
අද දවල් අපේ නංගිව class එකෙන් ගන්න තාත්තයි අම්මයි එක්ක මාත් ගියා. ගෙදර අයත් එක්ක හරි කලාතුරකින් තමා මම ගමනක් යන්නේ. මොකද හැමතිස්සේම වගේ මම මොකක් හරි වැඩකට ගෙදරින් පිට යැවෙන නිසා ගෙදර අයත් එක්ක ගමන් යැවෙනවා අඩුයි. මම අද ඔය ගමන ගියෙත් මගේ computer එක කැඩිලා හදන්න දාලා තිබ්බේ ඒක අරන් එන්න ඕනේ නිසා.
ඉතින් නංගිව class එකෙන් ගත්තට පස්සේ අම්මා නංගිගේ පොත් ටික බලන්න ගත්තා. පොත් බලලා අම්මා කියන්න ගත්තා අත් අකුරු හොඳ මදි. ඉස්පිලි පාපිලි එහෙම පැහැදිලිව දාන්න ඕනේ ආදී විදිහට [අපේ අම්මා ගුරුවරියක්. ඒකයි ඔච්චර කියන්නේ].
ඉතින් මාත් නංගිගේ පොත් දිහා බලලා කිව්වා.
"ඔව් ඔව්, ළමයාගේ අත් අකුරු නම් හොඳ මදි. මගේ නම් ඒ කාලේ අත් අකුරු ඔයිට වඩා හොඳයි" කියලා.
ඒ කාලේ කියලා කිව්වේ මම ඉස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ [අපේ නංගී දැන් ඉන්නේ ඉස්කෝලේ 9 වසරේ].
අපේ ගෙදර හොඳටම අත් අකුරු තියෙන්නේ අපේ අම්මාගේ. තාමත් මම මොකක් හරි form එකක්, application එකක් එහෙම පුරවන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඊට පස්සේ අපේ ගෙදර හොඳම අත් අකුරු තියෙන්නේ මගේ. ඊටත් පස්සේ පිලිවෙලින් නංගි, අයියා සහ තාත්තා.
තාත්තා අන්තිමට ආවේ අපේ තාත්තගේ අත් අකුරු එහෙම නියමෙටම නියම නිසායි. තාත්තගේ අත් අකුරු අපිට කියවන්න එහෙම හරි අමාරුයි. මට නම් දැන් ප්‍රශ්නයක් නැහැ මොකද මම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඉන්න නිසා :).
ඉතින් කතාවට එමුකෝ. අම්මගෙයි මගෙයි කතා අහලා තාත්තා කිව්වා නියම කතාවක්. අපේ නෑදෑ කෙනෙක් හිටියා ඉස්සර සෞදි අරාබියේ. අපි එයාට කියන්නේ බිංදු මාමා කියලා. ඉතින් තාත්තා එයාට විස්තර එහෙම කියලා ලියුමක් යවලා තියෙනවා. ඔය කියන්නේ 1994,1995 වගේ කාලේ. Telephone භාවිතයක් එහෙම එච්චර තිබ්බේ නැහැනේ.
ඉතින් තාත්තා යවපු ලියුමට බිංදු මාමා එව්ව පිළිතුරු ලිපියේ අන්තිමට වගේ මෙහෙම තිබ්බාලු.
"හිතවත් ගාමිණී මල්ලී, මම ඔයාගේ ලියුම කියෙව්වේ දවසක්ම නිවාඩු දාලා බෝඩිමට වෙලා. කෝකටත් කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යන එකේ ඔයත් පොඩ්ඩක් ඒ පංතියකවත් ගිහින් අත් අකුරු හදා ගත්තොත් හොඳයි නේද?"
බිංදු මාමා විහිළුවට වගේ කිවවත් ඉතින් කතාව නම් අමූලික ඇත්ත :) :) :) කොහොම වෙතත් අපේ තාත්තගේ ඉංග්‍රීසී අකුරු එච්චරම අවුලක් නැහැ සිංහල අකුරු තමා අවුල. මේ වෙනකොට නම් තාත්තා හුඟක් වෙලාවට ලියුමක් කාරියේ ලිව්වොත් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් මොකක් හරි ලියා ගන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඒ වගේම වැදගත් කියන ලියුමක් එහෙම නම් මට කියලා කරගන්නවා.
මම ඉන්නේ 4/4 වගේ .තාත්තා>>මල්ලී>අම්මා>මම. මේ කැම්පස් එකේ කඩිමුඩි ලියවිල්ල නිසා.හැමදාම අළුත් මාතෘකා හම්බ වෙනවා නේද? Nice post Hasitha.
ReplyDelete:D
ReplyDeleteගොඩක් තාත්තලාගේ එකම ස්ටෝරිය වගේ.
අපිටත් එහෙම වෙයිද දන්නේ නෑ
Moral of the story:
ReplyDeleteIf you want to keep your hand writing clear, DOnt become a father :D
පව් අනේ.....ඔයත් තාත්තාකෙනෙක් උන දවසට ඔයාගේ පුතා දාන බ්ලොග් එකත් මම කියවන්නම්කෝ...එතකොට තාත්තගෙ අත් අකුරු ගැන අපිට දැන ගන්න ලැබෙයි නෙ
ReplyDeletee athin ape thaththa mata vada hugak issarahin innava'
ReplyDeleteleks' world ට
ReplyDeleteඔයාගේ කතාවට මාත් එකඟයි කැම්පස් එකේ ලියන ලිවීමට අත් අකුරු ගැන නම් කතාකරන්න දෙයක් නැහැ.
හැමදාම ලියන්න අළුත් මාතෘකා තියෙනවා. ඒත් මේ දවස්වල වෙලාව අඩුයි. නිවාඩුව ඉවර වෙලා කැම්පස් පටන් ගත්තා. දැන් ඉතින් ටිකක් වැඩ වැඩියි. ඉඩක් ලැබුණාම තමා post එකක් දාන්න වෙන්නේ.
හෙළයා ට
ඒක නිසා දැන් දැන්ම ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ අයියා. නැත්නම් ළමයි මොනවා කියයිද දන්නේ නැහැ. හැබැයි තව කල් යද්දී අතින් ලියන්න ඕනේ නැතිවෙයි වගේ මේ යන විදිහට
Chanaka Aruna Munasinghe ට
ඒකත් නියම අදහස නේ අයියා
දිල් ට
ඔයා පව් කිව්වේ අපේ තාත්තට ද ?
කොහොම වෙතත් මේ වෙන දියුණුවත් එක්ක මිනිස්සු ඉස්සරහට ලියන්නේ නැතිවෙයි වගේ මට හිතෙන විදිහට. එතකොට ගැටළුවක් වෙන්නේ නැතිවෙයි නේ.
මාරයාගේ හෝරාව ට
ඒකත් එහෙමද ? අපේ සීයගෙත් එහෙම තමා. සීයට වයස අවුරුදු 80 වගේ කාලේ මොකක් හරි ලියලා තිබ්බා [මට දැන් මතක නැහැ මොකක්ද කියලා] අත් අකුරු මාර quality එකකට තිබ්බා.
තාත්තා කඩුකාරයා කියල shape එකේ කියා ගත්ත නේ....
ReplyDeleteහිකි හිකි හිකි......ලොල්...
තීක්ෂණ අයියේ අපේ තාත්තා කඩුකාරයෙක් නෙමෙයි ප්‍රථමාධාරකාරයෙක්. ඒ වගේම ප්‍රථමාධාර පුහුණුකරුවෙක්. :) :) :)
ReplyDeleteඒ උනාට කඩු පයිට් පුලුවන්නේ.........ලොල්...:)
ReplyDeleteහොඳා හොඳා අයියේ එහෙම කියමුකෝ එහෙමනම්.
ReplyDeleteඒකනේ පුතා............
ReplyDeleteකොහොමටත් අත්-අකුරු පැහැදිලි වෙන්න ඕනේ. නැත්නම් අපේ කාරණාව අනෙක් අය වැරදි විදිහට තේරුම් ගන්නවා. මේ අපේ දුලානි මිස් හා හේමන්ත සර්ගේ තොරතුරු කොහොමද ?
සතිසම්පජංඥයෙන් නිතරම කටයුතු කරන කල්හි බොහෝ දේ වැදගත් විදිහට තේරුම් ගන්න පුළුවන්. ඔබ තුල භාවනාවට තිබෙන කැමැත්ත දියුණු කර ගන්න.
@Seelagawesi Thero
ReplyDeleteඒක ඇත්ත හාමුදුරුවනේ. හුඟක් වෙලාවට සන්නිවේදන ගැටළු හුඟක් ඇතිවෙන්නේ එක්කෝ අත් අකුරු හරියට ලියන්නේ නැති එකෙන් ඒ නැත්නම් හරියට අදහස් ප්‍රකාශ කරන්නේ නැති එකෙන්..............
සතිසම්පජංඥය කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද හාමුදුරුවනේ.....
ඒ වගේම ඔබ වහන්සේ ලබාදීපු අවවාදයට පින්.......
@Seelagawesi Thero
ReplyDeleteදුලානි මිස් හා හේමන්ත සර් සුවෙන් ඉන්නවා. මිස්ගේ මූලිකත්වයෙන් හැම බ්‍රහස්පතින්දාම කැලණි පන්සලේ බෝධි පූජාවක් පවත්වනවා උසස් පෙළ කරන ළමයින්ට ආශිර්වාද පවත්වලා. දැනට ඒක පටන් අරන් සති 3 ක් වෙනවා.
ලබන සතියේ අඟහරුවාදා කැලණි පන්සලේදී ඔබ වහන්සේ දන්වා තිබෙන ආකාරයට සච්ච විභංග සූත්‍ර දේශනාවත් පවත්වන්න කටයුතු සූදානම් වෙනවා... දැනට ඇති තොරතුරු එපමණයි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි !!!
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය