I විමලධර්මසූරිය රජතුමා
ඔස්ට්‍රියාවේ දොන් ජුවන් නමින් බෞතිස්ම ලබලා පෘතුගීසීන් යටතේ වැඩුණු උඩරට රදළ ප්‍රභූවරයෙක් වගේම උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාරගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර 1592 උඩරට බලා පිටත් වුණේ සීතාවක රාජසිංහ රජතුමාට එරෙහිව කන්ද උඩරට පෘතුගීසි හිතවත් පාලනයක් ඇති කරලා සීතාවක බලය මර්දනය කරන්න.
මේ යටතේ උඩරට සිටි පාලක කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු විදිහට පෘතුගීසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ වුණත් ක්‍රමයෙන් දෙවනගල රතනාලංකාර හාමුදුරුවෝ වගේම නායක භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයත් උඩරට රදළ ප්‍රභූවරුන්ගේ සහයත් ලබාගන්න කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරව බලයෙන් පහ කරනවා. මේ සම්බන්ධ ප්‍රකට කතාව වෙන්නේ කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරට වසදීලා ඝාතනය කළා කියන එක.
ඊට පස්සේ උඩරට පාලකයා බවට පත් කරන්නේ යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන්. ඒත් මේ කුමාරයා බොහොම ලාබාල වියේ සිටි අයෙක්. මේ වගේ තත්වයක් තුළ කොනප්පු බණ්ඩාරගේ කැරලි, ආහාර හිඟය, සිංහලයන් නව රජුට පක්ෂපාතී නොවී මියයාම වගේ කරුණුත් එක්ක පෘතුගීසීන් මේ කුමාරයාත් එක්ක මන්නාරමට පසු බසිනවා. මේ කුමාරයට මොකද වුණේ කියන කතාව ඉදිරි දවසක ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්නම්

මේ වගේ අරාජික තත්වයක් ඇතුළේ කොනප්පු බණ්ඩාර 1592 දී විමලධර්මසූරිය නම්න් උඩරට රජවෙනවා. තමන්ගේ රාජ්‍යත්වය නීත්‍යානුකූල උරුමයකින් තහවුරු කරගන්න එතුමාට පුලුවන් වෙන්නේ 1594 දන්තුරේ සටනින් පෘතුගීසින් සමූලඝාතනය කරලා උඩරට නියම උරුමක්කාරිය වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ දියණිය වුණු කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනාව ලබාගෙන සරණ පාවා ගැනීමෙන්.
දළදාව මහනුවරට වඩමවා ගෙන දළදා මැදුරක් කරවලා තැන්පත් කරවීමෙන් මහජන පිළිගැනීම තමන්ගේ රාජ්‍යත්වයට ලබාගත්තා වගේම රජතුමා කන්ද උඩරට ස්ථාවරත්වයට ආර්ථික අංශය දියුණු කිරීම, හමුදා සංවිධානය තර කිරීම, ආගමික අනුග්‍රහ කිරීම වගේ කරුණු කාරණා කළ බවත් කියවෙනවා.

පෘතුගීසීන් සම්බන්ධව රජතුමාගේ ප්‍රතිපත්තිය සකසද්දී රජතුමා තේරුම් අරන් හිටියේ තමන්ට තනිවම පෘතුගීසීන් පරද්දන්න බැරිවග. නාවුක හමුදාවක් නොමැතිවීම කන්ද උඩරටට තිබුණු මූලික අඩුවක් වුණා. ඒ නිසා උඩරටට හානියක් නොවන තාක් පහතරට පෘතුගීසින්ට නිදැල්ලේ ඉන්නට හැරීමත්, පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරනවා නම් පහතරට කැරලි ඇතිකරවීමෙන් හරි කන්ද උඩරට ආසන්නයේ වුණු පෘතුගීසී පළාත්වල මිනිසුන් ලවා පෘතුගීසින්ට හානි පැමිණවීමෙන් රජතුමා ඒවා වැළැක්වූවා.
ඒ වගේමයි හැකිතාක් සටන් මග හැරීම හෝ කල් දැමීම රජතුමා කළෙත් තමන්ගේ යුධ ශක්තිය සම්බන්ධව මනා අවබෝධයක් තිබුණු නිසා
ඒ වගේමයි හැකිතාක් සටන් මග හැරීම හෝ කල් දැමීම රජතුමා කළෙත් තමන්ගේ යුධ ශක්තිය සම්බන්ධව මනා අවබෝධයක් තිබුණු නිසා
I විමලධර්මසූරිය රජු හා ලන්දේසි අද්මිරාල් ස්පිල්බර්ජන් හමුව
කොහොම නමුත් පෘතුගීසීන් පලවා හැරීමට වෙනත් විදේශ ජාතියක සහය ලබාගන්න රජතුමාගේ වුණු අපේක්ෂාව නිසාම 1602 මැයි 31 වෙනිදා ලන්දේසි ජාතික අද්මිරාල්වරයෙක් වුණු ජොරිස් වාන් ස්පිල්බර්ජන් ඇතුළු පිරිස මඩකලපුවට ගොඩ බැහැලා උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහෙනවා. ස්පිල්බර්ජන්ව රජතුමා සාදරයෙන් පිළිගන්නවා වගේම වෙළෙඳාම සම්බන්ධවත් යුද ආධාර සම්බන්ධවත් සාකච්ඡා පැවැත්වෙනවා.
ස්පිල්බර්ජන් මේ කටයුතුවලින් පස්සේ නැවත ලංකාවෙන් පිටත් වීමත් එක්කම නොවැම්බර් 28 ලන්දේසි උප අද්මිරාල්වරයෙක් වුණු සීබෝල් ද වාර්ට් තවත් පිරිසක් එක්ක ලංකාවට ඇවිත් උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහිලා සාකච්ඡා පවත්වනවා

ඒ පාර පිටත්වෙලා ගිය වාර්ට් නැවත වරක් 1603 දී මැයි නැවත ලංකාවට එනවා. ඒ අවස්ථාවේදී රජතුමා මැණික්කඩවර පෘතුගීසින්ට එරෙහි සටනක නියැලිලා ජයග්‍රාහීව මඩකළපුවට එනවා වාර්ට්ව හමුවෙන්න. මෙ අතරවාරයේ පෘතුගීසී නැව් කීපයක් අල්ලා ගන්න වාර්ට් ඇතුළු පිරිස සමත්වුණු නිසා රජතුමා වාර්ට්ට නියම කරනවා ඒ යාත්‍රා සහ ඒවායේ සිට අල්ලා ගත්තු පෘතුගීසින් නිදහස් කරන්න එපා කියලා.
ඒත් රජතුමා මඩකළපුවට එද්දී අල්ලාගත්තු පෘතුගීසි සිරකරුවන් වාර්ට් නිදහස් කරලා තිබුනු නිසා රජතුමා වාර්ට් සමඟ කෝපයෙන් ඉන්නේ. රජතුමා වාර්ට හමුවෙන අවස්ථාවේ වාර්ට් හුඟක් බීමතින් ඉන්නේ. වාර්ට් මේ අවස්ථාවේ රජතුමාට තමන්ගේ නැවට එන්න කියලා කීපවරක්ම ආරාධනා කළත් රජතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා.
ඒ නිසා වාර්ට් කියනවා රජතුමා නැවට එන්නේ නැති නිසා පෘතුගීසීන් මර්දනයට තමන් උදව් දෙන්නේ නැහැ කියලා. පස්සේ රජතුමා කියනවා වාර්ට් කලින් පොරොන්දු වුණු විදිහට ගාල්ලට ගිහින් පහරදීම කරන්න කියලා.
ඒ වගේම තමන්ගේ ඥාති සොයුරා වුණු සෙනරත් කුමාරයා කඩවත් නිරීක්ෂණයට පිටත් වෙලා නිසා අග බිසව සිටින්නේ තනියම නිසා තමන් හැකි ඉක්මණින් උඩරටට යායුතුබවත් ඊට පසුව තමන්ගේ සේනාත් අරගෙන ගාල්ලට එන්නම් කියලා. [ඒ ප්‍රකාශයෙන් ඒ වෙද්දි විමලධර්මසූරිය රජතුමා සහ ඥාති සොයුරු සෙනරත් කුමාරයා උඩරට පවතින විවාහ සිරිතක් වන "එකගෙයි කෑම" කළ බවයි පෙනෙන්නේ]

මේ වෙලාවේ සුරා මතින් සිහි විකල් කරගෙන හිටිය ලන්දේසි උප අද්මිරාල සීබෝල් ද වාර්ට් කියනවා "අග බිසවට මිනිහෙකුගෙන් හිඟයක් වෙන එකක් නැහැ" කියලා.
වාර්ට් තමන්ගේ අගබිසවට කරපු අසභ්‍ය ප්‍රකාශයත් තමන්ගෙ අණට අකීකරු වීමත් කියන කරුණු නිසා කෝපයට පත් වෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ නිලමේවරුන්ට අණ කරනවා " මේ බල්ලා බැඳ දමවු" කියලා.
එහෙම කියලා රජතුමා එතනින් බැහැර වීමත් එක්කම වාර්ට් තමන්ගේ තුවක්කුවත් අරන් කාමරයෙන් පැනලා යන්න ගියත් නිලමේවරුන් හතර දෙනා වාර්ට්ව අල්ලා ගන්නවා. වාර්ට් තමන්ගේ කඩුව අරන් එතන කලබල කරන්න වීමත් එක්ක නිලමේවරුන් වාර්ට්ගේ බෙල්ල කපා මරා දානවා

හැමෝම මේ සිදුවීම් රජතුමාට කියන්න බිය වුණත් අවසානයේදී ඒ ගැන දැනුවත් කරන්න ඕනේ නිසා ඌවේ කුමාරයා ඒ ගැන රජතුමාට කියනවා. ඒ වෙලේ රජතුමා අහනවා ඇයි තමන් කියපු විදිහට සිරභාරයට ගත්තේ නැත්තේ කියලා. ඒකට ඌවේ කුමාරයා කියනවා වාර්ට් කඩුව ඇදගත්ත නිසයි මරාදැම්මේ කියලා.
පස්සේ රජතුමා ඒ ගැන පසුතැවිලි වෙලා කියනවා " එහෙම නම් හාම්පුතාට අත්වුණු ඉරණම අනිත් අයටත් අත්විය යුතුයි. ඒ නිසා අනිත් අයවත් මරා දමන්න" කියලා. ඒ යටතේ ලන්දේසින් 50 ක් විතර සිංහල හේවායේ මරාදමනවා. සමහර අය නැව්වලට් පීනාගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා. අභය දානය ලබපු අයිසැක් ෆ්ලේවියර් කියන ලන්දේසී ජාතිකයා රාජ සේවයට එක් වෙනවා

මේ සිද්ධියට කිසියම් හේතුවක් ඇති කියලා හිතලා ලන්දේසි නැව්වල කපිතාන්ලා රජතුමාට හසුනක් එවනවා. රජතුමා ඒ හසුනට පිළිතුරු විදිහට එවනවා
Que bebem vinho ho noa. Dues fes justica, se quisiere pas, pas; se quires guerra, guerra
"සුරා බොන්නා හොඳ නැත, දෙවියන් වහන්සේ යුක්තිය ඉෂ්ට කොට තිබේ. ඔබට ඕනෑ සාමය නම් එය එසේ වනු ඇත. අවශ්‍ය යුද්ධය නම් එය ද එසේ වනු ඇත" කියලා.
රජතුමා ඊට පස්සේ මහනුවට බලා පිටත් වෙනවා. කෙසේ නමුත් ලන්දේසීන් මළ සිරුරු මිහිදන් කරන්න වගේ අවසර ලැබුණත්, ඊට පසුවත් සාකච්ඡා පැවතුණත් කලින් කියපු සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව්වෙන් පෘතුගීසි බලය මර්දනය කරන්න රජතුමා ගන්න උත්සහය අසාර්ථක වෙනවා
ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවන්ගේ බිත්තර වැළැඳූ කතන්දරය, ලෙව්කේ දිසාවෙගේ ගෙදර දානයට වැඩිය හැටි සහ කුංකුණාවේ හාමුදුරුවෝ සරණංකර සඟරජ හිමියන් බේරගත්තු හැටි ගැන කතා ඊළඟ post එකෙන් බලාපොරොත්තු වෙන්න

ආයෙමත් මලයා නියම කතා ටිකක් ලියාගෙන යනවා...
ReplyDeleteබොහෝම වටිනවා...
@ මාරයාගේ හෝරාව
Deleteස්තුතියි අයියා. තවත් සුපිරි කතා ටිකක් ඉස්සරහට :D
මරු ඈ. ආයෙම අපිට ඉතිංහාසය ඉගෙන ගන්න පුළුවන්
ReplyDelete@ prasanna86k
Deleteඉතිහාසේ ඉගෙන ගන්නාවටත් වඩා ඉතිහාසේ සැඟවුණු කතා එළිදැක්වීම තමා අරමුණ. ඒකෙන් අලුත් විදිහකට ඉතිහාසේ ඉගෙන ගන්න පුලුවන් වෙන බව හැබෑව
පිනතූරෙත් එක්ක දාපු එක වටිනවා හසිත...
ReplyDeleteගොඩක් මහන්සි වෙලා තියනවා..ස්තුතියි..
මට පේන විදිහට ඔයාට මේ වගේ අප්‍රකට කතා ලිය ලියාම ඉන්න වෙයි..මොකද හැම කතාවෙම ලිස්ට් එකට කතා එකතු වෙනවනෙ..
අනේ වාසනාවන්..
@ රූ....
Deleteඅක්කා පින්තූර කිව්වාම මතක් වුනේ මේ පින්තූරවලින් කීපයක්ම 1671 දී ලන්දේසී ජාතික Philippus Baldaeus ලියපු Description of the East Indian Countries of Malabar, Coromandel, Ceylon පොතෙන් ගත්තු ඒවා.
ඒක නිසා පින්තූරවලත් ඓතිහාසික අතින් වැදගත්කමක් තියෙනවා
අප්‍රකට කතා මට හති වැටෙනකම් ලියනවා. ඊට පස්සේ ඉවරයි :D
මගේ පරණ කතන්දරයක ප/ලි-ය මේ කතාවට සම්බන්ධයි.
ReplyDeletehttp://kathandara.blogspot.com.au/2011/12/tie-up-this-mad-dog.html
@ කතන්දර Kathandara
Deleteඑහෙම කතාවක් කසූත් කියලා තිබුණු වග මතකයේ තිබුනත් ඒක හරියට හොයාගන්න පුලුවන් වුණේ නැහැ......
/* පස්සේ රජතුමා ඒ ගැන පසුතැවිලි වෙලා කියනවා " එහෙම නම් හාම්පුතාට අත්වුණු ඉරණම අනිත් අයටත් අත්විය යුතුයි. ඒ නිසා අනිත් අයවත් මරා දමන්න" කියලා.
ReplyDelete*/
මෙහෙමත් රජවරු! කැකිල්ලේ ද?
@ කතන්දර Kathandara
Deleteරජතුමා එහෙම අනිත් අයවත් මරන්න නියම කරන්න ඇත්තේ වාර්ට් මරාදැම්මා කියන ආරංචිය නැව්වල හිටිය ලන්දේසීන්ට යෑම වළක්වන්න වෙන්න පුලුවන්.
ඒත් ඒක අසාර්ථක වෙන්නේ කීප දෙනෙක්ම පීනලා ගිහින් නැව්වලට ගොඩ වුණු නිසා
සුපිරි.... නොදන්නා කරුණු බොහොයි!!!
ReplyDelete@ අඩවි රජා
Deleteස්තුති. හැමදාම වගේ මේ පැත්තේ කරක් ගහන්න එනවාට :)
මමත් දෝන කතිරිනා ගැන ලියන්ට හිත, හිතා ඉන්නවා. ඒ කාලේ විමලධර්මසුරිය රජතුමාගේ වයස කීයක් විතර ඇතිද? ඇත්තටම දෝන කතිරිනා ඔය කියන්නා වගේ එක ගෙයි දීග කෑවද? ඒ බවක් නම් කලින් අහලා නෑ. එයාගේ රජ උරුමය හන්දා රජු මියගියාට පස්සේ මහණ වී හිටපු ඔහුගේ ඥාති සොහොයුරා හා විවාහ වූ බව අහලා තියනවා.
ReplyDeleteහරිම රසවත් කතා ටිකක්නේ. මමත් කැමති අප්‍රසිද්ධ කතා අහන්ට. ප්‍රසිද්ධ ඒවා නෙමේ.:)
@ Podi Kumarihami
DeleteI විමලධර්මසූරිය එහෙමත් නැත්නම් කොනප්පු බණ්ඩාර සීතාවක රාජසිංහට බයෙන් 1581 දී උඩරටින් පෘතුගීසීන් ගාවට පලා එද්දී තරුණ වයසේ හිටියේ. I විමලධර්මසූරිය මියයන්නේ 1604 දී. කාලයත් එක්ක බලද්දී රජතුමා මැරෙද්දී අවුරුදු 50 ක් විතර වෙන්න ඕනේ කියලා හිතන්න පුලුවන්.
දෝන කතිරිනා එහෙමත් නැත්නම් කුසුමාසන දේවිය මිය යන්නේ 1613 දී. එතකොට එයාට වයස අවුරුදු 35. එතකොට 1594 දී I විමලධර්මසූරිය කුසුමාසන දේවියව විවාහ කරගද්දී එයාට වයස අවුරුදු 16
විමලධර්මසූරිය සෙනරත් දෙන්නා කුසුමාසන දේවිය එක්ක එකගෙයි කෑම කලා කියලා මට හිතුණේ රජතුමා වාර්ට්ට කරපු ප්‍රකාශයත් එක්ක. විමලධර්මසූරිය රජතුමා මිය යන්න කලින් ටික කාලයක ඉදන්ම සෙනරත් කුමාරයා උපැවිදි වෙලා හිටිය බව පේනවා
බොහෝ පොත්වල සෙනරත් විමලධර්මසූරියගේ සහෝදරයා විදිහට දැක්වුවත් සෙනරත් කුමාරයා විමලධර්මසූරියගේ එක් කුස උපන් සහෝදරයෙක් නෙමෙයි.
එයා විමලධර්මසූරියගේ අම්මාගේ නංගිගේ පුතා එහෙමත් නැත්නම් පුංචි අම්මාගේ පුතා
තවත් රසවත් කතා ඉදිරියට :D
සෙනරත් බාප්පගෙ පුතා බවයි මා දන්නෙ.
Deleteඑතුමා ගෙ මව මියගිය පසු නංගිවත් පියා විවාහ කරගෙන තියෙනවා.
මඟ ඇරුණු ලිපි අද කියවල ඉවර කලා. අන්තිමේට කියවලා තිබුනෙ මොනරගෙ කතාව.
ReplyDeleteදැන් දැන් හසිතගෙ ලියුම් හරිම සාරගර්භ ද මොනාද වේගෙන එන්නෙ.... ස්තුතියි අපිට දෙන දැනුමට..!
@ බුද්ධි
Deleteඅම්මෝ එහෙම වෙනවා නම් බයත් හිතෙනවා. තැන්කු බුද්ධි අයියා ඒ ගැන කලින් කිව්වාට. අද ඉදන්වත් පරිස්සම් වෙන්න ඕනේ :D
රසවත් විස්තරයක්. මාත් ආසයි ඉතිහාස කතා අහන්න .
ReplyDelete@ Gimhani
Deleteඅහන්න ඉන්න අහගෙන ඉන්න තව කතා ගොඩාක් ඉදිරියට :D
ඉගුරු දී මිරිස් ගැනීම නියමටම ලියලා ලියලා තියෙනවා
ReplyDeleteදිගටම ලියන්න ......
@ රොබින්
Deleteඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා මිනිස්සු කියන්න ගත්තේ දෙවෙනි රාජසිංහ රජතුමා සහ ලන්දේසීන් අතර 1638 ගිවිසුමෙන් පස්සේ ඇතිවන තත්වය නිසා.
එක් බලවත් ජාතියක් වන පෘතුගීසීන් පලවා හරින්න ඊට වඩා බලවත් ජාතියක් වුණු ලන්දේසි සහය අරගෙන ඊට පස්සේ ලන්දේසීන් එක්ක රජතුමාට යුද්ධ කරන්න සිදුවීමත් එක්ක තමා මේ කතාව කරළියට ඇවිත් තියෙන්නේ
ඔය ඉඟුරු දී මිරිස් ගැනීම ලංකාවේ කෂ්ටිය මෑත ඉතිහාසයේත් කළා. උදාහරණ ලෙස - 1977, 1994 සහ 2005 සලකන්න පුළුවන්.
ReplyDeleteහැබැයි 2005 දී නම් ලැබුණේ ජාපාල!
ඉදිරියටත් කරන්නේ ඕකම තමයි අපේ අය.
Delete@ කතන්දර Kathandara, ජයශ්‍රී
Deleteඇත්ත තමා. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද තමා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම
පට්ටයි ඈ මමත් ලියන්නෙ ඉතිහාසෙමයි
ReplyDelete@ යසිරු
Deleteසතුටුයි මලයා ඒක ගැන
නොදන්න ඉතිහාස කතා කියවන්න මේ බ්ලොග් එක ඇර වෙන බ්ලොග් එකක් නෑ,,ස්තූතී ලිපියට
ReplyDelete@ ItalyDilan
Deleteස්තුති ඒ ඇගයුමට. ඉස්සරහටත් කියවලා බලලා ඒ කතාව ඇත්තද කියන එක තවදුරටත් තහවුරු කරගන්නකෝ
නියමයි හසිත.. සෑහෙන්න මහන්සි වෙලා මේ වැඩේ සැහැල්ලුවෙන් කියවගන්න පුළුවන් විධියට ඉදිරිපත් කරන එකම මරු!
ReplyDelete@ hare :-)
Deleteඒක ඇත්ත අයියා. කට්ටියට සැහැල්ලුවෙන් කියෝගන්න බැරි වුණත් ඉතින් මේ වැඩේ ගඟට ඉනි කැපුවා වගේ නැත්නම් ගඟේ මූදේ දැම්මා වගේ තමා
කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය නමින් රජවූ හැටි මීට කලින් අහල තිබුනත් සීබෝල් ද වාර්ට් රජතුමාට කිව්ව කැත කතාව සහ රජූ උගන්නපු පාඩම ගැනනම් අහල තිබුනෙම නැහැ.. ආ... පින්තූර ටිකත් සුපිරියි..ලිපියට අමුතුම වටිනකමක් ඉන් ලැබිලා...!!
ReplyDelete@ තොටියා
Deleteඅපිට සමීපවම තිබුණු උඩරට රාජධානිය ගැන අප්‍රකට කතා රැසක්ම තියෙනව. ඒකත් උඩරට යුගයේ තියෙන සුවිශේෂීත්වයක්
What is your Source.Anyway it is a Good work. keep it up!!!!!
ReplyDelete@ Srinath Weerasinghe
Deleteස්තුතියි.
මේ සඳහා යොදා ගත්තු මූලාශ්‍රයන් වුණේ
පෝල් ඊ. පීරිස් මහතා ලියූ ලංකාව : පෘතුගීසි යුගය - I කාණ්ඩය
එස්.ජී. පෙරේරා පියතුමා ලියූ ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය 1505-1658
පරංගි විජිතය කෘතියේ ඇති ජාන් ජාකොබ් රික්ස්ගේ දින පොතේ 1603 ජූනි මාසයෙන් උපුරා ගත් කොටස
@Hasitha,
ReplyDeleteWhy did the king sent a letter to the Dutch Captains, in Portuguese (the language)?
And the letter has lot of spelling mistakes; peace is 'paz' not 'pas', God is 'Deus' not 'Dues'
Best Regards
KIUN
@ KIUN
DeleteI විමලධර්මසූරිය රජතුමා දැනසිටි භාෂාවන් වුනේ සිංහල හා පෘතුගීසි.
රජතුමා මේ ලිපිය සිංහලෙන් යැව්වා නම් ඒක ඕලන්ද භාෂාවට පරිවර්තනය වෙද්දී ලියුමේ සැර හොඳට බාල වෙන්න පුලුවන්. රජතුමාට ඕලන්ද භාෂාව බැරිවුනත් කාලයක් පෘතුගීසීන් එක්ක හිටිය නිසා හොඳින් පෘතුගීසි භාෂාව පුලුවන්.
ඕලන්ද පිරිස අතරත් පෘතුගීසි බස දන්න අය හිටියා වෙන්න පුලුවන්. ඒක නිසා තමන්ගේ ලියුම සැර ඇතිව ඕලන්දයන්ට යවන්න තිබුණු ක්‍රමය වුනේ ඒකයි
රජතුමා යවපු ලියුමේ දෝෂ තියෙන බව Google Translate එකෙන් බලද්දී මටත් පෙනුණා. ස්තුති ඒක කිව්වට.
ඒත් මම ඒක උපුටා ගත්තු පොත් කීපයකම ඒ විදිහටයි තිබුණේ. සමහර විට පැරණි පෘතුගාල භාෂාවට වඩා වත්මන භාෂාව වෙනස් වීමක් එක්ක එහෙම දෝෂ පෙන්නුවා වෙන්නත් පුලුවන්.
කෝකටත් තව ටිකක් ඒක හොයලා බලන්න ඕනේ....
මේ පින්තූර ටික හොයන්න මහන්සි වෙන්න ඇති.. ඒත් ඒක දාපු එක පෝස්ට් එකට වටිනකමක් ගෙනවා..
ReplyDelete@ Dinesh
Deleteස්තුති.... දෘශ්‍ය මාධ්‍යයෙන් දෙයක් කරද්දී ඡායාරූප, චිත්‍ර ආදියේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බැහැනේ
වටිනා පොස්ට් එකක්, මමත් ආසයි ඉතිහාසේ අප්‍රකට කතා අහන්න, ඒ වගේම උඩ තියන ඇනෝ කොමෙන්ට් එකත් වටිනවා. ඒ ගැනත් ටිකක් පහදන්න.
ReplyDelete@ ක්සැන්ඩර් | Xander
Deleteස්තුතියි මේ පැත්තේ එකතු වුණාට. උඩින් තිබුණු ඇනෝ ප්‍රතිචාරයට පිළිතුරු සපයලා තිබෙන්නේ.
@ IP MAN
ReplyDeleteකාටවුණු අකරතැබ්බයටද සාදු එහෙමත් නැත්නම් හොඳයි කියලා කියන්නේ ???
ස්තූතියි! දිගටම ලියන්න.
ReplyDeleteකැලණිය වි.විද්‍යාලයේ පුස්තකාලයෙ එහෙම මෙතුමා ගැන තොරතුරු සහෘත පොත්, ලේබන නැද්ද.
ReplyDelete