ගුරු තේඝ් බහදූර්
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???
ගුරු අංගද් දේව්
ගුරු තනතුර පරම්පරාවට යයි
අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි
කලින් කතාවේ අන්තිමට කිව්වා වගේ වසූරියෙන් මරණාසන්නව සිටි ගුරු හර් ක්‍රිෂන්ගේ නම් කිරීමෙන් 6 වෙනි ගුරු විදිහට හිටියට හර් ගෝබින්ද්ගේ පුත්‍රයෙක් වුණු තේඝ් බහදූර් මීළඟ ගුරු විදිහට 1664 අප්‍රේල් 16 වෙනිදා පත් කෙරෙනවා. ඔහුගේ සැබෑ නම වුණේ ත්‍යග් මල්.
මෝගල්වරුන්ට එරෙහිව ගුරු හර්ගෝබින්ද් සමයේ දියත් කළ සටන්වලදී ඔහු දැක්වූ දක්ෂතාවලට ගරු කිරීමක් විදිහට "තේඝ් බහදූර්" හෙවත් ශක්තිමත් අසිපත කියන විරුද නාමය ගුරු හර්ගෝබින්ද් විසින් ලබාදීලා තිබුණා. මේ හැරෙන්න දුනුවායන් සහ අශ්වාරෝහක භටයින් පුහුණු කිරීම සම්බන්ධවත් ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවා.
ගුරු තේඝ් බහදූර් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සීක් දහම ව්‍යාප්ත කරන්න සංචාරය කරනවා. ඇසෑමය, ඩකා වැනි ප්‍රදේශවලට පවා ගුරු තේඝ් බහදූර් ගමන් කරනවා. මේ සංචාරය අතර මැදදී 1666 දෙසැම්බර් 31 ඔහුගේ පුත්‍රයා වුණු ගෝබින්ද් රායි උපදිනවා. පසු කාලීනව දසවෙනි ගුරු බවට පත් වන්නේ මේ පුත්‍රයායි.
ගුරු ද්වාර ශ්‍රී ගුරු තේඝ් බහදූර් සහීබ්
මේ සංචාරය අතරතුර ගුරු තේඝ් බහදූර් ඇසෑමයේ ඪුබ්‍රි නගරයේ ගුරු ද්වාරයක් පිහිටවනවා. ඒ ස්ථානයට මීට පෙර මුල්ම ගුරු වූ ගුරු නානක් දේව් පවා පැමිණි බවයි කියවෙන්නේ. පසුව ඒ ස්ථානය "ගුරු ද්වාර ශ්‍රී ගුරු තේඝ් බහදූර් සහීබ්" නමින් නම් කෙරෙනවා. ඒ ස්ථානයත් අද දක්වාම සීක්වරුන්ගේ වන්දනාවට ලක්වෙන ස්ථානයක්.
මඛෝවාල් ප්‍රදේශයේ සීක්වරුන් උදෙසා නව නගරයක් නිර්මාණය කිරීමේ කාර්යය ගුරු තේඝ් බහදූර් ආරම්භ කරනවා. ආනන්ද්පූර් නම් වුණු මේ නගරයේ ඉදි කිරීමත් එක්ක සීක්වරුන් ගුරු තේඝ් බහදූර්ට ගෞරවයක් විදිහට "සචා බාද්ෂාහ්" හෙවත් සැබෑ රජු කියන විරුද නාමයත් භාවිතා කරලා තියෙනවා.
ඖරංසෙබ්
මේ කාලය වෙද්දී මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් සමස්ත ඉන්දියාවම මුස්ලිම් අධිරාජ්‍යයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් හිටියේ. ඒ යටතේ හින්දු දේවාල විනාශ කිරීමත් රජයේ සේවයේ යෙදී සිටිය හින්දුවරුන් සේවයෙන් ඉවත් කිරීම වගේම අන්‍යාගමිකයන් විසින් ගෙවන්න ඕනේ ජෙසියා බදු මුදල වැඩි කිරීම වගේ කටයුතු මෝගල් පාලනය සිදු කළා.
මේ වෙද්දී කාශ්මීරයේ වාසය කරපු බ්‍රාහ්මණ පඬිවරුන් ඉස්ලාම් දහමට හරවා ගත්තොත් පහසුවෙන්ම ඉන්දියානුවන් ඉස්ලාම් දහමට හරවාගන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරපු ඖරංසෙබ් ඒ සඳහා කටයුතු කරනවා.
කාශ්මීර බ්‍රාහ්මණයන් ගුරු තේඝ් බහදූර්ගෙන් ආධාර ඉල්ලීම
මේ තත්වය නිසා කරදරයට පත්වෙන කාශ්මීර ප්‍රදේශයේ ඉන්න හින්දුවරුන් මේ තර්ජනයෙන් මිදෙන්න ගුරු තේඝ් බහදූර්ගෙන් උපකාර ඉල්ලනවා. කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රශ්නයට සීක්වරුනුත් මුහුණ දීලා හිටිය නිසා බලහත්කාරයෙන් වැසියන්ව ඉස්ලාම් දහමට හරවා ගැනීම වළක්වන්න කියලා ගුරු තේඝ් බහදූර් ඖරංසෙබ් අධිරාජයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේමයි ඖරංසෙබ් අධිරාජයාට තමන්ව ඉස්ලාම් දහමට හරවා ගන්න පුලුවන් වුණොත් සියලු දෙනාම කැමැත්තෙන් ඉස්ලාම් දහම වැළැඳ ගන්නවා කියලා අභියෝගයකුත් එල්ල කරනවා. මේ නිසා හින්දුවරුන්ගේ ආගම ඇදහීමේ අයිති වෙනුවෙන් පෙනී සිටිය ගුරු තේඝ් බහදූර් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වෙනවා.
මේ තත්වය නිසා ගුරු තේඝ් බහදූර්ව අත් අඩංගුවට ගන්න ඖරංසෙබ් නියෝග කරනවා. මේ ආරංචිය සැළවීමත් එක්ක ඖරංසෙබ් අධිරාජයාගෙන් තමන්ගේ ජීවිතයට කරදරයක් වෙන්න පුලුවන් කියන විශ්වාසය මත ගුරු තේඝ් බහදූර් තමන්ගේ පුත්‍රයා වුණු ගෝබින්ද් රායිව මීළඟ ගුරු විදිහට පත් කරන්න කටයුතු කරනවා.
ගුරු තේඝ් බහදූර්ගේ මීළඟ ගුරු ලෙසට තම පුත්‍ර ගෝබින්ද් රායිව පත් කිරීම
ඒ යටතේ තමන්ගේ පියා වුණු ගුරු හර්ගෝබින්ද්ගේ අසිපත පුත්‍රයා වුණු ගෝබින්ද් රායිට පළඳවලා දිල්ලියේදී තමන්ව මරා දැමුවහොත් ගුරු තනතුර තම පුත්‍රයාට හිමිවිය යුතුයි කියලා නිවේදනය කරනවා.
පසුව අත් අඩංගුට ගැනුණු ගුරු තේඝ් බහදූර් සමඟ සමීපතමයන් තුන් දෙනෙකුත් සිටිනවා. මොවුන් සිව් දෙනාම මාස තුනක පමණ කාලයක් රූප්නගර්, සර්හින්ද් සහ බස්සි පතානා කියන නගරවල රැගෙන ගිහින් අවසානයේදී 1675 නොවැම්බර් මාසයේදී දිල්ලියට රැගෙන යනවා. මේ මාස තුනක කාලය පුරාම ගුරු තේඝ් බහදූර්ව රැගෙන යන්නේ යකඩ සිර මැදිරියක සිර කරලා.
ගුරු තේඝ් බහදූර්ගේ හිස ගසා දැමීම
දිල්ලියට රැගෙන ආපු ගුරු තේඝ් බහදූර්ව දම්වැල්වලින් බැඳලා විවිධාකාරයේ වධ හිංසා කරලා ඉස්ලාම් දහමට නම්මා ගන්න හැදුවත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අවසානයේදී නොවැම්බර් 24 වෙනිදා දිල්ලියේ චන්ද්නී චෝක්වලදී ප්‍රසිද්ධියේ ගුරු තේඝ් බහදූර්ගේ හිස ගසා මරා දමනවා. හින්දූන්ගේ ආගමික අයිති වෙනුවෙන් දිවි පුදපු ගුරු තේඝ් බහදූර්ව ඒ නිසා "හින්දි දි චදාර්" හෙවත් ඉන්දියාවේ පළිහ යන ගෞරව නාමයෙන් හැඳින්වෙනවා.
ගුරු ද්වාර රකාබ් ගන්ජ් සහීබ්
මරා දැමුණු ගුරු තේඝ් බහදූර්ගේ දේහය දිල්ලියේ ප්‍රදර්ශනය කරද්දී ඒක සොරකම් කරපු ගුරුගේ ගෝලයෙක් වුණු ලාකි ෂාහ් වන්ජරා ගුරුගේ දේහය හොර රහසේම ආදාහනය කරනවා. ඒ ස්ථානයේ පසු කලෙක "ගුරු ද්වාර රකාබ් ගන්ජ් සහීබ්" ඉදි කරනවා.
ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ්
දිල්ලියේ චන්ද්නී චෝක්වල ගුරු තේඝ් බහදූර් මරා දැමුණු ස්ථානයේ පසු කලෙක "ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ්" ඉදිවෙනවා. හිස ගසා දැමූ ගුරු තේඝ් බහදූර්ගේ හිස ආනන්ද්පූර්වලට රැගෙන යාමෙන් පසු ගුරු ගෝබින්ද් රායි ඒ හිස ආදාහනය කරනවා.
ගුරු තේඝ් බහදූර්ගේ හිස ඔහුගේ පුත්‍ර ගුරු ගෝබින්ද් රායිට පෙන්වීම
එය ආදාහනය කළ ස්ථානයේත් ගුරු ද්වාර සිස් ගන්ජ් සහීබ් නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.
ගුරු පෙළපතේ අවසන් ගුරු වුණු ගුරු ගෝබින්ද් සිං ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්.
මේ සටහන ලියන්න පාදක කරගත්තේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ප.ලි.: ගිය සතියේ කියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටස එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය වුණු හැටි අද කියන්න හිටියත් ඒ කතාව සකස් කරගන්න වෙලාව මදිවුණා. ඒක නිසා හැකි ඉක්මණින් ඒ කතාව කියන්න තමා බලාපොරොත්තුව
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ප.ලි.: ගිය සතියේ කියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටස එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය වුණු හැටි අද කියන්න හිටියත් ඒ කතාව සකස් කරගන්න වෙලාව මදිවුණා. ඒක නිසා හැකි ඉක්මණින් ඒ කතාව කියන්න තමා බලාපොරොත්තුව
පළමු කොටස් කීපය අමතක වෙලා තිබුනේ... ඒ කීපයත් නැවතත් මතක් කරගෙන මේ කොටස කියෙව්වෙ... මේ ලිපි මාලාවට තවත් එකක් පමණද ඉතිරිව තියෙන්නෙ...
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteඑක දිගට මේ ලිපි මාලාව ලියවුණේ නැති එක නම් ලොකු වැරැද්දක් තමා අයියා. එතකොට ආයි ආයි මුලට ගිහින් මුල් කොටස් ටික මතක් කරගන්න එපැයි. ඒක නිසා තමා අන්තිමට කොටස් දෙක එකපාර ලියලා ඉවර කළේ. තව එක කොටසකින් සීක්වරුන්ගේ ගුරුවරු ගැන කතා කරපු මේ ලිපි මාලාව ඉවර වෙනවා
ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න.
ReplyDelete@ සු දී ක
Deleteමේ සතිය ඇතුළත ඒ සටහනත් පබ්ලිෂ් කරන්න තමා හිතාගෙන ඉන්නේ අයියා
ආගම් ආගම් හපොයි.........අවිහිංසාව පතුරවන්ඩ තියෙන ආගම් අවි-හිංසාව පතුරවන එක තමයි ලොකුම අවුල.
ReplyDelete@ දිනුක
Deleteමිනිස්සු ආගම වෙනුවෙන් සටන් කරන්න, තමන්ගේ ජීවිතේ කැප කරන්න, ජීවිතේ පූජා කරන්න, අනිත් අයවත් තමන්ගේ ආගමට බලෙන් හරි එකතු කරගන්න තියෙන ආසාව තමා මේකට මුල
මේ ....මුස්ලිම් ආගමටත් ඒ කාලෙ බලෙන් බඳවගෙන තිබිලද...!
ReplyDeleteඅර ගොඩනැගිලි නම්....පුදුම ආකර්ශණීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ තියෙන්නෙ.
//මුස්ලිම් ආගමටත් ඒ කාලෙ බලෙන් බඳවගෙන තිබිලද...!//
Deleteකියවගෙන යද්දී මටත් හිතුනු දෙයක්.
@ වීපොකුර, Chandana
Deleteමෝගල් අධිරාජ්‍යය ඉන්දියාවේ ව්‍යාප්ත වීමත් එක්ක මුල් කාලීනව වගේම පසුකාලීනවත් හැකිතාක් ඉන්දියානුවන්ව බලයෙන් හරි ඉස්ලාම් දහමට එකතු කර ගැනීමක් කරලා තියෙනවා. ඒ කාලේ රජයේ සේවය වගේම වෙනත් වරප්‍රසාද රැසක්ම හිමිවෙලා තිබුණේ ඉස්ලාම් බැතිමතුන්ට.
ඒක නිසා පෘතුගීසි සමයේ ලංකාවේ කතෝලික දහම ව්‍යාපත් කරපු විදිහටම ඉන්දියාවේ වැඩ කටයුතු වෙලා තියෙනවා. මේ වගේ තත්වයක් එක්ක හින්දූන් වගේම අනිත් ආගමික කොටස්වලටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන්ගේ ජීවිතේ රැකගන්න වගේම පහසුවෙන් ජීවත් වෙන්න ඉස්ලාම් දහම වැළැඳගන්න වෙලා තියෙනවා.
ඒ හැරෙන්න ජීසියා නමින් බද්දක් මෝගල් පාලන කාලයේ පැවතිලා තියෙනවා. ඉස්ලාම් නොවන හැමෝගෙන්ම ඒ බද්ද අය කරලා තියෙනවා එයාලගේ ආගම ඇදහීම වෙනුවෙන්. කොහොම නමුත් අක්බාර් වගේ නම්‍යශීලී මෝගල් පාලකයෝ ජීසියා බද්ද අඩුකළා වගේම අය කිරීම නවත්තලාත් තිබෙනවා. ඒත් ඖරංසෙබ් වගේ මෝගල් පාලකයෝ ඒකේ අනික් පැත්ත
ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක පැත්ත ගැනත් යමක් කිව්වොත් පර්සියාව වගේ පැතිවලින් ආපු මුස්ලිම ගෘහ නිර්මාණ ශිල්පය වගේම ඉන්දියාවේ තිබුණු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සම්මිශ්‍රණයක් තමා සීක්වරුන්ටත් ලැබිලා තියෙන්නේ
පරණ කතා ටිකත් ආයෙමත් කියවන්න ඕනෙ හසිත. එතකොට ගුරු ගෝබින්ද් සිං ගෙන් මේ කතා පෙළ අවසන් වෙනවද ?
ReplyDelete@ රතු රජරට
Deleteමේ කතාවට හරියට එන්ටර් වෙන්න නම් පරණ කතා ටික මතක් කරගන්න වෙනවා තමා අයියා. ගුරු ගෝබින්දි සිංගෙන් සීක්වරුන්ගේ ගුරු පෙළපත අවසන් වෙනවා. ඒක නිසා මේ ලිපි පෙළත් සීක්වරුන්ගේ ආගම සකස් වුණු හැටි ගැන කතා කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගෙන් අවසන් කරන්න තමා හිතුවේ
මුල කතා ටික මතක නෑ. දැන් ඉතින් ආයෙම කියවන්ට ඕනි. :(
ReplyDelete@ Podi Kumarihami
Deleteඑක දිගට මේ කතාව ලියන්න බැරිවුණු එකේ ආනිශංස තමා මේ. මුල ඉදන් කියවලාම බලන්න වෙනවා
එක පාරක් කියෙව්වා ආයේ කියවන්න ඕන
ReplyDelete@ Bindi
Deleteසමහර විට මුල මතක් කරගන්න මුල් කතා ටිකත් කියවන්න වෙයි අක්කේ
දවල් මේ පොස්ට් එක මෝබයිලවෙන් කියෙව්වා. දැන් ඔන්න ආයෙත් කියෙව්වා. අර ගොඩනැගිලි මුස්ලිම් පල්ලි වල හැඩයට හුරුයි නේ ටිකක් විතර.
ReplyDelete@ Chandana
Deleteඒකට හේතුව තමා සීක් දහම කියන්නේ ප්‍රධාන වශයෙන් හින්දු සහ ඉස්ලාම් දහමේ ආභාෂයෙන් ගොඩනැගුණු එකක් වීම. ඒ වගේම තමා කලිනුත් කිව්වා වගේ පර්සියාව වගේ පැතිවලින් ආපු මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පය වගේම ඉන්දියාවේ තිබුණු හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සම්මිශ්‍රණයක් තමා සීක්වරුන්ටත් ලැබිලා තියෙන්නේ
සීක් වරුන්ගෙ වර්තමාන තත්ත්වය කොහොමද ? තාමත් ඔය ගුරු දේව්ලා ඉන්නවද ? මේකත් හින්දු ඇදහිල්ලෙම කොටසක්ද ? සමාවෙන්න මුල මතක නෑ..
ReplyDelete@ සෙන්නා
Deleteසීක්වරුන්ගේ ගුරු පෙළපත මිළඟට හිටිය ගුරු වුණු ගුරු ගෝබින්ද් සිංගෙන් අවසන් වෙනවා. ඔහු මියයන්න කලින් මීළඟ ගුරු විදිහට එයාලගේ ආගමික ග්‍රන්ථය වුණු ආදි ග්‍රන්ථ්/ ගුරු ග්‍රන්ථ් සහීබ් නම් කරනවා. ඒක නිසා වර්තමානය දක්වාම සීක්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා වගේම ගුරුවරයා වෙන්නේ ඒ ශුද්ධ වූ ග්‍රන්ථය.
ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ට ලෞකික නායකයෝ නම් හිටියා. ඒ අයගේ ප්‍රබලයෙක් වුණු රංජිත් සිං සීක් අධිරාජ්‍යයක් බිහි කරන්න පවා සමත් වෙනවා. ඒ ඔක්කොම ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණවලින් පස්සේ විනාශ වෙනවා.
සීක් දහම කියන්නේ ප්‍රධාන වශයෙන් හින්දු සහ ඉස්ලාම් ආගම්වල සම්මිශ්‍රණයක් නිසා හින්දු ආගමට සමාන කරුණුත් දැකගන්න පුලුවන් අයියා. කෝකටත් මීළඟ ලිපිය වගේම මුල් ලිපි ටිකත් කියවලා බලන්න. එතකොට සාමාන්‍ය අවබෝධයක් ගන්න පුලුවන් වෙයි
අද ගුරු දේව්ලා නෑද එතකොට,,අද සික් ආගම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ
ReplyDelete@ ItalyDilan
Deleteගුරු ගෝබින්ද් සිංගෙන් ගුරු පෙළපත අහෝසි වෙනවා. ඒ වෙනුවර ඔහු නම් කරනවා සීක්වරුන්ගේ ගුරු වෙන්න ඕනේ සීක්වරුන්ගේ ආගමික ග්‍රන්ථය වුණු ආදි ග්‍රන්ථ්/ ගුරු ග්‍රන්ථ් සහීබ් කියලා. ඒක නිසා ඒ ග්‍රන්ථය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා සහ ගුරු විදිහට කටයුතු කරනවා. ඒ හැරෙන්න සීක්වරුන්ගේ ලෞකික නායකයෝ ඒ දහම පවත්වාගෙන යනවා.
බුදු අම්මෝ හසිත මේක කියවනකොට තියෙන මහප්පරාන. මේක හිතෙන් කියවනකොට ඇහේ පොට යනවා. හඬනගා කියෙව්වොත් හෙම හක්කත් පැනලා තමයි නතර වෙන්නෙ.
ReplyDeleteමේ නම්:
තේඝ් බහදූර්
සචා බාද්ෂාහ්
ඖරංසෙබ්
අපේ නමුත් එයාලට ඔහොම ඇති නේහ්?
එක සික් කාරයෙක් (දොස්තර කෙනෙක්) මගෙන් ඇහුවා මොකද අපේ ක්‍රිකටර්ස්ලග මේවගෙ කුණුහබ්බ නම් දාන්නෙ කියලා. ඌ නම් කීපයක් ගැන කිව්වාට මට මතක මාලිංග ගැන කිව්ව දේ විතරයි.
මහා ලිංග = විශාල ලිංගික අවයවය.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ Dude
Deleteභාෂා විවිධත්වය නොවැ අයියණ්ඩි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක "Yannic Cariah" ගේ නමේ අග කොටස සිංහලෙන් අමු කුණුහරුපයක් නේ :D
ගුරු ගෝබින්ද් සිං බුදුහාමුදුරුවන් ව කොපි කළා ද දන්නෑ... ධර්ම ග්‍රන්ථය ගුරු තනතුරේ තිබ්බෙ! බ්ලොග් අවකාශයේ මේ වගේ ගවේශණාත්මක ලිපි හරි අඩුයි මල්ලි, බොහොම ස්තූතියි මේ වගේ දැනුම බෙදලා දෙනවට!
ReplyDelete@ ලහිරු
Deleteඔව් ඒක වෙන්න පුලුවන් අයියා. මොකද සීක් දහමට බුදු දහමේ ආභාෂය එහෙමත් ලැබිලා තියෙන්නේ.
ඒත් ගුරු ගෝබින්ද් සිංගේ මේ කාර්යය ගැන තියෙන තවත් මතයක් තමා ඒ වෙද්දී ගුරු ගෝබින්ද් සිංගේ පුත්තු හතර දෙනාම අකාලයේ මිය ගිහින් හිටිය නිසා තමන්ගේ අනුප්‍රාප්තිකයෙක් නොහිටිය නිසා ගුරු ඒ ක්‍රියාව කළා කියලා. මේ ගැන ඊළඟ ලිපියෙන් සවිස්තරාත්මකව කතා කරනවා අයියා. ඒකත් පොඩ්ඩක් බලන්නකෝ
මේ ලිපි පෙල නිසා සීක් දහම ගැන ගොඩක් කියවන්න හොයන්න පටන් ගත්තා..ස්තුතියි හසිත..
ReplyDelete@ රූ....
Deleteඒක වටිනවා අක්කේ. තමන් ගවේෂණය කරලා හොයා ගත්තු දේ තමන්ට ගොඩක් වටිනවා. ඒ වගේමයි හොඳට මතකයේත් තියෙනවා
ආයෙත් සිං ලා නේද.. උබ නිසා අපිත් දැන් සික් ලා ගැන විස්තර ගොඩක් දන්නවා..ස්තුති .
ReplyDelete@ චමී4යූ~chami4u
Deleteහොලෙ හොලේ :D
රසවත්ව ලියල තියෙනවා. ස්තූයියි! ආයෙ මුල ඉදන් කියවන් එන්න හිතෙනවා.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteකතාව හරියට ඔළුවේ දාගන්න පුලුවන් වෙයි අයියා එහෙමනම්.
හසිත පුතා, ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ටුවක් දමන්නෙ අදයි. මම මෙතෙක් ආවෙ නැත්තෙ ඇයි ? කියල මගෙන්ම අහ ගන්න වෙලා. ගොඩාක් නොදන්නා විස්තර දැන ගත්තා. ඉදිරියට ඉවර ඇති වෙලාවට සටහන් ටික කියවන්නම්. ස්තූතියි මෙපමණ කාර්යය බහුල වෙලත් මේ වගේ ලියන එකට.
ReplyDelete@ Chandi
Deleteඔබතුමී තවමත් ප්‍රමාද නැහැ. හා හාපුරා කියලා මගේ බ්ලොග් අඩවියට ගොඩ වැදුණු ඔබවත් සාදරයෙන් පිළිගන්නවා :)
මුල අමතක නිසා ආයෙ මුල ඉඳන් එන්න වෙනවා. හැම ලිපියකටම වාගේ අදාල වන අන්දමේ මේ වගේ රූප දාන එක නම් වටිනවා. එතකොට තව තව කියවන්න ආසයි
ReplyDelete@ තොටියා
Deleteඒවා කතා කරන, කතා කියන චිත්‍ර අයියේ :)
කාලෙකින් කඩාගෙන වැටුනේ මේ පැත්තට. හෙමි හෙමින් කියවලා ඔන්න දැනුයි කමෙන්ට් එකක් කොටන්නේ. එතකොට මේ සීක් වරුන්ගේ අද ආගමික ප්‍රධානින් නැද්ද?
ReplyDelete@ Alexander Cage
Deleteසීක් නායකයෝ අදටත් ඉන්නවා. ආගමික නායකයොත් ඉන්නවා. ඒත් ගුරු නමින් හැඳින්වුණු සීක්වරුන්ගේ ආධ්‍යාත්මික වගේම ලෞකික නායකයෝ දැන් නැහැ අයියා
මට සික් ජාතිකයන්ගේ කතා මාලාවේ ගොඩාක් කොටස් මග ඇරිලා...
ReplyDelete@ අසරණයා
Deleteඒකට හුඟක්ම හේතු වෙන්න ඇත්තේ මම පිළිවෙලක් නැතුව ඒක ලියපු එක වෙන්න ඕනේ. දැන් එහෙම වෙන්නේ ඊළඟ කතාවෙන් මේ ලිපි මාලාව ඉවරයි
මම හිතන්නේ සීක් ආගම ප්‍රචලිත වීම සහ වර්ධනය වීමත් බොහොම සීමිතයි කියලා වර්තමානයේදී.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteමටත් එහෙම හිතෙනවා. අලුතින් සීක් දහමට එක්වෙන අය නම් නැතුව ඇති. ඒත් වර්තමාන සීක් ජාතිකයෝ තමන්ගේ දිවි දෙවෙනි කරලා සීක් දහම සුරකින නිසා ඒකේ පරිහානියකුත් නැහැ
හසිත මහත්තයා අපිත් එක්ක තරහා වෙලාද මන්දා
ReplyDelete@ අටම්පහුර
Deleteඅයියෝ එහෙම දෙයක් නැහැ අයියේ. ඔයා සුපුරුදු විදිහට ලියන කතාවලින් බැහැර වෙලා ලියන කතාව එච්චර තේරුණේ නැහැ
මේ සික් ජාතිකයෝ ගැන සික් ආගම ගැන ඇත්තෙන්ම ඉගෙන ගන්න හරිම උනන්දුවක් තිබ්බා ඒත් ඉන්ටර්නෙට් එක පීරලා ඒවා හොයන්න කාලයක් නැතිකම සහ කම්මැලි කම නිසා කරන්න බැරි උනා. . උඹ කලේ නම් ලොකුම ලොකු දෙයක් මල්ලී. . මේ ලිපි අපේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි . . . ඉතිහාසය ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් ඔයා කරන්නේ ලොකූ සේවයක් ..
ReplyDelete@ දුකා
Deleteඒක ඇත්ත අයියා සීක්වරුන් ගැන සිංහලෙන් කරුණු හොයන කාට හරි මේක වැදගත් වේවි කියලා තමා ලිව්වේ. මොකද අන්තර්ජාලයේ සීක්වරු ගැන සිංහලෙන් ලියවුණු ලිපියක් තිබුණේ නැති තරම්