Wednesday, April 7, 2010

කුමාර සහ සමන්


මේක අඥාත පුද්ගලයෝ දෙන්නෙක් ගැන කතා 2 ක්. එක් කෙනෙක්ගේ නම කුමාර, අනිත් කෙනාගේ නම සමන්.

මෙන්න මුල්ම කතාව. මේක අපේ යාළුවෙක් සම්බන්ධ වෙන එකක්. Man ව මම අවුරුදු 5 ක් විතර ඉදන් අඳුනනවා.

මේ ලඟදී දවසක අපි යාළුවෝ කට්ටියක් set වෙලා කතා කර කර ඉද්දී අර මම කිව්ව යාළුවා "කුමාර තමා බන් එහෙම කිව්වේ, ඔය කුමාරයාගේ වැඩක් තමා, කුමාරයා තමා දවසකටවත් මිනිහා" විදිහට කුමාර කියලා පොරක් ගැන කියනවා.

අපි හැමෝටම ලොකු ගැටළුවක් වුණා කවුද මේ අපි නොදන්න මෙයා දන්න කුමාර කවුද කියලා. මොකද අපි හුඟක් අය එකිනෙකාගේ යාළුවො ගැනත් දන්න නිසා.

අන්තිමට මම ඇහුවා "කවුද බන් මේ කුමාර කියන්නේ" කියලා.

එතකොට අපේ මිත්‍රයා කියනවා " අර කුමාර බන්... උඹලා ඌ ගැන දන්නේ නැද්ද ?" කියලා. අපි කිව්වා අපි එහෙම එකෙක් ගැන දන්නේ නෑ කියලා.

අන්තිමට අපේ Man කියනවා " එහෙම එකෙක් නැහැ බන්, මම මේ නිකම් කිව්වේ, ඇත්තටම එහෙම එකෙක් නැහැ" කියලා.

මෙන්න අනිත් කතාව. මේක මගේ ඉස්කෝලේ යන කාලේ වුණ එකක්.

අපේ පංතියේ වෙන හැම වැරදි වැඩකටම ළමයි ඇල්ලුවේ සමන් කියලා එක්කෙනෙක්ව. "මිස්, සමන් තමයි ඒක කලේ. මිස්, සමන් තමයි මේක කලේ" කියලා

අපේ පංති භාර මිස්ටත් මුල් කාලේ හරිම ගැටළුවක් වුණා කවුද මේ සමන් කියන්නේ කියලා. මිස් සමන්ව හොයද්දී ළමයි කිව්වේ සමන් Music practise ගිහින්, නැත්නම් සමන් මොකක් හරි society එකක වැඩකට ගියා කියලා.

අන්තිමට තමා මිස් තේරුම් ගත්තේ ඇත්තටම සමන් කියලා ළමයෙක් පංතියේ නැහැයි කියලා.

6 comments:

  1. මේ පෝස්ට් එක දැම්මේ මම.හැබැයි එහෙම එක්කෙනෙක් නෑයි කියන්න නම් එපා ,බොරු නම් බලන්න....
    http://lekssammuthiworld.blogspot.com/

    ReplyDelete
  2. leks' world ට

    ඔබේ ප්‍රතිචාරය පැහැදිලි නැහැ මිත්‍රයා............

    ReplyDelete
  3. I know who is Saman. But the actual story is bit different.
    Kumara story is from ashan, isn't it?

    ReplyDelete
  4. කුමාරගේ කතාව නම් මට අහන්න ලැබුණේ අපේ පැත්තේ යාළුවෙක්ගෙන්.

    සමන් ගේ කතාව වෙනස් කරලා තියෙන බව ඇත්ත. ඇත්තම කතාව ලියන එක හරි නැහැ කියලා මගේ හිත කියපු නිසයි ඒකට වෙනත් ඒවා ආදේශ කරල ලිව්වේ.

    ඒ වගේම joke කතාවක් කියද්දී මම හිතන විදිහට ඇත්තටම වුණු එකට තාර බර පොඩ්ඩක් දැම්මට කමක් නැහැ එතකොටයි ගතියක් තියෙන්නේ.

    ReplyDelete
  5. Saman.. phew! ඇයි ස්වාමීනි, I. Saman? Lol!

    ReplyDelete
  6. @Navaka

    එක පාරකුත් මම කියලා තියෙන්නේ.

    "සමන් ගේ කතාව වෙනස් කරලා තියෙන බව ඇත්ත. ඇත්තම කතාව ලියන එක හරි නැහැ කියලා මගේ හිත කියපු නිසයි ඒකට වෙනත් ඒවා ආදේශ කරල ලිව්වේ. ඒ වගේම joke කතාවක් කියද්දී මම හිතන විදිහට ඇත්තටම වුණු එකට තාර බර පොඩ්ඩක් දැම්මට කමක් නැහැ එතකොටයි ගතියක් තියෙන්නේ. "

    සමන්ගේ ඇත්තම කතාව කියන්න මම පුද්ගලිකව අකමැතියි. ඒක නිසා තමා ආදේශ කරලා ලියලා තියෙන්නේ.

    ඔයාටත් තේරෙනවානේ ඇයි මම අකමැති කියලා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................