Wednesday, March 31, 2010

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ


මේ කතාවෙන් මම කියන්න යන්නේ කතරගම ගිය ගමනක් ගැන නෙමෙයි.
මොකක් හරි වැඩක් අපි කරනවා නම් අපි ඒක කරන්න ඕනේ අපි කරන්නේ මොකක්ද කියලා අවබෝධයකින් යුක්තව කියන එක පැහැදිලි කරන කතාවක්.

අපේ ගුරුතුමී කෙනෙක්ගේ ගෙදර පහුගිය දවසක "සබ්බ පාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා" කියන ගාථාව 1080 වරක් සජ්ඣායනය කිරීමක් සිදුවුණා. මේ කාර්යයේ අරමුණ වුණේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමයින්ට සෙත් පැතීම වැනි කරුණු. ඉතින් මේ ගාථාව 540 වරක් සජ්ඣායනය කරලා කට්ටිය පොඩි විවේකයක් ගත්තා.

ඒ වෙලාවේ එක ළමයෙක් අහනවා "අපි මෙච්චර වෙලා කියපු ගාථාවේ තේරුම මොකක්ද? " කියලා. පස්සේ තවත් ළමයෙක් එයාට පැහැදිලි කරලා දුන්නා මේ ගාථාවේ තේරුම.

ඉතින් අර ළමයා එච්චර වෙලා ගාථාව සජ්ඣායනය කරලා තිබුණේ තමන් කියන්නේ මොකක්ද කියලවත් අවබෝධයක් නැතිව.

ඉතින් මම මේ කතාවෙන් කියන්න උත්සහ කළේ අපිත් අපේ ජීවිතේදී කොච්චර වැඩ කරනවා ඇද්ද කරන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැතිව. පොඩ්ඩක් ඒක ගැන හිතන්න. මේක ගැන ඔයාලා මොකද හිතන්නේ.

මෙන්න සංවාදයට ඉඩ

10 comments:

  1. හොඳ ආරම්භයක්. ඔහොම යමු.

    කතන්දරකාරයා

    ReplyDelete
  2. කතන්දර ශූරීන්ගෙනුත් කමෙන්ට් එකක් ඇවිල්ලා නේ. අයිසමා ගුණ්ඩු කිව්වලු. බොහොම ස්තුතියි සහෝදරයා..........

    ReplyDelete
  3. ඒ වුනාට අපි යමක් කරනවා‍ කියලා දැනගන්නත් මනාව පිහිටුවාගත් සිහියක් මුලින් ම අවශ්‍යයි කියලයි මට නම් හිතෙන්නෙ. ගොඩක් වෙලාවට‍ වෙන්නෙ ක්‍රියාවට පස්සෙ තමයි එය කළ බව තේරුම් ගන්නෙ. ඊට පස්සෙයි කල්පනා කරන්නෙ. එතකොට ඉතින් ආඳා ගිහින් ඉවරයි. දැන් ඔය ගාථා‍ කීම උනත් අනික් අය කරනවට කරලා පස්සෙ තමයි තමන් ‍මොන‍වද මේ කරන්නෙ කියලා තේරුම් ගන්න ඇත්තෙ. හොඳයි ඒ ළමයා ඊට පස්සෙ තේරුම් ගන්න නැද්ද තමන් කළ වැ‍ඩේ ඊට වඩා‍‍ හොඳින් කරන්න තිබුනා කියලා?

    ඉතින් සචිත්ත පරියෝ දපනං කියන පදය තමයි වඩාත් ම වැදගත්.

    ReplyDelete
  4. හරියට හරි. ඒ ගාථාවේමත් එහෙම කියනවානේ.

    මේකෙදී තවත් වැදගත් දෙයක් තමයි මම හිතන විදිහට යොනිසො මනසිකාර හෙවත් එළඹ සිටින සිහිය. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවන් වලදී තමන් කරන්නේ මොකක්ද කියලා සිහියෙන් ඉන්න එක.

    කොහොම වෙතත් අර ළමයා ඒ සිදුවීමෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා තමා එතන හිටපු අපි හැමෝගෙම අදහස වුණේ.

    ReplyDelete
  5. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානුශාසනං

    සියලු පව් වලින් වැලකීම
    කුසල්ම ‍රැස් කිරීම
    පිරිසිදු සිතක් ඇති කර ගැනීම
    මෙය වනාහි සියලුම බුදු වරුන් ගේ අනුශාසනවයි.

    ReplyDelete
  6. බොහෝ දෙනාගේ හිතසුව පිණිස සම්පූර්ණ ගාථාව දැක්වූවට පිං.......

    ReplyDelete
  7. but hema welawakadima apita karanna thiyenne mokadda kiyana eka hitha ganna beri point thibee(GW)

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      ඒ වුනත් හැමවිටම එළඹ සිටි සුවයෙන් සිටීම තමා බුදු දහමේ අවධාරණය කරන්නේ

      Delete
  8. ඔය විදිහට යම් ගාථාවක් වාර ගණනක් කියන්නේ ඇයි..? වාර ගණන වැඩි වෙද්දි මොකෝ වෙන්නෙ/

    ReplyDelete
    Replies
    1. @ හරී

      …එහෙම එකම ගාථාව වැඩි වාර ගණනක් කියද්දී කිසියම් බලයක් ගොඩනැගෙන බවයි විශ්වාස කරන්නේ...

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................