ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.
ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ දොළොස්වන සියවස්වල ඇතිවුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් තමා භක්තිවාදය කියන්නේ. ඒ යටතේ සමානාත්මතාවය, සහෝදරත්වය වගේ කරුණු හුඟක් සාකච්ඡාවට වුණා.
මේ භක්තිවාදයේ ප්‍රථම දාර්ශනිකයා වුණේ ශංකරාචාර්ය. මෙයාලගේ මූලික අරමුණු වුණේ හින්දු ආගමේ වුණු වෛෂ්ණව සහ ශෛව කියන නිකාය දෙක අතර වුණු පරතරය නැති කිරීම. කොහොම නමුත් ක්‍රමයෙන් භක්තිවාදය ඊටත් වඩා දුරක් ගියා. ඒ යටතේ සිදුවූ එක් දෙයක් තමා ශීඛ් දහම බිහිවීම.
ශීඛ් දහම ආරම්භ වෙන්නේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් විදිහට වගේම පංජාබයේ හිටිය මුස්ලිම් සහ හින්දු දෙකොට්ඨාශය අතර සමඟියක් ඇති කරන්න. මධ්‍යකාලීන ඉන්දියාවේ හිටිය අග්‍රගණ්‍ය සමාජ සහ ආගමික ප්‍රතිසංස්කාරකයෙක් වුණු ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් තමා ශීඛ් දහම බිහිවෙන්න බලපාන්නේ.
ගුරු නානක් දේව්
ගුරු නානක් දේව්ගේ මතය වුණේ ආගම කියන්නේ අදහස්, න්‍යායන් රාශියක එකතුවක් නෙමෙයි ආගමික ගුරු කෙනෙක් යටතේ නිශ්චිත ප්‍රතිපදාවන් සමූහයක් අනුගමනය කරමින් ජීවත්වීමයි කියලා. මේ විදිහට ගුරු නානක් දේව් යටතේ හිටිය අනුගාමිකයෝ ශීඛ් එහෙමත් නැත්නම් ශිෂ්‍යයන් විදිහට හැඳින්වූවා.
වර්තමාන පකිස්ථානයේ බටහිර පංජාබයේ රායි බෝයි දි තල්වන්ද්වලදී (අද ඒ ප්‍රදේශය හඳුන්වන්නේ නන්කානා සහීබ් කියලා) 1469 අප්‍රේල් 15 ඉපදුණු ගුරු නානක් දේව් කුඩා කල හැඳින්වුණේ නානක් රායි නමින්. ඉගෙනීමට අති දක්ෂයෙක් වුණු නානක් සංස්කෘත, පර්සියන් ආදී භාෂාවලට කදිම හුරුකමක් දැක්වුවා. ඒ වගේම ගායනයටත් විශේෂ දස්කමක් දැක්වුවා.
හින්දු චාරිත්‍රයක් වන පුන නූල පැලඳීම පවා ප්‍රතික්ෂේප කළ එතුමා ක්‍රමයෙන් තරුණ වියට ආපු නානක් පවුලේ ව්‍යාපාර කටයුතුවලට උනන්දු නොවී සත්‍ය ඥානය සොයාගෙන යන්න පටන් ගත්තා. ඒ වගේම භාවනාවට විශේෂ ඇලුම්කමක් දැක්වුවා.
එතුමාගේ මේ ජීවන රටාව නිසා පියා සැළකිලිමත් වී විවාහයක් කරදීමට කටයුතු කළත් එතුමාගේ ජීවන රටාවේ වෙනසක් සිදුවුණේ නැහැ. වරක් පියා ව්‍යාපාර කටයුතුවලට ලබාදුන් මුදල්වලින් දුප්පතුන්ට ආහාර ලබාදීම නිසා පියා තදින්ම කෝප වුණා. මෙනිසා මෙතුමාගේ සොයුරියගේ ස්වාමියා සුල්තාන් දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ රැකියාවක් නානක්ට ලබා දෙන්නට කටයුතු කළා.
හින්දු චාරිත්‍රයක් වන පුන නූල පැලඳීම පවා ප්‍රතික්ෂේප කළ එතුමා ක්‍රමයෙන් තරුණ වියට ආපු නානක් පවුලේ ව්‍යාපාර කටයුතුවලට උනන්දු නොවී සත්‍ය ඥානය සොයාගෙන යන්න පටන් ගත්තා. ඒ වගේම භාවනාවට විශේෂ ඇලුම්කමක් දැක්වුවා.
එතුමාගේ මේ ජීවන රටාව නිසා පියා සැළකිලිමත් වී විවාහයක් කරදීමට කටයුතු කළත් එතුමාගේ ජීවන රටාවේ වෙනසක් සිදුවුණේ නැහැ. වරක් පියා ව්‍යාපාර කටයුතුවලට ලබාදුන් මුදල්වලින් දුප්පතුන්ට ආහාර ලබාදීම නිසා පියා තදින්ම කෝප වුණා. මෙනිසා මෙතුමාගේ සොයුරියගේ ස්වාමියා සුල්තාන් දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ රැකියාවක් නානක්ට ලබා දෙන්නට කටයුතු කළා.
දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ සේවය කරන නානක්
1507 අගෝස්තු මාසයේදී සුල්තාන්පූර් ලෝදි නගරය අසළ තිබුණු නදියේ ස්නානය කරන්න යන නානක් අතුරුදහන් වෙනවා. දෞලාත් ඛාන් නානක්ව හොයන්න කිමිදුම්කරුවන් යෙදෙව්වත් පලක් වෙන්නේ නැහැ. දින තුනකට පස්සේ ගං ඉවුරේ ඉන්න නානක් මුලින්ම ප්‍රකාශ කරන්නේ "හින්දූන් කියා හෝ මුස්ලිම් කියා හෝ පිරිසක් නැහැ" කියලා.
ඒ සමඟම ඇතිවන අවබෝධයත් සමඟ හින්දු දහම සහ ඉස්ලාම් දහම අතර එකඟතාවක් ඇති කරන්න නානක් කටයුතු කරනවා. එතන් පටන් ඔහුව ගුරු නානක් දේව් නමින් හඳුන්වනවා. රාජ සේවයෙන් ඉවත් වෙන ගුරු නානක් දේව් මර්දානා නම් සගයා සමඟ "උදාසිස්" නමින් හඳුන්වන ආගමික ස්ථාන වන්දනා කිරීමේ චාරිකාව පිටත් වෙනවා.
ඒ යටතේ පර්සියාව, තුර්කිය, ඉරාකය, මැකාවට ගිය ගුරු නානක් දේව් ඉන්දියාව පුරාමත් සංචාරය කලා. මේ චාරිකාවන් එක්ක ලෝකය ගැන හොඳ අවබෝධයක් ගන්න ගුරු නානක් දේව්ට පුළුවන් වෙනවා. මේ චාරිකාවේදී ලංකාවේ අනුරාධපුරයටත් එතුමා පැමිණෙනවා.
ක්‍රමයෙන් මහළු වියට පත්වෙන ගුරු නානක් දේව් පස්සේ පංජාබයේ කර්තාර්පූර්වලට ඇවිත් එහි ඉදන් ශීඛ් දහමේ උන්නතියට කටයුතු කරනවා. වරක් ඉන්දියාව ආක්‍රමණය කරන මෝගල් පාලක බාබුර්ගේ සිරභාරයට පත් වන්නට ගුරු නානක් දේව්ට සිදුවුණත් එතුමන්ම ඉක්මනින්ම නිදහස් කෙරෙනවා.
වර්තමානයේදී ශීඛ් දහම සකස් වෙලා තියෙන්නේ ගුරු නානක් දේව්ගේ සහ තවත් ගුරුන් නම දෙනෙකගේ ඉගැන්වීම්වල එකතුවකින්. ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් වුණේ මේ වගේ කරුණු
ක්‍රමයෙන් මහළු වියට පත්වෙන ගුරු නානක් දේව් පස්සේ පංජාබයේ කර්තාර්පූර්වලට ඇවිත් එහි ඉදන් ශීඛ් දහමේ උන්නතියට කටයුතු කරනවා. වරක් ඉන්දියාව ආක්‍රමණය කරන මෝගල් පාලක බාබුර්ගේ සිරභාරයට පත් වන්නට ගුරු නානක් දේව්ට සිදුවුණත් එතුමන්ම ඉක්මනින්ම නිදහස් කෙරෙනවා.
වර්තමානයේදී ශීඛ් දහම සකස් වෙලා තියෙන්නේ ගුරු නානක් දේව්ගේ සහ තවත් ගුරුන් නම දෙනෙකගේ ඉගැන්වීම්වල එකතුවකින්. ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් වුණේ මේ වගේ කරුණු
- ඇත්තේ එක දෙවියෙකි (එක් ඔන්කාර්), ඒ දෙවියන් රූපයකින් සිතා ගත නොහැකිය (නිරන්කර්), දෙවියන් සනාතනිකය (අකල්), දෙවියන් වරද නොකරයි (අලක්ඛින්). විවිධ ආගම් විසින් දෙවියන් විවිධ නම්වලින් හැඳින්වූවද ඇත්තේ එකම දෙවියෙකි. මේ ඒකදේවවාදී අදහස ඉස්ලාම් දහමේ මූලිකම කරුණක් වුණා වගේම වෛදික සාහිත්‍යයේත් තිබුණු දෙයක්
- සියලු ආගම් සමානය. එසේම දෙවියන් එක ආගමික නිකායකට අයත් නොවේ. විශ්ව සාධාරණ ජීවය බෙදන්නාය. "සත්නාම්" හෙවත් සත්‍යයේ නාමයෙන් මුළු ජීවිත කාලය පුරාම කටයුතු කරන්න.
- දෙවියන් සමඟ එක් විය හැක්කේ යහපත් ක්‍රියාවන් මඟින් පමණි. හින්දු දහමේ එන කර්මවාදය ගැන මේ යටතේ පිළිගන්නවා. ගුරු නානක් දේව්ගේ ප්‍රසිද්ධ කියමනක් තමා "වචනවලින් ශාන්තුවරයකු හෝ පව්කාරයකු බිහි නොවේ. ඉරණම් පොතේ ලියා ඇත්තේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය පමණකි" කියන එක.
- ප්‍රතිමා වන්දනය ගුරු නානක් දේව් ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කළා වගේම සියලුම ආගම්වල තිබුණු බාහිර පුද පූජා විධිත් ප්‍රතික්ෂේප කළා.
- කාන්තාවන්ට ගෞරව කළ යුතු බව ගුරු නානක් දේව්ගේ මතය වුණා. ඒ ගැන එතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තමා "ඔවුන් රජුන්ට හා ආගම් කතෘවරුන්ට උපත ලබා දෙන්නේ නම් කාන්තාවන් පහත් යයි කිව හැක්කේ කෙසේද ?"
- ලෞකික ජීවිතය හැර නොගොස් ගෘහස්ථයෙක් ලෙස ගුරුගේ ඉගැන්වීම් අනුව කටයුතු කර දෙවියන් කරා ළඟා විය හැක.
ගුරු නානක් දේව්ගේ මේ ඉගැන්වීම් "අසා - දි - වාර්" සහ "ජප්ජී සහීබ්" කියන එතුමා විසින්ම ලියපු පොත්වල අඩංගු වෙනවා.
1539 සැප්තැම්බර් 22 දා පංජාබයේ කර්තාර්පූර්වලදී ගුරු නානක් දේව් මිය යනවා. ඊට කලින් තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන අනුගාමිකයන් කීප දෙනෙක්ව පරීක්ෂා කරලා බලන ගුරු නානක් දේව් තමන්ගේ අන්තරාගාමියා විදිහට ගුරු අංගද් දේව්ව නම් කරනවා.
හුඟක් දේවල් කතා කළානේ. ඉතිරි කොටස මීළඟ ලිපියෙන්. මේ ලිපියේ නොතේරුණු දෙයක් තියෙනවා නම් කියන්න. දන්න තරමින් උත්තරයක් දෙන්නම්.
මීළඟ ලිපිය එනකම් මේ පංජාබ් ගීතය අහලා බලන්න :)
ගුරු නානක් දේව් තම අන්තරගාමියා ලෙස ගුරු අංගද්ව පත් කිරීම
1539 සැප්තැම්බර් 22 දා පංජාබයේ කර්තාර්පූර්වලදී ගුරු නානක් දේව් මිය යනවා. ඊට කලින් තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන අනුගාමිකයන් කීප දෙනෙක්ව පරීක්ෂා කරලා බලන ගුරු නානක් දේව් තමන්ගේ අන්තරාගාමියා විදිහට ගුරු අංගද් දේව්ව නම් කරනවා.
හුඟක් දේවල් කතා කළානේ. ඉතිරි කොටස මීළඟ ලිපියෙන්. මේ ලිපියේ නොතේරුණු දෙයක් තියෙනවා නම් කියන්න. දන්න තරමින් උත්තරයක් දෙන්නම්.
මීළඟ ලිපිය එනකම් මේ පංජාබ් ගීතය අහලා බලන්න :)
මේ සටහන ලියන්න පාදක කරගත්තු මූලාශ්‍ර වුණේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
ප.ලි.: මෙම ලිපි මාලාව ලිවීම අතපසු වූ නිසා එය නැවැත්වූ කොටස්වල සිට නැවතත් ලිවීම ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිමි. එයට ප්‍රවේශයක් ලෙසට මුල් කොටස් දෙක නැවත පළකිරීමට කටයුතු කළෙමි
w.o......................w......සෑෙහන වටිනා ලිපියක්......ඉතිරි ෙකාටසත් ඉක්මනින් ලියන්න. මම අහලා තිෙයන අාකාරයට ඉන්දියාෙව් ශක්තිමත්ම මිනිසුන් ෙමන්න කරුනාවන්තම මිනිසුන් වන්ෙන් පන්ජාබ් මිනිසුන්. ඒ වෙග්ම ඉන්දීය හමුදාෙව් වැඩිෙයන්ම ඉන්ෙනත් සික් නැතිනම් බන්ජාබ් ජාතිකයන්. ඒ ගැනත් තව ටිකක් විස්තර කරනවනම් අෙගයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතෑන්ක්ස්.. ඉතා වටිනා ලිපියක්.. ඔහේ දන්නවද සීක් කාරයෝ කන වැහෙන්න තලප්පාවක් දාගෙන ඉන්නේ ඇයි කියලා..
ReplyDeleteසිංලා නම් ඕනි තරම් අහල තියනව ..ඒත් ඒ අයගේ පසුබිම ගැන දැනගත්තෙ අද බොහොම ස්තුතියි
ReplyDeleteසින්ග් ඉස් කින්ග් කිව්වලු !
වටින ලිපියක්...!
ReplyDeleteහොද ලිපියක්. සැහෙන්න දේවල් දැනගත්තා.
ReplyDeleteවටිනා ලිපියක්. ඉතුරු කොටසත් දාන්න.
ReplyDeleteමාතලන්,
ReplyDeleteරැවුලයි කොන්ඩෙයි හංගගන්න!
Hasitha,
සිංල ගැන මම දන්න කතා ( විහිළු නොවෙන ) ටික ඊළඟ පෝස්ට් එකෙන් පස්සෙ කියන්නම්.
වටින ලිපියක් ලිව්වට ස්තුතියි.
ReplyDeleteමට හිතෙන්නෙ හැම ආගමකින්ම තියෙන වැදගත් දේවල් එකතුකරල ක‍්රපු ඉගැන්වීමක් වගේ. බුදුදහමෙ එන දේවලුත් තියෙනව වගේ.
නමුත් වර්තමානයේ හැම ආගමකම මූලික ඉගැන්වීම් වලින් පිට ගියපු දේවල් සීක් ආහමටත් වෙලා තියනව වගේ ගුරු නානක් දවි කෙනෙක් වගේ අදහනව ඔහුගේ ඉගැන්වීම් වලට වඩා.
ප‍්රසිද්ධ රන් දේවොල ගැන වාර්තා වැඩැ සටහනක් ගියා Discovery Channel සාමන්ය අයට දකින්න නැති හුගක් දේවල් පෙන්නුව පුලුවන් නම් හොයාගෙන බලන්න.
මමත් Discovery වැඩසටහන නැරඹුවා.
Delete@ සුදීක
Deleteඒකේ ලින්ක් එකක් කාරියේ හොයාගන්න නැද්ද අයියා ??
Good :D
ReplyDeleteවටිනා ලිපියක්. ඔයා ඉන්නේ ඉන්දියාවෙද?
ReplyDelete@ගීත් (සහෘදයා)
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට. සීක් ජාතිකයන්ගේ ශක්තිමත් බවට වගේම කාරුණික බවට හේතුව මට හිතෙන විදිහට නම් එයාලව හැඩ ගස්වා තියෙන ආගමික ශික්ෂණය. අයියා කියපු දේවල් ගැන ඊළඟ ලිපියේදී අවදානය යොමු කරන්නම් :)
@මාතලන්
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ, ඔයා කියපු දේ ගැන ඊළඟ ලිපියට ඇතුල් කරන්න තමා ඉන්නේ. ඒකේ ආරම්භය වුණු විදිහත් එක්කම ඒ ගැන කතා කරන්න තමා හිතුවේ :)
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට :)
කින්ග් සින්ග්ලා ගැන තව විස්තර ඊළඟ ලිපියෙන්. හොඳම හරිය තියෙන්නේ ඉස්සරහට :))
@ලහිරු
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට :)
@වර්ණා
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට :) තවම හොඳම ටික මග. ඊළඟ ලිපියත් කියවන්නකෝ
@Praසන්ன
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට අයියා :) ඊළඟ post එකත් ලියාගෙන යන්නේ. ඉක්මණටම දාන්නම්කෝ
@ඉන්දික උපශාන්ත
ReplyDeleteආහ් අයියාට නම් සිංලා හම්බවෙලත් ඇතිනේ :))
@Malith
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ගුරු නානක්තුමා කරපු "උදාසිස්" නමින් හැඳින්වෙන චාරිකාවේදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියන ආගම්වල පූජනීය ස්ථාන රැසකට ගිහින් තියෙනවා.
ඒකත් එක්කම ඒ දහම්වලත් තියෙන යහපත් ලක්ෂණ එතුමා සික් දහමටත් එකතු කරගන්න ඇති.
ගුරු නානක් වන්දනාව ගැන ඔබ කියපු කතාවට එකඟයි. සුෆී උපමා කතාවක් වෙන "ගින්දර හොයාගත් නූර්ගේ කතාව" කියවලා බලන්න පුලුවන් නම් ඒකෙත් මේ වගේ දෙයක් ගැනයි විස්තර කෙරෙන්නේ.
ඒ වගේම වාර්තා වැඩසටහන ගැන මම හොයලා බලන්නම්. ස්තුතියි ඒ ගැන කිව්වට :)
@Vathsala
ReplyDeleteThanx Akke :)
@Podi Kumarihami
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට. අයියෝ මම ඉන්දියාවේ නෙමෙයි ඉන්නේ ලංකාවේ... ඉන්දියාවේ ගිහින්වත් නැහැ :))
ඇයි එහෙම ඇහුවේ ???
හොද ලිපිය. සීක්වරු නේද තවමත් ප්‍රභූ ආරක්ෂකයන් වශයෙන් ලොක්කො ගාවට දාල ඉන්නෙ?
ReplyDeleteනියමයි අයියේ... මාත් වැඩි විස්තර දැන ගත්තේ මෙකෙන්..... කලින් එන්න බැරි වුණාට සොරි ඈ..
ReplyDeleteවටින විස්තරයක්......
ReplyDeletegreat...
ReplyDelete@රාජ්
ReplyDeleteමම දන්න විදිහට නම් ඔව්. ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් වුණත් ඒක වෙනසක් වුණේ නැහැ
@රහස් පරික්ෂකයා
ReplyDeleteස්තුතියි මල්ලී ඉතුරු ලිපි ටිකත් කියවන්න එන්න
@ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteස්තුතියි :)
@සුජානි.......
ReplyDeleteThanx akke :)
ගොඩක් වටින ලිපියක්. මේ කට්ටිය ගැන මෙහෙම ලිපියක් කියවන පලවෙනිම අවස්ථාව මේක.දෙවෙනි කොටසත් කියවන්න ඕනා.
ReplyDeleteමේ මොකක්ද මේ උනේ?
ReplyDelete@ හරී
Deleteඅලුතෙන් ලියන්න යමක් කල්පනා කරද්දී මතක් වුණේ මේ කතා මාලාව භාගෙට නැවැත්තුවා නේද කියලා. ඒක නිසා ආයි මුල ඉදන් මේ කතාව කියන්නයි යන්නේ. ඒකට ආරම්භයක් විදිහට මේ කතාව ආයි පාරක් පබ්ලිෂ් කළා :)
හරිම වටිනා ලිපියක්.. ප්‍රශ්ස්තියක් නෙමේ.. මම අහලා තියෙනවා සික් හරි සිං ජාතිකයන්ගෙන් කාගාව හරි හංග ගත්ත කිණිස්සක් තියෙනවලු. ඔවුන් ඒ කිණිස්ස තරහා ගිහින් එලියට ගත්තොත් අනිවාර්යයෙන්ම කිණිස්ස භාවිතා කරලා ලේ දකින්නම ඕනෙලු.. හදිස්සියෙවත් ඒ කිණිස්ස අනිත් කෙනාට ඇනලා ලේ දකින්න බැරි උනොත් තමන්ගේ අත හරි කපා ගෙන ලේ දකින්නම ඕනලු.. පොතකින් දැක්කේ.. ඉතිහාසය කියවන්න ආස උනාට හදාරන්න ආසා නැත්තේ මේ වර්ෂ දිනත් එක්කම මතක තියා ගන්න ඕනේ නිසා.. නැතිනම් සමාජීය විද්‍යාවට(අර මහාචාර්ය නන්දසේන රත්නපාල වගේ වෙන්න) නම් ආසයි..
ReplyDelete@ සුදා මල්ලි
Delete"සික් හරි සිං ජාතිකයන්ගෙන් කාගාව හරි හංග ගත්ත කිණිස්සක් තියෙනවලු"
සීක් ජාතිකයන්ගේ නමේ අගට තමා සිං කියලා යෙදෙන්නේ. කිණිස්සක් කියනවාටත් වඩා ඒකට කඩුවක් කියන වචනේ භාවිතා කළොත් හොඳයි වගේ. බොහොම සාමකාමී ජාතියක් වුණු සීක්වරුන් රණකාමීන් බවට පත්වුණු හේතුවත් ඉස්සරහට කියවෙනවා. ඒ හේතුව නිසාම තමා සීක් ජාතිකයන් කඩුවක් අනිවාර්යයෙන් භාවිතා කරන්නත් පටන් ගත්තේ..
ලේ දකින්න ඕනේ කියන කතාව නම් අහලා නැහැ මලේ. පොඩ්ඩක් හොයලා බලන්නම්කෝ..
වර්ෂ දින මතක තියාගන්න එක එච්චර හිතන්න යන්න එපා ඉතිහාසය කියන්නේ වචන දින විතරක්ම නෙමෙයිනේ :)
අසල්වාසියගේ ඉතිහාසය දැනගන්න ලැබෙන එකත් හොඳයි! ඊළඟ ලිපියත් ඉකමණින් ලැබේවි කියල හිතනවා.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඅසල්වාසියාඒ රටේ ඉන්න අසල්වාසීන් පිරිසක් ගැන කියලා කිව්වොත් තවත් නිවැරදියි
සුපුරුදු පරිදි බොහොම ස්තුතියි මේ ලබා දෙන දැනුමට.. මේ ළඟදී මම දැක්කා සිං ලගේ උද්ඝෝෂණයක්. කඩු එහෙම දික් කරගෙන කට්ටිය ඇවිත් හිටියේ ඇමෙරිකාවට විරුද්ධව.
ReplyDelete@ රාමා
Deleteසුදා මල්ලිට කිව්වත් වගේ එයාලා ගාව තියෙන්න ඕනේ ලක්ෂණ 5 කින් එකක් වෙන්නේ කඩුව. ඒ ගැනත් ඉස්සරහට කියන්නම්කෝ...
වටිනා දෙයක්.. මේවා දැනගෙන ඉන්න ඕනේ..
ReplyDelete@ Alexander Cage
Deleteමැද පෙරදිග පැතිවලත් සිංලා ඉන්නවා නේද අයියා ?
දැනගන්න කැමැත්තෙන්ම හිටපු දෙයක්. හරිම වටිනවා හසිත අයියා මේ ගැන ලියපු එක
ReplyDelete@ කසුන්
Deleteඉදිරි ලිපි ටිකත් කියවමු මලයා :)
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
ReplyDeleteමේක නම් මගේ ලඟත් තියනවා. ආසාවෙන් කියවන පොතක් .
@ මානවක
Deleteඉතිහාසය ආසාවෙන් කියවන්න කැමැත්තක් තියෙන එකත් ලොකු දෙයක්. තව ඉතිහාස පොත් ටිකක් හොයාගෙන කියවන්න බලන්න
අඩෙ අප්පා...
ReplyDeleteසිංලගෙ පැටිකිරිය අදනේ දැන ගත්තේ..
මරු පෝස්ට් එක හසිතයියේ..
@ තරියා අබේ
Deleteමේ ආරම්භය තව ඉස්සරහට තමා සිංලගේ හොඳ හොඳ කෑලි තියෙන්නේ :)
මටත් ඉන්නවා සිග් ජතික යාලුවෙක්. එයාගෙ නම සර්දාර් සින්ග්. මෙයලා එහෙම නපුරු අය නෙමේ, මිත්‍රශිලි අය. හැබයි හරි කෙලින් මිනිස්සු. සුදා මල්ලි කිඅයනව වගේ මෙයලා ගාව අයුද තියනව නම් මම දැකලම නෑ. සමහර විට විදෙශයක ඉන්න නිස වෙන්න අති. එත් මම නම් කියන්නෙ මෙ අය අනිත් ඉන්දියනුවන්ට වඩා ගොඩක් හොදයි. ඔන දෙකට රෙඩි පොරවල් ලන්කාවෙ අයත් එක්ක උනත් අනිත් ඉන්දියනුවන්ට වඩා ලගින් අශ්‍රය කරනව . අනික මෙයලා හරි රසට තේ හදනවා.
ReplyDelete@ sujiya
Deleteවිදේශයක ඉන්න නිසා ඒ රටේ නීතියටත් අවනත වෙන්න ඕනේ නිසා කඩුව ගෙදර තියලා වෙන්න ඇති එනවා ඇත්තේ :)
සීක්වරුන් බොහොම ප්‍රතිපත්තිගරුක මිනිස්සු ඒක නිසා වෙන්න ඇති අයියාට එහෙම හිතෙන්නේ...
හරිම වටිනවා මම මේ පැත්තට ආවෙ අදමයි. දැන් හැමදාම එනවා.නියමයි මමත් බ්ලොගයක් හැදුවා ලොව වටා සංචාරක තොරතුරු ඇතුළත් . ඒ පැත්තටත් ගිහින් පොඩි හෙල්ප් පාරක් දෙන්න ම්තුරනේ.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
@ Naleen Dilruksha
Deleteඔන්න අපි ෆුල් සප් එක දීලා තියෙන්නේ :D
මන් මෝහන් සිං ගේ වැඩ නිසා සිං ලා ඔක්කෝම එපා වුනා
ReplyDelete@ Anonymous August 17, 2012 9:00 PM
Deleteහර්බජාන් සිංවත් එපා වෙලාද තියෙන්නේ :D
හසිත් : මේක දැකල මට ඇති වෙච්ච් සන්තෝෂය කියල නිම කරන්න බා. ඩිස්කවරි නාලිකාවේ රන්දෙවොල පෙන්වපු දවසේ ඉඳන් මම මේ ආගම මොකක්ද කියල හොයන්න පටන් ගත්තා. මගේ ෆේස්බුක් මිතුරෙක් ඉන්න මන්ජිත් සිං කියල මිනිහගෙන් ඇහුවත්, මිනිහා විස්තර කලේ නෑ. පස්සේ අපේ ඔෆිස් එකේ මිතුරියකගේ වෑන් මෙට් කෙනෙක් ආව. එයාගේ තාත්ත සිං කෙනෙක් අම්ම සිංහල. මම එයාගෙන් ඇහුවම එයා කිව්වා
ReplyDelete"අපේ ආගම ගුරු ජී ලා 9ක් එකතු වෙලා ලියපු පොතක්. ඒ පොත හැමදාම උදේට පෙරලා ලැබෙන පිටුව කියවන්න ඕනේ. එක ලොකු පොතක්. ඒ පිටුවේ තියෙන ඒවා ඇත්ත වෙනවා, එදා දිනයේදී"
ඔන්න මට ලැබුන උත්තරය. ඒත් මම සැහීමකට පත් වුනේ නෑ. ඔයාගේ ලිපි පෙළ නම් ඉතා අනර්ඝයි. මම එක හුස්මට මේ ටික කියවනවා අදම.
මම ඉන්දියාවට ගිය වෙලාවේ දැක්කා මේ ශීක්වරු කියන්නේ ඉතා පිරිසිදුවට අඳින, යහමින් මිල මුදල් තියෙන. මස් මාංශ අනුබව කරන. හොඳට කාල බීලා සතුටින් ඉන්න ජාතියක් කියල. එයාලට ඉන්න වෙනම හෝටල් තියෙනවා. බොහෝ වෙලාවට නම "යෝගී එගෙසේකටිවේ" වගේ නමක් තියෙන්නේ. අනිත් අය යන්නේ නෑ. මිල අධික පිරිසිදු කාමර. ඒකෙන් මම ඒ ජාතිය පිලිබඳ යම් අවුබෝධයක් ගත්තා. සාර්ධාර් වරු කියලත් මේ යට කියනවා. ඉන්දියා ක්‍රිකට් වල අමතක කරන්න බැරි සිං කෙනෙක් තමයි සිං සිධු. ඒ වගේමයි යුවරාජ් සිං. ඉස්සර හිටිය සිං සන්ධු කියල ක්රීදකයෙකුත්. ඇයි රොබින් සිං.
මට හිතෙනවා ලංකාවේ ඉන්න වීරසිංහ වීර් සිං කියන නමිනුත් සෙසු සියලුම සිංහ ලාත් මේ සිං පරම්ම්පරවට නෑකම් දක්වනවා ඇති කියල.
@ සුදීක
Deleteලිපි පෙළ නිසා සීක් දහම ගැන හෙව්ව වගේම හොයන අයගේ ගැටළු නිරාකරණය වෙනවා නම් ඒක මට කොච්චර නම් සතුටක්ද :)
ඒ වගේමයි සීක්වරු ආශ්‍රය කරලා තියෙන අයියලා වගේ අයගේ අදහස් මේ ලිපි පෙළ කියවන්න එන අනික් අයටත් ගොඩක් වැදගත් වේවි. ස්තුතියි ඒ කරුණු එකතු කරනවාටත්
ලංකාවේ සිංහලා සීක්වරුන්ට නෑකම් කියනවා කියන එක නම් පිළිගන්න අමාරුයි අයියා. මොකද සීක්වරුන්ගේ නමේ අගට සිං කියන කොටස එකතු කරන්න කියලා අවසාන ගුරු වෙන ගුරු ගෝවින්ද් සිං නියම කරන්නේ 1679 දී. ඒත් ඊට කලින් ඉදන්ම මට මතක විදිහට දඹදෙණි යුගයේ ඉදන්ම වීරසිංහ වගේ නම් තියෙන ප්‍රභූවරු රජවාසලේ සේවය කරලා තියෙනවා..
පරක්කු වුනා බොහොම . ඒ වුනත් ආසම ලිපියක්. ඔය සින්දුව ඉස්සර මට ඇහෙන්නේ උසි කපුටා කියලයි
ReplyDelete@ Bindi
Deleteඅයියෝ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ අක්කේ. මාත් පොඩි කාලේ ඔහොම්ම තමා හිතුවේ කාටද අප්පා ඒ කාලේ ඕවා තේරෙන්නේ :D
ගොඩක් වටිනවා ,හරිම රසවත් -ඊළඟ කොටසත් කියවන්න ඕනි
ReplyDelete@ shakya
Deleteඊළඟ කොටස් සේරම ලියලා ඉවරයි ඕන්
වැදගත් ලිපියක් . . ගොඩක් ස්තූතියි මල්ලී . ..
ReplyDelete@ දුකා
Deleteමේ පැත්තේ ආවාට අයියාත් තුති :)
ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.
ඔබට ස්තූතියි
ReplyDelete