Saturday, February 25, 2012

පමා වූ වැලන්ටයින් පණිවුඩය


වැලන්ටයින් දිනය එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය හැම අවුරුද්දෙම පෙබරවාරි 14 වෙනිදා මහ ඉහළින් සමරන්නේ ආදරවන්තයින්ටත් වෙළෙන්දෝ කණ්ඩායම. වෙසක්, පොසොන්, නත්තල් වගේ ආගමික උත්සව බදු ගත්තු වෙළෙන්දන්ට ආදරවන්තයින්ගේ දිනය බදු ගන්න පුලුවන් වෙන එක අහන්නත් දෙයක්ද ?

හුඟක් දේවල්වලට ජාතිකවත් ජාත්‍යන්තරවත් දින වෙන්කරලා තියෙනවනේ. ඉතින් ඒ දිනයට විතරද ඒවා මතක් කරන්න ඕනේ. ඒවා අනිත් දවස්වල මතක් කරන්නවත් ඕනේ නැද්ද ? එහෙමත් තර්කයක් තියෙනවා.

ඒකට ඉතින් දෙන්න පුලුවන් හොඳම උත්තරේ තමා පුලුවන් හැමවෙලේම ඔය එක එක දිනවලින් කියන දේවල් ගැන සැළකිලිමත් වෙන්න. ඒ ගමන්ම අවුරුද්දකට පාරක් ඒ වෙනුවෙන් තියෙන දිනයේදි ඒ ගැන වැඩියෙන් සැළකිලිමත් වෙන්න.

අද ලොකු දෙයක් කියන්න නැහැ. මේකයි කතාව.

ආදරවන්තයින්ගේ දිනය මට නම් විශේෂ දිනයක් නෙමෙයි.

ඉතින් එදා උදෙත් campus යන්න ඇඳුම් මදින ගමන් එකෙක් කතා කරලා අහනවා "අද මොකද මචං කරන්නේ?" කියලා.

මම කිව්වා "අමුතු දෙයක් නැහැ බන් මම මේ campus යන්න ඇඳුම් මදිනවා" කියලා.

පස්සේ මිනිහා කියනවා "අද වැලන්ටයින්නේ බන්. උඹ මොකුත් කරන්නේ නැද්ද? " කියලා.

මම කිව්වා "මොන වැලන්ටයින්ද බන් මට. උඹ කිව්වහමයි මතක් වුණේ අද වැලන්ටයින්" කියලා

පස්සේ ඉතින් උදේ කැම්පස් එන ගමන් බස් එකේදී තමා මේ කවි සිතුවිල්ල වගේ එක ආවේ.
ඇත මල් මා සතුවත්
ඒත් දෙන්නට නැහැ කවුරුත්
පුදමි මල් බුදු හිමිටවත්
හැකිය යන්නට ඒ මාර්ගෙත්
20 ක් විතර ඒකට "like" වෙලා තිබුණා. ඒකට කීප දෙනෙක්ම උත්තර දීලත් තිබුණා. මේ තියෙන්නේ ඒ උත්තර ටික

Chamila Sujani Uthpalawarna : මල් කොල්ලෙක් මම්....මල් දෙන්නම් මම්...ද?

Hasitha Chamikara Gunasinghe : නොදෙමි මල් කිසිවෙකුට, පුදමි බුදු සමිඳුන්ට

Chamila Sujani Uthpalawarna : උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට ..මා පිපුනේ නැත ..මේ දෙරණේ....

Sojani Wathsala Mallawaarachchi : නුඹටත් කෙනෙක් ඉදිවී, දවසක හොයාගෙන ඒවී

Inoka Rathnayake : කවුරු හිටියත් දෙන්න නම් එපා මල්...... හොඳේ. බුදු හාමුදුරුවන්ට විතරක් පූජා කරන්න....

ඕන් ඔහොමලු වුණේ :))

28 comments:

  1. කාට දුන්නත් පූජා කලත් ගහකිං මලක් ගලවන එක හෙන අප්සට් වැඩක්! ;-)

    ReplyDelete
    Replies
    1. hare :-)

      ඒකත් ඇත්ත තමා. ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් එකකත් මෙහෙම කතාවක් තිබුණා වගේ මතකයි

      Delete
  2. මමත් ජේසුට මල් ටික දුන්නා :)

    ReplyDelete
    Replies
    1. වර්ණා

      ආදර මගේ ජේසුනි, කලකින් ඔබ අමතමි කියලා රූකාන්ත කියන සිංදුව මට මැවිලා පෙනුනා

      Delete
  3. මල් තියෙනවනං එක එකාට දෙන්න යන්න එපා..හීන්සීරුවේ ඇදලා දානැකයි තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක්

      නානා ප්‍රකාරයේ මල් තියෙන වග අමතක වුණා නොවැ :))

      Delete
  4. අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නව, ඌට ඔය දවසෙ උන හැදෙනව.මොකද ඉන්න කෙල්ලො ගානට එකෙක් එක්ක ගියොත් අනික් උන්ට මාට්ටුවෙන හින්ද...

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත

      සැමදා මිනිසුන් ගොඩක් සැමවිටම රැවටිය නොහැක :)

      Delete
  5. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. Sasroo

      ස්තුතියි දැනුවත් කිරීමට :)

      Delete
  6. අප්පේ ඉතින් අපේ පලාතේ බුලත් විට වික්ක ආච්චම්මලා පවා වැලන්ටයින් දවසට කලින් දවසේ ඉඳන් තමන්ගේ සුපුරුදු වෙළඳාමෙන් ඉවත් වෙලා රෝසමල් සහ වලස්සු බිස්නස් කරන්න පටන්ගන්නවා . කියලා වැඩක් නෑ මාර ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. හිස් අහස

      ගෝලීයකරණය, නාගරීකරණය කියන බර වචනවල ආනුභාවය තමයි ඔය පේන්නේ :))

      Delete
  7. අනේ පන්සලකට මලක් පුජ කරාම පින හරි තියෙනවා බන්...

    ReplyDelete
    Replies
    1. ChammA

      සාදු සාදු මෙන්න තවත් පින්වත් දරුවෙක් :)

      Delete
  8. සැම දේම තම කැමැත්තේ හැටියට . දෙන්න හිතන පතන විදියට . අපේ පොඩි එකී I LOVE MY FAMILY කියල කාඩ් එකක් හදන් ආව එදා . එයාල හිතන්නේ එදා අම්මල තාත්තලට පවුලට වෙන් වෙච්ච දවසක් කියල .


    @ සඳරු
    කාලේ තාලෙට . අන්න මොලේ ඇති බිස්නස් කාරියෝ

    ReplyDelete
    Replies
    1. Bindi

      ඒකත් ඇත්ත. ආදරය කියන එක සීමා කරලා ඉරි ගහලා එක කොට්ඨාශයකට විතරක් අයිතියි කියලා බෙදන්න බැහැ තමා අක්කේ

      Delete
  9. වැලන්ටයින් අද හිටියනම් වහ කනවා ශුවර්....අපේ මැටි මෝල්ලුන්ගේ ගොන් පාර්ට් දැකලා......

    ReplyDelete
    Replies
    1. මකුළුවා.....

      වැලන්ටයින් විතරක් නෙමෙයි බොහෝ ශාස්තෲවරුන් වගේම ශ්‍රේෂ්ඨ පුද්ගලයින් පුදුම වෙයි එයාලව දැන් කාලේ විකුණාගෙන කන හැටි දැක්කාම වගේම එයාලගේ නමින් කරන ගොන් වැඩ දැක්කාම

      Delete
  10. මල් කියන්නේ කාට කාට..ළමයින්ටයි පාට පාට...
    පෙළක් ළමෝ හරි සුවඳයි...පෙළක් ළමෝ????????

    ReplyDelete
    Replies
    1. සුජානි.......

      මල් ගැන තවත් කතාවක්. ඒකනේ අක්කේ මම කලින්ම කිව්වේ මල් කිව්වාම නානා විදිහට අර්ථ දක්වන්න පුලුවන් කියලා :)

      Delete
  11. හෙ හෙ.. දැන් නෙ බොලේ මේක දැක්කෙ. මාත් දුන්නා මල් ටික ජේසුට.. :) :)

    ReplyDelete
    Replies
    1. නිදහසේ නවාතැන

      මට පේන විදිහට නම් ජේසුතුමාට හුඟාක් අය ආදරේට මල් දීලනේ

      Delete
  12. මල් දුන්නේ නැතිවට හම්බ වෙලා වගේ, අද හෙන ෆන් එකේ වගේ නේ ඉන්නේ ?

    එහෙමත් නැතිනම් විභාග විමුක්ති සැපතද ?

    :)

    ReplyDelete
    Replies
    1. @ රාමා

      අදින් exam එක ඉවර වුණාම සතුටු නැද්ද අප්පා :D

      Delete
  13. මලේ... මටත් හිතයි කරන්න ආදරේ ....

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      මලේ හැන්දෑවේ වහින වෙලාවේ :D

      Delete
  14. මෙදා පාරවත් දුන්නද?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................