දේව සංකල්පය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. ඒ වගේමයි ඒක බෞද්ධ දේව සංකල්පය කියලා කතා කරද්දීත් කිසිම වෙනසක් නැහැ විවාද සම්පන්න බව කලින් එකටත් වඩා වැඩියි....
මේ විවාදවලදී එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා "කවුද දෙවියන්ව දැක්කේ" කියන එක. ඒත් බුද්ධ කාලයේ ජම්බුද්වීපයේ වාසය කරපු මිනිස්සුන්ට දෙවිවරු දැකගන්න අවස්ථාව හම්බුණා කියන එක ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ මූලාශ්‍රය ගණනාවකම තිබෙනවා. හැබැයි ඒ අවස්ථාව හැම තිස්සේම ලැබුණු එකක් නෙමේ.
බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම
මේ විදිහේ එක් අවස්ථාව තමා බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලයේදී තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්ම පිටකය දේශනා කරලා අවසානයේදී වස් කාලය නිමාවුණාට පස්සේ නැවත වරක් සංකස්ස පුරයට වැඩම කරපු අවස්ථාව.
මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ තව්තිසාවේ ඉදන් සංකස්ස පුරයට වැඩම කළා කියන්නේ සුවාසූ දහසක් පමණ උසක් තිබුණු සත් රුවන් ඉණිමඟකින්. ඒ ඉණිමඟට දකුණු පසින් රන් තිබුණු ඉණිමඟෙන් දෙවිවරුත් වම් පසින් තිබුණු රිදී ඉණිමඟෙන් බ්‍රහ්මයොත් පහළට බැහැලා තියෙනවා.
මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා "සියලු ලෝක ධාතුවේ සත්වයෝම මා දකිත්වා" කියලා.
ඒ අනුව සතර අපාය, මිනිස් ලොව, දෙව් ලෝක, බ්‍රහ්ම ලෝකවල සියලු දෙනාම බුදුන් වහන්සේව දකිනවා වගේම උන් වහන්සේගේ ආනුභාවය නිසාම මිනිසුන්ට අහසේ රැස්ව සිටින දිව්‍ය බ්‍රහ්ම සේනාව දැකගන්න පුලුවන් වෙනවා. මේ ප්‍රාතිහාර්යය ඒක නිසා හඳුන්වන්නේ "ලෝක විවරණ ප්‍රාතිහාර්යය" කියලා.
ඒ අනුව සතර අපාය, මිනිස් ලොව, දෙව් ලෝක, බ්‍රහ්ම ලෝකවල සියලු දෙනාම බුදුන් වහන්සේව දකිනවා වගේම උන් වහන්සේගේ ආනුභාවය නිසාම මිනිසුන්ට අහසේ රැස්ව සිටින දිව්‍ය බ්‍රහ්ම සේනාව දැකගන්න පුලුවන් වෙනවා. මේ ප්‍රාතිහාර්යය ඒක නිසා හඳුන්වන්නේ "ලෝක විවරණ ප්‍රාතිහාර්යය" කියලා.
ඒත් ඉතින් හැම තිස්සේම දෙවියන් බලාගන්න බැරිවෙන නිසා ඒකට පිළියමක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
දීඝ නිකායේ මහා වග්ග කොටසේ තියෙන මහාපරිනිබ්බාන සූත්‍රයේ දක්වන විදිහට වජ්ජි රාජ්‍යයේ පාලකයන් වුණු ලිච්ඡවි රජදරුවන් බුදුන් වහන්සේ මුණ ගැහෙන්න අම්බපාලි වනයට පැමිණි අවස්ථාවේ ලිච්ඡවි රජවරු එනවා දැක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා
"යෙසං භික්ඛවෙ භික්ඛුනං දෙවා තාවතිංසා අදිට්ඨා, ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛුවෙ ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති"
මෙහි අර්ථය තමා "මහණෙනි, යම් භික්ෂු කෙනෙකුන් විසින් තවුතිසා වැසි දෙවියෝ නොදක්නා ලදහුද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවි පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට සම කොට සලකවු" කියන එක.
දීඝ නිකායේ මහා වග්ග කොටසේ තියෙන මහාපරිනිබ්බාන සූත්‍රයේ දක්වන විදිහට වජ්ජි රාජ්‍යයේ පාලකයන් වුණු ලිච්ඡවි රජදරුවන් බුදුන් වහන්සේ මුණ ගැහෙන්න අම්බපාලි වනයට පැමිණි අවස්ථාවේ ලිච්ඡවි රජවරු එනවා දැක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා
"යෙසං භික්ඛවෙ භික්ඛුනං දෙවා තාවතිංසා අදිට්ඨා, ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛුවෙ ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති"
මෙහි අර්ථය තමා "මහණෙනි, යම් භික්ෂු කෙනෙකුන් විසින් තවුතිසා වැසි දෙවියෝ නොදක්නා ලදහුද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවි පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට සම කොට සලකවු" කියන එක.
ඒක නිසා බුද්ධ කාලීනව මිහිපිට සිටි තව්තිසාවේ දෙවිවරුන් විදිහට ලිච්ඡවි රජවරුන් හඳුන්වන්න පුලුවන්. අද ආගිය කතාවෙන් කතා කරන්නේ එහෙම වෙන්න ලිච්ඡවියන් සතු වුණු විශේෂත්වය මොකක්ද කියලා.
මුලින්ම ලිච්ඡවියන්ගේ ආරම්භය ගැන හොයාලා බැලුවොත් ඒක බුද්ධෝත්පත්තියටත් එහා කාලයට දිව යනවා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ අග මෙහෙසියට දරුවෙන් බිහිවෙන අතර ඒ දරුවා මස් කුට්ටියක් විදිහටයි මෙලොව එළිය දකින්නේ.
මස් කුට්ටියක් බිහි කරපු එකෙන් අග බිසවට ලැජ්ජාවක් වෙයි කියලා හිතන සේවිකාවෝ මස් කුට්ටියක භාජනයකට දාලා ඒක හොඳින් මුද්‍රා තියලා ගංගා නම් ගඟේ පා කරලා දානවා. හැබැයි එයාලා ඒ භාජනයේ ලියනවා "බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසියගේ ප්‍රජාව" කියලා.
ගඟේ පාවුණු මේ භාජනයක මුහුණ දෝවනය කරන්න ආපු තාපසයෙක් දකිනවා. තාපසතුමා භාජනය ගොඩට අරගෙන ඒකේ තිබුණු සටහනත් කියවලා භාජනය සුරක්ෂිතව තියලා තියනවා.
දවස් 7 කට පස්සේ භාජනයේ තිබුණු මස් කුට්ටිය දෙකට බෙදිලා ලස්සන කුමාරිකාවක් සහ කුමාරයෙක් හැදෙනවා. මේ දරුවෝ දෙන්නා දැකපු තාපසතුමාට ඇතිවුණු දරු සෙනෙහස නිසා තාපසතුමාගේ ඇඟිලිවලට කිරි එරෙනවා. ඒ කිරි බීලා තමා මේ දරුවෝ දෙන්නා පෝෂණය වෙන්නේ.
මස් කුට්ටියක් බිහි කරපු එකෙන් අග බිසවට ලැජ්ජාවක් වෙයි කියලා හිතන සේවිකාවෝ මස් කුට්ටියක භාජනයකට දාලා ඒක හොඳින් මුද්‍රා තියලා ගංගා නම් ගඟේ පා කරලා දානවා. හැබැයි එයාලා ඒ භාජනයේ ලියනවා "බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසියගේ ප්‍රජාව" කියලා.
ගඟේ පාවුණු මේ භාජනයක මුහුණ දෝවනය කරන්න ආපු තාපසයෙක් දකිනවා. තාපසතුමා භාජනය ගොඩට අරගෙන ඒකේ තිබුණු සටහනත් කියවලා භාජනය සුරක්ෂිතව තියලා තියනවා.
දවස් 7 කට පස්සේ භාජනයේ තිබුණු මස් කුට්ටිය දෙකට බෙදිලා ලස්සන කුමාරිකාවක් සහ කුමාරයෙක් හැදෙනවා. මේ දරුවෝ දෙන්නා දැකපු තාපසතුමාට ඇතිවුණු දරු සෙනෙහස නිසා තාපසතුමාගේ ඇඟිලිවලට කිරි එරෙනවා. ඒ කිරි බීලා තමා මේ දරුවෝ දෙන්නා පෝෂණය වෙන්නේ.
මේ විදිහට දරු දෙන්නාව පෝෂණය කිරීම වගේම රැකබලා ගැනීමත් තාපසතුමාට කරන්න සිදුවුණු නිසා පිණ්ඩපාතේ යන්න පවා එතුමා ප්‍රමාද වෙනවා. තාපසතුමා හැමදාම පිණ්ඩපාතේ යන ගොපළු ගමේ මිනිස්සු තාපසතුමාට කරදරයක්වත් වෙලාද කියලා බලන්න ආපුවාම මේ දරුවෝ දෙන්නාව රැක බලා ගන්න තාපසතුමාව දකිනවා
දරුවන් රැක බලා ගන්න වෙන එකෙන් ඔබතුමාගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් වෙනවා කියන ගම්වැසියෝ දරුවෝ දෙන්නා හදාගන්න බාරගන්නවා. මේ දරුවන් දෙදෙනා රාජ කුමර කුමරියන් නිසාත් බොහොම පින් ඇති නිසාත් පරිස්සමෙන් බලාගන්න කියලා තාපසතුමාත් උපදෙස් දෙනවා.
ඉතින් කාලේ ගතවෙද්දී මේ දරුවෝ දෙන්නා තරුණ වයසට පත්වෙනවා. මේ දෙන්නාගේ විශේෂත්වය තමා ශරීරය ස්වභාවයෙන්ම කැඩපතක් වගේ ඇතුළ පේන එක. උදාහරණයක් විදිහට කිව්වොත් හරියට වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන දෙයක් පේනවා වගේ. ඒ තරම් සිනිඳු සමක්.
පූජාවලිය ඒක විස්තර කරන්නේ මෙහෙමයි
"මෙසේ වැඩෙන දරුවන් අනුභව කළ යම්ම භෝජනයෙක් දෑවාණ කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙනේමය. මෙසේ ඒ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින්............"
ඉතින් කාලේ ගතවෙද්දී මේ දරුවෝ දෙන්නා තරුණ වයසට පත්වෙනවා. මේ දෙන්නාගේ විශේෂත්වය තමා ශරීරය ස්වභාවයෙන්ම කැඩපතක් වගේ ඇතුළ පේන එක. උදාහරණයක් විදිහට කිව්වොත් හරියට වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන දෙයක් පේනවා වගේ. ඒ තරම් සිනිඳු සමක්.
පූජාවලිය ඒක විස්තර කරන්නේ මෙහෙමයි
"මෙසේ වැඩෙන දරුවන් අනුභව කළ යම්ම භෝජනයෙක් දෑවාණ කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙනේමය. මෙසේ ඒ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින්............"
ඒක නිසා ගමේ මිනිස්සු මේ දෙන්නාව හඳුන්වන්නේ "නිච්ඡවි" ඒ කියන්නේ සමක් නොමැති කියන අර්ථයෙන්. ඒක තමා ක්‍රමයෙන් "ලිච්ඡවි" බවට පත්වෙන්නේ. ඒ වගේමයි අතිශය පැහැපත් සමක් මේ දෙදෙනාටම හිමිවෙලා තිබුණා.
ඉතින් මේ දෙන්නාට ගැලපෙන වෙනත් අයව සොයාගන්න බැරි නිසා ගම්වාසීන් එකතු වෙලා මේ දෙන්නාව විවාහ කරවනවා. ඒ වගේම වාසය කරන්න ගමෙන් බැහැර ප්‍රදේශයක මාළිගාවකුත් ඉදි කරලා දෙනවා. මෙහෙම ජීවත් වෙන මේ දෙපළට දහසය වාරයක්ම නිවුන් දරුවන් ලැබෙනවා ගැහැණු සහ පිරිමි වශයෙන්. කාලයාගේ ඇවෑමෙන් එයාලත් විවාහ වුණාම දරුවෝ ලැබිලා මෙයාල ජීවත් වුණු කුඩා ගම ක්‍රමයෙන් නගරයක් වුණා.
මේ විදිහට තුන් වාරයක් ගම්මානය විශාල කරලා නගරයක් කරන්න වුණු නිසා මේ නගරය "විශාලා මහ නුවර" නමින් හඳුන්වන්න පටන් ගත්තා.
මේ ජනපදයට වජ්ජි ජනපදය නමින් භාවිතා කරන්නත් පටන් ගත්තා. ඒකට හේතුව වුණේ අර මුලින්ම හිටියා කුමාරයයි කුමාරියි සෙල්ලම් කරන්න ගියාම ගමේ අනික් ළමයින්ට හොඳ හැටි ගුටි බැට දෙනවා. ඒක නිසා ගමේ ළමයින්ගේ දෙමාපියන් ආදරේට කියන්න පටන් ගත්තා "වජ්ජේ තබ්බා, වජ්ජේ තබ්බා" ඒ කියන්නේ මෙයාලව මෙහෙන් එලවන්න ඕනේ, එලවන්න ඕනේ කියලා.
ඒ වජ්ජේ කියන පදය මුල් කරගෙන තමා "වජ්ජි" කියන නාමය ඇතිවෙන්නේ.
ඒ වජ්ජේ කියන පදය මුල් කරගෙන තමා "වජ්ජි" කියන නාමය ඇතිවෙන්නේ.
මේ වජ්ජි රාජ්‍යය බුද්ධ කාලීන භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයෙන්ගෙන් එකක් වුණා වගේම මෙහි තිබුණේ ගණ සංඝ රාජ්‍යයක් එහෙමත් නැත්නම් සමූහාණ්ඩු ක්‍රමයක්.
ඒ කාලයේ වජ්ජි රාජ්‍යයේ ලිච්ඡවි රජවරු 7707 හිටියා කියලා තමා බෞද්ධ මූලාශ්‍රය කියන්නේ. එකම මවකගෙන් සහ පියකුගෙන් ආරම්භය වුණු නිසා මේ 7707 දෙනාම සමඟියෙන් සිටිය බවයි කියන්නේ.
ඒ කාලයේ වජ්ජි රාජ්‍යයේ ලිච්ඡවි රජවරු 7707 හිටියා කියලා තමා බෞද්ධ මූලාශ්‍රය කියන්නේ. එකම මවකගෙන් සහ පියකුගෙන් ආරම්භය වුණු නිසා මේ 7707 දෙනාම සමඟියෙන් සිටිය බවයි කියන්නේ.
මේ ලිච්ඡවියන්ගේ රාජ්‍ය පාලන මූලධර්මය වුණේ සප්ත අපරිහානි ධර්මය. ඒවා තමා
- නිතර රැස්වීම.
- සමඟිව රැස්ව, සමඟිව කටයුතු කර සමඟිව විසිර යාම.
- නොපැණවූ නීති නොපැණවීම සහ පැනවූ නීති කඩ නොකිරීම.
- වැඩිහිටියන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම.
- කුල කාන්තාවන් ආරක්ෂා කිරීම.
- පූජනීය ස්ථානවලට අවශ්‍ය අනුග්‍රහයන් අඛණ්ඩව සිදු කිරීම
- මහණ බමුණන්ට රාජ්‍යය තුළ රැකවරණය ලබාදීම
ඉතින් ලිච්ඡවියන් සතු වුණු මේ ධර්මතා 7 බුදුන් වහන්සේ පවා අගය කරලා තිබෙනවා. මේ වගේ මූලධර්ම ඇතිකරගන්න නම් මොන තරම් බුද්ධිමත් බවක් ලිච්ඡවියන්ට තිබුණාද කියන එක හිතාගන්න පුලුවන්නේ.
මේ කරුණු එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි.
මම කලින් කිව්වා වගේම බුදුන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට දෙවිවරුන්ට සමාන කරන්නේ අතිශය සිනිඳු පැහැපත් සමක් පිහිටා තිබීම නිසා වගේම ගුණ ධර්ම අතිනුත් ඔවුන් ඉහළ මට්ටමක සිටිය නිසා.
ලිච්ඡවියන් සම්බන්ධ තවත් ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධ කාලීන භාරතයේ හිටිය ෂට් ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් වුණු උග්‍ර අවිහිංසාවාදී වර්ධමාන මහාවීර හෙවත් නිඝණ්ඨනාථ පුත්ත ලිච්ඡවියෙක් කියන එක. කේවලී තත්වයට වයස 42 දී පත්වෙන මහාවීර ජෛන දහම දේශනා කරනවා.
විශාලා මහනුවර කිව්වාම අපේ සිහියට නැගෙන තවත් කතාවක් තමා තුන් බිය කියන එක. ඒ යටතේ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරවලා රතන සූත්‍රය දේශනා කිරීමෙන් පසුව තුන් බිය පහවෙලා නැවතත් සුපුරුදු යහපත් තත්වය ලිච්ඡවි රාජ්‍යයට උදාවෙනවා. මේ සිද්ධිය ගැන බුදුගුණාලංකාරය කෘතියේ ඉතාමත් අලංකාරව විස්තර කෙරෙනවා.
විශාලා මහනුවර කිව්වාම අපේ සිහියට නැගෙන තවත් කතාවක් තමා තුන් බිය කියන එක. ඒ යටතේ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරවලා රතන සූත්‍රය දේශනා කිරීමෙන් පසුව තුන් බිය පහවෙලා නැවතත් සුපුරුදු යහපත් තත්වය ලිච්ඡවි රාජ්‍යයට උදාවෙනවා. මේ සිද්ධිය ගැන බුදුගුණාලංකාරය කෘතියේ ඉතාමත් අලංකාරව විස්තර කෙරෙනවා.
ලිච්ඡවි රාජ වංශිකයන්ගේ අවසානය ගැනත් කතා කළොත් බුද්ධ කාලීන භාරතයේ පැවති සොළොස් මහා ජනපදවලින් ප්‍රමුඛත්වයේ පසුවුණේ මගධ රාජ්‍යය. එහි අධිපතියා වුණු සේනිය බිම්බිසාර රජතුමාගෙන් පස්සේ පුතා වුණු අජාසත්ත තමන්ගේ පියා අනුගමනය කරපු අධිරාජ්‍යය ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙන ගියා.
ඒ අනුව තමන්ගේ ඇමතිවරුන් දෙදෙනෙක් වුණු සුනීධ සහ වස්සකාර ලවා ලිච්ඡවියන්ගේ සමඟිය බිඳ දාලා සප්ත අපරිහානි ධර්ම ලිච්ඡවියන් විසින් නොපිළිගන්නා තත්වයට පත් කරවන්න අජාසත්ත සමත් වෙනවා. අවසානයේදී වසර 16 ක් තිස්සේ පැවති අජාසත්ත ලිච්ඡවි සටන අවසන් වෙන්නේ අජාසත්තට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඒ විදිහටයි බුද්ධ කාලීනව මිහිපිට සිටිය දෙවිවරුන්ගේ අවසානය සිද්ධ වුණේ
ඒ අනුව තමන්ගේ ඇමතිවරුන් දෙදෙනෙක් වුණු සුනීධ සහ වස්සකාර ලවා ලිච්ඡවියන්ගේ සමඟිය බිඳ දාලා සප්ත අපරිහානි ධර්ම ලිච්ඡවියන් විසින් නොපිළිගන්නා තත්වයට පත් කරවන්න අජාසත්ත සමත් වෙනවා. අවසානයේදී වසර 16 ක් තිස්සේ පැවති අජාසත්ත ලිච්ඡවි සටන අවසන් වෙන්නේ අජාසත්තට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඒ විදිහටයි බුද්ධ කාලීනව මිහිපිට සිටිය දෙවිවරුන්ගේ අවසානය සිද්ධ වුණේ
ප.ලි.: විශාලා මහනුවර තුන් බිය ඇතිවීම වගේම අජාසත්ත ලිච්ඡවියන් පරාජය කිරීම කෙටියෙන් ලියලා තියෙන්නේ ඒක එච්චර වැදගත් නැහැ කියලා හිතුණු නිසා. මට මූලිකව කියන්න අවශ්‍ය කළේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට සිටින දෙවිවරුන් විදිහට බුදුන් වහන්සේ හැඳින්වුවේ ඇයි කියන එක ගැන විතරයි
මේ සටහන ලියන්න පාදක කරගත්තේ මයුරපාද පරිවේණාධිපත් බුද්ධපුත්‍ර හිමියන් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථය සහ නාඋයනේ අරියධම්ම හිමියන් විසින් සම්පාදිත රතන සූත්‍රාන්ත දේශනාව කියන ග්‍රන්ථය. මේ සඳහා කටයුතු කළ සියල්ලෝටම පින් අයිති වේවා !!!
හරිම ලස්සන, කවදාවත් නෑසූ කතාවක්.
ReplyDeleteඒ එක්කම මට තව කතාවක් මතක් උනා. ඒ එක වතාවක කැලිෆෝණියාවේ වෙරලබඩක දුටු දර්ශනයක් හන්දයි. අපි හිටපු වාහනය එලෙව්වේ එහි පදිංචි වෛද්‍යවරයෙක්. ඔහු අර රන්වන් සිරුරු ඇතිව මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් සිටි අය පෙන්නලා කීවේ 'මේ ඉන්නේ මිහිපිට දෙවිවරු ' කියලා. ඒ අය ඇත්තටම ලස්සනයි. උස්, රන්වන් පැහැති සමක් තියන, සෘජුව ගමන් කරන , නිතර සිනාසෙන , ප්‍රසන්න මිනිසුන්.
බුදුහාමුදුරුවෝ මොන විදියට ඉන්ට ඇතිද නේද? :D
@ Podi KumarihamiJ
Deleteවෙන්න පුලුවන් වෙන්න පුලුවන්.
අපේ පැත්තේ පන්සලක නේපාලයේ ඉදන් ආපු හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ගේ හමේ පැහැය වගේම කතා කරන විලාශය හරිම ලස්සනයි... දැන් කාලේ නේපාලේ ඉන්න අයගෙන් බුදුන් වහන්සේගේ රූප සොබාවය ගැන සුළු අවබෝධයක් ගන්න පුලුවන්.
ඒත් ඒක 100% ක් ම නෙමෙයි
ඒත් මම නම් පිළිගන්නේ නේපාලයේ නෙවෙයි බුද්ධත්වය සිද්ධවුණේ කියලයි. මම නම් කියන්නේ ඉන්දියානු මහාද්වීපයේ මධ්‍යයේ බුද්ධ ශාසනය පිහිටවීම පිරිනිවීම සහ ඉපදීම වැනි සෑම දෙයක්ම සිද්ධවුනා කියලයි.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteබුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන් පෑම සිදුවුනේ ලංකාවේ කියලත් මතයක් මේ දවස්වල තියෙනවානේ අයියේ.
කොහොම නමුත් මම නම් පුද්ගලිකව මේ විදිහට බුදුන් උපන් ස්ථාන සොයමින් කරන වාදවලට විරුද්ධයි. බුදුන් උපන් ස්ථානය සොයනවාට වඩා උන්වහන්සේගේ ධර්මය පිළිබඳ අවබෝධ කරගැනීම වටිනවා කියලයි මගේ අදහස
"ගණ සංඝ රාජ්‍යයක්" ගණ කියන්නෙ මොකක්ද?
ReplyDelete"කේවලී තත්වයට" මේක තේරුනෙත් නෑ..
බ්න්දුවක් වත් නොදැන සිටි කතාවක් ස්තුතියි.. නමුත් ලිච්ඡවි රජදරුවන් දෙවියන් ලෙස හැඳින්වීමට හේතුවක් මට පෙනුනෙ නෑනෙ... මස් කුට්ටියෙන් බිහිවුන එකද?
ඉතිහාසය කරද්දි සොලොස් මහා ජනපද පාඩ්ම් කරපු හැටි මතක් වුනා.. මට තාමත් කට පාඩම්නෙ..
@ හරී
Deleteබුද්ධ කාලීන භාරතයේ ආණ්ඩු ක්‍රම දෙකක් තිබුණානේ. එකක් රාජාණ්ඩු ඒ කියන්නේ තනි රජෙක් පාලනය කරපු රාජ්‍ය. අනික තමා ගණ සංඝ රාජ්‍ය එහෙමත් නැත්නම් සමූහාණ්ඩු.
මේ ගණ සංඝ රාජ්‍යය කියල හඳුන්වන්නේ රජවරු බොහෝ දෙනෙක් පාලනය සම්බන්ධ වුනු රාජ්‍ය. ඒ ක්‍රමය වර්තමානේ සමූහාණ්ඩු ක්‍රමය වගේ. ඒ විදිහේ ප්‍රධාන ගණ සංඝ රාජ්‍ය බුද්ධ කාලීනව 9 ක් තිබිලා තියෙනවා.
මේ කතාවේ එන ගණ සංඝ රාජ්‍යය වන වජ්ජි දේශයේ පාලනයට රජවරු 7707 ක් ඉදලා තියෙනවා. බුදුන් වහන්සේගේ ජන්ම භූමිය වුණු ශාක්‍ය ජනපදයේ පාලනයට රජවරු 5 ක් ඉදලා තියෙනවා
කේවලී තත්වය කියලා හඳුන්වන්නේ ජෛන දහමේ පත්වෙන්න පුලුවන් උසස්ම තත්වය. උදාහරණයක් විදිහට ගත්තොත් බෞද්ධයන් විදිහට අපි පිළිගන්නවා මනුෂ්‍යයෙකුට පත්වෙන්න පුලුවන් උත්තරීතරම තත්වය බුද්ධත්වය කියලා.
ඒ ආකාරයෙන් ජෛන දහම තුළ ඔවුන්ගේ විශ්වාසය තමා උත්තරීතරම තත්වය කේවලී තත්වය කියලා. ඒ යටතේ කේවලී වුණු මහාවීරතුමා තමන්ගේ දහම දේශනා කරන්න පටන් ගන්නවා. ඒක නිසා කේවලී කියන්නේ කිසියම් ඥාණ තත්වයක් කියලාත් හිතන්න පුලුවන්
ලිච්ඡවියන් දෙවියන් විදිහට හැඳින්වූවේ මේ නිසානේ
"මම කලින් කිව්වා වගේම බුදුන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට දෙවිවරුන්ට සමාන කරන්නේ අතිශය සිනිඳු පැහැපත් සමක් පිහිටා තිබීම නිසා වගේම ගුණ ධර්ම අතිනුත් ඔවුන් ඉහළ මට්ටමක සිටිය නිසා."
මේ වගේ ප්‍රශ්න තමා එන්න ඕනේ. එතකොටනේ කුඩා කරුණු විස්තර කරන්න පුලුවන්. තැන්කු වේවා :)
ස්තුතියි! මම මහ මුලාවකනෙ ඉඳලා තියෙන්නෙ.. ගණ සංඝ කිව්වාම මම හිතුවෙ හාමුදුරුවරු රාජ්‍යය විචාරනවා කියලා..
Deleteසමේ පැහැය නිසාද? මට හිතුනා දෙවියන්ට නෑකමක් තියනවා කියලා.. හැම දෙවියන්ගෙම සම පැහැපත්ද? විශ්ණු දෙවියො??
ජෛන ආගමේ හැටියට ගහකොළ ප්‍රයෝජනයට ගැනීමත් පවක් කියලයි මම අහලා තියෙන්නෙ.. ඒක නිසාද ඒ අය ඇඳුම් නොඅදින්නෙ..
@ හරී
Deleteප්‍රශ්න අහන්න කිව්වයි කියලා ඔහොමත් ප්‍රශ්න අහනවාද :D
සංඝ කියන වචනෙන් එන අර්ථයක් තමා සාමූහිකත්වය වගේ අර්ථය, ඒ වගේමයි භික්ෂූන් කියන වචනයෙන් එන අර්ථයක් තමා භික්ෂාවෙන් ජීවත් වෙන ඒ කියන්නේ පිණ්ඩපාතයෙන් ජීවත් වෙන කියන එක.
බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් මේ ගුණාංග පොදු නිසා මේ වදන් භාවිතා වෙලා තියෙනවා. ඒ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ, බෞද්ධ සංඝයා කියලාත් ගන්න පුලුවන්
ලිච්ඡවියන්ව බුදුන් වහන්සේ සමාන කරන්නේ තව්තිසාවේ දෙවිවරුන්ට. දිව්‍ය ලෝක 6 ක් තියෙනවා කියලා බුදු දහමේ ඉගැන්වෙනවා. ඒකෙන් හොඳම දිව්‍ය ලෝකය තමා තව්තිසාව. ඒකේ තමා මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේලා උපදින්නේ වගේම බෝධිසත්වයන්ගේ මෑණියන් මරණින් පසු උපදින්නේත්. බෞද්ධ සාහිත්‍යයේ නිතර හමුවෙන ශක්‍ර දෙවියෝ තමා ඒකේ අධිපතියා.
බෞද්ධ සාහිත්‍යයේ එන විදිහට නම් දෙවිවරු රන් පැහැ සමක් තියෙන උදවිය. විෂ්ණු දෙවියන් නිල් පැහැතියි කියන එක ගත්තොත් එවැනි සඳහනක් මම දන්නා තරමින් බෞද්ධ සාහිත්‍යයේ නම් හමුවෙන්නේ නැහැ. ඒක හින්දු ආභාෂයත් එක්ක බෞද්ධයන් අරගත්තු දෙයක්.
තවත් විදිහකට මෙහෙම ගන්නත් පුලුවන් විෂ්ණු දෙවියෝ හිටියේ තව්තිසාවේ නෙමෙයිද දන්නේ නැහැනේ :D
ජෛන ආගම උග්‍ර අවිහිංසාවාදී දහමක්. ගහ කොළට පවා පණ තිබෙන නිසා අලුත් තණකොළ පෑගීම, ගස්වල කොළ අතු කැඩීම වගේ දේවල් පවා ඔවුන් කරන්නේ නැහැ.
හුස්ම ගද්දී ඔවුන් මුකවාඩම් බඳිනවා හුස්මත් එක්ක ජීවීන් ඇඟට ඇතුළු වෙලා මියයයි කියලා. ඒ වගේමයි වතුර බොන්න කලින් තුන් හතර පාරක් පෙරාගන්නවා වතුරේ ඉදලා ජීවින් ඇඟට ඇතුළු වෙලා මියයයි කියලා
ජෛනයෝ ඇඳුම් නොඅඳින්නේ ඒකත් ඒ ගොල්ලන්ගේ ශීලයේ කොටසක් විදිහට. ජෛනයන්ට අනුව එයාලගේ ප්‍රධාන අනුගමන මාර්ග දෙකක් තියෙනවා. ඒ ශ්වේතාම්බර ශීලය සහ දිශාම්බර ශීලය කියලා.
ශ්වේතාම්බර ශීලය යටතේ සුදු ඇඳුමක් පමණක් ඇඳගෙන ඉන්න පුලුවන්. කාන්තාවන්ට ජෛන දහම තුළ අනුදැන තියෙන ඒ ශීලය. දිශාම්බර ශීලය රකින් අය කිසියම් දිසාවක් තමන්ගේ වස්ත්‍රය විදිහට පිළි අරගෙන නිර්වස්ත්‍රව ඉන්නවා. කේවලී තත්වයට පත්වෙන්න නම් දිශාම්බර ශීලය රකින්න ඕනේ කියලා තමා මහාවීරතුමා කියන්නේ
තවත් අතකට මේ දිශාම්බර ශීලයෙන් ඔවුන් පෙන්වන්නේ ලැජ්ජාව නැති කළ සියලුම ආශාවන් දුරු කළ වගේ අර්ථයක්
ඇත්තටම මට පුදුමත් හිතෙනවා හසිතගේ දැනුම ගැන. ඒ වගේම හරිම සතුටුයි අපට මෙහෙම ටීචර් කෙනෙක් ඉන්න එක ගැන. :)
Deleteතව ප්‍රශ්න තියෙනවා ටීචර්.. එපා කියන නිසා අහන්නෙ නෑ..
Deleteවිහිලුවට වගේ කියන්නකො.. අර උඩම පින්තූරෙ ශක්‍රයාට ඇස් දාහ ලැබෙන්න කලින් ගත්තු එකක්ද?
ඇස් දාහක් කිවුවෙ ඇත්තටම ඇස් දාහක් නෙමේ.ඒ දෙවියන්ගේ දෘෂ්ඨිය සමාන කරන්න එහෙම කියල තියෙන්නෙ.
Deleteහසිත,
Deleteමම අහල තියන විදියට සියලුම බෝදිසත්ව වරු ඉපදෙන්නෙ දිව්‍යලෝක හයෙන් හතරවෙනි දිව්‍යලෝක වෙන තුසිතයෙදි (චාතුර්මහාරාජිකය,තාවතිංසය(තව්තිසාව), යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය )
"සන් තුසිත" කියන්නෙ තුසිත පාලක දෙවියො ඒ තමයි මතු බුදුවන මෛත්‍රීය බෝදිසත්වයන්වහන්සේ.
වැරදි නම් නිවැරදි කරන්න
@ Podi Kumarihami
Deleteතැන්කු තැන්කු. ඒත් මාව එච්චර උඩ දාන්න එපා "D
@ හරී
Deleteමම දන්න විදිහට ශක්‍රයාට ඇස් දාහක් හම්බවුණු කතාව තියෙන්නේ හින්දු සාහිත්‍යයේ.
මහා බ්‍රහ්මයා විශ්වයේ සියලු සුන්දරත්වය කැටි කරලා මවන ආහල්‍යා [මේ නම නම් එච්චරම මට ෂුවර් නැහැ] ගෞතම කියන සෘෂිවරයාට විවාහ කරලා දෙනවා.
ඒත් ශක්‍රයා ආහල්‍යා එක්ක පවත්වන අනියම් සම්බන්ධතාවය ආරංචි වුනාට පස්සේ ගෞතම සෘෂිවරයා ශක්‍රයාට ශාප කරනවා. ඒ නිසා ශක්‍රයාගේ ඇඟ පුරා ස්ත්‍රී යෝනි 1000 ක් මැවෙනවා.
ඒත් පස්සේ ශක්‍රයා ආයාචනා කරන නිසා ශාපය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැරි නිසා ඒ යෝනි 1000 ඇස් 1000 බවට පත්වෙන්න කියලා ගෞතම සෘෂිවරයා කියනවා.
මේ වැරැද්දට ආහල්‍යාට ලැබෙන දඬුවම තමා ගල් පතුරක් වෙලා ඉන්න වෙන එක. ඒත් කවදා හරි රාම කුමාරයාගේ පයට මේ ගල් පතුර පෑගුනාම සාපේ ඉවර වෙන විදිහට තමා ගෞතම මුනි සාපේ කළේ.
ඒකත් ඒ විදිහටම සිද්ධ වුනා :)
@ කස්ස
Deleteඔයා හරි අයියේ. මගේ අතින් වැරදීමක් වෙලා තියෙනවා.
මතු බුදුවන බෝසත්වරුන් වගේම ඒ බෝසත්වරුන්ට උපත ලබාදෙන මව්වරු මරණයෙන් පසු උපත ලබන්නේ තුසිත එහෙමත් නැත්නම් තුෂිත දිව්‍ය ලෝකයේ.
ඒ වගේමයි අයියා කිව්ව විදිහට මතු බුදුවන බෝසතුන් තුසිත දිව්‍ය ලෝකයේ වාසය කරන සමයේදී හඳුන්වන්නේ සන්තුෂිත කියන නමින් තමා.
ඒත් තුසිත දිව්‍ය ලෝකයේ අධිපතියා වෙන්නේ සන්තුෂිත දිව්‍යරාජයා කියලා සඳහනක් නම් මට හම්බුණේ නැහැ
ස්තුතියි වැරැද්ද නිවැරදි කළාට :)
චතුර්මහා රාජික සහ තාවතින්ස දෙව්ලොව පාලනය ශක්‍ර දේව
Deleteයාම දෙව්ලොව පාලනය සුයාම දේව
තුසිත දෙව්ලොව පාලනය සං තුසිත දේව
නිම්මන රති දෙව්ලොව පාලනය සුනිර්ම්ත දේව
පරනිම්මිත් වසවත්ති දෙව්ලොව පාලනය වසවත්ති මාර දේව
මෙහෙම තමා මම අහල තියෙන්නෙ
@ කස්ස
Deleteස්තුතියි අයියේ මේ ගැන දැනුවත් කළාට...... තවත් මේ ගැන සොයා බලන්න ඔයාගේ මේ ප්‍රතිචාරය පෙළඹවීමක් කළා
ITHAMATH WATINA KATHAWAK
ReplyDelete@ Anonymous 1
Deleteබොහොම ස්තුතියි. ඒ වගේමයි ඉතාමත් වටිනවා නම මොකක්ද කියලා ඊළඟ පාරවත් කිව්වා නම් :D
මං හිතන්නේ මේ ඇනෝ අංකල් මං දන්න කෙනෙක්ද කොහෙද. කී බෝඩ් එකේ කැප්ස් ලොක් එක හිරවෙලා!
Delete@ කතන්දර Kathandara
Deleteකතන්දර ඉස්සරහට කතන්දර හෝම්ස් වෙන්නද යන්නේ :D
1.බුදුහාමුදුරුවෝ මොන විදියට ඉන්ට ඇතිද?
ReplyDeletehttp://dhammamedicine.net/2011/05/06/gold-color/
2.ලිච්ඡවින් කියන්නෙ සමේ සොබාවය නිසා,
"ඡවි" කියන්නෙ සම නේ,
@ Anonymous 2
Deleteමෙන්න පොඩි කුමාරිහාමිට උත්තරේ හම්බවෙලා. ස්තුතියි බුදු හාමුදුරුවන්ගේ සමේ සොබාවය ගැන කියවන්න අපිට සැලැස්සුවාට
ලිච්ඡවියන්ගේ සම ගැන මෙහෙම කියලානේ තියෙන්නේ
"ඒක නිසා ගමේ මිනිස්සු මේ දෙන්නාව හඳුන්වන්නේ "නිච්ඡවි" ඒ කියන්නේ සමක් නොමැති කියන අර්ථයෙන්. ඒක තමා ක්‍රමයෙන් "ලිච්ඡවි" බවට පත්වෙන්නේ. ඒ වගේමයි අතිශය පැහැපත් සමක් මේ දෙදෙනාටම හිමිවෙලා තිබුණා."
//රත්තරන්, ශාස්තෘන් වහන්සේ ගේ පාට යි//
Deleteදෙවෙනි ඇනෝට බොහොම පින්. සිත සැනහිලා ගියා ඒ විස්තරය බලලා.
@ Podi Kumarihami
Deleteසාදු සාදු සාදු මගේත් එහෙමමයි.. පොඩි කුමාරිහාමිටත් හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා වගේ :)
Dhamma medicine is a great site, you can read plenty of articles there using ur vauble time wasting for other useless things....
DeleteTheruwan saranayi!
@ Anonymous 3
Deleteසබ්බ දානං ධම්ම දානං ජිනාති
අනර්ඝ විස්තරයක්. මේ සක්‍රදේවෙන්ද්‍රයා ගැන මගේත් යම් යම් පැහැදිලි කිරීම තිබෙනවා. මේක බැලුවම මටත් ඒක ලියන්න හිතුනා.
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා
Deleteඅනිවාර්යයෙන්ම ලියන්න. අර මම කලින් කිව්වා වගේ අපිත් යන්න කලින් සිංහල බ්ලොග් අවකාශය පුලුවන් තරම් අපේ උරුමයන් සම්බන්ධ දේවල්, අපේ මූලාශ්‍රයවලින් පුරවලා යමු
මේ ගැන මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමයන් විසින් රචිත "මහා පරිනිබ්බාන සුත්‍රය" සිංහ පරිවර්තයේද අනගි විස්තරයක් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ලිච්චවී රජ දරුවන් ගේ රාජ්‍ය පාලන ක්‍රමය උන්වහන්සේ නිදර්ශනයට ගත් අවස්ථා කීපයක්ම ඒ කෘතියේ පෙන්වා දී තිබෙනවා. ඒ පාලන ක්‍රමය තමයි උන්වහන්සේ අනාගත යට පිළිගන්න කියා දී ඇත්තේ.
ReplyDeleteබෞද්ධ ඉතිහාසය ඉතා අනර්ඝ වටිනා සාහීත්‍යය මූලාශ්‍රයක්. එහි නිර්මාණාත්මක අගය මෙතෙකැයි කියන්න බැහැ.
@ දයානන්ද රත්නායක
Deleteබුදුන් වහන්සේ සංඝයා වහන්සේලාගේ පැවැත්ම උදෙසාත් ලිච්ඡවී ධර්ම කීපයක් අනුදැන වදාළා නොවැ. ඒක නිසාමයි මෙපමණ කලක් භික්ෂු ශාසනය වුවත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවතින්නේ...
ලෞකික පාලනයටත් සප්ත අපරිහානි ධර්ම යොදාගන්නවා නම් වටිනාකම කියා නිම කරන්න බැහැ. ඒත් කණගාටුවට කරුණ තමා ලෞකික පාලකයන් බොහෝ විට වගේ පරිහානි ලක්ෂණ අනුගමනය කරන එක
බලාගෙන යනකොට දන්නෙ නැති දේවල් කොච්චර තියෙනවද ????
ReplyDelete@ neetha
Delete20 වන සියවසේ මහා ප්‍රාඥයා වෙන අයින්ස්ටයින් පවා වරක් කිව්වලුනේ "මා දන්නේ මා කිසිවක් නොදන්නා බවයි" කියලා. එහෙම නම් අපි ගැන කවර කතාද :)
ලිඡ්ඡවී රජ දරුවන් ගැන අහලා තිබුනට ඕන් හරියටම දැන ගත්තෙ අද තමා..
ReplyDeleteහසිත මහන වෙලාවත් හිටියද :-) මෙච්චර දැනුමක් ලබන්න බුදු දහම හා ඉතිහාසය ගැන.
@ Senna
Deleteමහණ වෙලා නම් හිටියේ නැහැ. ඉස්සරහට කියන්න බැහැ :)
මෙන්න ලිපි.. ස්තුතියි හසිත හැමදාම වගේ නොදන්නා යමක් ගෙනාවාට. කමෙන්ට් වලින් ගියපු සංවාදය ඉස්තරම්. ස්තුතියි ඒ හරවත් සංවාදයේ යෙදුනු හැමෝටම සහ දෙවන ඇනෝට..
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteහරවත් ප්‍රතිචාරත් එක්ක ගියපු සංවාදය ගැන මටත් සතුටුයි අයියා... ඒ වගේම ස්තුතියි අයියා හැමදාම වගේම දෙන හයියට
බොහෝම වටිනා සටහනක් , නොදැන සිටි කරුණු ගණනාවක් දැන ගන්නට ලැබුණා , බොහොම පිං මේ සරු කරුණු එක් කළාට ...
ReplyDeleteමම, සොඳුරු සුව අසපුවෙන්
@ මහේෂ් නිශාන්ත
Deleteගත හැකි යමක් තිබුණා නම් සතුටුයි. ස්තුතියි ප්‍රතිචාරයට
හරිම වටිනවා..මම දහම් පාසල් ගියා ඒලෙවල් වලින් පස්සෙත් ඒත් මේවගේ දැනුමක් නම් ලැබුනේනැහැ...මේ ගෙනයන කාර්්‍යයට ඔබට පිං..ඒ වගේම තව තවත් මේවගේලිපි ලියන්න කියල ඉල්ලනවා...!
ReplyDelete@ වීපොකුර
Deleteඅගය කළාට ස්තුතියි. මම උසස් පෙළ කරලා දැන් කැම්පස් ඉන්නේ. ඒත් මම තාමත් දහම් පාසල් යනවා :D
ලිජ්චවි රජ දරුවන්ගේ යහපත් රාජ්‍ය පාලන විධි අදත් ආදර්ශයට ගන්න පුළුවන්න නම්..
ReplyDelete@ රූ....
Deleteඅනිවාර්යයෙන්ම අක්කේ. ඒ කරුණු තුන් කාලෙටම වැදගත්. ඒත් ඒක වටහා නොගැනීමයි කණගාටුව
හසිත, ඔබ කරන්නෙ සුලුපටු සේවයක් නෙමෙයි. මෙවැනි අතීත කතා විද්‍යුත් මාධ්‍යයට ගෙනෙන එකම කොච්චර දෙයක්ද. බොහොම ස්තූතියි. ලිච්ඡවි රජ දරුවෙක්ගෙ පින්තූරයකුත් දැම්මා නම් තවත් වටිනවා.
ReplyDeleteකිව්වනම් මගෙ පින්තූරයක් දෙනවනෙ..
Delete@පිණිබිඳු...
Deleteලිච්ඡවි රජ දරුවන්ගේ පින්තූරයක් මම හෙව්වා. ඒත් එහෙම එකක් හම්බවුණේ නැහැනේ අක්කේ. සමහර විට පරණ පන්සල්වල චිත්‍ර අතරේ ලිච්ඡවි රජවරුන්ගේ චිත්‍ර ඇති....
කරන්න තියෙන්නේ තියෙන විස්තරත් එක්ක හිතේ චිත්‍රයක් මවාගන්න එක :)
@ හරී
Deleteහරී අයියා කෑමක් කාපුවාම ඒවා බඩේ තියෙන විදිහ වටපිටාවේ ඉන්න උදවියටත් පේනවාද :D
ලිච්ඡවි රජ දරුවො ගැන මෙච්චර විස්තරයක් කියෙව්වමයි.... ස්තුතියි
ReplyDeleteහසිත තියනවද e-book මේව ගැන.. එහෙම තියනවානම් ලින්ක් එකක් දුන්නොත් හුගක් පිං
@ Mee Godayaa
Deleteමේවා ගැනම e-book එකක් නම් නැහැ. මේ වගේ කතා තියෙන පූජාවලියේ e-book එකක් නම් තියෙනවා. මෙන්න ඒකට පාර.
http://www.ogatharana.org/page3.php
පූජාවලිය වගේම තවත් පරණ පත් සෙට් එකක්ම ඒකෙන් බාගන්න පුලුවන් වෙයි
ගොඩක් ස්තූතියි. ලිපියටත්, කමෙන්ට් එකේ ලින්ක් එකටත්. ඔබ දෙපළටම ජය!
Delete@ ඩ්‍රැකී
Deleteප්‍රයෝජනයක් ගන්න තව කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි :)
ඉතාමත් වැදගත් ලිපියක් ,බොහොම ඉස්තුතියි ඔබ සතු දැනුම අපහට බෙදා දුන්නාට ...
ReplyDelete@ රොබින්
Deleteඉදිරියත් මේ ආකාරයෙන්ම වටිනා කියන දේවල් බෙදලා දෙනවා. එන්න ඕනේ අරන් යන්න
Godaak sthuthiy may danuma beda gaththata..... Mata waradimak welada manda mama ahala thiyanawa ehema mas kuttiyak widihata anith bisaaw waru dauwawa maru karapu kathawak... kohoma unah godaak,pin
ReplyDelete@ දේවා ගේ අඩවිය
Deleteසමහර විට එකම කතා විවිධාකාරයෙන් සකස් වෙන්න පුලුවන් නොවැ.
මම මේ කතාව උපුටා ගත්තේ පූජාවලියෙන්. ඒ ආකාරයටමයි නාඋයනේ අරියධම්ම හිමියන් සකසපු රතන සූත්‍රාන්ත දේශනාව පොතෙත් තිබුණේ.
පුණ්‍යානුමෝදනාවට පින් සිදුවේවා
හොඳ ලිපියක්... අපි නොදැන හිටිය ගොඩක් දේවල් දැනගත්තා... තෑන්ක්ස් මචං...
ReplyDelete@ prasanna86k
Deleteහොඳා හොඳා සන්තෝෂයි සන්තෝෂයි :)
බුදුවරුන් රහතුන් වහන්සේලා සහ දෙවිවරුන් දුටු දකින රහතන් වහන්සේලාත් මාර්ගපල ලාබී හිමිවරුත් තායිලන්තයේ ඈත වනාන්තරවල අදත් ඉන්නවා. මෙතනින් ගිහිල්ල ඒ එක හිමිනමක් ගැන ලියා ඇති පොත කියවන්නකෝ..
ReplyDeletehttp://www.forestdhamma.org/books/sinhala/
@ සරත් ලංකාප්‍රිය
Deleteඅචාන් චා හිමියන්ගේ පොත් කීපයක්ම මම කියවලා තියෙනවා. ඒ පොත් අන්තර්ජාලයේ සිංහල බසින් තියෙන වගක් කලින් දැනගෙන උන්නේ නැහැ. ඔබට බොහොමත්ව පිං මේ ගැන දැනුවත් කළාට
මම බොහෝ කරුණු දැනගත්ත ලිපියක්
ReplyDeleteදෙවිවරු ගැන කුමාර කාශ්‍යප තෙරුන් වහන්සෙ සේතව්‍ය නුවර පාසාසි රජතුමාට කියපු ධර්මදෙශනාවක් දීඝ නිකායෙ මහා වග්ග කොටසෙම පායාසි රාජඤ්ඤ සූත්‍රයෙ තියනව..
"
රජතුමනි,කිසියම් හේතුවකින් අසූචි වලක වැටී ගිලීගිය පුරුෂයකු එයින් ගොඩ ගෙන නාව පිරිසිඳු කොට සුවඳ ගල්වා පංච කාම සම්පත් අනුභව කිරීමට කරයුතු සලස්වා දුන් පසු නැවතත් එම පුත්ගලයා මුලින් වැටී සිටි අසූචි වලට වැටෙන්නට කැමති නොවන්නාක් මෙන් දස කුසල් කොට,සිල් ආරක්ෂා කිරීමෙන් අනතුරුව දෙව්ලොව උපන් කෙනෙක් නැවත අසූචි වලක් බඳු මේ මිනිස්ලොවට ආපසු පැමිණ තමන්ගේ හිතවතුන්ට තමන් දෙවුලොව උපන් බව ප්‍රකාශ කිරීමට මිනිස් ලොවට එන්නාහුද?
රජතුමනි,යොදුන් සියයක් දුර මිනිස් ගඳ දෙවියන්ට දැනෙයි.මිනිස් ගඳ දෙවියන්ට අසූචි මෙන් පිළිකුල් ය."
ඉතින්, බුද්ධ කාලෙ බිහිවෙච්ච බොහෝ මිනිස්සු පින් දහම් අතින් උපරිමයටම ආපු අය.ඒ අයත් දෙවියන්ට අසූව් වගේ නම්.මේ කාලෙ අය ගැන කවර කතාද?එහෙම බැලුවොත් දෙව්යන්ව අපිට බලාගන්න පුලුවන් වෙනව කියන එක හීනයක්.
@ කස්ස
Deleteඒකත් ඇත්ත තමා අයියා. බොහොම පිං ධර්ම කරුණු කීපයක් එකතු කළාට
හසිතගේ බ්ලොග් එක දැනුම් සම්භාරයක් වේගෙන එන්නෙ.....
ReplyDeleteනිච්- ඡවි මෙච්චර කල් මේ වචනේ නිකමට අපේ හිතේ විසන්ධි උනේ නෑනේ!
@ බුද්ධි
Deleteබොහොම ස්තුතියි අයියේ. මේ කතාව ඔයා මීට කලින් දවසකත් කිව්වා වගේ මතකයි. අනාවැකි කියන්න පුරුදු වෙනවාවත්ද :D
ඒ වගේම මේ ලිපිය ලියපු ඔබටත් පිං.. එහෙම කියන්නේ අදත් ගොඩක් දැනුමක් මේකෙන් ලබා ගත්ත නිසා..
ReplyDeleteලිච්ඡවි ඇරඹුම ගැන මමත් ටිකක් අහලා තිබ්බට මෙච්චරම තොරතුරු දැනන් හිටියේ නෑ වගේම ඒවා අමතක වෙලත් තිබ්බේ..
@ Dinesh
Deleteඅමතක වෙලා තිබුණු ඒවාත් මතක් වෙලා මතක්යේ තිබුණු ඒවායේ හිස්තැන් පිරවුනා නම් හොඳයි අයියේ. මේ කතා තව කට්ටියකට කියන්න ඒක ඊටත් වඩා හොඳයි
සෑහෙන්ට වටින කතාවක්...
ReplyDelete@ තරුවා
Deleteඇත්ත ඇත්ත
බොහොම අපූරුයි. ඉතිහාසෙ මේ වගේ සරලව තියෙනවනම් කියවන්න බැරියැ. සමහරවිට ලිච්ඡවියන් වජ්ජි පළාතෙ පාම්පරික වැසියන්ට වඩා පැහැපත් වුණ නිසා ඔවුන් කැපී පේන්න ඇති නේද?
ReplyDelete@ hare :-)
Deleteඔව් අයියේ ඒ පළාතේ වැසියන්ට වඩා ලිච්ඡවියන් පැහැපත් වුණා වගේම අර මම කිව්ව විදිහට සමේ තිබුණු පුදුමාකාර සිනිඳු බව නිසා අනික් මිනිස්සුන්ගෙන් ලිච්ඡවියන් කැපී පේන්න ඇති
වැදගත් ලිපියක් සප්ත අපරිහානි ධර්මය ගැන කොටස නායකත්වය ගන්න අයට විශාල අාදර්ශයක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteනායකත්වය ගන්න අයට වගේම අපිට වුනත් සප්ත අපරිහානි ධර්මයෙන් ගන්න පුලුවන් ආදර්ශ බොහෝමයි
හරිම අපූරු සටහනක්. ලිච්ඡවීන් ගැන මතකය අවදි කළා කිව්වොත් හරි....
ReplyDelete@ ලහිරු
Deleteසතුටුයි.... ඉදිරියේදීත් රැඳී ඉන්න
හසිත ඉතිං ලිව්වොත් ආයි කියවන්නම වෙනවා!!! :)) හැමදාමත් වගේ කතා විලාසය සරලයි... අළුත් දේවල් ගොඩක් දැනගත්තා සහෝ... ජය!
ReplyDelete@ ජංජාල චාමර
Deleteස්තුතියි මිත්‍රයා. මොකද බ්ලොග් එක මේ දවස්වල ලියවෙන්නේ නැත්තේ ??
ලිපිය බලා රස වින්දා!
ReplyDeleteවැඩියෙන්ම කැමති වුනේ අර ජෛන මහාවීර ගේ ආචාර ක්‍රමයටයි. මොකද පොරට අත් උඩට අරං මුද්‍රාවෙන් ආචාර කරන්න නිකං ලැජ්ජා වගේ ඇති නේද?
එහෙම නැත්තං හරියටම මේ විදියට අත තියන් ඉන්න වෙලාවක ඇඳපු ෆොටෝ එකක්ද? නැත්තං නයාගෙන් බේරාගන්න කරන වෑයමක්ද?
දවසේ කතාව..
Delete@ කතන්දර Kathandara
Deleteජෛන මහාවීර දිශාම්බර ව්‍රතය ආරක්ෂා කරපු කෙනෙක් නිසා සම්පූර්ණයෙන්ම නිරුවත්ව තමා හිටියාය කියන්නේ. ඒ වුනත් චිත්‍ර ශිල්පීන් එතුමාව අඳිද්දී ඒ නිරුවත් බව වසං කරන්න එක එක ප්‍රයෝග කරපු බව පේනවා.
මහාවීර සහ මේ නාගයාගේ කතාව මෙහෙමයි. දවසක් මහාවීර ගමනක් යද්දී එක පාරක් නයෙක් ඉන්නවා ඒ පාරෙන් යන්න එපා කියලා මිනිස්සු කිව්වත් මහාවීර ගමන් කරන්නේ ඒ පාරේමයි. ඒ පාරේ ගිහින් නාගයා වාසය කරපු ගුහාව ගාවට ගිය මහාවීර භාවනානුයෝගීව සිටියා. ඒ අවස්ථාවේ එළියට ආපු නාගරාජයා විෂදුම් පිඹිමින් කෝපයට පත්වෙලා හිටියේ.
අන්තිමට මහාවීරගේ කකුලට නාගයා දෂ්ඨ කළාම එතැනින් ලේ වෙනුවට සුදු පාට දියරයක් එළියට ඇවිත් නාගයා වටේට ඒ දියරය ගලා යනවා. ඒ අවස්ථාවේ මහාවීරගේ තිබුණු කරුණාව ඒ දියරයත් එක්කම නාගයටාත් දැනුනු නිසා අවසානයේදී ඒ නාගයාව දමනය කරගන්න මහාවීරට හැකිවෙනවා.
ඒ අවස්ථාව තමා මේ සිතුවමට නගලා තියෙන්නේ
@ ක්සැන්ඩර් | Xander
Deleteඅනේ මන්දා
මං පන්සල් බිතු සිතුවම් වල දැකලා තියෙන විදියට නං ඔය මොන දෙව්ලොව හිටියත් දිව්‍යඅංගනාවෝ එක්කෝ උඩ බාගේ රෙදි නැතුව නැත්තං නිකං සී-තෲ රෙද්දක් පොරෝගෙන නිපල්ස් පෙන්නා ඝෙන තමයි ඉන්නේ.
ReplyDeleteඅර ඒ-කෝන් ගායකයා ගේ වීඩියෝ කතන්දරේ [http://kathandara.blogspot.com.au/2010/03/akon-leaves-la-and-comes-to-sri-lanka.html] මතකද?
අප්පෝ කතන්දර මෙතෙන්ටත් ඇවිත් ගොං කතා කියනවා,
Delete@ කතන්දර Kathandara
Deleteඒ විදිහට දිව්‍යාංගනාවෝ දැක්කාම හරි මිනිස්සුන්ට දිව්‍ය ලෝකේ යන්න ආසාව ඇති කරවන්න කරපු උපායක් වෙන්න බැරි නැහැ
@ Anonymous 4
Deleteඒකටත් ඉතින් අනේ මන්දා තමා
ගොං කතා කියන්නත් කෙනෙක් ඕනි නේ. අනික වෙනත් අයගේ උසස් කතා උසස් වෙන්නේ මගේ ගොං කතාවලට සාපේක්‍ෂව නේද?
Deleteවිහිළු කෙසේ වෙතත් ඇයි එහෙම බුදු මැදුරේ චිත්‍ර ඇන්දේ කියලා ප්‍රශ්නයක් නැගීම කළ යුතු දෙයක් කියලයි මං හිතන්නේ. ප්‍රශ්න නොඅසා ඉගෙන ගන්න බෑ. බුදු හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්ණ නිසා නේද බුදු බණ විශාල ප්‍රමාණයක් කියවෙලා තියෙන්නේ හෂිත?
@ කතන්දර Kathandara
Deleteබුදු හාමුදුරුවෝ තමන්ගෙන් ප්‍රශ්නයක් අහපුවාම විසඳපු ක්‍රම 4 ක් තියෙනවා නොවැ
ඒකාංස ව්‍යාකරණිය - එක එල්ලේම පිළිතුරු දීම
විභජ්ජ ව්‍යාකරණිය - ප්‍රශ්න්ය කොටස්වලට බෙදා විග්‍රහ කොට පිළිතුරු දීම
පටිපූච්ඡා ව්‍යාකරණිය - ප්‍රති ප්‍රශ්න නගමින් පිළිතුරු දීම
ඨපනීය - පිළිතුරු නොදී බැහැර කිරීම.
කෙසේ නමුත් ඨපනීය වූ ලෝකයේ ආරම්භය, මිනිසාගේ ආරම්භ වගේ දේවල් පිළිබඳවත් බුදුන් වහන්සේ කරණු දැක්වීම යම් යම් අවස්ථාවල සිදු කර තිබෙනවා.
බුදු දහම තුළ ප්‍රශ්න නැගීම්ට ලොකු ඉඩක් වෙන් කරලා තිබෙන බව හැබෑව
@ කතන්දර
Deleteමම තැන් කිහිපයකම දැකල තියෙනවා බුද්ධාගමට අපහස වෙන විදියේ කමෙන්ට්. ඔබ දැනට අන්තවාදී පිරිසක් වෙනුවෙන් පෙනී සිටිනවාද එහෙම නැත්නම් ඒ දේවල් ලියන්නේ දැනට කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක් නිසාද? නැත්නම් වෙන මොකක් හෝ ප්‍රශ්නයක් නිසාද?
ඔබ කියන හැම දෙයක්ම සාධාරණ නෑ කියල ඔබට තවම තේරුම ගිහිල්ල නැද්ද?
@කතන්දර
Deleteනොදන්නාකමට නිග්‍රහයන් කිරීමෙන් වෑලකී සිටිනවා නම් හොදයි. නොදන්නවා නම් යමක් ඒ ගෑන විමසා නිහතමානීව දෑනගන්න බලන්න. උඩුගුව කතා නොකොට, තේරුනාද......
ithama watina lipyakin mage manasata niwaradi danumak awabodayak laba dunnata obata pin.. thawa thawath mewan danum apa wetha gena emata obata shakthiya labewa.
ReplyDelete@ Sasitha Pieris
Deleteඔබේ පුණ්‍යානුමෝදනාවටත් පිං. මීට කලිනුත් මේ වගේම ලියපු ලිපි කීපයක්ම බුදු දහම කියන කාණ්ඩය යටතේ තියෙනවා. පුලුවන්කමක් තිබේ නම් කියවලා බලන්න
*
ReplyDeleteදැනුම, භාෂාව සහ ශෛලිය ඉතාම උසස් තත්වයේ තියෙන බ්ලොග් අඩවියක්. පමාවී හෝ මෙය හමුවීම ගැන සතුටුයි. ඔබේ කාලය අනුන්ට දැනුම බෙදාදීමට යෙදවීම ගැන ස්තුතියි!
@ Mundeer
Deleteස්තුතියි අගය කිරීම සම්බන්ධව. පමා වී කිව්වට මම හිතනවා ඔබ තාමත් පමා නැහැ කියලා. ඉදිරියේදීත් අපි හමුවෙමු
මම් නොදන්න මේ කරුණ්U ගැන දැනගන්න ලැබුන එක ගොඩක්ම වටිනවා !!!
ReplyDeleteස්තුතියි මේ කරුණු පෝස්ට් කලාට !!!
@ මධුරංග
Deleteස්තුතියි අයියා හැමදාම වගේ අදත් දීපු හයියට
හරිම වැදගත් ලිපියක්....ආසාවෙන් කියෙව්වා...ගොඩක් කරුණු දැනගත්තා..........
ReplyDelete@ දම්මි
Deleteදැනගත් කරුණු අන් අය අතරෙත් බෙදා දෙන්න. ඒක තවත් වටින කාර්යයක්
Enjoyed reading this, though I'm totally clueless about Buddhism.
ReplyDelete@ shammi
ReplyDeleteRead these posts and get more clues
http://aagiyakatha.blogspot.com/search/label/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%20%E0%B6%AF%E0%B7%84%E0%B6%B8
ගොඩාක් පිං මේ විස්තර වලට. මේ විදියේ විස්තරයක් කොහෙදිවත් අහල තිබුනේ නැහැ.
ReplyDeleteබුදුහාමුදුරුවෝ ප්‍රර්ථනා කරනවා තමන්ගේ රූපේ මේ තුන් ලෝකෙටම පෙනේවා කියල. ඒ වෙද්දී බුදුන් ගැන නොදත් මිනිසුනුත් උන් වහන්සේ දකිනවා. එතකොට අප්‍රිකාවේ වගේ හිටපු වනචාරි මිනිසුන්ට මොනවා වෙන්න ඇතිද? නැත්නම් පොඩි හෝ හික්මීමක් ඇති වෙන්න ඇති ද?
@ අසරණයා
Deleteඅපි සරල උදාහරණයක් ගත්තොත් ලස්සන කෙනෙක්ව අපි දැක්කොත් සද්ද බද්ද නැතිවෙලා එයා ගැන අපේ අවධානය යොමු වෙනවානේ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත, තේජස් සහිත, දුටුවන්ගේ සිත් ඇද ගන්නා වූ බුද්ධ ශරීරයක් දුටුවාම මොන වගේ තත්වයක් ඇතිවෙනවා ඇද්ද ???
බුදු හාමුදුරුවන්ගේ අලංකාර ශරීරයට ආසා කරලා මහණ වුණු වක්ඛලී හාමුදුරුවෝ ගැන අහලා ඇතිනේ අයියා
බොහොම වටින ලිපියක්!අද තමයි ඇත්තටම මේ වගේ දෙයක් දැන ගත්තේ...
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteනොදන්නා යමක් කියාදෙන්න පුලුවන් වුණා නම් ඒ ගැන සතුටුයි මිත්‍රයා
ගොඩක් දේ දැන ගත්තා. ස්තුතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවාට.
ReplyDelete@ Chandana
Deleteස්තුතියි අයියා අගය කළාට :)
හිත සතුටින් පිරුණා මේ කතාව කියවල. එඉටත් වැඩිය හිත පිරුණා මේ කාලේ මේ තරම් පණ්ඩිත රැලක් බුධු ධහම ගැන උනන්දු වෙන එක ගැන. රට ජාතිය ආගම ගැන හිතන පින්වත් පුතුන් මේ ලකේ තව තවත් ඉපදේවා. පින් ලැබෙන්න ඕනේ මතු ආත්මේ නිවන් දකින්න මේ කරන වීර්යට.
ReplyDelete@ Anonymous September 6, 2012 2:11 PM
Deleteමගේ අරමුණ ඉටුවෙන එක ගැන මට සතුටුයි :) ඔබටත් පින් අගය කළාට
ලිච්චවී ධාතු තැන්පත් කර තිබූ බවට ඔබ දමා තිබෙන නටඹුන් තහවුරු කලේ කුමන මූලාශ්‍ර යොදාගෙනදැයි දැනගනු කැමති මිතුර
ReplyDeleteඅනිත් කරුණ දිව්‍යලෝකේ සිට මනුශ්‍ය ලෝකයට වඩින්නට ඉනිමං භාවිතා කිරිම හාස්‍යට ලක්වන කරුණක් නොවේද.
@ Anonymous November 27, 2012 10:13 PM
Delete//....ලිච්චවී ධාතු තැන්පත් කර තිබූ බවට ඔබ දමා තිබෙන නටඹුන් තහවුරු කලේ කුමන මූලාශ්‍ර යොදාගෙනදැයි දැනගනු කැමති මිතුර...//
විකිපිඩියාවේ දක්වා ඇති වෛශාලියේ ලිච්ඡවියන් බුදුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ගොඩනගපු ස්ථූපය කියලා තිබෙන පින්තූරය තමා මේ සඳහා යොදාගෙන තිබෙන්නේ...
//....අනිත් කරුණ දිව්‍යලෝකේ සිට මනුශ්‍ය ලෝකයට වඩින්නට ඉනිමං භාවිතා කිරිම හාස්‍යට ලක්වන කරුණක් නොවේද....//
මේ බෞද්ධ සාහිත්‍යය නොවැ. මෙහි සත්‍ය අසත්‍යතාව විනිශ්චය කරන්න යාම නිරර්ථකයි. අතිශයෝක්ති විය හැකි සේම අනෙක් අතට එසේ නොවන්නටත් පුලුවන්
විශාලා මහනුවර තියෙන්නේ යාල කැලේ
ReplyDeleteOyage blog satahan nisaa godak dewal igena gaththa oyata godak pin
ReplyDelete