ගුරු අංගද් දේව්
මීට පෙර ලියපු ලිපියෙන් හුඟක් දෙනා ශීඛ්වරු ගැන යමක්
දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.
ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ලේනා උපත ලබන්නේ 1504 මාර්තු 31 වෙනිදා පංජාබයේ සරේ නාගාවලදී හින්දු ජාතික දෙමව්පියන්ට දාව.
බාබර්ගේ ආක්‍රමණ නිසා සිය පවුලත් එක්ක පංජාබයේ කදූර් සහීබ් ප්‍රදේශයට එන භායි ලේනාට දවසක් ගුරු නානක් දේව් ගැන අහන්න ලැබෙනවා. පසුව ජ්වලමුඛී කෝවිලට වන්දනා ගමනක් යන අතරතුරේදී භායි ලේනා තමන්ගේ කණ්ඩායමට නොදන්වා හොර රහසේම ගුරු නානක් දේව් වාසය කරපු කර්තාර්පූර්වලට එනවා.
එහිදී මුල් වරට ගුරු නානක් දේව් හමුවීමත් සමඟම තම ජීවිතයේ ඉතිරි කාලයේ එතුමා සමීපයේ ගත කරන්න භායි ලේනා තීරණය කරනවා. ඒ අනුව භායි ලේනා ඉතාමත් විශ්වාසීව වගේම හිතෛෂීව ගුරු නානක්ට සේවය කරනවා.
ඒ පිළිබඳව කතා කීපයක් ශීඛ් ග්‍රන්ථවල සඳහන් වෙනවා. පසුකාලීන භායි ලේනාව තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට ගුරු නානක් දේව් නම් කරන්නේත් මෙවැනි සිදුවීම් නිසා.
එක් අවස්ථාවක ගුරු නානක් දේව් වතුර පුරවපු ජොග්ගුවක් මඩ වළකට විසි කරලා තමන්ගේ පුතුන්ට වගේම ප්‍රධාන අනුගාමිකයන්ට අණ කරනවා ඒක රැගෙන එන්න කියලා.
මෙහිදී ගුරු නානක් දේව්ගේ පුතුන් දෙදෙනා මේ කාර්යය ප්‍රතික්ෂේප කරන්නේ එය ගුරුගේ දරුවන්ට සුදුසු නොවන පහත් ක්‍රියාවක් කියලා. නමුත් භායි ලේනා මඩ වළට බැහැලා ඒ ජොග්ගුව අරන් එය සෝදලා පිරිසිදු කරලා පිරිසිදු වතුර පුරවලා ගුරු නානක් දේව්ට පිළිගන්වනවා.
තවත් අවස්ථාවක ගුරු නානක් අණ කරනවා තමන්ගේ ගෙදර කැඩුණු බිත්තියක් සකස් කරන්න කියලා. ගුරුගේ පුතුන් දෙදෙනා ඒ කාර්යය මග හරිමින් පෙදරේරුවන් ගෙන්වන්න යද්දී ගුරු නානක් කියන්නේ "මට ශිෂ්‍යයන් සිටින නිසා පෙදරේරුවන් අවශ්‍ය නැහැ" කියලා.
පස්සේ භායි ලේනා බිත්තිය හදන්න පටන් ගන්නවා. ලේනා බිත්තිය සාදා නිම කළාට පස්සේ ගුරු නානක් කියනවා ඒක ඇදයි නැවත හදන්න කියලා. බිත්තිය කඩලා නැවත ලේනා බිත්තිය ගොඩ නඟනවා.
මේ විදිහට තුන් පාරක්ම වෙනවා. ඒ වෙලාවේ ගුරු නානක්ගේ පුතුන් භායි ලේනා මෝඩයෙක් කියලා හාස්‍යයට ලක් කරද්දී ලේනා කියන්නේ "ස්වාමියාගේ කාර්යයන්ගෙන් සේවකයන්ගේ දෑත් සැමවිටම කාර්යබහුලව තිබිය යුතුයි" කියලා.
ඒ වගේම තවත් අවස්ථාවක ගුරු නානක්ගේ ගවයින්ට තණකොළ මිටි 3 ක් ගේන්න කියලා එතුමා නියම කරනවා. මෙයත් නිසි පරිදි ඉටු කරන්නේ භායි ලේනා. ඒ තණකොළ මඩ සමඟ තිබුණු නිසා භායි ලේනාගේ ඇඳුම් සියල්ල මඩවලින් තෙත් වෙනවා.
එය දැක්ක ගුරු නානක්ගේ බිරිඳ ඒ ගැන ගුරු නානක්ගෙන් ප්‍රශ්න කළාම එතුමා ප්‍රකාශ කරන්නේ "මේ මඩ නොවෙයි. දෙවියන්ගේ අධිකරණයෙන් නිසි තැනැත්තා තෝරා ගත් බවට පෙන්වන ඝන කහ වර්ණයයි" කියලා.
අවසන් පරීක්ෂණය විදිහට දවසක් ගුරු නානක් කැලෑවේ තමන්ගේ ශිෂ්‍යයන් එක්ක ගමන් කරද්දී රන් සහ රිදී කාසි ඉදිරියට විසි කරනවා. එය අහුලා ගන්න භායි ලේනා සහ භායි බුද්ධාව සොහොන් බිමට අරන් යන ගුරු නානක් එහි තිබෙන මළ සිරුරක් අනුභව කරන්න ඔවුන්ට නියම කරනවා.
බයට පත්වෙන භායි බුද්ධා පැනලා ගියත් භායි ලේනා ගුරු අණට කීකරු වෙලා මළ සිරුර අනුභව කරන්න එය ආවරණය කරලා තිබුණු රෙද්ද ඉවත් කළාම ප්‍රසාද් එහෙමත් නැත්නම් ශුද්ධ වූ ආහාර හමුවෙනවා. ඒව ගුරු නානක්ට පිළිගන්වන භායි ලේනා ගුරු නානක් ඉතුරු කළ කොටස අනුභව කරනවා.
අවසානයේදී භායි ලේනා තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසට නම් කරන්න තීරණය කරන ගුරු නානක් දේව් 1539 සැප්තැම්බර් 7 වෙනිදා භායි ලේනාව ස්පර්ශ කරලා අංගද් කියලා නම් කරනවා වගේම දෙවෙනි ගුරු විදිහටත් නම් කරනවා. අංගද් කියන එකේ තේරුම තමන්ගේම මසින් සෑදුණු අයෙක් එහෙමත් නැත්නම් තමන්ගේ කොටසක් කියන එකයි.
1539 සැප්තැම්බර් 22 ගුරු නානක් දේව් මියගියාට පසුව නැවතත් තමන්ගේ උපන් ගම වෙන කදූර් සහීබ් වෙත ගුරු අංගද් දේව් පිටත් වෙනවා. ඒ ගුරු නානක් දේව් ලබාදුන් දහමේ ශුද්ධ ලියවිලි වගේම සාරයත් සමඟ.
එහි සිට ශීඛ් දහම ව්‍යාප්ත කිරීමේ කාර්යය පටන් ගන්න ගුරු අංගද් අතින් විශාල වැඩ කොටසක් ඉටුවෙනවා. ඒ යටතේ ගුරු අංගද් දේව් දේව නාගරී එහෙමත් නැත්නම් සංස්කෘත අක්ෂරවලින් "ගුරුමුඛී" නමින් නව අක්ෂර මාලාවක් නිර්මාණය කරන්න සමත් වෙනවා.
ඒ ගුරුමුඛී අක්ෂර මාලාවෙන් "ගුරුභණී" ( ගුරුගේ භාෂිතය ) එතුමා ලියනවා වගේම ගුරු නානක් දේව්ගේ චරිතාපදානය සකස් කරන්න මුල් වෙන්නෙත් ගුරු අංගද් දේව්. ඒ සඳහා බායි බාලාගෙන් කරුණු සපයා ගන්නවා. ඒ වගේම "ගුරු ග්‍රන්ථ සහීබ්" හි අඩංගු වෙන ශ්ලොක් 63 ක් පමණ රචනා කරන්නේ ගුරු අංගද් දේව්.
කුඩා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නත් ගුරු අංගද් දේව් කටයුතු කරනවා. එතුමා ලොකු කැමැත්තක් දක්වලාත් තියෙනවා කුඩා දරුවන්ට උගන්වන්න. තරුණයන් සඳහා "මාල් අඛාරා" නමින් ශාරීරිකව වගේම ආධ්‍යාත්මිකවත් සවිමත් කිරීමේ වැඩසටහනකුත් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා.
මේ විදිහට ශීඛ් දහමේ වර්ධනයට නව අංග හඳුන්වා දෙන ගුරු අංගද් දේව් ගුරු නානක් දේව් ඉදිරිපත් කළ "ගුරු කා ලන්ගාර්" එහෙමත් නැත්නම් එකට හිඳගෙන ආහාර අනුභව කිරීම හෙවත් නිදහස් සහභෝජනය ශීඛ්වරුන් අතර තව තවත් ජනප්‍රිය කරන්න කටයුතු කළා.
මේ යටතේ ගුරුගේ සිටම සෑම ශීඛ්වරයෙක්ම එකට හිඳ ආහාර අනුභව කළා. මේකෙන් කුල භේදය පිටු දකින්න හැකිවුණා වගේම ශීඛ්වරු අතර සහෝදරාත්මක හැඟීම් ව්‍යාප්ත වෙන්න මුල් වුණා.
ගුරු අංගද් දේව්ත් සංචාරය කරමින් ගුරු නානක් දේව් ආරම්භ කරපු ශීඛ් මධ්‍යස්ථානවලට ගියා වගේම තවත් මධ්‍යස්ථාන 100 ක් පමණ ඇති කරන්නත් කටයුතු කළා.
ගුරු තනතුර ශීඛ් දහමේ ප්‍රබලතම වගේම වැදගත්ම තනතුර බවට පත්වෙලා තිබුණු නිසා ගුරු අංගද් දේව් එය මනාව තේරුම් අරගෙන ශීඛ්වරුන්ටම සුවිශේෂ අනන්‍යතාවක් ඇති වෙන විදිහට ශීඛ් දහම සංවිධානාත්මක දහමක් බවට පත් කරන්න මුල් අඩිතාලම දමනවා.
තමන්ගේ ගුරුවරයා තමන් නම් කළා හා සමානවම කටයුතු කරන ගුරු අංගද් දේව් තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට අමර්දාස්ව නම් කරලා තමන්ට ගුරු නානක්ගෙන් හිමිවුණු ශුද්ධ ලියවිලි සියල්ලත් ගුරු අමර්දාස්ට භාර කරනවා.
1552 මාර්තු 29 ගුරු අංගද් දේව් මියයද්දී කදූර් සහීබ් ආසන්නයේ ශීඛ්වරුන් සඳහා නව නගරයක් ඉදිකිරීම ආරම්භ කරලා තිබුණේ එහි වැඩ පරීක්ෂාවට පත් කරලා තිබුණේත් ගුරු අමර්දාස්ව. පසු කාලීනව ශීඛ්වරුන්ගේ ප්‍රධාන මූලස්ථානය වගේම ශුද්ධ නගරය වෙන අම්රිත්සාර් නගරය ඉදිවෙන්න පටන් ගන්නේ ඒ විදිහටයි.
ඉතිරි ගුරුන් 8 දෙනා ගැන විස්තරේ බලාපොරොත්තු වෙන්න

මඩ වළට විසිකළ ජොග්ගුව ගන්නා භායි ලේනා

ගුරු නානක් දේව් ගුරු අංගද්ව දෙවෙනි ගුරු ලෙස නම් කිරීම

කුඩා දරුවන්ට උගන්වන ගුරු අංගද්
කුඩා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නත් ගුරු අංගද් දේව් කටයුතු කරනවා. එතුමා ලොකු කැමැත්තක් දක්වලාත් තියෙනවා කුඩා දරුවන්ට උගන්වන්න. තරුණයන් සඳහා "මාල් අඛාරා" නමින් ශාරීරිකව වගේම ආධ්‍යාත්මිකවත් සවිමත් කිරීමේ වැඩසටහනකුත් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා.
මේ විදිහට ශීඛ් දහමේ වර්ධනයට නව අංග හඳුන්වා දෙන ගුරු අංගද් දේව් ගුරු නානක් දේව් ඉදිරිපත් කළ "ගුරු කා ලන්ගාර්" එහෙමත් නැත්නම් එකට හිඳගෙන ආහාර අනුභව කිරීම හෙවත් නිදහස් සහභෝජනය ශීඛ්වරුන් අතර තව තවත් ජනප්‍රිය කරන්න කටයුතු කළා.
නිදහස් සහභෝජනය
මේ යටතේ ගුරුගේ සිටම සෑම ශීඛ්වරයෙක්ම එකට හිඳ ආහාර අනුභව කළා. මේකෙන් කුල භේදය පිටු දකින්න හැකිවුණා වගේම ශීඛ්වරු අතර සහෝදරාත්මක හැඟීම් ව්‍යාප්ත වෙන්න මුල් වුණා.
ගුරු අංගද් දේව්ත් සංචාරය කරමින් ගුරු නානක් දේව් ආරම්භ කරපු ශීඛ් මධ්‍යස්ථානවලට ගියා වගේම තවත් මධ්‍යස්ථාන 100 ක් පමණ ඇති කරන්නත් කටයුතු කළා.
ගුරු තනතුර ශීඛ් දහමේ ප්‍රබලතම වගේම වැදගත්ම තනතුර බවට පත්වෙලා තිබුණු නිසා ගුරු අංගද් දේව් එය මනාව තේරුම් අරගෙන ශීඛ්වරුන්ටම සුවිශේෂ අනන්‍යතාවක් ඇති වෙන විදිහට ශීඛ් දහම සංවිධානාත්මක දහමක් බවට පත් කරන්න මුල් අඩිතාලම දමනවා.
ගුරු අංගද් විසින් ගුරු අමර්දාස්ව තෙවෙනි ගුරු ලෙසට නම් කිරීම
තමන්ගේ ගුරුවරයා තමන් නම් කළා හා සමානවම කටයුතු කරන ගුරු අංගද් දේව් තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට අමර්දාස්ව නම් කරලා තමන්ට ගුරු නානක්ගෙන් හිමිවුණු ශුද්ධ ලියවිලි සියල්ලත් ගුරු අමර්දාස්ට භාර කරනවා.
1552 මාර්තු 29 ගුරු අංගද් දේව් මියයද්දී කදූර් සහීබ් ආසන්නයේ ශීඛ්වරුන් සඳහා නව නගරයක් ඉදිකිරීම ආරම්භ කරලා තිබුණේ එහි වැඩ පරීක්ෂාවට පත් කරලා තිබුණේත් ගුරු අමර්දාස්ව. පසු කාලීනව ශීඛ්වරුන්ගේ ප්‍රධාන මූලස්ථානය වගේම ශුද්ධ නගරය වෙන අම්රිත්සාර් නගරය ඉදිවෙන්න පටන් ගන්නේ ඒ විදිහටයි.
ඉතිරි ගුරුන් 8 දෙනා ගැන විස්තරේ බලාපොරොත්තු වෙන්න
මේකේ එක කොටස අහම්බෙන් වගේ කියෙව්වේ ඊයේ.. :)
ReplyDeleteඉන්දියානු ඉතිහාසය , ආගමික පසුබිම ගැන උනන්දු කෙනෙකුට බොහොම වැදගත්...
(මගේ නම් මේ ආගම ගැන වැඩි පැහැදීමක් නැහැ .. හැබැයි මට හම්බ වෙච්චි බොහෝ සික් ජාතිකයෝ මනුෂයන් වශයෙන් ඉතා හොඳ අය)
ස්තුතියි හසිත ...
:)
@ Tiraj Adikari
Deleteආගම ගැන කෙසේ වෙතත් ඒ ආගම සකස් වුණු ආකාරය එහෙමත් නැත්නම් ඒකේ ඉතිහාසයටයි මාත් කැමති. අනික ඒ වෙද්දී ඉන්දියාවේ වගේම ඒ ආශ්‍රිත රටවල කීපයකම තිබුණු ආගම්වල සාරය තමා සීක් දහමේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉදිරි කොටස් ටිකත් කියවන්න එන්නකෝ...
ලිපිය හොදයි.....අපෙ පැත්තෙත් සික් ජාතික පරපුරකිං එන මෑන් කෙනෙක් ඉන්නවා....
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteසීක් පරපුරකින්. කොහොමද ඒ මනුස්සයා සීක් පරපුරකට සම්බන්ධ වුනේ ? පොඩ්ඩක් හොයලා බලන්න මලයා...
සීක් වරු ගොඩක්ම මනුෂ්‍යත්වය අතින් ඉහලයි. ඒ මම දැක තියන මගේම අත්දැකීම වලින් කියන දෙයක්. ඒ එක්කම වටිනා ලිපියක්. ඉන්දියානු ඉතිහාසය ගැන උනන්දු වන්නෙක්ට මෙවැන්නක් ඉතා වටිනවා..
ReplyDelete@ Alexander Cage
Deleteමැද පෙරදිගත් සිංලා ගොඩක් ඇති ඒ කියන්නේ :) ඉන්දියානු ඉතිහාසයේ තවත් වැදගත් කොටසක් තමා සීක්වරු කියන්නේ. ඒක නිසා දැනගෙන ඉන්න එක වටිනවා තමා අයියා...
ඉන්දියවේ ඉන්න මිනිස්සුන්ගෙන් මනුස්සකම් අතින් ඉහලින්ම ඉන්න ජාතියක් තමා සික් ජාතිකයන්.. ආත්ම් විශ්වාසයෙන් යුතුව ජීවත් වෙනව හැබැයි ටිකක් විතර ලොකු ගැට්ටකුත් තියනවා....
ReplyDelete@ Mee Godayaa
Deleteමම හිතන්නේ ඒ "ගැට්ට" ඇවිත් තියෙන්නේ එයාලා දැඩි ආගමික ශික්ෂණයකට හුරු කරලා තියෙන නිසා. අපෙත් සමහරුන්ගේ "අපි බෞද්ධ" කියලා ගැට්ටක් තියෙන්නේ :)
මේ ලඟදී සීක් පන්සලක උනු වෙඩිතැබීමේ සිද්දිය සම්බන්දයෙන් නිව්යෝර්ක් මේයර්ගෙන් ගේම ඉල්ලන මේ සීක් ජාතියාගේ පොටෝ එක දිහා එදා මම ගොඩක් වෙලා බලන් හිටියා...
ReplyDeleteආයේ ඉතින් මම කියවලා තියෙන්නේ සැන්ටා සිං බන්ටා සිං කතා තමයි... :)
@ Beetle
Deleteඒ විදිහට ගේම ඉල්ලන්න තරම් මෙයාලා සටන්කාමී වෙන්නේත් මේ ඉතිහාසයත් එක්කම සම්බන්ධ සිද්ධියක් නිසා. ඊළඟ කතාවේ ඒක කියනවා.....
නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.. නියමයි.. අයියලට මේවා lectures උනාට මට නම් රසවත් කතාවක් වගේ.. ඇත්තටම නියමයි
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
@ සුදා මල්ලි
Deleteනැහැ නැහැ මලයා මේක අපිට කියාදීපු පාඩමක් නම් නෙමේ. ඉතිහාස පොතක තිබුණු කතාවක්. මමත් තව පොත්වලින් වගේම අන්තර්ජාලයෙන් කරුණු හොයාගෙන තමා මේක් ලිව්වේ....
මේකේ පලමු කොටසකුත් තිබුනද?
ReplyDeleteමෙයාලගේ පිරිමි නේද කොන්ඩේ එහෙම වවන්නේ. අපේ යාලු අංකල් කෙනෙක් ඉන්නවා. ඔෆිස් යනවා පෝනි ටේල් දාගෙන. අනික් තැන්වලට කොන්ඩේ ජටාවක් බඳිනවා. චූටි පිරිමි ලමයි එහෙම කොන්ඩ බැඳලා මාර කියුට්.:)
ගොඩක් මහන්සි වෙලා වැඩ කරන , ආගම හොඳට අදහන කට්ටියක් බව අහලා තියනවා. ඉන්දියාවේ ඇතුලේ නම් මෙයාලට සමහරු හිනා යන කතා හදලා තියනවා.
@ Podi Kumarihami
Deleteකවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???
මේක තමා පළවෙනි කොටස. ඔයා ඒක කියවලාත් තියෙනවා :D
පිරිමි කොණ්ඩේ ආවරණය කරගෙන ඉන්න ඕනේ. ඒකත් එයාලගේ ආගමික නීතියක්.
මෙයාලා ගැන හිනායන කතා හදලා තියෙන්නේ මම හිතන විදිහට නම් අපහාසයට. ඒකත් ඔය සුද්දෝ අපේ "මහදැනමුත්තා" කියන චරිතය විහිළුකාරයෙක් කළා වගේ තමා....
අපි දන්නේ ක්‍රිකට් ගහපු සිංලවයි,මන්මෝහන් සිංවයි විතරනේ,,පරන සිංලව දැන ගත්තා හසිතගේ ලිපි වලින්,,මුල් ලිපියත් ආයේ කියෙවුවා
ReplyDelete@ ItalyDilan
Deleteපරණ සිංලා කිව්වට ඉතින් සිං කියන කෑල්ල පාවිච්චි කරන්න කියලා නියම කරන්නේ අන්තිමට හිටිය ගුරු. කලින් හිටිය ගුරු 9 දෙනා සීක් දහම ව්‍යාප්ත කරන්න මුල්වුණු හැටි තමා මුල් ටිකෙන් කියන්නේ...
saneepa nae ban passe kiyawannam..
ReplyDelete@ හරී
Deleteඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි :)
සික් ජාතිකයන්ට වෙනම ආගමකුත් තියෙනවද?
Delete@ හරී
Deleteඔව් ඔව් සීක් ජාතිකයන්ගේ ආගම තමා සීක් දහම
මම හින්දි දැනගත්තත් ජීවිත කාලෙම ගෙව්වේ ඉන්දියානුවෝ එක්ක උනත් මම දන්නේ නැති දේවල් මෙයින් දැනගත්තා ස්තූතියි.
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteසමයාන්තර දැනීම කියන එක හරි වටිනවා බහු ආගම් තියෙන රටවල්වල ඉද්දී වගේම බහු ආගමිකයන් ඇසුරු කරද්දී....
සිං..ලා !! සින් සින් ගාල ඉක්මනට නම් කියවන්න බෑ අප්පා සින් ලා ගැන. :))
ReplyDeleteඑකට ඉඳගෙන ආහාර අනුභව කරනවා නේද මුස්ලිම් අයත්. එතකොට සීක් ජාතිකයෝ කියන්නේ මුස්ලිම් අයටද ? නෑනෙ. ඒ අයගේ දර්ශනය නම් නීති වලින්ම යන එකක් වගේ.
නැහැ සාමාන්‍යයෙන් මුස්ලිම් අය කැමති නැහැ සීක් ජාතිකයන්ට අපිරිසිදුයි කියල එකට ඉඳගෙන කන බොන ගතිය මුස්ලිම් අයගෙත් තියෙනවා තමයි ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ
Deleteස්තුතියි කෝරලේ මහත්තයෝ පැහැදිලි කිරීමට. :)
Delete@ Chandana
Deleteසීක් දහම ආරම්භ කරන ගුරු නානක් ඉන්දියාවේ වගේම ඒ ආශ්‍රිත රටවල්වල තිබුණු ආගම් ගැනත් අධ්‍යයනයක් කරලා තමා සීක් දහම බිහි කරන්නේ. ඒක නිසා එක සමාන සිරිත් විරිත් සීක් දහමේ වගේම ඉන්දියාවේ තිබුණු අනෙක් ආගම් අතරත් දැකගන්න පුලුවන්.
මේ එකට ඉදගෙන ආහාර අනුභව කරන එකෙන් අපේක්ෂා කරන්නේ කුල මල බේද අමතක කරලා සමානාත්මතාවය හුරු කරවන එක.
මුල් කාලීනව සීක් දහමට හින්දු සහ මුස්ලිම් කියන දෙගොල්ලෝම එකතු වුණා. දැන් එහෙම එකතු වීමක් තියෙනවාද කියලා නම් දන්නේ නැහැ. දැන් ඉතින් උපතින්ම තමා සීක් ජාතික වෙන්නේ...
@ කෝරලේ මහත්තයා
Deleteස්තුතියි ඔබේ එකතු කිරීමටත් :)
සික් වරුන් දෙයක් කිවුවොත් ඒක ගොඩක් දෙනෙක් එක පාරම පිළිගන්නවා ගෞරව කරනවා කියලා මම අහලා තියෙනවා..
ReplyDeleteපළවෙනි කොටස දාල ගොඩක් කාලෙකින් නේද මේක ලිය උනේ.. ලිපිය වටිනවා මලයා..
@ Dinesh
Deleteකාල වේලාවේ ප්‍රශ්න වගේම ඒ ඔක්කෝටමත් වඩා තියෙන කම්මැලිකම නිසා තමා මේවා හෙමින් සැරේ ලියවෙන්නේ :D
හැමදාමත් නොදන්නා දෙයක් ගෙන එන ඔබට ස්තුතියි.. බොහෝ ආගම් වල තෝතැන්න උන ලෝකයට සමානාත්මතාවය සහ මිනිසත් කමේ අගය දෙසු බුදුන්ගේ උපන්බිම වූ ඉන්දියාව අද භේද වලින් ගහන මඩ වගුරක්.. ඒ වගේම මඩ වගුරක් අපේ රටේ බිහිවෙමින් පැවතීම සහ එයට වැඩි වගකීමක් බොදුනුවන් සතුවීම කනගාටුවට කරුණක්..
ReplyDeleteබුදුන්ගෙ උපන් බිම නේපාලෙනෙ සරත් අයියේ...:-)
Delete@ සරත් ලංකාප්‍රිය
Deleteබුදු හාමුදුරුවන් පහළ වුණු කාලෙත් ආගම් මතවාද 62 ක් තිබුණා කියනවා නොවැ. හැබැයි ඒ කාලේටත් වඩා අද කාලේ ඒ ඒ ආගම්වල භක්තිකයන් අතින් සිද්ධ වෙන්නේ ආගමේ කියලා තියෙන දේවල්වලටත් වඩා ආගම් වෙනුවෙන් සටන් කිරීම. ලංකාවේ අයත් ඒ gAna තේරුම් ගන්නවා නම් හොඳයි තමා...
@ සෙන්නා
Deleteමම හිතන්නේ සරත් අයියා කතා කළේ පැරණි ඉන්දියාව කියන අර්ථයෙන් වෙන්න ඕනේ...
රසවත්! ඔය උදවියට පොඩ්ඩ ඇත්නම් තරහ යනව කියන්නෙ ඇත්තද? ( ඉන්දීය ක්‍රිකට් පිලේ ඉන්න කෙනාට වගේ )
ReplyDelete@ සෙන්නා
Deleteඅසාධාරණයට එරෙහිව සටන් කරන එක එයාලගේ ලේවලින්ම එන දෙයක්. ඒකටත් හේතු වුණු ඉතිහාස සිද්ධිය ඉදිරියේදී කියන්නම්. හැබැයි ක්‍රිකට් ගහන බුවාට නම් අපේ ගමේ විදිහට කියනවා නම් "අර්ශස්" ද දන්නේ නැහැ ඔච්චර කේන්ති යන්නේ :D
ඕනෑම තැනක යාමේ ඒමේ ඔබේ නිදහසට ගරු කරනවා. නමුත් අර මේඝවර්ණ කියන විද්වත් ස්වරුපයෙන් පෙනී ඉන්න බෞද්ධ විරෝධී මානසික රෝගියාගේ බ්ලොග් කඩමාල්ලේ කමෙන්ට් කිරීමේදී පරිස්සම් වෙන්න. ඔබ කියන ඇත්ත ඒකාගේ යටි අරමුණු වෙනුවෙන් , ඔබ බලාපොරොත්තු නොවන ආකාරයකට යොදා ගන්න පුළුවන්..
ReplyDelete@ Anonymous August 27, 2012 11:41 AM
Deleteස්තුතියි ඔබේ දැනුවත් කිරීමට
මේගොල්ලෝ පොල්තෙල් බොන කතාව ඇත්තද හසිත මලයෝ ?
ReplyDelete@ රොබින්
Deleteඑහෙම එකක් නම් දන්නේ නැහැ අයියා. පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ...
ආගමක ආරම්භය ගැන දැනගන්න මේ වගේ දේවල් අධ්‍යයනය කරන එක හරි වැදගත්.කළිං ලිපිය කියවන්ඩ බැරි උනානේ.ඒකත් කියවලාමයි මේ කොමෙන්ට් එක දාන්ඩ ආවේ.
ReplyDelete@ දිනුක
Deleteඅනිවාර්යයෙන්ම අපේ ආගම හෝ අපි පිළිගන්න දර්ශනය මොකක් වුණත් සමයාන්තර දැනුමක් තියෙන එක බහු ආගමික, බහු වාර්ගික රටවල්වල ඉන්න අපි වගේ අයට හරියට වටිනවා...
සික් ජාතිකයන් ගැන සහ ඔවුගේ සම්භවය සිදුවූ ආකාරය දැගගෙන හිටියෙ නෑ. ඒනිසා මේ විස්තයෙන් නිරවුල් අවබෝධයක් ලැබුණා. ඉතිරි කොටස් කියෙව්වාම හොඳ අදහසක් අතිකර ගන්න පුලුවන්.
ReplyDelete@ දයානන්ද රත්නායක
Deleteතව කොටස් දෙකකින් හෝ තුනකින් මේ කතාව ඉවර කරන්න පුලුවන් වේවි, ඒවාත් කියෙව්වා නම් සීක්වරු ගැන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුලුවන් වේවි
සික් ජාතිකයො මහ නපුරු අය කියල මම හිතා උන්නෙ..ඒත් එයාල කිහිප දෙනෙක්ව හඳුනාගන්න ලැබුනට පස්සෙ මට පුදුම හිතුනා..හරිම අවංක කෙලින් වැඩ කරන මිනිස්සු..
ReplyDelete@ වින්චැට් කිරිල්ලි
Deleteදැඩි ආගමික ශික්ෂණයක් යටතේ එයාලව හදන නිසා තමා ඒ අවංකකම වගේම සෘජු බව කියන එක ලැබිලා තියෙන්නේ. ඒවා අපිට වුණත් හොඳ පාඩම් :)
සිංලා ගැන මං මොලෝ දෙයක් දැනන් හිටියේ නෑ.ගොඩක් ස්තූතියි..
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteඉතිරි කොටස් ටිකත් කියෙව්වාම සිංලා ගැන සාමාන්‍ය අවබෝධයක් ගන්න පුලුවන් වෙයි :)
කුච් කුච් හෝතා හේ ෆිල්ම් එකෙත් උන්නේ මේ වගේ ජටාවක් බැඳ ගත්තු කොල්ලෙක්... ගොඩක් රසවත් හසිත අයියා... පින්තුර වගේම විස්තරෙත්
ReplyDelete@ අනූ
Deleteඔව් ඔව් මටත් මතකයි. ශාරුක් ඛාන් එක මාළුවෙක් අල්ල ගද්දී ලොකු මාළුවෙක් අල්ලාගෙන යන්නේ ඒ පොඩි කොල්ලා නේද :D
ආගමික මතවාද මොනවා වුණත් ඒක සකස් වුණු ආකරය ගැන කතාව නම් හරිම රසවත් තමා
පළමු ලිපියත් අද කියෙව්වෙ... තලප්පාව බැදීමට හේතුව දක්වලා නෑ නේද ? සීක් ජාතිකයන්ට ගොඩාක් තරහා යනවා කියලා මම අහලා තියෙනවා... ක්‍රිකට් පිටියේ අපි දුටු නවජෝට් සිං සිධු වගේම හර්බජන් සිං දෙන්නමත් කුකුල් කේන්ති කාරයො...
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteතලප්පාව බැඳීමට හේතුවත් ඉතිහාසයත් එක්ක සම්බන්ධ කතාවක්. ඒ ගැන ඒ කොටසේදීම කියන එක වඩාත් හොඳයිනේ අයියා.
සීක් ජාතිකයන්ට වුණු අසාධාරණකම කීපයක් නිසාම තමා එයාලා සාමකාමී ස්වරූපයෙන් ඈත්වෙලා සටන්කාමි ස්වරූපයට එන්නේ. ඒ නිසා ඔය කේන්තියාම කියන එක එයාලගේ ලේවලින්ම එන දෙයක්.
සීක් ජාතිකයන් බ්‍රිතාන්‍ය පාලනයට මහත්වූ හිසරදයක් වුනා කියලා තමා මම අහලා තියෙන්නෙ. ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් සීක් ජාතිකයන් කළා කියලා තමා දැනගන්ඩ තියෙන්නෙ. ඒකෙ පලිය ගන්ඩලු ඔවුන්ව සම්ච්චල් කරලා ඔය කතා හදලා තියෙන්නෙ. ඒවා නොදන්න මෝඩ ඉන්දියානුවොත් රස කර කර සීක් ජාතිකයන්ව සමච්චල් කරනවලු.. මට ඔය කතාව කිව්වෙ සීක් නොවන ඉන්දියානුවෙක්.
ReplyDeleteදවසක් පිට රට ගිහින් එන ඉන්දියානු තරුණයො තුන්දෙනෙක් ගුවන් තොටුපලේ ඉඳලා එකම කුලී රථයක් එනවලු. රියදුරා සීක් ජාතිකයෙක්ලු. මොවුන් ඔහුට ඇහෙන්ඩත් එක්ක සීක් ජාතිකයන් ගැන තියන විහිලු කතා කිය කිය හිනා වෙවී ආවලු. බහින වෙලේ අර රියදුරා තරුණයො තුන්දෙනාටම රුපියලේ කාසිය ගානෙ දීලා කිව්වලු;
"මහත්තුරු දැන් එනකම්ම අපිට අපහාස කර කර ආවනෙ. මම ඔය දුන්න රුපියල තමන්ට හම්බෙන පළවෙනි සීක් ජාතික හිගන්නට දෙන්ඩ " කිව්වලු.
අවුරුදු ගානකට පස්සෙත් අර තරුණයෙක් කියනවලු ඒ රුපියල තාමත් ඔහු ගාව කියලා.
@ සෙන්නා
Deleteමුල් කාලීනව ඉන්දියාවේ සිදුවුණු කැරලි කීපයකම ප්‍රචණ්ඩ ආකාරයෙන් සටන් කරන්න සීක්වරු දායක වෙලා තියෙනවා. ඒ වගේමයි භගත් සිං කියන නිදහස් සටනේ වීරයාත් සීක් ජාතිකයෙක්.
සීක් ජාතිකයන්ට කියන සම්ච්චල් කතා අපේ මහදැනමුත්තා කියලා කියන කතා වගේ කියලා තමා මාත් හිතන්නේ. සුද්දෝ අපහාසෙට ගොතපු කතා.
අයියා කියපු කතාව නම් නියමයි. සීක් ජාතිකයන්ට ආගමෙන්ම පුරුදු කරවන අධිෂ්ඨානශීලි බව, විනය වගේ දේවල් නිසා හිඟා කන මට්ටමට එයාලා එන්නේ නැතුවා වගේ
මම ඉන්දියාවේ ගිය වෙලාවේ මේක අත්දැකීමෙන්ම දැන ගත්තා. ඉහලම මට්ටමේ හෝටල් සහ කඩ සාප්පු වල ගනුදෙනු කාරයෝ තමයි ශීක්ල. මට මේකත් විසඳගන්න බැරි ගැටළුවක්. ඔවුන් පෝසත් වුනේ කොහොමද කියල.
Delete@ සුදීක
Deleteසෙන්නා අයියාට කිව්වා වගේම මම හිතන්නේ සීක් ජාතිකයන්ගේ දියුණුවට හේතුව තමා එයාලාට ආගමෙන්ම හුරු කරවන අධිෂ්ඨානශීලී බව, විනයගරුක බව වගේ ගුණාංග...
එයාලට හැම ජාතියක් ආගමක් එක්ක ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ශීක් දහම ලෝකේ බොහෝ ආගම් ඇසුරින් නිර්මාණය වුන එක වෙන්න ඕනේ. හරියට බුෆේ එකක් වගේ, ඕනෑම කෙනෙකුට ගැලපෙන කොටසක් එයාලගේ ආගමේ තියෙනවා. එයාලට ගති පැවතුම් හොඳයි කියන්නේ එයාලගේ ආගමේ හොඳකම තමයි.
ReplyDelete@ සුදීක
Deleteඒක ඇත්ත අයියේ. සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් "උදාසීස්" නමින් හඳුන්වන වන්දනා චාරිකාවක් පිටත් වෙනවා. ඒ යටතේ ගුරු නානක් ඉන්දියාව පුරාමත්, ශ්‍රී ලංකාවේත්, මැද පෙරදිග කලාපයේත් සංචාරය කරනවා.
ඉතින් ඒ ප්‍රදේශවල තිබුණු හින්දු, බෞද්ධ, කිතුණු, ඉස්ලාම්, ශරතැස්ත්‍ර වගේ ප්‍රධාන ආගම්වල සාරය තමන්ගේ ආගම නිර්මාණය කරන්න ගුරු නානක් භාවිතා කළා වෙන්න ඕනේ...
මේකත් වැදගත් ලිපියක් . . ඔයා ඇත්තෙන්ම ගොඩක් මහන්සිවෙන බව දන්නවා . . ඒවා අපතේ යන්නේ නෑ මල්ලී . . මේ ලිපි කොයි තරම් ප්‍රයෝජනවත්ද . . ආයේ පාරක් ගොඩක් ස්තූතියි මල්ලී . ..
ReplyDelete@ දුකා
Deleteමේ වගේ ප්‍රතිචාර නිසා මහන්සිය අපතේ නොගිය බව පැහැදිලියී