උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි.
ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් මහනෙල් මල් සුවඳ උපතේ ඉදන් ආපු පුද්ගලයෙක් ගැන.
ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් උපතේ ඉදන්ම මහනෙල් මල් සුවඳ ආපු පුද්ගලයෙක් ගැන.
බුද්ධ කාලයේ සැවැත් නුවර හතළිස් කෝටියක් විතර සල්ලි තිබුණු සිටුතුමෙක්ට දාව සිටු දේවියට පුතෙක් ඉපදෙනවා. මේ සිටු කුමාරයා මුඛය විවෘත කරන වාරයක් පාසාම ගෙදර පුරාම මහනෙල් මල් සුවඳ පැතිරිලා යනවා. ඒ නිසා සිටු කුමාරයාට දෙමාපියෝ තියෙන නම තමා "උත්පලගන්ධ" කියන එක.
නිසි වයසට එළඹිලා විවාහයකුත් කරගෙන උත්පලගන්ධ සිටුතුමා කල් ගත කරද්දී බුදු හාමුදුරුවන්ව මුණ ගැසීමත් එක්ක ධර්මය ශ්‍රවණය කරන උත්පලගන්ධ සිටුතුමා ගිහි ගෙය ගැන කළ කිරිලා තමන්ගේ හතළිස් කෝටියක් විතර සල්ලිත් සිටු තනතුරත් ගිහි සැපතත් අත් හැරලා පැවිදි වෙනවා.
ටික දවසකින්ම විදර්ශනා භාවනාව වඩපු උත්පලගන්ධ හාමුදුරුවෝ රහත් වෙලා උත්පලගන්ධ රහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධ වෙනවා.
සැවැත් නුවර ඇතුළු කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා උත්පලගන්ධ සිටුතුමා මහණ වුණු බව අහලා හිමියෙක් නැති භාණ්ඩයක් තියෙනවා නම් ඒවා රජු සන්තක දෙයක් වෙනවා කියලා උත්පලගන්ධ සිටුතුමාගේ සිටු දේවිය තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත් කරගන්නවා :)
දවසක් දා රජතුමාට මල් ගේන මාලාකාරයෝ රජතුමාට මහනෙල් මල් ගෙනත් දෙනවා. රජතුමා ඒ මල් තමන්ගේ අන්තඃපුර බිසෝවරු 500 අතරේ බෙදා දෙනවා.
ඒ වෙලාවේ මහනෙල් මල් සුවඳ ආඝ්‍රණය කරපු සිටු දේවියට සිහිපත් වෙනවා තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමාගේ මුඛයෙනුත් මේ ආකාරයෙන්ම මහනෙල් මල් සුවඳක් පිටවුණා නේද කියලා.
ඒක සිහිපත් වුණු නිසා හුඟක් සතුටු වුණු සිටු දේවිය ඊළඟට ඒ වගේ ස්වාමියෙක්ගේ වෙන් වෙන්න වුණු එක ගැන සිහිපත් වෙලා දුක් වෙනවා. මේක දැකපු කොසොල් රජතුමා සිටු දේවිය මේ ආකාරයෙන් හිනාවුණු එකට වගේම අඬපු එකට හේතුව විමසනවා.
සිටු දේවිය කියනවා මහනෙල් මල්වල සුවඳ ආඝ්‍රණය කිරීමත් එක්ක තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමා සිහිවුණු බවත් ඔහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමපු බවත්. ඒක නිසා සතුටු වුණත් ඔහුගෙන් වියෝවුණු දුකට අඬපු බවත්.
ඒත් කොසොල් රජතුමා විශ්වාස කරන්නේ නැහැ මනුස්සයෙක්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා කියන එක.
පස්සේ සිටු දේවිය කියනවා "ඔබතුමාට මම කියන එක විශ්වාස නැත්නම් දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන උත්පලගන්ධ මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න යන්න එතකොට මම කිව්වේ ඇත්ත කියලා වැටහෙයි. එහෙම වුණේ නැත්නම් ඔබතුමා කැමති දඬුවමකට ලක් වෙන්න මම කැමතියි" කියලා.
කොසොල් රජතුමා මේ ගැන හොයලා බලන්න තීරණය කරලා පහුවෙනිදා උදෑසන දානයට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ උත්පලගන්ධ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 500 නමකට රජ මාළිගාවට ආරාධනා කරනවා.
දානයට මාළිගාව සූදානම් කරද්දී මාළිගාවේ තිබුණු සුවඳ භාණ්ඩ සියල්ලම මාළිගාවෙන් බැහැර කරවන්න වගේම බණ අහන්න එන අයටත් සුවඳ මල් පළඳින්නේ නැතුව සුවඳ ගල්වන්නේ නැතුව පැමිණෙන්න කියලාත් කොසොල් රජතුමා අණ කරනවා. රජතුමාත් ස්නානය කරලා සුවඳ ගල්වන්නේත් නැතුව සුවඳ මල් පළඳින්නේත් නැතුව දානය සඳහා සම්බන්ධ වෙනවා.
දානයට වැඩම කරපු බුදු හාමුදුරුවන්ට කොසොල් රජතුමාගේ අදහස පෙනුණු නිසා රජතුමාගේ සැකය දුරු කරවන්න ඕනේ කියලා හිතලා උත්පලගන්ධ රහතන් වහන්සේට නියම කරනවා දානයේදී ධර්ම දේශනාව සිදු කරන්න කියලා.
බුදු හාමුදුරුවන්ට වැඳලා අවසර ගත්තු උත්පලගන්ධ රහතන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්න මුඛය විවෘත කරපු සැණින් රජ මාළිගාවේ සෑම තැනම උන්වහන්සේගේ මුඛයෙන් විහිදෙන මහනෙල් මල් සුවඳ පැතිරිලා ගියා.
බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා
රජතුමාත් තමන්ගේ සැකය දුරු කරගෙන සතුටින් බණ අහලා අවසානයේදී බුදුන් වහන්සේ සමීපයට ගිහින් උත්පලගන්ධ රහතන් වහන්සේ මුඛයෙන් මේ ආකාරයෙන් මහනෙල් මල් සුවඳ හමන්න හේතුව විමසනවා.
ඒ අවස්ථාවේදී බුදු හාමුදුරුවෝ උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයක කරපු කුසල කර්මයක් ගැන දේශනා කරනවා. මීට කල්ප ලක්ෂයකට පමණ කලින් ලොව පහල වුණු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී ඉතාමත්ම දුප්පත් වෙලා ඉපදිලා හිටිය පුරුෂයෙක් හැමදාම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරපු බවත් ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් හැමෝටම කලින් සාදුකාර දෙමින් ධර්මය ශ්‍රවණය කරපු කුසල කර්මයෙන් දෙව් මිනිස් සැප විඳලා මේ කාලයේදී උත්පලගන්ධ නමින් ඉපදිලා ඒ කුසල කර්මයෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්න තරම් භාග්‍යවන්ත වුණු බව බුදු හාමුදුරුවෝ දක්වනවා.
ඒ වෙලාවේ සිටු දේවිය තමන් ගාවට කැඳවපු රජතුමා දේවිය නිසා තමන්ට වුණු ධර්ම ලාභය ගැන ඇයටත් ප්‍රශංසා කරනවා.
කතාව අවසානයි. මේ වගේ කතා කියවද්දී සමහර අයට ගැටළු ඇති වෙන්නත් පුලුවන් මේ දේවල් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. ඒකට සරල උත්තරයක් දෙන්නම්.
උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයේ කරපු කුසල කර්මය වෙන්නේ ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් සාදුකාර දීපු එක. ඒක සරලව විග්‍රහ කළොත් යහපත් දෙයක් ගැන සතුටු වෙලා ඒ දේ යහපත් කියලා අගය කරපු එක. ඉතින් ඒ ගුණාංගය අපේ ජීවිතේට අපි ඇතුළත් කර ගනිමු.
මේ කතාව උපුටා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදය-අසදෘශ මහා දාන පූජා කතා කොටසෙන්.
මේ කතාව උපුටා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදය-අසදෘශ මහා දාන පූජා කතා කොටසෙන්.
ප.ලි.: කලින් දවසකත් කිව්වා වගේ තවමත් අපේ Logic මිස්ගේ පොත ටයිප් කරමින් ඉන්නේ. ඒක නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබෙන කාල වේලාව හරිම අඩුයි. ඒ ගැන සමාව භජනය කරත්වා....
මේ දවස්වල බුදු දහම ගැන වගේම බෞද්ධ සාහිත්‍යය ගැනත් බ්ලොග් කීපයකට ලියවිලා තිබුණා. ඒ ගැන නම් හුඟක් සතුටුයි. මෙන්න ඒ කීපෙකට යන්න පාරවල්.
කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ලියපු බෞද්ධයෝ වූ අප වාසනාවන්තයන් ද අවාසනාවන්තයන් ද ?
අනූ නඟා ලියපු ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ
ලහිරු අයියා ලියපු සක්විති රජ කෙනෙක් කියන්නේ මොනවගේ කෙනෙක්ද ?
කස්ස අයියා ලියපු මෛත්‍රී බුදුන්ටත් පලදෙන පාප කර්ම
අනූ නඟා ලියපු ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ
ලහිරු අයියා ලියපු සක්විති රජ කෙනෙක් කියන්නේ මොනවගේ කෙනෙක්ද ?
කස්ස අයියා ලියපු මෛත්‍රී බුදුන්ටත් පලදෙන පාප කර්ම
//මේ වගේ කතා කියවද්දී සමහර අයට ගැටළු ඇති වෙන්නත් පුලුවන් මේ දේවල් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා.//
ReplyDeleteමට මේ කතා කියවද්දි මතක් වෙන්නෙ ම ධතු වඳින්න නොයන්න තීරණය කරගෙන සිටියත් ඉබේටම වගේ ඒතන්ට ගිහිල්ලා අනිත් අයටත් වාඩ වැඩි වේලාවක් එහි රැදී සිටින්න හසිතට ලැබුනු අවස්ථාව. ඒ සිද්දියත් කතා වස්තුවක් වගේ ලිව්වොත් සෑහෙන දෙනෙක්ට විස්වාස කරන්න බැරි වෙයි.
වැදගත් ම දේ උත්පලගන්ධ ස්වාමින් වහන්සේ වගේ අය ඉතා දුර්ලභයි. කලාතුරකින් වුනු දෙයක්. ඉතින් සාමාන්‍ය මනසින් විග්‍රහ කර ගත නොහැකි දුර්ලභ දේවල් අදත් කොච්චර නම් වෙනවද?
@ බුද්ධි
Deleteසර්වඥ ධාතු වඳින්න ලැබුණු එක නම් පුදුම සහගත දෙයක් තමා අයියා. ඒක ගැන මගෙන් ප්‍රශ්න කරපු කීප දෙනෙක්ටමත් මම කිව්වේ දෙයක් වෙන්න තියෙනවා නම් ඒක වෙන එක වෙනවාම තමා. මොකක් හරි බලවේගයකට මට ඒ අවස්ථාව ලබාදෙන්න උවමනා වුණු නිසා මට ඒක ලැබුණා කියලා.
ඒ වගේමයි උත්පලගන්ධ හාමුදුරුවන්ගේ කතාව වගේ කතා ගැන තවත් යමක් කිව්වොත් මොකක් හරි දෙයක් අපේ පංචේන්ද්‍රියට ගෝචර නොවූ පමණින්ම නැහැ කියලා බැහැර කරන්න බැහැ
අදත් ගොඩාක් වටින ලිපියක්....ස්තූතියි
ReplyDelete@ වකා - WAKA
Deleteස්තුතියි නඟා අගය කළාට :)
හොඳ කතාව. අපේ ලමයිනටවත් බලන්න මේවා ටයිප් කරන එක මහත් ඵල මහානිසංසයි.
ReplyDelete@ අකලංක
Deleteවර්තමාන පරම්පරාවත් මේ කතා කියවන්නේ නැති වෙද්දී අනාගත පරම්පරා මෙහෙම කතා තිබුණද කියලාත් දැනගන්නේ නැතිවෙයි. ඒක නිසාමයි මේ වැඩේට අත ගැහුවේ. අනාගත පරම්පරාවට මේවා කියවන්න ඉඩකඩ සැලැස්වීම ගැන ස්තුතියි අයියා :)
ඉතාම ලස්සනට ජාතක කතාව ලියලා තියනවා වත්මනටත් ගලපා.මේ ලිපිය මම දරුවන්ටත් කියවන්න දුන්නා
ReplyDeletehttp://samakayawate.blogspot.com/
@ Naleen Dilruksha
Deleteජාතක කතා කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ බුදු හාමුදුරුවන්ගේ බෝසත් දිවිය සම්බන්ධ කතානේ. උත්පලගන්ධ හාමුදුරුවන්ගේ පෙර භවයන් ගැන තියෙන නිසා මේ කතාවත් ජාතක කතාවක් කියලත් ගන්න බැරිකමක් නැහැ. ඒත් මේවා බෞද්ධ සාහිත්‍යය කියලා ගත්තොත් පැටලීමක් නැහැ.
අනාගත පරම්පරාවට මේ දේවල් දායාද කරන එකට අයියාගෙන් ලැබුණු දායකත්වයට ස්තුතියි :)
බොහොම ස්තුතියි හැමදාම වගේ නොදන්නා දෙයක් ලස්සනට කියා දීම සම්බන්ධව. ඒ වගේ දැනුම ලබා දීමෙන් ලැබෙන්නේ මොන වගේ ආනිශංස වෙන්න ඇතිද ?
ReplyDelete@ රාමා
Deleteදැනුම බෙදා දීමත් කුසල කර්මයක් තමා. ඇත්තම කිව්වොත් මේ කාර්යයෙන් ලැබෙන ආනිශංසය ගැන නම් මම දන්නේ නැහැ අයියා. මම මේ වැඩේ කරන්නේ මගෙන් වෙන්න ඕනේ වගකීමක් කරනවා කියන සිතුවිල්ලෙන්.
අනික් අතට අපි හොඳ වැඩක් කරද්දී ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතාගෙන කරනවා නම් එතැන තණ්හාවක් නොවැ තියෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් කවුරු හරි දාන මාන කරලා දිව්‍ය ලෝක සැප පතනවා නම් ඒක භව තණ්හාව නොවැ :)
අයියාගේ ප්‍රශ්නෙට මට හිතෙන විදිහට උත්තරයක් දුන්නොත් දැනුම බෙදා දෙන එකේ ආනිශංසය තමා බුද්ධිමත් බවෙන් උසස් තත්වයට පත් වෙන එක
හිත පිරිසිදු නම් කයත් සෞම්‍ය වෙනවා. වෙන්න පුලුවන් දෙයක්ද නැද්ද හිත හිතා ඉන්නවට වැඩිය හොඳ දෙයක් නම් හිතට ගැනීමයි වැදගත්.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඒකත් ඇත්ත අයියා. හිත ලෙඩ වෙන එකනේ හුඟක් කායික අසනීපවලට මුල. හොඳ දේ හිතට ගන්නවා වගේම ඒක පිළිපදින එකත් කරන්න ඕනේ :)
හොඳ දේ කිරීම තුලින් කොහොමත් හොඳ ප්‍රතිපල ලැබෙනවා නේ..
ReplyDelete@ Chandana
Deleteහිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී :)
//ඒක සරලව විග්‍රහ කළොත් යහපත් දෙයක් ගැන සතුටු වෙලා ඒ දේ යහපත් කියලා අගය කරපු එක. ඉතින් ඒ ගුණාංගය අපේ ජීවිතේට අපි ඇතුළත් කර ගනිමු.//
ReplyDeletedan apita kiyanne me post eka hondai kiyala uda paninnada?
ඇනෝ මචං උඹට නම් වැඩේ කර ගන්න ඔළුවෙන් හිටගෙන උඩ පනින්න වෙයි.
Delete@ Anonymous September 30, 2012 10:27 AM
Deleteකැමැත්තක් මහත්තයෝ ඔයාගේ කැමැත්තක්. හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න :D
ඇත්තෙන්ම බුද්ධි කිව්වා වගේ විශ්වාසයට ගන්න බැරි විදියේ දේවල් අදටත් වෙනවා. ඒවා කිසිසේත්ම විද්‍යාත්මකව පහදන්න බැරි දේවල්. මේ ඒ වගේ දෙයක්.
ReplyDeleteමේ වගේ කතා වලින් දහම් පණිවුඩයක් ගෙන ආ එකට මගේ ප්‍රණාමය. ඔබට පින්.
@ Alexander Cage
Deleteවිද්‍යාවෙන් ධර්මය විග්‍රහ කරන්න යාමෙන් නොවැ මතභේද හුඟක් ඇතිවෙන්නේ අයියා. ඉන්ද්‍රීය ගෝචර නොවන දේවලුත් තියෙන බව පිළිගන්නත් හුඟක් අය අකමැතියි නොවැ :)
අයියාගේ පිනත් අනුමෝදන් කරගන්නවා :)
වෙනද වගේම අදත් හසිතගෙන් ලස්සන කථාවක්...
ReplyDelete@ Mee Godayaa
Deleteහැමදාව වගේම අදත් අයියා දුන්නු හයියට ස්තුතියි :)
හැමදාම වගේ වැදගත්. හරවත් යමක්. දැන් කාලේ ගොඩදෙනෙක් කට ඇරියොත් එන්නේ කලන්තේ දාන ගඳවල් ස්තූතියි හසිත.
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteඔච්චර ගඳ එන්න හේතුවක් තමා පිසුණාවාචා, පරුෂාවාචා, සම්ඵප්පලාපා, මුසාවාදා කියන එක
හසියට පින් අයිති වේවා!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteරජාගේ පිනත් අනුමෝදන් කරගත්තා ඕන් :)
කොහොමත් හසිත් බොහෝ පුන්‍යකර්ම කල කෙනෙක් කියල ඔහුගේ ක්‍රියාවන්ගෙන් පසක් වෙනවා. ගිලානොපස්ථානය කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද?
ReplyDelete@ සුදීක
Deleteස්තුතියි අයියා අගය කළාට. හොඳ වැඩක් දැකලා අගය කරන එකත් කොච්චර නම් හොඳද :)
හ්ම්...කතාව නම් ලස්සනයි.ඇත්තටම මේ වගේ දේවල් ප්‍රායෝගිකව නොවුනත් උනත් වටින්නේ ඒ කතාවේ ආදර්ශය.
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteකතාවේ ආදර්ශය වටිනවා තමා. ඒ වගේමයි ඉන්ද්‍රිය ගෝචර නොවූ පමණින්ම සමහර දේවල් බැහැර කරන්නත් පුලුවන්කමක් නැහැ මිත්‍රයා
ගොඩක් වැදගත් කරුණක් අන්තිමට එකතු කලාට ස්තුතියි.ආපසු ලැබෙන ඵල විපාක ටිකකට අමතක කලත් ධර්මය ඇසීම හා තේරුම් ගැනීම නිසා උත්පලගන්ධ තෙරුන් වහන්සේට නිවන් අවබෝධ කරගැනීම දක්වා දුරක් එන්නට හැකිවීම අපිත් ආදර්ශයට ගත යුතුයි..
ReplyDeleteහසිතගේ ධර්ම දානයට මමත් සාධු කාරයක් එක් කරනවා..
@ රූ....
Deleteකලිනුත් මම කිව්වා වගේ ලැබෙන ඵල විපාක ගැන හිතලා පින් දහම් කරන එකත් තණ්හාවක්. තණ්හාව නැති කරන්න තමා අපි කටයුතු කරන්න ඕනේ... ධර්ම දානයට දායක වෙන එකත් පිනක් තමා අක්කේ :)
මම හිතන්නේ මතුබුදුවන මෛත්‍රී බුද්ධ ශාසනයේ කතාවක් ලියවේවි බ්ලොග් අඩවියක් හරහා ධර්මය බෙදාදුන් මානවකයකු ගැන, ජය පතනවා ..වටිනා පෝස්ටුවක්.
ReplyDelete@ රතු රජරට
Deleteඒ කාලේ රචකයන්ගේ අතේ තමා ඒක තියෙන්නේ :D
හැමදාම කියනවා වාගේ ..ස්තුතියි..ඔබට..!
ReplyDeleteචිත්‍රහොයාගන්නේ හොහෙන්ද කියල දැනගන්න කැමතියි..!
@ වීපොකුර
Deleteචිත්‍ර හොයාගන්නේ ගූගල් දෙයියාගේ පිහිටෙන් තමා. lord Buddha, Buddha වගේ වචනවලින් සර්ච් කරලා පිටු ගණන් පෙරලලා තමා මේවා හොයා ගත්තේ.
එහෙම මොකක් හරි හොයාගන්න ඕනේ නම් කියන්න. මම හොයලා දෙන්නම්. මොකද මේවා හොයලාම මට දැන් විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇවිත් තියෙන්නේ :D
වටිනා විස්තරයක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතිය් මලයා හැමදාම වගේ දෙන හයියට :)
ෂහ්. හොඳ කතාවක්.
ReplyDelete@ රාජ්
Deleteඅනිවා අයියා :)
හොදයි.... කලින් දැනගෙන හිටියෙ නෑ
ReplyDelete@ සුජියා
Deleteතවත් මේ වගේ කතා ඉස්සරහට කියනවා ඕන් :)
ගොඩක් කරුණු දැන ගත්තා ගොඩක් පින් මල්ලි ඔයාට. ඒ වගේම ඔයාට මතකද රන්වන් පාට කට ඇරියම ගඳ ගහන අමුතු මාලුවෙක් ගැන කතාවක්. මට කතාව හරියටම මතක නැහැ එත් මතක විදියට කයින් සුචරිතයේ යෙදුන නිසා රන්වන් සිරුරක් ලැබුනත් වචනෙන් දුශ්චරිතයේ යෙදුන නිසා කට ගඳ ගහනවා කියල තමයි මතක. හොයාගන්න පුළුවන් උනොත් කතාව කියන්නම්.
ReplyDelete@ rvajee
Deleteමටත් කතාව මතක මෙහෙම. කොසොල් රටේ ධීවරයන්ට දවසක් රන්වන් පාට මාළුවෙක් අහුවෙනවා. එයාල ඒක කොසොල් රජතුමාට ලබාදෙනවා. මාළුවා බොහොම ලස්සන නිසා රජතුමා හුඟක් සතුටු වෙලා ජේතවනේ වැඩ සිටිය බුදු හාමුදුරුවන්ටත් මාළුවා පෙන්නන්න අරගෙන යනවා. ඒ වෙලාවේ ලොකු ගඳක් එනවා.
පස්සේ හොයලා බලද්දී තේරෙන්නේ මාළුවා කට අරිද්දී තමා මේ ගඳ එන්නේ කියලා. බුදු හාමුදුරුවෝ මාළුවට කතා කරන්න හැකියාව ලබාදීපුවාම මාළුවාම පාපොච්ඡාරණයක් විදිහට තමන්ට අලංකාර රූපයකුත් දුගඳ හමන මුඛයකුත් එන්න හේතුව කියනවා...
එතකොට හසිත අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා,
ReplyDeleteමේ වගේ විශේෂ ලක්ෂණ තියෙන අය බුදු හාමුදුරුවෝ වැඩසිටින කාලේ විතරක් ඉපදුනේ ඇයි?
දැන් කාලේ එහෙම අය නැත්තේ ඇයි?
තාම ඉන්නවා.
Deleteසෙවුවොත් සම්බ වේ ...
ලංකාවේ නම් ඉතා විරලයි ..
නැති ගානයි ...
:)
@ Pramudi
Deleteටිරාජ් අයියා කියපු කතාවම තමා මටත් කියන්න තියෙන්නේ නඟා. තාම ඉන්නවා. ඒත් හොයාගන්න අමාරුයි.
අනික් කාරණය තමා බුද්ධ කාලීන සමාජයට වඩා මේ සමාජය දුසිරිතට නැඹුරු වෙලා වැඩියි එතකොටත් මේ වගේ දේවල් එතරම්ම දැකගන්න ලැබෙන්නේ නැහැ. හොඳ උදාහරණයක් තමා බුද්ධකාලීන පරමායුෂ අවුරුදු 120. දැන් අවුරුදු 70 ට විතර ඒක අඩුවෙලානේ...
විපාක දීම නේද? හැබැයි නිදා ඉඳලා ඇහැරිලා එක පාරටම "සාධූ,සාධූ,සාධූ!" කිව්වට හරියයි කියලා හිතන්න අමාරුයි. :)
ReplyDeleteඅර කොසොල් රජ්ජුරුවංගෙ අයිති කාරයො අනැති බඩු සම්බන්ධ නීතිය නම්... හුඟ දේ මතක් වුනා. නමුත් නොකියා ඉන්න තීරණය කලා. :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ Dude
Deleteඅනිවාර්යයෙන්ම අයියා. නිදාගෙන ඉදලා සාධුකාර දීලා හරියන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය එහෙමත් නැත්නම් එළඹ සිටින සිහියෙන් [තමන් කරන්නේ මොකක්ද කියන අවබෝධයෙන්] ශ්‍රද්ධාවෙන් ඉදලා තමා උත්පලගන්ධ හාමුදුරුවෝ ඒ වගේ මට්ටමකට ආවේ..
හිමියා නැතිනම් රාජසන්තක වුණා විතරක් නෙමේ හිමියා හිටියත් සමහර වෙලාවට රාජසන්තක වෙලා තියෙනවා :D
වැදගත් විස්තරයක් හසිත මලයා.. හොද දේවල් අවංකවම අගය කරන්න ඕන..
ReplyDelete@ Dinesh
Deleteඒත් ඒකට හුඟක් අය කට ඇරෙන්නේ නැති එක නොවැ ප්‍රශ්නේ :)
හැම දහමක්ම තියෙන සංස්කෘතික කතා ඇතුලෙ නෙව ධර්මය හැංගිලා තියෙන්නේ... ඒවයින් ගන්න තියෙන්නෙ බොහොම වෙලාවට හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන් වුණාට ඒ පුංචි දේ අපේ ජීවිතේ සෑහෙන්න වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන් නේද?
ReplyDelete@ hare :-)
Deleteඇත්තම ඇත්ත අයියේ. පුංචි දේවල්වලින් තමා ලොකු දේවල්වලට පදනම වැටෙන්නේ. උදාහරණයක් කිව්වොත් බුද්ධ ධර්මයේ උගන්වන පුංචිම දෙයක් තමා යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැත්නම් එළඹ සිටි සිහිය. තමන් කරන්නේ මොකක්ද කියලා තමන්ට අවබෝධයක් තියෙන එක. ඒක හරිම පුංචි දෙයක් තමා. ඒත් කරන්න හරි අමාරුයි.
හ්ම්ම්ම් අපුරු කතාවක්... ජය
ReplyDelete@ සචිත්
Deleteමේ ආදර්ශයෙන් ඔබටත් ජයෙන් ජයම වේවා :)
මහනෙල් සුවඳමය..
ReplyDeleteකුඩ මසු පිලී ගඳමය..
ඕනෑම කරන පදේ අමතකයි... හොඳට නරකට දෙකට කටමය කියනවනේ...
මට මතක් වුණේ ඔයාගෙම කමෙන්ට් එකක් අයියේ.. මම කස්ස අයියගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකට ඔයා රිප්ලයි කලේ //බුදුසසුනේ මොන වගේ රහතන් වහන්සේලා නම් නැතුව ඇත්ද// කියලා..... මේකත් ඒ වගේ නේ....
මගේ පෝස්ටුවේ ලින්කුව දැම්මට ස්තුතියි... මේ හරහා ඒ පැත්තෙත් ඇවිදින් තිබුනා කට්ටිය....
ගඳ සුවඳ දෙකමය!:)
Delete@ අනූ
Deleteහොඳ දේට හොඳයි කියලා කියන ගමන්ම තවත් අයට ඒ ගැන කියන එක වගේම අනිත් අයත් එක්ක ඒක බෙදා ගන්න එකත් හොඳ දෙයක්නේ නඟා :)
අසා නොතිබූ කථාවක්... ඇත්තටම සිදු වූවත් නැතත් කථාවෙන් ලබාදෙන පණිවිඩය තමයි වැදගත්...ජය !
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteඅපේ පණ්ඩිත අප්පුලා කරන්නේ ඒක නෙමෙයිනේ අයියා. විද්‍යාවෙන් මේවායේ ඇත්ත නැත්ත බලන්න යන එක නොවැ :D
ඕකට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ කියපු කතාවක් මතක් උනා. උන්වහන්සේ ධර්ම දේශනයකට.හාමුදුරුවෝ කියපු කරුණක් ගැන එතන හිටපු කෙනෙක් අහල තියනවා "හාමුදුරුවන්ට පුළුවන් ද ඕක ඔප්පු කරලා පෙන්නන්න" කියල. එහෙම අහපු කෙනා විද්‍යාව පමණක් ම අදහන කෙනෙක්. එතකොට හාමුදුරුවෝ කිව්වලු මෙහෙම.
Delete"මං දැන් මලක් ගැන හිතාගන්නව.. මහත්තයා මට ඔප්පු කරලා පෙන්නන්න මං හිතපු මලේ පාට මොකක්ද කියල"
කතාව ඉවරයි එතනින් ම. :)
වෙනදා වගේම එල කතාවක් ඉතින්
ReplyDelete@ පුබුදු
Deleteතැන්කු තැන්කු මලයා :)
කල්පයක් කියන්නෙ, හතරැස් යොදුන් කළු ගලක්, අවුරුදු සියයකට සැරයක් සිනිදු රෙදි කඩකින් පිරිමැදීම නිසා කවදා හරි කලුගල ගෙවිලා ඉවර වෙන කාලෙටත් වැඩි කාලයක්ලු. එතකොට ඒ වගේ ඒවා ලක්ශයක් කියන්නෙ.. බුදු අම්මේ හිතා ගන්නවත් බෑ.. අපි කොච්චර මේ සසරේ විදවමින් කැරකෙනවද.. ඇඟ හිරි වැටිලා ගියා ඒක මතක් වුනාම.
ReplyDelete@ සෙන්නා
Deleteතවත් උපමාවක් තියෙනවා. පෙට්ටියකට [මට ඒ පෙට්ටියේ ප්‍රමාණයන් නම් මතක නැහැ] අබ ඇට පුරවලා අවුරුදු 100 කට පාරක් එක අබ ඇටයක් අයින් කරනවා. මේ විදිහට පෙට්ට්යේ අබ ඇට ඉවර වුණාටත් වඩා වැඩි කාලයක් තමා කල්පයක් කියන්නේ කියලා...
අපි කොච්චර කාලයක් එහෙම සංසාරේ ඇවිද්දත් අපිට ඒක සැපයක් විදිහට නොවැ පේන්නේ...
ඒ පෙට්ටියේ ප්‍රමාණය යොදුනක් දිග යොදුනක් පළල සහ යොදුනක් උස...
Delete@ චමී4යූ~chami4u
Deleteබොහොම ස්තුතියි මතක් කළාට :)
කව්රු හරි තමන් කරපු පාප කර්මයක් නිසා කටින් දුඟද හමන කතාවකුත් මම අහල තියෙනවා!හරියට මතක නෑ!
ReplyDeleteසැහෙන්න වටින විස්තරයක්!:)
@ නුවන්
Deleteරත්තරන් මාළුවාගේ කතාව වෙන්න ඕනේ මේ කියන්නේ. මේ තියෙන්නේ කතාව.
ටත් කතාව මතක මෙහෙම. කොසොල් රටේ ධීවරයන්ට දවසක් රන්වන් පාට මාළුවෙක් අහුවෙනවා. එයාල ඒක කොසොල් රජතුමාට ලබාදෙනවා. මාළුවා බොහොම ලස්සන නිසා රජතුමා හුඟක් සතුටු වෙලා ජේතවනේ වැඩ සිටිය බුදු හාමුදුරුවන්ටත් මාළුවා පෙන්නන්න අරගෙන යනවා. ඒ වෙලාවේ ලොකු ගඳක් එනවා.
පස්සේ හොයලා බලද්දී තේරෙන්නේ මාළුවා කට අරිද්දී තමා මේ ගඳ එන්නේ කියලා. බුදු හාමුදුරුවෝ මාළුවට කතා කරන්න හැකියාව ලබාදීපුවාම මාළුවාම පාපොච්ඡාරණයක් විදිහට තමන්ට අලංකාර රූපයකුත් දුගඳ හමන මුඛයකුත් එන්න හේතුව කියනවා...
හ්ම්ම්ම්...
ReplyDeleteඅද කාලේ ඔහොම දේවල් නොවෙන එකනේ මට තියෙන ප්‍රස්නේ..
@ තරියා අබේ
Deleteඅද කාලේ මේවා නොවෙනවාම නොවේ මලයා. ඒවා සුලබ නැතුවා වගේම බොහෝම දුර්ලභ වෙන නිසා තමා අපි එහෙම ඒවා දන්නේ නැත්තේ..
මේව කියවන ගොඩක් අය හිතන්නෙ මේ කියන කතා බොරුයි කියල.ඒත් සංසාරෙ කොච්චර භයානකද කියන එක ඒ අයට තාම හරියට තේරිලා නෑ.එකෙක් දෙන්නෙක් හරි මෙව කියවල හොඳ මාර්ගයෙ යනව නම් එච්චර වෙන්න ඕනෙ.
ReplyDeleteමම මෙ ගැන අහල තිබුන,හැබැයි මෙච්ච විස්තර අහල තිබුනෙ නෑ.උඹට පින් මචන්
මාවත් මතක් කරල තියෙන්නෙ.ස්තුතී!.
@ කස්ස
Deleteමේ කතාවල ඇත්ත නැත්ත හොයන්නේ නැතුව ගන්න තියෙන ආදර්ශේ අරගෙන ජීවිතේ යහපත් කරගන්නවා නම් ඒක තමා වෙන්න ඕනේ වුණත් අයියා පණ්ඩිත අප්පුලා හොයන්නේම ඇත්ත නැත්තනේ.
හොඳ දේට හොඳයි කියලා තව අයත් එක්ක ඒක බෙදාගන්න එකත් හොඳ නිසා මම එහෙම කලා අයියා :)
හොඳට නරකට දෙකට කටමය.....(ගඳට සුවඳට දෙකටත් ඒකම තමා) සෑහෙන්න වටිනා ලිපියක්.....
ReplyDelete@ සුජානි.......
Deleteඇයි අක්කේ "රට වට කර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බැහැලුනේ" :D
"බොරු කියන්න එපා බොරු කියන අයගේ කට ගඳ ගහනවා" කියලා අපේ අම්මා හැමදාම කිවුවා මතකයි.. හිත පිරිසිදු උනාම සරීරයත් පිරිසිදු වෙනවා. අර ස්වාමින් වහන්සේ පෙර ආත්මෙදි ධර්මය ශ්‍රවනය කරලා වටහාගෙනයි සාධු කාර දුන්නේ ඒ තමයි පින . එහෙම නැතුව නිකම් නිදිකිරා වැටි වැටී ඉඳලා සාදු සාදු කියල කෑ ගහන අයට පින් සිදු වෙන්නේ නැහැ. මට අපේ පන්සලේ අපි පුංචි කාලේ උණු කතාවක් මතක් උනා . එක තරුණ හාමුදුරුකෙනෙක් උපාසකම්මලා නිදාගෙන නිදිකිරාවැටි වැටී ඉන්න හින්දා හිටි හැටියේම මෙහෙම කිවුවා. "ගෙම්බෙක් මරා අමා මහා නිර්වාන සම්පත්තිය ලබාගත් සේක "
ReplyDeleteසෙනගින් තුන් කාලකට වැඩිය සාදු කියල කියල තියෙනවා . එදායින් පස්සේ අර හාමුදුරුවෝ එච්චර ජනප්‍රිය උනේ නම් නැහැ..
@ සරත් ලංකාප්‍රිය
Deleteඒක් ඇත්ත අයියේ. යෝනිසෝ මනිසාරයෙන් ධර්මය ශ්‍රවණය කරලා ආකාරවතී ශ්‍රද්ධාව ඇත්කරගෙන තමා ඒ උපාසකයා සාධුකාර දීලා තියෙන්නේ. ඒත් අපේ උන්දැලා පුරුදු වෙලා පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා සාදුකාර දුන්නාම පින් ගොඩක් හම්බෙනවා කියලානේ :(
අයියා කියපු කතාවේ හාමුදුරුවෝ අපේ මෝඩ බෞද්ධ නාමධාරීන්ට තමා පාර ගහලා තියෙන්නේ.... දැන් කාලේ එහෙම හාමුදුරුවරු අඩුයි. ඉන්න අයත් මේ යන විදිහටම යන්න ඉඩ ඇරලා ඉන්නවා
niyamai hasitha niyama lipiyak
ReplyDelete@ වර්ණා
Deleteස්තුතියි ස්තුතියි
අහල තිබුනේ නැති කතාවක් . ස්තුතියි හසිත . ඇත්ත ඇත්තටම වුනාද නැද්ද කියන කාරනේට වඩා වැදගත් ගන්න තියෙන පාඩම . ගඳට වඩා හපන්නේ කට නිසා වෙන හානි
ReplyDelete@ Bindi
Deleteකට කියන එක පරමාණු බෝම්බෙටත් වඩා විනාශකාරී නොවැ අක්කේ. කොච්චර නම් විනාශයක් කරන්න පුලුවන්ද :D
ස්තූතියි.කතාව විශ්වාස කරන්නේ නැත.මෙහි එන ආදර්ශයත් පිළිගන්ඩ කැමති නැත.
ReplyDelete@ දිනුක
Deleteස්තුතියි ඔබේ අදහසත් එකතු කළාට. ඔයා කැමති නම් ඒකට් හේතුව කියන්න
නියම කතාවක්..ආසාවෙන් කියෙව්වේ..
ReplyDeleteජය!
@ හිරුහිමාවී
Deleteතවත් ආසාවෙන් කියවන්න වගේම දැනුමක් ලබාගන්න පුලුවන් දේවල් ඉදිරියේදීත් ලියවේවි. ස්තුතියි ලබාදෙන හයියට :)
පෝස්‍ටුව නම් අපූරුයි මලේ. මේවගේ අගේ ඇති පෝස්‍ටු ලියවෙනවා අඩුයි මේ කාලේ. අර මොනවද යට ගිහින් අහවල් ඒවා උඩ පාවෙන කාලයක් නෙව මේ..!
ReplyDelete@ Sarath Chandrasiri
Deleteඒත් අපි සටන අත අරින්නේ නැහැ අයියා. හොඳ දේවල් උඩට මතු කරන්න තමා මේ වෑයම :)
බෞද්ධ සාහිත්‍යය හැදෑරීමේ වැදගත්කම වැටහෙන්නේ මෙන්නමේ වගේ අවස්ථාවල. උත්පල ගන්ධ රහතන්වහන්ගේ ගැන අහල නොතිබුණත්, මේවගේ හසිත ලියන ඉතිහාසය සහ බෞද්ධ දර්ශනය නොදන්නා අයට ඉතාමත් වැදගත්,
ReplyDeleteමම අහල තියෙන විදියට බුදුන් වහන්සේගේ ශ්‍රී මුවිනුත් මෙවැනි සුගන්ධයක් විහිදුනා නේද?
@ දයානන්ද රත්නායක
Deleteස්තුතිය් අයියා අගය කළාට. බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී මුඛයෙනුත් මේ වගේ සුවඳක් විහිදුනාද කියන එක නම් මම හරියට දන්නේ නැහැ අයියා. එහෙම වුණා වෙන්න ඕනේ. මම පොඩ්ඩක් ඒ ගැන හොයලා කියන්නම් අයියා
ධර්ම දානයට ගොඩක් පිං
ReplyDeleteහැරමිටියට යන්න කලින් තරුණ පිරිස් දහමට යොමුවීම ගොඩක් සතුටක්
@ Mahesh Chanchala Silva
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා. මරණය කොයි මොහොතේද කියලා කියන්න බැහැනේ. අනික තමා බුදු දහම කියන්නේ දෙලොවටම වැඩදායී දහමක්නේ...
මේ කතාව නම් දැනගෙන හිටියෙ නෑ, බොහෝම පින් දැනුවත් කළාට!
ReplyDelete@ Lahiru Karunarathna
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා අයියා :)
මට මැවිලා පේනවා හසිත තුසිතයේ ඉපදිලා මානෙල් මල් සුවඳ විහිදමින් එහාට මෙහාට සංචාරය කරන හැටි.:)
ReplyDeleteමේ පින කියලා නිම කරන්ට බෑ හසිත.
පොඩ්ඩියේ ටිකක් බලන්න ඒ අහල පහල චමී කියල පොඩි දෙය්යෙක් පෙනෙන්න ඉන්නවද කියලා...
Delete@ Podi Kumarihami
Deleteකලිනුත් කිව්වා වගේ ලැබෙන ප්‍රථිඵල ගැන හිතාගෙන නම් නෙමේ මේ වැඩ කරන්නේ. සිද්ධ වෙන්න තියෙන දෙයක් වෙන්නේ නැතැයි :D
මගේ එහා පැත්තේ එකා ජීවිතේට සාධු කියපු එකෙක් නෙමෙයි.....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteහැබැයි ඉතින් සාධු කීයන එකත් කියන්නන් වාලේ කියලා හරියන්නේත් නහැ අයියා.
නියම පෝස්ට් එක.. :) :)
ReplyDelete@ නිදහසේ නවාතැන
Deleteස්තුතියි ස්තුතියි :)
මේ ඊයෙ පෙරේදා මම කියෙව්වා බ්ලොග් එකක සක්විති රජ කෙනෙක්ට ඔය විදියෙ මුඛයෙන් මහනෙල් මල් සුවද හමන බිරිදක් හම්බෙනවා කියලා තියෙනවා කියලා.සමහර විට කථාව ඇත්තම වෙන්නත් පුලුවන්
ReplyDelete@ sithuwam
Deleteඔය උඩින් කමෙන්ට් කරලා තියෙන ලහිරු අයියාගේ බ්ලොග් එකේ තමා ඔය කතාව තියෙන්නේ. සක්විති රජ වෙන්නත් ගොඩක් ඔන් කරලා තියෙන්න ඕනේනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ බිරිඳ කියන්නේත් පින් ගොඩක් කරපු කෙනෙක්
ගොඩක් වටිනා ලිපියක් හසිත ... බොහොම ස්තුති..
ReplyDelete@ චමී4යූ~chami4u
Deleteඔබටත් ස්තුතියි ලබාදෙන සවියට :)
Niyam lipiyak..obta godak pin..
ReplyDeleteJayawewa,
Sajith Mendis.
@ Sajith Mendis
Deleteබොහොම ස්තුතියි :)
ජයෙන් ජය
ReplyDelete@ අටම්පහුර
Deleteඔබටත් එසේම වේවා..
Dear Friend,
ReplyDeleteAre you busy? I really enjoy your write ups. Sorry I cant type in Sinhalese.
Wish you all the best
@ Jayampathi Kalatuarachchi
Deleteටිකක් කාර්යබහුල වෙලා නම් තමා ඉන්නේ. ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට :)
පොඩ්ඩක් පහුවෙලා හරි කියෙව්වා..ගන්න දේ ගත්තා පෝස්ට් එකෙන්..
ReplyDelete@ Weni
Deleteමැරෙනකම් අපි ප්‍රමාද නැහැ අයියණ්ඩි :)
ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.
@ kottegoda veranga
Deleteස්තුතියි දැනුවත් කිරීමට
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය.
ReplyDelete@ Darshana Prabhath
Deleteඑසේය. එසේය