ගුරු අමර් දාස්
සීක් දහමේ විකාශනය ගැන කියන කතන්දරයේ අපි මේ වෙද්දී සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් සහ ගුරු අංගද් ගැන කතා කළා. ඒ වගේමයි ගුරු අංගද් දේව් තමන්ගෙන් පස්සේ සීක් දහමේ මීළඟ ගුරු විදිහට තමන්ගේ අනුගාමිකයෙක් වුණු 72 ක් පමණ වයසැති අමර් දාස්ව නම් කළා කියලත් මතක ඇතිනේ.
අද කතාව එතන ඉදන්. 1552 මාර්තු 25 වෙනිදා ගුරු අංගද් දේව් මියයාමත් එක්ක ගොවියෙක් වගේම වෙළෙන්දෙක් වුණු ශ්‍රී තේජ් බහාන් බල්ලාගේ පුත්‍රයා වුණු ගුරු අමර් දාස් සීක්වරුන්ගේ ගුරු බවට පත්වුණා. තමන්ගේ මූලස්ථානය ගොයින්ද්වාල් සහීබ්වල පිහිටුවා ගත්තු ගුරු අමර් දාස් සීක් දහමේ ව්‍යාප්තිය උදෙසා එහේ ඉදන් කටයුතු කළා.
කුල භේදය පිටු දකින්න ලොකු සටනක් ගුරු අමර් දාස් සිදු කරලා තියෙනවා. ඒ යටතේ කුල භේදය පිටුදැකීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතක් විදිහට ගුරු අංගද් දේව් හඳුන්වා දීපු "ගුරු කා ලන්ගාර්" හෙවත් හැමෝම එකට ඉඳගෙන ආහාර අනුභව කිරීමේ සිරිත තවත් හොඳින් අනුගමනය කරන්න ගුරු අමර් දාස් නියම කරනවා.
ගුරු අමර් දාස් සහ අක්බාර් අධිරාජයාගේ හමුව
ඒ වනවිට ඉන්දියාවේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන හිටිය මහා අක්බාර් අධිරාජයාත් 1567 දී ගුරු අමර් දාස්ව හමුවෙන්න ඇවිත් ගුරු කා ලන්ගාර් ක්‍රමය ගැන සතුටු වුණා. ඒ වගේමයි මුස්ලිම් නොවන අයගෙන් අය කෙරුණු ජෙසියා බද්ද ඉවත් කරන්නත් මේ අවස්ථාවේ අධිරාජයා පොළඹවා ගන්න ගුරු අමර්දාස් සමත් වෙනවා.
ඒ වගේමයි හින්දු විවාහ ක්‍රමය වෙනුවට සීක්වරුන් සඳහාම වෙන්වුණු විවාහ ක්‍රමයක් "ආනන්ද් කරාජ්" නමින් නිර්මාණය කරපු ගුරු අමර් දාස් සති පූජාව තහනම් කරන්නත් කාන්තාවන් වේල් එකකින් මුහුණු ආවරණය කරගෙන ඉන්න ඕනේ කියන සිරිත පිටු දකින්නත් කටයුතු කරනවා.
සීක් දහම ව්‍යාප්ත කරන්න කාර්යක්ෂම ක්‍රියා පිළිවෙතක් නිර්මාණය කරපු ගුරු අමර් දාස් ඒ යටතේ "මඤ්ජි" නමින් ක්‍රමයක් ඇති කරනවා. මඤ්ජි ක්‍රමයේදී සිද්ධ වුණේ සීක් දහම ප්‍රචාරය කරන දේශකවරුන් පිරිසක් පුහුණු කරලා ඒ දේශකවරුන් මඤ්ජිස් හෙවත් ශාඛා 22 කට බෙදපු එක.
ගුරු අමර්දාස් සහ මඤ්ජිස් 22 නයික්වරුන්
ගුරුට අවනත නයික් නමින් හැඳින්වුණු ආගමික නායකයන් යටතේ මේ එක් එක් මඤ්ජිය පාලනය වුණා. ඒ යටතේ සීක් දහමේ ව්‍යාප්තිය නිශ්චිතව වටහා ගන්න වගේම පැහැදිලි ඉලක්කවලට අරගෙන යන්න පුලුවන්කම ලැබුණා.
1574 සැප්තැම්බර් 1 වෙනිදා ගුරු අමර් දාස් මියයනවා. ඊට කලින් තමන්ගෙන් පසුව මීළඟ ගුරු විදිහට ඔහු නම් කරන්නේ ඔහුගේ දියණිය වුණු බිබී භාණි සරණ පාවා ගත්තු භායි ජේතා නම් පුද්ගලයාව. ගුරු තනතුර හිමිවුණු භායි ජේතාව හැඳින්වුණේ ගුරු රාම් දාස් නමින්.
ගුරු රාම් දාස්
ගුරු රාම් දාස් අතින් සිදුවුණු වැදගත්ම කාර්යය විදිහට සැලකෙන්නේ ගුරු අංගද් දේව්ගේ සිහිනයක් වෙලා තිබුණු සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කර එය මැනවින් අවසන් කිරීමයි. ඒ අනුව 1574 දී සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයේ ගුරු රාම් දාස් පදිංචි වෙනවා.
මුලින් "ගුරු දා චක්" නමින් හැඳින්වුණු ඒ නගරය පස්සේ චක් රාම් දාස් නමින් හැඳින්වෙනවා. පසුකාලීනව අම්රිත්සාර් නමින් ප්‍රසිද්ධ වෙන්නේත් මේ සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයයි. ඒ නගරය ඇතුලේ ගුරු ද්වාර සහ "හර්මන්දිර් සහීබ්" නමින් ගොඩනැඟිල්ලකුත් ගුරු රාම් දාස් නිර්මාණය කරවනවා.
රන් දෙවොල
දෙවියන්ගේ මන්දිරය කියන තේරුම දුන්නු ඒ ගොඩනැගිල්ල තමා වර්තමානයේදී දර්බාර් සහීබ් "රන් දෙවොල" The Golden Temple නමින් හැඳින්වෙන්නේ.
මේ හැරෙන්න සදාකාලික බවේ පොකුණ වශයෙන් හැඳින්වෙන සරෝවාර් කියන පොකුණ නිර්මාණය කරන්න ආරම්භ කරන්නේ ගුරු රාම් දාස්.
ගුරු රාම් දාස් සරෝවාර් පොකුණේ ඉදිකිරීම් අධීක්ෂණය කරමින්
මේ ආකාරයෙන් ගුරු රාම් දාස් තමන්ගේ යෝධ ව්‍යාපෘති සිදු කරන්න මුදල් සොයාගැනීම සිදුකළේ "මසන්ද්" නමින් හැඳින්වුණු ක්‍රමයේ ආධාරයෙන්. ඒ යටතේ ගුරු වෙනුවෙනු අනුගාමිකයන්ගෙන් ආධාර එකතු කිරීමක් සිදු වුණා.
ගුරු රාම් දාස් සහ අක්බාර් අධිරාජයා අතර තිබුණු සමීප හිතවත්කම නිසා එක අවුරුද්දක්ම පංජාබයෙන් අධිරාජයා වෙනුවෙන් ආදායම් බදු එකතු නොකරපු නිසා ගුරු රාම් දාස්ට තමන්ගේ යෝධ ව්‍යාපෘතිවලට ඒක පහසුවක් වුණා.
මේ යෝධ ව්‍යාපෘති හැරුණාම ගුරු රාම් දාස් සීක් විවාහ ක්‍රමය වුණු ආනන්ද් කරාජ් සඳහා ගීතිකා රචනා කිරීමත් සිදු කරලා තියෙනවා. කොහොම නමුත් කලින් දක්වපු යෝධ ව්‍යාපෘති අවසන් කරන්න නම් ගුරු රාම් දාස්ට හැකිවෙන්නේ නැහැ.
ඒවා සිදු කරන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වුණු ඔහුගේම පුත්‍රයා වුණු ගුරු අර්ජන් දේව් විසින්. 1581 සැප්තැම්බර් 16 වෙනිදා ගුරු රාම් දාස් මියයන්න කලින් අගෝස්තු 31 වෙනිදා තමන්ගේ පුත්‍රයාව මීළඟ ගුරු විදිහට පත්කිරීමත් එක්කම එතැන් පටන් ගුරු තනතුර පාරම්පරික වූ බවත් පේනවා.
අර්ජන් දේව් ගුරු තනතුරට පත්වීමම විශේෂ සිදුවීමක් වෙන්නේ ගුරු කෙනෙකුගේ පුත්‍රයෙක් ඒ තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව ඒක වෙන නිසා. තමන්ගේ පියා වුණු ගුරු රාම් දාස් ආරම්භ කළ හර්මන්දිර් සහීබ් සහ සරෝවාර් පොකුණේ කටයුතු නිමා කරන්නේ කලින් කිව්වා වගේම ගුරු අර්ජන් දේව් විසින්.
ඔහු කළ විශේෂම කාර්යය වෙන්නේ සීක්වරුන්ගේ පරම පූජනීය ශුද්ධ වූ ග්‍රන්ථය විදිහට සැලකෙන "ශ්‍රී ආදි ග්‍රන්ථ්" හෙවත් ශ්‍රී ගුරු ග්‍රන්ථ් සැකසීමයි. ගුරු නානක්ගේ සිට පැවත එන දේශනා සහ යාඥා ඇතුළත් වුණු මේ ග්‍රන්ථයේ ගුරු නානක්ගේ ගීතිකා 976 ක්, ගුරු අංගද් දේව්ගේ ගීතිකා 61 ක්, ගුරු අමර් දාස්ගේ ගීතිකා 907 ක්, ගුරු රාම් දාස්ගේ ගීතිකා 679 ක් සහ ගුරු අර්ජන් දේව්ගේ ගීතිකා 2041 ක් ඇතුළත් වෙනවා.
ඒ වගේමයි භක්තිවාදය තුළ ශාන්තුවරුන් විදිහට සැලකුණු කබීර්, නාම්දේව් වගේ අයගේත් ගීතිකා මේ සඳහා ඇතුළත් වෙලා තිබුණා.
1604 අගෝස්තු 16 ශ්‍රී ආදි ග්‍රන්ථ් හර්මන්දිර් සහීබ්වල උත්සවාකාරයෙන් තැන්පත් කරන්න ගුරු අර්ජන් දේව් කටයුතු කරනවා. තවමත් රන් දෙවොලේ තිබෙන පූජනීය වස්තුව විදිහට සැලකෙන්නේ මේ ග්‍රන්ථයයි.
මේ හැරෙන්න මසන්ද් ක්‍රමය වැඩි දියුණු කරපු ගුරු අර්ජන් දේව් සෑම සීක්වරයෙක්ම තම ආදායමෙන් දහයෙන් එකක් වාර්ෂිකව ගුරුට ගෙවිය යුතුයි කියලා නියම කළා. "දශ්වන්ඕ" නමින් ඒක හැඳින්වෙනවා. ඒ වගේමයි කර්තාර්පූර් සහ හර්ගෝබින්ද්පූර් නමින් අලුත් නගර දෙකකුත් සීක්වරුන් වෙනුවෙන් ගුරු අර්ජන් දේව්ගේ උපදෙස් මත ගොඩනැංවෙනවා.
මේ ආකාරයෙන් පංජාබය තුළ කටයුතු සිදුවෙද්දී ඉන්දියාව තුළ ගැටුම්කාරී තත්වයකට මග පෑදෙමින් තිබ්බේ. මහා අක්බාර් අධිරාජයා මියයාමත් එක්ක අධිරාජ්‍යය පැවරුණේ අක්බාර්ගේ පුතා වුණු ජහාන්ගීර්ට. ඒත් හුඟක් දෙනා විශ්වාස කළේ ජහාන්ගීර්ටත් වඩා අධිරාජ තනතුරු සුදුසු ජහාන්ගීර්ගේ පුතා වුණු කුෂ්රාව් කුමාරයාට කියලා. මේක නිසා ජහාන්ගීර් තමන්ගේ පුතා ගැන ලොකු සැකයකින් හිටියේ.
පියාට විරුද්ධව සේනා රැස් කරන්න පංජාබ් ප්‍රදේශයට ආපු කුෂ්රාව් කුමාරයාට ගුරු අර්ජන් දේව්ගේ සහයෝගය හිමිවෙනවා. ඒත් අවසානයේදී සිද්ධ වෙන්නේ ලාහෝර් ප්‍රදේශයේ පාලකයා කුෂ්රාව් කුමාරයාට විරුද්ධ වීමත් එක්ක ජහාන්ගීර් අධිරාජයා ලාහෝරවලට ඇවිත් කුෂ්රාව් කුමාරයාව සිරභාරයට ගත්තු වගේම කුෂ්රාව්ට උදව් කරපු අයට දරුණු වධ හිංසා කරලා මරණයට පත් කරපු එක.
කුෂ් රාව්ගේ යුධ ව්‍යාපාරයට ගුරු අර්ජන් දේව් ආධාර ලබාදීපු නිසා ඒ වෙනුවෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන්න කියලා ජහාන්ගීර් අධිරාජයා නියම කළත් ඒකට ගුරු අර්ජන් දේව් එකඟ වෙන්නේ නැහැ. මේ නිසා 1606 මැයි 30 වෙනිදා ලාහෝරයේදී ගුරු අර්ජන් දේව්ව ජහන්ගීර් අධිරාජයාගේ අණින් රත් කරපු ලෝහ තැටියක් උඩ වාඩි කරවලා මරා දමනවා.
ගුරු අර්ජන් දේව්ව දරුණු වධ හිංසා කරලා මරා දැමීමත් එක්ක සාමකාමී පිරිසක් වුණු සීක්වරු යුධකාමී පිරිසක් බවට පත්වෙන්න හේතු වෙනවා. ඒ සඳහා කටයුතු සූදානම් කරන්නේ ගුරු අර්ජන් දේව්ගේ එකම පුත්‍රයා වුණු ඒ වගේම මීළඟ ගුරු වුණු ගුරු හර්ගෝබින්ද්.
ඒ කතාව අපි ඊළඟට කියවමු.......
ගුරු අර්ජන් දේව්
අර්ජන් දේව් ගුරු තනතුරට පත්වීමම විශේෂ සිදුවීමක් වෙන්නේ ගුරු කෙනෙකුගේ පුත්‍රයෙක් ඒ තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව ඒක වෙන නිසා. තමන්ගේ පියා වුණු ගුරු රාම් දාස් ආරම්භ කළ හර්මන්දිර් සහීබ් සහ සරෝවාර් පොකුණේ කටයුතු නිමා කරන්නේ කලින් කිව්වා වගේම ගුරු අර්ජන් දේව් විසින්.
ඔහු කළ විශේෂම කාර්යය වෙන්නේ සීක්වරුන්ගේ පරම පූජනීය ශුද්ධ වූ ග්‍රන්ථය විදිහට සැලකෙන "ශ්‍රී ආදි ග්‍රන්ථ්" හෙවත් ශ්‍රී ගුරු ග්‍රන්ථ් සැකසීමයි. ගුරු නානක්ගේ සිට පැවත එන දේශනා සහ යාඥා ඇතුළත් වුණු මේ ග්‍රන්ථයේ ගුරු නානක්ගේ ගීතිකා 976 ක්, ගුරු අංගද් දේව්ගේ ගීතිකා 61 ක්, ගුරු අමර් දාස්ගේ ගීතිකා 907 ක්, ගුරු රාම් දාස්ගේ ගීතිකා 679 ක් සහ ගුරු අර්ජන් දේව්ගේ ගීතිකා 2041 ක් ඇතුළත් වෙනවා.
ඒ වගේමයි භක්තිවාදය තුළ ශාන්තුවරුන් විදිහට සැලකුණු කබීර්, නාම්දේව් වගේ අයගේත් ගීතිකා මේ සඳහා ඇතුළත් වෙලා තිබුණා.
හර්මන්දිර් සහීබ්වල තැන්පත් කර ඇති ශ්‍රී ගුරු ග්‍රන්ථ්
1604 අගෝස්තු 16 ශ්‍රී ආදි ග්‍රන්ථ් හර්මන්දිර් සහීබ්වල උත්සවාකාරයෙන් තැන්පත් කරන්න ගුරු අර්ජන් දේව් කටයුතු කරනවා. තවමත් රන් දෙවොලේ තිබෙන පූජනීය වස්තුව විදිහට සැලකෙන්නේ මේ ග්‍රන්ථයයි.
මේ හැරෙන්න මසන්ද් ක්‍රමය වැඩි දියුණු කරපු ගුරු අර්ජන් දේව් සෑම සීක්වරයෙක්ම තම ආදායමෙන් දහයෙන් එකක් වාර්ෂිකව ගුරුට ගෙවිය යුතුයි කියලා නියම කළා. "දශ්වන්ඕ" නමින් ඒක හැඳින්වෙනවා. ඒ වගේමයි කර්තාර්පූර් සහ හර්ගෝබින්ද්පූර් නමින් අලුත් නගර දෙකකුත් සීක්වරුන් වෙනුවෙන් ගුරු අර්ජන් දේව්ගේ උපදෙස් මත ගොඩනැංවෙනවා.
ජහාන්ගීර් අධිරාජයා
මේ ආකාරයෙන් පංජාබය තුළ කටයුතු සිදුවෙද්දී ඉන්දියාව තුළ ගැටුම්කාරී තත්වයකට මග පෑදෙමින් තිබ්බේ. මහා අක්බාර් අධිරාජයා මියයාමත් එක්ක අධිරාජ්‍යය පැවරුණේ අක්බාර්ගේ පුතා වුණු ජහාන්ගීර්ට. ඒත් හුඟක් දෙනා විශ්වාස කළේ ජහාන්ගීර්ටත් වඩා අධිරාජ තනතුරු සුදුසු ජහාන්ගීර්ගේ පුතා වුණු කුෂ්රාව් කුමාරයාට කියලා. මේක නිසා ජහාන්ගීර් තමන්ගේ පුතා ගැන ලොකු සැකයකින් හිටියේ.
පියාට විරුද්ධව සේනා රැස් කරන්න පංජාබ් ප්‍රදේශයට ආපු කුෂ්රාව් කුමාරයාට ගුරු අර්ජන් දේව්ගේ සහයෝගය හිමිවෙනවා. ඒත් අවසානයේදී සිද්ධ වෙන්නේ ලාහෝර් ප්‍රදේශයේ පාලකයා කුෂ්රාව් කුමාරයාට විරුද්ධ වීමත් එක්ක ජහාන්ගීර් අධිරාජයා ලාහෝරවලට ඇවිත් කුෂ්රාව් කුමාරයාව සිරභාරයට ගත්තු වගේම කුෂ්රාව්ට උදව් කරපු අයට දරුණු වධ හිංසා කරලා මරණයට පත් කරපු එක.
ගුරු අර්ජන් දේව්ව මරා දැමුණු ආකාරය
කුෂ් රාව්ගේ යුධ ව්‍යාපාරයට ගුරු අර්ජන් දේව් ආධාර ලබාදීපු නිසා ඒ වෙනුවෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන්න කියලා ජහාන්ගීර් අධිරාජයා නියම කළත් ඒකට ගුරු අර්ජන් දේව් එකඟ වෙන්නේ නැහැ. මේ නිසා 1606 මැයි 30 වෙනිදා ලාහෝරයේදී ගුරු අර්ජන් දේව්ව ජහන්ගීර් අධිරාජයාගේ අණින් රත් කරපු ලෝහ තැටියක් උඩ වාඩි කරවලා මරා දමනවා.
ගුරු අර්ජන් දේව්ව දරුණු වධ හිංසා කරලා මරා දැමීමත් එක්ක සාමකාමී පිරිසක් වුණු සීක්වරු යුධකාමී පිරිසක් බවට පත්වෙන්න හේතු වෙනවා. ඒ සඳහා කටයුතු සූදානම් කරන්නේ ගුරු අර්ජන් දේව්ගේ එකම පුත්‍රයා වුණු ඒ වගේම මීළඟ ගුරු වුණු ගුරු හර්ගෝබින්ද්.
ඒ කතාව අපි ඊළඟට කියවමු.......
මට ගොඩක් වෙලාවට හිතෙන දෙයක්,බුදුන් උපන් රටේ මෙච්චර ආගම් ගොඩක් බිහිවුනේ කොහොමද කියන එක...
ReplyDelete@ විමුක්ති
Deleteමම හිතන්නේ භාරතයේ ඉන්න මිනිස්සුන්ගේ චින්තන ශක්තියේ තියෙන දියුණුව නිසා වෙන්න ඕනේ එහෙම වෙන්නේ. නාසා වගේම ඇමරිකාවේ තාක්ෂණය සම්බන්ධ හුඟක් ආයතනවල දැන් ගොඩක් ඉන්නේ ඉන්දියානුවන් කියලා අහලා තියෙනවා...
බුදු හාමුදුරුවෝ පහළ වුණු කාලෙම විතරක් ඉන්දියාවේ ආගමික මතවාද 62 ක් විතර තිබුණලුනේ :)
හැම ආගම කතුවරයෙක්ම වගේ මිනිස්සුන්ට එකමුතුව ජීවත්වෙන්න ඉගැන්නුවා එත් ඒ අයගේ අවෑමෙන් පස්සේ ඒ ආගම් මිනිස්සුන් තවත් බේද භින්න කරන්න උදවු උනා. මට කනගාටු අපේ ලංකාවෙත් දැන් බුදු සාමය පාවිච්චි වෙන්නේ භේද භින්න කිරීමට මිස එකතු කිරීමට නොවෙන නිසා. ඉන්දියාව ගැන කවර කතාද ?
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteසරලවම බැලුවොත් මිනිස්සු ආගම තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්න භාවිතා කරන්නේ නැතුව ගැටුම් ඇති කරගන්න භේද භින්න වෙන සාධකයක් විදිහට පාවිච්චි කරකනම් ඕක ඔහොම තමා.....
ඉන්දියාවේ තිබෙන ඔය වගේ දේවාලයකට ගියා. රන් දෙවොල නම් නෙමේ. හින්දු භකිත්කයකුවු, අපේ රියැදුරු මහතා ඔලුවේ ජටාවක් බැඳගෙන තමයි එතනට ඇතුල් උනේ.
ReplyDeleteමේ ආගමේ ඉස්ලාම් ධර්මය හා සමානකම් තියෙනවාද කියලත් හිතෙනවා. ගොඩනැගිලිවල සමානකම් දකින්ට ලැබෙන්නේ ඒ කාලයේ මුස්ලිම් රාජධානියක් ඉන්දියාවේ පැවතුනු නිසාවත්ද?
@ Podi Kumarihami
Deleteහින්දි ෆිල්ම්ස්වල එහෙම ඒවා මාත් දැකලා තියෙනවා. ශුද්ධ වූ ග්‍රන්ථය වෙන ශ්‍රී ගුරු ග්‍රන්ථ සහීබ් ගාවට යද්දී හිස ආවරණය කරගන්න ඕනේ කියලා එයාලගේ සිරිතක් තියෙනවා වෙන්න ඕනේ...
ඉස්ලාම් ආගමත් එක්ක වගේම හින්දු ආගම එක්ක සීක් දහමේ සමානකම් තියෙනවා නොවැ. මොකද ගුරු නානක් මේ දහම ආරම්භ කරන්නේ හින්දු සහ මුස්ලිම් අය අතර සහජීවනයක් ඇතිකරගැනීමේ මාර්ගයක් විදිහටනේ. ඒක නිසා ඒ ආගම් දෙකේ වගේම තවත් ආගම් කීපයකම අංග සීක් දහමේ දැකගන්න පුලුවන්.
හප්පුච්චියේ ඉන්දියාවේ මුස්ලිම් රාජධානියක් තිබුණාදත් කියලා අහනවා. ක්‍රි.ව 9 වගේ සියවස්වල ඉදන්ම මුස්ලිම් බලපෑම් ඉන්දියාවට ඇතිවෙනවා. ඊට පස්සේ දිල්ලිය මුල් කරගෙන දිල්ලි සුල්තානය නමින් අධිරාජ්‍යයකුත් ඉන්දියාවේ තියෙනවා. ඊට පස්සේ මෝගල් අධිරාජ්‍යය නමින් ඊටත් වඩා විශාල මුස්ලිම අධිරාජ්‍යයක් ඉන්දියාවේ තියෙනවා....
ඔය රන් දෙවොලෙ සිද්ධියක් නිසා නේද ඉන්දිරා ගාන්ධිටත් සික් වරුන් අතින් මියයන්න වෙන්නෙ. පුළුවන් නම් ඒ කතාවත් දාන්න ඉස්සරහට.
ReplyDeleteමොකද්ද ඒ සිද්ධිය.... මම දන්නේ නෑනේ..
Delete@ ලහිරු, සුදා මල්ලි
Deleteඉදිරියේදී සවිස්තරාත්මකව ඒකත් කියන්නම් එහෙමනම්.
එතකොට මේ ගොල්ලෝ අදහන දෙවිවරු ඉන්නවද?
ReplyDeleteනැතිනම් සික් දහම කියන්නේ දර්ශනයක්ද?
මට මුලින් කියවන්න කම්මැලි හිතුනත් දැන්නම් ආසයි වගේ..
@ හරී
Deleteඅදහන දෙවිවරු නැහැ. එයාලා විශ්වාස කරන්නේ ඉන්නේ එක දෙවියායි කියලා. ඒ ඒක දේවවාදය එයාලා විස්තර කරන්නේ මෙහෙමයි.
"ඇත්තේ එක දෙවියෙකි (එක් ඔන්කාර්), ඒ දෙවියන් රූපයකින් සිතා ගත නොහැකිය (නිරන්කර්), දෙවියන් සනාතනිකය (අකල්), දෙවියන් වරද නොකරයි (අලක්ඛින්). විවිධ ආගම් විසින් දෙවියන් විවිධ නම්වලින් හැඳින්වූවද ඇත්තේ එකම දෙවියෙකි"
සීක් දහමේ දාර්ශනික පැතිකඩකුත් තියෙනවා තමා.
මට එකපාරම හිතුනෙ මේ අපි අදහන දෙවියන් වහන්සේ ද කියලා...
Deleteහසිත කොහොමද සික් දහම ගැන මෙච්චර දන්නෙ..?
@ හරී
Deleteසොයන්නාට සම්භ වේ නොවැ අයියා. ඉතිහාස පොත්වලින් වගේ අන්තර්ජාලයෙන් තමා විස්තර හොයාගන්නේ...
නියමයි.. මුලදී ඒ තරම් උනන්දුවකින් බැලුවේ නැතත් දැන් නම් සැහෙන්න උනන්දුවෙන් බලනවා මේ කතා ටික. ලියලා තියන විදිය ටිකක් වෙනස් වගේ.. ඒක එක දිගට කියවන්න හිතෙන විදියට තියෙන්නේ..
ReplyDelete@ Alexander Cage
Deleteඅයියලා ඉන්න ඉසව්වෙත් මෙයාල ඉන්න නිසා මෙයාලගේ ආගම ගැන එහෙම දැනගෙන ඉන්න එක වටිනවා තමා :)
අර මම කියපු ඩිස්කවරි වැඩසටහනේදී පෙන්නුවා ගෝඩන් ටෙම්ප්ලේ එක පිරිසුදු කරන්න එංගලන්තයේ ඉන්න සාර්ධාර් වරුන් එහිසිට පැමිණෙනවා. ඒ වගේම මේ ගෝල්ඩන් ටෙම්ප්ලේ වඳින්න එන සියලුම බැතිමතුන්ට ඉතා ප්‍රනීත වගේම පිරිසිදු ආහාර වේලක් නොමිලයේ සපයනවා.
ReplyDelete@ සුදීක
Deleteලෝකවාසී සීක්වරුන්ගේ ප්‍රධානම පූජනීය ස්ථානය මේක නිසා ඒ තරම්ම ගෞරවයක් රන් දෙවොලට තියෙන බව හිතාගන්න පුලුවන්...
කලින් කීප දෙනෙක් නම් කිව්වේ සීක් ජාතිකයෝ අපිරිසිදුයි කියලා. ඒක බොරු වගේ :)
සික් වරුන්ගේ ආගමත් සංස්කෘතියත් මිනිසත්කමට ගරු කරලා ගොඩ නැගිලා බව පේනවා..කාන්තාවන් ගැන තිබූ නීති රීති ඒ වගේම අර්ථවත් ආගමික වතාවත් සීක් දහමට ආලෝකයක් ගේනවා..
ReplyDeleteබලමුකෝ ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා..
ස්තුතියි හසිත කවදාවත් හොයන්න පෙළඹෙයි කියලා හිතෙන්නෙ නැති මාතෘකාවක් ගැන ලියනවාට..
@ රූ....
Deleteහින්දු සහ ඉස්ලාම් ආගම්වලින් කාන්තාවන් පත් කරපු පීඩාකාරී තත්වයන්ගෙන් සීක් දහම කාන්තාවන් මිදෙව්ව බව පේනවා තමා...
මේ ගැන මටත් සිංහලෙන් ලියවුණු දේකට හම්බුණේ අපේ ඉතිහාස පොත්වල තියෙන ඒවා විතරමයි. ඒක නිසාමයි ලියන්න හිතුනේ අක්කේ :)
ඔන්න පේනවනේ ආගම් කියන්නේ දේශපාලනේට වැදගත්ම සාධකයක්.
ReplyDeleteඅනික මුළිං නිසි ක්‍රමවේද අනුගමනය කරලා නියම අනුප්‍රාප්තිකයා හොයපු එකත් පස්සේ පරපරාවට ගිය හැටි.ප්‍රජාතන්ත්‍රවාදෙත් පරම්පරාවටම යයි
@ දිනුක
Deleteදේශපාලනයට ආගම කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්ම තමා. මට මතක විදිහට රාජ්‍ය හා ආගම අතර ඇතිවෙන අනියම් සම්බන්ධයේ අවජාතක දරුවා තමා නීතිය. [ඒක අනිත් පැත්තටද මන්දා රාජ්‍යය හා නීතිය අතර අනියම් සම්බන්ධයේ අවජාතක දරුවා ආගම වගේද මන්දා]
හුඟක් දේවල් පරම්පරාවට යන එකේ එහෙම වෙන එකත් අමුතු දෙයක් නෙමේ. මේ ගුරු තනතුරු අහෝසි වෙන්නේත් ඊළඟට ඒක අරන් යන්න පරම්පරාවක් හිටියේ නැති නිසාත් කියලා කියනවා. ඒ කතාව ඉස්සරහට සවිස්තරව කියන්නම්කෝ...
බලාගෙන ගියාම මේ දහමත් ඉන්දියාවේ සමාජය තුල සුබවාදී ආකල්ප ඇති කරන්න සෑහෙන්න කැප වෙලා තියන බව පේනව.
ReplyDelete@ Chandana
Deleteහැබැයි ඉතින් ඒක ක්‍රියාත්මක කරන එකේ වගකීම තියෙන්නේ මිනිස්සු අතේ
නොදන්න පැත්තකුත් දැනගත්තා !
ReplyDelete@ මධුරංග
Deleteතව පැත් ගොඩක් තියෙනවා අයියණ්ඩි :)
රන් දෙවොල පින්තූර වලින් කලින් දැකලා තිබ්බ. ඒකේ ඉතිහාසයත් අද දැන ගත්තා. ඒ වගේම තවත් ගොඩක් විස්තරත් එක්ක.
ReplyDelete@ Chandana
Deleteතව විස්තර රැසක්ම ඉදිරියටත් :)
ඊළඟට යුද්දයක් එන්න වගෙයි යන්නෙ. බලමු. විස්තරේ එන්න එන්නම රසවත් වෙනවා
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඊළඟට යුද්ධ කීපයක්ම තියෙනවා අයියණ්ඩි :)
මේකනං සිරාම වටින පෝස්ට් එකක්..
ReplyDeleteසික්වරු ගැන මං හිතං හිටපු හැටි වැරදියිනේ...
බලමුකෝ සික්වරුං කෝමද වලියට බර වෙන්නේ කියලත්..
@ තරියා අබේ
Deleteමොනවාද මලයණ්ඩි සීක්වරු ගැන වැරදියට හිතාගෙන හිටියේ ?
වටින ලිපි පෙළක් හසිත..! අර උඩරට රාජධානියේ අප්‍රකට කථා ඉවර නැහැ නේද තවම..?
ReplyDelete@ Meghawarna
Deleteසමාවෙන්න ඕනේ පිළිතුරක් දෙන්න ප්‍රමාද වුණාට. අප්‍රකට කතා මාලාව තවම ඉවර නැහැ. පොඩි වෙනසකටත් එක්ක තමා මේ කතා ලියන්නේ..
ඔය සීක් කාරයො ගැන නම් මේ කියෙව්වාමයි හසිත. හැබැයි අපි දැන් අවුරුදු කීපයකට කලින් සීක් පවුලක් නම් ආශ්‍රය කලා. ඒ තාත්තයි පුතයි අර තලප්පාව බඳින්නෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
@ Dude
Deleteඋන් දෙන්නා මොඩ් වෙලා වත්ද :D
අදත් වැදගත් තොරතුරු ටිකක් හසිත මලයා.. නොදන්න ඒවා තමයි ඔක්කොම වගේ..
ReplyDelete@ Dinesh
Deleteඉතාලි පැත්තෙත් සීක් පොරවල් ඉන්නවාද අයියණ්ඩි ??
නියමයි....
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteඅනිවා :)
හ්ම්ම් හ්ම්ම්ම් අධ්‍යාපන චාරිකාවක් වගේ...
ReplyDeleteදැනුම සහ විනෝදය එකට කැටි කොට..
නියමයි සහෝ
@ සුදා මල්ලි
Deleteඒකත් නියම කතාව මලයා. තාම අධ්‍යාපන චාරිකාව ඉවර නෑ මලයා. තාම මැද හරියේ ඉන්නේ :)
කදිමයි සර්දාර්ජී ල ගැන ලියන එක ..
ReplyDeleteලංකාවේ ගොඩ දෙනෙක් නොදන්නා , උනන්දු නොවන විෂයක්
:)
@ Tiraj Adikari
Deleteඒක ඇත්ත අයියා. ලංකාවේ ගොඩක් අය මෙහෙම අය ඉන්නවා කියලා දන්නවා ඇරෙන්න වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ තමා
ගුරු රාම්දාස්!!! කාටද ආඩම්බර .. හෙහ් හෙහ් ...
ReplyDeleteගුරු ලංකාවට ඇවිත් ගියා වෙන්නත් පුළුවන්..
@ රාමා
Deleteහික්ස් :D රාම්දාස් රාමදාස වුණාද මන්දා :)
ගුරු රාම්දාස් නම් ආවා කියලා දන්නේ නැහැ ඒත් සීක් දහ්මේ ආරම්භකය වුණු ගුරු නානක් නම් ලංකාවට ඇවිත් තියෙනවා
ගොඩක් වටිනා ලිපියක්නේ..
ReplyDeleteමම නම් ගොඩක්ම ආස ඔය සීක් කාරයෝ නටනවා බලන්න..ඔක්කොම අය නටන්නේ එකම විදියකට.. පිල්ම් වලත් දැකලා තියෙනවා.. අපේ කොම්පැනියේ කට්ටියකුත් ඉන්නවා සික් ජාතිකයෝ..
වඩිගපටුන හැදිලා තියෙන්නෙත් එයාලගේ නැටුමෙන් නේද..
@ චමී4යූ~chami4u
Deleteඅනිවා සීක් ජාතිකයෝ නටන විදිහ නම් අපූරුයි තමා. පංජාබ් මික්ස් කියලා ඔය සිංදු remix කරන විදිහකුත් තියෙනවා නොවැ. අහද්දිත් නැටවෙනවානේ... :)
වඩිග පටුනේ ඉන්න සෙට් එකත් ඒ වගේ නම් තමා. හැබැයි එයාලා නම් බ්‍රාහ්මණයෝ සෙට් එකක් කියලා තමා කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා ඒ ගැන නම්
වටිනා විස්තරයක්... මේ වගේ තවත් බ්ලොග් එකක් මේ සයිබර් අවකාශයේ තියේවිද කියලත් සැකයි.... දිගටම ලියන්න....
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteස්තුතියි අයියණ්ඩි :)
මේ බ්ලොග් එක හැරෙන්න තවත් එවැනි බ්ලොග් මේ සයිබර් අවකාශයේ තිබේද ?
එසේය ස්වාමීනි :D
අම්මෝ.. රත් වෙච්ච ලෝහ තැටියක් උඩ... එච්චර දරුණු දඬුවම් ඒ කාලෙත් තිබුණද අයියේ...
ReplyDelete@ අනූ
Deleteමුස්ලිම් දඬුවම් කොහොමත් සැර වැඩියි නොවැ. අහලා ඇතිනේ තාමත් මැද පෙරදිග කලාපයේ තියෙන දැඩි දඬුවම් ක්‍රම
හොඳ ලිපියක්.නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා.
ReplyDeleteපොඩි ප්‍රශ්න කීපයක්..
ඇත්තටම සීක් ආගම බිහි වෙද්දි ඒකට හැරුනේ කවුද?
හින්දු අයද මුස්ලිම් අයද?
ඒ වගේම සීක් අයගේ ජටා රැවුල් සංස්කෘතියේ ආරම්භය මොකක්ද?
පේන විධියට නම් ගුරුලා ඔක්කොම ඒ විදියටයි ඉඳලා තියෙන්නේ.
@ Dushyantha Akash
Deleteසීක් ආගම බිහි කරන්නේ හින්දු මුස්ලිම් අය අතර සුහදත්වයක් ඇතිකරන්න. ඒ නිසා සීක් ආගම ආරම්භයේදී ඒකට හින්දු වගේම මුස්ලිම අයත් එකතු වෙලා තියෙනවා.
සීක් අයගේ ජටා රැවුල් සංස්කෘතිය ආරම්භ වුණු හැටි කතාවේ තව ඉස්සරහට තියෙන්නේ. ඒ තැනදී වැඩි විස්තර සහිතවම කියන්නම්. ගුරුලා ඔක්කොම නම් එහෙම හිටපු බව පේනවා. චිත්‍ර අඳිද්දී එහෙම කලා වෙන්නත් පුලුවන්. මොකද මේ නීතිය ඇතිකරන්නේ අවසන් ගුරු
සීක්ලා ගැන මේතරම් විස්තරයක් කියෙවමයි.. කොහෙන්ද මේ විස්තර හොයාගන්නෙ ?
ReplyDeleteස්තූතියි.
@ සෙන්නා
Deleteමුලින්ම ලියපු සටහනට දැම්මා ඇරෙන්න අනික් ඒවාට මූලාශ්‍ර දාන්න බැරිවුනා තමා. ලොකු වැරැද්දක් වුනේ. ස්තුතියි අයියා ඒක ගැන ඇහුවාට..
මේ විස්තර හොයා ගත්තේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ම්ම්... අද නං ගොඩක් දේවල් දැනගත්තා...
ReplyDelete@ අළුත් මල්ලි
Deleteමේ මුල් හරිය නොවැ. තව ඉස්සරහට ගොඩක් තිබේ :)
ජීවමානව හිඳ පසුව දෙවියන් වශයෙන් ඇදහු රංවල දෙවියන්..මින්නේරි දෙවියන් සහ කඩවර දෙවියන් ගැන දැනගෙන උන්නා..තවත් සැහෙන විස්තරයක් අද දැනගත්තා.ස්තුතියි ඔබට..
ReplyDelete@ රෙහානි
Deleteමම හිතන්නේ මේ කමෙන්ට් එක අදාළ වෙන්නේ මේ පෝස්ට් එකට පස්සේ මම ලියපු පෝස්ට් එකට වෙන්න ඕනේ.
නොදන්නා යමක් දැනගත්තා නම් ඒක මගේ සතුටයි :)
හින්දු ආගමේ කුලවාදය නිසා මිනිසුන් දුක් විඳින තරම් සහ විඳපු තරම් ඇති තරම් කියවලා තියෙනව විශේෂයෙන් චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය පරිවර්තනය කරපු නවකතා වලින් එහෙම බැලුවාම කුලවාදය තුරන් කරන්න උපන් ශික් දහම බොහොම හොඳ එකක් . .. ඉන්ංදියානු සාහිත්‍ය ගන හරිම උනන්දුවක් තියෙන මට නම් මේ ලිපි පෙල රත්තරන් වගේ . .. ස්තූතියි මල්ලෝ
ReplyDelete@ දුකා
Deleteඒ වගේමයි ඉන්දියාවේ දැඩිව පවතින හින්දු මුස්ලිම් අර්බුදයට පිළියමක් විදිහටත් එක්ක තමා සීක් දහම ආරම්භ වෙන්නේ