මුල්ලේරියා සටන
කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම
මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.
සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම
ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා.
මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර
මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා.
මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා
පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.
රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.
සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.
රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.
සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන
රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.
හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]
ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.
ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.
ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන
සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා
කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක.
මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.
රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.
ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.
අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.
මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.
ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.
ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.
දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.
කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.
පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.
ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.
පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.
පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.
ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.
පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.
සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.
පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.
අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.
නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.
නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.
දොන් ජෝන් කුමරු Dom Joao de Candia
මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.
ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.
ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.
ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.
තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ
අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට
පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන
එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්.
කුමාරවරුන්ට
වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන
බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු
පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා.
III පිලිප්
මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.
කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය
ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින්
හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා
කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින්
1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.
නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.
නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.
ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.
සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.
සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.
මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.
සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.
මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්
සාරගර්භ සටහනක්. නිකපිටියේ බණඩාර ගැන නිකම් ම අහලා විතරයි තිබුණේ. මාතෘකාවේ Arts වල අකුරු මාරුවෙලා වගේ. පොඩ්ඩක් හදන්න!
ReplyDelete@ ලහිරු
Deleteස්තුතියි අයියා. සදොස් තැන නිදොස් කළා.....
Nikapitiye arachchillage nimal priya shantha mage paramparaawa gena sarch kala thanks me thora thuru walata
Deleteමට හම්බ උන ප්‍රතිකාල් බාසාවෙන් ලියවුන වෙබ් ලින්ක් එකක්....
ReplyDeletehttp://translate.google.com/translate?hl=en&sl=pt&u=http://portadoceu.com.sapo.pt/Historia.htm&prev=/search%3Fq%3DDom%2BJoao%2Bde%2BCandia%26hl%3Den%26safe%3Doff%26client%3Dfirefox-a%26hs%3D4mH%26rls%3Dorg.mozilla:en-US:official%26channel%3Drcs%26prmd%3Dimvnsb&sa=X&ei=t1gwUN6NF9HQrQeM-4H4Bg&ved=0CHgQ7gEwAA
@ Anonymous August 19, 2012 8:42 AM
Deleteකරුණු ගවේෂණය කරන්නන් දැකීම ඇත්තෙන්ම සතුටක්. ඒ ලින්ක් එකේ තිබෙන වෙබ් අඩවියෙන් කරුණු කතා කෙරෙන්නේ යමසිංහ බණ්ඩාරයන්ගේ පුත්‍රයා වගේම යමසිංහ බණ්ඩාර මියයාමෙන් පසුව උඩරට රජතුමා විදිහට සුළු කලක් කටයුතු කරපු දොන් ජෝන්/ජුවන් කුමාරයා ගැන.
මම ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" ලිපිය සඳහා ඒකේ කරුණු මෙන්ම ඡායාරූපත් භාවිතා කරලා තියෙනවා.....
වටිනා කරුනු සහිත ලිපියක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මලයණ්ඩි :)
හැමදාම වගේ හොඳ ලිපියක්....
ReplyDelete@ prasanna86k
Deleteස්තුතියි අයියණ්ඩි :)
නොදන්න කරුණු ගොඩක් දැන ගත්ත. මල්ලි ශක වර්ෂ කියන එක ආරම්භ වෙන්නේ කොහොමද ?
ReplyDeleteඔය කියන අරිට්ඨ කී වෙංඩු ගේ මැදිහත් වීමෙන් කියනව නේද පස්සේ කාලෙක ශ්‍රී පාදස්ථානය ආඬින් ගේ ක්‍රියාකාරකම් වලට නතු වෙන්නේ.
රාජසිංහ රජතුමාගේ මාලිගය තිබුනු තැන මොකක්ද අර පැත්තකින් පොලව හාරල වගෙ පේන්නෙ ?
@ Chandana
Deleteශක රාජ වර්ෂ ගැන මම කෙටියෙන් කියනවාට වඩා දිවයිනේ පළවුණු මේ ලිපිය කියෙව්වා නම් සවිස්තරාත්ම අවබෝධයක් ගන්න පුලුවන් වෙයි අයියේ...
ශක රජු සහ ශක වර්ෂය
රාජසිංහ රජතුමා ශිව භක්තිකයෙක් වීමත් එක්ක ශ්‍රී පාදය ආඬි ගුරුන්ට පවරා දුන් බව කියවෙනවා. ඒ කාලයේ රජතුමා ප්‍රධාන ඇමතිවරයා, පුරෝහිතයා වගේම සේනාපතියා වශයෙන් හිටියේ "අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්" කියන ආඬි ගුරා.
රාජසිංහ රජතුමාගේ මාළිගාව ඒ කාලයේදීමයි විනාශ වුණේ. පෘතුගීසි සේනා සීතාවකට කඩා වැදුණු අවසන් අවස්ථාවේ මාළිගාවේ අත්තිවාරම් පවා හාරලා වස්තුව හෙව්වා කියනවා. පසුකාලීනව ඒ ස්ථානයේ ලන්දේසි බලකොටුවක් පවා ඉදි කරලා තියෙනවා....
@ හසිත,
Deleteඒ ලිපියෙදි ක්‍රි.ව. ක්‍රමය ක්‍රි.පූ. ක්‍රමය කියලා ක්‍රම දෙකක් දාලානෙ.. එහෙම දෙකක් නෑනෙ.. ක්‍රිස්තු වර්ෂ ක්‍රමයමනෙ..
@ හරී
Deleteඔව් ඒක හරි. ඒත් සමහරු ඒ දෙකත් පටල ගන්න නිසා එහෙම ලිව්වද දන්නේ නැහැ...
@ හසිත
Deleteවිස්තරය කියෙව්ව ලින්ක් එකෙන්. ගොඩක් ස්තුතියි ලින්ක් එක දුන්නටත් කරුණු පැහැදිලි කලාටත්.
හ්ම්ම්.. අර පින්තුරේ හැටියෙන් ලංකාවෙත් සීජ් වෙපන්ස් යුරෝපා සම්ප්‍රධායටම භාවිතා වෙලා තියන හැඩයි.
ReplyDeleteඅදත් රජවරු කරන්නේ පොදු සතුරා මර්ධනය කරන එක මිසක් පුළුවන් එකාට දීලා පාඩුවේ යන එක නෙවෙයි නේ.
@ Alexander Cage
Deleteප්‍රසන්න වීරක්කොඩි කරපු නූතන නිර්මාණයක් නොවැ ඒක. සමහර විට නිවැරදි වෙන්න පුලුවන්. කොහොම නමුත් සුවිශේෂී යුධ උපකරණ සීතාවක රාජසිංහ රජතුමාට තිබිලා තියෙනවා.
මේ කතාවෙන් මතක් වුනේ බුද්ධ කාලීනව මගධයේ හිටිය අජාසත් රජතුමා යුද්ධ ටැංකි සහ ගල් විඳින උපකරණ යුද්ධ සඳහා භාවිතා කරපු බව පේනවා. රථමූසල සහ ශිලාකණ්ඨ නමින් හැඳින්වෙන උපකරණ දෙකේ විස්තර ඒවාට සමානයි
පුලුවන් එකාට දීලා ගිය රජවරු අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් නොවැ ඉන්නේ :D
Wow! So many interesting facts about people I'd only vaguely heard about.
ReplyDeleteI wish provincial authorities would at least mark and preserve these sites of historical significance (like the burial place of the king and palace)in their areas, for the benefit of passers by, students and even the people who live in these areas. A shramadana supervied by the Archaeological Department could do a lot, like clearing the site of vegetation and putting up a notice with information about the site.
Curious to know who is eligible for the title of "Ganithaya". I faintly recall the name Barana Ganithaya.
@ shammi
Deleteපුරාවිද්‍යා බලධාරීන් මේ ස්ථාන හඳුනාගෙන තියෙනවා වගේම ඒ ස්ථානවල නාම පුවරු පවා සවි කරලා තියෙන්නේ. ඒත් නඩත්තුව වගේම කැණීම් සම්බන්ධව නම් බොහොම දුර්වල තත්වයක තමා තියෙන්නේ. මූල්‍ය ප්‍රතිපාදන ප්‍රශ්න තමා ඒකට මූලික හේතුව.
මේ තැන් මහජන අවධානයට යොමු කරන්න ආකර්ෂණීය වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒ හරහා මේ ස්ථාන නඩත්තු කිරීමේ වැඩපිළිවෙලකුත් කරන්න පුලුවන් වේවි
ගණිතයා කියන නම යෙදිලා තියෙන්නේ බොහෝ වෙලාවට ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේ හසළ අවබෝධයක් තිබුණු අයට. එතැනත් ගණිතයක් භාවිතා වෙන නිසා වෙන්න ඕනේ "ගණිතයා" කියන යෙදුම යෙදිලා තියෙන්නේ...
ප්‍රකට ගණිතයන් තුන් දෙනෙක් ගැන කියවෙනවා. ඒ ඔයා කිව්ව භරණ ගණිතයා, කොත්මලේ ගණිතයා සහ අද කතාවේ ඉන්නේ දොඩම්පේ ගණිතයා. මේ භරණ ගණිතයා ගැන සිළුමිණේ තිබුණු ලිපියක්
"දෙස බස රැස පතළ බරණ ගණිතැදුරු"
මේ දොඩම්පේ ගණිතයා සහ කොත්මලේ ගණිතයා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් ලියපු ලිපි දෙකක්
"දොඩම්පේ ගණිතයා"
"කොත්මලේ ගණිතයා"
I suppose it's a matter of priorities, where budgets are concerned. However, I'm sure one could find sponsors from the area if only one was interested enough in preserving the sites.
DeleteThanks for the links on the astrologers. Apparently Barana Ganithaya's descendants have endured, though his wife upped and left him.
Please keep writing. Your style makes for easy reading. :)
@ shammi
Deleteඔව් ඔව් පාලක ඇත්තගේ අනවශ්‍ය වියදම් එක්ක බලද්දී ප්‍රමුඛතා ලැයිස්තුවේ දෝෂ නිසා මෙහෙම වෙනවා කියලත් නිගමනය කරන්න පුලුවන්.
ස්තුතියි අගය කිරීමට :)
එලකිරි ලිපියක් !!
ReplyDeleteඅර පෙතන්ගොඩ උයන ගැන කවියකුත් මතක් උනා..
රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා
නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා
රැස්ව සිටි පිරිස මතුරා විසද වැඩි උනා
රාජසිංහ දෙවි නාමෙ ලොවේ නැති උනා
@ මධුරංග
Deleteඇයි මතක නැද්ද අයියා පොඩි කාලේ සෙලාන් බැංකුව ටිකිරි ගිණුම ගැන ගිය වෙළෙඳ දැන්වීමක කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා කවිය කිව්ව හැටි :D
පෙතන්ගොඩ උයන තියෙන්නේ කොහෙද බං?
ReplyDeleteමෙතන වීදිය බණ්ඩාර කියන්නෙ ධර්මපාල රජුගේ පියාවුනු වීදිය බණ්ඩාරමද?
"රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා." කවුද රජතුමා?
සීතාවක රජ මාළිගය තිබූ තැන වර්තමානයේදී ගඩොලක්වත් නෑ වගේ නේද?
විසුරේවරයා කියන්නෙ ??
පෘතුගීසින්ගේ වාසගමක් වූ ෆෙරෙයිරා මෙහෙදී පෙරේරා වුනේ කොහොමද?
@ හරී
Deleteපෙතන්ගොඩ උයන තියෙන්නේ අවිස්සාවේල්ල කිට්ටුව තියෙන රුවන්වැල්ල නගරයේලු. [මාත් ගිහින් නැහැ. ඒකයි "ලු" කිව්වේ]
ඔව් වීදිය බණ්ඩාර කිව්වේ ධර්මපාලගේම තාත්තා තමා. පහළ ලලිත් අයියා කිව්ව කතාවේ වගේම ඒකට දීපු උත්තරේ වීදිය බණ්ඩාර ගැන තව කතාවක් ඇති...
මෙතන රජතුමා කිව්වේ "රාජසූරිය"ට...
සීතාවක මාළිගාව තිබුණු තැන අත්තිවාරම් පවා හාරලා පෘතුගීසිකාරයෝ වස්තුව හෙව්වා කියනවා. ඒක නිසා ඒ කාලෙම මාළිගාව විනාශ වුනා. පස්සේ කාලේ ලන්දේසීන් එතැන බලකොටුවක් ඉදිකරවලා තියෙනවා...
විසුරේ කියන්නේ ප්‍රතිරාජය කියන එක. යටත් විජිත තිබුණු අධිරාජ්‍යය විශාල ප්‍රදේශයක් පාලනය කරන්න පත් කරලා තියෙන්නේ විසුරේවරු. පෘතුගීසි කාලේ ඉන්දියාවේ ඉදන් පෙරදිග පෘතුගීසි ප්‍රදේශත් පාලනය කළේ විසුරේවරයෙක්.
ඉංග්‍රීසීන්ගේ කාලෙත් විසුරේවරු ඉන්දියාවේ ඉදලා තියෙනවා. අන්තිම විසුරේ තමා 1947 දක්වා හිටිය මවුන්ට්බැට්න් සාමිවරයා...
රුබෙයිරෝ රුබේරු, පෝල් පාවුළු පවුලිස්, ජේම්ස් ජේමිස්, ඩයස් දියෙස්, ජෝන් ජුවාන් ජුවානිස් වුණා වගේ කට වහර නිසා වෙන්න ඕනේ ෆෙරෙයිරා පෙරේරා වුනේ...
ගොඩක්ම වටිනා ලිපියක්, ඉතිහාසයේ සැගවුණු බොහෝ දේවල් දැනගත්තා
ReplyDelete@ සිතු. . .
Deleteස්තුතියි. ඉතිහාසයේ සැඟවුනු දේවල් කලින් ටිකක් කිව්වා වගේම ඉස්සරහටත් ටිකක් කියනවා :D
හොඳ වටිනා ලිපියක්. පින්තූර ටික හද සසල කලා. අර සොහොනත්, මාලිගාව තිබුනුන් තැන කිසියම්ම දෙයක් නැතිවීමත්, පෙතන් ගොඩ උයනත්. ඉතිහාසය කියනදේ රැකගන්ටා ඔනේ කියන හැඟීම එන්නේ ඒවගේ දේවල් දැකපුවාම.
ReplyDeleteආයම පාරක් කියවන්ට ඕනේ. තොරතුරු ගොඩක් තියන හන්දා ඔක්කොම ඔලුවට ගියේ නෑ.:)
@ Podi Kumarihami
Deleteසංදේශ කාව්‍යවලින් අලංකාර දෙව් පුරයක් විදිහට විස්තර කෙරෙන කෝට්ටේ රාජධානියටත් වුණේ ඔය ටිකම තමා :(
ආයි පාරක් හරි කියවලා ඔළුවට දාගන්න එක වටිනවා...
ගොඩක් හොද ලිපියක්.බොරුවට කවියක් ලියනවට වඩා මේ වගේ එකක් ලියන එක කොච්චර වටිනවද
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteඑහෙමමත් කියන්න අමාරුයි නේද ? එක එක්කෙනාගේ රස වින්දනය වගේම හැකියාවන් වෙනස් නොවැ :)
Hasitha,
ReplyDeleteGood article.
Vidiya Bandara first married the daughter of King Buwanekabahu of Kotte. She is Princes Samudra Devi. Their son Don Juan Dharmapala became King of Kotte after the death of King Buwanekabahu. Vidiya Bandara drowned his wife over a suspicion. Vidiya Bandara didn't like the Portuguese and joined King Mayadunne to battle against Portuguese. King Mayadunne proposed his daughter in marriage to Vidiya Bandara and he accepted that and got married to the daughter of King Mayadunne.
http://www.lankarising.com/2007/11/history-repeats-only-when-lessons-are.html
Regards
Lalith
@ Lalith
Deleteස්තුතියි අයියා විස්තරවලට.
මෙතන තව කතාවක් තියෙනවා. වීදිය බණ්ඩාර සහ සමුද්‍ර දේවිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ධර්මපාල අනික් එක්කෙනා විජයපාල.
විජයපාල කුමාරයා සරණ පාවා ගන්නේ මහ ටිකිරි බිසෝ අදහසින්ගේ [වීදිය බණ්ඩාර සරණ පාවා ගත්තු මායාදුන්නේගේ දියණිය] පළමු විවාහයේ දියණිය වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්.
විජයපාල කුමාරයාට වුණු දෙයක් ගැන නම් මම හරියටම දන්නේ නැහැ.
කොහොම නමුත් වැන්දඹුවක් වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින් තමන්ගේ මව සහ සහෝදරියන් දෙදෙනා [වීදිය බණ්ඩාරගේ දියණියන්] දෙන්නාත් එක්කම මත්තමගොඩ වාසය කළා කියනවා...
සුපිරි ලිපියක් ඈ!මෙහෙම කියල දුන්නනම් අනිවා OL සමාජ අධ්‍යනය ගොඩ දානවා!
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ :D
බලය රැක ගන්ඩ ගියාම රට වෙනුවෙන් කරන්න තියෙන දේවල් අමතක වෙන ලෙඩේ අද ඊයෙක හැදුන දෙයක් නෙමේ වගේ.
ReplyDeleteකොහොමත් ඉතිහාස කතා කියවද්දි ඒ යුගයට ගිහිල්ලා ඒ සිද්ධි බලාගෙන හිටියා වගේ හැගීමක් ඇති වෙන එකට මම කැමතියි. ඒකට අවස්ථාව ලැබෙන මේ වගේ අප්‍රකට කතා ලියන්න හසිතට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය හා කාලය මෙව්වා කර ගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!:)
@ බුද්ධි
Deleteඇරිස්ටෝටල් කිව්ව විදිහට [ප්ලේටෝ ද මන්දා] මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ආසාවන් තුනෙන් එකක් තමා බලය හැසිරවීමේ ආශාව. ඒක සොබාවය....
අප්‍රකට කතා ලියන්න ශක්තිය ධෛර්යය පැතුව එක හොඳයි අයියේ. කාලය තිබුණත් ඒවා ලියන්න කම්මැලි වෙලා ඉන්නේ මේ දවස්වල :D
අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න සෑහෙන්න බලපාලා තියනවා වගේ..එයා ඉතිහාස චිත්‍රපටියේ ප්‍රධාන දුෂ්ඨයා වගෙයි මට දැනෙන්නෙ..
ReplyDeleteකරුණු හොයාගන්න එ ගැන ලියන්න ගත්තු මහන්සියටත් ස්තුතියි හසිත..
@ රූ....
Deleteඇයි පෘතුගීසිකාරයෝ සෙට් එකත් විශේෂයෙන්ම අසවේදුත් දුෂ්ඨයාගේ රෝල් එක තමා කරලා තියෙන්නේ :D
මේ දවස්වල මං උගන්නන පාඩමනේ මේ.......
ReplyDeleteඅප්‍රමාණව වටිනවා. සීතාවක රජු,මායාදුන්නේ වගේ අය ගැන වගේම ඒ කාලේ වෙච්ච පෘතුගීසි,ලන්දේසි සටන් ටිකක් ගැනත් ලියමු. බොහොම ස්තූතියි......
@ කේ.යූ.ජී. උදාර
Deleteඋගන්වන පාඩම තවත් සාර්ථකව උගන්වන්න මේ කරුණුත් රුකුලක් කරගන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
ඔබේ ඉල්ලීම ගැන කිව්වොත් මේ ලිපි මාලාවෙන් ලියන්න අදහස් කළේ "ඉතිහාසයේ අප්‍රකට කතා" ගැන. ඒක නිසා ඔබ කියපු දේවල් ඔක්කොම ගැන නම් ලියන්න බැරිවේවි.
ඒත් මායාදුන්නේ සහ රාජසිංහ පිය පුතු දෙදෙනා ගැන අප්‍රකට කතා කීපයක් ඉදිරියේදී ලියන්න තමා හිතාගෙන ඉන්නේ... ඒවායිනුත් කිසියම් දෙයක් ගන්න පුලුවන් වේවි :)
අපේ රාජධානිය ප්‍රදේශයේම වුනත් මේ තරම් දෙයක් දැනගෙන හිටයෙ නෑ.
ReplyDeleteබොහොම ස්තූතියි.....!
@ Sumith Niriella
Deleteටිකක් වටපිටාව ගැන හොයලා බලන්න අයියා. වටිනා කියන දේවල් හම්බවෙන්න බැරි නැහැ :)
තැන්ක්ස් හසිත , ගොඩ දෙන්නෙක් ගේ කතා එක සැරේ කියන්න ගිහිල්ල ලිපිය දියාරු වෙලාද කියලත් හිතෙනවා .. :)
ReplyDelete@ Tiraj Adikari
Deleteකතාවේ මුල් ටික දිග වැඩි වුණාද කියන සැකේ මටත් ආවා. ඒත් එක පාරටම නිකපිටියේ බණ්ඩාර ගැන කිව්වොත් එයා පැරෂුට්කාරයෙක් වෙනවා. ඒක නිසාම තමා කතාව මුල ඉදලාම කිව්වේ...
හොඳ ලිපියක්.
ReplyDeleteඔබට ජය!
@ වකා - WAKA
Deleteස්තුතියි. විවේක කාලය තව කොච්චර කල් තියෙනවාද ?
අද ඉඳන් තව සති දෙකක් ඕනේ..
Delete@ වකා - WAKA
Deleteහොඳයි හොඳයි :)
හොඳ ලිපියක්. කියන්න දෙයක් නෑ.
ReplyDelete@ රාජ්
Deleteවෙන මොනවද ඉතින් :D
ලංකා ඉතිහාසයේ මම ගොඩක් ප්‍රිය කරන කාල පරිච්ඡේදයක්! නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteලංකා ඉතිහාසයේ මම ප්‍රිය කරන කාල පරිච්ඡේදයේ උඩරට යුගය. හැබැයි ඉතින් ඒක ගැන කතා කරද්දී මේ කතාත් දැනගෙන ඉන්න ඕනේ :)
අර පවුල් සටහන දැක්කම මට මතක් උනේ හොසේ ආකේඩියෝ බු එන්ඩියාගෙ පවුල් සටහන.මොකද කීප පාරක් කියෙව්වත් මටනං ඔක්කොම පැටලෙනවා.
ReplyDeleteබලය කීප දෙනෙක්ට ඒකරාශී වීම කොච්චර අසාර්ථක ක්‍රමයක්ද කියන එක තේරෙන්නේ මේ කතා කියවද්දි.අනේ අපේ හරක් ආයෙත් රජෙක් පත්කරගන්ඩනේ හදන්නේ.
@ දිනුක
Delete"හොසේ ආකේඩියෝ බු එන්ඩියාගෙ පවුල් සටහන" අහලා පුරුදුයි වගේ. ඒත් මතක් වෙන්නේ නැහැනේ. පොඩ්ඩක් කියමු බලන්න...
අදත් වෙනද වගේම වැදගත් තොරතුරු හසිත මලයා..
ReplyDelete@ Dinesh
Deleteස්තුතියි අයියණ්ඩි හැමදාමත් වගේම :)
මට නම් හොඳටම පැටලිලි සහගතයි... මේ කට්ටියගෙ නම් සහ සම්බන්දකම්. කතාව කියෙව්වත් ඒක හින්දා හරියට තේරුනේ නෑ...
ReplyDelete@ සෙන්නා
Deleteමේ ප්‍රශ්නය එන්න පුලුවන් කියලා හිතුණු නිසාම තමා පවුල් සටහනක රූපයක් සටහනට ඇතුළත් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඒක බලන්න අයියා..
සීතාවක රජ මාලිගය පිහිටි තැන කිසිම සංරක්ෂණයක් කරල නැත්ද..? පොලොවට යටවෙලා මාලිගයේ කෑලි අතිනේ.
ReplyDelete@ වීපොකුර
Deleteමම දන්නා තරමින් ඒ ස්ථානය හඳුනාගෙන තිබෙනවා වගේම එතැන තිබුණු ලන්දේසි බලකොටුවේ කොටස් හඳුනාගෙන තිබෙනවා. ඒ හැරෙන්න විශාල වශයෙන් කැණීම් කරලා පැරණි මාළිගාවේ නටබුන් හොයන්න තවමත් උත්සහයක් අරගෙන නහැ....
කිව්වත් වගේ පොළොව යටට වෙන්න මාළිගාවේ කොටස් පවතින්න ඕනේ තමා...
සීතාවක මාලිගේ තිබුන තැන කියපු තැන කැනීම් මුකුත් කරලා නැද්ද????
ReplyDelete@ තරියා අබේ
Deleteමුල්ම කැණීම කළේ පෘතුගීසිකාරයෝ නොවැ :D
ඒත් ඊට පස්සේ මම දන්නා තරමින් ඒ ස්ථානය හඳුනාගෙන තිබෙනවා වගේම එතැන තිබුණු ලන්දේසි බලකොටුවේ කොටස් හඳුනාගෙන තිබෙනවා ඇරෙන්න විශාල වශයෙන් කැණීම් කරලා පැරණි මාළිගාවේ නටබුන් හොයන්න තවමත් උත්සහයක් අරගෙන නැහැ....
පෙතන්ගොඩ උණ පදුර දැක්කම මතක් වුනේ
ReplyDeleteකටේ කිරි සුවද යන්නට පවා බැරි උනා කියන කවිය..
වෙනදා වගේම වටිනා දෙසා බෑමක්....
@ සිරාගේ කාමරේ
Deleteදෙසා බෑමට කන් යොමු කළාටත් වඩා ඇස් යොමුකල ඔබට ස්තුතියි :)
මේ ලිපිය ලියන්නට ඔබ උනු මහන්සිය තේරුම් ගන්න පුළුවන්. හසිත, ඔබ සීතාවක රාජසිංහ කියා හදුන්වන්නේ ii රාජසිංහද? අර පෙතන්ගොඩ උයනේදි කටුවක් ඇණී මිය යන කෙනාව දොඩම්පේ ගණිතයාගේ දියණියගේ කුමණ්ත්‍රනයක් වශයෙන් සලක්න්නේ ඇයි? බලන්න හසිත මම පටලෝගෙනද කියලා?
ReplyDelete@ රතු රජරට
Deleteපොඩ්ඩක් පැටලිලා තියෙන හැඩයි...
II රාජසිංහ කියන්නේ මහනුවර යුගයේ රජකම් කරපු රජතුමෙක් එතුමාගේ පියා සෙනරත් රජතුමා. ඒත් සීතාවක රාජසිංහ එහෙමත් නැත්නම් I රාජසිංහ කියන්නේ සීතාවක පාලනය කරපු රජ කෙනෙක් එතුමාගේ පියා මායාදුන්නේ රජතුමා.
දොඩම්පේ ගණිතයාගේ කුමත්‍රණයක් නිසා තමා සීතාවක රාජසිංහ රජතුමාගේ කකුලේ තුවාලය උත්සන්න වුණා කියන්නේ. ඒකට හේතුව රජතුමාගේ ප්‍රජා පීඩක ප්‍රතිපත්ති වගේම දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක රජතුමා සම්බන්ධයක් පවත්වන්න ආපු නිසාත් කියලා කියනවා.
ඒත් ප්‍රසිද්ධියේ දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සම්බන්ධයක් පවත්වලා මහජන අප්‍රසාදයට පත්වෙන්නේ සීතාවක රාජසිංහ රජතුමාගෙන් පස්සේ සිංහාසනයට පත්වෙන රජතුමාගේ මුණුබුරු රාජසූරිය කුමාරයා...
හොඳ නරක දෙකම තිබ්බ රජ කෙනෙක්. පොත් පිච්චුව එකට නම් මට තාම මල. දොඩම්පේ ගණිතයා සත්ව මල තුවාලෙට තියල බැඳපු නිසා පිටගැස්ම හැදිලා රජතුමා මාලා කියල තම මං අහල තියෙන්නේ. :)
Delete@ Tiraj Adikari
Deleteමුලින් හොඳට ඉදලා පහු පහු වෙන කොට කොහු කොහු වුණු රජතුමෙක් :)
උඹ ඔය ලියන මගුල් කියවන්න එපාවෙනවා බං.. වෙන මොකුත් ආතල් මාතෘකා නැද්ද?
ReplyDelete@ Amila
Deleteමොනවා කරන්නද බන් පුලුවන් මඟුලනේ ලියන්නේ. එක්කෝ බණ කතා නැත්නම් ඉතිහාස කතා... මේ සතියේත් බණ කතාවක් තියෙනවා කැමති නම් කියවපන්... අනික බන් ගෙදරට වෙලා ඔහේ ඉද්දී මොන ආතල් කතාද බන් ? පරණ ඒවා මතක් කරන්නත් බැහැ අයිස් ගහලාම පට්ට කම්මැලියි :D
වෙනද වගේම අදත් වටිනා ලිපියක් ගෙනාවට ඉස්තුතියි .....
ReplyDelete@ රොබින්
Deleteවෙනදා වගේම අදත් ඔබටත් ස්තුතියි :)
එතකොට මෙතන තවත් හොර නිකපිටියේ කෙනෙක් ඇවිත් නේද? පෘතුගාලෙට ගිය නිකපිටියෙ එහෙම මැරුනා කියලනේ ඉස්සල්ලා ලිපියෙන් කිවුවේ.. හසිත උබට මේ නම් මතක තියනවද? මට නම් රජතුමන්ගේ නම් මතක හිටියට,අයියලාගේ,නංගිලාගේ පුතාලගේ නම් අමතක වෙනවා,,කොහොම උනත් කියවන්න ලස්සනයි මට නම්
ReplyDelete@ ItalyDilan
Deleteනිකපිටියේ කියන නමට තිබුණු වටිනාකමත් එක්ක මේ විදිහට නිකපිටියේ නම ආරූඪ කරගෙන තමා ඒ පුද්ගලයා කැරැල්ල මෙහෙය වන්නේ. ඇත්ත නිකපිටියේ 1611 වගේ පෘතුගාලයේදී මැරෙනවා.
මෙතනත් 1818 කැරැල්ලේ හිටිය ව්‍යාජ රජතුමාගේ වගේ කතාවක් තියෙන්නේ. මිනිහත් රාජ වංශිකයෙක්, කීර්ති ශ්‍රී රාජසිංහගේ ඥාතියෙක් සහ රාජාධි රාජසිංහගේ මස්සිනා වුණු දොරේසාමි කියලා කිව්වාට ඒ වෙද්දි ඇත්ත දොරේසාමි හිටියේ මදුරාසියේ :D
පුදුමෙට වගේ මේ නම් මට මතක හිටිනවා නොවැ :D
මටත් මේ නම් මතක හිටියට හුඟක් ආශ්‍රය කරන මිනිස්සුන්ගේ නම් අමතක වෙනවා. ඒත් සිනාව saha සුහද කතාබහ කියන දෙකෙන් ඒ ගැටළුව මහ හරහා ගෙන ඉන්නේ :)
ඒකත් එහෙමලු නේද...
ReplyDelete@ තරුවා
Deleteඑහෙමලු එහෙමලු ලොක්කා.....
නියමයි! සහෝ ඔබට ජය!
ReplyDelete@ හිරුහිමාවී
Deleteඔබටත් ජයෙන් ජය :)
නිකපිටියේ බණ්ඩාරගෙ ඉතිහාසය ගැන මෙච්චර හොඳට ඇහුවමද කොහෙද.... මටත් ඔය ඥාතිකම්, නම් ගම් නම් මතක තියාගන්න අපහසුයි... හරි කණගාටු හිතුනා අර පින්තූර දකිනකොට නම්...ගොඩාක් ස්තුතියි ලිපියට....
ReplyDelete@ Miyuru
Deleteනම් ගම් මතක තියාගන්න අපහසු වුණත් දෙතුන් වතාවක් උවමනාවෙන් කියෙව්වොත් නම් ටික මතක හිටීවි... මේ ස්ථාන ගැන මිනිස්සු දැනුවත් වෙන එකෙනුත් එක්තරා විදිහකට ඒවා ආරක්ෂා කරගන්න යොමුවෙන්න හේතුවක් වේවි
මම ඔය සොහොන තියන තැනට ගිහින් තියනවා. යටියන්තොටයි රුවන්වැල්ලයි අතර ප්‍රධාන පාරෙන් පොඩ්ඩක් අතුලට පයින් යන්න තියනවා වගේ මතකයි. ඒත් මේ වගේ කරුනු දැනගෙන ගියානම් වටිනවා කියල හිතෙනවා. එදා නිකම් ගියා බැලුවා ආවා විතරයි.
ReplyDeleteසටහනට ස්තුතියි.
ප. ලි. අර බිසෝ ලගෙ නම "අදහසින්" කියන්නෙ මොකක්ද? පෙලපතක්ද?
@ Chathura Rajapakse
Deleteමම නම් මේ ස්ථානයට ගිහින් නැහැ. හුඟක් ඡායාරූප හොයාගත්තේ අන්තර්ජාලයේ පිහිටෙන් තමා. ඊළඟ පාරක යද්දී ඒ ගැන අවබෝධයක් ඔයාට තියෙන එක ගැන සතුටුයි.
බිසෝවරුන්ගේ වගේම සමහර විටෙක කුමාරවරුන්ගේ නමට අගිනුත් "අදහසින්" කියන යෙදුම භාවිතා වෙලා. ඒ වගේමයි "අස්ථාන" සහ "බණ්ඩාර" කියන යෙදුම් රජ පවුලේ උදවියගේ නමට අගින් භාවිතා කෙරුණු ඒවා. ඒවා රාජකීයත්වය හඟවන පද වෙන්න ඕනේ...
වටිනා විස්තරයක් . මෙව්වා මතක තියා ගන්න අමාරුයි. එක වගේ නම් ගම්. හැබැයි අවශ්‍ය විටක ආගිය කතා පැත්තේ ඇවිත් කරුණු සොයන්නට හැකියිනේ . ස්තුතියි මේ වටිනා සේවයට . අපේ ගම් පළාත් ගැන නිසා වටිනාකම වැඩියි නේ
ReplyDelete@ Bindi
Deleteඅනිවාර්යයෙන්ම අක්කේ. අවශ්‍ය වූ වෙලාවක මේ පැත්තේ ඇවිත් කරුණු හොයාගන්න පුලුවන් වේවි. ඒ වගේමයි මේවා ලියන්න මූලික හේතුවත් වුණේ පොත්පත් කියවීමෙන් ඈත්වෙලා අන්තර්ජාලයත් එක්ක තරුණ පරම්පරාව එකතු වෙන නිසා අන්තර්ජාලයේ මේ කරුණු සුලභ කිරීමෙන් එක්තරා ආකාරයකට කරුණු සංරක්ෂණය වීමකුත් වෙන නිසා..
අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අපේ ඉතිහාසේ ප්‍රධාන චරිතක් වෙලා ඉදලා තියෙනවා නේද..කාලයක්ම,
ReplyDeleteවටිනා ලිපියක් ගොඩක් විස්තර පැහැදිලිවම තියෙනවා..බොහොම ස්තුති..
@ චමී4යූ~chami4u
Deleteමුලින් රජුන් තනන්නෙක් වුණු ඔහු අන්තිමට රජෙක් වෙන්නත් ගියා :)
බැලුවාම ඒ කාලෙත් කන්න ඕනේ උනාම කබරයෝ තලගොයි කරලා තියෙනවා !! හික් හික්...
ReplyDelete@ චාමර
Deleteවෙනසක් නැහැ. හැම කාලෙම එකම ටික තමා වෙන්නේ :)
අපි පාසැග් ගිය කාලයේ ඉතිහාසය විෂය තිබුණෙ නැහැ විෂය මාලාවේ. මේ නම් ගම් පොත පත කියවද්දි හමුවුණ ඒවා බව විතරයි මතකයේ තියෙන්නේ. හැබැයි පෘතුගිසි ලන්දේසි යුග එනකොට මේ රටේ රජ්‍යත්වය පිරිහෙමින් පැවති බව පේනවා. ඒතරම් ශක්තිම් ත් පාලකයන් බිහි නොවීම විවිධ බලපෑම් එල්ල වීමට හේතුවක් වෙන්න ඇති.
ReplyDeleteමේවගේ යටගිය ඉතිහාසය යළි සිහිකර දෙනවාට ස්තූතියි හසිත
@ දයානන්ද රත්නායක
Deleteදැන් කාලයේ ළමයින් සතුටු වෙන්න ඕනේ නැවත වරක් ඉතිහාසය කියලා වෙනම විෂයක් ඔවුන්ට උගන්වන එක ගැන. කෝට්ටේ යුගයේ අවසානයේ ඉදන් රජවරුන්ගේ පිරිහෙන කාලය උදාවෙමින් තිබුණේ. ඒ නිසා හුඟක් රජවරුන් පුලුවන් වුණේ ඒ තත්වය වළක්වන්න සහ තිබෙන තත්වය ඒ විදිහටම රැක ගන්න විතරයි
History repeats itself කියල් කියමනක් තියෙනවා. අපේ රාජාවලියේ එක එක කාල වල සිදු වූ දේ සහ රජුන් සෙනෙවියන් ඇමැත්තන් හැසිරුණු ආකාරය බැලුවම එක ඇත්ත තමයි කියල හිතෙනවා මට..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඇත්ත ඇත්ත. අද කාලෙත් එක්ක ලොකු වෙනසක් නැහැ තමා...
'පලා ගිය නිකපිෙය් බණ්ඩාර ඇතු පිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අඨකී ෙවණ්ඩු ෙපරැමාල් අවසානෙය්ຬ පතුල් පාන කໟවැය පහු කරලා ෙදනවකට යන් හිය රාජකීය පිසව අත් අඩංගුවට ගන්න සමත් ෙවනවා.'
ReplyDeleteRathnapure patthe kenek ehema me blog ekata awe nadda, methana kiyana Pathulpana Kanda thiyenne Rathnapura- Pelmadulla pare- Palmadulla langama Denawaka kiyala gamakuth thiyenawa, ape ammage nadayoth innawa, pudumaine me kiyanneth ehe ganada?
Thanks for the article Hasitha -- Chaminda
@ Chaminda
Deleteඑහේ ගැන වෙන්න ඕනේ.....
සීතාවක රජතුමා ගැන විස්තර දැනගන්න ආසයි පුලුවන්නම් ලියන්න ලොකු උදව්වක් කතාව හැමදාම වගේ හොඳයි
ReplyDelete@ කෝරලේ මහත්තය
Deleteසීතාවක රාජසිංහ රජතුමා ගැනත් ලියන්න තමා කල්පනාව. හැබැයි ඉතින් ප්‍රකට කතා නම් කියවෙන්නේ නැතිවේවි. අප්‍රකට කතා කීපයක්ම දැනගන්න පුලුවන් වේවි
මේකේ මාර විස්තර ගොඩාක් තියෙනවා නොවැ..
ReplyDeleteජය වේවා!!
@ Red Riding Hood
Deleteමේකේ විතරක් නෙමේ කලින් ඒවායෙත් මාර විස්තර ගොඩක් තියෙනවා :D
පැරෂුට් කාරයෙක් කියල හසිත හදුන්වල තියෙන දෙවන නිකපිටියේ බන්ඩාර ඇත්තටම වීරයෙක්. සෙනරත් රජ්ජුරුවො ඇත්තටම රට ගැන හිතපු කෙනෙක් නෙවේ. නිකපිටියේ බණ්ඩාර;කුරුවිට රාල ; කුමාරසිංහ කුමරු;විජයපාල කුමරු වගේ බොහෝ දෙනෙක් විනාශ වුනේ මේ රජාගෙ ආත්මාර්ථකාමීත්වය නිසයි.
ReplyDelete@ Anonymous August 22, 2012 1:11 PM
Deleteටිරාජ් අයියා කියලා තිබුණානේ හුඟක් අයගේ කතා කියපු නිසා කතාව දියාරු වෙලා වගේ කියලා. ඒත් ඒ අයගේ කතාව කියන්නේ නැතුව "නිකපිටියේ බණ්ඩාරගේ" කතාව කියන්න බැරිබව කියන්නයි පැරෂුට්කාරයා යෙදුම භාවිතා වුණේ. එකපාරටම නිකපිටියේ කෙනෙක් ගැන කතා කරද්දී කාගේ කවුද කින්ද මන්ද මොකුත් දන්නේ නැතිවුණාම එයා පැරෂුට්කාරයෙක් වෙනවා නොවැ.... :)
දෙවෙනි නිකපිටියේ ඇත්තටම වීරයෙක් තමා ඒක මාත් පිළිගන්න බව ලිපිය කියෙව්වාම ඔබට වැටගෙන්න ඇති. ඒ වගේම සෙනරත් රජතුමාගේ පටු ආකල්පය ගැනත් අවබෝධ වෙන්න ඇති...
බ්ලොග් එක කියවනකොට ඇයි මම ඉතිහාසය වැඩි දුරට ඉගෙන නොගත්තේ කියල හිතෙනවා මචං. බ්ලොග් එක දැකල තිබුනත් හරියට කියවන්න ඉඩක් හම්බුනේ අදයි. හරි ම වටිනා ලිපි එකතුවක්! =)
ReplyDelete@ Gayashan Amarasinghe
Deleteදැන් හරි පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගමු ලොක්කා. වටිනා බව වටහා ගත්තාට වගේම මේ පැත්තේ ආපු එක ගැන සන්තෝෂයි වගේම ඒ ගැන ස්තුතියි මචං
senarath raja kenek nowei neda eya kotte rajjauruwnage noyojithayek wimaladaarmsoriya tama nuwa mula raja wenne....Veediya bandara , rajasingahe , ekathu unama ithihadsya wenasa
ReplyDelete@ රන්සකු
Deleteඋඩරට රාජධානිය නිසියාකාරව ස්ථාපනය කරපු පළමු රජතුමා වුණේ විමලධර්මසූරිය. එතුමා 1604 දී උණ රෝගයෙන් මියයාමත් එක්ක උඩරට රජතුමා වෙන්නේ එතුමාගේ ඥාති සොයුරු [පුංචි අම්මාගේ පුතා] වුණු සෙනරත්.
කලක් පැවිදි වෙලා හිටිය සෙනරත් උපැවිදි වෙලා රජකම භාරගන්නවා. 1610 ඕලන්දයන් සමඟ වුණු ගිවිසුමෙනුත් 1617 පෘතුගීසීනුත් අතර වුණු ගිවිසුමෙනුත් උඩරට රජු සෙනරත් බව පැහැදියි...
ඔබ අවසානයට කියපු දේ නම් පැහැදිලි මදි
සෙනරත් රජ වීම ගැන මහා වංශයේ තැන් දෙකක දෙවිදිහකට දැක් වෙනවා.එකක තියෙන්නෙ රජකමට අයිතිය තිබූ එවකට ඌවේ රජු මරා රජවූ බවයි.
Delete@ Anonymous August 23, 2012 3:47 PM
Deleteමහාවංසයේ සෙනරත් රජතුමා රාජ්‍යත්වයට පත්වීම දෙවිදිකට දක්වා තිබෙන සටහනක් මට හමුවී නැහැ. තිබෙන තැන දක්වන්න පුලුවන් නම් ඒ ගැන කියවන්න උදව්වක් වේවි.
මහාවංසයේ 94 පරිච්ඡේදයේ 23 වෙනි ගාථාවෙන් කියන්නේ නම් I විමලධර්මසූරිය රජතුමාගේ සහෝදරයෙක් වූ පැවිදි වෙලා හිටිය සෙනරත් කුමාරයා සිවුරු හරවලා රාජ්‍යත්වයට පත් කළා කියලා.
ඌවේ රජතුමා ගැන යමක් කිව්වොත් එයාගේ නම මායාදුන්නේ. ඌවේ රජතුමා වශයෙන් හඳුන්වනවාට වඩා ඔහුව හඳුන්වා තියෙන්නේ ඌවේ කුමාරයා නමින්. I විමලධර්මසූරිය කන්ද උඩරට අග රජු වශයෙන් කටයුතු කරද්දී ඔහු වෙනුවෙන් ඌව ප්‍රදේශය පාලනය කරන්නේ මේ මායාදුන්නේ කියන කුමාරයා.
සෙනරත්ගේ රජවීමට ඔහු විරුද්ධ වුණු නිසා මාස 6 ක් පමණ අරගලයක් පැවතුණු බවයි කියන්නේ. ඒ වගේමයි හාරිස්පත්තුවේ දිසාවේත් සෙනරත්ට විරුද්ධව කැරැල්ලක් ඇතිකළ නිසා සෙනරත්ට මුල් වසර තුළ අරගල කීපයක්ම මර්දනය කරන්න වුණු බව පේනවා.
මම මේක කියෙව්වෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පලකල සිංහල මහා වංශය 2010 සංස්කරණයෙ.මහා වංශය බටුවන්තුඩාව සංස්කරණයෙ තියෙන පරිච්ඡේද 101 ට අමතරව, ලක්දිවට ප්‍රතිකාලුන්ගේ සම්ප්‍රාප්තිය කියල කොටසක් තියෙනවා.521 පිටුවෙ තමයි ඒ කොටස තියෙන්නෙ.
Delete@ Anonymous August 25, 2012 9:36 AM
Delete"එකක තියෙන්නෙ රජකමට අයිතිය තිබූ එවකට ඌවේ රජු මරා රජවූ බවයි" මෙහෙම කතාවක් නෙමෙයිනේ එතැන තියෙන්නේ.
එතැන තියෙන්නේ "..... ඊට විරුද්ධව එවකට ඌව පළාත ආණ්ඩු කළ මායාදුන්නේ නම් කුමාරයා ඉදිරියට පැමිණ රජවීමට උත්සහ කළේය....." කියලනේ
සෙනරත් රජතුමාගේ විමලධර්මසූරිය රජතුමාගේ දරුවනට වගේම බිසොවට සළකපු ආකාරය ගැන මේ සටහනේ ඇති
http://aagiyakatha.blogspot.com/2012/06/i-06.html
තව විස්තර කලොත් මෙහෙමයි තියෙන්නෙ....
Deleteසෙනරත් නම් අය සිවුරු හැර දමා විත් රාජ්‍යයට අයිතිවාසිකම් කියා සිටියේය.ඊට විරුද්ධව එවකට ඌව පළාත ආණ්ඩු කළ මායාදුන්නේ නම් කුමාරයා ඉදිරියට පැමිණ රජවීමට උත්සහ කළේය.මේ අතර කත්‍රීනා නම් මෙහෙසී, තොමෝම රාජ්‍ය විචාරණයෙහි කැමතිව ඔටුන්න ගැන අයිතිවාසිකම් කියා සිටි කුමරුවන් දෙදෙන ඈ අභිමුඛයට පැමිණෙන ලෙස අණ කලාය.ඔව්හු බිසවුන් බැහැ දකින පිණිස මාලිගාවට එලඹ සිටින අතර හටගත් කෝප සහගත විවාද කථා හේතුකොටගෙන සෙනරත් කුමරු විසින් ඌවේ කුමාරයාට කඩුවෙන් ඇන මරා ඉක්බිති වැන්දඹු දෝන කතිරිනා බිසව සරණ පාවාගෙන මහනුවර රජවිය.
@ Anonymous August 31, 2012 10:58 AM
Deleteසෙනරත්ට රාජ්‍යයට අයිතිවාසිකම් කියන්න පුලුවන් තත්වයක හිටියේ. එකක් තමා ඔහු එවකට උඩරට රජතුමා වුණු විමලධර්මසූරියගේ සොහොයුරෙක්. ඒ වගේමයි විමලධර්මසූරිය සහ සීබෝල් ද වාර්ට් අතර වුණු මතභේදයේදී රජතුමා කරපු ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා "විමලධර්මසූරිය ජීවතුන් අතර හිටිය කාලේ ඉදන්ම සෙනරත් උපැවිදි වෙලා හිටිය බවත් ඒ වගේම එකගෙයි කෑම වගේ චාරිත්‍රයක නියැලිලා හිටියා කියන එකත්".
ඒ අතින් බලද්දී සෙනරත්ට රජකම උරුමකම් කියන්න පුලුවන්. ඒත් ඌවේ මායාදුන්නේ කුමාරයාට එවන් පසුබිමක් නැහැ. අනෙක් අතට සෙනරත්ට රජකමට උරුමකම් කියන්න පුලුවන් වුණත් ඒක තහවුරු වෙන්නේ කන්ද උඩරට නීත්‍යානුකූල හිමිකාරිණිය වෙන කුසුමාසන දේවිය විතරයි. ඒ බව 1617 සෙනරත් පෘතුගීසී ගිවිසුමෙන් පැහැදිලිව පිළිගන්න දෙයක්.
මේ සමස්ත කරුණු බලද්දී සෙනරත්ට රාජ්‍යයට අයිතිවාසිකම් පැත්ත බර වැඩියි. ඌවේ කුමාරයාට රාජ්‍ය ලබාගන්න පුලුවන්කමක් ගන්න පුලුවන් වෙන්නේ කුසුමාසන දේවියව සරණ පාවා ගත්තොත් විතරමයි..
මහ ටිකිරි බිසෝට මොකද උණේ ?
ReplyDelete- Don K -
@ - Don K -
Deleteනිකපිටියේ බණ්ඩාර පෘතුගීසි අත් අඩංගුවට පත්වුණු අවස්ථාවේදී මහ ටිකිරි බිසෝත් පෘතුගීසි අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. ඇය පෘතුගීසී භාරයේදී තමා මැරිලා තියෙන්නේ.
සීතාවක රජ මාළිගය, පෙතන්ගොඩ උයන තියෙන්නේ කොහෙද හසිත?
ReplyDelete@ FOX Creationz
Deleteපෙතන්ගොඩ උයන තියෙන්නේ අවිස්සාවේල්ල කිට්ටුව තියෙන රුවන්වැල්ල නගරයේලු. [මාත් ගිහින් නැහැ. ඒකයි "ලු" කිව්වේ]. සීතාවක රජ මාළිගාවත් ඒ ආසන්නයේම තමා තියෙන්නේ....
කුමාරවරු අත්අඩංගුවට අරගෙන බෞතිස්ම කරලා අධ්‍යාපනය ලබාදෙන එක - මාර strategy එකක් ...
ReplyDeleteනොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.. නම් හරියට මතක හිටින්නේ නැති හින්ද අවුල්.. අර රූපසටහන හරිම ප්‍රයෝජනවත් :)
සමහරවිට ඔයා "ප්‍රකට" කියල හිතන දේවලුත් අපිට අප්‍රකට ඇති :) මොකද අපේ ඉතිහාසේ දැනුම වගේම මතකෙත් හරිම අඩුයි :)
මම chart එකක් අදින්න හෙල්ප් එකක් දෙන්නම් කියුවට ඊට පස්සේ මොකුත් කියන්න බැරිඋනානේ.. පොඩි තැනකින් හරි පටන් ගමු නේ වැඩේ? :)
@ සඳ තරු නිහඩයි
Deleteපිළිතුරු දෙන්න ප්‍රමාද වුණු එක ගැන සමාව භජනය කරනවා. කරන්ට් එක ගියා නොවැ :)
රාජකීය කුමාරවරු බෞතිස්ම කරන එක වගේම අධ්‍යාපනය ලබාදෙන එක පෘතුගීසීන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ වගේම රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්‍රමෝපායක් වෙන්න ඕනේ.
මොකද ඒ කාලේ යුරෝපයේ තිබුණු ජාතික රාජ්‍යවල පාලකයාගේ ආගම රාජ්‍යයේත් ආගම වියයුතුයි කියලා තමා පිළිගැනුණේ. ලංකාවේත් රාජ්‍යත්වයට උරුමය තියෙන හැමෝම වගේ කිතුණුවන් කළාම එයාලගේ කාර්යය පහසුවෙන් කරගන්න පුලුවන් වෙයි කියලා පෘතුගීසීන් හිතන්න ඇති.
මේ තියෙන්නේ මට දැන්ට මතක් වෙන එයාලා කිතුණුවන් කරපු රාජකීය උරුමයක් තිබුණු අය
1. 7 බුවනෙකබාහුගේ මුණුබුරා - ධර්මපාල කුමාරයා [දොන් ජුවන් ධර්මපාල]
2. කරලියැද්දේ බණ්ඩාර රජතුමා
3. ඔහුගේ දියණිය - කුසුමාසන දේවිය [දෝන කතිරිනා]
4. ඔහුගේ බෑණා - යමසිංහ බණ්ඩාර [දොන් පිලිප්]
5. යමසිංහ බණ්ඩාරගේ පුතා - දොන් ජුවන්
6. වීරසුන්දර බණ්ඩාරගේ පුතා - කොනප්පු බණ්ඩාර [දොන් ජුවන්]
7. ඔහුගේ පළමු විවාහයේ පුතා
8. සීතාවක රාජසිංහගේ මුණුබුරා - නිකපිටියේ බණ්ඩාර [දොන් පිලිප්]
9. නිකපිටියේ බණ්ඩාරගේ සොයුරිය - දෝන මරියා පෙරේරා
10. 2 රාජසිංහගේ සොයුරා විජයපාල
මම ප්‍රකට කියලා හිතන සමහර දේවල් අප්‍රකට වෙන්න පුලුවන්. දවසක් මගේ blog එක ගැන අයියා කෙනෙකුත් කිව්වේ එහෙම කතාවක් තමා. එයා වෛද්‍යවරයෙක්. එයාටත් බ්ලොග් එකක් පටන් ගන්න කියලා මම කියද්දී තමා එයා කිව්වේ
"උඹ අප්‍රකට කතා ලියද්දී උඹ හිතනවා සමහර ඒවා ප්‍රකටයි කියලා. ඒත් ඒවාත් අප්‍රකට වෙන්න පුලුවන්. මොකද උඹ හිතන්නේ නැහැ ඒවා කවුරුත් දන්නේ නැතුව ඇතියි කියලා"
චාට් අඳින වැඩේට help එක දෙන්න පුලුවන් විදිහ කියන්නකෝ. අපි වැඩේ පටන් ගමු. මේ දවස්වල කැම්පස් එහෙමෙත් වහලා නොවැ. මෙන්න මගේ ඊ මේල් ඇඩ්‍රස් එක අපි කතා කරමු වැඩේ කරන විදිහ hachagu@gmail.com
ඔයාගේ යාලු අය්යා කියපු කතාව හරි :) ඔයා ඔයා රූප සටහන් අදින්නේ මොනවගේ tool එකකින්ද? මම email එකක් එවන්නම් වැඩේ කතාකරගන්ඩ ...
ReplyDelete@ සඳ තරු නිහඩයි
Deleteමම බොහොම රහසිගත ක්‍රමයක් භාවිතා කරලා තමා රූප සටහන් අඳින්නේ :D
ඔයා අහන නිසා කියන්නම් ඉතින්. මම කරන්නේ MS Word වල මේ රූප සටහන ඇඳලා ඒක MS Onenote වලින් රූපයක් විදිහට කපලා අරගෙන MS Picture manager එකේ paste කරලා picture එකක් කරගන්නවා :)
හි හි :)) මම එවනම්කො ලේසි ක්‍රමයක්..
Delete@ සඳ තරු නිහඩයි
Deleteස්තුතියි ඔබේ කාරුණික බවට :)
ko aluth eka
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteඊයේ රෑ පොඩි අත් වැරදීමකින් පෝස්ට් එකක් පබ්ලිෂ් වුණේ. ඒක හෙට උදේ පළවෙනවා. ස්තුතියි කෝරලේ මහත්තායේ විමසිලිමත් බවට :)
I don't have fonts to type this in Sinhala. Actually I really appreciate the efforts you take in writing hidden and unrevealed aspects of our history.
ReplyDeleteThough I'm a doctor by profession I'm also interested in history. I have loads of information which I could give you. Do you know that the Sinhala Royal Family exists even today? I have traced many family trees including Kotte, Kandy, Keeravalle and Gampola families.
If you are interested please write to me so that we can share the information.My email address is rosh.1980@yahoo.com
Dr.Roshan