කපිලවස්තුපුර නටබුන්
කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව.
කෝසල ජනපදය කියන්නේ ඒ කාලයේ භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයන්ගෙන් බලවත් ජනපද 4 ට අයිති වුණු ජනපදයක්. මේ ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල එහෙමත් නැත්නම් ප්‍රසේනජිත් නමින් හඳුන්වපු රජතුමාට. බුදුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයේ වැඩිම කාලයක් වාසය කරපු සැවැත් නුවර පිහිටලා තිබුණෙත් මේ කොසොල් ජනපදයේමයි.
ඉතින් කොසොල් රජතුමාත් බුදුන් සරණ ගිය උපාසකයෙක් වුණා වගේම බුදුන් වහන්සේට අසීමිත ගෞරවයක් දක්වපු බවත් කියවෙනවා. උත්පලගන්ධ හාමුදුරුවන්ගේ කතාවෙනුත්, මුල්ම බුදු පිළිමය තනපු හැටි ගැන කියපු කතාවෙනුත් අපි කොසොල් රජතුමා ගැන හුඟක් දේවල් මේ වෙද්දිත් කතා කරලා නොවැ තියෙන්නේ.
සිරි පතුල් සිඹිමින් බුදුරදුන් වන්දනා කරන කොසොල් රජතුමා
ඉතින් කොසොල් රජතුමාත් බුදුන් සරණ ගිය උපාසකයෙක් වුණා වගේම බුදුන් වහන්සේට අසීමිත ගෞරවයක් දක්වපු බවත් කියවෙනවා. උත්පලගන්ධ හාමුදුරුවන්ගේ කතාවෙනුත්, මුල්ම බුදු පිළිමය තනපු හැටි ගැන කියපු කතාවෙනුත් අපි කොසොල් රජතුමා ගැන හුඟක් දේවල් මේ වෙද්දිත් කතා කරලා නොවැ තියෙන්නේ.
මේ කොසොල් රජතුමා තමන්ගේ රජ මාළිගාව ආසන්නයේ දාන ශාලවක් කරවලා හාමුදුරුවරු 500 නමකට හැමදාම දානය පිළිගන්නනවා. හැබැයි මේ විදිහට හාමුදුරුවරුන්ට දානය පූජා කළත් විශ්වාසයෙන් ගෞරවයෙන් උන් වහන්සේලාට ඒවා පිළි ගන්වන ඒ වගේම වළඳන්න අවශ්‍ය පහසුකම් සලසන කවුරුත් එතැන හිටියේ නැහැ.
ඒක නිසා හාමුදුරුවරු කරන්නේ රජතුමාගේ දාන ශාලාවෙන් දානය අරගෙන තමන් වහන්සේලාට විශ්වාස උපාසක උපාසිකාවන්ගේ ගෙවල්වලට වැඩම කරවනවා දානය වළඳන්න. ඒ උපාසක උපාසිකාවනුත් දානය වළඳන්න තමන්ගේ ගෙදරට වැඩම කරන හාමුදුරුවන්ට ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවලා රජතුමාගේ දාන ශාලාවේ දානය පරීක්ෂා කරලා බලලා ඒකේ වරදක් තියෙනවා නම් තමන්ගේ ගෙදර සකස් කරපු දානය පිළිගන්වලා අවශ්‍ය ඇප උපස්ථාන සිද්ධ කරනවා.
මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී දවසක් රජතුමා විශේෂ ආහාරයක් ලැබිලා ඒක දාන ශාලාවට පිටත් කරවනවා හාමුදුරුවරුන්ට පූජා කරන්න කියලා. ඒත් දාන ශාලාවේ හාමුදුරුවරු කවුරුත් හිටියේ නැති නිසා ඒ ගැන කරුණු කාරණා හොයපු ඇමතිවරු රජතුමාට කියනවා රජතුමාගේ දාන ශාලාවෙන් දානය ගන්න හාමුදුරුවරු උන් වහන්සේලාට විශ්වාස ගෙවල්වලට වැඩම කරවලා ඒ දානය වළඳනවා කියලා.
ඒක නිසා හාමුදුරුවරු කරන්නේ රජතුමාගේ දාන ශාලාවෙන් දානය අරගෙන තමන් වහන්සේලාට විශ්වාස උපාසක උපාසිකාවන්ගේ ගෙවල්වලට වැඩම කරවනවා දානය වළඳන්න. ඒ උපාසක උපාසිකාවනුත් දානය වළඳන්න තමන්ගේ ගෙදරට වැඩම කරන හාමුදුරුවන්ට ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවලා රජතුමාගේ දාන ශාලාවේ දානය පරීක්ෂා කරලා බලලා ඒකේ වරදක් තියෙනවා නම් තමන්ගේ ගෙදර සකස් කරපු දානය පිළිගන්වලා අවශ්‍ය ඇප උපස්ථාන සිද්ධ කරනවා.
මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී දවසක් රජතුමා විශේෂ ආහාරයක් ලැබිලා ඒක දාන ශාලාවට පිටත් කරවනවා හාමුදුරුවරුන්ට පූජා කරන්න කියලා. ඒත් දාන ශාලාවේ හාමුදුරුවරු කවුරුත් හිටියේ නැති නිසා ඒ ගැන කරුණු කාරණා හොයපු ඇමතිවරු රජතුමාට කියනවා රජතුමාගේ දාන ශාලාවෙන් දානය ගන්න හාමුදුරුවරු උන් වහන්සේලාට විශ්වාස ගෙවල්වලට වැඩම කරවලා ඒ දානය වළඳනවා කියලා.
මේ කතාව අහලා හොඳටෝම කේන්ති ගත්තු රජතුමා වහාම බුදු හාමුදුරුවන්ට බැහැ දැකලා බුදුන් වහන්සේට කියනවා.
"ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ නැහැ. මම වගේ රජෙක් දෙන අග්‍ර වෙන දානයක් මගේ දාන ශාලාවේදී වළඳන්නේ නැතුව වෙන ගෙවල්වලට වැඩම කරවලා වළඳනවා. ඒකට හේතුව මොකක්ද?" කියලා.
මේ අවස්ථාවේදී බුදු හාමුදුරුවේ වදාරනවා "රජතුමනි ඔබතුමාගේ දානය අග්‍ර වුණත් විශ්වාසයක් නැහැ, ඒක නිසා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට විශ්වාස ආදරයෙන් දෙන දානය වළඳනවා වගේම ඒවගේ අය ඉන්න ස්ථානවලදී දානය වළඳනවා" කියලා.
පස්සේ රජතුමා අහනවා "ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කාව හරි විශ්වාස කරන්නේ කොහොමද?" කියලා. බුදුන් වහන්සේ වදාරනවා "රජතුමනි සෝවාන් වුණු අය ගැන වගේම ඥාතීන් ගැන භික්ෂූන් වහන්සේලා හුඟක් විශ්වාස කරනවා" කියලා.
"ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ නැහැ. මම වගේ රජෙක් දෙන අග්‍ර වෙන දානයක් මගේ දාන ශාලාවේදී වළඳන්නේ නැතුව වෙන ගෙවල්වලට වැඩම කරවලා වළඳනවා. ඒකට හේතුව මොකක්ද?" කියලා.
මේ අවස්ථාවේදී බුදු හාමුදුරුවේ වදාරනවා "රජතුමනි ඔබතුමාගේ දානය අග්‍ර වුණත් විශ්වාසයක් නැහැ, ඒක නිසා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට විශ්වාස ආදරයෙන් දෙන දානය වළඳනවා වගේම ඒවගේ අය ඉන්න ස්ථානවලදී දානය වළඳනවා" කියලා.
පස්සේ රජතුමා අහනවා "ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කාව හරි විශ්වාස කරන්නේ කොහොමද?" කියලා. බුදුන් වහන්සේ වදාරනවා "රජතුමනි සෝවාන් වුණු අය ගැන වගේම ඥාතීන් ගැන භික්ෂූන් වහන්සේලා හුඟක් විශ්වාස කරනවා" කියලා.
මේ කාරණාව තදින්ම හිතට ගත්තු කොසොල් රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා මාළිගාවට ඇවිත් කල්පනා කරනවා මම බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වුණොත් නම් හැම හාමුදුරු කෙනෙක්ම මං ගැන විශ්වාස කරයි කියලා හිතලා තමන්ගේ සේනාව හුඟක් ප්‍රබල නිසා තමන් ප්‍රබල රජ කෙනෙක් වෙන හින්දාම ශාක්‍ය වංශයෙන් හොඳින් නැත්නම් නරකින් හරි කුමරියක් සරණ පාවා ගෙන බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වෙනවා කියලා තීරණය කරනවා.
ඒ වෙද්දී ශාක්‍ය වංශයේ රජ දරුවන්ගෙන් ප්‍රධාන රජතුමා විදිහට කටයුතු කරන්නේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කොසොල් රජතුමා මහානාම රජතුමා හසුනක් යවලා කියනවා ශාක්‍ය වංශයට නෑයෙක් වෙන්න කැමතියි. ඒක නිසා මට සරණ පාවා ගන්න කුමරියක් එවන්න කියලා.
මේ හසුන දකින මහානාම රජතුමා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ශාක්‍ය වංශයේ රජදරුවෝ උභයකුල පාරිශුද්ධ අය වෙන නිසා තමන්ගේ දරුවෙක් වෙන රාජ වංශයකට සරණ පාවා දුන්නොත් ඒක තමන්ගේ වංශයට කරපු නින්දාවක් වෙනවා. අනික් අතට කොසොල් රජතුමා වගේ බලවත් රජ කෙනෙක්ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළොත් කොසොල් රජතුමා වෛරක්කාරයෙක් වෙලා ඉස්සරහට කරදර වෙනවා.
මේක නිසා මේ ගැටලුවෙන් බේරෙන්න මහානාම රජතුමා කරන්නේ මහා මුණ්ඩි කියන දාසිය තමන්ට දාව බිහි කරපු වාසභ ඛත්තිකා කියන ගැහැණු දැරිවියව දෙවඟනක් වගේ සරසවලා කොසොල් රජතුමාගේ දූතයන්ට භාර දෙනවා.
ඒ වෙද්දී ශාක්‍ය වංශයේ රජ දරුවන්ගෙන් ප්‍රධාන රජතුමා විදිහට කටයුතු කරන්නේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කොසොල් රජතුමා මහානාම රජතුමා හසුනක් යවලා කියනවා ශාක්‍ය වංශයට නෑයෙක් වෙන්න කැමතියි. ඒක නිසා මට සරණ පාවා ගන්න කුමරියක් එවන්න කියලා.
කෝසල ජනපදයේ විශාලත්වය වගේම කපිලවස්තුවේ ප්‍රමාණයත් පේනවානේ
මේක නිසා මේ ගැටලුවෙන් බේරෙන්න මහානාම රජතුමා කරන්නේ මහා මුණ්ඩි කියන දාසිය තමන්ට දාව බිහි කරපු වාසභ ඛත්තිකා කියන ගැහැණු දැරිවියව දෙවඟනක් වගේ සරසවලා කොසොල් රජතුමාගේ දූතයන්ට භාර දෙනවා.
මේ වෙලාවේ ශාක්‍යයෝ නම් හරි මායම්කාරයෝ. මීට කලින් කිසිම රජ කෙනෙක්ට තමන්ගේ දියණියක් සරණ පාවා දුන්නේ නැහැ. ඒත් දැන් කිසිම බාධාවක් නැතිව අපේ රජතුමාට පාවා දෙන්න යනවා. සමහර විට දරුකමට හදාගත්තු දියණියක් මේ විදිහට සරණ පාවා දෙන්න යනවාද දන්නේ නැහැ කියලා සැක හිතපු කෝසල රාජ දූතයෝ මේ සැකේ නිරාකරණය කරගන්න උපායකුත් කල්පනා කරනවා.
ශාක්‍ය රජ දරුවෝ තමන්ගේ ජීවිතේ නැතිවුණත් තමන්ගේ තත්වයට නොගැලපෙන අයත් එක්ක කෑම කන්නේ නැති නිසා කෝසල රාජ දූතයෝ මහානාම ශාක්‍ය රජතුමාට කියනවා "ස්වාමීනි අපේ අපේ රජතුමාට බොහොම බයයි. ඒක නිසා ඔබතුමා දියණියත් එක්ක ආහාර අනුභව කරනවා නම් අපිට කිසිම සැකයක් නැහැ" කියලා.
මහානාම ශාක්‍ය රජතුමා හා කියලා ඒ යෝජනාව පිළි අරගෙන සියලු දෙනාම ඉදිරියේ දියණියත් එක්ක ආහාර ගන්නම් කියලා ප්‍රකාශයක් කරලා තමන්ගේ ඇමතිවරුන්ට ප්‍රයෝගයක් කරන්න උපදෙස් දීලා වාසභඛත්තිකාව සරසවලා තමන් සමීපයට ගෙන්වනවා.
පස්සේ වාසභඛත්තිකාවගේ හිස අතගාලා බොරුවට කදුළු හළලා මහානාම රජතුමා "පුතේ කොසොල් රජතුමා සමීපයට ඔබව යවන්නයි මේ සූදානම. ආයි දකින්න සෑහෙන කාලයක් යනවානේ. අපි අන්තිමට පාරට බත් ටිකක් කමු" කියලා වාසභඛත්තිකාව අතට බත් තියෙන පිඟාන දෙනවා.
හැබැයි වාසභඛත්තිකාව බත් අනන්න ගන්න කලින් මහානාම රජතුමා බත් පිඬක් අනාගෙන කන්න යද්දි කටට ළං කරද්දීම රජතුමාගේ ප්‍රයෝගයේ විදිහට ඇමතියෙක් ඇවිත් පසල් දනවුවකින් ආපු හදිසි හසුනක් කියලා රජතුමාට හසුනක් පිළිගන්නනවා.
ඒ වෙලාවේ රජතුමා පුතා බත් කන්න කියලා වම් අතින් හසුන අල්ලාගෙන බත් පිඟානේ අත දමන්නේ නැතුව හසුන කියව කියව වාසභඛත්තිකාව බත් කාලා ඉවර වෙනකම් අනම් මනම් කියව කියව ඉන්නවා. අන්තිමට වාසභඛත්තිකාවත් එක්ක බත් කෑවා වගේ පේන්න අත හෝදනවා.
කෝසල රාජ දූතයන්ට මේ හොරේ අල්ලගන්න බැරිවෙනවා. ඉතින් එයාලත් වාසභඛත්තිකාව මහ පෙරහැරෙන් සැවැත්නුවර ගෙනිහින් කොසොල් රජතුමාට සරණ පාවා දෙනවා.
රජතුමාට වාසභඛත්තිකාව තමන්ගේ අගමෙහෙසිය කරලා තමන් දැන් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලා බොහොම සතුටට පත් වෙනවා. ටික කාලයකට පස්සේ වාසභඛත්තිකා අග බිසව රජතුමාට දාව පුත් කුමරෙක් බිහි කරනවා.
කෝසලයේ වීථි සංචාරය කරන කොසොල් රජතුමා
කොසොල් රජතුමා ඇමතිවරුන්ට නියම කරනවා මේ පිළිබඳව තමන්ගේ මව් බිසවට දැනුම් දෙන්න කියලා. මව් බිසව මේ ගැන අහලා සතුටු වෙලා "වාසභඛත්තිකාව අද ඉදන් මගේ පුතාට වල්ලභයි" කියලා කියනවා. මව් බිසවට මේ පණිවුඩය අරගෙන ගිය ඇමතියා පොඩ්ඩක් බීරි නිසා එයාට ඇහෙන්නේ "විඩූඪභ" කියලා. එයා රජතුමාට කියනවා කුමාරයාට මව් බිසව විඩූඪභ කියලා නම් තිබ්බා කියලා.
ඒ නම තමන්ගේ රාජ පරම්පරාවේ පරණ නමක් කියලා හිතපු රජතුමා ඒ නම තමන්ගේ පුත් කුමාරයාට හොඳයි කියලා පිළිගන්නවා. දාසියක් වෙලා හිටිය තමන්ට මේ විදිහට කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් වුණේ බුදු හාමුදුරුවෝ නිසා කියලා සතුටු වුණු වාසභඛත්තිකාවත් ඒ වගේමයි කොසොල් රජතුමාත් බුදු හාමුදුරුවෝ ගැන ගොඩක් පැහැදුණා.
මෙහෙම ටික කාලයක් යද්දී විඩූඪභ කියන්නේ කඩවසම් තරුණයෙක්. එයාට පේනවා හැමෝගේම මව් පාර්ශවයේ නෑයෝ ඉන්නවා. ඒත් තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ නැහැනේ කියලා. අම්මාගෙන්ම මේ ගැන අහන්න ඕනේ කියලා හිතපු විඩූඪභ තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ ගැන වසභඛත්තිකා අග බිසවගෙන් අහපුවාම එයා කියනවා ශාක්‍ය වංශිකයෝ තමා තමන්ගේ නෑයෝ කියලා.
තමන්ගේ අම්මාගේ නෑයෝ බලන්න තකහනියේ ලෑස්ති වුණු විඩූඪභ කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක කිඹුල්වත් නුවරට ගියා. දාසියගේ පුත්‍රයා වුණත් කොසොල් රජතුමාගේත් පුත්‍රයා නොවැ. ඒක නිසා ශාක්‍යයෝ විඩූඪභව බොහොම ආදරයෙන් පිළි අරගෙන සංග්‍රහ ආදිය කලා.
ඊට පස්සේ ඉතින් විඩූඪභ ආපහු සැවැත් නුවරට එන්න පිටත් වුණා. මේ අතරවාරයේදී විඩූඪභගේ සොල්දාදුවෙක් තමන්ගේ කඩුව දාලා ඇවිත් ඒක අරන් එන්න ආපහු කිඹුල්වත් නුවරට ගියා. ඒ වෙලාවේ එයා දැක්කා විඩූඪභ කුමාරයා වාඩිවෙලා හිටිය පුටුව විඩූඪභට බැන බැන කිරිවලින් හෝදන සේවිකාවක්. "දාසියගේ පුතා දාසියගේ පුතා" කියලා තමා ඒ සේවිකාව විඩූඪභට බැන වදින්නේ.
පස්සේ කරුණු කාරණා දැනගත්තු සොල්දාදුවා මේ ගැන විඩූඪභට කියනවා. තමන්ගේ මව් පරම්පරාව ගැන මෙච්චර කල් රහසක් වෙලා තිබුණු කතාව අහපු විඩූඪභට හොඳටම කේන්ති යනවා.
ඒ වෙලාවේ එයා තමන්ටම පොරොන්දු වෙනවා තමන්ට අපහාස කරපු ශාක්‍යයන්ගේ ලේවලින්ම ශාක්‍යයන්ගේ පුටු ඔක්කෝම හෝදනවා කියලා.
මේ කාලය වෙද්දී කොසොල් රජතුමාටත් එච්චර හොඳ කාලයක් වුණේ නැහැ. මොකද රජතුමා තමන්ගේ හොඳම සේනාපතියා වුණු බන්ධුල සේනාපතියා වගේම එයාගේ දරුවන්ට නිස්කාරණේ සැකයක් ඇති කරගෙන මරා දමලා තිබුණේ. මේක නිසා රජතුමා බන්ධුල සේනාපතිගේ නෑයෝ හිතවත් කරගන්න බන්ධුල සේනාපතිගේ නෑයෙක් වුණු දීඝකාරායනව ප්‍රධාන සෙන්පතියා විදිහට පත් කළා.
බුදුරජ කොසොල් රජ හමුවක්
දවසක් කොසොල් රජතුමා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න ගිය වෙලාවක තමන් එක්ක ගිය දීඝකාරායන සෙන්පතියාට රාජකීය ආභරණ, මඟුල් කඩුව ආදී සියල්ල දීලා බොහොම සාමාන්‍ය විදිහට තමා ආරාමයට ඇතුල් වෙන්නේ.
ඒක අවස්ථාව කරගත්තු දීඝකාරායාන තමන්ගේ ඥාති සහෝදරයා මරපු පළිය ගන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා රාජකීය භාණ්ඩ අරගෙන ගිහින් විඩූඪභ කුමාරයාව කෝසල ජනපදයේ රජතුමාට බවට පත් කරනවා.
බුදු හාමුදුරුවන් බැහැ දැකලා කතා බහ නිමා කරලා එළියට ආපු කොසොල් රජතුමා දකිනවා තමන්ගේ සේනාවේ කවුරුත් එතැන නැති බව. එක අශ්වයෙකුත් පරිවාර කාන්තාවකුත් විතරක් ඉතුරු කරලා තමා දීඝකාරායන එතැනින් යන්නේ. පස්සේ කොසොල් රජතුමා ආයි පාරක් තමන්ගේ රාජ්‍යය ගන්න උපකාරයක් ඉල්ල ගෙන තමන්ගේ බෑණා වුණු මගධ ජනපදයේ රජතුමා වුණු අජාසත්ත හම්බෙන්න රජගහ නුවර බලා පිටත් වෙනවා.
කොසොල් රජතුමා රජගහ නුවරට යද්දී රෑ බෝ වුණා. ඒ වෙද්දී වාසල් දොරටු වහලා තිබුණේ. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට ඇතුල් නුවරට ඇතුල් වෙන්න බැරිවෙන්න සතර වාසල් දොරටු වහලා දානවා. ඒක නිසා කොසොල් රජතුමා වාසල් දොරටුව ගාව තිබුණු ශාලාවක රාත්‍රිය ගත කරද්දී හිතේ තිබුණු දුක වගේම අධික සීතල ඉවසාගන්න බැරුව මියයනවා. පහුවෙනිදා උදෑසන මේ ගැන දැනගත්තු අජාසත් රජතුමා කොසොල් රජතුමාගේ අවසන් කටයුතු උසස් අන්දමින් සිද්ධ කරනවා.
මේ අතරවාරයේ විඩූඪභ දීඝකාරායාන සේනාපතියාගේ උදව්වෙන් ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න සේනා අරගෙන පිටත් වෙනවා. මේ සිද්ධිය අලුයම් කාලයේදී මහා කරුණාවෙන් ලෝකය දිහා බලන බුදු හාමුදුරුවෝ දකිනවා.
විඩූඪභ ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ලොකු අකුසලයක් කරගන්න යන නිසා ඒකෙන් එයාව මුදවන්න බුදු හාමුදුරුවෝ ශාක්‍ය දේශයට විඩූඪභ ගමන් කරන මාර්ගයේ අතර මැද ස්ථානයක වැඩ ඉන්නවා. ශාක්‍ය දේශය බලා යන ගමනේදී විඩූඪභ දකිනවා සෙවණක් නැති ස්ථානයක අධික රස්නේ මැදම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා.
විඩූඪභගේ සේනාව හමුවීමට වැඩ සිටින බුදුන් වහන්සේ
සෙවණක් නැති ස්ථානයක වැඩ ඉන්නේ ඇයි කියලාම විඩූඪභ ඇහුවාම බුදු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා උපන් බිමෙන් හමා එන මඳ සුළඟෙන් පවා තමන් වහන්සේට සුවයක් දැනෙනවා කියලා.
බුදු හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශයත් එක්ක බුදු හාමුදුරුවෝ නිසා ශාක්‍ය ජනපදයේ සංහාරයට යන එක නතර කරලා විඩූඪභ ආපහු කෝසලය බලා පිටත් වෙනවා. දෙවෙනි වරටත් විඩූඪභ ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න යද්දී කලින් සිද්ධිය ආයි පාරක් වෙනවා.
ඒක නිසා විඩූඪභ ආපහු කෝසලය බලා ගියත් තුන්වෙනි වතාවේ නම් බුදු හාමුදුරුවෝ මේ අකුසලයෙන් විඩූඪභ වළක්වන්න වැඩම කරන්නේ නැහැ. ඒකට හේතුව තමා ශාක්‍යයන්ගේ අකුසලයකුත් බලවත්ව ඉස්මතු වුණු එක.
අවසානයේදී සිද්ධ වෙන්නේ විඩූඪභ තමන්ටම පොරොන්දු වුණු විදිහට ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ශාක්‍යයන්ගේ ලේවලින් පුටු සියල්ලම හෝදනවා. මේ ශාක්‍ය සංහාරයෙන් ජීවිතය ගලවා ගන්නේ බොහොම ස්වල්ප පිරිසක්.
ඒ පිරිසේ තමා ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදරයෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍ර පණ්ඩු ශාක්‍ය කුමාරයා. පණ්ඩු ශාක්‍යගේ දියණිය තමා භද්දකච්චායනා කුමරිය. එයා තමා ලංකාවේ රජ වෙලා හිටිය පණ්ඩුවාසදේව රජතුමා අග බිසව වෙන්නේ.
ශාක්‍ය රජ පෙළපත ලක්දිව රජ පෙළපතට සම්බන්ධ වන අයුරු
ශාක්‍යයන්ව මේ විදිහට සමූල ඝාතනය කරපු විඩූඪභට මොකද වුණේ කියන එකත් කට්ටියට ප්‍රශ්නයක් ඇති. ශාක්‍ය ජනපදයේ ආක්‍රමණය නිමා කරලා ආපහු එන විඩූඪභ ඇතුළු සේනාව කරපු බරපතල අකුසල කර්මය නිසා එයාලා ගමන් කරපු රථවල රෝද කළුගල් තලාවකදී මඩේ එරුණා හා සමානව එරුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. දඹදිව වන්දනාවේ යන අය නරඹන්න යන එක් ස්ථානයක් තමා මේ විඩූඪභගේ රථ එරුණු කළුගල් තලාව.
විඩූඪභගේ රථ එරුණු ගල් තලාව
ඒ කළුගල් තලාවත් පහු කරලා කෝසලය බලා එද්දී රෑ බෝ වුණු නිසා අචිරවතී කියන ගංගා ඉවුරේ රාත්‍රිය ගත කරන්න කඳවුරු බඳින්න කෝසල සේනාව තීරණය කරනවා. ඒ වෙද්දී ලොකු පෑවිල්ලක් තිබුණු නිසා ගං ඉවුරේ මේ කඳවුර ඉදි කරනවා වගේම හුඟක් සොල්දාදුවෝ නිදාගන්නේ ගං ඉවුරේ.
ඒත් විඩූඪභගේ අකුසලයේ බලවත්කම කොච්චරද කියනවා නම් අකාලයේ වැහැපු වැස්සක් නිසා ඇතිවුණු ගංවතුරක් නිසා අචිරවතී ගං ඉවුරේ කඳවුරු බැඳගෙන හිටිය විඩූඪභ ඇතුළු සේනාව ගංවතුරට අහුවෙලා මියයනවා. හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා.
අජාසත්ත රජතුමා
මේ විදිහට කෝසල ජනපදය වගේම ශාක්‍ය ජනපදය අරාජික වුණු ඒ ප්‍රදේශ සියල්ලම මගධයේ අධිපතියා වුණු අජාසත්ත අත්පත් කරගන්නවා. ඊළඟට කලින් කතාවකත් කිව්ව විදිහටම වසර 16 ක යුද්ධයකින් පස්සේ වජ්ජි ජනපදයේ ලිච්ඡවියන් පරාජය කරලා ඒ ජනපදයත් ඈඳා ගන්නවා. මේ විදිහට අජාසත්ත භාරතයේ මගධය මුල් කරගෙන අධිරාජ්‍යයක් බිහි කරන්න කටයුතු කරනවා.
ඕන් ඔහොමයි ශාක්‍යයන්ගේ අවසානය සිද්ධ වුනේ...
ප.ලි.: කතාව කියන්න කරුණු හොයාගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේඅසදෘශ මහාදාන පූජා කතා කොටසෙන් වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ කෝසල රජතුමාගේ මරණය නම් කොටසෙන්
// හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා.
ReplyDeleteමේ සිද්ධිය වුණේ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්නම්කෝ! මල්ලි කිව්වනේ කොසොල් සේනාව රෑ බෝ වුණා ම අචිරවතී ගඟේ වැලි තලාවේ කඳවුරු බැඳගත්තා කියලා. බොහොම වියළි කාලයක් ගඟ හිඳිල ම වගේ ගිහින් තිබුණ නිසා සැකයක් නැතුව ම ගඟ මැද ම තමයි කඳවුරු ඉදිකරගත්තෙ. හැබැයි කිහිපදෙනෙකුට කඳවුරු බිමේදි පොඩි ගැටළුවක් ආවා. ඒ අය කඳවුරු බිමේ ඉන්න ඉන්න තැනදි පොළවෙන් කූඹි මතුවෙලා දෂ්ඨ කරන්න පටන් ගත්තා. මේකෙන් බේරෙන්න ම බැරි තැන ඒ අය ගං ඉවුරෙන් අයින් වෙලා ඒ ලඟ තියෙන කඳු ගැටයකට නැගලා රැය පහන් කරනවා. ඒ අතරෙදි තමයි අකාලයේ ගඟ ඉහළ ප්‍රදේශයට වැහැපු වැස්සක් නිසා ගඟ දෙගොඩ තලාගෙන ඇවිත් අර මුලින් කිව්ව කිහිපදෙනා හැරෙන්න හැමෝම මරණයට පත්වෙන්නෙ. ඒ අය ඒ විදියට බේරෙන්න හේතුව තමයි ඒ අයගේ පින.
……හැමදාමත් වගේ ලස්සනට ලියලා තියෙනවා මලයෝ!
@ ලහිරු
Deleteස්තුතියි අයියා කතාව එකතු කළාට.
ඒ කොටස ලියන එක නම් මග ඇරියේ හිතලාම තමා. මොකද කතාවක් කියද්දී හැම එකම ලිව්වාමත් වැඩක් නැහැ කියලයි හිතෙන්නේ. පාඨකයන්ටත් අහන්න දෙයක් ඉතුරු කරන්න ඕනේ කියලයි මම හිතන්නේ.
තව දෙයක් අමතක වුණා. විඩූඪභ සහ සේනාව ශාක්‍යයන් ව සමූල ඝාතනය කරද්දි පවා ශාක්‍යයන් ඊට එරෙහිව ආයුධ අතට ගත්තෙ නැහැ කියනවා. ඒ ඔවුන් අතිශයින් ම තෙරුවනට ශ්‍රද්ධාවන්ත නිසා. බුදුරදුන් ගේ ඥාතීන් වුණ නිසා ම පංච ශීලය පණටත් වඩා ආරක්ෂා කළ ඔවුන් තමන් ව ඝාතනය කරන අය කෙරෙහි මෛත්‍රිය වැඩුවා කියනවා. ඒ නිසා ශාක්‍යන්ව සමූල ඝාතනය කරන්න විඩූඪභ ඇතුළු සේනාවට පහසු වුණා. "මහරජ, ඤාතීන්ගේ
Deleteසෙවණ ද සීතල යයි" කියමින් සෙවන නැති නුග ගහක් යට වැඩ හිටිය, මේ විදියට ඥාතීන් ව බේරාගන්න බුදුරදුන් උත්සහ කළ තවත් අවස්ථාවක් ගැන කුක්කුර ජාතකයෙත් (නෑයින්ගේ හිත සුව පිණිස හැසිරුණු සුනඛයා) සඳහන් වෙනවා.
ලහිරු,...මේ කතාවනම් හරිම සංවේදියි...!
Deleteහසිත..,
මට තිබුනු ප්‍රශ්නය තමා ඔතරම් තෙරුවන් සරනගිය..රජවරු ඇතුලු සෙනවියෝ..කොහොමද ..යුධ වැදිල රාජ්‍යයන් අත්පත් කරගත්තෙ..? විශේෂයෙන් අජාසත්ත රජතුමා..!
ශාක්‍යන් ගැන භක්තියක් ඇති උනා..!
@ ලහිරු
Deleteශාක්‍යයන් තුළ තියෙන දැඩි හික්මීමත් එක්කම එයාලා බෞද්ධයෝත් වුණු නිසා ඒ වගේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා වෙන්න ඕනේ. සසුනට ඇතුළත් වෙන කුල පුත්‍රයෙක් ශාක්‍ය වංශයේ නම් ඔහුව ඒ මොහොතේම පැවිදි බිමට ඇතුළත් කළ හැකියි කියලා බුදු හාමුදුරුවෝ වදාලේත් ශාක්‍යයන් සතුව තියෙන මේ වගේ උත්තරීතර ගුණාංග වගේම මනා හික්මීම නිසා විය යුතුයි.
අයියා කුක්කුර ජාතකයත් මතක් කරපු නිසා ඒ ගැන අනිත් අයටත් කියවන්නත් ඉඩ සැලැස්සුවා ඕන්. ධර්ම දානයට එකතු වුණා පිං අයියණ්ඩි :)
කුක්කුර ජාතකය
@ වීපොකුරෙ වීයා
Deleteශාක්‍යයන් ගැන භක්තියක් ඇති වෙන එක සාධාරණයි. කුල මානයෙන් යුක්ත වුණත් මනා හික්මීම ආදී ඉහළ ගුණාංග ඔවුන් තුළ තිබුණා නොවැ.
තෙරුවන් සරණ ගිය හුඟක් රජවරු සහ සෙනෙවියන් යුධ වදින එක ගැන යමක් කිව්වොත් යුධ කිරීම සහ රාජ්‍ය විශාල කරන එක රාජ ධර්ම හැටියට තමා ඒ කාලයේ භාරතයේ සැලකුණේ.
අධර්මඃ ක්ෂත්‍රියස් යයිශ්‍ය - යත් ශය්‍යා මරණං භවෙ ක්ෂත්‍රියයෙක් යහනේදී මිය යෑම අධර්මයක්. ඒ කියන්නේ ක්ෂත්‍රියයාගේ මරණය සිදුවිය යුත්තේ යුධ බිමේ වගේ සංකල්පත් ඒ කාලේ තිබුණා. ඒ නිසා රජුන් ඒවාට අනුගත වෙන එක වළක්වන්න බැරි දෙයක්.
ඒ වගේමයි බොහෝ රජුන් වගේම සෙනෙවියන් සෝවාන් තත්වයට පමණයි පත් වෙලා හිටියේ. ඒ නිසා එයාලගේ සිතේ කාමරාග, පටිඝ වගේ සංයෝජන තියෙන නිසා යුධ කිරීම අරුමයක් නෙමේ....
සුපිරිම ඉතිහාස කතාවක්නේ බොහොම ආසාවෙන් කියෙව්වේ. මමත් මගේ අලුත් පෝස්ට් එකේ ලිව්වේ සාන්චි ගැන. සාන්චි කියන්නෙත් ශාඛ්‍ය වන්ශිකයන්ගේ ඉසව්වක්..ඇවිත් බලන්න මෙතැනින්..
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
@ Naleen Dilruksha
Deleteඅනිවාර්යයෙන්ම එන්නම් ඇවිත් යන්න :)
නියම කතාවක්නෙ හසිත.. බොහොම ආසාවෙන් දෙතුන් පාරක්ම කියෙව්වා.. අර බත් කන සීන් එක නම් නියමයි...
ReplyDeleteඅද ප්‍රශ්න නැත..
එකක් තියෙනවා..
අපේ රජතුමාත් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක්ද?
එයා නෑදෑයෙක් නම් ඔයාත් බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෙක් වෙන්න ඕන.දන්නා විදිහට නම් ඒ අය ඒ තරම් ලොකු මිනිස්සු නෙවේ.තරමක වත් පොහොසත්කම් තිබුණු වෙල්විදානේ,.ආරච්චිල වගේ තනතුරුවලින් ඉහලට නොගිය පරපුරක්.
Deleteවිජය කුමාරයා ඉන්දියාවෙන් ගෙන්වාගෙන සරණපාවා ගත් භද්ධකච්චායනා කුමරිය ශ්‍යාක්‍ය වංශයේ කුමරියක්..
Deleteඑනිසා සිංහල ජාතිය බුදු රජාණන් වහන්සේගේ ඤාතීන්....
@ හරී
Deleteබත් කන සීන් එක නම් නියමයි කියන්නේ ඒවා හැමදාම හැම තැනම නැහැ. ඒවා ශාක්‍ය මායම් :D
//....අපේ රජතුමාත් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක්ද?...//
මේ ප්‍රශ්නයම ශාක්‍යයන් ගැන මුලින් ලියපු සටහනේදීත් ආවා. මම දන්නා තරමින් රාජපක්ෂවරුන් ගැන තොරතුර තමා මේ
රාජපක්ෂ පරම්පරාවේ දැනට දන්න විදිහට පරණම මනුස්සයා තමා දොන් ඩේවිඩ් රාජපක්ෂ කියන ගිරුවාපත්තුවේ ඉහළ වැලිකඩ කෝරළේ විදානේ ආරච්චි තනතුරු ඉසිලුව කෙනා.
ඒ 19 වැනි සියවස අග භාගයේ ඉදන් 20 වැනි සියවසේ මුල් භාගයේ. එයාගේ පුතා තමා ජනාධිපති රාජපක්ෂගේ පියා වුණු ඩී.ඒ. රාජපක්ෂ
ගජබා රජතුමා තන්ජෝරය ආක්‍රමණය කරලා එහෙන් අල්ලාගෙන ආපු සොළී සිරකරුවෝ රුහුණේ ගිරුවා පත්තුව පැත්තටත් පිටත් කරලා තියෙනවාලු. රාජපක්ෂලා මුතුන් මිත්තෝ එයාලා වෙන්නත් පුලුවන්
මේ සංවාදයේදීම චින්තාමනී මොහොට්ටි රාජපක්ෂ කියලා කෙනෙක්වත් මතුවුණා. එයා 1818 උඩරට කැරැල්ලේදී පුරෝගාමී මෙහෙයක් කරපු කෙනෙක් කියලා තමා දැනගන්න ලැබුණේ. හැබැයි 1818 උඩරට මහ කැරැල්ල පිළිබඳව ප්‍රශස්ත ග්‍රන්ථයක් කරපු ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ කෘතියේ පවා එවැනි නමක් සඳහන් වෙලා තිබුණේ නැහැ.
ඒක නිසා සෘජු ඥාතීත්වය කියන්න අමාරුයි. කියනවා නම් කියන්නේ බුදුරජුන්ගේ පියතුමා වුණු සුද්ධෝදන රජතුමාගේ බාල සොයුරු අමිතෝදනගේ පුත්‍ර පණ්ඩුශාක්‍යගේ පුත්‍රයෙක් වුණු රෝහණ කුමාරයා රුහුණේ ජනපද පිහිටෙව්වා කියන සාධකයත් එක්කයි.
@ Anonymous November 25, 2012 9:36 AM
Deleteඔබේ අදහස ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කලින් කරපු ප්‍රතිචාරයෙන් කරලා තීබෙන්නේ
@ udaya kumara paranagama
Delete//...විජය කුමාරයා ඉන්දියාවෙන් ගෙන්වාගෙන සරණපාවා ගත් භද්ධකච්චායනා කුමරිය ශ්‍යාක්‍ය වංශයේ කුමරියක්....//
විජය කුමාරයා ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ අගනුවර වුණු මදුරා පුරයෙන් තමා කුමාරිකාවක් ගෙන්වා ගත්තේ. ඒ කුමාරී දකුණු ඉන්දියානු කුමාරිකාවක්. විජය කුමාරයාගේ සහෝදර සුමිත්තගේ පුත්‍රයා වුණු පණ්ඩුවාසදේව තමා භද්දකච්චායනා කුමරියව සරණ පාවා ගන්නේ.
සිංහල ජාතිය එහෙමත් නැත්නම් සිංහල වර්ගය බොහොම මිශ්‍ර වුණු එකක්. යක්ෂ, නාග, දේව වගේ ස්වදේශික ජන කණ්ඩායම් එක්ක ආර්යය ජන කොටස් මිශ්‍ර වුණා වගේම පසු කාලීනව බටහිර ජාතීන් එක්කත් මිශ්‍ර වෙලා වත්මන් සිංහලයන් බොහොම මිශ්‍ර කණ්ඩායමක් බවට පත්වෙලා තියෙන්නේ.
ඒක නිසා බුදුන් වහන්සේගේ ඥාතීන් කියලා කීමෙ හැකියාව තිබුණේ මුල් කාලීනව [පණ්ඩුකාභය සමයට පෙර] හිටිය ආර්ය ජන කණ්ඩායම්වලට විතරයි කියලා තමා මගේ අදහස
අපි ශාක්‍ය වංශයට සම්බන්ධ පොරවල් එහෙනම්, (අපේ මහරජතුමා වගේම ඉන්දියානු විරෝධී විමල් ඇමතිතුමත් ශාක්‍ය වංශයට ගැවිච්ච පොරවල් ) සෙල්ලම් නැනේ .
ReplyDeleteඉතිහාසය කියන්නේ 100%ක්ම සත්‍යය කියල මම දකින්නේ නෑ , කොහොම වුනත් කියවන්න රසවත් කථාවක් !
@ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
Deleteආශ්චර්යයමත් දේවල් වෙන්නේ ඒක නිසා තමා අයියණ්ඩි :D
ඉතිහාසය කියන දේ වුණත් තාර බර ඇරලා ගන්න ඕනේ. මේවා නම් ඉතිහාසය වගේම බෞද්ධ සාහිත්‍යය කියලාත් ගන්න පුලුවන් දේවල්
Mamth giya Othnata... Eewunata Mee kathwa Hariyatma Dana gena hitiye na... PIn http://www.flickr.com/photos/vathsalajk/1254462406/in/photostream
ReplyDeleteපින්තුරු ටික බැලුවා. බොහොම වටිනවා. බොහොම ස්තුතියි අපි එක්ක බෙදාගත්තට.
Delete@ Vathsala
Deleteඒ ස්ථානයේ ඡායාරූප බොහොම පැහැදිලිව දැකගන්න ලැබුණා. ඒ කතාව එතැනදී මාර්ගෝපදේශකයෝ විස්තර කරනවා නේද අක්කේ ??
හ්ම්ම්..බොහොම රසවත් කතාවක්. එක අතකට ඒ කාලේ පවු පින් පඩිසන්දීම ඒ ඒ වෙලාවටම වෙලා නේද? ඒත් අද??
ReplyDeleteඒක මටත් තියෙන ප්‍රශ්නයක්.ඒ කාලේ එහෙම වුනාට ඇයි අද කාලේ එහෙම වෙන්නේ නැත්තේ...?
DeleteI don't know why
Deleteමයේ හිතේ පවුකාරයෝ ලෝඩ් එක වැඩි ඇති ක්ෂණික අපාගත කරන්න එහෙම. කී පොලක් කියලා පැලෙන්නද මේ කියන කරන ඒවාට.
Deleteඅද කාලෙත් වෙනසක් නැහැ. පින් පව් පළදෙනවා. එත් අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් වෙන දේවල්, ඒ කියන්නේ අද්භූත බලවේග,ස්වාභාවික විපත් වගේ දේවල් කියල පිලිගන්නවා.
Deleteඑහෙම නෙවෙයි ඇනෝ, මේ වගේ ක්ෂණිකව පලදීම් විරලයි නේද?
Delete@ Alexander Cage
Deleteදිට්ඨ ධම්මවේදනීය කර්මයක් වුණු බවයි පේන්නේ
@ Anonymous November 25, 2012 1:32 PM
Deleteඔබේ කතාවට එකඟයි.
@ Pramudi,හරී,Alexander Cage
Deleteඇනෝ කිව්ව අදහසම තමා මටත් හිතෙන්නේ. ක්ෂණික පලදීම් විරලයි කියල පෙනුණට යම් යම් සිද්ධි හොඳින් නිරීක්ෂණය කරද්දී දිට්ඨ ධම්මවේදනීයව පලදීපු හැටි දැකගන්න පුලුවන්.
ලිපි ගිනි මොළවන තෙක් දිය සැළියේ - සැපයක් යැයි කකුළුව දිය කෙළියේ කියලා කතාවකුත් තියෙනවානේ :D
අයියගේ බ්ලොග් එකෙන් හැමදාම අලුත් දෙයක් දැන ගන්නවා.බොහොම පින්..!!
ReplyDelete@ Pramudi
Deleteඔයාගේ පිනත් අනුමෝදන් කරගත්තා නඟා :)
ඉතාම වටිනා කතාවක්.රසවත්ව ඉදිරිපත් කල එකට බොහොමත්ම ඉස්තුති.
ReplyDelete@ Kasun
Deleteඑය මාගේ බලවත් ප්‍රීතියයි :)
හැමදාම වගේ නියමයි.
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteස්තුතියි
//ශාක්‍ය ජනපදයේ ආක්‍රමණය නිමා කරලා ආපහු එන විඩූඪභ ඇතුළු සේනාව කරපු බරපතල අකුසල කර්මය නිසා එයාලා ගමන් කරපු රථවල රෝද කළුගල් තලාවකදී මඩේ එරුණා හා සමානව එරුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. දඹදිව වන්දනාවේ යන අය නරඹන්න යන එක් ස්ථානයක් තමා මේ විඩූඪභගේ රථ එරුණු කළුගල් තලාව. // අපිත් මෙතනට ගියා. පුදුමයි ! මේ කතාව එදා කියත්දි තාම ඒ විදිහටම එතැන තියෙන නිසා. බොහෝම ස්තූතියි! හසිත පුතා ගොඩාක් නොදන්නා විස්තර දැනගත්තා. හරිම රසවත් ලෙස ලියල තියෙන නිසා ආසාවෙන් කියෙව්වා.
ReplyDelete@ Chandi
Deleteඒ ස්ථාන සැබවින්ම දැකගන්න ලැබුණු ඔබතුමිය වාසනාවන්තයි
වටිනා ලිපියක්. ශාක්‍යයන්ගේ සෙල්ලිපි ටිකකුත් දාන්න පුලුවන්ද? මොකද පොතේ කරුනු අනුවම කතාවක් ගොඩනගන්න බෑ. පුරාවිද්‍යා සාධකත් ඕනේ.
ReplyDelete@ Anonymous November 25, 2012 11:18 AM
Deleteමේ බෞද්ධ සාහිත්‍යයේ තිබෙන කතාවක්. වර්තමානයේ ඉන්දියාවේ කරපු කැණීම්වලින් කපිලවස්තුපුරය කියලා හඳුනා ගැනෙන ප්‍රදේශයෙන් මාළිගාවල වගේම ස්ථූපවල නටබුන් ආදියත් පාදාගෙන තිබෙනවා. ඒවා පුරාවිද්‍යා සාධකයක් විදිහට ගන්න පුලුවන්.
කපිලවස්තු ධාතු කරඬු ලිපියෙන් පෙන්වන ශාක්‍යයන් පිළිබඳ සටහන හැරෙන්න මම දන්නා තරමින් ශාක්‍යයන් ගැන සෙල්ලිපි නම් නැහැ
කපිලවස්තු පුර ලිපිය ව්‍යාජ එකක් බව බ්‍රිතාන්‍යයන් විසින් තහවුරු කර ජාත්‍යන්තරය පුරා ප්‍රසිද්ධ කථාවක් වී අවසානයි. ශාක්‍යයන් සම්බන්ධ පුරාවිද්‍යා සාධක ඒ නිසා ඉන්දියාවේ කිසිවක් නැත. ලිඛිත කථාවන් පුරාවිද්‍යා සාධක නොමැතිව තහවුරු කර නොහැක. එනිසා මෙය ඉන්දියාව සම්බන්ධයෙන් ඇති හුදු කතාන්දරයක් පමණයි.
Delete@ Anonymous November 27, 2012 10:40 PM
Delete//...කපිලවස්තු පුර ලිපිය ව්‍යාජ එකක් බව බ්‍රිතාන්‍යයන් විසින් තහවුරු කර ජාත්‍යන්තරය පුරා ප්‍රසිද්ධ කථාවක් වී අවසානයි....//
මේ ගැන විස්තර තියෙන පිළිගත හැකි මට්ටමේ අන්තර්ජාල සබැඳියක් දක්වන්න පුලුවන් නම් වටිනවා.
//...ශාක්‍යයන් සම්බන්ධ පුරාවිද්‍යා සාධක ඒ නිසා ඉන්දියාවේ කිසිවක් නැත....//
එතකොට ඉන්දියාවේ සහ නේපාලයෙන් හමුවෙලා තියෙන කපිලවස්තු සහ දෙව්දහ නුවරවල්වල නටබුන් කියලා කියන ගොඩනැඟිලි ???
මේ කතන්දර 100 % කම හරියි කියල මමත් හිතන්නේ නැහැ . නමුත් බ්‍රිතාන්‍යයින් කි පලියටම මෙව්වා අහක දාන්නත් බැහැනේ . අර කිවා වගේ එහම තියෙන ලින්ක් එකක් දෙනවා නම් ගොඩක් හොඳයි
Delete@ Bindi
Delete//....මේ කතන්දර 100 % කම හරියි කියල මමත් හිතන්නේ නැහැ...//
++++++
www.piprahwa.org.uk saha 2006 වසරේ දී එංගලන්තයේ Harewood House හි ''clear the air'' නමැති සම්මන්ත්රේණයේදී ඉදිරිපත් වුණු වාර්තා මගින් ඉන්දියාවේ ශාක්‍යයන් සිටි බවට,කපිලවස්තු සහ දෙව්දහ නුවරවල් තිබූබවට සාධක නොමැති බව සනාථ කර අවසන්. එසේම ඒ පිලිබද buddha an buddha හිදී සදහන්. නේපාලේ කථාවත් ඒවගේ ඒකනම් මීටත් වඩා ප්‍රසිද්ධ කථාවක්.
Deleteගොඩනැගිල්ලක් පෙන්වලා. මේක ශාකය්යන්ගේ කියලා කිව්වට ඒක පුරාවිද්‍යා සාධකයක් නෙමේ. හිතලුවක් පමණි.
කොටින්ම කිව්වොත් ඉන්දියාවේ බුදු කෙනෙකු පහල වූ බවට කිසිදු සාධකයක් නොමැත.
@ Anonymous December 5, 2012 8:52 PM
Deleteහොඳයි. මේ කතාව නිසා මට පැන නැගුණු ප්‍රශ්නවලට ඔබ පිළිතුරක් දෙන්න.
1. ඉහත කරුණු සත්‍ය නම් මේ අයුරෙන් පුරාවිද්‍යා කැණීම් මඟින් මතු කරගෙන තිබෙන කපිලවස්තුව, දෙව්දහ, ජේතවනය, රජගහ වශයෙන් හඳුනා ගෙන ඇති ස්ථානවල තිබෙන ගොඩනැගිලිවල නටබුන් මොනවායේද ?
2. //...කොටින්ම කිව්වොත් ඉන්දියාවේ බුදු කෙනෙකු පහල වූ බවට කිසිදු සාධකයක් නොමැත...//
මෙයින් ඔබ මතු කරන්න යන්නේ බුදුන් පහළ වූයේ කොහේ කියලාද ?
මේවත් බලන්න. ඔයාලාට වැදගත් වේවි
ReplyDeletehttp://kawshalatec.wordpress.com/2010/03/01/%e0%b6%ba%e0%b7%83%e0%b7%9d%e0%b6%b0%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%a7/
http://kawshalatec.wordpress.com/2009/03/22/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80/
ReplyDeletehttp://kawshalatec.wordpress.com/2009/09/20/%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%9a%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/
ReplyDeletehttp://kawshalatec.wordpress.com/2009/09/22/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b4/
ReplyDeletehttp://kawshalatec.wordpress.com/2010/03/01/%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a-%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1/
ReplyDelete@ Kawshala
Deleteබොහොම ස්තුතියි අයියා වටිනා කියන කරුණු කීපයක් කියවන්න පාර පෙන්නුවාට :)
ඔය කතාව සෙන්පතියෙක් කඩුව අමතක කරලා එන සිද්ධියෙන් නේද ඔක්කොම රහස් එලිවෙන්නෙ. මම ඒ කොටස අහලා තියෙන්නෙ විඪූඩභ රජු විසින් හිතාමතා ඒක අමතක කරලා එනවා කියලා. තමන් ගැන රජ මාලිගාවේ ඉන්න අය පස්සෙ කතා වෙන්නෙ මොනවද කියලා දැන ගැනීමේ උවමනාව පිට.
ReplyDeleteමේ කතාව දැන නොදැන හිටිය දේවල් ටිකක් මේ කතාවෙන් දැන ගත්තා.
දැන් බිසි කාලය ඉවරද, දිගටම ලියනවද?
@ බුද්ධි
Deleteවිඩූඪභ ඒ වැඩේ හිතලාම කෙරෙව්වා වෙන්නත් බැරි නැහැ. මොකද මිනිහා තරුණ වියට එනකම්ම අම්මා එයාගේ නෑයෝ ගැන කතා නොකිරීමත් හදිසියේම නෑයෝ බලන්න ගියාම කරපු ආදර සත්කාරත් එක්ක මිනිහට සැකයක් ආවද දන්නේ නැහැනේ...
බිසී කාලයේ තමා ගත කරමින් ඉන්නේ. ඉඩ ලැබෙන විදිහට ලියනවා අයියා :)
වටිනා ලිපියක් අයියා ! :)
ReplyDelete@ වකා - WAKA
Deleteස්තුතියි නඟා :)
බුදුන්ගෙ කාලෙත් වැඩ සිද්ධ වුණේ ඔහොමනං අද වෙනකොට සිද්ධවෙන විධිය ගැන කතා කරන්න දේකුත් නෑ... මේ ටිකෙන් හොඳ මෙගා සීරීස් බර ගානක් කරන්න පුළුවන් නෙව... අනික අර ෆොන්ට් සයිස් ලොකු කරල දාල තියෙන සමහර කාරණා ගැන වෙනම කතා කරන්න තරං දේවල් තියෙනව මගෙ හිතේ....
ReplyDelete@ hare :-)
Deleteබුදුන් වැඩ හිටියත් වෙන්න නියමිත දෙයක් තිබුණා නම් එය සිදුවෙලා තියෙනවා අයියා. පුලුවන් දේවල් නවත්තන්න බුදු හාමුදුරුවෝ කටයුතු කරලා තියෙනවා. රෝහිණී ගඟේ වතුර බෙදාගන්න බැරුව ශාක්‍ය කෝලිය යුද්ධයක් යන්න යද්දී ඒක එහෙම බුදු හාමුදුරුවෝ වැලැක්කුවානේ.
මේවා නාට්‍ය කරන්න හොඳ කතා තමා. හැබැයි ඉතින් මහින්දාගමනේ වගේ නම් කරන්න යන්නේ ඊට වඩා හොඳයි එහෙම ඒවා නොකර ඉන්න එක
සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා ..මම පස්සේ කියවන්නම්
ReplyDeleteනිදහසේ ..
@ silentsahan
Deleteඅනිවාර්යයෙන්ම නිස්කලන්කේ කියවලා බලන්න නැත්නම් කිසි දෙයක් ඔළුවට යන්නේ නැතිවෙයි
විඩූඪභ කුමාරයාගේ කතාව කලින් අහල තිබුනත් මේ සම්පුර්ණ කතාව දැන ගත්තේ මේ ලිපියෙන්. ස්තුතියි.
ReplyDelete@ රාමා
Deleteප්‍රයෝජනයක් තිබිලා ඒ කියන්නේ
අද සිද්දි මැවෙන ඇ කියල තියෙනවා. කියන්න වචන නැහැ මේ ගැල් පේලිය එරුණා එක ගැන අහලා තිබුනා. මේවා බලන්න ඉක්මනින් යන්න ආසයි.
ReplyDelete@ අසරණයා
Deleteමේවා විතරක් නෙමේ. බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම වන්දනා කරන්න යන්න ඕනේ තථාගතයන් වහන්සේ ඉපදුණු, බුදුවුණු, මංගල දම් දෙසුම පවත්වපු, පිරිනිවන් පාපු තැනුත් බලන්න යන්න උත්සාහ කරන්න අයියා
මම මගේ තරුණ කාලෙම යන්න හිතන් ඉන්නේ. ඒ යද්දී හසිත වගේ කෙනෙක් එක්ක යන්න තමා වැඩියෙන්ම කැමති.
Delete@ අසරණයා
Deleteබුද්ධි අයියත් මීට කලින් වතාවක කතා කළා. බලමුකෝ අයියා ඉඩ ප්‍රස්ථාව ලැබෙන විදිහට :)
රසවත් වටිනා ලිපියක්. නොදන්නා කතන්දර ටිකක් දැන ගත්තා. බුද්ධ කාලෙත් සමූල ඝාතන වෙලා තියනවා නේ.
ReplyDeleteමට කලිනුත් අහන්න හිතුනු ප්‍රශ්නයක් තියනවා මල්ලි. අහනවද නැද්ද කියල හිත හිතා හිටියේ. අද අහන්නම්.
උඩ කොසොල් රජතුමා බුදුන් වහන්සේට නමස්කාර කරන පින්තුරයක් තියන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් නමස්කාර කරන කොට බුදුන් වහන්සේ ඔය ආකාරයට ඉදිරියට පහත් වෙනවද.. ස්වාමීන් වහන්සේ නමක් වත් එහෙම කරනවා දැකල නෑනේ මං.
@ Chandana
Deleteසමූලඝාතන හැම කාලෙටම වගේ පොදුයි. බුද්ධ කාලයේත් මේ වගේ දේවල් වෙන්න යද්දී හැකි දේවල් බුදුන් වහන්සේ නතර කරලා තියෙනවා. ශාක්‍ය කෝලිය යුද්ධය, අංගුලිමාල මෑණියන් ඝාතනය වගේ දේවල්. වළක්වන්න බැරි දේවල් සිදුවෙලා තියෙනවා.
උඩ පින්තූරේ ගැන ප්‍රශ්නය ගැන කිව්වොත් ඒක පස්සේ කාලේ ඇන්ද පින්තූරයක්නේ. ඒක නිසා එහෙම වුණාද කියලා හරියටම කියන්න බැහැනේ අයියා. ඒත් රජතුමා වන්දනා කරද්දී රජ්ජුරුවන්ගේ හිස ස්පර්ශ කරල ආශිර්වාද කරන්න හෝ රජතුමාව නැඟී සිටුවන්න බුදුන් වහන්සේ කටයුතු කරන ආකාරයක් තමා මට නම් පේන්න තියෙන්නේ
හ්ම්ම්... පැහැදිලියි.. :)
Deleteමේ කියන තොරතුරු බහුතරයක් මම කලින් දැනගෙන හිටියෙ නෑ...ඒ නිසාම මෙවැනි තොරතුරු වලින් අප සන්නද්ධ කරනවාට ඔබට බොහොම ස්තූතියි කියලා කියන්න කැමතියි... මටත් කාලයක ඉදන් තිබ්බ ගැටලුවක් තමයි ශාඛ්‍ය වංශිකයන්ට මොකද වුනේ කියන එක... අද ඒකට පිළිතුරු ලැබිලා තියෙනවා...
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteආගිය කතා දැනුම් සන්නද්ධ බලකායේ තවත් මෙහෙවරක් :D
මේ කතාවේ මුල් කොටස මම දැනන් හිටියේ නෑ.අර දාසියගේ දුවව සරණ පාවා ගන්නවා කියල. බොහොම හොද ලිපියක්.... නොදන්නා කරුණු ඉගෙන ගන්න ලැබුන.
ReplyDelete@ සමනළී
Deleteබොරු සෝබන වැඩ කරන්න යන හුඟක් අය කොසොල් රජ්ජුරුවෝ වගේ වෙනවා :D
නොදන්නා කරැණු බොහෙමයි..ඇත්තට අපි ඉතිහාසේ ගැන දන්නව නේද හසන්ත මහත්තයෝ කිවට අපි මොනවද දන්නේ කියලා හිතෙනවා මේවා කියවපුවාම.ජයෙන් ජය...වටිනවා ලිපිය
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
@ රතී,
Deleteමේ කතා ඉතිහාසය කියලා ගන්නවා වගේම බෞද්ධ සාහිත්‍යය කියලාත් ගන්න පුලුවන්. කොහොම නමුත් මේ ගැනත් අවබෝධයෙක් ඉන්න එක හොඳයි :)
ඔබේ ආශිංසනය ඔබටත් එසේම වේවා
මොනව උණත් විඩූඪභ කුමාරයා නියම පොරක් .තමුන්ට පහත් කරපු එකෙක් නෑර නැති කරලා දැම්මා
ReplyDeletebtw
මම අහලා තියෙනවා අර ගල් තලාවෙ පාරවල් හැදුණෙ බුදුන්වහන්සෙ සෘද්ධි බලයෙන් කෝසල හමුදාවෙ යුද රථ එරෙන්ඩ සැලැස්වුව නිසා කියලා.මොකද්ද හරි ?
@ Anonymous November 25, 2012 10:14 PM
Delete//...මොනව උණත් විඩූඪභ කුමාරයා නියම පොරක් .තමුන්ට පහත් කරපු එකෙක් නෑර නැති කරලා දැම්මා...//
මේ ජාතියේ තව පොරවල් පස්සේ කාලෙත් හිටියා හිට්ලර්,ප්‍රභාකරන් වගේ අය. හැබැයි ඒ අයටත් වුනේ විඩූඪභට වුණු දේම තමා
බුදු හාමුදුරුවෝ සෘද්ධි බලෙන් රථ එරෙන්න සැලැස්සුවාට ඒ වෙද්දී වැඩක් වෙන්නේ නැහැනේ. ශාක්‍යයන් සමූල ඝාතනය කරලා අවසානයිනේ
බුදු හාමුදුරුවෝ පලි ගැනීම් කළා කියල සිතිය නොහැකියි. අනික් අතට මෙතනදී බුදු හාමුදුරුවෝ ය නෑදෑයින් වෙන්වුවෙන් පෙනි සිටියා කියන මතය මදක් ඉස්මතු වෙන ගතියක් තියෙනවා . ඒ ඉතින් කතා ලියා තැබු අයගේ මතයන් විය හැකියි. සියලු බැඳිම් අත ඇර ගිය පසු එතුමන් මෙවැනි ප්‍රශ්න වලට මැදිහත් වුවා නම් එසෙ වන්නට ඇත්තේ මනුශ්ය ඝාතන වැලකිමට පමනක් වෙන්න පුලුවන්
Delete@ Bindi
Deleteසාහිත්‍යකරුවාගේ තාර බර දැමීම අයින් කරලා කරුණු වටහා ගන්න පාඨකයාට පුලුවන් වෙන්න ඕනේ තමා අක්කේ. ඒ වගේමයි බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණයට උපමාවක් වශයෙන් දක්වන්නේ තමන්ගේ පුත් රාහුලටත් තමන්ට සතුරුකම් කරන මරන්න තැත් කරන දේවදත්තටත් එක හා සමාන කරුණාවක් බුදුන් වහන්සේ දැක්වුවා කියලානේ
මේ කතාවේ තැනින් තැන දැනගෙන හිටියත් අගමුල එතරම් දැනගෙන හිටියෙ නැ අර. මඩේ එරුණ ගැල් ගිය පාර පිළිබඳ පිංතුර ටික මිට කලින් මට කවුද එවල තිබුණා. බොහොම වැදගත් සටහනක්.
ReplyDelete@ දයානන්ද රත්නායක
Deleteදැන් හරිනේ අයියා. අග මුල ඔක්කොම දන්නවානේ... මඩේ එරුණු ගැල්වල රූපයක් මට හොයාගන්න හරිම කට්ටක් කන්න වුණා
අද ප්‍රශ්නත් නති එකේ හසිතගෙන් කාරණා කීපයක් අහන්න හිතුවා..
ReplyDeleteමෙව්වා මට හවස නින්දත් නොනින්දත් අතර ඉන්නකොට හිතිච්චා..
1.ඔය ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔයතරම් සැප සම්පත් ලැබිලා තියෙන්නෙ පෙර කළ පින් අනුවද?
2.එහෙම පින් කරපු මිනිස්සු නම් ඔය දැන් කරන ජරා වැඩ වලට පෙළඹෙන්නේ කොහොමද හා ඒවා ඊළඟ ආත්මවල ඵල දේද?
3.මට නිකමට මෙහෙම හිතුනා. මේ තියෙන ආගම් ඔක්කොම බොරුවෙලා සත්තුන්ට වගේම අපිට මරණින් පස්සෙ වෙන දෙයක් නැති උනොත් ඒ කිව්වෙ අපි නැති උනොත් අපි පව්නෙ. අපි ආගම අනුව ජීවත් වෙන්ඩ ගිහින් දුක් විඳලා. උන් සැප විඳලා.. අයියෝ සල්ලි..
(මෙතන පොඩ්ඩක් කේස් කියලා තේරුනේ ටයිප් කළාට පස්සෙ. බෞද්ධ දර්ශනය අනුව නැතිවෙන එකනෙ කරගන්න ඕනෙ. ඒකනෙ නිවන. නේද?)
මට හිතෙන ටිකක් මම කොටලා යන්නම්.
Delete1. ඔව්. එහෙම වෙන්න පුළුවන්.
2. ගිය අත්බවේ කරපු පිනින් මිනිසුන් වන හැමෝම කුසල්ම කරනවද? මොකද මිනිසත් බවක් ලබාගන්නත් ගොඩක් පින් කරන්න ඕනේ.
3. නිර්වාණය විදියට මම දකින්නේ ශුන්‍ය වීම. විනාශවීම නෙවෙයි. සියලුම දේ නැතිවී යාමක්. ඉතින් නිර්වාණයට යන්න බෑ තණ්හාවක් එක්ක. අපි ඇලෙන්න ඇලෙන්න සියලුදේ හරහාම අපි තවත් ඇති කරගන්නේ බැඳීමක්. ජීවිතේට වුනත් සැප සම්පත් වලට වුනත්. ඒ බැඳීම නිසයි නැවත ඉපදෙන්නේ. ඒක නැතිකරගත්තු තැන කිසිවක් ඉතුරු නෑ නේද? එතනයි නිවන.
ආගම් අත්හැරලා භෞතිකවාදීව හිතලා බලහන් ඕවට උත්තර තියනවා , ඊලඟ ආත්මෙ ගැන හිතන්නේ නැතුව මේ ආත්මේ ජීවත් වෙයන් . නිර්නායක දෙකක් තියා ගනින් . එක :- මනුෂ්‍යත්වයට සාපේක්ෂව හොඳ නරක නිර්ණය කරගනින්, දෙක:- තමන්ට හෝ අනුන්ට කරදරයක් වෙන විදිහේ දේ කරන්න එපා . (ආගම් වල මේ ලොකේට අදාලව කියන දේවල් වල සාරාංශය ඕක ) . එතකොට ලේසියි . බෞද්ධ සහ හින්දු ආගම් එක්ක බැඳුනු දාර්ශනික පැත්තක් තියනවා (අනෙක් ආගම් 2 ගැන නොදනී ) . ඇදහීම හා වැදීම අයින් කරලා ඒ දර්ශනය ගැන උනන්දු වෙන්න පුලුවන් නම් බුද්ධි ගෝචරයි ! . ඔන්න මට කියන්න තියන ටික
Deleteඑත කොට හරිද බුවෝ..
Deleteඋඹ, කොකා වගේ පණ්ඩිත නිරාගම් පොරක් උන්නා. උගේ ළමයෙක් තදට අසනීප වෙලා ආගම්/සාම්ප්‍රදායික ඇදහිලි පස්සේ ගියා. ළමයට සනීප වුනා. හැබැයි ඌ ආයෙ නිරාගම් වුනේ නැහැ..
හා හා බොලාගේ කැමැත්තනේ..
ළමයට අසනීප වෙලා ඇදහිලි පස්සෙ ගියා නම් ඌ නිරාගමික එකෙක් වෙන්නේ කොහොමද , අඩුම තරමේ හොඳ බෞද්ධයෙක් කියලවත් කියන්න බෑ (බෞද්ධයෙක් නම් ලෙඩේ හැදෙන්න හේතුව වෛද්‍ය විද්‍යාත්මක නැති කරනවා මිසක් , වෙනත් බලවේග වලින් එක පාරට ලෙඩේ හොඳ කරගන්න දුවන්නේ නෑ )
Deleteඒක තමයි බුවෝ. ඌ කලින් නිරාගමික කියලා ටිකක් ලොකු සීන් එකෙන් හිටියේ. ඒත් ළමයට අසනීප වුනාම ඌ අසරණ වුනා. අත් දුටු දේ ඇත්ත කියල හිතන්න පෙළඹුනා.. ආයෙ වෙනස් වුනේ නැහැ. ඒකයි මම අදහස් කලේ..
Deleteඒක තවම වෛද්‍ය විද්‍යාත්මකව සුව කරන්න බැරි ලෙඩක්.
@ හරී
Delete1. කිසියම් පිනක් තියෙන්නත් පුලුවන්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. බුදු දහමේ ඉගැන් වෙනවා. සම්පත්ති 4 ක් සහ විපත්ති 4 ක්.
කාල සම්පත්ති- මේ යටතේ කොච්චර පව් කරපු කෙනෙක් වුණත් හොඳ කාලෙක ඉපදුණොත් එයාට ඒකේ විපාක පඩිසන් දෙන්න තියෙන්න ඉඩකඩ අඩුයි. එකේ කාල විපත්තිය බැලුවොත් කොච්චර පින් කරපු කෙනෙක් වුණත් නරක කාලෙක උපන්නොත් එයාගේ ජීවිතේ ඉක්මණට කෙළවර වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ යුද්දේ තිබුණු කාලේ බෝම්බවලට හුඟක් අය අහුවෙලා මිය ගියා නොවැ.
ගති සම්පත්ති- මේ යටතේ කෙනෙක් හොඳ ස්ථානයක උපන්නොත් දෙව්ලොව වේවා මිනිස් ලොව වේවා එයාගේ පව් පඩිසන් දීම වෙනවා හරි අඩුයි. අනික් පැත්තත් පින් කරපු කෙනෙක් වුණත් නරක ස්ථානය ඉපදුණොත් [අපායේ වගේ] පින පලදිම අඩුයි. මාලක සිල්වලාට එහෙම තියෙන්නේ ගති සම්පත්තිය පලදිලා.
උපධි සම්පත්ති - හොඳ රූපයකින් ඉපදුණොත් එයාගේ පව් පලදීම අඩුයිනේ. උපධි විපත්ති ගත්තොත් කැත රූපයක් ඇතිව පින වුණත් පලදීම අඩු වෙනවා. පබා, අනර්කලීට වගේ ඇවිත් තියෙන්නේ මට හිතෙන විදිහට උපධි සම්පත්තිය
ප්‍රයෝග සම්පත්තිය- මේ යටතේ අකුසල් කරපු කෙනෙක් වුණත් හොඳ වැඩ කරනවා නම් එයාගේ අකුසල් පලදීම අඩුයි. අනික් අතට ප්‍රයෝග විපත්තියේදී පින් කරපු කෙනෙක් වුණත් හොඳ වැඩ කරන්නේ නැත්නම් එයාගේ වැරදි දේවල් නම් කරන්නේ එයාගේ පින් පලදීම අඩුයි.
2. මේකට පිළිතුර කලින් තියෙනවානේ. ප්‍රයෝග විපත්තිය තමා. කරපු කර්මයන්ගේ හැටියට එක්කෝ මේ ජීවිතේදීම හරි එහෙමත් නැත්නම් ඊළඟ භවයේදී හරි එහෙමත් නැත්නම් නිවන් දක්නා ජාති දක්වා හරි ඒවා පල දෙනවා.
3. ආගමට අනුව ජීවත් වෙන්න ගිහින් දුක් විඳිනවා කියන කතාව නම් ගැටලු සහිතයි අයියා. මෙලොව සහ පරලොව සැප පිණිස කටයුතු සිද්ධ කරන එක නේද ආගමකින් වෙන්නෙත්. සැපවත්ව ඉන්න ආකාරය හුඟක් ශාස්තෲවරුන්ගේ දේශනා තුළ තිබෙනවා.
නැතිවෙන එක නිවන කියන්නේ නැවත ඉපදීම නැති කිරීම නිවන කියලා ඉතාමත් සරලව ගන්න පුලුවන්
ගොඩක් වැදගත් විස්තරයක් හසිත මලයා.. අසාවෙන් කියෙවුවේ.. නොදැන හිටි දේවල් ගොඩයි..
ReplyDelete@ Dinesh
Deleteස්තුතියි අයියණ්ඩි :)
ගොඩක් ආසාවෙන් කියෙව්ව ලිපියක්. ස්තූතියි මල්ලි.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteසන්තෝෂයි සන්තෝෂයි අයියණ්ඩි :)
කුල භේදය ඉන්දියාවෙ කොයිතරම් දුරට මුල් බැහැලා තිබ්බද කියන එක මේ කතාවෙන් පැහැදිලියි.. ඒ වගේම පවුකාරයා බුදු සමයේ උපත ලැබුවත් කරන්නේම පවු මිස පින් නෙවෙයි. ඉතින් අද දවස ගැන කවර කතාද ? ස්තුතියි හසිත.. දැන් නිවාඩුව ඉවරයි වගේ !!
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඉන්දියාවේ බුද්ධ කාලීනව තිබුණු කුල භේදය ගැන සංකල්පයට මේක පොඩි උදාහරණයක් විතරයි. උසස් කුලවතුන් එද්දී පහත් කුලයේ අය මාර්ගය ඉඩ දීලා කාණුවට බහින්න වුණු බව සුනීතගේ කතාවෙන් කියනවානේ. ශුද්‍රයෙක් දැක්කාම බමුණන් කිරිවලින් ඇස් සේදුවාලු. ඒ වගේමයි ශුද්‍රයෙක් මරා දැමීම මැඬියෙක් මරා දැමීම තරම්වත් පවක් නොවන බව තමා බමුණන් කිව්වේ.
//...ඒ වගේම පවුකාරයා බුදු සමයේ උපත ලැබුවත් කරන්නේම පවු මිස පින් නෙවෙයි. ඉතින් අද දවස ගැන කවර කතාද ? ..//
කලින් කිව්වා වගේ ඒක විඩූඪභගේ ප්‍රයෝග විපත්තිය අයියා.
නිවාඩුව ඉවරමත් නැහැ. වැඩ නම් තියෙනවා. ඒත් පුලුවන් විදිහට ලියනවා අයියා :)
අර මහානාම රජතුමාට දාව දැරියක් වදාපු දාසියගේ නම හරිද අයියා? මට මතක වෙනත් නමක් නේ...
ReplyDeleteයන්තමින් මේ කතාව දැනගෙන උන්නා...හැබැයි විස්තරාත්මකව දැනගත්තෙ අදයි...
@ අනූ
Deleteපූජාවලියෙන් තමා නඟා කතාව ලියන්න කරුණු ගත්තේ. පූජාවලියේ නම් තියෙන්නේ එහෙම තමා
"....තමන්ගේ මහා මුණ්ඩි නම් දාසිය කුසින් උපන් තමන්ටම දා වූ වාසභඛත්තිකා නම් සොළොස් හැවිරිදි දුව...... "
වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා.
ReplyDelete@ චමී4යූ~chami4u
Deleteතැන්කු වේවා :)
කලින් වගේම දැනගෙන නොහිටි දෙයක්, බලන්න යන්න තිබුනනම් කියලත් හිතුන.
ReplyDelete@ සුජියා
Deleteඅනිවාර්යයෙන්ම යන්න අයියා. හැබැයි දැන් ලංකාවේත් ඔය ජාති හොයාගන්න නිසා දඹදිව යන්න අමාරු නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ :P
පරක්කු වෙලයි ආවේ . පාඩුවක් වුනෙ නැහැ. මට නම් මේ කතාව කියවලා එ කාලෙ ගැන අනේ අපොයි කියල හිතුනා.
ReplyDeleteඅර සින්දුව මතක් වුනා
''බුදු හමුදුරුවො අපිත් දකින්නැති
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සන්සාරේ''
මල්ලිට බොහොම ස්තුතියි
@ Bindi
Deleteනිවන් දකින්නට පිං මදි වුණත් මනුස්සයෙක් වෙලා උපදින්නත් ඒ වගේමයි පිරිපුන්ව මනුස්සයෙක් වෙන්නත් සදහම් අහන්න ඉඩ ලැබෙන්නත් අපි පිං කරලා තියෙනවා අක්කේ
මම මේ බ්ලොග් අවකාශේ කියවපු හොඳම ලිපියක්. මම මේ තරම් වයසකට එනකම්ම මේ දේවල් නොදැන හිටියේ. දැනුවත් කිරීම ගැන ස්තුතියි වගේ පිං සිදු වෙනවා.
ReplyDeleteශාක්‍යා = ශීක් ද ?
@ සු දී ක
Delete60 ත් වයසක්ද වගේ අයියටත් එච්චර වයසක් නැහැ නේද :P
ශාක්‍යයන් සහ සීක්වරුන් අතට සම්බන්ධයක් නම් දැකගන්න නැහැ අයියා. හැබැයි ශාක්‍යයන් ගාව තිබුණු සත්‍ය වචනය, දැඩි කැපවීම, තමන්ගේ නම්බුව වෙනුවෙන් සටන් කිරීම වගේ දේවල් සීක්වරුන් ගාවත් තියෙනවා....
හසිත හදපු රුක් සටහන හරිම අගෙයි..සටහනටත් ගොඩක් ස්තුතියි..
ReplyDelete@ රූ....
Deleteගැටලු මතුවීම හැකිතාක් අවම කරන්න තමා අක්කේ එහෙම කළේ...
නියමයි සහෝ.. ලිපි කීපයක්ම ඉතුරු වෙලා තියෙනව මට කියවන්න..
ReplyDelete@ FOX Creationz
Deleteහොඳයි හොඳයි. ඉඩකඩ ලැබෙන විදිහට කියවන්න අයියා :)
ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.
@ Anonymous December 6, 2012 7:38 PM
Deleteස්තුතියි ඔබේ දැනුවත් කිරීමට :)
මේ සිදුවීම ගැන දැනගෙන හිටියත් මේ තරම් පැහැදිලි ව මේ සිදුවීම කියවපු පළමු අවස්ථාව තමයි මේ. ලිපියට බොහොම ස්තූතියි හසිත.....
ReplyDelete@ කේ.යූ.ජී. උදාර
Deleteකරුණු නිවැරදිව පෙළ ගස්වා ගත්තා නම් එය මාගේ සතුටයි :)
MEHI SAMAHARA SAWADYA THAN ATHA. EVA NAM
ReplyDelete(01)
1 WIROODABA KUMARAYA PALAMU AWASTHAWE SHAKYAN GATHANAYATA ENA VITA KOLA NATHI GASAK YATA BHAWANAYOGIWA SITIYA KIYANA KATHAWA HARI.
2. DEVENI AWASTHAWEDITH ESE UNA KIYANA KATHAWA BORU. Sidu unu deya nam budu rajanan wahanse divasin dutuwa nawatha wathawak wiroodaba kumuraya shakyan gathanayata ena bawa. Evita un wahanse ADHISHTANAYAK kara karaththa siyalla gal thalawa matha erenna. In passe ovun siyalu dena biya wee ema adahasa ath hariya.
3. THUN WANA WATHAWATADA VIROODABA KUMARAYA SHAKYAN GATHANAYATA AWA. ema awasthawedi budu rajanan wahanse siya divasin balauwa metaka me akarayata digin digatama wenna hethuwa kumakda kiyala. evita un wahanse dakinawa meya pera kala akusalayak kiyala. ema akusal pala dena vita eya budu kenukutawath nawathweemta nohakiya. evita un wahanse upeksha sahagathwa sitiya. (eya un wahanseta welakwiya nohakiya)(EMA AKUSALAYA THAMAI EMA SHAKYAN PERA BAWAYAKA RAJA PELAPATHAKA RAJA KAM KARADDI THAWATH RATAK YATATH KARA GANNA GANGAWALATA WASA (posison)MISHRA KARA SAMOOLA GATHANAYAK KIREEMA)
(02)thawa karunak sandahan karami. meya ihatha lipiye satahan we natha.
EYA NAM VIROODABA KUMARAYA SHAKYAN GANTHANAYA KARA GAN IVURE RANDEE SITIYADI SAMAHARA SOLDADUWANWA KADI KA ATHA. OVUNTA EMA STHANAYE KOTHANATA GIYATH KADI KA ATHA. EVITA OVUN KANDU GATAYAK MUDUNATA GOS NIDA GATHHA. EMA PIRISA NAM SHAKYA GATHANAYATA GIYATH MINEE MARUM WALATA SAMBANDA NOWEE SITAPU AYAI. minee mareemta sambanda woo ayata gan ivure suwa se ninda giyoya. evita ovun ganwathurata hasu vee miya giyoya.
@ Anonymous December 18, 2012 3:32 PM
Delete//...2. DEVENI AWASTHAWEDITH ESE UNA KIYANA KATHAWA BORU. Sidu unu deya nam budu rajanan wahanse divasin dutuwa nawatha wathawak wiroodaba kumuraya shakyan gathanayata ena bawa. Evita un wahanse ADHISHTANAYAK kara karaththa siyalla gal thalawa matha erenna. In passe ovun siyalu dena biya wee ema adahasa ath hariya....//
මේ කරුණු ඔබ දක්වන්නේ කිසියම් මූලාශ්‍රයක් පාදක කරගෙනද කියලා දැනගන්න කැමතියි. මම මේ කරුණු කියන්න පාදක කරගත්තු මූලාශ්‍රයවල නම් එවැන්නම් මුලින් සඳහන් වෙලා නැහැ. උදාහරණයක් විදිහට සද්ධර්මරත්නාවලියේ ඒ ගැන තියෙන්නේ මේ විදිහට.
"....මහරජ, නෑ සෙවණ සිහිල් වේ දැයි වදාළ කල්හි නෑයන් පිණිස වැඩි නියාය සිතාලා බුදුන් වැඳලා පෙරළා සැවැත් නුවරටම ගියෝය. බුදුහුත් අහසින් දෙව්රමට වැඩි සේක. විඩූඩභයෝ වෛරය සිත තබා දෙවනුවත් නික්ම ආදී ලෙසින් බුදුන් දැක රඳාපීය. තුන්වන වරත් නික්ම බුදුන් දැකම රැඳවුණාවුය...... "
බුදුන් වහන්සේ තමන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තියෙන් විඩූඪභගේ රථ ගල් තලයේ එරෙන්නට සැලස්වූ බවක් එහි සඳහන්වන්නේ නැහැ.
//....(EMA AKUSALAYA THAMAI EMA SHAKYAN PERA BAWAYAKA RAJA PELAPATHAKA RAJA KAM KARADDI THAWATH RATAK YATATH KARA GANNA GANGAWALATA WASA (posison)MISHRA KARA SAMOOLA GATHANAYAK KIREEMA)...//
ඔබ දක්වා ඇති අකුසලය නොවේ මම කියවපු මූලාශ්‍රය ග්‍රන්ථ කීපයේම තිබුණේ. සද්ධර්මරත්නාවලියේ දක්වන්නේ ගඟෙක කුඩ මස්සනට වසයක් ලා මැරූ පව්කම නිසා එබඳු අනතුරකට මුහුණ පාන්න වුණා කියලා.
කර්ම විපාක නම් ග්‍රන්ථයේ තිබෙන්නේ ධීවරයන් විදිහට ඉදලා බොහෝ මාළුන් මැරූ නිසා කියලා. බුදුන් වහන්සේට පවා සුව නොවන හිසේ ආබාධයක් ඇතිවුණේ ඒ සමයේදී ඥාතීන් විසින් අල්ලා ගොඩ දමා තිබුණු මාළුන් දෙස බලා සතුටු සිනා පහළ කළ පව නිසා කියලයි දැක්වෙන්නේ.
ඒක නිසා ඒ සම්බන්ධවත් ඔබ කරුණු සපයා ගත් මූලාශ්‍රය දක්වනවා නම් පහසුයි.
//....(02)thawa karunak sandahan karami. meya ihatha lipiye satahan we natha.EYA NAM VIROODABA KUMARAYA SHAKYAN GANTHANAYA KARA GAN IVURE RANDEE SITIYADI SAMAHARA SOLDADUWANWA KADI KA ATHA. OVUNTA EMA STHANAYE KOTHANATA GIYATH KADI KA ATHA. EVITA OVUN KANDU GATAYAK MUDUNATA GOS NIDA GATHHA. EMA PIRISA NAM SHAKYA GATHANAYATA GIYATH MINEE MARUM WALATA SAMBANDA NOWEE SITAPU AYAI. minee mareemta sambanda woo ayata gan ivure suwa se ninda giyoya. evita ovun ganwathurata hasu vee miya giyoya.....//
මේ සම්බන්ධව මම ලිපියේ දැක්වූයේ මෙබඳු සටහනක්.
//...ගංවතුරක් නිසා අචිරවතී ගං ඉවුරේ කඳවුරු බැඳගෙන හිටිය විඩූඪභ ඇතුළු සේනාව ගංවතුරට අහුවෙලා මියයනවා. හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා....//
බේරුණු අරුම පුදුම ආකාරය එතැනදීම නොකිව්වේ කතාව කියවන්නාටත් විමසිල්ලෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබාදීමේ අරමුණින්. ඒ ගැන මේ ලිපියට මුලින්ම ප්‍රතිචාර දක්වපු ලහිරු අයියාගේ ප්‍රතිචාරයට දක්වපු පිළිතුරේ පැහැදිලිව දක්වලා තියෙනවා.
//...Hasitha November 25, 2012 6:57 AM
@ ලහිරු
ස්තුතියි අයියා කතාව එකතු කළාට. ඒ කොටස ලියන එක නම් මග ඇරියේ හිතලාම තමා. මොකද කතාවක් කියද්දී හැම එකම ලිව්වාමත් වැඩක් නැහැ කියලයි හිතෙන්නේ. පාඨකයන්ටත් අහන්න දෙයක් ඉතුරු කරන්න ඕනේ කියලයි මම හිතන්නේ....//
ස්තුතියි ඔබේ කරුණු එකතු කිරීමට වගේම පැහැදිලි කිරීම්වලට :)
Mama meya kiwwe Galigamuwe Nanadeepa swamin wahansege deshanawak asuren.
Delete@ Anonymous January 7, 2013 10:51 AM
Deleteවාචික මූලාශ්‍රයන්ට වඩා ලිඛිත මූලාශ්‍රයන්ගේ විශ්වාසනීයත්වය වැඩියි නොවැ. ඒ වගේමයි මම ඉහත දක්වලා තියෙන සාහිත්‍ය මූලාශ්‍රවල පැරණි බවත් එක්ක ඒ ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකියි.
මල්ලිගේ බ්ලොග් එකට ගොඩ උනේ අහම්බෙන්. බොහොම වටින ලිපි ගොඩක්. බොහොම පින් ඔබට.ඔබ සමග දිගටම රැඳී සිටිනවා.
ReplyDelete@ Ayilas A
Deleteආයුබෝවන් කියලා අයියණ්ඩිව පිළිගන්නවා :)
විඩූඪභගේ රථ එරුණු ගල් තලාව - ලංකාවෙත් ඔය වගේම තැනක් තියනව ගල් තලාවක ඔය විදිහෙම සටහන් තියන මට ඒ ගැන විස්තර හොයගන්න බැරි උනා පුලුවන්නම් ඒ ගැනත් ලියන්න
ReplyDeletehttp://trips.lakdasun.org/ravana-gala-laxapana-king-ravana-other-airport.htm මේ ලින්ක් එක බලන්න
ReplyDelete@ උදාන ඒකනායක - Udana Ekanayake
Deleteස්තුතියි මේ විස්තරේට. මේක නම් පුදුමයක්ම තමා. බුදුන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන අයට නම් මේක කදිම සාක්කියක් වේවි :)
Mehema kiyana eka waradida manda. e unata me pelapathe udinma inna "Jayasena" neda. Eka hela "Yaksha" namak neda ? . Eta kota budun wahanse ape rate ipadunaya kosol rajjuruwo ape rajekya kiyana ekata podi shakshiyak neda ?
ReplyDeleteKohoma unath wanina wistatharayak bohoma isthuthiy.
Mehema type kalata samawenna...!
මේ ලංකාවේ අම්පාර රජගල තිබෙන.නියම තැන.විඩුභ කුමාරා ශාඛ්‍ය ජනපදය විනාශ කිරිමට යන වට බුද්ධ අධිෂ්ඨානයෙන් කරත්ත එරැන තැන.
ReplyDeleteනියමයි යාළුවා...
ReplyDelete