මගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............
Sunday, September 26, 2010
අපේ සීයාගේ කවි
අපේ සීයා ගැන මම දවසක් පොඩි කතාවක් කිව්වා කට්ටියට සමහර විට මතක ඇති "කට්ටියට එක එක කාඩ් වැටුණු හැටි, දාගත්ත හැටි ගැන කියපු කතාවක්" එක්ක. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන සහෘදයන්ගේ සීයලා ගැන posts කීපෙකුත් මෑත කාලයේ කියවන්න ලැබුණානේ. විශේෂයෙන් අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර සීයා ගැන කියපු කතාව කට්ටියට මතක ඇති.
අපේ සීයා ගැන කිව්වොත් මගේ කතන්දර කියන skill එක මට ආවේ අපේ සීයාගෙන්. කතන්දර, කවි, තේරවිලි වගේ ගොඩාක් දේවල් සීයා මට කියලා දුන්නා. ඒ වගේම සීයා හුඟාක් ආගම දහමට ලැදි කෙනෙක්. මාවත් පොඩි කාලේ ඉදන්ම පන්සල් එක්ක ගෙන ගිහින් මාවත් ආගම දහමට ලැදි මනුස්සයෙක් කලේ සීයා. අයියයි මායි දෙන්නව පොඩි කාලේ ඉදන්ම සිල් ගන්න එක්ක යන එක සීයා කළා. තාමත් හැන්දෑවට බුදුන් වැදලා පිරිත් කියන කාර්යය මට හුරු කළේ සීයා.
අපේ සීයා ගිහි පිරිත් කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් සීයා පිරිතකට ගියාම සීයා එනකම් මම බලාගෙන ඉන්නේ. මොකද සීයා අනිවාර්යයෙන් මටයි අයියටයි සූකිරි ගේනවා.
ඇත්තටම මම පොඩි කාලේදී අම්මා තාත්තා එක්ක ඉන්නවටත් වැඩියෙන් ඉන්න ආසා වුණේ සීයත් එක්ක. ඒ දවස්වල පාරේ යන කොල්ලෝ මාව අවුස්සන්න මට ඇහෙන්න කෑ ගහනවා "සීයා අපේ" කියලා. එතකොට මම උන්ට මදි නොකියන්න බනිනවා "සීයා මගේ" කියලා.
ඉතින් අපේ සීයා කියන්නේ අපේ තාත්තාගේ තාත්තා අවුරුදු 94 ක් ආයු වළඳලා තමා අපෙන් වෙන් වුණේ. සීයගේ 93 වෙනි උපන් දිනේ වෙලාවෙත් අපි මුණුබුරු සෙට් එක කිව්වේ සීයේ 100 ක් කොහොම හරි බැට් කරන්න ඕනේ කියලා. ඒත් 2005 අවුරුද්දේ මැයි මාසේ මුල් සතියේ ආච්චී (තාත්තාගේ අම්මා) අපෙන් වෙන්වුණා. ආච්චී අපෙන් වෙන්වෙලා සති 2 ක් යන්න කලින් සීයත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.
මට මුලින් කියන්න බැරි වුණානේ අපේ සීයාගේ නම ගුණසීල. නමේ හැටියටම තමන්ගේ ජීවිතේ ගත කරපු කෙනෙක් තමා අපේ සීයා.
ඉතින් මට සීයා ගැන මතකය ආයි අළුත් වුණේ දවසක් නිකම් කල්පනා කර කර ඉන්න වෙලාවක සීයා කියාදීපු කවි වගයක් මතක් වුණු නිසා.........
කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
නින්දේ සිටින විට කපලා හරි අවුල
පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා
මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා
ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
කොළපත් මූණ බැඳගෙන යනවා රෑට
මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ
අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල
ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ
කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
අත පත ගගා උන්නා මල්ලී දිනෙක
වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්
එදා පටන් වෙද මාමා අපේ ගෙට
ආවොත් අතේමයි බෑගය සෑමවිට
මේ කවිවල සමහර පේළි අඩුයි. ඒවා මට දැන් මතක නැහැ. ඒ වගේම මේ කවි කවුරු හදපුවාද, තියෙන්නේ මොන පොතේද කියලා මම තාම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
ප.ලි.: සීයාගේ නම ගුණසීල ඒ වගේම සීයා හිටියා කියලා මම කිව්වනේ. ඒ වගේමයි සීයාගේ මුණුබුරාත් නම හසිත. නමේ හැටියට ඒ කොළුවා ඉන්නේම හිනාවෙලා සන්තොසෙන් :))
Subscribe to:
Post Comments (Atom)
හා කොහොමද ඉතින් මලේ? කාලෙකට පස්සේ හමුවීම සතුටක් :)
ReplyDeleteNice story... සීයාගේ talents හසිත මල්ලිට තියෙන්නෙ :D තමා සීයාට නිවන් සුව!!! හසිත මල්ලි :D :D
ReplyDeleteසීයලා ආච්චිලා ගැන මතක නම් මෙහෙම කියලා ඉවර කරන්න බෑ නේද හසිතයා. ඒ වින්ද අද්දැකීම් මේ විශ්වයේ අපෙන් පස්සෙ ඉපදෙන කාටත් විඳගන්න ලැබෙන්නැති එක ගැන මට මාර දුකයි.
ReplyDeleteOya malee gene kavi panthiya thibune grade 4 - padya rasaya pothe.
ReplyDeleteKK
මං සීයලා දෙන්නවම එක්ක ඉඳලා නෑ........... :'( :'( :'( :'(
ReplyDeleteඅනේ අයියෙ මටත් ඔය වගේ සුන්දර මටක ගොඩක් තියෙනව
ReplyDeleteඅනේ අයියා,අමතක වුනාට මොකද කවිටික අටපට්ටමේ දඩිබිඩිස්ගේ කවි වලටත් වඩා නිර්මාණශීලී.ඔයා අත්තට හරි ආදරේ වගේ.මංනම් හිතන්නෙ මුනුබුරෝ දරුවන්ට වඩා එයාලට ආදරේ..අපෙත් එහෙමයි...හිනාම යන්නෙ ඔයා කරල තියෙන ස්වයං වර්ණනාව. ඇත්තටම ඔයා එහෙම කෙනෙක් නම් ඔය වටේ ඉන්න හැමෝමත් හරි සතුටින් ඇති නේද?
ReplyDeleteඅනේ අපිනෙ දන්නෙ... *Ramu
ReplyDeleteaththatama hari sathutui ee wage seeya kenek labeema gana... ewagema seeyata ''NIWAN SUWA'' pathanawa.ape seeyath (ape ammage thaththa) eewage tama eyath hariyata mata kathandara kiyala denawa. godakma kiyanne eyata issara wechcha dewal , ee kale siduweem thama.... apith harima asai eewa ahanna... dan api unat eewage vinoden innabaneee neda??anika seeyata eekale iganagaththa oya sandeesha wala ehema kawi tama mathakai... ape seeyata dan aurudu 91k.ithin eeyath ekka iddi apata harisathutui...
ReplyDeletesashi.
අනේ හා පැටික්කි වගෙම මමත් සීයලා දෙන්නා එක්කම ඉදලා නෑ.. අපි ඉපදෙන කොට එයාලා නැති වෙලා... සියාගේ ලඟට වෙලා මුනුපුරා හැඩට ඉන්නවා නියමයි
ReplyDeletemalli oya kaviya thiyenne padhya rasaya pothe..a potha issara chamilakkatai matai dennatama thibuna..
ReplyDelete@SACHIRA
ReplyDeleteඒක ඇත්ත අයියා මටත් එසේමැයි :) exam ඉවර වුණේ 23. ආයෙමත් සුපුරුදු track එකට වැටිලා ඉන්නේ.
@Vathsala
ReplyDeleteතැන්කු වේවා අක්කේ. හා හා පුරා කියලා නේද මේ පැත්තට ගොඩ වැදුනේ. ආයුබෝවන් කියලා පිලිගන්නවා :)
@බුද්ධි
ReplyDeleteඔයාගේ කතාවට එකඟයි අයියා. කොහොම වුණත් අපේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න කතාකාරයෝ ටික සීයලා ආච්චිලා වුනු දවසට බලන්න බැරියැ නව තාක්ෂණේ එහෙමත් පාවිච්චි කරලා මුණුබුරු මිණිබිරියන්ට කතන්දර කියන හැටි.
@KK
ReplyDeleteස්තුතියි කසූ ඔත්තුව දුන්නාට. ටිකක් හොයලා බලන්න ඕනේ ඔය පොත ගැන
@හා පැටික්කි (MS)
ReplyDeleteඒකමත් එහෙමද හා පැටික්කි. ඉතින් මොකදෑ කරන්නේ. ආච්චිලා දෙන්නා එක්ක හිටියනේ කියලා සන්තෝස වෙන්න තමා තියෙන්නේ :)
@Hasitha ජයසූරිය
ReplyDeleteඉතින් කොලුවෝ ඕවා තියාගෙන ඉන්නේ නැතිව ටික ටික අපිත් එක්ක බෙදා හදා ගත්තා නම් නේද හොඳ ?
@ප්‍රාර්ථනා
ReplyDeleteඒක ඇත්ත නංගී සීයලා ආච්චිලා තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ට හුඟක් ආදරෙයි කීයන කතාවට මාත් එකඟයි. ස්වයං වර්ණනාව හොරයක් බොරුවක් වංචාවක් නැති පට්ටපල් අමූලික ඇත්තක් :))
@Ramu
ReplyDeleteඒකනේ බන් මම සංවේදී පළපුරුදු පොරක් බව උඹලා දන්නවානේ :))
@Sashi
ReplyDeleteඔයාලගේ සීයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඔයා ඉතින් නිවාඩුවට ගමේ ගිය වෙලාවක සීයාගෙන් කතා එහෙම අහගෙන ඇවිත් අපිටත් කියන්න.:)
ඔයා වාසනාවන්තයි සීයා ඉන්න නිසා. ඒ වාසනාව මට දැන් නැහැනේ. අපේ සීයාත් හිටියා නම් තවත් හොඳ හොඳ කතා සීයාගෙන් අහලා ලියන්න තිබ්බා:(
@හසී
ReplyDeleteඔයාගේ කතාවත් එමමයි නේද අක්කේ. කොහොම වුණත් ආච්චිලා දෙන්නා හරි හිටියානේ කියලා සතුටු වෙන්න. ආච්චිලාත් රස කතා කොච්චර නම් දන්නවාද ?:)
සීයාට හිටිය පොඩිම මුණුබුරාලා දෙන්න අයියයි මායි. ඒකෙනුත් මම පොඩි නිසා සීයා මට තමා හුඟක් ආදරෙන් හිටියේ..............
@manjula uggalla
ReplyDeleteඅක්කාත් මේ පැත්තේ ආපු එක ගැන සන්තෝසයි. ඔත්තුවට ස්තුතියි මම ඒක හොයාලා බලන්නම් අක්කේ.
දැන් කාලේ එහෙම කවියක් දන්න මනුස්සයෙක් හොයා ගන්න එක කොච්චර අමාරුද ?
puluwan habai dannaanee oyata tharan lasanata kathandara kiyannanam mata ba...
ReplyDeletesashi
@Sashi
ReplyDeleteකමක් නැහැ පුලු පුලුවන් විදිහට කියමු. සීයාට හොඳ කතන්දර කියන්න පුලුවන් නම් මිණිබිරීට බැරිවෙන එකක් නැහැ :)
Niyama blog eka
ReplyDelete- Sudath
සීයා මාරම කවි කාරයෙක් නේ. ලස්සනට කවි ටික කියලා දීලා තියෙනවා මිනුපුරාට මතක හිටින්නම.
ReplyDelete@ Sudath ayya
ReplyDeleteතැන්ක්ස් අයියා :)
@මධුරංග
ReplyDeleteඒක ඇත්ත අයියා. තාමත් ඒවා නම් මතකයි
මේ ලිපිය කියවූයේ අදයි.
ReplyDeleteමෙහි ඇති කවි පන්තිය ඉස්සර තුනේ හෝ හතරේ පන්තියේ පාඩම් පොතක තිබුණා.
මං ගෙම්ඹන් ගැන නෙළුම් විල බ්ලොගයේ ගිය ලිපියක් කියවූ විට මේ කවිය මතක් වී ගූගල් සර්ච් එකකින් මෙතනට ආවා.
හරිම රසවත් කවි. මේ කවි ටිකනං තිබුනෙ තුනේ පන්තියේ පද්‍යාරසය කියන කවි පොතේ. කවි පන්තියේ නම දඟ මල්ල. ඉතිරි කවි ටිකත් හොයාගෙන දාන්ඩ පුඵවන්නං හරිම හොඳයි.
ReplyDeleteme kviya thiyenne 3wana panthiye padya rasaya pothe
ReplyDelete