ගුරු ගෝබින්ද් සිං
සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා.
මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???
ගුරු අංගද් දේව්
ගුරු තනතුර පරම්පරාවට යයි
අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි
තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි
මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.
කුඩා කාලයේ ඉදන්ම ඔහු යුධ ශිල්පය මැනවින් හැදෑරුවා වගේම ගුරු මුඛී, හින්දි, සංස්කෘත, පර්සියන් භාෂාවල ප්‍රවීණයෙක් වුණා. මුල් කාලීනව ගුරු ගෝබින්ද් රායි මුස්ලිම් නායකයන් කීප දෙනෙක් සමඟ සිදු කරපු යුද්ධ කීපයක්ම සාර්ථක වුණා. මෙවැන් තත්වයක් එක්ක ගුරු ගෝබින්ද් රායිගේ ක්‍රියාකාරකම් තමන්ට තර්ජනයක් බව විශ්වාස කරපු මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් පිටත් කරපු සේනා කීපයක් විනාශ කරන්නත් ගුරු ගෝබින්ද් රායි සමත් වෙනවා.
1699 දී තමන්ගේ අනුගාමිකයන්ට "හුක්මානමස්" හෙවත් අධිකාරී ලියුමක් පිටත් කරන ගුරු ගෝබින්ද් රායි 1699 අප්‍රේල් 13 ආනන්ද්පූර්හි පැවැත්වෙන සමුළුව සඳහා පැමිණෙන්න අණ කරනවා.
කෙස්ගාර්හ් සහීබ්
ආනන්ද්පූර්හි තිබුණු කුඩා කඳු ගැටයක තනපු කූඩාරමක ඉදන් ගුරු ගෝබින්ද් රායි තමන්ගේ පිරිස අමතනවා. [මේ කඳු ගැටය දැන් හඳුන්වන්නේ "කෙස්ගාර්හ් සහීබ්" නමින්] ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියලා ඔහු කියනවා.
තුන් වරක්ම ඒ ප්‍රකාශය කරද්දී දයා රාම් කියන අනුගාමිකයා ඉදිරියට එනවා. එයාව තමන් හිටිය කූඩාරමට කැඳවාගෙන යන ගුරු ගෝබින්ද් ටික වෙලාවකින් ලේ තැවරුණු කඩුව අතේ තියාගෙන ඇවිත් නැවතත් ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියනවා. ඒ අවස්ථාවේත් එක් අයෙක් ඉදිරිපත් වෙනවා. ඔහුවත් ගුරු ගෝබින්ද් කූඩාරමට කැඳවාගෙන යනවා.
මේ සිදුවීම තවත් තුන් පාරක්ම වෙනවා.අවසානයේදී ඒ පස් දෙනාම කිසිම හානියක් නැතිව අලුත් ඇඳුම් ඇඳගෙන කූඩාරමෙන් එළියට එනවා.

ඛල්සා චාරිත්‍රය ඉටු කරන ගුරු ගෝබින්ද්
පස්සේ ගලා ගෙන එන වතුර යකඩ බඳුනකට එකතු කරපු ගුරු ගෝබින්ද් ඒ වතුරට "පටශස්" හෙවත් පංජාබයේ තිබෙන රස ගන්වන දේවල් දමලා ආදි ග්‍රන්ථ්හි තිබෙන ගීත ගායනා කරමින් ඔහුගේ කඩුවෙන් කලතනවා.
රස ගැන්වූ වතුර සහ යකඩ ඇතුලත් මේ දියරය "අම්රිත්" හෙවත් අමෘතය විදිහට ගුරු ගෝබින්ද් හඳුන්වනවා. ඒ අම්රිත් ජලය තමන්ගේ අසිපතෙන් ගුරු වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණු ගෝලයන් පස් දෙනාට ඉසලා ඔවුන්ව බෞතිස්ම කරනවා. ඔවුන්ව "පාන්ච් පියාරා" හෙවත් ආදරණීය පස් දෙනා යනුවෙන් ගුරු ගෝබින්ද් හඳුන්වනවා.
ඛල්සාව සහ ජයග්‍රහණය දෙවියන්ට හිමියි කියලා ප්‍රකාශ කරන ගුරු ගෝබින්ද් බෞතිස්ම වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා "ඛල්සා" හෙවත් පාරිශුද්ධ අය විදිහට හඳුන්වනවා. ඔවුන්ගේ නමේ අගට "සිං" හෙවත් සිංහයා කියන යෙදුමත් ඛල්සාවට ඇතුළත් කෙරුණු කාන්තාවන් සඳහා "කවුර්" හෙවත් කුමාරි කියන කොටස නමේ අගට යොදන්න කියලා උපදෙස් දෙනවා.
පාන්ච් පියාරා සඳහා ඇතුළත් වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා වුණේ බායි දයා සිං, බායි ධරම් සිං, බායි හිම්මත් සිං, බායි මොහ්කම් සිං සහ බායි සහීබ් සිං.
පාන්ච් පියාරා සඳහා ඇතුළත් වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා වුණේ බායි දයා සිං, බායි ධරම් සිං, බායි හිම්මත් සිං, බායි මොහ්කම් සිං සහ බායි සහීබ් සිං.
ගුරු ගෝබින්ද් ඛල්සාවට ඇතුළත් වීම
මීළඟට ප්‍රධාන ගෝලයන් පස් දෙනා ඉදිරියේ දණ ගහපු ගුරු ගෝබින්ද් තමන්වත් ඛල්සාවට ඇතුළත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහුවත් අම් රිත්වලින් බෞතිස්ම කළාට පස්සේ ඔහුත් ඛල්සාවට ඇතුළත් වෙනවා වගේම එතැන් පටන් ඔහුව "ගුරු ගෝබින්ද් සිං" නමින් හඳුන්වනවා. මේ ඛල්සා සහෝදරත්වයේ පියා විදිහට සීක්වරුන් හඳුන්වන්නේ ගුරු ගෝබින්ද් සිංව.
සභාව අමතන ගුරු ගෝබින්ද් සිං ප්‍රකාශ කරනවා මෙතැන් පටන් සියලු දෙනාම ජාති, කුල භේද නැති බවත් හින්දි හෝ මුස්ලිම් නමින් භේදයක් නැති බවත්, එකම සර්වබලධාරී දෙවියන් කෙරෙහි විශ්වාස තැබිය යුතු බවත්, සියලු දෙනාම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බවත්. ඒ වගේම "ක" 5 ක් නම් කරලා හැමවිටම ඒවා පළඳින්න, පවත්වාගන්න කියලා නියම කරනවා.
කංග, කර, ක්‍රිපන්
කචෙරා
"ක" පත තමා මේවා. කේශ් - නොකපන ලද හිස කෙස්, කංග - ලී පනාව, කර - ලෝහ වළල්ල, කචෙරා - දිග යට ඇඳුම, ක්‍රිපන් - තියුණු වකුටු වුණු කඩුව
මේ හැරෙන්න කුරෙහ්ට් 4 ක් හෙවත් නොකළ යුතු දේවල් හඳුන්වා දෙනවා. ඒවා වන්නේ හිස කෙස් කැපීම, කුතා [තහනම් කළ] මාංශ අනුභව කිරීම, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය, පරදාර සේවනයයි.
මේ හැරෙන්න නොකපන ලද දිගු හිසකෙස් "දාස්තාර්" යනුවෙන් හැඳින්වෙන ජටාවෙන් ආවරණය කිරීමටත්, ප්‍රතිමා වන්දනාව නොකිරීමටත්, තමන්ගේ භක්තිය හා ආත්ම ගෞරවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සටන් කරන්න සූදානමින් ඉන්න කියලාත් උපදෙස් දෙනවා.
මේ ආකාරයෙන් සීක්වරුන්ගේ අනාගතය වෙනුවෙන් පදනම දමපු මේ සමුළුව හඳුන්වන්නේ "වයිසාඛි අම්රිත් සංස්කාර්" යන නමින්.
සීක්වරුන්ව ශක්තිමත් කරමින් ගුරු ගෝබින්ද් සිංගේ නැගී ඒම හිමාල කඳුවැටියේ සිවාලික් ප්‍රදේශයේ හිටිය මහාරාජාවරුන්ට ප්‍රිය වුණේ නැහැ. ඒක නිසා කිහිප වතාවක් අහඹු ලෙස සීක්වරුන්ට පහර දුන්නත් ගුරු ගෝබින්ද් සිංගේ දක්ෂතාවය නිසා ඒවා ව්‍යර්ථ කරන්න පුලුවන් වෙනවා.
මේක නිසා මෝගල් ආධාර ලබාගෙන ගුරු ගෝබින්ද් සිංව පරාජය කරන්න කඳුකර මහාරාජාවරුන් සැලසුම් කළත් 1701 සිදුවුනු පළමු ආනන්ද්පූර් සටනෙන් මේ ඒකාබද්ධ හමුදාව පරාජය කරන්න සීක්වරුන්ට හැකිවෙනවා.
මේක නිසා මෝගල් ආධාර ලබාගෙන ගුරු ගෝබින්ද් සිංව පරාජය කරන්න කඳුකර මහාරාජාවරුන් සැලසුම් කළත් 1701 සිදුවුනු පළමු ආනන්ද්පූර් සටනෙන් මේ ඒකාබද්ධ හමුදාව පරාජය කරන්න සීක්වරුන්ට හැකිවෙනවා.
යුධ වදින ගුරු ගෝබින්ද් සිං
නැවත වරක් ඒකාබද්ධ පෙරමුණක් හදාගත්තු කඳුකර මහාරාජාවරු ගුරු ගෝබින්ද් සමඟ සටනට එළඹියා. එහිදී ගුරුට ලිපියක් යවමින් ඔවුන් දන්වන්නේ ගුරු වෙසෙන ආනන්ද්පූර් ප්‍රදේශය කඳුකර මහාරාජා කෙනෙක් වුණු අජ්මර් චාන්ද්ට අයත් බවත් ඒ වෙනුවෙන් මෙතෙක් නොගෙවපු බදු මුදල් ගෙවලා ආනන්ද්පූර් ප්‍රදේශය නැවත බාර දෙන්න කියලා.
ඒත් ගුරු ගෝබින්ද් සිං පිළිතුරු දෙමින් කියන්නේ තමන්ගේ පියා වුණු ගුරු තේඝ් බහදූර් මේ ප්‍රදේශය සම්පූර්ණ මිළ ගෙවලා මිළට ගත්තා කියන එක. ඊට පස්සේ සිදුවුණු දෙවෙනි ආනන්ද්පූර් සටනිනුත් කඳුකර මහාරාජාවරුන්ට සිද්ධ වෙන්නේ සුපුරුදු පරිදි පසු බසින්න.

මේ නිසා ගුරු ගෝබින්ද් සිං සමඟ සමඟි ගිවිසුමකට එළඹෙන කඳුකර මහාරාජාවරු ඒ අනුව ගුරුට ආනන්ද්පූර්වලින් ඉවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පිළිගත්තු ගුරු ගෝබින්ද් සිං නිර්මොහ් ගම බලා පිටත් වෙනවා.
එතරම් සුරක්ෂිත නොවුණු මේ ගමේ ඉන්න ගුරුට පහර දෙන්න කඳුකර මහාරාජාවරු දෙන්නෙ කටයුතු කළත් ගුරුව පරදවන්න ඔවුන්ට හැකිවෙන්නේ නැහැ. මේ අතරවාරයේ තවත් කඳුකර මහාරාජාවරයෙක් සිර්හින්ද්වල හිටිය මෝගල් විසුරේවරයාගෙන් ආධාර ලබාගෙන ගුරුට පහර දෙනවා. මේ නිසා බසෝලි ගමට පසුබසින්න ගුරු ගෝබින්ද් සිංට සිදු වෙනවා.

ටික දවසකට පස්සේ ගුරු ගෝබින්ද් සිං නැවත ආනන්ද්පූර් බලා යාමත් එක්ක ප්‍රාදේශීය මහාරාජාවරු කීප දෙනෙක්ම ගුරු සමඟ සමඟියෙන් ඉන්න තීරණය කරනවා. ඒ කොහොම වුණත් 1703-1704 කාලයේ නැවත වරක් කඳුකර මහාරාජාවරුන්ගේ මෙහෙයවීමෙන් වුණු තුන්වෙනි ආනන්ද්පූර් සටනිනුත් ජයගන්න ගුරු ගෝබින්ද් සිං සමත් වෙනවා.
මේ පරාජයන් කිසිවකින් පසුබට නොවුණු කඳුකර මහාරාජාවරුන් නැවත වරක් මෝගල් අධිරාජයාගේ ආධාර ඇතිව ආනන්ද්පූර්වලට පහර දීමක් දියත් කරනවා. ඒ කාල සීමාවේදී සීක්වරුන් අස්වනු නෙළීමේ කටයුතුවල යෙදී හිටිය නිසා මේ ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න අපහසු වෙනවා. ඒක නිසා ගුරු ගෝබින්ද් සිං තීරණය කරනවා ආනන්ද්පූර් අතහැර පසු බසින්න.
ආනන්ද්පූර්වලට කඩා වැදුණු සතුරු හමුදාව නගරය කොල්ල කාලා නැවත වරක් සිර්හින්දි බලා යද්දී පුදුම සහගත පහර දීමක් සිදු කරලා කොල්ල කාපු දේවල් නැවත ලබාගන්න ගුරුගේ හමුදාව සමත් වෙනවා. මේ නිසා නැවත වරක් ආනන්ද්පූර් වෙත ගුරු ගෝබින්ද් සිං පිටත් වෙනවා.

කොහොම නමුත් මේ පිරිස නැවත වරක් සාර්ථකව ප්‍රහාරයක් දියත් කරලා ආනන්ද්පූර් වටලාගන්න සමත් වෙනවා. ගුරු ගෝබින්ද් මේ අවස්ථාවේදී සිරවෙලා හිටියේ. ඒ තත්වයත් එක්ක ආනන්ද්පූර් අතහැර යෑමේ අවස්ථාවක් කඳුකර මහාරාජාවරුන් ගුරුට ලබාදෙනවා. අනුගාමිකයන්ගේ ඉල්ලීමෙන් ඒක පිළිගත්තු ගුරු මුලින් හිස් ගැල් කීපයක් පිටත් කරනවා.
ඒවාට සතුරු ප්‍රහාර එල්ලවීමත් එක්ක ආනන්ද්පූර් අත්හැර යෑම ගුරු ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඊට පසුව කුරාණයේ නාමයෙන් කිසිදු හිරිහැරයකින් තොරව ගුරු ඇතුලු පිරිසට ආනන්ද්පූර් අතහැර යාමට ඉඩ දෙනවා කියලා මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවීමෙන් නැවත වරක් ගුරු ආනන්ද්පූර් අත හැර යන්න තීරණය කරනවා.
ආනන්ද්පූර් අතහැර යන ගුරු ගෝබින්ද් සිං ඇතුළු පිරිසට නැවත වරක් ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ගුරුගේ පිරිස විසිරෙනවා. ඒ අතරවාරයේ සිර්සා ගඟ තරණය කරන්න ගුරුගේ පිරිසට සිදු වෙනවා.
මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.
මේ ආකාරයෙන් ගුරුගේ බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.
මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.
සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.
ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.
මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.
ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.
ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.
මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.
1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.
එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.
මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.
ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.
මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.
සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.
ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.
කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.
මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.
ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.
දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.
ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.
ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.
ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.
18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.
පසුව සීක් අධිරාජ්‍යයක් පිහිටවලා එහි අධිරාජයා බවට පත්වන්නත් රංජිත් සිං සමත් වෙනවා. නමුත් ඉංග්‍රීසීන්ගේ උපායශීලී ක්‍රියාකාරකම් නිසා රංජිත් සිංගේ ඇවෑමෙන් සීක් ප්‍රදේශත් ක්‍රමයෙන් ඉංග්‍රීසි ආදිපත්‍යයට ලක් වෙනවා.
එහෙම නම් දවස් ගාණක් තිස්සේ කියපු සීක්වරුන්ගේ කතන්දරේ නිමා වෙනවා. රැඳී සිටි, ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තුතියි
මේ සටහන ලියන්න පාදක කරගත්තේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ප.ලි.: ඊළඟට කියන්න හිතාගෙන ඉන්නේ අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටහ

ගුරු ගෝබින්ද් සිං සිර්සා ගඟ තරණය කිරීම
මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.
ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර
මේ ආකාරයෙන් ගුරුගේ බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.
මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.
චම්කවූර් සටනේ සිටින ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා
සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.
බාබා සංගත් සිං ගුරු ලෙසට පෙනි සිටීම
ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.
මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.
ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.
ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.
මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.
බහදූර් ෂා සහ ගුරු ගෝබින්ද් සිං අතර වුණු හමුව
1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.
එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.
මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.
ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා ලෙසට පත් කිරීම
ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.
මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.
සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.
ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.
ගුරු ගෝබින්ද් සිං විසින් ආදි ග්‍රන්ථ් මීළඟ ගුරු බවට පත් කිරීම
කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.
ගුරු ගෝබින්ද් සිං සහ පුතුන් සිව් දෙනා
මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.
ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.
තක්ත් ශ්‍රී හසූර් සහීබ්
දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.
බන්දා සිං විසින් වසීර් ඛාන්ව මරා දැමීම
ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.
බහදූර් ෂා
ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.
ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.
18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.
රංජිත් සිං
පසුව සීක් අධිරාජ්‍යයක් පිහිටවලා එහි අධිරාජයා බවට පත්වන්නත් රංජිත් සිං සමත් වෙනවා. නමුත් ඉංග්‍රීසීන්ගේ උපායශීලී ක්‍රියාකාරකම් නිසා රංජිත් සිංගේ ඇවෑමෙන් සීක් ප්‍රදේශත් ක්‍රමයෙන් ඉංග්‍රීසි ආදිපත්‍යයට ලක් වෙනවා.
එහෙම නම් දවස් ගාණක් තිස්සේ කියපු සීක්වරුන්ගේ කතන්දරේ නිමා වෙනවා. රැඳී සිටි, ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තුතියි
මේ සටහන ලියන්න පාදක කරගත්තේ
ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග
ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා
ප.ලි.: ඊළඟට කියන්න හිතාගෙන ඉන්නේ අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටහ
1. මුලින්ම හසිතට බොහෝම ස්තුතියි මේ කතාව ගෙන ආවට.. හසිත මේක බ්ලොගයේ ලිව්වේ නැත්නම් මේ කතාව කවදාවත් දැන ගන්න ඉඩ නොලැබෙන්න තිබුනා..
ReplyDelete2. 'මේ සිදුවීම තවත් තුන් පාරක්ම වෙනවා' එතකොට ගුරු වෙනුවෙන් දිවි දෙන්න කැමති පහක් කොහෙන්ද? මට නම් හිතුනා ගුරු බොරුවක් කරන බව..
3. එතකොට අර පස්දෙනාත් ගුරුත් එක්ක ඉන්න කාන්තාව කවුද?
4. 'බායි' කියන්නෙ ගරු කියන එක වෙන්න ඇති.
5. මෙතන කියවුනානෙ නායකයා විදිහට ග්‍රන්ථය නම් කළා කියලා ඊටපස්සෙත් වෙනත් නායකයො ඉන්නෙ කොහොමද?
6. ආනදිපූර්වල භූමියේ වාසිය තියෙන්න ඇති..
7. සික් වරුන්ගේ වර්තමානය ගැනත් සුළුවෙන් හෝ කීම වටී..
//එතකොට අර පස්දෙනාත් ගුරුත් එක්ක ඉන්න කාන්තාව කවුද?//
Deleteමටත් ඒ සිතුවිල්ල නම් ඇති වුනා
@ හරී
Delete1. ඔව්. එහෙම වෙන්නත් තිබුණා. ඉස්සරටහට තව කෙනෙක් මීටත් වඩා හොඳට මේ කතාව ලියන්නත් පුලුවන් :)
2. මුල් අවස්ථා 2 යි. ඊට පස්සේ සිදුවුණු අවස්ථා 3 යි. ඔක්කොම 5 යි. ගුරු බොරුවක් කරන්න ඇත්තේ කියලා අපිට හිතෙන්න පුලුවන්. ඒත් ඒ අවස්ථාවේ හැටියට සීක්වරුන් මුහුණ දීලා තිබුණු තත්වත් එක්ක කවුරුත් ගුරු එහෙම දෙයක් කරන බව හිතපු බවක් පේන්න නම් නැහැ
3. ඇගේ නම මාතා සහීබ් දේවා. ඇය ගුරු ගෝබින්ද් සිංගේ බිරිඳක්. මුල් වරට ඛල්සාවට ඇතුළත් වුණු කාන්තාව වන්නේ ඇයයි. ඛල්සාවට ඇතුල් වුණාට පස්සේ ඇයව හඳුන්වන්නේ මාතා සහිබ් කවූර් කියලා. ඒ වගේම ඛල්සාවේ මව විදිහටත් ඇයව හඳුන්වනවා.
4. බායි කියන එකෙන් ජ්‍යෙෂ්ඨ, ගරු කටයුතු වගේ අදහසක් තමා එන්නේ
5. ගුරු නානක් දේව්ගේ ඉදන් ගුරු ගෝබින්ද් සිං වෙනකම් හිටිය ගුරුවරු සීක්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා වුණා වගේම ලෞකික නායකයාත් වුණා. ගුරු ගෝබින්ද් සිං තමාගෙන් පස්සේ පුද්ගල ගුරු ක්‍රමය අහෝසි කරලා සීක්වරුන්ගේ ගුරු විදිහට ගුරු ග්‍රන්ථ සහීබ්/ ආදි ග්‍රන්ථ් නම් කරනවා. එතැන් පටන් ඒක සීක්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා බවටත් පත් වෙනවා. ඒත් ලෞකික වශයෙන් සීක්වරුන්ව මෙහෙයවන්න නායකයන් ඇතිවෙනවා. ඒත් එයාලා ගුරු කියන නමින් හඳුන්වන්නේ නැහැ.
6. ආනන්ද්පූර්වල භූමියේ වාසියක් තියෙන්න ඇති. ඒත් ඊටත් වඩා සීක්වරු ඒකායන අරමුණකින් සටන් කිරීම එයාලගේ ජයග්‍රහණයේ රහස වෙන්න ඕනේ
7. සීක්වරුන්ගේ වර්තමානය ගැනත් සුළුවෙන් යමක් කිව්වොත් සමස්ත ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත් වුණාට පස්සේ ඉන්දියාව නිදහස් කරගන්න අරගලයේදීත් සීක්වරුන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. භගත් සිං වගේ සීක් නායකයෝ මේ ව්‍යාපාරවල ඉන්නවා. ඉන්දියාව නිදහස් වුණාට පස්සේ සීක්වරුන් පංජාබ් ප්‍රදේශය ආශ්‍රිතව තමන්ගේ කටයුතු මූලිකවම කරගෙන යන්නේ.
1980 දශකයේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය වෙලා ඉන්න කාලේ බොහොමයක් ප්‍රාන්ත ස්වාධීන් වෙන්න දරපු උත්සාහයේදී සීක්වරුනුත් පංජාබයේ ඛාලිස්ථාන් නමින් අලුත් රාජ්‍යයක් ආරම්භ කරන්න උත්සහයක් දරනවා. මේකේ මූලිකයෙක් වෙන ජාර්නිල් සිං ඇතුළු පිරිසක්ව 1984 දී ඉන්දියන් හමුදාව විසින් සීක්වරුන්ගේ ශුද්ධ වූ ස්ථානය වෙන රන් දෙවොල ඇතුළටම කඩා වැදිලා මරා දැමීමත් එක්ක සීක්වරු නොසන්සුන් වෙනවා.
මේ සිද්ධිය නිසාම අගමැතිනියත් ඒ වසරේදීම එයාගේ පුද්ගලික ආරක්ෂකයන් වුණු සීක් ජාතික භටයන් විසින් මරා දමනවා. සුවිශේෂී කාරණයක් තමා ඒ කාලයේ ඉන්දියාවේ ජනාධිපති වුණෙත් සීක් ජාතික සායිල් සිං
වර්තමානයේදී ලෝකයේ ප්‍රධාන රටවල් හැම එකකම වගේ සීක් ජාතිකයන් ඉන්නවා වගේ එයාලගේ පූජනීය ස්ථානත් ඒ රටවල්වල විශාලව ඉදි කරලා තියෙනවා. ඉන්දියාවේ ආරක්ෂක අංශයේ වගේම හුඟක් ක්ෂේත්‍රවලත් සීක්වරුන් කැපී පේනවා. හර්බජාන් සිංව එහෙම දන්නවානේ :D
@ Chandana
Deleteඇගේ නම මාතා සහීබ් දේවා. ඇය ගුරු ගෝබින්ද් සිංගේ බිරිඳක්. මුල් වරට ඛල්සාවට ඇතුළත් වුණු කාන්තාව වන්නේ ඇයයි. ඛල්සාවට ඇතුල් වුණාට පස්සේ ඇයව හඳුන්වන්නේ මාතා සහිබ් කවූර් කියලා. ඒ වගේම ඛල්සාවේ මව විදිහටත් ඇයව හඳුන්වනවා.
බොහොම ස්තුතියි!
Deleteමම හිතුවෙ ආ ගිය කතාත් වහන්ඩ යන්නෙ කියලා.. :-)
ReplyDeleteපස්සෙ එන්නම් කියවන්ඩ..
@ සෙන්නා
Deleteතවම නැහැ තවම නැහැ :D
@සෙන්නාම මේ කතාව කියපු එකයි වටින්නෙ..!!:P
Deleteබල්සා චාරිත්‍රය තුල නම් ගුරු විසින් පුංචි ප්‍රයෝගයක් කරලා වගෙයි මටත් පෙනුනේ. ගුරු ගෝබින්ද් සිං නම් දක්ෂ රණ ශුරයෙක්; අර තරම් අවස්ථා ගණනක් යුද්ධයක් දිනන්න.
ReplyDeleteමේ ලිපි මාලාව පුරාම මගේ හිත ගිය දෙයක් තමයි මේ ගොඩනැගිලි.
@ Chandana
Deleteඛල්සා චාරිත්‍රයෙන් ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමකට දමලා තියෙනවා. ඒකෙන් වගේම යුද්ධ ජයග්‍රහණවලින් පේන්නේ ගුරු ගෝබින්ද් සිං ගාව තිබුණු උපායශීලීත්වය.
ගොඩනැගිලි ගැන කිව්වොත් හින්දු, පර්සියානු, ඉස්ලාම් සම්මිශ්‍රණය තමා සීක්වරුන්ට දායාද වෙලා තියෙන්නේ....
වෙනදා වගේම පරිපූර්ණ කියවීමක් ලබා දුන්නා ඔබේ ලිපිය. නියමයි හසිත මල්ලී. බ්ලොග් ලෝකය අපූරු සිත් ඇදගන්නා තැනක් වන්නේ ඔබ වගේ සටහන්කරුවන් නිසයි. දිගටම ලියන්න.
ReplyDelete@ රතු රජරට
Deleteස්තුතියි අයියා අගය කළාට. මේ කොටස් 6 ඇතුළේ නොකියවුණු කතා නම් තව ගොඩක් තියෙනවා. උනන්දුවක් තියෙන අයට ඒ ගැන හොයන්න ආසාවක් ඇති කිරීමක් මේ හරහා වුණා නම් ඒකත් මගේ එක බලාපොරොත්තුවක්
මෙම ලියවිලි පෙළම මම කියෙව්වා... බොහොම වටින තොරතුරු එකතුවක්...
ReplyDeleteඖරංසෙබ් කියන රජතුමා කොපමණ කාලයක් රජ කලාද... සීක් අධ්‍යාත්මික නායකයන් කීප දෙනෙකුම ඔහුගේ පාලන කාලය තුල සිටි නිසයි එහෙම ඇහුවෙ...
@ සිරාගෙ කාමරේ
Deleteඖරංසෙබ්ට රජතුමා කියන වදනට වඩා සුදුසු වෙන්නේ අධිරාජයා කියන වචනේ. මොකද එයා මෝගල් අධිරාජ්‍යයේ පාලකයෙක්නේ. ෂාහ් ජහාන්ගෙන් [අපි දන්න ටාජ් මහල් හදපු කෙනා] පස්සේ සිහසුනට පත්වෙන ඖරංසෙබ් 1658 ඉදන් 1707 වෙනකම් රාජ්‍ය බලයේ ඉන්නවා.
ඖරංසෙබ්ගේ කාලය තුළ සීක් ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නේ කීප දෙනෙක් ඖරංසෙබ් මරා දැම්ම නිසා වගේම ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් ලාබාල වයසේදීම මිය ගිය නිසා
මේක ලියන්න කරුණු හොයලා වචන ගලපන්න හසිත වෙච්ච මහන්සිය සික් කාරයෙක්වත් වෙයිද කියලා මම කල්පනා කලේ.
ReplyDeleteඉතින් ඊ ලඟට මොනවා ගැනද ලියන්නෙ?
අපේ රොඩීන් ගැන ලියමුද?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ Dude
Deleteසීක්කාරයන්ට නම් වැඩි කරදරයක් නැහැනේ අයියේ. ගුරුමුඛීවලින්ම පොත්පත් ඇතිනේ ඒ ගැන හොයන්න. අපිටනේ කරදරේ සිංහලෙන් මේ ගැන පොත් පත් අඩුයිනේ....
ඊළඟ ලියන්න ඉන්නේ ශාක්‍ය වංශයේ කතාවේ ඉතුරු කොටහ. රොඩීන් ගැන ලියන්න කරපු යෝජනාව හොඳයි. බලමුකෝ උත්සාහයක් දරලා
තාම මේ ලිපි පෙළේ එකක්වත් කියෙව්වෙ නැහැ. හෙමිහිට වෙලාව අරගෙන සෙට් එක ම කියවන්න ඕනෙ. මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි හසිත.........
ReplyDelete@ කේ.යූ.ජී. උදාර
Deleteඑක අතකට ඒ වැඩේ හුඟක් පහසුයි. නැත්නම් එක කොටසක් ලියලා අනික ලියන්න වුණු පරක්කුවත් එක්ක බලද්දී මුල් කොටස් අමතකයි. දැන් ඒ කරදරේ නැහැනේ :)
//බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා//
ReplyDeleteඉංග්‍රීසින්ට ලේසියෙන් මේ ප්‍රදේශ අල්ලගන්න බැරිවෙන්න ඇති..ප්‍රදේශ 12ක් පාලනය කලානම් කොච්චර බලවත්ද..!
@ වීපොකුරෙ වීයා
Deleteකොච්චර බලවත් වුනත් ඉංග්‍රීසීන්ගේ යුධ ශක්තියත් එක්ක සටන් කරන්න අපහසු වුණා වගේම ඔක්කෝටම වඩා ඉංග්‍රීසින්ගේ සූත්තර වැඩවලින් ගැලවිලා ඉන්න බැරිවෙන්න ඇති. දන්නවනේ උඩරටට වුණු දේ
සීක් වරු කියන්නෙ හරිම සටන් කාමී ජාතියක් කියලා තමා පේන්ඩ තියෙන්නෙ. මට හිතුනෙ සීක් වරු හිටියෙ නැත්නම් මුලු ඉන්දියාවම අද වෙද්දි මුස්ලිම් රාජ්‍යයක්..
ReplyDeleteස්තූතියි හසිත මේ වෙච්ච මහන්සියට.. අර ඩූඩ් කිව්වා වගේ අපේ රොඩී අය ගැන ලියමුද ඊලඟට. මට මතකයි රොඩී පෙලපත ඇරබුනු හැටි තිබුනා සුදු වැද්දා හරි සුදු ගෝනා හරි පොත් දෙකින් එකක.. ඒක බොහොම රසවත් කතාවක් වෙයි ...
සුදු වැද්දා පොතේ. හැබැයි ඒක කතාවක් විතරයි නේද..? සැබෑ විස්තරය තියන්නේ මට මතක විදිහට නොක්ස් ගේ පොතේ.
Deleteසුදු වැද්දා පොත පුරාම තියෙන්නේ නොක්ස්ගේ පොතේ විස්තර නෙමෙයිද?
Delete@දිනුක
Deleteස්පිට්ල් මහතා ඔහුගේ පොත් වලට නොක්ස් ගේ පොත් වලින් කරුණු ගන්න ඇති කියල නම් හිතෙනවා කියවද්දී.
මගේ මතකය අනුව නම් සුදු වැද්දා පොතේ තියන්නේ රජ කුමාරිකාව වැද්දත් එක්ක කතා කලා කියල ඔප්පු උනාට පස්සේ වැද්දත් එක්කම පිටත් කරනවා කුලයෙන් පහ කරලා.
නොක්ස් ගේ පොතේ රොඩී කියන අය සම්බන්ධව සඳහන් වෙලා තියන්නේ මෙහෙම. රජ්ජුරුවන්ට දඩමස් වෙනුවට මිනී මස් ගෙනත් දීපු වැදිපිරිසක් ගැන රජ්ජුරුවෝ උරණ වෙලා ඒ අයට කිසි කෙනෙක් වතුර වත් දෙන්න එපා කියල නීතියකුත්, කිසිම රැකියාවක් නොකර සිඟා ගෙන කන්න ඕනි කියල නීතියකුත් පනවල ඔවුන් ඉඳපු තත්ත්වයෙන් පහත හෙලලා නගරයෙන් පිටමන් කළා. ඒ අයගෙන් පැවත එන අය තමයි ඉහත නමින් හඳුන්වල තියන්නේ.
සුදු වැද්දා/සුදු ගෝණා පොත් කියෙව්වේ සෑහෙන කාලෙකට කලින් නිසා වැඩි මතකයක් නම් නෑ.
Chandana
@ සෙන්නා
Deleteසීක්වරු නිසා වගේම හින්දූන් නිසා [හින්දූන්ගෙනුත් රාජ්පුත්වරු වගේ අය] ඉන්දියාවේ මුස්ලිම් රාජ්‍යයක් වුනේ නැහැ. අනික් අතට බටහිර ජාතීන් පැමීණෙන්න පටන් ගත්තු එකත් ඒකට හේතුවක් වුණා. එහෙම නොවුණා නම් සමහර විට ලංකාවත් මුස්ලිම් රාජ්‍යයක් වෙලා තියේවි
රොඩී අය ගැන ලියන්න බලමු. සුදු ගෝනා සහ සුදු වැද්දා නම හුඟ කාලෙකට කලින් කියෙව්වේ. කතාව ආයිත් මතක් කරගන්න වෙනවා
@ Chandana
Deleteසුදු වැද්දා පොතේ රොඩී අය ගැන කතාවක් තිබුණාද කියලා නම් මතක නැහැ ආයි කියවලා බලන්න වෙනවා.
@ දිනුක
Deleteනොක්ස්ගේ පොතේ එයා ලංකාවට ආපු හැටි වගේම රජතුමාගේ හිර භාරයෙන් පැනලා ගිය හැටි මුල් සහ අවසාන කොටස්වල තියෙනවා. අතරමැද්දේ තියෙන්නේ ලංකාවේ පිහිටීම, පාලනය, ආගම, සංස්කෘතිය, පාලනය වගේ අංශ ගැන කතා කරලා. ඒකේ සතුන් ගැන කියවෙන කොටසේ රජතුමාට සුදු ගෝනෙක් අල්ලගෙන ආපු හැටි ගැන තියෙනවා
බටහිර් ජාතීන් නාවනම් ලංකාව මුස්ලිම් රටක් වෙයි කියන්ඩ බලපාන හේතුව මොකක්ද හසිත ? මම අහලා, කියවලා තියන විදිහටනම් ඒ කාලේ වෙනකොටත් ලංකාවෙ මුස්ලිම් ජනගහනය අල්පයි.. වෙන මතකයට එන විශාල මුස්ලිම් බලපෑමක් තිබුනෙත් නෑනෙ අපට.. ඔබ අදහස් කරන්නෙ මෝගල් රාජ්‍යයේ පැතිරීමක් ගැනද ?
Delete@ සෙන්නා
Deleteඔව් ඔව්
@ සෙන්නා
Deleteබටහිර ජාතීන් පැමිණීම වගේම ආගමික හිංසන ප්‍රතිපත්ති නිසා හින්දු, සීක් නැගී ඒම් එක්ක මෝගල් බලය ලංකාවට ව්‍යාප්ත වීමක් සිද්ධ වුණේ නැහැ. ඒත් විශේෂයෙන්ම බටහිර ජාතීන් නොපැමිණෙන්න මෝගල් බල ව්‍යාප්තියේ තවත් අදියරක් විදිහට ලංකාවට ආක්‍රමණයක් එල්ල වෙන්න ලොකු ඉඩක් තිබුණා
මේ වෙච්ච මහන්සියට කොහොම ස්තුතියි කරන්නද?.
ReplyDeleteඉන්දියාවේ හින්දුන් හැමෝම සීක් වරු නෙවෙයි නේ.එතකොට අනිත් හින්දුන් ඒ කියන්නේ නේරුල ගාන්දිලා වගේ කට්ටිය මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කලේ නැද්ද? නැත්නම් ඒ කාලේ සුළු ජන කොටසක් ද? එක ටිකට කියවන්න ලැබුනේ නැති නිසා ඒ ගැන පොඩි ප්‍රශ්නයක්..
@ අසරණයා
Deleteසීක් දහම අදහන අය සීක්වරු විදිහට ගන්න පුලුවන්. සීක්වරු එක අතකට ජන වර්ගයක් විදිහටත් ගන්න පුලුවන්. හින්දූන් කිව්වාම ඒ ආගම අදහන උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු ජනතාව [දෙමළ] ඒකට අයිතියිනේ. මුස්ලිම් අධිරාජ්‍යය සමයේ ගැටුම් තිබුණත් ඉන්දියාව බ්‍රිතාන්‍ය බලයට යටත් වීමත් එක්ක හින්දු, මුස්ලිම් දෙපිරිස එකතු වෙලා තමා රට නිදහස් කරගන්න ගියේ. හැබැයි සුද්දගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ තියරියට එයාලත් අහුවුණා. හරියට සිංහල දෙමළ අය ලංකාවේ අහුවුණා වගේ
මේ ඔක්කොම කියවන්න ඕනේ බන්, ඒත් වෙලාවක් නෑ.සමාවෙයන්!.වැඩ වලින් ටිකක් නිදහස් වුනාම අනිවා කියවනව.
ReplyDelete@ කස්ස
Deleteඅනිවා කියවලා බලන්න අයියා. මොකද සීක් අයත් එක්ක ඔයාලට නම් ඇයි හොඳයිකම් එහෙමත් පවත්වන්න ලැබෙනවා ඇතිනේ.
වටිනා තොරතුරැ පෙලක්. පින් දෙනවා කියලා දෙනවට මේ පොඩි උන්ට
ReplyDelete@ රතී,
Deleteස්තුතියි අගය කළාට. අපි කරපු දේවල්වලින් බාල පරම්පරාවට වැඩක් තියෙන බව අහන්නත් සතුටුයි :)
අද කොටස කියෙව්වා . පරණ ටික එක්ක සේරම ආයේ කියවන්න ඕන . ස්තුතියි හසිත
ReplyDelete@ Bindi
Deleteදැන් ඔක්කොම එක පාරම කියවන්න පුලුවන්නේ අක්කේ. කලින් තිබ්බ අපහසුතා දැන් මග හැරිලා ඇත්තේ කියලා හිතනවා
මම කලිනුත් කිව්වා, මම හොය හොයා හිටි විස්තරයක් තමයි හසිතගේ ලිපි පෙළ. සික් පියෙකුට දාව ඉපදුනු ලංකාවේ ජීවත් වෙන තරුණියකගෙන් වත් මට මේ විස්තරය අහ ගන්න බැරි වුනා. ඔවුන්ගේ ආගමේ කුමක් හෝ විශේෂයක් තියෙනවා, ඔවුන් සියලු දෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න.
ReplyDelete@ සු දී ක
Delete//...මම කලිනුත් කිව්වා, මම හොය හොයා හිටි විස්තරයක් තමයි හසිතගේ ලිපි පෙළ. සික් පියෙකුට දාව ඉපදුනු ලංකාවේ ජීවත් වෙන තරුණියකගෙන් වත් මට මේ විස්තරය අහ ගන්න බැරි වුනා....//
මේ ටික දැක්කාම නම් මට නිරහංකාර සතුටක් ඇතිවෙනවා අයියා. බොහොම ස්තුතියි :)
සීක්වරුන්ගේ ආර්ථික ශක්තිමත්බවට ආගමික හැදියාව ආගමෙන් උගන්වන දැඩි ශික්ෂණය ලොකු හේතුවක් වෙන්න ඇති
සීක්වරු ගැන පොතකට ඇති තරම් විස්තර ලිව්වා නේද. ලොකු මහන්සියක් ඒවගේම වටිනාකම කියල නිම කරන්න බෑ.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteසෑහෙන්න නම් ලිව්වා තමා අයියා. පොතක්ට සෑහෙන්න වුණත් ලියවෙන්න ඇති :D
නොදන්නා දේවල් සෑහෙන ප්‍රමාණයක් දැනගත්තා. ජය!
ReplyDeleteඊලග ලිපි පෙළ මොන වගේ දෙයක් ගැනද?
@ ඉෂාන්
Deleteඊළඟට ලිපි පෙළක් ලියන්න නම් තාම අදහසක් නැහැ. රොඩී අය ගැනත් යමක් ලියන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා නොවැ. බලමුකෝ :)
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න මග පදපු ලිපි පෙලක් !
ReplyDelete@ මධුරංග
Deleteඒක සැබැයි :)
නොදැන හිටි දේවල් ගොඩයි... එකක් හෝ දෙකක් ඇර අනික් ලිපි නම් කියෙව්වා... පින්තූරත් විස්තරවලට හරියටම ගැළපෙනවා... ආයෙමත් මේ වගේ ලස්සන කතාවක් අපිට කියල දෙන්න අයියා...
ReplyDelete@ අනූ
Deleteපින්තූර නැත්නම් මේ කතාව ඔළුවට යනවා හරි අඩුයිනේ. ඒක නිසාමයි මෙච්චර පින්තූර එකතු කළේ... ආයි කතාවක් කියන්න බලමුකෝ ඉඩ ලැබෙන විදිහට :)
මට මේ ලිපි පෙළ බොහොම වැදගත් උනා ආගමක පරිණාමය ගැන අධ්‍යයනය කරන්ඩ.බලන්ඩ සමානාත්මතාව වගේ දේවල් ඇති කරන්ඩ බිහිවෙච්ච ධර්මයක් ලේ හලන කණ්ඩායමක් වෙච්ච හැටි.ඒක ඉතිං එයාලගෙම වැරැද්දකුත් නෙමෙයි.අනිත් ආගම්වලත් බලපෑම ආවනේ.ඒ වගේම ගුරු ගෝබින්ද් සිං කරන්නෙත් ක්‍රිස්තියානිය බිහි කෙරුවා වගේ සීක් දහමත් අනිත් ඒවත් එක්ක කළවං කරපු එක නේද?
ReplyDeleteඅනිත් අයටනං මේ ලිපියෙන් මොනවා තේරුණාද මන්දා, මටනං තේරුණේ ආගම කියන්නේ තනිකරම දේශපාලනය කියන එක.
@ දිනුක
Deleteආගමක් තමන්ගේ ගමන අවිහිංසාවාදිව පටන් ගත්තත් ඒක මර්දනය කරන්න යාමෙන් හරි ඒ ආගම ව්‍යාපත් කරන්න යාමේදී හරි ඒක අවිහිංසාවෙන් හිංසාවට යන එක පුදුමයක් නෙමේ.
සීක් දහම කියන්නේම කලවම් වුණු එකක් තමා. සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් විශේෂයෙන්ම හින්දු හා ඉස්ලාම් ධර්ම වගේම බුදු දහම, ජෛන දහම වගේම පෙරදිග දහම් රැසක එකතුවෙන් තමා සීක් දහම නිර්මාණය කරන්නේ.
ගුරු ගෝබින්ද් සිං සීක් දහමට අලුත් චාරිත්‍රයක් හඳුන්වා දෙනවා. අන්තිමට සීක්වරුන්ගේ පදනම වෙන්නේ ඒක.අ මට හිතුණේ සීක්වරුන්ගේ මොරාල් අප් කරන්න කාරපු ජිල්මාට් එකක් කියලා.
ආගම කියන්නේ දේශපාලනය කියන එකට එකඟයි. ලංකාවේ බුදු දහම වුණත් දෙවනපෑතිස් සමයේ ඉදන් ලාංකීය දේශපාලනයත් එක්ක බද්ධ වෙලා තියෙන හැටි පේනවානේ
@ දිනුක
Deleteආගම යනු දේශපාලනයයි කියන කාරනය කොමියුනිස්ට් මතවාදයක්. උජ්ජේදවාදයට අයට පදනමකින් යුතුව ආගම් කෙරෙහි ඒ අයුරින් අර්ථදෑක්වීම කිසිසේත් සුදුසු නොවේ.
හසිත ඔයා මේක ලියුවේ නැත්තං මට මෙව්වා දැන ගන්ඩ ක්‍රමයක් නැ
ReplyDelete@ අටම්පහුර
Deleteසමහර විට අයියා :)
හසිත ඉන්දියානු ඉතිහාසය එක මිටට අරන් රසට තේරැම්කරල දුන්නා. මම පාසල් විෂය මාලාවෙදිවත් ඉතිහාසය හදාරලා නෑ. සීක් ජාතිකයන්ගේ නැගීම හොදටම දැනගත්තා..
ReplyDelete@ දයානන්ද රත්නායක
Deleteඉගෙන ගනිමු අයියා ඉගෙන ගනිමු. අයියා වගේ කෙනෙක් ඉතිහාසය ගැන දැනුවත් වෙලා ඉන්න එක හරි වටිනවා
මේ සික් කට්ටියගේ දන් තතවෙත් ලිව නම් තමා හොද අර ඉන්දිරා ගාන්ධි එහෙම මරන්න හේතු උන කතාව වගේ සික් අයගේ වැදගත් සිද්ධි ඔක්කොම ලියල කතාව සම්පුර්ණ කෙරුවොත් හොදයි.ලිපිය ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත.පුළුවන් නම් මේ වගේ ජේසු තුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියනි ගැනත්,යුදෙව් අගම යුදෙවෙවෝ ගැනත්,මේදවස් වල ගොඩක් මතබේදයට ලක් වෙලා තියන මුස්ලිම් ආගම හා එහි ව්‍යාප්තිය,ගැනත් පිළිවෙලකට ලිපි පෙළක් ලියන්න කියල මම යෝජනා කරනවා.
ReplyDelete@ රනා
Deleteනූතන පැත්තට බරවෙන්න නම් වැඩි උවමනාවක් තිබ්බේ නැහැ. ඒත් කෙටියෙන් ඒ ගැනත් කිව්වොත් මෙහෙමයි
"සීක්වරුන්ගේ වර්තමානය ගැනත් සුළුවෙන් යමක් කිව්වොත් සමස්ත ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත් වුණාට පස්සේ ඉන්දියාව නිදහස් කරගන්න අරගලයේදීත් සීක්වරුන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. භගත් සිං වගේ සීක් නායකයෝ මේ ව්‍යාපාරවල ඉන්නවා. ඉන්දියාව නිදහස් වුණාට පස්සේ සීක්වරුන් පංජාබ් ප්‍රදේශය ආශ්‍රිතව තමන්ගේ කටයුතු මූලිකවම කරගෙන යන්නේ.
1980 දශකයේ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය වෙලා ඉන්න කාලේ බොහොමයක් ප්‍රාන්ත ස්වාධීන් වෙන්න දරපු උත්සාහයේදී සීක්වරුනුත් පංජාබයේ ඛාලිස්ථාන් නමින් අලුත් රාජ්‍යයක් ආරම්භ කරන්න උත්සහයක් දරනවා. මේකේ මූලිකයෙක් වෙන ජාර්නිල් සිං ඇතුළු පිරිසක්ව 1984 දී ඉන්දියන් හමුදාව විසින් සීක්වරුන්ගේ ශුද්ධ වූ ස්ථානය වෙන රන් දෙවොල ඇතුළටම කඩා වැදිලා මරා දැමීමත් එක්ක සීක්වරු නොසන්සුන් වෙනවා.
මේ සිද්ධිය නිසාම අගමැතිනියත් ඒ වසරේදීම එයාගේ පුද්ගලික ආරක්ෂකයන් වුණු සීක් ජාතික භටයන් විසින් මරා දමනවා. සුවිශේෂී කාරණයක් තමා ඒ කාලයේ ඉන්දියාවේ ජනාධිපති වුණෙත් සීක් ජාතික සායිල් සිං
වර්තමානයේදී ලෝකයේ ප්‍රධාන රටවල් හැම එකකම වගේ සීක් ජාතිකයන් ඉන්නවා වගේ එයාලගේ පූජනීය ස්ථානත් ඒ රටවල්වල විශාලව ඉදි කරලා තියෙනවා. ඉන්දියාවේ ආරක්ෂක අංශයේ වගේම හුඟක් ක්ෂේත්‍රවලත් සීක්වරුන් කැපී පේනවා. හර්බජාන් සිංව එහෙම දන්නවානේ :D...."
ජේසුතුමා ගැණ වගේම යුදෙව්වන් ගැන අගනා ලිපි පෙළක් මුලින්ම කමෙන්ට් කරලා තියෙන හරී අයියා එහාගේ බ්ලොග් එකේ ලියලා තියෙන්නේ. ඒකෙන් ඒ ගැන ලොකු විස්තරයක් දැනගන්න පුලුවන් වේවි.
මුස්ලිම් ආගමික ව්‍යාප්තිය ගැන ලිපියක් ලියන්න බලන්න. මම මේ දවස්වල ඒ හා සමාන දෙයක් ගැන තොරතුරු හොයාගෙන යනවා. විස්තර ඉදිරියේදී
අද තමා මම මේ පැත්තට ආවේ.... මේ ලිපිය කියෙව්වා... ඉතුරු ටික වෙලාව ඇති හැටියට කියවන්නම්... :)
ReplyDelete@ සමනළී
Deleteආයුබෝවන් කියලා පිළිගන්නවා. හෙමින් සැරේ කියවලා බලන්න මේ හාදයා මොනවාද ලියලා තියෙන්නේ කියලා :D
Agana Lipiyak Sindh waru gana danaganeemath wadgath.
ReplyDeleteSthuthiy malli.
@ Bandula
Deleteඅනිවාර්යයෙන්ම සමය සමයාන්තර දැනුම ලබාගන්න එක වටිනා කියන එකක් :)
හසිත පුතා හරිම ආසාවෙන් කියෙව්වා. ඔයාගෙ සටහන් හරිම පරිපූර්ණයි. මට මේ ටිකේ කමෙන්ටුවක් වත් දාගන්නට විදිහක් නැතිව හිටියා, ඉන්ටර්නෙට් අවුලක් වෙලා. යන්තම් ටිකක් අද හොඳයි. මගෙ පොස්ට් එක හරිම අමාරුවෙන් ඊයේ කීප පාරක් උත්සාහ කරලා දැම්මේ. පින්තුර දමන්න ගියාම කරදරයි හරියට කනෙක්ශන් නැතිනම්. පුතා ඔයාට ජයම වේවා! කියල පතනවා!.
ReplyDelete@ Chandi
Deleteබොහොමත්ම ස්තුතියි :)
සීක්වරු ගැන සම්පූර්ණයෙන්ම කියෙව්වා හසිත..බොහොත් ශුක්රියා..:)
ReplyDeleteබලාගෙන ගිහාම මේ ජටාවයි කොණ්ඩෙයි දීලා තියෙන්නෙ අන්තිම ගුරුතුමානෙ..
@ රූ....
Deleteඅන්තිම ගුරුතුමා සීක්වරුන් වර්තමානය දක්වා පිළිපදින සිරිත් විරිත් හුඟක් ඇති කරලා ගිය කෙනෙක්
පිර් සේ ආනා කේ :D
හ්ම්ම්.. සීක්වරු කියන්නේ සටන්කාමි ජාතියක් කියලා නම් මම දන්නවා. ගැහැණු පවා. ඒත් මේ තරම් විස්තරයක් දන්නේ නෑ. අපේ අප්පච්චි කියල දුන්නු දේවල් තමා දැනගන හිටියේ. :)
ReplyDelete@ Alexander Cage
Deleteඅයියලාගේ අප්පච්චී සීක්වරු ගැන කියලා දීපුවා අපිටත් කියන්න බලන්න
නියමයි මල්ලී . . . පාඨකයාට කිසිම අපහසුවක් නොවෙන විදිහට රසවත්ව මේ ඉතිහාස කතා ලිව්ව ඔයාට මගේ ප්‍රනාමය . . .
ReplyDelete@ දුකා
Deleteඑක හුස්මට කතා ඔක්කොම ටික කියෙව්ව දුකා අයියාටත් මගේ ප්‍රණාමය :)
කෝ අද කතාව මම මේ දුවගෙන ආවා..
ReplyDelete@ හරී
Deleteඅයියා දුවගෙන ආපු නිසාම උදේ 7 ට පබ්ලිෂ් කරන කතාව 6.30 ට පබ්ලිෂ් කළා ඕන් :)
ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.
@ gurumag.blogspot.com
Deleteදැනුවත් කිරීම ගැන ස්තුතියි :)
බොහොම හොදයි ලිපි පෙළ පුතා. තවත් මෙ අයුරින් ලිපි පලකිරීමට හෑකිවේවා...
ReplyDelete@ Arachchi Ralahami
Deleteස්තුතියි ඔබේ දිරිමත් කිරීමට :)
මේ කතා සමහර ඒවා හිදී ෆිල්ම්වල ගියා මම දැකලා තියෙනවා.බිත්තියට තියලා බදාම ගහලා වහලා මරණ එක.එත් ඒවායේ නියම කතාව ද්නගත්තේ මේ ලිපියෙන්.
ReplyDelete@ Darshana Prabhath
Deleteඔව් ඔව්. හින්දි ෆිල්ම්වලත් හරියට සීක්වරු ගැන වගේම ගුරු නානක් ගැන තියෙනවා තමා