ලංකාවේ
හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක්
තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු
පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක්
ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි.
මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු කරුණු මේ පොතේ තියෙන නිසා ඒ උපුටා ගැනීමක් තමා මේ.
දිව්‍ය ලෝකය යනු කිමෙක් ද ?
අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.
අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.
මේ
දිව්‍ය ලෝක මොනවා ද ? බෞද්ධයන්ට උගන්වනු ලබන දිව්‍ය ලෝක ගැන සිතන විට ඒවා
හොඳට කෑම බීම ඇති සැප පහසුකම් ඇති, සුරංගනාවන් පිරිවරාගෙන සිටිය හැකි
කොටින්ම කිව හොත් සුඛෝපභෝගී ජීවිතයෙහි ඉමක් කොනක් නැති තැන් ය.
තිරිසන් සතුන් ද ජීවීන්ට ඇතුළත් ය. බුද්ධාගමේ උගන්වන පරිදි ඌරෙකුටත්, අලියකුටත්, ගොනකුටත් ආදී හැම සතකුට ම මිනිසත් බවක් ද ලැබිය හැකි ය. අපි ඌරකු ගනිමු. ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි.
"මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."
අපි ගොනකුගෙන් ඌ යාමට කැමති දිව්‍ය ලෝකය ගැන ප්‍රශ්න කරමු. ඌට අපේ භාෂාවෙන් කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකි ය.
"මා කැමති හොඳට තණ කොළ තිබෙන ජලය තිබෙන පුන්නක්කු උවමනා තරම් තිබෙන දිව්‍ය ලෝකයට ය."
මේ
නයින් බලන විට මිනිසා පටන් තිරිසනා දක්වා කවුරුත් කැමති හොඳට කා බී
සනීපයෙන් කාලය ගෙවිය හැකි දිව්‍ය ලෝකවලට ය. බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක
සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය. ඒත් දිව්‍ය ලෝක කියා ලෝක ඇත් නම් ය.
අපේ තර්කයට අපි දිව්‍ය ලෝක ඇතැයි කල්පනා කරමු.
ඒ
ඇතැයි කල්පනා කරන ලෝක සුඛෝපභෝගී තැන් ය. තණ්හාව උපදවන තැන් ය. තණ්හාව
උපදවන තැන්වල සිට බෞද්ධයකුට තණ්හාව නැති කර ගැනීම පහසු නො වේ. තණ්හාව නැති
කර ගැනීම බෞද්ධයකු ගේ පරමාර්ථය විය යුතු ය.
අද
බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. බෞද්ධ
භික්ෂුවකට දානයක් දුන් විට පුණ්‍යානුමෝදනාවේ දී කියන්නේ කිමෙක් ද ? මේ දුන්
දනෙහි පිනින් ඊ ළඟ ආත්මයේ දී දෙව් ලොව ගොස් දිවඟනන් පිරිවරා අමෘතය වළඳන්නට
හේතු වාසනා සම්පත් ලැබේ වායි කියායි.
සැප
විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති
තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී
ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක්
නිසා ද ? පාපයක් නිසා නො වේ ද ?
මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි.
ඔන්න ඔහොමයි ඒ කතාව තිබුණේ........
මීමන ප්‍රේමතිලකයන් ගැන මෙතනින් තවත් කියවන්න.
ප.ලි.: ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.
ප.ප.ලි.: පෙරේදා උදේ ඉදන් ඊයේ උදේ වෙනකම් කැලණි රාජ මහා විහාරයේ තිබුණු කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට සහභාගි වෙලා හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ආවා.
ඒ කතාව ලියන්න හිතාගෙන හිටියත් තියෙන මහන්සියට ඒ කතාව කොටාගන්න බැරිවුනා. මේ කතාව කලින් කොටලා තිබුණු නිසා අද පළ කළත් ඉක්මණටම කපිලවස්තුපුර ධාතු වැඳීමේ කතාව කියන්නයි අදහස
පොතේ තියෙන ඒවා ලියනවට වඩා වටින්නේ. තමන්ට හිතෙන දේ ලියන එක. ප්‍රතිපත්තියක් හැටියට මම අනිත් කෘති එක පාටක කියවලා රස විඳිනවා එච්චරයි මොලේ තැනපත් කර ගන්නේ නෑ. එහෙම කලොත් එන්නේ ඒ නිර්මාණයමයි. හැකි තරම් ස්ව නිර්මාණ කිරීමට සිත යොමු කරන්න. ලියන්න ලියන්න ඒ හැකියාව දියුණු වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. මෙය ඔබට පමණක් නොවෙයි, උපුටා ගැනීම් බ්ලොග් වල දාන සියළුම දෙනාටයි.
ReplyDeleteපංකාදු අදහස මාතලන්. මීමන දක්ෂයෙක්.සුනිල් මාධව කියන්කේ එයාගේ පුතෙක්.තවත් පුතාලා තුන්දෙනෙක්ම ඉන්නවා මීමනගේ. ඒ හැම දෙනාම ලේඛකයෝ අද.
Deleteමම දන්න විදිහට මීමනගෙ දුවෙකුත් ඉන්නවා, පත්‍ර කලාවේදිනිකක්
Deleteමට හිනා ගියා.. හාමුදුරුවරු අපාය ගැන ගියා භය කරවීමත් සුරලොව සැප වර්ණනා කිරීමත් ජයටම කරනවා නේද? මේක බෞද්ධාගමට කළ අපහාසයක් හැටියට හිතන්න එපා.. මම සමහර පත්තරවල දැකලා තියෙනවා මෑත කාලීන එක් එක් මිනිස්සු කරපු දේවලින් අපායෙ දුක් වින්ද හැටි එහෙම දාලා තියෙනවා.. ඒවා විස්තර කරලා තියෙන හැටියට නම් මට හිතෙන්නෙ එව්වා බොරු කියලා?
ReplyDeleteමම ඊයෙ කියෝපු ලිපියක දැක්කා සර්වඤ ධාතු බුදුන් වහන්සේගේ නොවෙයි කියන විස්තරයක්.. හසිතට පුළුවන්ද ඒ ගැන යමක් කියන්න..
http://hmherath.blogspot.co.uk/2012/09/blog-post.html
Deleteමෙතනට ගිහින් කියවලා බැලුවා. හිතට දැනුනේ කියාගන්ට බැරි දුකක්.:(
Delete@ හරී: මෙහෙමයි... අපාය/දිව්‍යලෝකය ගැන කියන දෙයින් අදහස් කරන්නෙ පවෙන් වළක්වාගන්නත් පින කෙරෙහි දියුණුකරවන්නත්. මොකද 'සබ්බෙ තසන්ති දණ්ඩස්ස' කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවනෙ. ඒ කියන්නෙ සියළු සත්වයෝ දඬුවමට බියයි කියන එකයි.
Deleteඅනිත් කතන්දරේ තමයි ඒ විදියට මිනිස්සු කළ විස්තර හරිද වැරදිද කියලා අපිට හරියටම කියන්න බෑනේ. සමහරවිට හරි වෙන්නත් පුළුවනි, බොරුවට කියනවා වෙන්නත් පුලුවනි. ඒ නිසා අපි කරන්නෝන ධර්මයත් එක්ක ඒ දේවල් ගැලපෙනවද කියලා බලලා එහෙම ගැලපෙනවනම් විතරක් පිළිගන්න එකයි.
ඊළඟ දේට කියන්න තියෙන්නෙත් ඒ දේ ම තමයි. අපි කොහොමද හරියටම හොයාගන්නෙ ඒ බව? හැබැයි ඉතින් සර්වඥ ධාතු වන්දනා කරන්න පෝලිම් වල තෙරපි තෙරපි ම යන්න ඕන නැහැ. මේ ඉන්න තැන ම ඉඳගෙන සිතින් වන්දනා කරන්නත් පුළුවනි. ශ්‍රද්ධාව උපදවා ගන්නත් පුළුවනි. හිතෙන් රුවන්වැලි සෑය ළඟට යන්න බැරි කාටද? ඒ කාලෙත් මිනිස්සු බුදුහාමුදුරුවන්ට දුර ඉඳන් වන්දනා කළානේ. සර්වඥ ධාතුන් ඇහැට දැක්ක ම ඇතිවෙන ශ්‍රද්ධාව සමහරවිට තව ටික වෙලාවකින් නැතිවෙන්නත් පුළුවන්. මම නම් හිතන්නෙ සර්වඥ ධාතු නියම ම ඒවද නැද්ද කියලා වාද විවාද කරගන්න එක වැඩකට නැති දෙයක් කියලයි!!!!!
//බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය.//
ReplyDeleteකතුවරයාගේ අදහස් හොඳයි. මට හිතෙන හැටියට දිව්‍යලෝකවල සැප කෙසේ වෙතත් පව් කිරීමක් සිදුවෙන්නේ නෑ. තියෙන පින් ටික ගෙවෙනකල් ඉන්න එකයි සිද්ධවෙන්නේ. පවක් නොකර ඉන්න එකත් කොයි තරම් අමාරු වැඩක්ද? ඒ හන්දා ටික කාලෙකට හරි සැනසීමෙන් ඉන්ට තැනක් තියනවා නම් මිනිස්සු ඒකට කැමති ඇති.
දිව්‍ය ලෝක ඔය තරම් නරක තහනම් කලයුතු තැන් නම් බුදුවෙන්ට පෙරුම් පුරන බොධිසත්වයින් වහන්සේලා දිව්‍යලෝක වලට වෙලා තමන්ගේ කාලය එනකල් ඉන්නේ ඇයි?
දිව්‍යලෝකවල සැප සම්පත් තිබුනාට ඒවා සැප සම්පත් කියලා තණ්හාවෙන් අල්ලගෙන ඉන්න තැනක් නෙමේ වෙන්ට ඇති. ඔය ඉතින් මට හිතෙන හැටි.:)
ඒ අත්දැකීම් කුරුටු ගානතුරු බලා ඉදිමි :ඩී
ReplyDelete//අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ.//මීමන ප්‍රේමතිලකයන්ගේ මේ අදහසට මාත් එකගයි.ජය !
ReplyDeleteඅන්න නියම බවුද්ධයෙක්.. ඇත්ත.. බුදුදහමේ පදනම විනාශ කරන්නේ සමහරක් චීවර ධාරීන් තමයි..
ReplyDelete////ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි."මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."////
ReplyDeleteඅහෝ. අපගේ නොමද ගෞරවට පාත්‍ර වී සිටි මීමන මහතාගේ දැක්මේ මහත.
සියලු දේ තම බුද්ධි මට්ටමෙන් විසඳාගන්නට තැත් දරණ විට තමා නොදැනුවත්වම වැටෙන උභතෝකෝටිකයට මීමන ප්‍රේමතිලක මහත්තයත් වැටිලා හැඩයි.
////මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි.////
රහසින්වත් පව් නොකල බුදුන් පියාණන් දිව්‍යලෝක ගැන දේශනා කලේත්, දිව්‍ය සැප සම්පත් ගැන දේශණා කලේත් උදාහරණ ලෙස, උපමා ලෙස නොව සත්‍ය තත්වය ගැනම නොවේද? සර්වඥතා ඥානය හමුවේ මීමන මහතාගේ ඥාණය හා සැසදීමට උදාහරණවත් නැති තරම්. ඉතින් බණ පොතින් වචන ඉවත් කිරීමට තැත් දරන මෙතුමාට අනුකම්පා නොකර අපි කුමක් කරමුද?
////අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. //// මීමන මහත්තයා මේ ප්‍රකාශය කරන්න තිබුනේ තමන් සිල්වත් භික්ෂුවක් වෙලා ආදර්ශයෙන් ඒ බව පෙන්වලානේ. භික්ෂුවක් තබා අනෙකෙකු විවේචනය කරන්න අපට තිබෙන සුදුසුකම මොකද්ද?
////ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.//// මීමන මහත්තයා මේ කියනවා වගේ කතා නම් එදිනෙදා පත්තරයක් බැලුවත් ඕන හැටියෙ තියෙනවා. උපුටලා දාන්න තරම් දේවල් නෙමෙයි, මාතලන් ගොයියා කියනවා වගේ උපුටාගන්නෙ නැතිව තමන්ගේ සොයා ගැනීමක්, තමන්ගෙ අදහසක් දාන එක නේද වටින්නෙ. මෙච්චර කල් කලා වගේ.
හසිතගේ මේ ලිපිය ගැන මා ස්තුතිවන්ත වෙන්නෙ වෙන කිසි දෙයක් නිසා නොවේ, සිය බුද්ධිමට්ටමට අනුව (ඇත්තටම නම් මුග්ධ බව) සියල්ල විග්‍රාහ කිරීමට යන මීමනලා වැනි තවත් පිරිසකට මෙයින් සිතන්නට යමක් හසිතගේ කමෙන්ටුවකින් වත් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන්.
- නිතර යන එක බ්ලොග් පාඨකයෙක්.
හරියටම හරි. මේ ලිපිය කියෙව්වාම ලොකු දුකක් ඇති උනා. මිනිස්සු මහා ප්‍රග්න්යෝ වගේ හිතෙන හිතෙන විදියට බුද්ධාගම විග්‍රහ කරන්න හදනවා. නමුත් අන්තිමට ගොඩනගන තර්කයක් නෑ. බුදු දහමේ උණුසුමවත් දැනිල නෑ කියල තමයි කියන්න තියෙන්නේ.
Deleteබුදුහාමුදුරුවෝ මන් දන්නා තරමින් දිව්‍යලෝක ප්‍රතික්ෂේප කලේ නෑ. අපි අමතක කරන්න හොඳ නෑ දෙවිවරු තමයි වැඩිපුර නිවන් අවබෝධ කලේ. උරෙකුට දිවය ලෝකේ යන්නට පෙර මනුස්ස ආත්මයක් ලබාගෙන සවිඥානික බුද්ධියක් ඇති කරන්න ගන්න වෙනවා. තවත් එකක්, විවිධ වූ දිව්‍යලෝක වල විවිධ බුධ්දී මට්ටමේ ධ්‍යාන මට්ටමේ දෙවිවරු සහ බ්‍රහ්මයෝ වාසය කරනවා. උරෙක් දිව්‍යලෝකේ යන උදාහරණය හරිම මුග්ධයි කියල තමයි කියන්න වෙන්නේ.
අනික් කරුණ නම් අපි පිනක් කරලා පින් අනුමොදන්වෙලා හොඳ හිතින් ප්‍රර්ථනා කරන්න ඕනේ මේ කරගත් පින උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට පාරමිත ධර්මයක් වේවා කියල. දිව්‍ය සැප ප්‍රර්ථනා කලොත් සංසාරේ දීර්ග වෙන එකයි වෙන්නේ.
මන් නිතරම මේ හරවත් බ්ලොගය නරබනවා. හසිත, අසත්‍ය දෙයක් මත පදනම් වූ ලිපි වෙනුවට සත්‍ය මත පදනම් වූ ලිපි පෙළක් දමන්නට ආරාධනා කරනමි. එතකොට තමයි දැනුම බෙදා ගැනීමක් වෙන්නේ. නැත්තම් දැනුමෙන් රණ්ඩුවක් වෙන්නේ. ඔබගේ බ්ලොගයට සාකච්චා පිටුවකුත් එකතු කරන්නට කලේ හරි :):):)
////දිව්‍ය සැප ප්‍රර්ථනා කලොත් සංසාරේ දීර්ග වෙන එකයි වෙන්නේ. //// ඇත්ත කතාව. මාර්ගපල ලබාගෙන දිව්‍ය ලෝක වලට ගිය අය හැරුණු කොට දිව්‍යලෝක වල කල්ප ගණන් දිව්‍ය සැප වින්දත් අවසානයේ තියෙන්නෙ තවත් භවාන්තර නොනිමි ගමනක් මිසක් නිවන නොවේ. ඉතින් අපි පුන්‍යානුමෝදනාවේදී හැකි පහසුම ප්‍රතිපදාවෙන් නිවනම පැතීමයි සුදුසු.
Delete...............
නිවැරදි නොවන ලෙස කල්පනා කොට අනුමානයෙන් පවසන, මුල මැද අග යන තුන් තැනින් එක් තැනකුදු යහපත් නොවන අසත්‍ය ධර්මයෝ දුරාඛ්‍යාත ධර්මයෝය.
"දුරක්ඛාතෙ භික්කවේ, ධම්මවිනයෙ යො ච සමාදපෙති
යං ච සමාද පෙති යොච සමාදපිතෝ තථත්තාය පටිපජ්ජතී,
සබ්බේ තෙ බහුං අපුඤ්ඤං පසවන්ති" -අංගුත්තර ඒකක
"මහණෙනි, දුරාඛ්‍යාත ධර්මය යමෙක් සෙස්සන්ට පිළිගන්වයිද, යමෙකුට පිළිගන්වයිද, යමෙක් පිලිගෙන පිළිපදීද, ඒ සියල්ලෝ ම බෝහෝ අකුසල් රැස් කෙරෙතියි."
විශිෂ්ටයි! ගාථාව අර්ථයෙන් විශිෂ්ටයි!
Deleteමමත් මේ අදහස් වලට එකගයි...
ReplyDeleteධාතු කතාවත් කියන්ඩ එහෙනම්...
ReplyDeleteඇත්තටම අද වෙනකොට බණ දේශනා කරනව කියල කරන්නේ දේව සාහිත්‍යය දේශනා කරන එක.. දේවකථා එහෙම හුඟක් සිත් ඇදගන්නා ආකාරයට නිර්මාණය කරල තියෙන්නේ දේව සාහිත්‍යය තුල මිසක් බුද්ධ ධර්මය තුල නෙවෙයි...
ReplyDelete// සැප විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක් නිසා ද ? පාපයක් නිසා නො වේ ද ? //
දානය වගේ පුණ්‍යක් ක්‍රියාවක් මේ විදියට තර්කයකට භාජනය කිරීම කොයිතරම් දුරට නිවැරදිද කියන එකත් ප්‍රෂ්නයක්, බුදු දහමේ දානය කියල හඳුන්වන්නේ මට දිව්‍ය ලෝකයේ යන්න ලැබේවා කියල දෙන දානයද? මේ දානයෙන් කෙනෙකුගේ කුසගින්න නිවේවා, කෙනෙකුගේ රෝගොගයක් සුවපත් වේවා, ආදී වෂයෙන් පහන් සිතුවිලි උපදාවගෙන දෙන දානයද කියල හරි අවබෝඅදයක් තියෙන්න ඔනේ...
දෙවියන්ට පින් කරන්න බෑ කියනවා නේද? බුදු වෙන්නෙත් මනුෂ්‍යයෙක් නේ. පින් දහම් කරලා සැප සම්පත් ප්‍රාර්ථනා කරන ඒක හරිද කියන එක මට නම් ගැටළුවක්. එහෙම කරද්දී තෘෂ්ණාවක් ඇති වෙනවා නේ...
ReplyDeleteමමත් මේ අදහසට එකඟයි. ඇයි මිනිස්සු මිනිසත් බැවින් මිදිලා දිවිය ලෝකේ යන්න හදන්නේ
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. මට මතක් උනා මාස ගනනාවකට කලින් දහම් මාවතේ මම කියවපු පෝස්‍ටුවක්. මට මතක විදිහට මගේ පලමු කොමෙන්‍ටුවත් කෙටුවේ ඒකට. අද සමහර ස්වාමීන් වහන්සේලාත් බුදු දහම වැරදි ලෙස අර්ථ දක්වනවා. සමහරෙක් කාලීන ධර්ම දේශනා කියලා මොනවදෝ විකාර කියමින් යනවා. අපේ උපාසක උපාසිකාවෝ අනේ සාදු කියලා අර සේරම හිස් මුදුනින්ම පිලිගන්නවා. තවත් විදිහකට කියනවානම් ගෙඩිය පිටින් ගිලිනවා. මේ හැමෝම නැණ නුවණ නැති ඇත්තෝ නෙවෙයි. ඇසූ පිරූ තැන් ඇති උදවිය. ගැටළුව මෙයාලා යම් මුලාවකට අසු වෙලා. නිර්වාණ සත්‍යය වෙනුවට මෙයාලා හඹා යන්නේ වෙනත් මොකක්දෝ යමක් පසු පස. පන්සල ඇතුලට විවිධ දෙවිවරු වැඩම කරලා. එයාලගේ නියෝජිතයොත් ඉන්නවා ඒ තැන් වල. දෙවියෝ ගැන නෙමේ අර නියෝජිතයන්ටත් අපේ සමහර ඇත්තෝ ගරු කරනවා බුදුන්ට වඩා. අපේක්ෂාව ලෞකික සුඛ විහරණය.
ReplyDeleteකෝ ධාතු කතාව...
ReplyDeleteඔය පොත මම කියෙව්වේ මීට වසර ගානකට කලින්. අපේ ගෙදර පුස්තකාලේ තිබිලා. මට ඒ පොත කියවලා විකාර වෙලා හිටියේ.. පුදුම දැක්මක් තියන කෙනෙක්.
ReplyDeleteධාතු වැඳීම වැදගත් වැඩක්...
ReplyDeleteසමහර බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් තණ්හාවෙන් ජීවත් වෙන්නේ. ඒත් දානයක් දීලා නම් විවිධ අය විවිධ දේවල් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteමීමන ප්‍රේමතිලක මාර මීටරයක් තමා...
ReplyDeleteපොත් කියවනකොට තේරෙනවා..
මට මතක් වෙන්නෙ අපි දහම් පාසල් යන කාලෙ..ප්‍රධාන පොහොය තුනට වගේ..සිල් ඇත්තන්ට..ආවතේව කරන්න ගියා..ඒ දවස්වල ඒක අපිට පවරල තිබුන ලොකු හාමුදුරුවන් විසින්. එහිදි අපිට හරියට හිනා යනවැඩ උනා. අපේ සිල් ගන්න උපාසක අම්මල හරි කැමතියි දිව්්‍යලෝකෙ ගැන බණ අහන්න. දිව්්‍යලෝකෙ ගෑවුන වචනයක් ගැන හාමුදුරුවන්ගෙ කටින් පිටවෙනකොටම..සාදු කියනව මහ හයියෙන්..!අපිට හරිම විනෝදයක් උනා ඕක.හැබැයි එක වයසක හාමුදුරුකෙනෙක් ඕය ගැන කියල බැන්න.
ReplyDeleteධාතුවන්දනාව ගැන හසිතගෙ අත්දැකීම් ගැනත් දැනගන්න කැමතියි..!
බුදු දහමේ ඉගැන්වෙන මුලික හරය මේකයි කියල මට හිතෙනවා!අපි වට තියෙන හැම දේම අපේ මනසට සාපේක්ෂයි!
ReplyDeleteමල්ලි අබේ බ්ලොග් එක මාර රහයි.
ReplyDeleteඅපේ තාත්තගෙ පොත් කබඩ් එකේ තිබ්බ පොත් ගනනාවක් මගෙ හිතේ අදත් රැඳිලා තියෙනවා. ඔන්න එයින් එක පොතක්! ඔය පොතට මම පොඩිම කාලෙ නම් කැමති නෑ මොකද ඒක කතන්දර පොතක් වගෙ නොවන නිසා. පස්සෙ කාලෙක මම ඕක කියෙව්වා. ආයෙම හොයාගෙන බලන්න ඕනෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මට හිතෙන්නෙ මෙහෙම දෙයක්
ReplyDeleteදිව්‍යලෝකයට යන ආශාව ඇති කරලා හරි මිනිස්සු හොද ක්‍රියා වැඩි වැඩියෙන් කරන්න පෙළඹවීම වැදගත් කියන එක... බහුතරයක් ස්වාමීන්වහන්සේ ගිහියෙකු පුණ්‍ය ක්‍රියාවක නිරත වුනාම ආශිර්වාද කරන්නෙ දිව්‍ය සැප සම්පත්තිය ලැබේවා කියලා තමයි.... ඔබට නිවන් සැප ලැබේවා කියලා කියන්නෙ මරණයට පත් වුනාම විතරයි...
මේක කියෙව්වම මට එක පාරටම හිතුනේ ඔන්න සර්පයාගේ වලිගෙ අගින්ම අල්ලාගෙන වගේ කියල. එත් ඉතින් මම කොහොමද එහෙම කියන්නේ මම මොනවද ධර්මය ගැන දන්නේ.
ReplyDeleteහැබැයි මට හිතෙන විදියට නම් අපි ප්‍රර්ථනා කරන්න ඕනේ දෙව්ලොව සැප නෙවෙයි සුගති උත්පත්තියත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්. මේ භවයේදීම නිර්වාන අවබෝධ කරන්න තියනවනම් ඊට වඩා සැපක් නම් නැහැ එත් ඉතින් second plan එකක් තියෙන්න ඕනේ නේ හදිස්සියෙවත් බැරි උනොත්. දුගති උත්පත්තියක් ලැබුනොත් කොහෙද බණක් අහන්න භාවනා කරන්න අවස්ථාවක්. පොඩ්ඩක් හිතන්නකෝ දරුණු ආබාදයක් තියන ලෙඩෙක් ගැන එයට පුළුවන් වෙයිද හිත තැන්පත් කරගෙන භාවනාවක් පුරුදු කරන්න? ඒ නිසයි සුගති උත්පත්තියක් ලබන්න ඕනේ, නැතුව දිව්‍ය භෝජන ලබන්න හිතාගෙනවත් දිව්‍යන්ගනාවෝ ලබන්න හිතාගෙනවත් නෙවෙයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තිබ්බොත් ඒ අය අපිව ධර්මයට යොමු කරනවා. නැත්නම් ඉතින් කල්‍යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැනේ. ඉතින් සුගති උත්පත්තියක් ලබා ගන්න එකෙන් ධර්මයේ හැසිරෙන්න පහසුවක් වෙනවා. හැබැයි ඉතින් දිව්‍යලෝකේ ගිහින් ඒ සැපට ඇලිල වාසය කරොත් ආයෙත් සතර අපායට වැටෙන්න පුළුවන්. අනිත් දේ තමයි මාර්ගපල ලාභී දෙවිවරු දෙව්ලොව හැසිරෙනවා උදාහරණයක් විදියට අනේපිඬු සිටුතුමා විශාකාව වගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සුගතියේ තවමත් ඉන්නවනේ. ඉතින් ඒ අයගෙන් පිරිසිදු ධර්ම දේශනා අහන්න අවස්ථාව ලැබෙන්නේ සුගති උත්පත්තියකදී විතරයි.
දෙව්ලොව සැප වැඩි නිසා ධර්මයෙන් දෙව්ලොව අයින් කරන්න ඕනේ කියන අදහස ධර්මයට පටහැනි කියල හිතෙනවා. එහෙනම් ඉතින් ඔක්කොමල යවන්න ඕනේ සතර අපායටනේ එහෙනේ ඉතින් දුක වැඩිපුරම තියෙන්නේ. එහෙමයි කියල දෙව්ලොව දුක නැතුව නෙවෙයි නේ. මිනිස් ලොවට සාපේක්ෂව අප්‍රකටයි විතරයි.අපි පුරුදු වෙන්න ඕනේ සැපයට නොඇලෙන්නත් දුකට නොගැටෙන්නත් අනිත්‍ය මෙනෙහි කරන්නත් නැත්නම් අර දේශනාවක තියනව වගේ මේ ලෝකේ ඉන්න බිහිරි අන්ද පිරිසගේ සිත්වල කෙලෙස් අඩු වෙන්න ඕනේ නේ එහෙම වෙනසක් නැහැයි කියල නේ අපි අහල තියෙන්නේ. ධර්මයේ කියන්නේ තමන්ගේ සිත පාලනය කර ගන්න කියල මිසක් සැප ඇති තැන් වලින් ඇත වෙලා දුක් විඳිමින් ඉන්න කියල නෙවෙයි. එහෙම හිතුවොත් අපිත් තමන්ගේ පව් සෝදාගන්න සීතර වතුරේ ගිලෙන අන්‍යාගමික පිරිසත් අතර ඇති වෙනස මොකක්ද?
ඔන්න ඔහොමයි මට හිතෙන හැටි සමහර විට මම සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් පුළුවන්.
ඔයගේ කතාවට මමත් එකගයි..එරන්දි
Deleteමම හයේ පන්තියේ ඉන්න කොට මේ පොත කියෙව්වා.ඒත් ඒ කාලෙදි පොතේ රසයක් දැක්කේ නැති වුණත් ලොකු වෙද්දි ආයෙත් මම මේ පොත හෙව්වා.අද යන්තම් බලා පොරොත්තුවේ කොටසක් ඉටුවෙලා.මේ පොතේ තියන අනිත් කරුණුත් එළියට එනකම් මම බලාන ඉන්නවා.බොහොම් ස්තූතියි.ජය!!!
ReplyDeleteකලින් කියවල නැති පොතක්. දාල තියන කොටස දැක්කහම නම් කියවන්න හිතුන.
ReplyDeleteමෙතැනදි වෙන්නෙ තන්හාව තව තවත් වැඩිවන එකයි. අතහැරීමක් සිදුවෙන්නෙම නැහැ.
ReplyDeleteමීමන ප්‍රේමතිලක කිව්වාම ඔහුගේ මාධ්‍ය කලාව සහ භාවිතය මතකයට නැගුනා. ඒවගේම ඔහුගේ අඩිපාරේ යන සුනිල් මාධවත් ඒවගේ..
කෝ මේකට උත්තර හා අද කතාව... :)
ReplyDeleteහරවත් සංවාදයකට සුදුසු මාතෘකාවක්..
ReplyDeleteමම නම් හිතන්නේ මේ දිව්‍ය ලෝක සංකල්පය නිසා බුදු දහමේ නිවන සංකල්පය යට ගිහින් කියලා..ඒ නිසා තර්කාණුකූලව දෙයක් අවබෝධ කරගන්නවාට වැඩිය අන්ධ භක්තියට ඉඩ ඇවිත්..
හෙට උදෑසනත් වෙනත් කතාවක් පළවේවි. මේ සටහන සමඟ ඇතිවුණු ප්‍රශ්න, අදහස් ආදිය ගැන මගේ පිළිතුරු වගේම ප්‍රතිචාර හැකි ඉක්මණින් පළ කරන්නම්. ප්‍රමාද වීම ගැන කණගාටුව.....
ReplyDeleteඅහන්ට හැදුවා විතරයි ගෙදර අයිතිකාරය කෝ කියලා :D
Deleteමීමනගෙ සාහිත්‍ය ගැන නම් වැඩිය දන්නෙ නෑ. ඒත් එයාගෙ පුතාගෙ, "සුනිල් මාදව"ගෙ කලා භාවිතය නම් සුපිරියි. සුන්දර මිනිහෙක්.
ReplyDeleteහොඩක් වැදගත් දේවල් මේකෙ තියෙනවා,ඒ නිසා තව ලියන්න හැකිවේවායි මම සුබ පතනවා. පුලුවන්නම් මේ බ්ලොගෙර් එකත් බලන්න, http://matahithenahatty.wordpress.com/
ReplyDeleteසහෝදරයගේ බොහො කතිකාවන් සමග මම එකග වන නමුත් එකගවිය නොහැකි යම් කරුනක් මතුවීම නිසා
ReplyDeleteමෙසේ ලියමි. දිවියලෝක පෙන්වා දානය සදහා, පින සදහා මිනිසුන් යොමුකිරීම වැරදි යැයි ඔබ හගවා තිබේ. එය තීරනය වන්නේ පුද්ගලයා මතයි. නමුත් අප දන්නා කරුන නම් නන්ද කුමරු භාවනාව සදහා යොමු කිරීමට දෙව්ලොව දෙව් අගනන් පෙන්වා ඔවුන් ලබාදෙන බව පවසා ඔහු අරමුන වෙත යොමු කළ අවස්ථාද ඇත. එ අනුව මෙය වැරදි යැයි මට නොහැගේ.මිනිසුන් වශයෙන් සියළු දෙනා ලාභ සත්කාරයට, අගය කිරීමට කැමැත්තො වෙති.