උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා.
මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා.
ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා.
"සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා.
"කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා.
සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා.
දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා.
එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා.
තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ.
"මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා.
"ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා.
"මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා.
"එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ"
තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා.
"අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා.
"තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා.
කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි.
"ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්‍රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්.
"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා"
මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා.
උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා.
"හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා.
"රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.
"බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා.
හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.
"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා.
ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න.
කදිම "ප්‍රබන්ධයක්" හසිත!
ReplyDelete@ raigam
Deleteප්‍රබන්ධයක්ම නොවේ :)
මේක හසිත මල්ලි fb දැම්මද ? විස්තරේ පුරුදුයි වගෙ. ?????
ReplyDelete@ Chandana
Deleteමේක සෙන්නා අයියගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් විදිහට දැම්මානේ :)
තමං මොන ජාතියෙ උනත් ආස්සරේ කරන මිනිස්සුන්ට තේරෙන විදියට එපැයි ඔය වගේ දෙයක් ගහන්න. මේ පැත්තෙනං දෙමළ කට්ටියගෙ දැන්වීමෙ යටින් සිංහලෙනුත් ගහනව.
ReplyDelete@ Praසන්ன
Deleteමේ පැත්තේ කිව්වේ ???
උසස් පෙළ කරලා ගෙදර ඉන්න දවස් වල මම ගෙවල් ළඟ මුස්ලිම් ගැහැණු ළමයි දෙන්නෙකුට සහ එක පිරිමි ළමයෙකුට භෞතික විද්‍යාව කියල දුන්න, ඒ තුන්දෙනා කුඩා ජාත්‍යන්තර පාසලකට යන්නේ, ඔවුන්ගේ භාෂාව කතා කලාට ලියන්න දන්නේ නැහැ, ලියනකොට භාවිතා කරන්නේ එක්කො සිංහල නැත්නම් ඉංග්‍රීසි.
ReplyDeleteහැබැයි එයාලට භාෂාව ලියන්න බැහැ කියල එයාලගේ සංස්කෘතියෙන් පිට ගියේ නම් නැහැ, විශ්ව විද්‍යාලයට යන්න සිහින මව මව හිටියත්, උසස් පෙළ අවසන් උන ගමන් ඔවුන් විවාහ උනා. ඔවුන්ට උගන්නපු මම තවම ඉගෙනීම් කටයුතු වල, ඔවුන් නම් දැන් මවුවරු :D
@ එක් මානවිකාවක්
Deleteසංස්කෘතිය භාෂාව, වර්ගය කියලා අපි හිතේ තියාගෙන ඉන්න දේවල් ඇත්තටම මොනවද කියලා කියන්න උත්සහයක් තමා මාත් ගත්තේ මේ කතාව කියලා
ඉතින් ඒ ගොල්ලන්ට තියෙන්නේ ඊළඟ පරම්පරාවේ ඉඳන් ජාතිය සිංහල වශයෙන් වෙනස් කරගන්න.
ReplyDeleteදෙමළාට දෙමළ බැරිවීම වගේ නෙමේ, සිංහලයාට සිංහල බැරිවීම, මහත්වූ ආඩම්බරයැක්මැයි...අදෝමැයි !
@ සෙන්නා
Deleteකලු සුද්දෝ කියලා ඕනේ නම් ඒ සිංහලයන්ට කියන්න පුලුවන් :P
අවුලක් නෑ.. එ් මිනිස්සු වැඩිපුර ජීවත් වෙන්නේ සිංහල අය එක්ක නිසා එහි වරදක් අැත්තෙම නෑ..
ReplyDelete@ සී.ජේ. විදානේ
Deleteවරදක් කියන්න ගත්තු උත්සහයක් නෙමේ. සංස්කෘතිය භාෂාව, වර්ගය කියලා අපි හිතේ තියාගෙන ඉන්න දේවල් ඇත්තටම මොනවද කියලා කියන්න ගත්ත උත්සහයක් තමා මේ
සිංහල දෙමළ.. මේ ඔක්කොගෙම ඇඟේ දුවන්නේ එකම රතු පාට ලේ.. ඉතිං මොකටද වෙනසක්?
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteඅනිවාර්යෙන්ම, මටත් කියන්න උවමනා කළේ ඒකම තමා. මේ හැම දෙයක්ම අපි හදාගන්න දේවල් කියලා
මට මේ කතාව කියවනකොට මතක් උනේ මගේ යාලුවො දෙන්නෙක්ව..
ReplyDeleteඑකෙක්ගෙ උප්පැන්නෙ තියෙන ජාතිය දෙමළ. ඒත් ඌට දෙමළ අකුරක්වත් බෑ.
තව එකෙක් හිටියා උගෙ ජාතිය බ්‍රිතාන්‍ය මට මතක හැටියට. උගෙ සීයා සුද්දගෙ කාලෙ මෙහෙට ගොඩබැහැපු සුද්දෙක්. ඒත් මූට ඉංග්‍රීසි අකුරක්වත් බෑ.
තව මීගමුව කටාන පැත්තට වෙන්න පිරිසක් ඉන්නවා 'ලංකා දෙමළ'. ඔය 'පිල්ලේ', 'ප්‍රනාන්දුපුල්ලේ', 'පෙරේරාපුල්ලේ', 'පෙරියතම්බි' වගේ වාසගම් දරණ කට්ටිය. මේ අයගෙන් බහුතරයකටත් දෙමළ බෑ.
මේකෙම අනිත් පැත්ත වෙරළාසන්නව ඉන්න සමහරු තමන්ගේ ජාතිය සිංහල උනත් එදිනෙදා සන්නිවේදනයේ යෙදෙන්නෙ දෙමළ භාෂාවෙන්.
අපේ ගමට සෙරෙප්පු හදන්න ආපු පවුලකුත් මතක් උනා. ඒ කතාව පස්සෙ ලියන්නම්.
…@“තව මීගමුව කටාන පැත්තට වෙන්න පිරිසක් ඉන්නවා 'ලංකා දෙමළ'. ඔය 'පිල්ලේ', 'ප්‍රනාන්දුපුල්ලේ', 'පෙරේරාපුල්ලේ', 'පෙරියතම්බි' වගේ වාසගම් දරණ කට්ටිය. මේ අයගෙන් බහුතරයකටත් දෙමළ බෑ.“
Delete- “ලංකා දෙමළ“ නොවේ, ඔබ මේ කියන්නේ “කොළඹ හෙට්ටි“ කියන සුළු ජාතිය ගැන.
@ හරී
Deleteඅනිවාර්යෙන්ම හුඟක් දේවල් අපි හිතෙන් මවාගත්තුවා තමා. අනිත් කතාවත් ඉක්මණට කියන්න එහෙමනම් :)
@ ජයශ්‍රී
Deleteචෙට්ටි/ හෙට්ටි කියලා දෙකම කියනවා වගේ මට මතක. මෙයාලා කතෝලික පිරිසක් බවත් මතකයි. සයිමන් කාසිචෙට්ටි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වගේ අයත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අයත් මේ ජන වර්ගයට අයිතියි
@හරී,
Delete//…තව මීගමුව කටාන පැත්තට වෙන්න පිරිසක් ඉන්නවා 'ලංකා දෙමළ'. ඔය 'පිල්ලේ', 'ප්‍රනාන්දුපුල්ලේ', 'පෙරේරාපුල්ලේ', 'පෙරියතම්බි' වගේ වාසගම් දරණ කට්ටිය. මේ අයගෙන් බහුතරයකටත් දෙමළ බෑ. //
මේ අයට කියන්නේ ජයශ්‍රී කිව්වා වගේ 'කොළඹ හෙට්ටි' කියලා. දැන් ඉන්න පොඩිම පරම්පරාවයි, අපේ වයසේ පරම්පරාවයි දමිල බස කතා කරන්නේ නෑ, හැබැයි ඊට පෙර පරම්පරාවල අය නම් දමිල බස තමා කතා කරන්නේ.
මේ කතාව මම කලින් අහලා තියෙනවා. හසිත මේක කොහෙ හරි කමෙන්ට් එකකට දැම්මද?
ReplyDeleteමටත් එහෙම මතකයක් තියෙනවා.
Delete@ Henry Blogwalker, Manoj Fernando
Deleteසෙන්නා අයියාගේ කුරුන්දේ මේ කතාව කමෙන්ට් එකක් විදිහට දැම්මා. කට්ටියගේ මතකේ හොඳා.....යිනේ :D
@ Henry Blogwalker, Manoj Fernando
Deleteසෙන්නා අයියාගේ කුරුන්දේ මේ කතාව කමෙන්ට් එකක් විදිහට දැම්මා. කට්ටියගේ මතකේ හොඳා.....යිනේ :D
@ Henry Blogwalker, Manoj Fernando
Deleteසෙන්නා අයියාගේ කුරුන්දේ මේ කතාව කමෙන්ට් එකක් විදිහට දැම්මා. කට්ටියගේ මතකේ හොඳා.....යිනේ :D
ReplyDeleteමේක අමුතු දෙයක් නෙමෙයි හසිත.
බොහෝ දෙමළ මිනිසුන් සිංහල දන්නේ නෑ. ඒ ඔවුන් කාලයක් තිස්සේ සිංහල මිනිස්සු විතරක් සමග ජීවත් වෙන නිසා. නමුත් අපිට ඔවුන් දෙමළ. අපි ඔවුන් වර්ග කරනවා. ඒ වගේම ඔවුන්ගේ සමාජයෙනුත් ඔවුන්ව හලලා දානවා. අන්තිමට ඔවුන් කොයිම සමාජයකටවත් නෑ වගේ.
හරියට මේ මම වගේ. මම ඉපදුනේ ලංකාවේ. ඒත් ලංකාවේ මිනිසුන් මට සලකන්නේ මම විදේශිකයෙක් කියලා. මෙහෙදිත් මම විදේශිකයෙක්. බලාගෙන ගියාම මම කොහේටද අයිති කියලා මට හිතාගන්න බෑ.
// මම කොහේටද අයිති කියලා මට හිතාගන්න බෑ. //
Deleteඈයි ඒතරම් කාට හෝ කුමකට අයිති විය යුතුයි කියල හිතන්නෙ.
තමන්ට තමන් කියල අනන්යතාවයක් තියනවනේ.
තමන් කෑමති තමන්ට ගෑලපෙන යාලුවො නෑදෑයො ටිකක් ඉන්නවම් වෙන මොනවටවත් අයිතිද නෑද්ද කියල වෑඩිය හිතන්න ඕනෑ නෑ නේ?
@ Il mondo di una povera pazza
Deleteමට කියන්න අවශ්‍ය වුණේ මේ වගේ දේවල් අපි හිතෙන් හදාගෙන විඳවන දේවල් කියලා.
මටනම් අවුලක් පෙන්නෙ නැ.මොකො අපි සින්හල හරියට දන්න එකක්යැ
ReplyDeleteනෑ නේන් නම්, දන්නව නම් “සින්හල“ කියල ලියයි යෑ.
Deleteනිවැරදි වන්නේ “සිංහල“
@ Damith Gunawaredane
Deleteඅවුලක් කියන්න නෙමේ උත්සහ කළේ. මේ වගේ දේවල් අපි හිතෙන් හදාගෙන විඳවන දේවල් කියලා පෙන්නන්නයි උත්සහ කළේ
@ @ ජයශ්‍රී
Deleteඉන්ද්‍රනාථ තේනුවර මහත්තයාත් මේ වගේ කතාවක් දාලා තිබුණා. එතන "උබලා" කියලා ලියපු එකක් තමා පාදක වෙලා තිබුණේ. සාමාන්‍යයෙන් යුනිකෝඩ්වලින් හරියට ටයිප් කරන්න දන්නේ නැති අය අතින් "සින්හල, උබලා" වගේ වැරදි වෙන එක සාමාන්‍යයි මට හිතෙන විදිහට නම්
ඒ මචං... ඒ මනුස්සයා මැරිලා?... ම්ම්ම්ම්...
ReplyDelete@ Prabhath Darshana
Deleteඔව් බන්. පෙබරවාරි වගේ මැරිලා තියෙන්නේ
මේ විසිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් හිටියා. නම් ඩයන් ඩැනියෙල්ස්. දෙමළ, ක්‍රිස්තියානි. හැබැයි කතා කරන්නේ ලියන්නේ සිංහල.
ReplyDelete@ මිගාර
Deleteතවත් එක් නිදසුනක් :)
සමා වෙන්න, Ian Daniels
ReplyDelete@ මිගාර
Deleteතවත් එක් නිදසුනක් :)
භාෂාවක් කියන්නෙ උපන් ආත්මෙදි අනිත් අය එක්ක ජීවත්වෙන්න පණිවිඩ හුවමාරු මාධ්‍යයක් විතරයි,, අපේ රටේ දමිල අය ඉන්නවා දමිල නොදන්න.. සිංහල අයත් ඉන්නවා සිංහල නොදන්නවා මදිවට එහෙම නොදැනීම මහ ලොකු හපන්කමක් කියල හුවා දක්වන්න හදන.. එතකොට දමිල ප්‍රදේශවලම හිටි නිසා සිංහල නොදන්න අයත් ඉන්නවා. ඉන්දියාවෙ බහුතරයක් භාෂා දෙකකට වඩා කතා කරන්න දන්නව ඒ අතින් අපි .. අපි අපේ රටේම මිනිස්සු කතා කරන මාධ්‍යය දන්නෙ නෑනෙ.. ලජ්ජා විය යුතු අපියි.. අන් අය අපේ භාෂාව වරද්ද වරද්ද හරි කතා කරන එකට විහිළු කතා නාට්‍ය චරිත හදල (සාජන්ට් නල්ල තම්බි වගෙ )විනෝද වෙන අපි ඒ මිනිස්සු කතා කරන භාෂාව යන්තම් වත් දන්නෙ නෑ.
ReplyDeleteමහින්ද මහත්තයා දෙමලෙන් රැස්වීම් අමතන්න ගියාම වැරදුනා කියලත් ජනමාධ්‍ය වලින් ලොකුවට කතා කරලා තිබුනනේ
Delete@ සරත් ලංකාප්‍රිය
Deleteඒක තමා අයියා බොරුවට හිතෙන මවාගෙන ඉන්න දේවල් නිසා මිනිස්සු විඳවන හැටි ගැන තමා මට කියන උවමනා කළේ.
@ Asanka Udara
Deleteඇයි දවසක් දෙමළෙන් කතා කරද්දී සිංහල අය කෑ ගහලා අහගෙන ඉන්න බැරි නම් යන්න කියලා මහින්ද මහත්තයා සිංහලෙන් කිව්වා වගෙත් මතකයක් තියෙනවා
චෙන්නායි වලින් මෙහෙ ඇවිත් හිටි මගේ යාලුවෙක්ට දෙමල කතා කරන්න විතරයි පුළුවන් . අකුරක් වත් ලියන්න බැහැ . අන්ද්‍රා වල කෙනෙකුත් ලඟදි හමු වුනා .එයාටත් එයාගේ මව් බස යන්තම කතා කරන්න විතරයි පුළුවන්.
ReplyDelete@ Bindi
Deleteඒබ්‍රහම් ටී කොවූර්ගේ පුතා ගැන මතක් වුණා. කොවූර් තමන්ගේ පුතා ගැන කියද්දී කියනවා තමන්ගේ තාත්තා මලයාලම් දැනගෙන හිටියා තමන් මලයාලම්, ඉංග්‍රීසි දැනගෙන හිටියා පුතා ඒ එකක්වත් දන්නේ නැහැ කියලා. [මට මතක විදිහට] පුතා ප්‍රංශ විතරක් දන්න කතාවක් තමා එයා කියන්නේ. හැබැයි එකම පවුලේ අය
කලිං දාපු කතා දෙකත් බැලුවා හසිත...ප්‍රතිචාරයක් දක්වන්න එමටම උවමනාව තිබ්බත් කරුණු ටිකක් එකතු කරගෙන ඔයාගේ ලිපි වල අගය තව ටිකක් වැඩි වෙන විදිහට යමක් ලියන්න තරං ඉඩපාඩුවක් ලැබෙන්නේ නෑ මලේ...ප්‍රතිචාරයක් දක්වන්න බැරි උනත් ඔයාගේ පෝස්ට් එකක් වැටෙනකං මමත් ඇතුළුව ළමයි සෙට් එකක්ම බලං ඉන්නව..! ඒ නිසා නිතරම මොනව හරි ලියන්න...ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් තව ගොඩක් තියනව අපිට....අර ඔයාගේ තීසීස් එක අපිට කියවන්න ලැබෙන්නේ කවද ද..?
ReplyDelete@ Janaka Thennakoon
Deleteමේ ආරංචිය මට ගොඩක් සතුටු වෙන්න පුලුවන් එකක්. ඉදිරියේදී ඉතිහාසය සම්බන්ධව ලිපි ලියන්න මට දෙන උත්තේජනයක් මේක. තීසීස් එක කියවන්න ලැබෙන දවස ඉදිරියේදී උදාවෙයි කියලා හිතනවා :)
ඒත් කලබල කාලෙකදි මේ අයට තමයි ඉස්සෙල්ලාම කරදර වෙන්නේ..මොකද ඔය විප්ලව කරන අය බුද්ධියෙන් නැතිව හදවතින් යුද්ධ කරන නිසා..ස්තුතියි හසිත හිතන්න දෙයක් එකතු කරන අපූරු කතාවක්..
ReplyDelete@ රූ....
Deleteඔව් ඔව්. දෙපැත්තෙන්ම පාවා දෙන්නෝ කියලා ලේබලේ වැදෙන්නේ මෙයාලට තමා අක්කේ
අපි හැමෝම එකම ජාතියක් ඒ මනුස්ස ජාතිය හැමෝගෙම දහම සොබාදහම හිතන දේ කියන්න තමා භාෂාවක් ඕනි ඒත් අපි සේරමලා හිතන්නේ එකම භාෂාවකින්
ReplyDelete@ ෂැගියා
Deleteඅනිවාර්යෙන්ම. ඒත් එහෙම නොහිතනා බහුතරයක් ඉන්නවා නොවැ
ප්‍රශ්නේ තියන මිනිස්සුන්ට හරියට සිංහල කතා කරන්න තියා සිංහල කියන්නේ මොකද්ද කියල වත් දැනුමක් නෑ. ඒ වගේම තමා සිංහල මිනිස්සු ප්‍රශ්නේ ගැන කතා කරද්දීත්. දෙමල තියා දෙමල කියන්නේ මොකද්ද කියන දෙමලේ දන්නේ නැති එවුන්ට තමා වැඩියෙන්ම කුලප්පුව.. ඔය ටිකම තමා කියන්න තියෙන්නේ මේ ටිකේ යන සිංහල මුස්ලිම් ඇවිලවිල්ල ගැනත්. සිංහල බෞද්ධ කියල මැරෙන්න හදන එකෙක් බෞද්ධ නෙවෙයි, නමට බෞද්ධ. මුස්ලිම් උන් එකෙක්වත් මුස්ලිම් නෙවෙයි නමින් මුස්ලිම් වුනාට හම්බ.. ඔන්න ඕකයි තත්වේ. මොකද මුස්ලිම් (මුසල් ඉමාන් | උසස් මිනිසා ) කියන අය ඔහොම හැසිරෙන්නේ නෑ. ඒ වගේමයි බෞද්ධ ශික්ශාවත් ඔහොම හැදියාවක් දෙන්නේ නෑ.
ReplyDelete@ Alexander Cage
Deleteඇත්ත අයියේ කතාව. හිතෙන මවා ගත්තු බහුභූත නිසා මිනිස්සුත් බහුභූතයෝ වෙලා
අපි හැමෝම හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන උප විශේෂයටයි අයිති. විවිධ සංස්කෘතික වෙනස් කම් තිබුනට, ඉන්න පැති අනුව පාට වෙනස් වුනාට, හම යටින් තියෙන මේද ස්ථරය වෙනස් වුනාට, මුළු ලෝකෙම ඉන්නේ එකම උප විශේෂයකට අයත් මානවයන්. ඉපදිලා මැරිලා යන ටිකට අර ආගම මගේ, මුගේ ආගම නරකයි, අපි උසස් ජාතිය මුන් පහත්, කියන පටු දේවල් මට නම් හිනාවකට නිමිත්තක් විතරයි. අඩුම ගානේ, එකම කුරුල්ලන් වර්ගයේ වුනත් කපුටයි, පරෙවියාගයෙි තියෙන ව්‍යුහ වෙනසවත්, ජීවි විද්්‍යාත්මක වෙනසවත් අපේ ජාතින් දෙකක් අතර නැහැ. අපි හැමෝම මිනිස්සු...
ReplyDelete@ KAS
Deleteඇත්ත ඇත්ත. ඒත් බහුතරය එහෙම හිතන්නේ නැති එක නොවැ මේ ගොඩක් දේවල්වලට මුල
මනුස්සකම ඉස්සරහ ආගම ජාතිය පරාදයි කියලා හිතෙනවා මේක කියෙව්වම.. :) අපුරුයි..
ReplyDelete@ මොණරි
Deleteආගම්, ජාති මොනවා ගන්නත් කලින් අපි මනුස්සයෝනේ :)
සිංහල අය, සිංහල දන්නේ නැති රටේ මේ කතාව සාමාන්‍ය එකක්....මට හිතට ආවේ එහෙමයි. :)
ReplyDelete"පිය සෙනෙහස නිමාවිය"
මරණෙන් පස්සේ මේ වගේ සෙනෙහසක් ඉවර වෙන්නේ නෑ. ලමයින් ඒක දිගට ගෙනිහින් එයාගේ ලමයි අතට දෙනවා...
@ Podi Kumarihami
Deleteපොඩ්ඩි කියන කතාවත් ඇත්ත. ඒත් මේක දැන්වීම හැදුව කෙනා දාන එකක් මිසක් මේ වගේ හිතලා දාපු එකක් නෙමෙයිනේ :)
අපි බොරුවට මරා ගන්නෙ ඔය ජාති ආගම් ලේබල් ටිකට නේද කියලා හිතුනා....කොයි කාටත් අවසානයේ උරුම හතර රියනම තමයි...ඒ බව මළ ගෙදරක යලි යලිත් සිහිපත් උනාට එතැනින් එළියට ආවට පස්සෙ සම හරක්ට ආයෙමත් අමතක වෙනවා.
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteඕන දෙයක් මතක දවස් 14 ලංකාවේ මිනිස්සුන්ට
මේ වගේ ඒවා මටත් හරි පුරුදුයි.මුස්ලිම් අය ඉන්නවා එත් ජීවිතේට පල්ලි ගිහිල්ලත් නෑ දෙමලත් බෑ.පන්සල් නම් යනවා.
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteඅපෙත් යාලුවෙක් හිටියා. තාත්තා මුස්ලිම්. අම්මා සිංහල බෞද්ධ. මිනිහා පල්ලි නම් යන්නේ නැහැ. ඒත් පන්සල් යනවා
භාෂාව කියන්නේ අපේ අදහස් ප්‍රකාශ කරගන්න මාධ්‍යයක් විතරයි. අපිට කවදාවත් එක භාෂාවක් වත් පහලට දාන්න වගේම, භාෂාව යොදාගෙන බෙදීම් ඇතිකරන්නත් බෑ. මොකද මේ මොන භාෂාව කතා කලත් ඒ කතා කරන්නේ 'මනුශ්‍යය' කියන ජාතියේ කෙනෙක් නිසා.
ReplyDeleteමොනවා වුනත් හොඳ කතාවක් සිතන්නට යමක් ඉතිරි කරන.
හසිත ආයෙමත් ලියන්න පටන් ගත්තේ එක හොඳයි. ආගිය කතා මම ආසාවෙන් බලන බ්ලොග් එකක්.
ReplyDeleteතමන් වටේ ඉන්න අයත් එක්ක කථා කරන්න අවශ්‍ය භාෂාව ඕනෑම කෙනෙක් ඉගෙන ගන්න එක ස්වාභාවිකයි. උපන් භාෂාව වුණත් වැදගත් වෙන්නේ නැත්නම් අමතක වෙනවා. අපිට හදිසියකදී පිහිට වෙන අය තමයි අපිට වටින්න ඕනේ. එයාලගේ භාශාවවත් ආගමවත් නෙවෙයි. අනිත් එක ඕනෑම කෙනෙක්ගේ භාවිතය තමයි එයාලා වර්ගීකරණය කරන්න හොඳම විදිය. අපේ ගෙදර හිටියා මුස්ලිම් මනුස්සයෙක් සතෙක් දැක්කම අහක බලා ගන්නවා. ඉතිං මිනිහා භාවිතයෙන් නියම බෞද්ධයා. අපි මේ ඉන්න යුගය හැටියට ආගම්/ජාති මිනිස්සු වර්ග කරන්න බැරි කාලයක්. ඒ නිසා තමයි ඔය අන්තවාදේ ඉන්න අය අනිත් අයට ඒක බෝ කරන්න හදන්නේ භේද ඇති කරමින්.
මමත් මේ ළඟදි කැළණිය කැම්පස් එකට ගියා ළඟදී. එතකොට මමත් දැක්කා ඔය කියන කෙනා ව. අහිංසක පෙනුමක් තියෙන තරුණයෙක්.... මට මතක් වුණේ මල්ලිගෙ බ්ලොග් එකේ තිබ්බ් කථාව....
ReplyDeleteමෙක සුපිරි බ්ලොග් එකක් වගේ............ මරු කතා ටිකක් තියෙන්නෙ. හිතන්න දෙයකුත් මේ කතා වල තියනව. සුපිරි වැඩක්
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
චන්දනගේ සටහන් ලියන චන්දන දුන්න ඔත්තුවකින් තමයි මේ කතාව කියවන්න හම්බුනේ.මේ සපත්තු මහන කෙනා මමත් හැමදාම දකිනවා.ඒ චරිතයත් එක්ක ගෙතුන කතාවකුත් ලියල අතරමග නැවතුන...මම ලියන්න හිතපු කතාවට වඩා කොච්චර සංවේදී කතාවක් මේ පුද්ගලයින් ගේ ජීවිත ඇතුලේ තියනවද .. ආයෙත් කැම්පස් යද්දී මේ සපත්තු මහන කෙනා දැක්කොත් කලින්ටත් වඩා දුක හිතේවි ....හිතට ගොඩක්ම දැනුන සංවේදී සටහනක් .......
ReplyDeleteපස්ට ඈ...
ReplyDeleteහසිත බ්ලොග් ලියන එකෙන් අයින් වගේ වෙලා ඉන්නෙ ඇයි ? ළඟදී ඔබේ වටිනා ලිපි කීපයක් දිවයිනේ කියෙව්වා. දැන් හදිසියේ වගේ මෙතනට ආවෙ. අපේ කාලෙත් අපට විහිළු කරමින් සපත්තු මහල දුන්න සීය නෛක් හිටියා. ඔබ විස්තර කිව්වෙ එයාගේ පුතා ගැන වෙන්න ඕන. කොහෙමටත් අපට වඩා දියුණු අහිංසක මනුස්ස කමක් ඒමිනිස්සු ළඟ තිබුණා.
ReplyDeleteමේ කතාවෙන් කියන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර ඉන්න සාම්ප්‍රදායික දෙමල මිනිස්සු ගැන නෙමෙයි මම හිතන්නේ, මෙයාලා සුද්දගේ කාලේ දකුනු ඉන්දියාවෙන් ආපු මිනිසසු, මේ ඉන්දියන් දමිල මිනිසුසුනිගේ ඉතිහාස කතාව හරිම රසවත් අහගේන ඉන්න අපිට, නමුත් මෙයාලට නම් එක එච්චර රසවත් නෑ. 19වැනි සියවසේ මුල් කාලේ තමයි මෙයාලා මෙහෙට ආවේ, එදා වේල කන්න නැතුව ආපු මිනිස්සු මේ. වියපත් වෙච්චි දමිල මනුස්සයෙක් හම්බුනොත් ටිකක් විස්තර අහලා බලන්න, එයාලගේ තාත්තලා, සීයලා ලංකාවට ආපූ හැටි, තලෛයිමන්නාර් තොටින් තමයි ගොඩක් අය ආවේ, සුද්දගේ වතු වැඩ වලට, ඒ මිනිස්සු එදා ඉදලා වැඩ ඉතිං, පරම්පරා පිටින් වතුකරේට පොහොර වෙනවා... ඒ මිනිස්සු ජීවිතේ සැපක් කියලා දන්නේවත් නෑ...
ReplyDelete