Saturday, April 10, 2010

Traffic Lights රතු කහ කොළ


පහුගිය දවසක අපි කට්ටියක් shopping යද්දී වෙච්ච වැඩ 2 ක් නිසා මට මතක් වුණු joke කතා 2 න් එකක් පහුගිය දවසක මම කිව්වානේ. ඊට පස්සේ අනිත් කතාව කියන්න හිටියට ඊට වඩා සිරා කතාවක් මම කිව්වානේ "මලින්ද සර්" ගැන.

ඉතින් අද කියන්න යන්නේ මට මතක් වෙච්ච අනිත් කතාව. ඒකට මතක් වෙන්න මුල්වෙච්ච නිධාන කතාවත් එක්ක.

එදා අපි ගිය car එක drive කරපු යාළුවා Traffic Lights වල රතු පාට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් car එක නවත්තන්නේ නැහැ කොහොම හරි දාගන්න තමා try එක දෙන්නේ. ඉතින් එහෙම සිද්ධියක් ගැන තමා මේ අනිත් කතාව.

දවසක් යාළුවෝ දෙන්නෙක් Motor Bike එකක ගමනක් ගියා. මෙහෙම යද්දී එක හන්දියක තිබ්බ Traffic Light එකේ රතු පාට වැටෙන්න ඔන්න මෙන්න. Bike එක drive කරපු යාළුවා bike එක නැවැත්තුවේ නැහැ එහෙම්ම දැම්මා. පිටිපස්සේ seat එකේ හිටපු යාළුවාට බයේ බැහැ.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන් එහෙම bike එක දාන්න" කියලා.

bike එක drive කරපු යාළුවා වීරයා වගේ කිව්වා "ඔහොම තමා බන් අපේ අයියත්. මිනිහත් කිසි ගාණක් නැතුව bike එක දානවා" කියලා.

ටික දුරක් ඔහොම යද්දී ආයි හන්දියක Traffic Light එකේ රතු වැටිලා තිබ්බේ. Drive කරපු man ඒත් bike එක නැවැත්තුවේ නැහැ දැම්මා ඉස්සරහට. පිටිපස්සේ seat එකේ ගිය යාළුවගේ ඇඟේ ලේ වතුර වෙලා.

Man කිව්වා bike එක drive කරපු යාළුවාට " උඹට පිස්සුද බන්. තව ඩිංගෙන් අපි දෙන්නා හැප්පෙන්නත් තිබ්බා බන්. ඒ වගේද traffic කාරයෙක් ඕක දැක්ක නම්" කියලා.

Bike එක drive කරපු යාළුවා ඒ පාරත් කිව්වා " අපේ අයියත් ඔහොම තමා බන් කිසි බයක් නැතුව එක දානවා" කියලා.

තව ටික දුරක් යද්දී හම්බුණු හන්දියේ Traffic Light එකේ කොළ පාට වැටිලා තිබ්බා. Bike එක drive කරපු man පට ගාද්දී bike එක නැවැත්තුවා.

පිටි පස්සේ හිටපු යාළුවා එතකොට ඇහුවා " ඇයි බන් bike එක නැවැත්තුවේ. ඉස්සරහට යන්න පුළුවන් නේ" කියලා.

එතකොට bike එක drive කරපු man කිව්වා " නැහැ බන් කෝකටත් කල්පනාවෙන් bike එක දාන්න ඕනේ. මොකද අනිත් පැත්තෙන් අපේ අයියා එනවද දන්නේ නැහැ" කියලා

19 comments:

  1. මරු...මේ අයියයි මල්ලියි ඩබල පරේ drive කරන වෙලාවට පාරේ යන අයට අබ සරණයි වගේ :D

    ReplyDelete
  2. ඒක නම් අමූලික ඇත්ත දිල්.

    මේ අයියයි මල්ලියි පාරේ වාහන drive කරන වෙලාවට අපි හුඟක් පරිස්සමෙන් යන්න ඕනේ. :) :) :)
    ඒක නෙමෙයි මොකක්ද මේ "අබ සරණයි" කියන්නේ ???

    ReplyDelete
  3. ඔහොම තමයි බන් අපෙ අයියත්...
    උඹලැ අයියයි.. අපෙ අයියයි කට්ටියට එකට වීසා හම්බවෙයි වගෙ...
    :) :) :(

    ReplyDelete
  4. කවුද දන්නෑ ලයිසන් දුන්නේ..

    ReplyDelete
  5. ..අන්න එහෙම තමා පරෙ යන්න ඔනෙ..නියම කතාව!

    ReplyDelete
  6. බලන්ගියාම අයියයි මල්ලියි දෙන්න පරිස්සම් වෙන්නේ ඒ දෙන්නගෙන්ම,..... ඒකත් මරු....... :) :P

    ReplyDelete
  7. හෆොයි මාර ඩබල ....(rofl)

    ReplyDelete
  8. ඔය අබ සරණෙ කතාව ඉගෙන ගත්තෙ නම් කැම්පස් එකෙන්මයි...( ඔයාගෙත් තමා ) කොල්ලො කියන කතානෙ. අපිත් ඒව ඇහිදගන්නවා...වැරදි දෙයක් නම් නෙමේ කියලා හිතනවා...

    මේ ලගදි ඔයවගේ කතාවක් නොදන්නා කමට කියන්න ගිහින් මගෙ වෙන්න මස්සිනාගෙන් ( කස්ස ගෙන් )ඒක වැරදි කතාවක් ලු. කවුද ඉතින් ඕවා දන්නෙ :D

    ReplyDelete
  9. රවාට
    මේ මගේ අයියා ගැන කතාවක් නෙමෙයි නේ සහෝ. කොහොම වෙතත් අයියට පරිස්සම් වෙන්න කියන්න.

    කතන්දර කාරයා ට
    කතාව අහලා නේද ? එහෙමනම් එච්චරයි. ඉස්මොල්ලේ ගියා නැති එක හොඳා

    sameerausa ට
    රේඩියෝ හරි TV ලයිෂන් වෙන්න ඇති තියෙන්න ඇත්තේ :) :) :)

    කස්සා ට
    එල කොල්ලෙක් නේද සහෝ :) :) :)

    තර්ඩ් මෑන් ට
    ස්තුතියි සහෝ ප්‍රතිචාරයට

    හා පැටික්කි (MS) ට

    දෙන්නට දෙන්න පරිස්සම් වෙන්නත් ඕනේ. ඒ වගේම අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිත් පාරේ යනවා වගේම වාහන drive කරනවානේ.

    Confiuzd ප්‍රෝග්‍රැමර් ට
    ඒක ඇත්ත සහෝ :) :) :)

    දිල් ට
    ඉතින් අක්කේ ඔයා තාම අබ සරණ කියන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ. ප්‍රසිද්ධියේ කියන්න බැරි එකක්ද ඒක ???

    ReplyDelete
  10. සිරා කතාව.
    තව දාපන් මේ වගේ ඒව.

    ReplyDelete
  11. හික් හික් අපේ අය්යල කහ වැටෙද්දිම යනවනේ. රතු එකේ ගිහින් මූ හැප්පෙන්නෙ නැතුව පුදුමයි. එල කතාව.

    ReplyDelete
  12. Raven ට
    ස්තුතියි ප්‍රතිචාරයට සහෝ. තව හොඳ හොඳ කතා ඉදිරියට....... :)

    පිස්සා පලාමල්ල ට
    මේක කතාවක් වුණත් ලංකාවේ මෙහෙම අයියලා නැතුවාම නොවෙයි :) :) :)

    ReplyDelete
  13. ඔජායෙ.... ට
    ස්තුතියි ප්‍රතිචාරයට සහෝ.

    ReplyDelete
  14. nice one...
    Tharanga's driving came into my mind. Remember him driving along a coconut tree....!

    ReplyDelete
  15. පොල් ගස්වල විතරක් නම් මදැයි තාප්ප දිගෙත් ගිය එකනේවැඩේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................