ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්‍රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා.
අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි
ලංකාවේ තිබෙන ස්ථූප අතුරින් උසින් තෙවැනි ස්ථානයට පත්වුණත් වැඩි වශයෙන් වන්දනාවට ලක්වෙන ස්ථූපය වුනේ ඇයි කියන එකත් ටිකක් විමසලා බලමු. ඒකට හේතුව තමා ලෝකය පුරා තිබෙන බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් නිධන්ව පවතින්නේ රුවන්මැලි සෑය තුළ වීම.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කොටස් 8 කට වෙන් කෙරුණු සර්වඥ ධාතුවලින් රාම ග්‍රාමයට ලැබුණු සර්වඥ ධාතු ද්‍රෝණය පසුව තැන්පත් කෙරුණු ස්ථූපය මුහුදට සෝදාගෙන ගිහින් ඒ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබුණු බවත් රුවන්මැලි සෑයේ ධාතු නිධානෝත්සවයට මේ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් වැඩමවූ බව තමා වංස කතා කියන්නේ.
මේ විශේෂත්වය නිසාම මහා ථූපය, අසදෘශ ථූපය නමින් රුවන්මැලි සෑය ගෞරව පිණිස නම් භාවිතා කෙරෙනවා. ඒ වගේමයි පෙර රජ දරුවන්ගේ පටන් මේ දක්වාම විවිධාකාරයේ පුද පූජාවන්ටත් රුවන්මැලි සෑය පාත්‍රවෙලා තිබෙනවා.
රුවන්මැලි මහා සෑයේ හරස්කඩ සටහනක්
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka කෘතියෙන්]
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka කෘතියෙන්]
ඉතින් රුවන්මැලි සෑය ගොඩනගන්න ආරම්භ කරපු ආකාරය, ධාතු නිධන් කළ ආකාරය වගේම ස්ථූපයේ කටයුතු නිමා කළ ආකාරය ගැන වංස කතා තුළ කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධව විස්තර ඇතුළත් කෘතියක් පහත තිබෙන සබැඳියකින් භාගත කරගන්න ඔබට පුලුවන්]
ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව.
ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව.
රජරට රාජධානි බිඳවැටිලා නිරිත දිගට වෙන්න රාජධානි ගොඩනැගීමත් එක්ක ක්‍රමයෙන් රුවන්මැලි සෑය වගේම අනෙකුත් සිද්ධස්ථානවලට එතරම් රාජ අනුග්‍රහයක් වුණු බව පෙනෙන්න නැහැ. ඒත් නොවුණාම නෙමේ. ඒත් රජරට රාජධානි තිබුණු සමයේ තිබ්බ ශ්‍රී විභූතියට පත්කරන එක නම් බොහොම අසීරු වුණා. අවසානයට සිද්ධ වුණේ මේ ප්‍රදේශ ක්‍රමයෙන් වල් බිහිවෙලා මහජනයාගේ මතකයෙන් ඈත්වෙලා යන එක.
මේ වගේ පසුබිමක තමා 1873 දී ගම්පොළ ප්‍රදේශයේ ඉදන් අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන අවුරුදු 23 ක් පමණ වුණු තරුණ හාමුදුරුවෝ වල් බිහිවෙලා තිබුණු මේ මහා ථූපය දැකලා බොහොම කම්පාවෙලා නැවත වරක් පෙර රජ දරුවන්ගේ කාලයේ රුවන්මැලි සෑය තිබුණු ශ්‍රී විභූතියටම පත්කරන්න අධිෂ්ඨාන කරගන්නේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ සහයත් මේ කටයුත්තේදී උන්වහන්සේට හිමිවෙනවා.
ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි
ඒ අනුව 1884 දී රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී අනුරාධපුර දිසාපතිතුමාගේ දැනුවත් කිරීමෙන් මේ ගැන බලන්න ආපු ඒ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි තමන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් 1000 ක් රුවන්මැලි සෑය සංවර්ධනයට පරිත්‍යාග කරලා තිබුණේ. [ගිරිගෝරිස් රජ්ජුරුවෝ කියලා මිනිස්සු හඳුන්වපු මේ ආණ්ඩුකාරතුමා ලංකාවේ පැරණි උරුමය සුරකින්න හුඟක් කැපවුණු කෙනෙක්. 1876 දී කොළඹ ජාතික කෞතුකාගාරය ආරම්භ කරන්න මුල් වෙන්නේත් මෙතුමාම තමා] ඒ වගේමයි එවකට හිටිය බෞද්ධ දානපතියන් රාශියකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.
සෑ රදුන් වන්දනාවට පිවිසීමට තිබූ දොරටුව
මේ විදිහට කටයුතු සිදුවෙද්දී 1912 දී හදපු බැමිවල තිබුණු දෝෂයක් නිසා චෛත්‍යය කඩාවැටීමත් එක්ක සුමනසාර හාමුදුරුවෝ රුවන්මැලි මහ සෑ පිළිසකර කිරීමේ කටයුත්ත තාවකාලිකව නවත්තනවා.
කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි
ඒත් ඒ අවුරුද්දේම තමන් වහන්සේගේ සහයට ආපු ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි සම්බන්ධ වීමත් එක්ක එතුමාගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.
රුවන්මැලි සෑය සොයාගන්නා විට වූ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අයුරු පෙන්වන සැලසුමක්
[උපුටා ගැනීම James G. Smither ගේ Architectural Remains: Anuradhapura, Ceylon කෘතියෙන්]
රන්සිරිනෙල් වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඉරිදා දිවයිනේ ලිපි මාලාවක් පළවුනා. මෙන්න ඒවත් කියවන්නකෝ.
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04
දොන් හෙන්ද්‍රික් සිටුගේ
මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අකුරැස්ස ප්‍රදේශයේ ධනවතෙක් වුණු දොන් හෙන්ද්‍රික් සිටුගේ රුවන්මැලි සෑයේ ඉදිකිරීම් කටයුතුවලට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීමත් සුවිශේෂී සිදුවීමක්. මේ ඒ ගැන ලංකාදීපේ තිබුණු කතාව.
රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙන්න පෙර නාරංවිට සුමනසාර හාමුදුරුවෝ අපවත් වෙනවා. මීළඟට 1932 අවුරුද්දේදී මේ යෝධ ව්‍යාපෘතියට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු ඒ වගේම ඊට පස්සේත් සම්බන්ධ වෙලා හිටිය දොන් හෙන්ද්‍රික් සිටුගේත් මියයනවා.
ඊට පස්සේ මහා ථූපයේ හතරැස් කොටුවට මුල්ගල තැබීමෙන් පස්සේ රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ සභාපති විදිහට අමිල මෙහෙයක් කරපු කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිත් 1935 දී පමණ මියයනවා.
ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා.
ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා.
රුවන්මැලි මහ සෑයේ ලෝහමය කොත
ඒ වෙද්දී රුවන්මැලි සෑයට පළඳවන්න කොතක් නිර්මාණය කිරීමේ බරපතළ කාර්යයටත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් අත ගහලා තිබුණේ. ඒ කාර්යය පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ යෙදෙන පිරිසකට රන්සිරිනෙල් වෙද රාළහාමි භාර කරලා තිබුණේ. ඒ යටතේ අඩි 26 ක් උස ඒ වගේම ටොන් 6 ක් පමණ බර ලෝහමය කොතක් නිර්මාණය කරවන්න ඔවුන් සමත් වුණා.
පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.
මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.
පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.
මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.
කොත් වහන්සේ ඒ විදිහට නිර්මාණය කරගෙන යද්දී ගැටලුව වුණේ මේ කොතට ගැලෙපන චූඩා මාණික්‍යයක් හම්බ නොවුණු එක. පත්තරවල දැන්වීම් පළ කරලා අවුරුදු කීපයක්ම කොතට ගැළපෙන චූඩා මාණික්‍යයක් කපා ගන්න පළිඟුවක් හෙව්වත් හම්බුණේ නැති නිසා මේ සඳහා පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සහ දෙමටගොඩ මකුටාරාමයේ නිර්මාතෲ වගේම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක බුරුමයේ විනයාලංකාර නාහිමියන් හමුවෙලා මේ සම්බන්ධව උදව්වක් ඉල්ලන්න චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් කටයුතු කරනවා.
මේ කාර්යයේ වටිනාකම තේරුම් ගත්තු විනයාලංකාර හාමුදුරුවෝ 1933 දී බුරුමයට වැඩම කරලා විශාල ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. රැන්ගුන් නුවරින් මැණික් සම්බන්ධ ප්‍රකට මෝගොක් නගරයට වඩින උන්වහන්සේට අවසානයේදී තමන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයේ පළිඟුවක් හම්බවෙනවා. යූ.ටො, දෝනන්ටේ, ෂන්ඨිදස් සහ යූ.මට් කියන හතර දෙනාට අයිති වුණු මේ පළිඟුවේ වටිනාකම රුපියල් 6000 ක් පමණ වුණා.
එයාල හතර දෙනා විනයාලංකාර හාමුදුරුවන්ට මේ පළිඟුව පරිත්‍යාග කිරීමත් එක්ක 1938 හාමුදුරුවෝ පළිඟුවත් අරගෙන ලංකාවට වඩිනවා. චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් ලංකාවේ පළිඟුවලට වඩා වැඩි දීප්තියක් තියෙන මේ පළිඟුව දැකලා හුඟක සතුටු වෙනවා. ඒත් ඊට පස්සේ ඇතිවෙන ගැටළුව තමා මේ තරම් විශාල පළිඟුවක් කපන්න තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබුණු එක.
ඒ නිසා මේ පළිඟුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චූඩා මාණික්‍යය කැපීමේ ආධාරය චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විනයාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමත් එක්ක උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරලා මෝගොක් නගරයේ පළිඟු කපන ශිල්පීන්ට ඒ කාර්යය භාර කරනවා.
පළිඟුව කපාගෙන යද්දී එක් පැත්තකින් අවශ්‍ය ප්‍රමාණය නොතිබුණු නිසා චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය ඇණ හිටිනවා. උත්සහවන්ත භික්ෂුවක් වුණු විනයාලංකාර හාමුදුරුවෝ පසුබට වෙන්නේ නැතුව ආයි පාරක් චූඩා මාණික්‍යයට අවශ්‍ය වෙන ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා.
කලින් පළිඟුව පරිත්‍යාග කරපු හතර දෙනාටම මේ පාරත් පළමු පළිඟුවටත් වඩා විශාල ප්‍රමාණයේ පළිඟුවක් ලැබිලා තිබුණා. ඒ තරම් විශාල පළිඟුවක් මීට පෙර මෝගොක් ආකරවලින් නොලැබුණු බව තමා කියවෙන්නේ. වටිනාම රුපියල් 8000 ක් පමණ වුණු ඒ පළිඟුව ඔවුන් විනයාලංකාර හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා.
ඊට පස්සේ විනයාලංකාර හාමුදුරුවෝ පළිඟු කපන ශිල්පීන් ලවා උස අඟල් 18 ක් වට ප්‍රමාණය අඟල් 25½ වන විදිහට චූඩා මාණික්‍යයක් කප්පවනවා. මේ චූඩා මාණික්‍යයේ බර රාත්තල් 12½ ක් වුණා.
පළිඟුව කපලා අවසන් වුණාට පස්සේ ඒක නිකම්ම ලංකාවට භාර දෙන්නේ නැතුව රත්තරන් ආධාරකයක චූඩා මාණික්‍ය පිහිටවලා ඒක උඩ ධාතු කරඬුවක් කරවන්න විනයාලංකාර හාමුදුරුවෝ තීරණය කරනවා. ඒ යටතේ බුරුම බෞද්ධයන් බොහෝ දෙනා රත්තරන්, රිදී, මැණික් වගේම මුදල් මේ කටයුත්තට පරිත්‍යාග කළා.
විනයාලංකාර හිමියන්ගෙන් මේ කටයුත්ත බාර ගත්තු මෝගොක් නුවර හිටිය ධනවත් බෞද්ධයෙක් මේ කාර්යයට අවශ්‍ය වෙන උපකරණ අලුතින්ම මිළයට අරගෙන රන්කරුවන් වගේම මැණික් කපන්නන් තමන්ගේ නිවසේ නවතාගෙන කටයුතු ආරම්භ කරනවා.
මේ ආධාරකය රිදියෙන් වාත්තු කරලා රන් ආලේප කරලා ඒ ආධාරකය පුරාම මැණික් අල්ලලා ඒ මත චූඩා මාණික්‍යය පිහිටවලා චූඩා මාණික්‍යය මුදුනේ රත්තරනින් ධාතු කරඬුවක් නිර්මාණය කරලා ඒකත් රත්තරනින් ආවරණය කරලා ඒ මත ඉදන් සතර දිශාවට මැණික් වැල් හතරක් එන විදිහට තමා නිර්මාණය කරන්නේ. මාස 9 ක් කාලයක් මේ සඳහා ගතවෙනවා.
මේ ස්වර්ණමය ආධාරකයේ උස අඟල් 13 ක් වෙනවා. මේ කටයුත්තට රත්තරන් රාත්තල් 12½ ක් රිදී රාත්තල් 152 ක් යොදා ගෙන තියෙනවා. ස්වර්ණමය ආධාරකයට මැණික් ගල් 4796 ක් සවි කරලා තියෙනවා. ඒ සෑම මැණික් ගලක්ම රුපියල් 25 කට වඩා වටිනාකමින් යුක්ත වුණා වගේම රුපියල් 12,000 ක වටිනාකමක් තියෙන මැණිකකුත් මේ අතර තිබෙනවා.
චූඩා මාණික්‍යය මුදුනේ තැන්පත් කරන්න විනයාලංකාර හාමුදුරුවෝ සර්වඥ ධාතූන් වහන්සේලා එකුන් දස නමක් [9] සූදානම් කරගෙන තබාගන්නවා. ධාතු කරඬුව සවිකරන්න බලාපොරොත්තු වුණු දවසේ ඒක කරන්න බැරිවුණු නිසා පසුවදා ඇවිත් ඒ සඳහා ධාතු තැන්පත් කරලා තිබුණු භාජනය විවෘත කළාම සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක් දැකගන්න පුලුවන් වෙනවා. මේ සියල්ලමත් චූඩා මාණික්‍යය මුදුනේ තිබෙන ධාතු කරඬුවේ විනයාලංකාර හාමුදුරුවෝ තැන්පත් කරනවා.
ශ්වේදගොන් චෛත්‍යය
අවසානයේදී නිර්මාණ කටයුතු නිමා කරපු ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය මෝගොක් නුවර ඉදන් විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනුවරට වැඩම කරවලා රැන්ගුන් නුවර පිහිටි ශ්වේදගොන් චෛත්‍යය සමීපයේ තිබෙන ගොඩනැගිල්ලක තැන්පත් කරලා බුරුමයේ ජනතාවට ප්‍රදර්ශනය කරනවා.
පස්සේ බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා වුණු ශ්‍රීමත් Archibald Douglas Cochrane විසින් රාජකීය භාණ්ඩයක් විදිහට මේ චූඩා මාණික්‍යය 1940 දී ලංකාණ්ඩුකාර ශ්‍රීමත් Andrew Caldecott ට විනයාලංකාර නාහිමියන් සහ බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා තුන් නමකුත් රුවන්මැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න බුරුම ශිල්පීන් පිරිසකුත් සමඟ පිටත් කර හරිනවා.
1940 මාර්තු 4 වෙනිදා මේ පිරිස ලංකාවට සැපත් වෙනවා. ඒ සමඟම රතු මැණික් කැට එබ්බවූ රිදී මල් බඳුනක්, ආධාරකයක් සහ වැස්මක් සහිත රිදී පාත්‍රයක්, චූඩා මාණික්‍යය වැසීමට වීදුරු ආවරණයක්, දළදාව ආවරණයට වීදුරු ආවරණයක් පරිත්‍යාග වශයෙන් බුරුමයෙන් ලංකාවට හිමිවෙනවා.
දෙමටගොඩ මකුටාරාමයේදී ප්‍රදර්ශනයට චූඩා මාණික්‍යය තබලා පසුව අනුරාධපුරය බලා වැඩම කරවනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූනි 17 වෙනිදා පැවැත්වෙන රුවන්මැලි මහා සෑයේ කොත් වහන්සේ පැළැඳවීමේ පිංකමේදී බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ රුවන්මැලි මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්.
මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා.
මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා.
වසර 70 කට විතර පස්සේ මේ ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ පිළිසකර කිරීම් පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැල්පොල රාහුල හාමුදුරුවෝ විසින් සිදු කරලා 2012 මාර්තු 11 වෙනිදා ඒ කටයුතු නිමා කරනවා.
පිළිසකර කිරීම් සිදුකළ ආකාරය
ඒ දවසේ නොමිලේ බෙදා හැරුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ රචනා කරපු චූඩාමාණික්‍ය වර්ණනාව කියන සටහනෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.
ඒ සමඟම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ රචනා කරපු "රුවන්මැලි මහා සෑය" ග්‍රන්ථයත් බෙදා හැරියා. ඒ කෘතිය මේ සබැඳියෙන් ගිහින් භාගත කරගන්න පුලුවන්. [මෙය ලබාදුන් ටිරාජ් අධිකාරි අයියාට පිං]
රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න
ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්න මෙතනින් යන්න.
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)
රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න
ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්න මෙතනින් යන්න.
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)
Didn't realise the stupa had been in such a state of disrepair until recently. It looks so beautiful now.
ReplyDeleteI was just remembering the imagery from Colin de Silva's lovely book Winds of Sinhala, and the scene where the ailing Dutugemunu was carried out to the site when it wa not quite completed.
@ shammi
Deleteවර්තමානයේ රුවන්මැලි සෑය පවතින ආකාරයත් එක්ක එය මෑත කාලීනව හමුවෙද්දී තිබුණු ආකාරය ගැන හිතා ගන්නත් බැරිබව ඇත්ත. ඒක නිසාමයි දුටුගැමුණු රජතුමා හා සමානව නූතනයේ රුවන්මැලි සෑයේ ප්‍රබෝධයට මුල්වුණු කීප දෙනාවමත් අගය කළ යුතු වෙන්නේ....
දුටුගැමුණු රජතුමාගේ මරණාසන්න මොහොත සහ තුසිත පුර ගමන ගැන මහාවංසයේ නම් වෙනමම කතා කෙරෙනවා. ඒ ගැනත් දවසක ලියන්නම්කෝ :)
I also read "The Winds of Sinhala" recently. කිව්වත් වගේ, පිස්සු හැදෙනවා ඒ විස්තරේ කියවද්දී.
Deleteගොඩක් පින් මේ කතාව දැම්මාට...
ReplyDelete@ Sampath
Deleteඔබේ පින අනුමෝදන් කරගන්නවා :)
රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය ගැන ලියූ බොහොම විස්තරාත්මක වැදගත් ලිපියක්. මේවගේ දෙයක් ගැන හොයා බලලා - අදාළ බාහිර සබැඳිත් ඇතුළත් කරලා - ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි.
ReplyDelete@ Sujeewa de Silva
Deleteබාහිර සබැඳි ගැන කතා කළොත් මම මුලින් ලියන්න හිටියේ චූඩා මාණික්‍ය සම්බන්ධ කතා පුවත විතරයි. ඒත් දිවයින පත්තරේ කොටස් වශයෙන් සම්පූර්ණ ස්ථූපයම නැවත ගොඩනැගීමේ කතාව ඉදිරිපත් කෙරුණු නිසා ඒ ගැනත් යමක් එකතු කරන්න පස්සේ කල්පනා කළා.
මේ ලිපිය ටික දවසකට කලින් ලියවුණත් දිවයේ පළවුණු ලිපි මාලාවේ අවසන් ලිපිට සති කිපයක්ම ප්‍රමාද වීමත් මේ ලිපිට පළ කරන එක ප්‍රමාද කරන්න හේතුවක් වුණා. කෙසේ නමුත් දිවයිනට මේ ගැන ලියපු ලේඛකයාට අපි හැමෝගේම ප්‍රණාමය හිමිවෙන්න ඕනේ....
ගොඩක් වටිනා ලිපියක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මලයණ්ඩි :)
හ්ම්..... ෂෝක් ලිපිය.ඇත්තටම මේ වගේ ලිපි තමයි ලියවෙන්න ඕනි. ගොඩක් සතුටුයි.මොකද අද බ්ලොග් වල ලියවෙන ලිපි දැක්කම ගොඩක් කලකිරෙනවා.මේ වගේ ලිපයක් ලියන එක කොච්චර වටනවද
ReplyDelete.......
@ ධමිමික සදරුවන්
Deleteබ්ලොග් ලියන්නන් විවිධ රසාස්වාද ඇත්තන් නිසා ලියන දේවල් ගැන සීමා මායිම් පනවන්න බැහැ. ඒත් තමන් ලියයුත්තේ මොනවාද තමන්ගේ සීමාවන් මොනවාද තමන්ගෙන් වියයුත්තේ මොනවාද කියන එක වටහා ගන්න එක ඒ ඒ බ්ලොග්කරුවන්ට භාරයි :)
ඒක ඇත්ත හසිත මල්ලි.. ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් ලියන්න පුළුවන්. ඒ වුනාට එයාලා ලියන දේවල් නිසා එයාල ගැන අනිත් අය තේරුම් ගන්නවා ඇති නේ.
Deleteහැමදාමත් වගේ කාටත් වැඩක් වෙන ලිපියක්!
ReplyDelete@ හිරුහිමාවී
Deleteඅනිවාර්යයෙන්ම අදට නැතත් හෙටට හරි වැඩක් තියේවිනේ...
නොදැන හිටි කතාවක්. බොහොම ස්තූතියි හසිත...
ReplyDelete@ විසිතුරු
Deleteආගිය කතාවේ ඉරිදාට පළවෙන්නේ අප්‍රකට කතා නොවැ :)
මමත් දිවයිනේ ගිය ලිපි ටික ආසාවෙන් කියෙව්වා. මේවගේ හරවත් යමක් බ්ලොග් ලෝකයට ලබා දුන්නාට බොහෝම පින්!
ReplyDelete@ ලහිරු
Deleteලියන හරවත් දේවල් "හරවත්" කියලා වටහා ගෙන කියවන්න එන අදහස් දක්වන ඔබටත් පින් :)
මාරයි මාරම මාරයි..
ReplyDeleteහසිතට උඹට පින් මචං!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteමාර නෑ මාර නෑ :D
රජාගේ පිනත් ඔන්න අනුමෝදන් කරගත්තා...
ඔයාට ගොඩක් පින් මල්ලි මෙහෙම ලිපි ලියනවට... දුටුගැමුණු රජතුමා රුවන්මැලි සෑය හදපු හැටිත් ලස්සන කතාවක් ඒ ගැන ඔය දනනවා ඇති අනිවාර්යෙන් පුළුවන් වෙලාවක එකත් මේ ලිපි පෙලට එකතු කරන්න.. මේ ගැන දැනගෙන රුවන්මැලි සෑය වන්දනා කරනකොට සිතට දැනෙන සතුට අප්‍රමානයි.. බුද්ධ කාලේ හිටපු අය තරම් නැතත් මේ කාලෙට සාපේක්ෂව අපිත් පිනක් කරලා තියනව මේ රටේ උපදින්න
ReplyDelete@ rvajee
Deleteමම මේ ලිපියේ අවසානයට භාගත කරගන්න දීපු රුවන්මැලි සෑය කියන කෘතියේ මහා ස්ථූපය ගොඩනැගීමේ කතාව සවිස්තරාත්මක සරල සිංහලෙන් තියෙන නිසා ඒ කතාව කියන්න ඕනෙයි කියලා මට හිතුණේ නැහැ. කොහොම නමුත් ඉල්ලීමක් තියෙන නිසා ඉදිරි කාලයේදී ඒකට ඉටු කරන්නත් බලමු.
මේ රටේ උපදින්නට පින් කරලා තිබුණත් මේ තරම් හොඳ හැටි බුදු දහම ගැන අධ්‍යයනය කරන්න ඉඩ ප්‍රස්ථාව තිබිලත් අපි ඒ දේ කරනවාද කියන එක තමා ගැටළුව :(
අවුරුදු 5-6කට විතර කලින් යාළුවො කීප දෙනෙක් එක්ක ගියපු ට්‍රිප් එකකදි අපි රැයක් නැවතුනා ජේතවනාරාමෙ ගාව විශ්‍රාම ශාලාවක. අපි විතරමයි හිටියෙ. එදා රෑ පිලිසකර වෙමින් තිබුණ ජේතවනාරාමෙ අවට ගතකරපු පැය කීපය මතක් වුණා මේ පින්තූර නිසා. ගස් අතරින් ඈතින් දිලිසුණ රුවන්මැලි සෑයෙ කොත් කැරැල්ල ගෙනාවෙ අපූරු හැඟීමක්. ථූපය ගාවදි දැණෙන කුරුමිටි වෙන ගතිය සෑහෙන්න කතා වලට මග පෑදුවා.
ReplyDeleteමට ප්‍රස්නයක් තියෙනවා. රුවන්මැලිද රුවන්වැලිද? ඔය දෙකම තැන් තැන් වල පාවිච්චි වෙනවනේ. හරි එක නම් රුවන්මැලි වෙන්න ඕන නේ. මොකද ස්වර්ණමාලි බිමට වැඩියලුනේ...
ඔය නාග ලෝකෙත් එක්ක දුටුගැමුණු රජතුමාගෙ සමීප සම්බන්ධකම් තිබුණලුනේ...
@ hare :-)
Deleteමේ භූමියේ තිබුණු රන් තෙළඹු ගසේ හිටිය දේවතාවිය "ස්වර්ණමාලී" නිසා ස්ථූපයේ නම වෙන්න ඕනේ රුවන්මැලි තමා. වංසකතාවල නම් වැඩි වශයෙන්ම ථූපය හඳුන්වන්නේ "මහාථූපය" කියන ගෞරවනීය නමෙන්.
රජතුමාට නාග ලෝකයත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ රුවන්මැලි සෑයේ නිධන් කරන්න නාග ලෝකයෙන් සර්වඥ ධාතු රැගෙන ආ නිසා.
ඒ නිසා නාග ලෝකයේ අය රුවන්මැලි සෑය වදින්න නිතරම වගේ රාත්‍රී කාලයට ආවා ගියාලු. එහෙම ආපු නාග කන්‍යාවියක් රජතුමා සරණ පාව ගත්තු බවත් ඒ නාග ලෝකයේ රජතුමාගේ දියණියක් නිසා නා රජතුමා කෝප වෙලා රජතුමාට දෂ්ඨ කරන්න නාගයෙක් එවූ බවත් "කපුරු නාථ" කියන වෛද්‍යවරයා නිසා රජතුමා කීප වරක්ම ගැලවුණු බවත් අවසානයේදී උපක්‍රමයකින් නාගය දෂ්ඨ කරපු බවත් වෛද්‍ය ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වෙන්නේ නැතුව රජතුමා හදිසියේ මියගිය බවත් කියවෙන ජනකතා කීපයක් තියෙනවා...
නොදන්න කරුණු කාරණා ගොඩයි !
ReplyDelete@ මධුරංග
Deleteතව එකතු වෙමින් පවතිනවා :)
මමත් ආසම දෙයක් මේවා ගැන කියවන්න.දිගටම ලියමු ජය!
ReplyDelete@ අවතාර්
Deleteපේන විදිහට රුවන්මැලි සෑය සම්බන්ධ ඉතුරු කතා ටිකත් ලියන්න වෙයි වගේ :)
mukik686
ReplyDelete@ Anonymous August 12, 2012 12:21 PM
Delete???
සාධු සාධු ..මාත් අනුමෝදන් උනා :)
ReplyDeleteමල්ලි මේක තමයි මං හිතන්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය පන්සලේ නිල වෙබ් සයිට් එක
http://www.rerukanemahanahimi.lk/
@ Tiraj Adikari
Deleteවිනයාලංකාරාරාමය ගැන වැටහීමක් ගන්න තමා මම ඒ ලින්ක් එක දැම්මේ. අයියා මේ ගැන කිව්ව එක හොඳයි.
රේරුකානේ හිමියන්ගේ අවසන් කටයුතු ගැන එහෙම මම මීට කලින් නොදැකපු ඡායාරූප කීපයක්ම දැක්කා. ඒ වගේම මේ වගේ වටිනා කියන වෙබ් අඩවියක් ගැන අපි හැමෝමව දැනුවත් කළාට පිං :)
බොහොම ස්තූතියි....වෙනදා වගේම..
ReplyDelete@ තරුවා
Deleteපැමිණියාටත් බොහොම ස්තුතියි :)
කියන්න වචන නෑ හසිත මලය.. මේ ලිපියෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.. උඹට පිං..
ReplyDelete@ Dinesh
Deleteඅයියණ්ඩිගේ පිනත් අනුමෝදන් කරගන්නවා :)
වටිනා දෙයක් අපිටත් කියවන්න ලැබුනා
ReplyDelete@ දූපත් වැසියා
Deleteවටිනා කියන යමක් කියවන්න ලබාදෙන්න පුලුවන් වීම ගැන සතුටුයි :)
පලවෙනියටම මගේ ප්‍රශ්නේ, මැණික් වැල් ටික කෝ? ඒවාට මොකද උනේ?
ReplyDeleteඊළඟට කියන්න තියෙන්නේ ඉතිහාසයේ අප්‍රකට කතාවල් එක්ක ලියන මේ කතා වලින් අපේ දැනුම වැඩි කරනවාට ඔබටත් මේ මාහැඟි කාර්යයේ නිරත වූ සැමටත් මගේ ස්තුතිය. ඒ වගේම බොහෝ පිනක් මේ කරන්නේ.
@ Alexander Cage
Deleteඅවුරුදු 70 කට ආසන්න කාලයක් දැන් ගතවෙලානේ තියෙන්නේ. ඒක නිසා ස්වභාවික හේතු "සුළං, වර්ෂාව" වගේ හේතු නිසා මැණික් වැල් ටික කැඩිලා වෙන්න ඕනේ. ස්වර්ණමය ආධාරකය පිළිසකර කරන වීඩියෝවෙන් දකින්න ඇතිනේ ස්වභාවික ආපදාවන්වලට ඒක ගොදුරු වෙලා තියෙන හැටි.
සොරකම් කිරීම අපහසු වුනත් ඒක වුණත් වෙන්න බැරිකමක් නැත්තේම නැහැ...
මම මේ කිසිම දෙයක් අද වෙනකන් හරියට දැන ගෙන හිටිහේ නෑ. මේ ගැන අකුරු කලාට ගොඩක් පිං
ReplyDelete@ මකල්
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා. නොදන්නා යමක් කියාදෙන්න ලැබුණු එක ගැනත් සතුටුයි
මම අනුරාධපුරේ ගිහින් රුවන්වැලි සෑයත් වැඳලා දැන් ටිකකට කලින් ගෙදර ආවේ.. :)
ReplyDeleteබොහොම පින් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ හසිත අයියේ.
@ Pramudi
Deleteඅනිවාර්යයෙන්ම ලබන පාර යද්දී අනික් උදවියටත් මේ කතාව කියලා දෙන්න. ඒ වගේමයි එයාලවත් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න..
ගොඩක් පිං
ReplyDelete@ වකා - WAKA
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා ඕන් :)
අදත් කැමකි ම දෙයක් ගැන විස්තර ගොඩක්.... හැබැයි හෙටයි කියවන්න එන්නෙ....
ReplyDelete@ බුද්ධි
Delete"හෙට" ඇවිත් කියපුවා තව පල්ලෙහායින්නේ තියෙන්නේ :D
ඇත්තටම අපි රුවන්වැලි මහසෑය වදිනකොට පින්දෙන්න ඕන අය කොච්චර ඉන්නවද..! ඒ අවට ඒ අය මතක් වෙන්න ස්මාරකයක් තිබුනානම් කොයිතරම් හොඳද..!
ReplyDeleteමේ වගේ උත්තමයෝ බිහිවෙන්න ඕන කාලය දැන් කියලයි හිතෙන්නෙ.
@ වීපොකුර
Deleteඒක ඇත්ත. ලංකාදීපේ ලිපියේ තිබුණු විදිහට නම් ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු දොන් හෙන්ද්‍රික් සිටුගේ ගේ ඡායාරූපයක් නම් චෛත්‍යවර්ධන සමිති කාර්යාලයේ තියෙනවාලු. ඒත් රන්සිරිනෙල් වෙද රාළහාමිගේ ඊටත් වඩා නාරංවිට සුමනසාර හාමුදුරුවන්ගේ ඡායාරූපයක් ඒ කාර්යාලයේ තියෙනවාද කියන එක සැක සහිතයි.
ඒක නිසා ඔයා කිව්වා වගේම ස්මාරකයක් හරි මේ පුද්ගලයන්ගේ පිළිරූ ඇඹීමක් හරි කරලා රුවන්මැලි සෑය ආසන්නයේ තබන එක එයාලගේ සේවයට කරන ගරු කිරීමක්. ඒ හැරෙන්න "රුවන්මැලි චෛත්‍යවර්ධන කෞතුකාගාරයක්" ආරම්භ කරලා නූතන ඉදිකිරීම් එක්ක සම්බන්ධ වෙන කෞතුක වස්තු, ඡායාරූප, සැලසුම්, ලිපි ලේඛන ආදිය ප්‍රදර්ශනය කරන්නත් පුලුවන් නම් තවත් වටිනවා...
තව විස්තර ගොඩක්.. ස්තූතියි ......
ReplyDelete@ Pasan
Deleteඇයි කමෙන්ට්ස්වල තියෙන විස්තර ටික :)
අගනා විස්තරයක්, හෙට වෙනකොට චූඩාමානික්‍යත් අතුරුදහන් වෙයිද දන්නේ නෑ :/
ReplyDelete@ පුබුදු
Deleteඒක නම් කියන්න බැහැ මලේ. ඒත් මම අහපු කතාවක විදිහට පොළොන්නරු රන් කොත් වෙහෙර තිබුණු රන් කොත ගලවාගෙන චෝලයන් අරන් යද්දී අකුණු ප්‍රහාරයකින් හරි වෙනත් විපතක් නිසා එයාලා මිය ගියාලු. පූජනීය වස්තුවලට හානි කරන පුද්ගලයන්ට sobaa දහමෙන් පවා දඬුවම් ලැබෙනවා...
ඉතාම වටිනා ලිපියක්...
ReplyDeleteකියන්න දේවල් කීපයක්ම මතක් වුනා.
1. මේ ලඟදි චෛත්‍ය පිළිසකර කිරීමෙන් පස්සේ ( අප්‍රේල් අග ) අනුරාධපුරයට ගිය වෙලාවේ විශ්වාසනීය ආරන්චිමර්ගයකින් දැනගන්ට ලැබුන ස්වර්ණමය ආධාරකයේ මැණික් ඔබ්බපු ඇන 4 ක් නැති වෙලා කියල...
2. අර කොත් වහන්සේගේ ගැන කියවනකොට හිතුනේ ඉස්සර එච්චර විශාල සහ බර කොත්වහන්සේව ප්‍රවාහනය කරන්න කොහොම වෙහෙසක් ගන්න ඇතිද (අද තියෙන පහසුකම් නැතිව)...
3. මේවගේ කාර්යයකට අනෙක් රටවල් තවත් රටකට උදව් කරන හැටි
මිරිසවැටිය චෛත්‍යත් ලගදි ප්‍රතිසංස්කරණය කරලා ... නමුත් මට හිතුනේ ඒ චෛත්‍ය ඉස්සර වගේ තිබුනානම් ඓතිහාසික බවක් තියෙනවා කියල... දැන් ඒක තවත් අලුත් චෛත්‍යක් වගේ ...
ගොඩක් පින් මේ දේවල් පිලිබදව අපිව දැනුවත් කරනවට...
@ සඳ තරු නිහඩයි
Deleteපුබුදු මල්ලිට කිව්වා වගේ මේ විදිහේ පූජනීය වස්තුවලට හානි කරන වගේම ඒවායේ භාණ්ඩ හොරකම් කරන අයට සොබාදහමෙන් හරි දඬුවම් ලැබෙනවා...
මේ සුවිශාල කොත් වහන්සේ කොටස්වලට ගලවලා ලොරි තුනකින් කොළඹට ගෙනල්ලා ආපහු අනුරාධපුරේටත් අරන් ගියේ ඒ විදිහටයි කියලා තමා දිවයිනේ ලිපියේ තිබුණේ...
දළදා මාළිගාවේ නව ඉදිකිරීම්වලට ඒ වගේම මිරිසවැටියේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට මේ විදිහට බුරුමය හා සියම ආධාර කරලා තියෙනවා. ඒක නිසාමයි ඒවා ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය ස්ථාන වගේම "ලෝක උරුම නගර" කරලා තියෙන්නේ...
මිරිසවැටියේ ප්‍රතිසංස්කරණත් එක්ක අලුත් චෛත්‍යයක් වගේ පේන නිසා මේ ටිකත් එකතු කරන්න හිතුණා. පුරාවිද්‍යාවේදී අනුගමනය කරන සංරක්ෂණ ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ ආරක්ෂා කිරීම, ප්‍රතිසංස්කරණය සහ නැවත ප්‍රතිසංස්කරණය හෙවත් මනඃකල්පිත නැවත ඉදිකිරීම කියලා.
ආරක්ෂා කිරීමේදී වෙන්නේ ශුද්ධ පවිත්‍ර කරලා තිබෙන තත්වයෙන් පවත්වා ගැනීම. ඒත් ප්‍රතිසංස්කරණයේදී කැඩී බිඳී ගිය තැන් හදලා නවීන ආදේශක 50% ක් විතර භාවිතා කරලා මුල් යුගයේ තිබුණු තත්වයට ආසන්න තත්වයකට පත් කිරීම. ඒකට උදාහරණයක් විදිහට ජේතවන ප්‍රතිසංස්කරණය දක්වන්න පුලුවන්.
නැවත ප්‍රතිසංස්කරණයේදී 100% ක් නවීන ආදේශක භාවිතා කරලා මුල් යුගයේ තිබුණු තත්වයටම පත් කරනවා. ඒක ටිකක් සංකීර්ණ වෙන්නේ මුල් යුගයේ තිවුණු තත්වය ගැන අවබෝධ කරගන්න එක ටිකක් සංකීර්ණ වෙන නිසා.
රුවන්මැලි සෑයේ සිදු කරලා තියෙන්න නැවත ප්‍රතිසංස්කරණයක්. ඒ වගේමයි මිරිසවැටියත්
රුවන්මැලි චෛත්‍යෙ දැවැන්ත බව පලිඟුවෙන්ම හිතාගන්න පුළුවන්නේ...
ReplyDeleteපට්ට...
@ තරියා අබේ
Deleteහිතලා බලන්න ලංකාවේ චෛත්‍යවලින් උසින් තුන්වෙනි ස්ථානයේ තමා රුවන්මැලි සෑය තියෙන්නේ. එක ජේතවනය දෙක අභයගිරිය. ඒවායේ ප්‍රමාණය ගැන හිතාගන්න පුලුවන්නේ :)
ෆට්ටෙට වටිනවා මේකනන්
ReplyDelete@ සුදු මහත්තයා
Deleteස්තුතියි :)
කොහෙද ඔය නාග ලෝකෙ තීයෙන්නෙ
ReplyDelete@ sujiya
Deleteසුජාතාව කිරිපිඬු පිදූ තලියත් නේරංජනා නදියේ පා කළාම ගියේ නාග ලෝකයටනේ. ඒ අනුව බලද්දී පොළව අභ්‍යන්තරයේ නාග ලෝකය තියෙන බව තමා පේන්නේ...
තවත් එකක් මචන්, දුටු ගැමුනු රජතුමගෙ කලෙත් ඔය නාග ලොකෙත් එක්ක සම්බන්දකම් තිබුන කියන්නෙ ඒ තරම් වැඩි කාලයක් නෑ නෙ ඒ කියන්නෙ නාග ලොකෙ තාමත් ඇති නේද. අපිටත් බලාපොරොත්තු තියගන්න පුලුවන් නේද.
Delete@ sujiya
Deleteඒක ගැන නම් කියන්න දන්නේ නැහැ අයියා. බෞද්ධයෝ විදිහට අපිට අපි ගැනම තමා බලාපොරොත්තු තියාගන්න තියෙන්නේ :)
මනුෂ්‍ය ලෝකයෙන් පහල ගව්වක් තරම පොලෝ මට්ටමට පහලින් නාග ලෝකය පිහිට ඇත. දේව බ්‍රහ්ම මනුෂ්‍ය ලෝක පහලවිමේදී , තවත් එක සත්ව තලයක් වන එයද පහල වන අතර ලෝක විනාශයේදී විනාශ වී යයි. ඒ අතර කාලයේදී සැම කල්හිම පවතී. දැනුත් ඇත. සුජියාගේ බලාපොරොත්තුව නාග ලොව ඉපදීමට නම් , එවන් බලාපොරොත්තුවක් නැති කර ගත හැකි තරමට හොඳය. නාගයන් යනු බොහෝ ආයුෂ ඇති තිරශ්චින යෝනියෙහි ( තිරිසන් සතුන් ) උපදින සත්ව කොටසකි. ඇතැම් නාගයන් කල්ප ගණන් ජිවත් වේ. අහේතුක ප්‍රතිසන්ධිකයන් හෙයින් ධර්මාවබෝධ කර ගැනීමේ හැකියාව නැත. වලකි. වැටුනොත් ගොඩ ඒමට අපහසුය. (ලබා ඇති මනුෂ්‍ය ජිවිතයේ අගය වටහා ගැනීමට හා ඉන් ප්‍රයෝජන ගැනීමට හැකි තරම් උත්සාහ කට යුතුය අප... ) ක්ෂණික කෝපය බහුල නමුත් කුසල් ද කරන පුද්ගලයන් , නිරයට නොවැටී නාග ලොව ප්‍රතිසන්ධි ලබන බව සඳහන්ය. විචිකිච්චාව හා සිත් තැවුල් බව ද නාග ලොව ඉපදීමට හේතු වන බව ඒකර-පත්ත නා රජුගේ කතාවෙන් පෙනේ.
Deleteතිරිසන් වුවත් ඔවුනට උපතින් ලැබෙන ඉර්ධි බල ඇත. බොහෝ නාගයන් මෙකලත් අප මනුෂ්‍යයන් අතරම මනුෂ්‍ය වේශයෙන් සිටීමට පුළුවන. බුදු රදුන් කල එක් නාගයෙක් වෙස්වලාගෙන ශාසනයේ පැවිද්ද ලබා සිටි බව සඳහන්ය. පසුව හසුවී නෙරපා දැමිණ. නාග ලොව සමග වැඩියම සම්බන්ධ කම් පවත්වුයෙත් , තමන්ගේ බලය එය කරාත් පැවැත්වුයේ ගැමුණු රජතුමා නොව ධර්මාශෝක රජතුමාය. එතුමාගේ පුණ්‍ය ඉර්ධියක් මගින් නාගයන් ලවා තමන් සිතුවක් කර ගැනීමේ බලය ඔහුට ලැබිණි. එමෙන්ම ඔහු එයින් රිසි සෙයින් ප්‍රයෝජන ගත බවද සඳහන්ය.
මේ ඇතිනේ දැනට ... :)
@ Tiraj Adikari
Deleteනාග ලෝකට ගැන බොහොම වටින තොරතුරු ටිකක් එකතු කළාට පිං අයියා.... හැමෝටම මේ විස්තර වැදගත් වේවි :)
ධර්මාශෝක රජතුමාට නාග ලෝකයෙන් නා රජවරුන් පොරෝනා, පළඳනා, විලවුන් පිණිස මල් පවා අරගෙන ආපු බවයි මහාවංසය කියන්නේ....
දැනගත යුතුම කතාවක්! ස්තූතියි හසිත.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඅනිවාර්යයෙන්ම අයියේ. පුරාණ රජදරුවන් කළා හා සමානම කාර්යයක් නූතනයේ කරපු ඒ උදාර මිනිසුන් ගැන අපි දැනගෙනම ඉන්න ඕනේ
බුරුම ජනතාවත් තමන් කවදාවත් දැකලා නැති චෛත්‍යක් හදන්න උදව් වනු එකේ අපූරුව..
ReplyDeleteස්තුතියි මේ විස්තර බෙදාගත්තට..
@ රූ....
Deleteබුරුම ජනතාව මේ අසදෘශ ස්ථූපය ගැන දැනගෙන හිටියා වෙන්න පුලුවන්. අනික් කාරණය ඒ වෙද්දී දලදා මාළිගාවේ නූතන ඉදිකිරීම්වලට බුරුමයේ ආධාර ලැබෙමින් තිබුණේ. ඒ වගේමයි පසුකාලීනව මිරිසවැටියේ ඉදිකිරීම්වලටත් සියම් රජයෙන් ආධාර ලැබිලා තියෙනවා...
හැමදාම වගේ හසිත බොහොම මහන්සියෙන් එකතු කරලා මේ දැනුම බෙදා දීල. ඔබට බොහොම ස්තුතියි.. දෑස් කඳුලින් තෙත්කරන සටහනක්..
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඑකඟයි අයියේ. ඒ උදාර මිනිස්සුන්ව අමතක කරලා තියෙන එකත් හරිම කණගාටුදායකයි. ඒකමයි වී පොකුරටත් මම කිව්වේ "රුවන්මැලි චෛත්‍යවර්ධන කෞතුකාගාරයක්" ආරම්භ කරන්න දැන් කාලය ඇවිල්ලා කියලා
වංශ කතාවල මෙවැනි විශාල ස්ථුප කරලා තියෙනවා කියලා පැහැදිව සටහන් වෙලා තියෙද්දිත්, මිනිස්සුන්ගෙ සිත්වලින් මේවැනි පූජණිය ස්ථාන මැකිලා ගියෙ කොහොමද කියලා හිතාගන්න බෑ.
ReplyDeleteමම පොඩිම කාලේ අනුරාධපුරේ ගියාම ආපු ලොකුම ප්‍රස්නෙ තමා අභයගිරිය, ජේතවනාරමේ විතරක් ගරා වැටිලා රුවන්මැලි සෑය විතරක් කොහොමද මේ විදිහට ඉතිරි වුනේ කියලා...... :) ඒකාලේ මිරිස වැටිය නිකම්ම පස් ගොඩක් වගේ තිබුනා කියලත් මතකයි.
ස්තුතියි අදත් මේ වටනා තොරතුරු ටිකට.
@ බුද්ධි
Deleteවංස කතාවල මේ ගැන කියලා තිබුණත් පස්සේ කාලේ රාජධානි නිරිතට ඒමත් එක්ක ක්‍රමයෙන් මේ තැන් මහජනතාවගේ මතකයෙන් ඈත්වුණා. ඒ වගේමයි ඒ ස්ථාන පිළිසකර කිරීමක් නොවෙද්දී ගරා වැටිලා වනයෙන් වැහෙද්දී මිනිසුන්ට කරන්න දෙයක් තිබුණේත් නැහැ.
ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේ මේ ස්ථාන ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් තිබුණේත් නැහැ. 19 වන සියවසේ අග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමත් එක්ක තමා වැඩි වශයෙන් මහජනතාව මේ තැන්වලට ආවේ. හැබැයි ඊට පෙරත් වැඩි වශයෙන් නැතිවුණත් සුළු වශයෙන් හරි මේ ගස්වලින් වැහුණු පස් කඳු විදිහට පෙනුණු මේ ස්ථූප වන්දනා කරන්න මිනිස්සු ආපු බව පේනවා...
මිරිසවැටිය සහ රුවන්මැලිසෑය ඒ විදිහට තියෙන්නත් අභයගිරිය ජේතවනය එහෙම තියෙන්නත් හේතුව ප්‍රතිසංස්කරණ නියමයන්ගේ ආනුභාවය මේ තියෙන්නේ මම 'සඳ තරු නිහඬයි" ට ඒ ගැන දීපු උත්තරේ..
".....මිරිසවැටියේ ප්‍රතිසංස්කරණත් එක්ක අලුත් චෛත්‍යයක් වගේ පේන නිසා මේ ටිකත් එකතු කරන්න හිතුණා. පුරාවිද්‍යාවේදී අනුගමනය කරන සංරක්ෂණ ක්‍රමවේද තුනක් තියෙනවා. ඒ ආරක්ෂා කිරීම, ප්‍රතිසංස්කරණය සහ නැවත ප්‍රතිසංස්කරණය හෙවත් මනඃකල්පිත නැවත ඉදිකිරීම කියලා.
ආරක්ෂා කිරීමේදී වෙන්නේ ශුද්ධ පවිත්‍ර කරලා තිබෙන තත්වයෙන් පවත්වා ගැනීම. ඒත් ප්‍රතිසංස්කරණයේදී කැඩී බිඳී ගිය තැන් හදලා නවීන ආදේශක 50% ක් විතර භාවිතා කරලා මුල් යුගයේ තිබුණු තත්වයට ආසන්න තත්වයකට පත් කිරීම. ඒකට උදාහරණයක් විදිහට ජේතවන ප්‍රතිසංස්කරණය දක්වන්න පුලුවන්.
නැවත ප්‍රතිසංස්කරණයේදී 100% ක් නවීන ආදේශක භාවිතා කරලා මුල් යුගයේ තිබුණු තත්වයටම පත් කරනවා. ඒක ටිකක් සංකීර්ණ වෙන්නේ මුල් යුගයේ තිවුණු තත්වය ගැන අවබෝධ කරගන්න එක ටිකක් සංකීර්ණ වෙන නිසා.
රුවන්මැලි සෑයේ සිදු කරලා තියෙන්න නැවත ප්‍රතිසංස්කරණයක්. ඒ වගේමයි මිරිසවැටියත් ..."
රුවන්වැලිය මේ තරමට වල් බිහිවෙලා තිබුනයි කියලා විශ්වාස කරන්න හිතෙන්නෙම නෑ නේද?
ReplyDelete1815න් පස්සෙ වෙච්ච දේවල්නෙ... මම උපදින්න හරියටම අවුරුදු 100කට කලින් තමා නාරංවිට සුමනසාර හිමියන්ට ඒ කම්පාව ඇතිවුනේ.. ඒක නිසා මං උපන්නට පස්සෙ දැකල තියෙන්නෙ ලස්සන ස්තූපයක්...
ඇත්තටම ගොඩාක් පිං හසිත... මේ දේවල් අපේ අවට පුංචි පැටවුන්ටත් කියල දෙන්න පුළුවන් කමක් ඇතිඋනා මේ ලිපිය කියවලා.. නොදැන හිටි කරුණුත් බොහොමයි..
@ තනෝජා රාජපක්‍ෂ
Deleteමේ රුවන්මැලි සෑයේ කතාවමයි තව ටික කලක් ගියාම අපේ දරුවන්ගේ දරුවෝ කියන්නේ. අභයගිරියයි, ජේතවනයයි වල් බිහිවෙලා තිබුණාය කියලා එයාලත් විශ්වාස කරන්න අමාරුයි කියාවි :)
තව කරුණු ටිකත් මේ කමෙන්ට්ස්වලත් ඇති අක්කේ...
නොදන්නා කරුණු ගොඩාක් දැන ගත්තා. මේ දා ගැබත්, දුටුගැමුණු රජත්, නාග ලෝකයත් අතර ඉස්සර ඉඳන්ම කතා ගොඩක් නේද?:)
ReplyDelete@ Podi Kumarihami
Deleteහරේ අයියාට දීපු උත්තරේම ඕන් පොඩි කුමාරිහාමිටත් දෙනවා :)
"........රජතුමාට නාග ලෝකයත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ රුවන්මැලි සෑයේ නිධන් කරන්න නාග ලෝකයෙන් සර්වඥ ධාතු රැගෙන ආ නිසා.
ඒ නිසා නාග ලෝකයේ අය රුවන්මැලි සෑය වදින්න නිතරම වගේ රාත්‍රී කාලයට ආවා ගියාලු. එහෙම ආපු නාග කන්‍යාවියක් රජතුමා සරණ පාව ගත්තු බවත් ඒ නාග ලෝකයේ රජතුමාගේ දියණියක් නිසා නා රජතුමා කෝප වෙලා රජතුමාට දෂ්ඨ කරන්න නාගයෙක් එවූ බවත් "කපුරු නාථ" කියන වෛද්‍යවරයා නිසා රජතුමා කීප වරක්ම ගැලවුණු බවත් අවසානයේදී උපක්‍රමයකින් නාගය දෂ්ඨ කරපු බවත් වෛද්‍ය ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වෙන්නේ නැතුව රජතුමා හදිසියේ මියගිය බවත් කියවෙන ජනකතා කීපයක් තියෙනවා... "
මේ කතාව මාත් අහල තියෙනවා. මිරිසවැටියේ චයිත්‍යය ගාව ආධාර මුදල් එකතු කරන මහත්තයගෙන් ඇහුවම නොන් ස්ටොප් පැය බාගයක් විතර විස්තර ඇතුව කියල දෙනවා. :)
Deleteඇත්තද කියල නම් දන්නේ නැහැ.
@ Tiraj Adikari
Deleteයන්න ඕනේ දවසක මේ කතාවත් අහලා බලන්න :)
අදත් බොහෝ දේවල් දැන ගත්ත. කියවගෙන යද්දි,
ReplyDelete" කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්."
මේ වාක්‍ය ලඟත් මම පොඩ්ඩක් නතර උනා.
@ Chandana
Deleteඇත්තටම ඒ කාර්යය කරන්න ලොකු අයිතියක් ප්‍රධාන බාසුන්නැහැට තිබුණා කියලා තමා මාත් හිතන්නේ. ඒ වගේමයි ඒ කාලේ දේශපාලනඥයන්ට අද කාලේ වගේ "වැසිකිළියක්" විවෘත කරලා හරි තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න පත්තරේ නම දමාගන්න උවමනාවක් නොතිබුණු බවත් පැහැදිලියි
ඔයාට ගොඩක් පින් මේ කතාව දැම්මට...දිගටම මේ වගේ කතා ලියන්න...බුදුසරනයි!!!
ReplyDeletehttp://raajadhani.blogspot.com/
@ iresha devinda
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා :)
උස වැඩි නිසා චූඩා මානික්කේ බේරිලා තියෙනවා....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteඒවා කියන්න බැහැ අයියේ. අහලා තියෙනවා නේද ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ කොළඹ තිබුණු උස පහන් කණුවල බල්බ් පහන් කණුවට නැගලා හොරෙන් ගලවපු හොරාව ප්‍රේමදාස මහත්තයා දවසක් අල්ලගෙන මිනිහාගේ හපන්කම ගැන පැහැදිලා විදුලි බල මණ්ඩලයේ බල්බ් මාරු කරන job එකක් දීපු කතාව :D
මම අනුරාධපුරේ වුණත් මෙතරම් විස්තර දැනගත්තෙ හසිතගෙ මේ ලිපිමාලාවෙන්. හැමදාම යන එන වෙලාවට වැඳල ආවාත් විහාලත්වය ගැන හිතුවාට ඓතිහාසික තොරතුරු දැගෙන හිටියෙ නැති එක ගැන මටම කණගාටුයි.
ReplyDeleteඅර වීඩියෝවත් මීට කලින් බලලා තිබුණත් අද ආයෙමත් බැලුවා.
පින්සිදුවේවා
@ දයානන්ද රත්නායක
Deleteදැන් කණගාටුවෙන්න දෙයක් නැහැනේ. අයියාත් මේ ගැන දැනුවත්නේ. ඒ වගේමයි තවත් අයව මේ ගැන දැනුවත් කරන්න.
ගොඩක් දේ දැනගත්තා... අනිත් දවසේ රුවන්මැලි සෑයට ගිහින් මල් පූජා කරද්දී මේ අයවත් මතක් වේවි...
ReplyDelete@ Beetle
Deleteඅනිවාර්යයෙන්ම මේ පුද්ගලයන්ව සිහිපත් කරලා පින් දෙන එක කෘතගුණ හඳුනන අය විදිහට අපෙන් සිදුවිය යුත්තක්. ඒ වගේමයි ඔවුන් වෙනුවෙන් රුවන්මැලි සෑ පරිශ්‍රයේ ස්මාරකයක් හෝ ඉදි කිරීමත් විය යුතුයි
නිතර ප්‍රතිචාර නොදැක්වුවත් මම නිතර මේ අඩවියට පිවිසෙනවා දැනුම ලබාගන්නට. අදනම් ඔබට ස්තුති නොකර පින් නොදී යන්නට බැහැ. ඒ නිසයි මෙහෙම ලියන්නේ. මේ ඡායාරූප එකතුවම කියන්න බැරි තරම් වටිනවා. මොන තරම් වෙනත් විච්චූරණ දේවල් තිබුනත් මෙවැනි දෙයක වැදගත්කම බොහෝ දෙනෙකු අවබෝධ කරගෙන තිබෙන බව ලැබී ඇති ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. මා හිතනවා ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීමට ඒ අදහස් ඔබට හොඳ උත්තේජනයක් වේයැයි කියා. ඔබට පමණක් නොව ඔබේ දෙමවුපියන්ට පවා මේ පින් අයිති වෙනවා. පින් සිදුවේවා!
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteමේ ඡායාරූපවලින් නූතන ඡායාරූප වැඩි ප්‍රමාණයක් මම සඳහන් කරලා තියෙනවා වගේම වරුන කමලවංශගේ. බොහෝ දෙනා ඒ ඡායාරූප අනවසරයෙන් භාවිතා කරන එක ගැනත් ඔහු කළකිරීමෙන් හිටියේ. සදාචාර සම්පන්න බවක් බ්ලොග් රචකයන්ට පවා තිබිය යුතු නිසා එයාගෙන් අවසර අරගෙනයි ඒවා යොදාගත්තේ. පැරණි ඡායාරූප කීපයක්ම අන්තර්ජාලයෙන් මෙන්ම ලංකාපුර වෙබ් අඩවියෙන් ලබාගත්තු ඒවා.
ඒ වගේමයි ඔබ කිව්ව විදිහට මේ වගේ ලිපි ලියන්න ලොකු සවියක් වෙන්නේ ලැබෙන ප්‍රතිචාර තමයි. මේ ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබෙන නිසාම තවත් මේ ආකරයේම ලිපි තවත් ඉදිරියේදී ලියවේවි.
අවසාන වශයෙන් ඔබේ පිනත් මම අනුමෝදන් කරගන්නවා :)
කොයි තරම් වටින ලිපියක්ද
ReplyDelete@ පිණිබිඳු..
Deleteඅනිවාර්යයෙන්ම :)
උසස් පෙළ උපකාරක පංතියක අනුමාන ප්‍රශ්න පත්‍ර කීපයක් ටයිප් කිරීම භාරවී ඇති හෙයින් මදක් කාර්යබහුල වී සිටිමි. කටයුතු අවසන් වූ සැණින් සැමගේම ප්‍රතිචාරවලට පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන බව දන්වනු කැමැත්තෙමි :)
ReplyDeleteමම පුද්ගලිකව යන්න ඉතාමත්ම ආසා කරන ස්ථානයක් රුවන් වැලි සෑය... සෑ මලුවෙ ඉදගෙන ඒ දිහා බලාගෙන ඉදගෙන ඉන්න මම හරිම කැමතියි... ඒ වෙලාවට දැනෙන සහනශීලී හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ... මේ වගේ වටිනා විස්තර හැමදාමත් අපිට ගෙනල්ලා දෙන ඔබේ මේ වටිනා වෑයම මාගේ නොමද පැසසුමට ලක් වේ.
ReplyDelete@ සිරාගේ කාමරේ
Deleteරුවන්මැලි සෑ මළුවේ වගේම ශ්‍රී මහා බෝ සෙවනේ තියෙන්නේ ශාන්තිමය ස්වභාවය මමත් අත් විඳලා තියෙනවා.
1873 ඉඳල ප්‍රතිසංස්කරණය කරන්න කොච්චර කාලයක් ගිහින් ද?. ඒ කාලේ හිටපු ධනපතියෝ ගැන කියන්න දෙයක් නැහැ. මිහිපිට හිටපු දෙවිවරු.
ReplyDelete@ අසරණයා
Deleteමේ කාර්යයට හුඟක් කල් ගිහින් තියෙන්නේ එක්ක කාර්යය සුවිශාල එකක් වෙන එක, අනික මුදල් විශාල ගණනක් අවශ්‍ය වෙන එක. අනික් අතට නිසි උපදෙස් නැතිව කටයුතු වුණු නිසා 20 සියවස මුලදී චෛත්‍යයයේ කරපු නව ඉදිකිරීම් වගයක් කඩා වැටිලාත් තියෙනවා. ඒ නිසා විවිධ දුෂ්කරතා මධ්‍යයේ තමා මේ කාර්යය වෙලා තියෙන්නේ.
මම හැමපාරම රුවන්වැලිසෑය වඳින්න ගියාම අව්ව තියෙන තැනකට ගිහින් චූඩා මාණික්‍ය දිළිසෙන හැටි බලන්න පුරුදු වෙලා ඉන්නේ... කොච්චර ගියත් එපා නොවන තැනක්.. හැබැයි මම හිතුවේ ඒ සෑයට ඕන කරන හැමදේම ලංකාවෙන්ම හොයා ගන්න ඇති කියලා
ReplyDelete@ අනූ
Deleteඑහෙම බලාගෙන ඉද්දී තමා සමහරු කියන්නේ බුදු රැස් විහිදුණා කියලා. අනේ මන්දා ඒ ගැන නම්. රුවන්මැලි සෑයේ වගේම මිරිසවැටියේ කටයුතුවලත් විදෙස් බෞද්ධයන්ගෙන් උපකාර ලැබිලා තියෙනවා...
Godak pin, Godak watina lipiyak,oyage blog ekata awama anith hama thanatama wada godak frindly environment ekak danenawa, e wagema godak watina lipi thiyena thanak, Thanks Hasitha -- Chaminda
ReplyDelete@ Chaminda
Deleteබොහොම ස්තුතියි අගය කිරීම සම්බන්ධ. ඉදිරියට රැඳී ඉන්න :)
මුලින්ම නොකියනවායි කිව්ව ටික..
ReplyDeleteසර්වඥ ධාතු පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
නාග ලෝකය කියන්නෙ නයි හිටපු ලෝකයක් නෙමේ නේද? නාග ගෝත්‍රයේ ජනතාව හිටපු තැනක් වෙන්නැති.. හැබැයි නයා නාගලෝකෙන් බුලත් ගෙනාවා කියලත් කියනවානෙ..
එතකොට චෛත්‍යය ඇතුළේ බෝධියක් තියෙනවාද? හිරුඑළිය නැතිව වැඩෙන්නේ කොහොමද?
අනුරාධපුරයෙන් පසු කෝට්ටෙ යුගය දක්වාම රජ කළේ බෞද්ධ රජවරු. ඒත් ඇයි මේ වගේ වටිනා පූජනීය ස්ථානයක් අභාවයට යන්න දුන්නෙ..?
අභාවයට ගිහින් පස් ගොඩක් බවට පත්වෙලා තිබූ චෛත්‍යයේ මුල් හැඩරුව සොයාගත්තේ කොහොමද?
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, බුරුම ජාතික යූ. විනයාලංකාර හිමි, මෙවැනි විදේශීය හාමුදුරුවරුන්ගේ නම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ලියවෙන්නේ ඇයි?
@ හරී
Deleteසර්වඥ ධාතු කියලා හඳුන්වන්නේ බුදුන් වහන්සේගේ ශරීර කොටස්. බුදුන් වහන්සේ සියල්ල දත් නිසා උන්වහන්සේට "සර්වඥ" යන යෙදුම භාවිතා කරන නිසා තමා සර්වඥ ධාතු නමින් හඳුන්වන්නේ. බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් විවිධ අවස්ථාවල තමන් වහන්සේගේ කෙස් [කේශ ධාතු] ලබාදීපු අවස්ථා තියෙනවා. ඒවාත් සර්වඥ ධාතුම තමා. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ශ්‍රී දේශය ආදාහනය කරනවා. ආදහනයෙන් පසුව ඉතුරු වුණු ශරිර කොටස් තමා වර්තමානය දක්වාම සර්වඥ ධාතු වශයෙන් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වෙන්නේ. ඒ ශරීර කොටස්වල අස්ථි කොටස්, දත් වගේ ඒවා ඇතුලත් වෙනවා.
නාග ලෝකයේ කතාව නම් ටිකක් මතභේදාත්මකයි. බෝසතාණෝ බුදු වෙන්න කලින් සුජාතාව කිරිපිඬු පිදුව රන් පාත්‍රය නේරංජනා නදියේ පා කළාම ඒක ගියා කියන්නේ නාග ලෝකයට. ඒ වගේමයි තවත් සාහිත්‍ය කතා කීපයකම කියවෙන විදිහට පොළොව අභ්‍යන්තරයේ තමා නාග ලෝකය තියෙන්නේ... නාග ලෝකයේ හිටපු අය ඇත්ත නයි කියලා තමා කියන්නේ. හැබැයි එයාලට මිනිස් ස්වරූප මවාගන්න පුලුවන්කම තියෙනවා. කැලණියේ, නාගදීපයේ හිටියා කියන්නේත් නාගයෝ. හැබැයි එයාලා නාග ගෝත්‍රිකයෝ කියලයි පිළිගැනෙන්නේ.
චෛත්‍යය අභ්‍යන්තරයේ තියෙන බෝ ගහ ඇත්ත එකක් නෙමේ. ඒක සත් රුවනින් කරපු බෝ ගහක්. ඒ බෝගහ සෙවණේ බුදු රුවක් වගේම තවත් බුදු සිරිත එක්ක සම්බන්ධ ප්‍රතිමා වගේම තවත් වටිනා පූජා භාණ්ඩ රැසක් දුටුගැමුණු රජතුමා කරවලා ධාතු ගර්භයේ තැන්පත් කළාය කියලා තියෙනවා. වැඩි විස්තර මම භාගත කරන්න දීපු රුවන්මැලි සෑ කෘතියේ තිබෙනවා.
කෝට්ටේ යුගයේ පමණක් නෙමේ මහනුවර යුගයේ හිටිය නායක්කර් රජවරුන් පවා බෞද්ධයන්. ඒත් ක්‍රම ක්‍රමයෙන් රජවරුන් ප්‍රබල අය නොවෙද්දී වරින්වර විදෙස් ආක්‍රමණවලට මූණ දෙද්දී අභ්‍යන්තරයෙන් වගේම බාහිරිනුත් රාජ්‍යයට තර්ජන එල්ල වෙද්දී ආගමට කළ යුතු සේවය අතපසු වෙනවා. ඒ වගේමයි රුවන්මැලි සෑය වගේ යෝධ චෛත්‍යයක් නැවත පිළිසකර කරවන එක විශාල කාර්යයක්. එවැන්නක් කිරීමේ හැකියාව අවසන් කාලයේ රජවරුන්ට තිබුණේ නැහැ.
අර කලින් කිව්ව හේතුත් එක්ක ඔවුන් කළේ තමන් හැකි අයුරින් සාසන අනුග්‍රහ කිරීම විතරයි. පරිහානියට ලක්වුණු අනුරාධපුර පොළොන්නරු පූජනීය නගර පිළිසකර කිරීමක් අවසන් වරට ක්‍රමවත්ව වෙන්නේ දඹදෙණි යුගයේ පමණයි.
චෛත්‍යයේ මුල් හැඩරුව හොයාගන්න සාහිත්‍ය මූලාශ්‍රවල කරුණු වගේම ඒ වෙනකොට හමුවුණු දාගැබේ වට ප්‍රමාණය ආදිය පාදක කරගෙන තියෙනවා. ඒ අනුව ගර්භයේ වට ප්‍රමාණයත් එක්ක උස ගණනය කරලා තියෙනවා. මම ඇතුළත් කරලා තියෙන රුවන්මැලි සෑ සැලසුමෙන් ඒ ගැන දළ අදහසක් ගන්න පුලුවන්
ඒකට හේතුව තමා ඒ ගම් ලාංකිකයන්ට නුහුරු වෙන එක. විනයාලංකාර හාමුදුරුවන්ගේ නමේ යූ අකුරින් කියන්නේ ගමේ නම වෙන්න ඕනේ. ඒක උච්චාරණය අපිට අපහසු නිසා වෙන්න ඕනේ එහෙම කෙටි කරලා තියෙන්නේ. මහින්ද හිමියන්ගේ නම් එස්' අකුරෙන් කියන්නේ "සිකීම්" කියන එක..
@ hasitha,
Deleteබොහොම ස්තුතියි!
වටිනම වටින ලිපියක්,නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා...... බලනකොට ඉංග්‍රීසි ජාතිකයනුත් බුදු දහම නගා සිටවන්න උදවු කරල තියෙනව, බුරුම ජාතිකයන්ටත් අපි ස්තූතිවන්ත විය යුතුයි....
ReplyDelete@ Kushi
Deleteඒක ඇත්ත. ඉංග්‍රීසින් පුරාවිද්‍යාව නාමයෙන් පුරාවස්තු මංකොල්ල කෑවා කියලාත් මතයක් තියෙනවා නොවැ. ඒ මොනවා වුණත් ඉංග්‍රීසීන්ගෙන් වගේම යුරෝපීයන්ගෙන් බුදු දහමට වගේම අපේ උරුමය සුරකින්න ලොකු දායකත්වයක් ලැබිලා තියෙනවා. නම් වශයෙන් කීපයක් දැක්වූවොත්,
ලන්දේසි ජාතික ප්‍රන්සුවා වැලන්ටයින් - මහියංගණ ස්ථූපයේ මැණීම් කටයුතු කිරීම
රැල්ෆ් බැක් හවුස් - අනුරපුර නටබුන් සොයාගැනීම
එම්.එච්. ෆේගන් - පොළොන්නරු නටබුන් සොයාගැනීම
මේජර් ජොනතන් ෆෝබස් - සීගිරිය සොයාගැනීම
ජේම්ස් ස්මිදර් - අනුරපුර නටබුන්වල සැලසුම් ඇඳීම
විලියම් ග්‍රෙගරි ආණ්ඩුකරු - කෞතුකාගාරය පිහිටුවීම, සෙල්ලිපි සංග්‍රහයක් නිකුත් කරවීම, පුරාණ වැව් පිළිසකර කරවීම, රුවන්මැලි සෑ සංවර්ධනයට දායක වීම
ආතර් ගෝර්ඩන් ආණ්ඩුකරු - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීම
බෙල්, අයර්ටන්, හෝකාර්ට් - පුරාවිද්‍යා කොමසාරිස්වරුන් ලෙස
ලොකු සේවයක් කරලා තියෙනවා...
හසිතට හැමදාම වගෙ අදත් පින් අනුමෝදනා කරනව මේ පින්කමට!
ReplyDelete@ Anonymous August 15, 2012 10:10 AM
Deleteඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා :)
මාත් හිතාගෙන හිටියේ චූඩා මාණික්‍යයේ තියෙන්‌ෙන් වාණිජ වටිනාකමක් නැති දේවල් කියලා... මොකද මේතරම් කාලයක් පරිස්සම් වෙලා තියෙන්නේ නෑ නේ මේ රටේ එහෙම දෙයක්...
ReplyDeleteමාත් හරිම ආසාවෙන් බලන කතා ගොඩක් මේ බ්ලොග් එකේ තියෙනවා... ඉතිහාසය මම ආසම විශයක්... කමෙන්ට් දාන්නේ නැති උනත් බුක්මාක් කරගෙන මේ දවස් ටිකේම බලනවා....
දැන් ආයිත් රැවන්මැලි සෑය ළඟට ගියාම මට මේ ටිකත් මතක් කරන්න පුළුවන්... මොකද මේ වගේ දේවල් අමතක වෙන්නේ නෑ නේ... ගොඩක් වෙලාවට කරනවා වගේ අනිත් අයටත් කියන්න පුලුවන්.... ගොඩක් ස්තූතියි....
@ හිරු
Deleteවර්තමාන චෛත්‍යවල චූඩා මාණික්‍යය නම් එච්චර වටිනාකමක් නැහැ තමා. ඒත් රුවන්මැලි සෑය සුවිශේෂී ස්ථූපයක් නිසාමයි මේ ආකාරයෙන් වටිනාකමක් චූඩා මාණික්‍යයට ස්වර්ණමය ආධාරකයට තියෙන්නේ...
මේ බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයෙක් හඳුනාගැනීම ගැනත් සතුටුයි වගේම ඒ ගැන ස්තුතියි ඔබට. ඔයා කිව්වා වගේම අනිත් අයටත් මේ කතාව කියන්න ඒක තමා වටිනාම දේ...
@ වේළුසුමන මහසෙනවි
ReplyDeleteඔබ ලියූ සටහන මම කියෙව්වා. දුටුගැමුණු යන නම සම්බන්ධව මේ කරුණු කීපය එකතු කරන්න කැමතියි.
"මේ ලිපිය ලියූ රචකයාගේ අවධානයට ලක් වී නොමැති කරුණු කීපයක් ගැන මතක් කරන්නම්.
මහාවංසයේ 22 වන පරිච්ඡේදයේ 70,71 ගාථාවල දැක්වෙන පරිදි කාවන්තිස්ස රජතුමා තමන්ගේ වැඩිමහල් පුතුට නම තබන්නේ මාගම් රාජ්‍යයේ තමන්ගේ ප්‍රධානීත්වය හඟවන "ගාමණී" සහ තම පියාගේ නම වූ "අභය" යන දෙකොටස එක් කරමින් "ගාමණී අභය" ලෙසයි.
ඒ බව සනාථ වන තවත් සාධකයක් වන්නේ කොසවකන්ද ලිපියේ දැක්වෙන පරිදි " මහරජහ ගාගණී අබයහ දෙවනපියස" නමින් හැඳින්වෙන දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය මහරජු" දුටුගැමුණු රජු බවයි නිගමනය කෙරෙන්නේ.
මේ නිසා නිවැරදිව යෙදුම මම විශ්වාස කරන විදිහට ගාමිණී අභය නොව "ගාමණී අභය" යි.
ඒ හැරෙන්නට ලේඛකයා දක්වන
"එය එකල එළාර රජ සහ ඔහුට පක්ෂපාත පිරිස් විසින් ගාමිණී අභය රජතුමා ගැන "ජන අප්‍රසාදයක්" ඇති කිරිමග පිණිස ප්‍රචාරය කරන ලද්දක්.."
මේ කරුණ ගැන යමක් කිවහොත් මහාවංසය එයට මනා පිළිතුරක් සපයා ඇති බවද දැක්විය යුතුයි.
මහාවංසයේ 26 වෙනි පරිච්ඡේදයේ 3-7 ගාථා දක්වන පරිදි ගාමණී කුමරු ද්‍රවිඩයන් සමඟ යුධ වදින්නට කීප වරක් පියරජතුමාගෙන් අවසර ඉල්ලා එය නොලැබුණු තැන "පියා පිරිමි වෙසින් සිටී" කියලා ස්ත්‍රී ආභරණ යවා පසුව රජතුමාගේ අණින් රාජපුරුෂයන් කුමරු අල්ලන්න එද්දී කඳු රටට පලා ගිය නිසා "පියාණන් කෙරෙහි දුෂ්ට වූ නිසා දුෂ්ට ගාමණී [දුට්ඨගාමිණී] යනුවෙන් හැඳින්වූ බවයි කියවෙන්නේ...
එනිසා මෙවැනි කරුණු ගැන මත පළකිරීමේදී ප්‍රාථම්ක මූලාශ්‍ර කියවීමද සිදු කරන්නේ නම් මැනවි.
ඒ හැරෙන්න මේ යෙදුම ගැන පළවී තීබෙන තවත් මතයක් වෙන්නේ "දුට්ඨ" යන පදයෙන් ජ්‍යෙෂ්ඨ යන අරුත දනවනවා විය හැකි බවයි..."
මෙවැනි පොස්ට් දානවට ඔයාට ගොඩක් පින්
ReplyDelete@ කෝරලේ මහත්තය
Deleteකෝරලේ මහත්තයාගේ පිනත් ඔන්න අනුමෝදන් කරගත්තා...
බුදු අම්මෝ කොලුවො ඔය මැණික් ගැනයි ඒවායේ වටිනාකම් ගැනයි ප්රࢢසිද්ද කොරන්න එපා ! හෙට වෙනකොට පත්තරේ තියෙය් ඒවත් ගලවාගෙන ගිහින් කියල.
ReplyDeleteඅම්මප මම හැමදාම කියන්නේ මේ දේෂප්රේමී බත් කන හරකුන්ට වඩා සුද්ද හිටියනං බුද්ධාගමට මීට වඩා හොඳ කලක් යනවා !
@ චාමර
Deleteඔව් ඔව් අයියේ ඒවා නම් කියන්න බෑ තමා.... ඔයා අන්තිමට කිව්ව කතාවෙත් ගත යුත්තක් තියෙනවා කියලා මටත් කාලෙක ඉදන් හිතෙන දෙයක්...
පරක්කු වෙලා උනත් වටින ලිපියක් කියෙව්වේ. දැන් මාස 3 ක ටි විතර කලින් අපි අනුරාධපුරේ ගියා අභයගිරිය ප්‍රතිසංස්කරණ වැඩවලට සහභාගි වෙන්න.ඇත්තමට මිනිස්සු පුදුම උන්නදුවකතින් ඒ ශ්‍රමදානයට සහභාගි වුනේ. හසිතගේ ලිපිය කියෙව්වම ඒ පින් කමත් මතක් වුනා.
ReplyDeleteහසිත දිගමට ලියන්න....අලුත් ලිපියක් එනකම් බලන් ඉන්නේ
@ දගකාරී
Deleteබොහොම වටිනා කියන පිංකමකට තමා ඔයාලා සම්බන්ධ වෙලා තියෙන්නේ. මටත් යන්න ලොකු උවමනාවක් තියෙනවා අභයගිටියේ ගඩොල් අදින වැඩේට.
පිංකම් කියන ඒවා මතක් කරද්දිත් සතුටු වෙන්න පුලුවන් නම් වඩාත් හොඳයි. මතක ඇතිනේ දුටුගැමුණු රජතුමා මරණාසන්න මොහොතේදී පිං පොත කියවලා සතුටු වුණු හැටි.
ලිපියේ වගේම ප්‍රතිචාර වලත් ගොඩාක් වටින කරුණු තිබුනා. මමත් ආසම විෂයක් තමයි ඉතිහාසය කියන්නේ. ඉතිහාසය විකෘති කරන බ්ලොග් තියන කාලෙක ඔයා කරන්නේ වටිනාම වැඩක්. නියම තොරතුරු අන්තර්ජාලයට එක්කිරීම. බොහොම ස්තූතී. :)
ReplyDelete@ Yohan Kanishka | යොහාන් කණිෂ්ක
Deleteඉතිහාස්ය විකෘති කරන අයගේ වැඩවලටත් පුලුවන් විදිහට එරෙහි වෙනවා. ඒ වගේමයි මේ වගේ කටයුතුත් කරනවා. අපෙන් විය යුතු දේ ඒකයි කියලා තමා මගේ විශ්වාසය. ස්තුතියි අගය කිරීමට.... :)
හරිම අගේ ඇති සටහන. කියවද්දී මගේ ඇඟට දැනෙන දේ උඹට තේරුං කරලා දෙන්න මං දක්ෂ නෑ. සරලව කිව්වොත් ඇඟේ මයිල් කෙලිං වෙනවා ඒ ප්‍රබෝධය දැනෙද්දී.
ReplyDeleteඋඹට පිං!
@ වන්නි
Deleteඕකට කියන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය කියලා මයේ හිතේ... :)
"If a man does his best, what else is there?"
ReplyDelete@ deshapriya nanayakkara
Delete:)
ගොඩක් වටින ලිපියක්. බොහොම පිං
ReplyDelete@ de silva
ReplyDeleteඔබේ පිනත් අනුමෝදන් කර ගත්තා ඕන් :)
නියමයි.....
ReplyDeleteමගේ ආච්චිඅම්මා මේ කොත පැලදවිමේ පින්කමට සහභාගී උනා කියල මට පොඩි කාලේ කිව්වා මතකයි.
@ Darshana Prabhath
Deleteඅනිවාර්යෙන්ම. ඒ කාලේ හිටිය බෞද්ධයෝ ගොඩක් මේ පින්කමට සහභාගි වෙන්න ඇති. ආච්චි අම්මත් වාසනාවන්තයි
@ kottegoda veranga
ReplyDeleteස්තුතියි දැනුවත් කිරීමට :)
ඔබ කැමති නම් බෙෘද්ධ පැරණි අප්‍රකට කතා හා සම්බන්ධ ලිපි ඔබේ නමින් පුවත්පතක පළ කර දෙන්නට පුළුවන්. කැමති නම් dulanjaleemuthuwadige@ymail.com මගින් මා අමතන්න.
ReplyDeleteHasitha අපිව දැනුවත් කලාට ගොඩක් පින්.
ReplyDeleteහසිතගෙ මේ ලිපිය දැක ගන්න හැකි වුනේ අහමිබෙන් මේ දැනුයි . ජයවේවා හසිත
ReplyDeleteහසිතගෙ මේ ලිපිය දැක ගන්න හැකි වුනේ අහමිබෙන් මේ දැනුයි . ජයවේවා හසිත
ReplyDeleteබොහොම පින් මේ ලිපියට, තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා...
ReplyDelete