාසය වෙන්නේ ea දේහය කෝට්ටේ යුගයේදී වැඩ සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කියලා.
මම කලිනුත් කිව්වා වගේ ෆේස්බුක් එකේ මේ ගැන තිබුණු සටහනක තිබුණේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ප්‍රමුඛ විද්වත් කණ්ඩායමකින් මේ රාහුල හිමියන්ගේ දේහය නෙමේ කියලා පිළිගත්තා කියලා. ඒත් ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් නම් ලැබුණේ නැහැ.
මේ තියෙන්නේ ඒ දේහයේ ඡායාරූප දෙකක්
http://static.sify.com/cms/image/jdqo3xbfddi.jpg
http://ivarfjeld.files.wordpress.com/2009/12/st-francis-xavier-2_thumb1.jpg
ගොඩාක් වටින ලිපියක් හසිත...මේ වගේ රටවලට පොඩිකාලෙම ඇවිත් ඉන්න අපි වගේ අයට..බුද්ධාගම ගැන තොරතුරු දැන ගන්න තියෙන්නෙ පොත් පත් සඟරා..මේ වගේ ලිපි වලින් විතරයි....ගොඩාක් ස්තූතියි..!
ReplyDelete@ වින්චැට් කිරිල්ලි
Deleteලොකු පිනක් නොවැ එහෙම නම් මම කරගෙන තියෙන්නේ. සන්තෝෂයි සන්තෝෂයි :)
වටිනා ලිපියක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteබොහොම ස්තුතියි :)
මේ කතාවේ මුල් කොටස, එනම් බුද්ධ පරිනිර්වාණය ගැන කොටස මම කලින් දැනගෙන හිටියා. ඒත් ඉතුරු කොටස මම දැනගෙන හිටියේ නෑ. ඉතාමත් ස්තුතියි. බොහොමත්ම පිං. ඔබටත්, ලිපියේ කමෙන්ට් වලටත්.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteපින් අනුමෝදන් කරගනිමි. තවත් කමෙන්ට් ටිකක් මමත් දාගෙන ගියා අයියේ. ඒවාත් පොඩ්ඩක් කියවලා බලන්න :)
ආපහු කියෙව්වා. ඔබට ගොඩාක් පිං සහෝදරයා. මේ ලියන ලිපි ගොඩක් වටිනවා. ඒ එක්කම කමෙන්ට්ස් හරහා ඔබ බෙදන දැනුම.
Deleteබොහොමත්ම පිං.
@ ක්සැන්ඩර් | Xander
Deleteසාදු සාදු පින් අනුමෝදන් කරගනිමි
හසිත,
ReplyDeleteනිර්වානය අවබෝද කරගෙන, සියලු කෙලෙස් නැසූ උතුමෙක්, මරනින් පසු ඉතිරිවෙන තමන්ගෙ කුනු ශරීරය ගැන වදවෙනවයි කියලා හිතන එක ප්‍රායෝගීක නෑනේද කියලා හිතෙනවා..
ඕවා නිකන් බක්තිය වැඩිකරන්න හදපු පුහුදුන් මිනිසුන්ගේ කතා වෙන්ඩ බැරිද ?
@ සෙන්නා
Deleteමහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව ගැන මට හිතුනේ මෙහෙමයි
"මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව මම දකින්නේ දෙව් මිනිසුන්ට ධූතාංගධාරීත්වයට ඇල්මක් ඇතිකරවන ඒ වගේම බුද්ධ පුත්‍රයන්ගේ ආනුභාවය දක්වමින් බුදු සමයට පිරිස් නැඹුරු කරවන ප්‍රකාශයක් විදිහට. පොඩ්ඩක් හිතලා බලන්නකෝ අග්‍රස්ථානවලට පත්වුණු රහතන් වහන්සේලාට ඒ සම්බන්ධව ඇල්ම ඇතිවෙන්නේ පෙර බුදුවරුන් අභියස රහතන් වහන්සේලාට ඒ තනතුරු පිරිනමන හැටි දැකලා.
ධූතාංගධාරීන්ගෙන් අග තැන්පත් වුණු මහා කාශ්‍යප හිමියන්ව මේ ආකාරයෙන් මෛත්‍රී බුදුරජුන් වර්ණනා කිරීමෙන් ධූතාංගවල වටිනාකම භික්ෂු සංඝයා යම් කිසි විදිහකට වැටහෙනවා වගේම අර කලින් කිව්වා වගේම මේ වගේ සිදුවීම් හරහා ආකාරවතී ශ්‍රද්ධාවක් ඇතිවෙනවා නම් තෙරුවන් සරණ යන්න ඒක හොඳ ප්‍රවේශයක්"
කාශ්‍යප මහරහතානන් වහන්සේගේ ජිවිත කතාව ගැන මම විස්තරයක් යු ටියිබ් එකේ තිබිලා ඇහුවා.උන් වහන්සේ ගැන ලොකු විස්තරයක් තිබුනා. ගිහිජිවිතේ විවාහක බිරිඳත් පැවිදිවී රහත්පලය ලැබුවා කියල තිබුනා. කාශ්‍යප මහා රහතනම් වහන්සේ අපවත් වෙන්න දවස් කිහිපයකට කලින් එම රහතන් තෙරනියද පිරිනිවන් පෑවා. මේ සිද්දිය සත්‍යක්ද?
ReplyDelete@ අසරණයා
Deleteඔව්. ගිහි කාලයේ පිප්ඵලී කුමාරයා විවාහ වෙන්නේ දෙමාපිය බල කිරීමට භද්දාකාපිලානි කුමරියත් එක්ක. දෙදෙනාටම ගිහි ජීවිතයක් ගැන ආසාවක් නොතිබුණු නිසා බ්‍රහ්මචාරීව කටයුතු කරලා දෙමාපියන් මියගියාට පස්සේ දෙන්නාම වස්තුව දුප්පතුන්ට බෙදා දීලා පැවිදි වෙන්න යනවා.
දෙදෙනා පාරවල් දෙකක ගමන් කරන්නේ. බුදු හාමුදුරුවන්ව හමුවුණු පිප්ඵලී තරුණයා දහම් අහලා පැවිදි වෙනවා. උන් වහන්සේව හඳුන්වන්නේ මහා කාශ්‍යප නමින්.
ඒ කාලයේ භික්ෂුණී ශාසනයක් නොතිබුණු නිසා මුල් අවස්ථාවේ ජෛන භික්ෂුණියක් විදිහට හිටිය භද්දාකාපිලානි පස්සේ භික්ෂුණී ශාසනය ආරම්භ කළාම මහා ප්‍රජාපතී තෙරණිය සමීපයේ පැවිදි වෙලා රහත් භාවයට පත්වෙනවා.
පෙර ජාති සිහි කිරීම පිළිබඳව එතුමියට තිබුණු දක්ෂතාවය නිසා බුදුන් වහන්සේ ඒ තෙරණියට පෙර ජාති සිහිකරන භික්ෂුණියන් අතර අග්‍රස්ථානය ලබාදෙනවා.
ෙමානවා හරි ෙහාද ෙදයක් ලිව්වම ෙබාරු තර්ක ලියන්ෙන් නැතිව ඉන්නව නමි ෙකාච්චර ෙහාදද ?ඔබ ෙග් ලිපියට තුති.දැනුම ලබන්න කැමති අයට බලන්න ඔබ ලියන්න. ජය.....
ReplyDelete@ Aru අරු
Deleteඑක එක ආකාරයීඅ ප්‍රශ්න නැගෙන එකෙන් තව තව කරුණු එළියට එනවා වගේම තමන්ගේ දුර්මත නිවැරදු වෙනවා නොවැ. ස්තුති ඔබේ ප්‍රතිචාරයටත්. ඉදිරියේදීත් මේ වගේ ලිපි ලියවේවි
වටිනා විස්තරයක්. මම අහලා තියෙනවා අද වෙද්දි ඔය කඳු ශිඛරය හින්දුන්ගේ බලපෑමට ලක්වෙලා කියලා. ඒ අයගේ ශාස්තෘවරයෙකුගෙ දේහයක් නිධන් වෙලා ඔය පර්වතය හැදිලා තියෙනවා කියලයි එයාලා කියන්නෙ.
ReplyDelete@ ලහිරු
Deleteලෝකේ තියෙන වන්දනීය ස්ථාන හැමදාම කුමන ආගමික කොට්ඨාශයකින් හරි වන්දනාවට පත් වෙනවා. කොහොම නමුත් මම මේ කරුණු උපුටා ගත්තු ගයාන් විදානපතිරණගේ කෘතියේ නම් තිබුණේ මේ වෙද්දී මේ කඳු ශිඛරයේ මුදුනේ මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රතිමාවක් තියෙන කුඩා විහාරයක් තිබෙනවා. මිනිස්සු ඒකට වන්දනා කරනවා කියලා
බුදු දසුනේ හරය සමග නො සැසඳෙන බොහෝ දේවල් බෞද්ධ සාහිත්‍යයේ එනවා. ඒවා විග්‍රහ කිරීමට මේ වගේ කෙටි සටහන් වලින් අමාරුයි.. දැන් බලන්න මයිත්‍රී බුදුන් බුදුවෙන්නේ තව කල්ප කීයකින්ද ? පර්වතයක ආයු කාලය කොතරම්ද ? පර්වතයක් නොවෙනස්ව එතරම් කල් පවතීද ? මනුස්ස සරීරය කෙසේ වෙතත් පර්වතය දිරාපත්වෙනවා වෙනස් වෙනවා. අද පර්වතයක් ඇති තැන හෙට ඇත්තේ තැනිතලාවක්.. ඒකයි ලෝ දහම..
ReplyDeleteමෙවැනි කතාවලින් ශ්‍රද්ධාව ඇතිවෙන බව නම් ඇත්ත ඒ ධර්මය අවබෝධ කරගැනීමට තරම් බුද්ධිය නැති අයට නේද ? කෙනෙකු ධුතාංග පිරිය යුත්තේ නිවනට මග කෙටි කර ගැනීමටයි.. එය ආභරණයක් නෙවෙයි..
බුදු හිමියන් තමන්ගේ සරීරය පිළිකුල් කලයුතු දෙයක් හැටියටයි හඳුන්වා දුන්නේ උන්වහන්සේ දිහා ඇහිපිය නොහෙලා බලා උන් ස්වාමින්වහන්සේ කෙනෙකුට.. එබඳු සිරුරක් නොනැසී පැවැත්මෙන් අනිත්‍යය ගැන මිනිස්සුන්ට ඇතිවෙන අවිස්වාසය ගැන අපි කොහොමද හිතන්නේ ?
මයිත්‍රී බුදුන්වහන්සේ කාශ්‍යප තෙරුන් වහන්සේගේ දේහය. දකුණු අත්ලේ තබාගෙන ගුණ වර්ණනා කිරීම ප්‍රාර්ථනා කිරීම ලවුකික ආසාවක්.. රහතන් වහන්සේලාට ඒ වගේ ආසාවල් නැහැ. හැබැයි රහත් වීමට ප්‍රථම භව වලදී එවැනි ප්‍රාර්ථනා කල හැකියි.. ඒ ප්‍රාර්ථනාව නිසා ධුතන්ගධර භික්ෂුන් අතුරින් අග තැන්පත්වීම ගිහියෙකුගේ පැතුමක් පල දැරීමක් ..
අපි කවුරුත් දන්නා දෙයක්නේ බුදුවරයෙකුට පෙනුමෙන් සමාන වෙන කිසිම කෙනෙක් නැහැ කියලා. ඉරයි හඳයි දෙක සමානයි හැබැයි සුළුවශයෙන්.. ඉර නිසයි හඳ ආලෝකමත්වෙන්නේ. ඉතින් අපිට ඉර හඳ දෙක අඳුනාගන්න පුළුවනි.. බුදුවරයෙක් සමග ඉන්න රහතන් වහන්සේ කෙනෙක් හරියට ඉර ළඟ ඉන්න සඳක් වගෙයි.. දානය දුන් අයට වැරදී බුදු පියාණන්ගේ පාත්‍රයෙන් දානය ආපසු අරගෙන කාශ්‍යප හිමියන්ට බෙදු බවත් අවසානයේදී බුදු හිමියන්ට වෙන කරදර වැලක්වීමට කාශ්‍යප හිමියන් වනගතවූ බවත් බරපතල සාහිත්‍ය නිර්මාණ.. පෙනේමෙන් පොඩි සමාන කම තියෙන්න ඇති.. ඉතින් සාහිත්යකාරය ඒක ලියන්නේ ඔහොමයි.. පෙනෙන්නේ නැද්ද අද කාලෙත් සාහිත්ය කාරයෝ වඳුරඹ පැත්තේ සරමයි බැනියමයි ඇඳන් ඉන්න වයසක මහත්තයෙක් බුදු කරලා ඉරේ රැස් වළලු එයාට පවරනවා ?
තමුන් ගරු කරන කෙනෙකුගේ ජීවිතය වටා ගොඩනැගෙන කතාවල් කාලයත් සමග වැඩි දියුණු වී අතිශයෝක්ති බවට පත්වෙනවා. බුද්ධ චරිතය පිලිබඳ කතා සහ සහ ජාතක කතා විමසීමෙන් අධ්‍යයනය කරන කෙනෙකුට ඒක පැහැදිලිවෙයි.. ඒ කොහොම උනත් ඔබේ ලිපිය වටිනවා. එහි ඇති තොරතුරු බොහොමයක් මම අලුතින් ඉගෙනගත්තා . මම ඒ ලිපිය හෙළාදකිනවා නෙවෙයි.. මම කියන්නේ ඒ තොරතුරු බොහොමයක් සහිත්යකාරයින්ගේ අතිශයෝක්ති කියලයි..
@ සරත් ලංකාප්‍රිය
Deleteඅතිශයෝක්ති වෙන්නත් පුලුවන් තමා
මේ සිදුවීමෙන් ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා කියලා මම අදහස් කළේ ආකාරවතී ශ්‍රද්ධාව. තුනුරුවනෙන් එක් රුවනක් වුණු මහා සංඝරත්නයේ පෙර වැඩ විසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන ශ්‍රද්ධාවක් ඇතිකර ගන්න එකත් එවන් වූ ශ්‍රාවකය්න් වහන්සේලාගේ ගුරුවරයා වූ බුදුන් වහන්සේ ගැනත් ඒ මඟින් ශ්‍රද්ධාවක් ඇතිකරගන්න පුලුවන් නොවැ.... ඒ නැතුව මේ බණ කතාව අහලා වයසක උපාසක අම්මලා කරනවා වගේ සාදුකාර දීලා නම් වැඩක් වෙන්නේ නැහැ තමා.
බුදුන් වහන්සේ සරීරයේ පිළිකුල් බව වටහලා දුන්නේ වක්ඛලී හාමුදුරුවන්ට. අවසානයේ උන්වහන්සේ රහත් වුණා. මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයත් නිත්‍ය නැහැ නොවැ. මෛත්‍රී බුදු සසුන තෙක් විතරනේ ඒක නිත්‍ය. හරියට ගෞතම බුදු සසුන අවසානය තෙක් සර්වඥ ධාතූන් වහන්සේලා නිත්‍යව පවතිනවා වගේ.
අනෙක මම කලිනුත් කිව්වා වගේ මෛත්‍රී බුදුරදුන් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණ වර්ණනා කිරීමෙන් මහා කාශ්‍යප හාමුදුරුවන්ට ලැබෙන දෙයක් නැහැනේ. ea සිදුවීමෙන් ගම්‍ය කරවන්න උත්සහ කරන්නේ මම හිතන විදිහට ධූතාංගධාරී භික්ෂූන්ගේ වටිනාකම වගේම බුදු සසුනේ චිරස්ථිතිය පිණිස කටයුතු කරන ශ්‍රාවකයන්ගේ වටිනාකම. ඒ කාලයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලාට වගේම දෙව් මිනිසුන්ටත් වටිනා ආදර්ශයක් ලබාදෙන්න ඒ ප්‍රාර්ථනාව කරපු බවය් මගේ අදහස.
බුදුන් වහන්සේ සහ මහා කාශ්‍යප හිමියන් එකවර හඳුනා ගැනීමට අපොහොසහ් වීම සාහිත්‍යයේ වරදක් විදිහටත් වඩා මම විශ්වාස කරන්නේ හුඟක් අය බුදුන් වහන්සේ ෂඩ් වර්ණ රශ්මිය විහිදුවමින් ගමන් කළා කියලා කිව්වත් උන් වහන්සේ එහෙම නැතුව කටයුතු කළා කියන එකයි. ඒ කියන්නේ උන් වහන්සේ සතුව අනන්‍ය වුණු ලක්ෂන නොතිබුනා කියන එක නෙමේ. ඒත් උන් වහන්සේ විශේෂයෙන් තමන් බුදුන් බව දක්වමින් කැපී පෙනෙන්න කටයුතු කළේ නැහැ කියලයි මට හිතෙන්නේ.
උදාහරණ විදිහට පුක්කුසාති රජතුමාට බුදුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවීම, බිම්බිසාර රජතුමාගේ උයන්පල්ලා බුදුන් වහන්සේ හඳුනා නොගැනීම වගේ සිද්ධිත් දක්වන්න පුලුවන්.
කෙසේ නමුත් මමත් විශ්වාස කරන්නේ විමසුම් නුවණින් මේ සාහිත්‍යය කියවිය යුතු බවම තමා
පරක්කු වී බ්ලොග් එකට ආ එක ගැන සතුටුයි. කමෙන්ට් වල අදහසුත් කියවන්න ලැබුනා ඒකෙන්. විවිධ පැතිකඩ වලට විහිදුනු බ්ලොග් අවකාශයේ අගය මෙවැනි ලිපි වලින් තවත් ඉහල යනවා.
ReplyDeleteමහා කාශ්‍යප තෙරුන් වහන්සේ ගැන සවිස්තරයක් දැන ගත්තා. මෙතෙක් කල් දැනගෙන හිටියේ බොහොම පොඩි කරුණු ටිකක්.
දිගමට මෙවැනි ලිපි ලියනවා නම් මම ගොඩක් කැමතියි. ස්තතුයි තොරතුරු හොයලා අපිට දුන්නු එක ගැන.
(මේල් එකක් එවා ඇති. බලන්න.)
@ බුද්ධි
Deleteපරක්කු වෙන එකත් එක අතකට හොඳයි වගේ බලාගෙන යද්දී :D
පුලුවන්කමක් තියෙනවා නම් ගයාන් චානුක විදානපතිරණ ලියපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතිය හොයාගන්න අයියේ. මේ සටහනේ වැඩි බර දාලා තියෙන්නේ අග හරියට නිසා මුල් හරිය සංක්ෂිප්තව තියෙන්නේ. ඒ පොතේ නම් හැම හරියක්ම හොඳටම කතා කරලා තියෙනවා,
ඉදිරියේදීත් මේ වගේ පෝස්ට් ලියවේවි ඒක ඔබ හැමදෙනාගේ මෙවන් වදන් සවියක්මයි :)
(මේල් එකක් නම් තාම ආවේ නැහැනේ )
ආහ් මේල් එක මේ දැන් ආවා :)
Deleteගොඩක් වටින ලිපියක්..... මෙම ලිපියට අදාල නොඋනත් ඔබලගෙ අදහස් දැනගන්න කැමතියි. "බුදුරජානන්වහන්සේ ලන්කවට වැඩමකලේ නැහැයි කියල කියන කතාව ගැන "
Deleteකැළණි පන්සලේ බුක්ෂොප් එකේ ඔය උඩින්ම තියෙන පින්තුරේ එක්ක දිලිහි දිලිහි පොත තියෙනවා මැද රාක්කෙ.... අනිත් පාර ගන්නවාමයි...!
Delete@ RNR:
Deleteසහෝ ලිපියක් ම ලියන්න ඕනේ කතාවක් නේ අහන්නේ??
@ බුද්ධි
Deleteමේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මේ පොත් set එකම ගන්න ඕනේ කියලයි මම නම් හිතාගත්තේ. ඩිස්කවුන්ට් එකකුත් ලැබෙයිනේ :)
@ RNR
Deleteක්සැන්ඩර් අයියා කිව්වා වගේම පෝස්ට් එකක් ලියන්න පුලුවන් කාරණයක් ගැන තමා ඔයා අහලා තියෙන්නේ. ඒකට කෙටියෙ පිළිතුරක් දුන්නොත් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ උන්වහන්සේ සිදුකළ දෑ පිළිබඳව කරුණු අපිට ලැබෙන්න මහාවග්ග පාලියේ හෝ චුල්ල වග්ග පාලියේ බුදුන් වහන්සේ ශ්‍රී ලංකාව හෝ තම්බපණ්ණි නමින් හැඳින්වෙන රාජ්‍යයකට තෙවරක් වැඩම කළ බවට සාධකයක් හමුවෙන්නේ නැහැ.
බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව කරුණු දක්වන්නේ ලාංකේය වංස කතා පමණයි. ඒ පදනම මත ඉදගෙන තමා මට මතක විදිහට පරණවිතානයන් බුදුන් වහන්සේ සැබවින්ම ලංකාවට වැඩම කලාද කියන ප්‍රශ්නය මතු කරන්නේ
නමුත් මේ වෙද්දී මේ කරුණු උඩු යටිකුරු වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ වැඩ සිටිය ජම්බුද්වීපය කියන්නේ ලංකාව නිසා ඒ ගැන අමුතුවෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ කියලා මතයක් පළවෙලා තියෙනවා.
ඒ වගේමයි ඔවුන් "ගොතම සමණ" නමින් දැක්වෙන සෙල්ලිපි පාඨ කීපයක් උපයෝගී කරගෙන බුදුන් වහන්සේට ලංකාවේ පූජා කළ ගල් ලෙන් පවා ඇති බවට කරුණු දක්වලා තියෙනවා
ඒ හාමුදුරුවෝ දැන් කියනවලු තමන්ට කිසිම සමාප්ති ඵලයක් නෑ.තමන් ජනතාව නොමඟ යැව්වා කියලා..
Deleteඅනේ මන්දා ඉතින්..
@ Pramudi
Deleteඒ භික්ෂූන් වහන්සේ උපසම්පදා භික්ෂුවක් නම් ඒ ආකාරයෙන් උන් වහන්සේ තමන්ට නැති සමාපත්තියක් හෝ මග ඵලයක් ගැන අසත්‍ය කීමෙන් සිද්ධ වෙන්නේ උන්වහන්සේ පාරාජිකා වීමක්.
බුදුන් වහන්සේ දක්වපු පරිදි උපසම්පදාව යළි නොපිහිටන අන්දමින් නැතිවෙන්න බලපාන කරුණු 4 තමා පාරාජිකා නමින් හඳුන්වන්නේ. ඒකෙන් සතර වෙනි පාරාජිකාවට තමා මෙය අදාල වෙන්නේ
@ Pramudi
Deleteඒ හාමුදුරුවෝ උපසම්පදා භික්ෂුවක් නම් මේ කරපු ක්‍රියාවෙන් උන්වහන්සේ සතර වැනි පාරාජිකාවට පත් වෙලා මේ වෙද්දී ඒ භික්ෂුවගේ උපසම්පදාව නැවත පිහිටවන්න නොහැකි ලෙස නැති වෙලා ඉවරයි.
කවදාවත් අහලා නොතිබුණු කථාවක්. ආසාවෙන් කියැව්වා.
ReplyDeleteරහතන්වහන්සේ කෙනෙකු විසින් මෙහෙම ප්‍රාර්ථනාවක් කලා කියලා හිතන්න අමාරුයි. එහෙම තමන්ගේ දිරායන කය පරිස්සම් කර තැබීමෙන් ලැබිය හැකි දෙයක් තිබෙනවද? සමහරවිට අපි නොදන්න වැදගත්කමක් තියෙන්න පුළුවන්.
@ RanDil
Deleteමහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්න ඇත්තේ ඇයි කියලා මට හිතෙන දේ සරත් ලංකාප්‍රිය අයියාට දීපු උත්තරවල තියෙනවා. ඒක ගැන කියවලා ඔබේ අදහසත් එකතු කරන්නකෝ
මට තේරෙන විදියට මේගොල්ලෝ මේ වගේ ප්‍රශ්ණයක් මතුකරන්නෙ මූලිකම කාරණාව ගැන අවබෝධයක් නැතිකමටයි.
Delete//රහතන්වහන්සේ කෙනෙකු විසින් මෙහෙම ප්‍රාර්ථනාවක් කලා කියලා හිතන්න අමාරුයි. එහෙම තමන්ගේ දිරායන කය පරිස්සම් කර තැබීමෙන් ලැබිය හැකි දෙයක් තිබෙනවද? //
රහතන් වහන්සේ කෙනෙක් රහත් බව ලබනකොටම ඔය "තමන්ගෙ" කියන අදහස ශුන්‍යකරලයි නිවනය සාක්ශාත් කරන්නෙ. උන්වහන්සේ එහෙම ප්‍රාර්තනා කරන්නෙ ඒ කුණු ශරීරය දිහා බලල ලෝකයට උතුම් වූ ගුනයක් අවබෝධ කරගැනීමට අවස්තාව උදාවේව කියලයි.
මේ විදියට තර්ක ගෙනෙන අය තමන්ගෙ මමත්ව දුරු කරල නැති නිසා(අපිත් ඇතුලුවා, තමන්ට "තමන්ගෙ" කියන වචනෙත් එක්ක දැනෙන හැන්ගීම හිතේ තියාන කතා කරනව. නමුත් රහතන් වහන්සේ කෙනෙක් ඒ විදියට සම්මුතියක් විදියට තමන්ගෙ කියල සලකන කුනු ශරීරය ගැන කතා කරන්නෙ එහි පරමර්තය වෙච්චි ශුන්‍යතාවය ගැන දැනගෙනමඉ. එහෙම කතා නොකලොත් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නෙ නැහනෙ මෙ මොකක් ගැනද කියන්නෙ කියල.
රහතන් වහන්සේ ඒ විදියට අවබෝධයෙන්ම, මුලාවට පත් නොවී, යතාර්තය දැකල, ඒ කුණු ශරීරය ගැනම තමයි ඒ අදිශ්ඨානය කරන්නෙ. නැතුව මමත්වයක් හිතේ තියගෙන නෙවේ. උන්වහන්සේ ඒ ශරීරය අත් හැරල තමන්ට අයත් නොවන අර කුනු ශරීරය සුරැකී තියෙන්න අධිශ්ඨාන කිරීමක් විතරයි කරන්නෙ. හරියට බුදුන් වහන්සේ සමහරක් ශ්‍රී ධාතූන් වහන්සේල නොදැවී ඉතිරි වෙන්න අධිශ්ඨාන කලා වගේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන් වගේම රූපකායෙන් යුක්ත බවත් අර කාන්තාවක් බුදුහාමුදුරුවන්ට දානය බෙදල ආපහු ගත්ත කතාවත් අහල තිබුණට අනිත් කරුණු මම දැනගෙන හිටියෙ නැහැ.ගොඩාක් කරුණු දැන ගන්න ලැබීම සතුටක්.
ReplyDelete@ neetha
Deleteප්‍රසිද්ධ කතාවත් එක්කම අප්‍රසිද්ධ කතාවත් ලිව්වේ මට හිතුණා හුඟක් අය ඒ ගැන දන්නේ නැතුව ඇතියි කියලා. බලාගෙන යද්දී එක ඇත්ත තමා :)
ගොඩක් දේ ඉගෙන ගත්තා... ස්තුතියි !
ReplyDelete@ Sammani
Deleteගොඩක් දේ ඉගෙන ගත්තා නම් ගොඩක් සතුටුයි :)
තාම අගනා ලිපියක්.., කොමෙන්ට් විදියට වැටිලා තිබෙන ධර්ම කාරණාත් ඉතාම වටිනවා.., ලස්සනට ලියන්න..!
ReplyDeleteගයාන චානුක අයියා ඉස්සර ගෝතමී විහාරයේ ලයනල් රණවීර සර්ගේ චිත්‍රපන්ති වලට අපි යන දවස් වල එනවා දැකලා තියෙනවා.., එයා ඒදවස්වල උසස් පෙළ ශිෂ්‍යයෙන් උනත් අපි ඒ වෙනකොට 6 වසරේ.., මේ රූප දැකලා මට ඒකාලේ මතක් උනා..!ස්තූතියි හසිත..!
තවත් මේ වගේ වටිනා ලිපි ලියන්න..!
ජය!
@ Lishan Puwakowita
Deleteස්තුතියි අයියා දුන්නු හයියට. ගයාන් චානුක අයියාගේ චිත්‍ර ගැනත් කතාවට ආපු එක හොඳයි. ලංකාවේ කතුවරුන්ගෙන් කීයෙන් කී දෙනාටද තමන්ගේ පොතේ කවරෙට ඕනේ කරන චිත්‍ර ඇඳගන්න පුලුවන් වෙන්නේ.......
ඉදිරියේදීත් මේ වගේ ලිපි ලියවේවි
බොහොම වැදගත් ලිපියක්...කොමන්ටු සියල්ලත් කියැවීමි..
ReplyDelete@ දම්මි
Deleteසටහන වගේම කමෙන්ට්ස් සියල්ලමත් කියවීම අතිශය වැදගත් "හොඳම හරිය ඇඟිලිවල" කියනවා වගේ හොඳම හරිය තියෙන්නේ කමෙන්ස්ට්වල :)
ගොඩක් ස්තූතියි අයියේ හැමදාම වගේ මේ දේවල් කියලා අපිව දැනුවත් කරනවට..ඒ වගේම ගොඩක් පිං....
ReplyDeleteමාත් මේ මුල් ටික අහල තියනවා.. ඒත් ඔක්කොම දැනගත්තේ අද තමයි....
@ තරුවා
Deleteදැන් ඉතින් මුල මැද අග ඔක්කොම දන්නවානේ මලයා. තව අයට මේ කතාව කියන්න. එතකොට ඔයාටත් පිං
ශ්‍රද්ධාවක් ඇතිවෙනව නම් අතිශයෝක්තියෙ නරකක් නැහ.මිනිසුන්ගෙ හිතට දැනෙන්න යමක් කීමයි මේ අතිශයෝක්තිය කියන්නෙ .ඉතින් හොද දෙයක් වෙනව නම් එහි වැරැද්දක් නැහ නේද.කියවන්න හොද පොතක් ආනන්ද මෛත්‍රි ස්වාමින්වහන්සේගේ "බුද්ධචරිතය" පොත .දඹදිව ගමන ගැන මගේ බ්ලොග් එකේ විස්තර ඇතිව ලියල තියෙනව.
ReplyDelete@ malnayaka
Deleteඇත්ත අතිශයෝක්තියෙනුත් ශ්‍රද්ධාව ඇතිවෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව අමුලික ශ්‍රද්ධාවක් නොකර ගන්නට අපි වගබලාගන්න ඕනේ. ඒ කරුණු විමසුම් නුවණින් ක්‍රමයෙන් වටහා ගන්නත් ඕනේ.
අහලා ඇතිනේ මේ කතාව.
මිදුල අතු ගගා හිටිය උපාසක අම්මා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියාම ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කරලා හාමුදුරුවන්ට වැන්දලු....
දඹදිව ගමන ගැන කියවන්න එන්නයි මේ ලෑස්තිය
මල්ලි ලියන ගොඩක් ලිපි වල වටිනා කම වැඩි වෙනවා අනිත් අයගෙ කමෙන්ට්ස් වලින් සහ ඔයා ඒවාට ලබා දෙන පිළිතුරු වලින්.
ReplyDeleteඇත්තටම බෞද්ධ සාහිත්‍යයේ එන කතා අහන්න කියවන්න ගොඩක් ආස හිතෙනව.
මට දවසක් අහන්න ලැබුණා බුදු හාමුදුරුවො පිරිණිවන් පාන අවස්ථාව ගැන ලොකු විස්තරයක්. ද්‍රෝණ බමුනා ධාතූන් වහන්සේලා එකතු කළ හැටි, බෙදා දුන් හැටි ආදිය ඇතුළත් ලොකු විස්තරයක්.
ඒකෙ අන්තිමට කිවුවා තව අවුරුදු ගනණාවක් ගියාට පස්සෙ ලෝකෙ පුරාම තියන සියළුම ධාතූන් එක් ස්ථානයකට එකතු වෙලා බුදු ශරීරයක් අහසේ නිර්මාණය වෙනවා ලු. එහිදී ඒ බුද්ධ ශරීරය යමාමහ පෙළහර පාලා (හෝ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරලා- මට හරියට මතක නෑ) අහසේදීම අලු මවට පත් වෙනවා ලු. ඒක හැඳින්වුනේ "ධාතු පරිනිර්වානය" කියල.
මෙතෙන්ට අදාල නැතත් මම අහලා තියන ලස්සන විස්තරයක් නිසයි කියන්න හිතුනෙ.
@ සිඳු
Deleteහොඳම හරිය ඇඟිලිවල කියලා ලෙවකනවා වගේ හොඳම හරිය කමෙන්ට්ස්වල කියලා හිතලා කියවන්න ඕනේ. ක්සැන්ඩර් අයියා දවසක් කිව්වා වගේ හැමදේම ලියන්න ඕනේ නැහැ. ප්‍රමාණවත් තරම් ලියනවා. ඊට පස්සේ කමෙන්ස්ට් හරහා එන ප්‍රශ්නවලට පිළිතුරු දෙන එකෙන් ඉතුරු ටික වගේම අවශ්‍ය කරුණු තවත් පැහැදිලි කරනවා.
අක්කා කිව්ව විස්තරේ හරි. ඒකට කියන්නේ ධාතු පරිනිර්වාණය කියලා තමා. ඒ ගැනත් ගයාන් චානුක විදානපතිරණ පොතක් ලියලා තියෙනව වග දැනගන්න ලැබුණා.
මේ තියෙන්නේ කාලෙකට කලින් අපේ බ්ලොග් සහෘදයෙක් වුණු ඉන්දික අයියා ධාතු පරිනිර්වාණය ගැන ලියපු සටහනක්
http://upashantha.blogspot.com/2010/05/dhaathu-parinirwaanaya.html
Delete@ සිදූ
Deleteමිනිසුන්ගෙ පරිහානියත් එක්ක ධාතූන් වහන්සේලට නිසි ගෞරව නොළබෙනකොට ඒව ගෞරවය ලැබෙන තැන්වලට එක් රැස් වෙනව. ඒ විදියට බුදුන්වහන්සේගෙ අධිශ්ඨාන බලයෙන් නොනැසී ඉතුරුවෙලා තියෙන ධාතූන් වහන්සේල කාලෙකදි රුවන්වැලි මහා සැයට එක් රැස් වෙනව.
එයිනුත් කාළෙකට පස්සෙ එම ධාතූන් වහන්සේල නාග ලෝකෙට එක් රැස් වෙනවලු. අන්තිමේදි බුද්ධ ගයාවෙ ජය භූමියේදි ජය ශ්‍රී මහා බෝමැඩඩදි බුදුන් වහන්සේගෙ නියම දේහ ප්‍රමාණයට බුද්ධත්වයට පත්ව සිටි ආකාරයෙන්ම වජිරාසනය පිහිටි තැන බුදු රැස් විහිදුවමින් වැඩ ඉන්නවලු. එතන යමා මහ පෙළහර පාල කපුරු දැවී ගියාක් මෙන් අතුරු දහන් වීමෙන් මේ මහා බද්ධ්‍රකල්පයෙ හතරවන බුද්ධ ශාශනය අතුරුදහන් වෙනවලු
උඹට ගොඩක් පින්.මම මේ ගැන අහලම තිබුනෙ නෑ.සමහරුන්ට මේක මැජික් එකෙක් වෙන්න පුලුවන්.හැබැයි ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනෙකුට මේ කතාවම ඇති.මට මේ කතාව කියවනකොට හිතේ ඇති වෙච්ච හැඟීම වචන වලට ගන්න බෑ.
ReplyDeleteසියලු දානයට වඩා ධර්ම දානය උතුම් කියනවනෙ.
මෙ පින උඹේ නිවන් මඟටම හේතු වෙවා!
@ කස්ස
Deleteසාදු සාදු අයියා. ඒ පින අනුමෝදන් කරගන්නවා.
මේ කතාව කියවලා හුඟක් වයසක උපාසක අම්මලා වගේ "ඔහේ සාදු සාදු" කියලා කියවලා ඉවර කරන්නේ නැතුව විමසුම් නුවණින් කටයුතු කරලා ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකරගන්නවා නම් ඒ හොඳටෝම ඇති.
මේ කතාව මුලින්ම කියවද්දී හිතට දැනුනු අමුතුම හැඟිම නිසාම තමා blog එකටත් ලියන්න හිතුණේ :)
ස්තුතියි හසිත ධර්ම දානයට...
ReplyDeleteනොදැන හිටි ගොඩක් කරුණු දැනගත්තා..
@ රූ....
Deleteනොදන්නා යමක් කියාදෙන්න ලැබුණු එක ගැන සතුටුයි අක්කේ....
wate pite wal pall liuwa uba ada niyama lipiyak liyala mamath nodana hitapu karunu godakk igena gaththa uba niyama royal kollek malli
ReplyDelete@ Sashimal Gunawardhana
Deleteඑකඟයි අයියා. වටේ පිටේ වල්පල් ලියන්නේ නැතුව ලියන්න ඕන දේවල් ගැන මටම තේරුම් ගිය එක නම් කොච්චර වටිනවාද :)
බොහොම වැදගත් ලිපියක් හසිත අයියේ..
ReplyDeleteබොහොම පින්!
ලංකාවේ මේ ස්ථානය තියෙන්නේ කොයි හරියේද දන්නේ නෑ නේද? ;)
Delete@ Pramudi
Deleteසාදු සාදු. ඒ පිනත් අනුමෝදන් කරගන්නවා නඟා. මේ ස්ථානය කියලා ඇහුවේ මොන ස්ථානය ගැනද ?
මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය තැන්පත්වෙලා තියෙන පර්වතය නම් තියෙන්නේ ඉන්දියාවේ. උන් වහන්සේගේ දළදාව තැනපත් කරලා තියෙන්නේ බෙන්තර ගලපාත විහාරයේ
මම කීවේ අයියේ,
Deleteඅර ජන්බුද්වීප අය අහන්න පුළුවන් දෙයක් මම කලින්ම ඇහුවා ඉතින්. :D
@ Pramudi
Deleteඅයියෝ එයාලට නම් මේකට උත්තරයක් දෙන එක සිම්පල්. මධ්‍යම කඳුකරයේ කඳුවැටියක් කියාවි :D
ගෞතම ආගමික මිථ්‍යාවන් වපුරවන්නට තරම් අවස්ථාවාදියෙකැයි මම නොසිතමි. ඔහුට එවන් අවශ්‍යතාවයක් වූ බවක් නොපෙණේ. එසේම ඔහු සිටින කාලයට සාපේක්ෂව ඉදිරියෙන් සිටින දහමක් ඔහු විසින් දේශනා කොට තිබේ. නමුත් ගෞතමගේ මරණින් පසු ඔහුගේ අන්ධ අනුගාමිකයින් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වඩාත් ඉදිරියට ගෙන ගොස් ඇත්තේ ඔහු දේශනා කළ ධර්මයේ හරය නොව ඊට පසුව බද්ධ වී යැයි සිතිය හැකි ආගමික මිථ්‍යාවන්ය. මේ සටහනද තවත් ඉදිරියට ගෙන යන්නේ ඒ මිථ්‍යාවන්ය. මෙය ගෞතමට කරන අසාධාරණයක් වුවත් එය සිදුවීම ස්වාභාවික හෙයින් වැළක්විය නොහැකිය.
ReplyDelete@ Anonymous 10
Deleteමේ සටහනෙන් කියවෙන කරුණු ඔබ මිත්‍යාවක් කියලා දක්වන එක සත්‍යයි කියලා පිළිගනිමුකෝ.
ඒත් මේ කතාව හරහා තුනුරුවන් කෙරෙහි ආකාරවතී ශ්‍රද්ධාවක් ඇතිකරනවා නම් බුදු දහම ගවේෂණයට මග පාදනවා නම් මෙය සම්‍යක් ප්‍රයෝගයක් වනවා විනා එය වරදක් ලෙස මම නම් විශ්වාස කරන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දහම ඒ කාලයට පමණක් නොව අද කාලයත් එක්ක බලද්දිත් සැබවින්ම ඉදිරියෙන් ඇති දහමක්.
කෙසේ නමුත් කුඩා ළමුන් එක්වරම තිත්ත බෙහෙත් ගිලින්නේ නැති නිසා පැණි රහ යමක් ලබාදෙනවා මෙන් ගැඹුරු බුදු දහමට ක්‍රමයෙන් සමීප කරවන්න "ඔබ දක්වන මිථ්‍යාව" ට පුලුවන් කියලයි මගේ හැඟීම
අවසානයට යමක් කියන්න කැමතියි. ඔබ බෞද්ධයෙක් වන්නටත් පුලුවන්. එසේත් නැත්නම් නිර් ආගමිකයෙක් වන්නටත් පුලුවන්. ටැබූ වන්නටත් පුලුවන්. ඔහුත් ඔහුගේ සටහන්වල ගෞතම නමින් දක්වනවා මට මතකයි.
කෙසේ නමුත් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස අපි හුදෙක් "ගෞතම" කියන්නේ නැතුව බුද්ධත්වය සාක්ෂාත් කරගත් නිසා "ගෞතම බුදුන් වහන්සේ කියලා දක්වනවා. අනික ගෞතම නමින් තවත් අය ඉන්නා නිස අවම වශයෙන් "ගෞතම බුදුන්" කියා හෝ ඔබට දක්වන්න පුලුවන් නොවැ.
මා බෞද්ධයෙක් වුවත් ජේසුස් වහන්සේ, නබිනායකතුමා ආදී වශයෙන් අන් ආගම්වල ශාස්තෲවරුන්ට ගරු කරන්නේ ආගමික සංහිදියාව ගැන විශිෂ්ඨතම පාඩම බුදුන් වහන්සේම උගන්වා ඇති නිසායි
@ ඇනොනිමස්
Deleteඔබ හරි. බුදුන් වහන්සේ ආගමික මිත්‍යාවන් වැපිරීමට උත්සාහගත් කෙනෙක් නොවෙයි.
ඔබ කියන ආකාරයට විවිධ කාල වල විවිධ හේතූන් නිසා යම් අතිශොක්තියක් ඇතැම් තැන් වලට බලෙන්ම එකතු කරල තියෙන අවස්තා නැතුවමම නෙවෙයි. ධර්මය යනු එය නොවෙයි.
ධර්මය යනු ඔබ පිලිගත්තා හෝ නැතා හෝ විශ්ව සාධාරන ධර්මතාවයයි.
නමුත් මෙම ලිපියේ සඳන් ආකාරයෙ විශ්මය දනවන,ඇත්ත වෙන්නට බැරියැයි ඔබට සිතෙන කාරනා ඔබට නොතෙරුන පමණින්, තර්කයට , විද්‍යාවට අනුව විස්ත්‍ර කිරීමට නොහැකි වූ පමණින්ම එය මිත්ථ්‍යාවක් වෙන්නෙ නැහැ. ඔබට මට එය නොතේරෙන්නේ එවැනි විශ්මය ජනක ප්‍රාතිහාර්යයන් සිදුවන්නේ අප හැමටම වඩා උතුම් තත්වයකට මනස දියුනු කල, විද්‍යාව පහල කරගත් අයගෙ අධිශ්ඨානය නිසා.
එය ඔබට අපට විද්‍යාවෙන්, තර්කයෙන් පැහැදිලි කිරීමට නොහැකි වන්නේ ඔබ කියූ පරිදි එදා කාලයට සාපේක්ෂව බුද්ධ ධර්මය ඉතිරියෙන් සිටි නිසාම පමනක් නොවෙයි. එය අදටත් නූතන ලෝකයටත් වඩා ඉදිරියෙන් ඇති දහමක් නිසා. ඒව පැහැදිලි කිරීමට නූතන විද්‍යාව තවමත් බොහෝ සෙයින් ළාමක වැඩියි
@HasithaJune 28, 2012 11:37 PM,
Deleteගෞතම ඊනියා "බුද්ධත්වයක්" ලබා ගත්තේද නැද්ද යන්න මම නොදනිමි. කොටින්ම "නිර්වාණය" හෝ "බුද්ධත්වය" වැනි පද මගේ ශබ්ද කෝෂයේ අරුත් නොදැක්වේ. මට ඔහු සොක්‍රටීස් හෝ ඇරිස්ටෝටල් බඳු ආදි චින්තකයකු පමණෙකි. එබැවින් මා අරුත නොදන්නා විශේෂණ පද ගෞතමට ආරෝපණය කිරීමට අකැමැත්තෙමි. මා සිතන්නේ ගෞතම, ගෞතම ලෙසින් නිවැරදිව දැකීම ඔහුට කළ හැකි ලොකුම ගෞරවය බවයි. එසේ නැතිව ඔහු අන්ධ භක්තියෙන් සිව් සැට රියන් මිනිසෙකුට පිම්බීම ඔහුට කළ හැකි ලොකුම අපහාසයයි. මම ගෞතමගේ ධර්මය තුළින් ගෞතම දකිමි. වෙනත් කිසිවක් මට අදාළ නොවේ.
සඳJune 29, 2012 4:46 PM,
Deleteනූගතකුව වී සිටීමට ඔබට ඇති අයිතියට ගරු කරමි.
@ Anonymous 10
Deleteගෞතම බුදුන් වහන්සේට "ගෞතම" යැයි කීමේ ඔබේ අයිතියට ගරු කරනවා. ඒත් ඔබේ ශබ්ද කෝෂයේ "නිර්වාණය හෝ බුද්ධත්වය" යන පද ඇතුළත් නොවූ පමණින් බුදු කෙනෙකුන්ට නමින් අමතන්න ඔබට අයිතියක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්
අනික් කරුණ තමා ගෞතම බුදුන් වහන්සේ නමින් ආමන්ත්‍රනය කිරීම "අන්ධ භක්තියෙන් සැට රියන් මිනිසෙකුට පිම්බීමක්" නොව ගරු කළ යුත්තාට ගරු කිරීමක් පමණක් වීම
@AnonymousJune 29, 2012 7:50 PM
Deleteප්‍රඤ්ඤාවන්තයකු නොවී උගතෙකු වීමට ඔබට ඇති අයිතියටද ගරුකරමි
@ AnonymousJune 29, 2012 7:48 PM
Delete//මම ගෞතමගේ ධර්මය තුළින් ගෞතම දකිමි. වෙනත් කිසිවක් මට අදාළ නොවේ.//
මෙය සැබෑවක් නම් ඔබ මුලින්ම "මම" කියන එක අයින් කර ගත යුතුයි.. එවිට "මගේ ශබ්ද කෝෂය " කියා එකක් නැති බවත් ඔබටම තේරේවි...
meka nam niyamai,
ReplyDelete@ Anonymous 11
Deleteස්තුති ඔබටත් :)
අහලා නැති මේ කථාව කිව්වට ස්තූතියි... ජය!
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteතව අහලා නැති කතා ඉස්සරහට කියනවා :D
කතාවෙං භාගයක් කලිං දැනං හිටියා..
ReplyDeleteඉතුරු භාගෙ දැනගත්තෙ මේකෙං..
මේක පෝස්ට් කරාට පිං..
මේ වගේම තව සිද්ධියක් තියෙනවා නේද අර බුදුහාමුදුරුවො ශ්‍රී පාදෙට වැඩම කරන අතරතුර දිවා ගුහාවේ ශ්‍රී දේහයේ ජීවමාන අනුරුවක් තබලා ආවා කියලා..
සත්‍ය අසත්‍ය තාවනං දන්නෙ නෑ එහෙම එකක් මං අහලා තීනවා..
ජයවේවා!!!!!!!
@ තරියා අබේ
Deleteදැන් භාග දෙකම එකතු වුණු නිසා මේ කතා හරියටම තව කාට කාට හරි කියාදෙන්නත් පුලුවන් නොවැ. ඔයාගෙත් පින් අනුමෝදන් කරගන්නවා.
දිවා ගුහාව හොයාගන්න බැරි කතාව අහලා තියෙනවා ඇරෙන්න ජීවමනා අනුරුවක් මැව්ව කතාව නම් අහලා නැහැ. බුදු සිරිත තුළ ජීවමන අනුරූ මැව්ව අවස්ථා කීපයක් නම් දැක්වෙනවා.
1. බුද්ධත්වයෙන් 4 වෙනි සතියේ රුවන් සක්මන කරද්දී
2. ගණ්ඩබ්බ අඹ රුක මුල යමා මහ පෙළහර පාද්දී
3. තව්තිසා දෙව්ලොව අභිධර්ම පිටකය දේශනා කරන අවස්ථාවේදී
godak sassanai. gayan chanuka widanapathirana tharuna mahaththaya me wage godak charitha srawaka charitha katha liyala thiyenawa. ewath ob kiyawanna. me wage thawath wadagath dee ediripath karanna oba shakthiya lebeewa, budusaranai.....
ReplyDelete@ හෙළ විජය තරුණ සංවිධානය
Deleteමේ පාර සැප්තැම්බර් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මේ පොත් පෙළ ගන්න තමා හිතාගෙන ඉන්නේ. එතකොට තව කතා කියන්න නම් පුලුවන් වේවි. ස්තුති අදහස් දක්වන්න එකතු වුනාට
"මේ පොත් පෙළ" <- තවත් මේ වගේ පොත් තියෙනවා නන් ඒවයේ ලිස්ට් එකක් දාන්නකෝ.. :)
Deleteඑදා
ReplyDeleteකියවල ගියාට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා සිංහල ප්‍රශ්නයක් නිසා . ආසාවෙන් කියෙව්වා . කොපි කරලා වෙන තැනක දාන්න තරම් වටිනා ලිපියක්
මෙන්න හොරු අහුවෙනවා. එහෙනං බින්දුමතී අක්කා තමා වෙන නමකින් කොපි කරලා දාලා තීන්නෙ.....?
Delete@ Bindi
Deleteස්තුති අක්කේ අදහස්වලට. කොපි කරලා වෙන තැන්වල දාන කතා නම් කියන්න එපා අක්කේ මේ දවස්වල තහනම් වචනේ තමා ඒක :D
@ බුද්ධි
Deleteඅනේ මන්දා අයියේ :D
කියෝගෙන කියෝගෙන පල්ලෙහටම ආවා .. හොඳටම හති ....
ReplyDeleteසාධු සාධු සාධු
මමත් අනුමෝදන් උනා ...
ඔබට ඉස්තුතියි
@ Tiraj Adikari
Deleteහති වැටෙන්නේ නැතුවයැ මේ තියෙන අදහස් ගොඩ කියවන්න ගියාම. වැදගත් යමක් ඉගෙන ගත්තා නම් සතුටුයි :)
කෙටියෙන්ම කිවොත් ගොඩක් පිං මචන්...
ReplyDeleteනොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා... ඒ වගේම හිතට මොකක්ද කියලා කියන්න බැරි සතුටකුත් අවා. ඒත් සම"හරක්" ගේ අදහස් කමෙන්ට් දැකලා "චී" කියලත් හිතුනා.
.
.
පොඩි රික්වෙස්ට් එකක් මචං, දැන ගන්න ආසයි ලංකාවේ සම්පූර්ණ රාජ ඉතිහාසය, රාජධානි ව්‍යාප්තිය ගැන එහෙම.
වෙලාවක් තියනවා නම්.
හප්පට සිරි සොරි මචං.දැන ගන්න අසයි කියපු දේ මේකෙම තියනවා.අද පටන් ගන්නවා මේක කියවන්න.
Deleteඑළ..!
@ නෝටි | Naughty
Deleteසයුරි අක්කා ලියන පහන් යාය blog අඩවියේ රාජාවලිය නමින් ලංකාවේ රජපෙළපත ගැන සරලව කතා කරනවා.
http://pahanyaaya.blogspot.com/
මම ඉතිහාසයේ අප්‍රකට කතා කියලා අපේ ඉතිහාසයේ සැඟවුණු කතා මාලාවක් ලියාගෙන යන ඒ දෙකම කියවන්න අපේ ඉතිහාසය ගැන කිසියම් අදහසක් ගන්න පුලුවන් වේවි.... කොහොම නමුත් ඔයාගේ ඉල්ලීමත් පුලුවන් විදිහට ඉස්සරහට තවත් ඉෂ්ට කරන්න බලන්නම් :)
කිසිම ආයාසයක් නැතිව අවසන් වන තුරු ම කියෙව්වා. බොහොමයක් දේවල් අලුතෙන් දැන ගත්තා. කාශ්‍යප මහා රහතන් වහන්සේ ගැන අහලා තිබුණට, මේ තරම් දේවල් අහලා තිබුණේ නැහැ.
ReplyDeleteජය වේවා!!
@ රැංගෝ
Deleteඅලුතෙන් යමක් දැනගත්තා නම් ඒ ගැන සතුටුයි මිත්‍රයා
ලිපිය වගේම් කොමෙන්ට්ස් ටිකත් හරිම වටිනවා...
ReplyDeleteහැමොටම පිං අයිති වේවා.......
බෞද්ධ සාහිත්‍යට අනූව මේ සිද්ධීන් ඇත්ත.
කාෂ්‍යප මහා රහතන් වහන්සේ කියන්නේ බුදු සසුනේ හිටි උතුම්ම රහතන් වහන්සේ නමක්.
බුදුන් වහන්සේ තම චීවරය පවා මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ සමග හුවමාරු කර තිබෙන වග පිටක පාලියේ මෙන්ම අටුවා වලද සඳහන් වෙනවා....
සමහර දේවල් බොහෝ දෙනෙක්ට විස්වාස කල නොහැකියි... ඒ එම දෙය පිළිබඳව කරුණු අවබෝධ කර ගන්නට තරම් එම විශයෙහි දැනුම ප්‍රමාණවත් නොවීම...
අප යම් දෙයක් වැරදි යැයි ප්‍රකාෂ කරනවානම් ඒ විෂය පිළිබඳ කරුණු වටහාගෙනම කල යුතු වෙනවා...
ධ්‍යාන අභිඥ්ඤා හෙලා නොදැකිය යුතුයි... මන්ද එම දේවල් සාක්ෂාත් කර ඇති අය වත්මනෙහි පවා සිටිනවා. බුදු දහමෙහි හරය සහ රසය විඳගැනීමට හැකිවන්නේ තර්කයෙන් හෝ විවාදයෙන් නොව අධිගමනයෙන්ම් බව සිහිපත් කල යුතුයි...
@ දඟයා
Deleteබුදුන් වහන්සේට තමන්ගේ සිනිඳු වටිනා සිවුර පූජා කරලා උන්වහන්සේගේ පංශුකූලික සිවුර මහා කාශ්‍යප හාමුදුරුවෝ පිළිගත්තා. සාමාන්‍යය භික්ෂුවකගේ චීවරයට වඩා බුදුන්වහන්සේගේ චීවරය දිගින් වැඩියි වගේම උන්වහන්සේගේ සිවුරක් දරන පුද්ගලයා විශේෂී අයෙක්. ඒ භාග්‍යය උදාවුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ට විතරයි.
ඔයා කියපු අනිත් කතාවට එකඟයි. යම් කිසි කාරණයක් තමන් පිළිනොගත් පමණින්, තමට නොවැටහුණු පමණින් එවැන්නක් නැහැයි කියලා හරි එවැනි දේවල්වලට ගරහන එක නෙමෙයි කළ යුත්තේ.
ස්තුති වටිනා අදහස් දැක්වීමකට එකතු වුනාට
ඔවු ඒ විදිහේ චීවර හුවමාරුවක් වන්නේ.. ධුතාංගධාරීන් අතර අගතැන් ගන්නා වූ භික්ෂුව සමග පමනයි...
Delete@ දඟයා
Deleteඔව් ඔව්
මම අහල තියනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේට සිවුරු පිරිකර පූජා කරන්නේ කාශ්‍යප රහතන් වහන්සේ කියල. ඒ අවස්ථාවේම උන්වහන්සේගේ සිරුර දැවී යනවලු.
Delete@ Anonymous August 10, 2012 10:48 PM
Deleteමම දන්න විදිහට නම් සම්මුතියක් විදිහට අභිනිෂ්ක්‍රමණය කරන බෝසතුන්ට සිවුරු පිරිකට පූජා කරන්නේ බ්‍රහ්මයෙක්. අනික් කාරණය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වෙද්දී පිරිනිවන් පා හමාරයි නොවැ...
මමත් හරියටම දන්නේ නැහැ මල්ලි. මම අහල තියන දෙයක් විතරයි. අහල තියන විදියට ඉර්දියෙන් අවදිවන කාශ්‍යප රහතන්වහන්සේගේ සිරුර චීවරය මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කරලා එතනම කිසිවක් ඉතිරි නොවන ආකාරයට දැවී යන බවයි කියල තියෙන්නේ. මේක ජනප්‍රවාදයක් ද කියල මන් හරියටම දන්නේ නැහැ.
Deleteමම ඔයාගේ බ්ලොග් එක දැක්කේ ඊයේ මොර පිරිත හොයන්න search කරපු වෙලාවක. ගොඩක් සතුයි ඔයා වගේ අය මේ වගේ මාතෘකා ගැන උනන්දු වෙන එක ගැන.
@ Vajira
Deleteඒ කතාව ජනප්‍රවාදයක්ම වෙන්න ඕනේ. මොකද ඒ කතාව හරිම පරස්පරයි නොවැ. මෛත්‍රී බෝසතුන්ට අටපිරිකට පූජා කරන්නේ කවුද කියලා හරියටම "අනාගත වංස දේශනාව" කියන පොතේ ඇති. මම ඒකෙන් බලලා හරියටම උත්තරේ හෙට කියන්නම්...
@ Anonymous
Deleteමම හොයාගත්තු කරුණුවලට අනුව විල්ගම්මුල සංඝරාජ මාහිමිපාණන් විසින් රචනා කරපු "මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංසය" කෘතියේ තියෙන්නේත් මෛත්‍රී බෝසතුන්ට අටපිරිකර පූජා කරන්නේ මහා බ්‍රහ්මයා කියලා....
මෙම ලිපිය කියවීමෙන් යමෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහිද , තිසරණය කෙරෙහිද හිතපහදවා ගත්තානම් මමත් ඒ මහා පිනද මේ ධර්ම දානමය පුන්‍යකර්මයද අනුමෝදන් වෙමි.
ReplyDeleteපෙන්වාදීමක්.
"මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන්ගේ"
මේ වෙනුවට
"මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ" යනුවෙන් දැක්වුවානම් වඩාත් උචිත යයි හැඟේ.
තෙරුවන් සරණයි!!!
@ Anonymous 12
Deleteසාදු සාදු සාදු
සදොස් තැන නිදොස් කළා. ඔබට පිං :)
kasup himige dalandawak galapaatha pansale thiyenawanam kohomada dehaya gal 3 ethule nirupadritawa thiyenne?
ReplyDeletemama udaya gurusinghe
@ උදය ගුරුසිංහ
Deleteඒ දළදාව උන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදී මුඛයෙන් වැටුණු එකක්
නිවැරදි ශ්‍රද්ධා සම්පන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ReplyDeleteබුදුරජාණන් වහන්සේ සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රූපයෙන් බොහෝ දුරට එක සමාන වූහ. ඒ හේතුව නිසා එක්තරා උපාසිකාවකට බුදුරජාණන් වහන්සේ හා කාශ්‍යප මහ රහතන් වහන්සේ හඳුනා ගැනීමට අපහසු වී , හැමදාම පිණ්ඩපාතය පිළිගැන්වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වුවද එදින බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යැයි සිතා දානය පිළිගැන්වූවාය. ඊට පසු වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැක බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ පිණ්ඩපාතය නැවත රැගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පිළිගැන්වූ බවත් සදහන් වේ. මෙවැනි සිදුවීම් බොහෝ දෙනකුට සිදුවී ඇත. බුදුරජාණන් වහන්සේ හා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හඳුනා ගැනීමට බොහෝ දෙනෙකුට අපහසු වී ඇත. එය බුදුහිමියනට අගෞරවයක් වශයෙන් සැලකූ මහා කාශ්‍යප හිමියෝ වනගත වූහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩින තුරු මගේ් දේහයට ගිනි නොඇවිලේවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨානය නිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහාකාශ්‍යප හිමියන් වැඩම කළ මොහොතෙහි චිතකයට ගිනි ඇවිළීමත් සුවිශේෂ සිද්ධියකි.
@ somapala anomadassi
Deleteකෙටියෙන් නමුත් මේ සටහන තුළත් ඉහත කරුණු අඩංගුයි. ඔබට පිං ඒ කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කළාට :)
පොරි පූජා කරගෙන දෙවු දුවක් වූ ලාජා දෙවගන ගැන කතාවත්, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි කාශ්‍යප රහතන් වහන්සේට සක්‍ර දෙවිඳු දිළිඳු වෙස් ගෙන දැන් පූජා කල කතාවත්, රහතන් වහන්සේ ගැන කියවෙන තවත් රසවත් සිදුවීම් දෙකක්.
ReplyDelete@ Anonymous August 10, 2012 10:36 AM
Deleteමහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන් මම ඒ කතා දෙකත් කියෙව්වා. ලාදුරු රෝගියෙක් මහා කාශ්‍යප හිමියන්ට දානයක් පිළිගන්වද්දී ඇඟිල්ලක් කැඩී පාත්‍රයට වැටුණු බවත් උන්වහන්සේ ඇඟිල්ල පසෙකින් තබා දන් වැළඳූ හැටිත් ඒ කතාවලම තිබුණා වගේ මතකයි
ළඳක් දෙව්ලොව ගියා මුනිඳුට කැඳක් පූජා කළ පිනෙන්
Deleteඇඟිල්ලක් බත් පිඬෙහි වැටුණා රෝගියෙකු දන් බෙදු සැණින්
සිතක් නැති පිළිකුලක් ඇතිවෙන යොමා කරුණාබර නෙතින්
ඉවත් කොට ලාදුරු ඇඟිල්ල ද වැළඳුවා දන් සිත තුටින්
@ Anonymous August 10, 2012 9:28 PM
Deleteආහ් මේ තියෙන්නේ ඔක්කොම කවියෙන් විස්තර කරලා ස්තුතියි :)
මල්ලි, මේ කවි මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවන්ගේ වචන. ඔය කවි ටික ලියල තිබ්බේ ගලපාත වෙහෙර වටේ සලපතල මලුව මහමෙව්නාවේ ළමයි එකතුවෙලා හදල පූජාකරන පින්කමට. එක හරිම ලස්සන පින්කමක්ලු. මට යන්න ලැබුනේ නැහැ. එත් ගියපු ය ගොඩක් සතුටින් ඒ ගැන කතා කරා. මම පුළුවන් උනොත් ෆොටෝ ටිකකට ලිනක්ස් දාන්නං පස්සේ.
Deleteපොල්ගහවෙල සම්බුද්ධ රජ මාලිගාවේ කාශ්‍යප රහතන් වහන්සේගේ පිලිමයකුත් හදල තියනව. ගියොත් බලාගන්න පුළුවන්.
@ Anonymous August 11, 2012 10:30 AM
Deleteගලපාත විහාරයට එතරම් මහජන අවධානයක් යොමු වෙන්නේ නැතිව තියෙද්දී ඒ විහාරයේ සළපතල මළුව හදන්න කටයුතු කරපු එක ඇත්තටම වටින වැඩක්... පුලුවන් නම් ලින්ක් එකක් දාන්න ෆොටෝස් බලන්න...
සම්බුද්ධරාජ මාළිගාවේ තියෙන මහා කාශ්‍යප පිළිමය මමත් දැක්කා. මේ ළඟදී මහා කාශ්‍යප හාමුදුරුවන්ට කරපු පූජාවක ෆොටෝස් වගයක් මහමෙවුනාවේ ෆේස්බුක් පේජ් එකේ තියෙනවා මම දැක්කා...