සර් ජෝන් ඩොයිලි
මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත්, ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා
කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව
ග්‍රහණය කරගන්න පුලුවන් වේවි.
ඔබ 1815 ඉංග්‍රීසින් උඩරට දිනාගැනීම සම්බන්ධ කතා පුවත් කියවනවා නම් ඔබට අනිවාර්යයෙන්ම හමුවෙන නමක් තමා සර් ජෝන් ඩොයිලි කියන නාමය. කවුද මේ ජෝන් ඩොයිලි කියන එක සොයලා බැලුවොත් 1815 ඉදන් උඩරට ඉංග්‍රීසින්ගේ නේවාසික නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා කියන එකත් දැනගන්න ලැබේවි.
ඔබ 1815 ඉංග්‍රීසින් උඩරට දිනාගැනීම සම්බන්ධ කතා පුවත් කියවනවා නම් ඔබට අනිවාර්යයෙන්ම හමුවෙන නමක් තමා සර් ජෝන් ඩොයිලි කියන නාමය. කවුද මේ ජෝන් ඩොයිලි කියන එක සොයලා බැලුවොත් 1815 ඉදන් උඩරට ඉංග්‍රීසින්ගේ නේවාසික නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා කියන එකත් දැනගන්න ලැබේවි.
ඒත් ජෝන් ඩොයිලි කියන්නේ ඊටත් වඩා වැදගත් පුද්ගලයෙක්. සරලවම කිව්වොත් 1815 ඉංග්‍රීසින්ගේ උඩරට ජයග්‍රහණයේ මහ මොළකරු වුනේ ජෝන් ඩොයිලි. අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කෙරෙන්නේ මේ මහා මොළකරු වුණු ජෝන් ඩොයිලි සම්බන්ධව.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
1774 ජූනි 11 එංගලන්තයේ සසෙක්ස්වලදී උපත ලබපු ජෝන් ඩොයිලි දේවගැතිවරයෙක් වුණු මැතියස් ඩොයිලිගේ දෙවෙනි පුත්‍රයා වුණා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරපු ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ පළමු උපාධිය 1796 දී හිමිකරගන්නවා.
ලිවර්පූල් සාමිවරයා
ඒ වෙද්දී ඉංග්‍රීසින් යටතේ පාලනය වුණු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන කටයුතු සඳහා ඩොයිලි 1801 දී ලංකාවට එනවා. ඒ වනවිට යටත් විජිත බාර ලේකම් වුණු ලිවර්පූල් සාමිවරයාගේ [පසුව බ්‍රිතාන්‍යයේ අගමැති] නියෝගයක් අනුව ඩොයිලි ලංකාවට පැමිණි බවයි කියවෙන්නේ.
ෆ්‍රෙඩ්රික් නෝර්ත්
මේ වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ ෆ්‍රෙඩ්රික් නෝර්ත්. ඉංග්‍රීසි සිවිල් සේවකයන්ට සිංහල භාෂාව හොඳින් ඉගැන්විය යුතුයි කියන නෝර්ත්ගේ සංකල්පය නිසා මුල්ම අවස්ථාවේ ඩොයිලිට සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙනවා. ටික දවසක් කොළඹ නගරයේ සිවිල් පාලනය ගැන පුහුණුවක් ලබන ඩොයිලි හා හාපුරා කියලා වැඩ භාරගන්නේ මාතර ප්‍රදේශයේ මුදල් අයකැමියා [Collector] විදිහට.
ඩොයිලි මාතර හිටිය කාලේ කරතොට ධම්මාරාම කියන උගත් භික්ෂූන් වහන්සේගෙන් යටතේ වැඩිදුරටත් සිංහල භාෂාව, පාලි භාෂාව, සිංහල සංස්කෘතිය ආදී ලාංකික දැනුම් පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ බවයි කියවෙන්නේ
ගජමන් නෝනා
ඩොයිලි ඒ කාලේ මාතර ප්‍රදේශයේ හිටිය ගජමන් නෝනා සහ ඇලපාත මුදලි වැනි කවියන් එක්ක සමීප ඇසුරක් පැවැත්වුවා වගේම කවි සංවාද පවත්වන්න තරම් හපන්කමක් තිබුණා කියලා තමා කියන්නේ. ගජමන් නෝනාට ඩොයිලිට ලියූ කවි එහෙමත් තියෙනවාලු. ගජමන් නෝනා ගැන පැහැදුණු ඩොයිලි ගජමන් නෝනාට "නෝනාගම" නින්දගමක් විදිහට දුන්නු බවත් කියවෙනවා
ඊට පස්සේ ගාල්ලේ මුදල් අයකැමියා විදිහටත් ඩොයිලි කටයුතු කරනවා. ඒ දවස්වල මේ තනතුරුවලට අධිකරණ බලයක් පවා තිබුණු නිසා මේ තනතුරු වැදගත් තනතුරු කියලා හිතාගන්න පුලුවන්.
තෝමස් මේට්ලන්ඩ්
1805 ලංකාවට පත්වෙලා එන අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් ඩොයිලිව ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට පත් කරනවා. ඒ තනතුරටම තමා කොළඹ දිසාපති ධූරයේ කටයුතුත් ඇතුළත් වුණේ.
මීට කලින් හිටිය නෝර්ත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය රජයේ උපදෙස වුණේ හැකිතාක් උඩරට සමඟ සුහදව කටයුතු කරන්න ඕනේ වගේම සමඟි ගිවිසුම්වලින් උඩරටත් එක්ක බැදෙන්න ඕනේ කියන එක. ඒත් මේට්ලන්ඩ් නෝර්ත්ට වඩා ඉදිරියට හිතලා යුධ බලයෙන් නැතුව උපායශීලීව උඩරට දිනාගන්න සැලසුම් කරනවා.
උපක්‍රමශීලී කටයුතුවලට ඒ වෙද්දී ඉංග්‍රීසීන් යටතේ සේවය කරපු මුදලිවරුන්ගේ සහය ගන්න එක ගැන දෙපාරක් හිතන්න මේට්ලන්ඩ්ට සිද්ධ වුණා. මෙයාලා දෙපිට්කාට්ටුවන් කියලා හිතපු මේට්ලන්ඩ් මේ කටයුත්තට සුදුසුම පුද්ගලයා ඩොයිලි කියලා තීරණය කළා. සිංහල භාෂාව, චාරිත්‍ර වාරිත්‍ර වගේම සිංහල මිනිස්සු අතර හොඳ පිළිගැනීමකුත් ඒ වෙද්දී ඩොයිලිට හිමිවෙලා තිබීම ඒකට හේතුවක් වුණා
ඩොයිලි මුලින්ම ලිපි ගනුදෙනු ආරම්භ කරන්නේ ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් විදිහට කටයුතු කරපු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ. මේ ලිපියෙන් ඩොයිලි කියන්නේ මුහුදු බඩ ඉංග්‍රීසි පළාත්වල නව ආණ්ඩුකාරවරයා විදිහට තෝමස් මේට්ලන්ඩ් වැඩ භාරගත් නිසා සුදුසු අවස්ථාවක ඒ බව මහ වාසලට දැනුම් දෙන්න කියලා. මේ විදිහට ක්‍රමයෙන් උඩරට එක්ක හිතවත්කමක් ඇති කරගන්න ඩොයිලි පාර කපා ගන්නවා.
මේ කාලේ ඩොයිලිට පැවරුණු තවත් කාර්යයක් වුණේ 1802 උඩරට ආක්‍රමණයේදී සිරකරුවෙක් වෙලා උඩරට හිටිය මේජර් ඩේවිව ආපසු ගෙන්වා ගන්න එක. ඒ යටතේ කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවන්ට ලොකු කැඩපතකුත් පුස්වැල්ලේ නිළමේට තෑගි බෝගත් යවපු ඩොයිලි ඒ දෙදෙනා මාර්ගයෙන් මේජර් ඩේවිට ලිපි යවන්න සමත් වෙනවා. 1811 දී කොස්කඳවල උන්නාසේට පගෝදි 100 ක් දීලා මේජර් ඩේවිව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකට ගේන්නේ ඩොයිලි උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.
රොබට් බ්‍රවුන්රිග්
මේ විදිහට සුළුවෙන් ආරම්භ කරපු ඩොයිලිගේ වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙන්න පටන් ගත්තේ 1811 නව ආණ්ඩුකරු විදිහට රොබට් බ්‍රවුන්රිග් පත්වීමත් එක්ක. මේ යටතේ උඩරට තමන්ට හිතැති පිරිසක් නිර්මාණය කරගන්න වගේම චරපුරුෂ සේවයක් සාර්ථකව උඩරට නිර්මාණය කරන්න ඩොයිලි සමත් වෙනවා.
මේ චරපුරුෂ සේවයේ මූලිකයා වුණේ තම්බි මුදලි කියලා හඳුන්වපු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි. ඒ හැරෙන්න 1812 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්නට පිළිමතලාවේ අදිකාරම්ගේ උපදෙස් පරිදි ආපු ආසන නම් මැලේ මුහන්දිරම්වරයාත් ඩොයිලිගේ චරපුරුෂයෙක් බවයි කියවෙන්නේ.
මේ මැලේ මුහන්දිරම් හරහා උඩරට මරක්කලයන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසින්ට දිනාගන්න ඩොයිලි කටයුතු කළා. ඒ වගේමයි මැලේ මුහන්දිරම් රජතුමා වගේම රජතුමාගේ නායක්කර් ඥාතීනුත් ළඟින්ම ඇසුරු කරපු නිසා ඔවුන් පිළිබඳවත් වැදගත් තොරතුරු ලබාගන්න ඩොයිලිට හැකිවුනා.
කොහොම නමුත් රජතුමා ඝාතන උත්සහය අසාර්ථක වීමත් එක්කම රාජ උදහසින් පැනලා යන්න මැලේ මුහන්දිරම් සමත් වෙනවා.ඊට පස්සේ ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණයට වැදගත් තොරතුරු රැසක් ලබාදීපු ආසන මැලේ මුහන්දිරම් මීගමුවේ වාසය කළ බවයි කියවෙන්නේ.
කොහොම නමුත් රජතුමා ඝාතන උත්සහය අසාර්ථක වීමත් එක්කම රාජ උදහසින් පැනලා යන්න මැලේ මුහන්දිරම් සමත් වෙනවා.ඊට පස්සේ ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණයට වැදගත් තොරතුරු රැසක් ලබාදීපු ආසන මැලේ මුහන්දිරම් මීගමුවේ වාසය කළ බවයි කියවෙන්නේ.
ඒ හැරෙන්න වත්තල අප්පුහාමි, ගොඩමුන්නේ උන්නාන්සේ කියන චරපුරුෂයොත් ඩොයිලි යටතේ උඩරට ඉදලා තියෙනවා.
උඩරට ඩොයිලි ඇතිකරගත්තු හිතවතුන් අතරේ කලින් කිව්ව මල්වතු මහා විහාරයේ මහානායක මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ වගේම ඊට පස්සේ මහානායක වුණු කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවෝ අස්ගිරි පාර්ශවයේ මහානායක පොතුහැර රතනපාල හාමුදුරුවෝ වගේම පිළිමතලාවේ මහාදිකාරම්, ඇහැලේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ මහාදිකාරම්, කපුවත්තේ මහාදිකාරම්, දුනුවිල දිසාව, මීගස්තැන්නේ නිළමේ, පුස්වැල්ලේ නිළමේ වගේ උඩරට රාජ්‍යයේ ප්‍රබලයෝ රැසක්ම හිටියා.
විවිධාකාරයේ තෑගි බෝග ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ සිත් දිනාගන්න ඩොයිලි සමත් වුණා වගේම උඩරට රදළයන් අතරේ තිබුණු පුද්ගලික එදිරිවාදිකම් හොයා ගන්න සමත් වුණු ඩොයිලි ඒවා තව තවත් වර්ධනය කරන්නත් මේ හරහාම කටයුතු කළා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
ඉතාමත් විනීත විදිහට කටයුතු කරපු ඩොයිලි කෙතරම් දක්ෂ වුණාද කියනවා නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මත්පැන්වලට ඇබ්බැහි කරවීමේ කාර්යයට මොල්ලිගොඩ මහ නිළමේ සමඟ සම්බන්ධ වෙන්නේ ඩොයිලි. රජතුමා කොතරම් බේබද්දෙක් වුණාද කියනවා නම් 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා.
අවසාන වශයෙන් උඩරට කඩාවැටීමට මග පාදපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැලේපොළ මහාදිකාරම් අතර ගැටුම ඇතිකරවන්නේ මොල්ලිගොඩ මහාදිකාරම්. ඒකට හේතුව වුණු මොල්ලිගොඩ සහ ඇහැලේපොළ ගැටුම සූක්ෂමව නිර්මාණය කරන්නේත් ඩොයිලි. පස්සේ රජතුමා පලවා හැරීම අපේක්ෂාව කරගෙන ඉංග්‍රීසින් ගාවට ආපු ඇහැලේපොළ මාර්ගයෙන් උඩරට යුධ ශක්තිය, යුධ රහස්, රජතුමා ආරක්ෂාවට පලායන ස්ථාන, රජතුමාගේ වස්තුව සඟවන ස්ථාන වගේ සෑම දෙයක් ගැනම තොරතුරු ලබාගන්න ඩොයිලි සමත් වෙනවා.
අන්තිමටම උඩරට ආක්‍රමණය කරන්න බ්‍රවුන්රිග් හේතුව විදිහට දක්වන ඉංග්‍රීසි බල ප්‍රදේශයේ හිටිය වෙළෙඳුන් උඩරට වෙළෙඳාමට ගියාම චරපුරුෂයන් කියලා සැක කරලා කන්, නාස් කපලා දඬුවම් කිරීම උඩරට ආක්‍රමණයට සාධාරණ හේතුවක් දක්වන්න ඩොයිලි කරපු උපායක් බවයි කියන්නේ
මේ යටතේ තමන්ගේ උඩරට ආක්‍රමණය දියත් කරපු ඉංග්‍රීසින් ඩොයිලිගේ සූර උපායන්ට පින් සිදුවන්නට පහසුවෙන් 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නවා. පස්සේ පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලගන්නත් ඉංග්‍රීසින්ට හැකිවෙනවා.
ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ. මේ ගැන අපි ගිය සතියේ කතා කළා නොවැ
ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ. මේ ගැන අපි ගිය සතියේ කතා කළා නොවැ
ඉන්පසුව 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරපු උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තන සකස් කරන්නට කටයුතු කරන්නේත් ඩොයිලි. ඒ ගිවිසුමෙත් ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක විදිහට ජෝන් ඩොයිලි අත්සන් තබනවා.
1815 ඉදන් ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා [Resident] විදිහට ජෝන් ඩොයිලි 1815 මාර්තු 2 තමන්ගේ කටයුතු ආරම්භ කරනවා.
1815 ඉදන් ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා [Resident] විදිහට ජෝන් ඩොයිලි 1815 මාර්තු 2 තමන්ගේ කටයුතු ආරම්භ කරනවා.
උඩරට ජයග්‍රහණය උදෙසා ජෝන් ඩොයිලිගෙන් ලැබුණු සේවය අගය කරන්න රාජ්‍යාධිකාරී කුමාරයා වුණු ජෝර්ජ් කුමාරයා [පසුව IV ජෝර්ජ් නම්න් රජවුණු] ඩොයිලිට බැරනට් [Baronet] තනතුරක් [කණිෂ්ට සාමි] පිරිනමනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව හොයාගන්න කටයුතු ආරම්භ වෙන්නේත් ඩොයිලිගේ මූලිකත්වයෙන්. අවසානයේ ගල් ලෙන් කීපයක සඟවලා තිබුණු සුවිශාල වස්තු සම්භාරයක් ඉංග්‍රීසි ආණ්ඩුව යටතට ගන්න ඩොයිලිගේ දක්ෂතාවය නිසා පුලුවන් වෙනවා. මේ වස්තුව අයත් වුණු ආභරණ, මුතු මැණික්, විවිධ උපකරණ ආදිය ඒ සොයාගත් භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් 1820 දී ලන්ඩනයේ කිං නම් පුද්ගලයාට අයත්ව තිබුණු වෙන්දේසියේදී වෙන්දේසි කරනු ලැබුවා. ඒකෙනුත් විශාල ආදායමක් ලබාගන්න ඉංග්‍රීසි රජයට හැකිවුණා
1816 පිහිටවපු උඩරට පළාත් පිළිබඳ කොමසාරිස් මණ්ඩලයේ පළමු කොමසාරිස්වරයා වෙන ඩොයිලි මියයන තෙක්ම ඒ තනතුරු දරනවා. ඩොයිලි විසින් රචනා කරපු A Sketch of The Constitution of The Kandyan Kingdom කෘතියෙන් උඩරට ආණ්ඩු ක්‍රමය වගේම උඩරට සිරිත් විරිත් සම්බන්ධව විග්‍රහයක් ඔහු කරනවා.
මහනුවර කච්චේරියේ තිබී හමුවුණු ඩොයිලිගේ දිනපොතෙන් එකල උඩරට සමාජය වගේම ඉංග්‍රීසි පාලනය ගැන වටිනා තොරතුරු රැසක් හෙළිදරව් කරගන්න පුලුවන් වුණු නිසා රාජකීය ආසියාතික සංගමය ඒ දිනපොත පාදක කරගෙන 1917 දී Diary of Mr. John D'oyly කෘතිය නිකුත් කරනවා. මේ වනවිට ඩොයිල්ගේ සැබෑ දිනපොත මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙනවා
ජෝන් ඩොයිලි ගැන 1810 දී ඔහුව මුණ ගැසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියන්නේ මෙහෙම විස්තරයක්.
"සිවිල් සේවයේ සිටින එකම සිංහල උගතා [ඩොයිලි] ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම්වලින් මුළුමනින්ම පාහේ ස්වදේශිකයෙකු බවට පත්ව සිටියි. ඔහු කිසිවෙකු තම ගෙදරට නොකැඳවයි. වසරකට වරක් වුව රාත්‍රී භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝභන නමුදු ගුණවත්, අවංක තාපසයෙක් බව පෙනේ. එසේ සලකනු ලැබේ. ඔහු වූඩ් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි විට කේම්බ්‍රිජ් [විශ්වවිද්‍යාලයීය] තරුණ ගැටයෙකු මා තරම් වයස පෙනෙන සිංහල තාපසයෙකු බවට වෙනස්වීම ගැන මවිත වීමි"
"සිවිල් සේවයේ සිටින එකම සිංහල උගතා [ඩොයිලි] ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම්වලින් මුළුමනින්ම පාහේ ස්වදේශිකයෙකු බවට පත්ව සිටියි. ඔහු කිසිවෙකු තම ගෙදරට නොකැඳවයි. වසරකට වරක් වුව රාත්‍රී භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝභන නමුදු ගුණවත්, අවංක තාපසයෙක් බව පෙනේ. එසේ සලකනු ලැබේ. ඔහු වූඩ් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි විට කේම්බ්‍රිජ් [විශ්වවිද්‍යාලයීය] තරුණ ගැටයෙකු මා තරම් වයස පෙනෙන සිංහල තාපසයෙකු බවට වෙනස්වීම ගැන මවිත වීමි"
මේ සටහන ලියපු පුද්ගලයා ඒ වෙද්දී 45 වෙනි වියේ ඉද්දී ඩොයිලි හිටියේ 31 වෙනි වියේ.
අවිවාහකයෙක් වුණු ජෝන් ඩොයිලි මියයන්නේ 1824 මැයි 25 වෙනිදා මහනුවරදී. ඔහුගේ මරණයට හේතුව වෙන්නේ අධික උණ. මියයද්දී ඔහුගේ වයස අවුරුදු 49 යි. ඩොයිලිගේ දේහය රාජ්‍ය ගෞරව යටතේ තැන්පත් කරන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ මෘත දේහ තැන්පත් කරන්න සකස් කරපු මහනුවර ගැරිසන් සුසාන භූමියේ.
ඒ වගේමයි ඩොයිලිගේ සොහොනේ වූ ඵලකයේ තවත් පිටපතක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේත් තැන්පත් කරනු ලබනවා.
ඩොයිලිගේ සොහොනේ වූ ඵලකය
ඒ වගේමයි ඩොයිලිගේ සොහොනේ වූ ඵලකයේ තවත් පිටපතක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේත් තැන්පත් කරනු ලබනවා.
අදටත් ඩොයිලිගේ සොහොන ඒ සුසාන භූමියේදී දැකගන්න පුලුවන්. ඒ ගැන නඩේ ගුරා කණ්ඩායම ලියපු ලිපියක් තමා මේ.
ටික කලක් යද්දී ඩොයිලිගේ අවතාරය මහනුවර සංචාරය කරන්න පටන් ගත්තාලු. අශ්වයෙක් පිටේ නැගලා සම්පූර්ණ යුධ හමුදා නිළ ඇඳුමකින් [?] සැරසිලා යන මේ අශ්වාරෝහකයා මලබාර් වීදියේ යන හැටි තමා මිනිස්සු දැකලා තියෙන්නේ.
ඩොයිලිගේ මරණයත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිත හෙවත් රෙසිඩන්ට් ධූරය අහෝසි වුණත් ඩොයිලිගේ මොළයෙන් කරපු කටයුතුවල පලවිපාක නම් ලේසියෙන් අහෝසි වුණේ නැහැ
ප.ලි.: මේ ලිපිය ලියන්න පාදක කරගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියූ උඩරට මහ කැරැල්ල - 3 වෙනි කාණ්ඩය කෘතිය, 2012 මැයි 2 ඉරිදා දිවයින පුවත්පතට සුජීව දිසානායක ලියූ උඩරට යටත් කරගත් චරපුරුෂයා ලිපිය, කොටගම වාචිස්සර හිමියන් ලියූ සරණඞකර සඞඝරාජ සමය කෘතිය.
ඩොයිලිගේ හොල්මන ගැන කතාව දැනගන්න ලැබුණේ ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මග දිගට ජනකතා - 2 කෘතියෙන් සහ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ක්සැන්ඩර් අයියාගෙන්. ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ ලිපිය සම්පූර්ණ කරන්නට දුන්නු දායකත්වයට :)
ප.ලි.: ඊළඟට ලියවෙන සටහන මේවා ඔක්කෝටම කලින් ලියවෙන්න ඕනේ එකක් වුණත් ඒක ලියන්න හේතු කාරණා යෙදුණේ පස්සේ. මොකද ඒ ගැනත් ලියන්න කියලා ඉල්ලීමක් ආපු නිසා. ඒක නිසා ලබන සතියේ අපි කියවලා බලමු "කවුද මේ නායක්කර්වරු කියන්නේ ? කොහොමද එයාලට උඩරට සිහසුන හම්බවුණේ" කියන එක ගැන
ප.ප.ලි : ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනේදී උදාන ජීවන්ත සොයුරාට කතන්දර දීපු පිළිතුරක් නිසා රජතුමාගේ මුණුබුරු මිණිබිරියන් ගැන විස්තර රාශියක් හොයාගන්න පුලුවන් වුණා. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පරම්පරාවේ වර්තමාන පුරුක් ගැනත් සටහනක් ඉදිරියේදී ලියවේවි
මන් මේවා කියවලම ඉතිහාසයට ආසා වෙලා නියමයි ...............
ReplyDelete@ සචිත්
Deleteඑහෙම නම් මගේ යටිකූට්ටු ප්ලෑන වැඩ කරලා වගේ :D
අවි බලයෙන් නැතුව උපායෙන් අපරාජිත උඩරට රාජධානිය යටත් කරගත්තෙ එහෙමයි!
ReplyDeleteනායක්කර්වරුන් ලංකාවේ රජ පෙළපතට ඇතුළ් වුනේ නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදි නේද?
@ විසිතුරු
Deleteසෙනරත් රජතුමාගේ කාලයේ ඉදන්ම නායක්කර්වරුන් ලංකාවේ රජ පෙළපතට එකතු වුණු බවට සාධක තියෙනවා. ඒකේ සංධිස්ථානය තමා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමය. නායක්කර්වරුන්ට ඊට පස්සෙනේ ලංකාවේ සිහසුනත් හිමිවෙන්නේ. මේ ගැනත් සටහනක් ලියන්න ඉන්නේ. කියවන්න එන්නකෝ.
ඔන්න එක හුස්මට කියෙව්වා. හරිම රසවත් විදිහට ලියල තියෙනවා ඒ වගේම වැදගත්. ස්තූතියි හසිත මල්ලි!
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteස්තුතියි වැදගත් කතාව හිතේ තියාගෙන තවත් අයට කියනවා නම් හොඳටෝම ඇති අයියා :)
අර ඩොයිලි ගේ අවතාරය ගැන මම ආපහු හොයලා බැලුවා. ඒත් ඒ කතා කියන්නේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා ගැන කියලා හිතෙන්නේ. අර මම කලින් වතාවක කියපු සිංහ රෙජිමේන්තු භුමියේ පිළිමය ඔහුගේ. නමුත් ජෝන් ඩොයිලි හොල්මන් කළා කියලත් කියනවා. මට හිතෙන්නේ ලාංකිකයන්ට සමීප යුරෝපිය නිලධාරියා ඩොයිලි නිසා එහෙම කිව්වා දෝ කියලයි.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteඅනිවාර්යයෙන්ම ඩොයිලි ලාංකිකයන්ට සමීප නිලධාරියෙක් වෙන්න ඇති. සිංහල භාෂාව ගැන හසළ අවබෝධයක් ඔහුට තිබුණා කියන නිසා ලාංකිකයන් වුණත් සිංහල බසින් කතා කරන මේ සුදු නිලධාරියාට ලෙංගතු වෙන්න ඇති.
මග දිගට ජනකතාවේ තියෙන විදිහට ඩොයිලිගේ අවතාරේ දැක්ක මනුස්සයා මේ සුදු ඒජන්ත හාමුදුරුවෝ කියලා හිතලා පාත්වෙලා වඳිනවා
මට මෙහෙම හිතෙනවා. ඩොයිල මියගියේ උණ රෝගයකින්. නමුත් මේ අවතාරේ පෙන්වන්නේ හිස නැති කඳ විතරයි. මෙතන ඒ පෙනෙනවා ඇත්තේ කන්ද උඩ රට රාජධානිය ආක්‍රමණයේ හිටපු නිලධාරියෙක් වෙන්න පුළුවන් නේද?
Delete@ අසරණයා
Deleteමේ අවතාරේ හිස නැති බවක් නම් මගදිගට ජනකතා පොතේ තිබුනේ නැහැ. ඒකේ තියෙන්නේ නම් යුද ඇඳුමෙන් සැරසුණු යුද මුලාදෑනියෙන් වගේ කෙනෙක් අස්සයෙක් පිටේ යනවා දැක්කා කියලා.
ඔය හුඟක් වෙලාවට හිස නැතිව පේන්නේ හිස ගසා දැමීම්වලට ලක්වුණු අයගේ හොල්මන් කියලා මම අහලා තියෙනවා. එංගලන්තයේ ලන්ඩන් කුළුනේ හිර කරලා තියලා හිස ගසා දාපු අයගේ අවතාර තාමත් හිසක් නැතුව පේනවලු
වෙනදා වගේම කට ඇරන් කියෙව්වෙමි.. කවද අහපුවද? දැකපුවද? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteකියවීම අවසන් කළාට පස්සේ කට වහගන්න ඇති කියලා හිතනවා. තව හොඳ හොඳ ජාති ඉදිරියේදී දැකගන්න ලැබේවි :)
පොත්වල ඉතිහාසෙට වඩා ආගියකතා වල ඉතිහාසෙ රහයිනෙ.. දිගටම ලියන්න.. දිගටම කියවන්නම්..
ReplyDeleteජෝන් ඩොයිලියි ගජමන් නෝනයි අතර වෙච්ච බොහොම ප්‍රසිද්ධ කවි සංවාදත් තියෙනවා නේද?
මෑත කාලයේදී ඉවත් කිරීමට සූදානම් වන්නේ ගැරිසන් සොහොන නේද?
@ හරී
Deleteමේත් ඉතින් පොත්වල තියෙන ඉතිහාසය තමා. හැබැයි මේ පොත් කීපයකම එකතුවක්. ඩොයිලි සහ ගජමන් නෝනා අතරත් කවි සංවාද වුණා කියනවා වගේම තමන්ගේ ස්වාමියා මැරිලා බොහොම අසරණ තත්වයෙන් හිටිය ගජමන් නෝනා කාව්‍ය සංග්‍රහයක් කරලා ඩොයිලිගේ හිත දිනාගත්තු නිසා නෝනාගම ඇයට හිමිවුණා කියලාත් කියනවා. දෙන්නා අතරේ පෙම් පළහිලව්වකුත් තිබුනා කියනවනේ :D
පහුගිය කාලේ අයින් කරන්න ගියේ ගැරිසන් සොහොන තමා. සිංහලයන්ට එරෙහිව කටයුතු කරපු සුද්දන් වළලපු සුසානයක් පූජනීය දළදා මාළිගාවට ඉහළින් තියෙන එක හොඳ මදි කියලා තමා මේක අයින් කරන්න ඕනේ කියලා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුලු කාණ්ඩේ කියන්නේ
ඉතින් ඒ කතාව ඇත්ත නෙ..ඕකුන්ගෙ මිනී වලවල් හාරලා කුණු පුරවන්ඩ ඕනෙ
Delete@ Don Kayci
Deleteඅපි බෞද්ධයන් විදිහට මේ තරම් අන්තවාදී වියයුතුද කියන එක ගැටළුවක්. එහෙම නම් මාළිගාව අසළම තිබෙන ක්‍රිස්තියානි පල්ලියත් ඉවත් කළ යුතුයි නොවැ.
ඒ වගේමයි මීටත් වඩා අගෞරව වෙන දේවල් සිදුවෙද්දී ???
niyamai niyamai niyamai kiyala wadak na saho, keep up the good work
ReplyDelete@ Anonymous
Deleteඑක දිගට නියමයි කියලා තුනක් තියෙන නිස මේක නියම "ඝනයක්" :)
ස්තුතියි දෙන සහයට
ඩොයිලි කලේ තමන්ගේ රාජකාරිය. සතුරා හඳුනා නොගැනීමේ ප්‍රධාන වැරැද්ද අපේ අතේ. අදත් එදත් හෙටත් අපි එහෙමයි.තම්බි මුදලිගේ මුණුපුරෙක් "ඉතිහාසය කන්නද" ඇසුවාට, සම හරක් අයට එපා වුනු විෂයක් වුනාට ඉතිහාසය ආකර්ශනීය විෂයක් බව ඔබේ ලිවීමෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. බෙහෙවින්ම ස්තුතියි.!!!
ReplyDeleteමේ කමෙන්ටුවට හරි අපලයි වගේ. 3 පාරක් මකන්න වුනා. :)
@ රාමානුගාමී රාමා
Deleteඑකඟයි. ඩොයිලි කළේ රාජකාරිය. අපේ උන්දැලා ඒකට අහුවුනා. අද කාලේ සුද්දගේ වගේම තව තව එවුන්ගේ දහං ගැටවල අපි අහුවෙනවා.
ස්තුති අගය කිරීමට. තම්බි මුදලි ගැනත් වෙනම සටහනක් ලියන්නයි අදහස. ඒකත් කියවන්න එන්න.
ලක්සන විස්තරයකි... ආශාවෙන් කියැවූවෙමි....
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteඒ පිළිබඳව මාගේ බලවත් ප්‍රීතිය
ජෝන් ඩොයිලි තමන්ගෙ රාජකාරිය හරියටම ඉෂ්ඨ කරපු නිසා රටක සම්පූර්ණ ගමන් මගම වෙනස් කරන්න පුළුවන් වෙලා..
ReplyDeleteඩොයිලි ගැන ගොඩක් විස්තර ගෙනාවට හසිතට ස්තුතියි..
@ රූ....
Deleteඩොයිලිත් මනුස්සයෙක්නේ. අනික් අය අතින් අසාර්ථක වුණු කාරණය තමන් අතින් සාර්ථකව ඉටුකරගන්න ඔහු මහන්සි වුණා. අපේ අය ඉතින් මදි නොකියන්න ඇදගත්තා :(
ස්තුතියි අක්කේ හැමදාම වගේම දෙන හයියට :)
හ්ම්ම්..ඔයාලට කැම්පස් එකේ කොච්චර පාඩම් කරන්න ඇතිද කියල හිතුනා..
ReplyDeleteස්තූතියි විස්තරයට!
@ හිරුහිමාවී
Deleteමේක නම් පුරසාරමක් නෙමේ. මේක කැම්පස් එකේ කියාදීපු පාඩමක් නෙමේ මම හොයාගත්තු එකක්.
ඒත් ඒ හැම එකටම මුල මම මේ කතාව ආරම්භයේදීම කිව්වා වගේ මේ ගැන උගන්වපු මහාචාර්ය එම්.යූ ද සිල්වා මහත්මයා උගන්වපු විලාශය. අපිටත් හොයන්න යමක් තියෙන බව පෙන්නුවේ එතුමා. ඒ සෙවිල්ලේ ප්‍රතිඵල තමා මේ
THANK U HASITHA
ReplyDeleteWE ARE OUT OF COUNTRY..WE NEED TO LIVE WITH OUR HISTORY..SO EVERYTHINGS ARE HERE.
THANKS AGAIN
@ Anonymous 2
Deleteපිටරටක හිටියත් මේ අපේ ලංකාව නොවැ. තමන්ගේ රට ගැන අවබෝධයෙන් ඉන්න එක කොහොම වුණත් වටිනවා. විශේෂයෙන් ඉල්ලීමක් කරන්න ඔයාලගේ දරුවන්ටත් මේවා ගැන කියලා දෙන්න. රට ගැන හැඟීමක් ඇතිකරවන ප්‍රධාන සාධකයක් තමා රටේ ඉතිහාසය ගැන තියෙන අවබෝධය.
ස්තුතියි එකතු වුණාට :)
ඩොයිලි මහ කපටි මොළයක් ඇත්තෙකු බව මමත් අහලා තියෙනවා...
ReplyDeleteඉංග්‍රීසීන්ට උඩරට යටත් කර ගන්න ඔහු පාර පෙන්වලා තියෙන හැටි..
ඔයා අපූරුවට පැහැදිළි කරලා මල්ලී....ඉතා ආසාවෙන් කියවූවා...
මේවා හොද පාඩම් අපි කාට කාටත්.....
@ දම්මි
Deleteඅනිවාර්යෙන්ම අක්කේ. මේ පාඩම් අද කාලේ පාලකයන්ටත් හොඳටම වටිනවා. තේරුම් ගන්නේ නැති එකයි ගැටලුව. ස්තුතියි අගය කිරීමටත් :)
ඔබේ ලිපිය පළවී වසරක් ගෙවුනද, අර්ථාන්විත ලිපි ගොනුවක මතකය අනාගතයට රැගෙන යා යුතුය මේ සත්ක්‍රියාවට ඔබට හුගාක් පිං සිදු වේවා..!! ඔබ ඉහත දැක්වූ කරුණට වර්තමානයේ ආදේශකයක් ඇත. එනම්, හතරවන ඊළාම් යුද්ධයේදී ප්‍රභාකරන්ව පරාජය කිරීමට ප්‍රථම බුද්ධි අංශ විසින් නැගෙනහිර ප්‍රභල නායකත්වය ආණ්ඩුව දෙසට නම්මවා ගැනීමට සමත්වීමත් දැක්විය හැකි නේද.
Delete@ Sumo
Deleteඇත්ත යම් සමානකමක් දැකගන්න පුලුවන් තමයි
ඩොයිලි ගැන ඉස්කෝලේ සමාජ අධ්‍යයනය පාඩම් වලදි යන්තන් යන්තන් ගෙන ගෙන තිබ්බට මෙච්චර විස්තරයක් දැනගෙනම උන්නේ නෑ. වටිනවා මේ විස්තර ටික !
ReplyDelete@ මධුරංග
Deleteඉස්කෝලේ සමාජ අධ්‍යනයට නම් ඩොයිලි ගැන කලේ සොච්චමයි. දැන් නම් ඉතිහාස විෂයට ලොකු විස්තරයක් උගන්වනවා ඇති
හසිත පුලුවන්නම් හොයලා ලියනවද මෙන්න මේ ගැන
ReplyDeleteනිදහස් උත්සවය සදහා ආපු ආදිපාදවරයා හා බැදුණු සිදුවීම් ...මම මේ කියන සිදුවීම පිලිබදව ඔබ දැනටමත් දන්නවා ඇති මම හිතන විදියට ඔහුගෙන් පැවත එන පරපුර ගැන ..
අදත් ලිපිය අනර්ගයි ..
@ රොබින්
Deleteඔයා කියන්නේ ග්ලෝස්ටර් ආදිපාදවරයා ගැන වෙන්න ඕනේ. එයා සම්බන්ධව නම් වැඩි විස්තරයක් මම දන්නේ නැහැ... එයාගෙන් පැවත එන පරපුර කිව්වේ ලංකාවේ එහෙම පරපුරක්වත් තියෙනවාද ???
අවුරුදු ගානක යුධ උපක්‍රම පරදවපු මොළයක්..
ReplyDeleteඅදත් විස්තරේ ගොඩක් වටිනවා හසිත..
@ Dinesh
Deleteකපටි මොළේට ඔය ඔක්කොම යටයි :)
@DInesh අනෙ උගෙ මොලයක් නෙවෙයි මිනිහො..අපෙ මිනිස්සුන්ට තිබුණු බල තන්හාව නිසා ඒ මනුස්සයා එන්නෙ මොනවටද කියලා තේරුම් ගන්න බැරි වුනා..ඔය වගෙ කොමෙන්ට් දාල ඔය සුදුද්දොන්ව පුම්බන්ඩ එපා.උඹලව වගෙ උන් තමයි ඒ කාලෙත් සුද්දට කඩේ ගියෙ
Delete@ Don Kayci
Deleteසුද්දෙක් වුණත් අගය කළ යුතු තැන අගය කල යුතුයි. කැප්පෙටිපොළ සුද්දන්ගේ දෘෂ්ටියෙන් බැලුවොත් ද්‍රෝහියෙක් වුණත් එතුමාගේ හිස් කබල පවා ප්‍රවේශම් කළේ සුද්දෙක්ම නේද ??
වටින ලිපි පෙලක් සහෝ..
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි හැමදාමත් දෙන හයියට
මට මාර දුකක් දැනුනේ රජතුමාට අයිති භාණ්ඩ හරියට උන්ගේ දේවල් වගේ වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් උන් ජිවත් වෙන්න ගත්ත එක ගැන. ඒ භාණ්ඩ ආයෙත් අපිට ගන්න විදියක් නැද්ද?
ReplyDelete@ අසරණයා
Deleteඒ භාණ්ඩ දැන් වෙන්දේසි වෙලා දැන් අවුරුදු 200 කටත් කිට්ටුයිනේ අයියා. එහෙම එකක් වෙනවා නම් ලංකාවේ ඉහළ තැන් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ.
ඔයා රජතුමාගේ වස්තුව ගැන මතක් කරපු නිසා කියන්න හිතුණේ. මේ වෙන්දේසියේ තිබුණු බඩුවලින් ස්වල්පයක්. තව ගොඩක් තිබුණා
රන් පාදමක් මත තිබුණු දක්ෂිණාවෘත හක් ගෙඩියක්. රනින් තනා මුතු හා මැණික් ඇල්ලූ නළල් පටක්, දියමන්ති පෙන්ඩනයක්, පෙයාර්ස් හැඩති මුතු 13 ක් ඇල්ලූ පදක්කමක්, අඩි 4 ක් දිග රන් දම්වැලක්, කුඩා මුතු ඇට 78 ක් අල්ලා තිබූ හිස් වැස්මක්
වෙන්දේසියේ බඩු කාණ්ඩ 93 ක් යටතේ වර්ග කරලා තමා විකුණලා තියෙන්නේ. ලොකු මුදලක් ඉංග්‍රීසින්ට මේකෙන් ලැබිලා තියෙනවා
හසිත අයියා පටංගන්නකො ඉතිහාසෙ උගන්නන්න ඈ...
ReplyDeleteපට්ට ආසයි කියවන්න...
ජයවේවා ඈ..
@ තරියා අබේ
Deleteඒක නම් බලමු මලයා. මුලින් අප්‍රකට ඉතිහාසය. ඊට පස්සේ ප්‍රකට ඉතිහාසය
පසුගිය දවසක මාත් ඩච් මියුසියම් එකට ගියා. එවේලේ මටත් ආපහු ඉතිහාසය පැත්තට රවුමක් දාන්න වුනා. අපි නොදන්න බොහෝ දේ කියා දෙනවාට බොහොම ස්තුතියි සොයුර.
ReplyDelete@ Il mondo di una povera pazza
Deleteඕලන්ද කෞතුකාගාරය ගැනත් ඉදිරියේදී කතා කරන්න තමා හිතාගෙන ඉන්නේ. එහෙම එකක් ලංකාවේ තියෙනවා කියලා කීයෙන් කීදෙනාද දන්නේ. මම දන්න විදිහට ඕලන්දයේ [නෙදර්ලන්තයේ] හැරුනාම ඕලන්ද කෞතුකාගාරයක් තියෙන්නේ ලංකාවේ විතරයි.
ඕලන්ද පාලනය තිබුණු අනික් හැම රටකම ජාතික කෞතුකාගරවලම කොටසක් ඕලන්ද යුගයට වෙන් කරලා තියෙනවා ඇරෙන්න වෙනමම ඕලන්ද කෞතුකාගාර නැහැ
ජෝන් ඩොයිලි ගැන ලියවිලා තියන මේ වාක්‍යයෙන් ඔහුගේ ජීවිතයම විස්තරවෙනවා කියලයි මට හිතුනේ.
ReplyDelete//Whatever his personal feelings might have been, it would appear that he acted true to the motto in his court of arms: Omne solum forti patra (To a brave man, the only thing that matters is his native land). Even if he attempted to walk in the shoes of a Sinhalese chieftan.//
එයාගේ පින්තූරයක් නෑනේද?
@ Podi Kumarihami
Deleteඔයා කියන කතාවත් ඇත්ත තමා. ඩොයිලිගේ court of arms ගැනත් දැනගත්තු එක හොඳා :)
ඩොයිලිගේ පින්තූරයක් කියලා හඳුනාගන්න පුලුවන් එකම එක තමා මම දාලා තියෙන ඇහැලේපොළ, මොල්ලිගොඩ, කපුවත්තේ මහ නිළමේවරුන් එක්ක ඩොයිලි කරන සාකච්ඡාව දැක්වෙන චිත්‍රය. මේ චිත්‍රයත් බ්‍රිතාන්‍ය චිත්‍ර එකතුවකින් අපේ ජාතික කෞතුකාගාරය මිලට ගත්තු එකක්.
ඒ නැත්නම් ඩොයිලිගේ පිළිමේ තියෙනවානේ. ඒකෙනුත් ඩොයිලි මොන වගේද කියලා හිතා ගන්න පුලුවන්
ගජමන් නෝනාගේ කවිත් එක්ක තමයි ඩොයිලි වැඩිපුරම මට මතක තිබුනේ . මේ තරම් දේවල් නම් දැනන් හිටියේ නැහැ . මොනවා වුනත් ඉංග්‍රීසින් රජතුමාගේ වස්තුව කොල්ලකාපු එකෙන් මට මතක් වුනේ පයිරේට්ස්ලව. රටක් අල්ලගන්න හොඳම විදිහ තමා එරටේ සංස්කෘතිය දැනගෙන යාලුවෙක් වෙන එක . ස්තුතියි හසිත . බස්වලට පැය ගණන් රස්තියාදු වෙන්න වෙලා තියෙද්දිත් මේවා ලියන්න වෙලාව සොයා ගන්නවාට
ReplyDelete@ Bindi
Deleteඅක්කාට මතක ඇති නේද අජාසත්ත ලිච්ඡවියන්ව පරද්දපු හැටි. ඒකෙදීත් සිද්ධ වුනේ මේ වගේ උපායක්. අජාසත්තගේ ඇමතියන් වුණු සුනීධ හා වස්සකාර තමා ඒ අවස්ථාවේදී ඩොයිලිගේ භූමිකාව වගේම චරපුරුෂයන්ගේත් භූමිකාව කරන්නේ...
බස්වල රස්තියාදු වෙන්නේ ඉදලා හිටලා නොවැ :D
ඩොයිලි කියන්නේ නියම මොළ කාරයෙක්.වැඩ කාරයෙක්. අගය කළ යුතු දක්ෂ, උපායශීලී, බුද්ධිමත් මිනිහෙක්."ගරු කළ යුතු සතුරන්" කියන්නේ මේ වගේ අයට. ස්තූතියි, කරුණු පිරුණු, ඔබේ ලිපියට.
ReplyDelete@ තපස්
Deleteඑකඟයි. රජතුමා අල්ලා ගත්තු වෙලාවේ ඩොයිලි ක්‍රියා කරපු ආකාරයෙන් ඒක තවත් පැහැදිලියි
අදයි මේ පැත්තේ අවේ.. වටිනා ලිපි පෙළක්... ඉස්කෝලේ OL වලට පොඩ්ඩක් ඉතිහාසය ඉගෙනගත්තට මෙලෝ දෙයක් දැන් මතක නැහැ ...
ReplyDeleteනොදැන හිටපු ගොඩක් දේවල් දැන ගන්න ලැබුන . ගොඩක් ස්තුත්යි..
රාජසිංහ රජතුමා ගැන දුකකුත් ඉතිහාසය තව තව දැනගන්න ආසාවකුත් ඇතිඋනා :)
@ සඳ තරු නිහඩයි
Deleteශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන සැඟවුණු කතා පුවත් හෙළි කරන එකේ වටිනාකම තවත් පැහැදිලියි එහෙම නම්. ඉදිරියේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මී මුණුපුරු මිණිපිරියන් ගැනත් සටහනක් ලියන්න කරුණු සූදානම් කරමින් ඉන්නේ. ඒකත් කියවන්න එන්න.
වටිනා ලිපි ගොන්නක්..තැන්ක්ස්
ReplyDelete@ Unknown
Deleteස්තුතියි ඔබටත් :)
ඇත්තමයි...ඉතිහාසය පැත්තෙන් පට්ට වැදගත්...
ReplyDelete@ (අ)පරාජිතයා
Deleteඒක අවිවාදිතයි :)
කරතොට ධම්මාරාම හාමුදුරැවො මාතරට එන්න ඉස්සර ශ්‍රී පාදයෙ භාරකාරය. ඒකෙන් ඉවත් කිරීම ගැන රජතුමා පිලිබඳවත්,ප්‍රභූන් පිලිබඳවත් කෝපෙෙන් තමයි මාතරට ඇවිත් තියෙන්නෙ.මේ වෙලාවෙ ඩොයිලි මුන ගැහීම ඔවුන්ගෙන් පලිගැනීමට හාමුදුරැවො අවස්ථාව කර ගන්නව. උඩරට රාජ්‍යයෙ ස්වභාවය,සම්බන්දකම්,දුර්වකම් පෙන්වාදීල උඩරට යටත් කර ගන්නා ආකාරය ගැන විශබීජය ඩොයිලිගෙ ඔලුවට දාන්නෙ ධම්මාරාම හාමුදුරැවො.
ReplyDeleteඌව කන්ඩ එපෑයැ..
Delete@ චමිල්
Deleteකරතොට ධම්මාරාම හිමියන්ට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන කෝපයක් තියෙන්න විදිහක් නැහැ. මොකද උන් වහන්සේව ශ්‍රී පාදයේ භාරකාරකමින් ඉවත් කරන්නේ රාජාධිරාජසිංහ රජතුමා. මුල් අවස්ථාවේදී රාජාධි රාජසිංහ රජතුමා ශ්‍රී පාදයේ බාරකමින් උන් වහන්සේව ඉවත් කරලා හිර කරලා තබනවා. ඒකට හේතුව වෙන්නේ "ලන්දේසීන්ට පක්ෂය" කියන චෝදනාව නිසා.
ඒ වුණත් උන්වහන්සේ ලියපු බාරසකාව්‍යය ගැන පැහැදුණු රජතුමා පහත රට නායක පදවිය කරතොට හිමියන්ට පිදුවත් ශ්‍රී පාදයේ භාරකාරකම ලබාදෙන්නේ නැහැ. නැවත වරක් ලන්දේසී පක්ෂය චෝදනාව ඒමත් එක්කම රජතුමා හාමුදුරුවන්ව අල්ලන්න රාජ පුරුෂයන් එවන්න කලින් ඒ බව දැනගත්තු හාමුදුරුවෝ කොළඹට ගිහින් කරුණු කාරණා ලන්දේසී ආණ්ඩුකාරයාට කිව්වාම ඔහුත් උන් වහන්සේව පහත රට නායක පදවියට පත් කරනවා. පස්සේ ඉංග්‍රීසී පාලනයත් ඒ පත්වීම අනුමත කරනවා.
ඉතින් ඒක නිසා උන්වහන්සේ ඔබ කිව්දේට සෘජුවම දායක වුණාද කියන එක නම් ගැටළුවක්. අනික උඩරට ඇල්ලීම කියන එක තමන් යටතේ වුණා කියන ගෞරවය ලබන්න බොහෝ ඉංග්‍රීසි නිලධාරින් උත්සහ කරපු කාලයක් ඒක.
@ සෙන්නා
Deleteඌව කන්න එපෑයෑ කිව්වේ කාවද ??
රජතුමා හැංගිලා හිටපු තැනුයි උඩරටට යන රහස් මාර්ගයි හොයාගෙන ආණ්ඩුකාරයාට කිව්වෙත් ඩොයිලිම නේද
ReplyDeleteවෙනදා වගේම අපූරුයි හසිත අය්යේ..
@ පුබුදු
Deleteරජතුමා ගැන සියලුම වගේ රහස් සුද්දන්ට කියන්නේ ඇහැලේපොළ. මොකද එයා තමා ඒ ගැන හොඳටම දැනගෙන හිටියේ. ඇහැලේපොළ වගේම තම්බි මුදලි මාර්ගයෙන් මේ තොරතුරු ලබාගෙන ආණ්ඩුකාරයට කිව්වේ නම් ඩොයිලි තමා
අපේ මිනිසුන් සතු දුර නොපෙනීමේ බරපතල දුර්වලතාවය නිසා ඩොයිලි සාර්ථක වූ වගයි.
ReplyDelete@ සෙන්නා
Deleteඉඟුරු දීලා මිරිස් අරගෙනත් අත්දැකීම් අපිට තිබුණා නොවැ :(
ඩොයිලියි ගජමන් නෝනගේ හුට්ටප්පරයක් තදටම ගිහින් තියනවලු නේද,,ඩොයිලිත් හොද සිංහල කවි කාරයෙක් කියලා මම අහලා තියනවා.
ReplyDeleteසිංහලයගේ ඒ මෝඩ කම් වලින් සුද්දෝ අදටත් ඒ විදිහටම ප්‍රයෝජන ගන්නවා වගේ කියලයි මට හිතෙන්නේ..
ගොඩක් ස්තූතී හසිත අදත් ලස්සනයි කතාව.
මොකද්ද අර ගැරිසන් සොහොන් බිම අයින් කරන්න හදන කතාව ඒක වෙන්නද යන්නේ
@ ItalyDilan
Deleteකරතොට හාමුදුරුවන් යටතේ සිංහල භාෂාව ඩොයිලි හදාරපු නිසා හොඳට සිංහල භාෂාව දැනගෙන හිටිය බව හිතන්න පුලුවන්. ඒකත් එක්ක කවිකම මිශ්‍ර වෙලා හොඳට තියෙන්න ඇති :)
සිංහලයන්ට එරෙහිව කටයුතු කරපු සුද්දන් වළලපු සුසානයක් පූජනීය දළදා මාළිගාවට ඉහළින් තියෙන එක හොඳ මදි කියලා තමා ගැරිසන් සුසානය අයින් කරන්න ඕනේ කියලා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුලු කාණ්ඩේ කියන්නේ. ගැරිසන් සුසානය අයින් කරන කතාව නිකම් දේශපාලන ගුණ්ඩුවක් විතරයි අපේ මිනිස්සුන්ව රවට්ටන්න. ඒක ගැන දැන් නම් කිසිම හාවක් හූවක් නැහැ
අපේ රටට හැමදාම හෙණේ උනේ ජාතීන් භේද භින්නවීමයි නායකයින් අදුරදර්ශී වීමයි කා කොටා ගැනීමයි නිසා. හැම පරාජයක් පස්සෙන්ම තියෙන්නේ මේ ලක්ෂණ නේද ?
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteනායකයින් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර සාක්ෂාත් කරගන්න රට, ජාතිය, ආගම බිල්ලට දෙන එදත් එහෙමයි අදත් එහෙමයි. අදූර්දර්ශීබාවයත් එහෙමම තමා කිසි අඩුවක් නැහැ. කා කොටා ගැනීම නම් පේන්නම thiyena දේනේ :)
මෙන්න මෙහෙම තමා ඉස්කොල ඉතිහාස පොත් ලියන්න ඕනෙ.. කියවන්න කියවන්න ආස හිතෙනෙව...කොහෙද ඉතින් ඉස්කොල වල කරන්නෙ රජවරු ලිස්ට් එක කට පාඩම් කරවන්න දඟලන එකනේ...
ReplyDelete@ Anonymous 3
Deleteඒක නම් ඇත්ත. රජවරු ලිස්ට් කට පාඩම් කරවනවට වඩා කතන්දරයක් වගේ ඒක කියාදෙන්න පුලුවන් නම් නම් ලිස්ට් එකත් ඉබේම පාඩම් වේවි. ඉතිහාසය තාමත් ඓතිහාසික ක්‍රමයන්ට උගන්වන්න යන එකේ ඵල විපාක නිසා තමා ඉතිහාසයට හුඟක් අය ප්‍රිය කරන්නේ නැත්තේ. ඒ ක්‍රමවේද වෙනස් කරන්න කාලේ ඇවිත්
මම ඉස්සර මහ කම්මැලියි ඉතිහාසෙ පල් හෑලි කියවන්න. ඒත් ඒ දැක්ම සම්පූර්ණයෙන් වෙනස් උනා මේ වගේ පෝස්ට් නිසා. ස්තූතියි හසිත ඔබට.
ReplyDelete@ පිණිබිඳු...
Deleteඇත්ත ඉදිරිපත් කරන විලාශයට ලොකු දෙයක් කරන්න පුලුවන්. ඉතිහාසය කියන විෂය සටහනින් ඔබ්බට අරගෙන ගිහින් මිට වඩා අලුත් විදිහකට උගන්වන්න ඕන කාලේ ඇවිත් තියෙන්නේ. එහෙම කරන්නේ නැත්නම් ඉතිහාසය අප්‍රිය කරන කට්ටියක් තමා අන්තිමට බිහිවෙන්නේ :(
සිංහල ජාතිය ඒ කාලෙදි මේ තරම් දීන ජාතියක් බවට පත් කරන්න මුල් වුණ ප්‍රධානම පුද්ගලයා ඔහු නේද? ජෝන් ඩොයිලි මේ තරම් කපටියි කියලා නම් මම හිතුවෙ නෑ ඒත්. කපටි කමද සූක්ෂම කමද. මොකක් වුණත් අන්තිමට වුණේ අපිට හොඳක් නෙමේනෙ
ReplyDelete@ සිඳු
Deleteසිංහල ජාතිය දීන කරන්න මුල්වුනේ සිංහල ජන නායකයන්ම තමා. එයාලා දැන හෝ නොදැන ඉංග්‍රීසීන්ගේ උගුලේ අහුවුණා....
ඔය කාලෙ වෙද්දි ඉංග්‍රීසීන් සතුව තිබුණ සංස්කෘතික දැනුම ලාංකිකයන්ට වඩා සෑහෙන්න ඉහලයි වෙන්න ඕන. ඔවුන් ඒ දැනුම සූක්ෂමව පාවිච්චි කලා. ලාංකිකයන් අඩපණ කරන්න මුලින්ම කලේ ඔවුන් එක්ක මිතුරු වෙන එක. ඩොයිලි ඒ වැඩේ හරියට කලා!
ReplyDeleteලංකාවෙ අපට අදටත් ඔය යටිකූට්ටුකාරයන්ගෙ වැඩ ගැන දැනුමක් නෑනෙ. හැමදාම ලණු ගිලිනවා ;-)
@ hare :-)
Deleteඒක ඇත්ත අයියා ඩොයිලි වගේ අයගේ තිබුනු දක්ෂතාවය නිසා ඉංග්‍රීසීන්ට යුධමය වශයෙන් වගේම මානසික වශයෙනුත් ලාංකිකයන්ව ග්‍රහණය කරගන්න පුලුවන් වුණා. ඒක නිසාම වෙන්න ඕනේ දීර්ඝ කාලයක් තමන්ගේ පාලනය ගෙනියන්න පුලුවන් වුණේ. තාමත් එයාලගේ හොඳ කියන පිරිසක් ඇති කරන්න [මේක ධර්මපාලතුමාත් කියලා තියෙනවා] ඒක නිසා එයාලට පහසු වුණා.
මේ ලිපිය ලියන්න මුල්ම අදහස් දැම්මේ ඔයා. ඒකටත් විශේෂයෙන්ම ස්තුතියි :)
I imagine D'Oyly must have grown attached to our culture over time. His remorse and self loathing about the way he implemented the "divide and rule policy" of the British (doing his duty, of course) must be the cause of his premature aging.
ReplyDelete@ Shammi
Deleteඩොයිලිට තමන්ගේ රාජකාරියේදී මානුෂීයත්වය කියන එක පෙන්වන්න පුලුවන්කමක් තිබුණේ නැති නිසා ඔහුගේ රාජකාරිය තුළ ඔහු නිවැරදියි කියලයි මගේ හැඟීම. රජෙක් තමන්ගේ රාජ්‍ය පාලනය කරද්දී යොදාගන්න චතුර් විධ උපායන් ඇතුලෙත් සාම,දාන,භේද, දණ්ඩ වගේ දේවල් තියෙනවා
ශ්‍රී වික්‍රම රාජසිංහට අයිරිෂ්, ස්කොච් විස්කි තෑගි දීලා පුරුදු කරලා බේබද්දෙක් කලේත් ජෝන් ඩොයිලි වෙන්න ඉඩ තියෙනවා.
ReplyDelete@ කතන්දර Kathandara
Delete".......ඉතාමත් විනීත විදිහට කටයුතු කරපු ඩොයිලි කෙතරම් දක්ෂ වුණාද කියනවා නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මත්පැන්වලට ඇබ්බැහි කරවීමේ කාර්යයට මොල්ලිගොඩ මහ නිළමේ සමඟ සම්බන්ධ වෙන්නේ ඩොයිලි......"
ශ්‍රී වික්‍රම රාජසිංහ මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටයා කියලා කියන්නේ කවුද? ඒක එහෙම නෙමෙයි කියන්න සාධක තියෙනවා.
Delete@ Rasika kotudurage
Deleteවර්ෂ 1808 සිට 1821 පමණ දක්වා බ්‍රිතාන්‍ය හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කළ හෙන්රි මාර්ෂල් විසින් රචනා කරන ලද Ceylon පොත බලන්න.
වටිනා ලිපියක්. මට ලිපි කිහිපයක්ම මග හැරිලා තියෙනවා. ඉඩ තියෙන විදියට ඒවත් බලන්න එන්නම්.
ReplyDelete@ malmi
Deleteනිස්කලංක පාඩුවේ කියවලා බලන්න අක්කේ.......
ඉතිහාසය කියවන්න අපි කව්රුත් කැමතියිනේ, ඉතිහාසේ නොදත් දේවල් හරි සරලව ලියල තියෙනවා. හසිත අයියා අපේ දේවල් කියෙව්වට මන් අදමනේ මේ පැත්තේ ආවේ. ගුඩ් ලක් අයියා. පොස්ට් වලට ගොඩක් ස්තුතියි
ReplyDelete@ කසුන්
Deleteකියවන්න අකමැති ඉතිහාසය ජනතාවට සමීප කරවන්න තමා මේ වෑයම මලයා. ස්තුතියි මලයා හාහාපුරා කියලා මේ පැත්තේ ගොඩ වැදුනාට වගේම සුබ පැතුවාට :)
සතුටුයි....නවමානයකට සිත යොමු කලාට ස්තුති..
ReplyDeleteසර් සොලමන් ඩයස් අදත් හිටගෙන හොරගොල්ල වලව්ව දිහා
බලාගෙන ඉන්නවා.ඔහු මල පසු කෙලින් අතට දැස් ඇර දෑස් ඉදිරියේ
වීදුරුවක් තබා මිහිදන් කරන ලෙස අන කර තිබෙනවා..දැනට වසර 50,60 කට පෙර ඒ වීදුරුව තිබුබව මපියා කියනවා මට මතකය.
සොලමන් දැඩි ස්ත්‍රී ලෝලියෙකු බවත් කසය ගෙන ගම්මැද සැරිසැරූ බවත් අසා ඇත..
සොහොන අදද හොරගොල්ල සමාධිය ඉදිරිපස තිබෙනවා.
@ rohana
Deleteඒ කථාව මමත් අසා තිබෙනවා. ඔහුගේ ප්‍රතිමාවක් කොළඹ 07 තුරඟ තරග පිටිය සමීපයේ ඉදිකර තිබෙනවා.