1815 ශ්රී වික්රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට ලක්වීමත් උඩරට රදළයන්ගේ සහය ඇතුළු කන්ද උඩරටත් ඉංග්‍රීසීන් අල්ලාගන්න සමත් වුණු නිසාත් ඒ වර්ෂයේ ඉදන් මුලු ලංකාවම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නායකත්වයෙන් පාලනය වීම ආරම්භ වෙනවා.
ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්
කන්ද උඩරට රජ කාලේ තිබුණු පාලන ක්‍රමයම ස්ථාපනය කරලා ප්‍රධාන අදිකාරම්වරු දෙදෙනා යටතේ දිසාවේවරු වගේම අනිත් නිලධාරීන් පත් කරලා තිබුණත් උඩරට නේවාසික නියෝජිතයා වුණු ජෝන් ඩොයිලි අතේ තමා අවසන් බලය රැදිලා තිබුණේ..
මේ විදිහට ටික දවසක් යනකොට රදළ නායකයන් වගේම ප්‍රධාන භික්ෂූන් වහන්සේලා අතරත් නොසන්සුන්තාවයක් ඇතිවුණා කියලා කියන්න පුලුවන්. මේකට බලපාපු කරුණු කීපයක්ම දැකගන්න පුලුවන්.
මූලික කරුණ විදිහට මම හිතන්නේ උඩරට නායකයන්ව ඉංග්‍රීසින් විසින් බරපතළ රැවටීමකට ලක් කිරීම. මොකද ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයට රදළයන් සහය දෙන්නේ කෲර රජතුමා බලයෙන් පහ කරලා යහපත් සිංහල පාලනයක් ඇතිකරන්න ඉංග්‍රීසීන් සහය දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියනවා වගේ ඉංග්‍රීසින් උඩරට සිංහලයන්ට එහෙම භාර දෙන්න කල්පනා කළේ නැහැ.
ඒ වගේම තවත් හේතුවක් තමා උඩරට රදළ බලය ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම ක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තු එක.
තව හේතුවක් විදිහට දක්වන්නේ උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තිය වුණු "මෙකී රටවල්වල [සිංහලේ] මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතු සංඝයාද විහාර ස්ථානද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ." ඉංග්‍රීසීන් නිසියාකාරව ඉටු නොකිරීම
මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් රජතුමා
අනෙක් කාරණය විදිහට මට හිතෙන්නේ උඩරට මිනිස්සු අනාදිමත් කාලයක ඉදන් තමන්ගේ ඇහැට දකින්න ලැබුණු රජතුමෙක්ටයි ගරු කළේ තමන්ගේ පාලකයා විදිහට. ඒ රජතුමා තමන්ගේම මනුස්සයෙක් වුණු නිසා තමන්ගේ දුක් ගැනවිල්ලක් වුණත් රජතුමාට කියන්න පුලුවන් කියන විශ්වාසේ මිනිස්සුන්ට තිබුණා. ඒත් අලුත් රජතුමා වුණු මහා බ්‍රිතාන්‍යයේ III ජෝර්ජ් ඇහැට දක්න්න බැරි තමන්ගේ භාෂාව කතා නොකරපු මනුස්සයෙක් වීමත් ප්‍රශ්නයක් වෙන්න ඇති.
කැරැල්ලට ආසන්නතම හේතුව වෙන්නේ 1817 දී හජ්ජි මුහන්දිරම් නමින් වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් අයෙක් මුහන්දිරම්වරයෙක් පත්කිරීම. මේ හජ්ජි මුහන්දිරම්ව මරා දැමීමෙන් සහ ඊට පස්සේ බදුල්ලේ ඒජන්ත විල්සන්ව මරා දැමිමෙන් තමා උඩරට මහ කැරැල්ල පටන් ගන්නේ.
මේ කැරැල්ල සම්බන්ධව කතා කරන්නවත් කැරැල්ලට මුල්වුණු හේතු කතා කරනවත් නෙමේ මේ සටහන ලියන්නේ. ඒක නිසා ඒ කරුණු බොහොම සාරාංශ ගත කරලා තමා කතා කෙරෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. මේ සටහනෙන් මූලිකව කතා කරන්නේ කැප්පෙටිපොළ දිසාවේ සහ කැරැල්ලේ මූලිකයා විදිහට කතා කෙරෙන ව්‍යාජ රජතුමා ගැන.
ව්‍යාජ රජතුමා ගැන මුලින් කතා කළොත් කැරැලිකරුවන්ගේ උද්‍යෝගයට හේතුවෙන විදිහට වගේම මහජන පක්ෂපාතීත්වය දිනාගන්න සූර්ය වංශික රාජ ලේ තිබෙන කුමාරයෙක් විදිහට පෙනී සිටින්නේ දොරේසාමි නමින් හඳුන්වපු පුද්ගලයා. ඔහු රාජාධිරාජසිංහ රජතුමාගේ මස්සිනා විදිහටත් ඒ වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නෑයෙක් වුණු කලුනායක්කර්ගේ පුතෙක් විදිහටත් තමා කැරලි නායකයන් විශ්වාස කළේ. ඒ අනුව අභිෂේක මංගල්‍යයක් පවත්වලා වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල නමින් රාජ්‍යත්වයට පත් කරන්නත් කැප්පෙටිපොළ ඇතුළු පිරිස කටයුතු කරනවා.
විශේෂම කරුණක් විදිහට දක්වන්න පුලුවන් වෙන්නේ වීර වික්‍රම ශ්‍රී කීර්ති මහ වාසල ඇතුලු කැරලි නායකයන් කැරැල්ල සිදු කරන්නේ තමන්ට ඒ සඳහා කතරගම දෙවියන්ගෙන් වරමක් ලැබුණු බව දක්වමින්. ව්‍යාජ රජු හිටිය සෑම ස්ථානයකටම රැගෙන ගිය කතරගම දේවාලයෙන් වැඩම කෙරවුණු දේවාභරණ කීපයක් වියන් යට තබමින් පුද සත්කාර කල බව කියවෙනවා.
සංග්‍රාමික දෙවි කෙනෙක් විදිහට කතරගම දෙවියනට ලැබී තිබුණු පිළිගැනීමත් එක්ක මේ කතරගම දේව වරම පිළිබඳ කතාව පැතිරුණා කියන එක හිතන්න පුලුවන්.
මේ ව්‍යාජ රජතුමා රජ වාසළ නිලධාරීන් පත් කරනවා වගේම දිසාවේවරුත් පත් කරන්න කටයුතු කරනවා. ඒත් අවසානයේදී ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ ව්‍යාජ රජතුමාගේ දෙවෙනි අදිකාරම් විදිහට පත් කරලා තිබුණු මඩුගල්ලේ මහ නිලමේ විසින් මොහු රාජ උරුමයක් නොමැති විල්බාවේ නම් සිවුරු හළ අයෙක් බව සොයා ගැනීමත් එක්ක.
මඩුගල්ලේ නිලමේ ව්‍යාජ රජතුමාව වගේම කැප්පෙටිපොළ මහ නිලමේත් දුම්බරදී අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. එතනින් හංවැල්ලට අරන් ගිය හංවැල්ලේ අටුවේ සිරකර ඉන්න කොහොම නමුත් ව්‍යාජ රජතුමා එතනින් නුවර කලාවියට පලා ගිහින් විවාහ වෙලා දරු පවුලකුත් එක්ක ඉද්දී තමා 1830 අල්ලා ගන්න ඉංග්‍රීසීන් සමත් වෙන්නේ.
ඒ මොහු අල්ලා දෙන අයෙක්ට ත්‍යාගයක් දෙන බව කියලා තිබුණු නිසා හාරිස්පත්තුවේ භගවා ගල්ලෙනේ විසූ පුස්සේගොඩ උන්නාන්සේ වැද්දෙක්ගෙන් විල්බාවේ ගැන තොරතුරු දැනගෙන ඒවා ඉංග්‍රීසින්ට ලබාදීමෙන්. 1830 මාර්තු 23 විල්බාවේ කලාගන් තුලානේ දලුදොඹ වැව ගමේදී අල්ලා ගන්න ඉංග්‍රීසීන්ට පුලුවන් වෙනවා.
පස්සේ 1830 ජූලි ඉදන් 1832 දක්වා කෙරුණු විවිධාකාරයේ සාකච්ඡා ගණනාවකින් පස්සේ ඉංග්‍රීසි පාලකයන් තීරණය කරනවා විල්බාවේට නිදහස ලබාදෙන්න.
ඒකට හේතුවෙන්න විල්බාවේ දුන්නු සාක්ෂිය වගේම විත්තිකරුට පක්ෂව තිබුණු අනෙකුත් සාක්ෂි සලකලා බැලීමෙන්. විල්බාවේගේ සාක්ෂිය කෙටියෙන් දක්වන්නම්.
විල්බාවේ කියන්නේ මෙහෙම කතාවක්.
තමන් භික්ෂුවක් විදිහට අල්ගම උන්නාන්සේ සහ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් පස් නමක් එක්ක කතරගම වන්දනා කරලා දඹුල්ලට යන්න මහියංගණය හරහා එද්දී වැදි පිරිසක් එක්ක ආපු කිවුලේගෙදර මොහොට්ටාල තමන්ව අල්ලා ගෙන සිවුරු හරවලා ගිහි ඇඳුම් අන්දවනවා. පස්සේ විල්බාවේව රජතුමා නමින් හඳුන්වපු පුද්ගලයෙක් ගාවට ගෙනියනවා.
ඒ පුද්ගලයා විල්බාවේව රජ පවුලට අයත් කෙනෙක් විදිහට දක්වන්න ගියත් විල්බාවේ අකමැති වීම නිසා ඔහු විල්බාවේව මුණින් අතට දිගා කරවලා තලලා දඬුකඳේ ගහලා තියෙනවා. අවසානයේදී ඒ රජු විදිහට ඉන්න කෙනා වැද්දෙක් විදිහට වෙස් වලා ගැනීමත් එක්කම විල්බාවේව මාළිගයට ඇතුල් කරලා අවසානයේදි කැප්පෙටිපොළගේ මූලිකත්වයෙන් විල්බාවේට කිරුළු පැලැඳවීමත් සිදුවෙනවා.
ඒත් අවසානයේදී තමන්ගෙන් පළමු අදිකාරම්කම ඉල්ලපු මඩුගල්ලේට විල්බාවේ තමන් ගැන ඇත්ත කරුණු හෙළි කිරීමත් එක්ක මඩුගල්ලේ විල්බාවේව අත් අඩංගුවට ගන්නවා.
ඉතින් මේ කතාවත් එක්ක ඉංග්‍රීසීන් තීරණය කරන්නේ අනුන්ගේ පෙළඹවීම මත විල්බාවේව රජු විදිහට පත් කරගත්තු බවත් ව්‍යාජ රජතුමා නිකුත් කළ නියෝග සැබවින්ම නිකුත් කරන්න ඇත්තේ කැප්පෙටිපොළ ඇතුළු නායකයන් කියලා. මේ අනුව බලද්දී විල්බාවේ නිදහස් කිරීමේ කිසියම් සාධාරණ පැත්තකුත් පේන්න තියෙනවා.
කැප්පෙටිපොළ මහ දිසාවේ
මේ කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් කැප්පෙටිපොළ පරම්පරාව ගැනත් කියන්න ඕනේ.
18 වන සියවසේ මුල් භාගයේ බත්වඩන නිළමේ, දියවඩන නිළමේ, මාතලේ, තමන්කඩුව හා සත් කෝරළේ දිසාවේ තනතුරු දරපු රාජපක්ෂ වික්‍රමසේකර [පසුව වාසගම වික්‍රමසිංහ බණ්ඩාරනායක] මුදියන්සේ රාළහාමි තමන්ගේ නිජ භූමිය වුණු සතර කෝරළේ කැප්පෙටිපොළ ඉදන් මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිලට ඇවිත් මොනරවිල තමන්ගේ වාස භූමිය කරගන්නවා. එහෙම තමා මොනරවිල කියලා කොටසකුත් කැප්පෙටිපොළ පරපුරට එකතු වෙන්නේ.
වික්‍රමසේකර මුදියන්සේ රාළහාමිගේ පුත්‍රයා වුණු ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ රාජාධිරාජසිංහ රජතුමාගේ දියවඩන නිළමේ විදිහට කටයුතු කරනවා. මේ නිළමේ විවාහ වෙන්නේ මොනරවිල කුමාරිහාමිත් එක්ක. ඔවුන්ගේ දරුවෝ වුණේ වැඩිමහල් පුතා මොනරවිල කැප්පෙටිපොළ සහ දියණිය පසුකාලෙක ඇහැලේපොළ මහාදිකාරම් හා විවාහ වුණු ඇහැලේපොළ කුමාරිහාමි.
කැප්පෙටිපොළ මහ දිසාවගේ අත්සන
1815 ඉංග්‍රීසීන්ට උඩරට යටත් වීමත් එක්ක ඒ සඳහා පිළියෙල කෙරුණු උඩරට ගිවිසුමේ සිංහලෙන් අත්සන් කරන රදළයන් කීප දෙනාගෙන් එක් කෙනෙක් වෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. ඌවේ දිසාවේ විදිහට තමා එතුමා කටයුතු කරන්නේ. මේ අතරවාරයේදී තමා 1818 මහ කැරැල්ල පටන් ගන්නේ.
1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ අලුපොත ප්‍රදේශයේදී කැරලිකරුවන් සමඟ එකතු වෙන්නේ. 5000 ක විතර පිරිසක් එක්ක ගමන් කරපු කැප්පෙටිපොළට කොහුකුඹුරේ රටේරාළ හෝ බූටෑවේ රටේරාළ හමුවෙනවා.
එහිදී රටේරාළ මහ දිසාවේගෙන් ආයාචනය කරනවා අඳුරේ තියෙන රට ආලෝකමත් කරන්න පහළ වෙලා ඉන්න රජතුමාට එකතු වෙන්න කියලා. මේ ඉල්ලීමත් එක්ක තමන්ගේ පිරිසත් එක්ක කැරලිකරුවන්ට කැප්පෙටිපොළ නිළමේතුමා එකතු වුණා වගේම තමන් එක්ක හිටිය ඉංග්‍රීසි සොල්දාදුවන් ඔවුන්ගේ ආයුධත් එක්ක නිරුපද්‍රිතව පිටත් කරන්නත් එතුමා කටයුතු කරනවා.
වීර වික්‍රම කීර්ති ශ්‍රී මහවාසළ රජතුමාගේ පල්ලේගම්පහ අදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය කැප්පෙටිපොළ මහා දිසාවේට පිරිනැමෙනවා
කැප්පෙටිපොළගේ මේ වෙන්වීමෙන් ඉංග්‍රීසින්ට ලොකු භයක් ඇතිවෙනවා උඩරට රදළයන් හුඟ දෙනෙක් කැප්පෙටිපොළගේ නෑදෑයන් වීමත් එක්ක ඔවුනුත් කැරලිකරුවන්ගේ පක්ෂෙට එකතු වෙයිද කියන එකෙන්. ඇහැලේපොළ මහ නිලමේ කැප්පෙටිපොළගේ මස්සිනා වීමත් මෙහිදී විශේෂයි. මේ නිසාමයි ඇහැලේපොළ මහ නිලමේව කොළඹට පිටත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ.
1818 ජනවාරි 1 ආණ්ඩුකාරයා කැප්පෙටිපොළ නිළමේ ඇතුළු තවත් රදළ නායකයන් 17 දෙනෙක් කැරලිකරුවන් එක්ක එකතු වුණු නිසා තනතුරුවලින් නෙරපලා දේපළ රාජසන්තක කරනවා.
ඉංග්‍රීසීන් මාර්තු 19 නිකුත් කරපු ආඥාවක් අනුව රාජද්‍රෝහී වුනු කැප්පෙටිපොළ නිළමේ අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 2000 කුත් අනෙක් ප්‍රධාන කැරලි නායකයන් වුණු මඩුගල්ලේ නිලමේ සහ පිළිමතලාවේ නිලමේවරු අල්ලා දෙන අයෙකුට තාරකා පගෝදි 1000 බැගිනුත් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා
මේ අතරවාරයේ වාරිපොළ සුමංගල හිමියන්ගේ අනුග්‍රහයෙන් දළදාව තමන් යටතට ගන්න කැප්පෙටිපොළ නිළමේතුමා සමත් වීමත් එක්ක හඟුරන්කෙතදී දළදාව ප්‍රදර්ශනය කරපු කැප්පෙටිපොළ නිළමේතුමා තමන්ගේ රජුගේ උරුමය තහවුරු වී තිබෙන බවත් ජයග්‍රහණය අත ළඟ බවත් දක්වනවා.
දළදා ප්‍රදර්ශනයේ තිබෙන වැදගත්කම තමා මේ වගේ අවස්ථාවක මහජන පක්ෂපාතීත්වය දිනාගන්න පුලුවන් වෙන එක. දඹදෙණියේ රාජ්‍යය කරපු II පරාක්‍රමබාහු රජතුමාත් කාලිංග මාඝ එක්ක යුද්ධයට යන්න කලින් දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමෙන් අපේක්ෂා කලේ මෙදා කැප්පෙටිපොළ නිළමේතුමා අපේක්ෂා කරපු දේම තමා.
සටන් දිගටම යන නිසා උපායශීලී වුණු ඉංග්‍රීසීන් රහස් සාකච්ඡා මඟිනුත් හුඟක් රදළයන් තමන්ට පක්ෂපාතී කරගත්තා වගේ අගෝස්තු 1 ඉදන් සැප්තැම්බර් 20 වෙනකම් පොදු සමා කාලයකුත් ප්‍රකාශයට පත් කරනවා.
ඒත් 1818 අග භාගය වෙද්දී රජතුමා ව්‍යාජ අයෙක් බව හෙළිවීමත් නියම දොරේසාමි කුමාරයා මදුරාසියේ සිටින බව ඉංග්‍රීසීන් ප්‍රචාරය කිරීමත් එක්ක කැරලි හමුදාව බිඳ වැටෙන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 පනවන ලද යුධ නීතියත් එක්කම ඉංග්‍රීසීන්ගේ දැඩි ප්‍රතිපත්ති [හරක බාන, වතු පිටි හැමදේම ගිනි තබලා විනාශ කලාලුනේ] වගේම සූක්ෂම වැඩ නිසාත් කලින් කියපු කැරැල්ලේ හිටපු රදළයන් භේද වීමත් එක්ක කැරැල්ල බිඳ වැටෙනවා.
මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්‍රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක.
ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා
මේ කැරැල්ලේ අසාර්ථකත්වයට බලපාපු තවත් හේතුවක් වෙන්නේ ඒ වෙද්දී පල්ලේ ගම්පහ අදිකාරම් වුණු මොල්ලිගොඩ ඉංග්‍රීසින්ගේ පක්ෂයට දක්වන්න පුලුවන් සෑම උත්සහයක්ම දක්වපු එක.
ඒකත් එක්කම ක්‍රමයෙන් කැරැලි නායකයන් ඉංග්‍රීසීන්ට හසුවෙනවා
ඒ යටතේ ඔක්තෝබර් 28 ලුතිනන් ඔනීල් ඇතුළු කණ්ඩායම නුවර කලාවියේ පරවහගම වලව්වකදී කැප්පෙටිපොළ නිළමේ සහ පිළිමතලාවේ නිළමේ අල්ලගන්න සමත් වෙනවා. ලුතිනන් ඔනීල් වලව්වට ඇතුළු වුණු ගමන් ඔහුගේ අතින් අල්ල ගත්තු කැප්පෙටිපොළ නිළමේතුමා "මම තමා කැප්පෙටිපොළ" කියලා දෙපාරක් කියනවා.
ඒ වෙද්දී පිළිමතලාවේ අසනීප වෙලා ඇඳේ ඉන්නේ. මේ අවස්ථාවේ මඩුගල්ලේ ඇතුළු පිරිසක් පලායන්න සමත් වෙනවා.
කැප්පෙටිපොළ සහ පිලිමතලාවේ නිළමේවරු අල්ලාගත් පලාගල පරවහගම ඉදිකර ඇති ස්මාරකය
ඒත් මීළඟට නොවැම්බර් මාසයේදී හිඟන්නෙක් විදිහට බින්තැන්නේ හිටිය කිවුලේගෙදර මොහොට්ටාලත් ඊටත් පසුව මඩුගල්ලේ නිලමේවත් අල්ලගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා. දළදාවත් නැවත වරක් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වීමත් එක්ක කැරැල්ල අවසන් වෙනවා
අවසානයේදී නොවැම්බර් 13 මහනුවර අණදෙන නිලධාරී කර්නල් කෙලීගේ සභාපතීත්වයෙන් පැවැත්වුණු යුද්ධාධිකරණයෙන් කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිළමේවරුන්ට මරණ දඬුවම නියම කෙරෙනවා. පිළිමතලාවේටත් මරණ දඬුවම නියම කෙරුණත් පසුව මුරුසි දිවයිනට පිටුවහල් කරන්න නියම වෙනවා.
ඒ හැරෙන්න තවත් කැරැල්ලට සම්බන්ධ වුණු රදළ නායකයින් 40 කට විතර මරණ දඬුවම නියම කරනවා වගේම භික්ෂූන් වහන්සේලා 10 නමක් යාපන බන්ධනාගාරයට පිටත් කරනවා
මේ කැප්පෙටිපොළ මහ දිසාවේගේ මරණය සම්බන්ධව ඇසින් දුටු අයෙක් වෙන ඒ කාලයේ පළමු ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා විදිහට කටයුතු කරපු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වෙන Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English දක්වපු සටහනෙන් උපුටා දැක්වීම් කීපයක්.
ඔහු දක්වන විදිහට අන් නිළමේවරුන්ටත් වඩා යුරෝපීයන් එක්ක අවංකව, ශෝභනව, ප්‍රියශීලීව කටයුතු කරපු අයෙක් තමා කැප්පෙටිපොළ නිළමේ. කැප්පෙටිපොළ නිළමේ මුලදීම අත් එන්නත් කර ගත්තු වැදගත් ප්‍රධානියා වුනා වගේම තමන්ගේ දරුවන්ගේත් අත් එන්නත් කරවා ගන්නවා
යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම් නියම වෙලා සිරභාරයේ ඉද්දී මේ වෛද්‍යවරයා කීප වරකම නිලමේතුමාව හමුවෙනවා. බොහොම ශාන්තව හිටිය එතුමා වරක් ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු අපිරිසිදු රෙද්ද පෙන්වලා සිනාසෙමින් කියනවා "මා ඇඳීමට පුරුදුව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නවානේ" කියලා
කැරැල්ල ගැන එතුමා කතා නොකළත් කරුණු දෙකක් සම්බන්ධව තමන් වැරදිකාරයෙක් කියලා කැප්පෙටිපොළ නිළමේ කියනවා. ඒ ව්‍යාජ රජතුමාගෙන් පළමු අදිකාරම් තනතුර පිළිගැනීම සහ සැප්තැම්බර් 20 වෙනකම් තිබුණු පොදු සමා කාලයේදී යටත් නොවීම කියන ඒවා. තමන්ගේ මරණ දඬුවම ඌවේ ඒජන්ත සෝවර්ස් මහතා හරහා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මඟින් පිටුවහල් කරවා ගැනීමකට වෙනස් කරගන්නත් කැප්පෙටිපොළ උත්සහ කළත් ඒක අසාර්ථක වෙනවා.
තමා අවාසනාවන්තයෙක් වුනේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා අසාර්ථක වීමෙන් කියලත් එතුමා කියනවා.
මරණ දඬුවම නියමව තිබුණු නොවැම්බර් 26 අලුයම් කාලයේ කැප්පෙටිපොළගේ සහ මඩුගල්ලගේ ඉල්ලීමට දළදාව වන්දනා කරන්න පිටත් වෙනවා. ඒ අවස්ථාවට කැප්පෙටිපොළ නිළමේගේ හිතවතෙක් වුණු ඌව ඒජන්ත සෝවර්ස් එකතු වෙනවා.
දළදාව වැඩ සිටින මාළිගාවේ එළිපත්තේ ඉදන් වන්දනා කරන කැප්පෙටිපොළ නිළමේ තමන් කරපු පින්කම් ගැන විස්තර කරලා ප්‍රාර්ථනාවක් කරනවා.
ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක
පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා "ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා" කියලා.
ඉතො චතොහං වර ජම්බුදීපේ
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං
හිමාලයේ හෙමමයයහිකූටේ
කප්පායුකො දෙව වසත්වහුත්වා
මෙතත්‍යෙය නාථස්ස සුණොමි ධම්මං
ඒකේ තේරුම තමා මෙයින් මියයන මම උතුම් ජම්බුද්වීපයෙහි හිමාලයෙහි ස්වර්ණ පර්වතයක කල්පායුෂ්ක දිව්‍ය රාජයෙක්ව ඉපිද අවසානයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර නිවන් දකිම්වා කියන එක
පසුව අනුශාසනයක් කරන භික්ෂූන් වහන්සේ දක්වනවා "ඔබ කළ පින්කම් මහත් ඵල මහානිශංස නිසා අහසට දාපු ගල් කැටයක් පොළොවට එනවා වගේ ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා" කියලා.
මහනුවර කෞතුකාගාරයේ තබා ඇති කැප්පෙටිපොළ මහ දිසාවේගේ නිල ඇඳුම
අවසානයේදී තමන්ගේ පිනෙන් කොටසක් සෝවර්ස්ටත් අනුමෝදන් කරවන කැප්පෙටිපොළ නිළමේ තමන් ඉණේ ඔහාගෙන හිටිය තුප්පොට්ටිය ගලවලා "අපිරිසිදු වැරහැල්ලක් වුණත් මා සන්තක එකම දෙය පිදූ නිසා පිනෙන් අඩුවක් නැහැ" කියලා ඒ වස්ත්‍රය දළදාවට පූජා කරනවා.
පස්සේ වධක භූමියට යන්න සෝවර්ස්ටත් නිළමේ කතා කළත් ඔහු එන්නේ නැහැ. මඩුගල්ලේ නිළමේත් මේ විදිහට වන්දනාමාන කළත් භික්ෂූන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ දළදාව වැඩ සිටින මාළිගාවට පැනලා දළදා වහන්සේගේ නාමයෙන් සමාව ඉල්ලනවා.
අවසානයේදී ලුතිනන් මැකන්සි ඇතුලු පිරිස මඩුගල්ලේව වැඩ සිටින මාළිගාවෙන් පිටතට ගන්නවා. යුධ භූමියේ නිර්භීත වුණු තම සගයාගේ මේ හැසිරීම ගැන කැප්පෙටිපොළ නිළමේ කියන්නේ "මඩුගල්ලේ මෝඩයෙකු ලෙස ක්‍රියා කළා" කියලා. සෝවර්ස් ඒජන්තවරයාට අතට අත දීලා සමුගත්තු කැප්පෙටිපොළ නිලමේ ඇතුළු පිරිස වධකභූමියට පිටත් වෙනවා
දළදා මාළිගාවට හැතැම්මක් පමණ දුරින් බෝගම්බර වැව ගාව තිබුණු වධක පිටියට ගිය නිළමේවරුන් දෙදෙනා වතුර ඉල්ලනවා. අවසානයේදී සුලු මොහොතක් ආගම සිහි කරපු කැප්පෙටිපොළ නිළමේ මුහුණ සහ අත් දෝවනය කරලා හිස කෙස් හිස මුදුනේ කොණ්ඩයක් වෙන්න බැඳගෙන කුඩා පඳුරක් ළඟ වාඩිවෙලා ඒක කකුලේ ඇඟිලිවලින් අලාගෙන ඉණේ තිබුණු පුස්කොළ පොත් ධම්මපදයෙන් ගාථා කීපයක් කියවලා ඒ පොත තමාගේ මිත්‍රයා වුණු ඌවේ ඒජන්ත සෝවර්ස්ට තමන්ට දක්වපු මිත්‍රත්වය හා කරුණාව වෙනුවෙන් දෙන්න කියනවා.
නිළමේ පාලි ගාථා සජ්ඣායනය කරද්දී වධකයා බෙල්ල පිටුපසට පහරක් ගසනවා. ඒ අවස්ථාවේදී කැප්පෙටිපොළ නිළමේතුමා "අරහං" කියන බුදුන්ට භාවිතා වන නම කියනවා.
දෙවෙනි පහරෙන් හිස නැති කඳ බිමට වැටෙනවා. පස්සේ බිම දිගා කරපු ශරිරයේ හදවත උඩින් හිස තබනවා.
මඩුගල්ලේ නිළමේ දිගටම බියසුළුකමක් දක්වන නිසා කොණ්ඩය බඳින්නෙත් හිරගේ කංකානම්. අවසානයේදී එක පහරින් තමන්ව මරන්න කියලා අරහං කියන පදය ඔහුත් කියනවා. තමන්ගේ හිස පහත් කරගන්න මඩුගල්ලේට බැරිවුණු නිසා වධකයෙක් බෙල්ල අල්ලගෙන ඉද්දී දීපු පළමු කඩු පහරින් මඩුගල්ලේ පස්සට වැටෙනවා. දෙවෙනි පහරින් තමා ඔහුත් මියයන්නේ.
කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස් කබල
මරණය හමුවේත් කැප්පෙටිපොළ නිළමේතුමා දක්වපු එඩිතර බව නිසා කැප්පෙටිපොළ හිස් කබල වෛද්‍ය ජෝන් මාර්ෂල් විසින් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර තිබුණු කපාල ලක්ෂණ විද්‍යා සංගම් කෞතුකාගාරයට පරිත්‍යාග කරනවා. එහිදී වෛද්‍ය හිල් කරපු පර්යේෂණවලින් ඒ හිස් කබලේ විශේෂ ලක්ෂණ තිබුණු බවයි කියන්නේ.
කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා.
කැප්පෙටිපොළ නිළමේතුමාගේ කතාව ස්කොට්ලන්ත වීරයෙක් වුණු ශ්‍රීමත් විලියම් වොලස්ගේ කතාව සමාන බව ඉංග්‍රීසීන් කියනවා.
1272 - 1305 අතර කාලයේ ජීවත් වුණු ශ්‍රීමත් විලියම් වොලස් එවකට එංගලන්ත රජතුමා වුණු I එඩ්වඩ් ස්කොට්ලන්තය තුළ කරපු ආක්‍රමණවලට එරෙහිව නැගී සිටිනවා. කැරලි නායකයා විදිහට එංගලන්ත හමුදාවත් එක්ක සටන් කරන වොලස්ගේ බිරිඳව අල්ලා ගත්තු එංගලන්ත සොල්දාදුවන් ඇයව ම්ලේච්ඡ විදිහට මරා දමනවා. අවසානයේදී වොල්ස් සමඟම හිටිය පිරිසක් වොලස්ව පාවා දෙනවා.
ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල තිබුණු ඔහුට එරෙහ් අධිකරණයේදී රාජ ද්‍රෝහීවීම, මාළිගා කොල්ලකෑම, ලේ වැගිරවීම වගේ චෝදනාවලට පිළිතුරු විදිහට වොලස් කියන්නේ "මම කිසි කලකත් ද්‍රෝහියෙක් නොවීමි" [සිංහලෙන් නෙමේ හරිද :)) ] කියලා. අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම වෙනවා.
1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයින්ගේ වලිගවල බැඳලා වධක භූමියට ඇදගෙන යන වොලස්ව එල්ලුම් ගහක එල්ලනවා. ඒත් ඔහු මියයන්න කලින් ඔහුගේ බඩවැල් එළියට අරගෙන ඇස් ඉදිරිපිටම පුලුස්සා දමනවා. ඒ වගේමයි මිය ගියාට පසුව සිරුර කැබලි හතරකට වෙන් කරනවා. ඔහුත් මරණයට මුහුණ දීපු ආකාරය අනුවයි කැප්පෙටිපොළ නිළමේට සමාන කරන්නේ.
කැප්පෙටිපොළ මහ දිසාවේගේ පවුලේ අයට මොකද වුනේ කියලාත් කිව්වොත් මාතලේදී ටුලෝන් නම් ඉංග්‍රීසි හමුදා නිලධාරියා කැප්පෙටිපොළ නිළමේතුමාගේ
බිරිඳ වුණු දෙල්වල එතනහාමි සහ පුතුන් දෙදෙනාව සිරභාරයට ගන්නවා. ඔවුන්ව 1818 අග භාගයේදී මීගමුවට පිටත් කරන්න
ඉංග්‍රීසීන් කටයුතු කරනවා.
1819 මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා.
1819 මැයි 22 කරපු නිවේදනයකින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ දේපළ සියල්ලම රාජසන්තක කරනවා. ඒත් 1829 දී රාජ සන්තක වුණු ඉඩම්වලින් ඉතුරු වෙලා තිබුණු කොටස නැවත වරක් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පුතුන්ට ඉංග්‍රීසි රජය පවරනවා.
කැප්පෙටිපොළ හිස් කබල නැවත ලංකාවට භාරදුන් අවස්ථාව. වම් පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ සිව්වෙනි පරම්පරාවේ උපාලි මොනරවිල කැප්පෙටිපොළ
[උපුටා ගත්තේ : Asian Cemetry Reseacrh Group]
නැවතත් කැප්පෙටිපොළ නිළමේගේ කතාවට ආවොත් එංගලන්තයට අරගෙන ගිය හිස් කබල නැවත ලංකාවට 1948 දී ග්ලෝස්ටර් ආදිපාදතුමා රැගෙන එනවා. ජාතික කෞතුකාගාරයේ ටික කලක් තැන්පත් කරලා තිබෙන කැප්පෙටිපොළ හිස් කබල අවසානයේදී 1954 නොවැම්බර් 26 වෙනිදා ඥාතීන්ගේ වගේම මහජනතාවගෙත් විරෝධය මැද මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ස්මාරකයක් කරවලා ඒ තුළ තැන්පත් කරනවා.
මහනුවර දළදා මළුවේ ඇති වීර කැප්පෙටිපොළ ස්මාරකය
ඒත් තවමත් එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම වෙන්නේ එතුමාගේ හිස් කබල මතු පරපුරට දැකගන්න පුලුවන් වෙන්න ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න කියන එක.
කැප්පෙටිපොළ මහ දිසාවේ ගැන කතා කළොත් සමහර විට 1818 කැරැල්ල අතර වාරයේදී ශ්‍රී කීර්ති මහ වාසල ව්‍යාජ රජෙක් බව කැප්පෙටිපොළ දැනගන්න ඇති. ඒත් ඉංග්‍රීසී ආදිපත්‍යයෙන් රට මුදවා ගන්න එක ඒ අවස්ථාවේ කළ යුත්තක් නිසා නිහඬව සිටියා වෙන්නත් පුලුවන්. සූර්ය වංශික රාජ කුමාරයෙක් ඒ හදිස්සියේ සොයා ගන්න බැරි නිසා ඒ අවස්ථාවට උචිත විදිහට එතුමා කටයුතු කළා වෙන්නත් පුලුවන්.
ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා.
පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා
කැප්පෙටිපොළ මහ දිසාවේ සම්බන්ධ තවත් පින්තූර ටිකක් බලන්න කැමති නම් මෙතනින් යන්න
මේ ලිපිය ලියන්න කරුණු කාරණා රැසක්ම ලබාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල පොතෙන්. ඒ වගේමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 වෙනි කොටසත්, පෝල් ඊ. පීරිස් මැතිතුමා ලියපු ත්‍රී සිංහලය කෘතියත්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English කෘතිය ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න මැතිතුමා සිංහලේ නමින් පළ කලා ඒ කෘතියත්, කරුණාරත්න දිසානායක රචිත එදා උඩරට කෘතියත්.
ඒ හැරෙන්න අන්තර්ජාලයෙන් සොයාගත්තු දිවයින සහ ලංකාදීප පුවත්පත්වලිනුත් හා තවත් මූලාශ්‍රවලින් තමා කරුණු සම්පූර්ණ කරගත්තේ.
ඒක නිසා නිදහස් අරගලයේ පළමු නායකයා විදිහට කැප්පෙටිපොළ මහ දිසාවේ දක්වන්න පුලුවන්. කැප්පෙටිපොළ මහ දිසාවේගේ වීරත්වයට උඩරට ජනතාව ප්‍රතිචාර දැක්වූවේ උඩ දුම්බර බිමිබියේ මොණරවිල අලුත් දෙවියෝ කියලා එතුමාව දේවත්වයට පත් කරලා.
පසුකාලීනව අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන සෙංකඩගල පුර දළදා බුදු රැස් ගීතයේදීත් කැප්පෙටිපොළ දෙවියන් පිළිබඳව සඳහනක් කරනවා
කැප්පෙටිපොළ මහ දිසාවේ සම්බන්ධ තවත් පින්තූර ටිකක් බලන්න කැමති නම් මෙතනින් යන්න
මේ ලිපිය ලියන්න කරුණු කාරණා රැසක්ම ලබාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල පොතෙන්. ඒ වගේමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 4 වෙනි කොටසත්, පෝල් ඊ. පීරිස් මැතිතුමා ලියපු ත්‍රී සිංහලය කෘතියත්, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English කෘතිය ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න මැතිතුමා සිංහලේ නමින් පළ කලා ඒ කෘතියත්, කරුණාරත්න දිසානායක රචිත එදා උඩරට කෘතියත්.
ඒ හැරෙන්න අන්තර්ජාලයෙන් සොයාගත්තු දිවයින සහ ලංකාදීප පුවත්පත්වලිනුත් හා තවත් මූලාශ්‍රවලින් තමා කරුණු සම්පූර්ණ කරගත්තේ.
හොඳ වැදගත් ලිපියක්
ReplyDeleteජය!
@ වකා - WAKA
Deleteස්තුතියි වැදගත්කම හඳුනාගත්තාට :)
දවුන්ඩයා කියන පුද්ගලයා කවුද ... ඔහුගේ භූමිකාව කුමක්දැයි පැහැදිලි කරන්න
Deleteදවුන්ඩයා කියන පුද්ගලයා කවුද ... ඔහුගේ භූමිකාව කුමක්දැයි පැහැදිලි කරන්න
Deleteබාගෙට අහල තිබුණු කතාවේ ඉතුරු හරිය දැන ගත්තා.. බොහොම ස්තුතියි..
ReplyDelete@ රාමා
Deleteකතාව සම්පූර්ණ කරන්න ලැබුණු එක ගැනස් සතුටුයි අයියා :)
හොඳ ලිපියක් යාලුවා.
ReplyDeleteමගේ යාලුවෙක් ඉන්නව මුරුසි වල. එයා කිව්ව තවම එහෙ තියනව කියලා ඇහැලෙපොල ගේ සොහොන. සිංහලෙන් ලියලත් තියනව ලු. එයාට වචන දෙක පැටලෙන්න ඇති. ඒ තියන්නේ පිලිමතලාවෙ අධිකාරම් ගේ සොහොන වෙන්න පුලුවන් නේද
මුරුසි දිවයිනට පිටුවහල් කලේ ඇහෙලේපොල නිළමෙ සහ පිළිමතලාවේ නිළමෙව මම පත්තරේක ගිය ලිපියක් දැක්කා ඔය මුරුසි දිවයිනේ තියන සොහොන් පිළිබදව,,අද ඒවා මුරුසි රටේ ජාතික වස්තු විදිහට ආරක්ශා කරනවා කියලත් තිබුනා
DeleteYes,the one in Mauritius is the tomb of Ehelepola. Elmo Jayawardene wrote a Gratien award winning book, where he talks about his discovery of the grave. The book "The Lat Kingdom of Sinhaley" is a historical novel, a work of fiction woven around real incidents and characters.
Deleteඇහැලේපොළ සහ පිළිමතලව්වේ(කනිෂ්ඨ) යන නිළමේවරුන් දෙදෙනාම මුරුසියට පිටුවහල් කළා.එහිඇති විශාල සොහොන ඇහැලේපොළ නිළමේතුමාගේ
Delete@ Chandana
Deleteකොළඹ රඳවාගෙන හිටිය ඇහැලේපොළ මහ නිළමේව 1825 දී මුරුසියට පිටුවහල් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා. ඒ වෙද්දිත් 1818 කැරැල්ලර සම්බන්ධ වෙලා වැරදිකාරයෝ වුණු පිළිමතලාවේ දිසාව [කණිෂ්ඨ], ඉහගම උන්නාන්සේ, කොහුකුඹුරේ රටේරාළ වගේ අය මුරුසියේ පවුඩ්‍රේ මිල්ස්වල රඳවලා තිබුණේ.
ඇහැලේපොළ මහ නිළමේව ඔවුන්ට එකතු නොකර ඒ ආසන්නයේ තිබුණු Pamplemousses වල නිවසක රඳවනවා.
1829 අප්‍රේල් 5 වෙනිදා ඇහැලේපොළ මහ නිළමේ මිය ගියාට පස්සේ නිළමේතුමාගේ කැමැත්ත වුණු තමන්ගේ සම්පූර්ණ පටබැඳි නාමය සහිත සොහොනක් තමන්ගේ වියදමෙන් කළයුතුයි කියන එක කාරණය නිසාත් පිළිමතලාවේ දිසාව ඇතුළු අනෙක් ලාංකික සිරකරුවන්ගේ ඉල්ලීම නිසාත් 1831 දී Pamplemousses වල ශාන්ත ඇන්ඩෲ දේවස්ථානය අසළ ඇහැලේපොළ මහ නිළමේතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා සොහොනක් ඉදි කරනවා.
ඒකේ නිළමේතුමාගේ සම්පූර්ණ නම වෙන "ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ" කියන එකත් කොටලා තමා තියෙන්නේ...
තවමත් මුරුසියේ ඉන්න ලාංකිකයෝ ඒ සොහොනට ඉටි පන්දම් දල්වලා ගෞරව එහෙම දක්වනවාලු.
අනික් කාරණය තමා පිළිමතලාවේ අදිකාරම්වරයාව මුරුසියට පිටුවහල් කිරීමක් වෙන්නේ නැහැ. පිළිමතලාවේ අදිකාරම් ශ්‍රී වික්රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් කරපු නිසා රාජද්‍රෝහී චෝදනාව මත රජතුමා විසින් 1812 දී හිස ගසා මරා දානවා. එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] මුලින් මරණ දණ්ඩනයට නියම වුණත් පස්සේ රජතුමාගෙන් සමාවක් හම්බෙනවා.
එයා පස්සේ සත් කෝරළයේ දිසාවේ තනතුරුත් උසුලනවා. 1818 මහ කැරැල්ලට සම්බන්ධ වීමේ චෝදනාව මත එයාවත් මුරුසිය්ට පිටුවහල් කරනවා. එයාගේ සොහොනත් මුරුසියේ තිබෙන්න ඕනේ...
@ Chandana
Deleteමේ තියෙන්නේ ඒ සොහොනේ ඡායාරූපයක්
ඇහැලේපොළ මහ නිළමේ ගැන කෙටි විස්තරයක් මෙතන ඇති
@ ItalyDilan, Anonymous August 6, 2012 10:34 PM
Deleteස්තුතියි ඔයාලාගේ කරුණු එකතු කිරීමට :)
@ shammi
Deleteඔයා කිව්ව පොතේ සිංහල පරිවර්තනයක් තියෙන බව දැනගන්න ලැබුණා. මේ පොත සිංහලට පරිවර්තනය කරලා තියෙනවා ප්‍රේමසිරි මාහිංගොඩ විසින් “සිංහලේ අවසන් රජදහන" කියන නමින්. එම්.ඩී ගුණසේන සහ සමාගම තමයි ප්‍රකාශකයෝ.
ඉංග්‍රීසීන් විසින් ඇහෙලපොල මහා අධිකාරම් තුමා ඇතුළු 28 දෙනෙකු මුරුසි දිවයිනට පිටුවහල් කල බව උඩරට කැරැල්ල නමැති පොතේ සදහන් වෙනවා.ඒ වගේම ඇහෙලපොල මහා අධිකාරම් තුමාගේ සොහොන් කොත තවම එහි තිබෙනවා.
Deleteපට්ට දිගයිනේ.. හී හි ඒකාලේ ඉන්න තිබ්බේ... කියලා වැඩක් නෑ එහෙනම්..
ReplyDeleteකොහොමහරි අයියා ඒ කාලේ විම්ලේ ද කොහෙද???
@ ....ජනියා....
Delete"ඒ කාලේ විම්ලේ ද" මොකක්ද මලේ මේකේ තේරුම ?
ඩොයිලි අර තොප්පියකට කක්කා කරන්නේ මොකෝ. ඈක්කා
ReplyDelete@ Chanaka Aruna Munasinghe
Deleteමකරාටත් හිතෙන දේවල් :D මට නම් පේන්නේ ඩොයිලි ලොක්කා දාගෙන ආපු තොප්පිය පැත්තක තියලා පුටුවක වාඩිවෙලා ඉන්නවා වගේ :)
හසිත සර් ම ඉන්න ඕනි මේවා දැනගන්න.
ReplyDeleteඇත්තට අපි අපි ගැනම ලජ්ජා වෙන්න ඕනි සිංහලයෝ කියල කිව්වට මේ වගේ දේවල් නොදන්නා එක ගැන.ඉතිහාසය දන්නේ නැති ජාතියකට කොහොමද අනාගතයක් තියෙන්නේ..??
මේ දේවල් වලින් අපි පාඩම් ඉගෙන ගෙන නැති නිසා තමයි ඒ කාලේ වුන ඒවා ආයේ ආයේ රිපීට් වෙන්නේ.
+++++++
Delete@ Pramudi
Deleteඅනිවාර්යයෙන්ම තමන්ගේ දේශය, ජාතිය, ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු මුතුන් මිත්තන්ගේ වැඩ වෙනුවෙන් සාධාරණයක් අපි කළේ නැත්නම් අපිටත් සාප වේවි
@ වීපොකුර
Delete:D
අම්මෝ දිග.. ඒත් අකුරක් නෑරම කියෙව්වා.. මුලින් මුලින් සාරාංශක් කිව්වම මම හිතුවා කෙටියි කියලා..
ReplyDeleteමට මෙතන පොඩ්ඩක් පැටලුනා ලිපියේ කලින් තැනක තිබුනා මඩුගල්ලේ කැප්පටිපොළවත් හොර රජාවත් අතඩංගුවට ගත්තා කියලා.. ඊටපස්සෙ තියෙනවා කැප්පටිපොළ මැරෙන්නෙ මඩුගල්ලෙත් එක්කයි කියලා මේක පැටලෙනවා..
ඊළැඟට කැප්පටිපොළ සුද්දට කියනවනෙ තමුන් කරපු ලොකුම මෝඩකමක් තමයි හොර රජාගෙ අධිකාරම් වීම කියලා. නමුත් හොර රජාගෙ සාක්ෂියට අනුව ඔහුට ඔටුනු පළඳන්නෙ කැප්පටිපොළ.. ඉතින් කවුද ඇත්ත කියන්නෙ..?
හොර රජා කාගේ කුමන්ත්‍රණයක්ද? ඔහුගේ සාක්ෂිය ඇත්ත නම් එතන ඇත්තටම හිටි රජා කවුද?
හසිත කලින් කිව්වනෙ ඉංග්‍රීසින්ට රදළයො උදව් කරන්නෙ සිංහල රජෙක්ව පත්කරගන්න කියලා. එතකොට හොර රජාට (ඔහුත් නායක්කර් නේද?) උදව් කරයිද?
ඇයි රදළයෙකුට නායකත්වය අරගෙන කැරැල්ල දිගටම පවත්වාගෙන යන්න බැරිවුනේ.. සූර්ය වංශිකයෙකුම නැතුව වෙන කෙනෙකුට රජකම ගන්න තිබුනනෙ..?
දළදාවත් කැරලිකරුවන් අතේ තිබුනානම් ඇයි කැරලිකරුවන් පත් කරන රජුන් ලංකාවේ රජුන් ලෙස නිල වශයෙන් පිල්ළිනොගන්නෙ. ඇයි අපි ශ්‍රී වික්රම රාජසිංහ අන්තිම රජු කියලා කියන්නෙ...?
මොකද දළදා මාළිගාවෙ ස්මාරකයට විරුද්ධ. දළදා වහන්සේට අගෞරව වෙන නිසාද?
මොනරවිල පරපුර තාමත් ඉන්නවා නේද?
ඔය සමාජයේ පිළිගත් අය දේවත්වයට පත් කිරීම ගැනත් වෙන ලිපියකින් හරි කියන්නකො.. මම අහලා තියෙනවා 1960ට කිට්ටුවත් ඔවැනි දේවත්වයට පත්කිරීමක් සිදුවුනා කියලා. වර්තමානයේ එහෙම නෑ නේද?
ඉංග්‍රීසීන්ගෙ මරණ දඬුවම් ක්‍රමය වුනු වෙඩි තැබීම වෙනුවට ඇයි හිසගසා දැම්මෙ?
අවසාන වශයෙන් දුටුගැමුණු රාජෝත්තමයාණන්ගේ ශ්‍රී වතමඬල ආවරණය කළේ මන්ද? :)
ලංකාවේ රජකම හිමිවිය යුත්තේ ක්ෂත්‍රිය වංශයට පමණක් බව පුරාණ නීතියේ සඳහන් කර ඇත.වෙනත් අයට එය තහනම්.කෙටියෙන්ම කිවහොත් රදළයන්ට පවා රජකමට හිමිකමක් නැත.
Deleteකැප්පෙටිපොළ ස්මාරකයෙන් දළඳා වහන්සේට අපහාසයක් සිදු නොවේ.
මොණරවිල පරපුරේ(කැප්පෙටිපොළ නිළමේගේ මවගේ පරපුර) අය මාතලේත් කැප්පෙටිපොළ පරපුරේ අය සතර කෝරළයේත් තවමත් ජීවත්ව සිටිති
@ හරී
Delete"....ඊටපස්සෙ තියෙනවා කැප්පටිපොළ මැරෙන්නෙ මඩුගල්ලෙත් එක්කයි කියලා මේක පැටලෙනවා.."
මඩුගල්ලේ කැප්පෙටිපොළවත් ව්‍යාජ රජා එක්ක අත් අඩංගුවට ගන්නේ මේ ප්‍රෝඩාව මුල ඉදන්ම කැප්පෙටිපොළ දන්නවා වගේම ඒකේ කොටස්කාරයෙක් කියලා හිතලා. ඒත් ඒක එහෙම නොවෙන බවත් දැනගැනීමත් ඒ වගේම ව්‍යාජ රජා අත් අඩංගුවෙන් පළායාමත් එක්ක දෙන්නා නැවතත් එකතු වෙනවා.
"......කැප්පටිපොළ සුද්දට කියනවනෙ තමුන් කරපු ලොකුම මෝඩකමක් තමයි හොර රජාගෙ අධිකාරම් වීම..."
මේ ගැන මගේ අදහස මෙහෙමයි. දොරේසාමි සැබෑ රජ කුමරෙක් කියලා හිතලා තමා කැප්පෙටිපොළ එයාට එකතු වෙන්නේ. ඒ වගේමයි ඔටුණු පැළැඳවීමත් කරන්නේ. ඒත් අන්තිමට තමන් රැවටුණු බව එයාටම තේරෙනවා. ව්‍යාජ රජෙක්ට මහජන සහය ලැබෙන්නේ නැති නිසා කැරැල්ල බිඳ වැටෙනවා.
තමන් කළේ මෝඩ වැඩක් කියලා කැප්පෙටිපොළ හිතන්නේ නිකරුණේ මේ වගේ දේකට එකතු වෙන්න සිදුවීම. එහෙම නැතුව තව ටිකක් කල් ඉදලා නියම රාජ කුමාරයෙක්ව රජ කරවන්න එයාට කටයුතු කරන්න තිබුණා. ඒත් මේ වැඩෙන් ඒ ඔක්කොම ඉවර වෙන නිසා කැප්පෙටිපොළ පසුතැවුණා වෙන්න ඕනේ.
"........හොර රජා කාගේ කුමන්ත්‍රණයක්ද? ඔහුගේ සාක්ෂිය ඇත්ත නම් එතන ඇත්තටම හිටි රජා කවුද?...."
භික්ෂුවක් වුණු විල්බාවේව සිවුරු හරවලා මේ වැඩේට යොදාගන්නේ කිවුලේගෙදර මොහොට්ටාල. ඒක නිසා එයාත් මේ කුමන්ත්‍රණයේ මහ මොළකරුවෙක් කියලා හිතන්න පුලුවන්. ඒත් විල්බාවේ කියන රජතුමා කවුද කියන එක ගැටලුවක්. මොකද එහෙම කතාවක් කියන්නේ විල්බාවේ විතරයි. එයා තමන්ගේ ගැලවීමට එහෙම කිව්වාද කියන එක සැක සහිතයි
"....ඉංග්‍රීසින්ට රදළයො උදව් කරන්නෙ සිංහල රජෙක්ව පත්කරගන්න කියලා. එතකොට හොර රජාට (ඔහුත් නායක්කර් නේද?) උදව් කරයිද?......"
රදළයන් ඉංග්‍රීසීන්ට උදව් කරන්නේ නායක්කර් ශ්‍රී වික්රම රාජසිංහ කෲර නිසා එයාව පලවා හැරලා යහ පාලනය ඇතිකරන්න. ඒකෙදී පිළිමතලාවේ, ඇහැලේපොළ, මොල්ලිගොඩ කියන අය ඒ අරමුණත් එක්කම තමන්ව සිහසුනට පත් කරන්න කියන ඉල්ලීමත් ඉදිරිපත් කරනවා. ඒත් ඒවා ඉංග්‍රීසීන් විසින් පිළිගැනීමකට ලක් කරන්නේ නැහැ.
ඒ වගේමයි මේ රදළයෝ කවුරුත් නියම රාජ වංශිකයෝ නෙමේ. ඒත් රාජකීය ලේ තියෙන අය. හැමෝම වගේ සමාන විදිහට රජ පවුල්වලට සම්බන්ධ අය. එතකොට කවුරුත් උසස් නැහැ. එතකොට එක රදළයක්ව රජ කෙරෙව්වොත් එයාට තියෙන සුදුසුකම තමාටත් තියෙනවා කියලා අනික් රදළයන් ගැටුම් ඇති කරන්න පුලුවන්.
ඒක නිසයි රදළයෙක්ට නායකකම අරගෙන කැරැල්ලක් කරලා රජවෙන්න බැරි. ඒ වගේමයි පෙර සිරිත වෙන සූර්ය වංශික රාජ සංකල්පයත් ඒකට බාධාවක්.
එතකොට හොර රජා මුලින් නායක්කර් වංශික කියලා කියන නිසා එයා සූර්ය වංශිකයෙක් වෙන නිසා රදළයන්ට එයාලාගේ ගැටුමක් නැතිව හොර රජාව තමන්ගේ රජතුමා විදිහට මුලින් පිළිගන්න පුලුවන්කම ලැබෙනවා. පස්සේ නේ ඒකත් හුටු හුටු වෙන්නේ :)
"........දළදාවත් කැරලිකරුවන් අතේ තිබුනානම් ඇයි කැරලිකරුවන් පත් කරන රජුන් ලංකාවේ රජුන් ලෙස නිල වශයෙන් පිල්ළිනොගන්නෙ....."
ලංකාවේ රජ වෙන්න නම් අංක එක රජ පෙළපතින් එන්න ඕනේ. ඒ වගේමයි දළදාව සහ පාත්‍රා ධාතුව තියෙන්න ඕනේ. පස්සේ කාලේ පාත්‍රා ධාතුව අයින් වෙලා දළදාව විතරක් වුණා. 1818 කැරැල්ලේදී දළදාව තිබුණත් රජතුමා ව්‍යාජ අයෙක් වුණු නිසයි එයාව රජෙක් විදිහට පිළිගන්නේ නැත්තේ...
"මොකද දළදා මාළිගාවෙ ස්මාරකයට විරුද්ධ. දළදා වහන්සේට අගෞරව වෙන නිසාද?"
දළදා මලුවේ ස්මාරකයට විරුද්ධ වෙන්නේ ඒ වගේ වීරයෙක්ගේ හිස් කබලක් මහජන ප්‍රදර්ශනයට තියන්නේ නැතුව වළලලා දාලා තියෙන නිසා.
"මොනරවිල පරපුර තාමත් ඉන්නවා නේද?"
ඔව් ඔව් ඒ පරම්පරාවේ ය තාම ඉන්නවා. කැප්පෙටිපොළ පස්වෙනි පරම්පරාවේ කෙනෙක් වෙන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මියගේ සම්මුඛ සාකච්ඡාවක් පත්තරේකත් තිබුණා. ඒ වගේමයි කැප්පෙටිපොළ උපහාර ග්‍රන්ථයක් එළිදක්වනා උත්සවේකටත් ඒ නෑයෝ ඇවිත් හිටියා.
ඒ ෆොටෝස් මෙතනින් බලන්න
"....ඉංග්‍රීසීන්ගෙ මරණ දඬුවම් ක්‍රමය වුනු වෙඩි තැබීම වෙනුවට ඇයි හිසගසා දැම්මෙ?..."
සිංහල දඬුවම් ක්‍රමය යටතේ ඉහළ ප්‍රභූවරුන්ව මරා දාන්නේ කඩුවෙන් හිස ගසා දැමීමෙන්. පහළ ජනතාව උල තැබීම, ඇතුන් ලවා පෑගීව වගේ ක්‍රමවලින් මරා දානවා.
"..... දුටුගැමුණු රාජෝත්තමයාණන්ගේ ශ්‍රී වතමඬල ආවරණය කළේ මන්ද? :).."
හරී අයියා හරි හපනානේ. අඳුනගත්තා නේද "හාමිරිකාව" :D
දේවත්වයට පත් කරපු පාලකයෝ ගැන වගේම සාමාන්‍ය ජනතාව ගැනත් ලිපියක් ලියන්න කරුණු එකතු කරමින් ඉන්නේ. එකම පවුලේ කීප දෙනෙක්වත් මේ විදිහට දේවත්වයට පත්කරපු හැටිත් හොයද්දී හම්බුණා. ඒ ගැන ළඟදීම කියවන්න ලැබේවි. ඒවා ගැන කියවන්න කැමති අය ඉන්නවා කියලා දැනගන්න ලැබුණු එකත් සතුටුයි :)
@ Anonymous August 6, 2012 10:26 PM
Deleteස්තුතියි ඔබත් එකතු කරපු වටිනා තොරතුරුවලට :)
@ Ano හා හසිත,
Deleteදෙදෙනාටම ගොඩක් ස්තුතියි. දැන් කරුණු ගොඩාක් පැහැදිලි..
"ඉංග්‍රීසීන්ගෙ මරණ දඬුවම් ක්‍රමය වුනු වෙඩි තැබීම වෙනුවට ඇයි හිසගසා දැම්මෙ?" මෙතනදී මම මතුකරපු ප්‍රශ්නය වුනේ ඇයි හිසගසා දැම්මේ කියන එක නෙමෙයි. කැප්පෙටිපොළට මරණ දඬුවම නියම වෙන්නේ ඉංග්‍රීසි යුධ අධිකරණයකින්නෙ. ඉතින් ඉංග්‍රීසීන්ගේ මරණ දඬුවම් ක්‍රමය තමයි වෙඩි තැබීම. (මම දන්න විදිහට) පුරන් අප්පුට ක්‍රියාත්මක කළෙත් මේකනෙ.. ඉතින් ප්‍රශ්නෙ උනේ ඇයි වෙඩි නොතියා හිස කැපුවේ.
1848 කැරැල්ලෑත් සිවුරුහැරි කෙනෙක් හිටියා නේද?
දේවත්වය පිළිබඳ ලිපියකින් කියන එක හොඳායි.. අර ශු. ධාතු ලිපියත් තවම පළ වුනේ නෑ නේද?
@හරි ස්තුතියි මේ වගේ ප්‍රශ්න අහනවට.
Delete@හසිත ස්තුතියි පැහැදිලි කිරීම ගැන..
@ හරී
Deleteඉංග්‍රීසී පාලනය ලංකාවේ ක්‍රියාත්මක වුනත් සිංහල සිරිත් විරිත් යම් ප්‍රමාණයකට ඔවුන් පාදක කරගත්තා වගේම අපේ සම්ප්‍රදායනුත් යම් ප්‍රමාණයකට පවත්වාගෙන ගිහින් තියෙනවා.
ඉතින් ඉංග්‍රීසි ක්‍රමය අනුව මරණ දඬුවම වෙඩි තියලා ක්‍රියාත්මක කළත් උඩරට රදළයන් වෙනුවෙන් ඒක ක්‍රියාත්මක කරලා නැහැ. මොකද සිංහල නීතිය අනුව රාජ කුමාරයෙක් හරි රදළ ප්‍රධානියෙක්ව හරි මරා දමන්නේ "කඩුවකින් හිස සිඳීමෙන්". ඒක ඉංග්‍රීසීනුත් පිළි අරගෙන තියෙනවා. එල්ලා මැරීම, උල තැබීම වගේම අලි ලවා පාගවා මරා දාන්නේ සාමාන්‍ය ජනතාව විතරයි.
පුරන් අප්පුගේ සිද්ධිය ගත්තොත් එයා පහතරට හිටිය සාමාන්‍ය පුද්ගලයෙක් මිසක් උඩරට රදළ නායකයෙක් නෙමේ. ඒක නිසා එයාව වෙඩි තියලා මරා දානවා.
1848 කැරැල්ලටත් බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැරලා එකතු වුණු බව කියවෙනවා. ඒ හැරෙන්න කැරැල්ලේ ප්‍රධාන අනුශාසකයා වුණේ කුඩාපොළ හාමුදුරුවෝ කියන භික්ෂූන් වහන්සේ...
ශුද්ධ ධාතු ගැනත් කරුණු එකතු කරලා හමාරයි ලිපිය ලියන්න විතරයි තියෙන්නේ. ඒත් ඊට කලින් රුවන්මැලි සෑයේ වර්තමාන ඉදිකිරීම් ගැන ලිපියක් ලියන්න පටන් ගත්තා. ඒක තව ටිකක් ලියන්න තියෙනවා....
@ අසරණයා
Deleteස්තුතියි මේ විදිහට අගය කරනවාට :)
@ Hasitha,
Delete1948දි රජකමට උරුමකම් කියූ ගොංගාලෙ ගොඩ බණ්ඩා සිවුරු හැරගිය කෙනෙක්ද? මට මතක විදිහට ඔහු පෑලියගොඩ කෙනෙක්.. මොරටුවෙ ෆ්‍රැන්සිස් තමයි පුරන් වුනේ.. මේ විදිහට 1948දි පහතරැටියො මූලිකත්වය ගත්තු නිසා උඩරැටියන්ගෙ සහයෝගය ලැබුනෙ නැද්ද?
ස්තුතියි! උත්තරවලට
@ අසර්,
අන්න එහෙම වතුර ටිකක් ගහලා සපෝට් එක දෙන්න ඕනනෙ.. :)
@ හරී
Delete1848 කැරැල්ලේදී ශ්‍රී වික්‍රම සර්ව සිද්ධ කියලා රජ කරවන ගොන්ගාලේගොඩ බණ්ඩා පෑලියගොඩ වනවාසල පැත්තේ කෙනෙක් කියලා තමා කියන්නේ. ඒක සිහිපත් කරන්න පෑලියගොඩ ගොන්ගාලේගොඩ බණ්ඩාගේ පිළිරුවක් හදලා එක ඉස්සරහ පාරත් "ගොන්ගාලේගොඩ බණ්ඩා රජ මාවත" කියලා තමා නම් කරලා තියෙන්නේ. එයාගේ මුල් නම ඩේවිඩ්. එයා සිවුරු හැරපු කෙනෙක් කියලා නම් දන්නේ නැහැ.
වීර පුරන් අප්පු මොරටුවේ තමා උපන්නේ. එයාගේ මුල් නම ෆ්‍රැන්සිස්කු ප්‍රනාන්දු.
1848 කැරැල්ල අසාර්ථක වෙන්න බලපාපු එක හේතුවක් තමා උඩරටින් එතරම් සහයෝගයක් නොලැබීම. 1818 කැරැල්ල මර්දනය කරපු කෲර ආකාරය නිසා උඩරැටියන් කැරැල්ලකට ආයි එක් නොවෙන්නත් හේතු වුණා.
ඒ හැරෙන්න නිසි සංවිධානයක් නැතිවුණු එක. නිසියාකාරව රජතුමා විදිහට ගොන්ගාලේගොඩ බණ්ඩාගෙන් කාර්යයක් ඉටු නොවුණු එක වගේ දේවල් නිසාත් කැරැල්ල අසාර්ථක වුණා.
ඔයතැන මම දැකලා තියෙනවා.. මාගේ ප්‍රශ්න පත්තරයට පිළිතුර් දුන් ඔබට ස්තුතියි!
Delete@ හරී
Deleteඇත්තටම ප්‍රශ්න පත්තරයක් තමා. ඒත් එහෙම ප්‍රශ්න අහන්න අහන්න තමා තව කරුණු එළියට එන්නේ...
සෑහෙන්ඩ දිග ලිපියක්...
ReplyDeleteමම් මේ ලිපිය දෙපාරට කියෙව්වා... නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා !!
@ මධුරංග
Deleteලිපියෙන් වගේ කමෙන්ට්ස්වලිනුත් දෙයක් ගන්න තියේවි අයියේ...
ලිපියනං හැම දාම වගේ අනර්ගයි...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි හැමදාම වගේ දෙන හයියට :)
වෙනදා වගේම අද ලිපියටත් ගොඩක් ස්තුතියි හසිත..
ReplyDelete@ රූ....
Deleteඔබටත් ස්තුතියි
මේ කැරලිකරුවන් සිතුවේ පැතුවේ ඒ වෙනකොට ඔවුන් හිටපු පටු සීමාව තුල විතරයි නේද? ඒකනේ රජකෙනෙක්ම හොයන්නේ. ඒ මදිවට ලේ තියෙන්නත් ඕනෑ!
ReplyDeleteමේ වෙනකොට ප්‍රංශයේ, ඇමරිකාවේ රජ බලය පරදලා ජනබලය ගැන අදහස ඇවිල්ලා, ක්‍රියාත්මක වෙලා නේද තිබුණේ.
එංගලන්තයේ පවා පාර්ලිමේන්තුවක් නේද තිබුණේ, රජු හිටියා වුනාට?
ජනරජයක් ගැන තමන්ගේම අදහස් ඇති නොවුන එක හිතාගන්ණ පුළුවනි. නමුත්, ලෝකයේ වෙන දේවල් මේ අය දැනගෙන ඉඳලා නෑ.
අධිවේගි ඉන්ටර්නෙට් තිබ්බනං ඔහොම වෙන්නෙ නෑ! :)
Deleteනියම රජවරු නැති නිසා තමයි මේ රට මෙතරම් පිරිහුණේ
Delete@ කතන්දර Kathandara
Deleteකතන්දරගේ කතාව ඇත්ත. මහජන නියෝජන සංකල්පය වගේම පාර්ලිමේන්තු සංකල්ප ගැන ලංකාවාසීන්ට අවබෝධයක් නොතිබුණු බව හැබෑව. හැබැයි ඉතින් ඒවා එක පාරටම ඇතිකරන්න පුලුවන්කමක් ඇත්තෙත් නැහැ.
ඒක කාලාන්තරයක් සිදුවිය යුත්තක්. අනාදිමත් කාලයක ඉදන් රාජාණ්ඩු පාලනයක හුරුවෙලා හිටිය ලංකාවේ අපිට ඒ ක්‍රමයක් එක පාරටම සුදුසු නැහැ ඒ කාලයත් එක්ක බලද්දී. ඒක නිසා රාජාණ්ඩු පාලනයක්ම සොයන එකේ වැරැද්දකුත් නැහැ.
එංගලන්තයේ නම් ඒ වෙද්දී මග්නා කාර්ටා වගේ ගිවිසුම් හරහා රජතුමාගේ බලය සීමා කරන්නත් රදළයෝ කටයුතු කරලා තිබුණේ...
ජනරජ සංකල්පය සාර්ථක එකක් වුණත් ඒ අවස්ථාවේ තිබුණු රදළ මතබේදත් එක්ක එක නායකයෙක් අවශ්‍ය වෙලා තිබුණේ...
@ බුද්ධි
Deleteනිකම්ම අධිවේගී ඉන්ටර්නෙට් නෙමේ. අධිවේගී www :D
@ Anonymous August 6, 2012 10:07 PM
Deleteඒක ඇත්ත. ඒකට හේතු ගොඩක් තිබුණා
අනර්ඝ ලිපියක්; බොහෝ දේ ඉගෙන ගත්තා.....
ReplyDelete@ Sumith Niriella
Deleteයමක් උගන්වන්න ලැබීම ගැන සතුටුයි :)
අගෙයි සහෝදරයා අගෙයි. කියන්නට වචන නැහැ හැමදාම වගේ වටිනා පොස්ටුවක් දිගටම ලියන්න ලියන්න ගන්න කාලේ ටිකක් වැඩියි වගේ මොකද මෙවැනි දෑ කියවීමෙන් දැනුමත් වැඩෙන අතර ඉතිහාසය ගැන හෙළ ජාතිය ගැන ප්රෞඩත්වයක් සිතෙහි උපදී
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteලියන්න ගන්න කාලේ වැඩිවෙන්නේ ලියන දේ ගැන හුඟක් හොයන්න ඕනේ වෙන නිසා. මේ දේවල් කියවලා සිතේ ආඩම්බරයක් ඇතිකරගන්නවා වගේ රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න සිතට ගන්නත් මතක තියාගන්න ඕනේ
බදුල්ල නුවර එළිය පාරෙදි වැලිමඩ සහ හග්ගල අතර හම්බවෙන කැප්පෙටිපොල කියන පොඩි නගරයට මේ ඉතිහාසයේ සම්බන්ධයක් ඇති නේද?
ReplyDeleteඇත්තටම එතැනදී තමයි නිළමේතුමා අවිආයුධ අත්හැරලා කැරළිකරුවන්ට එකතුවුණේ.ඒ සිදුවීම සිහිවීම සඳහායි එම ස්ථානය කැප්පෙටිපොළ ලෙස නම් කළේ.
Delete@ hare :-), Anonymous August 6, 2012 10:03 PM
Deleteසතර කෝරළයේ කැප්පෙටිපොළ ග්‍රාමය ගැන ඇරෙන්න මේ ගැන නම් මමත් දැනගෙන හිටියේ නැහැ. ඇනෝනිමස් ඔබට ස්තුතියි මේ ගැන දැනුවත් කළාට
ඔය විලියක් වොලස් ගැන පිල්ම් එකක් මම බැලුවා හරි ලස්සන,නම මතක නෑ දැන් නම්.
ReplyDeleteඇත්තටම ඔය කැප්පැටිපොළ නිලමේ තුමාගේ හිස්කබල ඔතන පොළවට යට කරලා තියන එක උඩට ගන්න කියලා කාලෙන් කාලෙට ඉල්ලීම් එනවා,සුද්දෝ ඕක සෑහෙන්න පරිස්සම් කරපු දේ අපේ උන්ට දීපු ගමන් පොළවට යට කලා,මොකට එහෙම කලාද කවුරු කලාද කියලා නම් දන්නේ නෑ ඒත් ඔය හිස්කබල පොලවට යට කරන්න ඕනා දෙයක් නෙමේ,සුද්දන්ටම ඕක එහෙ තියාගෙන ඉන්න තිබුනේ කියලා හිතෙනවා.
කැප්පැටිපොල නිළමේ ගැන නම් තියෙන්නේ එයාලා සුද්දන්ට සහයෝගය දුන්නට ඒ වෙනකොට සුද්දෝ ගිය පාර හරි නැති නිසා එයාලා කැරැල්ල එක්ක එකතු වෙන්න ඇති,ඒත් සිංහලයගේ එකමුතු කම නැති කමින් ඒ කැරැල්ලත් ඉවර උනා,අනෙක් කැරලි වලට උනෙත් ඒ දේම නේ,,,ඇත්තටම අර බොරු රජතුමා කියපු අනෙක් පුද්ගලයා කවුරු වෙන්න ඇද්ද
The film is Braveheart starring Mel Gibson.
Deleteනියම film එකක්. ඒකෙදී එක තැනක William Wallace කියනවා..
DeleteEvery man dies, not every man really lives....
@ ItalyDilan
Deleteකැප්පෙටිපොළ හිස්කබල වළලන එක නම් ඒ කාලේ හිටිය අමනෝඥ කාගේ හරි තීරණයක්. කරන්න දෙයක් නැහැ ඒකට නම්. දැන් හරි ඒක නිවැරදි කරන එකයි කළයුත්තේ...
යහපාලනය අපේක්ෂාවෙන් සුද්දාට සහය දුන්නත් ඒක එයාලගෙන් ඉටුවෙන්නේ නැති නිසා තමා කැප්පෙටිපොළලා ඒකට එරෙහි වෙන්නේ. අන්තිමට සිංහලයන්ගේ සුපුරුදු ලක්ෂණයක් නිසා ඒකත් අසාර්ථක වෙනවා :(
විල්බාවේ කියන ව්‍යාජ රජතුමා ගැන අනික් කවුරුවත් කියන්නේ නැති නිසා සමහර විට විල්බාවේ තමන්ගේ ගැලවීමට හදාගත්තු එකක්ද දන්නේත් නැහැ
@ shammi, තපස්
Deleteමේ කතා නිසා ෆිල්ම් එක බලන්න හිතෙනවා.... ස්තුතියි ඒකට පාර කැපුවාට :)
මේ ඉතිහාසය මෙච්චර කල් දැනගෙන හිටියේ අතනින් මෙතනින් අහුලාගත් කෑලි විදියට. ඒත් දැන්නම් මේ තොරතුරුවල අග මුල හරියට ගැටගහගන්න වැටහීමක් තියෙනවා.
ReplyDeleteමොනරවිල කැප්පෙටිපොළ නිලමේ තුමා ඉතිහාසයේ මමත් බෙහෙවින්ම ප්‍රිය කරන චරිතයක්. ඒතරම් නිර්භිත යුග පුරුෂයෝ හිටියා කිව්වාමත් පුදුම හිතෙනවා
@ දයානන්ද රත්නායක
Deleteඒ වගේ නිර්භීත, රට වෙනුවෙන් කැපවුණු යුග පුරුෂයෝ හිටිය රටට අද වෙලා තියෙන දේ දැක්කාම එයාලා ඉන්න දිහාවක ඉදන් දුක්වෙනවා ඇති :(
පල්ලෙගම්පහ කියන්නෙ.. නුවර පළාතෙ ප්‍රාදේශීය පෙදෙසක නමක්ද ? ඉතා වටිනා විස්තරයක්... කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ අවසාන අවස්ථාව ගැන අද තමයි මෙපමණ විස්තරයක් දැනගත්තෙ...
ReplyDeleteඋඩරටට අයත් දිසා 12 සහ රටවල් 9 ගත්විට මහනුවර අවට ප්‍රදේශ ඉහල ගම්පහ ලෙසත් ඒ වටා ඇති සතර කෝරළය,සත් කෝරළය වැනි දිසාවන් පහල ගම්පහ ලෙසත් හඳුන්වයි.පහල ගම්පහේ අධිකාරම් සෑම විටම මහ අධිකාරම් ධූරය දරණු ලබයි.
Delete@ සිරාගේ කාමරේ
Deleteඋඩරට රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරුන් දෙන්නා හඳුන්වන්නේ අදිකාරම් කියන නමින්. ඒකෙන් පළමු අදිකාරම් එහෙමත් නැත්නම් ජ්‍යෙෂ්ඨ අදිකාරම්වරයාව හඳුන්වන්නේ පල්ලේ ගම්පහේ අදිකාරම් කියලා. දෙවෙනි අදිකාරම්වරයා හඳුන්වන්නේ උඩ ගම්පහ අදිකාරම් කියලා.
පල්ලේ ගම්පහ අදිකාරම්ට අම්පිටිය ඇතුළු නුවර අවට ප්‍රධාන ගම් 5 ක් හිමිවෙලා තිබුණා. උඩ ගම්පහ අදිකාරම්ට හල්ලොදුව, පේරාදෙණිය ඇතුළු ගම් 5 ක් හිමිවෙලා තිබුණා.
මෙතන "පල්ලේ" කියන යෙදුම ගැන ගත්තොත් රජතුමාගේ බිසෝවරුන්ගේ මාළිගාවට කියන්නේත් "පල්ලේ වාහල" කියලා. එතනිනුත් ප්‍රධාන, විශේෂ කියන අරුතක් එනවා.
ඒ වගේමයි පල්ලේ ගම්පහට වඩා උඩ ගම්පහ ඉහළ මට්ටමකින් තිබීම නිසා සාපේක්ෂව උඩ ගම්පහ සහ පල්ලේ ගම්පහ වශයෙන් හැඳින්වුවා වෙන්න පුලුවන්.
@ Anonymous August 6, 2012 9:37 PM
Deleteඔයා කියන කරුණ අදාල වෙන්නේ මේ විදිහට.
මහනුවර ආරක්ෂක කටයුතු අදිකාරම්වරු දෙන්නට භාරදීලා තියෙන්නේ මහනුවර තියෙන ස්වර්ණ කල්‍යාණ වීදිය මැදින් දෙකට බෙදලා. ඒකෙදී උතුරු කොටස පල්ලේ ගම්පහ අදිකාරම්ටත් දකුණු කොටස උඩ ගම්පහ අදිකාරම්ටත් හිමිවෙලා තියෙනවා.
ඒ හැරෙන්න උඩරට සෑම පළාතකටම අදිකාරම්වරුන්ගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරද්දී පල්ලේ ගම්පහ අදිකාරම්ට හත් කෝරළය, ඌව, මාතලේ, වලපනේ, වෙල්ලස්ස, බින්තැන්න, නුවර කලාවිය, තමන්කඩුව, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැටත් උඩ ගම්පහ අදිකාරම්ට සතර කෝරළය, තුන් කෝරළය, සබරගමුව, උඩුනුවර, යටිනුවර, තුම්පනේ, කොත්මලේ, බුලත්ගම කියන දිසාවන් සහ රටවල් බෙදලා තියෙනවා.
That was a good read, Hasitha. Was waiting for this one. Very informative, a usual.
ReplyDelete@ shammi
Deleteමේ සටහන කියවන්න මග බලාගෙන හිටිය බව දන්නවා :)
යන්තම් ඉතිහාසය දැන ගත්ත කාලේ ඉදන් මගේ වීරයෙක් වුන කෙනෙක් තමයි කැප්පෙටිපොල නිළමේ. මේ තරම් සවිස්තරාත්මකව විස්තර දැනගන්න සැලැස්සුවාට ස්තූතියි.
ReplyDeleteඒ වගේම අපේ ඉතිහාසයෙ අවාසනාවන්ත මෙන්ම දුක්බර සිහිවටනයක් විදිහට තමයි 1818 කැරැල්ල ගැන හැම තිස්සෙම මට හිතෙන්නෙ.
වටිනා ලිපියක්!
@ ගිමන් නිවන්නා
Deleteමේ කැරැල්ල මර්දනය කරපු විදිහත් හරිම ශෝචනීයයි. ගම් බිම් ගිනි තියලා මිනිස්සු සත්තු ඔක්කෝම මරා දාලා තමා මේ කැරැල්ල ඉංග්‍රීසීන් මර්දනය කරන්නේ. තවමත් වෙල්ලස්ස ප්‍රදේශයේ තියෙන නිසරුබවට මේ කැරැල්ල මර්දනය කරපු ආකාරය හේතුවක් කියලාත් කියනවා
වෙනද වගේම අපූරු පෝස්ටුවක් සහෝ :)
ReplyDelete@ හිරුහිමාවී
Deleteස්තුතියි ස්තුතියි :)
හරිම අපූරුයි.......
ReplyDelete@ Pasan
Deleteඅපූරු නැද්ද ඉතින් අපේ යුග පුරුෂයෝ ගැන සිංහාවලෝකය කරද්දී :)
Hasitha thanks for the article. Would like to add the following.
DeleteAhelepola Kumarihamy is the daughter of Pilimathalawwe Maha Adhikaram and not Gollehela, she was called Pilimathalawwe Loku Menike. Her first husband was Meegasthenne Wijerathne Mudiyanse alias Dumbara Disawe who was the Second Adhikaram to Kings from Keerthi Sri Rajasinghe to Sri Wickrama Rajasinghe till 1808.
http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3114.html
Thereafter she married Ahelepola who was made the Second Adhikaram after Dumbara Disawe's death in 1808.
After Pilimathalawwe Maha Adhikaram was executed for treason, treason being trying to kill the King Sri Wickrama Rajasinghe, Ahelepola Second Adhikaram was made the Maha Adhikaram.
When Dumbara Disawe was the Second Adhikaram, he was the Disawe of Matale, Nuwara Kalaviya, Thamankaduwa, so those areas has not always gone to the First Adhikaram.
Incidentally, after the death of the King Sri Vira Parakrama Narendrasinghe, the last Sinhalese King of Kandy, there were two people who had a claim to the Kandyan Throne. They were Mampitiya Disawe and Dumbara Disawe. They were not given the throne due to the allegation that their ancestry not being pure from their parents sides and the Kandyan Radala's decided to import the Malabar Nayakkars to Kandyan Throne.
Regards
Lalith
@ Lalith
Deleteඔබට පොඩි පැටලීමක් වෙලා තියෙනවා වගේ පේනවා.
ඇහැලේපොළ කුමාරිහාමිලා දෙන්නෙක් ඉන්නවා. මුල් ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් 1814 මරාදැමීමත් එක්ක ඇහැලේපොළ මහ නිළමේ නැවත වරක් 1815 විවාහ වෙනවා.
ඒ විවාහ වෙන්නේ ඔබ කිව්ව විදිහට මීගස්තැන්නේ අධිකාරම්ගේ වැන්දඹු බිරිඳ එක්ක. එයා පිළිමතලාවේ මහ අදිකාරම්ගේ දියණිය වුණා වගේම පිළිමතලාවේ [කණිෂ්ඨ] දිසාවේගේ සහෝදරිය.
ඒත් ඇහැලේපොළ මහ නිළමේගේ මුල් විවාහය වෙන ඇහැලේපොළ කුමාරිහාමි ගොලහැල බණ්ඩාරනායක කැප්පෙටිපොළ නිළමේගේ දියණිය වගේම කැප්පෙටිපොළ මහ දිසාවේගේ සහෝදරිය.
ඔබ දක්වපු ලින්ක් එකේම ඒ ගැනත් තියෙනවා. පොඩ්ඩක් බලන්න.
නායක්කර් වංශිකයන්ට රාජ්‍යත්වය උරුම වුණු හැටි ගැන සවිස්තරාත්මක මේ ලිපියේ තිබෙනවා. කියවලා ඔබේ අදහසත් එකතු කරන්න.
http://aagiyakatha.blogspot.com/2012/07/12.html
ස්තුතියි අදහස් දක්වන්න එකතු වුණාට
Hasitha,
DeleteThank you for your clarification. I thought you were referring to Ahelepola Nilame's second wife. I will read the thread on Nayakkar's ascendancy to the Kandyan Throne and will post a comment there. Thanks again.
Regards
Lalith
PS: Kindly note that I have posted in English since I do not have the exact know how to how to handle the Sinhala Fonts.
@ lalith
Deleteසිංහල ටයිප් කීරීමේ ගැටළුවට විසඳුමක් මෙන්න....
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මගේ ඊලග විද්‍යා ප්‍රභන්ධයට නිමිත්ත දුන්නාට බොහෝම ස්තූතියි හසිතයියේ...
ReplyDeleteජයවේවා!!!!!!
@ තරියා අබේ
Deleteකාලතරණය කරන සිද්ධියක්වත් ගැනද ලියන්න යන්නේ මලේ ? මට අකාල සන්ධ්‍යා මතක් වුණා
තැනින් තැනි අහගෙන තිබ්බ කරුණු ටිකක්(ගොඩක් ඒවා ඉතිහාස නවකතාවලිං) පිලිවෙළට පෙළ ගැහුනා.ඉස්තූතියි.
ReplyDeleteඅපේ රදලයින්ගේ බල ලෝභය හින්දා ඒ දවස්වලත් කෙළ උනා.අදත් එහෙමමයි.අපි කවදා ඉගෙනගනියිද මේ ලොක්කො කියන උංව පන්නලා දාන්ඩ.
@ දිනුක
Deleteදැන් ඉන්න ලොක්කෝ පන්නලා දාපුවාම එහෙම කලින් ලොක්කන්ව පන්නන්න මුල්වුණු එවුන් ඊට හපන් ලොක්කෝ වෙනවානේ...
අනිවා අනිවා LOL
Delete@ Tiraj Adikari
Deleteමොකදෑ ඉතින් කරන්නේ ??? :)
අදත් නොදන්න තොරතුරු ටිකක් දැනගත්තා හසිත මලයා..
ReplyDelete@ Dinesh
Deleteසන්තෝෂයි සන්තෝෂයි අයියණ්ඩි :)
එල තමයි ඉතින් වෙනදා වගේම ලිපිය :)
ReplyDelete@ පුබුදු
Deleteඑළකිරි සහ ජලය කිව්වාලු :D
බ්ලොග් ලියන්නවත් කොමෙන්ට් දාන්නෙවත් නැති කාලෙත් මම හසිත් ලියන ඉතිහාස කතා කියවනවා. හසිතට පොත පතේ දැනුම ලබා ගන්න පිපාසයක් තියෙනවා කියලා මේ වගේ ලිපි කියවද්දී මට දැනෙනවා. හරිම අගේ ඇති ඒ වගේම බෝහෝ වටිනා ලියමනක්.
ReplyDelete@ ළිහිණි
Deleteසන්තෝෂයි මගේ පරණ පාඨකයෙක් හඳුනාගන්න ලැබුණු එක ගැන. පොත්වලින් වගේම බාහිරවත් දැනුම ලබාගන්න ලොකු පිපාසාවක් තියෙන බව හැබෑව. ඒක අනිත් අයටත් බෙදලා දෙන්න නොඉවසිල්ලක් තියෙන බවත් හැබෑව :)
එතනනම් සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තටම මටනම් හිතෙන්නේ ඔහු වීරයෙක් කියල.
ReplyDelete@ අසරණයා
Deleteමමත් එහෙම හිතනවා අයියා. යම් යම් තැන්වල ප්‍රශ්න තිබුණත් කාලීන අවශ්‍යතාව හඳුනාගෙන කැප්පෙටිපොළ දිසාවේ ක්‍රියා කළා කියලා මම හිතනවා.
godak hodai mama meka mage page ekata demma . oya kemathinam mawa add karaganna mama oyawa hamuwenna ashai ( facebook.com/lahiru.vimukthi
ReplyDeleteමම දන්නේ නෑ හසිතගෙ අදහස මොකක්ද කියලා.. ඒ වුනාට කෙනෙක් මහන්සියෙන් ලියපු දෙයක් ගෙඩිය පිටින් කොපි කරලා වෙන තැනක දාන එක හරි නෑ නේද?..
Deleteඅනික වෙබ් සම්ප්‍රදාය තමයි දෙයක් කොපි කරලා වෙන තැනකට නොදා ඊට සබැඳියක් යෙදීම.. ඔයා මේක අරන් ඔයාගේ පේජ් එකේ දාන්නෙ වැඩි දෙනෙකුට කියවීමේ අවස්ථාව දීමේ අරමුණින් නම් ඔයාට ලේසියෙන් පුලුවන් මාතෘකාවත් ලිපිය ගැන පොඩි හැඳින්වීමකුත් එක්ක මේ ලිපියට සබැඳියක් දෙන්න... එතකොට ලිපිය පිළිබඳ උනන්දුවක් ඇති අය මෙතනට ඇවිත් කියවාවි..
හරි ++++++++++
Delete@ Anonymous August 6, 2012 1:08 AM
Deleteබොහොම අමාරුවෙන් ඔයාගේ පේජ් එක හොයාගෙන මම ලිපිය බැලුවා. ඒකේ අන්තිමට උපුටාගත්තු ස්ථානය සඳහන් කරන්න කාරුණික වීම ගැන ස්තුතියි. කොහොම නමුත් මේ වගේ දෙයක් කරන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන් නම් වටිනවා. ඒ වගේමයි හරී කියපු දේ කරන්න පුලුවන් නම් තමා වඩාත් හොඳ :)
@ හරී
Deleteඔයාගේ අදහසට 100 % ක් එකඟයි. ඒත් සමහරු එහෙම කරන්නේ නැහැනේ. ඒත් කමක් නැහැ උපුටාගැනීමක් කියලා උපුටාගත්තු තැන දාන්නවත් මනුස්සකමක් තියෙනවා නම්. ක්සැන්ඩර් අයියයි අනිත් අයත් එක්ක මීට කලිනුත් එහෙම දෙයක් කරපු මනුස්සයෙක්ට විරුද්ධව අපි එකතු වුණානේ...
@ අසරණයා
Delete:D
දිගයි කියලා දන්නේ කමෙන්ට්ස් වලින්. නියම ලිපියක් හසිත.. ජයවේවා!!!
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteදැන් නම් කොහොමත් දිග වැඩියි අයියා. කමෙන්ට්ස් බර තොගයක් එකතු වෙලා තියෙන්නේ... :D
මට ජනප්‍රවාදයේ එන කතාවක් මතක් උනා. කැප්පෙටිපොල නිලමේ ඉංග්‍රීසි සේනාව එක්ක එනකොට ඒ සේනාවේ හිටි දවුන්ඩයා කියන බෙර කාරයා මෙහෙම(මේ වගේ වචන..) කිවුවලු.. ඉස්සර නම් මං රණ බෙරේ ගැහුවේ සිංහල මිනිස්සුන්ගේ පැත්තේ ඉඳන් අද ගහන්නේ සිංහල මිනිස්සුන්ට විරුද්දව .. ඒ කතාවට කැප්පෙටිපොළගේ හිත ක්ෂණයකින් වෙනස් උනාකියලා.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඒ ජනප්‍රවාදෙත් ඇත්තක් තියෙන්න පුලුවන් අයියේ. ඒ වෙලාවේම කොහුකුඹුරේ හරි බූටෑවේ රටේරාළගේ කතාව ඇහුවාට පස්සේ කැප්පෙටිපොළ දිසාවේ කැරැල්ලට එකතුවෙන්න තීරණය කරන්න ඇති.
පෘතුගීසි කාලේ උඩරට ආක්‍රමණ හුඟක් ව්‍යර්ථ වෙන්නේ පෘතුගීසීන් එක්ක එන සිංහල භටයන්ට [ලැස්කරින් භටයන්] උඩරට චරපුරුෂයෝ ගිහින් බොහොම හැඟිම්බර විදිහට රට ජාතිය ආගම ගැන, දළදාව ගැන කතා කරනවාලු. ඒක අහද්දි තමන් ඇයි සිංහලයාටම විරුද්ධ වෙන්නේ කියලා හිතලා උඩරට රජ්ජුරුවන්ගේ සේනාවට එකතු වෙනාලු
ඒ කියන්නෙ අපේ අටෙත් හැබෑ වීරයෝ වගේම හැබෑ ම පාවාදෙන්නොත් ඉඳලා තියෙනවා.
ReplyDeleteඇත්තටම වීරයෙක් බිහි වෙද්දි ඒ එක්කම පාවාදෙන්නෙකුත් බිහි වෙන එකේ ලෝක ස්වාභාවය මොකක්ද මන්දා?
@ බුද්ධි
Deleteවීරයාගේ වීරත්වය තවත් වැඩිවෙනවා පාවා දෙන්නන් නිසා. එහෙම නේද ?
ලිපිය දිග වුනත් එක හුස්මට කියෙව්වා. හරිම රසවත් ලිපියක්. ස්තුතියි හසිත වගේ දේවල් හැමදාම කියන්න ඕනෙ නෑ නේද:)
ReplyDelete@ බුද්ධි
Deleteඅයියෝ නැහැ අයියේ. ඒවා මොකක්වත් අවශ්‍ය නැහැ මේක කියවලා යමක් හිතට ගත්තා නම් හොඳටෝම ඇති :)
කැප්පෙටිපොලගෙයි මඩුගල්ලෙගෙයි අන්තිම දවස ගැන මීට කලින් මම කියවල තිබ්බ. ඒත් ආයෙත් කියවද්දී තාමත් පුදුම හිතෙනවා මරණය පෙනී පෙනීත් කොච්චර සන්සුන්ව හැසිරුනාද කියල ! ඇත්තටම පුදුම මිනිස්සු !
ReplyDeleteමේ මඩුගල්ලේ කියන්නේ මඩුවන්වෙල දිසාවගේ පරම්පරාවේ කෙනෙක් නේද ? මම කොහේ හරි දැක්ක එහෙම එකක්.
මොල්ලිගොඩ ගැනත් මම අහල තියෙන්නේ උඩරට රදලයන්ගෙන් 1818 කැරැල්ලට එකතු නොවෙච්ච එකම රදලය කියල. ඒත් ඒ වගේම අන්තිම දක්වාම ශ්රී වික්රම රාජසිංහ වෙනුවෙන් පෙනී හිටපු නායකයත් එයා කියල කියනව. ඇත්තද කියන්න මම දන්නේ නැ. ඒ අතින් බැලුවොත් ඒ මනුස්සයත් ප්රරතිපත්තියක් ඇතුව වැඩ කරලා තියෙනවා නේද ?
මඩුගල්ලේ පරපුර උඩදුම්බර පිහිටි මඩුගල්ල නම් ගමෙන් පැවත එයි.මඩුවන්වෙල පරපුර සබරගමු දිසාවෙන් එනම් වර්තමාන රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැවත එයි.
Delete@ චාමර
Deleteඇනෝනිමස් කිව්වා වගේ මඩුගල්ලේ සහ මඩුවන්වෙල අතරේ සම්බන්ධයක් නැහැ. ඒත් මඩුගල්ලේවරු රටේ මහත්තයා තනතුරේ ඉදලා තියෙනවා මඩුවන්වෙල රටේ මහත්තයා වගේම.
මඩුගල්ලේ උඩ ගබඩා නිළමේගේ [1818 කැරැල්ලට සම්බන්ධ] සහෝදරයෙක් වුණු මඩුගල්ලේ ගජනායක නිළමෙගේ පුතෙක් දුම්බර රටේ මහත්තයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා "මඩුගල්ලේ දුම්බර රටේ මහත්තයා" කියලා.
මොල්ලිගොඩ කියන්නේ බොහොම සට කපට පුද්ගලයෙක්. ඇහැලේපොළ සහ ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා අතර ගැටුම නිර්මාණය කරන්න මුල්වෙන්නේ ඔහු කියලයි කියන්නේ. ඒ වගේමයි රජතුමා බේබද්දෙක් කරන්නේත් ඔහු.
අන්තිම දක්වා රජු වෙනුවෙන් පෙනී හිටියා කියන කතාවත් අසත්‍යයි. තමන්ගේ අඹු දරුවන් මහනුවරින් පිටත් කරගන්නකම් බොරුවට සටන් කරනවා වගේ පෙන්නපු මොල්ලිගොඩ අන්තිමට ඉංග්‍රීසීන් එක්ක එකතු වෙනවා.
1818 කැරැල්ලට මොල්ලිගොඩ එකතු නොවුණු බව හැබෑව. හැබැයි එකතු නොවුණු එකම රදළයා කියන්නත් බැහැ. තව රදළයෝ හිටියා ඉංග්‍රීසීන් එක්ක හිටිය. ඒත් මොල්ලිගොඩ එකතු නොවුණු එක කැරලිකාරයන්ට ලොකු පාඩුවක් නම් වුණා.
එයා ගැන මම කලින් ලියපු ශ්‍රී වික්රම රාජසිංහ රජතුමා පාවා දුන් අය ගැන ලිපියේ තියෙනවා.
@ Anonymous August 6, 2012 9:25 PM
Deleteස්තුතියි කරුණු කිව්වාට :)
ඉතාම වැදගත් විස්තරයක්....තව තවත් මේවැනි ලිපි ලියන්න.....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්
Deleteඅනිවාර්යයෙන්ම :)
ජාතිය ගැන පුදුම කැක්කුමක් හදවතේඇතිවෙනව හසිත ලිපිය දිගටම කියෙව්වම..!
ReplyDeleteඒ කට අදකාලෙ...ෂික්..!!!
@ වීපොකුර
Deleteමගේ අරමුණ සාර්ථකයි ඒ කියන්නේ....
වර්ණාගේ කමෙන්ට් එක මගේ අතින් මැකුණානේ. සමාවෙන්න ඕනේ ඒක ගැන...
ReplyDeleteමෙන්න ඒකට මම දීපු පිළිතුර
@ වර්ණා
ස්තුතියි වැදගත් විස්තරයක් කියවලා යන්න ආවාට :)
ඒකතමයි මම හෙව්වානේ :)
Delete@ වර්ණා
Deleteමට හිතුණා :)
මේ දවස්වල නෑයෝ පිරිලා ගෙදර හසිත. පෝස්ට් එක හිමින් නොකියවා කමෙන්ට් එකක් දාන්ට බෑ. පස්සේ හොඳ කමෙන්ට් එකක් දාන කල්, නම ලකුණු කරලා යන්නම්.
ReplyDeleteලකුණු එහෙම අඩු කරන්ට ඔට්ටු නෑ.:D
@ Podi Kumarihami
Deleteඅනිවාර්යයෙන්ම පොඩි කුමාරිහාමිගේ හොඳ කමෙන්ට් එක මම බලාපොරොත්තුවෙන් ඉන්නේ :) ලකුණු කිසිවක් අඩු නොවන බව සහතික කරමි :D
// 1817 අර කලින් කියපු විදිහට වෙල්ලස්ස ප්‍රදේශවල ඇතිවුණු අර්බුදකාරී තත්වයත් එක්කම ඒ තත්වය මැඬ පවත්වන්න ඉංග්‍රීසීන් කටයුතු කරද්දී කැරලි මැඩලන්න එකතු වුණු ඌවේ මහ දිසාවේ කැප්පෙටිපොළ //
ReplyDeleteමෙතන මට පැහැදිලි මදි හසිත. කැප්පෙටිපොළ ඒ කියන්නෙ කලින් ඉංග්‍රීසීන්ට එකතු වෙලා හිටියද ?
සෙන්නා, ඇයි ඉස්කෝලෙ යන කාලේ කියෝපු "වීර කැප්පෙටිපොල මහ අධිකාරම" කියන පාඩම මතක නැද්ද?
Deleteමම පැනලා දුන්නට හසිත විස්තර කියයි. එතුමා ඒ වෙලාවේ කියපු ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා දැන් මට මතක නැති උනාට :P
මතක නෑනෙ බන්.. මේ මතක නැතිවෙන එක බෝවෙන ලෙඩක් වෙලාවත්ද ? මම මේ ලඟදි බ්ලොග් එකක ලිපියක් කියෙව්වා.. ඒකෙ ඇඩ්මින්ට ඌට බ්ලොග් එකක් තියනවා කියලා අමතක වෙලා.. පස්සෙ කට්ටිය අහනකොට තමයි මතක් වෙලා තියෙන්නෙ ආ මටත් බ්ලොග් එකක් තියනවනෙ ඒකෙ මොනවා හරි ලියන්ඩ ඕනා කියලා.. දැන් මට ඒ බ්ලොග් එකේ නම මතක නෑ..
Delete@ සෙන්නා
Deleteඔව් ඔව් කැප්පෙටිපොළ මුලින් ඉංග්‍රීසීන්ගේ පැත්තේ තමා හිටියේ. 1815 ඉංග්‍රීසීන්ට උඩරට ඇතුළු මුළු ලංකාවම යටත් වීමත් එක්ක ඉංග්‍රීසී පාලනය යටතේ ඌවේ මහ දිසාවේ තනතුරු දැරුවේ කැප්පෙටිපොළ.
ඒ වගේමයි 1817 සැප්තැම්බර් මාසයේදී කැරැල්ල ආරම්භ වෙනවා හජ්ජු මුහන්දිරම්ව මරා දැමීමෙන්. ඒ කාලයේ කිසිම ප්‍රධාන රදළයෙක් කැරැල්ලට එකතු වෙලා හිටියේ නැහැ. කොහුකුඹුරේ රටේරාළ, බූටෑවේ රටේරාළ, කිවුලේගෙදර මොහොට්ටාල වගේ ප්‍රාදේශීය ප්‍රධානීන් විතරයි කැරැල්ලේ හිටියේ...
වෙල්ලස්ස ප්‍රදේශයේ කැරැල්ල ව්‍යාප්ත වීමත් එක්ක වෙල්ලස්සේ දිසාව වුණු මිල්ලෑව නාකි නිසා වෙල්ලස්සේ කැරැල්ල මර්දනයට සුදුසුම පුද්ගලයා විදිහට ඉංග්‍රීසීන් තෝරාගන්නේ කැප්පෙටිපොළව. ඇහැලේපොළත් මේකට තමන්ගේ මස්සිනා සුදුසු බව තහවුරු කරනවා.
පස්සේ තමා 1817 නොවැම්බර් කැප්පෙටිපොළ 5000 ක් පමණ වෙන ඉංග්‍රීසී භට පිරිසක් එක්ක වෙල්ලස්සට යන්නේ. පස්සේ තමා එතුමා ඉංග්‍රීසි පක්ෂය අත හැරලා කැරැල්ලට එකතු වෙන්නේ...
@ බුද්ධි
Deleteකැප්පෙටිපොළ ගැන පාඩමකුත් තිබුණාද ? මට නම් මතක නැහැ අයියේ...
ඒත් ඒ කතාවෙන් හොඳ මාතෘකාවක් එළියට ආවා... කැප්පෙටිපොළ මහා අදිකාරම කියන එකේ ගැටළුවක් තියෙනවා. කැප්පෙටිපොළ අදිකාරම් වුණේ ව්‍යාර රජෙක් යටතේ නිසා වගේම ඒ ව්‍යාජ රජතුමාව ලංකාවේ රජතුමෙක් විදිහට පිළිගන්නේත් නැති නිසාත් කැප්පෙටිපොළ මහ අදිකාරම් කියලා කියන එක වැරදියි. කැප්පෙටිපොළ මහ නිළමේ කියන එකත් වැරදියි. මොකද මහ නිළමේ කියලා භාවිතා කරලා තියෙන්නේ "අදිකාරම්" ධූරය දරපු හෝ දරන අයව. [ඇහැලේපොළට නම් මහ නිළමේ කියන්න පුලුවන්]
ඒ නිසා කැප්පෙටිපොළ නිළමේ කියලා යොදාගන්න පුලුවන්. මොකද උඩරට පාලන ක්‍රමයේදී රජතුමා විසින් පත් කරපු නිලධාරීන්ට නිළමේ කියලා භාවිතා කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් "කැප්පෙටිපොළ මහ දිසාවේ" කියලා භාවිතා කරන්න පුලුවන්. මම නම් හිතන්නේ නිවැරදිම යෙදුම තමා ඒක. මෙතන මහ දිසාව කියලා යෙදෙන්නේ ප්‍රධාන දිසාවන් හතරෙන් එකක් වුණු ඌවේ දිසාවේ විදිහට කැප්පෙටිපොළ හිටිය නිසා. නැත්නම් නිකම්ම දිසාවේ කියලා තමා යෙදෙන්න ඕනේ...
ආහ් කතාවෙන් කතාවෙන් කියන්න ඕනේ දේත් අමතක වුනා කැප්පෙටිපොළ මහ දිසාවේ කරපු අභීත ප්‍රකාශය තමා ඉංග්‍රීසීන්ගේ පක්ෂය අත හැරලා කැරලිකරුවන්ට එකතු වුණු අවස්ථාවේදී තමන් එක්ක ආපු ඉංග්‍රීසි භටයන් 5000 තමන්ගේ ආයුධත් එක්ක පිටත් කරපු කියපු "තොපගේ ආයුධව උදුරාගෙන තොපටම පහර දෙන්නම තරම් සිංහලයන් නිවට නොවේ" කියලා නේ....
උඩ ටික බලාගෙන යද්දිත් මට හිතුනෙ කතාවෙන් කතාවෙන් කියන්න ඕනේ දේත් අමතකවෙලා කියලා තමා..
Delete@ හරී
Deleteඋඩ ටිකත් මේ සටහනටම අදාළයි නොවැ. ඒක නිසා චාන්ස් එකක් ආපු වෙලාවේ ඒකත් කියලාම දැම්මා :D
ස්තූතියි හසිත.. මම ඔය එකක්වත් දැනගෙන හිටියේනෑ.. ඒත් මට හිතුනේ මට මතක නැති වෙලා කියලා..:D
Deleteසෙන්නා, :P
Deleteහසිත,
ඒ කියන්නෙ පෙල පොත් කතාවේ මෘතෘකවම වැරදියි! හයියෝ ෂල්ලි
@ බුද්ධි
Deleteඅයියෝ බාල පරම්පරාව තමා :(
@ සෙන්නා
Delete:D
ලිපිය හිමිට කියවන්න දවසක් ගියා.. කොමෙන්ටු ටික කියවන්න තව දවසක් ගියා
ReplyDeleteයාන්තන් ඉවරයි.. :)
ලංකාවේ අනාගතය ? ... ඒකත් ඉවරයි :)
@ Tiraj Adikari
Deleteඔන්න අදත් දිග කමෙන්ට්ස් ටිකක් එකතු වුණා අයියා. ඒවා කියවන්නත් දවසක් යාවිද දන්නේ නැහැ :) ඒක නෙමේ මොකද මේ ලංකාවේ අනාගතය ඉවරයි කියලා හිනාවෙන්නේ ???
නිකං ඉන්න ගමන් හර්ඩ් ඩිස්ක් එකක් අරන් බැලුවා .. "Made in Malaysia"
Deleteවයර් කෑල්ලක් අරන් බැලුවා "Made in Myanmar"
තද වෙච්චි පාර පොල් කටු හැන්දක් අරන් බැලුවා "Made in Thailand" !!!
හ්ම්ම්ම් .. කොහොම තිබිච්චි රටවල්ද ? ... අපි නම් යන්නේ රිවර්ස් එකට
ලංකාවේ බල්ලන්ට දෙන කෑම එක පවා ගෙන්නන්නේ තායිලන්තෙන් ...
ඉතිහාසෙන් නොකඩවා ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්වන පාඩම් සියල්ල දැන දැනම අමතක කර දාල ... පාලකයන් වෙනස්කිරිමෙන් සියලු ප්‍රශ්න විසඳෙයි කියල සිතන බහුතරයක් තාමත් ඉන්න හැටි දැක්කහම ලංකාවේ අනාගතය ගැන තව දුරටත් හිතල අඬන්නද , හිනා වෙන්නද කියල තෝර ගන්න බැරුව ගියා. මොකට අඬනවද ? හිනාවෙමු නේද ?
:)
@ Tiraj Adikari
Deleteඒකත් ඇත්ත තමා අයියේ. අතීත පුරාජේරුව හැමදාම කියවන අපේ අය දැක්කාම අපේ අනාගතය ගැන හැමදාම අඬන එකත් තේරුමක් නැහැ තමා. ඒත් හිනාවෙවීත් ඉන්නේ නැතුව මේක වෙනස් කරන්න පුලුවන් විදිහට වැඩ කරන්න ඕනේ....
ගොඩක් වටින ලිපියක්..!
ReplyDelete@ නන්ඳු
Deleteස්තුතියි අගය කළාට :)
වෙනද වගේම වටිනා ලිපියක්..
ReplyDeleteමට මේ නම් මතක තියාගන්න බැරි හින්ද ගොඩක් ඒවා පැටලිලා තියෙන්නේ... :)
@ සඳ තරු නිහඩයි
Deleteහෙමින් සැරේ ආයි පාරක් කියවලා බලන්න. නම් ටිකෙන් ටිකක් හරි මතක හිටීවි :)
කියන්න වචන නෑ!
ReplyDeleteමේ වගේ ගවේෂණාත්මක ලිපි තමා අපිට අවශ්‍ය
@ සියාතු
Deleteඒ වගේමයි ඒ වගේ ලිපි කියවන්නත් ඔයාලා වගේ කට්ටිය අපිට අවශ්‍යයි. ස්තුතියි :)
මේ බ්ලොග් එකට ආගිය කතා නොව අතීත කතා කියලා තිබ්බා නම් වඩා උචිතයි..,
ReplyDeleteහරිම වටින තොරතුරු කලසක්..!
ජය පතමි..!
@ Lishan Puwakowita
Deleteඑහෙමත් වුණා නම් හොඳයි තමා අයියා. ඒත් මේ අතීත කතා හැමදාම ලියවෙන්නේ නැහැනේ... ඒක නිසා ආගිය කතාම වුණාවේ :)
තමන්ගෙ සබ්ජෙක්ට් එකට මෙහෙම කැපවුනු පුද්ගලයොත් ඉන්නවනෙ! :)
ReplyDeleteඉතිහාසය පාඩම උනාට වෙනදෙයක් ඉගෙනගත්තා හසිත, අර නිළමෙලගෙ අත් අකුරු දැක්කම අපේ අත් අකුරු හොඳයි කියලා හිතුනා. :D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
Duuude, He didn't have a ballpoint to use. Probably scratched it out with a quill pen.
Delete@ Dude
Deleteතමන්ගේ සබ්ජෙක්ට් එකට කැපවුණු පුද්ගලයෝ ලංකාවේම කොච්චර නම් ඉන්නවාද ? විශේෂයෙන්ම හොඳ පැත්තටත් වඩා නරක පැත්තට :D
නිළමේලාගේ අත් අකුරු ගැන ගත්තොත් මේ කාලේ තමා ලස්සන බෝල අකුරු තියෙන්නේ. ඒ කාලේ අකුරුවල ස්ටයිල් එක තමා මේ. අයියා උඩරට ගිවිසුමේ අකුරු දැකලා තියෙනවාද ? ඊට වඩා නම් අපි ලියන අකුරු දහස් වාරයක් හොඳා :)
@ shammi
DeleteDude කිව්වා වගේම මේ ඒ කාලේ අකුරු ස්ටයිල් එක නිසා වගේම පිහාටු පෑන නිසාත් වෙන්න ඇති. අනික ඒ කාලේ නිළමේලා එච්චර අකුරු ලියලාත් නැහැනේ. හුඟක් නියෝග කට වචනයෙන්නේ දීලා තියෙන්නේ. එතකොට ඉදලා හිටලා අකුරු ලියද්දී මෙහෙම වෙනවා ඇති :)
අවුරුදු ගානක් එක දිගට කොම්පුටරේ පාවිච්චි කරලා , දැන් මැණික්කටුව ගල් වෙලා. ඇත්තම කියනවා නම් සමහර වෙලාවට සුමානකෙකටවත් පෑනක් ඇල්ලෙන්නේ නැහැ. හදිස්සියෙවත් අස්සන් කරන්න උනොත් වෙන කොලේක අස්සන් 5-6 ගහල ට්‍රය් කරලා තමයි හරි තැන අස්සන් කරන්නේ. ( වැඩේ එච්චරටම දරුණුයි ). ඉස්කෝලේ යන කාලේ සෙක්ෂන් එකේ හොඳම අත් අකුරු මගේ. දැන් නම් බල්ලොත් බත් නොකති මගේ අකුරු දැක්කහම. මේ කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති මේක. ඒ කාලෙත් ලිවිම අඩු නිසා එහෙම වෙන්න ඇති. එහෙම බලනකොට මේ අකුරු නම් බොහොම අගෙයි.
Delete:)
@ Tiraj Adikari
Deleteආහ් මේ තියෙන්නේ සජීවී උදාහරණ... කොහොම නමුත් මම නම් මේ අකුරු ස්ටයිල් එකට කැමතියි. අමුතු ගතියක් තියෙන්නේ... :)
මගේ නම් මුතු කැට වගේ අකුරු ටික විනාශ වුනේ කැම්පස් එකට ඇවිල්ලා තමා. lecturers ලාගේ ස්පීඩ් එකට සෙට් වෙන්න ගිහින් තමා ඒ විනාශේ වුණේ :(
විල්බාව සහ අල්ගම කියන ගම් 2කම සත්කෝරලයේ එනම් කුරුණෑගල පැත්තේ පුරාණ ගම් 2ක්,විල්බාව දේවාලේ ගොඩක් පැරණි දේවාලයක් මේ ලගදි විල්බාව පෙරහැර විදි සංචාරය කරා.කමෙන්ට් ඔක්කොම කියවන්න වෙලාව මදි පස්සේ කිවන්නම් මේ ලිපිවල කමෙන්ට් වලිනුත් ගොඩක් කරුණු පැහැදිලි වෙනවනේ,ඉදිරියටත් මේවගේ ලිපි ලියන්න,වෙලාව හම්බ උනාම කියවන්නම්,තවත් මෙවන් ගවේෂණාත්මක ලිපි ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteරනා
@ රනා
Deleteමේ සටහන වගේම කමෙන්ට්ස් ටිකත් වැදගත් තමා අයියා. අටුවා, ටීකා, ටිප්පණි ගොඩක් ඒවායේත් තියෙනවා.... ස්තුතියි සුභාශිංසනයට.
අයියා කිව්ව මේ විල්බාව දේවාලයේ මොන දෙවියන්ට අයිති දේවාලයක්ද ??
හසිත, මා බ්ලොගයන් ගොඩක් බලන කෙනෙක් නොවේ. ඔබගේ බ්ලොගයත් මා මිට කලින් කියවලා තියෙන්න පුළුවන් උනත්, නිච්චියක් නැහැ. නමුත් ඔබගේ කොමෙන්ටු ටික දැක්කහම මේ කවුද කියලා බලන්න උනන්දුවක් ඇති කළා. මා මුලින්ම කියවුවේ මේ ලිපියයි. එය ලියා තියන විදිහත්, ඉදිරිපත් කර තියන විලාශයත් අපූරුයි. අනික්වා පුළුවන් වෙන වෙලාවක කියවන්නම්. ඔබ ආසා කරන ක්ෂේත්‍රයක් ඉගෙන ගන්නවා කියන එක ගැන සතුටුයි. අපේ ගෙදරත්, ඉතිහාස පොත් කීපයක් තිබුනා. හැබැයි මා ලංකා ඉතිහාසය වැඩියෙන්ම කියවුවේ අපේ පාසල් පුස්තකාලයෙන්. එහි අනර්ඝ ඉතිහාස පොත් රාශියක් තිබුනා. ලියල තිබුනේ "ද සිල්වලා" වගේ නම් තිබුණු කට්ටිය. මට දැන් මතක් වෙන්නේ නැහැ ඒ නම්. මට මේ ලිපියෙන් එක පාරටම මතක් උනේ ඒ කාලය. මගේ බ්ලොගයට දාල තිබුන ඔබගේ එක කොමෙන්ටුවක් මගේ සිත තදින් ඇද ගත්තා. ඒ තමා " මමත් අනුගමනය කරන ප්‍රතිපත්තියක් තමා බ්ලොග් සටහනක් කියෙව්වාම පුලුවන් හැම වේලාවේම ඒකට ප්‍රතිචාරයක් එකතු කරන එක. ඒකෙන් කිසියම්ම් ආකාරයකට ධනාත්මක බලපෑමක් සිදුවෙයි කියලා මම විශ්වාස කරනවා" කියන එක. මා ඒ කතාව අගය කරන්නේ, ඔබ නිකම්ම කොමෙන්ටු දැමීමක් නොකරන නිසා. අද ගොඩක් බ්ලොගයන් වල තරු ලකුණුයි, මා එක කියන එකයි, තිතුයි, කුණුහරුපයි, කියවන්න බැරි ඉංගිරිසියෙන් ලියන (නිකනුත් නොවේ කැපිටල් අකුරු වලින්) සිංහලයි තමා වැඩිපුර ප්‍රතිචාර ලෙස තියෙන්නේ. සමහර වෙලාවට මා ඒවා දැක්කහම ප්‍රතිචාරයක් දාන්න හිතලත් නොදා යනවා. අනික තමා මා ප්‍රතිචාරයක් දානවා නම් දාන්නේ, කතුවරයාට. ගොඩක් දෙනා මේවට පිළිතුරු දෙන්නේ නැහැ. එහෙම ඒවාට ප්‍රතිචාර දාන්න මා කරදර වෙන්නේ නැහැ. අනික තමා හසිත, ඔස්තාද්ලා නේ ගොඩක් ඉන්නේ.
ReplyDelete@ Raigama
Deleteපළමුවෙන ස්තුතියි මාව වගේම මගේ blog එකත් අගය කළාට.
සී.ආර්. ද සිල්වා කියලා ඉතිහාසඥයෙක් සිටිය බව අහලා තියෙනවා. එතුමාගේ පොත් වෙන්න ඕනේ පාසල් පුස්තකාලයේ තියෙන්න ඇත්තේ...
ඔබේ බ්ලොග් අඩවියේ මම දාපු කමෙන්ට් එකට නැවත වතාවක් දැක්කාම වගේම ඔබේ ප්‍රතිචාරයක් ලබාදීමේ කතාවක් එක්ක මට තව දෙයක් මතක් වුණා. ඒ තමා මමත් හැකි සෑමවිටම පාඨකයන්ගේ ප්‍රතිචාරවලට උත්තර දෙනවා කියන එක.
මොකද මම පෞද්ගලිකව අත් දැකලා තේරුම් ගත්තු දෙයක් තමා අපි වුණත් අපේ ප්‍රතිචාරවලට ඒ බ්ලොග් අඩවියේ කතුවරයා පිළිතුරු දෙනවාට අපි කැමති නම් ඇයි අපේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාරවලට අපි පිළිතුරු නොදෙන්නේ කියන එක. [අත්තානං උපමං කත්වා :)]
අපූරූ සංවාදයක්! නමුත් මගේ කැප්පෙටිපොල ගැන මතය නම් වෙනස්.
ReplyDeleteඔබේ සටහන මෙන්ම ඒ වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිචාරද නැවත නැවතත් සිතන්නට පොළඹවයි. ස්තුතියි හසිත. මේ සටහන් වෙත මා යොමුව්නේ අදයි.
ReplyDeleteපට්ට වැදගත් ලිපියක්
ReplyDeleteඉතාම වටිනවා. මේ ලිපිය දක්නට ලැබුණේ අහම්බෙන්.මෙපමණ කලක් නොදැකීම ගැන පසුතැවෙමින් ඔබට ස්තුතියි කියන්නට අවසර දෙන්න.
ReplyDeleteනියමයි...... ගොඩක් දේවල් දැන කියා ගත්තා....
ReplyDeleteමොල්ලිගොඩ එක්ක ඉංග්‍රීසින්ට සහය උන එක්නැලිගොඩ කියලා නිලමේ කෙනෙක් හිටියා නේද ?
ලිපිය වගේම සංවාදයට එක් වුන සියලුම අදහස් වල ද වටිනාකම බොහොම ඉහළයි. මේ වගේ විස්තර තවත් ගැඹුරට හදාරන්න හොදම ග්‍රන්ථ දෙකක් මේ
ReplyDelete1. මුරුසි දූපතේ සිංහල සිරකරුවෝ - බණ්ඩාර මනතුංග සහ අනුර මනතුංග -2013
2. ඇහැලෙ පොල දෙවෙනි රජ්ජුරුවෝ - මහාචාර්ය මනතුංග - (මේ ග්‍රන්ථයේ වටිනාකම ගැන මාත් අසා තිබෙනවා පමණයි.)
ග්‍රන්ථ දෙකම කර්තෘ ප්‍රකාශන
සේරම අය මට සමාවන්න. ඉහත ග්‍රන්ථ වල ප්‍රකාශන කර්තෘ ප්‍රකාශන ලෙස සඳහන්ව ඇත්තේ ප්‍රමාද දෝෂයකින් නිවැරදි විස්තර මෙසේයි.
ReplyDelete1. මුරුසි දූපතේ සිංහල සිරකරුවෝ - බණ්ඩාර මනතුංග සහ අනුර මනතුංග - ඊ.එම්.අයි. පී. ඒකනායක,77ඒ/51,සෙන්ට්‍රල් ගාර්ඩ්න්ස්,රද්දොළුගම- 2013
2. ඇහැලෙ පොල දෙවෙනි රජ්ජුරුවෝ - මහාචාර්ය මනතුංග - සමන්ති ප්‍රකාශකයෝ - ජාඇල-2005(මේ ග්‍රන්ථයේ වටිනාකම ගැන මා අසා තිබෙනවා පමණයි.පොත් ලබාගන්න තවම හැකි වී නැහැ)
උඹට පිං! එච්චරයි කියන්න තියෙන්නෙ..
ReplyDeleteගොඩක්ම වටිනා ලිපියක්. බොහොමත්ම ස්තුතියි.
ReplyDelete