ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්
මේ ලිපිය මීට කලින් ලියවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුනාද කියන ලිපියට සම්බන්ධයක් තියෙන නිසා කලින් ලිපිය කියවන්න බැරි වුණා නම් ඒ ලිපිය වගේම ඒ ලිපියට එක්වුණු විවිධ අදහස් ටිකත් කියවලා ආවා නම් මේ ලිපියෙන් කියන්න යන දේ වඩාත් හොඳින් වැටහේවි.
කන්ද උඩරට රාජධානිය ගැන කරුණු එකතු කරලා A Sketch of The Constituton of The Kandyan Kingdom කෘතිය ලියපු ජෝන් ඩොයිලි කෘතියේ ආරම්භ කරන්නේ මේ විදිහට.
"The power of the king is supreme and absolute. The ministers advise, but can not control his will."
රජුගේ [කන්ද උඩරට] බලය උත්තරීතරය, අනගිභවනීයය. ඇමතිවරු ඔහුට අනුශාසනා කරන නමුත් ඔහුගේ අභිමතය පාලනය කිරීමට ඔවුන්ට නොහැකිය.
මේ විදිහට ජෝන් ඩොයිලි කිව්වත් රජතුමාටත් සීමාවන් තිබුණු බවට මේ කතා දෙකෙන් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.
අන්තිම සිංහල රජතුමා විදිහට සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා [1707-1729] තමන්ට අතිශය හිතවත් වුණු විස්සුවේ පනික්කියා කියන බෙරකාරයාට වටිනා කියන හැට්ටයක් [උඩුකය වස්ත්‍රයක්] තෑගි කරනවා.
බෙරවායන්ගේ කුලේ ඒ වෙනකොට කන්ද උඩරට තිබුණු කුල ක්‍රමේට අනුව පහළම ඉදන් 7 නැත්නම් 8 වගේ ස්ථානයක තිබුණු සාමාන්‍යයෙන් පහත් කුළයක්. ඒ අනුව බෙරවායන්ගේ කුලයට උඩුකය වැහෙන්න වස්ත්‍ර අඳින එක වගේම දණ හිසෙන් පහළට වස්ත්‍ර ඇඳීමත් තහනම් කරපු දෙයක්.
මේ බව දැනගත්තු රජතුමාගේ මහා අදිකාරම් වුණු රම්මලක පනික්කියාගෙන් හැට්ටය අරගෙන ඉරා දාලා ඔහුව හිර කරනවා. ඒ වගේමයි රාජ සභාව විසින් රජතුමාට දඩයක් නියම කරනවා. රජතුමා ඒ දඩය මහනුවර මහා දේවාලය විදිහට සැලකුණු විෂ්ණු දේවාලයට ගෙව්වා කියලා තමා කියවෙන්නේ
මේ දෙවෙනි කතාව.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
1747 රාජ්‍යත්වයට පත්වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා [1747-1782] බොහොම ලාබාල වියේ හිටිය කෙනෙක්. මේ නිසා රජතුමාගේ පියා වුණු නරේනප්පා රජ වාසළ තුල ලොකු බලයක් හිමි කරගෙන හිටියේ.
ඒ බලයට උදාහරණ විදිහට 1745 දී කීර්ති ශ්‍රී රාජසිංහ කලින් රජවෙලා හිටිය ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් උඩරට පළාත්වලින් පිටමං කරපු ක්‍රිස්තියානි මිෂනාරීන්ව ආපහු උඩරට රාජධානියට ඇතුල් කරගන්න නරේනප්පා කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ මිෂනාරීන් විසින් නරේනප්පාට ලබා දීපු වටිනා කියන තෑගි බෝග.
ඒ හැරෙන්න 1749 අප්‍රේල් මාසේදි නරේනප්පා ඒවකට මහ අදිකාරම් තනතුර උසුලපු ඇහැලේපොලව [මේ අපි දන්න ඇහැලේපොලගේ තාත්තා] තමන්ගේ ගෙදර ගෙන්වලා කඩුවක් දිගු කරලා බැන වදිනවා.
මේ සිද්ධිත් එක්ක උඩරට රාජ සභාවේ සිටිය රදළයන් තමන්ගේ පුද්ගලික වාද භේද පසෙක දාලා එකතු වෙලා ඒ අවුරුද්දේ ඇසළ මංගල්‍යය නිමා කරපු දවසේ රජතුමා බැහැ දැකලා නරේනප්පාගේ කටයුතු ගැන රාජ සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
අවසානයේදි "රජතුමා රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන්නේ නැත්නම් රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන වෙනත් රජතුමෙක්ව රාජ සභාව විසින් පත් කරගන්නවා" කියලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට තර්ජනය කරනවා.
ඒකෙන් "රාජ්‍යය හැම ලෙසින්ම විනාශ කළ රජතුමාගේ පියාගේ නිරන්තර පීඩාවලින් නිදහස ලැබේ" කියලත් කියනවා.
ඒක නිසා ඩොයිලි කියන තරම්ම යකා කලු නැහැ :))
ගිය සතියේ පළ කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවාදුන් අයට සාපයක් වැදුණාද කියන ලිපියත් එක්කම බොහෝ කතාබහ ඇතිවුනා. රජතුමා කෲර නිසා රජතුමාට ශෝචනීය ඉරණමක් අත්වුණු බව සමහරුන්ගේ අදහස වුනා. ඒ කරුණු තවත් හොඳින් කතා කරන්න කලින් ලිපියේම දිගුවක් විදිහට තමා මේ ලිපිය ලියවුණේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර අත්තනෝමතික පාලකයෙක් කියලා කිව්වත් උඩරට රජුන්ට එවැනි තත්වයකට ඉඩක් තිබුනේ නැහැ ඒ වගේම එවන් තත්වයක් ඇතිවුණා නම් ඒකට රජතුමාට විතරක් දොස් කියන්න බැහැ කියන එක තමා මේ කතාවලින් මතු කරන්න මම උත්සහ කළේ...
මීළඟට පළවෙන්න තියෙන අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට අන්තිමට මොකද වුනේ කියන ලිපියත් කියවන්න එන්න. මේ කරුණු සියල්ලේම සාරාංශය වගේම ඉංග්‍රීසින් අල්ල ගත්තට පස්සේ රජතුමාට මොකද වුණේ කියන එක සවිස්තරාත්මකව ඒ ලිපියෙන් කතා කෙරෙනවා
ගිය සතියේ පළ කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවාදුන් අයට සාපයක් වැදුණාද කියන ලිපියත් එක්කම බොහෝ කතාබහ ඇතිවුනා. රජතුමා කෲර නිසා රජතුමාට ශෝචනීය ඉරණමක් අත්වුණු බව සමහරුන්ගේ අදහස වුනා. ඒ කරුණු තවත් හොඳින් කතා කරන්න කලින් ලිපියේම දිගුවක් විදිහට තමා මේ ලිපිය ලියවුණේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර අත්තනෝමතික පාලකයෙක් කියලා කිව්වත් උඩරට රජුන්ට එවැනි තත්වයකට ඉඩක් තිබුනේ නැහැ ඒ වගේම එවන් තත්වයක් ඇතිවුණා නම් ඒකට රජතුමාට විතරක් දොස් කියන්න බැහැ කියන එක තමා මේ කතාවලින් මතු කරන්න මම උත්සහ කළේ...
මීළඟට පළවෙන්න තියෙන අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට අන්තිමට මොකද වුනේ කියන ලිපියත් කියවන්න එන්න. මේ කරුණු සියල්ලේම සාරාංශය වගේම ඉංග්‍රීසින් අල්ල ගත්තට පස්සේ රජතුමාට මොකද වුණේ කියන එක සවිස්තරාත්මකව ඒ ලිපියෙන් කතා කෙරෙනවා
හසිතගේ බ්ලොගය නිසා ඉතිහාසයේ අප්‍රකට කතා ප්‍රකට වෙනවා.. බලමුකො තව ඉස්සරහට මොන මොන කථා කරළියට එයිද කියලා
ReplyDelete@ හරී
Deleteස්තුති අයියා හැමදාම වගේ දෙන හයියට. ඉස්සරට තව කතා ගොඩක් ලියවෙන්නේ නැති වෙයි. තව ටික දවසකින් මේ කතා මාලාව ඉවර වේවි
ස්තුතිකරන්න වචන නැහැ මල්ලි. ඉතිහාසයේ මේ කතිකාවට මා ඉතාම කැමතියි . ඔය නඩු දෙකෙන් පලවෙනි එක නම් හරිම අසාධාරණයි . එක එක කුලවලට ඇඳුම් අඳින්න නොදීපු එක නම් අපේ ඉතිහාසයේ කළුම කළු පැල්ලමක් . දැන් අපි විතරක් ඕකට ලජ්ජා වෙන්න ඕනෙත් නැහැ . අපේ විතරක් නෙමේ යුරෝපේ පැත්තෙත් ඔය වගේ අසාධාරණ නීති තිබිල තියෙනවා . විශේෂයෙන් ටියුඩර්ලගේ කාලේ හෙම .
ReplyDeleteදෙවෙනි තීන්දුව නම් සාධාරණයි .
ඒ කාලේ ඒ කුල ක්‍රමය නොතිබුනා නම් රට නිවැරදිව පවත්වාගෙන යන්න බෑ.. හරියට දැං කාලෙ පොල් ගහකට නගින්න මනුස්සයෙක් නෑ වගේ.. නමුත් ඒවා මේ කාලෙට අදාල වෙන්නෙ නෑ.. මම මේ කියන්නේ රජ කාලෙ ගැන හොඳද. කුල ක්‍රමයට මාත් විරුද්ධයි.
Delete@ Bindi
Deleteලංකාවේ කුල ක්‍රමය කියන එක රට නිවැරදිව පවත්වා ගෙන යාමට තිබුණු සමාජ වගේම පරිපාලන සංවිධානයක්. ඒ යටතේ ඉහළ කුලවලට වරප්‍රසාද හිමිවෙලා තිබුණා. පහළ කුලවලට කිසියම් වරප්‍රසාද අහිමිවීමක් තිබුණත් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වෙන තරමේ හිංසාකාරී ක්‍රමයක් නම් වුණේ නැහැ.
කොහොම නමුත් ලංකාවේ තිබුණු කුල ක්‍රමය ඉන්දියාවේ තිබුණු කුල ක්‍රමයේ විදිහට පහළ කුලවලට ජීවත්වීමේ අයිතිය පවා අහිමි කරවන එකක් නොවුණා වගේම එංගලන්තේ වගේ රටවල තිබුණු වැඩවසම් ක්‍රමයේදී වංශාධිපතින්ට තමගේ ප්‍රවේණි දාසයන්ව සූරා කරන්න වගේ වරප්‍රසාද දීලා තිබුණු එකකුත් නෙමේ.
මේ කුල ක්‍රමය නිසා රජවරුන්ගේ කාලයේ ආර්ථික අංශය පවා නිවැරදිව පවත්වා ගෙන යන්න උපකාරී වුණා කිව්වොත් නිවැරදියි
@ Kanishka | කණියා
Deleteඔබේ අදහසට එකඟයි. රජ කාලේ තිබුණු කුල ක්‍රමය පරිපාලන, සමාජ වගේම ආර්ථික අතිනුත් ඉහළ වැදගත්කමක් ගත්තු ආයතනයක්. ඒ ඒ කුලවලට නිශ්චිත කාර්යයන් පවරාදීම තුළින් රාජ්‍යයේ කටයුතු ක්‍රමවත්ව පැවතුණා.
උදාහරණයක් විදිහට රජතුමා මියගිහින් රාජ්‍යයේ ඉහළ අංශය අකර්මණ්‍ය වුණත් මේ කුල ක්‍රමය නිසා අනෙක් පරිපාලන වගේම ආර්ථික කටයුතු ගැටළුවක් නැතුව කරගෙන යන්න පුලුවන් වුණා
බලාගෙන ගියාම තිබුණු රාජාණ්ඩු ක්‍රමයත හිටපු රාජ සභාවත් දැනට වඩා හොඳයිනේ...
ReplyDeleteස්තුතියි මේ දේවල් ලිවීම සම්බන්ධයෙන්
@ ඉඳුනිල්
Deleteඅනිවාර්යයෙන්ම. මේ කතාවට එකතු නොකළ කොටසක් කිව්වොත් රාජ සභාවේ අනුමැති හිමිවෙන තැනැත්තා තමා මීළඟ රජතුමා විදිහටත් පත් කෙරුණේ.
උදාහරණයක් විදිහට කිව්වොත් රාජාධිරාජසිංහගෙන් පසුව රජවෙන්න නියමිත සුදුසුකම් සපුරලා තිබුණේ මුත්තුසාමි කුමාරයා. නියමිත සුදුසුකම් කිව්වේ අග බිසවගේ සොයුරා වුණා වගේම තවත් බිසෝවරු කීප දෙනෙක්ගෙත් සොයුරා වුනේ මුත්තුසාමි.
ඒත් පිළිමතලාවේ උපක්‍රමශීලීව කන්නසාමිට රාජසභාවේ සහය ලබාදීපු නිසා මුත්තුසාමිට වුනේ ජීවිතය බේරගන්න ඉංග්‍රීසින් වෙතට පලායන්න.
අපි නොහිතන දේවල් ඉතිහසය පුරා වෙලා තියෙනවනෙ.....
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteඒක ඇත්ත. මවා පාන දේවල්වලට වඩා කරුණු කාරණා වඩාත් හොඳින් හොයලා බලලා හිතලා බලද්දී නොහිතා දේවල් වෙලා තියෙන බව තේරුම් ගන්න පුලුවන්
මාරයි නෙ.... සමහර ඒවා ඇහුවෙත් අදමයි... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteමාර නෑ මාර නෑ. තව ඉස්සරහට තව ටිකක් තියෙනවා. ඒවා මීටත් වඩා මාරයි :D
රජාටත් දඩ ගහපු රටක් නෙවැ මේක.... එළ එළ හසියා. පට්ට
ReplyDelete@ Prabhath Darshana
Deleteදඩ ගහපු එක පැත්තකින් තියපන්කෝ. සෙල්ලම්ද රජකමෙන් පන්නනවා කියලා රජතුමාට "තග" දාද්දී :D
කවුරු ලියපු ඉතිහාසෙද හරි කියල කවදාවත් අපට හොයාගන්න අමාරුයි. එහෙම වෙන්නෙ ලිඛිත ඉතිහාස මූලාශ්‍ර කොතනින් හරි පක්ෂග්‍රාහී වෙන හින්දා. ඇත්ත තත්ත්වෙ කොයිතරමකට ඒවයෙ ලියවිලා තියෙනවද කියල අපි දන්නෙ නෑනෙ. ඒ නිසා සේරම දේවල් ආශ්‍රයෙන් 'මේ වගේ වෙන්න ඇති' කියල හිතාගන්න එක තමා වඩා හොඳ.
ReplyDeleteපුද්ගලිකව මමත් හිතන්නෙ නෑ අත්තනෝමතික රජෙක්ට වැඩිකල් පාලනය කරන්න පුළුවන් වුණා කියල. ලංකාවෙ විතරක් නෙවෙයි. වෙනත් රටවල පාලකයන් ගැන අහල තියෙන කතාවලදි වුණත් රජා ඕනවඩා වඩා ලොකු වෙන්න යද්දි ඇතුලෙන්ම ගේමක් දීල තියෙනවා නේද?
හැබැයි ඔය වටේ ඉන්න මණ්ඩලේ ෂේප් කරගත්ත රජෙක්නම් අත්තනෝමතිකව වුණත් සෑහෙන්න කාලයක් වැජඹෙන්න ඇති!
@ hare :-)
Deleteඔයා කියන කතාවට එකඟයි අයියා. රජතුමා ඕනවට වඩා එන්න යද්දී ඒක වළක්වන්න වගේම බලතල හැමෝගේම තුලනව පවත්වා ගෙන යන්න වර්තමානේ කීයන "සංවරණ හා තුලන ක්‍රමය" check and balance theory ඒ කාලෙත් වෙලා තියෙනවා වගේ :)
"වටේ ඉන්න මණ්ඩලේ ෂේප් කරගත්ත රජෙක්නම් අත්තනෝමතිකව වුණත් සෑහෙන්න කාලයක් වැජඹෙන්න ඇති!"
ඔව් අයියා එහෙම වෙන්නත් පුලුවන්. එහෙම නම් රජතුමාට විතරක් කෲරයි අත්තනෝමතිකයි කියන එක වැරදියි. ඒක තමා මට කියන්න අවශ්‍ය වුණේ
මම රජ්ජුරුවන්ගේ පියා ගැන කතාව නම් අහලා තිබ්බේ නෑ. බොහොම වටිනා කතාවක්. ස්තුතියි.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteකීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ තාත්තා වුණු නරේනප්පා තමා රාජාධිරාජසිංහ රජතුමාගේත් තාත්තා වුණේ
කලින් ලිපියේ කතාව කලින් අහලා තිබුණු නිසා කමෙන්ට් කලේ නැහැ. මේ ගැන නම් මම කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ ම බොහොම ස්තුතියි යාලුවා මේ විදියේ තොරතුරු වලින් අපිව දැනුවත් කරනවාට..
ReplyDeleteකවුරු කොහොම කිව්වත් අපේ සංස්කෘතිය එක්ක ඒ පාලන ක්‍රමය බැඳිලා තිබුනා. එක එක අයගේ උවමනා එපාකම් ඉටු කරන්න අපේ පාලන ක්‍රමය විනාශ කරගෙන, එයින් ම සංස්කෘතිය බිඳ වට්ටගෙන දැන් ඉතින් අපි කෑ ගහනවා දැන් රට බල්ලට ගිහින් කියලා! ඒක එදත් වුණා. අදත් වෙනවා. පුළුවන් නම් හෙට එහෙම නොවෙන්න වග බලා ගමු!
ජය!!
සහතික ඇත්ත.
Delete@ රැංගෝ
Deleteකලින් ලිපියේ කතාව කිව්වේ ??
අපේ සංස්කෘතිය, පාලනය, ආගම, ආර්ථිකය වගේ හැමදේම එකිනෙකට ඒකාබද්ධ වෙලා තිබුණේ. රටේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්ක ඒ ඒකාබද්ධතාවය බිඳවට්ටලා කරපු විනාසේම තමා තාමත් මේ තියෙන්නේ. ඒ විනාසෙන් මිදෙන්නේ නැතුව තව තවත් විනාසෙටම යන එක තමා කණගාටුව
නියමයි මල්ලී . . .බොහෝම ස්තූතියි මේ ලිපි වලට . .
ReplyDelete@ දුකා
Deleteබොහොම ස්තුතියි ලොකු අයියා. මේ ලිපියේ අන්තිම එක මේ මේ ඉරිදාට කියවන්නම එන්න. හොඳම හරිය තියෙන්නේ ඒකේ :)
හසිත කරන්නේ ලොකු සේවයක්.. ඇත්තටම මේව දන්න අය ඉන්නවනම් බොහොම සුලු පිරිසක්... මේ දේවල් පාසල් ලමුන් අතරට ගෙනියන්න සාර්ථක ක්‍රමයක් තියෙනවනම් කියල හිතුනා ( නිකමට වගේ )
ReplyDelete@ Mee Godayaa
Deleteබොහොම ස්තුතියි අගය කළාට. මේ දේවල් පාසල් ළමුන් අතරට යන්න ඕනේ හැකිතාක් ශ්‍රව්‍ය මාධ්‍යයටත් වඩා දෘශ්‍ය මාධ්‍යයෙන්. ඒ කිව්වේ මේ රූප වගේ දේවල් හැකිතාක් ඉදිරිපත් කරමින්. එහෙම නැත්නම් මේවා තරම් වෙන මොකවත් බෝරින් වෙන්නේ නැතිවෙයි :)
ඒකට ඕන කරන සම්පත් හැම පාසලකම නැති එක තමා ගැටලුව. ඒත් මේ වෙද්දී සිංහල බ්ලොග් අවකාශය වගේම ෆේස්බුක් එකත් පාසල් ළමයි අතික්‍රමණය කරලා තියෙන නිසා යම්තාක් දුරකට මේ ගැටළුව විසඳිලා කියලා හිතනවා
වටිනා ලිපියක් පලකලාට පින් ....
ReplyDelete@ රොබින්
Deleteපීන් අනුමෝදන් කරගමි. මීළඟ ලිපියත් කියවන්න එන්න :)
බොහොම වටිනවා......
ReplyDeleteදිගටම මේ වැඩේ කරගෙන යමු.
@ උදාර
Deleteස්තුතියි. මේ ලිපිවලට අදාළව තව ලිපියක් මේ ඉරිදා පළ කරන්නයි ඉන්නේ. ඒක කියවන්න එන්න. හොඳ හරිය තියෙන්නේ ඒකේ. ඒ වගේමයි තවත් මේ වගේ අප්‍රකට කතා කීපයක් ලියවේවි
ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ගැන කියවනකොට මතක් උනේ,,සෙලින්කෝ බිල්ඩින්ග් එක ලග තියන සිහිවටනය රජතුමාව පිටුවහල් කරන්න මොහොතකට කලින් එතන රදවලා තිබුනා කියලා ඒ සිහිවටනය හදලා තියෙන්නේ,,
ReplyDeleteගොඩක් ලස්සනයි මේ කතා සෙට් එක හසිත
@ ItalyDilan
Deleteමේ සතියේ ඉරිදා පළකරන්න හිතාගෙන ඉන්න අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුනේ කියන ලිපියේ කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ල ගාව තියෙන සිහිවටනේ ගැනත් කියන්න තමා ඉන්නේ.
ඒ කතාවත් කියවන්න එන්න
ගොඩක් වටිනවා අයියේ මේ වගේ නොදන්න අපේ ඉතිහාසය ගැන කියලා දෙනවට...
ReplyDelete@ තරුවා
Deleteතව තවත් අයට මේ කතා කියාදෙන්න. ඒක තවත් වටිනවා මලයා :)
මේ කතා දෙකම ඉස්ස ඉස්සෙල්ලාම දැනගත්තේ අදමයි. ගොඩක් ස්තුතියි මලේ !
ReplyDelete@ මධුරංග
Deleteනොදන්නා යමක් දැනගත්තා නම් ඒ ගැන සතුටුයි අයියා :)
වටින විස්තරයක්......
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteබොහොම ස්තුතියි
මම අහල තියන විදියට අපේ අන්තිම රජතුමාත් බේබද්දෙක්. ෂොට් එකක් දාලලු බරපතල තීරණ අරගෙන තියෙන්නෙ. වෙන්ඩත් පුළුවන්.
ReplyDeleteදැන් රජතුමාගේ අනුවණ තීරණ වලටත් ෂොට් එක හේතුවක්ද?????
@ දූපත් වැසියා
Deleteරජතුමා බේබද්දෙක් වුණු කතාව ඇත්ත. ඒකේ නිධාන කතාවත් එක්කම ඔක්කොම විස්තර මේ ඉරිදා පළවෙන "අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ" ලිපියේ තියෙනවා. ඒක කියවන්න එන්න
අනිවා,,,
Deleteරජතුමාගෙ තාත්තගෙ කතාව ඉස්සරවෙලා ම ඇහුවෙ අදයි!
ReplyDelete@ ලහිරු
Deleteමම කලිනුත් කිව්වා වගේ මේ රජතුමාගේ තාත්තම තමා රාජාධිරාජසිංහගෙත් තාත්තා
වටිනා බ්ලොගයක් මාත් අද ඉදන් පස්සෙන් එනෝ ............
ReplyDelete@ සචිත්
Deleteසන්තෝෂයි සන්තෝෂයි :)
අදත් වටිනා විස්තරයක්. මට මේ රජවරුන්ගේ නම් මතක තියාගන්න හරි අමාරුයිනේ.
ReplyDelete@ අසරණයා
Deleteමමත් මේ වැඩේට බැස්ස කාලේ රජවරුන්ගේ නම් මතක තියාගන්න එක අමාරු වුණා. ඒත් මේවා ඔක්කොම කතන්දරේ වගේ මතකේ හිටියට පස්සේ ප්‍රශ්නයක් වුණේ නැහැ
හැමදාම වගේ මේ ලිපියත් නියමයි සහෝදරයා
ReplyDelete//"The power of the king is supreme and absolute. The ministers advise, but can not control his will."// මේක අද කාලෙට නම් අදාලයි වගේ :ප
@ පුබුදු
Deleteසමහර විට ඩොයිලි ලංකාවේ ඉස්සරහට ඉන්න රජවරු [?] ගැන හිතලාද දන්නේ නැහැ එහෙම කිව්වේ :D
අවංකව කියන්නම් හසිත මලයා.. මේ තොරතුරු මම අහුවේ ඉස්සෙල්ලම.. උඹට කෝම ස්තූති කරන්නද මන්දා..
ReplyDelete@ Dinesh
Deleteඅයියෝ ස්තුති කරන්න ඕනේ නැහැ අයියා. මේ කරුණු තව අය අතරේත් බෙදා හරින්න. ඒක මට කරන ස්තුතියක් වගේම අපේ ඉතිහාසෙටත් කරන ලොකු සාධාරණයක්
සර් වෙත ආදරයෙන් දැනුම් දීමයි.
ReplyDeleteපහුගිය සතියේ, අපේ පිලිතුරුවල හරි වැරදි බලා නැති නිසා, පන්ති වර්ජනය කිරීමට සිතුවෙමු. :)
//ඒ අනුව බෙරවායන්ගේ කුලයට උඩුකය වැහෙන්න වස්ත්‍ර අඳින එක වගේම දණ හිසෙන් පහළට වස්ත්‍ර ඇඳීමත් තහනම් කරපු දෙයක්.//
දැන් කාලේ ගෑනු ලමයි අඳින්නේ (ඒ කියන්නේ දණහිසෙන් උඩට සහ උඩු කය නොවැසී..) මේ වගේ ඇඳුම් නෙමේද කියලා හිනා ගියත් එක්ක.
රජවරුන්ට මෙහෙම කරපු එක නම් හොඳම හොඳයි.
@ Podi Kumarihami
Deleteපහුගිය සතියේ කිව්වේ "සක්කර දෙයියන්ගේ" කතාවද ??? ඒකට හෙමින් සැරේ උත්තර දෙන්න තමා හිතාගෙන ඉන්නේ
දැන් කාලේ ගෑණු ළමයි ඒ කාලේ හිටිය නැති එක හොඳා. නැත්නම් මිනිස්සු හිතනවානේ මෙච්චර කොටට අඳින්නේ පහළ කුලේ අය කියලා :D
Podi K and Hasitha,
DeleteWhat about the Sigiri apsaras? Isn't that attire anything like the clothes women used to wear in those days? Imagine what it must have been like when the rock heats up in the noonday sun? I'd want to throw everything off and jump in the bathing pond.
I thought today's dress codes were a result of Muslim and Victorian influences. Are there any records of female (and male)clothing trends over the years?
@ ශම්මි
Deleteඔයාගේ ප්‍රශ්නත් කතා දෙකක් මතක් වුනා. උඩුකය නිරුවත් සීගිරි රූප අතරේ උඩුකය වසාගතත පිරිසකුත් ඉන්නවානේ. ඒ නිසා ඒ ගැන මත දක්වන්නේ උඩුකය ආවරණය කරගත්තු පිරිස රජතුමාගේ බිසෝවරු හෝ දූවරු කියලා. උඩුකය නිරාවරණය කරගත්තු අය ඔවුන්ගේ සේවිකාවන් කියලා මතයක් තිබෙනවා.
අනික් කතාව මතක් වුනේ ඔයා කියපු මුස්ලිම් හා වික්ටෝරියානු ආභාෂය කතාවත් එක්ක. මීට් කාලෙකට කලින් සිංහල blog එකක් තිබුණා "කොලූගේ ලියමන්" කියලා. ඒකේ තිබුණු කතාවක් තමා අතීතයේ කාන්තාවන් උඩුකය ආවරණය කිරීම "අසභ්‍ය" ක්‍රියාවක් විදිහට සැලකුවායි කියන එක.
දැන් කාලේ විදිහට උඩුකය නිරාවරණය කරගෙන ඉන්න එක අසභ්‍ය වුණත් ඒ කාලේ ඒක සභ්‍ය විදිහටයි පිළි අරගෙන තියෙන්නේ.
I remember reading a few funny and informative posts of Kolu's. Then he was hacked, I believe.
Deleteනොදන්න දේවල් ගොඩක් අදත් ඉගෙනෙ ගත්තා. ස්තුතිය්!
ReplyDelete@ Anonymous 1
Deleteසතුටුයි. මේ ඉරිදා කතාවත් අනිවාර්යයෙන්ම කියවන්න එන්න.
ඇත්තටම ගොඩක් ආශාවෙන් කියවන ලිපි පෙළක් මේක.....
ReplyDeleteඉතිහාසය වරද්දා උගන්වන මේ යුගයේ සෑබෑ ඉතිහාසය පැහැදිළිව අපට කියාදෙනවාට ඔයාට පින් සිදු වෙනවා..
වෙන කියන්න දෙයක් නෑ මල්ලී....
@ දම්මි
Deleteමේ ලිපි පෙළ ලියන එකේ මුල් අරමුණ වුනේ අප්‍රකට කතා කියන්න. ඒත් ක්‍රමයෙන් ඒක වරද්දලා කතා කරන, නිවැරදිකරුවන් වැරදිකරුවන් කරන ඉතිහාසයට එරෙහි වෙන කතා මාලාවක් වුණා..
ඉදිරි කතා කියවන්නත් එන්න අක්කේ :)
අපේ රටේ ඉතිහාසෙ මුල ඉදලම දෙන්න පුලුවන්නම් නියමයි අයියෙ..
ReplyDelete@ ::: DeadMan :::
Deleteබලමු මලයා. ලංකාවේ මුල ඉදන් ඉතිහාසය ලියන කීප දෙනෙක්ම ඉන්නවානේ. එක් කෙනෙක් සයුරි අක්කා. අනික් කෙනා යසිරු කියලා මල්ලි කෙනෙක්.
අනික් කතාව ඉතිහාස්යේ මුල හරිය රාවණාවාදීන්, යක්ෂ ගෝත්‍රිකවාදීන් දැණ් අච්චාරුවක් කරලා තියෙන නිසා මට නම් ඒ හරිය එපාම වෙලා තියෙන්නේ....
බලමුකෝ ඉස්සරහට මොනවද කරන්න පුලුවන් කියලා. ස්තුති අදහසක් දුන්නාට :)
හසිත, හැමදාම කියනව වගේ හරිම වටින ලිපිපෙලක්,ආසාවෙන් කියවන්නෙ,ඇත්තටම බ්ලොග් අවකාශෙ වටින්නෙ මේවගේ හේතු නිසාතමයි.. මට හිතෙන්නෙ මම දහම් පාසලේ උගන්වන කාලෙ මේව දැනගෙන හිටියනම් කොච්චර වටිනවද..?
ReplyDelete@ වීපොකුර
Deleteකියවීම මිනිසා සම්පූර්න කරයි කියන කියමන කාලයක් අපේ අය කිව්වනේ "බ්ලොග් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි" කියලා :D
දහම් පාසලේ උගන්වන කාලේ දැනගෙන හිටියේ නැතත් මේ කාලේ හරි මේ කරුණු කාට කාට හරි කියාදෙන්න බලන්න
තාමත් ඔය ඇතැම් කුළ වල පිරිමි ඇඳුම් අඳින්නේ ඒ විදියටයි.
ReplyDeleteඉතිහාසය දැනගෙන තියෙන්නේ පොතින් පතින් එක්ත් විෂය නිර්දේශයට අදාලව ඒත්
ඉතිහාසයේ සැඟවුණ මේ කතා කතා දැනගත්තේ ආගිය කතා කියවන විටයි
@ දයානන්ද රත්නායක
Deleteඒක ඇත්ත අයියේ. ඒ විදිහට අඳින්න හේතුව තවමත් සමාජෙන් එයාලට කරන බලපෑම වෙන්න පුලුවන්. ඒත් නැත්නම් කාලාන්තරයක් තිස්සේ වුණු පුරුදු අත්හැර ගන්න බැරි නිසාත් වෙන්න පුලුවන්
තවත් සැඟවුණු කතා ඉදිරියට තියෙනවා. එන්නකෝ මේ පැත්තේ
ඒ දවස් වල හැටියටනම් ඒ කුල ක්‍රමය හොඳයි. පරිපාලනමය වැදගත්කමක් තිබුන නිසා. ඒත් අදටත් ඔය රාජධානිය පැවැති ප්‍රදේශවල ඔය කුල ක්‍රමය නිසා ඇතිවෙලා තියන සමාජීය ප්‍රශ්ණ ගැනනම් හරිම කනගාටුයි.
ReplyDeleteහසිත මේ කරන බ්ලොග් එක ඔය සම්භන්ධව ඉගන ගන්න අයට වටින කියන දැනුම් ආකරයක්. කාලෙක ඉඳන් තුබුනු අඩුවක් පිරවීමක්.
ඉස්සර ඉස්කෝලෙදි එපාවෙච්චි ඉතිහාසයට ආයෙත් ආසාව ඇතිකලෙ හසිතයි, පහන් යායෙ සයුරි ටීචයි. මන් ගොඩක් කල් ඉඳල මේ පැත්තෙ එනව. ඒත් ඇවිත් හොරෙන් යනව. අද තමයි මුල්ම කොමෙන්ට් එක.
@ සඳ
Deleteකුල ක්‍රමය මම කලිනුත් කිව්වා වගේම පරිපාලන සහ ආර්ථික ක්‍රමයක් විදිහට ලොකු වටිනාකමක් තිබුණු දෙයක්. ඒත් ඔයා කිව්වා වගේම බුදු හාමුදුරුවන්ට වඳින මිනිස්සුම උන් වහන්සේ දේශනා කරපු වසල සූත්‍රය අමතක කරලා කරන වැඩ ගැන නම් කණගාටුයි.
හොරෙන් ආවත් අද ඉදන් Official එන එක ගැන සතුටුයි. තේ ටිකක්වත් බොන්න දෙන්න තිබ්බා නම් හොඳයි :D
These are the little bits that bring history alive. Helps you get a feeling of how it must have really been like.
ReplyDelete@ ශම්මි
Deleteඔව් අනිවාර්යයෙන්ම :)
නියමයි හසිතයියේ...
ReplyDeleteමේක මං දැනං හිටියේ නෑ..
ගොඩක් පිං...
@ තරියා අබේ
Deleteස්තුති මලයණ්ඩි. නොදන්නා යමක් දැනගත්තා නම් ඒ පිළිබඳව මාගේ බලවත් සංතෝෂය :)